.

.

Mar 11, 2023

ෆේස්බුක් නඩුකාරයෝ

 



ෆේස්බුක් නඩුකාරයෝ

➖➖➖➖➖➖➖🔴


දැන් අර බාස්කට් එකක් ඇතුලේ දාලා ගිය කිරිසප්පයගෙ අම්මයි තාත්තයි පොලීසිය අල්ලගෙන... එයාලා නීතිය අනුව කරන්න පුලුවන් දේ කරාවී...


රටේ නීතියට අපි ගරු කරන්න ඕන කියලා නීතියක් තියෙන නිසා එතනින් එන තීන්දූ විවේචනයට කිසි ඉඩක් අපිට නෑ.


ඊට වඩා ආතල්ලෙක තමා සමාජ මාධ්‍ය තුල ඉන්න නඩුකාරයෝ... එයාලා මාරයි... ඒ අස්සේ එයාලා එයාලගෙ ෆැන්ටසිය තුල ජජ්මන්ට් දීලා ඉවරයි...


ගබ්සාවට උඩ දාන උන් කියනවා ගබ්සා කරේ නැත්තේ ඇයි ඕකුන් දෙන්නගෙ.... බ්ලා... බ්ලා බ්ලා...


පෙස්ටිනෝ බොන අය ඒවා බිව්වේ නැත්තේ ඇයි කියලා අම්මා මරාගෙන කනවා...


කොපු කොම්පැණිවල උන් කොපු දැම්මේ නෑ කියලා ඩැඩාට බනිනවා... (කොපු දැම්මම කොපුවට නම් ආතල් ඇති...😁)


ලිංගික අජ්ජාපනේ දෙන්නම ඕන කියන අය මේ ඔක්කෝම වෙන්නේ සැස් කරන හැටි උගන්නන්න දෙන්නේ නෑ කියලා හාන්දුරුවන්ගේ පලු අරිනවා.. 


එතකොට හාන්දුරුවරු කොහොමෙයි කෙල්ලන්ටයි කොල්ලන්ටයි සෙස් උගන්නන්නේ... ඒකට එයාලට සාසනෙන්ම ලයිසන් දීලා තියෙන්නේ.. ළඟඳි නම් එකෙක් පොලු පාර දීලා නිවන් ඇරලා තිබ්බා.. ඌට ඉතින් සංඝයා මරලා යන්න වෙන අපාය යම රජ්ජුරුවෝ සෙට් කරලා දෙයි.


මේකේ ඉන්න අම්මන්ඩිලා ගෑණිගේ පලු අරිනවා ... යකෝ ඒ ගෑණිත් කාගේ හරි දරුවෙක් නේ...


ඒ අස්සෙ ජෙප්පොයි සජියගෙ ඩොන්කි රැලයි රනිල්ගේ පලු අරිනවා... ආර්ථිකේ හරි නැති නිසාය මෙව්වා මෙහෙම වෙන්නේ කියලා ..


සමහරු රාජපක්ෂලාටත් බැනලා තිබ්බා... ඒකේ නම් පොඩි සාධාරණේකුත් තියෙනවා.. මොකෝ මේ රටේ ඔක්කොම වැරදි කරන්නේ මහින්ද මහත්තයා නේ.. කව්ද දන්නේ ඔය දරුවගෙ අප්පච්චිත් උන්නැහේමද කියලා...


ඇත්ත කතාව ඕක නෙමේ... 

ඉස්කෝලේ නෙමේ ගෙදරත් සෙස් උගන්නලා, ඉස්කූල් බෑග් එකට පෙස්ටිනෝ සහ කොපුත් දාලා යවලා.. ඒවා ඉස්කෝලෙත් තියෙද්දි වැඩිම  බාල වයස් මව්වරු ඉන්නේ ඔය ඔක්කෝම තියෙන රටවල, සින්ගල් පේරන්ට්ස්ලා වැඩියෙන්ම ඉන්නේ ඒ රටවල.


මොන නීතී රීතී දැම්මත් මොන අධ්‍යාපනය දුන්නත් මොන දේ කලත්, ලෝකය පවතින තුරා ඔය දේවල් ඉදිරියෙත් වෙනවා..


මොකෝ ලෝකේ කිසිම රටක ජනතාව එක මට්ටමේ දැණීමක්, එක මට්ටමේ අධ්‍යාපනයක්, එක මට්ටමේ ජීවන රටාවක්, එක මට්ටමේ ආදායමක්, එක මට්ටමේ රැකියාවන්, එකම ආගමක්, එකම ජාතියක්, එකම කුලයක්, එක මට්ටමේ පරිසරයන් තුල

ජීවත් වෙන්නේ නෑ.


මම ඔය සමාජ මාජ්ජ නඩුකාරයන්ට ආදරයෙන් කියනවා ප්‍රවීණ මාධ්‍යවේදී කේ සංජීව  මහත්තයා මෑතක මහඔය පොල්ලෙබැද්දේ සීතල වන්නිය කියන ප්‍රදේශයේ ජන ජීවිතය ගැන ලියපු ගවේශණාත්මක අපූරූ ලිපිය කියවන්න කියලා.


ඒ නිසා අපි අපේ දැක්මෙන් මේවට තීන්දු දෙන්න යන්න නරකයි. ඔවුන්ගේ නිදහසට දහසක් කරුණු ඇති. ලේසිම ගැලවීම ආර්ථිකය. හැබයි හේතුව ඒක නම් නෙමෙයි.


නිමී...


.

12 comments:

  1. ප්‍රවීණ මාධ්‍යවේදී කේ සංජීව මහත්තයා මෑතක මහඔය පොල්ලෙබැද්දේ සීතල වන්නිය කියන ප්‍රදේශයේ ජන ජීවිතය ගැන ලියපු ගවේශණාත්මක අපූරූ ලිපිය කියවන්න කියලා- Mehema liyanna epa mathe; Ema lipiye LINK eka amunanna.

