.

.

Apr 12, 2024

අවුරුදු 75කට කලින් වියදම ගැන අහන අයට:


 

අවුරුදු 75කට කලින් 

වියදම ගැන අහන අයට:

➖➖➖➖➖➖➖➖⭕


අවුරුදු 75කට පෙර සාමාන්‍ය වියදම හැදුණෙ මෙහෙමයි: 


🔺 හාල්වලින් 75%ක් විතර ආනයනය කළා. ඉතිරි ටික කුඹුරෙ වගා කරගත්තා. හාල් පොතට කොටසක් නිකම් ලැබුණා. ජෙප්පන්ට ලැබෙනවා වගේ.


🔺 පෝෂණය ගැන ලොකු අදහසක් නැහැ. මොනවා හරි එක්ක කෑවා. දැන් වගේ ආගම් කර තියාගෙන හිටපු නැති නිසා තලගොයින්ව පවා කෑවා. මුහුදුබඩ නම් ඉරිදට මරන ඌරට දවස් ගානක් තිස්සෙ තඩි බෑවා මස් මෙළෙක් වෙන්න.


🔺 අධ්‍යාපනයට ලොකු වියදමක් තිබුණෙ නැහැ. ගැහැනු ළමයින්ව පාසල් යැව්වෙ අඩුවෙන්. අඩු වයසින් බන්දලා දුන්නා. පිරිමි ළමයින්ව වුණත්, උසස් අධ්‍යාපනයට යැවුණෙ බොහොම කලාතුරකින්. ටියුෂන් කියල ජාතියක් අහලවත් තිබුණෙ නැහැ.


🔺 ගෙවල්වල මහ ලොකු දේවල් තිබුණෙ නැහැ. හුඟක් ඒවයෙ වැසිකිලි පවා තිබුණෙ නැහැ. ගෙවල් හදන්න හවුසිං ලෝන් අරගෙන ගෙව්වෙ නැහැ. (ජෙප්පෝ දැන් බුකියෙ රෙණවා වගේ කැළේට ගියේ.) උන්ට අදටත් ටොයිලට් එකක් පෙන්නන්න බෑ. දැක්කොත් කුඩු කරනවා.


🔺 වතුර බිල්, ලයිට් බිල් නැහැ. නිවාසවලින් අති බහුතරයකට විදුලිය නැහැ. 95%ක් විතර ඉව්වෙ දරවලින්,  දුම් කකා. (ආයෙත්  ළඟදිම ඒ වාසනාව උදාවෙනවා ❤️)


🔺 ඇඳුම්වලට ලොකු වියදමක් කළේ නැහැ. (ජෙප්පෝ වගේ) පොඩි ළමයි ඇඳුම් ඇන්දෙ නැති තරම්. පිරිමි ගැහුවෙ අමුඩ. වැඩිම වුණොත් සරං. කලිසං මැහුවෙ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය විතරයි. එහෙම අය හිටියෙ බොහොම පොඩ්ඩයි.


🔺 ටෙලිෆෝන් කියල ජාතියක් ගැන දන්නෙවත් නැහැ. ඩේටාවලට වියදම් වුණෙ නැහැ. ෆේස්බුක් එකේ ඇවිත් කල්ල ලෑ බොල්ල ලෑ කියන කාලයක් නෙමෙයි ඒක. (හැබයි ජෙප්පෝ නම් බෝක්කු උඩයි,කෝපි කඩෙයි මේ වගේම කටින් රට හැදුවා...)


🔺 වැඩිය ගමන් බිමන් ගියෙ නැහැ. ට්‍රිප් ගියෙ කලාතුරකින්. සිරීපාදෙ එහෙම ගියෙ දේපල පවා ලියලා. සීගිරියට ගඩොල් ඇද්දෙත් නෑ.


🔺 හැමෝටම වාහන තිබුණෙ නැහැ. ඒ නිසා පෙට්‍රල්වලට, නඩත්තුවට සල්ලි ගියෙ නැහැ.


🔺 ලෙඩවලට චැනල් කරලා බෙහෙත් ගන්න සිරිතක් තිබුණෙ නැහැ. බොහෝ ලෙඩවලින් මිනිසුන් මැරිලා ගියා.


🔺 දැන් වගේ ලොකුවට ණය වෙලා වෙඩිං, කොටහලු මගුල්, බර්ත්ඩේ පාටි ගත්තෙ නැහැ. ලොකුවට දාන දුන්නෙ ධනවතුන් විතරයි.


🔺 ඒ කාලෙ වැඩිපුර බිව්වෙ රා. ඒ නිසා බොන්න දැන් වගේ විශාල වියදමක් ගියෙ නැහැ. සීල් අරක්කුවලට වුණත් මේ වගේ බදු තිබුණෙ නැහැ. දැන් රා තියෙනවා... බෝතලේ 350/= යි.


තේරුණද? 


දැන් කාලෙ වියදම් ගණනය වෙන්නෙ මේවත් එක්ක. 


▪️ඒකට හේතුව මානව හා සමාජ සංවර්ධනය. 


▪️ඒකත් වුණේ පසුගිය අවුරුදු 75 තුළ තමයි.


▪️නැතිනම්, තාම මළපහ කරන්නෙ තිස් බඹේ. කෙකෙු පණුවො ලේ බීලා බැරි බැරියාව.


▪️77 ජේ ආර්  රට ලෝකෙට විවෘත කරනවා.


▪️ 2010 යුද්ධය දිනපු මරන්න හොයපු මයිනා රට බ්‍රෑන්ඩඩ් කරනවා.


