.

.

Aug 12, 2024

කුමාරවරුන්ට මක්කා වේවිද? (පුතානෝ, පියානෝ හා මයිනෝ)

 


කුමාරවරුන්ට මක්කා වේවිද?

(පුතානෝ, පියානෝ හා මයිනෝ)

➖➖➖➖➖➖➖➖➖➖🔵➖


මෙවර ජනාධිපතිවරණය සඳහා කුමාරවරුන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින්නේය.. දෙදෙනෙක් පිය උරුමයෙන් කුමාරවරුන් වනාතර.... අනෙකා දේශබන්දු තෙන්නකෝන් මෙන් "බර්ත් සැටිපිකේට්" කුමාරයෙක්‍ය... ඇත්තටම එයා රාජ කුමාරයෙක් නොව... ගමේ කොල්ලෙක්‍ය... ගම තඹුත්තේමය.... අනෙකා උපතින්ම රජ පරපුරේ වුනත් කුමාරයෙක් නොව බෑනා කෙනෙකි...


අප මේ පල් හෑල්ලේදී සලකා බලන්නේ... කුමාරවරුන් දෙදෙනා වන සජිත් හා නාමල් ගැනය. එනම් පුතානෝ හා පොඩි මයිනා ගැනය.... දෙදෙනාගේම පියානෝලා රටේ මහ රජ්ජුරුවෝ වූ අතර... දෙදෙනාම දක්ෂ හා දරුණු ඝනයේ පාලකයන්ද විය... එකෙක් දකුණේ ත්‍රස්තවාදය විනාශ කල අතර... අනෙකා ඊට වඩා දස දහස් ගුණයකින් බලවත්.... එවකට ලොව දරුණුතම ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මේය.


නාමල් දේශපාලනයට එන්නේ පරදින බව දැන දැනත් දේශපාලන අනාගතයක් ගොඩනගා ගැන්මටය යන්න දේශපාලන විස්ලේසොකයින්ගේ මතයය... එහෙත් ඔහුට එය කළ හැකි වේද යන්න අවිස්වාසබල්‍ය.


ඔහුගේ වන්දිභඨ්ඨයන්, කේවට්ටයන් හා සට්ටැම්බිරාළ වරුන් ඔහුට කරන්නේ විනාශයක්ම මිස සුගතියක් නොවේමය.

දේශපාලන විකාරකයින්ට අනුව මේ පෙන්නන්නේ බයිස්කෝප් එකක් නම් ඒක මහා ප්‍රචාරයක් දී පෙන්වූ මයි රෙඩ් කොම්‍රෙඩ් ජාතියේ බංකොලොත් බයිස්කෝප්පෙකක් බව කියන්නේ බොහෝ කනගාටුවෙන්‍ය.


සජිත්ගේ පියාද රටේ ජනාධිපති වූ මුත්... පියානෝ රජ කළ සමයේ ඔහු උන්නේ එංගලන්තයේය. එබැවින් ඔහු රටේ දේශපාලනයට කිසිඳු අයුරකින් සහභාගී නොවුනාක් මෙන්ම... එම නිසාම බලයෙන් මත් වී පිස්සු කෙලින්නට නොගියේය. නිධන් කතා හා ගෑණූ කේස් එකක් දෙකක් ගැන ගොසිපක් ගියද... ඒවා කිසිවක් වැදගත් මාතෘකා වූයේද නැතිය.


එබැවින් රනිල්ගෙන් පසු ලෙහෙසියෙන්ම පක්ෂයේ නායකත්වය ලබා ගැනීමේ හැකියාව ඔහු කොහොමත් ගොඩ නගා ගත්තේ ... පාක්ෂිකයන් අතර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරත් ජනප්‍රිය පුද්ගලයකු වූ නිසාත්... නායකත්ව ගුණාංග වඩ වඩාත් ප්‍රකට කළ නිසාත්මය. 


ඔහු දේශපාලන වශයෙන් කෙතරම් බලවත් පුද්ගලයකුද යන්න ඔහු පෙන්නුවේ පක්ෂය කඩාගෙන ගොස් සජබය ගොඩනගා පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදීය.


නාමල්ටද එවන් තත්වයක් පහසුවෙන්ම ලබා ගත හැකිව තිබුනද... රාජපක්ෂලාගේ මෙන්ම නාමල්ගේද උද්දච්ඡ කම හේතුවෙන් එම අනගි අවස්ථාව ඔහු අහිමි කරගත් බව මාතලන්ගේ මතයය.


ධම්මික පෙරේරා ඉදිරිපත් නොවන බව ප්‍රකාෂ කිරීමෙන් ඉනික්බිති මොළ හතක් ඇති උන්නැහේට මෙන්ම හිටපු රජාටද කරන්න තිබුනේ.... අඩි එකක් නොව දහයක්ම පස්සට ගෙන.... කට පුප වසාගෙන මැදමුලනට වී කුරහන් තලපයක් විකාගෙන.... මේ ආතල් එක දිහා බලාගෙන ඉන්නා එකය.


එහෙත් ඒ වෙනුවට රාජපක්ෂලා කළේ.... තම ගෝල බාලයො සියල්ලෝම තරහා කර ගන්නා එකය. 


ඇත්තටම ඔවුන්ට මහින්ද හා බැසිල්ගේ ගෙම්බර් බල බලා මැදමුලන වහලුන් මෙන් ඉන්නට සිඳු වූවත්.. මහින්ද මහත්තයාගේ මනුස්ස කම නිසා ඔවුන් එය ඉවසාගෙන උන්නේය.


