.

.

Mar 10, 2023

රනිල් වික්‍රමසිංහ වෙනුවට රනිල් රාජපක්ෂ දොරට වැඩීම

 



රනිල් වික්‍රමසිංහ වෙනුවට

රනිල් රාජපක්ෂ දොරට වැඩීම

➖➖➖➖➖➖➖➖➖⭕➖


මෙලෙස ආමාන්ත්‍රණය කිරීමට රනිල් කැමතිද අකමැතිද යන්න මාතලන් නම් දන්නේ නැත. එහෙත් උපතේදී දුන් නමට වඩා, මාතලන් යන නමට මා නම් කැමතිය.


මේ කරුණ අප සාකච්ඡාවට ගත යුත්තේ රනිල් නම් පුද්ගලයා ලෙස නොව කුරුඳුවත්තේ උපන් රාජකීය විද්‍යාලයෙන් හා කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද පරිනත වියපත් නියෝ ලිබරල් දේශපාලන චරිතය තුලය.


මාතලන්ගේ මතය අනුව, රනිල් වික්‍රමසිංහ නම් ඒ දේශපාලනික චරිතය 2019 මැතිවරණයේ ප්‍රතිඵලයද සමඟින් මිය ගියේය. ඒ අසාර්ථක නායකයකු ලෙසය. ලිබරල්වාදී නිදහස් වෙළඳපොල රසිකයින් වන අප හොල්මන් කරමින්, යහපාලනය තුල රනිල් කෙලියේ තනිකර පිස්සුම විතරය. ප්‍රතිඵලය පක්ෂය හා ඇප යන දෙකම නැති වීමය.


අවසන් වරට යහපාලන අග්‍රාමාත්‍යධූරය තුල එය ආරම්බ කලේම, දූෂිත හා ලැජ්ජා සහගත ගණුදෙණුවක් වූ මහ බැංකු බැදුම්කර කේස්සෙකත් සමඟිනි. 


මෙය හොරකමක් ලෙස මාතලන් කිසි ලෙසකවත් විග්‍රහ නොකරන අතර, කළක් තිස්සේ දේශපාලකයින් හා මහ බැංකුවේ නිළධාරී මාෆියාවක් විසින්, තමන්ගේ වරප්‍රසාදිත තානාන්තර භුක්ති විඳිමින් කරගෙන යනු ලබන අධික ලාබ ලබන ව්‍යාපාරයක් පමණි.


ඉන් පසු ලාංකීය ආර්ථිකයේ හදවත වීමට නියමිතව තිබූ පෝට් සිටියේ මුල් ගල ගලවා මුහුදට දැමුවා පමණක් නොව, අනාගත ලෝකයේ විශේෂිත ආර්තික මර්මස්ථානය වීමට තිබූ හම්බන්තොට වරාය චීනාට විකුණා දැම්මේය. මේවා කළේ සිරිසේන නොව රනිල් වික්‍රමසිංහ නම් නියෝ ලිබරල් ප්‍රාඥයා වීම සියල්ලන් මවිතයට පත් කලේය.


මේ අවස්ථාවේ මතුවූයේ රනිල් වික්‍රමසිංහ නම්  කුරුඳුවත්තේ නියෝ ලිබරල් දේශපාලඥයා නොව, රාජපක්ෂ කීර්තී නාමයට භිය වූ, කුහක, මජර, ඊර්ෂ්‍යාසහගත, කෙසෙල්වත්තේ රනිල් වික්‍රමසිංහ නම් දේශපාලුවාය යන්න මාතලන්ගේ මතයය. ඊට හේතුව වූයේ ආර්තිකය කාබාසීනියා කර දමන ජනප්‍රියවාදී තීන්දූ තීරණ ක්‍රියාත්මක කරන්නට යාමය.


රනිල් වික්‍රමසිංහ ජනප්‍රිය නොවන තීන්දූ ගත් සෑම අවස්ථාවකම එය ජනතාවට අප්‍රියජනක වුවද, දේශපාලනික වශයෙන් රනිල් මෙන්ම රටද ශක්තිමත් කිරීමට හේතූ වූයේය. සාම ගිවිසුම මෙන්ම අගමැති වූ කාලයක රජයේ රැකියා ලබා නොදීමේ තීරණය, මේවාට නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය.


එහෙත් ඒ අකල් මරණයෙන් පසු ඔහු නැවත උපදින්නේ රනිල් රාජපක්ෂ ලෙසය. ඔහු රනිල් රාජපක්ෂ ලෙස බෞතීස්ම කොට ජාතික ලැයිස්තුවෙන් නැවත දේශපාලනයට ගෙන එන්නේද මහින්ද රාජපක්ෂ විසින්ම වීම දෛවපෝගත සිඳුවීමකි. (2010 - 2015 කාළයේ මහින්දගේ ඇඟයි රනිල්ගේ ඔළුවයි එකතු වුවහොත් හොඳ යැයි ජනප්‍රිය දේශපාලන මතයක්ද ඇති විය)


යහපාලනය තුල කොතරම් කෙනහිලි කම් කලත් මහින්ද රාජපක්ෂ නම් දේශපාලන පරිචයක් ලද පුද්ගලයා අනාගතය පැහැදිලිව දුටුවේය. ඒ තුල සිඳු වී යැයි කියනා කුමන්ත්‍රණ හා ජාත්‍යන්තර ක්‍රියාදාමයන් මේ තුල කතා කිරීම යුතු නොවේ.


රනිල් උපතින්ම රැගෙන ආ වාසනාව නියමාකාරයෙන් කරලියට එන්නේ එයින් පසුය. අද ඔහු රාජපක්ෂලාගේ නොව රටේම ආරක්ෂකයාය. ඔහුගේ ආරක්ෂාව සියළු ජාත්‍යන්තර ආයතන මෙන්ම රාජ්‍යයන්ගෙන්ද සහතික කර අවසානය.


රනිල් කිසි දිනෙක ජනප්‍රිය දේශපාලඥයෙක් වූයේ නැතිය. ජනප්‍රිය මතය ක්‍රියාත්මක කලා කියා ඔහුට ලැබෙන ජනප්‍රියත්වයක්ද නැත. මේ මොහොතේ පවත්වනු ලබන කිසිඳු චන්දයකින් හෝ ජනමත විචාරනයකින් ඔහු හෝ ඔහු නියෝජනය කරන කණ්ඩායම ඇපත් නැතිව පරදින බව පරම සත්‍යයය.


