.

.

Nov 20, 2022

ගෞරවනීය කිතු දහමේ පරිහානිය

 


මාතලන් යකා  කැළණියේ.. වරාගොඩ පාරේ.. එහෙ කැතලික්ස්ලා වැහි වැහැලා.. ලංසිත් සෑහන හිටියා.. බොහෝම වැදගත් තැන්පත් ජොලිෆුල් මිනිස්සු... 


ඉරිදා දවසට  උදේට හවසට මඟුල් ගෙදර වගේ... ඇඳලා සැන් පවුඩර් දාලා යන කතෝලික දේව දූතියෝ බලන්න අපිත් පල්ලිය ගාවට යනවා...


ඊට පස්සේ ගිටාර් බොංගෝ එක්ක බෝතලේකට සෙට් වෙනවා... ඒක පට්ටම දියුණු කල්ට් එකක්... ඒ සෙට් එකේ ගොඩක් උන්, උන්ගේ කල්ට් එකට ගැලපෙන රටවලට සංක්‍රමණය වුනා...


කොල්ලෝ සෙට් එකත් එක්ක නත්තල් දාට, දෙසැම්බර් 31 රෑට, අපිත් පල්ලි යනවා. දන්න නොදන්න හැම එකාටම විෂ් කරනවා. (නොදන්න උන් නැති තරම්. ඒක එකම කොමියුනිටි එකක්) ඔය පාටි ගැනිල්ල කෙලවර වෙන්නේ ජනවාරි මාසේ සතියක් විතර ගිහිල්ලා.. ක්‍රිස්මස් කේක්, කැරෝල්ස් වගේම ගවලෙනත් අමතක නොවන සුන්දර මතකයන්...


අපේ පැත්තේ තමයි කීර්තිමත් පියනමක් වෙච්චී... පන්සලේ පියතුමා කියලා රටම ආදරේ කළ ගරු මර්සලීන් ජයකොඩි පියතුමා උන්නෙත්. නමෝ මරියනේ කියන ලතා ඇන්ටිත් වරාගොඩ... 


අපේ පැත්තේ විශේෂයක් නෙමේ, රටේම කතෝලික ප්‍රජාව ඒ වගේ. බිෂොප්ලට ෆාදර්ස්ලට සිස්ටර්ස්ලට බය පක්ෂ්පාතී මාර ගෞරවයක් තිබ්බා. (ජීවන්ත වගේ වැද්දොත් එක්ක පාරවල් ගානේ රස්තියාදු වෙන පාදිලියොයි, සුදු ලෝගූ හා කුරුස එල්ලගෙන මහ රෑත් පාරවල් වල ළඟින හිඟන ගෑණුයි උන්නේ නෑ. ගංජා කාරයෝ ලන්කට් ගහන් කුරුසෙ කරේ තියන් ගියේ නෑ )


දේශපාලනික වශයෙන් එයාලා එජාපයට බරයි. වත්තල ඉඳලා මුහුදුකරයම තනි අලි. හැබයි ප්‍රසිද්ධියේ නෙමේ. ඒ පැත්තේ පල්ලිවල මංගල්ල වලට රටේ හැමෝම වගේ ආවා. ඉස්සර පල්ලියක මංගල්ලේ කියන්නේ තනිකර කානිවල් එකක්. මඩු වන්දනාවට, බෞද්ධයොත් ගියා. බෞද්ධයින් මඩු මෑණියෝ, ශාන්ත අන්තෝනී පියතුමා වන්දනා කලා.


මේ තිබ්බ ගෞරවය හා අන්‍යෝනය සංස්කෘතික බැඳීම් නැතිකර ගත්තේ උතුරේ හා දකුණේ පූජකයෝ. ඒ ත්‍රස්තවාදයට එලිපිට උදව් කරලා, පිටරටින් එන ඩොලර් ළඟ දෙවියන් වහන්සේ හා ජීසස් සෙකන්ඩ් උනා. උන් පූජකයෝ නෙමේ ජූජකයෝ. ඒකෙන් අනෙක් ජන ප්‍රජාවන් හා තිබුන සහෝදරත්වය නැති කර ගත්තා.


