.

.

Mar 30, 2024

උද්ධමනය අඩු වීම දැනෙන්නේ නෑ කියන්නේ ඇයි


 

උද්ධමනය අඩු වීම

දැනෙන්නේ නෑ කියන්නේ ඇයි

➖➖➖➖➖➖➖➖➖⭕➖


ඔන්නොහේ එක පාරක් මේ සැරේ ජෙප්පන්ටත් දීලා බලනවා..... උඹත් දි‍යන්... ඔයත් දෙන්න... මහත්තයත් දෙන්න... සේරූත් දෙන්න කියන උන්ගෙන්.... මම අහන්නේ ඇයි එහෙම දෙන්න ඕන කියලා....


එතකොට උන් කියන ප්‍රධානම දේ තමා.... බඩු මිළ වැඩි වෙච්චි එකට... රනිලා මොකුත් කරන්නේ නෑ... අපිට ආයෙත් 250 ට කොත්තුයි.. 15 ට බිත්තරෙයි... ඉස්සර තිබුන ගනන් වලට ලයිට් බිල්, වතුර බිල්, ගෑස් ඕනෙයි කියනෙක...


ඒක ඉතින් අනුර කුමාර, සජිත් තියා, දිලිත්, ධම්මික හෝ විජේදාස ආවත් කරන්න බෑ කිව්වම උන් කියන්නේ.... නෑ පුලුවන් කියලා...


එතකොට මම අහන්නේ.... එහෙම දෙනවා කියලා එකෙක්වත් කියලා තියෙනවද කියලා...


ඕන් එතකොට කියනවා.... අම්මපා.... එකෙක්වත් එහෙම කියන්නේ නෑ නේ ඕයි.... කියලා....


ඊට පස්සේ මම අහන්නේ.... ජෙප්පෝ නෙමේ පාඨලීලා පවා කියපු ඒවා මතකද කියලා...


▪️පාන් ගේන්න විල්බැරෝවේ සල්ලි ගෙනියන්න වෙනේක

▪️ඩොලර් එක 600 ට යනේක

▪️මාස 3 කින් බැංකු පද්දතියම කඩා වැටෙනක

▪️ආහාර හිඟයක් ඇති වෙන එක

▪️ඖෂධ නැතිව ඉස්පිරිතාල වැහෙනෙක

▪️ජොස්තරලා මිසීලා ඔක්කෝම රට රට වලට ගිහින්... බේත් ගන්න එකෙක් නැති වෙනේක

▪️සංචාරකයෙක් එහෙම රටකට එන්නේ නැතෙයි කියනෙක...

▪️IMF ලෝන් ලැබෙන්නේ නෑ කියනෙක


හැබයි මොකෑ වුනේ....?

මේ ඔක්කොම පට්ට පල් බොරු වුනා.... ඇත්තටම ඒක ඉබේ වුනේ නෑ.... 

රනිල් විසින්... ඒ සියල්ලම බොරු කළා....


උද්ධමනය අඩු වෙච්චි එක... 

ආර්ථික විජ්ජාවේ ABC වත් නොදන්න සාමාන්‍ය ජහමනයට  නොදැනෙන්නේ මේකයි....


රනිල් බාර ගත්තේ මැරෙන්න යන පිලිකා රෝගියෙක් කියලා හිතන්නකෝ...

පිළිකාව කියන්නේ ඔඩු දුවන අති භයානක එකක් නේ... 

ඩොක්ටර් රනිල්ටත් මේක එක පාරට නවත්තන්න බැරි වුනා... 

එයා ඒකට ඖෂධ දුන්න... පිළිකාව සහිත ශරීර කොටස් ඉවත් කළා... 

බෙහෙත් දුන්නා විතරක් නෙමේ.... 

බාල ඖෂධ ගෙනාපු සෙට්ටෙකම හිරෙත් දැම්මා...

දැන් පිළිකාව ඔඩු දුවනෙක නැවතිලා තියෙන්නේ....


