.

.

Mar 19, 2024

ලීක් වීම හෙවත් පෙම්වතුන් සිනා සේ... ඔහු කඳුළු සලන්නේ...


 

ලීක් වීම හෙවත්

පෙම්වතුන් සිනා සේ...

ඔහු කඳුළු සලන්නේ...

➖➖➖➖➖➖➖❤️▪️


සුරංගනා ලෝකයෙන් පෘතුවියට පැමිණි අනංගයා ලංකාවේ සිටී බව බොහෝ උන් දැනගත්තේ ලීක් වූ වීඩියෝ බුකියේ උන් බෙදාහදාගනිමින් සිටිනා අතරතුර.... රැවුල කොන්ඩය වවාගත් තරුණයකු පොලිස් ජීප්පුවක් තුල සිටිනවා දැක්මෙනෙක්බිතිය. ඔහු ප්‍රේමරාජ් නම් විය... 


මේ ඒ කතාවයි....


කිසියම් තරුණයකු ලවර්ස් ලේන් එකේ පෙම්වතුන්ගේ ප්‍රේමාලිංගන...  උත්තල දර්පණය සහිත පෝටබල් වයිපයි රිමෝට් කාච මත රහසින් තැන්පත් කරගනිමින් සිටින බව ලවර්ස් ලේන් පොලිසියට පැමිණිලි ලැබී තිබින....


දිනක් පොලීසියට හොරෙන් තම රාජකාරී මොහොතේ ලවර්ස් ලේන් එකේ ඇවිද ගිය කන්‍යාවියක් වූ පොලිස් සැරයන්වරියක් හදිසියේ ගැබ් ගැනීමේ හේතුවෙන්.... පොලිසියේ කිසිවකුටත් ලවර්ස් ලේන් එක තුල සැරිසැරීම නීතියෙන් තහනම් කොට තිබින. ඉන් පසු එය අධි ආරක්ෂිත කලාපයක් විය...


මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුලුල් පරීක්ෂණයක් සිඳු කළ අතර... රස පරීක්ෂණ වාර්තා තුලින් හෙලි වූයේ..... මෙම සැරයන්වරිය ගැබ්ගෙන ඇතත්.... ඇය තවමත් කන්‍යාවක්ම වන බවයි. 


මේ පිළිබඳ වැඩි දුරටත් සොයා බැලීම සඳහා විශ්‍රාමලත් වීසුරුවන්ගෙන් සමන්විත කොමිසන් සභා තුනක් පත් කළ අතර.... එහිදී කරණ ලද පාපෝච්චාරණය හමුවේ.... කොමිසන් සභා නියෝජණය කල විශ්‍රාම ලත් විනිසුරුවරියන් හා නිලධාරිනියන් කීප දෙනෙකුද ගැබ් ගැනීමට ලක් විය.


එහිදි පොලිස් සැරයන්වරිය ප්‍රකාෂ කල කටඋත්තර අතර... නාගයන්, විශාල පිඹුරන් මෙන්ම කොස් ඇට මීයන් ගැනත්.... උන් විවිධාකාරයේ ගුහ තුල තම රැඟුමන් දක්වමින් සිටි අයුරුත්...., ගැබ්ගැන්මට විශේෂම හේතුව වන්නට ඇත්තේ..... විශාල ඇනකොන්ඩාවෙක් රන්ජන් රාමණ යකාගේ ඉරියව්ව ක්‍රීඩා කිරීමට උත්සාහ කරමින් සිටි දර්ශනය විය හැකි බවත්‍ය...


මේ අතරේ ප්‍රේමරාජ් මහතා තමන්ට පැවරි ඇති රාජකාරිය ඉටු කිරීමට යාමේදී මහත් ගැටලුවකට මුහුණ දී සිටියේය.... ඒ ඔහුගේ හී සැර වැදී නැති උන් පවා.... එකාට දහ දෙනෙකු හා සෙට් වී සිටීම තුලය.... මොවුන් අතරින් නියම පෙම්වතුන් තෙර්‍රීමට නම් කළ යුතු එකම දෙය වන.... මොවුන් සෑම දිනම පැමිණෙන්නේ එකම පෙම්වතෙකු හෝ පෙම්වතියක සමඟ පමණක්මද යන්න තහවුරු කරගැන්ම සඳහා..... ආදරයේ කාචයන් ලවර්ස් ලේන් හි පඳුරු තුළ සැඟවී සිටිම ආරම්බ විය. 


පක්ෂ පාට, ජති කුල ආගම්, බයි ටොයි කයි, එක මිටි දර මිටි බේදවලින් තොරව, බුකි ප්‍රජාව සහජීවනයෙන් බෙදාහදාගනිමින් හුන් ලීක් එකක් ගැන දේශබන්දු තෙන්නකෝන් මහතාට මෙන්ම ටිරාන් අලස් මහතාටද ගෙන ආවේ විශාල අපකීර්තියකි,.... 


රට බංකොලොත් වීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්බ කොට පූර්ණ ආරක්ෂාව යටතේ පවත්වාගෙන ගිය ලවර්ස් ලේන් හී මානව හිමිකම් උල්ලංගනය වීම හේතුවෙන් පෙරටුගාමීන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්බ කරන ලදි,


ජවිපේ හරිනි අමරසූරිය සඕදරිය ලන්ඩනයේ මේ පිළිබඳ විශේෂ දේශනයක් කිරීමට පිටව ගිය අතර, ආන්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා විසින් දිවුරා පොරොන්දු දෙන ලදි. (කතානායකවරයාගේ විශ්වාසය තහවුරු වීමෙන් අනතුරුව එම විශ්වාසභංගය විවාදයට ගැන්ම සඳහා ඊයේ ආන්ඩු පක්ෂය විසින් දින තුනක් ලබා දෙන ලදි.)


එහෙත් අත් අඩංගුවට පත් ප්‍රේමරාජ් කියා සිටියේ.... තම ජංගම දුරකතනය අළුත්වැඩියා කිරීමට දුන් ආයතනයෙන් මේවා ලීක් වන්නට ඇති බවත්..., මෙය ලීක් කිරීමේ පරමාර්තයෙන් සිඳු නොකල කටයුත්තක් බවත්...., තම රැකියාවේ පහසුව සඳහා නවීන තාක්ෂණය යොදා ගැන්ම පමණක්ම බවත්.... වැලටයින් වැනි නාකී හම්පඩයකුට මේවා ගැන වැටහීමක් නොමැති බවත්‍ය.


