ජනාධිපති වෙලා ජනාධිපති ලේකම් කාර්යාලයේදි කළ පළමු කතාවෙන්, හැසිරීමෙන් හා බොඩි ලැන්ග්වේජ් එකෙන් එතෙක් ඔබ කෙරෙහි තිබූ සැකය දුරු වී... විධායක ජනාධිපති චරිතයට පිවිස ඇතයි යන සිතිවිල්ලක් ලැබූ බව... ඒ මොහොතේ ලීවේ බොක්කෙන්මය. එය සිත්ගන්නා.... හරබර බලාපොරොත්තු සහගත සාරගර්බ කතාවක්ම විය. ඇත්තෙන්ම එය ඔබ බොක්කෙන්ම කියුවා වෙන්නටත් ඇතිය.
මන්ද මේ හිඟන රටේ විප්ලව කරන්නවත් අරගල කරන්නවත් නහුතයක් චන්ද තියා ජනතා නියෝජිතයින් 60 කෝටියක් පාලනය කරන්නට ඕනා ආර්ථිකයක් ඇති රටක් නොවනා නිසා වූවද... ඔබ මේ කිසිත් කළ හැකි කෙනෙකුන් නොවනා බව දැන දැන.... ඔබට චන්දේ දෙන්නට එපා යැයි කී පිරිස අතරින් කෙනෙකු වූවත්.... එදා කළ සාරවත් කතාව තුල... ඔබ ධූර කාළය ඇතුලත වේදිකාවක් වේදිකාවක් ගානේ දුන් පොරොන්දු යම් පමණකින් හෝ ඉටු කරමින්... වේගවත් ගමනක් යාවී යැයි සියුම් බලාපොරොත්තුවක් ඇති වූ නිසාය. මන්ද ඔබ යන්නේ රනිල්ගේ වැල් පාලමේම බවත් ඔබ කී නිසාය.
එහෙත් එය සිහිණයක්ම පමණක් බවත්.... ඔබ හා ඔබ වටා සිටී පිරිස අමුම අමු වැඩ බැරි ඉරිසියාකාර කුහක ගං කබර මූසල හැත්තක් බවත් මා කලින් සිටී මතය.... දැන් මොනවට ඔප්පු කරමින් සිටීම...... නැවතත් අපව අමන්දානන්දයට පත්කොට අවසානය. ඔබ හෝ ඔබ ආන්ඩුව කෙරේ කිසිඳු ප්‍රසන්න හැඟීමක් දැන් නම් ඇත්තේම නැත්තේ.... මාස 4ක් ගතවීත් රටේ කිසිඳු ගැටළුවකට ඔබ හා පිරිස කිසිවක්ම කර කියා ගැන්මට නොහැකි.... ගොබ්බ හාල්පාරුවන් රැලක් බව ඔප්පු කර අවසන් නිසාය.
රතු ලේබල් කන්ටේනර් 323 රේගුවෙන් පැන්නු එකෙක් අනුන්ට හොරෙක් යැයි කියන්නේ කෙසේද යන්න මෙගා ප්‍රශ්ණයක් වී අවසානය.... මෙය එතෙක් මෙතෙක් ඉතිහාසයේ රජයක් විසින් සිඳුකළ විශාලතම මංකොල්ලය බවට කිසිඳු සැකයක් ඇත්තේ නැතිය.
ඔබට තවමත් විධායක ජනාධිපති ධූරයට පිවිසීමට නොහැකි.....හීනමාන ග්‍රාමීය සෘණවාදී ආකල්පවලින් හෙබී.... ග්‍රාමිය උගතෙක් බව ඊයේද මනාව ඔප්පු කොට පෙන්නුවේය. කෙනෙකු එය සරළ හා චාම් බව යැයි කීවද... එතන තිබුනේ බිය හා හීනමානය පමණි. ඒ බිය හා බලාපොරොත්තු සුන් වූ ආකාරය කෙතරම්ද යන්න ඔබේ මුහුණෙන් පෙනිනි.
නිදහස් උත්සවයකට ලැබිය යුතු ගරු ගාම්භීරත්වය.... ඊට ලබා දිය නොහැකි නම්... එය නොපවත්වා සිටීම ඊට වඩා හොඳ යැයි සිතුනේ.. රාජ්‍ය නායකයාට හා හමුදාපතිවරුන්ට සපයා තිබූ.... පුංචිබොරැල්ලේ උදේනී මල් ශාලාවේ පුටු ටික දැකීමෙන් අනතුරුවය.
ඔබ බලාපොරොත්තු වූයේ මහා සෙනඟක් ඔබ බලන්නට ඒවී යැයි කියලාය... එහෙත් බලු බල්ලෙක් ආවේ නැතිය.... ඒවා ලබන්නට නම්... පින, පර්සනැලටිය මෙන්ම කරිස්මාවද ඔබ තුල තිබිය යුතුය. ඒ කිසිවක්ම ඔබට ඇත්තේ නැතිය. ඉදහිට මතුවන එවන් සමහර දෑ රංඟනයන්ම පමණි. දැන් ඒවා හදාගැනීමටත් නොහැක.
එබැවින් ඔබට වඩා කැපී පෙනෙන දැවැන්ත දේශපාලුවන් හා ඔබ තුල ඇත්තේ අසීමිත වෛරයකි. එය තදබල මානසික රෝගයකි. ඔබට අවශ්‍ය නම් මහින්ද එක නියෝගයකින් විජේරාමෙන් එලවා දැමිය හැකි මුත්... ඔබ එය කරන්නේ නැතිය. මහින්ද ශිරාණි බන්ඩාරනායක එලෙව්වේ එලෙසය.