ඒ කියන්නේ බඩු මිළ ... අර විල්බැරෝ අරන් ගිහින් බඩු ගේන්න වෙයි කිව්ව තරමට... බඩු මිළ වැඩි වෙන්නෙ නෑ... 

රුපියල  ඩොලර් එක ඉස්සරහා බාල්දු වෙන්නේ නෑ... 

හැබයි උද්ධමනය වැඩි උනා නම් බඩු මිළ තව තව වැඩි වෙලා... 

ඔක්කොම හිඟන්නෝ වෙනවා...


ඩොලර් එකේ බාල්දුවීම දරා ගන්න බැරි වෙච්චි... ලංකාවට ඩොලර් එවන්න එපා කියපු... අමු කුහක හඳුනා ... ඒක දරාගන්න බැරිව ප්‍රසිද්ධියේම කිව්වේ... මෙහෙම ඩොලර් එක බාල්දු වෙන්න ගියොත්... ඇමරිකාව ඇවිත් අපිට බෝම්බ දමවී කියලා....


හැබයි දැන් ඉතින් .... ඩොක්ටර් රනිල් ඉවත් කළ ශරීර කොටස් ලෙඩාගේ ඇඟේ නෑ... දැන් ලෙඩා නිට්ටාවටම සනීපද.... ඒක කියන්න බෑ.... 


ඒත්.... ඒ ඔඩු දුවනෙක නවත්තපු ඩොකා හරි නෑ කියලා.... දැන් තොපි ලෙඩාව උස්සගෙන යන්න යන්නේ පිළිකාව... දෙළුම් පොවලා... දේශීය වෙදකමෙන් සනීප කරන්නම් කියන තඹුත්තේගම ගොඩ වෙදෙක් ගාවට..... 


එයාලත් තොපි වගේම... GDP, IMF, BOP, BOT, FDI, උද්ධමනය, විදෙස් සංචිත, බැඳුම්කර, ගෙවුම් ශේෂය, ප්‍රාථමික ගිණුම, සවරින් බොන්ඩ් තියා.... ජේම්ස් බොන්ඩ්වත් දන්නේ නැති... අනුන් දෙන ජොකාත් ඇඳගෙන කටින් බතල හිටවගෙන යන උන්....


උන්ට පුලුවන්ද බං ආර්ථිකය ගොඩගන්න....

කෝ ඒකට වැඩපිලිවලක් ...

කොහේද එහෙම එකක් කියන්නේ...


මේක සජිත් හා අනික් වෙන්ට ජනපතිලටත් මෙසේම අදාලයි....


මේ ඔක්කොම ඇහුවත් උන් කියන්නේ...

ජෙප්පන්ටම තමයි දෙන්නේ..

තෝ පුලාන් දෙයක් කරපන්..... කියලා...


එතකොට මම කියන්නේ...


මම මක්කවත් කරන්න ඕන නෑ වාහේ... 

උන් ඇවිත්.... බටර් කෙල නැතිව හැමදාම කරයි කියලා...


විශේෂ -


හැබයි ඉතින් උද්ධමනය අඩු වෙලා තියෙද්දිත්, රුපියල ශක්තිමත් වෙලා තියෙද්දිත්... සමහර බඩු මිළ තවදුරටත් වැඩි වීම නම්.... ආන්ඩුවේ වැරද්දක්...


මේ ගැන හොයලා බලලා වැඩේ කරන්න ඕන වෙළඳ ඇමතියා.... ඒවා පැත්තක තියලා... නාමලක් පුබුදුවන්න සාටක පස්සේ දුවන එක ගැන... ඩොක්ටර් රනිල් විශේෂයෙන් හොයා බැලුවොත් නම් හොඳයි.


ඔය වැඩේ චාමර සම්පත්ට දුන්නා නම් සුපිරියටම කරයි.....

.

13 comments:

  1. අඩෝ මාතා, උද්ධමනය වැඩි වුණ කාලයේ පෞද්ගලික අංශයේ වැටුප් ගාස්තු සේවක වැටුප් ශ්‍රමික කුලී වගේ හැම දෙයක්ම වැඩි වුණා. දැන් ඒවා ආයේ අඩු කරන්න ලේසි වෙන්නේ නෑ කවුරුවත් වැඩි භවයට ගත්ත දේවල් අඩුකරනවාද?

