.

.

Jan 26, 2023

කළු අඳින වෘත්තිකයින්ට සිම්පල් සොලියුෂන්

 


කළු අඳින වෘත්තිකයින්ට

සිම්පල් සොලියුෂන්

➖➖➖➖➖😭➖


අපේ ආච්චි මට පොඩි කාළයේ කියා දුන්නේ සමහර පව් වල ප්‍රතිවිපාක මේ ආත්මේම පලදෙනවාය කියලාය.


රට ආර්ථික වසයෙන් වැටුන වෙලේ ආචාර්‍ය මහාචාර්‍ය බක පන්ඩිත ප්‍රාමාණික සිවිල් බුවාලා රටේ සාමාන්‍ය ජනතාවට චෝදනා එල්ල කරමින් අමුතු ඉකොනමික් බණක් දේශණා කළ සේක....


උන් කිව්වේ ජේ ආර් ගෙනා විවෘත ආර්ථිකය හා යුද්ධයෙන් පසු රාජපක්ෂලා ගෙනා අධිපරිභෝජනවාදී බ්‍රැන්ඩඩ් බැසිලොමික්ස් නිසා ආර්ථිකයට කෙලවී අම්මාට හැමිනී රට බංකොලොත් බාවයට පත්වූ බවය...


එහෙම කියන කොට අපි හිතුවේ... මේ බක පන්ඩිත සියල්ල දත් පුපේ දත්ලා ඒ වගේ දේවලට අහු වුනේ නැති වෙන්ට ඇති කියලාය...


බලාගෙන ගියාම රටේ ජනතාවට එහෙම පිස්සුවක් නැති වුනාට... එහෙම ලයිෆ් ඉස්ටැයිල් ගෙවලා තියෙන්නේ මේ උපාධිධාරී සියල්ල දත් ආර්ථික විජ්ජා වෘත්තිකයින් යැයි කියා තමන්ම තමන්ව හඳුන්වා ගන්නා බක පන්ඩිතයන්මය....


පට්ටම ආතල්ලෙක කියන්නේ රටට මෙලෝ දෙයක් නොකරණ වැහි නැති හෙණ ගසනා වැටුප් හා දීමනා ලබා ගන්නා මහ බැංකුවේ මහා කා: කන්නින්ටද ඒ පරිප්පුව හොඳම එකෙන් කන්නට වෙච්චි එකය...


තමන් මහන්සී වී හරි හම්බ කර ගත් දෙයින් අර ලයිෆ් ඉස්ටැයිල් එන්ජෝයි කරන අතරේ... රාජ්ජ සේවයේ පින්පඩි කෑ, ආචාර්‍ය මහාචාර්‍ය හා උපාධිධාරීන් නඩත්තු කිරීමට බදුද ගෙවපු උන් වාගේම... මේ කා: කන්නි හිඟන්නෝද කර ඇත්තේ අර ලයිෆ් ඉස්ටැයිල් ගෙවනා එකය. 


එයිට හපන් ආතල් එක වන්නේ... ණය පිට ණයවෙමින් මෙළෝ රහක් නැති වැඩ කරනවා කියා මයිනාට නිවන් සුව පැතු.. කපුටාට හෝන් ගෑසූ... පී බීට ආර්ථික ඝාතකයා කියූ.. කබරාල දන්නා ආර්ථික විජ්ජා කළමණාකරණයක් නැතැයි කියූ මේ බක පණ්ඩිතයින් ආර්ථිකේ නියමෙටම කළමණාකරණය කරලා... දැන් රෙන්න පුකේ ගූත් නැතිව කළු ඇඳගෙන පාරට බැහැපු එකය...