එහෙත් බලය ඇති කාළයේ පිස්සු කෙලිමින්... පක්ෂයේ වැඩිහිටි මන්ත්‍රිවරුන්ටද අයියා පාට් දමමින්.... මහින්ද මහත්තයාත් විනාශ කළ නාමල් සමඟ.... පක්ෂය වෙනුවෙන් කට්ට කෑ පමණක් නොව මැයි 9 වනදා තම තමන් හරි හම්බ කරගත් දේපලද අහිමි කරගත් වුන් සිටියේ මලෙන් බවත් ප්‍රසිද්ධ රහසක්මය. ඒ බව කියන්නේ අප නොව රජපක්ෂලා වානා කියූ අයමය....


උනුත් බල බලා උන්නේ.... රාජපක්ෂලාට මෙන්ම විශේෂයෙන් නාමල් හා බැසිල්ට පාඩමක් උගන්වන්න අවස්ථාවක් ලැබෙනා තෙක්‍ය....


සාමාන්‍යයෙන් දේශපාලුවන්ට මොළේ නැතෙයි කියන්නේ බලය ඇති වෙලාවේය. එහෙත්, මහින්ද බැසිල් මෙන්ම නාමල්ද පෙන්නුවේ.... ඔවුන්ට බලය නැති වේලාවේත් මොළේ කළඳක් හෝ නැති බවය.


එම නිසා සජිත් සෙමෙන් සෙමෙන් ආ ගමන.... නාමල්ට පැමිණිය හැකි වේයයි මාතලන් නම් සිතන්නේ නැතිය.... එය, සෑම අතින්ම සජිත්ට වඩා දේශපාලනය හා අනෙකුත් විශයයන් පිළිබඳව පරිචයක් තිබූ තරුණ නායකයකුට කළ අපරාධයක් බවද නොකියා සිටිය නොහැකිය...


ඒ වගත් මෙසේය...

.

15 comments:

  1. ලෝකය වෙනස් වෙනවා මාතලන්, මේ වෙලාවේ පොඩි මයිනා කියන ගස් බල්ලා පරදින්න ඕන, ඒක ඌට හොඳම අත්දැකීමක්. මොකද බියගුලු රනිලා වගේ පොන්සේකා කලවැද්දා, හිටං හුටං ගමරාලයා ඉස්සරහට දාලා කෙලවගන්න එකට වඩා 2019 දී බොනිකර තරු කෙබර කුමාර කයියනායක වගේ පරදින්න හරි ඉදිරියට ඇවිත් ඉදිරිපත් වෙන්න ඕනේ, මේ සැරේ සජිත් ප්‍රේමදාස වගේ පොල් බූරුවෙක්ට පවා දිනන්නට රැල්ලක් හැදුනේ ඌ 2019 පරදින්න හරි එක්සත් ජාතික පක්ෂයට අවාසි සහගත වෙලාවක පවා මැතිවරණයට බය නැතුව ඉල්ලලා පැරදිලා හරි පාක්ෂිකයන්ට දීපු විශ්වාසය නිසයි. රාජපක්ෂ හොර රැලට ඔය කාටත් වඩා ලංකාවේ ඡන්දදායකයා ගැනත් මැතිවරණ ව්‍යාපාර ගැනත් විශේෂඥ දැනුමක් තියෙන බවත් අමතක කරන්න එපා. ඒකයි උන් බය නැතුව මයින පැටියාව ඔය දාන්නේ.

    දැනට ලංකාවේ සජිත් ප්‍රේමදාස බොහෝ දුරට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගෙන තිබෙන නමුත් සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ සහ කෙබර කුමාරලාගේ මාලිමා ත්‍රස්තවාදයට යන තුනටම අකමැති අතිවිශාල වෝට් බේස් එකක් ලංකාවේ තියෙනවා. නයි දෙරණේ දිලිත් ජයවීරලාට පමණක්ම ඒක ආකර්ෂණය කර ගන්න අමාරු නිසා පොදුජන පෙරමුණ පොහොට්ටුව නැවත සක්‍රීයව ආවොත් සහ හරියට කැම්පේන් එක කළොත් මේ කෙටි කාලය තුල පවා දැනට ඡන්දය භාවිත නොකර සිටීමට තීරණය කර තිබෙන සැලකිය යුතු පිරිසක් උන්ට ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව තියෙනවා. ඒක ඉතිං පොඩි මයිනාගේ දක්ෂතාවය මත තමයි තීරණය වෙන්නේ. කොහොම වුණත් මේ වතාවේ පැරදුනත් ඒක ඊළඟ මැතිවරණයට නාකි මයිනා නැතුව තනියම එන්න ඌට ලොකුම වාසියක් ලෙස සැලකිය හැකියි, මේක පරදින්න හරි ඉදිරියට එන එක.

    ReplyDelete
  2. අනේ බන් මාතෝ සජියා අන්දරේටත් අන්ත විදියට රටම හිනස්සන අමු ගොන් කතා කියන බව 2019 ඉදන්ම ප්‍රසිද්ධ දෙයක්. පසුගිය 2020 පාර්ලිමේන්තු ඡන්දෙදිත් එච්චර ගොන් කතා කියද්දි, පරදින බව දැන දැන, UNP එක කෑලි වෙලා තියෙද්දිත් ඡන්ද ලක්ෂ 27 ක් ලැබුනා.

    සරළවම UNP base එක ලක්ෂ 35 ක්. ඕක රනිල් සජිත් අතර විතරයි බෙදෙන්නේ. (සජිත් 20 , රනිල් 15 වගේ)

    එහෙම නැතුව උබ හිතන විදිහට හැම ඡන්ද ස්ථරයම හේදිගෙන කෙබර කියන කයියනායක අනුරයා ගාවට එන් නෑ. ඇත්ත මොකක්ද කියලා උබලටම තේරෙයි ඡන්ද ප්‍රතිඵල ⁣එද්දි.