කෙසේ හෝ මේ අතර පිටකොටුව පළමු හරස් වීදිය.... මේ වන විට ඉතා කුඩා කැමරා සොයන පාරිභෝගිකයින්ගෙන් පිරී ඇති බවත්..., හතර වන ශ්‍රේණියේ පෙළ පොතට නිවැරදිව හැමිනෙන්නේ කෙසේද යන පාඩම ඇතුලත් කර ඇති බවත්..., එහිදී ලිංගික එක්වීමකට පෙර කොන්ඩම් පැළඳීමටත් වඩා.... ප්‍රේමයේ උත්තල කාච පිළිබඳ වඩා විමසිලිමත් විය යුතු බවත් සඳහන් බවට වාර්තා වේ.

.

.


#මලක්ගසාලියූකවක්

.

17 comments:

  1. හලෝ මාතලන්, ගොඩ දවසකින් කොමෙන්ට් එකක් දාන්නේ.

    ඉතිං මාතෙ මොකද කරේ මේ ටිකේ? පහුගිය සතියෙම පායන නිසා ඇඟපත කූල් කරගන්න කියපු දවස් ටික නේද?

    අද නං හැලපෙ මම ඔපිස්‌ ගියේ නෑ. අද බෑ හිතුනා යන්න.

    ඊට පස්සේ මම උදේ ගිහිං අපේ පොට් එකෙන් බෝතලයක් අරං අවා. දැන් නං භාගයක් විතර දාලා ඉන්නේ. ඔන්න මම පොටෝ එකකුත් ගත්තා මාතලන්ට හැලපට බලාගන්න එහෙම.

    තව හවස් වෙනකොට ඉතිරි ටිකත් ගහලා බත් ඩිංගක් කාලා හාන්සි වෙන්න ඕනි.

    පොටෝ එක මෙතනින්

    ReplyDelete
  2. විජේවීර එක්ක ගත්තම අනුර කුමාරයා වෙළෙන්දෙකි. විකුනන් කෑම දනී. යුඇන්පියේ මිනීමරු මන්ත්‍රීවරයෙක් නෑයෙකි. ඌ හංසයෙකි. පුංචි අම්මා කසාද බැඳ තමන්ගේ කසාද ගෑනි ඒලෙව්වේ. වෙළදාම දනී. කිසිදා පොතක් ලියා නැත. රනිල් වෙනුවෙන් පෙත්සම් ගසයි. කිසිදු විශයයන් දන්නේ නැත. මුදලාලි කෙනෙකි. එක එකාට කඩේ යයි. අනිත් උන්වද කඩේ යවයි. රට ගැන සිතන්නේ නැත. තමන් ගැන සිතයි. සාමාන්‍ය ජනතාවට ප්‍රිය මනාප නැත. පිස්සුවෙන් කියවයි. වයසකය. කට ගඳය. ටිලවින් ද මුගේම වර්ගයේය. විජේවීරගේ අහලකින් තැබීමටවත් නොවටී.

    මුන් රැළට උන්ගේ නායකයා යූඇන්පියෙන් හමුවී ඇත. අනුර කුමාරයා විජේවීරගේ පක්ෂයට නායකකම දීමට තබා වැසිකිලි සේදීමටවත් සුදුසු නොවේ. ලංකාවේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන් 62000 ක් මැරූ යූඇන්පි ජේවීපී නැවත වරක් ලංකාවේ කොල්ලන්වයි අපේ දරුවන් ටිකයි නැවත පෝරකයට දැන්කීමට පෙර මුන්ගේ කන්වල ඇන ගසා ටයර් දමා පිළිස්සීමට ලංකාවේ සියළුම ජනතාව එක්විය යුතු කාලයයි.

    ReplyDelete
  3. මාතේ

    බුකියේ කෙල් මෙන්ඩිස් ලියපු මේ කතාව ඇත්ත ද?

