හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Dec 19, 2014
Dec 17, 2014
Dec 16, 2014
ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ සහ බාලගිරි - Why JVP & Mr. Baalagiri
තරුණයෝ කියන්නේ කුමණ වයස් කාන්ඩයටද යන්න සාපේස්ස පුරස්නයක්ය. ගතින් තරුණ කම මැනීමටද නොහැකිය. කෙසේ වුවත් එජාපයේ තරුණ නියෝජනය යැයි කියා ගන්න හතර දෙනෙක් සිරසේ වැඩ සටහනකට සහභාගි වී සිටිනවා දුටු විට, මාතලන්ට හිතුනේ තරුණයෝ කියන්නේ මුන්ට නම්, තරුණ පරපුරම මහා සාපයක් ලද්ද වුන් බවය. ඔවුන්ගේ කතා තුල, අදහස් තුල, කිසිම තාරුණ්‍යයක්, විප්ලවීය බවක්, පපුවට වැදීමේ කතාවක්, මාතලන් නම් දුටුවේ නැත. එම නිසා මුළු වැඩ සටහනම නැරඹුවේත් නැත. පස්සෙ එයාලාගේ තරුණ කම් ඉස්මතු වූවද කියා කීමට නොහැකි හෙයින්, මේ කතාව අසාධාරණයක්ද විය හැකිය.
Dec 15, 2014
Dec 13, 2014
මහතීර් මොහොමඩ්, මහින්ද චින්තනය හා සිරානොමික්ස් - Dr. Mahthir Mohomed, Mahinda Philosophy & Siraanomics
- මාතලන් -
අබේනොමික්ස් කියන්නේ, ජපානයේ ෂින්සෝ අබේ මහත්තයාගේ රට ගොඩ නගන ආර්ථික ක්‍රමය හඳුන්වන නාමයයි. එය මුළු ළොවෙහිම ඉතා ජනප්‍රිය යෙදුමකි. ඇත්තටම ජපානය දියුණුවේ හිනිපෙත්තටම ගමන් කොට ඇති රාජ්‍යයක් බැවින්, ඔවුනට අද ඇති ප්‍රශ්ණය නම්, රට දියුණු කිරීම නොව, එම තත්වයෙන් පහතට නොවැටි දිගටම පවත්වාගෙන යාම, එහෙම නැතිනම්, මේන්ටේන් කොර ගෙන යාමය. ජපානය විතරක් නොව, යුරෝපයේ දියුණු රාජ්‍යයන්ද අද මුහුණ දෙන විශාලම ගැටළුව මෙයයි. ඒක හරියට නිවන් ලබා ගත්තායින් පස්සේ, කොරන්නේ මොකක්ද යකෝ වගේ මහා උභතෝකෝටික ප්‍රශ්ණයකි.
අබේනොමික්ස් කියන්නේ, ජපානයේ ෂින්සෝ අබේ මහත්තයාගේ රට ගොඩ නගන ආර්ථික ක්‍රමය හඳුන්වන නාමයයි. එය මුළු ළොවෙහිම ඉතා ජනප්‍රිය යෙදුමකි. ඇත්තටම ජපානය දියුණුවේ හිනිපෙත්තටම ගමන් කොට ඇති රාජ්‍යයක් බැවින්, ඔවුනට අද ඇති ප්‍රශ්ණය නම්, රට දියුණු කිරීම නොව, එම තත්වයෙන් පහතට නොවැටි දිගටම පවත්වාගෙන යාම, එහෙම නැතිනම්, මේන්ටේන් කොර ගෙන යාමය. ජපානය විතරක් නොව, යුරෝපයේ දියුණු රාජ්‍යයන්ද අද මුහුණ දෙන විශාලම ගැටළුව මෙයයි. ඒක හරියට නිවන් ලබා ගත්තායින් පස්සේ, කොරන්නේ මොකක්ද යකෝ වගේ මහා උභතෝකෝටික ප්‍රශ්ණයකි.
Dec 11, 2014
Dec 9, 2014
නිර්මාල් ඔබ නිවැරදියි - Nirmal, you are not wrong...
මර්වින් සිල්වා, මෛත්‍රීපාලණයක් සඳහා එන බවට කට කතාවක් පැතිර යයි. ඒ පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි තම ෆේස්බුක් අඩවියේ සටහන කළ ප්‍රකාෂයක්, මේ වන විට සයිබර් අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. එය යහපත් ලක්ෂණයකි. මේ පිළිබඳව මතුවන විවාදයන් තුල, සමාජය මේ පිළිබඳව දක්වන අදහස යම් පමණකින් හෝ නියෝජනය වීමක්, එයට පක්ෂව හා විපක්ෂව ගොඩ නගන තර්කයන් තුල අපට දැක ගැනීමට පුළුවන.
