.

.

Sep 6, 2023

කාදිනල්ගේ ආතල් සඳහා , කෝඳුරු තෙල් හත්පට්ටයක් හා ශානි අබේසේකරද ඕනෑ කර තිබේ. (කාදිනල්ගේ මාධ්‍ය ප්‍රකාෂය ගැන මාතලන්ගේ විග්‍රහය)


කාදිනල්ගේ ආතල් සඳහා , කෝඳුරු තෙල් හත්පට්ටයක් හා ශානි අබේසේකරද ඕනෑ කර තිබේ.

(කාදිනල්ගේ මාධ්‍ය ප්‍රකාෂය ගැන

 මාතලන්ගේ විග්‍රහය)

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


චැනල් ෆෝ නාලිකාව, රාජපක්ෂලා සමඟ ජන්මාන්තර වෛරයකින් පසුවීම සර්ව සාධාරණය. ඔවුන් යුධ සමයේ පෙනී සිටියේ, ltte ත්‍රස්තවාදීන් වෙනුවෙනි. එමෙන්ම පල්ලිය පෙනී සිටියේද ත්‍රස්තවාදීන් වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඔවුන්ට ඩොලර් විශාල වශයෙන් ලබා දෙන ලදි.


එබැවින් රාජපක්ෂලා විසින් ත්‍රස්තවාදින් සමූල ඝාතනය කර දැමීම ඔවුන් උස්සා පොලොවේ ගසා දැමීමකි. දැණුත් ලෝගූ කාරයෝ ලෝකල් ටෙරාලා සමඟ බොරැල්ල කනත්තේ පහන් පත්තු කරන්න එන්නේ ඒ නිසාවෙනි. අපටද ඒ ගැන බොහෝ දුකය. ඒ,. අවසානයේදී ලංකාවෙන් තුනෙන් එකක් තියා තුනම නැති වූ නිසාමය.


මෙම වීඩියෝව නිශ්පාදනයේ පූර්ණ අනුග්‍රගය ltte ත්‍රස්තවාදීන්ගේ හා ක්‍රිස්තියානී පල්ලියේ නිර්මාණයක් බව බොහෝ පැහැදිලිය. අසාද් මවුලානාද හිටපු ltte ත්‍රස්තවාදියෙකි. හත් පොලේ ගාගත් ගානියා බැරිස්ටර් නාටකයේ නිර්මාණ ශිල්පි කන්දප්පාද ද්‍රවිඩ ජාතිකයෙකි. වීඩියෝවේ අදහස් දක්වන සියල්ලෝම ද්‍රවිඩ ජාතිකයින් හෝ කතෝලිකයින් වේ. 


ඒ හෙතුවෙන් මෙය ඔවුන්ගේ හා බංකොලොත් නාලිකාවක සුද්දන්ගේ, සම නිශ්පාදනයක් බව තහවුරුය. 


මුන්ගේ කලින් වීඩියෝ බොරු බව කියන්නේත් කාදිනල්මය. ඒ මෙසේය //අපට වැදගත් වන්නේ රූපවාහිනී චැනලයේ පැරණි හැසිරීම නොව, එය අප මුහුණ දුන් ප්‍රශ්නය ගැන සොයා ඉදිරිපත් කරන කරුණු ය.// 😜


ඉන් පසු ගේම ගසන්නේ අත් අඩංගුවේ සිටිනා අයිසිස් ත්‍රස්තවාදීන් සියලු දෙනා... පල්ලිය, මානව හිමිකම් කොමිසම හා නීතීඥ සංගමය එක්ව බේරාගත් ලෝයර් මෙන්ම නිදොස් කොට නිදහස් කර ගැන්මටය. අධිකරණය ඔහු එසේ නිදහස් කළද, ඔහුට එල්ල වූ චෝදනා කිසිවක් ප්‍රතික්ෂේප කරන්නේ නැතිය. 


මේ මානව හිමිකම් කොමිසමේ එක්කෙනෙක්ද වීඩියෝවේ සිටී. කරුමය වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන්, මේ මානව හිමිකම් කොමසම කළේ මක්කාද යන්නය. මේවා සියල්ල සිඳුවන්නේ අති විශාල මුදල් ගණුදෙණු මතය.


එමෙන්ම සිරිල් ගාමිනීගේ ප්‍රකාෂය හේතුවෙන් සුරේෂ් සලේට ගෙවීමට සිඳුවීමට නියමිත පල්ලියේ සල්ලි වලට කෙලවීම හා එම නඩුව අංජබජල් කිරීම අනෙක් පරමාර්ථයයි.


උන්නැහේද දී කිරට බලල්ලුත් සාක්කි සේ... අද දින මාධ්‍ය හමුවට වැඩම කර සිටියේය.


දැන් අපි කාදිනල්ගේ යෝජනා එකිනෙක වෙන වෙනම ගෙන සලකා බලමු...


පළමු යෝජනාව

➖➖➖➖➖➖

1. චැනල් 4 නාලිකාව සිය වාර්තා වැඩ සටහනින් හෙළිදරව් කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැඳුණු සියළු වැදගත් කරුණු මෙන්ම ඒ හා සම්බන්ධ යැයි හෙළිදරව් කර ඇති පුද්ගලයින් පිළිබඳව මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දක්වා සිදුකර ඇති විමර්ශන සහ කොමිෂන් සභා වාර්තා වලින් හෙළිදරව් වූ නමුත් මේ දක්වා නිසි විමර්ශනයකට ලක් නොවූ කරුණු පිළිබඳව ද අපක්ෂපාතී , සාධාරණ සහ විනිවිද බවින් යුතු පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතුය.


මාතලන් නම් කියන්නේ, මෙහෙම එක එකා ගහනා බයිලා අනුව පරීක්ෂණ පවත්වන්නට ගිය හොත්, හෙට අනිද්දා රාජපක්ෂ විරෝධීන් හා පච මවනා ප්‍රොපගැන්ඩා චැම්පියන්ලා වෙන, පාඨලී, රාජිත හා රටින් පැන ගොස් සිටිනා උවිඳු කුරුකුලසූරිය හා සුනන්ද දේශප්‍රිය වැනි එකෙක්, චැනල් 4 සමඟ එක්ව තවත් බයිලාවක් ගැසුවොත්, දැනට සිඳුවෙමින් පවතින පරීක්ෂණ හා අධිකරණ කටයුතු සියල්ල නවත්වා දමා... ඒ පිළිබඳව අලුත් පරීක්ෂණ පවත්වනවාද කියලාය.


අනෙක් කරුණ නම්, මොන පරීක්ෂණ, අධිකරණ ක්‍රියාමාර්ග හා දඬුවම් දුන්නත් කාදිනල් උන්නාන්සේ ඒ එකක්වත් පිලිගන්නේ නැති වීමය. 


ඒ නිසා අන්‍රයියා ජනාධිපති වුනායින් පස්සේ, එයාට කැමති මොන ලබ්බක් හෝ දමාගෙන, එයා කැමති කෙනෙක් එල්ලා මරන්නට හෝ කුරුසයේ තබා ඇණ ගසන්නට පුලුවනිය. ඒ සඳහා එයාට බලය ලබා දිය යුතුය. උන්නාන්සේ කැමති නම් පමණක් ඊබ්‍රාහිම් නානා ඒ ලබ්බේ සභාපති ලෙසද පත් කර ගත හැකිය.


මේ ආන්ඩුව, එසේ පුලුල් විමර්ශනයක් ආරම්බ කරනවා නම්, මේ වීඩියෝවේ සිටිනා සියල්ලෝම මුලින් ප්‍රශ්ණ කිරීම සඳහා ලංකාවට පැමිණිය යුතුමය. (කාදිනල්ට මෙන්ම අපටද යෝජනා ගෙන ඒමේ අයිතිය ශුද්ධ වූ දෙවියන්වහන්සේ අපටද ලබා දී තිබෙනවාය.)


ආන්ඩුවේ කුර හා අං සහිත ඇමතියෙක් zoon ඔස්සේ කට උත්තර ගන්නට යෝජනා කිරීම, පට්ටම ජෝක් එකක් වෙන අතර, ඔහුද පැත්ත මාරු වෙන විට කතාව වෙනස් කරනා කටුස්සෙකි.


දෙවන යෝජනාව

➖➖➖➖➖➖

2. එම විමර්ශනය විය යුත්තේ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් මගිනි.


කාදිනල් උන්නාන්සේ නොදන්නා දේ නම්, ඇමරිකාව මේ පිළිබඳ පුලුල් පර්‍යේෂණයක් පවත්වාගෙන යන බවත්, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත්, ඔවුන් අපේ ආරක්ෂක අංශ හා තොරතුරු හුවමාරු කර ගන්නා බවත්, ඔවුන් කාදිනල්ගේ හෝ පල්ලියේ පදයට නටන්නේ නැති බවත්‍ය.


මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින්  නඩු පවරන ලදී.  එසේ නඩු පවරන ලද තිදෙනෙක් මේ වන විට අත් අඩංගුවේ පසුවේ.


1. මොහමඩ් නවුෆර්

2.මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කාන්

3.අහමඩ් මිල්හාන් හයාතු මොහමඩ්


තෙවන යෝජනාව

➖➖➖➖➖➖➖

3. එම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහාය වීම සඳහා පත් කරනු ලබන දේශීය විමර්ශන කණ්ඩායමට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ මොහොතේ සිට මූලික විමර්ශන සිදුකරන ලද, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුවීම් ලබා දී තිබෙන විමර්ශකයින් සියලු දෙනා ඇතුලත් විය යුතුය.


මේවාට හිනා වෙන්නේ කොහෙන්දැයි කිය ආරක්ෂාව යන වචනයේ තේරුම දන්නා ඕනා එකෙක්ට තේරෙනවා ඇතිය. ප්‍රහාරය සිඳුවූ මොහොතේ සිටී සමහරක් නිළධාරීන් මෙසේය.


▪️CID DIG රවී සෙනවිරත්න.

▪️CID Director SSP ශානී අබේසේකර.

▪️TID Director  DIG නාලක සිල්වා.


මේ අලුතෙන් නිර්මාණය වූ සුරේෂ් සලේ කතාව එලියට එන්නේ ජනාධිපති කොමිසමේදී රවී සෙනෙවිරත්න හෙලිකල "අබු හින්ද්" සාක්ෂිය හරහාය. කාදිනල් සිතන්නේ, අබු හින්ද් කියන්නේ සුරේෂ් සලේ කියලාය. එහෙත් අබු හින්ද් යනු, RAW සංවිධානය ලංකාවේ අයිසිස් මෙහෙයුමට ලබා දුන් රහස් කේතයයි.


ශානී අබේසේකර යනු රන්ජන් රාමනායකගේ නිවසේ වළං සෝදපූ අමු පක්ෂග්‍රාහී නිලධාරියෙක් නිසා, ඔහු ගැන භාවිතා වන යුනිකෝඩ්ද ජාතික අපරාධයකි.


නාලක සිල්වා යනු, තම වෘත්තීය සඟයකු, ජනාධිපති සිරිසේන හා බය ඝෝඨා ඝාතනය කිරීමේ චෝදනාවලට ලක්ව, ඒ පිළිබඳ නීතිමය කෘත්‍යයන් ගරු අධිකරණයේ පවතින නිළධාරියෙකි.