    //පොඩි කතාවක්..
    එනවා මන් විශේෂ රාජකාරි වෙනුවෙන් මාතර එස්.ටි.එෆ් එළියකන්දේ පාසලේ පිහිටවපු කදවුරට කෙටි කාලයකට..
    ඒ දකුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් කැන්ගරු අදිකරණ පිහිටවලා හිතු සේ මිණි මරණ කාලේ..
    නිතියේ ආදිපත්‍යක් නැහැ ..පොලිසිය අකර්මණ්‍යයි..පිහිට එස්.ටි.එෆ් සහ හමුදා විතරයි .එහෙන් උතුරු නැගෙනහිර කොටි කේස්..
    මම ඕ.අයි.සි අපරාධ බාරව..කෑම්ප් ඕ.සි.. සිල්වා ඔහු මගේම පාසලේ ආදි ශිශ්‍ය ...
    මට බාර උනේ මුලු මාතර ඉදන් තංගල්ල දක්වා ලීඩ් කරපු ඩී.ජේ වි නායකයා අත් අඩංගුවට ගන්න...මරන්න නෙවෙයි ...
    මගේ ජොබ් එක රාත්‍රි රාජකාරි ..ලෑන්ඩ් රෝවර් දෙකක් එක්ක 12 ක ටීම් එකක් මගේ...
    කොහොමත් මම ආතල් ගන්න පොරක්..
    ඉස්සෙලාම මට අයිති මුලු ඒරියා එකම කවර් කලා..ඒ වෙහිකල් පැට්‍රොල් විතරක් නෙවෙයි ෆුට් පැට්ට්‍රොල් වලින්..
    ලොක්කා ගෙ පර්මිෆන් පැය 24 පුරා නිදහස් මෙහෙයුම් පලාතේ සාමය...
    කතරගම ඕ.අයි.සී මගේ බොක්ක ඒ කාලේ..
    හිටපු කොල්ලො ගොඩක් මන් එක්ක අක්කරයිපත්තු හිටපු උන් නැගෙනහිර ...
    මන් ඇහැව්වා යමුද කතරගම කියලා ...
    ආයි එකින් උන් ඔක්කොම ..
    නීති විරොදි ඉතින් ඒරියා එකින් පිට යාම.
    බණ්ඩාර රියදුරු ඌ සුපිරි ඉතින් ..
    අනිත් රියදුරු ගාමිණී ...බුලට් දෙකක් ඉන්නේ ..
    කෙලින්ම හයි ස්පිඩ් කතරගම ගියා ..
    ඕ.අයි.සි හමුවෙලා කතා කරලා මහ පාන්දර එකට මන් හිතන්නේ අපි කිරි වෙහෙර වැන්දා..
    කෝවිල නම් වහලා. නමුත් ගිහින් එතනත් නමස්කාර කරලා පඩුරු ගැට ගහලා ඇවිත් කතරගම ඕ.අයි.සි ගෙ ප්ලෙස් එකේ කෑම කෑවා..ඒ වෙනකොට අපි ඔක්කොටම කෑම රෙඩි ඉතින් ...
    අනිත් පැත්තට එන්න ඕන කඩාගෙන මාතර ...
    රියදුරු දෙන්නම මාතලිලා..සුපිරි ස්පිඩ් පොරවල්.
    පාර ඝන කලුවරේ ..මොකො ඩි.ජේ.වි කෙලලා ලයිට් වලට ...
    ඩ්‍රැගන් ටෝච් තියෙනවා අපිට ..
    හයි පවර් ලයිට් ..වාහන දෙකෙම ඔන් කලා ෆික්ස් කරපු ටෝච්..ඇරලා එන්නෙ කතරගම ඉදන් .එන ගමන් රේඩියෝ මැසෙජ් එහෙකින් මොරයාය එස්.ටි.එෆ් කෑම්ප් එකට කතා කලා..
    ඕ.සි කිව්වා වරෙන් මෙන්ඩා කියලා ...
    යන ගමන්නෙ ඉතින් ...ඒකත් පාස් කලා..
    කොල්ලො ටික වාහනේ තියලා පොඩි ශොට් එකක් ගැහැවා මන්...
    ( අම්මට සිරි වෙනවා නම කියන්නේ නැහැ දැන් ..පස්සේ ලියන්න ඕන ගොඩක් අය දන්න දේ ඒ කාලේ හිටපු ..)
    යන්න ඉස්සෙල්ලා කිව්වා බලපන් ලොකු පොරක් අපිට මාට්ටු කියලා ...
    ගිහින් බැලුවා ඩයල් එක..මන් ආපහු මාතර බලා වේග ගමනේ.. මොකො උදේට අයි.බි එකේ රිපොර්ට් ගහන්න ඕන...
    ඔන්න පහු කරනවා දික්වැල්ල...
    වාහන දෙකම ආපු ස්පිඩ් බ්‍රේක් කලේ පාර අයිනෙ ගෙදරක මිනිසුන් ගොඩක් මහ පාන්දර ...
    අඩනවා ඔක්කොම ..
    බැලින්නම් ඔහු පාසල් ගුරුවරයෙක් ..
    පක්ශය නම් ශ්‍රිලනිප ...නමුත් ඔහු ඩී.ජේ.වි එකේ කැලැ නීතියට එකග නොවි ගෙදර ඔහුගේ දියණිය වැඩිවියට පත් වීම වෙනුවෙන් උත්සවයක් තියෙලා...
    මළ සිරුර ගේ මැද්දෙ රෙද්දකින් වහලා..
    පොලිසියට කතා කරන්න සම්බන්ධතා නැහැ ..
    මන් වහාම මගේ මිත්‍ර දික්වැල්ලේ ඕ.අයි.සි ට
    රේඩියෝ මැසෙජ් එකක් දුන්නා එන්න කියලා ..
    මළ සිරුර පරික්ශා කලාම රිපිටර් ගන් එහෙකින් හිසටම වෙඩි තියලා..අර දියනිය සිහි නැහැ ..මගේ අනිත් වාහනයෙන් කෙලින්ම මාතර හොස්පිටල් යැව්වා දියණිය එක්ක මව..//

    ReplyDelete
    Replies
    1. //
      අපරාධය කාලය අපි ලගාවෙන්න පැය බාගයක්...
      මුලු දකුණේම ඒරියා දන්න මන් ඒ කියන්නේ මාතර ඉදන් කතරගම මම කල්පනා කලේ මේක දැන් හොයන්න බැහැ ..
      මූලික ආරක්ෂාව ඔවුන් ගේ මළ ගෙදර වෙනුවෙන් දුන්නා...මොකො මිණි උස්සන්න බැහැ කැලැ නිතිය අනුව ....
      කෙසේ හෝ අපරාධ කරු සෙවිම මගේ උරහිස මත...
      ඔහුගේ නික් නේම් එක ගෝරිං ...හිටපු මංකොල්ලකෑම් මිණිමැරිම් කල වෝන්ටඩ් අයි.ආර්.සි ලිස්ට් ..පසුව ඔහු ජවිපෙ මිලිටරි යුනිට් එක වෙන ඩී.ජේ.වි වෙනුවෙන් වැඩ..
      කොට්ටෙගොඩ විජේවිර ගේ ගමෙ ඔහු..
      ක්ශනික මෙහෙයුමක් කලා..ඔහුගේ මැනුවල් හැදුන්ම්පත් කොපියක් ලැබුනේ ඔප්ස් කම්බයින් එකින්...
      දෙමළ ෆිල්ම් එකක් ඊලගට ..
      මොකො අපි ලැන්ඩ් රෝවර් දෙකම යන්නෙ ස්ලො.
      දැක්කා කෝට්ටෙගොඩ මාලු මාර්කට් එක ලග අපි දැකලා එකෙක් දුවනවා ..මේන් රෝඩ් අපි හිටියේ .
      මාත් එක්ක සාජන් කොබ්බැ එක්ක සාජන් ගුණේ එක්ක හතරක් මූ පස්සේ එලෙව්වා ..
      වෙඩි තැබිම් තහනම් ..මේ උතුරේ නෙවෙයි නෙ..
      ඕන කලේ ඇරෙස්ට් කරන්න ..
      මොන...ඔක්කොම පැල්පත්...
      මූ දුවන්නෙ කාල් ලුවිස් වගේ..උගේ ගමනෙ ..
      ඇරියේ නැහැ අපිත් ...
      පැල්පත් අස්සෙන් අපිත් ඌ එලවනවා..මිනිසුන් හිතන්නේ ෆිල්ම් එකක් කියලා ඔක්කොම කටවල් ඇරන් බලන්..
      කෝට්ටෙගොඩ තියෙන්නේ මුහුදු මට්ටමින් ටිකක් උඩ...
      මීටර් විස්සක් අල්ලන්න ඌ..ක්ශනිකව මූ පැන්නා මුහුදුට..එ මීටර් පහලොවක් පොඩි කන්දෙන් ...
      පීනලා යනවා ආතල් එකේ...
      බලන් හිටිය විතරයි ඔක්කොම ඉතින් ..
      මාත් සිගරැට් එකක් පත්තු කරන් කොල්ලො.ඔක්කොටම ගෝල්ඩ් ලීෆ් පැකට් දීලා බීපන් අපි පස්සේ බලමු කිව්වා ..

