.

.

Aug 11, 2023

ජවිපේ කොන්ඩම් න්‍යායය. (වත්මනේ නිරූපා සිට හරිනි ලාල් හා චතුරංග අබේසිංහ දක්වා....)

 


ජවිපේ කොන්ඩම් න්‍යායය.

(වත්මනේ නිරූපා සිට හරිනි ලාල් හා

චතුරංග අබේසිංහ දක්වා....)

➖➖➖➖➖➖➖➖🔴➖


අපේ රටේ උන් පිටරටින් අරගෙන හරි... අපිම නිර්මාණය කරලා හරි.... අපූරූ උපහැරණ ඉදිරිපත් කරණ ජාතියක්. මේකට අද ඉන්න සුපිරිම භාන්ඩේ තමා Tharindu Sri Lokugamage. පොරගේ "ජීවිතයේ ඔයිල් පැල්ලම්" කියන නිර්මාණය ගැන... මහින්ද ප්‍රසාද් මස් ඉඹුල පවා විශ්මයට පත් වෙන්නේ.... ඒ හේතුවෙන්. ඒ අතින් සිහල භාෂාව නම් මණරම්. 


මේවයින් ජනප්‍රිය දෙකක් තමා කොන්ඩම් තියරිය සහ අලවංගු න්‍යායය. 


රෝහණ විජේවීර බාබෙකිව් කලාට පස්සේ ජේවීපී නිල නොවන ලීඩර් වෙන්නේ කුමාර් ගුණරත්නම්. ඒ අතරේ එයාලට ඕන වෙනවා ලෝකෙට පෙන්නන්න සිංහළ බෞද්ධ නායකයෙක්. ඉතින් එංගලන්තෙන් ඉම්පෝට් කරනවා සෝමේ අයියා. සෝමේ අයියා ආපු දවසේ ඉඳන් නාගන්නවා. ඒ අස්සේ බල මණ්ඩලේ දෙකට බෙදෙනවා. තත්වය දරුණු වෙන්නේ උතුරේ යුද්ධය අවසාන හරියට එනකොට. 


ඉස්සෙල්ලම සීණුවේ මැද කෑල්ල විමල් වීරවංශ පක්ෂයෙන් භාගෙකුත් එක්ක කඩාගෙන සීගීරී නගින්න මහින්ද අයියා ළඟට යනවා. මහින්ද මහත්තයා එයා ඩිස්නි ලෑන්ඩ් බලන්න එක්ක යනවා. ඊට පස්සේ පක්ෂය තුල හිටලවත් නැති කුමාර් ගුණරත්නම් සීණුවේ මිට ගලවගෙන... 8000 ක් එක්ක පෙරටුගාමී ගමනක් යනවා. ඒකෙන් පස්සේ අපේ අන්‍රයියා 3% ක විප්ලවීය ජනතාවගේ අසහාය නායකයා වෙනවා. හැබයි ගේම ගෙනියන්නේ නෙළුම් කුළුණෙන් පැනලා මැරෙන්න ඉන්න අයියා. එයාට එපා වෙච්චි දාල අනුර අයියටත් ගෞරවයෙන් බුදු සරණයි.


මේ කැපිලි කෙටිලි වෙන්නෙත් අර මාතලන් මුලින් කියපු න්‍යායයන් දෙකට අනුකූලව. ඒවා ගැන විග්‍රහ කරන්න ගියොත් පල්හෑල්ල තව දිගු වෙනවා. කොහොමත් දැන් ජේවීපී එක අනුගමනය කරන්නේ රාජපක්ෂ ෆිලෝසොෆිය බව නිර්මාල් දේවසිරි කෙලින්ම කියනවා. ඒක නාමල් රාජපක්ෂලාට, තිස්සකුට්ටිආරච්චිලාට, ජොනීලට ඉතරක් නෙමේ... චාමර සම්පත්ලට රත්තරන්ලට උනත් ආඩම්බරයක්.


ඒ නිසා දැන් වෙන දේ ලියමුකෝ... මෑතක නිරූපා සේරසිංහ හා කැටිපේ ජේවීපි එකට අළුත් එලියක් එකතු කරනවා. කැටිපේ සිවිල් චරිතයක් වෙලා උන්නට, නිරූපා පොරක් වෙන්නේ ජවිපෙ නිසා. ජෙප්පන්ට නාගරික මැද පන්තියේ යම් පිරිසකගේ ආකර්ෂණය ගේන්න ඒ දෙන්නා සමත් වෙනවා. ජජබේ උපතත් එන්නේ ඒ නිසා. හැබයි දෙන්නට වෙන දේ මාතලන් කලින්ම ලියනවා. ලිව්වා වගේම දෙන්නා පෙන්නලා අන්‍රයියා ගොඩ යනවා. ඒ තමා කොන්ඩම් න්‍යායය. 


කොටින්ම දැන් අන්‍රයියා රූපයෙන් කැටිපෙ වෙලා ඉවරයි. ඇඳුමෙන් නිරූපා වෙලා ඉවරයි. අන්‍රයියා කළු නිසා ඔහොම උන්නට,මයිකල් ජැක්සන් වගේ සුදු වෙලා, අමල් පෙරේරා වගේ ටැටූ එකක් ගහගෙන ආවත් මාතලන් නම් පුදුම වෙන්නේ නෑ. මොකෝ දැන් එයාලා ප්‍රයිවට් යුනි වලටත් මනාපයි.


නිරූපා අද කෙලින්ම පක්ෂය විවේචනය කරනවා. ඉස්සර නම් මේ වගේ අයට ෂොට් එක දුන්නට දැන් ජෙප්පොත් ටිකක් ඉතර සිවිලයිස් නිසා පාඩුවේ හිනා වෙවී ඉන්නවා.  මොකෝ දැන් අනුන්ගෙන් ඉල්ලගෙන හරි අඳින පලදින ක්‍රමය නෙමේ පක්ෂයේ නම පවා වෙනස් කරගෙන නේ ඉන්නේ. ශූර ව්‍යාපාරිකයින්ගේ හැටි එහෙමයි.


මෑතකදි හෙන ගහන කොට එලියට දාන අලවංගුව වෙච්චි ලාල් අයියට ටිල්වින් අයියා කියනවා... මල්ලි ඒක ලිව්වේ නැත්නම් හොඳයි නේද.... කියලා. මොකෝ ටින් ටින් අයියා බයයි ලාල්ගේ කටට බ්‍රේක් නැති නිසා .... උගේ පෙම් සබඳතා ඉතරක් නෙමෙයි, අනෙක් උන්ගේ ඒවත් එලියට එයි කියලා. ඉතින් ලාල් අයියගේ ශෘගාරාත්මක ප්‍රොෆයිල් එකට හැමිනිලාම යනවා.


ඇතුලේ ඉන්න උන් නම් කියන්නේ හරිනි වගේ කෙනෙක් උන්නට.... ඇහැට කනට පේන කෑල්ලකට එයාලත් එක්ක ඉන්න අමාරුය කියලා. එව්වා ඉතින් ඉරිසියාවට කියන කතාත් වෙන්නත් ඇති අප්පා. විප්ලවය කරන කොට නගින්නේ නෑ කියලා නේ කියන්නේ.