▪️දැන් තඹුත්තේගම පැත්තෙන් ආපු අමු ගං කබරෙක්... පිනට ලැබුන බ්‍රෑන්ඩඩ් ඇදගෙන, පිනට බිස්නස් ක්ලාස් එකේ ලෝකේ වටේ යනවා ඒ යුගය අපිට නැවත උදාකරන්න.


- මූලික සටහන

      - අජිත් පැරකුම් ජයසිංහ 


- සංස්කරණය 

      - මාතලන් යකා 

.

22 comments:

  1. මමනම් කියන්නෙ ඔය මෛත්‍රීපාල සිරිසෙන කියන වසලයව ගෝල්පීස් එකට ගෙනත් ගල් ගහන්න ඕනා.. හැදීගෙන ආව රට ආපහු ගල් යුගේට දක්කන් ගියෙ ඔය අපතයා තමා.. පිනට රට සවාරි ගහන පිංගුත්තරයට මොනවා කලත් හිත් වදියිදි.. පක්ශෙත් ඉවරයි, රටත් ඉවරයි ඌ විතරක් ජොලියෙ ඉන්නවා..

    ReplyDelete
  2. මාතලන් මෙතන කියන කතාවට බොහෝ දුරට එකඟයි, 1948 ඉඳන් අඩු වැඩි වශයෙන් රට සෑහෙන දියුණුවක් තියෙනවා සිංගප්පූරුව වගේ රටකට නැතුව පොදුවේ දකුණු සහ ගිනිකොන දියුණුව ආසියාතික රටවලට සාපේක්ෂව වසර තිහක යුද්ධය නිසා කඩා වැටීමක් තිබුණත් පොදුවේ ගත්තාම වියට්නාමය ඉන්දුනීසියාව වගේ රටවල් තරමටම සහ කාම්බෝජය මියන්මාරය ලාඕස් බංග්ලාදේශය පකිස්තානය වගේ රටවලට වඩා ලංකාව සෑහෙන දියුණුයි යුද්ධය සහ කැරලි කෝලාහල සෑහෙන තිබිලත්, යුද්ධ නොතිබූ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගෙන එක්සත් ජනපදය එක්ක හොඳට සම්බන්ධ වෙලා නිදහස් වෙළදපොල ක්‍රමය ක්‍රියාත්මක කරපු සිංගප්පූරුව හොං කොං දකුණූ කොරියාව තායිවානය වගේම ඊළඟට තායිලන්තය මැලේසියාව චීනය වගේ රටවල් එක්ක බලනකොට ලංකාව ටිකක් පහලට වෙන්න හිටියත් තිබ්බ ප්‍රශ්න සහ වටිනා කියන ස්වභාවික සම්පත් නැති නිසා ඒ තත්ත්වය අපේක්ෂා කී හැකි බවයි මගේ අදහස. ඒ වගේම 009 යුද්ධය ඉවර වීමත් සමග ලංකාවේ ආර්ථිකය විශාල ලෙස වර්ධනය වීම දක්නට ලැබෙන බව කිව හැකියි

    ReplyDelete
    Replies
    1. @ ano 11.13

      Singapore & South korea had leaders like Lee and Park whom are outstanding visionary leaders and they never allowed left wing politics and trade unions at least for 30 odd years. Also opposition politicians were in jail. Even singapore opposition leader was jailed till 1990 almost 3 years.

      Delete
  3. @ Maathalan & Viewers

    මට economics & finance ආර්ථික මූල්‍ය දැනුම තියෙන අයගෙන් උපදෙස් ඕනේ මොකද මං දැනට chemistry classes කරනවා. දැනට ඒකෙන් මාසෙට 50ක් හොයන්නත් අමාරුයි. සතියම full time කරත් මාසෙට ලක්ෂ 2.5 කට එහා යන්න බෑ සැලකිය යුතු ලමයි පිරිසක් හදාගත්තත්. Degree එක ඉවර වෙන්නත් තව කල් තියෙනවා. මේ යන විදියට degree පහ හයක් කරත් හරිහමන් job එකක් නැතිවෙන situation එකක් තියෙන්නෙ. සාමාන්‍ය හොද job එකක් කරත් ලක්ෂ එකකට දෙකකට එහා යන්නත් බෑ. මට දැනගන්න පුලුවන්ද සාමාන්‍යයෙන් මාසෙකට ලක්ෂ 10ක් හෝ ඊටවඩා සල්ලි හොයන්න පුලුවන් නීතිගත/වංචාව නැති ආදායම් මාර්ග මොනවද කියලා.

    එහෙම ආදයම් මාර්ග තියෙනව නම් කියනවද මුල ඉදන් හරියට ඒක ගැන ඉගෙනගෙන වැඩේට බහින්න කැමතියි😊 (Joke එකට ගන්න එපා please..)

    ReplyDelete
  4. අයිසේ, මාතලන් ලංකාවේ මෙලෝ වැඩක් නොකර මෝඩ පාක්ෂික වහලුන්ගෙන් පිනට යැපෙන මාලිමා පෙරටුගාමී පූර්ණකාලීන කයි පඩ ගූ හේරුන්ගෙන් සූරාකන බව කියන ධනපති පංතිය උන්ගේ මොනවා ද හූරා කාලා තියෙන්නේ? ඒ හිඟන්නන්ටත් ඔය ධම්මික පෙරේරා වගේ උන් සල්ලි දෙනවා නේද තමන්ගේ ව්‍යාපාර වල වෘත්තීය සමිතිවලින් ඇතිකරන අනවශ්‍ය බහුබූත ප්‍රශ්න වලින් බේරෙන්න

    ReplyDelete
  5. මිලියන බිලියන ගනන් ලාභ ලබල ලංකාවට විදේශ විනිමය ගෙනාපු ඇවන්ගාඩ් ව්‍යාපාරයත් විනාශ කරපු රටේ නීත්‍යනුකූල ලෙස ව්‍යාපාර කරන උත්සාහවන්ත වීර්යයවන්ත සැබෑ ව්‍යවසායකයන් පරෙස්සමින් ...කල්පනාවෙන් ...
    එකෙක් දියුණු වෙනකොට ඒදිහා බලල සතුටුවෙන්න පුලුවන් මානසිකත්වයක් තියෙන , ප්‍රතිශතයක් වශයෙන් වැඩි ප්‍රමාණයක් හිටියට
    කුහකකම ඊර්ෂ්‍යාව ඉවවහා ගිය සුලු කොට්ඨාසයක් ඉන්නවා, උන්ගෙන් තමයි ප්‍රවේශම් විය යුත්තෙ.