එමෙන්ම යලිත් කිසිඳු දිනක ජනතා කැමත්ත නොලැබෙන බවත් ඉරහඳ මෙන් විශ්වාසය. මන්ද, තිත්ත බෙහෙත් වලින් ලෙඩේ සනීප වුවත් පොඩ් බබාලාට ඒ දොස්තර දිරවන්නේ නැති නිසාමය.


ඔහු බාරගත්තේ අවසන් හුස්ම හෙලමින් සිටී රෝගියෙකි. ඔහු කරමින් සිටින්නේ විශේෂඥ  ශල්‍යවෛද්‍යවරයකුගේ කාර්‍ය්යකි. මේ ශල්‍යකර්මය කිරීමට වෙනත් සුදුසු විශේෂඥ  ශල්‍යවෛද්‍යවරයක් ලංකාවේ ඇත්තේ නැත. ඉන්නේ දේශීය ගොඩ වෙදුන් රැලකි. 


ඔවුන් මේ මොහොතේ කෑගල්ලේ පැණි වෙදාගේ හා ඥානක්කාගේ බෙහෙත් ජනතාවට පෙන්වමින්, පෙරකල තෙල් බෙහෙත් වෙළෙන්දාගේ භූමිකාව රඟදක්වමින් ජනතාවට ආතල් දෙමින් සිටී.


මේ විශේෂිත දරුණු ඝනයේ ශල්‍යකර්මය සඳහා විදේශීය ශල්‍යවෛද්‍යවරුන්ගේ සහාය මෙන්ම අධීක්ෂණද නොඅඩුව ලැබෙමින් පැවතීම රෝගියාගේ මෙන්ම දේශීය විශේෂඥයාගේද වාසනාවකි.


එහෙත් ශල්‍යකර්මය සිඳුවෙමින් පවතින මොහොතේ ඇතිවන ළඳරු වලිප්පු හා දැඟලීම්  හේතුවෙන් ශල්‍යකර්මයට බාධා ඇති වී රෝගියා මිය යාමට ඉඩ ඇති බැවින්,


ඒ සඳහා ඇනස්තීසියා අධිමාත්‍රාවෙන් හෝ ලබා දී රෝගියා නිර්වින්දනය කර තැබීම, ශල්‍යවෛද්‍යවරයාගේ මෙන්ම සහායක කණ්ඩායම්වලද වගකීම වන්නේය.


සබ්බීතියෝ විවජ්ජන්තු - 

සබ්බරෝගෝ විනස්සතු

මා(මේ)භවත්වන්තරායෝ - 

සුඛී දීඝායුකෝ භව...


නක්ඛත්ත යක්ඛ භූතානං 

පාපග්ගහ නිවාරණා

පරිත්තස්සානු’ භාවේන - 

හන්තු මය්හං උපද්දවේ....


#මාතලන්


.

15 comments:

  1. අපිට චන්දයක් ඕනේ නෑ ,
    දැන් රනිල් රට බේරාගෙන ඉවරයි,
    රුපියලත් සක්තිමත් වෙලා,
    .
    .
    .
    කියල බ යියෝ කියන්නේ...

    ReplyDelete
  2. හනේ අනේ රටකට ගිය කලක් ! සුද්දො නැතුව වේලෙන නාකි බේබදු කුලී කාර් ඩ්‍රයිවර ටුවර් ගයිඩලත් දැන් දේශපාලන ආර්ථික විචාරකයො වෙලා.

    ReplyDelete
  3. කුඹුරක් අදයට වැඩ කරන ගොවියෙක් හැටියට ජීවත්වන මගේ පවුලේ ආහාර සඳහා ගෙදර වී ඇටයක් නැහැ අස්වැන්න ලැබුණොත් කුඹුරු අයිතිකරුට පහෙන් එකක් පමණක් දෙන්නම වෙනවා... මේ අතර දරුවන්ට අධ්‍යාපන අවශ්‍යතා සඳහා මුදලාලිගෙන් වී කිලෝ 500ක් දෙන්න පොරොන්දුවෙලා පොරොන්දු පත්‍රයක් මත ණයක් ගන්නවා.. එහෙම තියෙද්දී කුඹුරට ගංවතුර ඇවිල්ලා ටිකක් සේදී ගියා වල්අලි ඇවිල්ලා ටිකක් විනාශ කළා.. ගොයම් කපා අස්වැන්න බැලුවාම වපුරපු බිත්තර වී ටිකට අමතරව ඉතිරිවුනේ ගෙදර අයට කන්නයක් කෑමට හා කුඹුරු හිමියාගේ හිමිකම් ගෙවීමට මදිතරමේ වී ටිකක් පමණයි. ඔය අතරේ මට එන්තර්වාසියක් එවන මුදළාලි වහාම වී කිලෝ 500 නොදුන්නොත් එහි වටිනාකම හා නඩුගාස්තු ඉල්ලනවා.. මම කරන්න ඕනෑ මොකක්ද කියන්න...?

    ReplyDelete
    Replies
    1. මං දන්න නාකි බේබදු වැඩ නැතුව වේලෙන කුලී කාර් ඩ්‍රයිවර ටුවරිස්ට් ගයිඩෙක් ඉන්නවා. මිනිහගෙ මැරිච්ච මාමණ්ඩිය හොඳ හඳහන්කාරයෙක්ලු. නාකි බේබදු ඩ්‍රයිවර ගයිඩත් දැන් හඳහන් බලනවලු. ඒක ගාවට ගිහින් හඳහන බලව ගන්න.

      Delete
  4. නලු නිලියන්ගේ හැකියාව රගපෑම වේ , උන් උන්ගේ හැකියාව බැලීමට ,සුමති, රයිගම් , රාජ්‍ය සම්මාන වලට අමතරව දේශපාලනයද භාවිතා වේ,ඔන්න ඔච්චරයි 😂😂😂
    ප.ලි , මේ නලුවෝ මොක්කුද මයින්ඩ මාත්තියාලා රානීලප්පපච්චි මාතියාලා පේමදාස මාතියාලා ලප කුමාර මාතියාලා තරං , එයාලා ඇවිල්ලා රත්තරං නළුවෝ...

