.

.

Apr 28, 2024

වාහන ආනයනය රටේ ආර්ථිකය ගොඩනගනු ඇත.


 

වාහන ආනයනය

රටේ ආර්ථිකය ගොඩනගනු ඇත.

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


දේශීය ව්‍යවසායකයින් හෙවත් ආන්ට්‍රපෙනූවර්ලා වෙනුවෙන් මෑතක පැවති උත්සවයකදි... ජනාධිපති ලොක්කා අපූරූ ප්‍රකාශයක්  කළේය. ඒ... මේ රට ගොඩගන්නට සිස්ටම් එකක් තමන් ළඟ නැති බවත්, එය කළ හැක්කේ මෙරට ව්‍යාපාරිකයින්ට පමණක්ම බවත්ය.


ඇත්තටම වැටුන ආර්ථිකය ගොඩ ගත්තේ ඔවුන්මය. රටෙන් 1/3 එකක ත්‍රස්තවාදයක් මෙන්ම, අගනුවර මහ බැංකුවට බොම්බ ප්‍රහාර එල්ල වෙද්දීත්, රටේ ආර්ථිකය මයිනස් යද්දිත්, සහනාධාර සමඟ මේ රට ඇදගෙන ගියේ ඔවුන්මය.


එබැවින්... ගොබ්බ ගෝටා VAT එක අඩු කලාටත් වඩා... මේ රටේ ආර්ථිකයට කෙළවන්නේ... වාහන ආනයනය අත්-හිටවීමෙන් බව... අප ඒ ගොබ්බ අමණ තකතීරූ  තීරණය ගත් දිනයේම ලියා තැබුවේය. 


ඕනෑම රටක, ආර්ථිකය හැසිරෙන ක්‍රමයක්, සිස්ටම් එකක්, රටාවක් ඇත්තේය. ඒ රටාවට බධා ඇති කළ විට, සමස්ත සිස්ටම් එකම කඩා වැටෙන බව එදා අප එදා ලීවාක් මෙන්ම, රටම බංකොලොත් වී... ගොබ්බයාට පණ බේරාගන්නට රටින් පැන යන්නට වුනේ, තිබුන සිස්ටම් එක කුඩු පට්ටම් කොට ලොවෙත් නැති දේශීය ආර්ථික ක්‍රමයක් හදන්න ගිහිල්ලාය. 


අපේ රටේ ජීවන වියදම මේ තරම් වැඩි වීමට ප්‍රධානතම හේතුව... රටකට ඔරොත්තු නොදෙන රාජ්‍ය සේවය හා  පාඩු ලබන රාජ්‍ය ආයතන දිගටම නඩත්තු කිරීමය.  ඒකට දුප්පතාගේ සීනී ටිකට, පාන් පිටි ටිකට බදු ගහනවාය. කටුනායක තියෙන්නේ කොහේද කියලාවත් නොදන්නා උන් ශ්‍රී ලංකන් ෆ්ලයිට් වල යනවාය. මේ ගහනා බදු වලින් විශාල ප්‍රමානයක දායකත්වය දැරුවේ.... රථවාහන ආනයනය මත ගහනා බද්දෙන් ය. 


අපේ රටේ මෝටර් සයිකලයක් හෝ වීල්ලෙකක් මිලදී ගන්නා සල්ලිවලින් ඉන්දියාවේ මෝටර් සයිකල් එකක්  හෝ ත්‍රී වීල් දෙකක් ගන්නට පුලුවනිය. ඒ කියන්නේ අපේ එකා ඉන්දියාවේ එකාට වඩා දෙගුණයක් හම්බ කරලාය. ත්‍රී වීලර් හා සාමාන්‍ය වාහන වල තත්වයද එසේමය. 


අධි සුඛෝපභෝගි නම් 300% - 400% ක බද්දක් ගැහුවේය. කොටින්ම පාර්ලිමේන්තු එන දේශපාලුවන්ට හා රට කන රාජ්‍ය නිළධාරින්ට දුන් වාහන පර්මිට් එක විකුණා... උන්ද ගොඩ ගියේ..

ඒවා වැඩිම මිළකට මිළදී ගැන්මට තරම් ආර්ථික ශක්තියක් සහිත ව්‍යාපාරික ප්‍රජාවක් රටේ සිටී නිසාය. කෝටි 7-8 වාහන වීල් වගේම පාර පුරා යන්නේ ඒ නිසාය.


ලංකාවේ ආර්ථිකයේ දැති රෝද ගොඩාක් ඇත්තේ නැතිය. ඇත්තේ එක රෝදයක් විතරය. ඒ පෞද්ගලික අංශයේ ව්‍යාපාර හා ව්‍යාපාරිකයින්ය. මෙහි ප්‍රධානම දැති රෝදය වූයේ වාහන වෙළඳාමය.  


ඕනෑම ආර්ථිකයක ප්‍රධානම අංශයන් වන, නිශ්පාදන, කෘෂිකාර්මික හා සේවා යන අංශයන් තුනම දුවන්නට නම්... රථවාහන අත්‍යාවශ්‍යම වන බව මේ ගොබ්බ තකතීරූ තීරණය ගත් වුන් නොදන්නා බව අප ලිව්වේ එදාමය.


එමෙන්ම රටේ කෘෂිකර්මය හා කර්මාන්ත සංවර්ධනයට කියා බැංකුවලට ලබා දෙන අඩු පොලී මුදල් සියල්ල... බැංකු විසින් ලබා දෙන්නේ නිවාස ණය, පෞද්ගලික ණය හා වාහන ලීසිං සඳහාය. ඒ.... ණය මුදලට පොලු වැටෙන්නේ නැතිව එය නැවත ලබාගැනීමේ හැකියාව ඇති නිසාත්, වැඩි පොලියට දීමෙන්... බැංකුවේ ලාබය දෙගුණ තෙගුණ වන නිසාත්‍ය. පන් ගොයියන්‍ට දී ඉල්ලගෙන කනවාට වඩා එය රිස්ක් ෆ්‍රීය.


ලංකාවේ සමස්ථ ආර්ථිකය මෙන්ම දේශීය හා විදේශීය වෙළඳාමද බැඳී තිබුනේ, වාහන ඉම්පෝට් බිස්නස් එක මතය. වාහනයක් දෙකක් ආනයනය කොට හොඳ ජීව්න තත්වයක් පවත්වාගෙන ගිය උන්ද අනන්ත බිහි වුනේය. රටේ අස්සක් මුල්ලක් නෑර කාර් සේල් බිහි වුනේය. කටුගස්තොට, කුරුණෑගල, නුගේගොඩ, විජේරාම, හොරණ පාර ජපානය මෙන් බැබලුනේය. ඒ කිසිවක් ගැන නොසිතු අමන හැත්ත කලේ... එක රැයින් මේ සියල්ල නවතා දැමීමය. මුන් හිතුවේ රටේ ආර්ථිකය... අත් කරත්ත, බර කරත්ත හා ෆුට් සයිකල්වලින් ඇදගෙන යන්න පුලුවන් කියලාය. 


එය බෙල්ල කැපුවා වගේ කපපු ගමන් රටේ ඇති වූයේ පට්ට ෆේක් ඉකොනමියක් හෙවත් සම්පූර්ණයෙන්ම විකෘති ආර්ථිකයක්‍ ය.  රටේ පැවති වාහන වල මිළ 200% - 300% කින් වැඩි වී, වාහන කොටස් වල මිළද එසේම කෘතිමව වැඩි වූ අතර... ඊට සාපේක්ෂව හාල් කිලෝ එකේ සිට බිත්තරේ දක්වා මිළ අහස උසට ගියේය. ඒවා ගන්න සල්ලි නැති නිසා කොන්ඩෙ කපන එකස් උගේ චාර්ජ් එකත් වැඩි කළේය.