ඉස්සර ගල් කටස් වලින් ෂොට් එක දුන්නට දැන් එහෙම කරන්නේ නෑ. ෂොට් එක දෙන්න ඕන එකාට හොඳට නාගන්න දෙනවා. ඉතින් හරිනිට නිව්සීලන්ඩ් යන්න දෙනවා. රාජ යෝගයක් තියෙනවය කියලා පොඩි පෙචාරයක් යවලා කිච කරනවා.


චතුරංග අබේසිංහ හෙවත් ජජබේ අනාගත නායකත්වයට අනාගන්නම දෙනවා. පොර හිටපු ගමන් ලයිව් ඇවිත් නානවා. බුකියේ හානවා. ටැලිවිසොන් එකේ කුකුලන් කෙටවිම් වලට යවලා අඬන බබෙක් කරනවා. පරදින බව දැන දැන වටගලයත් එක්ක උසාවී යවනවා. ඒවට පක්ෂයෙන් මක්කත්ම කියන්නේ නෑ...හොඳට නාගන්න, හාගන්න, අඬන්න දීලා බලාගෙන ඉන්නවා. අශූචී බලකායට කියනවා පරදින බව දැනගෙන තමයි ඕයි අපි උසාවී යන්නේ... අපිට ඕනේ අවධානේ විතරය කියලා පෝස්ට් දාපිය කියලා.


ඉතින් පරදින්නම නඩු බලවන වටගලයා හැමදාම උසාවි යනවා. නැත්නම් ඉතින් ඌට ගෙවන එලවන්ස් එකෙන් වැඩක් තියේය. ඒ නඩු ඔක්කොම උසාවියෙන් ඩස්බින් දානවා.


කොහොමත් ජේවීපී එකේ නෙමේ ..... ඕනම තැනක අධික වේගය මරු කැඳවනවා.


ඉතින් අයින් වෙලා පයින් ගියත්... පිස්සෝ වගේ හයි ඉස්පීඩ් නොයා... හෙමින් යන්නෙයි කියන අවවාදේ හැම ෆීල්ඩ් එකේම ඉන්න උන්ට දීලා, මේ පල්හෑල්ල මෙතනින් නවතිනවා.


හයි ස්පීඩ් ගියපු ගොඩාක් අය එක්කෝ වැලිගම්පිටි ගියා. නැතිනම් ස්පීඩ් එක වැඩි කමට කොහේද ගියේ කියලා හොයා ගන්න බැරිව ගියා.


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ...!!!


.

13 comments:


  1. අධි වේගය නරකයි අනතුරු උපදයි
    දැන-දැන එහෙම කරන්නවුන් හරි බහුලයි
    එහෙම වුණත් සමහරුනට ඉන් වාසියි
    මැද පිළිවෙත නොගන්නේ ඒ හින්දාමයි

    ReplyDelete
  2. ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ///13 වන ව්‍යවස්ථා සංශෝධනය හොඳයි කියන ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගයේ හරිනි අමරසූරියට විජය අමතක වුණේ ඇයි ?

    13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පුළුල් මාතෘකාවක් බවට පත්ව ඇති අතර, ඒ පිළිබඳ සංවාදයද වඩාත් උණුසුම් වෙමින් තිබේ.

    ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ලෙස 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහය ලබාදෙන අතර, එය අර්ථාන්විතව සිදුකිරීම තුළ රටේ බොහෝ ගැටළුවලට විසඳුම් ලබාදිය හැකි බව පක්‍ෂයේ විශ්වාසයයි.

    1987 වසරේදී පළාත් සභා ඇති කර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් විය. කෙසේ වෙතත් පළාත් සභා ස්ථාපිත කෙරුණද සැබෑ බලය බෙදීමක් සිදුවූයේ නැත.

    1987 වසරේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ බලය බෙදීමේ දේශපාලන වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා මූලිකත්වය ගෙන ක්‍රියා කළ චරිතය වන්නේ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක විජය කුමාරතුංග මහතායී. එම කැපවීම තුළ ඔහුට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවූ අතර, මහජන පක්‍ෂයේ නායකයින් 117 දෙනෙකු මෙකී කාර්ය උදෙසා ලබාදුන් දායකත්වය හේතුවෙන් ජවිපෙ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය මගින් මරණ වරෙන්තු නිකුත් කර අතිශය අමානුෂික ලෙස ඝාතනය කරන ලදී. එම සාහසික ඝාතනය සිදුකරන ලද්දේ අද රට ගොඩනගන්නට තමන් කැපවන බව පවසමින් සුරංගනා කතා නිකුත් කරන ජාතික ජන බලවේගය ලෙස නම වෙනස්කරගෙන පරණ කට්ටියම විසින් මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමක්ද මේ දක්වා සිදුව නොමැත.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මූලිකව නිර්මාණය කර ඇති ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට වූ ප්‍රකාශයක් පසුගියදා සිදුකරන ලදී. එය ඉතා හොඳ ප්‍රකාශයක් බව මහජන පක්‍ෂයේද විශ්වාසය වන අතර, එම ප්‍රකාශය අගය කිරීමටද පක්‍ෂයක් ලෙස පසුබට නොවෙමු. කෙසේ වෙතත් එම ප්‍රකාශය තුළ කිසියම් අඩුවක් සිදුව ඇති බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.

    1987 වසරේදී මෙම සංශෝධනය ඉදිරිපත් වූ දිනයේ සිට එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හඬ නැගූ සහ ඒ කැපකිරීම හේතුකොට ජනතා විමුක්ති පෙරමුණ විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර අපහාස කර අතිශය තිරශ්චීන ලෙස දරුපවුල් ඉදිරිපිටදීම ඝාතනය කරන ලද විජය කුමාරතුංග මහතා සහ එමෙන්ම ඝාතනයට ලක්වූ මහජන පක්‍ෂයේ සෙසු සාමාජිකයින් ඇයගේ මතකයෙන් ගිලිහී ගියේ ඇයිද යන්න බරපතල ප්‍රශ්නයකි. තමන්ද නියෝජනය කරන පාර්ශවයේ කොටසක් විසින් විජය මරා දැමූ බව කියන්නට ඇයට හැකි වූයේ නම් ඇයගේ ප්‍රකාශය සම්පූර්ණ වනු ඇත.

    “13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගෙන ගිය සටනේ ප්‍රතිපලයක් ලෙස විජය කුමාරතුංග ඇතුළු 117 ක් ඝාතනය වුණා. ඒ සාහසික ඝාතනය සම්බන්ධයෙන් ජවිපෙට චෝදනා එල්ල වුණා. අපි ඒ සම්බන්ධයෙන් කණගාටු වෙනවා” යනුවෙන් පවසා ඉහත සිදුකළ ප්‍රකාශය අර්ථාන්විත කිරීමට ඇය උත්සාහ කළේ නම් මේ කාලයේ සිදුවූ වටිනාම ප්‍රකාශය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රකාශය මුල්තැනට පත්වන බව සිහිපත් කරන්නෙමු.

    ස්තූතියි,

    ආචාර්ය චානක සේනානායක
    ජේ්‍යෂ්ඨ උප සභාපති
    ශ්‍රී ලංකා මහජන පක්ෂය

    ReplyDelete
  3. ජවිපෙ මෙහෙයවන ජාතික ජන බලවේගයත් හරියට ලංකාවේ පැවති ජීජීඑච් නිර්පාක්ෂික අරගල ව්‍යාපාරය වගේ....

