.

.

Aug 5, 2024

බංගලි පරිප්පූ


 

බංගලි පරිප්පු

➖➖➖➖🔴


ඉල්ලයි චන්දෙ ජෝකර් සහ    මනප්පු

පස්සෙන් යනෝ ගව රැල වී    කුලප්පූ

කන්නම ඕන නම් බංගලි         පරිප්පු

දීලා පව් ගෙවමු විඳගෙන         වලිප්පූ


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි


.

11 comments:

  1. මාතලන් කියූ දෙශපාලන අනාවැකි සැබෑ වූවායැයි කීවාම බුකියේ ඉන්න උන් අහන්නේ කෝ කවද්ද යකෝ තෝ එහෙම කිව්වේ කියලාය. ඒක ඔවුන්ගේ වරදක් නොවේය. මන්ද මාතලන් බුකියේ සෑහෙන කාළයක් උන්නත්, එහි ක්‍රියාශීලී වූයේ මෑතක නිසාය. ඒ නිසා සිරා කව්ද කියලා 2016 ඔක්තෝබර් 13 වන දින තැබූ බ්ලොග් සටහනක් මෙසේ ගෙන හැර දක්කනවාය..

    යහපාලනේ අවසන් කටයුතු පසුව දැණුම් දෙනු ලැබේ.. - Yapalana Funeral will be notified later

    කැමති එකෙකුට එතනට ගොඩ වැදි අද සිඳු වූ සියල්ල අකුරක් හෝ වෙනසකට භාජනය නොකොට ඒ ආකාරයෙන්ම තියෙනවා බලා ගන්නට පුළුවන්ය.

    රනිල්ගේ දේශපාලන ආගමනය

    රනිල් ජනතාවගේ නායකයෙක් නෙමේය. රනිල් දේශපාලනයට එන්නේ පවුල් පසුබිම හන්දාය. මාතලන්ට මතකාරයට ඔහු දේශපාලනයට එන්නේ කොළඹ හතෙනි. ඔහු දන්නේ එහි ජීවන රටාව පමණමය. පාර්ලිමේන්තුවට ඔහු එන්නේ ලාබාල මන්ත්‍රිවරයකු ලෙසය. මුලින්ම ලැබෙන්නේ නියෝජ්‍ය ඇමති කමකි. පසුව ඔහුට ඇමති කමක් ලැබුනද, පක්ෂ වහලුන් රනිල්ගේ කෙරුවාවන් කියා පෙන්වන සියල්ලම ජේ ආර්ගේ ඔළුවේ තිබූ දේ මිස රනිල්ගේ ඔලුවේ තිබූ දේ නොවේය.

    ජේ ආර් සෑදූ ජාතික තලයෙ නායකයන් අතර රනිල් උන්නේ බොහෝ ඈතින්ය. ඔහු ගොඩ ගියේ ප්‍රේමදාසට එදිරිව ගෙන ආ දෝශාභියෝගයේදී ප්‍රේමදාස මහතාට පක්ෂව උන් නිසාය (පුංචි ප්‍රේමදාසද රනිල්ට වටින් පිටින් කෙලින්න ගියද කෙලින්ම ගේම එන්නේ නැත්තේ මේ නිසාය)

    මාතලන් එජාපයේ පක්ෂ සාමජිකයකු වූයේ පරම්පරාවේ උණටම ගිය නිසාය. අපේ තරුණ අවධියේ, රටේ අති දරුණු භීෂනයක් පැමිනි කාළයේද, අප පක්ෂය හැර නොගියේ අර තිබූ උණ නිසාමය. එහෙත් අප පලාතේ එජාප නායකයා වූ රනිල්, එදාද පාක්ෂිකයන් අතරම ජන අප්පිරිය වූවා මිස ජනප්‍රිය පුද්ගලයකු නම් වූයේ නැතිය. ඒ ඔහු කිසිවකු හෝ ගනන් නොගන්නා මහා උද්දච්චයෙක් වූ නිසාය. අද රට්ටුන් එතුමාට කියනා දේ එතරම් ඈත අතීතයේම කැළණියේ ජනතාව ඔහුට කියුවේය.