සේවයේ සිටියදී ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකළ නිලන්ත හා දේශබන්දු පමණක් ඉවත් කොට, එයාලාට පක්ෂ මේ නිලධාරීන් හොඳ වෙන්නේ කෙසේදැයි යන්න පැහැදිලි කිරීමක් කිරීමට, උන් වහන්සේට අමතකව ඇත්තේය. සමහර විට එය සර්ව බලධාරී දෙවියන්වහන්සේගේ කැමත්ත වෙන්නට ඇතිය.


ඉදින් මොවුන් නැවත ගෙන්වා කරණු ලබන පරීක්ෂණ පල්ලියේ හා උන්නාන්සේගේ ආතල්ලෙකට හා සතුටට හේතු වූවද, ලෝකයට නම් අමුම අමු කොමඩියක්ම පමණි. හොරාගේ අම්මාගෙන් පේන ඇසීම මීට වඩා ආතල් වේ.


සිව්වන යෝජනාව

➖➖➖➖➖➖➖

4. එම විමර්නය ස්වාධීනව සිදුකිරීමට අවකාශය සැලසීම සඳහා මේ විමර්ශනයට ලක්වන, දැනටමත් බුද්ධි අංශ වල මෙන්ම පොලිසියේ ඉහළ නිළතල හොබවන සියළු නිලධාරීන්ගේ සේවය විමර්ශනය නිමාවන තුරු අත්හිටැවිය යුතුය.


අවසාන යෝජනාව ලෙස ඉල්ලීම කළද, මේ ගෙන එනු ලබන්නේ, පල්ලියේ හා කාදිනල්ගේ මූලික ඉල්ලීමය. ඒ මාතලන් මුලින්ම සඳහන් කළ පරිදි... පවතින පරීක්ෂණ හා නඩු සියල්ල නවතා දමා ත්‍රස්තවාදීන් සියල්ල නිදහස් කර ගැනීමය. මන්ද, දැනට උසාවියේ පවතින නීතී කෘත්‍යයන් මගින් මෙහි සත්‍යය සොයා ගනු ලැබුවහොත්....


පාස්කු ප්‍රහාරය හා එහි වින්දිතයින් හිඟන්නාගේ තුවාලය මෙන් ලෝකයට පෙන්වමින් කරගෙන යන ඩොලර් ඉපයිමේ ක්‍රියාදාමය මුලුමනින්ම නවතින බැවිනි. 


ඒ පිළිබඳ සාක්කියක්ද මාධ්‍ය ප්‍රකාෂණයේ අවසානයේ වෙයි... ඒ මෙසේය. .

//අපගේ දේවස්ථාන බාර සියළුම පියතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙව් මවුන්ගේ උපන් මංගල්‍යය සිදුකරන සැප්තැම්බර් 08 වෙනිදා සිකුරාදා දින සියළුම දේවස්ථානවල සවස 6.30 ට පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් විශේෂාකාරයෙන් දෙව් මවුන්ගේ පිහිට පතන ලෙසයි.


මේ සඳහා ‌කොළඹ සහායක රදගුරු අති උතුම් ජේ.ඩී.ඇන්තනි හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදින සවස 6.30 ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ දීත්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදිනම සවස 6.30 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි ‌සිද්ධස්ථානයේ දී ත් පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමි.


එම දේව මෙහෙය තුල දිව්‍ය පූජාව හෝ ශුද්ධ ජපමාලය උච්ඡාරණය කිරීම සහ දිව්‍ය  සත්ප්‍රසාද ආශිර්වාදය ලබා ‌දෙමින් ජනතාව ආසිරි ගැන්වීම සිදුවන බව දන්වා සිටිමි.


මේ සඳහා සහභාගී වන ලෙස ඉතා ඔ්නෑකමින් සියළුම කතෝලික සැදැහැවතුන්ගේ ඉල්ලා සිටිමි.


අත්සන් කෙළේ 


මැල්කම් කාදිනල් රංජිත් 

කොළඹ අගරදගුරු හිමි


2023 සැප්. 06 දා කොළඹ අගරදගුරු මැදුරේ දී.//


ඉදින් නඩු වලින් සත්‍යය හෙලි වුවහොත් මේ ආතල් තව දුරටත් ගන්නේ කෙසේද?


ආ.... මේන්...

.

 

Sep 5, 2023

Chanel 4 විසිල් බ්ලෝවර් හරහා එන කාදිනල් හා 🐅🐅🐅 ගේ ප්‍රොපගැන්ඩාව

 


Chanel 4 විසිල් බ්ලෝවර් හරහා එන

කාදිනල් හා 🐅🐅🐅 ගේ ප්‍රොපගැන්ඩාව

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️


⭕ වීඩියෝවේ අලුත් දෙයකට ඇත්තේ අබු හින්ද් සුරේෂ් සලේ යැයි කියා නිර්මාණය කළ ප්‍රොපගැන්ඩාව පමණි.


⭕ නිර්නාමිකව හඬ වෙනස් කර බයිලා ගසන එකා කෙලින්නේ අමු කෙප්පය. උගේ අයිඩෙන්ටිය පෙන්වීමට ඌට මෙන්ම චැනල් එකටද කොන්දක් නැත. ( ආන් ඒ බය තියා ගනින් )


⭕ මෙය රාජපක්ෂලාගේ ගේමක් යැයි කියන්නේ 2019 ජනපතිවරණ සටනේ සිටය. එය නිර්මාණය කළේ  පාට ලී හා ගල් පල්ලියය.


⭕ එය කැම්පේන් එකට ආලවට්ටම් දමා යොදාගත්තේ මංගල සමරවීර, සජිත් ප්‍රේමදාස හා ජෙප්පෝය.


⭕ එහෙත් ගොබ්බසේන රාජපක්ෂ ලක්ෂ 69 ක් ලබා ගනිමින් ජටගත් අතර පාස්කු ප්‍රහාරය කළ උන්‍ට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් තනි සිංහල බෞද්ධ ජනතාව ලබා දුන්නේය.


⭕ මංගල කොවිඩ් වැළදි වැලිගම්පිටි ගියේය. පාට ලීය ලබා ගත්තේ මනාප 60,000 කි. ජෙප්පන්ට සුපුරුදු 3% ය. සජිත්ට නුහුගුණේය.


⭕ මේ පිළිබඳ කළ කිසිම පරීක්ෂණයකදි හෝ සාක්ෂි විමසීමකදි රාජපක්ෂලාගේ හෝ සුරේෂ් සලේගේ නමක අකුරක් හෝ එලියට ආවේ නැත. මෙහිදි රාජපක්ෂ විරෝධී නිලධාරියෙක් වන ශානිගෙන් හෝ එවැනි දෙයක් ආවේ නැත.


⭕ සුදු කොඩි ෆෙඩ්‍රිකා ජෑන්ස් වීඩියෝවට සෙක්සි ගතියක් එක් කරයි.


⭕ ප්‍රධාන චෝදනාව ලෙස එල්ල කරන සලේ සාරාන් හමු වූවා යැයි කියන දිනයේ සුරේෂ් සලේ උන්නේ මැලේසියාවේය.


⭕ සිරිල් ගාමිනීට හා අනෙක් පාදිලියාට මෙන්ම සුරේෂ් සලේ මේ බයිලා වීඩියෝවට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගනු ඇත.


⭕ එහිදි මේ වීඩියෝවත් කලින් ඉදිරිපත් කළ වීඩියෝ තුන මෙන්ම බයිලා වනු ඇත.


💀ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට දේශිය අත් අඩංගුවේ සිටිනා ප්‍රමාණය 89 කි.


💀මේ සම්බන්ධයෙන් විදේශ රටවලදි අත් අඩංගුවට පත්ව මෙරට ලබා දුන් ත්‍රස්තවාදීන්  ප්‍රාමාණය  52 කි.


💀මීට අමතර ඉන් පසු මේ සම්බධයෙන්ම තවත් පිරිස් අත් අඩගුවට ගෙන ඇත.


       ▪️මුජහිදීන් අල්ලාහ් කණ්ඩායමේ 47 ක්

       ▪️සුපර් මුස්ලිම්ස් කණ්ඩායමේ 10 ක්

       ▪️සහරාන්ගේ ජාලයේ කාන්තාවන් 10 ක්.


💀එමෙන්ම ඇමරිකාවේ FBI වෙනම පරීක්ෂණයක් පවත්වන අතර ඔවුන් අත් අඩංගුවට ගත් පස් දෙනාගෙන් මෙම මෙහෙයුමේ කණ්ඩායම් නායකයා (නව්ෆර් මවුලවී) ලංකාවට බාර දී ඇති අතර. එම නඩුව විභාග වෙමින් පවති.


💀මේ කණ්ඩායමේ නීතීඥයා නීතීඥ සංගමය විසින් ඇප ලබා ගනිමින් එලියට ගන්නා ලදි.


🛑 රජය මෙය ප්‍රමුඛ නඩු කටයුත්තක් ලෙස කටයුතු කොට දිනපතා නඩු අසා මුන්ට මරණ දඩුවම් පමුණුවන තෙක් මේ බයිලා තරඟ  දිගටම පවත්වනු ඇත.


🛑 පාස්කු වින්දිතයින්ට යුක්‍තිය ඉටු කිරීම පසෙක තබා කාදිනල් ඇතුලු පිරිස මෙයින් ආතල් ගනිමින් එක එකාට අලෙවි කරමින් ඩොලර් කුට්ටි ගොඩ ගසමින් සිටිනා බව දැන් බොහෝ පැහැදිලිය.


ඒ වගත් මෙසේය..


.

Sep 3, 2023

මහ බැංකු අධිපති වැඩ්ඩෙක්ද?

 


මහ බැංකු අධිපති වැඩ්ඩෙක්ද?

➖➖➖➖➖➖➖➖➖➖⭕


එයා ගත්ත ඔක්කොම තීරණ හරි කියන්නේ නෑ..


නමුත්... IMF එකේ යෝජනා අපිට ගැලපෙන විදියට ක්‍රියාත්මක කිරීමේදී ඔහු ගත් තීරණ හේතුවෙන්... 

උද්ධමනය අඩු වීම වගේම... 

දේශීය ව්‍යාපාරික ප්‍රජාව හා බැංකු පද්දතිය ආරක්ෂා කර ගනිමින්... 

දේශීය ණය ප්‍රසස්තිකරණය තුල ඔහු ගත් තීන්දූ තීරණ.. 

විපක්ෂයේ හාල්පාරුවන් මෙන්ම ළිං මැඩි ආර්ථික උස්තාද්ලාත් කොර වෙන්නම ගත්තු තීරණ..


මෙහිදි ... බය නැතිව රජයේ සේවකයින්ද බදු ගෙවීමට යටත් කිරීමෙන් ආදායම වැඩි කර ගැන්ම මෙන්ම... 

ජනතාවට එතරම් නොදැනෙන ආකාරයට සේවක අර්ථසාධකේ පොලිය ඉතා සුළු ප්‍රමාණයකින් අඩු කිරීම හා.... 

කොටස් වෙළඳපොල මෙන්ම බාන්ඩාගාර හා බැඳුම්කර ව්‍යාපාරයට බලපෑම් එල්ල නොකිරීමත් අගය කළ යුතුමයි. 


මොකෝ මේ රට මෙහෙම හරි දුවන්නේ සේවා ආර්ථිකයකින් නිසා...


▪️ඒකෙන් සල්ලි අච්චු ගහන වැඩේ අඩු වෙලා ගියා. 

▪️ඒ වගේම බංගලාදේශයෙන් ගත් ණයත් ගෙවනවා..

▪️සංචිතවල වැඩි වීමකුත් තියෙනවා...

▪️රාජ්‍ය වියදමෙන්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමේ ප්‍රතිශතය 20% කින් වගේ අඩු වෙලා තියෙනවා...

