.

.

Apr 6, 2024

රාජපක්ෂලාගේ විනාශය ඉක්මන් කරන පවුලේ මාධ්‍ය ප්‍රකාෂක උදයංග වීරතුංග.....


රාජපක්ෂලාගේ විනාශය ඉක්මන් කරන

පවුලේ මාධ්‍ය ප්‍රකාෂක

උදයංග වීරතුංග.....

➖➖➖➖➖➖➖⭕


චමුදිත සමරවික්‍රම හඳුන්වා දෙන විදියට රාජපක්ෂ පවුලේ මාධ්‍ය ප්‍රකාෂක වරයා උදයංග වීරතුංගය.... මෑතකම ඔහු හා එක්ව කරනු ලැබූ යූ ටියුබ් වැඩසටගනේදි....


ඔහුට අනුව....


🔺 මෛත්‍රිපාල සිරිසේන දන්නවා යැයි කියනා මහ මොළකරු අසල්වැසි බලගතු රාජ්‍යයකි... ඒ පකිස්තානය හෝ ඉන්දියාව විය යුතුය.. එහෙත් බොහෝ දෙනෙකුගේ චෝදනාව එල්ල වනුයේ ඉන්දියාවටය....


🔺 බැසිල් රාජපක්ෂ ඥාතී සම්බන්ධතා අනුව ඉන්දීයාවට සමීපාතර, උන්නැහේ ඉන්දියාවට සිටිනා සමීපතම ශ්‍රී ලාංකිකයාද වේ. 


🔺 රෝ සංවිධානය සමඟ බැසිල්ගේ සබඳතාවයක් පවතී.


🔺 2015 මහින්ද ජනෙල් පොල්ලේ එල්ලුවේ ඇමරිකාවේ මුදල් ගෙන ඉන්දියාව කළ කුමන්ත්‍රණයක් මගිනි.


🔺 ඒ අනුව සැවොම එපා කියද්දී රෝ සංවිධානය හා එක්වූ බැසිල්, කලින් චන්දයක් ගෙන, මහින්ද එලවා දමා මෙරටින් හෙමීට මාරු වුනේය.


🔺 සිරිසේන කියනාකාරයට පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ හා රෝ සංවිධානයේ ගේමක් නම්... රාජපක්ෂ විරෝධීන් කියන්නා සේ.... බැසිල්ද එම මෙහෙයුම පිළිබඳව දැණුම්වත්ව සිටින්නට ඇත.


🔺 චමල් රාජපක්ෂ මඤ්ඤං කතා කියනා මයිනෙකි. රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් විය යුතු නම් මුලින්ම ඉවත් විය යුත්තේ, පවුලේ වැඩිමලා වන ඔහුය.


🔺 රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැති අතර, බැසිල් විසින් පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරිපත් කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරණු ඇත.


🔺 එම අපේක්ෂකයා මහින්දද, ශිරන්තිද, බැසිල්ද, නාමල්ද, ධම්මිකද, උදයංග වීරතුංගද යන්න තවම තීරණය කොට නැත.


🔺 ජනාධිපතිවරණ නිම වන තෙක් බැසිල් නැවත මෙරටින් හෙමීට මාරු වෙන්නේ නැතිය.


🔺 පොහොට්ටුව ලාංඡනයේ නිර්මාණකරු නයි දිලිත් නොවනාතර, එයද බැසිල්ගේ නිර්මාණයකි.


🔺 මෙවර පොහොට්ටුවේ මැයි දිනයට ලක්ෂයක ජනතාවක් සහභාගී වනාතර, එය නැටුම් ගැයුම් හා රැඟුම් සියල්ලෙන් සමන්විත දැවැන්‍තම මැයි රැළිය වනු ඇත.


🔺 ප්‍රසන්න රණතුංග විසින් එම රැළියට බස් 10 ක්ද, එජාපයේ රැලියට තවත් බස් 10 ක් යවන බව උදයංග වීරතුංගට විජේරාමේදී පවසා ඇත.


රටේ ලස්සනම පාලී අපේ පාලීය වේවී

අපි කැම්බල් එද්දි හරි හැඩට පෙනේවී.....

අනෙක් පක්ෂවල උන්ට ඊරිසියා හිතේවී

රාජපක්ෂ පවුල මුලු ලොවේම බැබලේවී.....

.

.


ස්වස්ථි සිද්ධම්... !!!!

.

 

27 comments:

  1. හැංගිල කරපු කෙළි දැන් ඇත, වෙලා හෙළි
    මෙදා පොටේ බඹරේ හිර වෙනව වැලී
    මුන්දැලාට ඕනෑ තව තව 'ගැහිලී'
    ඉස්සරහට නැටවෙයි- දහ අට පාලි

    ReplyDelete
    Replies
    1. @ නිදී

      මාලිමාව නම් ගණිකා මඩමේ
      ගැහැණු දාහයි
      තන් දෙදාහයි
      වටේ යන උන් එකතු කරගෙන
      එකමිටට රට වටේ ගෙනයයි
      අනියමට පෙම්ඇසුරු මෝරයි
      මහවැලියටත් ඉවුරෙ චු යයි.

      තෙල්දෙණියෙ පෙම නන්දනීයයි
      අනියමට මෝරලා ඉහිරෙයි
      එක මිටට හිටි ගෑණු හැංගෙයි
      රෙද්දෙ තුත්තිරි විනය තනවෙයි

      ප්‍රේමදාසගෙ ගෑණු දැක්කද
      නාකි මයිනගෙ ගෑෑණු දැක්කද
      අපේ උන් ලග විනය දැක්කද
      කියපු උන්ගේ සරම් හුලගෙද

      ඉදල හිටලා කැඩෙන කොටු දැක
      අනිත් උන්ගේ රෙදිම ගලවන
      විනය ඉතිරෙන වදන් දෙන අය
      ගොමත් අරගෙන මැණික් ලෙස මැන

      Delete
    2. මරු කවි ටික... දෙන්නම තකට තක...

      කපටි රනිලගේ එක්සත් ජාතික පක්සෙ එක්සත් බවයි

      කපුටාස්ලගේ පොදු ජන පෙරමුණේ පොදු ජන මතයයි

      බූරු සජබයියන්ගේ සජිත් ජලනි බලවේගේ සමගියයි ජන බලයයි

      ගොං අනුරෙයගෙ මාලිමාවෙ දිශාවයි උතුර දකුණ මාරුවෙච්ච ලබ්බේ සමාජවාදෙයි වගේ තමයි

      හරියට අර ඇහැලියගොඩ කිට්ටුව තියෙන බොධිමලුව කියන ප්‍රදේශයේ තියෙන බෝධිමළුව මස් වෙළඳ සැල වගේ...

      Delete
    3. @ all

      ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති...
      සැපට වැඩුණු කය පොළොවට දිරා යති...
      අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති....
      පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති....

      මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම...
      ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම....
      ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම....
      දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

      Delete
    4. අපූරුයි කවි ටික.. හැමෝමටම මෙන්න මගෙන් පිලිතුරු..

      වත්තේ හදාපන් ලොකු ගෝවා අත්ත
      හුත්තේ හදාපන් පොඩි ගෝවා අත්ත
      හුකමුද කියලා අහුවම් ඔය අක මැත්ත
      රත්තරනින් හදලද බොල තොගෙ හුත්ත

      නෙල්ලි ගැට උනත් කලකදි රස වෙනවා
      බැල්ලි සැර උනත් පැටියට කිරි දෙනවා
      දමිතා කලු උනත් ගැට දෙක දිලි සෙනවා
      සජියට වදනොදි ජංගිය ගල වනවා

      මාල වළලු රන් කළ හැක මකාලා
      කොයි හුත්තත් එකයි බැලුවම හුකාලා
      මේක නොදත් අපෙ හුත්තිගෙ පුතාලා
      නොහුකා මැරෙයි එක හුත්තක් පතාලා

      Delete
    5. අඩෝ නිදී,

      පට්ට පට පට... අවුරුදු දහයකට විතර ඉස්සර අපි ලංකාවේ කැම්පස් හිටපු කාලේ මතක් කරල දුන්නට බොහොම ස්තුතියි, දැන් නම් ඔය කවි පද තියා සිංහල භාෂාව සහ සාහිත්‍යය සමහර වචන පවා අමතකව යන තත්ත්වයට ඇවිත් භාවිතය අඩු නිසා ෆේස්බුක් සහ බ්ලොග් නිසා යන්තම් මවුබසේ මතකය රැක ගැනීමට සෑහෙන සහායක් ලැබෙනවා

      මෙන්න මට මතක කවි පද

      හුකන්නියේ හිල කොතනද කියාපි ය
      ඇයි බොල කණෝ තව පහලින් බලාපි ය
      කකුල් දෙක මැදින් උඹෙ පක යවාපි ය
      අමා මහ නිවන් දැක දැක හුකාපි ය

      නාකින්ට ඇති ගාය – රෑවෙන්ට ගෙට යාය
      ලිප් ගලට පක දාය – නෑහෙන්ට පොළු බාය

      වත්තට ආ මීමින්නිය – වත්ත වටේ කැරකෙන්නිය‍
      යන්න තැනක් විමසන්නිය – හුත්තෙන් පල මීමින්නිය

      බලු බෙටි පොඩිත්තක – නලියන පණුවො රොත්තක
      කුණු දිය කඩිත්තක – තිබෙන ගඳ ඇත නාකි හුත්තක

      සීය සීය සීතලේ – දැම්මා ජුන්ඩ බෝතලේ
      කැපී ගොසින් තොංගලේ – සීයා දැන් මාතලේ

      Delete
    6. ජානක වි. ගේ බාලිකාවියන් තනුවට මේ පද ගයා බලන්න

      විශාකාවියන්
      ලැබ් එකට ඇවිත්
      ඉස්සිලා හොරෙන් බලාවි
      ටෙස්ට් ටියුබ් අරන්

      ටෙස්ට් ටියුබ් හඩින්
      ඇසිඩ් වල ගඳින්
      ප්‍රින්සිපල් ඇවිත් හිඳීවි
      ලැබ් එකට හොරෙන්

      ලිහා යට ඇදුම්
      ඔබා ටෙස්ට් ටියුබ්
      වින්දනේ ලබා හනිකට පුපුරලා ගිහින්

      හැලී සැර ඇසිඩ්
      පිළිස්සුනු බැවින්
      රෝහලක් වෙතට හනිකට
      එක්ක ගෙන ගිහින්

      දොස්තරුන් ඇවිත්
      චෙක්කලා හොදින්
      පිච්චිලා කියල හුත්තම
      වැහුවා රෙද්දකින්

      පාසලෙන් මෙහා
      රෝහලේන්න් එහා
      කනත්තට වෙලා හිදිවී
      දැන් ඉතින් හොදින්

      වේසියෙකගේ ජිවිත කතාව

      සුරගන වෙස් වලා
      සලා මුකුලු සලා
      මගේ පෙට්ටිය කඩා
      ඌ පිටරට ගියා

      දස මස ගත වුනා
      දරුවෙක් ඉප දුනා
      මම අසරණ නිසා
      මෙමා සතා වුනා

      කාලය ගත වුනා
      දරුවා ලොකු වුනා
      මෙමා සතා නිසා
      ඌ මටත් හුකල ගියා

      මුලින්න් හුකපු එකා
      අහුවුනොතින් මෙමා
      උගේ පයිය තලා
      හදනවා බට නලා


      හුත්තේ…….
      සොරතය පැත්තේ
      එක බටු ගසකි ඇත්තේ
      එකේ බටු නැත්තේ
      ඒවා ඇත්තේ උන්ගේ හුත්තේ

      සොරතය පැත්තේ
      හොඳ හොඳ හුතුය ඇත්තේ
      එත් මට නැත්තේ
      අනේ හුත්තේ මහන්තත්තේ

      හුකන කවි

      හුකන කලට මොකද හිතේ
      උඩ පැන පැන දෙන්න හිතේ
      වදන කලට මොකද හිතේ
      ගහපු පයිය කන්න හිතේ

      ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ
      කකුළුවා හැලියට කෙළ කෙළ සිටියේ
      ඒ දැක මාමා නැන්දට කෙලියේ
      කොපමණ කෙලියත් ඇට දෙක එළියේ

      ඈගේ
      රන් තැඹිලි වගේ
      පියයුරු යුවල ඈගේ
      දකින විට මගේ
      පයිය දික් වී පයට පැගේ

      පාන්දරින් මම යන කල ගාල්ලට
      තරුණ ළදක් එලි බස්සයි යස රඟට
      ඒකිගේ හුත්තේ අසිරිය දුටුව විට
      පයිය ගියා මට කලියෙන් ගාල්ලට

      ගැමුණු

      විජිතපුර සටනට
      ගොස් එන ගැමුණු කුමරුට
      හිතුනලු හුකන්නට
      පුකේ ඇරියලු වෙලුසුමනට

      නිව්ටන්ගේ හිකුම්
      සරසවි න්‍යායය

      හිකිමේදී ඇත දෙකෙන් තන්දෙක මත ඇතිකරන පීඩනය = සුරතන්තයේදී
      පිටවන ශුක්‍රානු ප්‍රමාණය.