    රනිල්ගේ පක්ෂ නායකත්වය

    එය සිරිසේනගේ ජනපති කම මෙන්ම කිසි දිනෙක සිහිණයකින් වත් නොසිතූ ළොතරැයියක්ම විය. ළොතරයි දිණුම් ඇදුන උන් කෙලින්නේම පිස්සු කියා සමාජයේ කියමනක් ඇත්තේය. සිරිසේන හා රනිල් දැණුත් කරමින් සිටින්නේද එයමය. උන්ට ලැබු ජහග්‍රහණයේ කිසිඳි වටිනාකමක් ඇත්තේ නැතිය. ඒ මහින්ද, ජේ ආර්, ප්‍රේමදාස මෙන්, කිසිඳු හෝ කට්ටක් නොකෑ නිසාමය. සිරිසේනට තමන් ලද දේ රැක ගැනීමේ උවමනාවත් තිබෙනවා වුවද, රනිල්ට ඒකත් ඇත්තේ නැතිය. ඒ ඔහු නිකන්ම නිකමෙක් නිසාය.

    ජේ ආර්ගේ දෙවන පෙල නායකත්වය තුල, ලලිත්, ගාමිනි, ප්‍රේමදාස, මල්ලිමාරච්චි, ප්‍රේමචන්ද්‍, රන්ජන් විජේරත්න, අළුවිහාරේ පමණක් නොව තවත් බොහෝ ඉදිරිපෙල නායකයන් ගොඩ නැගුවේය. ඔවුන් බොහෝ දෙනෙකු "කරමා ඉස් අ බිච්" (Karma is a Bitch) කියන්නැහේ, එජාපය විසින්ම ඇති කළ කාළකන්නි යුද්ද්ධයේ ගොදුරු බවට පත් වී, දැයෙන් සමුගත්තේය. එයින් පින පහළ වූයේ ඩී බී හා රනිල් වැනි හාල්පාරුවන්ගේය.

    ඩී බී අතේ තිබුන රොටිය චන්ද්‍රිකාට පුච්චා ගන්න දී ගෙදර ගිය අතර, "වා නම් වා පෝ නම් පෝ" කියා, කොහෙවත් නැති එකෙකුට දැවන්ත නායකයින් බිහි කළ පක්ෂයක අනාගතය පැවරුනේය.

    ReplyDelete
  2. ආසියාවේ මහා මොළයේ ඉල්ලාගෙන කෑම

    හත්වලාමේ වෙච්චි දේට මක්කොරන්නද කියා නායකත්වය පිලිගත් පක්ෂයේ වහලුන් ඔහු හැඳින් වූයේ, "තරුණ නායකත්වය" කියලාය. කොන්ඩෙ සුදු වූ පසු මුන්නැහේ හැදින්වුනේ "ආසියාවේ මහා මොළය" කියලාය. එහෙම කියපු උන් ආසියාව කියන්නේ ලංකාවටද කියා මාතලන් නම් දන්නේ නැතිය.

    මොකෝ අල්ලපු රටේම, මහා බුද්ධිමතුන්, මොළකරුවන් පමණක් නොව, මේ මෑ ඇටේ සල්ලිවලට ගන්න තරම් පොහොසත් බුද්ධිමත් බිස්නස් කාරයෝ පවා ඉන්නා නිසාය. ඒ අතින් ගොන් බයියන්ගේ හා අමු ගොබ්බ ටොයියන්ගේ වෙනසක් ඇත්තේ නැතිය. සමහර විට මුන් මේවා කියනවා ඇත්තේ, ඔය ඉඳ හිට ලෝකේ කොහේ හෝ රටක පස් හය දෙනෙක් සහභාගි වෙන කැම්පස් ලැක්චර් එකකට යන නිසා වෙන්න ඇතිය.

    ටී වී එකේ නොපෙන්නුවාට, පත්තරේ නොතිබ්බාට, අපේ රටේ ව්‍යවසායකයන්, සමාජ ක්‍රියාකාරකයින්, කැම්පස් ලැච්චර්ලා මෙන්ම, පොඩි කොල්ලෝ කෙල්ලෝද එහෙම ලැච්චර වලට යනවාය. එහෙම නම් රටේ නායකත්වය දිය යුත්තේ දේශපාලනය නොදන්නවා උනත්, එහෙම වැඩිම ලැච්චර් වලට ගොහින් තිබෙන එකාට හෝ එකීටය. ඉන් පසු අපි මහා බුද්දිමත් රටක් කියා, කන්න නැති උනත් වාතයක් ඇරලා සතුටින් නිදා ගන්න පුළුවන්ය.