    මතකද මේ පොර ටෝක්ස්

    🔻" ජීවිත පරිත්‍යුගයෙන් සටන් කරමින් අපි තමයි අරගලයට නායකත්වය දුන්නෙ "
    - අනුර කුමාර දිසානායක -

    🔻" අරගල භූමියේ අපේ කූඩාරම් 17 ක් තිබුණා "
    - වජිර අබේවර්ධන -

    🔻" අරගලයේ අපේ නායකයා චතුර සේනාරත්න -
    - ධනිෂ් අලි -

    🔻 " ගෝල්ෆේස් අරගලය දේශපාලනිකයි. නිර්පාක්ෂික අරගල ලෝකෙ කොහෙවත් නෑ"
    - ටිල්වින් සිල්වා -

    🔻අන්තරේ වසන්ත මුදලිගේලා අරගලයෙ මුල ඉඳන්ම පෙරමුණේ හිටියා. අන්තරේයි පෙරටුගාමී කියන්නෙ දෙකක් නෙවේ එකක්.
    - දුමින්ද නාගමුව

    🔻 අරගලයෙ හිටපු යූ ටියුබ් කාරයෙක් වෙච්ච කෝනාර ටිරාන් අලස්ගෙ දේශපාලන පක්ෂයට එකතු වෙලා.
    -ජවිපෙ ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ

    🔻අරගලේ දී ජංගි ගලවල වැටේ වනපු චින්තන ධර්මදාසලා, ධනුෂ්ක රාමනායකකලා සහ මා සමගම උපවාස කරපු කළණ ගුණසේකරලා අද රනිල්ගෙ ආණ්ඩුවේ ලොකු පුටුවල.
    -ජෙහාන් අප්පුහාමි

    🔻අරගලේ පෙරමුණ රාලල වෙච්ච වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රියලා අද රනිල්ගෙ ආණ්ඩුවෙ ඉහළම තැන් වල
    - ජාජබ නලින්ද ජයතිස්ස

    🔻 අරගල භූමියේ විශේෂ භූමිකාවක් රඟ දක්වපු කලණ ගුණසේකරලා අද රනිල්ගෙ ආණ්ඩුවෙ අධ්‍යක්ෂක ධූර වල..
    -ජගත් මනුවර්ණ සහ සුනිල් හඳුන්නෙත්ති

    🔻අරගලේ ඉවර වෙනකොටම දමිතා සජිත්ගෙ දේශපාලන වේදිකාවට නැග්ගා.
    -ලාල් කාන්ත

    🔻අරගලේ ඉවර වෙනකොටම පේෂලලාත් සජිත්ගෙ තුරුල්ලේ.
    - සුනිල් හඳුන්නෙත්ති සහ විජිත හේරත්

    🔻අරගලේ ෆන්ට් එකේ හිටපු කසුන් කල්හාරලා, සමනලී ලා, දුලීකලා, දීපානි සිල්වා ලා වගේ කලහාකාරයො ජාතික ජන බලවේගය ස්ටේජ් එකේ හිටියා.
    -දමිතා අබේරත්න සහ පේෂල් මනෝජ්

    🔻දැන් ඉතුරු අරගලකාරයො ටික සමගි ජන බලවේගයේ ආරක්ෂක කටයුතු පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශක සහ අනාගත ආරක්ෂක ඇමති සරත් පොන්සේකා වටා ඒකරාශී වෙලා...
    -අශෝක් අබේසිංහ

    🔻 මේකට තව එකතු වෙන්න ඕන නිර්පාක්ෂික ඩයස්පෝරාව, නිර්පාක්ෂික ම්‍රස්ලිම් අන්තවාදීන් සහ නිර්පාක්ෂික ඇමරිකානු තානාපතිවරිය.. etc etc. දීපු නානාප්‍රකාර ගොන් ආතල් පොර ටෝක්ස් හැටහුට හමාරත්

    දැන් වත් මට කියනවද...?

    අරගලය නිර්පාක්ෂික ද....?

    අපිත් සහයෝගය ලබාදී ක්‍රියාත්මක කරපු අරගල ව්‍යාපාරය අවසානයේ ව්‍යාපෘතියේ අරමුණ වූ නන්දසේන ගෝතයා ගෙදර ගියා.

    ඒත් අපට පොරටෝක්ස් ඉෂූ කරපු
    අනිත් නිර්පාක්ෂික අරගලකාරයො ටික තාමත් සක්‍රීය පක්ෂ දේශපාලනයේ ලැජ්ජනැතුව කාලකණ්නිකමට රගනවා

    අවුරුදු 75 ශාපෙ ඉවරයිද....?

    දුක් විඳපු අන්තිම පැය ඉවරයිද...?

    දැන් අපි ඉන්නෙ ෂැපේද...?

    පට්ට නිර්පාක්ෂික අරගලේ... නොදකින් අපේ පොදුජන අරගලය පාවාදුන් කාලකන්නි හැත්තට සාප වේවා සාප වේවා සාප වේවා තොපි සේරම මකබෑවිලා හැමිනිලාම අවීචි මහා නරකාදියටම පලයව් රාජපක්ෂ හොරහැත්තත් එක්කම පර හැත්ත... 🤬😈😡👿👹

    ReplyDelete
  4. ඇත්තටම කතාව ඇත්ත කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල කියල කියන්නේ ඕකටනේ විශේෂයෙන්ම ජවිපෙ විතරක් නෙවෙයි පොහොට්ටුව අවුරුදු හතරකට විතර කලින් වියත් මග කියල එකක් දාල ගොඩක්ම තරුණ වෘත්තීයවේදීන් සහ දක්ෂ පුද්ගලයන් යම් පිරිසක් රවටා මධ්‍යම පන්තිය සහ දැන උගත් තරුණ පරපුරේ ආකර්ෂණය දිනාගෙන ඊට පසුව උන්ව කපලා දාල සුපුරුදු විදියට ගෝතකරුම ටික පාර්ලිමේන්තුවට රිංගවා ගත්තා, ඒකෙන් තමයි රාජපක්ෂ පවුල සහ විශේෂයෙන්ම ලංකාව තුල සහ පිටරට ගිය ගොඩක්ම ලංකාවේ අය ගෝඨාභය රාජපක්ෂ ගැන පැවති විශ්වාසය සහ බලාපොරොත්තු සහගත බව බිඳවැටීමේ ආරම්භය වුණේ. ලෝක ගල් ආඳෙක්වෙන මෛත්‍රීපාල සිරිසේන පල්හොරා අලුත් පරපුර සහ සෝභිත හාමුදුරුවන්ව අන්දලා පොත දාල රටකපටි ගේමක් දුන්නා වගේ, හැබෑවටම ජවිපෙ ජාතික ජන බලවේගය මම හිතන්නේ ඊටත් වැඩිය ගොඩක්ම ප්‍රතිගාමී කණ්ඩායමක්, හරිනි අමරසූරිය උනත් පාර්ලිමේන්තුවට ආවේ ටිල්වින් සිල්වා සහ කුල සාධකය මත පදනම්ව, ඒත් ඇත්තටම කැටිපේලාට හෝ නිරූපලාට සහ වෙනත් ජාතික ජන බලවේගයේ අලුත්ම කට්ටියට ඕකේ තනතුරුවලට යන්න ලැබෙන්නේ හරිම අඩුවෙන් ලොක්කෝ බෙදාගෙන බදාගෙන කාල ඉතුරූ වෙන රොඩ්ඩ තමයි ලැබෙන්නට නියමිත වෙන්නේ