▪️ඉන්ධන සලාකේ අහෝසි වෙලා තියෙනවා..

▪️උද්ධමනය තනි ඉලක්කමකට ගෙනත් තියෙනවා...


අනික විල්බැරෝවල සල්ලි ගෙනියන්න වෙයි කිව්ව ආර්ථික උස්තාද්ලා හිටපු රටක්.. 

තෙල් ටික බාගන්න සල්ලි නැතිව හාබර් එක වටේ කැරකි කැරලි තිබ්බ නැව් වලට දඩත් එක්කම ගෙවපු රටක්...

උද්ධමනය 75% කින් ඉහළ ගිය රටක්...

මේ තරමින් හෝ ගොඩ ගැන්ම අගය කළ යුතුමයි..


එමෙන්ම කළ වැරදි අවබෝධ කරගෙන මේ තීන්දූ තීරණ ක්‍රියාත්මක කරන්න පුලුවන්... ඊට උපරිම සහාය ලබා දෙන... ආර්ථිකය ගැන යම් හෝ අවබෝධයක් සහිත නායකයකු රටේ සිටීමත් ජනතාවගේ වාසනාවක්.


මොකෝ ... එයාට මෙන්ම මහ බැංකු අධිපතිටත් අභියෝග කරන දේශපාලන නායකයෝ ආර්ථිකය ගැන අබ මල් රේණුවක මොළයක් නැති ළිං මැඩි ගෝත්‍රික හාල්පාරුවෝ නිසා...


උන් ඇවිත් කරයි ලබ්බ...


.

Sep 1, 2023

සුදු අලි පෙරහරේ යහතින් යද්දී හීලෑ අලි ගැන වොරි වී හඬා වැලපෙමු..

 


සුදු  අලි පෙරහරේ යහතින් යද්දී

හීලෑ අලි ගැන වොරි වී හඬා වැලපෙමු..

➖➖➖➖➖➖➖➖➖➖➖➖💀➖


ඉන්ධන මිළ තව දුරටත් වැඩි වනු ඇත.

ඒක සක්කරයට තබා මහින්ද මගත්තයාගේ පුත්‍රයා ආවත් නවත්තන්න බැරි ලෝක සත්‍යයන්‍ය.


ඉන්ධන මිළ ගැන අනාවැකි ගෙනන ආර්ථික උස්තාද්ලා හා එම ආයතන පවසන්නේ, ලබන අවුරුද්දේ ඉන්ධන මිළ තව දුරටත් වැඩිවෙයි කියලාය.


ඒ අනුව තව කොම්පැනි 100 ක් ආවත් අපිට බඩු බනිස්‍ වෙනවාය. ඒ අස්සේ ඔපෙක් එකේ උන් කතා වෙන්නේ තෙල් සැපයුම සීමා කිරීමටය. ඒ උන්ගේ යහපතට හා උන්ගේ අනාගතේ ගැන හිතලාය. මේවා තේරුම් අරගෙන උන්නාම චතුරංග අබේසිංහ වගේ බබෙක් වෙන්නේ නැතිව, පැතුම් කර්නර් වගේ දෙයක් තේරුම් ගත හැකි එකෙක් වගේ පීචන් නොවී ඉන්නට පුලුවන් වෙනවාය.


අපේ උන්ට මෙහෙව් දේට ප්ලෑන් ඇත්තේ නැතිය. මීළඟට ලොකුම ප්‍රශ්ණය වෙන්නේ පානිය ජලයය. තියෙන වතුර ටිකත් වී වවන්න, හිඟන පන් ගොයියන්ට පූජා කොට, කෂ්ටිය වැස්ස වලාහක එනකන් බලාගෙන ඉන්නවාය. ඒ අස්සේ පන් ගොයියන්ට වන්දිත් පූජා කර, අස්වැසුමත් දන් දෙනවාය.


ඇත්තම රටේ ප්‍රශ්ණය වෙන සුදු අලි ගැන වගේ වගක් නැතිව, රැඩිකල් හිකනල්ලු වගේම රනිල් ලොක්කාගෙත් ලොකුම ප්‍රශ්ණය වෙලා තියෙන්නේ හීලෑ අලියෝය. ජනතාවටත් දැන් සුදු අලි නඩත්තු කිරීම අවුලක් වෙලා නැත්තේය.


උන් කියන්නේත් ඒවායේ ඉන්න උන්ට වැඩි පඩි දෙන්නෙයි කියලාය. 


ජොස්තරලාට ටැක්ස් ගහන්න එපා කියලාය..


පන් ගොයියන්ට නියං සහනාධාර දෙන්නෙයි කියලාය..


මහපොළ වැඩි කරන්නෙයි කියලාය..


EPF/ ETF පොලියට අත තියන්නෙපා කියලාය..


ඔක්කෝගෙම පඩි වැඩි කරන්නෙයි කියලාය..


බේත් මිළ අඩු කරන්නෙයි කියලාය..


බස් ගාස්තු අඩු කරන්නෙයි කියලාය..


ඉන්ධන, ගෑස් හා බඩු මිළ 2019 ගානට දියව් කියලාය..


ඒ කරලා උන් කියන්නේ රට මේ තරමින් හෝ ඇදගෙන යන ව්‍යාපාරිකයින්ට හා සමාගම් වලට හමන්නවන්නෙයි කියලාය....


එව්වා කරන්න ආන්ඩුවට තියා විපක්ෂයටත් වේලාවක් ඇත්තේ නැතිය. උන් කරන්නේ හත් පොලේ ගාගෙන නානා විශ්වාසභංග ගේන එක හා එන්තරාවාසි යව යවා උන්ට මේ ලබ්බේ තොවිලේ නටන්න බලේ දෙන්නෙයි කියලාය. 


හැබයි බලේ අරගෙන කරන්නේ කොහොමෙයි කියලා උන් කියන්නේ නැතිය. ඒ පිළිබඳ වැඩපිලිවක් ඇත්තේත් නැතිය. උනුත් කරන්නේ චිත්‍රපටි විචාරකයෝ වගේ විකාර කිය කියා රට වටේ යනේකය. මෝකා ආවත් ඔය සුදු අලින්ට මෙන්ම දේශපාලකයින්ට කප්පම් ගෙවනා වෙළඳ මාෆියාවන්ට කෙලින්නේ නැතිය. 


උදයංග වීරතුංග කියන්නේ ධම්මික පෙරේරා වැඩිම කප්පම් ගෙවන්නේ ජෙප්පන්ටයි කියලාය. හැබයි ජෙප්පෝ ඒවාට එන්තරාවාසි නොයවන්නේ, වැඩේ ඇත්ත නිසාය. කප්පම් වසන්ත ඒවායේ හූනියන් කරන්නේ කිසි අවුලක් නැතිවය.


මේ රටට අරක්ගත් වෙළඳ මාෆියාවන් තබා, ගිනි මද්දහනේ දෙනෝදාහක් ඉදිරියේ මිනී මරා පැන යන, පාතාල මාෆියාව මැඩ පවත්තන්නවත් පොලිස් ඇමතියාට හා හාල්පාරු පොලීසියට බැරි වී තිබෙනවාය. උන්, කොටුවේ ඉට්ටේසම ඉස්සරහා හැමදාම පොලිස් කෝලම් පෙන්නනවාය.


(බිත්තර මාෆියාවට කෙලියාට, කුකුල් මස් මාෆියාවට අත තියන්න බයය. තණකොල හා කුණු මිළ වැඩි නොවී, බීෆ් හා පෝක් වැඩි වුනේ කෙසේද කියා zoom එකෙන් හෝ මොකෙක් හරි පැහැදිලි කරනවා නම් මාතලන් බොහෝ මනාපයිය)


මාතලන් නම් කියන්නේ දැන් මේක IMF එකට හෝ ජූලී චන්ග් නෝනාට හෝ මෝදී අයියාට සින්නකරම ලියා දෙනවා නම් අහවරෙයි කියලාය. මොකෝ මේ රටේ උන්ට මේක හදන්න බැරි බවත්, කරන්න බැරි බවත්, හදන්න හෝ කරන්න එකෙක් අනාගතේ හෝ නැති බවත් දැන් ඔප්පු වී හමාරය.


ඒ වගත් මෙසේය.


.

Aug 24, 2023

චිචිගේ රොකට්ටුව හා ඉන්දියන් බිත්තරේ

 


චිචිගේ රොකට්ටුව හා ඉන්දියන් බිත්තරේ

➖➖➖➖➖➖➖➖➖➖🚀🚀🚀🚀➖


ඉන්දියාවෙ චන්ද්‍රයාන් හඳේ දකුණට ගොඩ බෑවම. මෙහේ දකුණේ කොල්ලෙක් වෙච්චි, ච්චිගේ රොකට් එකේ ගානත් එක්ක ඒක කොම්පෙයාර් කරනවා නේ.


රාජපක්ෂලා යුද්ධයෙන් පස්සේ කරපු සුද්දේ එකසිය ගානට විවේචනය කරපු එකෙක් මාතලන්..  ඒ වගේම කරපු සමහර දේවල ධනාත්මක පැතිත් අගය කළා. ලංකාව මොඩනයිස් කරෙත් එයාලා.. ඩුප්ලිකේට් හරි.. බ්‍රැන්ඩඩ් ඒවට හුරු කළේ එයාලා..


කොහොම හරි මහින්ද විනාශ කරගත්තේ එයයි එයාගේ පවුලයි කරපු ඔය වගේ විකාර වැඩ නිසා.. ඒවා හොයන්න... 2015 අපි කඩේ ගිහින් පත්කර ගත්ත උන්...  ආපු ගමන් කරේ අර යක්කු කරපු හොඳ වැඩත් නවත්තලා දාලා.... රාජපක්ෂලාට වැඩියෙන් හම්බ කර ගන්න... බොන්ඩ්ස් වලට ගේමක් දීපූ එක. එව්වා දැන් වැඩක් නෑ. අතීතයේ කතා පමණයි..


කොහොම හරි මට පෙන්නන්න ඕන.... ඉන්දියාව මේ ස්පේස් ප්‍රොජෙක්ට් එකට වියදම් කරපු කොස්ට් එක අඩු වුනේ කොහොමද කියන එක. 


ඒ ගැන එලොන් මස්ක් පවා පුදුම වෙලා තිබුනා. ඒ වගේම සමහර හොලිවුඩ් ෆිල්ම් වලට ඊට වඩා වියදම් කරලා තිබුනා. ඒවා ගැන ඇමරිකාවෙත් කතා බහක් ඇති වෙලා. දැන් ඉතින් එලොන් මස්ක් පවා ඉන්දීයාවට එන්න ඉඩ තියෙනවා...


ඒකට හේතු ගනනාවක් තියෙනවා... ඉන්දියාවේ නිශ්පාදන වියදම අවම වීම.... ඉන්දියාවේ ජීවන වියදම අඩු වීම...හා... උගත් බුද්ධිමත් අයගේ ජීවිත සරළ වීම ඉන් විශේෂයි.. ඒක ඊයේ මුළු ලෝකයම දැක්කා..


ඉන්දියාවේ ස්පේස් ප්‍රෝග්‍රෑම් එකේ විශේෂඥයින්ට ලැබෙන්නේ නාසා එකේ අයට වඩා ගොඩාක් අඩු මුදලක්. ඒ කියලා ඒ මිනිස්සු ඒකට නහයෙන් අඬන්නේ නෑ. ඉන්දියාව ඇමරිකාව එක්ක කොම්පෙයාර් කරන්න යන්නේ නෑ... මොකෝ එයාලා ඉන්දියාවට මාර ආදරෙයි. ඊළඟ පරම්පරාව ගොඩ දාන එක තමයි ඔවුන්ගේ එකම පරමාර්තය. චීනයත් පරද්දලා ලොව බලවතා වීමයි ඔවුන්ගේ ටාගට් එක. හිඟන්නත් ඉන්නේ ඒ මෙන්ටලැටි එකේ.