    මාතලන් මේ ලියපු ලිපිය ගැන සතුටුයි ඔබට ජය....

    ReplyDelete
  6. අඩෝ මාතා ගෝලීය බල දේශපාලනය නිසාම මැදපෙරදිග කලාපයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර වර්ධනය වෙමින් ඇති ගැටුම්කාරී තත්වය තවදුරටත් උග්‍ර කරමින් ඊශ්‍රායල සමාගමකට සම්බන්ධ MSC Aries බහාලුම් නෞකාව හෝමුස් සමුද්‍ර සන්ධියේ දී ඉරාන නාවික හමුදාව විසින් තම අත්අඩංගුවට ගෙන ඇති මොහොතක නෞකාව එසේ ඉරාන අත්අඩංගුවට පත් වන විට එමීර් රාජ්‍යයේ කලීෆා වරායේ සිට ඉන්දියාවේ මුම්බායි වෙත යාත්‍රා කරමින් සිට ඇති බවත් මෙයට සමගාමීව ඉදිරි පැය කිහිපය තුල ඉරානය ඊශ්‍රායලයට පහර දෙනු ඇතැයි එක්සත් ජනපද මාධ්‍ය ඇමරිකන් මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්ථා කර තිබේ.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස අරාබි කලාපයේ රදවා ඇති ඇමරිකානු නාවික බලඇණි මෙවැනි ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් කඩිනමින් ස්ථාන ගත කිරීම මේ වන විටත් සිදුවන බවද මාධ්‍ය වල සඳහන්

    මේ ගැන අප්ඩේට් එකක් ඕන මාතලන්ගෙන්

    ReplyDelete
  7. බක් මාසේ නිදී ගේ කවි පංච තන්තරේ....



    කට පුරාම සුදු "කැඳ ලොරි"
    මේන් බලන් වෙරලු පුසුඹ
    "මක් පාසේ" "අං තල්ලේ"
    කෙකට පුලල්ලා...

    ශිෂ්ණ රාශියෙන් විගහට
    යෝනි රාශියට හැමි@%න
    ෆුල් හැපනින් මංගල්ලේ
    මේං who callaaa...

    උගුරේ බඩුත් හිරවේ
    මුවගේ carryත් වෑහේ
    චක චක චක
    කෙකට පුලිය මේ...//

    ReplyDelete
    Replies
    1. @ නිදී පංච තන්ත්‍රය

      අවුරුද්දෙන් පස්සෙ රෑක
      මේ පැත්තේ ඇවිත් යන්න
      අතිකාලෙට දීමනාව
      දෙන්නම්කෝ මං එතකොට

      - මීට කෙකටපුලිය ප්‍රාදේශීය සභාවේ සභාපති

      Delete
  8. ඒ කාලේ සත 25ට හාල්සේරු දෙකක් දීලා එකක් නිකං දෙනවා.
    25 තුනට බෙදන්න බෑනේ

    ReplyDelete
  9. ඈ මාතලං පැයකට දහය ගානේ බුකියෙ පෝස්ට් දාන එක නවත්තලා ද? මොකද ගෙවීම ප්‍රශ්නයක් වත්ද?

    ReplyDelete
  10. ඔය හැම දේම හරි. ඒ උනාට ලංකාවේ බහුතරයකට විශේෂයෙන්ම බුකියේ ලංකාවේ පාලකයන්ට බනින බහුතර පිරිස ලංකාවේ භෞතික දියුණුව මදි කියල තමයි ලංකාවේ දේශපාලනයට පාලකයන්ට දොස් කියන්නේ, හැබැයි, මාතේ ඔය භෞතික සංවර්ධනය නැත්නං භෞතිකව දියුණුයි කියන රටවල් වල, ඉලෙක්ට්‍රොනික්, ඇදුම්, වාහන වලට ටැක්ස් අඩුයි. (ටැක්ස් නැත්තෙ නැහැ ඒත් ලංකාවට වඩා සෑහෙන අඩුයි) ඒක නිසා මිනිස්සු ගොඩක් බඩු වල පොඩි අවුලක් ආවත් හදා ගන්න බලන්නෙ නැහැ. මොකද රෙපෙයාර් කරන්න කොස්ට් එක සහ ලේබර් අධික ලෙස වැඩි නිසයි.. (පරණ වාහනයක් ඉතාම ලාබ වුණත් හදිසියේ ටයර් පංක්චර් එකකට ඩොලර් 35ක්, එන්ජිම රෙපෙයාර් එකක් ආවොත් වාහනේ මිල ඩොලර් 2000 වුණාට රෙපෙයාර් එකට ඩොලර් 1500ක් වත් යාවි)

    මේ ක්‍රමය තව දුරටත් ලෝකෙට දරන්න බැහැ. මොකද මේ දේවල් හදන්න වෙන්නෙ පෘතුවියෙම තියෙන ස්වාභාවික සම්පත් වලින්.