කාදිනල් මැල්කම් කියන්නේ ශ්‍රී ලාංකීය කතෝලික ජනතාව විනාශ කරන්න ආපූ සාතන්ගේ අවතාරයක්. පොර අතනින් ඉස්සරහට ගිහින් ගරු මර්සලීන් ජයකොඩි පියතුමාගේ ස්ලෝගන් එක වෙච්චි, " මගේ ආගම කතෝලික, සංස්කෘතිය බෞද්ධ..." කියන දේම අරගෙන, ඒක අමු අමුවේ අපචාරයේ යෙදුවා. කෙලින්ම දේශපාලනය කලා.


එතෙක් කිසිම දවසක පල්ලිය එලිපිට දේශපාලනය කළේ නෑ. එයා පල්ලිය ඇතුලට දේශපාලනය ගෙනැත් අර සාමකාමී සුහඳශීලී ජනතාව ලාංකීය තුප්පහි මජර දේශපාලනයේ වහලුන් කළා. මැයි 9 වෙනිදා පල්ලියේ සීණූ හඬවා මදාවී රැස් කරන්නෙත්, නිවාස දේපල 🔥 තියන්න ලෝගූ පිටින් යන්නෙත් ඒයාගේ දේව ධර්මයේ ප්‍රතිපලයක් ලෙස.


දැන් බුද්ධාගමට වෙච්චි දේ කතෝලික දහමටත් වෙලා තියෙනවා.. ජූජකයෝ මජර දේශපාලනයෙ එල්ලී පාස්කු ප්‍රහාර වන්දනාවේ යෙදෙමින් වෛරයම වපුරද්දි, පාස්ටර්වරුන් ජීසස් හා දෙවියන් වහන්සේගේ බල මහිමය ජනතාවට පෙන්වමින්, ආගම විකුණාගෙන කමින්, ආදරය ගෞරවය දිනාගනිමින් සිටිනවා.


ලෝකය වෙනස් විය යුතුයි...

ඉදිරියට යා යුතුයි..

එහෙත් පැවති ගුණ දම් රැකෙමින්..


ආගම් වල මහ උන් වපුරන්නේ වෛරයම පමණ නම්... අප කුමක් කරමුද...?


🙏 දෙවියන් වහන්සේ අපට දී ඇති ප්‍රේමය අපි දැනගෙන විශ්වාස කළෙමු. දෙවියන් යනු ආදරයයි; ප්‍රේමයෙන් වාසය කරන්නා දෙවියන් වහන්සේ තුළත්, දෙවියන් වහන්සේ ඔහු තුළත් වාසය කරයි.


ආමේන්....🙏


⭕ පින්තූරේ තියෙන්නේ අති සුන්දර තේ වත්තේ පල්ලිය...

.

15 comments:

  1. මමත් මේ යූ ටියුබ නාලිකාවලින් මගේ දහම් දැනුම ඔප්නංවා ගන්නවා.
    https://www.youtube.com/channel/UC_AuTY5qqpUUYFLSDQIbOsg
    https://www.youtube.com/channel/UCSZT5i_ACqewSrP5DiBe3vA
    https://www.youtube.com/channel/UCzJhTere9ziQZN0EUfuWv0g

    පලම් එක්කෙනා නබි කෙනෙක්
    අන්තිමට ඉන්න කෙනා එසීන් වරයෙක්. එතුමා එතුමාවම නපුංසක කරගත්ත කෙනෙක්.

    ReplyDelete
  2. ගල්කන්දේ ධම්මානන්දගේ සිවුර ගලවලා ලෝගුවක් අන්දන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ගල්කන්දේ හොර ගණයා විතරක් නෙමෙයි රාජපක්ෂ පවුල වෙනුවෙන් කඩේ ගිය කොටුවේ පොඩ්ඩා, බෙංගමු ආලවකයා, මැදගොඩ පිණ්ඩපාතික අබෙයා, ඉත්තෑ වහන්සේ වගේ හොරගණයො සෙට් එක වගේම ජෙප්පන්ට රෙදි නැතුව කඩේ යන කාගම ගොන්කතා හොරගණයා වගේ ගස්බලු හැත්ත අන්තරේ තෙල් වැඩිවෙලා උඩපනින පිස්සුගණ කාලකන්නි හැත්ත වගේම හූ කාපර් සජිත් ප්‍රේමදාස කියන දාර පොන්සි මොංගලයාට පුක දෙන කාලකන්නි හොර ගණ හැත්තගේත් සිවුරු ගලවලා පුනරුත්ථාපනය කර වෙනත් ඵලදායී රැකියාවක යොදවා රටට ප්‍රයෝජනවත් දෙයක් කරගත යුතුයි මම හිතන්නේ