චන්ද්‍රයාන් 2 ත් ෆේල් වුන වෙලේ මෝදී පෞද්ගලිකවම මේ පිරිස මුණගැසිලා ඔවුන් දිරිමත් කරනවා.... ඔවුන්ව සනසනවා...ඒ කරලා අවුරුදු 4 කට පස්සේ තමයි මේ ජය ලබන්නේ. 


ඒක මෝදි කියන්නේ මුලු ලෝකයේම ජයග්‍රහණයක් කියලා. මේ මගින් ලබා දෙන දත්ත ඔවුන් ලෝබ නැතිව රටවල් 26 එක්ක බෙදා ගන්නවා. ඒ ලැබෙන මුදලුත් අනාගත ව්‍යාපෘතිවලටම යොමු කරනවා.


මේ සඳහා වියදම අඩු වෙන්න තවත් හේතුවක් තමා සියල්ල ඉන්දියාව තුලම නිශ්පාදනය කිරීම. ඒ සඳහා අවශ්‍ය නිශ්පාදන අමුද්‍රව්‍ය සියල්ලෙන් ඉන්දියාව පොහොසත්. අනික... සමහරු මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කලත් ... ඒ වෙනුවෙන් අමතර දීමනා වරප්‍රසාද කිසිවක් ඉල්ලුවේ නෑ. සමහරු සති ගනන් මාස ගනන් ගෙදර ගිහින් නෑ... පෞද්ගලික ජීවිතයක් තිබිලා නෑ.. මෙහේ උන්, ඇමරිකාවේ උන් එහෙම නෑ. අපේ උන් නම් නිවාඩුමයි හොයන්නේ.


මෙහේ කරන්නේ ඕවට යන වියදමට අමතරව වංචා කරන මුදලත් ප්‍රොජෙක්ට් එකට එකතු වීම. මිස්ට 10% (ටෙන් පසන්ට්) කිව්වට... ගහපු ගැගිලි FCID එකට තියා, ලෝකල් ෂර්ලොක් හෝම්ස්, අනුර කුමාර දිසානායක මහත්තයටවත් හොයා ගන්න බැරි උනා. හැබයි එයාලත් එක පාරටම පාරම්පරික ධනපතීන් බවට පත් වුනා...


මේ වංචාවලට, හොරකම් වලට, දූෂණ වලට හොඳම උදාහරණය තමා බිත්තර.. නිශ්පාදන අමුද්‍රව්‍ය කිසිවක් මෙහේ නෑ... හදන්න ඕන කමකුත් නෑ... හදන්නෙත් නෑ.. ඊට ලාබයි ගේන එක...


ඉන්දියාවේ බිත්තර එහේ නිශ්පාදන වියදමත් එක්ක ... අපනයන බදුත් ගෙවලා... නැව් ගාස්තුත් ගෙවලා... රක්ෂණ මුදලුත් ගෙවලා... මෙහේ බදුත් ගෙවලා... රුපියල් 30 කට දෙන්නේ ලාබයකුත් තියාගෙන. 


මෙහේ ඒ හා සම්බන්ධ ආයතන වල උනුයි බිත්තර මාෆියාවයි එකතු වෙලා රුපියල් 65 ට දීපුවා දැන් 40 යි. දැන් දෙන්නේ පාඩුවටද.. නෑ අර පාරිභෝගිකයා මරාගෙන කාපු මහා ලාබයෙන් කොටසක් අඩු වුන එක විතරයි වුනේ.


ඉතින් එහේ අඩුවෙන්නයි මෙහේ වැඩිවෙන්නයි හේතු අහන ගොබ්බයන්ට කියන්න තියෙන්නේ... මෙහේ ගොබ්බ දේශපාලුවෝ කියන දේම ඒ විදියටම වමාරන්නේ නැතිව... පොඩ්ඩක් ලෝකය ගැනත් හොයලා බලහල්ලා. ඒක දැන් හරි ලේසියි... 


ලංකාව කියන්නේ ලෝකේ නෙමේ...


🛑 මේ පින්‍තූර ගොඩේ එක පින්තූරයක තියෙනවා ඉන්දියාව මේ වැඩේ පටන් ගත් වෙලේ ඉඳන් ගියපු ටෝටල් කොස්ට් එක.




.

Aug 22, 2023

ධර්මේ කළේ අධාර්මික දෙයක්ද? පෝන්, සෙස් පෝන් හා වීඩියෝ චැට්

 


ධර්මේ කළේ අධාර්මික දෙයක්ද?

පෝන්, සෙස් පෝන් හා වීඩියෝ චැට්

➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴


සීන් එක මෙහෙමයි... අනෙක් හැම දේම වගේම මාතලන් නම් මේකෙන් ගත්තෙත් ආතල් එකක් විතරයි.


ගොඩාක් අය කළබල වුනාට මේවා සාමාන්‍ය දේවල්... එසේ නොවේ කියලා හිතන අය තමා බොහෝම කළබල වෙලා තියෙන්නේ. මොකෝ සෙස් කියන්නෙත් බත් කනවා වගේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක්. ඉතින් යූ ටියුබ් එකෙන් උයනවා වගේම, සෙස් කරන එකත් කරනවා.


මිනිස්සුන්ගේ වං හුං සොයනෙක මිනිස් ස්වභාවයක්, ඒකට ජාතිය, ආගම, කුලය, පක්ෂ පාට, පන්තිය, ක්ලාස් එක අදාල වෙන්නෙම නෑ. මේ ගැන ලස්සන සින්දුවක් තියෙනවා ජිප්සීස් සුනිල් අයියගෙ, හිනා හිනා... පොඩ්ඩක් වෙන්න හිනා... කියලා... ඒකේ කොළඹ හතේ ළොකු නෝනලා ඕප දූප කතා කරලා හිනා වෙන හැටිත් තියෙනවා...


අපේ රටේ මිනිස්සු sex හොයලා ලෝක වාර්ථා තියනවයි කියලා අපේම උන් කින්ඩි දැම්මට... අපේ උන් ඔය ප්‍රශ්ණයේදී ලෝකේ දියුණු රටවල උන්ට වඩා සධාචාරයි. ඊයෙද කොහෙද ස්වීඩන් වලින් එලියට ආපූ ස්ත්‍රී අපචාර රැකෝඩ් එක ඒකට උදාහරණයක්. අපේ උන් වීඩියෝවක් බලලා අහිංසක වින්දනයක් ලබලා සතුටු වෙනවා. 


මේ සයිබර් සෙස් චැට් වගේම, spa කල්ට් එක නිසා අපේ රටේ දැන් ස්ත්‍රී දූෂණ වාර්ථා වෙන්නේම නැති තරම්. ඔය බහුලව වාර්ථා වෙන ළමා අපචාර වලත්, තරුණ පරපුර වැරදි කාරයෝ වෙන්නෙම නැති තරම්.


ඒවා කරන්නේ පූජකයෝ, ගුරුවරු සහ මයිනෝ හෙවත් නාකි උන්.. ඒවටත් හේතූ තියෙනවා. එකාතකින් උන්ව දේශපාලන රැස්වීම් වලට හරි ගේන එක ළොකු දෙයක්. එතකොට උන්ගේ ඊගෝ අඩු වෙනවා.


අද තියෙන්නේ එදා තිබුන ලෝකය නෙමේ. ලෝකේ තාක්ෂණිකව දියුණු වෙනකොට SEX ඉන්ඩස්ට්‍රි එක වගේම සෙස් කල්ට් එකත්... අළුත් අළුත් දේ කෙරේ යොමු වෙනවා. ලංකාවේ සෙක්ස් ඉන්ඩස්ට්‍රියක් නැති නිසා... මේවා සමහරක් අයට මැජික් වෙලා තියෙනවා.


සෙක්ස් ගේම්ස්, ලයිව් සෙස්, වීඩීයෝ චැට්, වලටම වෙන් වූ වෙබ් සයිට් ඕන තරම් තියෙනවා. පෝන් සයිට් වල පොප් අප් ඇඩ්ස් වලට එන්නෙම ඒවා. ඒ ඇරුනාම ලව් කරන වගේම, රහස් සබඳතා තියෙන... ටෙක්නොලජි දන්න හැම එකාම අතරේ මේ දේවල් සාමාන්‍යකරණය වෙලා ඉවරයි. 


ඒ නිසා වගීෂ වගේ සමාජයෙන් වහන් වෙලා පැනලා යන්න ඕන නැ. සනා වගේ මේකත් ඇඩ්වාන්ටේජ් එකක් කර ගන්නවා මිස...


මේ ගැන අවබෝධයක් තියෙන කෙල්ලෝ මේවයෙන් ෆෝන් කාඩ් එකේ ඉඳලා... ලක්ෂ කෝටී ගනන් හොයනවා. සමහර කෙල්ලෝ රටේම ජනප්‍රිය චරිත. අනික උන් ඒවා හොයන්නේ... ඔක්කොම පෙන්නලත් නෙමේ. භාගෙට පෙන්නලා. ඒකත් කලාවක්.


ලෝකය පුරා මේවා ගැන වාර්තා චිත්‍රපට මෙන්ම චිත්තරපටිත් හැදිලා බොහෝ කල්.. ෆිල්ම් එකේ රූප රාමු අතරට ඉන්බොක්ස් චැට් දාන එකත් දැන් සාමාන්‍ය දෙයක්.


එකම දේ ජනප්‍රිය කෙනෙක්ගේ මේ වගේ දෙයක් එලියට ආවම... ලෝකේ කොයි රටේ උනත් ඒවා සෙක්ස් ස්කැන්ඩල් වෙලා පෝන් සයිට් වලට ගිහිල්ලා කතා බහට ලක්වීම විතරයි. මේවා සල්ලි උල්පත්. 


ඒ නිසා මේවා ගැන දැණුවත්ව ඉඳීමත් අර සෙස් ගැන උගන්වන්න ඕන කියන ගොඩට එකතු වෙන්න අවශ්‍යමයි.


මේවා මෙහෙමයි කියලා... චැට් එකට සමහර උන් එන්නෙම විකට් පොලු පෙන්නගෙන. ඇත්තටම ඒ වගේ උන් සයිබර් ක්‍රයිම් යටතේ සිරගත කරන්න වුනත් පුලුවන්. ඒක අසහනයට වඩා නොදන්නා කම.


මේකේ භයානකම දේ පාසල් දරුවෝ වැඩිහිටියන්ගේ වික්ටිම්ස් බවට පත්වෙලා අපචාරයට ලක් වෙන්න තියෙන ඉඩ. ඒවත් නීතියෙන් ළමා අපචාර ඝණයටම වැටෙන බවත්... ඒවාත් සිර දඬුවම් ලැබිය හැකි වරදවල් බවත්.... දෙමව්පියන් මෙන්ම වැඩිහිටියන් සියල්ලෝමත් දැන ගැනීම වැදගත්.


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ....!!!

.

Aug 20, 2023

පොලීසිය කාන්තාව නෝ පාකින් හා ආර්ථිකය..

 



පොලීසිය කාන්තාව

නෝ පාකින් හා ආර්ථිකය..