    ReplyDelete
  5. තනිකර රනිල් සහ වර්තමානයේ සජබේ ඉන්න කබ්බෝ සෙට් එක සහ සිරිසේන ගොන් ගමරාලගේ පාලනය අජූතයි ඒ වගේම රාජපක්ෂ කල්ලියේ ජඩ වැඩ සහිත ගොබ්බ පාලනයත් අවුල් නමුත් රාජපක්ෂ වික්‍රමසිංහ හවුල් පාලනය තුල යම් තරමකින් හෝ යම් සාර්ථකත්වයක් දකින්න පුළුවන් වෙනත් කිසිදු දේශපාලනික කණ්ඩායමක් සතුව එවන් පාලන කුසලතාවන් දකින්න බැහැ ලංකාවේ මේ වනවිට පවතින තත්වය තුල, නමුත් ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන සුන්දර් පිචෛයිගේ කැරපොතු න්‍යාය (මේක ලෝකප්‍රකට Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචෛයි විසින් කරන ලද මනරම් දේශනයක් ඇසුරින් මම ලියන්නේ) හරහා මම කෙටියෙන් පැහැදිලි කරන්නම්

    එක්තරා ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි සුප්‍රසිද්ධ අවන්හලකදී එක්වරම කැරපොත්තෙක් පියඹා විත් කාන්තාවකගේ ඇඟේ වැහුවා. ඇය බියෙන් කෑ ගසන්නට පටන් ගත්තා. බොහොම කලබලයට පත්වෙලා කෑ ගසමින් උඩ පනින්නට පටන්ගත් ඈ අත් දෙකෙන්ම ගසමින් කැරපොත්තාගෙන් මිදෙන්නට උත්සාහ කළා.

    ඇගේ කලබලය නිසා ඇය සමඟ සිටි අනිත් අයත් කලබලයට පත් වුණා.
    අන්තිමට ඇය කැරපොත්තා එළවාගන්නට සමත් වුණත් ඌ පියඹා ගිහින් ඒ සමඟ සිටි තවත් කාන්තාවකගේ ඇඟේ වැහුවා. දැන් ඉතින් අර කාන්තාව නවත්තපු තැන ඉඳන් අනිත් කාන්තාව කෑගහන්න, දඟලන්න පටන්ගත්තා.

    මෙවිට එහි සේවය කළ ආපනශාලා සේවකයෙක් ඔවුන් ගලවාගන්න ඉක්මනින් දුව ආවා. අන්තිමේ අර කැරපොත්තා ඒ සේවකයාගේ ඇඟේ වැහුවා. ඔහු කෙලින් හිටගෙන නොසෙල්වී කමිසය මත වසා සිටි කැරපොත්තාගේ හැසිරීම හොඳින් බැලුවා.

    නිසි අවස්ථාව ආ විගසම සේවකයා කැරපොත්තා අල්වාගෙන අවන්හලෙන් එළියට විසිකර දැම්මා.

    හෙමිහිට කෝපි කෝප්පයක් රසවිඳිමින් මේ දෙස බලා හිටපු මගේ මනසට අපූරු කල්පනාවක් ආවා, මම පුදුමයට පත් වුණා ... මේ සියළු කලබල වලට වගකියන්න ඕනෙ අර කැරපොත්තා ද ?

    එය එසේ නම් ඇයි ආපනශාලා සේවකයා ඉන් කරදරයට පත් නොවුණේ ?

    ඔහු එය නිසි පරිදි පාලනය කරගත්තා කිසිම ගැටළුවකින් තොරව.
    අර කාන්තාවන්ට කරදරයක් වුණේ කැරපොත්තා නෙවෙයි. ඒ කැරපොත්තා නිසා ඇතිවුණු කරදරය පාලනය කරගන්න ඔවුන්ට නොහැකි වීමයි.

    මට වැටහුනා මගේ පියාගේ, ප්‍රධානියාගේ හෝ බිරිඳගේ කෑගැසීම මට බාධා නොකරන බව. නමුත් ඒ අයගේ කෑගැසීම නිසා ඇතිවෙන බාධාවන් පාලනය කරගන්න මට නොහැකි වීම තමා මට ඇති බාධාව.
    මට බාධාවක් වන්නේ මාර්ග තදබදයන් නොවෙයි, ඒ නිසා ඇතිවන බාධාවන් පාලනය කරගන්න මට ඇති නොහැකියාවයි.

    ගැටළුවට වඩා ඊට ප්‍රතිවිරුද්ධව මම දක්වන ප්‍රතිචාරය තමා මගේ ජීවිතයේ ගැටළු ඇතිකරන්නේ.

    කතාවෙන් උගත් පාඩම :
    මට වැටහුණා. මම ජීවිතයේදී ප්‍රතිවිරුද්ධව ක්‍රියා නොකළ යුතු බව.
    මම නිතරම ප්‍රතිචාර දැක්විය යුතුයි.
    කාන්තාව ප්‍රතිවිරුද්ධව ක්‍රියා කළා, නමුත් සේවකයා ප්‍රතිචාර දැක්වුවා.
    ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීම නිතරම ඉබේ සිදුවුණත් ප්‍රතිචාර දැක්වීම නිතරම හොඳින් සිතා බලා සිදු කරන්නක්.

    මෙය ජීවිතය තේරුම් ගැනීමට මනරම් මඟක් .
    මිනිසෙක් සතුටින් සිටින්නේ ඔහුගේ ජීවිතයේ සියල්ල නිවැරදිව සිදුවන නිසා නොවෙයි.

    ඔහු සතුටින් සිටින්නේ තමන්ගේ ජීවිතයේ සියළු දේ පිළිබඳව ඔහුට නිවැරදි ආකල්ප ඇති නිසයි.

    මේ කතාවේ හරය ඇසුරින් ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබදව සිතා බලන්න පුළුවන් නම් බොහෝ දේ අවබෝධ කරගත හැකි වනු ඇත.

    ReplyDelete
  6. මාතලන් දකින්න ඇති මාලිමාවේ කැස්බෑව ප්‍රාදේශීය සභා අපේක්ෂක වරාය සේවා වෘත්තීය සමිති නායකයකු මාධ්‍ය මගින් පවසා සිටිපරිදි මාසිකව ලංකාවේ රුපියල් 120,220ක දළ වැටුපක් ඔහු ගන්නවා. එයා ණය වර්ග 4ක් දැනට අරන් තියෙනවා. ඒකෙන් තුනක් වරායෙන්ම ගත්තු ණය ක්‍රමයන්

    1) වරායේ මාස 10 ක්‍රමයේ ණය
    2) බහු කාර්‍ය ණය
    3) සමූපකාර ණය

    ඔය තුන කැපුනාම එයාගෙ පඩිය එනවාලු රුපියල් 46707 බැංකුවට. ඉවර නෑ .. බැංකුවෙන් තව ලෝන් එකක් අරන් තියෙනවලු රුපියල් 49000 ක. එතකොට මෙයා අතින් තව 3000කුත් ණය වලට ගෙවන්න ඕනලු..