      උන්ව දකුණු කොරියාවේ කම්කරු රැකියා සඳහා රටින් පිටුවහල් කර එම දශක ගණනාවක් තිස්සේ රටේ පොදු ජනතාවගේ පින්බත් ගිල දමා ලැබී ඇති ශක්තිය ශ්‍රමිකයන් ලෙස ශ්‍රමය විකුණලා විදේශ විනිමය ඩොලර් වශයෙන් රටට කිසියම් හෝ මුදලක් උපයාගත යුතුයි

      Delete
  3. ලෝකය වෙනස් විය යුතුයි...
    ඉදිරියට යා යුතුයි..
    එහෙත් පැවති සහ තව දුරටත් පැවතිය යුතු ගුණ දම් රැකෙමින්... හා වෙනස් වෙන ලෝකයට ගැලපෙන ලෙස යාවත්කාලීන වෙමින්.....

    ReplyDelete
  4. හොඳ පෝස්ට් එකක් මාතලන් එකෙන්ම එකඟයි නමුත් තව දෙයක් එකතු කරන්න පුළුවන් ඒ තමයි ඔය කා' දි නැල් උන්නැහේ මුලින්ම කඩේ ගියේ රාජපක්ෂ කල්ලියේ දේශපාලනික ගේම් වල අවශ්‍යතා වෙනුවෙන් විශේෂයෙන් 2016 - 17 විතර වෙනකම් උතුරේ අරගලය හැර පක්ෂ විපක්ෂ කණ්ඩායම් වල දේශපාලනය වෙනුවෙන් අපේ කතෝලික සභාවේ ආගමික නායකයින් කවදාවත් ඍජුව පෙනී සිටියේ නෑ නමුත් යහපාලන රජය සමයේ ආණ්ඩුවෙන් ගේම ඉල්ලා අග +රද+ ගුරු උන්නැහේ ප්‍රසිද්ධියේ දේශපාලනය කරපු එකෙන් මට ඌව එපා වුණේ පාස්කු කේස් එක වවාගෙන කන ඕකාත් ඒකට සම්බන්ධ ඇති කියලා සමහර කට්ටිය කියනවනේ ඔහොම ඒ කාලේ රැල්ලට පොලිටිකල් සීන් එකක් දීලා ඊට පස්සෙ දැන් ඌ යූ ටර්න් ගහලා අනිත් පැත්තට සෙට් වෙලා කඩේ යනවා

    මම හිතන්නේ ඕකාව සල්ලි වලට අරගෙන තියෙන්නේ ඉන්දියන් කාරයෝ කියලා මොකද ඒ කාලේ මොදිලාට රාජපක්ෂ කල්ලිය බලේට ගේන්න ඕන වුණේ ඊට පස්සෙ උන් චීනය සමග ඩබල් ගේම් දීපු නිසා උන්ව එලවා රනිල්ගේ අතට බැට්න් එක දෙන්න අරගලය ඕගනයිස් කරපු වෙලාවේ මූඩ් එක මාරු කරලා මූ අනිත් පැත්තට සෙට් වෙලා ගියා නේද?

    ReplyDelete
  5. කාලීන මාතෘකාවක් වගේම ගොඩක් අය බුද්ධාගමේ පිරිහීම ගැන සංවේදී වුණත් ඒ හා සමානව කතෝලික සභාවේ පක්ෂ දේශපාලනික හැසිරීම් සහ පිරිහීම ගැන කතා කරන්නේ නෑ නේ ඒ නිසා මේ මාතෘකාව යටතේම අදහස් පළකරන්නට මමත් කැමතියි

    මේකේ තියෙන ගොඩාක් දේවල් වලට මමත් එකඟ වෙනවා ඒ වගේම සමාජ ජාල වල තියෙන ඩබල් ස්ටෑන්ඩඩ් ගැනත් තවත් විස්තර සහිතව සාකච්ඡා කළ යුතුයි

