.

.

Mar 1, 2023

රාජ්‍ය අංශයේ බැංකුවල අවසානය හා අරගලයෙන් පුප චූන් වූවන්ගේ හංස ගීතය.


 රාජ්‍ය අංශයේ බැංකුවල අවසානය හා අරගලයෙන් පුප චූන් වූවන්ගේ හංස ගීතය.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


ඕනවට වඩා පිම්බෙන්න ගිය ගෙම්බෙක්ට අවසානයේ සිඳු වූ කතන්දරේ දැන් ඉන්නා ගේම් ඔෆ් ත්‍රෝන් ජැනරේසොන් එක දන්නේ නැතිය. උසේන් බෝල්ට් ගැන දන්නා උන්, හාවා සහ ඉබ්බාගේ රේස් එක දැකලා නැතිය. 


රට සිංගප්පූරුවක් කරන්නැයි කියනා උන් සිංගප්පූරුව ගොඩ නැගුනේ කෙසේද, අද එරට ඉන්නා නායකයා කාගේ කව්දැයි කියා දන්නේත් නැතිය. දේශීය ආර්ථිකයකින් රට හදන්නෙයි කියනා උන්, ඉන්දියාව, චීනය නොව බංගලාදේශය, ආර්ථික වශයෙන් ශක්තිමත් වූයේ කෙසේද කියාත් දන්නේ නැතිය.


දොස්තර වයිට් හැම ලෙඩටම ප්‍රෙඩ්නසලෝන් කුඩු කර දුන්නා සේ, රෝන්ග් ජැනරේෂන් නොව  නොමිනිස්ට් (කොමිනිස්ට්) මයින්නට පවා හැම ප්‍රශ්ණයට ඇති එකම විසඳුම ආන්ඩුවට තඟ දමනා අරගල බඩකඩුත්තුවය. ආන්ඩුවට වෝනින් ලෙස දෙන්නේ.. අඩෝ තොපි දැනගන් අපි ඊළඟ අරගලේ ගේනවා කියලයා.


පුප චූන් වූ හාවෝ මීටර් 100 රේස් දුවද්දි, රනිල් රාජපක්ෂ දුවන්නේ මැරතන් එකකුත් නොව බාධක දිවීමේ තරඟයක්ය. අපේ රටේ මෙවන් බාධක දිවීමේ ධාවනපත නැති නිසා, ජාත්‍යන්තරය තියා ඉන්දියාවවත් නොදන්නා ගං කබර අමු ළිං මැඩි ගෝත්‍රික හිකනල් හැත්ත, ඒවා දැකලා තියා අහලාවත් නැතිය. උන් මීටර් 100 දුවන උසේන් බෝල්ට් දැනගෙන උන්නාට, ඩිකැත්ලන් (Decathlon) ලෝක චැම්පියන් කෙවින් මේයර් ගැන අහලාත් නැතිය.


ඩිකැත්ලන් කියන්නේ ජවන හා පිටිය තරඟ රාශියකින් හෙබි තරඟ ඉසව්වක්ය, ඔලිම්පික් ඉතිහාසයේ නියම චැම්පියන් වූයේ ඔහුය. ඒ කාළයේ  ග්‍රීසියේ එය හැදින්වූයේ පෙන්ටැත්ලන් කියලාය. (Pentathlon) දැන් කාන්තාවන්ටද එම ඉසව්ව පැවැත්වෙනවාය. ඒ මැඩල් එක ගන්න ඕල්රවුන්ඩ් පර්ෆෝමන්ස් පෙන්නන්න ඕනෑය. 


ඊට, මීටර් 100, මීටර් 400, මීටර් 1500, මීටර් 110 කඩුලු පැන දිවීම, දුර පැනීම, උස පැනීම, රිටි පැනීම, හෙල්ල විසි කිරීම, යගුලිය විසි කිරීම හා කවපෙත්ත විසිකිරීමද ඇතුලත්‍ය. 