    මිස්ටර් ක්ලීන් හා මිස්ටර් බීන්

    රනිල්ට මිස්ටර් බීන් කිව්වේ අප නෙමේය. අද එයාගේ සමනල් රෑනේ මුල් පෙලේ ඉන්නා මංගල සමරවීරය. එයා එහෙම කිව්වත්, රනිල්ට පක්ෂ විපක්ෂ කවුරුත් කිව්වේ මිස්ටර් ක්ලීන් කියලාය. ඒ එයා හොරකම් කරලා තිබ්බේ නැති නිසාය. එහෙත් නරක ආශ්‍රය ඔහු කම්බා හොරෙක් කෙරුවේය. කොහේවත් යන පච්ච සිරෙක්, පොදු අපේක්ෂකයෙක් කරන්න, සිරිකොතේ තිබූ ඔක්කොම සල්ලි ටික කාබාසිනියා කොරලා ඒ යකා රජ පුටුවේ ඉන්දුවායින් පස්සේ, චන්ද කරන්න පක්ෂයට සල්ලි තිබුනේ නැතිය.

    ඒ නිසා පාර්ලිමේන්තුව විසිරුවා මහ චන්දයකට නොයා "ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම" පසෙකලා "සධාචාර විරෝධීව", රෙද්දේ ව්‍යවස්ථාවේ හිල් වලින් රිංගා යමින් පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව, අගනැති ලෙස දිවුරුම් දී මහ බැංකුව තම්න් යටතට ගත්තේය. එ කරලා සියවසේ මහා මුදල් මංකොල්ලය ක්‍රියාත්මක කිරීමට සිංගප්පුරුවෙන් බෑන්කර් කෙනෙක් ගෙනවිත් සැන්ට්‍රල් බෑන්ක් එක සුද්ද කරලා දැම්මේය.

    රනිල්ට පමණක් නොව, පක්ෂයේ අනෙක් උන් ඔක්කොටම තිබුන සිහිණය වූයේ රට හැදීමවත් පක්ෂය හැදීමවත් නොව රාජපක්ෂලා කෙලපු කෙලිල්ලටත් එහා කෙලිමින්, කොමිස් ගසමින්, මහින්දලාටත් වඩා හොරකම් කරමින්, එයා ගෙවූ ලයිෆ් ඉට්ටෑයිල් එකටම ජීවත් වෙන එකය. (හැම එකාම කියන නිසා අපිත් ඔහේ කියෙව්වාට මහින්ද හොරෙක් කියා යහපාලනයට ඔප්පු කරන්න නොහැකි වූ අතර. මැණික් මල්ලකින් ලද පවුලේ වාසනාවට සෑම එකාම ඉරිසියා කළ බව පමණක්ම "උත්තරීතර අධ්කරණයේදී" ඔප්පු විය.)

    ReplyDelete
  3. කොටින්ම කියනවා නම් අද රටේ හැම පොලිටික්කාටම ඕනා මහින්ද කෙනෙක් වෙන්නය. මේවා බොරුය කියා කියනවා නම්, මාතලන් බොග දැමීමත් (Blogging) නතර කර දමනවාය.

    ඇත්තම කතාව නම්, සැන්ට්‍රල් බෑන්ක් ගේම දුන්නේ, චන්දයෙන් 2/3 බලයක් ලබාගෙන සිරිසේනට දෝශභියෝගයක් ගෙනෙන්නටය. එහෙත් දින 100 යේ පච පොරොන්දු හේතුවෙන්, ඒ වෙනවිටත් පීචං වී උන් එජාපයට සංධානගත වෙලාත් ලබා ගන්න හැකි වූයේ ආසන 105 කි. ඉන් පසුත් කළේ, කිසිම හිරිකිතයක් නොමැතිව මහ ඡන්දයෙන් පුකට පයින් ගසා ගෙදර එලවූ සිරි ලංකා කාරයන්, සිරිසේනගේ ලැයිස්තුවෙන් ගෙන, හොඳම අමාත්‍යංශ සියල්ලම උන්ට ලබා දෙමින් අගමැති කම බදා ගැනීමය.

    එයින් සිදු වූයේ 1994 පරාජයන් පසු අද වෙනතෙක් පක්ෂය වෙනුවෙන් දිවි හිමෙයන් වැඩ කරනා එකෙකුටවහ් සත පහක දෙයක් නොලැබීමය. අප කැමති වුවත් අකමැති වුවත්, මේ රටේ ගෝත්‍රික ජනතාව බලාපොරොත්තු වන්නේ රජයේ රැකියාවන්ය. ඒ උගත් කමක් යාන්තන් හෝ ඇති උනය. ඒ කියන්න කැම්පස් ඩිග්‍රි කාරයෝය.

    එහෙත් පක්ෂය වෙනුවෙන් පෝස්ටර් ගසන, රැස්වීම් තියනා, කොඩි වැල් අදිනා, මහින්ද පාර්ෂවයෙන් අම්බානක ගුටි කන, කම්කරු රැකියාවක් හෝ බලාපොරොත්තුවෙන් කඩේ යන උන්ට රැකියාවක් ලබා ගැනීමට ඇති සියලු ආයතන කන්න දුන්නේ එජාපයේ උන්ට නොව, සංධාන ගත් වෙච්චි උන්ට හා සිරිසේනගේ හිඟන්නන්ටය.