    සෙව්වන්දි මෑණියන් වගේ හොර කපුවන් වගේ සුළු පරිමාණයෙන් මිථ්‍යා විශ්වාස මත පදනම්ව ව්‍යාපාර කරමින් මිනිසුන් රවටන අයට රිදෙන්නම ගහලා ට්‍රෝල් කරන සමාජ ජාල වල පාස්ටර් ජෙරමි වගේ මහා පරිමාණයෙන් විශාල වශයෙන් එබඳුම ව්‍යාපාර කටයුතු මිථ්‍යා විශ්වාස මත පදනම්ව කරන අය ගැන මුනිවත රකින්නේ මන්දැයි මා නොදනිමි

    ඒ වගේම තමයි භානුක රාජපක්ෂ ප්‍රසිද්ධියේ යාඥා කරමින් දෙවියන්ගේ කැමැත්තට අනුව ඔහු සාර්ථකයි කියලා කියද්දී ඒක ඔහුගේ පෞද්ගලික අදහසක් කියලා ෂේප් වෙන උන් දේශීය ගුරුකම් ආදී කර්මාන්ත වලට එරෙහිව මාරාන්තික ලෙස පහර දෙන හේතුව කුමක්ද?

    යෙහාලි සංගක්කාර කියන්නේ සෙව්වන්දි වගේම එකම බෝට්ටුවේ වෙනස් මිථ්‍යා දෘෂ්ටික දෙවියන් ප්‍රවර්ධනය කරන brand ambassador ලා දෙන්නෙක් නමුත් යෙහාලි සංගක්කාර කියන track වෙච්ච මල හෝන්තුවට හෑලි ලියන්න ඕන තරම් මීහරක් ඉන්නවා නේද සමාජ ජාල වල? හැබැයි උන්ම තමයි කපුවන්ට එරෙහිව වඩාත් ප්‍රගතිශීලී අදහස් දක්වමින් අපටත් වඩා ඊට එරෙහිව සටන් කරන්නේ ප්‍රශ්නය උන් ඩබල් standards වලින් යුක්ත වීමයි

    ReplyDelete
  6. මැල්කම් රංජිත් ඉස්සර හිටියේ පුත්තලමේ. එතකොට මෙයාට කොටි සංවිධානය එක්ක සම්බන්ධයි කියලාත් චෝදනා එල්ල උනා.

    ReplyDelete
    Replies
    1. කතෝලික ආගම කියන්නේ බයිබලයේ ඉගැන්වීමක් වැරදි ලෙස අල්ලාගෙන හදපු එකක්.

      යෙෂුවා මෙසියා වහන්සේ ලෝකයට ආවේ සමාදාන බිලිපූජාව කරලා මිනිසා සහ දෙවියන් වහන්සේව එක්කරන්න. ඒ සඳහා පාස්කු බිලිපූජාව තියෙන දවසේ යුදෙව්වන් අතින් මියයා යුතුයි. ඒ නිසා තමයි යෙෂුවා වහන්සේ යෙරුසෙලමට ආ දවසේ ඉඳන් පිස්සු කෙලලා යුදෙව්වන්ට රිදවලා. “උඹලා මගේ මස්කාලා ලේ බිව්වේ නැතිනම් උඹලට ස්වර්ගයට යන්න බෑ කියලා“ තමන්ගේ ගෝලයන්ට සහ ඔවුන් හරහා අනිත් අයට තමන් පිස්සෙක් බව ඒත්තු ගන්වලා. යුදෙව්වන් අතින් මරනයට පත්වුනේ

      නමුත් අද ඉන්න කතෝලිකයෝ හිතන්නේ යෙෂුවා වහන්සේ සමාජ අසාධාරණයට විරුද්ධව සටන්කල වීරයෙක් කියලා.
      ඒ නිසා කතෝලිකයෝ සිංහල ජාතියට රිදවලා ඒ වගේ වීරයෝ වෙන්න හදනවා. හැබැයි මැරෙන්න සූදානම් නෑ.