Dec 8, 2014
තිස්ස, මුවාට විද්දේය - Honorable Secretary
ජනාධිපති තුමාට ඊයේ රෑ නින්ද නොයන්න, හේතු දෙකක් තිබුනේය. ඒකත් හරියට අර, ගුඩ් නිව්ස් බෑඩ් නිව්ස් ගේම් එක වගේය. ගුඩ් නිව්ස් එක, තුන් වෙනි පාරටත් රාජ්ජේ පාලනේ කොරන්න නොමිනේසින් දෙන්න යන එකය. එලියට ගිහින් සෙනග අස්සේ රිංගනවා තරම් ආතල් එකක් හොහේද බන් තියෙන්නේ කියලා හිතපු ජනාධිපති තුමා කල්පනා කළේ අදත් මුන් පොඩි උන් උස්සන්න ලෑස්ති කරලා තිබ්බොත් නම් පොඩ්ඩක් අවුල් වේවී නේද කියලාය. මොකෝ වඩා ගන්න උන්ට ඡන්දේ දාන්න මැකෝ ඉඩ නොදෙන නිසාය. අම්මපා එහෙම දුන්නා නම් මම ගොඩේ ගොඩනේ යකෝ කියලා හිතපු ජනාධිපති තුමාට ආයෙත් තනි ආතල් එකක් ගියේය.
Dec 7, 2014
අපායේ ක්‍රිස්මස් - Christmas in Hell
කවදා හරි යන්න වෙන තැන හින්දා, අපාය පැත්තේ විසිට් එකක් දාලා එන එක මාතලන්ගේ පුරුද්දක්, ටික කලකින් ඒ පැත්තේ ගොහින් ආවේ නැති නිසාත්, නිතරම ඇවිල්ලා පලයන් මාතේ කියලා, අතිගරු යම රජුගෙන් නිතර නිතර කෝල් එන නිසාත්, පෝය දවසේ ඒ පැත්තේ ගිහින් එන්න කියලා, උදේම පිටත් උනා. කොහොමත් නිවාඩු දවසක, එතුමා අල්ල ගන්න එක ලේසියි.
Dec 5, 2014
Dec 4, 2014
මෛත්‍රී පැරදුනොත්....? - Plan B
සමහර විට, ඔහේලට මතක ඇති අපේ පොදු අපේක්ෂක සිරිසේන මැතිතුමා, සවුක්ක ඇමති කාළේ විරිඳු කිව්වා කියලා හිටං. එහෙම විරිඳු කියපු කාළේ, ඩෙංගු මරන්න තොවිල් බෙරයක් උස්සගෙන නටපු කාළේ, අපේ පුකට විඳින, ඩෙංගු මදුරුවා තුරන් කොරන්න දුම් ගහපු කාලේ, එතුමට ආතතියක් තියෙනවය කියලා අපිට නම් පෙනුනේ නෑ. අගමැතිකම් දෙන්න කිසිම දෙයක් නොකරපු එක නම් සුදුසුකම, උන්නැහේ අගමැති කම් බලාපොරොත්තු වෙන එකේ වරදකුත් නෑ.
Dec 3, 2014
Dec 2, 2014
ඇහින්දාස්, පාල අයියා, ගෙම්බෝ හා ඉලෙක්සොන් මැච් - Paala Aiyaa, Frogs, Election Games & The And Co.
හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ එළිවෙන ජාමෙට හිටං කියා, සිරිසේන ලොක්ක කීවේය. ලොක්කා කිව්වේ, මහින්ද ලොක්කත් එක්ක ගේමෙට ආපු කෙනා නිසාය. කස්ටිය හිතගෙන උන්නේ, මහින්දත් එක්ක හැප්පෙන්න එකෙක්වත් නැතෙයි කියලයා. ගේමට එන්නේ රනිල් උන්නැහේ කියලාය. ඒ නිසා, රනිල්ට ප්‍රචාරය පිණිස ආන්ඩුව ගානේ, පෝස්ටර් පත්‍රිකා පමණක් නොව, ටෙලි නාට්ටි දෙකකුත් හැදුවේය. ආන්ඩුව වියදම් කොරනා වියදම් කිරිල්ල බලුවාම, ඕවා මහා වියදමුත් නෙමේය.
Subscribe to:
Posts (Atom)












