.

.

Aug 10, 2024

බංගලි අරගලියන්ස් දෙන ආතල්... මරු ඕයි....


 

බංගලි අරගලියන්ස් දෙන ආතල්...

මරු ඕයි....

➖➖😁➖


ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ කියලා ඉස්සර කිව්වට..... දැන් නම් කියන්න වෙන්නේ... "ආතල් තිබෙන්නේ කොයි කොයි දේසේ..... ඒවා තියෙන්නේ බංගලි දේසේ..." කියලාය.


දැන් එහේ රට පාලනය කරන්නේ... රටක බුද්ධිමත්ම ප්‍රජාව වන කැම්පස් ශිෂ්ණ ශිෂ්ණාවෝය. පාලනය ග්‍රාමීන් යූනූස්ට දුන්නාට.... යූනුස් නටන්නේ ඒ ශිෂ්ණ ශිෂ්ණාවන්ගේ පදේට බව සනාත වී අවසානය... උන්දෑ වොයිස් කට් දිදී හොටු පෙරාන අඬනා  විට....ඔහු වටේ හොටු පිහිදාන්නට ඉන්නේත්.... අර රටක බුද්ධිමත්ම කොට්ඨාසයය.


එයාලා දැන් රාජ්‍යයේ පාලනය මෙන්ම, මාර්ගයේ පාලනයද අතට අරගෙන අහවරය. එමෙන්ම මිළ පාලනය කරන්නේද ඔවුන්‍ය. ලාබයක් තබාගෙන බිස්නස් කරන්න බැරිය. ඒවා කඩ කරනා උන්ට නඩු අසා දඬුවම් දෙන්නේද එයාලාය.

එපමණක් නොව කාන්තාවන්ගේ ඩ්‍රෙස් කෝඩ් එක තීරණය කරන්නේ ඒ ප්‍රජාවය.


මේ වැඩෙන් පසු අධිකරණයක් හා මහ බැංකුවක් අම්මගෙ රෙද්දටද කියා ඔවුන්ගේ ශූර බුද්ධියට වැටහෙන්නට වැඩි  කල් නොගියේය. ඒ නිසා පැයක් ඇතුලත අධිකරණයේ මහ එකාටයි මහ බැංකුවේ මහ එකාටයි කීවේ හෙලිවැල්ලෙන් පාලමක එල්ලෙනවාද නැත්නම් තොපි දෙන්නා මාරු වෙනවාද කියාය.


රටේ නීතිය, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒකිය භාවය හා බව් බව්මික අන්ඩවාතයට වඩා උන්ගේ උන්ඩුකපුච්ඡය වටිනා බව තේරුම් ගත් උන් කලේ... වහාම ඉල්ලා අස්වී මේ බුද්ධිමත් ප්‍රජාවට ඒ "උක්තේරීතර ආයතනත් බාර දීමය.  


හෙටානිද්දා වෙන විට... එයාර් ට්‍රැෆික් කොන්ට්‍රෝල් රූම් එකත් අනිවාර්‍යයෙන් ඔවුන් අතට පත්වනු ඇත්තේය.


පොලීසියට වැඩේ දී අහවර නිසාත්.... පොලීසියේ තිබූ වෙපන් ඔක්කොම ටික උන් ළඟ නිසාත්... මුන් මීළඟට ගේම ඉල්ලන්නේ හමුදාව එක්කය. 


සමහර විට ඔවුන් බුද්ධිමත් කොට්ඨාසය නිසා... කුමන්ත්‍රණය පටන් ගත්තේ අධිකරණය හා හමුදාව බවත් ඔවුන්ට අවබෝධ වන්නට ඇතිය.... ඒ නිසා උන්ටත් ෂොට් එක දුන්නායින් පස්සේ..