    ඇත්තටම රනිල්ට පාක්ෂිකකයා තබා, පක්ෂයවත් වැදගත් නැත. විධායක ජනපති වීමේ සිහිණයක් තිබුනද, විපක්ෂ නායක කම ෆුල් සැටිස්ය. එයාට ඕන රජෙක් විලසින් පෙනී සිටින්නට පමණය.

    දේශපාලන ගේම්

    සම හරක් විට රනිලුත් දේශපාලන ගේම් දන්නවා විය හැකිය. තාමත් සීන් එක ඉවර නැති නිසා මේ ගේම් එක, සිරිසේන එලවීමට, මහින්ද හා රනිල් ගැසූ ගේමක් වෙන්නත් පුලුවන්ය. ඒ කෙසේ වෙතත් රනිල් චන්ද්‍රිකා හා රාජිත සිතුවේ සිරිසේන පඹයෙක් කියලාය. යහපාචනය පැමිනි දිනවල, කිලීගේ සිරසට ලයිව් ඉන්ටවීබ් එකක් ලබා දෙමින්, සැටලයිට් නෝනා කියුවේ, සිරිසේන ටිකක් කුලෑටි, සමාජශිලි කෙනෙක් නොවන බවත් (මේ වච්නම හෝ ඊට සමාන වචන) ඔහු විස්වාශ කළ හැකි අවංක නායකයකු බවත්ය. එහෙත් ඒ දෙන්නා සහ එජාපයේ අමු ගොන් අලි තේරුම් නොගත් දේ නම්, පඹයාපඹය ගෙනත් ඉන්දුවේ, රජ කමටත් වඩා බලවත් විධායක ජනපති පුටුවේය කියනා එකය.



    ReplyDelete
  4. මේ බව දැනගත් සිරිසේන මුල සිටම ලංකර ගත්තේ මේ දෙදෙනාගේ පරම හතුරන්ය. තමාගේ තනතුරට අභියෝගයක් එල්ලවිය හැක්කේ මහින්ද පාර්ෂවයටත් වඩා මේ දෙදෙනාගෙන් බව හොඳින්ම වටහා ගත් සිරිසේන, මේ දෙදෙනා පයිසෙකට මායිම් නොකලේය. ලැබුන ජාත්‍යන්තර පිලිගැනීමත් සමගම, එයා ගොනාට මෙන්ම වීරයාටද එක සැරේම ඇඳගත්තේය. රනිල්ට විරුද්ධව කළ හැකි සියල්ල කළේය. කිලී මහරාජා හා එක්ව දිනපතා පැයෙන් පැය මඩ බාල්දි කෙලිය අතර, ඩිලාන් පෙරේරා වැනි හිඟන පක්කිලියන් දමා චන්දිකා නිර්වස්තරෙන්ම යැව්වේය.

    රනිල්ට කෙලින්න පුළුවන් හැම තැනදීම කෙලියේය. ඇත්තටම අද හොඳ බිස්නස් කාරයෙක් වෙන සිරිසේන, සයිටම් වසා දැමුවේ ප්‍රතිපත්තිමය කාරනාවකටත් වඩා සයිටම් වෙනුවෙන් පෙනි උන් එජාපයට කෙලින්නටය. අනාගතයේදි මහින්ද පාලනයක් තුල මේ දේවල් සිඳුවන විට, සිරිසේන කට පුක අරින්නේ නැති බව අද මාතලන් මෙසේ ලියා තබනවාය.

    19 යේ හිල් හා කුරුඳු පොලු

    ජයම්පති දමා විධායක බලතල අඩු කරනවා කියා සන්සෝධනයක් ගෙන ආවත්, ඒක හැදුවේ අම්බානක හිල් තියලාය. ඒ වෙන මොකකටවත් නොව, සිරිසේන බය කිරීමට හා තමා ජනාධිපති වූ විට මහින්ද පාර්ෂවය වැඩි බලයක් පාර්ලිමේන්තුවේ අත් පත් කර ගතහොත්, ඔවුන්ට කෙලවා, තම පක්ෂයට බලය ලබා දී, පක්ෂයේ මෙන්ම රටේද අමරණීය නායකයා වෙන්නටය.