    දැන් මෙයා කියනවා මෙයාගෙ පඩියට බද්දක් ගහන එක වැරදිලු. මාර ලොකු ගාණක් ගහනවා ඇති කියලා හිතලා ආයෙ වංගු නැතිව මෙයාගෙ පඩියට හරියටම ගහන බද්ද කීයක්ද බැලුවා..

    රුපියල් 120,220 ට මෙයාට ආදායම් බද්ද හරියටම අය කරන්නෙ රුපියල් 1213.20යි. එතකොට මෙයාගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ බද්දෙ කියමුකො. එතකොට මෙයාව බද්දෙන් 100% නිදහස් කරත් මෙයා ඒත් ණයයිනෙ මාතෝ. මෙයාට මෙයාගෙ පඩියෙන් ණය ටිකවත් ගෙවලා ඉවර කරන්න බෑ...

    මාර වැඩේ තමයි වෙලා තියෙන්නෙ.. තමන්ගෙ මූල්‍ය කළමණාකාරණයේ අසමත්කම මුදා හැරලා ඒක නෙමෙයි ප්‍රශ්නෙ රුපියල් 1213 ක බද්ද තමයි ප්‍රශ්නෙ කියලා පාරම් බානවා..

    මේ බද්ද 100% අයින් කරේ නැත්නම් 15 වෙනිදා වරායෙ සම්පූර්ණ වැඩ කටයුතු නවත්තනවා කියලා එයා කියනවා. මේ වෘත්තිය සමිති නායකයොන්ට අපි මොකක්ද කරන්න ඕන?

    මෙයාලට Financial management ගැන උගන්නන්න ඕනද? එහෙම නැත්නම් එයාලගෙ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට සහය දෙන්න ඕනද? මේ මනුස්සයා තමයි පහුගිය දවසක වරායෙ වැඩ නවත්තලා කෝටි ගාණක පාඩුවක් වරායට කරා කියලා උදම් ඇනුවේ..

    මේ පාර ඡන්දෙත් ඉල්ලන වෘත්තිය සමිති නායකයෙක්. මේ වගෙ මනුස්සයෙක් පරිපාලනයට එන්න සුදුසුද? නායකයෙක් වෙන්න සුදුසුද?

    දේශපාලනය පැත්තකින් තියලා මානව කළමනාකරණය පැත්තෙන් හිතන්න..මූල්‍ය කළමණාකරණය පැත්තෙන් හිතන්න.

    සරළවම මෙච්චරයි. මෙයාගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ බද්දෙ ද තමන්ගෙ මූල්‍ය කළමණාකාරණයෙද?

    ප.ලි. මම මොහුගේ ආදායම් බදු ගැන ගණනය කිරීම් කළ ආකාරය මෙහෙමයි PAYE පළමු 100,000 ට කැපෙන්නේ නෑ. ඊළඟ 41,666 සඳහා 6% = උපරිමය රු 2500 පමණ. ඊළඟ 41,666 සඳහා 12% = රු 5000 පමණ. ඉතින් ඒ ආදායම් මට්ටමේ උපරිමයේ එනම් රු 183,332 මාසික ආදායමක් ලැබුවත් කැපෙන්නේ රු 7,500යි.

    ඒ නිසා බදු වදින ආදායම් රුපියල් 20,220/= ට 6% තමා මෙයාට, එඑතකොට රුපියල් 1,213.20 මුළු බද්ද මම හරි නේද? මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  7. Scene 001

    breaking news

    රුපියල ඩොරයට සාපේක්ෂව ශක්තිමත් වීමට හේතුව දැන් අච්චු ගසන රුපියල් වලට වැල්පෙනෙල අඩංගු නිසා බව පර්යේෂණයකින් සොයා ගැනේ. 🥰🥰💖

    මීට අන්රයියා..

    Scene 02

    උදේ පාන්දර රැල්ලට මැච් බලන්න ගත්ත කෙල්ලෙක් ඉන්බොක්ස් ඇවිත් අහනවා

    " අයියේ නවසීලන්ත ටීම් එකේ වාහනේක නමක් තියෙන ප්ලේයර් කෙනෙකුත් ඉන්නවද නේද.."

    මම පුදුම වෙලා ඇහුවා කවුද යකෝ ඒ කියලා

    ඒකි කියාපි

    " ඇයි අනේ අර නේල් වැගන්ආර් කියලා එකෙක් බැට් කරන්නේ දැන් ."

    😒😒😒

    මේක නීල් වැග්නර්ට වැගන්ආර්ලු යකෝ.
    ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් කරපු එකියක් ඉංග්‍රීසි කියවන හැටි 😅

    Scene 03

    ඕන්න ඕකයි ලංකාවේ තත්ත්වය ඕක කවදාවත් හැදෙන රටක් නෙවෙයි ඒ නිසා මෙන්න මෙහට වරෙව් බොලන්ලා

    ReplyDelete
  8. ලංකාවේ ආර්ථිකය වගේම සමස්ත ලෝකයේම ආර්ථිකය කඩා ගෙන වැටිලා. ලංකාවේ විපක්ෂ කල්ලි කණ්ඩායම් දේශපාලන වේදිකාවේ සුරංගනා කතා කියමින් ජනතාව රවටනවා. විපක්ෂයට වැඩ පිළිවෙළක්-දර්ශනයක්-ඉලක්කයක් ඇත්තේ නැහැ. මේ විපක්ෂයෙන් රටට-ජනතාවට කිසිම සෙතක් ඇත්තේ නැහැ.