    ඒක නෙවෙයි මාතේ ලංකාවට වාහන ගෙන්වන්න අවසර දෙන බවට කියන නිසා අපේ ගෙදර අම්මලා තාත්තලට වාහනයක් යවන්න ඕන කියල හිතුන ඇත්තටම දැනට ලංකාව තුල වාහන මිලේ පොඩී අඩුවීමක්නම් පේන්න තියෙනවා.. වාහන ගෙන්නුවොත් අඩුවෙයි කියලා ගොඩක් අය කියනවා, ඒත් ලංකාවට වාහන ගෙනාවොත් 300% ක් වගේ tax එකකින්නේ ගෙන්නන්නේ, ඒ වෙද්දි ගොඩාක් මිනිස්සු 2ⁿᵈ Hand වාහන ගන්න පෙලඹෙනවා.. ඉල්ලුම වැඩි උනොත් මිල වැඩිවෙයි.. අනික ලංකාවේ වැඩි උන මොනවද අඩු උනේ 😂😭 ඒ නිසාම තාම හරියට තීරණය කරන්න අමාරුයි.

    ReplyDelete
  5. මේකෙ තියෙන අසාධාරණය තේරුම් ගන්න, සේරට ම කලින් අපි EPF/ETF කියන්නෙ මොකක්දැයි තේරුම් අරං ඉමු. EPF/ETF කියන්නෙ අපේ පඩියෙන් කපන කැපිල්ලක්. ඒක අපේ කැමැත්තෙන් කපන එකක් නෙවි. අපි කැමති වුණත් නැතත් අපේ අතට එන්න ඕන මුදලින් 20%ක් වගේ දැවැන්ත ප්‍රතිශතයක් ආණ්ඩුව කපාගන්නව. (සේවකයාගෙන් 8%යි; සේව්‍යයාගෙන් 12%යි.) මේක කපාගන්නෙ ණයක් ලෙස. ඒ කිව්වෙ මේ අපි දෙන්නෙ ආණ්ඩුවට ණයක්. ඒක තැන්පත් කරන්නෙත් මහාබැංකුවෙ.

    ඊගාව කාරණය; විශ්‍රාම වැටුපක් කියන නමින් කපාගත්තට මේක අපට ඕන ඕන තැන්වල ආයෝජනය කරන්න බෑ. උදාහරණයක් ලෙස ඇමරිකාවෙ මේ හා සමාන්‍තර ක්‍රමය වන 401(k) යටතේ පෞද්ගලික අංශයෙ සේවකයන්ට තෝරාගැනීමක් තිබෙනවා තමන්ගෙ විශ්‍රාම අරමුදල ආයෝජනය කරන්නෙ කොහේදැයි තෝරගන්න. ලංකාවෙ එහෙම බෑ. මහබැංකුවට ණයක් තමයි දෙන්නෙ. ඒ ණයට ගෙවන පොළියත් තීරණය කරන්නෙ මහබැංකුව ම තමයි. එතකොට ඔබට පේන්න ඕන මේක විශ්‍රාම අරමුදලක් වත්, ආයෝජනයක් වත් නෙමෙයි; රටේ සෑම සේවකයකුගේ ම පඩියෙන් 20%ක් ආණ්ඩුවට ආපහු ඇදගන්න හදල තියෙන ක්‍රමයක්.

    වැදගත් කාරණයක්: රටේ හැම සේවකයකුගේ ම අර්ථසාධක අරමුදල් මේකට යන්නෙ නෑ. විශේෂයෙන් ම මූල්‍ය ක්ෂේත්‍රයෙ සහ ආණ්ඩුවෙ යම් යම් ආයතනවල සේවකයන්ගෙන් කපාගන්න කොටස, EPF/ETF අරමුදලට එකතු වෙන්නෙ නෑ. ඒක වෙන ම නඩත්තු වෙන්නෙ. මේක පස්සෙ අපට වැදගත් වෙනවා. දැනට ඔළුවෙ තියාගන්න. ;) 😉

    එතකොට ඇයි EPF/ETF සඳහා ඉහළ පොළියක් ලැබෙන්න ඕන? සරලයි. ඔය අරමුදල් දෙක ලේසියකට හොල්ලන්න බෑ. එක්කො ඉඩම්/නිවාස ණයක් ගන්න වෙලාවක් වෙන්න ඕන; නැත්නම් රට හැර යාමක් වෙන්න ඕන; කාන්තාවක නම් කසාද බඳිනකොට ගන්න පුළුවනි; නැත්නම් ඉතිං 55දී තමයි. එතකොට අපි වයස 18-20 ඉඳන් ආණ්ඩුවට ණය දුන්නට ආණ්ඩුව අපට ඒ ණය ආපසු ගෙවන්නෙ අපට වයස 55දී. ඒ කිව්වෙ අවුරුදු 35ක් විතර ගිහිල්ලා. අවුරුදු 35ක් වගේ විශාල කාලයක් තුළ උද්ධමනය නිසා රුපියල කොච්චර අවප්‍රමාණ වෙනව ද කියල මම අමුතුවෙන් කියාදෙන්න ඕනැ නෑ නේ.

    අන්න ඒ නිසයි EPF/ETF සඳහා උද්ධමනයෙන් බලපෑමක් නොවන මට්ටමේ ඉහළ පොළියක් ගෙවිය යුත්තෙ. සාමාන්‍යයෙන් උද්ධමනය වගේ 1.5-2.0 අතර පොළියක් තිබුණොත් තමයි ඒ මුදලට වටිනාකමක් ලැබෙන්නෙ.

    දැන් මොකක් ද එතකොට වෙලා තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. EPF/ETF වලට කෙළලා. ඕකයි වෙලා තියෙන්නෙ.ඒ කිව්වෙ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් රටේ වැඩකරන ජනතාවගෙ (ඔබේ සහ මගේ) පඩිපතෙන් බලෙන් කපලා මහබැංකුවෙ බලෙන් තැන්පත් කරපු ණය, ගෙවීමේ කාලය දික්කරලා සහ පොළිය 9%ට කපලා දාලා. තවත් සරල කරනවා නම්, ආණ්ඩුව අපෙන් බලෙන්ම ණය අරං, දැන් ඒක ගෙවන කාලය එයාල ම දික්කරගෙන; ඒ මදිවාට පොළියත් කපලා.

      (බයි ද වේ: අර මං කිව්ව නේද සමහර රාජ්‍ය සේවකයන්ගෙ epf/etf අපේ අරමුදලට නෙමෙයි යන්නෙ කියල? එයාලගෙ කොටස වෙනම කියල? ආ ඒකට මොකුත් වෙලා නෑ හොඳේ. ඒක සුරක්ෂිතයි.)