    සරළවම කොච්චර අකමැති වුනත් බූරු පුතා දැනට ඉස්සරහින් ඉන්නවා. දිනන්න වැඩිම ඉඩ තියෙන්නෙත් ඌට.

    මේ සැරේ මැතිවරණයට තරග කරන දේශපාලන ව්‍යාපාර එකකටවත් මම පෞද්ගලිකව කැමති නෑ, ඉන්න අපේක්ෂකයන් සේරටම අකමැති වුණත් ටිකක් හරි ඉල්ලන උන්ගෙන් වැඩකට ඇති එකෙක් ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි ඒ නිසාම මම ඡන්දේ දෙන්නේ රනිල්ට. හැබැයි ඇත්ත තමා අරක. බූරු පුතා කියන මීහරකා එනවා කියන්නේ ආයේ ඉතාම ඉක්මනින්ම ජනතාවට ආණ්ඩුව එපා වෙලා රටම අසාර්ථක වීම, බොහෝ වෙලාවට ගොඩ දෙනෙක්ට ආපහු සැරයක්
    පෝළිම් වල ඉන්නත් වෙයි. ඒ කියන්නේ ඌව අවුරුදු පහ ඉන්න වෙන එකක් නෑ ඌව එලවයි, එතකොට ලපයා කොහොමත් මග ඇරලා මාරු වුණාම රනිල් සහ නාමෝලා අතර සටනින් ජය ගන්නේ ඇමරිකන් සහාය ඇති රනිල්. රනිල්ගේ දෙවෙනි පින් ජනාධිපති ටර්න් එකේදී නාමෝලා විපක්ෂ නායක වෙලා සජියා පුතාණෝ බලුවෙලා කුජීත වෙයි. රාජපක්ෂ පවුලට වගේ කන්ටැක්ට්ස් ඩීල් සහ චීන සහාය නැති නිසා ඌට නාමෝලා වගේ වැටුණාම ගොඩ එන්න චාන්ස් එකක් ලැබෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. UNP කබ්බො බලෙන්ම උන්ටම ටොයියො කියලා කියා ගත්තට (දැන් ගොං මාලිමා වහල්ලු ටොයියො වෙන්න හදනවා.. :-) පු.හි.) UNP එකේ ඉන්නෙ මහ ගොං වාහෙලා..ඕකුන්ට මැතිවරණ සාක්ශරතාවය කියන එක බින්දුවයි.. පඹයෙක් හරි දාපන් උන්ගෙ ලකුනෙන්, ඕකුන් චන්දෙ දෙනවා.. ඔය ගොං පකාලා තමා ගම්පහෙන් පබාට චන්ඩෙහ් දීලා පාර්ලිමේන්තු ගෙනාවෙ.. දැන් උන්ම කියනවා ගම්පහ උන් පබාට චන්දෙ දුන්නලු.. හරියට නිකන් අපි දුන්නා වගෙ.. ගොබ්බ UNP රැල හින්දා, ලංකාවෙ දේෂපාලනයේ ගාමක චරිත හදපු ගම්පහ දිස්ත්‍රික්කයත් පච වුනා...

      Delete
  3. දැන් බලමු අනුර කුරුමානමා කට උල් කරලා ඇස් කරකවලා මොනවද මේ ගැන කියන්නෙ කියලා..දැන් තමා ජෙප්පන්ට බඩ යන්නයි පඩ යන්නයි පටන් ගන්නේ පරන්තන් වල H2SO4 හදන්න ඇති තරමට හයිඩ්‍රජන් සල්ෆයිඩ් හෙවත් H2S පිට වෙන තරමට…

    ReplyDelete
  4. මාතේ ඔය Starlink එක ඉලෝන් මස්ක්ගේ පැකේජ් එක 36,000 සිට ඉහලට තිබිය යුතුයි මොකද අපිට ගන්න නෙමේ බං ඕවා ගන්න පෝලිමේ ඉන්න උන් ඉන්නවා. ලංකාවේත් ලක්ෂරි Hotels , Private Hospitals, IT companies, Banks ,Shipping & Air lines තව ගොඩක් pvt & gov companies. ඒවා වල ඉන්න උන්ට Airtel වල 749 package එක දාගෙන යන්නද කියන්නේ. මේ වගේ හිතන උන් හිටියම රටකට බුදු සරණයි.

    ඔය බගේ ගොබ්බ කතාවලට රැවටෙන්නේ ඔය මාලිමා වහල්ලඋ වගේ මැටිම මැටි ගොන් වහන්සේලාම තමයි. මාලිමාවට ජය වේවා 🧭 😅

    ReplyDelete
  5. දුවන අස්සයෝ කව්රුන්දැයි කියලා
    හෙට දැනගන්න හැකිවෙනවා යයි හිතලා
    විවරණ- විවේචන සේරම කියවාලා
    දැනුවත් වෙනව- වියතුන්හට තුති පුදලා!

    ReplyDelete
  6. මාතේ මීට වසර නමයකට පෙර 2015 වසරේදී ඉරානය විසින් බිහි කළ ඉන්ජිනේරු උපාධිධාරීන් සංඛ්‍යාව 233,695කි. ඒ අනුව ඒ වසරේදී ජනගහනයට සාපේක්ෂව ලෝකයේ වැඩිම ඉන්ජිනේරුවන් බිහි කළ රට ඉරානය වුණා. සංඛ්‍යාත්මකව එහි ඉහළම ස්ථානය රුසියාවට, දෙවෙනි තැන චීනයට හා තුන් වෙනි ස්ථානය ඉරානයට හිමි වෙයි.