    ඒක නිසා දැන් ඔය රටවල් ඉලෙක්ට්‍රොනික් රෙපෙයාර් වලට මුල් තැන දෙන්නම ඕනෙ. (නැවත නැවත භාවිතය, භාන්ඩයේ ජීව කාලය වැඩි කර ගන්න, 3R සංකල්පය Reduce Reuse, Recycle වගේ දේ)

    අපි මේ ඉන්න රටවල් දියුනුයි කිව්වට ලෝකෙ කාබන් ෆුට් ප්‍රින්ට් එක වශයෙන් වැඩි රටවල් තමයි පොදුවේ ඔය දියුනුයි කියන රටවල්.

    ඒ වගේම මිනිසා විසින් කරන Climate Change එකට වැඩියෙන්ම දායක වෙන්නෙත් ඔය දියුනුයි කියන රටවල්.

    භාන්ඩයක ජීව කාලය උපරිම වෙනකන් පාවිච්චි කරන්න ඕනෙ කියල යුරෝපා පාර්ලිමේන්තුවට හිතිල ලගදි බිල් එකක් පවා පාස් උනා..

    https://www.europarl.europa.eu/news/en/press-room/20240129IPR17216/deal-on-strengthening-consumers-right-to-repair

    මෙන්න බිල් එක. කියවල බලන්න පොඩ්ඩක්.
    ඒ අතින් අපේ මවු රට ලංකාව වගේ රටවල් මාරම තිරසාරයි.

    ලංකාවේදී අපි කවදාවත් භාන්ඩයක පොඩි ප්‍රශ්නයක් ආව කියල ජීවිතේට විසි කරන්නෙ නැහෑ.

    එහෙම වෙන්නෙ ලංකාවේ උන් පරිසරය ගැන හිතන ලබ්බක් නිසා නම් නෙමෙයි. අලුතින් භාන්ඩයක් ගන්න කැපිටල් එකක් නැති නිසා....

    එහෙම හරි ලංකාව වගේ රටවල් වල තාම කාබන් ෆුට් ප්‍රින්ට් එක ගොඩක් අඩුයි.

    කැනඩා වල හදිසියකට බෑග් එකක් මහ ගන්න කඩයක් නැහැ... හරිම අවමයි ලොකු නගර වලට පවා සපත්තුවක් රෙපෙයා කරගන්නත් කඩ තියෙන්නෙ එකක් වගෙ. ඒ අතින් මාරම අවුල්. ලංකාව මේ තත්ත්වය වෙනස් නොවන පරිදි සංවර්ධනය කිරීමට පියවර ගත යුතුව තිබෙන බවයි මගේ යෝජනාව.

    ReplyDelete
    Replies
    1. Yes, that's true. But countries like China, Vietnam and India etc. Get the benefit from this.

      Delete
  11. මාතලන් ඇත්තටම ඉරාන ඊශ්‍රායල් ගැටුමේ බටහිර මාධ්‍ය නොකියන කථාව මේ බ්ලොග් එකේ අලුත්ම පෝස්ට් එකක් විදියට දාන්න පුළුවන්ද?

    මේකේ පසුබිම් කතාව මම කෙටියෙන් කියන්නම්, ඊශ්‍රායලයෙන් සිරියාවේ දමස්කස් වල ඉරාන තානාපති කාර්යාලයට අප්‍රේල් 01 දා එල්ල කල ප්‍රහාරයත්, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලයට අප්‍රේල් 14 දා අළුයම රැලි වශයෙන් එල්ල කල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවත් ගැන තොරතුරු විශාල වශයෙන් ජාලයේ තිබුණත් බටහිර ජඩමාධ්‍ය අනුව ඉරාන ප්‍රහාරය අසාර්ථක වී ඇති අතර ඊශ්‍රායල් බලය ලොවට පෙන්වා තිබෙන බවට අසත්‍ය පච ප්‍රචාර කරන නමුත් සත්‍යය එය නොවේ.

    මීට දශක ගණනාවක් ඉහතසිට සක්‍රියව තිබූ ඉරාන ඊශ්‍රායල මතභේද මධ්‍යයේ පවා මෙතෙක් ඉරානය තම භූමියේ සිට ඊශ්‍රායලයට කිසිදාක පහර නොදුන්නත් මෙවර තම තානාපති කාර්යාලයට පහර දී ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ඝාතනය කිරීම ඉරානයේ රතූ කට්ට පැන්නූ අවස්ථාවක්.

    ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරය මනා සැලැස්මක් යටතේ තිතටම නිවැරදිව එල්ල කල ප්‍රහාරයක් බව පෙනෙන්නට තිබේ. එහිදී මුලින්ම කුඩා ඩ්‍රෝන යානා දහස් ගණනක් සහ පසුව මධ්‍ය
    ඩ්‍රෝන සිය ගණනක් ඊශ්‍රායලය දෙසට යැවූ ඉරානයේ අරමුණ වී ඇත්තේ ඊශ්‍රායල මිල අධික අයන් ඩෝම් ආදී ගුවන් ආරක්ෂණ පද්ධති කාර්යබහුල කර එවායේ ධාරිතාවයේ උපරිම ප්‍රමාණයට පත් කර වීම බව පෙනේ. ඉන් පසුව ඊට පසුපසින් එල්ල කල බැලස්ටික් සහ කෲස් මිසයිල කිහිපයක්ම ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති සියල්ලම අභිබවා සිය ඉලක්ක සාර්ථකව සම්පූර්ණ කර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපය ඉහත කී ඉරාන ඩ්‍රෝන ප්‍රහාර මාලාවේ සාර්ථකත්වය මැනවින් පහදා දෙයි.