රනිල් කියන්නේත්, මහින්ද කියන්නේත්, ජේ ආර් හා ප්‍රේමදාසලා මෙන්ම මීටර් 100 චැම්පියන්ලා නොවේය. එයාලා නායකත්වයට එන්නේ මැරතන් එකක් දුවලා අහවර වෙලාය. ඒ දුවනාතරේ එයාලා ඔටෝමැටිකලි ඩිකැත්ලන් චැම්පියන්ලා වී අහවරය.


ඒ නිසා එයාලා ළඟ ඕන ලෙඩකට බෙහෙත් තියෙනවාය. 


අරගලයෙන් ගිනිකන වැටී, හූනියන් කාරයන්ගේ ළණු අඹරා ගිල,  රාජ්‍ය අංශයේ බැංකු වසා ඒවායේ වීරයෝ ගෙදරට වී හැමිනෙන අතරේ, රනිල් විශේෂ කැබිනට් රැස්වීමක් පවත්වා තීරණය කර ඇත්තේ, සියළුම රාජ්‍ය ආයතන වහාම පෞද්ගලික අංශයේ බැංකුවල ගිණුම් විවෘත කළ යුතු බවය. 


දැනටමත් ඛනිජ තෙල් නීතීගත සංස්ථාව සිය එදිනෙදා ආදායම් හා වියදම් සඳහා කොමර්ෂල් බැංකුවේ ගිණුම් විවෘත කර ගණුදෙනු කරගෙන යන බව බොහෝ උන් දන්නේත් නැතිය.


එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ, හූනියන් කාරයෝ දිගටම බැංකු වැසුවහොත්, ඉන්ධන ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර හා බෙහෙත් ගෙන්වීමට ණයවර ලිපි ලබා ගැනීමට බාදා විය හැකි බැවින්, වහාම මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව පෞද්ගලික අංශයේ බැංකුවල ගිණුම් ආරම්බ කරන ලෙසය.


දැන් ඉන්නේ හිටපු එකා මෙන් අමු තන් ගොකතීරූ මොරිමාඩ, නෝන්ජල්, පීචං නායකයකු නොව, අවුරුද ගානක් කට්ට කා ලබා ගැනීමට නොහැකි වූ තනතුර, ස්වීප් එකකින් ලද නායකයෙක් බව සියල්ලෝම දැනගන්නවා නම් බොහෝම හොඳය. අනික් එක එයා මොන සෙල්ලම් දැම්මත්, සියල්ල සිඳුවන්නේ අපේ ජූලී චන්ග් සුදු නෝනාගේ හිතේ මනාපයටය.


අවුරුදු 75 ක මෑත ඉතිහාසයේ රාජ්‍ය ෆේල් වූයේ එක් අවස්ථාවක පමණය. ඒ ඝෝඨා වගේ මෙලෝ අලබෝලයක් නොදත් ටයිල් බාස් කෙනෙක් හා ආරක්ෂක මීමුන් රැලක් නිසාත්ය, දැන් ඉන්නේ එහෙම එකෙක් නොව ජේ ආර් හා ප්‍රේමේගේ ගෝලයෙක් හා මහින්දගේ කල්‍යාණ මිත්‍රයෙක් බවත් හැමෝම සිහි තබා ගැන්ම තම ශරීර සවුක්කයට මෙන්ම ගෙදර උන්ගේ බඩේ බත් වලටත් ඉතා හිතකරය.


ඒ වගත් මෙසේය......


.

12 comments:

  1. Kiyanna deyak na, MATHE. Oba kiyanna one okkoma liyala thiyenawa.

    ReplyDelete
  2. රටට හොදක් වෙන දෙයක් නම් හොදයි

    ReplyDelete
  3. Saumyage huththata diwa dala juice bonawa

    ReplyDelete
  4. මහජන බැංකුවේ තෙල් සංස්ථාවේ ගිණුම් අත්හිටවලා ණය නිසා.😀😀😀😀

    ReplyDelete
  5. මහජන බැංකුව බොල් ණය ලෙස කපපුු දයා ගමගේගෙ ලෝන් එක ගැන කියල නෑනේ... 😂😂😂

    ReplyDelete
  6. Yako Gota kiyana tile bass ta hondakwwe umbane. Thota diwawal kiyak thiyanawada. Eka athakata salli dena eka ta anuwa liyanakota ohoma thamiane.