    ඌරාගේ මාළු ඌරාගේම ඇඟේ තබා කපන්නැහේ, සිරිසේන රනිල්ට බටර් නැතිවම ඇරියේද ඒ හිල් වලින් රිංගලාය. මේ බව හොඳින්ම දන්නා ජයම්පති වික්‍රමරත්න ආගිය අතක් හොයා ගන්නට නැත්තේ ඒ නිසාය. මේ ගේම පිටුපස උන්නේ මා හිතවත් ශිරල් ලක්තිලක, මෛත්‍රි ගුණරත්න හා සරත් නන්ද සිල්වාය. ඒ හැර මහින්දගේ පොරවල්ද ඉන්නට ඇතිය.

    ශිරාල් හා මෛත්‍රී ගුණරත්න කියන්නේ රනිල්ගේ නයි වෛරක්කාරයෝ දෙන්නෙක්ය. රනිල්, මංගල ලවා මාතරදි කුරුඳු පොලු පාර දෙන්නේ මේ දෙන්නාටය. මේ දෙන්නා එදා කෑවේ සජිත්ගේ ගුලිය. සජිත්ගේ ගුලි කා කෙල උන් සියල්ලෝම මේ ගේමේදී උන්නේ සිරිසේනත් එක්කය.

    දෙශපාලනයේ සදාකාලික සතුරන්ද සදාකාලික මිතුරන්ද නැතයි කීවද, කුරුඳු පොලුවලින් කෑවාම අම්බානට රිදෙනා බව නම් ලියා තැබිය යුතුමය.

    සිරිකොත සමනල ගාලක් වීම හා අවසානය

    රනිල් දෙවන පෙලක් ගොඩ නැගුවේ නැතිය. රවී හා සජිත් ඒ තනතුරුවලට එන්නේ තමන්ගේ මහන්සියෙන් මිස, රනිල්ගේ ආශීර්වාදයෙන් නොවේ. රනිල්ට අර්ධ බලයක් ලැබුන වාර දෙකේම ඔහු ලංකර ගත්තේ පක්ෂයේ උන් නොව, දේශපාලන හිඟන්නෝය. 2002 දී ලංකර ගත් පිරිස මෙන්ම මෙවර ලංකර ගත්තේද තමන්ගේ පෞද්ගලික ආශාවන් පිරිමසාගැන්මට හැකි පිරිස හා ඊට සම්බන්ධ පිරිස මිස පක්ෂයේ උන් නොවේ.

    ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල ස්මරවීර, රාජිත, පාඨලී, අර්ජුණ යන් සියල්ලෝම දේශපාලන හිඟන්නෝය පිල් මාරු කළ ගෙම්බන්ය. මලික්, අඛිල, සාගල කියන්නේ සමනල කන්ඩායමේ සාමාජිකයින්ය. අද පක්ෂයේ නායකත්වය ලබා දීමට සිඳු වී තිබෙන්නේ පාඨලීටය. (මාතලන් එහෙම වෙනවා නම් කැමතිය. ඊට හේතුව එහෙම උනොත් ලියනවාය.)

    රනිල් වික්‍රමසිංහ විනාශ කළේ පක්ෂය පමණක් නොවේ. කිසිම ආර්ථ්ක දැක්මක් හා ඒ පිළිබඳ පිරිසක් නොමැති ඔහු තව උන්නා නම්, රටද විනාශ කරලා දානවාය. අවුරුදු 3 1/2 ක් තිස්සේ කළ එකඳු හෝ දෙයක් ඇත්තේ නැතිය. රටේ මහා පරිමාණ සංවර්ධන ව්‍යපෘති සියල්ල නවතා දමා අඩාල කළේය. ඉතිරි සියල්ල විකුණා දැමීමට නියමිත් අතර, සමහර එවා විකුණා දැම්මේය. ආර්ථිකය කාබාසීනියා කළේය. රටට කිසිඳු ආයෝජනයක් ගෙනාවේ නැතිය.

    ඒ කිසිවක් නොව, මාතලන්ගේ හිතට දුක, මාතලන්ගේ පාසල් මාතාවගේ කීර්ති නාමයද, අද සමනලයන්ගේ පාසලක් ලෙස හංවඩු ගැහීමකට ලක් වූ එකය..
    (මාතලන් LGBT රයිට්ස් පිලිගන්නා පොරකි)

    රනිල් ඔබට සුවබර විශ්‍රාම දිවියක්..

    කරුණාකර දැන්වත් බැස යන්න..

    අවසාන වශයෙන් කිව යුත්තේ මේ ගේමෙන් ගොඩ ඒමට හැකි නම්...,
    අර ටයිටල් එක වෙන උන්ටත් වඩා මාතල්න් පිලිගන්නා බවමය.