➖➖➖➖➖➖➖➖⭕➖


පොලීසිය කාන්තාවකට තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න යාමත්, කාන්තාව ඊට විරුද්ධ වීමත් පෙන්වන වීඩියෝව අද වෛරල් වෙලා තියෙන්නේ..


මාතලන් නම් දෙපාර්ෂවයෙම වැරදි දකිනවා. කාන්තාවට රියදුරු බලපත්‍රයක් තියෙනවා නම් මාර්ග නීතී දැන ගන්න එපෑය. අනික ලයිසම ඉල්ලපු වෙලාවේ විසි කරන්නේ නැතිව ඒක දීලා වැඩේ ගොඩින් බේර ගන්න තිබුනා.


පොලීසියේ හැසිරීම ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑ නේ. හෙට අනිද්දා පොලීසියේ එකෙක්ට ගේම දෙනකන් එයාලා පාතාලේ එක්ක හොරා පොලිස් සෙල්ලම් කරනවා. පාතාලේ රටම හෝල්මන් කරවනවා.


මට තියෙන ගැටළුව ඕක නෙමෙයි. මේ රටේ බිස්නස් ඔක්කෝම වගේ වැහිලා යනවා. පාර අයිනේ තියෙන ෂෝ රූම්ස් හා ව්‍යාපාරික ස්ථාන බොහෝමයක් වැහිලා ගිහිල්ලා. ඒ බිස්නස් නැති නිසා. 


ඒවට නොයෙකුත් හේතූන් අතරේ පාකින් නැති එකත් ප්‍රශ්ණයක්. මේ කාන්තවත් ඇවිත් තියෙන්නේ එතන තියෙන ලොන්ඩරියට. දැන් ඉතින් ආයේ එයා ජීවිතේට එතනට එන්නේ නෑ. මේ වගේ ලොන්ඩරිවලින් සේවය ලබා ගන්නෙම වාහනයක් තියෙන අය. 


අනික පාරේ එච්චර වාහන නැති බවකුත් පැහැදිලිව පේනවා. ඉස්සරහා ත්‍රී වීල් එකකුත් නවත්තලා තියෙනවා. මේක අවවාදයක් කරලා යවන්න තිබුනා. එහෙම නැත්නම් එතනට එන අය පාක් කරන්න ඕන තැන රාළහාමිට කියන්න තිබුනා.


මගේ යෝජනාව රථ වාහන පොලීසිය වගේම පොලීසි වල රථවාහන අංශත් මේ ගැන දැණුම්වත් කළ යුතුයි. 


මරදාන ඉට්ටේසමේ බුහාරිය පැත්තේ බස් නවත්තන තැනට එක නිලධාරියෙක් දාලා නවත්තන්න පුලුවන් මහා වාහන තදබදයට අද වෙනකන් සිටි ට්‍රැෆික් එකවත්, මරදාන පොලීසියවත් පියවරක් අරගෙන නෑ. ඒ මදිවට පට්ට ට්‍රැෆික් අස්සේ සහිරා එක ඉස්සරහා හාවෝ වගේ පාරට පැනලා වාහන නවත්තලා දඩ කොල ලියනවා.


මේවයෙන් වෙන්නේ කිසියම් පිරිසක් එල්ල කරලා පටන් ගත්ත බිස්නස් ඔක්කොම වැහිලා යන එක. මොකෝ කස්ටර්මස්ලා කැමති නෑ නේ නිකන් පරිප්පු කන්න.


ඒ නිසා පාරේ එක පැත්තක් හෝ පාරිභෝගිකයාට වෙන් කළ යුතුයි. නැත්නම් ආන්ඩුවෙන් වාහන ගාල් හදලා පොලීසියෙන් පාරිභෝගිකයා ඒ ගාල් වෙත යොමු කළ යුතුයි.


මොකෝ පොලීසියේ ඉන්න උන්ට ඔය ව්‍යාපරවලට ගොඩ වෙන්නවත් ආදායමක් නෑ නේ. මේවා සුළු සිද්දීන් වගේ පෙනුනට, කෙලින්ම සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ටත් ඒ වගේම රටේ සමස්ත ආර්ථිකයටත් බලපාන විශාල කාරනා.


ආන්ඩුවයි පොලීසියයි මේ වගේ දඩකොල දීලා ආර්ථිකේ ගොඩ ගන්න යනවා නම් බිස්නස් වලට අම්මට හැමිනිලාම යන දවස වැඩි ඈතක් නෙමෙයි. ඉස්සර ජනාකීර්ණ නගරයක් වෙච්චි බොරැල්ලේ සියළුම ව්‍යාපාරික ස්ථානයන් වැසී යාම මීට එක් උදාහරණයක් .


ගොබ්බ මාධ්‍යයත් කළ යුත්තේ මේවයෙන් අන් ගෝතල් ගන්නේ නැතිව. මේන් මේ දේවල් ගැන කතා කිරීම.


ඒ ගෑණු කෙනා උනත් එතන ඒ විදියට හැසිරෙන්නේ නීතිය සැමට සමාන ලෙස ක්‍රියාත්මක නොවන බව දන්නා නිසා.


එන්න මිතුර... කිසිම වැරැද්දක් නොකරන අපි ඇයට ගල් ගසමු....


.

Aug 17, 2023

ලාංකීය හිඟන වෘත්තිකයෝ

 



ලාංකීය හිඟන වෘත්තිකයෝ

➖➖➖➖➖➖➖➖➖🔴▪️


මෑතක් වන තෙක් ලංකාවේ වෘත්තිකයින් (විශේෂයෙන් රාජ්‍ය සේවයේ හිඟන්නෝ) උන්නේ ප්‍රභූ පිරිසක් ලෙසය. (ප්‍රභූ බුරුසුවා පන්තිය). ඒ උන්ට තිබූ විශේෂ වරප්‍රසාදයක් වූ ටැක්ස් ෆ්‍රී බෙනිෆිට් එක නිසාය.


එයාලාත් ගෝල්පේස් ඇවිත් ඉල්ලුවේ ගොබ්බසේන රාජපක්ෂ එලවා දමා සිස්ටම් චේන්ජ් කරන්නෙයි කියලාය. ඉතින් ඊට පස්සේ එයාලා පත් කර ගත්ත එකා කරන්න උත්සාහ කරමින් සිටින්නේ එයය.


දැන් උන්ට ඩියුටි ෆ්‍රී ෆැසිලිටීස් ඇත්තේ නැතිය. උනුත් අනිත් උන් මෙන් බදු ගෙවන්න ඕනෑය. වෙනස්වීම් දරාගත නොහැකි ජාතියකට මෙවන් වෙනසක් දරාගැන්ම කොහොමත් අමාරුය. හැබයි රට ගොඩ ගන්න නම් සියල්ලන්ටම කට්ටක් කන්නම වෙනවාය. මෙයාලා කියන්නේ, සියල්ල නොමිළේ ලබාගත් අපට, ඉදිරියටත් සහනාධාර, ආධාර, උපකාර, උපහාර, දීපියව් කියලාය.


ඊයේ හෝ පෙරේදා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව කියා සිටියේ... කිසිම දේශපාලකයෙක් මේ මොහොතේ ජනප්‍රිය දේශපාලනයට යමින් මේ සිඳුවන දේවල් කඩාකප්පල් නොකල යුතු අතර, ලාබෙට ඉන්ධන, නොමිළේ පෝර, සැමට සමෘධි, පඩි වැඩිකිරීම් වැනි දෙකයි පනහේ බොරු පොරොන්දු ජනතාවට ලබා දී බලය ලබාගෙන පච වෙනවාට වඩා... මේ අමිහිරි සත්‍යයයෙන් ගොඩ ඒමට හැකි දේ කරන්නෙයි කියලාය.


ඊයේ මහින්දානන්ද අළුත්ගමගේ කිව්වේ... බදු එකතු කරන තැන්වල ඉන්නා හොරුන් නිසා, මේ වසරේ ඇස්තමේන්තු කළ බඳු ආදායමෙන් මේ වන තෙක් අය කරගෙන ඇත්තේ 38% පමණක් කියලාය. මෙහිදි අමතක නොකළ යුතු කාරනේ නම්, මේ ආදායම් එකතු කරන්නට ඉන්නේත්, ඉහළ වෘත්තිකයින්මය කියාය. උන් බදු එකතු නොකලාට උන්ගේ කුට්ටිය කඩාගෙන ඉවරය.


බදු එකතු කරනා ප්‍රධානම ආයතන වන, කස්ටම්මෙක, ඇක්සයිස් ඩිපාර්ට්මන්ට් එක හා ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ සුපිරි හොර ගුහාවන්ය. එකතු කරන එකටත් ෂොට් එක දෙන්නේ මුන්මය. ඒ නිසා අපරාදේ කියන්නේ... ටැක්ස් ගහපු එක, උන්ට පඩේකටවත් ගානක් නැතිය.


මේවා වෙනස් කරන්න මේ ආන්ඩුවද මේ වන තෙක් කරපු ලබ්බකුත් නැතිය. සද්දෙට පඩ ඇරියාට කිසි ගඳක් එන්නේම නැතිය. ආන්ඩුවේ පාඩු ලබන ආයතන මිලදී ගැනීමට තබා... නිකන් දුන්නත් ගන්න එකෙක් එන්නේ නැතිය. ඒ, මේවායේ සිටිනා පින්බතාලා, හූනියන් හා කම්කරු නීතී රීතී නිසාමය. එව්වා එක්ක ඒ ආයතන ගොඩ ගැනීම බොරු බව ආයෝජකයෝ නොව ට්‍රැෆික් හිඟන්නෝත් දන්නවාය.


ආර්ථිකය ගැන දැනීමක් දැක්මක් ඇති උන් කියනාකාරයට, මේ ආකාරයට රට ගොඩ ගන්න නම් තා අවුරුදු පහකටවත් බැරිය. 


75% කින් පමණ ඉහල ගිය ජීවන වියදම තාමත් එසේමය. එය තනි ඉලල්ලමකට ආවා යැයි කීවාට, ජහ මනයාගේ ආදායම වැඩි වුනේ නැතිය. ආදායම වැඩි නොවන්නේ නම්, උද්ධමනය  මයිනස් (-) අගයක් වෙන්න ඕනාය.

ඒ නිසා සියල්ලන්ටම සිඳු වී තිබෙන්නේ බිල් ටික ගෙවා දමා දත් මිටි කන්නටය. 


රාජ්‍ය සේවයට සේවකයින් බඳවා ගන්නේ නැතෙයි කීවාට, පාඩුවට උඩ යන ශ්‍රී ලන්කට් එකට ගුවන් සේවිකාවෝ ගන්නවාය. මෙව්වාට කියන්නේ වඳුරු කුණුහබ්බ කියලාය.

මේ දේවල් හාල්පාරු ලේමන්ලා වෙන අපටත් තේරෙනවා නම්, වෘත්තිකයිනන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියා මාතලන්ට නම් තේරෙන්නේ නැතිය. වෘත්තිකයෝ කතා කළ යුත්තේ විරුද්ධ විය යුත්තේ මේවාටය.


එක්කෝ මුන් මේවා දැනගෙන පරණ ටැක්ස් ෆ්‍රී ෆැසිලිටි එන්ජෝයි කරමින් ප්‍රභූ බුරුසුවා පන්තියේ සැප පහසුකම් විඳින්න ඉල්ලනවාය. නැතිනම් මුන් විශයානුබද්ද දැණීමක් පමණක් ඇති අමු ළිං මැඩි ගෝත්‍රික ගං කබරයෝය.