    ReplyDelete
  7. මාලිමාව ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජා-ඇල නගර සභාවට තරග වැදීමට නාමයෝජනා භාරදී ඇති ජාතික ජනබලවේගය අපේක්ෂකයෙකු වන එම ප්‍රදේශය තුල ප්‍රසිද්ධ මැරවරයකු එම ප්‍රදේශයේම එකොළොස් හැවිරිදි දරුවකුගේ හිස තාප්පයක හැප්පවීම නිසා එම දරුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දරුවාගේ මව විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

    තම දරුවා තවත් දරුවන් තිදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටියදී ටෙනිස් බෝලයක් මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී පහරක් එල්ල කළ බවත් එම බෝලය අපේක්ෂකයාගේ නිවසේ තාප්පෙ වැදුණේ යැයි උරණවී දරුවගේ හිස එම තාප්පයේ හප්පා ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ. නමුත් ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය සිදුකරන දේශපාලන බලපෑම් හේතුවෙන් පොලීසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකරන බවත් ඇය මාධ්‍ය වලට පවසා ඇත.

    ReplyDelete
  8. නමුත් මාතලන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ ගැන කියන්නේ වෙන කතාවක් නේද? මේ බලන්න මේකෙන්

    https://youtu.be/UhKwqmbolRI

    මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මේ වීඩියෝ එකේ සාකච්ඡාවේ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් නන්දලාල් කියන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය එකවර විශාල පහත වැටීමක් ශ‍්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වී වැළැක් වූ බව, ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකුවලට ඉතාමත් ක්ෂණිකව දවස් පහක් තුළ පැමිණි මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 308 ක ප්‍රමාණයක් ලංකාවේ මහ බැංකුව මැදිහත් වී මිලදී ගත් නිසා එම විශාල මුල්‍ය ඝට්ටනය නවතා ගැනීමට හැකි වු බවත් එසේ නොවූයේ නම් ලංකාවේ ඩොලරය පහළ යාම කොහෙන් නතර වේ දැයි සිතාගත නොහැකි බවත්, දැන් මෙතන කවුද දන්නේ නෑ නේ ඇත්ත කියන්නේ?

    හැබැයි නන්දලාල් කියන විනිමය අනුපාත විශාල වශයෙන් එකවර ඉහළ පහළ යාම ඕනෑම ආර්ථිකයට නුසුදුසු දෙයක් බව නම් ඇත්ත තමයි ඒත් මේ මොනවා ද මේ කරන්නේ කියල නම් කාටවත් විස්වාස කරන්න අමාරුයි කොළේ වහලා ගහන ගේමක් වගේ නේද පේන්නේ එහෙම නේද?

    ReplyDelete
  9. ආදරය තහනම් පේරාදෙණිය ...

    ඊයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරය අසළදී, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට මුහුණ දීමට සිදුවන ඉතාම දුක්ඛදාකය සිදුවීමකට මට මුහුණ දෙන්න වුණා. සාමාන්‍යයෙන් මමයි මගේ පෙම්වතියයි විශ්වවිද්‍යාලය ඇතුළේ බොහෝ වෙලාවට මුණ ගැහෙන්නේ සනාතන මන්දිරයේ ගල්කණු යට. එතන අපට හරිම නිදහස් තැනක්. නිදහසේ මුණ ගැහෙන්න අවකාශයක් තිබුණු, ඉතාම ආදරණීය තැනක් තමයි සනාතන මන්දිරය. ඒ ස්ථානයට අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ සෙනට් එක කියලා. ඒත් ඊයේ සවස 5.30 ට මට සහ මගේ පෙම්වතියට සෙනට් එක අසළදී මුහුණදෙන්න සිදු වුණු සිදුවීම සෙනට් එකේ සියළු ප්‍රේමණියත්වයන්ට වගේම මෙතෙක් සෙනට් එක තමන්ගේ පෙම්හමුවීම්වල නිදහස වින්ද අවකාශයක් කරගත්ත පෙම්වතුන්ටත් දරුණු පහරක්.