    රනිල් වික්‍රමසිංහගේප්‍රධානත්වයෙන් පවතින ලංකාවේ ආණ්ඩුවේ පැත්තෙන් බලද්දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ සෑම ප්‍රශ්නයකටම අලවන්න පුළුවන් පැලැස්තරයක් නොවෙයි. මේ අයි එම් එෆ් එකේ අයත් එක්ක රටක් ගොඩනැගීම ඉතාම අසීරුයි. ඒ අයත් එක්ක ගිහින් සාර්ථක වුණේ දකුණු කොරියාව විතරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කතාව හොඳයි. නමුත් අප ඒ කොන්දේසි අනුව ක්‍රියා කළ යුත්තේ 1994 දී ඉන්දියාවේ පාලන තන්ත්‍රය ඉතා බුද්ධිමත් ලෙස විමසා කටයුතු කළ අයුරින්ම දේශීය මට්ටමේ වටිනාකම් ආරක්ෂා කර ගනිමිනුයි. නැතුව දැන් කරනවා වගේ සුද්දෝ ඇවිත් කිව්වා කියලා ඒ සියල්ල ගෙඩිය පිටින්ම අප බදා ගත යුතු නැහැ.

    අවුරුදු හැත්තෑ හතරකට පසු රට කඩා වැටී තිබෙන්නේ උපතේ සිට විපත දක්වා සියල්ල නොමිලයේම ලබා දීම සහ සියල්ල නොමිලයේ බලාපොරොත්තු වන නිසයි. රටේ ආදායම රුපියල් ට්‍රිලියන දෙකක් වන විට රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාමික වැටුප් සඳහා රුපියල් ට්‍රිලියන 1.8ක වැය වනවා. ඒ අනුව අතේ ඉතිරි වන්නේ රුපියල් බිලියන 250ත් 300ත් අතර ප්‍රමාණයක් විතරයි. එවැනි සුළු මුදලකින් රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද..?

    රටේ පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණයි. ශ්‍රී ලංකා මහා බැංකුව ක්‍රියා කරන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි යන න්‍යායට අනුවයි. ඇඟිල්ලක් කපා ලෙඩා බේරා ගැනීමට හැකියාව තිබිය දී ලෙඩාගේ බෙල්ලම කපා දැමීම හරිද..? මීට මාස හයකට පෙර 12%ත් 17ත් අතර පැවැති බැංකු පොලී අනුපාතය අද 30% ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් මිනිස්සුන්ගේ වැටුප් ඊට සාපේක්ෂව වැඩි වී නැහැ. මේ තත්ත්වය මිනිස්සු දරා ගන්නේ කෙසේද..? මහා බැංකුවේ නිලධාරීන්ට මේ යථාර්ථය ගැන අවබෝධයක් ඇත්තේ නැහැ.

    අහිංසක පවුල් ජීවත් වන්නේ කෙසේද..? ඊට උත්තරයක් අවශ්‍යයි. උද්ධමනය පාලනය කිරීම සඳහා යැයි කියමින් පොලී අනුපාත වැඩි නොකර අලුත් මාර්ග, උපාය සහ උපක්‍රම පවිච්ච් කළ හැකියි. මහා බැංකුව දිගින් දිගටම මේ ක්‍රමය අනුගමනය කළොත් රටේ ව්‍යාපාර සියල්ල වසා දමීට සිදු වේවි.

    අලුත් ගමනක් අවශ්‍යයි. මේ ප්‍රශ්න විසඳන්න බැරි නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ එසේ කරන්න උමනාවක් නොමැතිකමයි. රජයේ නිලධාරීන්ට නිර්මාණශීලීත්වයක් ඇත්තේ නැහැ. ඒ අය අලුතින් හිතන්නේ නැහැ. රාජ්‍ය සේවකයින් ලක්ෂ 17ත් 18ත් අතර ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අදායමෙන් 84%ක් ඒ අයගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වය වනවා. ඒ ගෙවීම් කළාට පසුව අතේ ඉතිරි වන බිලියන 350ත් 400ත් අතර මුදලකින් රට ගෙන යන්නේ කෙසේද..? විදේශ ණය රුපියල් ට්‍රිලියන එකක් ගෙවීමට තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500ක විතර පොලියක් ගෙවීමට තිබෙනවා. ණය ගෙවන්න තව තවත් ණය ගත්තොත් රට ඉදිරියට ගෙන යන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේත් ආර්ථික කළමනාකරණය “Digital” කළ යුතුයි. නමුත් රාජ්‍ය සේවකයින් සහ නිලධාරීන් ඊට ඉඩ දෙන්නේ නැහැ.රට ඉදිරියට ගෙන යා යුත්තේ එවැනි නවීකරණයන් හරහායි. එවිට සියලු දෙනාට සාධාරණය ඉටු වන අතර අවශ්‍යම අයට පමණක් සහන හිමි වේවි. සම්පත් සාපේක්ෂව වඩාත් සාධාරණ ලෙස සියලු දෙනා අතර වඩාත් හොඳින් බෙදී යාවි.

      රටේ වාර්ෂික වියදම ට්‍රිලියන 4.5 දක්වා වැඩි වී තිබෙනවා. එම මුදලින් 35%ක ම වැඩි වී තිබෙන්නේ පොලී අනුපාතය නිසයි. හැම රුපියලක්ම වැඩි වන විට රජයේ වියදම අයවැයෙන් අවුරුද්දට රුපියල් බිලියන 40ක් වැඩි වනවා. පොලී අනුපාතය සියයට එකකින් වැඩි වන විට අවුරුද්දකට රුපියල් බිලියන 70ක් 80ක් විතර වැඩි වනවා. මේ පොලිය සියයට එකක් අඩු වන විට රටේ වියදම රුපියල් බිලියන 70ක් අඩු වනවා. පොලිය 5% දක්වා අඩු වුණොත් රටේ වියදමෙන් රුපියල් බිලියන 350ක් විතර අඩු වනවා.

      මේ වගේ අලුතින් හිතන කට්ටිය ඉන්නවා. ඒ අයව පාවිච්චි කළ යුතුයි. මේ රටේ එක එක්කෙනාගේ පෞද්ගලික බූදලයක් විදිහට ගෙන යන්න ඉඩ නොදිය යුතුයි. ලංකාවේ මේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ රුපියල බාල්දු කර ඊට සමගාමීව පොලී අනුපාතය ද විශාල වශයෙන් වැඩි කිරීමයි. ඒ නිසා අලුතින් හිතන්න අවශ්‍යයි. සාමාන්‍ය ව්‍යාපාරයක් සිය ආදායමෙන් 30%ක පොලිය වෙනුවෙන් ද, 40%ක් විතර වැටුප් වෙනුවෙන් ද, විදුලිය සහ ජලය ඇතුළු අනෙකුත් වියදම් වෙනුවෙන් ද වෙන් කළාම එම ව්‍යාපාර ගෙන යන්නේ කෙසේද..?