    ReplyDelete
  2. අපි දන්නෙ අපිට පෙන්වන කොටස විතරයි. ඇත්තම කොටස දන්නෙ උන් විතරයි.

    ReplyDelete
  3. මම මේවට කොමෙන්ට් දාන්නේ නෑ, මගේ යාළුවෙක් මට මේක fwd කරලා තිබුණා. ඉතින් හිතේ තියන දේ කියන්න හිතුනා. මේකයි සින් එක ලංකාව තව අවුරුදු 75 කට දියුණු වෙන්නේ නැති පට්ට ගෝත්‍රික රටක්. (රට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්) අර ගොබ්බ OIC අර අම්මව තියන් දෙරණේ කැමරා ගොබ්බය ඉස්සරහා දැම්ම රගපෑම මරු ඈ ඔස්කා දෙන්න වටිනවා. මං මේ නිකං වගේ අහන්නේ, ඔය වගේ සින් එකක් දිලිත් ජයවීරගේ අම්මගේ ගෙදර උනානම් (උනානම් හොදේ) කාමර අස්සට ගේ අස්සට කැමරා හොම්බ ඔබලා සේරම පෙන්නයි ද ? අනිත් එක අර OIC ඩ්‍රයිව් කරන ගමන් ෆෝන් එක කනේ තියන් යන යන ලස්සන තාත්වික දර්ශනය ?
    ඇඩෙනවා තනි ඇහැට. හැබැයි කථාව නම් එක රටක් එක නීතියක් වෙන රටක උනානම් අගමැතිත් උසාවියේ එකට අම්මේ මෙහෙ. අනේ වාසනාවන්

    ReplyDelete
    Replies
    1. තව දෙයක් හරියට කරනවා නම් OIC ට පුද්ගලිකව නඩු දාන්න ඕනි සුප්‍රීම් කොට්ස් වල එතකොට Attorney General වත් නෑ,පිහිටට

      Delete
  4. අත්තටාම් ඕවා ලියපු එවුන්ට තිබුන ඒ ළමයට අරමුදලක් හදන්න. මම බුකියේ මුකුත් නොලිය හිටියෙත් ඒකයි

    ReplyDelete
  5. රටේ හැමට එක නීතියමද ඇත්තේ
    කියන එකය පළමුව විසඳිය යුත්තේ
    යකඩත් පිච්චිලා ගිහින්ය මේ වැත්තේ
    පුළුන් ඉතිරි වී තියෙද ඔය පැත්තේ?

    ReplyDelete
    Replies
    1. ඕමිත් ගැහුවහැකි නිදිගේ අම්මගේ හුත්තේ

      Delete
  6. මේක සම්පූර්ණයෙන්ම වැරදි රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී පාහර කල්ලිය විසින් ලංකාවේ ඇතිකරන ලද ජඩ සංස්කෘතිය නිසයි ඒ නිසා රාජපක්ෂ හොර හැත්ත සම්පූර්ණයෙන්ම පරදවා නන්දසේන පර බල්ල ඇතුලු රාජපක්ෂ හොර පවුලම හිරේ දාන්න ඕන එතකොට විතරමයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම විසඳුම, ඒකට අනිවාර්යයෙන්ම ජවිපෙ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත් කර ගනිමු අනිවාර්යයෙන්ම මාලිමාවට හෑම මොහොතකදීම ඔබේ ඡන්දය කොන්දේසි විරහිතව ලබා දෙන්න ඒක විතරයි එකම විසඳුම ජවිපෙ ජාතික ජන බලවේගයට ජය වේවා

    ReplyDelete
  7. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය වලට අපි ජඩ මාධ්‍ය කියලා බැන්නාට ඇත්තටම ඊට වඩා ගොඩක් අවලං වැඩ කරන්නෙ සමාජ ජාල වෙබ් අඩවි වගේ ඒවා කොටින්ම ලංකාවේ ඉස්සර කාලේ රට ඇතුලට වෙන්න හිටපු මුහූද දැකපු නැති මිනිස්සු මුහුදට කියල තියෙන්නේ හො ගානා පොකුණ කියලා. මුහුදු දැකපු අයත් මුහුද මොන වගෙ ද කියලා තෙරැම් කරන්න හො කියන පොකූණක් කියලා කිව්වා. ඒ වගේම ඒ කාලේ හද ගැන නොදන්නා මිනිසුන්ට, නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් හඳට පා තබනු කතාව විස්තර කරද්දි දෙන්න පුළුවන් හොඳම උත්තර තමයි ඒ කාලේ ලංකාවේ මාධ්‍ය ආයතන වලින් තේරුම් කරලා දීල තියෙන්නෙ/ පත්තරේ දාලා තියෙන්නෙ. ඉතින් ඒ නිසා ලේසියෙන්ම ෆැක්ට් චෙක් කරලා වෙරිෆයි කරන්න පුළුවන් වුණ මෙච්චර මේ තාක්ෂණික දියුණු කාලෙත් ඇනොනිමස් සෙව් අස් කියලා හැෂ් ටැග් ගහන්න කියපූ/ගහපූ අමුම අමු මැටි මීහරක් රැලකට සාපේක්ෂව ඒ කාලේ පත්තර කාරයො සහ දැනට ලංකාවෙ නයි අරින ප්‍රධාන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ආයතන වුණත් ටිකක් හරි හොඳයි කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
  8. පොඩි පොඩි දේවල් වලින් ලොකු වෙනසක් කරන්න පුලුවන්..

    ReplyDelete
  9. Vishmita diwa danna asayi

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න