      සරසවි පයි ශ්ලෝකය

      මහා පයියන් භයංකාරං – මයිල් නැත්නම් අලංකාරං
      හුත්ත මැද්දෙන් හිලක් හාරං – පයි රජානං නමස්කාරං

      හුතු වණන කවි

      තිබුනත් හුත්ත රන් සලුවෙන් වසාලා
      මසකට වරක් යයි කුණු ලේ ගලාලා
      ඒ බැව් නොදත් අපෙ හුත්තිගෙ පුතාලා
      වස බී නසී එක හුත්තම පතාලා..

      Delete
  2. රනිල්ව ආරක්ෂක ඇමති කමින් මුලින්ම අයින් කලේ පා. ප්‍රහාරයට මග සලසන්න නෙමේද? රනිල් ඇරෙන්න සිරා, පොහොට්ටුවේ ලොකු සියලු දෙනා ප්‍රහාරය එන බව දැන හිටියේ නැත්ද? ගහන බව දන්නවා මෙච්චර දරුණුවට ගහනව කියල හිතුවේ නැහැ කියල කවුරුත් කිව්වේ නැත්ද? චීන ආයෝජනයට ගහල ඉන්දීය ආයෝජනය වැලකිලා ගියේ කොහොමද? රටවල් දෙකක මැතිවරණ වල ජය පතා මුස්ලිම් විරෝධය ඇති කරන්නට මුදල් දී කරපු එකක් යන්න තවම හෙළි වෙලා නැත්ද? හව් සෑඩ්

    ReplyDelete
  3. ඕව ඔහොම තමයි, යුද්ධය ඉවර වුනේ 2009 දී. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වුයේ 2010 දී. එහිදී උතුරේ ජන්ද වැටුනේ ෆොනසේකාට.

    අද මාළිමාවේ අනුරලා උතුරේ රැස්වීම්,තියලා යාපනයේ,මිනිස්සු ජවිප මතවාදයට ඇවිල්ලා කියලා බයිල කියනකොට දෙකොනින්ම තදින්,සිනා 😄🤣😂

    උතුරේ ජනබලය සහ රාජ්‍ය සේවකයන් මෙහෙයවන්නේ දෙමළ ඩයස්,පෝරාවයි... ඔවුන් විවිධ සංවිධාන උතුාර පුරා හදා තිබෙනවා.

    ඒ සංවිධාන;

    කැනඩා මුලික

    සහ

    යුරෝපා මුලික

    දෙමළ ඩයස්පෝරාව සමග ගැට ගැහී තිබෙනවා.

    මෙවර කැනඩා සහ ඇමරිකානු මුලික දෙමළ ඩයස්පෝරාවේ එම් ක්‍රිෂ්නවානන් (කැනඩා ගෝලීය දෙමළ සංසදය ) ඇතුළු කංඩායම මෙහෙයවන උතුරේ සජවිධාන වල සහාය ජාතික ජනබලවේගයට ලබා දී. තිබෙන බව දැනට පෙනෙන අතර
    උතුරේ ගුරු සංවිධාන සහ රාජ්‍ය සේවක සංවිධාන රැසක් මෙහෙයවන කංඩායම වන්නේ එම කැනඩා සංවිධානයයි.

    අනුර මේ ලගදී ඇත්තටම යාපනයට ගිහිං කථා කලේ කැනඩා ගෝලීය දෙමළ සංසදය මෙහෙයවන වෘත්තීය සහ සිවිල් සංවිධාන වලටයි.

    ඇත්තටම වුනේ සරත් ෆොන්සේකාට 2010ජන්දය දෙන්න ගෝලීය දෙමළ සංධාන උතුරේ ( යාපනයේ) සංවිධාන මෙහෙයවුවාක් මෙන් අනුරට දෙමළ ඩයස්පෝරාවේ එක් කොටසක පමණක් මෙවර සහාය ලබා දී තිබීමයි.

    එය ජාතික ජනබලවේගයේ මතයට යාපනේ වැසියන් එගවී පැමිණීමක් ලෙස බුකියේ මාළිමා FB බලකාය චුන් එකක් දුන්නත් ඇත්තටම 2010 අද අනුරට වඩා සැලකිය යුතු විශාල සහායක් (යුරෝපා සහ කැනඩා දෙමළ ඩයස් පෝරාවේ) ෆොන්සේකාටද ලැබිණි.

    මෙහි යුරෝපා කලාපයේ දෙමළ ඩයස්පෝරාවේ බළය විග්නේෂ්වරන්,ප්‍රමුඛ කංඩායම විසින් දරන අතර ඔවුන් දැනට ඉන්නේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොක් සහාය ලබා දෙන අතර ඔහු ඉදිරිපත්, නොවුනහොත් වෙනම දෙමළ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියන ස්ථාවරය එක්කයි. එයත් මෙහීදී සැලකිය යුතුයි මාතලන්.

    ReplyDelete
  4. ලංකාවේ වසර දෙකකට පෙර පැවති පහුගිය ඇමරින්දියන් රෙජීම් චේන්ජ් 2022 අරගලයේ ප්‍රධාන නායිකාවක වූ දමිතා අබේරත්නගේ මිලියන ගණනක මූල්‍ය වංචාවට රැවටුණු මිනිහාට අරගලකරුවන් පවා “මෝඩයා” කියා හිනා වෙනු දැකීම සිත් ගන්නා සුලුයි.

    ඒ මනුස්සයා නම් අඩුම ගානේ නූගතෙකු කියා අනුකම්පා කළ හැකි නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට ඉතිහාසය උගන්වන මහාචාර්ය නිර්මාල් දේවසිරිත් දමිතාට රැවටුණා නේද… කියා මතක් වෙන විට “අනේ අපොයි” කියවේ.

    දමිතා ඒ මනුස්සයාව රවටා ඇත්තේ “කොරියාවේ යවනවා ය” කියා මිලියන ගණනක මුදලක ලබාගෙන පොලු තැබීමෙනි. දේවසිරි විශ්වාස කළේත් තමන් ආසා කරන තැනකට තමන්ව යැවෙමින් තිබෙනවා ය කියා ය. ඔහු එකල ගෝල්ෆේස් අරගලය “කොමියුනිස්ට් රාජ්‍යයකට” සමාන කළේ ය (හිනා). “නව සුසමාදර්ශයක්” ඇති වෙමින් තිබේ යැයි නිර්මාල් උදම් ඇනුවේ හරියට අර මෝඩ මනුස්සයා දමිතාගේ ගෙදර කාමරයක වියන් ඇඳේ උඩ බලාගෙන සිහින දුටුවාක් මෙනි. දේවසිරි පමණක් නොව අරගලයට දායක වුණු සියලු විශ්වවිද්‍යාල ඇදුරන් සැබැවින්ම විශ්වාස කළේ තමන්ව “කොරියාවේ” යවනවා කියා ය.

    ලංකාවේ මෝඩයන්ගේත් මෝඩම සෙග්මන්ට් එක හඳුනාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ අරගලයට වචනයකින් හෝ දායක වුණු පිරිස හඳුනාගැනීමයි.

    මොළය සම්පූර්ණයෙන් වර්ධනය වීමට වයස මදි තරුණ තරුණියන් එලෙස අරගලයේ නළු නිළියන්ට සහ ඔවුන්ගේ රඟපෑමට අහු වීම පුදුමයක් නොවේ. නමුත් ඉහ නිකට පැහුණු නිර්මාල් දේවසිරි වැනි ලංකාවේ ඊනියා මහාචාර්යවරුන් ද දමිතාට රැවටීම අනුකම්පා සහගත ය.

    දමිතාට රැවටුණු අර මනුස්සයා අඩුම තරමින් දමිතාට දුන්නේ ලක්ෂ තිහකි. නිර්මාල් දේවසිරි දමිතා වෙනුවෙන් ජනරජයේ ව්‍යවස්ථාවම උල්ලංඝනය කිරීමට දුන්නේ ය. අර මනුස්සයා පිදුවේ කඩදාසි ටිකකි. නිර්මාල් පිදුවේ තම සමස්ත අධ්‍යාපනය යි. අර මනුස්සයා මිරිකුවේ දමිතාගේ කකුල් ය (හෑයියා…) නමුත් නිර්මාල් මිරිකුවේ දමිතාගේ බොරු කකුල් ය. අඩුම ගානේ කකුල ඇත්තටම තිබේ. නමුත් රඟපෑම පට්ටපල් බොරුවකි. නිර්මාල් වැන්නවුන්ගෙන් ඉගෙන ගත් සිසුන් අමු මෝඩයන් වීම අහන්නත් දෙයක්ද!

    දමිතා පමණක් නොව, අරගලයේ ඉදිරිපෙළ සිටි සියලු නළු නිළියන්, යූටියුබ්කාරයන්, ගායක ගායිකාවන්, ක්‍රිකට් සෙල්ලම්කරුවන් වැනි කුලියට විනෝදය සපයන්නන් කළේ රංගනයකි. එය ඔවුන්ගේ වෘත්තිය යි. නමුත් ඔවුන්ගේ රංගනය සැබෑවක් කියා විශ්වාස කරන මෝඩ රසිකයා ඔවුන්ට රැවටී ඔවුන් කියන කියන විදිහට කරයි. රඟපාන්නාගේ අරමුණ ප්‍රේක්ෂකයා රැවටීම යි. අරගලය සඳහා එවැනි රංගධරයන් මුදල් ගෙවා යොදා ගත්තේ ඒ නිසා ය. රැවටීමට ය. මේ සරල යථාර්ථය තේරුම් ගැනීමට නොහැකි වූ නිර්මාල් දේවසිරි කාලයක් x-කණ්ඩායමේ ඉඳගෙන මොන කෙන්ගෙඩියක් ඉගෙන ගත්තාද මන්දා…

    සැබැවින්ම ලංකාවේ ඉන්නා මෝඩ ජනතාවට උසස් ප්‍රබුද්ධ සත්‍යවාදී තාර්කික දේශපාලනයක් නොගැලපේ. "කූඩැල්ලන් කොට්ටයේ තැබිය නොහැකි ය" කියා පැරැන්නන් කියා තිබේ. ලක් සමාජය යනු උගත් නූගත් බේදයක් නොමැතිව ලෙහෙසියෙන් ඕන හොරෙකුට තක්කඩියෙකුට රැවටිය හැකි රට ගොන් මෝඩවහන්සේලාගේ රජදහනකි. මොවුන්ට ගැලපෙන්නේ රැවටිලිකාර බොළඳ මෝඩ දේශපාලනය යි. දිස් ඉස් ලංකන් පොලිටික්ස්!