නමුත් දැන් එය හිඟන්නාගේ තුවාලය මෙන් රටේ ප්‍රධානම මාතෘකාව කරගෙන හම්බ කරගෙන කමින්.... ඔබ ආන්ඩුව ගෙනයන්නේ විජේරාමේ මහින්දගේ නිවසේ පිහිටෙනි... ඔබේ මානසික රෝගයට එය ආතල් එකක් ලබාදෙන බව ඔබ රට වටා යමින් ප්‍රදර්ශනය කරමින් සිටින්නේය,
ඔබ වීරයෙක් වන්නේ... විජේරාමේ නිවස හා මහින්ද රාජපක්ෂ නම් අති දැවැන්ත පුරාවෘත්තයට කින්ඩිය දැමීමෙන්ය. මේවා මහින්දට චන්ද්‍රිකාට රනිල්ට මෙන්ම අනාගත දක්ෂිනාංශික නායකයන්ටද, මාධ්‍ය අයිතිකාරයන්ටද අගනා පාඩම්ය. මොහුගේ ඊළඟ ඉලක්කයන් වන්නේ ඔවුන්ය.
රටේ ප්‍රශ්ණවලට පිළිතුරු ඔබට තබා.... ඔබ වටා සිටිනා කිසිවකුටත් ඇත්තේ නැතිය. මුළු කන්ඩායමටම මහත්මයකු ලෙස හැසිරෙනුයේ මහාචාර්ය අනිල් ජයන්ත මහතා පමණක් බව ඒ මහතාට ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුමය. ලාල් කාන්ත සුපුරුද චරිතයේම ජීවත් වෙනුයේ තම ජාම බේරාගනිමිනි.
අනික් සියල්ලෝම බලයෙන් මත් වූ උද්දච්ඡ කුක්කුච්චලා රැලක් වී.... මයික් ඉදිරියේ පට්ට විහිළුකාරයන් වී අවසානය. විශේෂයෙන් 3% අම්බරුවන් රැලට අමතරව NPP කාරයන්ට චන්දය දුන් අයගේ බලාපොරොත්තුද කුඩු වී ඇත්තේ... අද උන් අන්ත අසරණය.
NPP යට කිසිඳු බලයක් නොමැති හේතුවෙන්.... ජවිපේ නායක ටිල්වින් සිල්වා උන්ගේ පඩි හා දීමනා වලට අයත් රුපියල් ලක්ෂ 400,000 ආසන්න මුදලකට කෙලිනවා පමණක් නොව..... අරුන් පත්ව ඇත්තේ දෙන දෙයක් කා වෙන දේ බලා සිටිනා අමණයන් පිරිසික් බවටය.
උන්ට කළ හැකි එකම දේ ටිල්වින් නැති පාර්ලිමේන්තුවේ හිතේ හැටියට තුන් වේල කෑම පමණි. ඊට අමතරව කිනිතුල්ලා හා පොල්සම්බලා වැනි NPP ටයිකෝට් කාරයෝ... ජෙප්පන්ට ඇඳ නටනා බලි තොවිල් හා සජ්ජායනා රැඟීමට ගැයීමට උත්සාහ කරමින් සිටීම බලා සිටීමද.... මාර ලොල් සහගතය.
ගෝල්ෆේස් වල පෙන්නු සිපිරි වාහන සියල්ල.... ජෙප්පන්හා ටිල්වින්ගේ සුරතලුන් වන NPP කාරයන් ළඟ බව ඊයේ ආන්ඩු හිතවාදී යූ ටියුබ් කාරයෙක්ම ලෝකයට පෙන්වන ලද්දේය..... රටේ ප්‍රධානම ආහාරය වන බත්... මුන් සියල්ලන්ටම ජෝක් එකක් වී එයින් ආතල් ගනිමින් සිටිම්නේය. ඒ පාජාව ගැන මම වෙනම ලියන්නේය.
හිතවත් අනුර කුමාර සහෝදරයානනි. ඔබ තවම මේ රටේ විධායක ජනාධිපති නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් වල අවසන් ටෝක දෙන කතිකයා පමණි. හැකිතාක් ඉක්මනින් විධායක ජනාධිපතිධූරයට පිවිස එහි ගෞරවය අභිමානය හා වගකීම් ඉටුකිරීමට පියවර ගන්න. ඊට මේ රටේ ජනතාව ඔබට ජනවරමක් දී අවසානය.
වේදිකාවල ආතල් දිම සඳහා.... නිදහස් උළෙලේ කජු කෑ රිලවුන්.... රේන්ජ් රෝවර් සහෝදරයන්, දනහිස්සලා, බිමල්ලා, ධීවර උප ඇමතියා, දයාසාන්තයා, බුරම්පියා හා නැෂනල් සිකුරුටි ගැන ටියුෂන් දෙන ජෝකර්ලා සෙට් එක එවන්න.
ඉස්ධූතී.... නන්ඩ්‍රෙයි.... ටෑම්ක්ස් හොඳේ...
.
ඇත්ත කතාව මාතේ, බොරු කියන්න ඕන නෑ, මේ යකා ආණ්ඩුව නොකරන කාලේ හොඳ ගැම්මක් පෞරුෂයක් ජවයක් තිබුනා. දැන් නම් නිකම්ම නිකම් දෙකයි පණහේ ගොං බිජ්ජෙක් වගේ. ඒ මදිවට මොළේ කචල් වෙච්ච ඔල්මාදකාරයෝ ගෝඩක් තමයි පක්ෂය පුරාම සහ කව්න්සිලේ එකසිය පනහකට වැඩි මන්ත්‍රීවරුනුත් එකම ජාතියේ උන් තමයි.
ReplyDelete