.

.

Aug 7, 2024

රට තවත් බංගලාදේශයක් වුවහොත්, සියළු දක්ෂිණාංශික පක්ෂ ඊට වගකිව යුතු අතර, රටේ අවසානයද එයම වේ.

 


රට තවත් බංගලාදේශයක් වුවහොත්,

සියළු දක්ෂිණාංශික පක්ෂ ඊට වගකිව යුතු අතර, රටේ අවසානයද එයම වේ.

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖


අප දේශපාලන මතවාදමය වශයෙන් කුමන මතයක් දැරූවද... මහපොලොවේ යතාර්ථය හා රියැලටිය ලියා තැබීම පුරවැසියකු වශයෙන් මාතලන්ගේ යුතුකමක් වන්නේය. 

එය දේශපාලුවන්ට පච දෙසමින් ආතල් දෙනවාට වඩා....කටුක හා අප්‍රසන්න දෙයක් වුවද... මාතලන් අදහන පරිදි, එය සත්‍යවාදී පුරවැසියකුගේ යුතුකම වන්නේය.


ජවිපේ සමඟ අපේ කිසිඳු ආරෝවක් නැති මුත්... ඔවුන්ට මේ රට තබා තිස්ස ප්‍රාදේශීයවත් පාලනය කිරීමට නොහැකි පිරිසක් මෙන්ම... කිසිඳු විශයයක් ගැන ප්‍රාමාණික දැණීමක් හෝ කියවීමක් තබා.... සාමාන්‍ය දැණීමක් හෝ නොමැති තවත් ජනප්‍රියවාදි දේශපාලුවන් පිරිසක් පමණක්ම බව ඔවුන් විසින්ම ඔප්පු කොට අවසානය.. 


එහෙත්.... යම් හෙයකින් ජවිපේ පාලනයක් පැමිණියහොත්.... එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය බව මාතලන් කිහිප වරක්ම ලියා ඇති අතර, ජවිපේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ මෙන්ම බුකිවාසීන්ගේ ප්‍රකාෂ තුලින්ද ප්‍රත්‍යක්ෂ වී අවසානය. 


ඔවුන් බලයට පැමිණි විගසම.... බංගලාදේශයේ මේ මොහොතේ සිඳුවෙමින් පවතින මිලේච්ඡ කෘරත්වය.... මෙරට දේශපාලන විරුද්ධවාදීන්ටද අත්වන බවට සහතික කොට අවසානය. 


එය කිසිසේත් සුළුවෙන් සැලකිය යුතු නැති අතර, සිඳුවීමට නියමිත එම ක්‍රියාදාමයම බව ඔවුන් විසින් මැයි 9 වනදා කළ පෙරහුරුව මගින්ද ප්‍රත්‍යක්ෂ කොටද අවසානය.


කරුමය නම්.... දක්ෂිනාංශික දේශපාලන පක්ෂවල නායකයන්ට මෙන්ම... ජවිපෙට සහාය දක්වන මානව හිතවාදී සිවිල් ක්‍රියාකාරීන්ට හා සංවිධානවලට... මෙය තේරුම් ගැනීමට නොහැකිවීමය . එය මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අවාසනාවක උරුමයය.


මොකා මොන බයිලා ගැහුවත්... කුමන කැම්පේන් කලත්.... අනුර කුමාර දිසානායක හා ජවිපේ වටා ඇති වූ ජනරැල්ල... බිඳුවකින් හෝ අඬු වී නැති බව... සාමාන්‍ය ජනතාව අතරේ ජීවත් වන ගෝනා ඔනෙකුට වුවත් තේරුම් ගත හැකි කාරණයක්‍ය.... අහන අහනෙකා කියන්නේ උන් දෙන්නේ ජවිපෙට බවය... මෙහි වඩාත්ම අනතුරුදායක තත්වය නම්... හමුදාවේ හා පොලීසියේ මතයද මෙයම වීමය. ඒ ඔවුන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ හා සංවිධානයේ ශක්තිය හා දක්ෂතාවයය. මා දන්නා පරිදි රාජ්‍ය බුද්ධි අංශ විසින්ද මේ පිළිබඳව අදාල අංශ දැණුම්වත් කොට අවසානය.