    ReplyDelete
  5. කුනාටුව පහව යනතෙක් නිශ්ශබ්දව සිටීම වඩාත් සුදුසුයි..

    සජිත් කියන දිවා ආහාර , අද්‍යාපන ප්‍රතිසංස්කරණ , හොරු ඇල්ලීම දැන් කෙරීගෙන යනවා....

    අනුර ට කියන්න දෙයක් නැ නේ... ඉන්දියාව රනිල් වගේම අනුරත් පිලි අරන් , ඇමරිකන් සහ නව ලිබරල් අනුර " නෝනා " නිශ්ශබ්දව හිටියට හරිනි "මහත්තයා " පිලිඅරන් , උතුරේ ඉඩම් දේශපාලන බලතල දෙන්න සූදානම් .. හොරු අල්ලමින් පවතිනවා "ලක් අම්මා " ඇතුලේ 😃😃 බාල බෙහෙත් සෙට් එකක් ඇතුලෙ ,

    පාලකයෝ මොනවා කලත් රටට මොකක් උනත් පාරට බහින්ඩ අරගල සෙට් එකෙක් වත් ඇත්තෙත් නැති එකේ.. බැස්සත් නන්දසේන රාජපක්‍ෂ ආණ්‌ඩුව කාලෙ නොහිටි ආරක්ෂක ලේකම් ලා අංශ ප්‍රධානින් සහ යුනිෆෝම් මැරයින් ඕන තරම් දැන් ඉන්න එකේ 😋😋😋😃😃 ආවොත් පූප නැතිවෙලා මාස කිහිපයකට පත්තු බඳින්න අමර කෑමක් කන්න වෙන නිසා සේරම එකමිටට ගෙයින් එලියට බහින්නේ නෑ

    දැන් අනික් අයට කරන්ඩ දෙයක් නැති එකේ .. "රනිල් " ම ඔහෙ හිටපු දෙන් කියන්න තමයි තියෙන්නේ ... "විවේචනය කට තියෙන්නෙත් කලිසම බුරුල් කියන එක විතරයි "

    ReplyDelete
  6. මාලිමාවෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දකී..🎯

    ♦️විදෙස් ණය ප්‍රතිපත්තිය..

    "ණය ගෙවන්න බෑ මචං" කියනවා. එතකොට ණය දීපු ආයතන ටික "හා කමක් නෑ මචං" කියනවා. වැඩිවිස්තර සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා ණය ගෙවන ආකාරය පිළිබඳව වැඩිදුර විස්තර කියන රූපවාහිනී සංවාදය බලන්න

    ♦️නාවික ප්‍රතිපත්තිය
    නැවේ කැප්ටන් බැහැලා ගියාම නැව අල්ල ගන්නවා... සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මේ පිළිබඳව වැඩිදුර විස්තර සිරස ටීවී මාවත වැඩසටහනේ විස්තර කළා

    ♦️සංචාරක ප්‍රතිපත්තිය
    හොටෙල් එකට වඩා ගුවන් ටිකට්පතෙ ගාන වැඩි නිසා ප්ලේන් එකේම නතර වෙනවා... අනුර කුමාර දිසානායක සහෝදරයා කැනඩාවේ කී සම්පූර්ණ කතාව අහල බලන්න

    ♦️ඩොලර් සංචිත වැඩි කිරීමෙ ප්‍රතිපත්තිය..
    යාළුවන්ට කියනවා ඩොලර් 500 ගානෙ එවන්න කියලා.. අනුර කුමාර දිසානායක සහෝදරයා මේ ගැන සිරස මාධ්‍ය ජාලය තුල සෑහෙන විස්තර මතවාදීව සමාජගත කර තිබෙනවා

    ♦️ඉඩම් ප්‍රතිපත්තිය
    ඉඩම් සේරම ආණ්ඩුවට පවරගෙන තම අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ සමූහ ගොවිපලවල් ක්‍රමයට පාලනය කිරීම.. ටිල්වින්, සමන්ත සහ ලාල්කාන්ත සහෝදරවරු මූලිකත්වය ගෙන ඇති මේගැන ඔවුන් වැඩිදුර විස්තර ඕනතරම් පවසා ඇත

    ♦️කෘෂිකාර්මික ප්‍රතිපත්තිය
    වට්ටක්කා වලින් පම්ප්කින් සාදා විකිණීම..
    කොකනට් වලින් පොල් සෑදීම - අනුර සහෝදරයා

    ♦️අධ්‍යයපන ප්‍රතිපත්තිය
    තමන්ගෙ දරුවන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල අනිකුත් සිසුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම්... සුනිල් වටගල, ලාල්කාන්ත, අනුර කුමාර දිසානායක නිහාල් ගලප්පත්ති ඇතුලු බහුතර සහෝදරවරු

    ♦️දේශීය සම්පත් විකිණීමෙ ප්‍රතිපත්තිය
    ටෙන්ඩර් කරලානම් හා ... විජිත හේරත්

    ♦️කර්මාන්ත ප්‍රතිපත්තිය
    මිනිරන් වලින් ග්‍රැෆයිට් සාදා විකිනීම - අනුර

    ♦️රැකියා ප්‍රතිපත්තිය..
    ග ණිකා වෘත්තිය නීතිගත කිරීම... - හරිනි හා කොටහච්චි සහෝදරියන්

    ♦️සංස්කෘතික ප්‍රතිපත්තිය..
    උඩුකය නිරුවත් කාන්තාවන් පෙලපාලියෙ යැවීම.. ලාල්කාන්ත සහ අලුත් සහෝදරියන්

    ජනතාවගෙ මූලික අවශ්‍යතා ප්‍රතිපත්තිය..
    ♦️ ජයශාන්ත අයියගෙන් ඉල්ලලා ලබා දීම.. සුනිල්

    ♦️ ප්‍රවාහන ප්‍රතිපත්තිය
    මල ගෙදරක ගියාම තෙල් ගහගන්න සාක්කුවට රුපියල් 5000 ක් දැමීම..
    වසන්ත සමරසිංහ

    ♦️පරිසර ප්‍රතිපත්තිය
    වරාය නගරය සාදන්නට කැඩු සීගිරි ගල නැවත ප්‍රතිස්ථාපනය කිරීම... අනුර

    ♦️ මහාමාර්ග ප්‍රතිපත්තිය
    අධිවේගි මාර්ග වල එහා පැත්තේ ගෙදර බල්ලාට මේ පැත්තෙ ගෙදරට යන්න පාලම් දමා දීම... අනුර

    ♦️ආගමික ප්‍රතිපත්තිය
    මෙය සිං හල බෞ ද්ධ රාජ්‍යක් නොවේ.. බිමල්

    ♦️මුල්‍ය ප්‍රතිපත්තිය
    තමන් ලඟ තියෙන ෆයිල් වලට නඩු දමා එම මුදල් ජාතික ආර්ථිකයට එකතු කිරීම.. අනුර

    ♦️අවුරුදු උත්සව ප්‍රතිපත්තිය..
    උමා ඔයේ හිල සෙවීම හම්බන්තොට වරායෙ ගල සෙවීම... බත් මුට්ටිය උස්සගෙන දිවීම - සමන්ත

    ♦️ සෞඛ්‍ය ප්‍රතිපත්තිය
    එක ලෙඩාට ඇම්බියුලන්ස් දෙක දෙක යැවීම... අනුර

    ♦️ ආරක්ෂක ප්‍රතිපත්තිය
    බෙ ල්ල ක පා ඔ ළුව වැටේ ගැසීම... අනුර සහ ලාල්

    මම නම් මේ පාර මාලිමාවට...!

    ReplyDelete
  7. පහුගිය 2022 වසරේ එක්සත් ජනපදයේ ඩිමොක්රටික පක්‍ෂ කට්ටිය ඉන්දියාවේද එංගලන්තය සහ යුරෝපීය සංගමයේ ද ආධාර සහිතව ලංකාව තුල ක්‍රියාත්මක කළ ගෝටගෝහොම් නමැති රෙජීමය මාරු කිරීමට අටවාගත් ම්ලේච්ඡ අරගලයේ ඉදිරියෙන්ම සිටි Black Caps නමැති සාහසික කල්ලිය අද නිල වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවීම සඳහා එකතු වූ බව මාධ්‍ය වාර්තා කරයි.

    එම සාහසික කළු තොප්පිකාරයන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ පළමු අරගලකරුවා ලෙස හැඳින්වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැත්තා පසුව සිය ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය නිසාම එහි අතුරුඵලයක් ලෙස ඇතිවූ
    සිත් තැවුලෙන් සිය දිවි නසා ගත් අතර එකල 2022දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇමතිකමක් ලබා දීමට සැලසුමක් තිබේ යැයි කියමින් එයට විරුද්ධව ඔවුන් එකල සිය කල්ලියේ නමින් මාධ්‍ය නිවේදන පවා නිකුත් කළේ ය.

    මේ වන විට එම Black Caps යන මැර කල්ලිය එජාපයේ බළල් අතක් බව ලංකාවේ බහුතර ජනතාව දනිති. එහි කැඳවුම්කරුවෙකු වන හේමප්‍රිය නමැති හොර ටියුෂන්කාරයා එජාපයේ උපකාරක පන්තිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයායි. මේවන විට ඔහු ටිරාන් අලස්ගේ පක්ෂයේ දේශපාලන ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

    මාධ්‍ය වල වාර්තා වන ආකාරයට රනිල් ඡන්දයට ඉදිරිපත් වෙන්නේ එම පක්ෂයෙනි. මොකෙන් ආවත් මොවුන් කඩේ යන්නේ රනිල්ටයි. ලොකුම විහිළුව වන්නේ කළු තොප්පි දාගත් හේමප්‍රිය වැනි තක්කඩියන් විසින් අරගලයට රෙදි නැතුව කඩේ ගිය විචාර බුද්ධියක් රහිත රැල්ලට රඟන බහුතර මෝඩ තරුණයන්ව එකල ඇන්දුවේ “තමා විධායක ජනාධිපති ධුරයට විරුද්ධ ය” කියා ය. අපරාදේ බුද්ධි ප්‍රබෝධ දිවි නහ ගත්තේ. මේ තක්කඩින්ගේ අලුත්ම නරි නාඩගම් ටිකත් බලලම නහින්න තිබුණා… මේවාට එරෙහිව කට අරින්නට එකදු අරගලකරුවෙක් අද නොමැත. අහෝ අරගලකරුවනි, ඔවුන් ඔබව රවටන බව එදා අප ඔබට කීවා නොවේද!