    ඊයේ සවස මට නාට්‍ය පුහුණුවීම්වලට යන්න තිබුණු නිසා මම සහ මගේ පෙම්වතිය සවස 5.30 වගේ වෙද්දි වෙන්වෙලා යන්න සූදානම් වෙලා කතා කරමින් හිටියා සෙනට් එකේදී. නිතරම ඇගේ සහ මගේ හමුවීමක් කෙළවර වෙන්නෙ ආදරණීය වැළඳගැනීමකින්. ඊයෙත් අපි දෙන්නා වෙන් වෙලා යන්න සූදානම් වෙද්දි වැළඳ ගැනීමක් කළා. අපේ වැළඳගැනීම අතරතුරදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය ආරක්ෂක නිලධාරීවරයා අපි දෙන්නා අතරට ඇවිල්ලා ඉතාම නින්දා සහගත විදිහට අපට බැණවැදුණා. එයා පටන් ගත්තෙ මේ වගේ තැනකින්.

    "ඕයි, තමුසෙ හිතාගෙන ඉන්නෙ මේ කොහෙ කියලද ?"

    එයා දුර තියාම අපට බැණවැදෙමින් අපි ළඟට තවත් සිකියුරිටි කෙනෙක් එක්ක ඇවිත් මගේ ශිෂ්‍ය හැඳුනුම්පත ඉල්ලුවා. (එයා ඒක ඉල්ලුවේ විනය කඩ කිරීමක් නිසා හැදුනුම්පත එයා වෙත පවරා ගැනීමේ අණමය ස්වරයකින්)

    මම කිව්වා "මොකක්ද මම කරපු වැරැද්ද ?" "අයි ඩී එක දෙන්න බෑ" කියලා.

    එයාගේ තරහ වැඩි වුණා. "ඕයි, තමුසෙ" වගේ ඉතාම අශිෂ්‍ට වචන පාවිච්චි කරමින් එයා මට බැණ වැදුණා. සාදාචාරය ගැන එයාගේ ඔළුවේ තිබුණු බොහෝ දේවල් කියලා බැණ වැදෙමින් එයා මගේ ටී ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලගත්තා. අල්ලගෙන මාර්ශල් ඔෆිස් එක පැත්තට තල්ලු කරගෙන ගියා. එහෙම යද්දි තවත් විනය ආරක්ෂකවරුන් දෙන්නෙක් අපේ පැත්තට ආවා. ප්‍රධාන විනය ආරක්ෂකවරයා මගේ කොලරයෙන් අතහැරලා ඒ අයට මාව බාරදීලා නියෝගයක් කළා.

    "මෙයාගේ අයි ඩී එක ගන්න. ස්ටේට්මන්ට් එකක් ලියවා ගන්න."

    ඒ විනය ආරක්ෂකවරුන් දෙන්නා මාව අරගෙන මාර්ශල් ඔෆිස් එකට ගියා. ගිහින් මගේ අයි ඩී එක ඉල්ලුවා. මම අයි ඩී එක දුන්ණා. දීලා සුදු කොළයක් මගේ ඉස්සරහින් තියලා මට කිව්වා ප්‍රධාන විනය ආරක්ෂකට ඇඩ්‍රස් කරලා ලෙටර් එකක් ලියන්න කියලා. මම එතනදි මේ වගේ උත්තරයක් දුන්ණා.