මාතලන්ට නම් උන්ට කීමට ඇත්තේ, සියල්ලට විරුද්ධව කැෑ ගසනා මහපොල හිඟන්නෝ මෙන් නොවී, අස්වැසුම හා සමෘධි සහනාධාර ඉල්ලා පාරේ කෑ ගසනා අසරණ හිඟන්නෝ මෙන් නොවී, සැමදා සියල්ල නොමිළේ ඉල්ලනා හිඟන වී ගොවියෝ මෙන් නොවී, ටයි එකේ හා අත් දිග කමීසයේ ගෞරවයවත් ඉතිරි කර, මේ රටින් චුත වෙයල්ලා කියලාය. මොකෝ ඔය කටුත් කාගෙන රට වෙනුවෙන් සේවය කරන්නට කැමති 45% ක් පමණ ඉන්නා නිසාය.


නැත්නම් පීචං වෙන්නේ තොපි විතරක් නොව අර මිනිසුන්ද කැපවීමෙන් කරනා මහ ළොකු රැකියාවන් හෙවත් වෘත්තීන්මය.


එ වගත් මෙසේය...


.

Aug 16, 2023

පැනමා, පැන්ඩෝරා, උගන්ඩා, මෝල්ටෝවා, සොලමන් අයිලන්ඩ්ස්, බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස්, කළු සල්ලි, බංකොලොත් රාජ්‍යය, ලොව නව ආර්ථික ප්‍රවනතා හා මොඩනයිස් ජවිපේ.

 


පැනමා, පැන්ඩෝරා, උගන්ඩා, මෝල්ටෝවා, සොලමන් අයිලන්ඩ්ස්, බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස්,  කළු සල්ලි, බංකොලොත් රාජ්‍යය, ලොව නව ආර්ථික ප්‍රවනතා හා මොඩනයිස් ජවිපේ.

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


දුගී බව දුප්පතාට දුකම උරුම කර දෙන බවත්, ඒ හේතුවෙන් සාධාරණ ලෙස ධනය ඉපයීමට උනන්දු වන ලෙසත් බුදු දහමේ දෙසලා තියෙනවාය. ඒ මෙසේය.


"දාළිද්දියං භික්‍ඛවේ දුක්ඛං ලෝකස්මිං ගිහීනා කාම භෝගිනෝ"


එමෙන්ම එසේ ධනය සෙවිය යුතු ව්‍යාපාරයන්ද උන්වහන්සේ දෙසා තිබෙනවාය...


ඒ... 1.කෘෂිකර්මය 2.වෙළඳාම 3.පශු පාලනය 4.ධනු ශිල්පය හා ශිල්ප කලා 5.රාඡ්‍ය සේවය ලෙසිනි..


එමෙන්ම, නොකළ යුතු වෙළදාම් පහක්ද, බුදුන්වහන්සේ දේශනා කරලා තිබෙනවාය, ඒවා නම්,


1.විෂ වර්ග වෙළදාම 2.අවි ආයුධ වෙළඳාම 3.මස් වෙළඳාම 4.මත් ද්‍රව්‍ය වෙළඳාම 5.වහල් වෙළදාම ලෙසය....


එහෙත් අද ලෝකයේ වැඩියෙන්ම ධනය රැස්කළ හැක්කේ උන්වහන්සේ එපා යැයි කියූ ඒවා වලින් බව, ගෝනා ඔනෙකුට වුවත් තේරෙනවාය.


එසේ රැස්කරන ධනය ආර්ථික විජ්ජාවේදී හඳුන්වන්නේ කළු සල්ලි කියලාය. 


දැන හෝ නොදැන ... ඒ සල්ලි සුදු සල්ලි බවට පත් කරනා ව්‍යාපරයන්හී කොටස් කරුවන් බවට පත්වීමට සියළු ලෝකවාසි ජනතාවට සිඳුවී අවසානය. 


මේ ව්‍යාපාර අතරට දේශපාලන ව්‍යාපාරයක්ද අයත් වීම මේ දිනවල කාගේත් කතා බහට ලක් වෙලා තියෙනවාය.


දඬුවම් මුදලාලිලාගේ සිට ෆිනෑන්ස් කොම්පැනි ක්‍රිප්ටො කරන්සි, පිරමිඩ්, තේක්ක වගා, අඹ වගා, කෝමාරිකා වගා හරහා ලංකාවේ ගලා යන්නේ මේ කළු සල්ලී මිස වෙන සල්ලි නොවේය. මේ ෆිනෑන්ස් කොම්පැණි අයිතිකාරයෝ නමට විතරක් ව්‍යාපරිකයින් වනාතර සියළු ආයෝජනයන් දේශපාලුවන්ගේය. 


යම්කිසි සාධාරණ පොලියක්  ගණුදෙණුකරුවන්ට ලබා දුන් දඬුවම් මුදලාලිට කොතලාවලාට ගේම දී, ඒවාද තම ආධිපත්‍යයට නතු කරගෙන විනාශ කර දැමුවේද, තමන්ගේ මේ ව්‍යාපාරයන්ට මාවත විවර කිරීමට බව අද බොහෝ පැහැදිලිය.


ඇත්තටම අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ රාජ්‍ය සේවය නඩත්තු කරන්න ගිහිල්ලාය. එහෙම නැත්නම් අපේ උන් නැති බැරි එකාටත් සලකන්න පුලුවන් තරම් හම්බ කරනවාය.


අපේ රටේ පමණක් නොව මුලු ලෝකයේම ලාබ ලබන ව්‍යාපාරයන් කිසිවක් සර්ව සාධාරණ නැතිය. සියල්ලෝම අධික ලාබයක් ලබති. බිත්තර මාෆියාවේ රුපියල් 60 බිත්තරේ දැන් 45 ට දෙන්නේ පාඩුවට නොවේ. උන්ට සිඳු වී ඇත්තේ ලක්ෂරි ලාබයෙන් කොටසක් අඩු වීම පමණි.


ඉතින් මුදල් නැති එකාට මේ ඔක්කොම කුඩු කාරයෝය. එහෙත් ධනවතුන් වන්නට කුඩු විකුනන්නම ඕනෙයි කියලා හිතන්නේ... අද ලෝකයේ ඇති ව්‍යාපාරයන් පිළිබඳව නොදන්නා හාල්පාරුවෝමය.


ජෙප්පන්ද උන්නේ මේ ගොඩේය. එහෙත් දැන් සියල්ල හෙලි වී හමාරය. රාජපක්ෂලාගේ කාළයේ උන් හිඟන ජෙප්පෝ වැඩි පිරිසක් යාපාලන කාළයේ පාරම්පරික පොහොසතුන් වූයේ කෙසේදැයි යන්න දැන් බොහෝ පැහැදිලිය. 


ඒ කියන්නේ ඔවුන්ගේ අරමුදල් ලංකාවේ ව්‍යාපාරයන්හීද ආයෝජනය කරලා තිබෙනවාය. දඩුවම් මුදලාලී ළඟත් පරිස්සමට මුදල් තිබ්බාය කියා පඩත්තල කොල්ලෝ කියනා කතා... විහිළු යැයි කියා ඩස්බින් දාන්න වෙන්නේ බොහෝ පරිස්සමෙන්‍ය.


මාතලන් නම් මේවා දකින්නේ යහපත් ප්‍රවනතා ලෙසය. ජූලී චන්ග් මැඩම් පැලවත්තට එනකොට, බිත්තියේ ඉන්නා ලෙනින්ලාට මාක්ස්ලාට හැංගෙන්නට සිඳුවීමද යහපත් ප්‍රවනතාවයකි.


අනුන්ගෙන් ඉල්ලාගෙන හෝ ජෙප්පෝ අඳින්නේ බැන්ඩඩ් ඒවාය. පක්ෂයට කඩේ යන පොඩි ජෙප්පියෝ පුප හිර වෙච්චි ඩෙනිම් ඇඳලා බුරි එලියේ දාගෙන යනකොට අපිටත් ආසා හිතෙනවාය. ජජබේ මැඩම් කෙනෙක් හෝඩියේ ඉඳන් ඉන්ගිරිසියෙන් උගන්වන්න ලෑස්තිය. දැට් ඉස් මාවලස්‍යෑ. බ්‍රිලියන්ට් අයිඩියාස්‍ය.


පක්ෂයට ධන පරිත්‍යාග කරනා උන්ටද ආඩම්බර විය හැකිය. ඒ උන්ගේ සල්ලි නැති නාස්ති නොවනා ලෙස, කළු සල්ලි පාරාදීසයන් වල තැන්පත් කරලා තිබෙනා නිසාය.

ඉඳින් ජෙප්පන්ට බළය ලබා දීමට දැන් කිසිවකුත් බය වෙන්නට ඕනේම නැතිය. 


ඒ ජනතා විමුක්ති පෙරමුණද නියෝ ලිබරිසම් පක්ෂයක් නිසාමය.


මේ හේතුවෙන් සජිත් රනිල් හා එක්වීමට වඩා, ජාජබ රනිල් හා එක්වීමට ඇති පොසිබිලිටිය බොහෝ වැඩිය.


වසරක් ගතවීත් රනිල්ට ආර්ථිකය ගොඩ ගැනිමට බැරී වී තිබෙනවාය. බලවත් කම්කරු නීතී තිබෙනා රටකට ඉන්වෙස්ට්මන් අරගෙන ඇවිත් දොලදන් දීලා යන්නට ආයෝජකයින්ට පුපේ අමාරුවක් ඇත්තේ නැතිය.


ගොඩ ඒමට ඇති එකම ක්‍රමය.. කළු සල්ලි පාරාදිසයක් කොට මෑතක දියුණු වූ දූපත් රාජ්‍යයන් මෙන් ගොඩ ඒම පමණමය. එවිට ලෝකයේ බොහෝ තැන්වල ඇති අපේම උන්ගේ සල්ලි වලින්ම මේක ගොඩ ගැනීම සිම්පල් වැඩක්මය.

.

.

ඒ වගත් මෙසේය....

.

Aug 14, 2023

වෛද්‍යවරුන් රට හැර යාම, ඔවුන්ගේ අයිතිවාසිකමකි. ඊට එරෙහි විය යුතු නැත.

 


වෛද්‍යවරුන් රට හැර යාම,

ඔවුන්ගේ අයිතිවාසිකමකි.

ඊට එරෙහි විය යුතු නැත.

➖➖➖➖➖➖➖➖🔴


ජොස්තර දෙවිවරු වගේම ඉස්පැසොලිස්ට් ඉර්සින්නාන්සේලා මයිග්‍රේට් කරන එක සවුක්ක අමාත්තියන්සේ  නවත්තන්න යන්නේ නීතී දාලා. ඩොක්ටර් රේට් එකක් තියෙන එකෙක්ට වතුර හුවමාරුවකටවත් බැංකොක් ගිහින් එන්න බැරි සීන් එකක් වෙන්න යන්නේ.


එව්වා සුම්මා කියලා ඊයේ ගොම සංගමේ ආන්ඩුවට රතු නීවේදනේ නිකුත් කළා. 


එතනදි නම් මාත් ඉන්නේ... ජොස්තර මහත්තුරු නෝනලා එක්ක. එයාලට කැමති විදියට ජීවත් වෙන්න බැරි නම්, ලැබෙන ආදායම මදි නම්  රට රැකියාවකට යන එකේ ඇති වැරද්ද මොකක්ද? අනික එහෙම ගිය ගමන් එයාලට රැකියාව දෙන්න ඒ රටවල් සැදී පැහැදී ඉන්නවා නම්, අහවල් එකටෙයි ශ්‍රී ලංකා මහතාට බේත් කොරන්නේ.