    ඔන්න විකුණන්න බැරිව තියෙන expire වෙන්න කිට්ටුම දේවල් විශේෂයෙන්ම FMCG වගේ දේවල් නම් ඇතැම්විට තරමක් දුරට අඩුවට දෙන්න ඉඩ තියෙනවා නමුත් ඒකත් ඉතාම අවම ප්‍රමාණයක් මොකද කවුරුවත්ම විකුණන්න බැරි දේවල් හදන්නේ නෑනේ

    අනෙක වාහන ආනයනය වගේ අධික ලෙස විදේශ විනිමය වැයවන දේවල් සහ නිලධාරීන්ට සහ දේශපාලකයන්ට වාහන පර්මිට් වගේ දේවල් දුන්නොත් තව ඩොලර් බිලියන දෙක හමාරකට තුනහමාරක විතර කෙලවෙන නිසා සංචිත වලට කෙළවී ඩොලරය ආපහු ඉහල යන්නට වීම නොවැළැක්විය හැකි වේවි

    දේශපාලන ව්‍යාපාර වල තත්ත්වය ගත්තාම ඔය ස්ටේජ් වල මොන බයිල ගැහුවත් උඩින් හතුරු යටින් මිතුරු ලංකාවේ දේශපාලන පක්ෂ මිතුරු කැල කියන හොර හවුලේ වැඩකිඩ ගත්තාම රනිල් ජවිපේ අනුර එක්ක ඉතාම සමීපව 2010 ඉදලම වැඩ කරානේ. දැනටත් ටිරාන්ලා මලික්ලා සීන් එකේ ඉන්නේ දැන් රනිල් හදන්නේ කොහොම හරි අනුර ශේප් එකේ තියාගෙන ඊලග ජනපතිවරණයෙන් පස්සේ ගැටලුවක් නැතුව ඉන්න. අනුරට රතු අලි පැටියා කිව්වේ නිකම් නොවේ. 😅 අමාරුකාල වලදී යාලුවෝ යාලුවොන්ට උදවි කරනවා. මහින්ද රනිල් සහ අනුර යනු ඉතා හොද මිතුරන්. අනුර පස්සේ සෙට්වුනේ. 😅 වීරවංසලත් එහෙමයි බොරුවට රනිල්ට බැන්නට.

    ReplyDelete
  2. දාසය වැනි වතාවේදී IMF උපදෙස් අනුව එවකට ලංකාවේ පැවති යහපාලන රජය සමයේ 2017 දී විදෙස් විනිමය පනත සංශෝධනය නිසා ලංකාවේ විදෙස් විනිමය උපයන අය තම විදෙස් විනිමය අනිවාර්යයෙන්ම ලංකාවට ගෙන ඒමට පැවති නීති සෑහෙන්න ලිහිල්කලා.

    එතනදී IMF කියන්නෙ විදෙස් විනිමය නිදහසේ පාවිය යුතුයි කියලා. ඒකෙන් වුනේ ලංකාවේ විදෙස් විනිමය උපයන අය ඒවා පිටරට තැන්පත් කරනවා. ඒකත් ප්‍රධාන හේතුවක් ලංකාවේ විදෙස් විනිමය අර්බුදය ඇතිවෙන්න.

    නමුත් ඉන්දියාව ගත්තොත් එරට තවමත් තදටම නීතිය තියෙනවා තම රටේ විදෙස් විනිමය උපයන අය තම විදෙස් විනිමය මාස 3ක් තුල එරටට ගෙන්විය යුතුයි. එසේ නොකොලොත් එය අපරාධමය වරදක් කියලා.

    මේක දැන්වත් නැවතත් ක්‍රියාත්මක කරන්න ඕනේ, රනිල් ඒක ගැන එච්චරම උනන්දුවක් පෙන්වන්නේ නෑ නේ නේද?