    "ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් මට මෙතන ලියන්න බෑ. මට ඕන ටික මම ලියලා අවශ්‍ය තැන්වලට දෙන්නම්. මෙච්චර කල් ඕන තරම් කෙල්ලො කොල්ලො විතරක් නෙමෙයි යහළු මිත්‍රයො වුණත් හග් කරපු, ආදරේ කරපු තැනක් තමයි සෙනට් එක. කිසි ප්‍රශ්නයක් තිබුණෙ නෑ. කවුරුත් කෑ ගහන්න ආවෙ නෑ. අනික එහෙම නීතියකුත් කොහෙවත් නෑ...."

    මේ ටික මම කියද්දි තවත් මාර්ශල් කෙනෙක් එතනට ඇවිත් මට ඇඟිල්ල දික් කරමින් හොඳටම බණින්න ඔඅටන් ගත්තා. එවෙලෙ මම කිව්වෙ මේ ටික.

    "ඔබතුමා ඔය ඇඟිල්ල දික් කරන්නෙ ඇකඩමික් කෙනෙකුට..."

    එහෙම කියද්දීත් කිසි ගෞරවනීයත්වයක් නැතිව මට බැණ වැදුණා.

    එයාලගේ මූලික තර්ක වුණේ මේවා,

    "මෙතම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල.
    උඹලට ලව් කරන්න ලව් ලේන් හදල තියනවා. ඒවට යමල්ලා...."

    මේ අත්දැකීම විඳින්න සිදුවූ නමුත් සරසවි සිසුවකු පමණක් නොව
    ලංකාවේ පහුගිය කාලෙ නන්දසේන ජනාධිපතිවරයාව එළවලා දාන්න බය නැතුව සක්‍රීයව දායක වී ඇති සමාජ දේශපාලනික ක්‍රියාකාරීකයකු වශයෙන් මට සමාජය තුළ කතිකාවක් ඇති කිරීමට අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. එතනදි මට පේරාදෙණිය ඇතුළු සරසවි වල විනය ආරක්ෂකවරුන්ගෙන් අහන්න තියන්නෙ මෙච්චරයි,

      - අපි ආදරේ කරන්න ඕනේ ඔයගොල්ලෝ කියන තැන්වලද?

      - අපට ආදරේ දැනෙන්න ඕනේ ඔයගොල්ලන්ට ඕන විදිහටද ?

      - සෙනට් එක පෙම්වතුන්ට තහනම් භූමියක්ද ?

      - ඔයගොල්ලෝ ඉන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ආරක්ෂිත පරිසරයක් හදල දෙන්නද ? නැත්නම් සදාචාරය ගැන උපදෙස් දෙන්නද ?

      - මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට දෙන හග් එකක්වත් ඉවසන්න බැරි වෙන්න තරම් ඔබතුමන්ලාගේ හිත් ඇතුළේ ආදරේ මැරිලද ?

      - කොහෙන් හරි එන උපදෙස්වලට මොනව වුණත් ඔළුව නමාගෙන වැඩකරන එකද විශ්වවිද්‍යාලය ඇතුළේ සේවකයෙක්ගේ වගකීම ?

      - පේරාදෙණිය විශ්වවිද්‍යාලය හැදුව අය මේ විශ්වවිද්‍යාලය ෆ්‍රී ඒරියා එකක් විදිහට හැදුවේ ඇයි කියලා නිකමටවත් කියවලා නැද්ද ? හිතලා නැද්ද ?

      - ඔබ තුමන්ලාගේ සදාචාර අදහස්වලට හැම කෙනෙක්ම එකඟ වෙන්න ඕනෙද ?

      - අපි හග් කළා කියලා ඔබතුමන්ලාගේ වැඩකටයුතුවලට මොකක්ද වෙන බාධාව ?

      - විශ්වවිද්‍යාලයක් කියන්නෙ මිලිටරි ආයතනයක්ද ?

      - සෙනට් එක ගාව හග් කරන්න එපා කියලා මොන පොතේද ලියල තියන්නෙ ?