    එතකොට රනිල් වික්‍රමසිංහට උදව් කරන්න කියන සමහර පොහොට්ටුවේ මන්ත්‍රීලාට සහ ඔවුන්ගේ නූගත් හෙන්චයියන්ට දැන් වැඩ කරන්න වෙන්නේ ඔවුන්ගේ ගෙවල් ගිනි තැබූ අර මිනීමරු අරගලකරුවන් සමග ය. මහින්ද, ගෝඨාභය, නාමල් රාජපක්ෂලා ඉලක්ක කර ඝාතනය කරන්න හැදූ කුලී අරගල නායකයන් සමග පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රී මන්ත්‍රිනීලා නිදි වැදීම දෛවයේ සරදමකි. තමන්ගේ බලය වෙනුවෙන් තම මව් වුවත් විකුණන ජාතියේ අලජ්ජී වල් දුදනන් අපට දැන් මනාව හඳුනාගත හැකිය.

    ReplyDelete
  8. අපි ඉතාම කුඩා දරුවන්ව සිටි අසූව දශකයේ අග භාගයේ තාත්තා සතුව නිල් පැහැ නිසාන් සනී බීටූ ඉලෙවන් වර්ගයේ කාරයක් තිබුනි..මහා රෑ පාටි දමා එන තාත්තා මහා හඬින් හෝන් කරනා ශබ්දය අසා මල්ලීත් මාත් කොටු ඇඳෙන් පැන සාලයට දුවගෙන එයි.තාත්තා ජයටම මත්පැන් බී ඇති බව සොයාගන්නේ ගෙදර බල්ලාගෙනි. මහන්සි වී එන තාත්තා, ඇඟට පනින බල්ලාට බැන වැදුනත් ජයටම ශොට් එක දමා ඇති දාට එය එසේ නොවේය.බල්ලා පනින්නට කලියෙන් බල්ලාගේ ඇඟට පනින තාත්තා ඌ පස්සෙන් එලවාගෙන යයි..මල්ලීත් මාත් කෑ ගසා සිනහා වෙමින් තාත්තා පසුපස දුවයි..අපිව සර්පයෝ කයි යන බියෙන් කෑගසමින් කිරි අම්මා අපි පස්සෙන් දුවයි..බීලා ආවා නම් නිදාගනින් යනුවෙන් බැනවදිමින් අත්තා ඒ පසුපසින් එයි...ඕන එකක් කරගත්දෙන් යනුවෙන් තරහෙන් පුපුරමින් අම්මා සාලයේ සිටී..අවසානයේ මේ තරඟ දිවුම අවසන් වෙන්නේ බල්ලා අන්තයට බලු වී ඇඳක් යට රිංගා ගැනීමෙනි..ඉන් පසු නිවසේ ලිඳ ළඟ වතුර මලක් දමා බැඳ ඇති ටැංකියට බසින තාත්තා වෙරි මරගාතේ ඒකට වතුර පුරවා මාවත්,මල්ලීවත්,බල්ලාවත් ඔසවා ටැංකියට දාගනී..මේ වන විට රෑ දොලහත් පසුවී ඇති බැවින් අම්මා,කිරිඅම්මා කෝපයෙන් බෙරිහන් දෙයි..තාත්තාට ඒවා අදාලම නැත..අවසානයේ බොහෝ අමාරුවෙන් ටැංකියෙන් එලියට ඇදගන්නා තාත්තාව වත්තම් කරගෙන ගෙදරට ගෙනියයි..අම්මා විසින් පිස දමා ඇඳුම් අන්දන අපි ඇඳට යනවා වෙනුවට යලි සාලයේ සිට මහ හඬින් ගී ගයමින් සිටිනා තාත්තා වෙත දුව යයි...තාත්තා බීලා නිවසට එන විට නිකන් එන්නේ නැත..දැන් මෙන් එකල සෑම තැනම සයිවර් කඩ නොවූ අතර අප විසින් ලේන්සු යනුවෙන් හඳුන්වන ගෝදම්බර රොටී,එලවලු රොටී,බිත්තර ආප්ප,උළුදු වඩේ,රෝස් කරපු කුකුල් මස් ආදී බොහෝ දේ තාත්තා රැගෙන එයි..කට වරද්දා ගන්නා අම්මා මෙච්චර ගමටම කන්න දැයි අසා බෙරිහන් දෙන්නීය..පොඩ්ඩක් ඉන්න කියා වැනි වැනි අසල ඇති සිය ඥාති සහෝදරයන් දෙදෙනාගේ ගෙවල් වලට යන තාත්තා ඔවුන් වත් අවදි කරගනී..නිදා සිටිනා අයියලාව වඩාගෙන අපේ ගෙදර අරන් එයි..අම්මා ඔරවාගෙන මුත් තේ සාදයි..
    ගාලගෝට්ටිය ඇහෙද්දී දැනගත්තා අද හරි කියලා..
    තියෙන දේවල් භුක්ති විඳිමින් මහප්පලා සිනාසෙයි..අපි පොඩි උන් හය දෙනෙක් පමන එකතු වී අඹහලුවන් කෑම මෙන් ගිලදමයි.
    ඉන්පසු අම්මා බැනවදිමින් එද්දී තාත්තා මිහිරි හඬින් ගී ගයයි..තාත්තාට ඉතා මිහිරි ලෙස ගීත ගායනා කල හැකිය..
    සිහින දෙවුදුවේ..ඔබට තුන්ලොවේ..එකම නමයි මා දන්නේ..
    යනුවෙන් පපුවට අතක් තබාගෙන තාත්තා මිහිරි ලෙස ගයද්දී අම්මා ගස්සාගෙන යයි..
    මගේ ඥාති සහෝදරයාටද ඇත්තේ මේ සිරිතමය..මත් පැන් බී වෙරි වී එන ඔහු නැන්දා දුටු සැනින් බිම වැටී දසමාසේ ගාථාව කියමින් නැන්දාට වඳි..කිරිඅම්මා සිටියොත් අපේ අම්මාව දසමාසේ උරේ කත්වා කියමින් කිරිඅම්මටද වඳී..ඉන්පසු නිදා ඉන්නා අක්කාවත් මාවත් ඇහැරවගන්නා ඔහු නංගි මේ බලන්න තොරණක් යනුවෙන් පවසමින් ගෙදරම විදුලි බල්බ දමමින් වසමින් ඩෙගා නටයි..
    නිතර විදේශ මත්පැන් තෑගි ලෙස හම්බෙන මහප්පා එකවර මත්පැන් බෝතලයම බී දමයි..මේ පුරුද්දට ලොකු අම්මා බැණ වඳින විට ඔහු මෙසේ කියයි..
    බලපන් කෙල්ලේ..
    කාලක් බිව්වොත් කාලකන්නියා.
    භාගයක් බිව්වොත් භාග්‍යවන්තයා.
    තුන් කාලක් බිව්වොත් තුන්ලෝකෙට අධිපති..
    බෝතලේම බිව්වොත් බෝධිසත්වයා..
    මම ඉතින් බෝධිසත්වයා වෙන්න යනකොට උඹලාගේ ලොකු අම්මා කියනවානේ මට කාලකන්නි වෙන්න කියලා.....
    මගේ පවුලේ පිරිමින් සතු මේ සුන්දර බේබදුකම පසුකලෙක මාගේ ජීවිතයට වැදුනු ලොකුම මරුපහර විය..ඒ කෙසේද යත් මා සිතා සිටියේ සෑම පිරිමියෙකුම මත්පැන් පානය කල පසු හැසිරෙන්නේ මගේ පියා මෙන් කියාය...අදටත් ඒ මතකයන් බෙහෙවින්ම සුන්දරය..තාත්තා මත්පැන් බී එන දවස අපිට ජීවිතයේ සුන්දරම දවසක් විය...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  9. අඩෝ ගෝතලන්,

    අර මෙලෝ හසරක් නොතේරෙන මොළේ මංඥං පිනාචාර්ය VoC මොළේ ගැන මොකද කියන්න තියෙන්නේ?

    අපේ පිනාචාර්ය නිර්මාල් දේවසිරි පිංගොනා සෑර්ට තියෙන්නේ VoC මොළයක්.

    පොර කියන විදියට හොරකම් කරපු හින්දා “ලන්දේසි පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම” (VoC) බංකොලොත් වුනත් ඒ හේතුවෙන් නෙදර්ලන්තයට අවාසියක් වුණේ නෑ කියලා නිර්මාල් සෑර් කියනවා. හොරකම් කරපු එවුන් අදාළ ධනය නෙදර්ලන්තයේ ම රඳවාගත්ත හින්දලු ඒ රටට අවාසියක් සිද්ද නොවුණේ.

    ඒත් ලංකාවේ “මහජන ධනය” හොරකම් කරන එවුන් ඒ ධනස්කන්ධය “බොහෝ විට” රටින් පිටට ඇරැගෙන ගිය හින්දා ලංකාවේ දියුණුවට බාධාවක් වුණු බව නිර්මාල් සෑර් කියනවා. ඊට අමතරව “පිටරටින් ගෙනෙන දේ සඳහා වියදම් කිරීම” නිසාත් අපේ දියුණුවට බාධාවක් වෙලා තියෙනවාලු.

    ඉතින් “ප්‍රධාන වශයෙන් ම” ලංකාවේ “මහජන ධනය” රටින් පිටට ඇදිලා යන්නේ ඔහොම තමයි.

    ඒත් ඇත්තටම ලන්දේසි පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම (VoC) කියන්නේ මේ ලෝකයේ වර්තමාන අර්ථයෙන් ආරම්භ කරපු මුල් ම කොටස් වෙළෙඳ ව්‍යාපාරය. මේ ආයතනය හැදුවේම පිටස්තර ධනය ඕලන්දයට ඇදලා ගැනීම වෙනුවෙන්. ඒ වැඩේ වෙනුවෙන් ආණ්ඩුවකට හා සමාන බලයකුත් VoC එකට ලබාදුන්නා. ඒ කියන්නේ යුද්ධ කරන්න, යටත්විජිත හදන්න, “වැරැදිකරුවන්” හිරේ දාන්න සහ උන්ට මරණ දඬුවම පමුණුවන්න, තමන්ගේ ම සල්ලි අච්චු ගහන්න, විදේශ රටවල් සහ පාර්ශ්ව සමඟ රාජ්‍ය මට්ටමේ ගිවිසුම් ඇති කරගන්න බලයක් VoC එකට ලබාදීලා තිබුණා.

    VoC එකට තිබුණු තරම් බලයක් ලංකාවේ ආණ්ඩුවට නෑ. උදාහරණයක් විදිහට යටත්විජිත හැදීමේ බලයක් ලංකාවේ ආණ්ඩුවට නෑ. ඉතින් VoC එක කියන්නේ ලංකාවේ ආණ්ඩුවට වඩා ගොඩක් බලවත් ආයතනයක්. මේ බලවත් ආයතනය ඇති කළේ ම පිටරට ධනය තමන්ගේ රටට (ඕලන්දයට) ගෙන ඒම වෙනුවෙන් තමයි. “අපිට යුද්ධ කරන්නේ නැතුව වෙළෙඳාම් කරන්නවත්, වෙළෙඳාම් කරන්නේ නැතුව යුද්ධ කරන්නවත් බෑ” කියලා මුල් ම කාලයේ VoC එකේ හිටපු ලොක්කෙක් කියලා තියෙනවා. මේ බලහත්කාරී ප්‍රතිපත්තිය VoC එක විසින් ක්‍රියාත්මක කරපු ආකාරය ගැන අපි හැමෝම වගේ අඩු වැඩි වශයෙන් අහලා තියෙනවා.