එම ජනතාවට.... රට අස්තාවර වූ මොහොතේ  අනුර හෝ සජිත් හෝ රටේ හා අර්ථිකයේ වගකීම බාර නොගෙන මාරුවී පලා යාම්  මෙන්ම.... එදිනෙදා ජන ජීවිතයේ පැවති දුෂ්කරතා හෙවත්, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ලයිට් කැපීම්, කොවිඩ් හා අධි උද්ධමනය ගැන.... දැන් වගේ වගක් ඇත්තේ නැතිය.


ඒ.... එම  ගැටළු සියල්ලටම... රනිල් වික්‍රමසිංහ හා ඇමති මණ්ඩලය විසින් මේ මොහොත වන විට විසඳුම් දී අවසන් නිසාය. ජහ මනයා හිතන්නේ දැන් තව දුරටත් ඒවා දැවැන්ත ආර්ථික ප්‍රශ්ණ නොවේ කියාය. ඔවුන්ට දැන් අවශ්‍ය වන්නේ 2019 තිබුන ගානට කොත්තු කෑමේ දොලදුකක් පමණක්මය.


ජෙප්පන්ට තබා සක්කරයාටවත් ඒ ගානට කොත්තු දිය නොහැකි වුවත් උන් හිතන්නේ අනුර කුමාර සහෝදරයා ආවාම තව්තිසාව ඉබේ පහල වේ යැයි කියලාය. මේ තත්වය නම් උන්නැහේලාටත් අනතුරුදායක මුත් බලය රඳවා ගන්නේ මර්ධනය තුලින් බවද ඔවුන් ප්‍රකාෂ කොට අවසානය.


උන් හිතන්නේ රනිල් ඒවා විසඳුවේ ජනතාවටම බදු ගසා එකතු කරගත් මුදලින් සහ ඩොලර් බිලියන 80 ක්ව පැවති ණය කන්දරාව... ඩොලර් බිලියන 100 ක් දක්වා වැඩි කිරීමෙන් කියලාය. ජවිපේ විසින් පැතිරූ මේ බොරු දැන් පයිත්තියම් වී අවසානය.


ඊට හේතුව මේවාට උත්තර දීමට ආන්ඩුවේ ප්‍රචාරණ අංශයට කිසිඳු වැඩපිලිවලක් නොමැති වීමත්... ඒ සඳහා එවන් විශ්වාසවන්ත පිරිසක් නොමැති වීමත්‍ය. 


මෙතෙක් සජිත් හා රනිල් අතරේ බෙදුන ජවිපේ විරෝධී දක්ෂිණාංශික චන්ද ගොඩ... නාමල්ගේ පැමිණීමත් සමඟ දැන් තිදෙනෙකු අතරේ බෙදියාමද අනුර කුමාරගේ ජයග්‍රහණය තවත් තහවුරු කරනා සාධකයක් බව තේරුම් ගත හැකි එකෙකුට තේරුම් ගැනීම සඳහා ලියා තැබිය යුතුමය. මන්ද යත් මොවුන්ට චන්දය ප්‍රකාෂ කරනා උන්ගේ දෙවන මනාපයද ජවිපේ නිසාය.


එම නිසා.... දක්ෂිණාංශික දේශපාලුවන්ට තම ජීවිත හා දේපල බේරාගැනීමට අවශ්‍ය නම්... මේ මොහොතේ කළයුතු වඩාත්ම නිවැරදි දේ නම්... සියළු වාද බේද පසෙක තබා මේ අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කිරීම මිස... එකිනෙකාගේ රෙදි ගලවා ගනිමින්.... තම තමන්ගේ පෞද්ගලික ඇරියස් කවර් කර ගනිමින්.... ජනතාවට හා මයික් වලට අන් ගෝතල් දෙමින්.... වාමවාදි කඳවුරේ චන්ද ප්‍රතිශතය තව තවත් වැඩි කොට අමරකීර්ති අතුකෝරාල ගිය මඟ යෑම නොවේය...