රටේ තියෙන ඩොලර් සංච්තේ බේරාගන්න කරපු මේ තකතීරූ වැඩෙන් අන්තීමට තෙල් ටික ගේන්නවත් ඩොලර් නැති වූවා පමණක් නොව, ඩොලර් එක ජම්බෝ ජෙට්ටෙක වගේ ඉහළ ගියේය. ඒත් උන්ට ඒ පිළිබඳ කිසිඳු හැඟීමක් හෝ අවබෝධයක් නොවූයේ මුන් තියරි කාරයෝ මිස ප්‍රැක්ටිකල් බිස්නස් කාරයෝ නොවුනු නිසාමය.


වාහන, සෙල් ෆොන්, වොෂින් මැෂින්, විදුලි ගෘහ උපකරණ කියන්නේ තවදුරටත් සුඛෝපභෝගි භාන්ඩ නොව අත්‍යාවශ්‍ය භාන්ඩ වී හමාරය. මේවා නොදන්නා විපක්ෂ අමන ගොබ්බ අම්බ තකතීරුවෝ....


තව දුරටත් දේශීය ආර්ථිකයන් ගැන සම්පාකාර සිස්ටම් ගැන පාරම්බාන්නේ... ඇස්පනාපිට සිඳු වූ ව්‍යසනය ගැන කිසිඳු අවබෝධයක් ඇත්තේ නැති නිසාමය. කොටින්ම උන් භාන්ඩ මිළ හා උද්ධමනය අතර වෙනස හෝ නොදන්නා උපාධිදාරී තකතීරූ වඳ කහ ගොබ්බයෝය.


මෙවන් අමනයින්ට බලය ලබා දී නැවතත් පරිප්පු කනවාද, එසේ නැත්නම් ආර්ථිකය හැසිරෙන්නේ කෙසේද කියා අවබෝධයක් ඇති එකා එක්ක ඉදිරියට යනවාද කියනෙක ජනතාවට බාර තීන්දුවක්මය.


ඒ වගත් මෙසේය....

.

21 comments:

  1. මාතා,

    ලංකාවේ බහුතරයක් හිතනවා අපිට මේ ප්‍රශ්න වලට මුල දෙසපාලුවන්නේ හොරකම කියල, හොරකම විශාල ප්‍රශ්නයක් තමයි නමුත් බොහෝ දෙනා දන්නේ නෑ අකාර්යක්ෂම සහ පලදායිතාවයෙන් තොර රාජ්‍ය සේවය නඩත්තු කිරීම කියන්නේ සොරකම වගේ විසි තිස් ගුණයක මුදල් නාස්තියක් කියල.

    මිනිස්සු හිතන්නේ සොරකම නතර කරන්න මාලිමාවට පුලුවන් කියල, මාලිමාව කියන්නේ හරිනි අමරසුරිය වැනි වාමාංශික නොවන උගතුන් යොදා සිනි තවරලා බලය ලබාගන්න තමයි උත්සාහය, මේ පක්ෂයේ විශාලම සාමාජික පිරිස ජනතා විමුක්ති පෙරමුණයි, මෙහි සාමාන්‍ය සාමාජික පිරිස කියන්නේ හීනමානයෙන් මනස විකුර්ති වෙච්ච පිරිසක් මොවුන් තමයි විශ්ව විද්‍යාල වල නවකවදය දෙන පිරිස, මේ ලදී හරේන්ද්‍ර ජයලාල්, යසෝදා විමලදර්ම සමග කල සකහ්ච්චාවේ මේක මනාව පෙන්වනවා, මෙතැනදී මහාචාර්ය වරයෙක් උන යසොදගේ පියා තම දියණිය, විශ්ව විද්‍යාලයේ තම දියණියව අමානුෂික ලෙස නවකවදය ලබාදෙන ආකාරය ගැන කම්පා වෙන ආකාරය සදහන් වෙනවා, එතැනදී යසෝදා කියනවා නවක වදය දුන් වදකයන් ඇයට කියනවා " ඔබ මේ විශ්වවිද්‍යාලයට ඇවිල්ල තියෙන්නේ දුප්පත් කෙනෙකුට දෙන අවස්ථාව පාවිච්චි කරලා, ඔබ මේ විශ්වවිද්‍යාලයට සුදුසු නෑ " කියලම කියල තියනවා මේ තමයි මොවුන්ගේ මානසිකත්වය.

    දැන් අනුර කියනවා රාජ්‍යසේවය පවත්වනවාලු ජාතික ගුවන් සේවය රජය යටතේ පවත් වනවලු, බදු අඩු කරනවලු, මේ කරන්න යන්නේ ගොබ්බ ඝෝට කල දේමයි. මොවුන් බලයට ආවොත් ඝෝට වගේ පැනල නොගොහින් රට මිහිපිට අපායක් කරනවා.

    ReplyDelete
    Replies
    1. ලංකා සිතුවිලි

      ජවිපෙ ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයට සම්බන්ධ විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරී වෘත්තීය සමිතිය ප්‍රමුඛ මනු කියවන්නන් විදුලි සේවක විවිධාකාර වෘත්තීය සමිති එකමුතුව විසින් ලංකාවේ ආර්ථිකය ඉතාම ඉක්මනින්ම නැංවීමට බලශක්ති ක්ෂේත්‍රය ගොඩනැගීමට ඉතාම විශිෂ්ට සැලසුම්සහගත දැක්මක් ඉදිරිපත් කර තිබෙන බවද දැනගන්න.

      මේක බලලා පුළුවන් නම් මේකට සහයෝගය දෙන්නට ජාතික ජන බලවේගය සමග ඔබත් එක්වන්න

      ///විදුලි අර්බුදය අර්බුදයක් උවද ලොව බලශක්තියෙන් ඉහලම රට ලංකාවයි
      ** 365 දවසෙම හොදින් සූර්යාලෝකය ලැබීම ( සූර්ය පැනල මගින් විදුලිය නිපදවීම)
      ** රට වටේම ගංගා දිය ඇලි ඇළ දොළ තිබීම ( ජල විදුලිය )
      ** රට වටා හුළං තිබීම(හුලං විදුලි බලාගාර )
      **රට වටා මුහුද ( මුහුදු රළ මගින් විදුලිය නිපදවීම.

      ප්‍රංශයෙ හිරු එළිය ලැබෙන්නෙ අවුරුද්දට අස දෙක තුනක් පමණි.නමුත් ඔවුන් සූර්ය පැනල සවිකරගන්නා නිවෙස් වලට ඒ සදහා යන සියලුම පිරිවැය රජය විසින් දරන අතර නිවසෙ භාවිතයට වඩා නිපදවන අමතර විදුලිය රජය නොමිලෙ ලබා ගනි.ඔවුන් එය පොදු ප්‍රවාහනය (ඉලෙක්ට්‍රික් බස්,කෝච්චි මෙට්ට්‍රො ,ට්‍රෑම්ප් හා අනෙකුත් අවශ්‍යතා සදහා යොදා ගනි.තවද වාහන ඉලෙක්ට්‍රික්,හයිබ්‍ර්ඩ් ,පෙට්‍රල් ,ඩීසල් වාහන A B C D E යනුවෙන් ස්ටිකරයක් අලවා පෙට්‍රල් ඩීසල් වාහන වර්ශය අනුව නගරයට පැමිනීමට තහනම් කරමින් ඒවා භාවිතයෙන් ඉවත් කර විදුලි වහාන භාවිතයට යොමු වේ.

      365 දවසෙම හිර එළිය තියෙන අපේ රටේ නිකන් ලැබෙන හිරු එළියෙන් ප්‍රයෝජන ගැනීම ඉතා අවම කර අවදානය ඉතා අල්ප වශයෙන් යොමු කර රටේ නැති ඩීසල් ගල් අගුරු විදුලි බලාගාර නිපදවා රටේ තිබෙන තුට්ටු දෙකත් පිටරටට දී රට තව තවත් දුප්පත් කරයි.