    අල්ලස් සහ හොරකම් කියන්නේ VoC එක බිඳවැටීමට බලපාපු එක හේතුවක් විතරයි. ඒ කොම්පැනියේ බිඳවැටීමට බලපාපු ප්‍රධාන ම හේතුව වුණේ 18 වැනි සියවස අගවෙද්දි කලාපීය වශයෙන් අල්ලාගෙන හිටිය භූමිය ක්‍රම ක්‍රමයෙන් ඒ අයට අහිමිවීමයි. ඒ වෙද්දි VoC එකට ඉතුරුවෙලා තිබුණේ ලංකාවේ ඉඳලා ඉන්දුනීසියානු දූපත් දක්වා පැතිරිච්ච ප්‍රදේශය විතරයි.

    ඇත්තෙන්ම, ලංකාවේ නො දියුණුවට අදාළ මූලික ම හේතුව තමයි නිර්මාල් සෑර් දකින “අමතර” කාරණය. ඒ තමයි “පිටරටින් ගෙනෙන දේ සඳහා වියදම් කිරීම” කියන කාරණය.

    1977 වෙද්දි ලංකාවට වෙළෙඳ අතිරික්තයක් තිබුණා. ඒත් ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව රට භාරගත්ත වෙලාවේ ඉඳලා මේ දක්වා ම අපි පීඩා විඳින්නේ වෙළෙඳ හිඟයකින්. අවුරුදු 45 කට වැඩි කාලයක් එක දිගට ම වෙළෙඳ හිඟයක් “සමුච්ඡනය” (මේ නිර්මාල් සෑර්ගේ වචනයක්) වුණාම රටකට මොකද වෙන්නේ? මෙහෙම තත්ත්වයක් නෙදර්ලන්තයේ නෑ. 1970 අවුරුද්දේ තමයි අන්තිම වතාවට නෙදර්ලන්තයේ වෙළෙඳ හිඟයක් වාර්තාවෙලා තියෙන්නේ. ඒකත් GDP එකෙන් සීයට දශම 1 ක් විතර සුළු ප්‍රමාණයක්. මේ වෙද්දි නෙදර්ලන්තයේ වෙළෙඳ අතිරික්තය GDP එකෙන් සීයට 10 ටත් වැඩියි. ලංකාවේ තිබුණු වෙළෙඳ අතිරික්තය 1980 වෙද්දි GDP එකෙන් සීයට 23 කටත් වැඩි වෙළෙඳ හිඟයක් බවට පත් කරන්න ජේ. ආර්. ගේ ආණ්ඩුව කටයුතු කළා.

    අම්මට සිරිලංකාවේ ධනය රටින් පිට කරන අනිත් පාර්ශ්වය තමයි ලංකාවේ අපනයනකරුවෝ. නිර්මාල් සෑර්ලා එකතුවෙලා හදාගත්ත යහපාලන ආණ්ඩුව යටතේ විනිමය පාලනය නැති කරලා දැම්මාට පස්සේ අපනයන හරහා හම්බ කරන විදේශ විනිමය රට ඇතුළට ගේන්න ඕන නෑ. ඒවා විදේශවල ම තියාගන්න පුළුවන්. මෙහෙම තත්ත්වයක් අදටවත් ඉන්දියාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. අපනයන හරහා හම්බ කරන හැම සතයක්ම ඉන්දියාවට ඇරැගෙන එන්න ඕන.

    “මහජන ධනය සොරකම් කිරීම” කියලා නිර්මාල් සෑර් අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නේ “මහජන බදු මුදල්” හොරකම් කිරීමක් ගැන ද? පුනරාවර්තන වියදමවත් පියවාගන්න බැරි බදු ආදායමකින් හොරකම් කරන්නේ කොහොම ද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ලංකාවේ දේශපාලනඥයෝ සැළැකිය යුතු පිරිසක් හොරකම් කරනවා. ඒ හොරකම් කරන විදිහ ගැනත් එහෙම හොරකම් කරන සල්ලි විදේශවල (විශේෂයෙන් ම, එංගලන්තයට සම්බන්ධ තැන්වල) ගාල් කරන්නේ කොහොම ද කියන එක ගැනත් අපි ඕනතරම් ලියලා තියෙනවා.

      නිර්මාල් සෑර්ලා මුල්වෙලා හදාගත්ත යහපාලන ආණ්ඩුව විසින් ඉවරයක් නැතුව ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලෝක කළුකඩකාරයන්ගෙන් ණය ගනිද්දි සිද්ද කරපු හොරකමකුත් තියෙනවා. ඒ ගනුදෙනුවේ හිලව්වට තමයි දැන් අපේ “මහජන සම්පත්” විදේශීය සමාගම්වලට පවරලා දෙන්නේ.

      හැබැයි ලංකාවේ පිරිහීමට අදාළ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය ගැන වචනයක්වත් කියන්නේ නැතුව ඔක්කොම ලෙඩ රෝගවල නිධානය “මහජන ධනය සොරකම් කිරීම” ඇතුළෙන් ම හොයාගන්න පුළුවන් වෙන්නේ නිර්මාල් සෑර් වගේ VoC මොළයක් තියෙන කෙනෙක්ට විතරයි.

      VoC එකේ එවුන් අනිත් රටවල් මංකොල්ල කන්න නැව්වලින් ගියේ මොකක් අතේ තියාගෙන ද කියලා දන්නවා ද? අන්න ඒක තමයි දැන් නිර්මාල් සෑර්ලා අතේ තියාගෙන ඉන්නේ. ඕක පුටුවක් උඩ කෙලින් තියාගෙන ඕක උඩ වාඩිවෙයන් ගොන් නිර්මාල් පොල් බූරුවෝ කියලයි අපට කියන්න තියෙන්නේ.

      Delete
  10. ඔටෝමාන් අධිරාජ්‍යයේ එක පුතෙක් රජ වෙනකොට එයාගෙ අනිත් පිරිමි සහෝදරයන් හැමෝම ඝාතනය කලා කියනවා. සුල්තාන් අහ්මට් ගේ පියා සහෝදරයන් 19ක් එහෙම මරල දැම්මලු. තුන්වෙනි මෙහ්මට් 19 ක් මැරුවට මං හිතන්නෙ දෙවනි මෙහ්මට් තමා සහෝදරවරු මරාදමන ක්‍රමය පටන් ගත්තෙ.

    පර්සියානු අධිරාජ්‍යයේ අන්තඃපුර දේශපාලනය​ තුලදී අන්තඃපුරයක් කියල සරලව කියන්නෙ කාන්තාවන් සඳහා වෙන් කරපු කොටසට​. මේක ගෙදරක තිරයක් ඇදලා වෙන්කළ කොටසක සිට මහා අධිරාජයෙකුගෙ මාලිගාවෙ වෙන්කළ කොටසක් දක්වා ලොකු, කුඩා ප්‍රමාණයෙන් වෙන්න පුළුවනි. අධිරාජයකුගේ අන්තඃපුරයක නම් සිය ගණනක් කාන්තාවන් ඉන්න පුළුවන්.

    අන්තඃපුර ගැන සමහරු තුළ තියෙන සම්ප්‍රදායික අදහස තමයි ඒවා අධිරාජයින්ගෙ ලිංගික තෘප්තිය සඳහා කැපවුණ වහල් නිවාස වගේ කියන එක​. මේ අදහස බෙහෙවින්ම මතුවෙන්නෙ පෙරදිග ශිෂ්ටාචාරයන් අමුතු විදියට දැකපු ග්‍රීක​, රෝම ජාතිකයන්ගෙ දෘෂ්ටියෙන්. ඔවුන්ගෙ සමාජයේ කාන්තාවන්ට පිරිමින් හා සම තැන ලැබුණෙ නැහැ. ඒ වගේම කාන්තාව කියන්නෙ අශීලාචාර​, මිනිසා පාපයට ඇද දමන ජීවියෙක් කියන අදහස පවා උපදින්නෙ බටහිරින්. අපේ රටවල අදටත් මුල්බැහැගෙන තියෙන අදහස්වල පටන් ගැන්ම තියෙන්නෙ එතන​. හැබැයි අපිට උගන්වන්නෙ අපේ ජන සමාජයන් ම්ලේච්ඡව තිබිලා එයාලා ඇවිත් දියුණු සමාජයන් හැදුවා කියල​.

    කොහොමහරි, පැරණි පර්සියාවෙ අන්තඃපුර කියන්නෙ ලිංගික වහලියන්ගෙ වහල් මඩු නෙවෙයි. එතැනින් අදහස් වෙන්නෙ නැහැ ඒවා හරිම ලිබරල්, නිදහස දෝරෙ ගලපු තැන් කියල​. විශේෂයෙන්ම යුද්ධයකදි අල්ලගත්තු වහල් කාන්තාවක් ඒ වගේ තැනකට ගෙනාවොත් ඇයට කිසිම හිමිකමක් තිබුණෙ නැහැ. නමුත්, රජුගේ භාර්යාවන් කියන්නෙ වෙනමම දෙයක්. එතන තිබ්බෙ දේශපාලනය​.

    ඇතැම් වෙලාවල මහ රජුගෙ සහෝදරියන් පවා රජුගෙ මෙහෙසියන් වුණ අවස්ථා තියෙනව​. ඒකත් දේශපාලනය අනුව වෙච්ච දෙයක්. ඒ වගෙම පිට පොට පැටලෙන එකෙත් සීමාවක් නෑ. පළමුවන ඩේරියස් අධිරාජයාගෙ එක බිරිඳක් වුණේ ගොබ්‍රියාස් නම් නායකයාගෙ දියණියක්. ඒ අස්සෙ ඩේරියස්ගෙ සහෝදරියක් ගොබ්‍රියාස්ට විවාහ කරලා දීල තිබුණා.

    පර්සියාවෙ රජුගෙ සෙක්ස් ලයිෆ් එක රටේ දේශපාලනයට කෙලින්ම බද්ධ වෙලා තිබ්බා. හැම පළාතකින්ම අවුරුද්දකට සැරයක් මහ රජතුමා බැහැදකින්න පඬුරු අරගෙන දූතයො එන එකෙන් සංකේතවත් වුණේ ඒ ඒ පළාත් රජුට දක්වන පක්ෂපාතීත්වය​. වෙලාවට බදු ගෙව්වා නම්, වෙලාවට පඬුරු එව්වා නම්, රජ්ජුරුවො ඒ පළාත්වල අභ්‍යන්තර වැඩවලට ඇඟිලි ගහන්න ගියේ නැහැ.

    මේ විදියට අධිරාජයේ එක්සත්භාවය සංකේතවත් කළ තව තැනක් තමයි අන්තඃපුරය​. එහි විවිධ පළාත්වල ප්‍රධානින්ගෙ සහෝදරියො හරි දූවරු හරි හිටියා. මහ රජු එයින් එක්කෙනෙක් හෝ කිහිපදෙනෙක් සිය නිල භාර්යාවන් ලෙස විවාහ කරගත්තා. අනිත් අය අවිවාහක භාර්යාවන් ලෙස හිටියා. රජතුමා අධිරාජයේ ඇල්ෆා පිරිමියා වෙද්දි රටේ හැම පළාතකම කාන්තාවො ඔහුගෙ රැකවරණයේ ජීවත් වෙනව කියන අදහස අන්තඃපුරය තුළ තිබුණා.

    රජුගෙ භාර්යාවන්ගෙ වැදගත්ම කාර්යය වුණේ සිහසුනට පුතුන් වදන එක​. රජුට පුත්‍රයින් වැඩිවෙන තරමට එය යහපත් බවයි අදහස් වුණේ. වැඩිමහළු පුත්‍රයාට අනිවාර්යයෙන් රජකම ලැබෙන ක්‍රමයක් පර්සියාවෙ තබා බොහෝ පෙරදිග සංස්කෘතිවල තිබුණෙ නැහැ. අද අපිට ඒක පුදුමයක් වගේ හිතෙන්නෙ බටහිර ක්‍රමය අපට වඩා හුරු නිසයි. පර්සියානු අන්තඃපුරයෙ රජුගෙ ප්‍රධාන භාර්යාවට පහළ ස්ථරයක අනික් භාර් යාවනුත්, ඊටත් පහළ ස්ථරයක අවිවාහක භාර්යාවනුත් හිටියා. නමුත් රජකමට උරුමකම් බලද්දි ඒ හැම කාන්තාවකගෙම පුත්‍රයින්ව සමාන ලෙස සැලකුණා.