      උපයන විට ගෙවීමේ බද්ද මගින් 2023 දී රුපියල් බිලියන 100ක් විතර සොයා ගැනීමට ඉලක්ක කර තිබෙන නමුත් ප්‍රායෝගිකව ඒ මුදල් ප්‍රමාණය උපයන්න බැරි බව දැන දැනම රජයෙන් ඒ බද්ද දැම්මේ ඇයි..?

      ඇත්තටම මිනිස්සුන්ට ගෙවන්න බැරි බද්දක් දැමීමේ ඇති වැඩේ මොකක්ද..?

      සුද්දෙක් ඇවිත් මේ බද්ද වැඩි කරන්න කියලා කිව්වා නම් ඒ ක්‍රියා මාර්ගය ගැනීමට නොහැකි බව කියා සිටීමට අපට ආත්ම ශක්තියක් තිබිය යුතුයි.

      2023 රාජ්‍ය ආදායම ට්‍රිලියන 3.4ක් ඇස්තමේන්තු කර තිබෙනවා. උපයන විට ගෙවීමේ බද්දෙන් රුපියල් බිලියන 100ක් ඇස්තමේන්තු කර තිබුණාට එමගින් ප්‍රායෝගිකව උපයා ගත හැක්කේ උපරිම වශයෙන් රුපියල් බිලියන 50ක් පමණ විතරයි. වැඩ කරන සාමාන්‍ය පුද්ගලයෙක් මේ බද්දෙන් කෙතරම් පීඩනයකට ලක් වෙනවා..? වැඩ කරන මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙලා නැති වුණාට වියදම ශීග්‍රයෙන් වැඩි වී තිබෙනවා. ඒ අනුව මෙම උපයන විට බද්ද ගැන යළි සලකා බලන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලිය යුතුයි. මේ බද්ද ප්‍රායෝගික නැහැ.

      EPF බදු ලිපි ගොනු මිලියන 14ක් තිබෙනවා. මේ හැම TAX FILE එකකටම මාසයකට රුපියල් 250ක් දැම්මොත් අවුරුද්දකට බිලියන 42ක් සොයා ගත හැකියි. සක්‍රීය බදු FILE මිලියන 3ක් තිබෙනවා. ඒ FILE වලින් හැම මාසයකම රුපියල් 750ක් ලබා ගත්තොත් අවුරුද්දකට බිලියන 27ක් ලැබෙනවා. ඒ වගේම තවත් ලක්ෂයක පමණ බදු FILE ප්‍රමාණයක් තිබෙනවා. ඊට රුපියල් 75,000ක බද්දක් දැම්මොත් එමගින් බිලියන 90ක් ලැබෙනවා. මේ ඔක්කොම එකතු කළා ම බිලියන 157ක් ලැබෙනවා. මේ වගේ සරල ක්‍රමයක් ක්‍රියාත්මක කළා නම් රටටත් ජනතාවටත් යහපතක් සැලසෙනවා.

      උපයන විට ගෙවීමේ බද්ද හේතුවෙන් සාමාන්‍ය මනුස්සයෙකුගේ ආදායමෙන් මසකට 20%ක් අඩු වුණොත් ඔහුගේ ගෙවීමට තිබෙන හැකිය වගේම ඔහුගේ ජීවන රටාව ද වෙනස් වනවා. මේ දේවල් දෙස නිර්මාණශීලීව බලා අලුතින් හිතා වැඩ කිරීමට මහා බැංකුව ක්‍රියා කළ යුතුයි.

      ආදායම් වැඩි කරන මාර්ග අවශ්‍යයි. වියදම් අඩු කරන මාර්ග අත්‍යවශ්‍යයි. රජයේ සේවකයින් ලක්ෂ 17ක් අපේ රටට අවශ්‍යද..? රටේ ලක්ෂ 230ක් ජීවත් වෙන්නේ මෙම රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 17න් නම්, රාජ්‍ය ආදායමෙන් 84%ක් ම වැය වන්නේ රාජ්‍ය සේවයට නම් ප්‍රශ්නයක් තිබෙනවා නොවේද..? පුද්ගලික අංශයේ ලක්ෂ 80ක් සිටිනවා. ඒ අයට සත පහක වාසියක් නැහැ. රටේ සංවර්ධනයට රජයේ සේවයෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා ද..?

      Delete
    2. මේ ප්‍රශ්නවලට ආණ්ඩුවෙන් හෝ විපක්ෂයෙන් හරි හමන් පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ නිසයි මම මේ කරුණු පැහැදිලි කළේ.

      කෙටියෙන් කියනවනම් ලංකාවේ රජය සහ නිලධාරීන් හිතන ආකාරය වෙනස් විය යුතුයි. රටේම TAX FILE තිබෙන්නේ ලක්ෂ 5යි. බදු ගෙවීමට හැකියාව තිබෙන්නේ එම සංඛ්‍යාවෙන් 35%යි. 2019 බදු අඩු කලාට පසුව එම FILEවලින් 50%ක් වසා දැම්මා.එසේ බදු අඩු කරන විට නිහඬව සිටී මහා බැංකුව අවුරුදු දෙකක් මුළුල්ලේ රට කඩා වැටෙන හැටි බලා ගෙන ඉඳලා මාස හයකින් රට නග්ගනවා කියලා එකපාරටම මිනිස්සු මත බර පැටවීම සාධාරණද..?

      විදේශ රටවල අපේ වැඩ කරන ජනතාව එදා ලක්ෂ 15ක් සිටියා. ඒ අයගෙන් වසරකට ඩොලර් බිලියන 7ක් ලැබුණා.මේ වන විට ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් පිටරට ගිහින් ඉන්නවා. නමුත් ගිය මාසයේ ඒ අයගෙන් ලැබුණේ ඩොලර් මිලියන 470යි. මම හිතන ආකාරයට ඊට විශාල ප්‍රමාණයක් වැඩි විය යුතුයි. තමා උපයන ඩොලර් තමාගේ බැංකුවට ඩොලර්වලින්ම එවන්න හැකි ක්‍රමයක් විදේශ ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සකස් කළ යුතුයි.