      සූර්ය පැනල භාවිතය සදහා ජනතාව උනන්දු කර ඒ සදහා හැකිතරම් සහන දී රටේ හැකිතරම් නිවෙස්වල වහලවල් සූර්ය බලාගාරයක් කර ඉතා විශාල ලෙස විදුලිය පරිභෝජනය වන සියලුම රජයෙ ආයතන සූර්ය පැනල භාවිතයට යොමු කිරීමෙන් හා ඉතා විශාල විදිලි පරිභෝජනයක වන වීදී ලාම්පු සූර්ය පැනල වීදී ලාම්පු බවට පරිවර්තනය කිරීමෙන් රටට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි වේ.
      ඩොලර් නැතුව පැය ගනන් විදුලිය නැතුව සිටීමෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි උවානම් 100% පුනර්ජනනීය බලශක්තියෙන් රටශක්තිමත් කලානම් රටට කතරම් ඩොලර් ප්‍රමාණයක් ඉතිරිවේද?

      රටට ගෙන්වන සියලුම වාහන විදුලි වාහන බවට පරිවර්තනය කිරීමෙන් හා ඒ සදහා පහසුකම් සැලසීමෙන් අපේ රටේ නොමැති රටේ ඩොලර් පිටරටට දී රටට ගෙන්වන ඩීසල් පෙට්‍රල් සදහා යන විශාල ධනයක් රටට ඉතිරි කල හැක.

      තවද සූර්යාලෝකයෙන් නොමිලෙ ලැබෙන විදුලියෙන් ඉලෙක්ට්‍රික් උදුන් භාවිතයෙන් අප රටට ගෙන්වන ගෑස් සදහා වැය කරන ඩොලර් ප්‍රමාණයද රටට ඉතිරි වේ.එය කෙතරම් වැදගත්ද යන්න ඩොලර් නැතුව තෙල් නැව් ගෑස් නැව් එනකන් බලන් සිටිය වකවානුවෙන් මැනවින් පෙන්නුම් කරයි.

      පුනර්ජනනීය බලශක්තියෙන් පිරිපුන් අපේ රට විදුලිය නිපදවා අතිරික්තය පිටරටට අලෙවි කර විදේශ විනිමයෙන් රට පෝසත් කිරීමටද හැක.

      නමුත් එසේ කලහොත් අපේ රටේ නැති ඩීසල් පෙට්‍රල් ගල් අගුරු ගෙන්වීමෙන් ලබා ගන්නා කොමිස් මුදල එය ලබා ගන්නා පාර්ශවයන්ට අහිමි වේ.
      තවද රට පෝසත් වීමෙන් රටේ ජනතාව පෝසත් වීමෙන් දේශපාලකයන්ට බඩු මල්ලක් දී ලැට්පෝච්චියක් ටකරමක් රු.5000/= ක් දී ජනතාව රවටා ජන්දය ලබා ගැනීමට අසීරුවේ./

      Delete
    2. ඔහොම කියනකොට මට අපුරු යමක් මතක් උනා, මගේ ඤාතියකුට ලංකාවේ ගාලු දිස්ත්රික්කයේ පොඩි හෝටලයක් තිබුන, මුද අද්දර,මෙහි වායුසමන ආදී සියලු පහසුකම් තිබුන, මේ 2019 කාලයයි, ඔහුට මේ කාලේ විදුලිබිල 150,000 පමණ මසකට ලැබුන, මෙනිසා සුර්යපැනල යොදන්න තීරණය කල අතර මේ කාර්යට ලක්ෂ 13 ක් පමණ ඔහු වැයකලා, මෙහිදී ඔහු තෝරාගත් සමාගමට විදුලිය ලබාදීමට මාස 3 කට කිට්ටු කාලයක් ගත උනේ ඔබ කියන ඉංජිනේරු සංසදය මේ ක්‍රියාවට පුර්ණ සහයෝගය ලබාදුන්නේ නැති නිසා.

      ඔවුන් කලේ පාරිභෝගිකයා අදයිරමත් කිරීමයි, මොකද ඔබ හිතන්න ඔබ ණයක් අරගන මේක කලානම් මාස 3 යනතුරු ඔබට මෙතෙක් ලැබෙන බිල ලබමින් මෙය ඉවසන්න වෙනවා.

      මේ කටයුත්තේ දී සම්පුර්ණ ප්‍රශ්න අතිකලේ දේසපාලුවන් නොවන බව මතකතබාගන්න.

      Delete
    3. @ ලංකා.සිතූවිලි සහ ඇනෝ

      ඔබේ ඥාතියාට කිරීමට තිබුණේ විදුලි බල මණ්ඩලයේ සබඳතාවය එමර්ජන්සි ස්ටෑන්ඩ්බයි ලෙස තබාගෙන සම්පූර්ණ සෝලා ඕෆ් ග්‍රිඩ් පද්ධතියක් බැටරි ද සහිතව සවිකර පසුකාලීනව නෙට් මීටරින් කිරීමට උත්සාහ කිරීමයි, සෝලා වැනි පද්ධති මධ්‍යගත කරනවාට වඩා කාර්යක්ෂම එයයි

      ඒ කාලේ එම බැටරි පද්ධතියට තවත් ලක්ෂ හතක් පමණ ගියා වුණත් එම මුදල මාස පහකින් රිකවර් වෙනවා, සෝලාර් පැනල් වල ගානත් මාස නමයකින් රිකවර් වෙනවා, උපරිම වසර එක හමාරකින් ඔහුගේ මුලුමුනින්ම වියදම කවර් වෙනවා, අධික වැසි සහිත කාලගුණය පවතින කාලවල අවශ්‍ය ලෙස බැටරි වල බලය නැති වුණොත් ලංවිමෙන් අවශ්‍ය විදුලිය ලබාගන්න පුළුවන්

      ජවිපෙ ජාතික ජන බලවේගය නැතහොත් මාලිමාවට සම්බන්ධ ඇනෝ,

      ජවිපෙ මාලිමාවේ අය කියන ඔය කියන රසකතා සුන්දර සීනි බෝල කතා විතරයි ලංකාවට ජලය සූර්ය සුලං වගේ නිතර වෙනස්වන ප්‍රභව වලට අමතරව ස්ථිරසාර ගල් අඟුරු බලාගාර දෙකක් වත් ඕන විදුලිබල ස්ථාවරත්වය තියාගන්න

      ලංකාවේ ජල විදුලිය නිෂ්පාදන විභවය ඉතාම සීමිතයි අනික ජවිපෙ උමාඔය ව්‍යාපෘතියට අකුල් හෙළීම ගැනත් සමන්ත විද්‍යාරත්න නොකියන උමා ඔයේ ඇත්ත පාඩුව ගැනත් හිතන්න ඕන

      උමා ඔය ව්‍යාපෘතියේ සමස්ත වියදම ඩොලර් මිලියන 529කි.
      සමන්තලාට අනුව එහි හොරකම ඩොලර් මිලියන 250කි..

      මේ තමා දැන් සමන්ත කියන සමන්තලාගේ රජයක් යටතේ සෙවීමට යන උමා ඔයේ පාඩුව.
      හැබැයි ඒ කාලෙ එයා කිවුවෙ උමා ඔය ඉවර වෙද්දි බණ්ඩාරවෙල බදුල්ල කාන්තාර වෙනවා කියලා.නමුත් එහෙම වෙලා නැත..

      අපි දැන් සමන්තගෙ හිලේ කතා පැත්තකින් තියමු..

      ඇත්තටම උමා ඔයේ පාඩුව ඔය කියන ඩොලර් මිලියන 250ද?