      මගේ පෙම්වතියගේ සහ මගේ නිදහස උල්ලංඝනය වීමට විරුද්ධවත්, අපේ අයිතීන් උල්ලංඝනය වීමට විරුද්ධවත්, ශිෂ්‍ය අයිතිවාසිකම් කඩවීමට විරුද්ධවත්, ප්‍රධාන විනය ආරක්ෂකවරයා මගේ ශරීරයට අත තැබීමට විරුද්ධවත්, අපට කතා කළ අශිෂ්‍ට භාෂාවට විරුද්ධවත්, සියළු පෙම්වතුන්ගේ, ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් මම ශිෂ්‍යයෙකු විදිහට මට කරන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගවලට යනවා.

      නන්දසේනගේ මිලිටරිමය උපක්‍රම සම්පූර්ණයෙන්ම පරදා ඔහුව නීච ලෙස එලවා දැමූ අපි රනිල් වික්‍රමසිංහගේ මර්දනකාරී යන්ත්‍රයේ හයිය අරගෙන විශ්වවිද්‍යාල පරිසරය මිලිටරීකරණය කරන්න අපි කිසිම අයුරකින් ඉඩ දෙන්නේ නෑ.

      හැම ශිෂ්‍යයෙකුම අඳ බාල නෑ.

      අපට වුණු සිද්ධියට පැය කිහිපයකට කලිනුත් මගේ මිතුරියකගේ ඇඳුම ගැන ප්‍රශ්නකිරීමක් විනය ආරක්ෂකවරයෙකු අතින් සිද්ද වෙලා තියනවා සෙනට් එකේදී. ඒ විස්තර ලබා දෙන්න ඇයත් සුදානමින් ඉන්නවා.

      මට සහ මගේ පෙම්වතියට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් නිහඬ විරෝධතාවයක් සෙනට් එක ඉදිරියේදී ඉතාම ඉක්මනින් සිදු වෙයි. අපි පැය දෙකක් පමණ සෙනට් එක ඉදිරියේ වැළඳගන්නවා. මිත්‍රයො, පෙම්වතුන් ආදී ඕනෑම වැළඳගැනීමක් අපි එතනදී ප්‍රදර්ශනය කරන්න ඉඩ දෙන්වා. ඒකට අවශ්‍ය වැඩකටයුතු සැකසෙමින් පවතිනවා. මේක කියවන ඔබත් හැකි උපරිමයෙන් අපේ විරෝධතාවයට එකතු වෙන්න.

      ආදරයට බැරියර්ස් නෑ.
      බැරියර්ස් ඕනෙත් නෑ.

      අවසාන වශයෙන් විනය ආරක්ෂක නිළධාරීන්ට සනාතන මන්දිරය ඉදිරියේ දක්වා තිබෙන රුවන් වැකියක් මතක් කරදෙමින් මේ ලියමන අවසන් කරනවා.

      "More open than usual"

      -Lahiru S. Priyankara-

      Delete
  10. මිලියන 400කට රටක exchange rate එක 10% වලින් වෙනස් කරන්න පුළුවන් ආර්ථිකයක් 😁😁😁 (දැනට exchange rate එක තීරණය කරන්නේ central bank එක ), අයි එම් එෆ් එක සතුටු කරන්න ලංකාවේ (ප්‍රාථමික අංශයේ අය වැඩි කර ගැනීම සඳහා)
    බදු වැඩි කිරීම සාධාරණීකරණය කරන්න හොඳම හේතුව ඉදිරිපත් කලේ රනිල්

    "මෙහෙම පඩි පතට බදු වැඩි කරපු එක හරි නෑ තමයි ඒත් ඒක තමයි ලේසිම විදිහ"

    රනිල්ව හෝදන බුකී ලියන්නන්ට එහෙම කතාවක්වත් හදා ගන්න බැරි හැටි.