සමස්ත බංගලාදේශයම කැම්පස් එකක් කොට...  ගිනස් වාර්ථා පොතේ නම සඳහන් වෙන කොට.... මෙහේ අරගලයේ වුන් බුද්ධිමත්ම කොට්ඨාසයට විලි ලැජ්ජාවක් ඇති වී.... ලාල් සහෝදරයා අදටත් කියන්නේ ඇත්ත නේ ඕයි කියා හිතෙනෙක අනිවාර්‍යය.


ඒ උනාට අනෙක් පිරිසට.... අනේ අපිටත් මෙහෙම ආතල් නෑ නේ ඕයි කියා... ඉච්ඡාභංගත්ව මානසික තත්වයකට වැටී හිත් නරක් කර ගැනීමට අවශ්‍යතාවයක් නැත්තේ....


සැප්තැම්බර් 22 වනදායින් පස්සේ ගව පාලනයටවත් සුදුසු නැති පිරිසක් විසින්..... මේ සෙල්ලම මේ ලෙසම ක්‍රියාත්මක කරනූ බලාගන්නට පුලුවන් වන නිසාත්... ගමේ ත්‍රී වීල් පාක් එකේ නඩු බලවා... තීන්දූ තීරණ දී... දඬුවම් පැමිණවීමෙන් ඉක්බිති... හෙල්මට් බලකාය විසින් ඒවා ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින්‍ය....


එකම කනගාටුවට කරුණ නම්.... බංගලිදේසේ මෙන් රටේ බුද්ධිමත්ම ප්‍රජාවට ඒ ක්‍රෙඩිට් එක හිමි නොවීමත් උන්ටද වින්දිතයින් වීමට සිඳුවීමත්‍ය.


මේ බව තේරුම් ගත් මාතලන් කළේ.... ෆුල් ෆේස් හෙල්මට් එකක් වහ වහාම මිළ දී ගත්තෙකය... ඒ ඇයි කියා සැප්තැම්බර් මස 22 වනදා ඔබට අවබෝධ වනු ඇත්තේය...


ඒ වගත් මෙසේය...

.

16 comments:

  1. ආතල් එකේ හොඳම එක මේකය. ඉස්සර සුබසෙත කියලා සාත්තර පත්තරයක් තිබ්බා. චන්දයක් වගේ එකකට පස්සෙ එයාලා "සුබසෙත කිව්වා" කියල හෙඩිමක් දානවා. ඇත්තටම උන් ටක්කෙටම කලින් කියපු මඟුලක් නැහැ. මේ අනුන්ට කෙලවේවා කියලා ආතල් ගන්න කුඩුකේඩු ආසාව, අනාවැකි කියල ආසාව සිංහලයගෙ ජන්ම කැත පුරුද්දක්.

    සාත්තර කාරයො, පංඩිතයො, පිරිච්ච බංකොලොත් වෙනකං ආතල් ගත්ත. බංගලිදේසෙනුත් ණය හිඟා කාපු රටක එවුන් බංගලියොන්ට රටකරවන හැටි කියාදෙන එකට හිනා වෙන්න ඕනෙ කටින්ද?

    ReplyDelete
  2. මෙහෙත් අර අටාවුරුද්දක් කැම්පස් එකේ නාකි වෙච්ච ගෝතයයි, අනික් ලපයි සිපයි ටිකයි ඔය සෙල්ලම නටාගෙන ආවා.. මෙහෙ ඉන්නෙ ප්‍රභාකරන්වත් නන්දිකඩාල් කරපු හමුදාව කියලා පස්සෙ උන්ට මතක් කරලා දුන්නාම නැට්ට පුකේ ගහගෙන පල්ලම් බැස්සා..

    ReplyDelete
  3. දැන්නම් බංගලිදේසේ සෝමාලියාවක් වෙන එක නවත්වන්න මිස්ටර් සැක්කරගෙ පුත් වයිමස් ආවත් බෑ...