      මම නිවාඩු ගියා . මන් වෙනුවෙන් ඔප්ස් එක කලේ මගේ බොක්කක්..පසු කලෙක කොටි බෝම්බයක් නිසා ඔහුත් යන්න ගියා ..නිවාඩු ගිහින් ආවට පස්සේ දැන ගන්න ලැබුනා ඔප්ස් කම්බයින් එකින් ඩිෆෙන්ස් මිනිස්ටර් රන්ජන් ස්පෙශල් පර්මිශන් එකක් මගින් එස්.ටි.එෆ් එකට අවසර දීලා කියලා මෙහෙයුම් සදහා පොලිස් සාමාන්‍ය යුනිෆොම් අදින්න...

      කෙටියෙන් පස්සේ පොලිස් යුනිෆොම් පිට මගේ ටීම් එක එක්ක යනකොට දැක්කා එකෙක් පාර අයිනේ කඩේක සිගරැට් එකක් ගහනවා..
      ක්ශනිකව ඔබ්සර්ව් කලා මේකා තමයි පොර කියලා ...ඌට හිතන්න ඉඩක් නැහැ එවලෙම ඇරෙස්ට් ...ප්‍රශ්න කිරිම නීතිය අනුව අපිට අයිති නැහැ ..කෙලින්ම දික්වැල්ලේ පොලිසියට බාර දුන්නා ...
      මන් මහින්ද රාජපක්ෂ ලෙජන්ඩ් එක ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් වෙලා ඉන්නකොට හමු උනේ දික්වැල්ලේ පොලිස් ස්තානය තුල ..
      මීට ඉස්සෙල්ලා ලියලා තියෙනවා ඔහුගේ පලමු හමු වීම..මම ගියේ ආර්.අයි.බි එකේ රිපොර්ට් දාලා පොලිස් බී රිපොර්ට් බලන්න ...
      මාර වැඩේ මහින්ද ලොක්කා ආවා කියහන්කෝ ...
      පස්සේ පොලිසිය කිව්වා චෝදනා ගොණු කරලා උසාවි දානවා නමුත් ඩිටෙන්ශන් අනුව ගාල්ලේ බූස්සට අරියි කියලා ..
      මහින්ද ලොක්කා ඇහැව්වෙ
      මල්ලි කොහෙද තාත්තා ...
      මන් කිව්වා බලපිටිය සර් කියලා ..
      පිටට තට්ටුවක් දාලා කිව්වා උබ මල්ලි දකුණේ කොල්ලෙක්නෙ ආදරෙයි කියලා ...
      බොක්කටම වැදුනා ඉතින් ...
      ( නීති ගරුක රාජකාරි මගේ..නැගෙනහිර යුද්ධය වෙනස්..එසේම එදා දකුණේ ජවිපෙ පොලිටික්ස් වෙනස් . අනික ගන්දර කියන්නේ මගේ නෑයන්.ජොබ් එකේ රෙස්පෙක්ට් සහ නීතිය අකුරටම කලා )//

      මේක ඇත්ත කතාවක්ද?

      Delete
    2. //පක්ශය නම් ශ්‍රිලනිප ...නමුත් ඔහු ඩී.ජේ.වි එකේ කැලැ නීතියට එකග නොවි ගෙදර ඔහුගේ දියණිය වැඩිවියට පත් වීම වෙනුවෙන් උත්සවයක් තියෙලා...
      මළ සිරුර ගේ මැද්දෙ රෙද්දකින් වහලා..
      පොලිසියට කතා කරන්න සම්බන්ධතා නැහැ ..
      මන් වහාම මගේ මිත්‍ර දික්වැල්ලේ ඕ.අයි.සි ට
      රේඩියෝ මැසෙජ් එකක් දුන්නා එන්න කියලා ..
      මළ සිරුර පරික්ශා කලාම රිපිටර් ගන් එහෙකින් හිසටම වෙඩි තියලා..අර දියනිය සිහි නැහැ ..//

      මේ වේසිගේ පුතාලා හරියන්නේ පුන්චිඅම්මට හැමනි හැමනි පොර ටෝක් දෙන්නම තමයි.. කඩේ යන රිලා හ්ගන්නු!

      Delete
  4. ඔය අධිරාජ්‍යවාදී සුද්දගේ ක්‍රිකට්වල ආයුෂ තව මාස හතයි

    මාලිමා රජයක් යටතේ ක්‍රිකට් තහනම් කරනවා

    ඕනෑම පීඩිතයෙකුට සහභාගි විය හැකි එල්ලේ ජාතික ක්‍රීඩාව කරනවා

    ReplyDelete
    Replies
    1. පුංචි අම්මව කසාද බඳින අයට වෙන දීමනා දෙන්න ඕනි...

      Delete
  5. ඔහොම තමයි මාතලන් ලංකාවේ මිනිසුන් තර්ක බුද්ධියෙන් critical thinking සහ critical analysis අංශයෙන් ඉතාම දුර්වලයි පොදුවේ ගත්තාම, බහුතර ජනතාව ඉතා ලේසියෙන් රවටන්න පුළුවන්, ලංකාවේ ඔය උගත් කියන කට්ටිය තමයි ඉතාම මෝඩ, අත්දැකීම් ඇති වයස විසි ගණන්වල සිට හැට හැත්තෑව දක්වා උපාධි සහ වෘත්තීයවේදී උගතුන් හොඳට ඇන්දෙනවා ලේසියෙන්ම, උගතුන් බහුතරය පහසුවෙන් රැවටෙනවා, ඒ රැවටෙන්නේ කපටි නිකමුන්ට, ඊට හපන් තරුණ සෙට් එක ඊට එහා ගිය අම්බරු රැලක්, සාපේක්ෂව ලංකාවේ බුද්ධියක් තියෙන්නේ වැඩියෙන් උගත් නැති හොඳට සමාජයෙන් ඉගෙනගත් අය අතර යම් පිරිසකට පමණයි ලංකාවේ ඔවුන්ගේ සහජ දැනුම සහ සමාජ අත්දැකීම් නිසා ලංකාව මෙහෙමත් බේරිලා තියෙන්නේ
    ලංකාවේ පවතින විකෘති සෝ කෝල්ඩ් "බටහිර" ප්‍රයෝගික නැති විභාග ඉලක්ක කර ගත් අධ්‍යාපනය නිසා වුන විනාශය බිහිසුණුයි මගේ අදහස අනුව.