    ඉරානයේ සිට එවූ ඩ්‍රෝනවලට සමගාමීව ලෙබනනයේ හිස්බුල්ලා සහ ඉරාකයේ ඉරාන හිතවාදී සටන්කාමීන් කණ්ඩායම් කිහිපයක් ඊශ්‍රායලය දෙසට නොනවත්වා එල්ල කල ලාබ රොකට් ප්‍රහාර මාලාව ඊශ්‍රායල් ගුවන් ආරක්ෂණ පද්ධති තවදුරටත් කාර්යබහුල කිරීමට සමත් වී තිබුණි.

    ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වී එම ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර අහසේ දීම පුපුරුවා හරින වීඩියෝ විශාල ප්‍රමාණයක් මාධ්‍ය වෙත මුදා හරිමින් එමගින් ඉරාන ප්‍රහාරය අසාර්ථක වූ බව ඒත්තු ගැන්වීමට බටහිර මාධ්‍ය උත්සහ කලද මෙහි සත්‍ය කථාව එය නොවන බව ලොවම දැනගෙන ඇති අතර ඉරාන ඩ්‍රෝන යානා ලොව අඩුම වියදමකින් නිපදවන ඒවා අතර ඇති ඉතාම ලාබදායී ඩ්‍රෝන වන අතර හිස්බුල්ලා වැනි සංවිධාන ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාකර වීම සදහාම එවන රොකට්ද ඉතා ලාභදායී සරල ඒවායි. නමුත් මේවා නිශ්ක්‍රීය කිරීමට ඊශ්‍රායලය යොදා ගන්නා ප්‍රතිමිසයිල බොහෝ මිලෙන් අධික අධිතාක්ෂණික නාස්තිකාර පද්ධති වේ. බොහෝ මාධ්‍ය වාර්ථා අනුව ඊයේ දිනයේ පමණක් ඉරාන ඩ්‍රෝන, රොකට් සහ මිසයිල වැලැක්වීමට ඊශ්‍රායලය වැය කල මිසයිලවල වටිනාකම අඩුම තරමින් ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ. ඉරානයට සමස්ථ ප්‍රහාරය සදහා වැය වී ඇත්තේ උපරිම වශයෙන් ඩොලර් මිලියන කිහිපයකි.

    අවසානයේදී ඩොලර් බිලියනයකට වැඩි මිසයිල දියත් කලද තම ආරක්ෂක මර්මස්ථාන කිහිපයකට එල්ල වූ ඉරාන මිසයිල නතර කර ගැනීමට ඊශ්‍රායලයට නොහැකි වී ඇති අතර ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය නොකියන සත්‍ය කථාව එයයි.

    අප්‍රේල් 01 දමස්කස් ප්‍රහාරයට ඊශ්‍රායල් ගුවන් හමුදාවේ F 35 යානා ගුවන්ගත කල දකුණු ඊශ්‍රායලයේ නිගෙව් කාන්තාරයේ පිහිටි රාමෝන් ගුවන් කඳවුරට ඉරානය එල්ල කල බලගතූ මිසයිල කිහිපයක්ම කිසිදු බාධාවක් නොමැතිව පතිත වී එම කඳවුර තුල සිදුවන විශාල පිපිරීම් දැක්වෙන වීඩියෝ ප්‍රසිද්ධියට පත් වී ඇත. ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතිවල ප්‍රතිරෝදය අඩාල කල ඩ්‍රෝන ප්‍රහාරය මගින් සලසන ලද ආවරණය යටතේ සිය ඉලක්ක සාර්ථක කර ගත් එම මිසයිල ප්‍රහාරය ඉරානයේ පලිගැනීමේ මෙහෙයුමේ ප්‍රධාන ප්‍රහාරය බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් ජෝර්දාන ගුවන් කලාපයේද ආවරණය සහිත දකුණු ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඉරානය ඊශ්‍රායලයට ප්‍රබල පණිවුඩයක් ලබා දී තිබේ. එනම් ඔබේ භූමියේ ඕනෑම තැනකට පහර දීමේ හැකියාව ඔබට කිලෝමීටර් 2000කට වඩා දුරින් සිටින අපට ඇති බවයි. එය සැබැවින්ම මෙම ප්‍රහාරයෙන් ලොවට දුන් ප්‍රබලතම පණිවුඩයයි.

    ReplyDelete
    Replies
    1. එමෙන්ම එම ගුවන් කඳවුරට අමතරව මධ්‍යම ඊශ්‍රායලයේ ඉරාන ඉලක්ක කිහිපයකට මිසයිල ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝද ප්‍රසිද්ධ වී ඇත. ඇතැම් වාර්ථා අනුව ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති පිහිටි ස්ථාන වෙතද ඉරාන මිසයිල ලඟා වී තිබේ. නමුත් එම පුවත් සනාථ කර ගැනීමට සාක්ෂි ප්‍රසිද්ධ වී නොමැති අතර ඉරාන ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට වූ හානි කොපමණදැයි මෙතෙක් හෙලි වී නැත.