    ඉස්ලාමී ඉරාන සමූහාණ්ඩුව යනු ලෝකයේ කාර් නිෂ්පාදනය අතින් විසි වන ස්ථානය හිමි රට වන අතර, ඔවුහු වසරකට කාර් මිලියන එකහමාරක් පමණ නිෂ්පාදනය කරති. එරට දළ ජාතික ආදායමේ 10%ක් උපයා ගනු ලබන්නේ ඒ මගිනි.

    නවීනතම නැනෝ තාක්ෂණයට අදාළව වැඩියෙන්ම පර්යේෂණ පත්‍රිකා පළ කර ඇති රටවල් අතර ඉරානයට ලෝකයේ හතර වැනි ස්ථානය හිමිවෙයි. මෙහි මුල් ස්ථාන පිළිවෙළින් චීනය, ඇමරිකාව, ඉන්දියාව යන සතු වන අතර, 2022දී ඉරානය මේ විෂයය සම්බන්ධව පළ කළ පත්‍රිකා සංඛ්‍යාව 11,473කි.

    මේ වන විට ලෝකේ අභ්‍යාවකාශ මධ්‍යස්ථාන 70කට වැඩි ගණනක් තිබුණද ඒ අතරින් සාර්ථක මෙහෙයුම් දියත් කළ රටවල් ඇත්තේ 16ක් පමණි. ඉරානය ඒ අතරින් එකක් වන අතර, ඔවුහු 2005 වසරේදී සිය පළමු කෘතිම චන්දිකාව ගුවන් ගත කිරීමට සමත් වූහ.

    මීට අමතරව ඉරානය කාලයක් තිස්සේ කෘත්‍රිම හදවතක් ගැන සාර්ථක පර්යේෂණ පවත්වමින් සිටින අතර, 2018දී ඉරාන ෆාරිෆ් විශ්වවිද්‍යාලය මඟින් කෘත්‍රිම සමක්ද නිර්මාණය කරන ලදී. එහි අරමුණ දියවැඩියාව හා පිළිස්සීම නිසා ඇති වන තුවාල ආදියට ප්‍රතිකාර කිරීමයි.

    ඉරානය ලොව ප්ලාස්ටික් සැත්කම් සඳහා ලෝකයේ ඉහළතම ප්‍රසිද්ධියක් උසුලන රටක් වන අතර, යුරෝපයේ සිට පවා බොහෝ දෙනා පහසු මිලට ප්ලාස්ටික් සැත්කම් සාර්ථකව කරගැනීම සඳහා ඉරානයට පැමිණෙති.

    මීට අමතරව ලෝකේ ඉහළතම ඩ්‍රෝන තාක්ෂණය සහිත රටක් වන ඉරානය තමන්ට අදාළ වෙබ් බ්‍රව්සර්, ඇන්ඩොයිඩ් වැනි ඇප් ආදියද නිපදවා තිබේ. ගූගල් ෆේස්බුක් යූටියුබ් වැනි එක්සත් ජනපදයේ පාලනය යටතේ පවතින හානිකර භයානක සමාජ ජාල වලට සාපේක්ෂව මේවා විකල්ප වන නමුත් මේවාත් ඉරාන රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක වෙයි.

    ග්ලෝබල් ෆයර් පවර් නම් ආයතනයේ 2024 වසරට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව යුධ ශක්තිය අතින් ඉරානය ලෝකේ 14 වෙනි ස්ථානය හිමි වන අතර, ඊශ්‍රායලයට හිමි වන්නේ එහි 17 වැනි ස්ථානයයි.

    ඉස්ලාම් රටක් වුවද ඉරානයේ විද්‍යා තාක්ෂණික විෂයන්ට අදාළ උපාධිධාරීන්ගෙන් සීයට හැත්තෑවක්ම කාන්තාවන් වීමද විශේෂ කරුණකි.

    අනෙක් වැදගත්ම කාරණය වන්නේ ඔවුන් මේ සියලු ජයග්‍රහණ අත් කරගෙන ඇත්තේ බටහිර රටවලින් පැනවූ දැඩි සම්බාධක ඇතුළු ප්‍රහාරයන් කන්දරාවක් මධ්‍යයේ වීමයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට අදාළ ඉහළතම විද්‍යාඥයන් විසි ගාණක් මොසාඩ් සංවිධානයෙන් ඝාතනය කොට ඇති බවද ලෝකයේ ප්‍රකට කරුණකි.

    එහෙත් ඉරානය සම්බන්ධව ලංකාවේ බොහෝ දෙනා තුළ ඇත්තේ එක්සත් ජනපද පාලිත ජඩමාධ්‍ය වල
    පච ප්‍රචාර වල කියැවෙන පරිදිම ඒකාධිපති ආගම්වාදී රටක්ය යන මුග්ධ ආකල්පය පමණක් වන බැවින් ලංකාවේ බොහෝ දෙනාට ඉරානයේ විද්‍යාත්මක ජයග්‍රහණ ගැන ඇත්තේ අල්ප අවබෝධයකි.

    සැබවින්ම ඉරානය යනු විශාල ආගමික නැඹුරුවක් සහිත රටකි. එරට මූල්‍ය පද්ධතිය පවා පාලනය වෙන්නේ ඉස්ලාම් නීති අනුවයි. එරට කාන්තාවන්ට හිස් ආවරණ පැළඳීම නීතියෙන් අනිවාර්ය කර තිබෙන්නකි. එරට තුළ ඇල්කොහොල් නිපදවීම පමණක් නොව පරිභෝජනය පවා තහනම්.

    අපිත් දරන අදහස ඕනෑම ආගමික නීතියක් කොන්දේසි විරහිතව සාධාරණිකරණය කළ යුතු බව නොවේ. එය අදාළ සන්දර්භයට සාපේක්ෂව තීරණය කළ යුතු සංකීර්ණ කාරණයකි.