    තව දෙයක් තමයි ලංකාවේ මිනිස්සුන්ගෙන් ප්‍රධාන මාධ්‍ය වලට දරුණු විවේචනයක් තියෙනවා. විශේෂයෙන්ම හිරු සහ දෙරණ සමාජ ජාලවල මේ දැඩි විවේචනයට නිතර බඳුන් වෙනවා.

    එතන තියෙන තර්කය තමයි ලංකාවේ රූපවාහිනී නාලිකා සහ වෙනත් මාධ්‍ය මිනිස්සුන්ට ලබා දෙන්නේ වැඩකට නැති, හරයක් නැති වැඩසටහන් කියලා.

    විද්‍යාත්මක, න්‍යායාත්මක සහ වටිනා දේවල් වලට ලංකාවේ ප්‍රධාන මාධ්‍යයේ තැනක් නෑ කියලා මිනිස්සු කියනවා. එහෙම බනින අයම බටහිර රටවල මාධ්‍ය නම් කිසිසේත්ම එහෙම නෑ කියලත් ඔවුන් කියනවා.

    (පොදුවේ බටහිර මාධ්‍ය ලංකාවේ මාධ්‍යයෙන් ලොකුවට වෙනස් වෙන්නේ නෑ. මෙතන තියෙන්නේ ඔවුන් ඉංග්‍රීසි නොදැනීම සහ බටහිර මේ වගේ එකක් කියලා ඔවුන් සතුව ඇති විකෘති පූර්ව නිගමනය. නමුත් යථාර්තය එහෙම නෙවෙයි. නමුත් අපි ඒක අමතක කරමු )

    මිනිස්සුන්ගේ ඒ කතාවට යම් සාධාරණ පදනමක් තියෙනව, මොකද රාජ්‍ය හෝ පුද්ගලික මාධ්‍ය තියෙන්නෙ මිනිසුන්ගේ පාලනයේ නෙමෙයි. එම ජනමාධ්‍ය විසින් පෙන්වන්නේ මිනිස්සුන්ට ඕන දේවල් නෙවෙයි. මිනිස්සුන්ට තෝරාගැනීමක් නැහැ.

    (නමුත් නිදහස් වෙළදපොල තුල ලාභ අරමුණු කරගත් තරගකාරී පෞද්ගලික මාධ්‍ය විසින් ලබාදෙන්න මිනිසුන් වඩාත්ම ඉල්ලා සිටින දේ බව වෙනම කතාවක්, නමුත් අප එය මදකට අමතක කරමු)

    නමුත් පොදුවේ මිනිසුන්ගේ පාලනයේ සතුව ඇති මාධ්‍යයක් තිබෙනවා. ඒ සමාජ මාධ්‍ය.

    විශේෂයෙන්ම යූටියුබ් අවකාශයේ, ප්‍රධාන මාධ්‍ය වලට පරිබාහිර, නමුත් විකල්ප මාධ්‍ය වැනිම නාළිකා තිබෙනවා.මෙහිදී පාලනය තියෙන්නෙ නරඹන මිනිස්සුන්ගේ අතේ. තමන් සබ්ස්ක්‍රයිබ් කරන චැනල් එක, බලන වැඩසටහනට මිනිසුන්ට තෝරාගන්න පුළුවන්.

    එතනදි ලංකාවේ වඩාත්ම ජනප්‍රිය, මිනිසුන් විසින් තෝරාගත් යූටියුබ් නාළිකා දෙක බලමු.

    1) සුදත්තගේ නාළිකාව.

    2) චමුදිතගේ නාළිකාව.

    සුදත්තගේ නාළිකාවේ තියෙන්නෙ අමු තිත්ත කුනුහරුප සහ වැඩකට නැති කුණුරසය.චමුදිතගේ නාළිකාවේ තියෙන්නේත් සත පහක වැඩකට නැති කුණු ඇවිස්සීම.කිසිම රෙගියුලේෂන් එකකට යටත් නැති මේවා හිරු, දෙරණට වඩා සෑහෙන අන්තයි.

    හොඳ විද්‍යාත්මක, තාර්කික වැඩසටහන් කරන යූටියුබ් නාලිකා ඕන තරම් තියෙනවා.නමුත් ලංකාවේ ජනප්‍රිය ඒවා නෙමෙයි. ඒවා වේලෙනවා.ෆේස්බුක් එකේ විද්‍යාත්මක වැඩසටහන් ඉල්ලලා හෑලි ලියන මිනිස්සු youtube එකේ බලන්නේ කුණුගොඩවල්.

    අපි නිකන් බලමු බටහිර මිනිස්සු අතර ජනප්‍රියම දේශපාලනමය වැඩසටහන් මොනවද කියලා.

    1) ටකර් කාර්ල්සන්ගේ වැඩසටහන
    2) ජෝ රෝගන්ගේ පොඩ්කාස්ට් එක

    මේවා ඉතාම තාර්කික, විද්‍යාත්මක වැඩසටහන්. (බටහිර ජනප්‍රිය කුණු නාළිකා ඕනෑ තරම් තියෙනවා. නමුත් ප්‍රධාන විකල්ප මාධ්‍ය මේවා)

    සාමාන්‍ය ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය ප්‍රතික්ෂේප කරන මිනිස්සු, තවත් එවැනිම හෝ ඊට අන්ත කුණුගොඩක් තෝරාගෙන නැහැ. තමන් ඉල්ලන දෙයකට සමාන දෙයක් තෝරගෙන තියෙනවා.

    නමුත් ලංකාවේ මිනිස්සු තෝරා ගෙන තියෙන්නෙ චමුදිත සහ සුදත්ත.
    චමුදිත සමරවික්‍රම සහ සුදත් තමන්ගේ යූටියුබ් නාලිකාවල අන්තිමටම දාපු වැඩසටහන් බලමු.

    චමුදිත නැකැත් කමිටුව ගැන ප්‍රශ්නයක් හදලා වැඩකට නැති කුණු ගොඩක් ඇඳලා. මිනිස්සු අතර ලංකාවේ අවුරුදු සිරිත් ගැන තිබු උනන්දුව බිංදුවට දාලා පච කරලා.