මොවුන්ට එය තේරුම් ගැනීමට තරම් ශක්තියක් නොමැති හෙයින්... ඔවුන් වටා එක් වී ඇති බලවේග හා සංවිධාන විසින් හෝ මේ බව ඔවුන්ට අවබෝධ කර දීම... මේ මොහොතේ ඔවුන්ගේ අනාගත පරපුර වෙනුවෙන්ද කළ හැකි මහඟු යුතුකම වන්නේය....


ඒ වගත් මෙසේය.....


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑම්ක්ස් හොඳේ 


.

8 comments:

  1. රනිල් යාපන විශ්ව විද්‍යාලයට ලිය විට එහි සිටි දෙමළ පල්කඩ වේසියක්, ඉංග්‍රීසි බැරි නිසා සරසවි සිසුන් කීප දෙනෙක් සියදිවි නසා ගත් බව කිව්වා.
    එතකොට රනිල් කේසර සිංහ රාජයෙක් වගේ ගොරවලා ඉංග්‍රීසි බැරි නම් ඉගෙන ගනියව් කියලා කිව්වා.
    දෙමලි පුකේ ඇරගෙන වගේ අමාරුවෙන් වාඩු වුනා. එදා මට මාර හැපි.

    මම හිතාගෙන ඉන්නේ පලමු මනාපය රනිල්ටත් දෙවැනි මනාපය දිලිත් ජයවීරටත් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි දන්න එන්ගලන්තෙ සුද්දන්ට දැන් වෙලා තියන දේ බලපන්...උන් වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න යන්නෙ...

      Delete
    2. උපමාව හරිද මන්දා?

      Delete
  2. තව සති පහ හයක් කියතැකි අනාවැකි
    සිරිලක වෙයිද මේ වරවත් ගොඩක් lucky

    ReplyDelete
  3. ගෝටගෝගමට නුවරඉඳන් කෝච්චි හයර් කරන්ආව මීහරක් අක්කලත් හිටිය,මෙදාපාර අන්රයිය දිනවන්න ෆ්ලයිට් හයර්කරන් ලංකාවට යනව කියන්නේ ඒ වගේ, මීහරකූන් තමයි.....එහෙමයි අපට ආරංචි 😆😆😆

    ReplyDelete
  4. ඔය කියන තරමේ රැල්ලක් නම් මාලිමාවට නෑ, ඔය බුකියේ නම් මාලිමාවට කඩේ යන සෙට් එක මහා කෝලාහලයක් කරනවා, 50% ක විතර පිරිසක් තවම තීරණයක් නෑ. ඡන්දෙ නොදී ඉන්න තීරණය කරලා හිටියාම පාරෙ යන්නත් බෑ කරදරේ මාලුමා පැටවු ෆෝන් කැමරා උස්සන් එනවා මේ පාර කාටද ආහන්. මාලුමා කියලා මාරු වෙනවා ගොඩක් දෙනෙක් මොකද උන්ගේ ත්‍රාඩ ම්ලේච්ඡ ගතිය රටම දන්නවනේ. ඒ නිසාම ඡන්දෙ නොදී ඉන්න හිටපු අදහස් වෙනස් කරලා කට්ටිය නයි දෙරණේ දිලිත්ට හරි නාමොල් මෝලාට හරි රනිලාට හරි දෙයි මුන් එක්ක තියෙන තරහටම...!

    ReplyDelete
  5. ලංකාවේත් එහෙම තමයි, පහුගිය දවස්වල රැල්ල බිදින්නට වෙරළ හදනවා යැයි වගාඩම්බර කී පාඨලී චම්පික අද වල්ල පොලවේ ගසා ගන්නා දවසයි. එකෙකුටවත් ලෙහෙසියෙන් දිනන්ට දෙන්නේ නැතැයි කී පාඨලී පහුගිය කාලයේ අනුර පරද්දන්නට රනිල්ට බෑ කියමින් රනිල්ගේ අනුප්‍රාප්තිකයා වීමට කැම්පේන් එකක් ගෙන ගියේ ඊනියා "පොදු අපේක්ෂකයා" වීමේ අරමුණෙනි.