    ReplyDelete
  3. රා නීල විකුම්සිහයන් සමග මෙලෝ වැඩකට නැති මෙලෝ වැඩක් බැරි මාලිමාවේ කයියනායක සහෝදරවරුත් නාමෝලා ඇතුලු පොහොට්ටුවේ ජාතිවාදී දේශපාලනය කරන උනුත් මන්ද මානසික ජෝකර් කෙනෙකු වන සජිත් ප්‍රේමදාස නමැති මල් හොල්මනත් සසඳන්ට හදන මාතලන් ඒ ගැන මගෙන් කවි පද මාලාවක් අහගන්ටකෝ;



    බස්සා නිදිමරයි කිසි හොරකමක් බැරි

    බල්ලා සෙමින් නොගියත් කිසි වැඩක් බැරි

    ඌරා මඩ හෑරු මුත් වැපුරුමක් බැරි

    සිවලා සිංහ වෙස් ගත්තද නාද බැරි



    ගඟ දිය බොරවුණොත් කූනිස්සන්ටයි වාසී

    ඒ දිය මඩ වුණත් මුදලාලිටමයි වාසී

    නිල තල වැඩිවුනත් මහතුන්ටයි වාසී

    කුලමල නැති වෙන්ට අවුසදයකි කාසී



    පිහිල්ලේ දියට කළයක් නැමූවත්

    නොපිරේ කලය හැට පැයකින් බැලූවත්

    ගුණ නැති එකා බණ දහමින් වෙලූවත්

    උගේ ගතිය ඌ නාරී මැරූවත්

    ReplyDelete
    Replies
    1. @ නිදී,

      අපුරු කවි පෙලක්, ඇත්තටම ලංකාවේ ආර්ථික අර්බුදයට පසුබිම් වුණ වගේම සමස්ත ලෝකය පුරා අවුල් වියවුල් වලට මූල් බිජුවට වන

      " ලේ මාපිල් නැකතින් උපන් දේශපාලන නිවුන් සොයුරන්..."

      අට පත එකට සිදවු මේ වැකිය තුල සමස්ත දේශපාලන ලොවම කුඩා දීදාලයකට පෙරා ඇත.

      Delete
    2. දෙවෙනි 'නිදිගෙ පංච තන්තරේ' නමින් ලියන්නාණෙනි,
      රසවත් comment එකක් ඔබ විසින් සපයා තිබීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි!

      Delete
    3. අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් වගේ. ඇත්තටම හරි නිදී කවුද කියල හොයාගන්න අමාරුයි. කවුරු වුණත් නිදී ඔබේ කවි පද මාලාව ලස්සනට තියෙනව ඔබේ දිදාල කියමන මා වන් සුහුඹුල් කවියන් පබඳින කව් පද විළියෙන් රතු කරවන බැව් නොකිව මනාය නිදී (both real and fake).

      Delete
  4. ඔය ප්‍රධාන පක්‍ෂ වල ඔක්කොම හොරු කියන එක, හොරු අල්ලන්න අපට බලය දෙන්න කියන එක වගේම 225 ම එපා කියල කියන්නෙත් රැල්ලට කියන මෝඩම කතාවක්. කිසිම තාර්කික පදනමක් නෑ.

    ඒ වගේම දේශපාලනය අපට වැඩක් නෑ අපි හම්බ කරොත් අපි කනව වගේ මෝඩ කතා කියන අය තමයි ඒව කියන්නෙ..

    අනිවාර්‍යෙන් නීතිය අංක එක. නීතිය හරියට හදාගත්ත නම් හැමෝටම සමාන අවස්ථාවන් ලැබෙන අතර තරගකාරීත්වය අනුව දක්ෂ අයට හැම ක්ෂේත්‍රයකම තරගය තුලින් වඩාත්ම දක්ෂ අයට ඉදිරියට ඉහලට යන්න ඉඩ හසර විවෘත කර ආතතිය සංග්‍රහ වගේ නෑයන්ට පන්දමාලට හෙංචයියන්ට සලකන ක්‍රම ඉවත්කර විවෘත තරගකාරීත්වය යටතේ හැමෝටම අවස්ථාව ලබා දෙනවා නම් අනිවාර්යයෙන්ම අපි උපන් රට ලංකාව වගේ රටවල් ආර්ථික වශයෙන් වගේම බොහෝ අංශ වලින් දියුනු වෙනවා, අපටත් තවවසර තිස් පහකින් විතර ආපහු ලංකාවට පැමිණ රිටයමන්ට් එක ගත සැපට සතුටින් කරන්න පුළුවන් වේවි.