    සුදත්ත බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා තවත් තේරුමක් නැති කුණු ගොඩක් ඇදලා.

    ලංකාවේ බලපෑම් සහගතම සහ විශාලතම යූටියුබ් නාලිකා දෙක කිසිදු වගකීමකින් තොරව සමාජගත කරන්නේ මේ වගේ විකෘති අදහස්.
    අදහස් වල තියෙන හොඳ සහ නරක තමයි අදහස් ඉක්මනට සමාජගත වෙනවා.

    කොතරම් විහිළු සහගත, විකෘති මතවාදයක් වුණත් එක තැනකින් කියවුනාම බීජයක් පොළොව පැළ කළා වගේ හෙමින් හෙමින් වැඩෙනවා.

    එය දස දහසක් දෙනා ප්‍රතික්ෂේප කරද්දී සියයක් හෝ වැළඳ ගන්නවා.

    බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ ලංකාවේ කියන විකාරය එහෙම එකක්.සුදත්තගේ නාලිකාවෙන් එක ලංකාවටම පෙන්නලා.චමුදිත අවුරුදු නැකැත් සිරිත් පිළිබඳව තිබූ ගෞරවය නාලිකාවෙන් විනාශ කරලා.

    මේවා සුළු දේවල් නෙමෙයි.

    මේ වැඩසටහන් බලන ලක්ෂ ගණන් අතරින් දස දහසක්වත් මේ විකාර විශ්වාස කරනවා.තැන තැන කියවනවා. විකෘති අදහස් පැලවෙන්නේ එහෙමයි.

    වරද ලංකාවේ මාධ්‍යයේ නෙමෙයි, ලංකාවේ මිනිස්සුන්ගේ කියන්න තවත් තර්ක මොකටද?

    ReplyDelete
  6. මාතා

    තව ටික දවසකින් ලංකාවේ ලබන මැයි මාසේ "Women Empowerment Act " සහ "Gender Equality act " පණත් සම්මත කලාට පස්සේ ලංකාවේ LGBT සඳහා නීතිමය පිළිගැනීමක් ලක්වෙනවා විතරක් නොවෙයි ආණ්ඩුවෙන් ඒවා ප්‍රවර්ධනය කරනවා .ලංකාවේ කාන්තා සංවිදාන මේ ගැන අද වෙනකන් කටක් ඇරලා නැහැ, ශෙනාලි වඩුගේ Shenali Waduge අපේ හිතවතිය විතරයි එඩිතරව මේ පනත් දෙකට විරුද්දව කතා කරන්නේ එක්සත් ජනපද ඩිමොක්රටික පක්‍ෂ කට්ටිය කළා වගේම woke සංස්කෘතිය නීති ගත වෙනවා ඉහත පනත් දෙකෙන් .රනිල් කාන්තා දිනයේදී මේ ගැන ප්‍රසිද්දියේ කිව්වා.

    ඔය ලංකාවේ LGBT පනත සම්මත වුනාට පස්සේ ළහිරු කුමාරගෙයි, මතීෂ පතිරණගෙයි රැවුල කපලා, කොන්ඩේ වවලා, ළහිරුනි කුමාරි, මතීෂා පතිරණ කියලා නම් වෙනස් කරලා කාන්තා කණ්ඩායමට දාන්න යෝජනා කරමුද?

    චමරි එක්ක 140 ට 150ට දාන බෝලර්ස්ලා දෙන්නෙක් සෙට් වුනාම වර්ල්ඩ් කප් එකක් උනත් දිනන්න පුලුවන්!

    ඒක බැරිනම් ක්‍රිකට් ටීම් එකේ ඉන්න ලොන්තයන්ට වඩා චමරි අතපත්තු හොඳ නිසා චමරිව වෙනස් කරලා චාමර අතපත්තු කියලා mens ටීම් එකට දාන එකත් නරක නෑ නේද?

    ReplyDelete
  7. ලීක් වෙනව කියන එක මම හිතන්නේ දැන් එච්චරම ප්‍රශ්නයක් නෙවෙයි අලුත් පරම්පරාවට මොකද මේ සුනාමියෙන් දෙදාහෙන් යුද්දෙන් පස්සේ පරම්පරාවේ තරුණ තරුණියන් යුවතියන් ගත්තාම දැන් ඉතිං ඉන්නෙ මේ TikTok එකේ පුප හොලවල Famous වෙන්න හදන ගෑනු විතරයි. අලුත් පරපුරට අයිති යමක් කමක් තේරෙන කෙල්ලෙක් එක්ක කතා කරන්නත් ආසයි. එහෙම එකම කෙනෙක් වත් හම්බ වෙලා නෑ මටනම් තාම, මාර වැඩේ ඊළඟ පාර ලංකාවට ගියාම හොයල බලන්න ඕන තව ටිකක් එහෙම අය ඉන්නවාද කියන එක ගැන, හිටියත් ඉතාම කලාතුරකින් ඉඳියි එක්කෙනෙක් දෙන්නෙක්

    ReplyDelete
  8. ඔය ගොඩක් රට පෙරලන කතා යට තියෙන්නෙ ඔයවගේ චුට්ටං ප්‍රේම කතාවක් තමා බං

    ReplyDelete
  9. ටිකක් නොගත්තත්
    මලක් නොගැහුවත්
    වැදිල වගෙයි මට
    මෙව්ව කියෙව්වම!

    ReplyDelete
    Replies
    1. නිදී ඔපෙන්හයිමර් චිත්‍රපටය බැලුවම මොකද හිතුනේ? ගිය වසරේ ඕපන්හයිමර් චිත්‍රපටයේ highlight එක විදියට මම දකින්නේ ඒකේ Victory Speech එක.

      මගේ මතය එය තමයි ෆිල්ම් එකේ පපුව නවතන තැන. මේ වෙලාවෙ පරමාණු බෝම්බය නිසා, ජපානයේ ලක්ශ ගානක් මිනිස්සු පණ පිටින් පිලිස්සිලා මිය ගිහින්, තව ලක්ශයක් විතර හම, මස් පිලිස්සිලා මිහිමත නිරයක පණ අදිමින් ඉන්න මොහොත වුණත් ඒ කිසි දෙයක් ෆිල්ම් එකේ පෙන්නන්නෙ නෑ. ඒත් ඒක අපට මවලා පෙන්නන්නෙ මේ ජවනිකාවෙ විශේෂ සිනමාත්මක ප්‍රයෝගයන් හරහා.