      නමුත් මෙම ප්‍රහාරය සමග එක්සත් ජනපද ප්‍රධානීන් දැඩිලෙස කැලඹීමකට ලක් වී ඔවුන්ගේද නිරුවත හෙලිවී ඇති බව පෙනෙන්නට තිබේ. ඊශ්‍රායලය වෙත එල්ල වූ ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පෙරලා ඉරානයට පහර දීමට උත්සහ නොකරන ලෙසට එක්සත් ජනපදය ඊශ්‍රායලයට දන්වා ඇති බව ප්‍රසිද්ධ මාධ්‍ය වාර්ථා තහවුරු කර ඇත. එසේම රුසියා චීන මූලෝපාය අනුව සිදුකල ඉරානයේ උගුලට හසුවී ඊශ්‍රායලය තමන් මැදපෙරදිග අනවශ්‍ය ගැටුමකට පැටලවීමකට උත්සහ දැරීම පිලිබඳව තම බරපතල අප්‍රසාදය ඊශ්‍රායලයට පල කිරීමටද එක්සත් ජනපද ප්‍රධානීන් කටයුතු කර ඇති අතර තමන් ඉරානය සමඟ යුද්ධයකට පැටලීමට අදහස් නොකරන බවද ඔවුන් නිවේදනය කර තිබේ. මේවන විට යුක්රේන යුද්ධය දැඩිව පරාජය වෙමින් සිටින නේටෝ හවුලේ යුරෝපීය රටවල් එම යුද්ධය අවසන් කර රුසියාව සමග සාකච්ඡාවකට යායුතු බවට එල්ලවන මතභේදාත්මක බලපෑම් අතරේ මෙම අනවශ්‍ය ප්‍රශ්නය නිසාම බොහෝ මාධ්‍ය වාර්ථා අනුව එක්සත් ජනපද ප්‍රධානීන් සහ ඊශ්‍රායල ප්‍රධානීන් අතර පවතින මතභේද ද උත්සන්න වෙමින් තිබේ.

      ප්‍රහාරයෙන් පසු ඉරානය නිවේදනය කලේ ඊශ්‍රායලය තම තානාපති කාර්යාලයට එල්ල කල ප්‍රහාරයට තම ප්‍රතිචාරය දක්වා අවසන් බවත්, යම් හෙයකින් නැවත ඊශ්‍රායලය තම රටට පහර දීමට උත්සහ කලහොත් මීට වඩා දරුණු පලවිපාක විදීමට ඔවුන් සූදානම් විය යුතු බවත්ය.

      කෙසේ වුවද ඉරාන ඊශ්‍රායල යුද්ධය ඉදිරියට ඇදී ගිය හොත් එහි ඍජු පාබල මෙහෙයුම් සිදුවීමක් බලාපොරොත්තු විය නොහැකි අතර එම ගැටුම මිසයිල ඩ්‍රෝන ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර මත පමණක් ඉදිරියට යනු ඇත. එහිදී වැඩිපුර මිසයිල සහ ඩ්‍රෝන් තොග ඇති හිමිකරුවා බොහෝ විට ජය ගනු ඇත. එසේම ඒවායේ වියදම් ද ඊශ්‍රායලයට බරපතල ලෙස අවාසි ප්‍රධාන සාධකයක් වනු ඇත. එහෙන්ම භිස්බුල්ලාහ් වැනි කණ්ඩායම් ලෙබනන ජෝර්දාන් සීමා වල සිට ප්‍රහාර එල්ලකරනු ඇත.

      මේ ගැටුමේ මීලඟ දිශානතිය තීරණය කිරීමේ තීරණය දැන් ඇත්තේ ඊශ්‍රායලය අත වන අතර ඔවුන් ඉදිරි පැය කිහිපය තුල ගන්නා තීරණය මත බොහෝ දේ සිදුවිය හැකිය. එසේ සිදුවිය හැකි දේ ඊශ්‍රායලයට හෝ ඉරානයට කෙසේ වෙතත් ලෝකයේ සෙසු රටවලට ගුණදායකය නොවනු ඇත.

      Delete
    2. මේක ගැන විස්තරාත්මක ලෙස විග්‍රහ කරන්න පුළුවන්ද මාතලන් යකාට?

      Delete
  12. අඩෝ මාතලන් ලංකාවේ පාසල් අදයාපනයේ මූලික අදියරේදිවත් ගාතයි සූත්‍රයි එලාරගේ ආච්චියේ මල්වර නැකත්පතයි පාඩම් කරවන එක නවත්තලා දැන්වත් ඩිසිප්ලීන්ස් එතික්ස් ඔලුවලට දාන්න පටන්ගත්තෙ නැත්තන් තව අවෘදු 50කිනුත් මේවගේ සංසන්දනාත්මක ලිපි ලිය ලිය තමා ඉන්නෙ වෙන්නෙ

    ReplyDelete
  13. ජවිපෙට අවුරුදු හැත්තෑපහක්ද?

    ReplyDelete
    Replies
    1. @ නිදී ජවිපෙට අවුරුදු පණස් නමයයි, ආසන්න වශයෙන් හැටක් විතර වෙනව කියන්න පුළුවන්, නමුත් ලාංකේය‍ දේශපාලන කේෂ්ත්‍රය තුළ සුවිශේෂී සටහන් තැබූ ජවිපෙ නැතහොත් දැනට ජාතික ජන බලවේගය නැත්නම් මාලිමාවේ ආරම්භය 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන්නට මූලික වූ පක්ෂයේ නිර්මාතෘ වූ රෝහණ විජේවීර අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගී විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට බලහත්කාරයෙන් හෝ රාජ්‍යබලය දිනා ගැනීමටයී. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද මූලිකම හේතූන් වූයේ 1970 වන විට පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා බලපාන ලදී. මේ කාල සීමාව තුළ ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට බෙදී තිබුනු අතර රෝහණ විජේවීර සහෝදරයා චීන පිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කී අයර එයින් විශාල බරපතල අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය විය.