    ඒ වගේම රජුගෙ හිත දිනාගත්තු කාන්තාවන්ට රාජ්‍ය පාලනය ගැන වුණත් යම් යම් බලපෑම් කළ හැකිව තිබුණා. ඒ ඔස්සෙ ඇගේ පවුල්වලටත් බලයක් ලැබුණා. අලුතින් රූමත් කාන්තාවක් අන්තඃපුරයට ඇවිත් රජ්ජුරුවන්ව දපනෙ දාගත්තොත් ඒ කාන්තාවගෙ පියාට හරි සහෝදරයාට හරි වාසියක් ලැබෙන්න ඉඩ තිබ්බා. ඒකත් දේශපාලනයම තමයි.

    අනික් අතට​, අන්තඃපුරයේ බලවත්ම කාන්තාව වුණේ රජුගෙ භාර්යාව නොවේ, මවයි. රජුට භාර්යාවන් කීයක් හිටියත් ඉන්නෙ එක අම්මයි නෙ. ඉතින් මව් රැජින තමයි අධිරාජයේ බලවත්ම කාන්තාව වුණේ. මේකෙ ලස්සනම වැඩේ තමයි වර්තමාන මහ රජු මියගියොත්, ඕනම පුතෙකුට රජකම ලැබෙන්න හැකි නිසා, වර්තමාන රජුගෙ ඕනෑම බිරිඳකට හෝ අවිවාහ බිරිඳකට හෝ අනාගත මව් රැජිණ වෙන්න හැකියාව තිබ්බ එක​. එතකොට එය ඇගේ පවුලේ වාසනාවටත් බලපානවා.

    මේ වගේ කාරණා නිසා රජුගෙ අන්තඃපුරයට කාන්තාවක ලබාදෙන එක ඉතාම දේශපාලනික කටයුත්තක් වුණා. එහිදී කාන්තාවගේ පුද්ගලික කැමැත්ත හෝ සතුට හෝ බැලුවෙ නැහැ තමයි. හැබැයි, අනාගතයේදි අධිරාජයේම බලවත්ම කාන්තාව වීමට මාර්ගයක් ඒ තුලින් විවෘත තිබුණා.

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      Actually, the Moghul empire of India followed the same system. They killed their own brothers in order to secure their thrown.

      Delete
  11. ලංකාවේ මිනිස්සු,

    බාත් රූම් හදල ඒව කිලිටු වෙයි කියල එලියෙ ශවර් එකේ නානවා,

    කුස්සි හදල එලියෙන් ලිප් හදාගෙන උයනවා,

    පුටු සැටි ගෙනල්ල ඉටිකොල නොඉරා වාඩි වෙනවා කුණුගෑවෙනවට බයේ,

    කාර් අරන් සීට් කවර දාගෙන පාවිච්චි කරනවා හොදට තියාගෙන විකුණන්න.

    කාර් අරන් ඉටිරෙදි පොරවන් ආරක්ශා කරනවා.

    ඇදුමක් අරන් වෙඩින් එකක් දවසට අදින්න කියල රකිනවා. වෙඩිම එනකොට ෆැශන් එක අවුට්. එක්කො හැට්ටෙ හිරයි. නැත්තං බඩ ලොකු වෙලා කලිසම දනිස්සෙන් උඩට ගන්න බෑ

    ඒ උනාට එලොව සැපට ඉන්න කල්පනාව.

    ගොඩක් මිනිස්සුන්ට ජිව්තේ කියන්නෙ වින්දනයක් නෙමෙයි දුක් විදින ආයෝජනයක්.

    මැරෙන්න බයම ඊලග ආත්මෙ විශ්වාස කරන ම්නිස්සු.

    අද දවසෙ ජීවත් වෙන්න. එතකොට මැරෙන්න බය හිතෙන්නෙ නෑ.

    ජීවිතේ දුකක් නෙමෙයි සැපක්. සතුට තියෙන්නෙ ඔබේ හිතේ. ලෝකෙ හැමෝටම සැපට ඉන්න වාසනාව නෑ. ඒත් තුන් වේල කන්න තිබිලත් උඹේ හිතේ සතුට නැත්තං උඹ පට්ටම කරුමක්කාරයෙක්. එහෙම මිනිස්සුන්ව ආස්සරේ කරන්න එපා. උන් දුක බෝ කරනවා.

    හැකි සෑම විටම පංචස්කන්ධය පිනවන්න. මිනිසත්බවෙන් ප්‍රයෝජන ගන්න. නොදුටු ලෝකයට වඩා මෙලොව සැප වින්දනය කරන්න. ආයෙ ඉපදීමක් නෑ.

    හැකියාව තියෙද්දි සැප නොවිදින මිනිස්සුන්ගෙයි සිව්පාවුන්ගෙයි වෙනසක් මට නම් නෑ. මොකද ඒ මිනිස් ආත්මෙ අපරාදේ

    ReplyDelete
  12. පොහොට්ටුවොයි බයියොයි කියන්නෙ දෙකක්… අද බහුතරයක් බයියො පොහොට්ටුවත් එක්ක නෑ… (හැබැයි උං ජෙප්පොත් එක්ක කියලා ඒකෙන් අදහස් වෙන්නෙත් නෑ ), ඒක ඉස්සරහට කාලය තුල සිදුවන සිදුවීම් සමග තීරණය වේවි.

    ReplyDelete
  13. වෙනත් රටවල නිරාගමික වර්ග 2ක් ඉන්නවා.

    1. හැම ආගමකම හොද දේවල් අරගෙන එකකටවත් බැදීමක් නැතිව ජිවත් වන අය

    2. කිසිම ආගමක දර්ශනයක කියන දෙයක් පිළිගන්නෙ නැති නමුත් ස්වාධීනව තම හිතට එකඟව අනිත් ආගම් අදහන කරදර නොකර පාඩුවේ ජීවත්වන අය

    ඒත් ලංකාවෙ ඉන්නෙ බෞද්ධ විරෝදී හොරෙන් වෙන ආගමක් අදහන නමට නිරාගමික කාලකන්නි අපතයන් කොටසක් විතරයි. එයාල ඔක්කොටම වැඩිය 'ඩොලර්' ආගමනම් අදහනවා

    ReplyDelete
  14. අපට ලංකාවේ තත්ත්වය ගැන පේන විදියට දූෂිත අශ්ලීල රාජපක්ෂ චෞර පවුල මේ මොහොතේ ටිකක් පසු බැහැලා තමන්ට වාසි අවස්ථාව එනතෙක් කල් මරන බව පැහැදිලියි. රනිල් 2010 ෆොන්සේකා කියන පින් ගොනා කඩේ යවලා ෂේප් වුණ ආකාරය සහ 2015 සිරිසේන කියන පඹයා දාගෙන රට පාලනය කරපු ආකාරයෙන් ඔවුන් පාඩම් ඉගෙන ගෙන ඇති. නාමලා පක්ෂය සාමාන්‍ය මට්ටමකට තව ටික කාලයක් අල්ලගෙන ඉඳලා මේ පාර නැතුව ඉදිරි මැතිවරණයකදී අවස්ථාව ආවම ලොකු කැම්පේන් එකක් දියත් කරන්න හිතාගෙන ඇති වසර කීපයකට පසුව එන ඉදිරි මැතිවරණයකදී

    භේ සැරේ එන 2024 දී ඔවුන් එජාපය සහ තවත් කුඩා පක්ෂ සමග සාමූහිකව සංධානගතවී රනිලා හෝ පොහොට්ටුවට වෙන අලුත්ම මුහුණක් ලෙස ධම්මික පෙරේරා වගේ කෙනෙක් දාල උත්සාහ කරල බලාවි, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා තියරි එක. ආවොත් බලය ගියොත් මිනිහෙක්.

    දැනට විපක්ෂ නායක හැටියට ඉන්න සජිත් ප්‍රේමදාස කියල කියන්නේ බහුතර ජනතාවට බොහොම අප්‍රිය වුණ විකට චරිතයක්, ඔහුට වඩා ඔය පොහොට්ටු පක්ෂයේ ඉන්න නාකි හැත්තට උනත් මිනිස්සුන්ට යම් තරමකට ප්‍රසන්න බවක් තියෙනවා, සජිත්ට ඕන නම් සජබයි හාඩ් කෝ වහලුන්ගේ ඡන්ද 2020 ටත් වඩා අඩු ප්‍රමාණයක් ලැබේවි, ඕන නම් උපරිම ලක්ෂ විස්සක් විතර. බොහොම දුරට විපක්ෂ නායක කමත් මේ සැරේ නැති වේවි. සජබට ලැබුණ පාවෙන ඡන්ද මාලිමාවට යන බව පේනවා

    මාලිමාව යටතේ NPP එක විශාල ලෙස කැම්පේන් කරාට මම හිතන්නේ ඒ අය ඳඟලන තරමින් 25%ක වත් ප්‍රතිඵලයක් නොලැබෙන බව, ඔවුන්ගේ මහන්සියට කිසිසේත්ම සරිලන ආකාරයක ප්‍රතිලාභයක් නොලැබෙන නිසා මාලිමාවට සම්බන්ධව සෑහෙන මහන්සි වෙලා වැඩ කරන අයට ඉක්මනට Frustration දැඩි අපේක්ෂා භංගත්වයට පත්වීම ඉක්මනින්ම දැකගන්න ලැබේවි අවාසනාවකට. යම් තරමකට 2019 සහ 20 හැටනව ලක්ෂයේ පාවෙන ඡන්ද වලින් යම් තරමක ඡන්ද ලබාගැනීමට පුළුවන් වේවි. නමුත් අංක එකට එන්න අමාරුයි. අංක තුන වගේ වෙන්න පුළුවන් කොච්චර දැඟලූවත්.

    අනුර කියන්නෙත් පවතින දේශපාලන සංස්කෘතියේම තවත් එක ත්‍රාඩ දේශපාලනඥයකු විතරයි. අනික් එවුනුත් එහෙමම නිසා මොකා තෝරගත්තත් එකයි කියලා දැන් ලංකාවේ බහුතරය හිතෙනවා. විකල්ප ලෙස ආපු අලුත් තරුණ කණ්ඩායම් වලටත් විකල්ප පෙරමුණක් තාම ගොඩ නගාගන්න බැරි බව පේනවා. උවිඳු විජේවීර සෑහෙන මහන්සි වෙනවා, නමුත් ඔහුටත් වීරවංශ ඇතුලු සම්ප්‍රදායික දේශපාලක පිරිස එකතු කර නොගෙන ගොඩ දාගන්න අමාරු බවයි පේන්නේ. මේ අපට දුරින් පේන දේ, ලංකාවේ අයට මීට වඩා පැහැදිලිව පේනවා ඇති.

    මාතලන්ලා අද මාලිමාවට සපෝට් කරලා හෙට රනිල්ටත් අනිද්දා සජිත්ටත් ඊගාව දවසෙ නාමල්ටත් සපෝට් කරත් කිසි වැරද්දක් නෑ . තමන්ට ස්වාධීන දේශපාලන මතයක් දරන්න මිනිහෙක්ට අයිතියක් තියෙනවා.