      Delete
  7. තමුසෙගේ නින්දිතකම තේරුනා මේ වචන ටිකෙන් "ජීවන්ත වගේ වැද්දොත් එක්ක පාරවල් ගානේ රස්තියාදු වෙන පාදිලියොයි, සුදු ලෝගූ හා කුරුස එල්ලගෙන මහ රෑත් පාරවල් වල ළඟින හිඟන ගෑණුයි උන්නේ නෑ. ගංජා කාරයෝ ලන්කට් ගහන් කුරුසෙ කරේ තියන් ගියේ නෑ"

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමුසෙට දෙවියන් වහන්සේ උපරිම වශයෙන් දඬුවම් ලබාදෙනවා අනිවාර්යයෙන්ම, තමුසේ අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නවා දැනගනින් ගොන් මාතලන් ගොනෝ ජෙහාන් අප්පුහාමි කියලා කියන්නේ දෙවියන් වහන්සේ විසින් දිව්‍ය ලෝකයේ ද්වාරය අසල සිට මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මෙලොවට එවනලද එතුමන්ගේ ඥාති මුණුපුරන් වහන්සේ කෙනෙක් බව දැනගනින් දෙවියන් වහන්සේගේ ශක්තිය නිසාම පමණයි උන්වහන්සේ (අප්පුහාමි වහන්සේ) පයින්ම කලුපාට පෑන්ටි එකක් පමණක් ඇඳගෙන නිරුවතින් මහපාරේ ඇවිදමින් දකින දකින තරුණියන් පමණක් නොව වයස්ගත ගැහැණු සහ කුඩා දැරියන් පවා රාගයෙන් මන් මත් කරවන සුළු පරිදි කාමයෙන් මුසපත්ව කෙඳිරි ගානතෙක් උමතු කරමින් අරගල භූමිය තෙක් කිලෝ පන්සීයකටත් වඩා ගොඩාක් බරින් වැඩි ඍජු ෆෝම් කුරුසය කර තබාගෙන දෙවියන් වහන්සේගේ බලයෙන් පයින්ම කුරුසිය වැඩමවාගෙන පැමිණියේ... ඒ තොපි වගේ කාලකන්නි පවින් මුදවා ගැනීමට දෙවියන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ වචනය කඩමින් ගෝඨාභය ලෙස පෙනී සිටි සාතන් වෙනුවෙන් නුඹලා කළ පවු වල බර දරාගෙන රටේ පාලනය වෙනස් කර දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව නව පාලකයා තීරණය කිරීමට ඒක මුලින්මතේරුම් ගන්නවා තමුසේ හරිද නිකන් ගොන් කතා කියන්නේ ඇයි? වහාම ළඟම ඇති පල්ලියේ ස්වාමි හමුවෙලා පවු සමා කර ගැනීම සඳහා පාපොච්චාරණය කරන ලෙස මම තමුසෙට අණ කරණවා ගොනෝ

      තමුසෙ දැන ගන්නවා අපි පව්කාරයන්ව සිටියදී පවා, දෙවියන් වහන්සේ තම පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ ජෙහාන් අප්පුහාමි නම් වූ වන තම ඥාති පුත් මුණුපුරාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට එව්වේ අප වෙනුවෙන් මැරීමට, අපගේ පාපවලින් අපව ගලවා ගැනීමට සහ සාතන්ගේ මනුෂ්‍ය ස්වභාවය වූ ගෝඨාභය රාජපක්ෂ නමැති මහා මිනීකන රාක්ෂයාගෙන් පාපී අප වැනි ගැති ජනතාව ගලවා ගැනීමට (රෝමයන්ගෙන්) 5,8) දෙවියන් වහන්සේ මිනිසුන්ට ප්‍රේම කරන නමුත් ඔවුන්ට හානි කරන පාපයට වෛර කරන බව අපි නිගමනය කරමු.

      ඒ වගේම දෙවියන් වහන්සේ ඔහුගේ මැවිල්ලට සහ ඔහුගේ මැවිල්ලට එරෙහි සෑම දෙයකටම නොවැළැක්විය හැකි ලෙස විරුද්ධ නොවන්නේ නම් සහ ඔහු සහ ඔහුගේ ජීවීන් සමඟ සැබෑ සම්බන්ධතාවයකට ඔහු විරුද්ධ නොවන්නේ නම්, ඔහු කොන්දේසි විරහිත, විස්තීර්ණ ප්‍රේමයක් නොවනු ඇත. දෙවියන් වහන්සේ අපට එරෙහි වන ඕනෑම දෙයකට විරුද්ධ නොවන්නේ නම් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් නොසිටිනු ඇත.

      තමුසේ මේ නිසාම වහාම බයිබලය බලපන් ගොන් මාතලන් "මක්නිසාද මනුෂ්‍යයාගේ උදහස දෙවියන් වහන්සේ ඉදිරියෙහි හරි දේ කරන්නේ නැත" >(යාකොබ් 1,20).