      ලංකාවේ ව්‍යාපාරයක් කරන්න අද කෙතරම් අමාරුද..? රජයෙන් අනුමැතියක් ලබා ගන්න අවමය මාස තුන හතරකට වැඩ යනවා. නමුත් ඒ සියලු අනුමතීන් දවසින් ලබා ගත හැකියි. කෙතරම් නාස්තියක් සිදු වෙනවා ද..? අවුරුද්දකට මිලියන 2.1 ක නීතිමය ප්‍රශ්න තිබෙනවා.

      අප කළ යුත්තේ සරල දෙයක් අපනයනය කරලා ඩොලර් සොයා ගැනීමයි. අපනයනය වැඩි කළ යුතුයි. විදේශිකයින්ට අපේ පුද්ගලික සහ රජයේ විශ්ව විදයල විවෘත්ත කර අවුරුද්දකට බිලියන 5ක් සොයා ගත හැකියි. ඒ වගේම අපගේ රෝහල් ද එසේ විදේශිකයින් වෙනුවෙන් විවෘත කළ යුතුයි. නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල අරින්විට අනතවදීන් උද්ඝෝෂණය කරනවා. කිසිම නවීකරණයක් කරන්න මේ අය ඉඩ දෙන්නේ නැහැ.

      බැංකු පද්ධතිය නවීකරණය කිරීම, සංචාරක කර්මාන්තය අලුත් විදිහට ගොඩනැගීම, ධීවර කර්මාන්තය දියුණු කිරීම, කෘෂි කර්මාන්තය නවීකරණය කර කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම ආදිය අපට කළ හැකියි. ලෝකයේ වැඩිම නිවාඩු ප්‍රමාණයක් තිබෙන රටක් ලෙස ලංකාව හැඳින්වීමට පුළුවන්.

      ලංකාව බංකොලොත් වුණේ ආණ්ඩුව නිසා නොවෙයි. මුල්‍ය පාලනය තිබෙන මහා බැංකුව නිසයි. අපි ආණ්ඩුවේ වගේම මහා බැංකුවේ වැරදිත් පෙන්වා දෙන්නෝනේ එසේ නැතිව රට අලුතින් හදන්න බැහැ. මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේ. මහා බැංකුව අද කරන්නේ ඒ අයගේ රාජකාරිය නොවේ. ඒ අය ආණ්ඩු කරන්න හදනවා. එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්ද..? ප්‍රශ්නය රාජ්‍ය අංශයේ නිලධාරී වාදයයි

      Delete
  9. පැවති 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයෙන් තේරී පත් වූ චීන නව රජයේ නායකයන් මාර්තු දහවෙනි දින දිවුරුම් දී තිබෙනවා. එම නිල උත්සවය එම උත්සවය මාර්තු දහය පෙරවරුවේ බෙයිජිං අගනුවර මහජන මහශාලාවේ දී පැවැත් වූ බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

    14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයෙන් ඒකමතිකව තේරී පත් වූ චීන ජනාධිපති, හමුදා කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ සභාපති ෂී ජින් පිං, නියෝජ්‍ය ජනාධිපති හැන් චෙං, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති චාඕ ල ජී සහ එම කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරයා හා මහලේකම්වරයා වෙන් වෙන් වශයෙන් චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව දිවුරුම් දුන් බවයි කියන්නේ.

    14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ආරම්භ වුණේ ජනාධිපති ෂී ජින්පිං ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයන් සහ 3000කට ආසන්න පක්ෂ නියෝජිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් මාර්තු 5 වෙනිදා පෙරවරුවේ යි.

    මෙවර සැසිවාරය තුළදී, චීනයේ නව නායක ආයතන මණ්ඩලය තෝරා පත්කිරීම, රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම හා 2023 වසරේ ආර්ථික, සමාජ හා සංවර්ධන ඉලක්ක මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නියම කිරීම සිදුකෙරේ. දැනට නිකුත් කෙරුණු න්‍යාය පත්‍රයට අනුව, නීති සම්පාදනය පිළිබඳ නීති කෙටුම්පත සහ රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පරීක්ෂා කළ බවයි කියන්නේ.

    පසුගිය වසරේ චීනය සංවර්ධනය කිරීමේ දී අසීරුතා ඇති වුවද නව ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වී ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං පැවසුවේ එම සැසිවාරයට එක්වෙමින් රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින්. පසුගිය වසරේ චීන ආර්ථිකයේ ස්ථාවරත්වයක් පවතින බව ලී ක ච්‍යං අගමැතිවරයා පවසසා තිබෙනවා. සංවර්ධන ගුණාත්මක භාවය ස්ථිර අයුරින් ඉහළ නංවා ඇති අතර, සමාජයීය තත්ත්වය ද ස්ථාවර බවයි ඔහු කියන්නේ.

    2022 වසරේ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 3%කින් වර්ධනය වී ඇති අතර නගර හා උප නගර තුළ පුද්ගලයින් මිලියන 12.06ක් සඳහා නව රැකියා අවස්ථා හිමිව තිබෙනවා. පාරිභෝගික මිල දර්ශකය 2%කින් වැඩි වී සංකීර්ණ පරිසරයක් තුළ, වසරේ සංවර්ධනය සඳහා වන ප්‍රධාන ඉලක්ක සාක්ෂාත් කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

    ගෙවි ගිය වසර 5 තුළ චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධන ප්‍රගතින් ලෝකයේ අවධානයට ලක්ව ඇති අතර එම කාලය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 121 දක්වා ළඟා වූ බවයි වාර්තා වන්නේ. ගෙවුණු වසර පහ තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 5.2%ක්. ගෙවි ගිය වසර දහය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 70 කට ආසන්නව වර්ධනයවී තිබෙන අතර සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 6.2% ක්. චීනයේ ආර්ථික ශක්තිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බව කොන්ග්‍රසයේ සමුළු වාර්තා සඳහන් කරනවා.

    අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත්කර ඇති රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, ගතවූ වසර 5 තුළ, චීනය අඛණ්ඩව ප්‍රතිසංස්කරණය සහ විවෘත කිරීම ගැඹුරු කරමින් ‘එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කරමින් සිටිනවා. එම කාලය තුළ චීනයේ භාණ්ඩ ආනයන හා අපනයන නිමැවුම යුවාන් ට්‍රිලියන 40 ක් ඉක්මවයි. විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ විදේශ රටවලට ආයෝජනය කිරීම අතින් චීනය ලෝකයේ ඉහළම පෙළේ සිටියි. දරිද්‍රතාවය තුරන් කිරීම, විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනය සහ පරිසරය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද චීනය ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව පැවසෙනවා.