    IMF යන එකයි, ඔවුන්ගේ කොන්දේසි වලට පටහැනිවන බදු අඩු කිරීම, පොලී අනුපාත අඩු කිරීම, භාණ්ඩ මිළ පාලනය කර අඩු කිරීම් වගෙ දේවලුයි
    දෙකම එකට කරන්න බෑ.

    ගණන් මිනුම් පොඩ්ඩක් එහෙ මෙහෙ කරගත්තත් ලොකු සහනයක් ගන්න බෑ IMF යනවනම්.

    ඒ නිසා ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය පවසන ආකාරයට IMF එකට එරෙහි වෙමු,බටහිර කඳවුරේම එල්ලීම වෙනුවට රුසියාව පැත්තටත් පොඩ්ඩක් හැරිල බලමු කියන දේ ප්‍රායෝගිකව කළ හැක්කේ කෙසේද?

    ReplyDelete
  11. අද ලංකාවේ ආසියාතික මට්ටමේ දැවැන්ත කෝටිපති ව්‍යාපාරිකයන් ඉන්නවා. හැබැයි මම දකින හැටියට, එයාලා ආයෝජකයන් මිස කර්මාන්ත- -කරුවන් නෙමෙයි. එතෙක් මෙතෙක් ලංකාවේ බිහි වුන එකම ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරික කර්මාන්තකරුවා උපාලි විජේවර්ධන පමණයි. අනෙක් අය පවතින ආයතනයකට කොටස් ආයෝජන කර ව්‍යාපාර ලෝකයේ ඉහළටම ගිය අය. නමුත් උපාලි විජේවර්ධන ජාත්‍යන්තර මට්ටමේ සන්නාම (BRANDS) ඇති කලා. ලෝකයේ ධනවත් රටවල සුපිරි වෙළඳ සැල් වල ලොව සුප්‍රසිද්ධ ස්විස් චොකලට් තියෙන රාක්ක වලම KANDOS චොක්ලට් තියෙනවා. ඔහු නිපදවපු දැන් දේශීය වෙළෙඳපොලේ නැති CANVITA චොක්ලට් පානය ලොව සුප්‍රසිද්ධ CADBURY චොක්ලට් පානයට වඩා අති විශිෂ්ඨයි. ඔහු හදපු UNIC රේඩියෝ ඉතාමත් උසස් නිර්මාණයක්. ඔහු ඉතාලියේ FIAT මෝටර් රථ ලංකාවේ අගය එකතු කරමින් එකලස් කර UPALI FIAT නමින් අලෙවි කලා. මැස්ඩා වාහනත් UMC මැස්ඩා නමින් ලංකාවේ එකලස් කරන්න උත්සාහ කළා, ඒ වගේම 1980 දශකයේ ආසියාවේම හිටපු 50 අඩු කෝටිපතියන් අතර උපාලි මහතා ඉදිරියෙන්ම හිටියා. මැලේසියාවේ අක්කර දහස් ගානක් කොකෝවා වතු තිබුන ඔහුට මැලේසියානුවන් කිව්වේ "කොකෝවා රජු" කියලා. ආසියාවේ හිටපු කෝටිපතියන් අතුරින් පෞද්ගලික ලියර් ජෙට් ගුවන් යානා, හෙලිකොප්ටර්, එංගලන්තයේ රේස් අශ්වයන් හිටියේ උපාලි විජේවර්ධනට පමණයි. 1970-77 සිරිමාගේ අසාර්ථක සමාජවාදී සංවෘත ආර්ථිකයෙන් රටේ ආර්ථිකය විනාශ වු බව දැකපු උපාලි විජේවර්ධන, සිරිමාගේ මල්ලි වන සීවලී රත්වත්තේගේ දියණිය වන ලක්මිණිගේ විවාහය තුළින් තමුන්ගේ ව්‍යාපාර වලට උපරිම වාසිය ගන්න පුළුවන්කම තිබියදී, තමුන්ට වාසිදායක සංවෘත ආර්ථිකය ප්‍රතික්ෂේප කර 1977 බලයට එන්න ජේ.