      සාමන්‍යයෙන් ජල විදුලියෙන් නිපදවන ඒකකයක් ඩීසල් වලින් නිපදවන ඒකකයකට වඩා රු.50 - 80 අතර ප්‍රමාණයකින් මිල අඩුය.
      ලංකාවෙ සමස්ත විදුලි ධාරිතාවය මෙගාවොට් 4905යි
      ජල විදුලියෙන් 1383යි
      එක්වරකදී අපගේ උපරිම අවශ්‍යතාවය මෙගාවොට් 2750 - 3000ත් අතර ප්‍රමාණයක්.

      ජලයට අමතරව ගල් අඟුරු,ඩීසල්, පුනර්ජනනීය, සූර්‍ය සහ සුළං ලෙස විදුලිය නිපදවන අතර අවශ්‍යතාවය අනුව අවම පිරිවැයේ සිට ඉහළට යන සේ මෙගාවොට් 3000 දෛනිකව ලබා ගනී.

      අප භාවිතා කරන ඒකකයක් යනු වොට් 1000ක බල්බ් එකක් පැයක් පාවිච්චි කිරීමය.
      වොට් 1000ක් යනු කිලෝ වොට් 1කි..
      කිලෝ වොට් 1000ක් යනු මෙගාවොට් 1කි.

      ජලය සහ ඩීසල් මඟින් ඒකකයක් නිපදවීමේදී ඉහත කී පරිදි ජලයෙන් නිපදවෙන ඒකකයට රු.50ක ලාභයක් ඇත.

      උමා ඔය යනු මෙගාවොට් 120ක ව්‍යාපෘතියකි.ඩීසල් බලාගාර වලින් ලබා ගත් මෙගාවොට් 120ක් දැන් අපට උමා ඔයෙන් ලබා ගත හැක..මේ නිසා ලැබෙන ලාභය දිනකට බැලුවොත්

      KW 1000ක් = MW 1යි
      KW 1000ක් පැයක් භාවිතා කිරීම යනු Unit 1000කි.
      අවම ලාභය රු.50 ලෙස ගතහොත් පැයකට
      1000x50= 50000 යි.මේ මෙගාවොට් 1ක ලාභය..
      උමා ඔයේ ධාරිතාව 120MW.ඒ අනුව
      120×50,000 = 6000,000 (මිලියන 6කි)
      පැය 24ට
      24×6 = 144

      උමා ඔය ව්‍යාපෘතිය නිසා දිනකට විදුලිබල මණ්ඩලයට මිලියන 144ක ඉතුරුවක් ඇත.
      මසකට 144x 30= 4320 කි.
      මසක ලාභය රු.බිලියන 4.32කි..

      සමන්තලා නිසා 2015 විවෘත කිරීමට තිබූ උමා ඔය විවෘත වූයේ වසර 9ට පසුවය..

      වසර 9ක් යනු මාස 108කි. මසක පාඩුව බිලියන 4ක් සේ ගතහොත්
      108x4= 432

      අවම වශයෙන් පාඩුව බිලියන 432කි..
      අපි මේක ඩොලර් වලට බැලුවොත්
      432÷300= 1.44කි

      සමන්තලා නිසා ඩීසල් බලාගර වලින්
      MW 120ක් මිලදී ගැනීමට අමතර ඩොලර් මිලියන 1440ක් රජයට වියදම් වී ඇත..

      නමුත් සමන්තලාගේ ආණ්ඩුව ඇවිත් අල්ලන්න යන්නෙ ඩොලර් මිලියන 250කි..

      සමන්තලා වගේ අවස්තාවාදී කුහකයො ව්‍යාපෘතිය පමාකරවීම නිසා නැති වුන ඩොලර් මිලියන 1440 ගැන කවුරුත් කතා නැත..

      (ඉහත ඉලක්කම් සුලු වශයෙන් අඩු හෝ වැඩි වීමට හැකියාවක් ඇත)

      Delete
    4. @ LankikaSithuilli

      ඔය වගේම සාම්පූර් බලාගාරය ඉදිකිරීමට එරෙහි වීමෙනුත් ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට විශාල පාඩුවක් වුණා කියල කියනවා නේද?

      ඊට අමතරව ලංකා ඔයා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් බව ඔයාගේ බ්ලොගයෙන් පෙනුන නිසාත් ගෝලීය පොලිටිකල් ගේම් සහ ලොව ධනවත් බලවත් බහුජාතික සමාගම් දෙන ගේම් ගැනත් හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් නිසාම ඔයාගෙන් යමක් අහන්න ඕන.

      ඇත්තටම ලංකා ශ්‍රී ලංකාව තුල චීන කොළණිකරණයක් ගැන කෑ ගහපු උදවිය ඇත්තටම මේ,රටේ,හැදුවේ වේ ඉන්දියානු බුද්ධි අංශ මගින් බවයි මගේ මතය.

      අපි චීනය සමග ගිය සංවර්ධන ව්‍යාපෘති වලට ලංකාවෙි චීන කොළණිකරණයක් ක්‍රියාත්මක කරනවා කියලා හඩ නැගූ පිරිස ඔබට මතකද?

      නමුත් අද වෙන විට චීනය විසින් එහෙම චීන කොළණිකරණයක් ලංකාව තුල කරලා තියනවද?

      අපි ගෝල්ෆේස් එක ලගින් චීනයේ ෂැංග්‍රිලා හොටලයට අක්කර පහක් ලබා දී ඩොලර් මිලියන 400ක ආයොජනයක් (එවකට ) රටට ගන්න කොට ලංකාවේ වටිනා ඉඩම් චීනයට විකුණනවා කීව අයම

      ඉන්දියානු ආයෝජනයක්,ලෙස ඉන්දියා රත්නදීප ටවර්,හොටෙල් එකට අක්කර පහක්,ඩොලර්,මිලියන 500කට ගෝල්ෆේස් එකේම ඉඩම් දුන්න විට කිසිම සද්දයක් නැති වුනේ,ඇයි?

      ඒ වගේම

      ඉන්දියාව කොළඔ දිස්ත්‍රික්කයටත් වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් ත්‍රිකුණාමලයේ ආයෝජන කලාපයක් ලෙස පෙන්වමින් ඉන්දියානුවන් එතුළට සේවකයන් ලෙස ගෙනෙමින් පදිංචි කිරීමට සැරසෙන මහා පාවාදීම ලග චීන කොළණිකරණයක්,ගැන දොඩවපු කොටස් දැඩි නිහඩ බවක් හෝ එය ඉන්දියානු ව්‍යාප්තවාදයක් ලෙස දකිනිනේ හෝ විරෝධයක් නොදක්වන්නේ ඇයි?

      ඊනියා දෙමළ ඊලාම් රාජ්‍යය කියා පෙන්වු කලාපය තුළ ඉන්දියාව කිසිදු,වෙනත්,රටක ආයොජනයකට ඉඩ දෙන්නට ඇති අවස්ථාවන් බලහත්කාරය යොදමින් ඉන්දියානු ආයෝජන වලට පමණක්ම ඉඩ හදමින් වෙනම ඉන්දියන් ව්‍යාපෘතිකරණයක්, වේගයෙන් ක්‍රියාත්මක කරන විට එදා චීන කොළණිකරණයක් ගැන කෙස් පැලෙන තර්ක කරපු අය නිහඩව ඉන්නේ ඇයි??

      ඇත්තටම ඉන්දියාවට වැඩි බළයක් වාසියක් අයිති වෙන පාලම් හරහා ලංකාව ඉන්දියාවට යා කිරීම/ තෙල් ගෑස් විදුලිය නළ මගින් ඉන්දියාව සහ යාකිරීම වැනි ඉන්දියාව එළිපිට අපිව තවත් එක ප්‍රාන්තයක් හෝ ඉන්දියාව මත යැපෙනවා විනා වෙන විකල්පයක් නැති තැනට අපිව ඉන්දියානු කොළණියක් බවට පත්කිරීමට කටයුතු කරන විට එදා චීන කොළණිකරණයක් ගැන කරපු අය නිහඩ ඇයි?