ලදරන් ඉන්දියන් කාර් වෙනුවට යුරොපියන් හයි බ්‍රෑන්ඩඩ් කාර්ද, ගල් අරක්කු වෙනුවට ටිකීලා විස්කි ජින් බ්‍රැන්ඩිද, විශ්‍රාම ශාලා හා නිවාඩු නිකේතන වෙනුවට තරු තුනේ හෝටල්ද, දරුවන්ට, තමන්ට නොමිළේ සිප් සතර ලබා දුන් මෙරට විස්ස විජ්ජාල වෙනුවට නොරට විස්ස විජ්ජාලද, ටොමියා වෙනුවට ගෝල්ඩන්‍ රිට්‍රීවර්ද, පූසා වෙනුවට බූල් බූල් පර්සියන් කැට්ද, කුස්සි වෙනුවට පෑන්ට්‍රිද, ඒකට ඉලෙක්ට්‍රොන්ක් ගැජඩ්ද, ඇටෑච් බාත් රූම් සමඟ ලක්සිරි විලාස්ද  පරිභෝජනය කරමින් පඩ ෂෝ දැමූ උන්ට... දැන් කන්න බොන්න ඉතිරි කර ගත්ත එකට, ටැක්ස් එකෙනුන් කෙලියාම... සදා සොත්ති භවන්තුතේ වෙන එකත් ඇත්තය.


දැන් මේ බුද්ධිමතුන්ට කරන්නට අත්තේ ආන්ඩුව ගත් ඔප්සොන්මය. මේවා කැමති ආකාරයෙන් ක්‍රියාත්මක කොට රට දුවනවා වාගේ යාන්තම් දුවා ගන්නට බැරි වෙන එකකුත් නැතිය.


▪️තමා බංකොලොත් බවටත්, අම්මට හැමිනිලා, රෙන්න පුකේ ගූත් නැති බවටත් කොමන් ලියුමක් ලියා, බැංකුවලට, ලීසිං කොම්පැනි වලට, ෆිනෑන්ස් කොම්පැනි වලට, ක්‍රෙඩිට් කාඩ් වලට, ගමේ පොලී මුදලාලිට ලියා යැවිය යුතුය. (අහල පහල උන්ට කියන්න ඕනා නැතිය. උන් දැන් ඉන්නේ පුල් පන් එකේය)


▪️ණය ප්‍රතිව්‍යූහගතකිරීමට හෝ කපා හැරීමට හැකිදැයි කියා අදාල ආයතන කළමණාකාරිත්වය සමඟ ද්වීපාර්ෂවික සාකාච්ඡා ආරම්බ කළ යුතුය. (උන්ටත් කෙළවෙලා තියෙන එක මෙතනදි අදාල වෙන්නේ නැතිය )


▪️අධි පරිභෝජනය සඳහා ගත් බඩු භාන්ඩ, යාන වාහන නිවාස විකුණා දමා නිර්මාල් දේවසිරි මෙන් ජනාතවට ජීවත් විය යුත්තේ මෙසේ යැයි කියා උපදෙස් දුන්... ඔවුන් ගත කරන අල්පේච්ඡ ජීවිතයට මාරු විය යුතුය.


▪️එසේ නැත්නම් සියල්ල විකුණා දමා බුද්ධිය ගලන ගඟට පැන මේ ජරා නරා වලෙන් එතෙර විය යුතුය.. (ඒ රටවල මෙහෙම අසාධාරණ බදු ගහන්නේ නැතිය. හැම එකාටම ගහන්නේ 40% ක ඉතර ආදායම් බද්දක්‍ය)


▪️ඒ යන අතරේ... අනියම් සබඳතා පැවතියේ නම්, ඒවා දිගටම නඩත්තු කිරීම මහාචාර්‍ය මාතලන් වෙත පැවරිය යුතුය. (විශාල පිරිසක් මා සමඟ එකතුව එම සේවය ලබා දීමට දැනටමත් ඉදිරිපත්ව සිටී)


දේශපාලූවන් මෙන්ම පින්පඩි කමින් රටට කෙලවූ තොපිට ඔහොම වෙලා මදිය.


අපේ ආච්චි කියා දුන් බොහෝ දෑ මේස් දෙකෙන්ම දැකීමට තරම් පුණ්‍යවන්ත භූමියක ඉපදුන ආතල් එක ගනිමින් උපදින ආත්මයක් ආත්මයක්ම පාසා මේ දිවයිනේම උපදින්නට පෙරුම් පුරනා මා...


ඔබේ හිතවත්...