    එහෙත් මෙහිදී අප අවධානයට ගත යුතු වැදගත්ම කාරණය වන්නේ ඒ සා ආගමික නැඹුරුවක් තිබියදී පවා ඒ කිසිවක් ඉරානයේ විද්‍යාත්මක ජයග්‍රහණවලට බාධාවක් වී නොතිබීමය.

    මෙය පන්සල් යාම නිසා ලංකාවේ විද්‍යාත්මක දියුණුව ඇණ හිට ඇතැයි හඬා වැළපෙන ලංකාවේ ඇතැම් නිරාගමික මීගව විද්වතුන්ගේ තර්ක සුනුවිසුණු කරන සැබෑ ලෝක අත්දැකීම්වලින් එකක් පමණි.

    ඇත්තෙන්ම ඉරානයේ විද්‍යාත්මක ජයග්‍රහණවල රහස ආගම හෝ වෙනත් යමක් නොව දැක්මක් සහිතව මෙහෙයවන ඔවුන්ගේ සැලසුම් සහගත ආර්ථික පාලනය බව පැහැදිලියි. ලංකාවට වඩා ඉතා දැඩි ආගමික නීතී රීති මැද වුවද ඔවුන්ට විද්‍යාවේ ඉහළ ජයග්‍රහණ කරා ගමන් කිරීමට හැකි වී ඇත්තේ ඒ නිසායි.

    ඉරානය තුළ ඇත්තේ ලංකාවේ වගේ අයිඑම්එෆ් සරණ යන ආර්ථිකයක් නොව මුළුමනින්ම පාහේ රාජ්‍ය සහාය සහිතව පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල් තැන දෙන සම්බාධක නිසාම බොහෝදුරට ස්වයංපෝෂිත වී ඇති ආර්ථිකයකි.

    ඉතා ඉහළ හා දියුණු කාර්මීකරණයක් සහිත රටක් වන ඉරානය තමන්ට අවශ්‍ය පෑනේ, පැන්සලේ, සබන් කැටයේ සිට ගුවන් යානා, රොකට්, යුධ ටැංකි, සබ්මැරීන් දක්වා සියල්ල තම රට තුළම නිෂ්පාදනය කරයි. මෙය ලංකාව වැනි විවෘත ආර්ථිකයක් ඇති රටකට ඒ ආකාරයෙන්ම අවශ්‍ය නැතත් යම් ප්‍රමාණයකට දේශීය නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීම අවශ්‍ය කරන බව සනාථ කරයි.

    දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රමාණය අනුව ඉරානයට ලෝකේ 34 වැනි ස්ථානය හිමි වන අතර, ලංකාවට එහි හිමි වන්නේ 84 වැනි ස්ථානයයි.

    ReplyDelete
    Replies
    1. ඉහත අප පැවසූ සැලසුම්සහගත ආර්ථික සෞඛ්‍ය අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර වල ඇතිකරගෙන තිබෙන මනා දියුණුව ඔස්සේ දියුණු අධ්‍යාපනයක් හා දියුණු සෞඛ්‍ය සේවාවක් නොමිලේ සපයමින් ඉහළ ජීවන තත්ත්වයක් හා මානව සංවර්ධන දර්ශකයේ 0.8ට ආසන්න අගයක් කරා ළඟා වීමට ඉරානය සමත්ව තිබේ.

      මේ අනුව ඉරානය යනු සෝ කෝල්ඩ් බටහිර වට්ටෝරු සංවර්ධනය වෙනුවට තමන්ට අනන්‍ය ක්‍රමවේදයක් ඔස්සේ, බටහිර රටවල සම්බාධක ඇතුළු බරපතළ බාධා මැද පවා තම ඉලක්ක කරා ගමන් කළ ආදර්ශවත් රාජ්‍යයකි. එසේම ඉරානය කලක සිට ලංකාවේද මිතුරෙකි.

      එහෙත් අවාසනාවට ලංකාවේ බොහෝ දෙනා සංවර්ධනය ගැන කතා කිරීමේදී තවමත් හුරු වී ඇත්තේ ලෝකයේ අනෙක් රටවල් සූරාකමින් මහා අධිරාජ්‍යය ගොඩනැගූ බටහිර රටවල් ගැන කවි කතා කීමට මිස, බාධක මැද ස්වාධීනව නැඟී සිටි ඉරානය වැනි රටවල් ගැන නිකමට හෝ සොයා බැලීමට නොවේ. මේවා ගැන මාතලන්ලා වැනි දක්ෂ බ්ලොග්කරුවන් කථා කළ යුතුව ඇති බවත් අප මතක් කළ යුතුය.

      Delete
  7. ඔය ගැන ෆ්රාන්ස් කෆ්කාගේ දර්ශනය අනුව කියන්න පුළුවන් මෙහෙමයි !

    සැඩ පරුෂ කුණාටුව අවසන් වූ පසුව නුඹට මතක හිටින්නේ නැහැ නුඹ කොහොමද ඒ කුණාටුව තරණය කරපු ඒ වික්‍රමාන්විත ගමන. නුඹට අමතක වෙයි තමුන් කොහොමද ඒ කුණාටුව මැදත් තමන්ව ආරක්ෂා කරගත්තෙ කියන කාරණයත්. අඩුමගාණේ තමන්ට හරියට විශ්වාස නැති වෙයි කුණාටුව ඇත්තටම අවසන්ද නැද්ද කියලවත්.

    ඒත්...

    ඒත් සහතිකව එකම එක දෙයක් නම් සිද්ධ වෙනවා.