    "රනිල් ආසීයාවේ බුද්ධිමත්ම දේශපාලකයාය"
    on November 10, 2018

    ReplyDelete
  5. අඩෝ මාතා ටියුනීසියාව ලිබියාව ඊජිප්තුව ඉරාකය ඇෆ්ගනිස්තානය පකිස්තානය ලංකාව සහ බංග්ලාදේශය තුල සාර්ථක ව ශූට් කල ඇමරිකන් ඉන්දියන් ෆිල්ම් දෙස බලනු.. ඔබත් එහි නලුවෙක් විය හැකිය..ප්‍රධාන නලුවන් ඩොලර් කුට්ටි ලබාගෙන උබලාට වේදිකා නාට්ටි පෙන්නමින් ලෝකේ වටේ යමින් තවත් ඩොලර් එකතු කරමින් සිටී..තවමත් නුඹේ ඇඟ තුල ඒ නලුකම තවමත් තියෙනවා නම් දැන්වත් වෙනස් වෙන්න හිතපන්.?

    ReplyDelete
  6. මට හිතෙන විදිහට ලංකාවේ තමයි හොඳටම ඔය ෆිල්ම් එක ශූට් කලේ. ඒකේ ඇඩප්ටිව් රීමේක් කොපියක් බංග්ලාදේශයේ මේ දවස් වල යන බව ඇත්ත ඒත් ඒ ලොකේශන් එක වෙන්ස් වුනාට භාශාව වෙනස් වුනාට බැක් ග්‍රවුන්ඩ් එක චුට්ටි වෙනසක් තිබුණාට මූලික වශයෙන්ම ගත්තාම එකමම ස්ක්‍රිප්ට් එක. ඉන්දියන් ඇමරිකන් ස්ක්‍රිප්ට් එහෙකට රැවටුන බව තවම උබලාට තේරෙන්නෙම නැද්ද බන් ගෝතලන්?

    ReplyDelete
  7. අයිසේ මාතා, ලංකාවේ ඊළඟට පත්වන නායකයාත් භාරතය සහ ඇ.එ.ජ. දැනටමත් තීරණය කරල ඉවරයිනේ මේසැරේ ඒකා ඉදිරිපත් වෙලා ඡන්දය පැරදුනත් දිනන එකා උන්ට අවුල් නම් පොඩි සීන් එකක් ලයින් කරලා ඌව එලවන එකනේ තියෙන්නේ ඊට පස්සේ උන්ට ඕන එකාව ගානට නායක තනතුරට දාගනියි හරි සරලයි ඒක නෙවෙයි ඇත්තටම ලංකාව ඔලිම්පික් වලට මොකද කළ යුතු? ලංකාවේ උන්ට ලෝක මට්ටමේ ජවන හා පිටිය දුවන්නවත්, පීනන්නවත් බෑ. තව ගොඩක්ම ක්‍රීඩා ලංකාවේ උන්ට එච්චරම සෙට් නෑ ටික කලකට ඉස්සර ක්‍රිකට්වල ලංකාවට හැකියාව තිබෙන තත්ත්වයක් තිබුණා ඒත් දැන් ඉන්න ලොම්තයින්ට ඒකත් බෑනේ තිත්ත උනත් ඇත්ත ඕකයි.

    මම හිතන්නේ ලංකාව මෙඩ්ල් ටාගට් කරන්ඩ ඕනේ වෙඩිතැබීමේ ඉසව් ටිකෙන්. ඇත්තටම ඒවට දක්ෂයෝ අවශ්‍ය තරම් සන්නද්ධ හමුදාවලින් හොයාගන්න පුලුවන් වේවි. ඉස්සර තමයි කාලේ තාම ප්‍රමාද නෑ මම හිතන්නේ, ඒවගේම දැං ලංකාවෙ පාසැල් මට්ටමිනුත් වෙඩිතැබීමේ ක්‍රීඩා කෙරෙනවා.

    ඒ විදියට පරිස්සමට තෝරගත්තු හොඳම දක්ෂතාව තියෙන කීපදෙනෙක්ට සියලුම පහසුකම් දීලා පුහුනුවීම් කරලගත්තොත් ලංකාවේ පදක්කම් ඉඩෝරේ නිමාකරගන්න දියපොදක් වැටෙන වැඩක් ගොඩදාගන්න බැරිවෙන එකක් නෑ.