මහාචාර්‍ය මාතලන්


ස්වස්ථි සිද්ධම් .....!!!

.

10 comments:

  1. ලංකට්ටෙක

    ReplyDelete
  2. Siraama Kthaawa.mama dakkaa kenek daala thiyenawa eyyaata loan walata kapunama ithiriwenne kamkaruwage padiya kiyalaa,eeka asaadaaranalu.,kamkaruwata eyaatawage loan ganna puluwanda?????????

    ReplyDelete
  3. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ ඇත්තටම ඔය කට්ටිය සිරිලක 2500 වසරක බයිලාවට බැන්නා වුණත් උනුත් ඒ වගේම තමයි ලංකාවේ පැහැදිලිවම අවුරුදු 2500ක ඉතිහාසයක් සහ සංස්කෘතියක් තියෙන රටක් වුනත්, සිංහල අපිට කිසිම දවසක මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණයට දායක වන කිසිම දෙයක් නිර්මාණය කරන්න බැරි වුනා. චීන ජාතිකයන් මීට වසර 2000 කලින් මුද්‍රණ ශිල්පය, විල්බැරෝව, වෙඩි බෙහෙත් සේද රෙදි කඩදාසි තාක්ෂණය මුද්‍රණ යන්ත්‍ර තාක්ෂණය නැවිගේෂන් දිශාව සොයාගැනීමට තාක්ෂණික දැනුම ආදී විවිධාකාර දේවල්බ තාක්ෂණ දැනුම ගොඩ නැගුවා, අසල්වැසි ඉන්දීය ශිෂ්ඨාචාර ඉන්දු ආර්ය භාෂා, අති දැවැන්ත ශෛලමය නිර්මාණ වීජ ගණිතය හා අංක ගණිතය භාරතීය ශාස්ත්‍රීය සංගීතය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කලා ශිල්ප යෝග ව්‍යායාම ඇතුළු බොහෝ දේවල්. ලොවට දායාද කලා. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටීස්, ගැලිලියෝ ගැලීලි, කොපර්නිකස් වැනි යුරෝපීය බුද්ධිමතුන් කිසිම අධි මාත්‍රා බෙහෙතක් නොබී යුරෝපා ජාතිකයන් සාමූහිකව ලොවට ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රම සහ නවීන විද්‍යාත්මක සොයා ගැනිම් හඳුන්වා දුන්නා. කිසිම අධි මාත්‍රා බෙහෙතක් නොබී 16 වන සියවසේ පමණ සිට නවීන විද්‍යාත්මක සොයා ගැනිම් කලා. නමුත් ලංකා රටේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් බුද්ධි වර්ධනය වන්න කියලා ප්‍රමාණය ඉක්මවා බෙහෙත් බීලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සූත්‍ර යොදාගෙන අපට ටැන්ජිබල් ප්‍රයෝජනවත් ලෙසට කරපු හෝ සොයා ගත්ත එකම විද්‍යාත්මක සොයා ගැනිමක්වත් තියෙනවද සංදේශ කාව්‍ය කීපයක් හැරුණු කොට?