    හැම දේශපාලන පක්ෂයම සහ දේශපාලන ව්‍යාපාරයම ගැන අධ්‍යයනය කර බලලා වැඩ කරලා මේවා සේරගෙන්ම මෙන්න මෙතන හොඳයි වගේ කියලා එතන නැවතිල බලන්න මිනිහෙක්ට අයිතියක් තියෙනවා. ඒවට ඉතිං කාටවත් විරුද්ධ වෙන්න බෑ.

    ReplyDelete
  15. ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව නමින් වෙස්වලාගැනීම ව්‍යාජයක් නැත්නම් රැවටිල්ලක් බවත් එසේ කිරීම පිටුපස තුන්වන පාර්ශ්වයක් සිටින බවත් අපි කියන්නේ වසර හතරකට විතර පෙර මාලිමාව නමැති විලම්භීතය අටෝගත්තු කාලෙ ඉඳලාමයි.

    ඊයෙ පෙරේදා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියනවා මාලිමාව කියන්නේ ජවිපෙම තමයි කියලා.මාලිමාව කියන්නේ වෙස්වලාගත් ජවිපෙටම තමයි කියලා අපි කිව්වාම පිළිගත්තේ නැති අයට දැන් පුළුවන් ඒක පිළිගන්න.

    මාලිමාවේ අනාගත වක්තෘ තුමා විධිහට තොරොම්බල් කරන තඹුත්තේගම පචෝරිස්ට බ්‍රෑන්ඩඩ් අඳින්න වෙලා තියෙන්නේත් බිස්නස් ක්ලාස් එකෙන් ගමන් බිමන් යන්න වෙලා තියෙන්නේත් සැප බේරෙන වාහන වල යන්න වෙලා තියෙන්නේත් අනුග්‍රාහක භවතුන්ගේ ඇජෙන්ඩාව අනුව බව පුංචි අම්මපා අපට සහතික කරලා කියන්න පුළුවන්.

    ලංකාවේ දමිළ බෙදුම්වාදී ව්‍යාපාරයේ සන්නද්ධ අංශය වූ එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කළාට ලංකාවේ රජයට දමිළ බෙදුම්වාදී ව්‍යාපාරයට තවදුරටත් සම්පාදනය වන ඩොලර් බිලියන ගණන් වන අරමුදල් සහ ඒවායෙන් මෙහෙයවෙන බලයට අභියෝග කරන්න පුළුවන් වුණේ නැහැ.මේ අරමුදල් වල හාම්පුතුන් වන බෙදුම්වාදී විදේශගත ලාංකීය දෙමළ ප්‍රජාව (ඩයස්පෝරාව) රාජපක්ෂලාට විරුද්ධව ෆොන්සේකා උස්සලා ගෙනාපු හැටි ධනුන තිලකරත්න හරහා බිලියන ගණන් මුදල් ෆොන්සේකාගේ චන්ද කැම්පේන් එක සඳහා පොම්ප කරපු හැටි ඊයෙ පෙරේදා සිබිඩ්ඩෙන් පැනපු කොස් ඇට වගේ බබයියලාට අමතක ඇති නමුත් අවශ්‍ය නම් අවශ්‍ය අයට ඒ ගැන තොරතුරු හොයාගන්න පුළුවන්.

    ෆොන්සේකා ව්‍යාපෘතිය අසාර්ථක වුණාම ඊටපස්සේ සිරිසේන උස්සං ඇවිල්ලා පුටුවේ තියලා දෙමළ බෙදුම්වාදයේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්න හදපු හැටිත් අපට මතක් කරන්න පුළුවන්.සිරිසේන ව්‍යාපෘතිය අසාර්ථක වෙලා නැවතත් රාජපක්ෂලා බලයට කිට්ටු වෙද්දී බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ ඊළඟ ටාගට් එක වුණේ තඹුත්තේගම පචෝරිස් නායකත්වයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණ.අමතක අයට මතක් කළොත් තඹුත්තේගම පචෝරිස් මාලිමාව හදාගෙන ඇවිල්ලා රැස්වීම් වල කියනවා අපි කිසිසේත්ම රාජපක්ෂලාට නැවත බලයට එන්න දෙන්නේ නැහැ කියලා.මාලිමාව ඉතා සූක්ෂමව සැළසුම් සහගතව දෙමළ බෙදුම්වාදය විසින් මූල්‍ය අනුග්‍රහය ලබා දෙමින් ගොඩනගන ලද බෙදුම්වාදයේ ඉදිරි දිගුවක් බව සහතික කරලා කියන්න පුළුවන්.

    තඹුත්තේගම පචෝරිස් කැනඩාවට යාමත් සුමන්තිරන් තඹුත්තේගම පචෝරිස්ගෙ යාපනයේ රැස්වීමට යාමත් කිසිසේත්ම අහම්බයක් නෙවෙයි.

    මාලිමාව නමින් වෙස්වලාගෙන ආහම ජවිපෙ සමාජවාදය අතෑරලාය කියන උගත් බුද්ධිමත් පකිස්බූරු මහත්වරු නෝනලාගේ රෙදි ටිල්වින් සිල්වා ගලවලා ඉවරයි.ටිල්වින් කියනවා මාලිමාවට අමුතු ප්‍රතිපත්ති ඇත්තේ නෑ තියෙන්නේ ජවිපෙ ප්‍රතිපත්ති‍යම තමයි කියලා.

    ඒ අස්සේ හරිනි කියනවා මාලිමාව ආර්ථික වැඩපිළිවෙළක් හදලා නැහැයි කියලා.ඔය අස්සේ බුකියේ පුපවල් පොළොවේ ගහගන්න මන්දමානසික මාලිමා ළමා සමාජය කියනවා අපට ගිහින් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා බලන්න ලු.මාලිමාව කියන්නේ ජවිපෙම නම් මලිමාවේ ප්‍රතිපත්ති ජවිපෙ ප්‍රතිපත්තිම නම් මාලිමාවට අලුතින් ප්‍රතිපත්තියක් හදන්න අවශ්‍යතාවයකුත් නැහැ තමයි.

    දෙමළ ඩයස්පෝරාව ඇරෙන්න දෙආකාර පල්ලි පිටුපසින් සිට මෙහෙයවන මාලිමාව නමින් වෙස්වලාගත් ජවිපෙට බලය දීම හෝ අඩු තරමින් දීමට සිතා බැලීමට හෝ කාරණාවක් නැහැ.

    අවුරුදු හැත්තෑ පහක ඊනියා ශාපය නමැති ප්‍රබන්ධයත් භාවිතා කෙරෙන්නේ දෙමළ ඩයස්පෝරාවේ මනදොළ සැපිරෙන තඹුත්තේගම පචෝරිස්ගෙ මාලිමාව නමැති තක්කඩි ව්‍යාපාරය තොරොම්බල් කිරීමට මිසක් වෙන බිබික්කමකට නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලාංකික දමිළ ඩයස්‌පෝරාවට වගේම ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවටත් රාජපක්ෂලා සමඟ ඇරියස් බේරාගන්න ඕන නම් ඒවා වෙනම බේරාගත යුතු අතර රාජපක්ෂලා සමානයි රට ජාතිය ආගම නොවන බවත් රට ජාතිය ආගම රැකගැනීමට පෙරට ඒම රාජපක්ෂලා රැකගැනීමට පෙරට ඒමක් නොවන බවත් සබුද්ධික ජනතාව පැහැදිළිව තේරුම් ගත යුතුයි.

      රාජපක්ෂ ව්‍යාපෘතිය තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවන අතර රාජපක්ෂලා රට ජාතිය ආගම අසරණ වෙන තැනට කටයුතු සිද්ධ වෙන්නට ඉඩ හළ බව අප සැවොම පිළිගත යුතුයි.

      ඊට පිටස්තර බලපෑම් තිබුණු බව ඇත්තක් නමුත් ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගත නොහැකි තරමට ඔඩු දුවන්නට ඉඩහැරීමේ වගකීමෙන් ඔවුන් මුදවා ලිය යුතුද නැත.

      අරගලය නමැති විලම්භීතයට මුහුණ දීමට නොහැකිව ගෝඨා පැන යාමෙන් පසුව ඇතිවූ තත්ත්වයෙන් අන්ද කයිප්පු කැවුණු ජාතිකවාදී යැයි කියන ගොබ්බසේනලාත් රනිල් රාජපක්ෂ ගගා බුකියේ වැළපෙන එක ඇරෙන්න සාක්කු දෙකේ අත්දෙක ඔබාගෙන ඇට කුට්ටම අතගගා ඔලුව හැරුණු හැරුණු අතට බොරු පිඹින තඹුත්තේගම පචෝරිස්ට රෙද්ද උස්සං දුවන්න කරුණු සහිතව කථා කරන්න තාමත් සිහි එළවා ගන්න බැරිවෙලා ද නැතිනම් ජාතිකවාදීන්ට තාමත් සමාජවාදී හැව ඇරගන්න බැරි වෙලාද කියන එක වෙනම කතා කරන්න ඕන.

      රාජපක්ෂලාට කෙළවන්න සිරිසේන උස්සං ඇවිල්ලා රටට කෙළවූ කෙළවිල්ල ගැන දන්නා අය බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව මූල්‍ය අනුග්‍රහය ලබා දෙමින් නඩත්තු කරන තඹුත්තේගම පචෝරිස්ගෙ මාලිමා ව්‍යාපෘතිය හෙළිදරව් නොකළොත් රට ජාතිය ආගම මත ඉන් ඇතිවන බලපෑම ආපහු හරවා ගැනීමට නොහැකි තරමේ බරපතළ තත්ත්වයක් වනු ඇත.

      කෙසේ හෝ බලය ලබා ගැනීමත් ඉන්පසුව තමන්ගේ අනුග්‍රාහක භවතුන්ගේ ඇජෙන්ඩාව ඉටු කිරීමත් හැර වෙනත් කිසිවක් මේ තක්කඩි ව්‍යාපෘතිය පසුපස නැතැයි අප තේරුම් ගත යුතුය.

      තමන්ගේ අරමුණ ඉෂ්ට කිරීමෙන් පසුව මාලිමා ව්‍යාපෘතිය මීට පෙර ගෝඨා යැව්වාට වැඩි ඉක්මනින් තොලොංචි කරන බවත් ඊළඟට අනුග්‍රහය ලබා දෙන්නේ කාටදැයි පූර්ව නිගමනයකට නෑවිත් දෙමළ ඩයස්පෝරාව මේවා නොකරන බවත් මාලිමාවට රෙදි නැතුව කඩේයන මන්දමානසික ජාජබ ජවිපෙ ළමා සමාජ සාමාජික සාමාජිකාවයියන්ට කිසිසේත්ම කල්පනාවක් නැතත් සිහි කල්පනා ඇති අය පුපේ ඇඟිල්ල ගහං පාඩුවෙ නොඉඳ කළහැකි සියලු දේ නොපමාව කළ යුතුයි.

      Delete
  16. මාතේ අයර්ලන්තයේ ගෙවල් හිමි ලාංකික දේශපාලන නායකයන් ගැන කියනකොට මට මතක් වෙන්නේ අර අයර්ලන්තයේ දකුණු දිගින් පිහිටි Coark නම් ප්‍රාන්තයේ ගම්බද පරිසරයක හොකී ක්‍රීඩා කරමින් ඉන්නව එක්තරා තරුණ පිරිසක් පිළිබඳව කියැවෙන ලස්සන කතාවක්. අයර්ලන්තය කිව්වම මතක් වෙන කොළපාට සුවිශාල තැනිතලා බිම්, මල් විසිරුණු මිටියාවත්, ඈත සිතිජ සීමාවේ පැතිරී ගිය නිල් පාට කඳුවැටි ඔබට මේ දර්ශනයට පසුබිමෙන් ඇතුළත් කරගන්න පුලුවන්.