      ජවිපෙ 1977 දී සිය සිරගතව සිටින 71 කැරලිකරුවන්ට නිදහස පතා එජාපයේ රොනී ද මෙල් ප්‍රේමදාස සහ ජේ ආර් සමග ඩීල් දාගෙන සිය සාමාජිකයන්ගේ හා හිතවතුන්ගේ පවුල්වල ඡන්දය එජාපයට ලබාදෙමින් 1977-88 එජාපය බලයට පත් කර පක්ෂ නායකයන් හිරෙන් නිදහස් කරගත් අතර 188 ජනපතිවරණයේදී එජාප අපේක්ෂක ආර් ප්‍රේමදාස සමග ඩීල් දමාගෙන ඔහුව බලයට පත්කිරීමට නිදහස් පක්‍ෂ පොදු අපේක්ෂක වීමට සිටි විජය කුමාරතුංග ඝාතනය කිරීම, මැතිවරණ සමයේ සහ මැතිවරණ දිනයේ ශ්‍රීලනිප පක්‍ෂයට එරෙහිව දැඩි මර්දනය සහ තර්ජන ගර්ජන එල්ල කර එජාපය බලයට පත් වීමට ඉඩ දුන් අතර පසුව ප්‍රේමදාස ඩීල් උල්ලංඝනය කර ජවිපෙ විනාශ කිරීමට උත්සාහ ගත් නමුත් සම්පූර්ණයෙන්ම විනාශ නොවී බේරාගැනීමට හැකිවිය.

      1994 ජවිපෙ නැවත පොදු පෙරමුණට සම්බන්ධ වී පොදු පෙරමුණේ නායක චන්ද්‍රිකාට ජනපතිවරණය ජයග්‍රහණය කිරීමට කැම්පේන් කර පක්ෂයේඡන්ද ලබාදී ඇය ලවා පක්ෂ තහනම ඉවත් කර ගත්තා. පසුව වෙනමම මැතිවරණ වලට ඉල්ලා ආසන ලබාගත් ජවිපෙ 2001 පරිවාස ආණ්ඩුවට සහ 2004 සංධාන රජයේ ඇමති තනතුරු දරමින් එම රජයන්ට බලපෑම් කොට සමාජවාදී වෙනස්කම් සෑහෙන සිදුකළා, 2005 මහින්ද රාජපක්ෂ නමැති සුනාමි හොරාව දිනවීමට සෑහෙන විශාල කැම්පේන් කර සියලුම පාක්ෂික ඡන්ද ලබාදී ඔහුව ජනපති කරවා මරා ලවා ජවිපෙ වෙනුවෙන්ම පූර්ණකාලීනව දේශපාලනය කරපු රජයේ සරසවි වල කරා වාණිජ ආදී පාඨවලින් පිටවු රැකියා විරහිත අන්තරේ හිටපු සාමාජික උපාධිධාරීන් හැට දහසකට අධික පිරිසක් රජයේ සේවකයන් බවට පත් කළා. සහනාධාර වැඩි කිරීම සහ රජය විශාල කරන මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රධාන සමාජවාදී ප්‍රතිපත්ති ජවිපෙ විසින් මහින්ද චින්තනයට ඇතුලත් කරපුවා.

      ඊට පසුව 2010 ෆොන්සේකා දිනවීමට උත්සාහ කළා. එය අසාර්ථක වුණාම 2015 මෛත්‍රීපාල සිරිසේන ජනපති කිරීමට උපක්‍රමශීලීව වක්‍රව සහාය දී එම රජයේ අරලියගහ මැදුරේ පැවති දූෂණ විරෝධී පෙරමුණ ක්‍රියාත්මක කරන්නට සම්බන්ධ වුණා.

      එම වසර හැට තුල කුඩා පක්ෂයක් වුණත් ඔවුන් අතිශය විශාල ලෙස එම රජයන්ට බලපෑම් එල්ල කරපු පක්ෂයක් ජවිපෙ කියන්නේ

      Delete
    2. සවිස්තරාත්මක පිළිතුරට ගොඩක් ස්තුතියි!

      Delete
  14. 👉 ලංකාවේ ජීවත් වන බොහෝ උගත් යැයි කියාගන්නා සිංහල බෞද්ධයන්ට එක්තරා අසනීපයක් තිබේ. ඒ සෑම දෙයකම විද්‍යාත්මක බව සෙවීමේ පුදුමාකාර අසනීපයයි.

    👉 මේ යටතේ ඔවුන් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ආගම, ආගමික සාහිත්‍යය, ඇදහිලි විශ්වාස, සංස්කෘතික අංග ආදී සියල්ලේ විද්‍යාත්මක භාවය ගැන ප්‍රශ්න කරති. ඊට සමච්චල් කරමින් තමන් සාඩම්බර විද්වතුන් බව පෙන්වීමට උත්සාහ දරති.

    👉 එහෙත් පාස්කුව සමරන විට ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම විද්‍යාත්මක දැයි මෙරට කිතුනු බැතිමත්හු කිසිදා ප්‍රශ්න නොකරති.

    👉 දීපවාලිය සමරන ලංකාවේ හින්දු ආගමිකයෝ ශ්‍රියා කාන්තාව කිරි මුහුදෙන් මතු වීම හෝ කෘෂ්ණ දෙවියන් නරක අසුරයා පරාජය කළ කතාවේ විද්‍යාත්මක බව ගැන ප්‍රශ්න නොකරති.

    👉 ලංකාවේ හජ්ජි උත්සවය සමරන ඉස්ලාම් භක්තිකයෝ නබිතුමාගේ පුත්‍රයා වූ ඉස්මයිල්ව දෙවියන් වෙනුවෙන් කැපකිරීම විද්‍යාත්මක දැයි ප්‍රශ්න නොකරති.