    කුණාටුව තරණය කර අවසන් වෙලා, නුඹ ඉන් පිටතට ආවට පස්සෙ නම්, නුඹ නැවතත් ඒ හිටපු මනුස්සයා බවට පත්වෙන්නෙ නැහැ කිසිම විදිහකින්. කුණාටුවක් කියන්නෙ එහෙම අපුර්වතම දෙයකට...!. ඒක තරණය කරමින් යන කිසිවෙක් කිසිදාක තමන් හිටපු පැරණි කෙනා බවට පත්වෙන්නෙ නැහැ! එක්කෝ ඔහු ඉන් පන්නරය ලබා කුණාටු මැඩයන මහ සෙනෙවියකු වෙයි, එක්කෝ ඔහු ඉන් විනාශ වී මුහුදු බත් වෙයි!
    ♥️💫

    ~Haruki Murakami

    (Book: Kafka on the Shore)

    මේක ගැන මාතලන්ටත් විචාරයක් ලියන්න පුළුවන්ද? මම හිතන්නේ රිස්ක් එකක් අරගෙන කුණාටුව හරහා යන කෙනා තමයි නියම වීරයෙක් වෙන්නේ, ඉක්මනින් බැරිනම් පහු වෙලා හරි ඒ පුද්ගලයා දවසක පොරක් වෙනවා කියන එකයි මගේ හැඟීම!

    ReplyDelete

  8. මාතලන් ඇත්තටම මෙතන අපට ඔබගේ හෝ මගේ පක්ෂ දෙකම හෝ සියල්ල පසකින් තබා සාමාන්‍ය විදිහට බැලුවම ජවිපෙ අතීතය අමතක කරලා අළුත් ව්‍යාපාරයක්, අළුත් හැගීම් වලින් මේ මැතිවරණයේදී තරඟ කරනවා කියලනේ කියන්නේ

    එහෙම නම් ඉතිං, ඇයි අනිත් අයගේ අතීතය ගැන හොයන්නෙ කියන එකයි මට තියෙන ප්‍රශ්නය. ඔබ ඔය උඩ සඳහන් කරන මහින්ද, ගෝඨාභය, දිලිත්, රනිල් හෝ කිසියම් අයෙකුගේ අතීතය ඔබට හෝ ඔබගේ පක්ෂයට අදාලද?

    ජවිපයට අතීතය අමතක කරලා අද මාලිමාව ලකුණ යටතේ ජාජබ ලෙස අළුත් වෙන්න පුළුවන් නම් හෙට ප්‍රභාකරන්ට උනත් අතීතය අමතක කරලා ඇවිත් ඔය විදියට යා හැකියි නේද?

    දැන් ඔබදා සමාජවාදය සහ සමානාත්මතාව ගැන ජවිපෙ ජාජබ මහා ඉහලින් වර්ණනා කරනවා නම් මහ බැංකු හොරුන්, සුනාමි හොරුන්, රෝ ඔත්තුකරුවන් සියල්ල අයිතිත් ඒ අතිතයටම නේද?

    ඔය පරණ වට්ටෝරු එපා ඉතිං අපිත්. එයාලට එපා නම්, රටේ සමානාත්මතාවය රකින එකම පක්ෂය නියෝජනය කරන ඔයාලා අතීතය වලළනවා නම්,,,එය අනිත් අයටත් පොදු විය යුතුයි. එතනදි ඔබට හෝ පක්ෂයට අනිත් අය ගැන නිකම් හරි අයිතියක් නෑනෙ එතකොට ඇඟිලි දික් කරන්න. සියළු පක්ෂ සමානයි. අතිතයක් නෑ. අද ඉපදිලා.....එහෙම විය යුතුයි නේද?🤔🤔🤔🤔

    ReplyDelete
  9. මේ වනවිට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ වනවිට තිබේද කියා සැකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සෙවිය යුත්තේ පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින්. නමුත් පොලිස්පති ඇතුලු අය ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දෙමින් යයි. පොලිස්පති ඉවත් කරන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වේ. ඒවා කිසිවක් දැන් රටේ ක්‍රියාත්මක වන්නේ නැත. Judicial Cannibalism කියන්නේ ඒකට බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයින් පවසති.

    ReplyDelete
  10. ලංකාවේ මෙවර 2024 ජනාධිපතිවරණය පිළිබඳව National Alert වෙබ් අඩවිය පසුගිය සතියේ නියැදි හතරක් යොදාගෙන මෙවර මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දළ සමීක්ෂණයක් කළා.

    පළමු කණ්ඩායම
    """"""""""""""""""""""
    පසුගිය මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය දුන් සිය දෙනෙක් දැක්වූ ප්‍රතිචාරය.

    18 % මෙවරත් පොහොට්ටු අපේක්ෂකයාටමයි,

    31 % අනුරට

    30 % රනිල්ට

    15 % සජිත්ට

    දෙවන කණ්ඩායම
    """"""""""""""""""""""""""""""""
    පසුගිය මැතිවරණයේදී සජිත්ට ඡන්දය දුන් සිය දෙනෙක් දැක්වූ ප්‍රතිචාරය

    87 % මෙවරත් සජිත් ටමයි

    8 % මෙවර රනිල්ට

    4% මෙවර අනුරට

    තෙවන කණ්ඩායම
    """"""""""""""""'"''"""""""""""""

    පසුගිය ජනාධිපති වර්ණයේදී සජිත්ට ඡන්දය ලබාදී පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිටි ගණන ලක්ෂ 15 ක් පමණ වෙයි. එවැනි සිය දෙනෙක් දැක්වූ ප්‍රතිචාරය

    79 % රනිල්ට

    11 % සජිත්ට

    5 % අනුරට

    සිව්වන කණ්ඩායම
    """"""""""''""'""'""''''''''""""""""
    2024 ජනාධිපතිවරණය සඳහා අලුතෙන් එක්වන නැවුම් ඡන්ද දායකයන් ගණන ලක්ෂ දහයක් පමණ වෙයි, කුළුඳුලේ ඡන්දය භාවිතා කරන සිය දෙනෙක් දැක්වූ ප්‍රතිචාරය.