      දැන් මෙන්න මේ අසාධාරණයට එරෙහි ව තමයි ජනඅරගල ව්‍යාපාරය බොරැල්ලෙ පාගමන් ගියේ. ඒ අතරෙ තමයි මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර සහෝදරයව පොලිසියෙන් බලෙන් පැහැරගෙන අමානුශික විදියට පභරදුන්නේ. මේ අසාධාරණයට එරෙහි ව තමයි ජෙප්පො නඩුවක් දැම්මෙ. ඒ නඩුව තමයි පරාද වෙලා තියෙන්නෙ. ඒ ගැන තමයි අර අටවන ජනපති මහබැංකු හොර රනිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ ම සද්දෙ දැම්මේ, "මූල්‍ය කටයුතුවලට අතදාන්න උසාවියට බෑ, උසාවිය මොනවා කිව්වත් අපි වැඩකරන්නෙ පාර්ලිමේන්තුව කියන පරිදියි" කියල.

      දැන් එතකොට මේ රටේ ජනතාවගෙ පඩිපතෙන් කපාගන්න සේවක අරමුදලට කෙළල අරින්න පාර්ලිමේන්තුව ඒකපාර්ශ්වික ව තීරණය කළාම, අපට ඒකට නඩු යන්නත් බෑ! ඇයි පාර්ලිමේන්තුව නේ මුදල් ගැන තීරණ ගන්නේ? මුදල් ගැන තීරණ ගැනීමේ කේවල බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට නිසා අපේ පඩිපතට උකවන්ඩෝන කියලා පාර්ලිමේන්තුව තීරණය කළත් අපි කටපුප පියාන ඉන්ඩෝන. එහෙමද?

      මෙන්න මේ නිසා තමයි අපි කියන්නෙ; මේ ජෝක් එක දුරදිග ගියා හොඳට ම ඇති. දැන් මේකෙ අවසානයක් තියෙන්ඩ ඕන. ධනවත් සුළුතරයකගෙ කිරිපල්ල අතගාන ගමන් නිර්ධන පාන්තික බහුතරයකගෙ බඩ සෝපොත්තට ම කෙළල අරින ක්‍රමය ඉවරයක් වෙන්ඩ ඕන. ණය ප්‍රතිව්‍යුහගත කරන්ඩ එපා කියල නෙමෙයි මේ කියන්නෙ. ඒ කරද්දි අඩු ආදායම් ලබන මිනිස්සුන්ගෙ එකම විශ්‍රාම වැටුපටත් කෙළින්ඩ එපා කියලයි අපි කියන්නෙ. ලොකු ලොකු ගස්වලට අතවත් නොතියා පොඩි පොඩි ගස් ටික හූරං කන්ඩ එපා කියලයි අපි කියන්නෙ.

      ඒ වුණාට කමක් නෑ ජෙප්පො නඩුව පරාදයි නෙ. එන්න අපි ඒ සතුටට හුරේ දාමු.

      හිප් හිප්... හුරේ..!
      හිප් හිප්... හුරේ..!
      හිප් හිප්... හුරේ..!

      මේක හැමෝම අනිවාර්යයෙන්ම කියවන්න

      EPF/ETF ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි ව ජෙප්පො දාපු නඩුව පරාදයි කියලා බුකියේ හුරේ දාන ආණ්ඩුවට ජය වේ වා ජෙප්පො භංග වේ වා කියන අමන කාලකන්නින්ටයි මේ

      ජයපැන් බොන ගමන් මේකත් කියවපල්ලා

      දේශීය ණය ප්‍රශස්තකරණය කියල එකක් පහුගිය කාලෙ කළා නෙ. දැන් මේකෙදි සරල ව වෙන්නෙ රජය විසින් දේශීය ණයහිමියන්ට ගෙවිය යුතු ණය ප්‍රමාණය සඳහා කල්දැමීම්, පොළී අනුපාතික වෙනස් කිරීම් ආදී ක්‍රියාමාර්ග හරහා රජයේ ණයබර තාවකාලිකව අඩු කරගැනීම සහ පසුකාලීනව ඇරියස් එක්ක විශාල ණයක් වැඩිපුර ගෙවීම

      මේ කතාවට EPF/ETF සම්බන්ධ වෙන්නෙ, රජය විසින් ගෙවිය යුතු මුදල්වල ලොකු ම කොටසක් අයිති ඒවාට නිසා. දැන් වෙලා තියෙන දේ තමයි, EPF/ETF සඳහා ඉදිරි අවුරුදු 04ක කාලය සඳහා 9%ක "අවම" පොළියක් ගෙවීමට තීරණය වීම. (අවම කිව්වට ඔයිට උඩට යන්නෙ නෑ; අවමය ගෙවලා ෂේප් වෙනවා මිසක්.)

      Delete
  6. මාතලන් මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපදය තුල ඉතා විශාල "Home Schooling" රැල්ලක් තියෙනවා.

    ඒ කියන්නේ දරුවන් පාසල් නොයවා, නිවෙස් වල සිට දෙමාපියන් විසින් මූලික අධ්‍යාපනය ලබා දීම.

    එහිදි දරුවන්ට උගන්වන දේ තීරණය කිරීමේ හැකියාව දෙමාපියන්ට තියෙනවා.

    ඇමෙරිකා එක්සත් ජනපදයට හෝම් ස්කූලිං අලුත් දෙයක් නෙවෙයි.

    හෝම් ස්කූලිං ඇමෙරිකානු අධ්‍යාපන පද්ධතියෙම කොටසක්.

    එහෙම ගෙදර ඉගෙන ගත්තු ළමයි ඇමෙරිකාවේ ඉහළම පුටු වලට ගියා.

    ඒකාලේ ඒබ්‍රහම් ලින්කන්, තෝමස් අල්වා එඩිසන් ගේ ඉදලා මෑතකාලීනව ටේලර් ස්විෆ්ට්, සෙරීනා විලියම්ස් දක්වා නිවසේ ඉගෙන ගත් ප්‍රසිද්ධ බලවත් චරිත ඇමෙරිකාවේ ඉන්නවා.

    හැබැයි මේ කාලයේ එය ඉතා විශාල ලෙස ඉහළ ගිහින්.

    එයට හේතුව ඇමෙරිකානු වර්තමාන රජයට සම්බන්ධ ලිබරල් කණ්ඩායම් විසින්, ඇමෙරිකානු පාසල් වල ආගම් විරෝධි දෑ සහ ලිංගිකත්වය හුවා දක්වන දෑ ඉගැන්වීම. ඒ වගේම අනවශ්‍ය එල්ජීබීටී අදහස් නිසා දරුවන් විකෘති ලිංගිකයන් වන බවට බහුතරය කතෝලික සහ කිතුණු වගේම ඉස්ලාමීය පුරවැසි ජනතාවත් විස්වාස කරනවා. අපි ඒක විස්වාස නොකරන එක වෙනම දෙයක්, නමුත් බහුතර ජනමතය එයයි

    එම නිසා දෙමාපියන් දරුවන් පාසල් යැවීම අඩු කර තිබෙනවා.

    ඒ ඇමෙරිකාව.

    ලෝකයේ ධනවත්ම සහ බලවත්ම රට.

    ඒ වගේම සෑම ක්ෂේත්‍රයකම ව්‍යාපාරික නිදහස සහ ව්‍යවසායකත්වය ඉහළින්ම තියෙන රට.

    ලෝකයට අලුත් දැනුම ලබා දෙන රට.