    ඒ නිසා අපේ රට සමස්ත ලෝක ප්‍රජාවම පිළිගත් මානව ශිෂ්ටාචාරයට ලබා දීපු කිසිම වැදගත් දෙයක් තියෙනවද. අපි ලොකුවට කතා කරන වාරි ශිෂ්ඨාචාරයවත් අපේ රටට ආපු හෝ අපේ රට ආක්‍රමණය කරපු කිසිම රටක් තමන්ගේ රටට ආදේශ කර ගත්තේ නැහැ, ඒක ඒ රටවලට ප්‍රයෝගික නොවන නිසා. අනික ලංකාවේ විතරක් නෙමෙයි ආක්‍රමණ සහ යුද්ධ තිබුනේ. යුරෝපයේ එක දිගට අවුරුදු සිය ගණනක් පැවතුන යුද්ධ තිබුනා. මුළු යුරෝපා මහද්වීපය පුරා පැතිරුණු මාරාන්තික වසංගත තිබුනා. නමුත් අපේ රටේ වගේ සමාජය අවුරුදු 2500 තිස්සේ එකම තැන පල් වුනේ නැහැ. යුරෝපා පුනරුදයත් සමග අදටත් මුළු ලෝකෙම අගය කරන අති විශිෂ්ට කලා නිර්මාණ මුළු යුරෝපය පුරා බිහි වුනා. තාක්ෂණික දියුණුව, ප්‍රජාතන්ත්‍රවාදි පාලනය, මුළු රටටම බලපාන ලිඛිත ව්‍යවස්ථාව නීති පද්ධතියක් සහිත අතිශය ජනතා හිතවාදී ප්‍රතිසංස්කරණ සිදුවන විට 1815 දීත් අපිට හිටියේ කන පැලෙන්න බීලා හිතු මනාපෙට නඩු අහලා මිනි මරපු රජුගේ පාලනයට හිස නමාපු, ඊට විරුද්ධව නැගි නොසිටපු නිවට ජාතියක්. එදා ප්‍රංශයේ මිනිසුන්ට කන්න නැති වුනාම, රටේ ජනතාව එකතු වෙලා රජාගෙයි, බිසවගෙයි බෙල්ල කපලා රටේ ජනතා පාලනයක් ඇති කලා. එංගලන්තයේ රජු දුර්දාන්ත පාලනයක් ගෙන ගිය කොට, රටේ ජනතාව එකතු වෙලා පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති කලා. හැබැයි අපේ රටේ නුගත් බේබදු රජෙක් මිනි මර මර රට පාලනය කරන කොට, රටේ ජනතාවට නායකත්වය දෙනවා කියන භික්ෂූන් නිහඬව හිටියා රජාට ඕනේ විදිහට රට පාලනය කරන්න ඉඩ දීලා, මොකද රජා, රටේ ජනතාවට මොන තරම් අපරාධ කලත් භික්ෂූන්ට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා විහාරගම්, දේවාලගම්, නින්දගම් දීලා, තමුන් මොන අපරාධ කලත්, භික්ෂූන් රටේ ජනතාව ගෙන් තමුන්ව ආරක්ෂා කරන නිසා. මේ නිසා තමයි, සිංහ ධජය මිනිත්තුවකට කලින් පහත දැම්මට විරුද්ධ වුන භික්ෂූන්, ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු මුළු පවුලම ඝාතනය කරන එක වලක්වන්න ඊට ආසන්නයේ මහ විහාරයේ හිටපු භික්ෂූන්ට ලේසියෙන්ම පුලුවන්කම තිබුනත් ඊට ඉදිරිපත් වුණේ නැහැ. ඕක තමයි අපේ මිනිස්සු පිලිගන්න අකමැති "කටුක සත්‍ය".

    ReplyDelete
  4. මාතලන් ඔබේ පෝස්ට් එකේ සහ කමෙන්ට් කරපු අය මතුකරන බරපතල කාරණාවක්ද තිබේ. මේ කලු අඳින වෘත්තීය සමිති කාරයෝ වගේම රජයෙන් ඉල්ලා සිටින දේවල් වගේම දේශපාලකයින් රාජ්‍ය බලය අත්පත් කරගත් පසුව ඉටුකරන බවට ලබා දෙන බොහොමයක් ඡන්ද පොරොන්දු බොහොමයක් ඡන්දදායකයින්ට, දැනට ඇති පසුගාමී වටපිටාව තුළ වුවද, පට්ට ජෝක්ය. මේ ඡන්ද පොරොන්දු වලින් පෙනෙන්නේ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති සම්පාදකයින් සාමාන්‍ය ජනතාව ගැන සිතා සිටින ආකාරයයි.