ඔය අනෙක් රස්සාවලටත් ලක්ෂ කෝටී ගනන් වියදම් කරලා... ඉන්ස්ටිටියුට්, ටැක්නිකල් කොලේජ්, ට්‍රේනින් සැන්ටර්, ප්‍රයිවෙට් කැම්පස් දාලා ඩිප්ලොමා දෙන්නේ, ස්කිල් ජොබ්ස් වලට ලැබෙන පඩිය වැඩියෙයි කියලා.


අනික ඉංජිනේරුවෝ උපාධිය ගත්ත ගමන් ටටා බායි කියලා මාරු වෙන්නේ.. 


ඒ නිසා ආන්ඩුව තීරණයකට එන්න ඕන තාදුරටත් ආර්ථික ශක්තියක් නැති හිඟන්නන්ට මහපොලත් දීලා, අතින් කයිට් කරගෙන MBBS දීලා, ඊට පස්සෙත් ඉස්පැසොලිස්ට්ලා වෙන්න බදු සල්ලි වියදම් කරනවද? නැත්නම් ඒකේ වටිනාකම ගෙවලා ගන්න පුලුවන් උන්ට ගන්න දෙනවද කියලා.


මොකෝ ඕකුන්ට ඒජන්සි වලට, බෝට්ටුවලට ගෙවන්න ලක්ෂ කෝටී ගනන් තියෙනවා නම්, පිරමිඩ් වල ඉන්වෙස්ට් කරන්න කෝටි ගනන් තියේ නම්, නිර්ධන පංතියේ වැඩකරන ජනතාවගේ පක්ෂ වලට මෝල්ටාවේ ඉන්වෙස්ට් කරන්න කෝටී ප්‍රකෝටි ගනන් තියේ නම්, රෙද්දටද මක්කවත් නොමිළේ දෙන්නේ. දීලා ඉල්ලගෙන කන්නේ.


සුද්දගෙ කාලේ තිබ්බේ එහෙම ක්‍රමයක්. ඒක නේ එදා මහා මාන්නේ ඩී ඇස් කිව්වේ නිදහස් අජ්ජාපනේ දීලා බලහල්ලකෝ අනාගතේ වෙන දේ බලා ගනිල්ලා කියලා.  


ඒ නිසා අනුරුද්ධ ප්‍රදීප් කියන්නැහේ ඕක 🐕 ටයි කොල්ලටයි කෙල්ලටයි හැම එකාටම දෙන්න ඕනැන්නේ නෑ. රස්සාවෙන් ජීවත් වෙන්න බලන්නේ නැති... යමක් කමක් තියෙන.. ඉන්ගිරිස් පුලුවන්... වැදගත් පෝසත්  උන්ට ඉතරක්ම දුන්නාම ඉවරයි.


නැත්නම් ඉතින් වී වගාවෙයි ජොස්තර හා ඉස්පැසලිස්ට් වගාවෙයි වෙනසක් නැති වෙනවා. සදා හිඟන්නෝ. අන්තිමට ණයත් ආන්ඩුවෙන් ගෙවලා තව සහනාධාර දීලා ඉවරෙකුත් නෑ...


ඒ වගත් මෙසේය....


- මාතලන් යකා -

.

Aug 11, 2023

ජවිපේ කොන්ඩම් න්‍යායය. (වත්මනේ නිරූපා සිට හරිනි ලාල් හා චතුරංග අබේසිංහ දක්වා....)

 


ජවිපේ කොන්ඩම් න්‍යායය.

(වත්මනේ නිරූපා සිට හරිනි ලාල් හා

චතුරංග අබේසිංහ දක්වා....)

➖➖➖➖➖➖➖➖🔴➖


අපේ රටේ උන් පිටරටින් අරගෙන හරි... අපිම නිර්මාණය කරලා හරි.... අපූරූ උපහැරණ ඉදිරිපත් කරණ ජාතියක්. මේකට අද ඉන්න සුපිරිම භාන්ඩේ තමා Tharindu Sri Lokugamage. පොරගේ "ජීවිතයේ ඔයිල් පැල්ලම්" කියන නිර්මාණය ගැන... මහින්ද ප්‍රසාද් මස් ඉඹුල පවා විශ්මයට පත් වෙන්නේ.... ඒ හේතුවෙන්. ඒ අතින් සිහල භාෂාව නම් මණරම්. 


මේවයින් ජනප්‍රිය දෙකක් තමා කොන්ඩම් තියරිය සහ අලවංගු න්‍යායය. 


රෝහණ විජේවීර බාබෙකිව් කලාට පස්සේ ජේවීපී නිල නොවන ලීඩර් වෙන්නේ කුමාර් ගුණරත්නම්. ඒ අතරේ එයාලට ඕන වෙනවා ලෝකෙට පෙන්නන්න සිංහළ බෞද්ධ නායකයෙක්. ඉතින් එංගලන්තෙන් ඉම්පෝට් කරනවා සෝමේ අයියා. සෝමේ අයියා ආපු දවසේ ඉඳන් නාගන්නවා. ඒ අස්සේ බල මණ්ඩලේ දෙකට බෙදෙනවා. තත්වය දරුණු වෙන්නේ උතුරේ යුද්ධය අවසාන හරියට එනකොට. 


ඉස්සෙල්ලම සීණුවේ මැද කෑල්ල විමල් වීරවංශ පක්ෂයෙන් භාගෙකුත් එක්ක කඩාගෙන සීගීරී නගින්න මහින්ද අයියා ළඟට යනවා. මහින්ද මහත්තයා එයා ඩිස්නි ලෑන්ඩ් බලන්න එක්ක යනවා. ඊට පස්සේ පක්ෂය තුල හිටලවත් නැති කුමාර් ගුණරත්නම් සීණුවේ මිට ගලවගෙන... 8000 ක් එක්ක පෙරටුගාමී ගමනක් යනවා. ඒකෙන් පස්සේ අපේ අන්‍රයියා 3% ක විප්ලවීය ජනතාවගේ අසහාය නායකයා වෙනවා. හැබයි ගේම ගෙනියන්නේ නෙළුම් කුළුණෙන් පැනලා මැරෙන්න ඉන්න අයියා. එයාට එපා වෙච්චි දාල අනුර අයියටත් ගෞරවයෙන් බුදු සරණයි.


මේ කැපිලි කෙටිලි වෙන්නෙත් අර මාතලන් මුලින් කියපු න්‍යායයන් දෙකට අනුකූලව. ඒවා ගැන විග්‍රහ කරන්න ගියොත් පල්හෑල්ල තව දිගු වෙනවා. කොහොමත් දැන් ජේවීපී එක අනුගමනය කරන්නේ රාජපක්ෂ ෆිලෝසොෆිය බව නිර්මාල් දේවසිරි කෙලින්ම කියනවා. ඒක නාමල් රාජපක්ෂලාට, තිස්සකුට්ටිආරච්චිලාට, ජොනීලට ඉතරක් නෙමේ... චාමර සම්පත්ලට රත්තරන්ලට උනත් ආඩම්බරයක්.


ඒ නිසා දැන් වෙන දේ ලියමුකෝ... මෑතක නිරූපා සේරසිංහ හා කැටිපේ ජේවීපි එකට අළුත් එලියක් එකතු කරනවා. කැටිපේ සිවිල් චරිතයක් වෙලා උන්නට, නිරූපා පොරක් වෙන්නේ ජවිපෙ නිසා. ජෙප්පන්ට නාගරික මැද පන්තියේ යම් පිරිසකගේ ආකර්ෂණය ගේන්න ඒ දෙන්නා සමත් වෙනවා. ජජබේ උපතත් එන්නේ ඒ නිසා. හැබයි දෙන්නට වෙන දේ මාතලන් කලින්ම ලියනවා. ලිව්වා වගේම දෙන්නා පෙන්නලා අන්‍රයියා ගොඩ යනවා. ඒ තමා කොන්ඩම් න්‍යායය. 


කොටින්ම දැන් අන්‍රයියා රූපයෙන් කැටිපෙ වෙලා ඉවරයි. ඇඳුමෙන් නිරූපා වෙලා ඉවරයි. අන්‍රයියා කළු නිසා ඔහොම උන්නට,මයිකල් ජැක්සන් වගේ සුදු වෙලා, අමල් පෙරේරා වගේ ටැටූ එකක් ගහගෙන ආවත් මාතලන් නම් පුදුම වෙන්නේ නෑ. මොකෝ දැන් එයාලා ප්‍රයිවට් යුනි වලටත් මනාපයි.


නිරූපා අද කෙලින්ම පක්ෂය විවේචනය කරනවා. ඉස්සර නම් මේ වගේ අයට ෂොට් එක දුන්නට දැන් ජෙප්පොත් ටිකක් ඉතර සිවිලයිස් නිසා පාඩුවේ හිනා වෙවී ඉන්නවා.  මොකෝ දැන් අනුන්ගෙන් ඉල්ලගෙන හරි අඳින පලදින ක්‍රමය නෙමේ පක්ෂයේ නම පවා වෙනස් කරගෙන නේ ඉන්නේ. ශූර ව්‍යාපාරිකයින්ගේ හැටි එහෙමයි.


මෑතකදි හෙන ගහන කොට එලියට දාන අලවංගුව වෙච්චි ලාල් අයියට ටිල්වින් අයියා කියනවා... මල්ලි ඒක ලිව්වේ නැත්නම් හොඳයි නේද.... කියලා. මොකෝ ටින් ටින් අයියා බයයි ලාල්ගේ කටට බ්‍රේක් නැති නිසා .... උගේ පෙම් සබඳතා ඉතරක් නෙමෙයි, අනෙක් උන්ගේ ඒවත් එලියට එයි කියලා. ඉතින් ලාල් අයියගේ ශෘගාරාත්මක ප්‍රොෆයිල් එකට හැමිනිලාම යනවා.


ඇතුලේ ඉන්න උන් නම් කියන්නේ හරිනි වගේ කෙනෙක් උන්නට.... ඇහැට කනට පේන කෑල්ලකට එයාලත් එක්ක ඉන්න අමාරුය කියලා. එව්වා ඉතින් ඉරිසියාවට කියන කතාත් වෙන්නත් ඇති අප්පා. විප්ලවය කරන කොට නගින්නේ නෑ කියලා නේ කියන්නේ.


ඉස්සර ගල් කටස් වලින් ෂොට් එක දුන්නට දැන් එහෙම කරන්නේ නෑ. ෂොට් එක දෙන්න ඕන එකාට හොඳට නාගන්න දෙනවා. ඉතින් හරිනිට නිව්සීලන්ඩ් යන්න දෙනවා. රාජ යෝගයක් තියෙනවය කියලා පොඩි පෙචාරයක් යවලා කිච කරනවා.


චතුරංග අබේසිංහ හෙවත් ජජබේ අනාගත නායකත්වයට අනාගන්නම දෙනවා. පොර හිටපු ගමන් ලයිව් ඇවිත් නානවා. බුකියේ හානවා. ටැලිවිසොන් එකේ කුකුලන් කෙටවිම් වලට යවලා අඬන බබෙක් කරනවා. පරදින බව දැන දැන වටගලයත් එක්ක උසාවී යවනවා. ඒවට පක්ෂයෙන් මක්කත්ම කියන්නේ නෑ...හොඳට නාගන්න, හාගන්න, අඬන්න දීලා බලාගෙන ඉන්නවා. අශූචී බලකායට කියනවා පරදින බව දැනගෙන තමයි ඕයි අපි උසාවී යන්නේ... අපිට ඕනේ අවධානේ විතරය කියලා පෝස්ට් දාපිය කියලා.