    නමුත් ඇමෙරිකාවේ කිසිම ක්ෂේත්‍රයක මහා 'රාජ්‍ය නියාමනයක්' නැහැ.

    රාජ්‍යය මැදිහත් වෙලා 'ප්‍රමිතිය' හොයන්නෙ නැහැ.

    නමුත් ඒ නිසා ඇතිවුනු නිදහස වෙළදපොල නිසා ඇමෙරිකාවේ 'ප්‍රමිතිය' ඉහළයි.

    ශ්‍රී ලංකාවේත් මේ මොහොතේ අධ්‍යාපනයේ නියාමනය සහ ප්‍රමිතිය ගැන කතාවක් යනවා.

    ඒක මෙහෙයවන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන අන්තරයෙන්.

    ඔවුන් මේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල වහලා දාන්න ඕන කියලා සටනක් ආරම්භ කරලා.

    ඔවුන් කියන විදියට අධ්‍යාපනයට රාජ්‍ය මැදිහත් වීමෙන් ප්‍රමිතිය අවශ්‍යයලු.

    අධ්‍යාපනය අයිතියක් ලු.

    අධ්‍යාපනය විකුණන්න බැහැල්ලු.

    ඇමෙරිකාවේ නම් අධ්‍යාපනය පැහැදිලිවම වෙළද භාණ්ඩයක්.

    ඒ නිසාම ඇමෙරිකාවේ අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉතා ඉහළයි.

    ලෝකයේ හයිලි රේටඩ් විශ්ව විද්‍යාල තියෙන්නේ ඇමෙරිකාවේ.

    අපේ රටේ ඇත්තටම විශ්ව විද්‍යාල නැහැ.

    තියෙන්නේ ඒ නමින් පවතින "වෘත්තීය පුහුණු" ආයතන.

    අපේ රටේ විශ්ව විද්‍යාල වල කවදාවත් අලුත් දැනුමක් හොයාගන්නෙ නැහැ.

    අපේ රටේ විශ්ව විද්‍යාල වල හදපු තියරියක් නැහැ.

    ඔවුන් සිදු කරන්නෙ ඇමෙරිකාවෙන් සහ බටහිරින් හොයාගන්නා දැනුම රැකියාවකට සුදුසු ලෙස ඉගැන්විම පමණයි.

    'විශ්ව විද්‍යාලයක්' යන්නෙහි එයට වඩා අරුතක් තියෙනවා.

    නමුත් අන්තරය "ප්‍රමිතියක්" ගැන කතා කරනවා.

    අපේ රටේ විශ්ව විද්‍යාල නමින් පවතින වෘත්තීය පුහුණු ආයතන ලෝක ශ්‍රේණිගත කිරීම් වල තියෙන්නෙ පහලම.

    අන්තරය මේ විදියට පුද්ගලික විශ්ව විද්‍යාල විනාශ කරන්න උත්සාහ කරන්නේ අධ්‍යාපනයට හෝ රටට ඇති ආදරයක් නිසා නෙවෙයි.

    මේ වෙද්දි රාජ්‍ය විශ්ව විද්‍යාල සීග්‍රයෙන් පිරිහෙමින් යනවා.

    ඒ අන්තරය විසින් පවත්වාගෙන යන ගෝත්‍රික, පැරණි පාලනය නිසාමයි.

    රැග් වෙන්න අලුත් ළමයි කැමති නැහැ. දෙමව්පියො කැමතිත් නැහැ.

    මේ මොහොතෙත් අපේ රටේ රජරට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර වල පළමු වසර සිසුන් බලහත්කාරයෙන් රඳවාගෙන නවක වදය ලබා දෙමින් පවතිනවා.

    ඒ විශ්ව විද්‍යාලයට නිවාඩු ලබා දීලා තිබියදී. ඒ තමයි අන්තරය.

    ඉතින් ඒ විදියට පිරිහෙන රාජ්‍ය විශ්ව විද්‍යාල රැක ගන්න නම්, පුද්ගලික විශ්ව විද්‍යාල විනාශ කළ යුතුයි.

    අන්තරය මේ මොහොතේ උත්සාහ කරමින් ඉන්නේ ඒකට.

    තවදුරටත් පුද්ගලික විශ්ව විද්‍යාල විකල්පයක් ලෙස පැවතුනහොත් බිඳවැටෙන්නෙ අන්තරය.

    අවසානයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය.

    ඇමෙරිකාවේ දරුවො ගෙවල් වල ඉගෙන ගන්න පසුබිමක,

    ඕනෑම දරුවෙකුට ඕනෑම උපාධියක් තෝරා ගන්න පුලුවන් පසුබිමක,

    මේ හිඟාකන, ඩිෆෝල්ට් වෙච්ච රටේ පැරණි මිනිස්සු අධ්‍යාපනයේ ප්‍රමිතියක් ගැන කතා කිරීමම විහිලුවක් නෙවෙයිද?

    ReplyDelete
  7. මාතලන් මම ඊයේ (12 සෙනසුරාදා) සවස 4 ට Jailer ද්‍රවිඩ චිත්‍රපටය බලන්නට ගියා. එම දර්ශණය House Full තත්ත්වයේ තිබුණා. එමෙන්ම රාත්‍රී 7ට පෙන්වන්නට නියමිතව තිබූ ‘කදිර දිව්‍යරාජ’ චිත්‍රපටය සදහාත් සියළු ආසන පිරී තිබු බවත් මා දුටුවා. සිනහබර මුහුණු සමග මෙරට ද්‍රවිඩ, මුස්ලිම්, සිංහල ජනතාවගෙන් පිරී පැවතුණු එම සිනමාශාලා පරිශ්‍රය දැකීමෙන් මම විශාල සතුටක් ලැබුවා. එමෙන්ම මෙරට සිනමාවේ අර්බුදකාරී තත්ත්වයක් ඇත්දැයි යන ප්‍රශ්ණයත් සිතට නැගුණා. එහෙත් පිළියම් යෙදිය යුතු ප්‍රශ්ණත් තිබෙන බවත් ඒ සමගම මට සිතුණා.

    සාමාන්‍ය ප්‍රේක්ෂකයින් නොවූ පිරිසකට කදිර දිව්‍යරාජ චිත්‍රපටය ඇලජික් වුවත් ඉහත ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් පෙනෙන්නේ තවමත් ප්‍රේක්ෂකයා සිනමාශාලාවලට පැමිණෙන බවක් මෙන්ම සිංහල සිනමාව අත් නොහැර ඇති බවකි.

    කලක් මෙරට සිනමා කර්මාන්තයට පණක් ලබා දුන් කාම රැල්ලට වඩා රජකතා රැල්ල හොදයි කියා මට සිතෙනවා. එහෙත් හොද සිනමාවක් කියන්නේ රජකතා පමණක් නොවේ.

    සිනමාව යහපත් වන්නේ විවිධාකාර ගුණාත්මක ආකර්ශණීය චිත්‍රපට නිර්මාණය වීමෙනි. අළුත් සංකල්ප හා සිනමාත්මක ගුණ හදුනාගත් තරුණ පිරිසකුත් විවිධ නිර්මාණ කරමින් සිනමාවට එක් වෙනවා නම් අපගේ සිනමාව තවත් කොයිතරම් සුන්දර වනු ඇත්ද?

    ReplyDelete
  8. මාතා මොකද මේක ගැන හිතන්නේ?