    මතකද අනූගනන්වල අපි චූටි කාලේ කොමන්වෙල්ත් මෙඩ්ල් ගෙනාපු පුෂ්පමාලි රාමනායක අක්කා වගේම මාලි වික්‍රමසිංහ වගේ අය? ඒ වගේ අය බිහි කිරීමට අවශ්‍ය පියවර ගන්න ඕන නේද? ආයේ තියෙන්නේ නෙට් බෝල් සහ රගර් ඒවත් එච්චරම ෂුවර් නෑ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වලින් ඒවගේ ගන්න වැඩක් නෑනේ නේද? බීච් වොලිබෝලුත් තවත් හොඳ ඉවෙන්ට් එකක්. ඊළඟට තියෙන්නේ එල්ලේ ක්‍රීඩාව ජාත්‍යන්තරකරනය කරලා ඔලිම්පික් වලට දාගන්න එක, ඒකත් එච්චරම ෆීසිබල් නෑනේ නේද? කිසිසේත්ම නොකෙරෙන වැඩක්.

    ReplyDelete
  8. දෙමින් දෙපිලකට හැදිලා කුලප්පුව
    හැත්තෑහයක් කෑවා අපි පරිප්පුව
    පෙනුණා නියමෙටම උන් එක පිලක බව
    එළවිය යුතුයි මේ දෙපිලම රට කෑව!

    ReplyDelete
  9. බංග්ලාදේශ රනිල් වික්‍රමසිංහ වන මුහම්මද් යූනුස් උන්නැහේට සුබ පතා පෝස්ටුවක් දාන්නේ නැද්ද මාතා?

    ඔන්න එක්සත් ජනපද භාරත හවුල උන්ගේ නියෝජිත සෙට් එක හරහා බංගලිදේසේ ආණ්ඩුව කරවන වැඩේ මුහම්මද් යූනුස්ට බාරදෙන්නට තීරණය කරලා. මම හිතන්නේ අර 1996 දී, ඇති කරපු ආකාරයේ ප්‍රධාන උපදේශක තනතුරක් හදලා ඒ වැඩේ කරයි. වර්ණ විප්ලවයේ ඉතුරු ටික එහෙම නාමික නායකයෙක් යටතේ ලේසියෙන්ම කරගන්න පුළුවන්.

    ඔය යුනුස්ට නොබෙල් සාම තෑග්ග දුන්නේ 2006 අවුරුද්දේ. දුප්පත් මිනිස්සුන්ට ණය දෙන ක්‍රමයක් හඳුන්වලා දුන්නා කියලා ගොතපු බයිලාවක් හරහා දුප්පතුන් නගාසිටුවීම යන කරුණ පදනම් කරගෙන තමයි නෝර්වීජියානු නොබෙල් කමිටුව යුනුස්ව තෝරගත්තේ.

    හැබැයි ඒ නොබෙල් තෑගි කතාව පිටිපස්සේ රහසක් තියෙනවා. යුනුස්ගේ ග්‍රාමීන් බැංකුවේ ආයෝජනය කරලා තියෙන්නේ නෝර්වේ, ස්වීඩනය වගේ රටවල්වල විශ්‍රාම අරමුදල්. ඉතින් ග්‍රාමීන් බැංකු ක්‍රමය හරහා ඒ විශ්‍රාම අරමුදල්වලට හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා.

    අපේ රටවල්වල රඟ දක්වන ක්ෂුද්‍ර මූල්‍ය නාඩගමටත් සල්ලි එන්නේ ඒ මූලාශ්‍රවලින් ම තමයි. යූනුස්ගේ ආදර්ශය උඩ තමයි ඒවත් පවත්වාගෙන යන්නේ. ඉතින් බටහිර ප්‍රාග්ධන ආධිපත්‍යය අපේ ගම්වලටත් රිංගලා ඉවරයි. හැබැයි මේ සෙල්ලම් වහන්න පුළුවන් මන්තරයක් අපිට කියලා දීලා තියෙනවා. අපි ඒක හැම දා ම දවල් රෑ නැතුව මතුරනවා. "චීන ණය උගුල, චීන ණය උගුල" කියලා 108 පාරක් හැම දා ම මතුරන්න. එතකොට අපේ ප්‍රශ්න ඔක්කොම විසැඳෙනවා.

    ඉතින් බටහිර හුරතලෙක් බංගලිදේසේ මහ පුටුවට එනවා. අවුරුදු 84 ක් වයස මේ මනුස්සයා මොකුත් කරන්න ඕන නෑ. එයාට තියෙන්නේ පුටුවේ වාඩිවෙලා ඉන්න එක විතරයි. වැඩ කරන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. ඇප නැතුව ණය දෙන බැංකුවක් හදන මහත්තයෙක් අපිටත් ඉන්නවානේ. ඊට කලින් බංගලිදේසෙට ඇප නැතිවෙන හැටි අපි බලාගෙන ඉඳිමු. පවු හැබැයි උනුත් ලංකාව වගේම පවු නේද?