    ReplyDelete
  4. හොඳටම ඔඩු දුවා ඇති නං තුවාලයක්
    පණ බේරන්නෙ කපලා හරි අතක් පයක්
    හෝදනකොට පිඟන්- කැඩෙන්න තියේ ඉඩක්
    එළිය වැටෙන්නට පෙර එනවනෙ තද අඳුරක්

    ReplyDelete
    Replies
    1. නිදී අංකල්, එහෙම කරන්න නම් වෙදකම හෝ වෛද්‍ය විද්‍යාව ගැන නිසි දැනුමක් පුහුණුවක් සහ මනා පළපුරුද්ද තියෙන වෛද්‍යවරයෙක් හෝ පිඟන් භාණ්ඩ සේදීම ගැන පවා පළපුරුද්ද සහ ඉවසීම තියෙන විනයක් සංයමයක් ඇති කෙනෙක්ට ඒ වැඩේ බාරදෙන්න ඕනනේ.

      මෙතන වෙලා තියෙන්නේ මෙලෝ වැඩක් බැරි මොළේ කළඳක් නැති රිලා රංචුවකට වැඩේ බාරදීලානේ... අන්තිමට ඔය රිලව් හැත්ත ලෙඩාව කෑලි වලට පෙති ගහලා ලෙඩාවත් මරලා දාල පිඟන් කෝප්ප සේරම ටික කුඩු කරලා අන්තිමට නටපු තොයිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ 😅🤣😂

      Delete
    2. ලංකාවේ මේ පාර මාලිමාවට කියලා ගොන් පාට් දාන මාලිමාවට කඩේ යන රිලා රංචුවත් එහෙමම තමයි කියලා තමයි මෙතන මේ මාතලන් අංකලයා අපට පැහැදිලි කරන්නේ එහෙම නේද?

      Delete
  5. අඩේ මාතා බොට මතක ද අර නන්දසේන ගෝඨාභය දිනුවට පස්සේ ගෝඨාභයට උදව් කරපු තාරුණ්‍යය ?

    තාප්ප වල චිත්‍ර ඇන්දා
    කානු සුද්ධ කළා.

    මේ සැරේ ලංකාවේ මැතිවරණය රනිල් හරි සජිත් හරි ජනාධිපපතිවරණය දිනුවම ඒ,තාරුණ්‍යය මොන විගඩමක් කරයිද කියලා නම් මම දන්නේ නෑ.

    හැබැයි අනුර කුමාර කියන ගොන් රිලවා ජනාධිපති වුනොත් මේ,දවස්,වල බංග්ලා දේශයේ,දකින්න ලැ⁣බෙන ලංකාවේ ඊනියා අරගලයෙන් පස්සේ,කරන්න හිතාන හිටිය ඒත් රනිල්,ජනාධිපති,වීම සමග කරන්න බැරිවුන ගොන් පාට් ලෝකයත් කරනවා කියලා නම් ෂුවර්.

    ඒ,කියන්නේ මාළිමා තාරුණ්‍යය කියන මීගව සම්පත ෆෝම් වෙලා අද බංගලිදේශයේ,වෙනවට සමානව

    කඩ ගානේ ගිහින් වැඩි මිළට බඩු විකුණන වෙලෙන්දන් අල්ලනවා. 😀

    බිම් මට්ටමේ ජාතික ධනය කොල්ල කාගෙන ඉන්නවා කියන සෝ කෝල්ඩ් ධනපතියන්,තෝරනවා.😀

    අර නන්දසේන පැන්නට අන්ත විදියට රට ගොන් හැත්තක් වගේ තග දාගෙන හාල් කඩ වෙනුවට වීමෝල් වලටම පැනලා (අර බංග්ලා දේශයේ එළු මස් මිළ පහත හෙලන ගොන් පාට් වගේ ) රටේ සහල් මිළ උන්ම තීරණය කරනවා. 😀

    පොළීසි වලට ගිහිං ඔවුන් අකමැති නිලධාරීන්,පොලීසි,තුළට කොටු කරනවා. (අද බංගලිදේශයේ මහජන ආරක්ෂක සේවා අරගල බලකාය කරනවා වගේ) 😀