    අප කිවූ ඒ තරුණයන් කණ්ඩායම ක්‍රීඩාවෙ යෙදෙන්නෙ ලෝකෙ වෙනත් ඕනැම තැනක තරුණ පිරිසක් කල්ලි ගැහුණු තැනක තියෙන්නා වගේ කෙළිදෙලෙන් විනෝදෙන්. මේ 1920 දශකය බවත් මතකයේ තබාගන්න. ක්‍රීඩාව අවසන් කරලා ගෙවල් බලා යන මේ අය අතරින් තරුණයින් කිහිප දෙනෙකුට ඉන්පස්සෙ මුහුණ දෙන්න සිද්දවෙන්නෙ අර ලස්සන නිදහස් සුන්දරකම සම්පූර්ණයෙන්ම කණපිට හරවන බිහිසුණු අත්දැකීමකට.

    එතනදී ඔවුන් සොයා එන්නෙ බ්‍රිතාන්‍ය සෙබළු කාණ්ඩයක්. මේ වෙද්දී බ්‍රිතාන්‍යයන් අයර්ලන්තය ආක්‍රමණය කර තම බලය ඒ රට තුළත් පතුරුවා හරිමිනුයි උන්නේ. ඉන්දියාව, අප්‍රිකාව වගේ තමන්ගෙ රටටත් වඩා පනස් ගුණයකින් පමණ විශාල භූමි යටත් කරගෙන ලෝකෙ පුරා ඉර නොබසින අධිරාජ්‍යයක් ගොඩනගාපු බ්‍රිතාන්‍යයන්ට තමන්ගෙ අල්ලපු වැටේ තිබුණ අයර්ලන්තය අමතක වෙන්න විදිහක් තිබුණේ නෑ. මේ වෙද්දි බ්‍රිතාන්‍යයන් අයර්ලන්ත ජාතිකයින්ට පොදු ස්ථානවල කණ්ඩායම් ගැසීම තහනම් කරලායි තිබුණේ.

    මේ නිසාම අර තරුණ පිරිසත් බ්‍රිතාන්‍ය සොල්දාදුවනුත් අතර ඇති වෙන කතාබහ දුර දිග යන්නෙ ඔවුන් අතරෙන් එක තරුණයෙකුට ජීවිතයෙන් වන්දිගෙවන්න පවා සිද්දකරමින්. මේ සිද්ධිය ඒ වෙනකොට අයර්ලන්තය බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහස් කරගැනීමේ නිදහස් සටනේ සටන්වදිමින් සිටි අයර්ලන්ත විමුක්ති හමුදාව (IRA) ට අර තරුණ කණ්ඩායම සම්බන්ධවෙන්න හේතුවක් වෙනව. තමන් උපන් රටේන හිරකාරයන් බවට පත්කරමින් තම නිදහස උදුරාගන්න බ්‍රිතාන්‍යයන්ව මොන ක්‍රමයකින් හරි අයර්ලන්ත භූමියෙන් එලවා දැමිය යුතු බව ඔවුන් දැඩිව හිතට ගන්නව.

    මේක තමයි The Wind That Shakes the Barley කියන 2006 දී තිරගත වුණ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ නිදහස් සටනේ සටන් වැදුණු මේ සටන්කාමී තරුණ කණ්ඩායම වටා.

    මේ තරුණ පිරිසට නායකත්වය දෙන්නෙ ටෙඩී සහ ඩේමියන් කියන සහෝදරයන් දෙදෙනා. එකම අරමුණක් වෙනුවෙන් සටන් කළත් පසුව දෙදෙනා කඳවුරු දෙකකට තල්ලුවී ගිහින් දෛවෝපගත විදිහට එකිනෙකාට ප්‍රතිවිරුද්ධව මුහුණට මුණගැහෙන හැටි අපි දකිනව.

    මේ චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතය වෙන්නෙ ඩේමියන්. ඩේමියන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගනිමින් සිටිද්දී, තම රට වැසියන්ට බ්‍රිතාන්‍යයන් ගෙන් එල්ලවන පීඩනය දැක ඔවුන්ව මේ විපතින් මුදාගෙන තම දේශයට නිදහස ළඟා කර දීමේ අරමුණෙන්, තම අධ්‍යාපනයත් වෘත්තීයත් අතහැර විමුක්ති සටනට සම්බන්ධ වුණු අයෙක්. චිත්‍රපටය ඇතුළේ නිරූපිත ඩේමියන් තමාගේ සුබ සිද්ධියට වඩා පොදු අරමුණක් වෙනුවෙන් ජීවිතය කැපකළ පරමාදර්ශී සටන්කාමීයෙක්.

    ReplyDelete
    Replies
    1. සුප්‍රකට භාරතයේ භගත් සිං, ස්කොට්ලන්තයේ විලියම් වොලස්, දකුණු අප්‍රිකාවෙ මැන්ඩෙලා, ලතින් ඇමරිකානු චේ ගුවෙරා වැනි අයට සම කළ හැකි කෙනෙක් (ඔහු චිත්‍රපටය තුළ පමණක් නිරූපිත ප්‍රබන්ධගත චරිතයක්. නමුත් ඔබ අයර්ලන්ත විමුක්ති සටන් ගැන වැඩිදුර සොයා බැලුවොත් මෙවැනි චරිත සැබවින්ම ඒ යුගයේ අයර්ලන්තයේ සිට ඇති බව සොයාගත හැකි වේවි. අයර්ලන්ත ගරිල්ලා සටන් වල නායකත්වය දැරූ මයිකල් කොලින්ස් එවැනි කෙනෙක්. ඔහු ගැන ඔහුගෙ නමින්ම 1996 වසරේ තිරගත වුණු, ලියම් නීසන් ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනව)

      The Wind That Shakes the Barley නම එන්නෙ 18 වෙනි සියවසේ අයර්ලන්ත විප්ලව සමයේ Robert Dwyer Joyce විසින් ලියූ කවියක පද පෙළකින්. මේ කවිය චිත්‍රපටය මුල්භාගයෙ එක තැනකදි ගායනා වෙනව.

      මේකේ අයර්ලන්තය කොහොමත් කලා සම්ප්‍රදායන්ගෙන් පොහොසත් රටක්. මේ අයර්ලන්ත කලාවන් හරි අපූරුවට චිත්‍රපටයට මුහු කරගෙන තියනව. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Sorry we missed you, The Old Oak වගේ චිත්‍රපට නිර්මාණය කළ Ken Loach. මේක Loach ගෙ ආදායම් අතින් වඩාත්ම සාර්ථක වුණු චිත්‍රපටය විදිහට සැලකෙනව. 2006 කාන්ස් සිනමා උළලේ Palme D'or සම්මානයෙන් පිදුම් ලබන්නත් මේ චිත්‍රපටයට හැකි වුණා.

      මේ චිත්‍රපටයේදි ඩේමියන් ගේ චරිතය නිරූපණය කරන්නෙ Oppenheimer චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනාගැනීම නිසා මෑතක ලෝ ප්‍රකට වුණු කිලියන් මර්ෆි විසින්. කිලියන්ගේ හොඳම රඟපෑම oppenheimer නම් The Wind That Shakes the Barley කියන්නෙ ඔහුගෙ දෙවනියට හොඳම රඟපෑම විය යුතුමයි. ඩේමියන් නම් නිදහස් සටන්කාමියා ඔහු තිරය මත ප්‍රතිනිර්මාණය කරන ආකාරය ඒ තරම් විශිෂ්ටයි. නමුත් මේ ඉස්තරම් රඟපෑම ඔහු කරන්නෙ 2006 තරම් ඈතක. ඔස්කාර් ඇගයීමකට ලක්වෙන්න ඔහුට 2024 තරම් කාලයක් ගත වුණා. කල්ගත වෙලා හරි රංගවේදියෙකුට ලැබෙන උපරිම අගය කිරීමකට ඔහු සුදුසුකම් ලැබීම සතුටට කාරණාවක්.

      ඩේමියන් වගේ සටන්කාමියෙක් වෙන එක කොහොමත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අයර්ලන්තයේ පැවතුණේ යුරෝපයේ අනිත් රටවල වගේ කිතු දහම මුල් කරගත්ත සංස්කෘතියක්. ඔවුන් අදහන ක්‍රිස්තුස් වහන්සේ කියන්නෙ නිතරම සමාජයේ ආසාධාරණයට දුක් පීඩාවන්ට ලක්වෙන ජනතාව වෙනුවෙන් පෙරට පැමිණි කෙනෙක්. නමුත් උන්වහන්සේව පෙරටු කරගත් කතෝලික සභාවම පීඩකයින්ගේ පැත්ත ගනිද්දි එයට එරෙහි වෙන්න තරම් හයියක් ඩේමියන්ට තිබුණා.

      සමහර අවස්ථාවල තම සංවිධානයෙ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම අපහසු තීරණ ගන්න ඔහුට සිදුවුණා. තම සටන් සහයන් සොහොයුරන් තමන් ඉදිරියෙදිම මරා දැමෙන හැටි බලා ඉන්න ඔහුට සිදුවුනා ඔහුගෙ ප්‍රේමවන්තිය පවා නොයෙක් හිරිහැරයන්ට ලක්වුණා. ඩේමියන්ගෙන් නිරූපිත වෙන්නෙ සටන්කාමියකුගේ මේ අති දුෂ්කර ජීවිත පැවැත්ම.

      මේ නිසාම The Wind That Shakes the Barley ඔබේ ඇසට කඳුළක් නංවන තරම් සංවේදී කතා පුවතක්. වරක් නැරඹුව කෙනෙකුට පහසුවෙන් අමතක නොවෙන සිනමා අත්දැකීමක්, කිසිසේත් මගහැර නොගත යුතු ආකාරයෙ චිත්‍රපටයක් බවත් කිව යුතුයි.

      Delete
  17. ගෝතලන් මේ පෝස්ට් එක දාන්නෙ ගෝඨා පස්සේ ගිහින් බලාපොරොත්තු
    සුන් උන බයියො ටික චූන් කරල වීව්ස් ගන්න නේ ඕයි ගෝත්‍රික ගෝතලං හෝතඹුවෝ දැන් උඹ ඔය කඩේ යන මාලිමාවේ ජවිපාවියන් නැත්නම් NPP කියල බොරුවට නම වෙනස් කරගෙන ඉන්න කසිකබල් මාක්ස්වාදය කරපින්නාගෙන බොරුවට පිටින් නව ලිබරල් අයිසින් තවරගෙන ඉන්න ජවිපෙ බලයට ආවම මුන්ගෙ
    බලාපොරොත්තු ඉටු වෙයි කියලා හිතුවට කවදාවත්ම ඒක එහෙම වෙන්නෙ නැහැ බන් ගෝතලං
    කොහොම උනත් කියන්න තියෙන්නෙ ලංකාවේ ජාති වාදය සුන්, ඊලඟට ආගම් වාදේ සුන්

    දැන් ඊලගට තියෙන්නෙ ඊනියා මාක්ස්වාදී සමාජවාදී කොමියුනිස්ට් අන්තවාදීන් සුන් කර වීම පමණයි ඉන් අනතුරුව රට හරි
    මගට වැටෙයි කියලා බලාපොරොත්තු වෙනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න