    ReplyDelete
  5. යකෝ මාතේ ආර්ථික විද්‍යාව හදාරලා එහි මූලධර්ම වලට අනුව රටේ ආර්ථිකය දියුණුවට යොදා ගැනීමට සුදුසු ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති හා උපායමාර්ගික සැලසුම් පිළිබඳ කරුණු සහිතව විස්තර කරලා සාකච්ඡා කිරීම සංවාද ගොඩ නගා ගැනීම ආදී දේවල් වලට වඩා ඔහේ බූරුවෝ වගේ ගිහින් දෙවියන්ට යදින එකයි දේසපාලුවන්ට රැවටෙන එකයි ඊට පස්සෙ අපිව රැවැට්ටුව රට කෑව කියල බයින එකයි ලේසියිනෙ.. හැබැයි තව දෙයක් තේරුම් ගන්න ඕනේ ඒ ගොඩක් වෙලාවට දෙවියෝ පස්සේ යන්නෙත්, දේශපාලකයෝ පස්සේ යන්නෙත් එකම හේතුවකට. ඒ නිසා ප්‍රතිඵලයත් ගොඩක් වෙලාවට මේ වගේ එක හා සමානයි.

    ReplyDelete
  6. ඔය ලාංකීය වෘත්තීය සමිති කරන ඊනියා උගතුන් වෘත්තීයවේදීන් කියන උන් ඇත්තටම ගත්තාම දේසපාලුවන්ගේ ජාතියේම තමයි නැත්නම් ඊටත් වඩා කුජීතයි

    ගොමා සංගමයේ හොර දොස්තර හැත්ත බලපන් පහුගිය කාලේ පුරාම නටපු නාඩගම්? කොවිඩ් කාලේ උන් කරපු මගුලක් නෑනේ විදුලි බල මණ්ඩලයේ උන් බයිලා ගගහ ඉන්නේ ඩීසල් බලාගාර වලින් පවර් දීලා ගාන කපා ගන්න නැත්නම් ගල් අගුරු ටෙන්ඩර් වලින් ගොඩ යන්න ඔය එක හිවලෙක් පුනර්ජනනීය බල ශක්තිය තවත් වැඩි කරලා ඩීසල් ගල් අගුරු නැති කාලෙක ගොඩ යන්න වැඩපිළිවෙළක් සකස් කරල වේ නෑ තෙල් සංස්ථාව ඒත් එහෙමයි ඔක්කොම එකයි උන් දන්නේ පොදුවේ ජනතා මුදල් හූරගෙන කාලා සෝබන වැඩ ටික කරගෙන ඔහේ ඉන්න විතරයි ඔහොම තමයි ඉතින් රජයේ නිලධාරීන් ගහපු බයිලා තමයි ඔය ලංකාව ඔය වගේ ෆේල් රටක් වෙන්න මූලිකම හේතුව

    එතකොට ඊනියා විද්වතුන් කියන හැත්ත ගත්තාම ටෝක්ස් ටිකක් දීලා ෂේප් එකේ ඉන්නවා විතරයි උදාහරණයක් විදියට අපි ලංකාවේ ආර්ථික විද්‍යා දැනුම ඇති ආර්ථික විශේෂඥයින් ලොකුවට බයිලා ගහන ඔය ආර්ථික විද්‍යාව යනු කණා මුට්ටිය ගැසීමක් පමණයි, උන් කියන දේ සමහර විට කණාවට හරියයි. බොහෝ විට යාන්නම් හරියයි. නමුත් ඇත්තටම ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන්ම වැරදී !!!

    එකම කරුණ ගැන විවිධ අනාවැකි මත පල කරන ඉකොනොමිස්ට් ලා, පසුව නොයෙකුත් තර්ක ගෙනැවිත් සැබෑවට සිදු වූ දෙය විස්තර කරන අයුරු බලා සිටීම අපූරු විනෝදයක් ගෙන දෙයි. උදාහරණයක් විදියට කී දෙනෙක් නම් 2014 දී පෙට්‍රල් ලීටරය ඩොලර් දෙකට යන බව කීවාද? ඔසී ඩොලරය ඇමරිකන් ඩොලරයට වඩා 50% ක් නගින බව ද කීවා. දැන් වෙනත් බයිලා කියනවා!

    ලංකාවේ උන් ගැන නම් කතා කරදා වැඩක් නැහැ ඒත් ලෝකයේ තත්ත්වයත් එක්ක බලද්දි උනුත් එකයි මුනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි වගේ සීන් එකක් නේද තියෙන්නේ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න