      (මේ මොහොතේ සිට, පහසුවට ඔහුව ඔපී නමින් හඳුන්වමි. ඔපී කියන්නෙ ඔහුගේ පෙම්වතිය ඔහුට ආදරේට කියන නම.)

      හිරෝශිමාවට බෝම්බ වැටෙන බව ඔපී දැන ගන්නෙ වෑර්ලස් එකෙන්. මේ රහසිහත බෝම්බ සැලසුම කරන්නම හදපු ඈත හද්දා ඩොටේ ලොස් ඇල්මොස් කියන ගමේ විද්‍යාර්ථීන්, සෙබලුන් සහ ඔවුන්ගේ පවුල්වල අය මේ ජයග්‍රාහී පණිවිඩය එක්ක ප්‍රීති ඝෝෂා කරන්නට පටන් ගන්නවා.

      මේ සමග පරමාණු බෝම්බයේ පියා ලෙස ඔපී එක්සත් ජනපදය තුල වීරයෙක් ලෙස සම්මානයට පත්වෙන මොහොත තුලම ඔහුගේ හදපත්ලෙන්ම එන වරදකාරී හැඟීම සහ හෘදසාක්ශිය එක්ක ඔහු කරන සටන, නොලාන් අපි කිසි දිනෙක නොදුටු සිනමාත්මක ශ්‍රව්‍ය දෘශ්‍ය කාව්‍යයක් වගේ හරිම සුන්දරව දිග හරිනවා.

      ඒකේ මුලින්ම ඇහෙන්නෙ මේ ශාලාවේ පුරා අතුරු සිදුරු නැතිව පෙනී ඉන්න අය සතුටට පොලොවට පාදවලින් කොටන (stomping) සද්දෙ. මේ ශබ්දය ඇහෙන පලවෙනි පාර මෙය නොවේ. නමුත් මේ තමා ඇත්තටම ඒ සද්දෙ මොකක්ද කියලා මුලින්ම පෙන්නන තැන.

      ඔපී පැහැදිලි චකිතයකින් වගේ මිනිස්සු පසු කරමින් යද්දි චිත්‍රපට ශාලාව සෙලවෙන ගානට මිනිසුන්ගෙ ප්‍රීතිඝෝශා ඇසෙන්නට පටන් ගන්නවා.

      ජයඝෝෂා කරන මිනිසුන් සහ ඔපීගේ මුහුණේ close up එකක් එක්ක වේගයෙන් කැමරා රාමු චේදනය වෙමින් මේ වෙනස අපිට දැනෙන්නම දෙනවා.

      ඔපීගෙ මුහුණෙ depth of field එක පවා අතිශය අඩු කරලා ඔහුගේ ඇස් සහ මුහුණේ පේෂිවලින් පෙන්නුම් කරන වේදනාව අතිවිශිෂ්ට ලෙස පෙන්වනවා.

      සැණෙකින් ශාලාවා හරහා යන තද එලියක් සමඟ සියල්ල නිහඬ වෙනවා. ඒ තත්පර කිහිපය තුල එක්වරම ප්‍රීතිඝෝශා කරන එක යුවතියක් සම පුපුරා, පිලිස්සී වේදනාවෙන් කෑගසන කෙනෙක් බවට පරිවර්තනය වෙනවා.
      ඒ එක්කම ඔහුගේ පයට පෑගෙන පිලිස්සුනු සිරුරක් කැඩී විසිරී යනවා.

      නැවතත් දැඩි හඬක් සමඟ ප්‍රීතිඝෝශා දර්ශනය වෙනවා. වියරුවෙන් මෙන් හඬන මුහුනු ඒ හඬන්නේ සතුටටද, වේදනාවටවද කියා වෙන්කල නොහැකි තරමට ඔපී ඉන්නෙ මහත් කම්පනයකින්.

      මේ ඔහු ඉදිරියේ මැවී පෙනුනේ පරමාණු බෝම්බය ඇති කල එලියත්, ශබ්දයත්, විනාශයත්. ඒ සියල්ල ඔහුගේ සිතේ මැවූනු දර්ශන.

      විනාශකාරී සතුරා සහ උන්ගේ ප්‍රචන්ඩත්වය සහ තවත් ජීවිත හානි නවතන්නට කරන්නට අවැසිදේ, දේශප්‍රේමිත්වයේ නාමයෙන් කිරීම එක පසක.
      යුද්ධෙ පාර්ශවකරුවන් නොවුනු අසරණ මිනිසුන් සහ වේදනා විඳින්නට නියමිත මිහිමත අපාගත වූ ලෙසින් දුක් විඳින නූපන් අහිංසක දරුවන් තව පසෙක. ඔපී මේ මොහොතේ පීඩා විඳින්නෙ මේ යුතුකම සහ වරද විසින් ඇතිකරන උභතෝකෝටිකය (moral dilemma) තුලය.

      ඔපී කතාව පටන් ගන්නවා. ප්‍රීතිඝෝෂා කරන මිනිස්සු එක්ක සිරුරින් හිටියත්, ඔහු සිතින් ඉන්නෙ හිරෝෂිමාවෙ පණ පිටින් පිලිස්සෙන මිනිස්සු එක්ක.

      Delete
    2. ඕපෙන්හයිමර් සිනමා නිර්මාණය තුල ඔපීගෙ කතාවෙ අපිට අහන්න ලැබෙන්නෙ වාක්‍ය දෙක තුනක් විතරයි.

      ඒකේ ඔපී කතාව පටන් ගන්නෙ මෙහෙමයි.

      “The world will remember this day.”

      ඒක වගේම ඊට පසුව කියන වාක්‍ය කිහිපයත් ඔහු කියන්නෙ සෑහෙන වේදනාවෙන් කියල ලස්සනට පේනවා.

      ඇමරිකානු ධජ අතින් ගත්, ජාත්‍යාලයෙන් ඔකඳව සිටින පිරිසට ඒ වැකි සපයන්නෙ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් උත්තේජනයක්.