    32 % අනුරට

    31 % සජිත්ට

    20 % ක් රනිල්ට

    1% ක් පොහොට්ටු අපේක්ෂකයාට

    අරගලයට පෙර බෙලහීනව තිබූ ජවිපේ සහ එක්සත් ජාතික පක්ෂය අරගලයෙන් පසු දැවැන්ත ලෙස ශක්තිමත් වී ඇත

    අරගලයත් සමග පොහොට්ටුව හේදී ගිය බව පෙනුනත් ගැඹුරට විශ්ලේෂණය කරන විට පොහොට්ටුවට තවමත් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් තිබෙන බව පෙනීයයි.

    මීට පෙර ජනාධිපතිවරණ වලදී ලබාගත් ආකාරයට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහක් සහ තවත් එක් ඡන්දයක් ලබා ගැනීම මෙවර කිසිවකුට නොහැකි බව පෙනී යයි.

    ඊටත් වඩා භයානක සහ වැදගත්ම කාරණය නම් ඊට පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් විවිධාකාර පක්‍ෂ වලට අංජබජල් ලෙස පත්වන එකමුතුවක් නොමැති මන්ත්‍රීවරුන් 225 ක් විසින්ම පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව පිහිටුවන ලංකාවේ මීළඟ ඇටවුම් ආණ්ඩුව පවත්වාගෙන යාමට ප්‍රබල නායකත්වයක් අවැසිය. එය දීමට සමතෙක් සිටීද යන්න ඉතාම උභතෝකෝටික ප්‍රශ්නයක් වී ඇත.

    ReplyDelete
  11. මැතිවරණ නිකන් ලංකාව වගේ රටවල්වල හරක්ව අන්දවන්න පවත්වන විගඩමක් පමණයි..

    ගියවර 2019දී 69 ලක්‍ෂයක ඡන්දයෙන් පත්වූ ජනාධිපතිව බටහිර විසින් අරගල කුමණ්ත්‍රණයක් හරහා පන්නා දැමුනා..

    ඒ වගේම පසුගිය ජනවාරියේ බංගලාදේශ මැතිවරණයෙන් පත්වූ ෂීක්හසීනාව ශිෂ්‍ය-හමුදා කුමණ්ත්‍රයක් හරහා බලයෙන් පහකර රටෙනුත් පන්නා දැමුනා..

    ඊලඟට අද තායිලන්තයේ අගමැතිව එරට අධිකරණය හරහා කුමණ්ත්‍රණයකින් බලයෙන් පහකර දමා තිබෙනවා…
    පකේ මැතිවරණ..
    ඊලගට දැන් ලංකාවේ මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්‍ෂකයන් කවුද බලමු.. මහ බැංකු හොරා, නිදන් හොරා, 88-89 භිෂණයේ අලුගෝසුවා, ඇන්ටිජන් හොරා.. සුනාමි හොරාගේ පුතා..මේකමේ වගේ උන් අතර බලව ය සඳහා කුලල් කා ගැනීමක්..මේකේ පහසුකම් සලසන්නා වන මැකො.
    මුන්ව පිලිකුල් කරමින් ජනතාව මිලියන ගනනින් කටුගා ප්‍රතික්ෂේප කර නව දේශපාලන ශිෂ්ඨාචාරයකට රට යොමුකල යුතුයි.

    ReplyDelete
  12. මේ රටේ සැබෑ මුල් හිමිකරුවන්ගෙන් (විජයාගමනයට කලින් ඉඳන් මෙහි සිටින සැබෑ පුරවැසියන්) පැවත එන ජාතික බලවේගය නියෝජනය කරණ හැටනම් ලක්ෂයේ කඳවුර මේ මොහොතේ සර්ව ජන කඳවුර සමඟ සිට ගත යුතුයි. මොකද ඔවුන්ගේ සැබෑ ජාතිකවාදී ආකල්ප, අදහස්, චින්තනය මේ මොහොතේ නියෝජනය වන්නේ එම කඳවුර තුලින් මිස අවස්තාවාදී ගෙම්බන් තුලින් නොවේ. දිලිත් ජයවීර ජාතික කඳවුරේ අභිලාශයන් දිනවීම සඳහා ප්‍රශස්ත මට්ටමේ නායකත්වයක් සපයමින් සිටිනවා. ඒ නිසා මගේ මේ ආරාධනාව රටේ අනන්‍යතාවය වෙනුවෙන් 2019 දී ඉදිරියට ආපු හැට නම ලක්ෂයක් වූ ජනතාවටයි. ඔබගෙන් කොල්ලකනු ලැබූ මේ රටේ සැබෑ ජාතිකවාදී බලය නැවත ගොඩ නැගීම සඳහා, මේ රටේ සෑම පුර වැසියෙකුටම නිභයව, නිවහල්ව ජීවත් විය හැකි රටක් නැවත් ස්තාපිත කිරීම සඳහා සර්වජන බලය වටා රොක්වන්න. එන්න, අපි ජාතිවාදින්හට තරු පෙන්වමු.

    ReplyDelete
  13. අකුරුතුනේ බයිලාව සෑහෙන දිගුකාලීන ප්ලෑන් එකක කොටසක් නේද බන් මාතලන්, ඇත්තටම නාමල් හදිසියේම ජනාධිපතිවරණයට දැමිමා නෙවේ.