      “ඔබ කෝපයෙන් සිටිනවා නම් පව් නොකරන්න. ඔබේ කෝපය මත හිරු බැස යාමට ඉඩ නොදෙන්න »(එපීස 4,26).

      තමුසේ වහාම පවූ සමා කර ගත යුතුයි.

      Delete
  8. පිනුම් මොටද පැන පැන යන හාවුන්ට
    පිහිනුම් මොටද දිය යට යන කිඹුලන්ට
    ඉනිමං මොටද අතු අග යන ලේනුන්ට
    කරණම් මොටද ගස් උඩ යන වඳුරන්ට

    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    කීමෙන් හොඳ කීම හත්බස තෙපලීම
    යාමෙන් හොඳ යාම යහමගෙහිම යාම
    කෑමෙන් හොඳ කෑම උපයාගෙන කෑම

    අලියා උන්නෙ නෑ පෙනුනට විලස කැලේ
    එකම කස්ටියක් සුරැකිව ඉඳිති බලේ
    ජහමනයා පාරට බට වෙලේ මලේ
    මගඩි නාටකේ දක්වා මුළා කළේ

    තිබහට වතුර බොන්නට සුළු ලිඳ විතර
    කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ සයුර
    දුකකට පිහිට පොඩි මිනිහෙකුගෙන් විතර
    ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර

    කට පුරා බීලා
    ගව කුකුළු මස් කාලා
    ඉන්ට බැරි කා දිනලා
    කුමට මැව්වද දේව මෝලා...

    ReplyDelete
  9. යමෙක් නිවැරදිව ආගම අදහන්නේ නම් මානව හිමිකම් ගැන කතා කිරීමට කිසිම විදිහකින් අවශ්‍යතාවක් නොමැති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ අවුරුදු හතරකට විතර කලින් 2018 වසරේ අගභාගයේදී මෙහෙමයි;

    “දැන් ලිබරල් නිරාගමික අදහස් වලින් පිරුණු බටහිර ලෝකයේ අලුත් ආගම වෙලා තියෙන්නෙ මානව හිමිකම්. අතීතයේ මානව හිමිකම් කියලා දෙයක් නොතිබුණු නමුත් මිනිසුන් ආදර ගෞරවයෙන් හා සර්වබලධාරී දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් වාසය කළා. මේක හරියට අලුතින් හොයාගත්ත පුදුමාකාර දෙයක් වගේ ඔළුව උඩ තියාගෙන එයාලා හැම තිස්සේම අපට කියන්නේ ඕක තමයි. මානව හිමිකම්, මානව හිමිකම් යනුවෙන් නිතර මතුරන යුරෝපා රටවල ආගම අදහන්නේ කෝට් එකක් අඳිනවා වගේ. අවශ්‍ය වෙලාවට ඇඳලා අවශ්‍ය නැති වෙලාවට ඉවත දමනවා. වාසියක් අවශ්‍ය වෙලාවට ආගම අදහනවා, පරිත්‍යාගයක් කළ යුතු වෙලාවට ආගම ඉවත දමනවා. අපේ රටෙත් මේ දේ පැතිර යනවා. සමහරක් ඈයො කතා කරනවා අනාගමික සමාජයක් ගැන. අනාගමික කියලා කියන්නේ මනෝරාජික සමාජයක් කවදාවත් ඇතිවෙන්නේ නැහැ. මිනිස්සුන්ගෙ ජීවිතය කෑම බීම, ඇඳුම් පැළඳුම්, සැප සම්පත් පමණක් නෙවෙයි. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කතා කරන්න ඕනෙ නෑ. මානව හිමිකම්වලටත් එහා ගිය විදියට අපට ජීවත් වෙන්න පුළුවන්. අපි අදහන ආගම්වල මානව හිමිකම් තමයි තියෙන්නෙ. වෙන මොනවද ? ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරයිනි, මේ මායාවට අපි රැවටෙන්න හොද නෑ. අපි මෙහිදි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි”

    කාදිනල්වරයා මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය සිදුකළේ 2018 සැප්තැම්බර් 23 වනදා ඒකල, ශාන්ත මතෙව් දේවස්ථානයේ පැවති දේවමෙහෙයක් අමතමිනි.