    ReplyDelete
  5. අඩුවෙලාලු උද්ධමනය
    හයියක් විය රුපියලටද
    Dr රනිල්ගේ වැඩක්ලු
    බුදිය ගෙනද මහ බැංකුව

    ReplyDelete
  6. 69 ලක්ශයේ ජනයාගේ ගෞරවය ආරක්ෂාකර දුන් අති උතුම් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පොහොට්ටුව ජන්දදායකයන් ඇතුළු සියළුම රට වැසියන්ගේ උපහාර

    ReplyDelete
  7. අද දින උපන්දිනය සමරන මේ බ්ලොග් එකේ සහ මේකෙන් පිටතත් ඉන්නා සියලුම ජාතිමාමක බයි වහල්රැලට, ඒ වගේම ප්‍රේමදාස මැන්ටලේට සහ උගේ සජබ පිස්සෝ රැලට පූප දී නසින සජබ මී වෘෂභ රැලට වගේම මාලිමාවට රෙදි නැතුව අමු හෙලුවෙන් කඩේ යන ජේවීපී NPP දාර බයි වහල් පොල් බූරු හැත්තටත් සුබ උපන්දිනයක් වේවා !!!

    අප්‍රේල් මාසය ආරම්භ වන දවසේ ඔබ සැමට සුබම සුබ උපන්දිනයක් වේවා දාර බයියනි. 😋

    ReplyDelete
  8. යකෝ ළමාතන් Typical ජේවීපී කාරයෙක් කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා ඇහුවොත් , මම කියන්නේ ...අර ඉන්නවානේ මොනවාහරි අබ්බගෙකට ඉපදිලා අම්මා විසින්ම බෙල්ල මිරිකලා වැසිකිලි වලකට විසිකරන , නැත්නම් කුණු බක්කියකට දාලා යන දරුවො...උන් කරුමෙකට හරි වාසනාවට හරි මැරෙන්නෙ නැතුව බේරිලා ජීවත් වෙලා ලොකු මහත් උන්නොත් අන්න ඌ අයිඩියල් ජෙප්පෙක් වෙනවා 😭
    .....උන්ට පට්ට ඇරියස් එකක් සමාජයත් එක්ක තියෙන්නේ , අනුකම්පා කරන්නත් ඕන පුනුරුත්ථාපනය කරන්නත් ඕන , බැරිම සෙට් එකකුත් ඉන්නවා .....එක එක විකාර වෙච්චි උන් ඔය සංවිධානෙ වටේ කාලෙන් කාලෙට එකතුවීමකුත් වෙනවා....බස් එකට නගින බහින මගීන් වගේ තමයි...ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි දිගට යනවා 😂

    ReplyDelete
  9. පුංචි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. 2017 ඔය අයවැය ප්‍රාථමික අගය ධන වෙන්නෙ ඒ අවුරුද්ද පුරාම ගෙවන්න තිබුණ රුපියල් බිලියන 395ක් නොගෙව ඉඳල. මංගල කරපු ජිල්මාට් එකක්. ඒක ගෙව්ව නම් 2017 දීත් අනිවාර්යයෙන්ම අය වැය හිඟය ඍණ වෙනවා.

    ReplyDelete
  10. ලංකාවේ ඉදිරි අනාගතය ගැන පුරෝකථනය කරන්නට ජනතා විමුක්ති පෙරමුණ මූලික වූ ජාතික ජන බලවේගයේ සිහින දේශය පොරොන්දු දේශය සහ ඔවුන්ගේ යුතෝපියා මනෝරාජ්යය වන කියුබාවේ තත්ත්වය පිළිබඳව මාතලන්ට පෝස්ටුවක් දාන්න පුළුවන්ද?