    ලී ක ච්‍යං අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ චීන ආර්ථීක සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක රැසක් ද ඉදිරිපත් කරනවා. 2023 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂිතයි. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12 කින් වැඩිකිරීම, එම ප්‍රදේශවල විරැකියා අනුපාතය 5.5% ක් පමණ අඩු මට්ටමක් දක්වා පාලනය කිරීම සහ පුරවැසියන්ගේ පරිභෝජන මිල ඉහළ යාම 3% ක ම‍ට්ටමේ පවත්වා ගැනීම ද ඊට ඇතුළත්. ආනයන සහ අපනයන ක්ෂේත්‍රවල ස්ථාවරත්වය හා ගුණාත්මකභාවය ඉහළ නංවාගෙන ජාත්‍යන්තර අයවැය මූලික වශයෙන් සමබර මට්ටමක පවත්වා ගැනීම, ධාන්‍ය නිෂ්පාදන ප්‍රමාණය‍ ටොන් මිලියන 650කට වඩා වැඩි අගයක් ළඟා කර ගැනීම අපේක්ෂා කරන බවයි කියන්නේ. ෆොසිල බලශක්ති පරිභෝජනය පාලනය කරමින්, තිරසර ජෛව පරිසර සුරක්ෂිතතාව නැංවීම ද මේ වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක අතරට ඇතුළත් වන බව ලී ක ච්‍යං අග්‍රාමාත්‍යවරාගේ රාජ්‍ය කාර්ය වාර්තාවේ දක්වා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. චීනය පුද්ගලික ව්‍යවසායකයන්ගේ දේපළ අයිතිවාසිකම්, ව්‍යවසායක අයිතිවාසිකම් සහ අවශ්‍යතා නීත්‍යනුකූලව ආරක්ෂා කර, පෞද්ගලික ආර්ථිකය සහ පෞද්ගලික ව්‍යවසායන් දිරිගන්වමින් ඒවා සංවර්ධනයට සහාය දී, කුඩා, මධ්‍යම සහ ක්ෂුද්‍ර ව්‍යවසායයන් මෙන්ම තනි කාර්මික සහ වාණිජ කුටුම්භ සංවර්ධනයට ද සහාය දෙයි. සියලු වර්ගවල ව්‍යවසායයන්ට සාධාරණ තරඟකාරිත්ව වර්ධනය සඳහා උචිත පරිසරයක් නිර්මාණය කර, වෙළඳපළ අපේක්ෂා සහ විශ්වාසය ඉහළ නැංවීම සඳහා ප්‍රායෝගික උපායමාර්ග භාවිත කරන බව ද එම වාර්තාවේ දැක්වෙනවා.

      වෙළඳපළ ප්‍රවේශය පුළුල් කිරීම සහ නවීන සේවා කර්මාන්තයේ විවෘතභාවය වැඩි කළ යුතු අතර, විදේශීය අරමුදල් යොදවන ව්‍යවසායයන් සඳහා ජාතික මට්ටමේ සැලකිලි ක්‍රියාත්මක කෙරේ. ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුම (CPTPP) වැනි උසස් ප්‍රමිතියෙන් යුත් ආර්ථික සහ වෙළඳ ගිවිසුම්වලට ප්‍රවේශ වීම සක්‍රියව ප්‍රවර්ධනය කිරීම, අදාළ නීති කළමනාකරණය සහ ප්‍රමිතීන්ට අනුව ආයතනික විවෘත භාවය ක්‍රමානුකූලව පුළුල් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙනවා.

      තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ ගැටලුව නව යුගය පරිදි නිරාකරණය කිරීමේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාමාර්ගයෙහි චීනය අඛණ්ඩ ව එල්බ සිටින බව අගමැතිවරයා කියා තිබුණා. එකම චීනයක් යන ප්‍රතිපත්තිය හා ඊට අදාළ ‘1992 වසරේ එළඹුණු එකඟතාව’ මෙන් ම තායිවානය චීනයෙන් වෙන් කිරීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් එක්සත් භාවය ඇති කිරීම චීනය අනුගමනය කරන බවයි ඔහු කියා ඇත්තේ.

      හොංකොං විශේෂ පරිපාලන කලාපය හා මැකෞ විශේෂ පරිපාලන කලාපය සම්බන්ධයෙන් ලී ක ච්‍යං අගමැතිවරයා රාජ්‍ය කාර්ය වාර්තාවේ දී පෙන්වා දෙන්නේ, ‘’එක් රටක් ක්‍රම දෙකක් ’, ‘හොංකොං වැසියන් විසින් ම හොංකොං පාලනය කිරීම’, ‘මැකෞ වැසියන් විසින් ම මැකෞ පාලනය කිරීම’ යන ප්‍රතිපත්ති වල චීනය අනිවාර්යයෙන් ම නියැළී සිටිය යුතු බවයි. හොංකොං හා මැකෞ හි දිගුකාලීන සමෘද්ධිය තහවුරු කළ යුතු බව ද ලී ක ච්‍යං අගමැතිවරයා පවසා තිබුණා.

      ස්වාධීන හා සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති චීනය ස්ථිර ලෙස අනුගමනය කරමින් අන්‍යොන්‍ය, පොදු-ජයග්‍රාහී විවෘත උපායමාර්ගයේ චීනය එල්බ සිටින බව කාර්ය වාර්තාවේ සඳහන් කර තිබෙනවා. ජගත් ප්‍රජාව සමග එක්ව, ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි පවසා ඇත්තේ. පොදු ඉරණම සහිත මානව ප්‍රජාව ගොඩ නැංවීම පොදුවේ ඉදිරියටත් මෙහෙයවීමට ද චීනය කැමැත්තෙන් සිටින බව චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

      Delete
  10. රූපය දිරයි නම නොදිරයි කියා ඇත
    එනමුත් හැම නමම පවතින්නේත් නැත
    සිංහයො පක්ෂ වී සුනඛයො වෙලා ඇත
    හෙනහුරු ලැබුවාම වෙන්නැති, ඔහොම වෙත!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න