    ලංගම ඩිපෝ වල බස් ටික අරං රට වටේම බඩු ගහ ගහ වටේ,යනවා😀

    ලංකාවේ මේ,තාක්,කල් හදලා තියෙන එක එක ගුණ අණුස්මරණ පිලිරෑ ( විජය කුමාරතුංග / රණසිංහ ප්‍රේමදාස/ ඩෙන්සිල් කොබ්බෑකඩුව /) හොරගොල්ල බන්ඩාරනායක ස්මාරකය ආදී වශයෙන් ) සියල්ල බිමට ඇදලා පෙරලනවා.😀

    හංදිවල අපි මාළිමාවට කියලා පෝස්ටරේ,ගහපු ත්‍රී,රෝද රථ සෙට් එක හංදියෙන් එලවන්න ඉවත් කරන්න ඕන ත්‍රීරෝද රථ මොනවද තීරණය කරනවා.😀

    තම ජයග්‍රහණයේ නාමයෙන් සියළුම ආගමික ස්ථාන වල ශබ්ද විකාශණ මගින් ප්‍රදාරණය කරන ආගමික වැඩසටහන් නතර කරන්න කියලා අණ කරනවා ඒත් ඇත්තටම පංසල්වලට විතරක් ගිහිල්ලම අණ කරලා එනවා 😀😀 පල්ලි කෝවිල් ගැන සද්දයක් නෑ 😂

    මය වගේ තත්වයන් ටිකක් තාවකාලිකව බලාගන්න පුළුවන්,වෙනවා.

    අර ලාල්,කාන්ත සහෝදරයා කීව අධිකරණ බළය නිළ නොළත් ලෙස මුලින්ම ගමට විතැන් කරනවා.

    පස්සේ,ඉතිං එයාලා ඕක කියයි කාලාන්තරයක් තාරුණ්‍යය ඔවුන්ව සුරා කාපු පාදඩ පාපක පාලක පංතිය සහ ඔවුන්ගේ ගජ මිතුරන්ට එරෙහිව දරාගත්ත පීඩනය මුදා හැරීම ආන්ඩුවකට එකවර පාළනය කරන්න බෑ කියලා.

    මොකද මේ,බුකියේ,දැං දැං මාළිමාවේ, සහෝදරයන් කරන තර්ජන දැක්කම එයාලා අපටත් දැනට නොකියන්නේ

    අපි බලයට ආවොත් උඔලා අහුවුනොත් බංගලිදේශේ,වගේ මරලා පාරේ එල්ලනවා කියලා විතරයි. 😀😀

    අනිත් හැම ආකාරයටම රට හදන වැඩ පිළිවෙල පටං ගන්න හැටි පෙන්නනවා 😀😀

    අනුර අයියා දිනන්නේ,නැති හංදා හොදයි නිකමට අනුර අයියා දිනුවොත් මේ බුකියේ පවා නම් වශයෙන් උඔට කරන අවසාන නිවේදනය ෆේස් බුක් ගිණුම අක්‍රිය කරපං ලියන එක නතර කරපං පෝස්ට්,දාන එක නතර කරපං කියලා ප්‍රසිද්ධියේ පෝස්ට් පලකරන ඒවා බලාගන්න නැත්නම් පුළුවන්,වෙනවා 😀😀

    (මේ දවස්වල ජාත්‍යන්තර මාධ්‍ය වල තියෙන්නේ බංගලිදේශේ තාරුණ්‍යය අරගපයේ,නාමයෙන් ලෝකය ඉදිරියේ,නිරැවත්වෙන ආකාරය ලකේ පංකා රටේ 1977 වගේ 1983 ,ජුලි වගේ මේ ආතල් එක අනුර අයියා දිනුවොත්,අනිවාර්යයෙන් රටේ,පෙන්නනවා 😀😀

    ReplyDelete
  6. රනිල්ට පුක දෙන උඹට ෆුල්ෆේස් නෙවෙයි ෆුල් බොඩි ආර්මර් එකක් අර ගන්න වෙයි.