      චීනය බලහත්කාරය යොදා චීන ආයෝජකයන්ට පමණක් ලංකා රජය සතු ව්‍යාපාර මිළට ගන්න අවස්ථාව හැදුවේ නැති අතර අද ලංවිම/ ටෙලිකොම් වැනි ආයතන පමණක් නොව නුවරඑළියේ තැපල් ස්ථානය වැනි ස්ථාන පවා ඉන්දියානු ආයොජකයන්ට හැර වෙන විදේශික හෝ දේශීය අය කිසිවකුට ගන්න ඉඩ නොදී බලහත්කාරීව රටට මැදිහත් වන විට එදා චීන කොළණිකරණයක් ගැන කියපු අය පුදුම ලෙස නිහඩ ඇයි?

      සරළවම එදා රටේ චීන ව්‍යාපෘති වලට අපහාස කරේ කඩාකප්පල් කරන්න කටයුතු කරේ චීන කොළණිකරණය යන්න සමාජගත කරේ

      ඉනිදියානු බුද්ධි අංශ විසින් මිළට ගත්ත ලංකාවේ

      දේශපාලන පක්ෂ
      වෘත්තීය සංවිධාන
      සිවිල් සංවිධාන
      සිවිල් සහ දේශපාලන චරිත

      වැනි කොටස් හරහා බවයිශමට පේන්නේ.( දැන් ඔවුන් කවුරුන්ද යන්න ඔබට අතීතය මෙනෙහි කිරීම් මගින්ද වටහා ගත හැකි වේවි) ‼️

      ඉන්දියාව මේවා කරේම ලංකාව චීනය සමග ඉදිරියට ගියහොත් තමන්ට අපේක්ෂා කරන තරමට දුර්වල ගැති කීකරු රටක් නොවන බවත් ස්වාධීන බලවත් රටක් තම රූකඩයක් සේ ආම්බාම් කිරීම ඉතා අපහසු බව දන්නා නිසාත්

      ඉන්දියාව තදාන්න රටවල් ඈදාගනිමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන නුතන මහා භාරතය සංකල්පිත අඛණ්ඩ් භාර්ත් හින්දු මුලික ව්‍යාප්තවාදය තුළට ලංකවෙ නතුකර ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙනි.‼️

      මෙම හින්දු ඉන්දීය උවමනාව අපි ක්ෂුක්ෂමව මගහැර යා හැකි ශක්තිමත් පාලනයක් සකස් කර නොගත්තොත් අපට සිද්ධ වන්නේ මුලින්,

      රුසියාව විසින් මුලින්ම රුසියානුවන් බහුළ ක්‍රිමියාව රුසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කියා යුක්‍රේණයෙන්
      වෙන් කර වෙනම රටක් ලෙස පිළිගත්තා වගේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ආරක්ෂාවට කියා බෙදා වෙනිකර වෙනම රටක් ලෙස පිළිගන්නා අතර

      රුසියාව යුක්‍රේණය පසුව ආක්‍රමණය කලාක් මෙන් ඉන්දියාවේ ආරක්ෂාවට කියා ලංකාව ආක්‍රමණය කිරීමයි. 🔺

      මෙම උවදුර අද රටට කියන විමල් වීරවංශ වැනි පිරිසට පහර දෙන අපහාස කරන පාච්චල් කරන පිරිස ගරන ඔබ බලන්න.

      ඒ පිරිස එදා චීන කොළණිකරණයක් ගැන කියමින් බාධා කරන ලද කොටසමයි.‼️

      එනම් එදා බොරු චීන කොළණිකරනය යන්න සමාජගත කරන්නේද අද ඇත්ත ඉන්දියානු බලහත්කාරයට විරැද්ධව රට ඇතුලේ හඩ නගන පාර්ශව වලට පහර ගහන්නෙත්

      ලංකාවේ ක්‍රියාත්මක වන ඉන්දිය බුද්ධි අංශ විසින් මෙහෙයවන කුලී කරුවන් විසින්ම බවයි මට හිතෙන විදිහට, ඔයාට මේ ගැන මොනව ද හිතෙන්නේ?

      Delete
    5. ඔය කියන හොටෙල් එකේ උපරිම ලෝඩ් එක kW කීයක් විතර ද?

      48V ඕෆ් grid බැට්රි සිස්ටම් එකක් දානවා නම් අද මිල රුපියල් 690 000/=
      EVE 280Ah , 2024 Feb, Grade A, Brand New , JK BMS

      Delete
    6. ඇනෝ ,

      මෙහෙමයි ලෝකයේ සියලුම රටවල බුද්ධි අංශ මේ රටේ ක්‍රියාත්මක වෙනවා, එහෙම වෙන්නේ තම රටවල පැත්තෙන් උපරිම වාසිය ලබාගැනීමට. මෙතැනදී නවීන ලෝකයේ ප්‍රශ්නය පවතින්නේ රටවල් අතර පවතින අධිරාජ්‍යවාදය නෙමෙයි විශාල සමාගම් අතර පවතින තම වෙළදපොල කොටස බෙදාගනිමයි, මෙහිදී මා සිටින තොරතුරු තක්ෂණික අංශය ගැන ගත්තොත් මම සමහර වැඩ කර ගන්නේ ඉන්දියානුවන් ලවා නමුත් අවසාන ප්‍රතිඵලය විකුනන්නේ යුරෝපයට ඇමරිකානු එක්සත්ජනපදයට හෝ ඔස්ට්‍රේලියාවට, මෙහිදී මම ශ්‍රී ලංකාවට සෑහෙන විදේශ විනිමයක් ගෙනැවිත් තියනවා.

      අද ලෝකයේ ශ්‍රී ලංකාවේ පමණක් යමක් නිපදවා විදේශ වල විකිණීම ප්‍රායෝගික නෑ මෙහිදී අප රටාවක් ගණනාවක් සම්බන්ද කරගන්නව.

      2015 වේ වික්‍රමසිංහ සිරිසේන රජය පවතින කාලයේ සිදුවීමක් මගේ මිත්‍රයකු මාර්ගයෙන් දැනගත්ත, ඒ තමයි ශ්‍රී ලංකාවට සුර්ය බල පැනල ලබාදිමි සමාගමක් පැමිණිලා තියනවා, එහිදී හිතන්න ඔබට නිවසක් තියනවා එම නිවසේ සුර්යපැනල මේ සමාගම නොමිලේ සවිකරනවා මෙහිදී ඔවුන් පැනලයෙන් සාදන විදුලියෙන් 50% නිවසේ අයිතිකරු සතු වෙන ආතර ඉතිරි 50% සමාගම සතු වෙනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක නොවීමට ප්‍රභල හේතුවක් උනේ ශ්‍රී ලංකා විදුලිබල ඉන්ජිනරුවන් කිව්වා මෙවැනි දෙයක් පද්දතියට එකවර ලබාගැනීමට අපහසු උවමනා තරම් ට්‍රාන්ස්ෆෝමර් නැතිනිසා බවයි, මෙහි යම් තාක්ෂණික අත්තක් තිබුනත් 100% සත්‍ය නෙමෙයි මොකද ඉතා සුළු ආයෝජනයකින් මෙය කිරීමට හැකියි. නමුත් මෙය ක්‍රියාත්මක වුනේ නෑ

      මගේ ඥාතියාට තිබුනේ පොඩි හෝටලයක් ඔහුට හැකි උනා එවක විදුලිබිල රුපියල් 250 ට පමණ අඩු කරන්න (මම හිතන්නේ මෙය ස්ථාවර ගාස්තුව ) කලින් 150,000 පමණ ඔහු මසකට ගෙව්වා. මේ 2019දී.