    මොකද ජාත්‍යන්තර මාධ්‍ය වල තියෙන විදියට මේ වෙනකොට කියුබාවෙ

    තෙල් නැත
    පෝලිමේ ඉඳලාවත් නැත
    දිනකට පැය 16 ක් විඳුලිය නැත
    ආහාර සලාකයට පමණක් ඇත

    ඒ මිනිස්සුන්ට ජීවිතකාලයේම
    යන්න එන්න හරි හමන් වාහනයක් තිබ්බේ නැත

    හරි හමන් පාරක් පාසලක් රෝහලක් තිබ්බේ නැත

    අපේ අම්පාර රෝහල උන්ගේ හොදම රෝහලට වඩා බොහෝ ඉහලින් ඇත

    1980 දසකය වන විට ඩොලර් බිලියන 35.20 ක් රුසියාවට ණයයි

    පැරිස් එකමුතුවට බිලියන 11.10 ක් ණයය

    (ඒ කාලයේ මුළු මහවැලි ව්‍යාපාරයේ වියදම $ බිලියන 2 කි)

    ගොඩ නොයන බංකොලොත් රටකින් අයකරගත නොහැකි නිසා
    රුසියාව (පූටින්) එම නයෙන් බිලියන 32 ක් කපා හැරීය

    පැරිස් එකමුතුව බිලියන 8.50 ක් කපා හැරිය

    තව රුසියාවෙන් 2006 -19 කාලයේ ගත් ඩො බිලියන 2.30 ක් ඇත

    කපා හැරීම් වලින් පසුව පැරිස් එකමුතුවට හා රුසියාවට ගෙවිය යුතු නය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 8.10 කි

    තව නොගෙවා නඩු වලට මුහුන දී ඇති වානිජ ණයද ඇත

    මේ සියල්ල සමාජවාදයේ ප්‍රතිපලයි

    අපේ උන්දෙලා ලංකාවෙත් 1950-56 සහ 1956-70 සහ 70-77 සමාජවාදී හෝ සමාජ සුබසාධනවාදී ප්‍රතිපත්තිද ඊළගට පැවති බොරු (බාගෙට) විවෘත
    1977-2019 සහ 2019-2024 දේශීය ආරක්ශනවාදී විවෘත ආර්ථික
    ප්‍රතිපත්තිද නිසා අහිමි කරගත් ආයෝජන හා නැති කරගත් ආදායම් ඩො බිලියන 500 කට වැඩියි

    කොටි සහ ජවිපෙ ක්‍රියාකාරකම් නිසා විනාශ වූ - හැරගිය - නොපැමිනි - අවස්ථා අහිමි වූ පාඩුව ඇ ඩො බිලියන 250 කට වැඩියි....

    ඒ නිදහස් අධ්‍යාපනය මහපොල පාසල් පොත් නිළ ඇදුම් හා නිදහස් සෞක්‍ය රජයේ වියදමින් බදු ආදායම සහ මුදල් අච්චු ගසා අරමුදල් සපයන ගමන්. දිළිදු සහනද තවමත් සෑහෙන ලබා දේ

    ඒත් අපි බිලියන 80 ක නයක් සමග කියුබාවට සාපේක්ශව ගතහොත් ඉතා සුවපහසු ජීවිත ගෙවයි
    80% ක් ඉතා හොඳ තත්වයේ පාරවල් කාපට් කර අධිවේගී මාර්ග කීපයක්ද තනා රජය මගින් නිවාස ලක්ශ 10 කට වඩා ලබා දී ඇත

    ලංකාවෙන් බාගයක ජනගහනයක් ඉන්න කියුබාව ඇ ඩො බිලියන 50 ක ණයකින් රෝහලක් පාරක් තියා හරි හමන් නිවාස සංකීර්නයක් වත් සාදා නැත...

    එන්න අපි කියුබාවක් හදමු
    සතුටින් පෝලිමේ යමු !

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න