    පාට ලී ලා කොච්චර බලා සිටියත් අහුලා ගන්නට එළු බෙට්ට වැටුනේ නැත. හංවැල්ලේ වෙලේ තනි වූ ලෙව්කේ මෙන් අද තනිවු පාඨලී දෙලොවක් අතරය. ගෙදර ගියොත් අඹු නසීය මග හිටියොත් තෝ නසීය..
    පාඨලී චම්පිකගේ තෝරා ගැනීම සජිත් රාජපක්ෂද? එසේත් නැතිනම් රනිල් රාජපක්ෂද?.. නැත්නම් අනුර රාජපක්ෂ ද? ඒත් නැත්නම් රෙදි නැතුවම නෝ මල් කාඩපක්ෂ හොර නායකයා ළඟට වත් යනවාද?

    පාඨලී චම්පික දැන් ඔය මොකා තෝරා ගත්තත් රෙදි ඉල්ලේය. රැල්ල බිඳින්නට වෙරළ හදන්නට ගිය එකාට සිදුවූයේ වෙරළේ සිප්පි කටුවක් වන්නටය.

    සුමේධ රත්ණායකලා පාඨලී සජිත් රාජපක්ෂ වෙත තල්ලු කරද්දි ශිරාල් ලක්තිලකලා පාඨලීව රනිල් රාජපක්ෂ වෙත තල්ලු කරපු අතරම
    පාඨලීව විකුණා පැන්සලේ ජාතික සංවිධායක සූමේධ රත්ණායක දැනටමත් චීන එම්බසියෙන් සල්ලි කුට්ටියක් ලබාගෙන ඇත.
    ශිරිලාල්ලා වර්ණසිංහලා පාඨලී ව්කුනා සිරිකොතෙන් කුමක් ලබා ගත්තේ දැයි තවම හෙලි වී නැත. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය. පාට ලී හොඳ යැයි දායක සභාව කිව්වාට හොද ලී පාට නැත ... 😏

    ReplyDelete
  6. අයිසේ, මාතලන් මේක මම 2022 වසරෙ ලංකාවේ අරගලේ කියන ව්‍යසනයට අහු වෙච්ච කාලේ මම ලියපු කමෙන්ට් එකක්... දැන් මේ 2024 Bangladesh වල ව්‍යසනයෙන් පස්සෙ ආයෙ ඇලෙව්වා පහල 👇


    අපේ පැරණි සිංහල යෙදුම් අතර ඉතාම ප්‍රත්‍යක්ෂ Phrase එකක් තමයි කටුසු කරේ රන් බැන්දා වගේ...
    ඒ මෝඩ කටුස්සා රත්‍තරන් බැදන් ඔලුව උදුම්මගත්තට වඩා හානියක් තමන්ටත් අනුන්ටත් කරන කටුස්සො අදටත් ඉන්නවා..

    මතකද 1789 ප්‍රංශ විප්ලවයෙදි රජු එළවල බලය ගත්තට පස්සෙ රජුගෙ භීෂණයට වඩා තිරශ්චීන භීෂණයක් ක්‍රියාත්මක වුණා..
    ඒ පිළිබඳව Charles Dickens ගෙ A tale of two cities කියන ඓතිහාසික නවකතාවෙ තමයි මම මුලින්ම දැක්කේ පාසල් යන කාලේ, පසුව ඒ කාලෙ ඓතිහාසික තොරතුරුත් හැදෑරුවම ගොඩක්ම හොඳට තේරුම් යනවා ඒක..

    ලංකාවෙත් 1988 -89 ජවිපෙ විප්ලවය ගැන හදාරන කොට විජේවීර සහෝදරයා ඇතුලු ඉහළ පෙලේ නායක සහෝදරවරු සෑහෙන්න සත්භාවයෙන් ආරම්භ කළත්, පස්සෙ ඒක ගමේ තරහකාරය මරල වස්තුව කොල්ලකන තත්වයට ඇවිත් තියෙනවා කියලයි මට තේරෙන්නේ විජේවීර සහෝදරයායටත් පාලනය කරගන්න බැරි තරමට පාලනය ගිලිහී ගිහින්..