      විමල් විරවංශ කියන්නේ මෝඩ මිනිසුන් රවටන තක්කඩියෙක්, ඔහු වරක් කිව්වා Google වර්ජනය කලයුතු බව.

      Delete
  2. අපේ රටේ අලුතින්ම එකලස් කරපු බස් රතය ලීටරයට කි.මි.15ක් යන්න පුලුවන්ලු ර්ජයට කිව්වට වැඩක් නැතිලු කියල හදපු කෙනා කියනව..මහ උජාරුවට අනුන්ගෙ දේවල් කියවන වෙලාවෙ අපේ රටේ දේවල් වලට රජයෙන් හරි ඉඩක් ගන්න පුලුවන් මාද්‍ය ආවරනයක් ලබා දෙන්නේ නැති නිසා මේ රට හදන්න ඕන නම් අනිවාර්යයෙන්ම මාලිමාවට බලය ලබා දීපල්ල..

    ReplyDelete
    Replies
    1. @මාමා

      ඇත්තම කතාව රජයට කියලා වැඩක් නෑ. දෙයක් හදනවා නම් investments හොයාගෙන එක්කෝ තමන් හදන්න ඕන, නැත්නම් හදන්න පුළුවන් company එකකට සම්බන්ධ වෙලා එහෙම හදන්න ඕන. මොකක්හරි අටවන් රජයෙන් මොනවත් අපට කරන්නේ නෑ රජයට බනින එක නෙමෙයි කරන්න ඕන. Product එකක් කරන මිනිස්සු කවදාවත් රජය හොය හොයා ඉන්නේ නෑ.

      ලංකාවෙ ඔය මොක හැදුවත් වැඩක් නැතුව ඇති, පිටරටින් ඊට අඩු cost එකකින් අලුත් වාහන ගේන්න පුළුවන්. මම නම් business ඉගෙනගෙන නැහැ, හැබැයි ඕවා සරලව කොමන් තේරෙන මූලික business principles.

      Delete
  3. වැඩ නොකරන අය එන්නෙත් අප අතරෙන්
    දේසපාලුවන් එන්නෙත් අප අතරෙන්
    අපටම ඔබින අය බිහි වෙයි අප අතරෙන්
    වෙනස්වීම අරඹමු අපි, අප අතරෙන්

    ReplyDelete
    Replies
    1. නිදී

      මේ ඉන්නෙ නලීන් හේවගේ ඒකාලෙ මැරුවා කියපු හොරු ස්ත්‍රී දූෂකයෝ කීපදෙනෙක්...
      ● රිචර්ඩ් ද සොයිසා
      ● ප්‍රේමකීර්ති ද අල්විස්
      ● තේවිස් ගුරුගේ
      ● සාගරිකා ගෝමස්
      ● මහින්ද බණ්ඩාර විජේකෝන්
      ● එච්. ඊ දයානන්ද
      ● එන්.ජී ප්‍රේමරත්න
      ● කුලසිරි අමරතුංග
      ● විජය කුමාරතුංග
      ● ගාමිණී මැදගෙදර
      ● මහින්දබාහු
      ● ටී. අමරදාස
      ● අමර වෙල්ලප්පිලි
      ● එස්.බී යාලේගම,
      ● එල්. ඩබ්ලිව් පණ්ඩිත
      ● ගාමිණී තුඩාවේ
      ● එම්.ඩී.එම් චන්ද්‍රවිමල
      ● ජෝෂ් රත්නායක
      ● දේව බණ්ඩාර සේනාරත්න
      ● හෙන්රි පමුණුව
      ● ටී.බී විජේසූරිය
      ● නන්දන මාරසිංහ

      ● පූජ්‍ය පෝද්දලමුල්ලේ ප්‍රේමාලෝක හිමි
      ● පූජ්‍ය මාරඹේ සෝමරත්න හිමි
      ● පූජ්‍ය අගුණුකොලපැලැස්සේ උපාලි හිමි
      ● පුජ්‍ය කුඹගොඩ ගුණාලෝක හිමි
      ● පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි
      ● පූජ්‍ය හේමාලෝක නන්දිමිත්‍ර හිමි
      ● පූජ්‍ය ඥානතිස්ස හිමි ( අතුරුගිරිය)
      ● පූජ්‍ය සොරගුණේ පඥාසාර හිමි.
      ● පුජ්‍ය කිරවානගම ප්‍රඥාරාම හිමි
      ● පූජ්‍ය වෙල්තොට ඥානදස්සි හිමි
      ● පුජ්‍ය පැල්පොල ධර්මපාල හිමි
      ● පූජ්‍ය මුදිත හිමි (හිනිදුම)
      ● පුජ්‍ය කහව විමලසිරි හිමි
      ● පුජ්‍ය මහනුවර ධම්මරක්ඛිත හිමි
      ● පූජ්‍ය ගෝවුන්නේ රත්නජෝති හිමි
      ● පූජ්‍ය තිරානගම රතනසාර හිමි.
      ● පූජ්‍ය තඹුගල ආනන්දසිරි හිමි
      ● පූජ්‍ය දික්පිටියේ අන්ගිසාර හිමි
      ● පූජ්‍ය කලුතර ධම්මරතන හිමි
      ● පූජ්‍ය විමලකීර්ති හිමි (හොරඹෑව)
      ● පූජ්‍ය නිකපිටියේ සිද්ධාර්ථ හිමි
      ● පූජ්‍ය ගුණවංශ හිමි ( මොළගොඩ)
      ● පූජ්‍ය වැලිපිටියේ පඤ්ඤාතිස්ස හිමි
      ● පූජ්‍ය බමුණුපොත සෝමරතන හිමි
      ● පුජ්‍ය ඥානාලෝක හිමි (වැවුරුකන්නල)
      ● පූජ්‍ය අඹේවෙල චන්ද්‍රජෝති හිමි
      ● පූජ්‍ය රැකව පඤ්ඤාසිද්ධි හිමි

      ● මයිකල් පෝල් රොඩ්‍රිගු පියතුමා
      ● ලයනල් ජයසිංහ පියතුමා

      Delete
    2. @ ano

      එතකොට කොළඹ සරසවියේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, මොරටුව සරසවියේ මහාචාර්ය සී පටුවතවිතාන, විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, ITN සභාපති තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස් මහත්මිය වගෙ අය ස්ත්‍රී දූෂකයන්ද කසිප්පු කාරයන්ද හොරුන්ද?

      #සටහන

      ජවිපෙ අතීතයේ ක්‍රියාකාරිත්වය ට වඩා ජනතාවට වැදගත් විය යුත්තේ ජවිපෙ වත්මන් ක්‍රියාකාරිත්වයයි.

      ජවිපෙ අතීතය අමතක කර රට ජාතිය ආගම හා රණ්විරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් හා බෙදුම්වාදින් අන්තවාදීන් හා දේශපාලන අසිංහලයන් සමග සිට නොගන්නේ නම් ඔවුන්ගේ අතීතය ජනතාව අමතක කල යුතුය යන්න මගේ පුද්ගලික අදහසයි.

      - ආචාර්‍ය ප්‍රියන්ත රොහාන් මොරපිටිය

      Delete
    3. To both annoying anonymous people

      මෙදා පාර නම් අන්රය්යා කියපු දේ හරියටම හරි.

      මේ තියෙන්නේ රැල්ලක් මිසක් නියම අවබෝධයක් ඇතිව කෙරෙන සහයෝගයක් නොවෙයි.

      ලොක්කට අමතක වෙච්ච සත්‍ය නම් රැල්ල ආපු ඉක්මනින්ම ආපස්සට යන බවයි. පුලුවන්නම් ඒ වාර්තාවත් බිඳින්න බලමු.