ආර්. ජයවර්ධනගේ එ.ජා.පයට පූර්ණ සහයෝගය දෙනවා. පසුව ජේ.ආර්. විවෘත ආර්ථිකය ඇති කර ලංකාවට විදේශ ආයෝජන ගෙන ඒමට මහ කොළඹ ආර්ථික කොමිසමේ (BOI) ප්‍රථම සභාපතිවරයා කර ආසියාවේ මුල් වරට රට පුරා නිදහස් වෙළඳ කලාප, ඇඟලුම් කර්මාන්ත ඇති කරනවා. උපාලි දැන ගෙන හිටියා ලෝක ප්‍රසිද්ධ කැඩ්බරිස් වැනි චොක්ලට්, හන්ට්ලි ඇන්ඩ් ෆාමර්ස් බිස්කට් ආවට ජාත්‍යන්තර තත්වයේ කැන්ඩෝස් චොක්ලට් මැලිබන්, මන්චි බිස්කට් වලට තර්ජනයක් නොවන බව. තර්ජනයක් වෙන්නේ දේශීය කර්මාන්ත මුවා වෙන් දේශීය පාරිභෝගිකයාට බාල, කුණු කවන නිෂ්පාදන වලට පමණක් බව. ජේ.ආර්.ට උපාලිගේ වටිනාකම කොයි තරම්ද කියනවා නම් ඔහුව ඔහුගේ උපන් ගම වූ කඹුරුපිටිය ආසනයෙන් මැතිවරණ ජයග්‍රහණය අත් කර දී පාර්ලිමේන්තුවට අරන් මුදල් ඇමතිකම සහ අගමැතිකම ලබා දෙන්න හැදුවත්, පක්ෂේ ප්‍රබලයන් දෙදෙනෙකු දැඩිව විරුද්ධ වුනා. උපාලිගේ අභාවයෙන් පසු උපාලි සමාගමේ සභාපතිවරයා වු සීවලි රත්වත්තේ යටතේ සමාගම දියුණු වෙනවා වෙනුවට වල පල්ලට ගියා. ASIAN FINANCE පාඩු ලබා සෙලින්කෝ සමූහයට වික්කා. කිසිම දිනෙක ජාතිවාදී, ආගම් වාදී වෛරය පැතිරිමට තම දිවයින පත්තරේ පාවිච්චි නොකල උපාලි විජේවර්ධන නැති වු පසුව සීවලී රත්වත්තේ යටතේ දිවයින පත්තරේ ජාතිවාදී, ආගම්වාදී විෂබීජ වෛරසය පතුරවන මූලස්ථානයක් බවට පත් වුනා. 1983 ආසන්න දිවයින පුවත්පත් වල සිරස්තල පොල් ගෙඩි අකුරෙන් දැම්මේ සිංහලයාගේ වෛරය අවුස්සා දෙමළ ජනතාව ඝාතනය කිරීම සාධාරණ කර චන්දයෙන් එ.ජා.පය පරාජය කර තම අක්කා සිරිමාගේ ශ්‍රීලනිපය දිනවන්න. 83 කළු ජූලියේ පෞද්ගලික අංශයේ නිර්ලජ්ජිත මාධ්‍ය කරුවන් වුණේ සීවලී රත්වත්තේ යටතේ තිබුණු "දිවයින පත්තරේ". 2019 දී රාජපක්ෂ පවුල දිනවන්න, දිවයින පත්තරේ දොස්තර සාෆි ගැන මඩ ප්‍රචාරය කර සිංහලයන්ගේ සිතේ මුස්ලිම් වරු ගැන වෛරය වැපුරුවා. 80 දශකයේ උපාලි මුළු ලෝකයම හොල්ලන කොට, ආදානිලා ඔහුත් එක්ක සසඳන කොට සිල්ලර වෙළෙන්දෝ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න