    ReplyDelete
  7. අඩෝ ගූතලං ලංකාවේ වැදි ජනතාව ට්‍රේනින් කරලා ගන්න බැරිද දුනු විදීම් වගේ ඒවට... ඔලිම්පික් මැඩල් එකක් ෂුවර් එකටම ගන්න පුළුවන් වෙයි, ඔය අන්තරේ වැද්දා අපි ඒකාලේ අරගලේ ඉදිරියෙන් යවාගත්තා උන්ගෙන් ඒ අවශ්‍ය දේ කරගෙන ඊට පස්සෙ එවුන්ව ගානට අයින් කරල දාන්න ඕන එච්චරම තමයි, රනිලා කළේ ඒකනේ, පෙරෙට්ටුවෝ වගේම මාලිමාවට සම්බන්ධ ජෙප්පන්ටත් කිසිම ආර්ථික දැනුමක් නෑ. අපි අරගල කරලා ගහලා පන්නපු ගෝඨ වුණත් උන්ට වඩා නම් සෑහෙන පොරක්.

    ReplyDelete
  8. බම්ගොලි දේෂේ වෙන දේවල් වලින් ලංකාවට ඉගෙන ගන්න නෙවෙයි, නැවත මතක් කර ගන්න තමයි තියෙන්නේ, ඔවු ඒක ඇත්ත හැබැයි මාලිමාවට කඩේ යන බුකියේ බූරුවෝ කියන විදියට npp හැර අනිත් හැමෝම හොරු සහ npp ඡන්ද දායකයෝ හැර අනිත් හැමෝම මෝඩයෝ සහ වහල්ලු. එයාලා npp බැතිමතුන්😍🙏

    ReplyDelete
  9. ප්‍රියන්ත හේවගේ මම ඔයාගේ ගොඩනැගිලි ව්‍යාපාරයේ ගණුදෙනු කරුවෙක් විදියට මම ගම්පහ වලව්ව බැලුවා ... කිරිබත්ගොඩ ඔයාගේ හවුසින් ස්කීම් එකත් බැලුවා ... කාර් එක නවත්වන්න වහලයක් නැති එක ලොකු අඩුපාඩුවක් .. ලන්කාවේ දීන ගනන්ක් වහිනවා.. වේලෙන්නෙ නෑ... අව්ව කාලෙට යන්න බෑ.. රස්නය.. වැස්ස වෙලාවට නොතෙමි ගෙදරට යන්න බෑ... පිටරටවල සේවය කරන අපි මිලියන ගානක් දීලා ගෙයක් අරගෙන.මිලියන ගානක් දිලා කාර් එකක් අරගෙන.. නොතෙමි ගෙදරට යන්න බැරී වීම ලොකු අඩු පාඩුවක්...මිලදී ගත්තට පසු වෙනස් කරන එක අමාරුයි.. කොන්ඩොමිනියම් නීතිය අනුව.. මේක හොදයි යුරෝපා රටවලට ..මේ ගැන්ත් හිතුවානම් හොදයි කියලා හිතෙනවා... ඔයාගේ ස්කීම් එකේ ගෙවල් ආණ්ඩුව මාරු වුණාට පස්සේ පුච්චන බවටත් ප්‍රචාරයක් යන නිසා මගේ මිතුරන් කියනවා ඔතනින් ගන්න එපා කියල... ඒක ගැනත් හොයලා බලන්න... ඒක බොරු ප්‍රචාරයක් නම් ඒ ගැන ගනුදෙනුකරුවන්ට පැහැදිලි කරලා දෙන්න... ස්තූතියි !