      රැලි නෙමේ ගෝටා අඩුගානේ LTTE එක්ක යුද්ද කළා . ඒත් ඔය JVP එක මොනවද කලේ රැල්ල හැදෙන්න . කුහක කමය්, කයිවාරුයි හොරා කියලා චෝදනායි, ත්‍රස්ත වාදයයි වැපුරුවා. මිනිස්සුන්ට ඕවා මතක නැත්තම් දෙයි චන්දෙ බලාගෙන හිටහන් . දිනාගත්ත තිස්සමහාරාමයවත් රක ගන්න බැරි උන් රට හදයිද. හරි ප්‍රායෝගික ප්‍රතිපත්තියක් තියෙනවද? නිකම් බොරුවට පොයිය විතරයි කයිපඩ මාලිමාවට තියෙන්නේ

      Delete
  4. චීනය විසින් පවත්වාගෙන යනු ලබන හම්බන්තොට වරායේ සිනොපෙක් විසින් 160,000-bpd (දිනකට බැරල්) පිරිපහදුවක් හෝ 100,000-bpd පිරිපහදු දෙකක් ඉදි කරන්නේද යන්න පිළිබඳව ශක්‍යතා අධ්‍යයනය අවසන් කිරීමට ආසන්නයි.

    - රොයිටර්

    මේකෙත් ලංකාවට තියෙන වාසි මොනවාද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ

      වාසි මේවායි

      1. ලංකාවේ දැනට තිබෙන 60 දශකයේදී ඉරානය විසින් ඉදි කරන ලද තෙල් පිරිපහදුවට වඩා කාර්යක්ෂම, නවීන තෙල් පිරිපහදුවක් රට තුළ ඉදි වෙනවා.

      2. මෙම තෙල් පිරිපහදුව ආශ්‍රිතව නිර්මාණය වන බංකරින් හා වරාය ආශ්‍රිත ව්‍යාපාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගත් කලාපයේ ආර්ථික වැදගත්කම වර්ධනය වෙනවා. එය සමස්තයක් ලෙස ලංකාවට වාසිදායක වෙනවා.

      3. දැනට රජය යටතේ පවතින කොළඹ JCT වගේ ජැටිවල පවතින වෘත්තීය ස්මිති වගේ සමාජවාදී වෘත්තීය සමිති මාපියාවලට රටේ අත්‍යවශ්‍ය සේවාවක් බ්ලැක්මේල් කිරීමේ හැකියාව නැතිව යනවා.

      4. දේශීය තරුණ තරුණියන්ට නව රැකියා රාශියක් උත්පාදනය වෙනවා ..ඊට අමතරව හම්බන්තොට වරාය ආශ්‍රිත ව්‍යාපාර කර්මාන්ත නිසා ඒ අවට කලාපයෙ රැකියා සහ වෙලඳාම සෑහෙන දුරට දියුනු වෙනවා

      ඔය වගේ ගෝඩක් දේ තියෙනව

      Delete
  5. ඔය සේරටම ඉස්සර මුලින්ම කරන්න ඕන රජයේ දේශපාලන තනතුරුවලට සහ නිලධාරීන්ට ලබා දෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කර, සැමට වාහන තීරු බදු ගෙවිය යුතුයි කියලා නීතියක් සම්මත කරන එක

    රජයේ නිලධාරීන්ට හා දේශපාලකයන්ට සහන පොළියට වාහන ණය ලබා දෙන එකත් සීමා කිරීමට අවශ්‍ය පියවර ගන්න ඕන ඇත්තම කියනවා නම් රාජ්‍ය සේවකයන්ට හා නිලධාරීන්ට සහන පොළියට ණය දෙන්නට අවශ්‍යත් නැහැ. ඒ වුණාට ලංකාවෙ රාජ්‍යය කියන්නෙ ඉහළ රාජ්‍ය නිලධාරි හා දේශපාලක මධ්‍යම පන්තියේ සැබෑ හිමිකාරීත්වයට යටත් ව්‍යූහයක්. බදු ආදායම් සූරාකෑම ඔවුන්ගේ ප්‍රධාන කාර්යයක්. ඒකට ඉඩදෙන්නේ නැතුව බලය පවත්වාගෙන යාමට බැරි තරම් ඒ මධ්‍යම පන්තිය ප්‍රබලයි. මේ සිදු වෙන්නෙ ධනේශ්වර ප්‍රතිසංස්කරණයක් මිසක් සමාජවාදී විප්ලවයක් නෙමෙයි. සූරාකන්නන්ව සහමුලින් විනාශ කරන්න අවශ්‍ය නැහැ. උපායමාර්ගිකව සමහරුන්ට වරප්‍රසාද දෙන්නට වෙනවා. නැතිනම් උන් කඩාකප්පල්කාරීත්වයට සේවය කරනවා.

    තව දෙයක් පෞද්ගලික අංශය වෙත වාහන ආනයන තහනම ඉවත් කරලා වෙනත් බාධක දාන්න පුළුවන්. එකක් තමයි කොළඹ නගරයට ඇතුල්වෙන වාහන වලින් මුදලක් අය කිරීම්. එය ලේසියෙන්ම ETC මගින් ස්වංක්‍රීයව කරන්න පුළුවන්.

    එක වාහනයක් තියෙන පවුලක දෙවෙනි පුද්ගලික වාහනය සඳහා විශාල බද්දක් අයකරන්න පුළුවන්. සමහරැ වාහන දෙක , තුන තියාගෙන ඉන්නවා ලොකු අවශ්‍යතාවයක් නැතිව.

    තව එකක් , ඉන්දන කෝටා එකක් දෙන එක. කෝටා එක වැඩි කරගන්න ඕන නම් යම් මුදලක් අය කරන්න පුළුවන්. මේවා නිසා දූශණය වැඩිවෙනවා කියලා යමෙකුට කියන්නත් පුලුවන්. ඒ ගැන තව විස්තර හොයල බලල තීරණය කරන්න ඕන

    ReplyDelete
  6. එහෙම තමයි මාතලන් ලෝකයේ ලිබරල් ධනවාදී දේශපාලනය තමන්ගේ වැරදි හදුනා ගනී. ඒවා නිවැරැදි කරන්න අනෙක් අයගේ උපදෙස් පතයි. එහෙත් එහි ආන්තික දිශානතිය ආත්මාර්ථය කුලුගන්වන ලෝකය සූරාකෑමේ හා එහි අවසානය සනිටුහන් කරන නිසා එය වැරදියි.
    ඉන්දියානු ව්‍යාප්තවාදය කොච්චරද කියනවානම්, දැන් ලංකාවේ අවුරුදු කුමාරියෝ අදින්නේ සාම්ප්‍රදායික රෙද්දයි හැට්ටයයි නෙමෙයි. දකුණු ඉන්දියාවේ ලුන්ගී. #visitsrilanka කියලා ලංකාවේ තැන් පෙන්වනකොට පසුබිමින් ඇහෙන්නේ ඉන්දියානු සිංදුවක්. කේරළයයි, ලංකාවයි එකම වගේ කියලා පෙන්වනවා. කොටින්ම ඉන්දියාවයි, ලංකාවයි කිසිම වෙනසක් නැහැ, ඔක්කොම එකයි කියන මතය නිර්මාණය කරනවා. අවසානයේ ඇයි එහෙනම් රටවල් දෙකක්? අපි එක රටක් වෙමු කියලා කියනවා!

    අනිත් අතට මාලිමාවේ ලොකුම අවුල ඔවුන් 100% ක් නිවැරදි යැයි සිතීමයි!