    ReplyDelete
  10. බංග්ලාදේශ අස්ථාවර හමුදා පාලනය සහ විපක්ෂ දේශපාලන ව්‍යාපාර ලංකාවේ වගේම කර ඇරීම නිසාම ලංකාවේ රනිල් වික්‍රමසිංහ ගැන ජනතාවට යලි හිතන්න සිදුවෙලා තියෙන මොහොතක මම මෙතන මාතලන් කියන ඒවට එකග වෙන්න ඕනේ, නමුත් දිගුකාලීනව ආර්ථිකය ගොඩදැමිය යුතු ලංකාවට අවශ්‍ය වෙන්නේ ඔබ කියන දේ නම් නෙමේ. ව්යවසායකත්වය/බිස්නස් කියන්නේ ගනුදෙනුකරුවන්ගේ ප්‍රශ්නවලට විසදුම් දෙන්නේ කොහොමද කියලා බලා එය මුදල් සෙවීමේ කාර්යට අනුබද්ද කිරීමයි. ඒනිසා තමයි ලෝකයේ නවෝත්පාදනයන් බිහිවෙලා තියෙන්නේ. රයිට්ස් සහෝදරයන් ගුවන්‍ යානය, එඩිසන් (හෝ ටෙස්ලා) බල්බ් එක, කාල් බෙන්ස්/ හෙන්ඩ්‍රි ෆෝර්ඩ් කාර් එක, ග්‍රැහැම් බෙල් ටෙලිෆෝනය ආදී මෙකී නොකී ජීවිතය පහසුවෙන් ගෙන යාමට හැකිවී ඇත්තේ වියවසායකත්වය නිසයි එහෙමත් නැත්නම් Entrepreneurship සහ business නිසයි. ඒ වගේම ලොවපුරා business faculties ලෝක ආර්ථිකය ගොඩදැමිම සම්බන්ධයෙන් කර ඇති මෙහෙය සුලුපටු නැහැ. එයයි ලංකාව තුල විශේෂයෙන්ම දේශපාලනය කරන අය පවා අවබෝධ කරගත යුතු සහ ඊටත් වැඩියෙන් ජනතාවට අවබෝධ විය යුතුමයි.

    ReplyDelete
  11. ලංකාවේ පහුගිය වසර දෙකේ ඉතිහාසය නැවත වතාවක් බංග්ලාදේශය තුල බොහෝ දුරට සමාන ආකාරයකට ප්‍රතිනිර්මාණය වෙන බවයි මට පේන්නේ, ලංකාවෙත් ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණ පොහොට්ටුව ඇතුලෙන්ම ධම්මික එන්න හිටියේ, ඒත් ඇත්තටම හේතුව දන්නෑ නොමිනේට් වෙන්න ඩිලේ වූනා. බොහෝවිට රනිල් වික්‍රමසිංහ එක්සත් ජනපදය සහ ඉන්දීය රාජ්‍ය අංශ හරහා කරපු බලපෑමට යටත්ව රාජපක්ෂ පවුල ක්‍රියාත්මක වන නිසාම වෙන්න ඉඩ තියෙනවා, ඒ වගේම රනිල් ඊටකලින් සොරොව්ව ඇරියා.ඊටපස්සෙ DP බය වෙන්න ඇති. කොහොමත් පොරගේ ඇස්තමේන්තුව හරි.

    හැබැයි දැන් වෙච්චි දේ හොදයි, තැරිදාර ජාතිකවාදය අදහන ලංකා
    බයියන්ට පරදින්න හරි ඡන්දයක් දෙන්න කෙනෙක් ඉන්නවා.

    මේ දවස්වල අහස් මාලිගා මත සිහින දකින මීගව රැලක් වෙන ලංකාවේ මාලිමාවේ වහල්ලුන් මහපොළොවම පතබාවලා අනුර පරාද වුණාම මහමැතිවරණය ජවිපෙට අඩු වෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරණය ජයග්‍රහණය පුතාණෝට ලැබුණොත් ඊළඟට
    විපක්ෂනායක සටන නාමල් අනුර අතර වෙන්න පුලුවන්, ඒකෙන් නාමලාට ගොඩ යන්න චාන්ස් එක තියෙනවා.

    ධම්මික පෙරේරා මුලින්ම කිව්වා, මම දිනන්න බැරිනම් චන්දෙට ඉල්ලන්නේ නෑ කියලා. මම නම් කැමතියි ධම්මිකයි දිලිතුයි රටේ ජනපති හා අගමැති වෙනවානම්. අඩුගානෙ යන ක්‍රමයේ වත් යම්කිසි වෙනසක් වෙයි!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න