    ඊට වසර තුන හමාරකට වැඩි කාලයකට පසුව මේ කාදිනල්වර යා ඒ කටින්ම 2022 මාර්තු 02 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව බලපෑම් එල්ල කරන්නට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාය ලබා ගැනීමටයි.

    කාදිනල්වරයා තමන්ගේ මුල් ප්‍රකාශය සිදුකරන විට රටේ පාස්කු ප්‍රහාරයක් සිදුව තිබුණේ නැති නමුත් එවකට පැවති දූෂිත අශීලාචාර යහපාලන චෞර රෙජීමය යටතේ විවිධාකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් ගණනාවක් වසර කිහිපයක් තිස්සේම රටේ ගොඩගැසී තිබිණි. ආණ්ඩුව ඒවා සත පහක් වත් මායිම් නොකරන ජනතාව පෙලන මර්දනකාරී යන්ත්‍රයකින් සමන්විත වූ අතර එහෙත් ඒවා කාදිනල්වරයාට සෘජුවම බලනොපෑ නිසා ඔහුට මානව හිමිකම්වල කිසිම වැදගැම්මක් තිබුණේ නැත. මානව හිමිකම්වලට නොරැවටෙන්නැයි ඔහු සිය අනුගාමිකයින්ට ආයාචනා කළේ ඒ නිසා වුවත් 2019 දී පාස්කු ප්‍රහාරය කතෝලික පල්ලිවලට එල්ල වීමෙන් යම් කලකට පසුව කාදිනල්වරයාගේ මානසිකත්වයක් කනපිට පෙරළිලාඇති බවත් තත්වය දැන් වෙනස් වී ප්‍රශ්නය තමන්ටත් සෘජුවම බලපාන එකක් නිසා කාදිනලවරයාටත් මානව හිමිකම් සරණ පැතීමට සිදුව ඇත.

    එනමුත් කාදිනල් එදා 2018 සිදුකළ කතාව ඉතසිතින්ම විශ්වාස කළ බැතිමතුන්ට දැන් මුහුණ දීමට සිදුව ඇත්තේ උභතෝකෝටිකයකටයි ඒ, කාදිනල්ම එම කටින්ම එදා ඕනෑ නැතැයි කී මානව හිමිකම් අද ඕනෑ වී කබරයා තලගොයෙක් වී ඇති නිසායි.

    එමෙන්ම මානව හිමිකම් යනු අලුත් දෙයක් හෝ මහාලොකු දෙයක් නොවෙන බව කී කාදිනල්ටම අද එය සම්පූර්ණයෙන්ම වෙනස්වී ඉතාමත් වටිනා දෙයක් වී තිබෙන නිසයි.

    ReplyDelete
    Replies
    1. කාදිනල්වරයා මෙන් කටුසු ක්‍රමයකට අවස්ථාවාදීව පාට වෙනස් කරමින් වචන වෙනස් නොකරන අපිනම් එදත් අදත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අතර ඉදිරියටත් ඒ වෙනුවෙන් ඒ ආකාරයෙන්ම පෙනී සිටින්නෙමු. එදාත් කාදිනල් වරයාගේ ප්‍රකාශයට විරුද්ධ වුණු අපට අද කියන්නට ඇත්තේ “මාර වැඩේ කාදිනල්ට වුණේ ….” කියලාතමයි... මොකද මිනිස් සමාජය සිය දීර්ඝ පරිණාමය තුළ බිහිකරගත් විශිෂ්ඨ ජයග්‍රහණයක් වන මානව හිමිකම් හෑල්ලුවට, අපහාසයට, උපහාසයට ලක් කරන අය මොන තරාතිරමේ වුවත් අපට ඔවුන් සමග අතරමැද සමාදානයක් නැති හින්දා …