    ReplyDelete
  7. අඩෝ මාතලං මේවා තනිකර බොරු.. 2025 දී අයින්කරන්න පුළුවන් කියල සමාජ ගත කරල ඊළඟට එන ආණ්ඩුව අමාරුවේ දාන රනිල්ගේ කපටි ප්ලැන්, උදාහරණ විදිහට මෙලෝ වැඩකට නැති මෙලෝ වැඩක් බැරි ජවිපෙ මාලිමා NPP ගොන් හැත්ත හරි සජබයි බූරු රැල හරි ගොන් නාමොලා හරි ඊළඟට බලයට ආවොත් උන්ට 2025 දී මේක කරගන්න බැරිවුණාම මුන් කියයි අපි හොඳට හදාගෙන ආපු ආර්ථිකේ NPP/ සජබයියෝ නැත්නම් බයියෝ කාල දාල රටටම කෙලෙවුවා කියල.. ආයේ අරගලයක් කරලා රනිලා ඵලය අල්ලයි

    ReplyDelete
  8. පිටරටින් වාහන ගෙනල්ලා විකුණන ඒජන්සි පහුගිය කාලේ කෙරුවේ ලංකාවේ පරණ වාහනවල මිල වැඩිකර බයි ඇන්ඩ් සෙල්කර කර මාපියාවක යෙදීමයි. දැන් වාහන ගෙන්වන්න අවසර දුන්නම මෙම මාපියාකාරයන් විසින් ලංකාවේ වාහන මිල ඉහළටම ඔසවා තබා ගන්නා ගමන් ඔවුන්ගේ ලාභය වැඩිවන විදියට රජයේ නිලධාරීන්ට ගාන දීලා ආණ්ඩුවේ දේශපාලුවන් අන්දලා උන්ටත් ගානක්වි දීලා විපක්ෂ දේශපාලන පක්‍ෂ වල SJB NPP මාලිමා සෙට් එකටත් හොඳට සල්ලි දීලා රජයේ තීරණ උන්ම හදලා උන්ට අවශ්‍ය විදියට ප්‍රතිපත්ති සකස් කර ගනීවී. පාරිභෝගික ජනතාවට අබ සරණයි.

    ReplyDelete
  9. මුලින් ඉරාජ්ට ඔස්ටෙලියාවට එන්න දෙන්න නෑ කිව්වා , ඉමිග්‍රෙශන් එකට ලියලා විසා කෑන්සල් කරනවා කිව්වා
    ඊලගට ඉරාජ්ගෙ ඔස්ටෙලියාවෙ ශො ඔක්කොම කෑන්සල් කරනවා , බොයිකොට් කරවනවා කියලා ලොකු කයියක් ගෑහුවා

    ඉරාජ් ඔස්ට්‍රලියාවට ඈවිල්ලා සොල්ඩ් අවුට් ශො කරලා ගියා ..
    දෑන් මෙක 🤣....

    සුදත්ත කියන එකා මාලිමාවෙ අධාත්මික නායකයා කරන්න වටිනවා මොකද මුන් ඔක්කොම මෙලෝ වැඩකට නැති වැඩබැරි කයියනායකලා 🤣

    #කටෙන්පයිට්
    #කයියනායක_විරකතා

    ReplyDelete
  10. @ ඇනෝ

    මීට කලින් වතාවේ මාලිමාවට කඩේ ගිය උන් කියපු කතන්දර;
    (ළඟම ජෙප්පෝ කියපුවා , fb ජෙප්පෝ ලියපුවා , පා.ම ජෙප්පෝ ටිවි එකේ කියපුවා ඇසුරිනි.)

    2018 ප්‍රාදේශීය සභා ඡන්දෙට කලින්

    මේ පාර උබ හිතන්නේ මොකක් වෙයිද. අනිවා ජවිපෙ නම් මේ පාර 20% වත් ගන්නවා. යහපාලන ආණ්ඩුව කරපු හොරකම් නිසා UNP එවුන්ව එපා වෙලා තියෙන්නේ. අනික යහපාලනේ මහබැංකු හොරු ඇල්ලුවෙත් ජෙවිපි එකෙන්නේ. ශ්‍රී ලංකා එක දෙකට කැඩුන නිසා සිරිසේන වැඩි ඡන්ද ගණනක් ගන්න නිසා කොහොමත් මහින්ද නම් මේ පාර ඉවරයි. බලපන්කෝ මහින්ද මේ පාර 4 තමා. කැපුවත් නිල් එවුන් කවදාවත් පොහොට්ටුවට ඡන්දේ දෙන් නෑ.

    2018 ප්‍රාදේශීය සභා ඡන්දෙන් පස්සේ

    මිනිස්සු ඡන්දේ දුන්නේ සිංහල ජාතිවාදය සහ යුද්ධයේ දිනුම වවාගෙන කාපු නිසා මහින්ද කියන නමට. අනික එයාලා කැම්පේන් එක කලේ ඡන්දෙන් පස්සේ මහින්ද අගමැති වෙනවා වගේනේ. ඒ නිසා තමා පොහොට්ටුවට ඔච්චර ආවේ. ජවිපෙට අඩුවෙන්න ප්‍රධාන හේතුව වුනේ ඔය බෙදීම. මහින්ද⁣ට හිතවත් අය බයවුනා එයාගේ ගමන ඉවර වෙයි කියලා. මහින්ද විරෝධී අය බය වුනා එයා අගමැති වෙයි කියලා. ඒ නිසා ජවිපෙට වැටෙන ඡන්ද ගොඩක් පොහොට්ටුවටයි UNP එකටයි ගියා.

    2019 ජනාධිපතිවරණයට කලින්

    මේ පාර කාටවත් 50% ගන්න බෑ. කොහොමත් මහේෂ්ට එහෙමත් ඡන්ද සෑහෙන ටිකක් වැටෙනවා. අනික මේ පාර NPP එක විදිහට ඉල්ලන නිසා මාලිමාවටත් අඩුම 20% ක් වත් ඡන්ද වැටෙයි. කොහොමත් කාටවත් 50% නම් එන් නෑ. දෙවනි මනාපෙට යන්නම වෙනවා. වැඩි ප්‍රතිශතය ලැබෙන්න වැඩි චාන්ස් එක තියෙන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහ සුළු ජාතික ඡන්ද ලැබෙන එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එයා 40% ක් විතර ගනී බයගෝතයට උපරිම 30%

    2019 ජනාධිපතිවරණයෙන් පසු

    ජාතිවාදය ඉස්සරහට දාගෙන තමා දෙගොල්ලොම කැම්පේන් එක කලේ. ඒ නිසා තමා මෙහෙම ගොඩක් අඩු ඡන්ද ගාණක් NPP එකට ලැබුනේ. අනික කොහොමත් ජනාධිපතිවරණෙකදි තුන්වෙනි පාර්ශවයට 5% ටත් අඩු ගානක් තමා එන්නේ. අපි ඒක කලින් ඉදන් දැනන් හිටියා.

    2020 පාර්ලිමේන්තු මැතිවරණයට කලින්

    මේ පාර මාලිමාව අඩුම ආසන 20 ක් වත් ගන්නවා. UNP එක දෙකට කැඩිච්ච එකේ වාසිය එන්නෙත් NPP එකට. ඒ නිසා ආසන 20 ට වඩා නම් අනිවා ගන්නවා. මේ පාර කාටවත් 113 ගන්න බෑ. ජනාධිපති ගෝඨාභයට වැටුන පාවෙන ඡන්ද පොහොට්ටුවේ හොරරැලට ලැබෙන්නේ නෑ ඒවා අපේ NPP එකට

    2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු

    Rest is history

    දැන් බලමු අපි 2024 ජනපතිවරණයට සහ මහමැතිවරණයට පසුව වෙන දේ ගැන;

    (2024 මැතිවරණ වලට පසුව update කරනු ලැබේ.)

    බොහෝ දුරට ඉහත ප්‍රකාශ වලට ආසන්න වශයෙන් සමාන කතා අහගන්න ලැබේවි...!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න