ඉතින් පරදින්නම නඩු බලවන වටගලයා හැමදාම උසාවි යනවා. නැත්නම් ඉතින් ඌට ගෙවන එලවන්ස් එකෙන් වැඩක් තියේය. ඒ නඩු ඔක්කොම උසාවියෙන් ඩස්බින් දානවා.


කොහොමත් ජේවීපී එකේ නෙමේ ..... ඕනම තැනක අධික වේගය මරු කැඳවනවා.


ඉතින් අයින් වෙලා පයින් ගියත්... පිස්සෝ වගේ හයි ඉස්පීඩ් නොයා... හෙමින් යන්නෙයි කියන අවවාදේ හැම ෆීල්ඩ් එකේම ඉන්න උන්ට දීලා, මේ පල්හෑල්ල මෙතනින් නවතිනවා.


හයි ස්පීඩ් ගියපු ගොඩාක් අය එක්කෝ වැලිගම්පිටි ගියා. නැතිනම් ස්පීඩ් එක වැඩි කමට කොහේද ගියේ කියලා හොයා ගන්න බැරිව ගියා.


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ...!!!


.

Aug 1, 2023

පරගල ටොක්සික් රෝගීන් විසින් ජාතික ගීය හා කොඩිය බුලි කිරීම...


 පරගල ටොක්සික් රෝගීන් විසින් 
ජාතික ගීය හා කොඩිය බුලි කිරීම...
➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕

මැයි 9 ආදරයේ අරගලයේ ටොක්සික් රෝගීන් විසින් දැන් අනෙක් පාර්ෂවයට මරණ තර්ජන එල්ල කරමින් සිටිනාතර, පොහොට්ටුවේ උන් කියන්නේද, නැවත බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඉස්ම බේරෙන්න දෙනවා කියලාය. 

ඒවන් මිලේච්ඡත්වයක් නැවත ඇති නොවන්නට නම්, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනා හූණූ පුපක මොළයක් ඇති උන් කළ යුත්තේ මේ දෙපිරසම ප්‍රතික්ෂේප කිරීමය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ දා සිට පරගලයේ උන් විරුවන්ට දෙන්නේ  පොරි හැලෙන්නටය. එතෙක් උන්ට හීරෝලා වූ හමුදාවේ හා පොලීසියේ රට බේරාගත් වීරෝධාර රණවිරුවන් දැන් රනිල්ගේ කටු කන බව්වෝය. 

එතෙක් ගෝල්ෆේස් සැණකෙලියේ බුරියානී හා කූඩාරම් කෑලී වලින් හිටගෙන ක්ලයිමැක්ස් ලබා සිටි පොලිසියේ හා හමුදාවේ හාල්පරුවන්ටද මෙතෙක් කල් තමන් උන්නේ පොඩ්ඩ එහා මෙහා උනොත් තමුන්ටද අරින පිරිසක් බව තේරුනේ උන්ගේ කුණුහබ්බ සංග්‍රහා හා පෝරියල් නිසාමය.

කෙසේ හෝ මේ පිරිස උන්මත්තකයින් බවට පත් වී දිවිනසාගන්නා මානසික අවපාතයට ලක් වූ මානසික රෝගීන් පිරිසක් බව අද මුලු ලෝකයටම පෙන්වමින් සිටී. සම-හරක් දිවි නසාගෙන සිස්ටම් චේන්ජ් කර ගත්තේය. සම-හරක් සමාජ මාධ්‍යවලින් සමුගෙන හොයා ගන්නටත් නැතිය. මේ ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ පිරිසය. අවංකව වෙනසක් බලාපොරොත්තු වූ පිරිසය.

එහෙත් වැටුප් හා වරප්‍රසාද ලබන පිරිසට එසේ පැත්තකට වී සිටීමට අනුග්‍රාහකයින් අවසර දෙන්නේ නැතිය. උන්ගේ අණ ක්‍රියාත්මක නොකලහොත්, අරුන්ගේ බඩේ බත් නැතිය. උන්ට දැන් සිඳුවී තිබෙන්නේ 🐅 යාගේ වලිගේ අල්ලාගත් එකාට වූ දේය. 

ඒ නිසා හොම්බෙන්ම යමින් සිටිනා මේ මානසික රෝගීන්ගේ තත්වය 1971/72 හා 88/89 කෲර ඝාතයන්ගේ තත්වටට පත් වී අවසානය. අනුග්‍රාහකයින්ටද අවශ්‍ය එයය. මන්ද ගොබ්බසේන රාජපක්ෂ එලවා ගෙන එන්නට උන්නේ රනිල් නොව රූකඩයක් නිසාය. දැන් උන්ට අවශ්‍යව ඇත්තේ රනිල් එලවා දැමීමය. 

🔴 මෙහි අවසානයද දරුණු ඛේදවාචකයක් වීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළ අගයක පවතී.

දැන් නිර්මාල් දේවසිරි වැනි නරුමයින් 88/89 දේශ විමුක්ති ජනතා ව්‍යාපාරයේ ගේම් නැවත ක්‍රියාවට නැගීමට, නම් ලැයිස්තු සකස් කරමින් සිටී. බුකි විප්ලවාදීන් කිසිඳු පැකිලීමකින් හෝ බියකින් තොරව කෙලින්ම මරණ තර්ජන එල්ල කරයි. තරිඳු උඩුවරගෙදර කෙලින්ම පොලීසියෙන් හා රනිල්ගෙන් ගේම ඉල්ලමින් සිටී. පොර උන්මත්තකයෙක් බව ප්‍රවීන මාධ්‍යවේදීන් සියල්ලම වාගේ ලියා තිබිනි. 

බෲනෝ නටාෂා ඇතුලු පිරිස සිංහළ බෞද්ධයින්ට කෙලින්ම ඇටෑක් කරති. නදී කම්මැල්ලවීර ජාතික කොඩිය බුලි කරමින් සිටී. අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක් වූ උමාරා ජාතික ගීය අනුභව කිරීමත් මෙහි එක් ක්‍රියාදාමයක් බව, ඇය ඒ ගැන කිසිවක්ම සඳහන් නොකරමින්, අනෙක් රෝගීන් පිරිස හරහා එය සාධාරණීකරණය කිරීමට ඉඩ දීමෙන් මනාව පැහැදිලි වේ.

මේ සියල්ල සාධාරණීකරණය කර ඔවුන් බේරා ගැනීමටද වෙනම පිරිසක් සිටී. ඒ කළු කෝට් මාෆියාවය. එදා නඩුකාරයින් බය කර, පාර මැද්දෙ නඩු අසා තීන්දුවද ප්‍රකාෂයට පත්කල උන්, අදද නීතියේ හිඩැස් වලින් රිංගා යමින් නීතීපති දෙපාර්තමේන්තුව, පොලීසිය හා ආරක්ෂක අංශ පීචං හාල්පාරුවෝ කර අවසානය.

මෙය ප්‍රජාතන්ත්‍රවාදයට කිසි සේත්ම සුදුසු වාතාවරණයක් නොවේ. දේශපාලුවෝ තම පාක්ෂිකයින්ට ආතල් දෙමින් රට වටා යද්දි,  දැන් මහ පාරේ හැමදම උද්ඝෝෂණය. ටොක්සික් රෝගීන් උන්ගේ ආතල්ද නොඅඩුවම ගනිමින් සිටී. 

රට නැවතත් අරාජික රාජ්‍යයක් වෙමින් තිබේ.

ගේම් ඕන් ගායිස්...
ලෙට්ස් ප්ලේ....
.

ආදරණීය උමාරා,

 


ආදරණීය උමාරා,


සෙත් වේවා !!!


ඔයා ඊයේ බෙත්තාරාමේ කියපු සෝන්ග්ස් එක හරීම ලස්සනට ගායනා කලා. ඒකේ තිබුන එනර්ජි එක අති ඉස්තරන්. ඔපෙරා අහලා නැති ගෝත්‍රික හැත්ත ඔපෙරා වලට ගඩොල් භාග වලින් කෙලින්න ගියාට, වර්සිටයිල් සෝන්ග්ට්‍රස් කෙනෙක් විදියට, ඒ ජොන්‍රා එකට කියන්න හැමෝටම බෑ මැණික.


ඒ සෝන්ග්ස් එක ඇතුලේ නෝට්ස් හරියටම පිච් උනා සුදූ.. කඩතොලු කිසිවක්ම නැති පිච් එකක් වගේ. ඩයනමික්ස් පර්ෆෙක්ට්, හරියට බිංදුසාරගේ බැටින් වගේ. ඔයාගේ ඒ විබ්‍රාටෝ වොයිස් එකට සමාන කරන්න පුලුවන් එකම වොයිස් එක... අපේ පූසී මෝල් තද වෙලා රෑට ඔපෙරා කියන වොයිස් එකට විතරමයි.


ගොඩක් උන් ඕකේ වචනයක එල්ලෙයි. ඒත් හැමදාම කියන්නේ මව් ගුණ ගීත විතරය, පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී කියන මේස කොල්ලන්ට දැන් මේ සෝන්ග්ස් එකත් හිතේ හැටියට කියන්න පුලුවන්. එක එකාට ඕන විදියට කියන සින්දුවක්, මේල් වර්ෂන් එකෙන් කිව්වාම තමයි උද්දික පුතාලගෙයි පට්ට මේසියන්ගෙයි පුපේ ඉත්තෑවෝ දුවන්න අරගෙන තියෙන්නේ.


අනික දැන් එක එක පඩත්තලයින්ට මින්පස්සේ මේ මාතෘ භූමීය දූෂණය කරන්න ලැබෙන්නෙත් නෑ. මොකෝ දැන් ඒක පීතෲභූමියක් නිසා. ඕනම නම් අරින්න විතරමයි පුලුවන්.


ඔයා වගේ හෙළයේ මහා ගායිකාවක්... ගීත කෝකිලාවක්.. ඉරාජ් වගේ වනචර වට පඩත්තලයෙක් එක්ක සින්දු කියන්න ගියා නම් ඒක මේ ලක් පියාට කරන අගෞරවයක් බව දැන් හැම එකාටම පැහැදිලි වෙයි.


අනික මැණික ඔයා හිතන්න ඇති... එහෙව් පාදඩ තුප්පහි මියුසික් කරන එකෙක්ට කඩේ යන මාතාට... මම මොකටද ෆ්‍රී පබ්ලිසිටි දෙන්නේ කියලත්.


එහෙම කළා කියලා මගේ හිතේ කිසි තරහක් නෑ වස්තුව. මොකෝ අපිත් සිංහවංශේ ඔයත් සින්හවන්සේ.


මම ආසයි වස්තු කැටේ ඔයා අර සිරස වොයිස් චෑම්ප්, රමියා එක්ක, මේ සෝන්ග් එක රෙගේ වර්ෂන් එකෙන් දෙනවා නම්. ඕන නම් ඒකට ප්‍රොටෙස්ට් තන්ත්‍රිලාගේ කසුන් කල්හාරත් ගන්න පුලුවන් නේ. 


හැබයි මන මෝහන් සිං හරි, A R රහමන් හරි මේක දැක්කොත්, ඉන්දියාවේ නිදහස් දිනේට ජන මන ගන ඔපෙරා වර්ෂන් එකෙන් කියන්න ඔයාට කතා කරන්නත් ඉඩ තියෙනවා සුදූ. ආන් එදාට තමා යොහානිට හොම්බෙන්ම යන්න වෙන්නේ..


මීට 


ඔයාගේ සදා නොවෙනස්


ආදර මාතා


.