      ඊටත් වඩා මෙහිදී සිහිපත් කළ යුතු තවත් වැදගත්ම කාරණයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් පසුව, එවකට පැවති යහපාලන රජය පළවා හැරීමට කාදිනල්වර යාටහොඳටම වුවමනා වී තිබුණ බව හැමෝටම පෙනුනත් ජනාධිපතිවරණ දිනයේදී “උදෙන්ම ගොස් සිය යුතුකම ඉටු කරන්න” කියලා ජනතාවගෙන් ඉල්ලා සිටියේත් ඒ නිසා බව ඉතාමත් පැහැදිලියිනේ මිනිස් සමාජය සිය දීර්ඝ පරිණාමය තුළ බිහිකරගත් විශිෂ්ඨ ජයග්‍රහණයක් වන මානව හිමිකම් හෑල්ලුවට, අපහාසයට, උපහාසයට ලක් කළ කාදිනල්වරයාට යහපාලන රජය පළවා හැරී පසුව ටික කලකට පසුව ඔහුගේ මැදිහත්වීමෙන් පත්කරගත් රාජපක්ෂ රජය මෙන්ම රනිල් වික්‍රමසිංහ යටතේ පවතින වත්මන් රජයත් එපා වී ඇති බවක් පෙනේ. ගෝඨාභය රාජපක්ෂ රහ වත්මන් රනිල්ගේ ආණ්ඩු පක්ෂයේ රජයද බිහිකෙරුණේත් පසුගිය යහපාලන රජයේ ප්‍රධාන පංගුකාරයෙකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හවුලේ බව එදා කාදිනල්වරයාට නොපෙනී ගියා වන්නට බැරිය. ඒ දැක දැකත් වත්මන් ආණ්ඩුව බිහිකෙරුණේ කාදිනල්වරයාගේද පූර්ණ ආශිර්වාදය සහිතව ය.

      අපට ඇති ප්‍රශ්නය වන්නේ ඊළඟ මොහොතක ඡන්දයකදීත් නැවත වතාවක් උදෑසනම ගොස් යුතුකම ඉටු කරන්නැයි කාදිනල් වරයා ඉල්ලා සිටියහොත් ජනතාව එය පිළිපැදිය යුතුද කියන එක. ඇත්තෙන්ම කාදිනල්වරයාට සැරින් සැරේ තම පුද්ගලික වුවමනාවන් වෙනුවෙන්එ සහාය ලැබීම හෝ නොලැබීම මත වරින් වර එපාවෙන එපාවෙන ගණනට ජනතාව ආණ්ඩු පෙරළිය යුතුද ?

      ඔහුගේ කසිකබල් මානව හිමිකම් කතාවේදී මෙන් කාදිනල් වරයාට වරදින්නේ කොතැනද, වරදින්නේ නැත්තේ කොතැනද කියා ජනතාව හරියටම දැනගන්නේ කෙසේද?

      Delete
  10. රෂිනිගේ හුත්තට දිව දාන්න ආසයි

    ReplyDelete
  11. මේ දවස්වල හොට්ම නිවුස් එක තමයි වඳ සාෆිගෙ දුවගෙ O/L ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල වලින් සාෆි වඳ සැත්කම් කලේ නෑ කියල ඔප්පු වෙනවද මම දන් නෑ.

    මම දන්න තරමින් තවම සාෆිගෙ නඩුව අවසන් නෑ. ඒකෙ තීන්දුව එන්න තව කාලයක් යයි.

    මම තේරුම් ගන්න දේ තමයි ඒ නඩුවෙන් සාෆි නිදොස් කර නිදහස් කලත් ඉන් කියවෙන් නෑ සාෆි වරදක් නොකල බව.

    ලංකාවෙ වෛද්‍යවරු කී දෙනෙක් තම වෘතීය තුල කල වැරදි වලට දඬුවම් ලබල තියනවද? ඔවුන්ට එරෙහිව ඕනෑ තරම් නඩු වැටිල ඇති. නමුත් ඒ බොහෝ නඩු වලින් ඔවුන්ට නිදහස් විය හැකියි. ඒ ඔවුන් වරදක් නොකල නිසා නෙමෙයි. වරදක් කල බවට සාක්ශි නැති වීමෙන් හෝ සාක්ශි මකා දැමීමෙන්. වෛද්‍ය වෘතිය තුල තියන ඒකාධිකාරය මගින් ඒ වැරදි වසන් කරගන්න ඉඩ ලැබෙනව. ඒක සුලු වැඩක්.

    ඉතින් සාෆිටත් එයම කල හැකියි. ඉතා පහසුවෙන් කල හැකියි. ඒ නිසා සාෆි නිදහස් වුනත් ඉන් කියවෙන් නෑ ඔහු වරදක් නොකල බව.

    අනික තමයි අපේ එවුන් මැරිල ඉපදුනා වගේ හැසිරුනාට උන් මැරිල ඉපදිල නෑ. උන්ගෙ රඟ තේරෙන්න වැඩි කාලයක් යන එකකුත් නෑ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න