    //
    මේ දිනවල පැවැත්වෙන LPL තරගාවලිය රටේ ප්‍රධාන මාතෘකාවක්.

    අවාසනාවකට තරගාවලිය ගැන ධනාත්මක දේ වගේම, නොඇසිය යුතු කතාත් අපිට ඇහෙනවා.

    නොදැකිය යුතු දෑත් දකිනවා.

    හරියට පාවිච්චි කළොත් LPL තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවතවත් දියුණු කරවන්න භාවිතා කළ හැකි උපකරණයක්.

    නමුත් එය වැරදියට භාවිතා වුවහොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ක්ෂනයකින් විනාශ කළ හැකි බලගතු අවියක්.

    එයට හේතුවක් තියෙනවා.

    LPL තරගාවලිය සම්බන්ධයෙන් එල්ල වෙන ප්‍රධාන චෝදනාව වෙන්නේ තරග පාවාදීමේ (Fixing) චෝදනා.

    IPL තරගාවලිය සහ තාක්ෂණයේ දියුණුව සමග විශාල වශයෙන් දියුණු වී ඇති මෑත කාලයේ ෆික්සිං කියන්නේ මුදල් ලබා ගෙන තරග පරාජය වීම නෙවෙයි.

    මුදල් වෙනුවෙන් තරගයේ තෝරාගත්තු ස්ථානයක, පෙර සැලසුම් කළ ක්‍රියාවක් සිදු කිරීම.

    එනම් හිතාමතා නිපන්දු යැවීම, නිලකුණු පන්දු ක්‍රීඩා කිරීම, පෙර සැලසුම් කළ ආකාරයන්ට දැවී යාම වැනි දෑ.

    මෙය ස්පොට් ෆික්සිං (Spot Fixing) කියලා හඳුන්වනවා.

    මේ ක්‍රියාවලිය මෙහෙයවන්නේ බුකිකරුවන් විසින්.

    වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්පොට් ෆික්සිං විශාල ධනස්කන්දයක් ගැවසෙන කර්මාන්තයක්, ජාවාරමක්.

    අතීතයේ මෙන් ඔට්ටු තබනා ස්ථානයකට ගොස් මුද්‍රිත මාධ්‍යයෙන් දැන් ඔට්ටු තැබීමට අවශ්‍ය නැහැ.

    අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකථනයෙන්, පරිගනකයෙන් ඔට්ටු දමා ක්ෂනයෙන් මුදල් ගෙවිය හැකි වේදිකා වර්තමානයේ සුලබයි.

    ඒ සඳහා වෙන් වූ වෙබ් අඩවි, ව්‍යාපාර බොහෝ තියෙනවා.

    සාර්ථක ස්පොට් ෆික්ස් කිරීමකට කණ්ඩායම් කළමණාකාරීත්වයේ සහ ක්‍රීඩකයන්ගේ සහයත් අවශ්‍යයි.

    කළමණාකාරීත්වය කෙසේ වූවත්, ක්‍රීඩකයන්ගේ සහය අත්‍යවශ්‍යයි.

    ෆික්ස් කිරීමකදී මින්පෙර සැලසුම් කළ ක්‍රියාව පිටියේ සිදු කරන්නේ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු විසින්.

    'ස්පොට් ෆික්සිං' වර්තමානයේ ඩොලර් මිලියන ගණනින් ලාභ උපයන ව්‍යාපාරයක්.

    එයින් කොටසක් ක්‍රීඩකයන්ටත් බෙදී යනවා.

    එම නිසා ක්‍රීඩාවක පැවතිය යුතු ස්වාභාවික ක්‍රීඩාව (Natural game play) වෙනුවට, පෙර සැලසුම් කළ ක්‍රියාවක් පිටියේ සජීවීව සිදු වෙනවා.

    එය බොහෝ විටෙක ෆික්ස් කිරීමක් යැයි සාමාන්‍ය රසිකයන්ට බැලූබැල්මට පෙනෙන්නේ නැහැ.

    LPL හෝ වේවා ඕනෑම තරගාවලියක "ස්පොට් ෆික්සිං" ආදායම් මාර්ගයක් වීම කිහිප ආකාරයකින් අහිතකරයි.

    ප්‍රථමයෙන්ම මේ ලෝකයට සහ මුදල් වලට නිරාවරණය වන ක්‍රීඩකයන් නැවත කිසිදා යථා තත්ත්වයට පත් වෙන්නෙ නැහැ.

    බුකිකරුවන් සමග ඇතිවෙන ඔවුන්ගේ සබඳතා සදාතනිකයි.

    ජාතික කණ්ඩායම සමග ක්‍රීඩා කරන විට පවා එවන් ක්‍රීඩකයෙක් "ෆික්සිං" වලට සම්බන්ධ නොවී සිටිනවා යැයි සහතිකයක් ලබා දිය නොහැකියි.

    එම නිසා ක්‍රීඩකයන් බුකිකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත්.

    මේ වනවිට 2020 LPL තරගාවලියේ තරග පාවා දීමේ සිදුවීමකට අදාලව හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

    Galle Titans සහ Dambulla Aura කණ්ඩායම් කළමණාකාරීත්වයන්ට, මින්පෙර බුකිකරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට ඔප්පු වී දඬුවම් ලැබූ පුද්ගලයන් සම්බන්ධ වී සිටිනවා.

    ඒ විතරක් නෙවෙයි.

    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු කළමනාකරු වන චරිත් සේනානායක ඇතුලු ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා, LPL තරගාවලියේ සිදුවන සැක කටයුතු දෑ ප්‍රශ්න කරමින් තියෙනවා.

    ඇතැම් තරගවල ක්‍රීඩකයන් දැවී ගිය අයුරු, යැවු නිපන්දු ආදිය වැඩිම මුදලක් ගෙවන ඔට්ටු වලට සමපාත වූ බව තවත් චෝදනාවක්.

    සාමාන්‍යයෙන් ඉන්දීය බුකිකරුවන් මෙහෙයවන මෙවැනි ඉහළම ගෙවීමක් (ODT) සහිත සිදුවීම් සිදුවීමට ඇත්තේ අඩු ඉඩක්.

    නමුත් LPL තරගාවලිය තුල එවැනි ගෙවීම් 21ක් දැනට වාර්තා වී තිබෙන බව කියවෙනවා.

    එය ඉතාම සුවිශේෂි ඉලක්කමක්.

    සාමාන්‍යයෙන් මේ තරගාවලියේ කණ්ඩායමක් වෙනුවෙන් හිමිකරුවන් ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් වැය කරනවා.

    ක්‍රීඩකයන් මිලට ගැනීමට, කණ්ඩායම නඩත්තු කිරීමට මෙන්ම සංවිධායකයන්ගෙන් කණ්ඩායම මිලට ගැනීමටත් ඒ මුදල් වැය වෙනවා.

    තරගාවලිය සාර්ථක වීමට නම් හිමිකරුවන්, තමන් ආයෝජනය කළ මුදල යළි ඉපැයිය යුතුයි.

    ඒ බවට සැකයක් නැහැ.

    නමුත් ඔවුන් එම ඉපැයීම් කළ යුත්තේ නීත්‍යානුකූලවයි.