      මට මේ කොටස බලද්දි මතක් වුනේ නිදී අපි ඉස්සර English Literature වලදී රසවිඳපු ශේක්ස්පියේර් ජුලියස් සීසර් නාටකයේ සීසර්ගේ මරණයදී මාක් ඇන්තනි කරන කතාව තුලින් පෙන්වන සංකීර්ණ මානුෂීය හැඟීම්.
      එතන සීසර්ගේ මරණය වෙනුවෙන් සතුටුවෙන බහුතර රෝමානු ජනතාව අහන්න ආස දේ ඒ වචන වල උඩ අරුතෙන් කියන අතරෙ, ඊට සම්පූර්ණයෙන්ම වෙනස් යටිපෙල අරුතක් මාක් ඇන්තනීගේ මුවින් නික්මෙන ඒ වචන තුල සැඟවී තිබුනා.
      කතාව පටන් ගද්දි සීසර්ගෙ මරණය නිසා ඔල්වරසන් දෙමින් සතුටුවෙමින් සිටි මිනිසුන්ගේ අදහස්, හරිම විස්මයජනක විදියට කතාව අවසාන වෙන විට සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සීසර්ගෙ සිරුර ඉදිරියේ හඬා වැටෙන, ඝාතකයන් පසු පස හඹා ගොස් රටම ගිනි තබන තැනකට ඔහු ශූර ලෙස අරන් එනවා.

      නමුත් ඔපී මාක් අන්තනි මෙන් දේශපාලකයෙක් නෙවේ. ඔහු ඇත්තටම දූෂිත කපටි දුෂ්ට දේශපාලනයේ ගොදුරක්. ඇමරිකා එක්සත් ජනපද දේශපාලන බලාධිකාරිය විසින් තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළ පසුව අනවශ්‍යයි කියලා තීරණය කළපසු, කුණුකූඩයට විසි කරනු ලැබූ, දන්ඩනයට ලක් වූ අසරණවූ රවටනූ ලැබූ වින්දිතයෙක්.

      අත්තටම මේක බලනකොට ඔපී සමාන වන්නේ, ග්‍රීක කතාවල සඳහන් ප්‍රොමීතියස්ට. දෙවියන්ට හොරෙන් මිනිසා වෙත ගින්දර ලබා දී, ඊට දඬුවම් ලෙස නිරයේ සදාකල් දුක් විඳින කෙනෙක් ලෙස ප්‍රෝමිතියස් ග්‍රීක දේව සංකල්ප තුල දැක්වෙන නිසාත් ඕපන්හයිමර් චිතරපටය ඇත්තටම පාදක වෙන්නේ The American Prometheus නම් ඕපන්හයිමර්ගෙ චරිතාපදාන කෘතිය මත නිසා මේ අදහස් මට හිතුනේ.

      චිත්‍රපටයේ ඕපන්හයිමර් American Hero දක්වා ඉහලට ගොස් අවසානයේ දුක්ඛිත ඛේදාන්තයක් වෙත යන අයුරු අතිවිශිෂ්ට ලෙස පෙන්නුම් කරනවා.

      මෙවර Best actor, best supporting actor, best director, best cinematography, best editing, best score, best picture ආදී සියලු සම්මාන දිනා ගන්නට මේ චිත්‍රපටයට හැකිවන්නේ ඒ නිසාම මිසක් අහම්බෙන් නෙවෙයි කියල අපි තේරුම්ගත යුතුයි. එහෙම නේද නිදී?

      Delete
    3. ඔයාගේ comment එක කියෙව්වම නං ඇත්තටම ලජ්ජා හිතුණා!
      මුලින්ම කියන්න ඕනි ඒ විත්තියයි. මොකද, ගොඩ දවසකට කලින් ඉඳලා ඔපන්හයිමර් film එක download කරලා තියාගෙන හිටියත් තවම ඒක බලන්න සුදුසු වෙලාවක් මට නොලැබුණු නිසා.

      මට මේ වගේ film එකක් බලන්න විවේකය වගෙම මූඩ් එකත් සුදුසු වෙන්න ඕනි නිසයි- ඒ.

      ඔයාගේ දිගු; හරබර; රසබර කමෙන්ටුව copy කරලා තියාගත්තා- film එක බලන වෙලාවට කලිනුත් කියවන්න.

      //එහෙම නේද නිදී?// කියලා අහන එකෙන් නං මට තේරෙන්නෙ, ඔයා මගෙන් බලාපොරොත්තුවෙන්නේ 'ඔව්' කියන උත්තරය බවයි. ඉතිං මාත් ඔන්න 'ඔව්' කියනවා; හිතට එකඟවත්!

      Delete
  10. ලංකාවේ රට ඇතුලේ එක එක කයිය ගහන අප්පුහාමිලා මොන මොන සුරංගනා කතා කීවත් ගණන් හිලව් හැදුවත් ලංකාවේ බලයට පත්වන කෙනාව තීරණය කරන්නේ රටෙං එළියේ තියෙන බල කඳවුරු කීපයක උවමනාව අනුවයි.

    ඒ අනුව දැං ලෝක දේශපාලනයේ හැසිරීම අනුව රනිල් නැවත බලයට ඒම තමයි අනුමාන කල හැක්කේ. ඔවුන්ගේ ප්ලෑන් බී එක මාලිමාව තියාගෙන ඉන්නවා ඔවුන්ට විරුද්ධව වෙනත් දේශපාලන බලකඳවුරක් ගොඩනැගීම වැලැක්වීමට...
    ඔය රට ගොඩදානවා ණය කන්ද ඉවර කරනවා වගේ දේවල් හීන තමයි. ඒක තමයි ලංකාවේ ආර්ථිකය මෙහෙයවන ලීවර් එක, ඒක නැතිකරන්න කාටවත්ම ඕන නෑ විදේශ සහ නියෝජිත දෙපිරිසම අපේ ජීවිත කාලය තුල ලංකාවේ ණය කන්ද ඉවර කරන්නේ නෑ ඒ විදේශ ණය ගෙවා ඉවර කරනවා කියන්නේ සුරංගනා කතාවක් තමයි. ඒක තමයි සැබැවින්ම යථාර්ථය...

    ReplyDelete
  11. ත්‍රී වීල් එකක් අරන් හන්දියට වෙලා ඉන්න තරුන නිකමො පිරිච්ච රටක මොන දියුනුවක්ද? ඒ වගේම ත්‍රීවිල් එකක් අරං හන්දියට වෙලා ෆෝන් කට්ට ඔබ ඔබ ඉන්න තරුණ නිකමෝ පිරිච්ච රටක මොන දියුනුවල් ද බං ගෝතලං 😐

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න