    ReplyDelete
  10. අනේ මන්ද බං බංගලියෝ වගේම තමයි අපේ උනුත් දැන් බලහං අපේ උන්සේරම රට හදන වැඩපිළිවෙළක් නැ හොරු අල්ලනවා පයිල් තියනවා හොරා මිනිමරුව මෙවා තමයි වැඩ පිලිවෙල.. නොදකින් !

    ReplyDelete
  11. මාතලන් මෙච්චර දවසක් කිව්වේ ඝෝටටත් හසීන වගේ නෙලන්න තිබ්බ කියල නේද?

    ReplyDelete
  12. මොනවා වුණත් මහින්ද නාකි මයිනා ජනා විදියට ණය ගත්තා. ඒ වගේම ඒ යකා වෙලාවට කලාවට ණය වාරික ටික ගෙව්වා. අද පවා රටේ ඕනාම තැනක යනවිට ගත් ණයට කල දේවල් පේනවා, ඒත් ඒකා හොරා කෑවායි කියමින් අවුරුදු 4ක් හොරු අල්ලන්න ලෝක වටේ ගියා අනුර හොරු අල්ලන කමිටුවේ සභාපති. . ඒකා ඒකාලේ ගත්ත ඩොලර බිලියන පහක අයි එස් බී සහ ඩොලර් බිලියන හතරක ව්‍යාපෘති ණය හරියට වෙලාවට ගෙව්ව නිසා තමයි තක්කඩි අනුර,රනිල්,සිරිසේන සජිත්ලාට ඩොලර් බිලියන 13ක ණයක් ගන්න හැකි වුණේ. ඒ ණයට කල දේ කිසිම තක්කඩියෙක් කතා කරන්නේ නැහැ. ඒකට කරේ පෙට්රල් ලීටරය 117ට දීලා ගෑස් අඩුවට දීලා ආනයනය කරන කන බොන දේවල් අඩුවට දීලා ඡන්දේ ගන්න ජිල්මාට් දාපු එක විතරයි අන්තිමට ඒකත් නෑ, රනිලාට මේ සැරේ වෙන්නෙත් ඒක, සජිත් ප්‍රේමදාස ගේම ගහන බවයි දැන් පේන්න තියෙන්නේ 🤔

    ReplyDelete
  13. බංගලිදේශයේ තලිබාන් හිතවාදීන් ලංකාවේ මාලිමාව සහ අකුදිගේ භූමිකාව නියෝජනය කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තෝරාගනු ඇත, ලංකාවේ මාලිමාවට නායක අකුදිගේ සිනහව ව්‍යාජය. අකුදිගේ ගමන ව්‍යාජය. අකුදිගේ කතාව ව්‍යාජය. අකුදිගේ හැසිරීම ව්‍යාජය. අකුදි වැනි කිසිදු පෞර්ෂත්වයක් නො‌මැති මිනිසුන් මුදල් වියදම් කර විවිධ ඇ‌ඳුම් අඳිමින්, මේක්අප් කරමින් කැමරාව ඉදිරියේ ව්‍යාජ චරිත රඟමින් උත්සහ කරන්නේ ජනතාව රැවටීමටය. එය පාදඩ දේශපාලනය තම බාවිතය කරගත් වෛරය සැකය සමාජ ගත කර බලය ඩැහැ ගැනීමට උත්සහ කරන අකුදි වැනි බො‌ල් අසහෝ‌දරයින්ගේ විදිහයි. මෙයම බංග්ලාදේශය තුලද සිදුවනු ඇත.

    ReplyDelete
  14. බංගලාදේසෙ බංකොලොත්දේසෙ වෙනව මේ විදිහට.
    හැබැයි අපේ සනිල් මාමට කිව්ව නංංබොරදියේ මාලු ටිකක් බාගන්න කියල අර අපේ වැහිල තියෙන ගාමන්ට් ෆැක්ටරි ටික ඇරගන්න පුලුවන්.

    හසීනා අපේ මොනෝ රෙල් එක ඉස්සුව වගේ අපිටත් පුලුවන් නේ ගාමන්ට් ටික උස්සන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න