    එසේ නොමැතිව නිතීවිරෝධි ඔට්ටු හෝ වෙනත් ක්‍රියාවක් සම්බන්ධ වූ විටෙක එය තරගාවලියට සහ සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටම බරපතල හානියක්.

    LPL තරගාවලියේ සැක උපදවන තවත් දේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. //
      බැලූ බැල්මට තරගාවලිය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය.

      තිරය පසුපස තරගාවලියේ සියලූම වගකීම් ඉටු කරන්නේ මෙරට ක්‍රිකට් ආයතනය.

      ආරම්භක උත්සවය, සම්පූර්ණ තරගාවලිය මෙන්ම අවසන් දිනය ක්‍රිකට් ආයතනය මුල් වී දේශීය සමාගම් විසින් සිදු කරනවා.

      මෙවර සමාරම්භක උත්සවය සිදු කළේ මෙරට සුප්‍රසිද්ධ ට්‍රයැඩ් ආයතනය විසින්.

      මින්පෙර තරගාවලි වල භාතිය සංතූෂ් ට හිමි ආයතනයෙන් එම ඉසව් සංවිධානය කළා.

      නමුත් LPL තරගාවලියේ නිල හිමිකරු වන්නේ IPG නම් සමාගමක්.

      IPG සමාගම ඩුබායි හි ජීවත් වන ඉන්දීය ජාතිකයෙකුට අයත් සමාගමක්.

      ඔවුන් විසින් තරගාවලිය උදෙසා සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරනු පෙනෙන්නට නැහැ.

      නමුත් අවසානයේ තරගාවලියේ ඉපැයීම් සහ සියලූම ලාභාංශ හිමි වෙන්නේ IPG සමාගමට.

      ඔවුන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදෙන්නේ ඒ ලාභයෙන් 25% ක කොටසක්.

      එය ඉතාම පුදුම සහගත ගණුදෙනුවක්.

      ඉන්දීය ප්‍රීමියර් ලීගය (IPL) සංවිධානය කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින්.

      බිග් බෑෂ්, The Hundred වැනි තරගාවලි වලත් එහෙමයි.

      LPL තරගාවලිය සංවිධානය කිරීමට අවශ්‍ය සංවිධානාත්මක ශක්තිය මෙන්ම මූල්‍ය ශක්තිය නොඅඩුව මෙරට ක්‍රිකට් ආයතනයට පවතින බව රහසක් නොවෙයි.

      නමුත් ඒ සඳහා තෙවන පාර්ශවයක් සම්බන්ධ වන්නේ, රාජ්‍ය විගණනය මගහැරීමටදැයි ගැටලුවක් ඇතිවෙනවා.

      LPL තරගාවලියේ සංවිධානය IPG සමාගම විසින් සිදුකරන තාක්, විදෙස් සමාගමක් වන ඔවුන් මෙරට රාජ්‍ය විගණනයට වගකිව යුතු නැහැ.

      නමුත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවීමට සිදුව තිබෙනා මිල විශාලයි.

      LPL තරගාවලියේ විකාශන අයිතීන් විකුණා ලබන මුදල් ඇතුලු සියලූම ලාභාංශ වලින් 75%ක් ඩුබායි හි වෙසෙන ඉන්දියන් ජාතිකයෙකුට හිමි වෙනවා.එය නිවැරදි කර ගත යුතු තත්ත්වයක්.

      තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් සියලූම දෙනා මේ ඔට්ටු තැබීම් වලට සම්බන්ධ බුකි සමාගම් වීමත් තවත් ආන්දෝලනයට තුඩු දුන් කාරණාවක්.

      LPL තරගාවලියේ හිමිකාරීත්වය IPG සමාගම සතු වූවත් එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කෙරෙනතුරු මෙරට භූමියේ නීතියට යටත් විය යුතුයි.

      ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් කෙටුම්පත් කළ ආචාර ධර්ම සංග්‍රහයට අනුව ඔට්ටු ඇල්ලීමට අදාල සමාගම් හෝ එයට සම්බන්ධ කිසිඳු දෙයක් මෙරට මාධ්‍ය මගින් ප්‍රචාරය කළ නොහැකියි.

      නමුත් ඉතා සුලු අක්ෂර වෙනස්කම් සහිතව, ඔට්ටු සමාගම් LPL තරගාවලිය තුල ප්‍රවර්ධනය කරමින් තියෙනවා.

      මාධ්‍ය මගින් ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රචාරය කෙරෙනවා.

      උදාහරණයක් ලෙසට 1X Bet යනු ප්‍රමුඛ ඔට්ටු තැබීමේ බුකි වෙබ් අඩවියක්.

      ඔවුන් 1X Bat නමින්, ව්‍යාජ නොපවතින පිති (Bat) සමාගමක් ලෙසින් LPL අනුග්‍රාහකත්වයට එක්වී තිබෙනවා.

      නීතියෙන් පිට පැනීමට අකුරක් වෙනස් කළත්, මෙහි ප්‍රවර්ධනය වන්නේ 1X Bet බුකි අඩවිය බව පැහැදිලියි.

      Fair Play යනු තවත් ඉන්දීය බුකි වෙබ් අඩවියක්.

      ඔවුන් නොපවත්වාගෙන යන පුවත් වෙබ් අඩවියක් ලෙසින් (News web site) Fair Play News ලෙසින් අනුග්‍රාහකත්වයට එක් වෙනවා.

      LPL තරගාවලිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ආශිර්වාදයක් වන්නේ එය නිවැරදිව භාවිතා කරන තුරු පමණයි.

      එය යොවුන් ක්‍රීඩකයන් සොයා ගැනීමටත්, ඔවුන්ට අවස්තාවන් විවර කිරීමටත්, මෙරට ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබා දීමට වටිනා අවස්තාවක් කරගත හැකියි.

      යම්කිසි හෙයකින් එය කණ්ඩායම් හිමිකරුවන්ට සහ ඉන්දීය බුකිකරුවන්ට මුදල් ඉපැයීමට පවතින අවස්තාවක් පමණක් වුවහොත්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට විශාල විනාශයක් සිදු කරන අවියක් වීම නියතයි.

      - ඉරේෂාන් සිරිවර්ධන -
      2023.08.14

      //

      Delete
    2. මේ කියන කතාව ඇත්ත ද?

      Delete
    3. ඔව් ඔය කියන කතාව ඇත්ත ඇනෝ

      Delete
  9. එදා වේල හොයාගන්න හැමදාම මොනව හරි වැරදි හොය හොයා බලයේ සිටින කාට හරි බැන බැන බයිල ගගහ පයිල් විගඩම් නාටක පෙන්වා මිනිස්සුන්ව අන්දන රටටටම වැඩක්ම නැති මීගව රැලක් වන ජවිපෙ npp මල් පොන්නම්පෙරුමලා වගේ ඊළගට වැස්ස ආවම ඩෙංගු මාරාන්තිකයි කිය කිය රජයටයි මිනිස්සුන්ටයි අවලාද සාප කර කර බැන බැන ඉන්නේ නැතුව මේ පායන වෙලාවේ අවට පරිසරය පුළු පුළුවන් විදියට සුද්ද කරල ඩෙංගු අවදානම අවම කර ගන්න වැඩ කරමු බන් ආණ්ඩුවටත් එක්ක මේ කියන්නේ හරිද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න