    👉 මෙවැනි ප්‍රකට උත්සවවලට අමතරව යුරෝපය, අමෙරිකාව, ජපානය ඇතුළු විද්‍යාව දන්නා බව කියන රටවල පැවැත්වෙන විවිධාකාර ආගමික හා ආගමික නොවන උත්සව කන්දරාවක් තිබේ.

    👉 ඒ බොහොමයක් විද්‍යාත්මක හෝ තර්කානුකූල දේ නොවුණද විද්‍යාවේ දියුණුවෙන් ඉහළටම ගිය ලෝකයේ මිනිස්සු තවමත් පැරණි ආගම් හෝ ඇදහිලි මත පදනම් වූ කාරණා වෙනුවෙන් නානා මාදිලියේ උත්සව පවත්වති.

    👉 විද්‍යාව දන්නා ජපානය තවමත් පැරණි අත්භූත කතාවක් මත පදනම් වූ ශිෂ්ණ උත්සවයක් සමරන අතර, ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයේ පුරුෂ ලිංගවල ආකෘති ඉදිකරමින් විනෝද වීම මේ පිළිබඳ අපූරු උදාහරණයකි.

    👉 ලංකාවේ සිංහල අවුරුද්ද යනු මේ ආකාරයේ දෙවියන් භූතයන් හා බැඳුණු උත්සවයක් නොව පෙර කී සියල්ලට වඩා ස්වභාව ධර්මයේ නියාමයන් සමඟ බැඳුණු උත්සවයකි. (ඒ ගැන අවශ්‍ය නම් වෙනම කතා කළ හැකිය.) එසේ වුවද අන් කිසිදු දේවවාදී ආගමක පවා නැති ආකාරයට සිංහල අවුරුද්දේ විද්‍යාත්මක බව ගැන පමණක් ප්‍රශ්න අසන සිංහල උගතුන් මෙරට බොහෝය.

    👉 සැබවින්ම ඔවුන්ගේ හැසිරීම තුළ ඇත්තේ විද්‍යාව, ආගම, සංස්කෘතිය, මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය ගැන කිසිදු අවබෝධයකින් තොර ළාමක මුග්ධ බවක් මිස කිසිදු ආකාරයක විද්වත් බවක් නොවේ.

    👉 ලෝකයේ සැබවින්ම විද්‍යාව දන්නා මිනිසුන් විද්‍යාව විද්‍යාව ලෙසත්, ආගම ආගම ලෙසත්, සංස්කෘතිය සංස්කෘතිය ලෙසත් පවත්වා ගත්තද, විද්‍යාත්මක දියුණුව අතින් ඉතා පහළ තැනක සිටින ලංකාවේ හීනමාන උගතුන් පමණක් සිය අනුකාරක විද්‍යාවේ පොල් කටුවෙන් ලෝකය වැසීමට උත්සාහ කරති.

    👉 සංස්කෘතිය යනු විද්‍යාවේ අඩි කෝදුවෙන් පමණක් මැන බැලිය නොහැක්කක් බව ඔවුහු නොදනිති.

    👉 විද්‍යාවේ දියුණුව සමඟ ආගමික හෝ සංස්කෘතික විශ්වාසයන් සපුරා අහෝසි වී යනු ඇතැයි සිතීම යල් පැන ගිය ගල් යුගයේ මතවාදයක් බව ඔවුහු නොදනිති.

    👉 ආගම් හා විද්‍යාව අතර පැරණි ලෝකයේ පැවති මාරාන්තික ගැටුම වෙනුවට අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආගමික අයිතීන්ට ගරු කිරීම නූතන ලෝකයේ පිළිගත් මානව ආචාර ධර්මයක් බව ඔවුහු නොදනිති.

    👉 ආගම් පමණක් නොව බොහෝ ආගමික නොවන සංස්කෘතික ක්‍රියාකාරකම්ද ඊනියා තර්ක බුද්ධියට අදාළ නොවන දේ බව ඔවුහු නොදනිති.

    👉 මිනිසා යනු තර්කයෙන් බුද්ධියෙන් සියල්ල මැන බලනා මහදැනමුත්තෙකු නොව සිය තර්කයේ බුද්ධියේ සියලු බලය අතාර්කික ආශාවන් වෙනුවෙන් නාස්ති කර මිය ඇදෙන ජාගර ජීවියෙකු බව ඔවුහු නොදනිති.

    👉 යමෙකු අහස ජය ගැනීමට පෙර තම මවු ඇකයෙන් පෝෂණය වී දෙපයින් සිට ගැනීමට සමත් විය යුතුය.

    👉 තමන්ගේ සම්ප්‍රදාය සංස්කෘතිය වනාහී රටක් වශයෙන් අප පෝෂණය ලබන මවු ඇකයයි. එයට පහර දී බෝම්බ ගසා දෙපයින් සිට ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැත.

    👉 විද්‍යාව, තාක්ෂණය ඔස්සේ අහස ජය ගැනීමට හැකි වන්නේ සම්ප්‍රදායෙන් සංස්කෘතියෙන් නිසි පෝෂණය ලැබූ මානසිකව සවිමත් ජාතියකට මිස විද්‍යාවේ සැතින් අධ්‍යාත්මය සිඳ ගත් හිස් බුද්ධිවාදීන්ට නොවේ.

    👉 විද්‍යාත්මක දැනුම ගැන වහසි දොඩන්නන් මිස, විද්‍යාවේ, තාක්ෂණයේ, ආර්ථිකයේ මහා ජයග්‍රහණ ලැබීමට අපට හැකි වී නැත්තේ කුමක් නිසාද?

    👉 ඊට හේතු බොහෝ තිබිය හැකි වුවද තමන්ගේ පදනම මත පා තබා ගත නොහැකි වීමද එහි එක් හේතුවක් බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුමය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න