    ඒක මීට බොහෝ කාලයකට කලිං පටන් ගත්ත 100% සාර්ථක වුන ධම්මික පෙරේරා හදවතින්ම උපකාර කළ බැසිල් මෙහෙයවපු මහින්දගේ අංකූර දේශපාලන කට්ටකමෙන් ගහපු ව්‍යාපෘතියක් වගෙයි පේන්නේ
    ඒක කොච්චර සැලසුම් සහගතද යනු පොහොට්ටුවේ සීනියර්ලා පවා නන්නත්තාර කල ව්‍යාපෘතියක්.

    නාමල්ට නායකත්වයට පක්ෂයක් අවශ්‍ය බව ඇත්ත හැබැයි මහින්ද රාජපක්ෂ නැති කාලෙක හිටපු සීනියර්ලා එක්ක නාමල්ට ඒකට ඉඩක් නෑ. රාජපක්ෂලා අනාගතය වෙනුවෙන් හදපු පොහොට්ටුව රැක ගත්තේ නාමල් අන්තිම මොහොතේ ඉදිරිපත් කරලා පක්ෂය අඩියටම වැටිටලා යන අයට යන්න ඇරලා පවුලේ බූදලයක් වගේ ඒක රැකගන්න පවත්වා ගන්නට ප්ලෑන තිබ්බා.

    ආන්න ඒකයි ජනාධිපතිවරණයට කවුද එන්නේ කියලා බොහෝ ඈත දවසක පොහොට්ටුවේ මහාචාර්ය ෂටප් රංජිත් බන්ඩාරගෙන් අහනකොට ඒ ගෝතයා අකුරු තුනක කෙනෙක් කීවේ.😀😀

    මොකද මහින්ද ඉවත්ව යනකොට බැසිලාට පාරිලිමේන්තුවට එන්න බැරිව චමල් වයස නිසා ඉවත්වෙනකොට දේශපලෙනයෙන් ගෝඨාභය සමිපුර්ණ සමුගන්න කොට නාමල්ට පොහොට්ටුවේ පරණ කටිටිය තියා කාංචන විජෙසේකර ෂෙහාන් සේමසිංහ, දිළුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ වගේ නාමල්ට වයසින් ලග අයවත් පාළනය කර ගන්න බැරි වෙනවා 😀😀

    බැසිල් ඒකට හැදුව පිළියම තමයි පොහොට්ටුවේ ජෙෂ්ඨයන් එලියට යන පාර හදලා නාමල්ට පාලනය කරන්න පුළුවන් එවුන් වන තිස්ස කුටිටිලා සංජීව එදිරිමාන්නලා
    මේ පාර ජොන්ස්ටන් ඉදිරිපත් නොවී ඉදිරිපති කරන ජොනිස්ටන්ගෙ ජොහාන් වගේ පුතාලා එක්ක ගමනක් යන්න නාමල්ට ඔන්න ඔය වගේ පාරක ඉඩ හැදුවේ. 😀😀

    අවසාන වෙනකල් ධම්මික පෙරේරා ඉස්සහරට දාලා හැංගුවේ මේ ව්‍යාපෘතිය.👍👍

    2029දීත් නාමල්ට ජනාධිපති වෙන්න බැරි උනොත් ඒත් හැබැයි 2035 වෙනකොට නාමලි වගේම පොහොට්ටුවත් කට්ට කාලා පරිනත වෙලා තියනවා.

    එතකොට මිනිස්සුන්ට R ප්‍රේමදාස කියන මිනී මරපු ජනාධිපතිගේ පුතා සජිත්,ප්‍රේමදාස කියලා අද අමතක වෙලා තියනවා වගේ දැනට ගහලා තියෙන කාඩ් වන පෝළිම් හදපු හොරකම් කරලා කියපු මිනී මැරෙවිවා කියවපු රාජපක්ෂලාගේ පුතෙක් කියලා නාමල්වත්,අමතක වෙලා.

    අද සජිත් ඊලග ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසනිනම පුද්ගලයා වෙලා ඉන්නවා වගේ.

    නාමල් 2035 අද සජිත් ඉන්න තැන ඉදීවි.

    එතකොට හොරු,කීවට හොරකම් කරලනම් රාජපක්ෂලා කවුද හිරේ,ඇරියේ කියලා අද රාජපක්ෂලාට හොරු,කියන අයම එදාට අසාවි.😀😀

    රාජපක්ෂලා ගැහුවේ මහින්ද රාජපක්ෂ මේ,අවුරඅද්ද අගදී දේශපාලනයෙන් සමුගන්න විට

    නාමල් එක්ක රාජපක්ෂලා පක්ෂය ඇතුලින් දේශපාලනයෙන් කැපී යාමට එරෙහිව ගේමක්.‼️

    දැං බලන්න ජොන්ස්ටන් වගේ නාමල්ට කොනි්ට්‍රෝල් සීනියර් ටික නැති වුනහම පොහොට්ටුවේ දෙවන පෙල වැඩ්ඩා අකුරු,තුනේ,නාමල්.

    තව වසර දහයකින් නාමල් සීනියර් මහින්ද රාජපක්ෂ කෙනෙකුට අන්දන පක්ෂයේ ඉත්තෝ කපන සෙල්ලමෙන් දිනුම්,රාජපක්ෂලා.😀😀

    ජනාධිපතිවරණයෙන් සැප්තැම්බර් 22 නාමල් පරාදයි.

    හැබැයි,ඔහු අනාගතයට එදා ඉදන් දිණුම්.

    ⁣මහින්ද මිය යන්න කලිං නාමල් ජනාධිපති කරන සටන පටන් ගන්නේ
    ඇත්තටම සැප්තැමිබර් 22 පස්සේයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න