    පහුගිය 2022 අවුරුද්දෙ ලංකාවෙත් සාමකාමී කියලා පටන් ගත්ත අරගලයත් අවසානයෙ භීෂණයට ගියා ...

    මේව මෙහෙම වෙන්නෙ ඇයි ?

    මේක පැහැදිලි කරගන්න පුලුවන් මිනිසා කියන සතාගෙ පුද්ගල භාවය හා මමත්වය පිළිබඳව තේරුම් ගත්තම.. ඇත්තටම Ego is the enemy කියල Stoicism වලදි කියන්නෙ ඒකයි..

    යම් කණ්ඩායමක් ඉන්නව යම් සන්දර්භයක් හෝ සමාජ කුලකයක් තුළ , ඊට සමාන්තර කණ්ඩායමකට වඩා ජීවන ගමනෙ පසුගාමීව..
    ප්‍රසිද්ධිය , මුදල් , තනතුරු , ජනප්‍රියත්වය , බලය , සබදතා , බාහිර පෙනුම , සමාජ පිළිගැනීම , යාන වාහන වගේ පාරිභෝගික භාණ්ඩ තමයි වත්මන් සමාජයෙ ලෞකික පුරුෂාර්ථ වෙලා තියෙන්නෙ..
    මේව අත්පත් කරගන්න කවුරුත් ආසයි..

    හැබැයි ඔය ඕනැම සමාජ උපකුලකයක හැමෝටම එහෙම අපේක්ෂා ඉෂ්ඨ කරගන්න බැහැ..
    බුද්ධිය, කැපවීම , උගත්කම ආදී ගුණාංග රැසක් අඩු වැඩි වශයෙන් හේතු වෙනවා කෙනෙක්ගෙ දියුණුවට..

    ඕනෑම සමාජ උපකුලකයක කාලයක් පරිණාමයෙන් පසු ( උදාහරණයක් University Batch එකක් කියල ) එහෙම achievements තියෙන අය වගේම , නැති අයත් ඉන්නව නිරීක්ෂණය කරන්න පුලුවන් ..

    ඉතින් තමන්ගෙ පරාජිත ජීවිතයේ කණස්සල්ලෙන් ඉන්න කොටසකට යම් කුඩා බලයක් හරි ලැබුණොත් බොහෝ විට ඔවුන් අර ප්‍රංශෙ රජා එළවල ඊට වඩා අමානුෂික භීෂණයක් පතුරුවපු විප්ලවකරුවන් වගේ භයානක movements වලට කිසිදු හිරිකිතයක් නැතිව යනවා..
    ඉඩි අමීන් ගෝලයන්‍ට සැලකුව වගේ තමන් අත තියෙන හැන්දෙන් තමන්ටම බෙදා ගන්නවා.. සහචරයන්ට බෙදනවා..

    මතක ඇති පහුගිය අරගලේ උෂ්ණෙ අරන් TV station එකකට කඩා පැන්න කොණ්ඩයා..

    මේ වගෙ දේවල් වෙන්නම ඕන මිනිසා කියන අරුම පුදුම සතාගෙ හැසිරීම් බලන්න..

    ඒ නිසා මම " අහිංසකයි " කියන සංකල්පය මිනිසාට කුමන හේතුවක් නිසාවත් ආදේශ කරල බලන්නෑ..
    කුඩා දරුවෙක්ට හැර..

    මොකද දුබලයාට අනවශ්‍ය ලෙස බලය ගියාම , ඔහුගෙ විනය සහ අවබෝධය දුර්වල නම් මුලින් විහිලුවක් වෙලා පස්සෙ ඛේදවාචකයක් වෙනවා අත්දකින්න පුලුවන් ..

    මේ කතාව කියැවෙන හොදම movie එකක් The experiment .. ඒක බලලා තියෙනවාද ඔබ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න