.

.

Aug 1, 2023

ආදරණීය උමාරා,

 


ආදරණීය උමාරා,


සෙත් වේවා !!!


ඔයා ඊයේ බෙත්තාරාමේ කියපු සෝන්ග්ස් එක හරීම ලස්සනට ගායනා කලා. ඒකේ තිබුන එනර්ජි එක අති ඉස්තරන්. ඔපෙරා අහලා නැති ගෝත්‍රික හැත්ත ඔපෙරා වලට ගඩොල් භාග වලින් කෙලින්න ගියාට, වර්සිටයිල් සෝන්ග්ට්‍රස් කෙනෙක් විදියට, ඒ ජොන්‍රා එකට කියන්න හැමෝටම බෑ මැණික.


ඒ සෝන්ග්ස් එක ඇතුලේ නෝට්ස් හරියටම පිච් උනා සුදූ.. කඩතොලු කිසිවක්ම නැති පිච් එකක් වගේ. ඩයනමික්ස් පර්ෆෙක්ට්, හරියට බිංදුසාරගේ බැටින් වගේ. ඔයාගේ ඒ විබ්‍රාටෝ වොයිස් එකට සමාන කරන්න පුලුවන් එකම වොයිස් එක... අපේ පූසී මෝල් තද වෙලා රෑට ඔපෙරා කියන වොයිස් එකට විතරමයි.


ගොඩක් උන් ඕකේ වචනයක එල්ලෙයි. ඒත් හැමදාම කියන්නේ මව් ගුණ ගීත විතරය, පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී කියන මේස කොල්ලන්ට දැන් මේ සෝන්ග්ස් එකත් හිතේ හැටියට කියන්න පුලුවන්. එක එකාට ඕන විදියට කියන සින්දුවක්, මේල් වර්ෂන් එකෙන් කිව්වාම තමයි උද්දික පුතාලගෙයි පට්ට මේසියන්ගෙයි පුපේ ඉත්තෑවෝ දුවන්න අරගෙන තියෙන්නේ.


අනික දැන් එක එක පඩත්තලයින්ට මින්පස්සේ මේ මාතෘ භූමීය දූෂණය කරන්න ලැබෙන්නෙත් නෑ. මොකෝ දැන් ඒක පීතෲභූමියක් නිසා. ඕනම නම් අරින්න විතරමයි පුලුවන්.


ඔයා වගේ හෙළයේ මහා ගායිකාවක්... ගීත කෝකිලාවක්.. ඉරාජ් වගේ වනචර වට පඩත්තලයෙක් එක්ක සින්දු කියන්න ගියා නම් ඒක මේ ලක් පියාට කරන අගෞරවයක් බව දැන් හැම එකාටම පැහැදිලි වෙයි.


අනික මැණික ඔයා හිතන්න ඇති... එහෙව් පාදඩ තුප්පහි මියුසික් කරන එකෙක්ට කඩේ යන මාතාට... මම මොකටද ෆ්‍රී පබ්ලිසිටි දෙන්නේ කියලත්.


එහෙම කළා කියලා මගේ හිතේ කිසි තරහක් නෑ වස්තුව. මොකෝ අපිත් සිංහවංශේ ඔයත් සින්හවන්සේ.


මම ආසයි වස්තු කැටේ ඔයා අර සිරස වොයිස් චෑම්ප්, රමියා එක්ක, මේ සෝන්ග් එක රෙගේ වර්ෂන් එකෙන් දෙනවා නම්. ඕන නම් ඒකට ප්‍රොටෙස්ට් තන්ත්‍රිලාගේ කසුන් කල්හාරත් ගන්න පුලුවන් නේ. 


හැබයි මන මෝහන් සිං හරි, A R රහමන් හරි මේක දැක්කොත්, ඉන්දියාවේ නිදහස් දිනේට ජන මන ගන ඔපෙරා වර්ෂන් එකෙන් කියන්න ඔයාට කතා කරන්නත් ඉඩ තියෙනවා සුදූ. ආන් එදාට තමා යොහානිට හොම්බෙන්ම යන්න වෙන්නේ..


මීට 


ඔයාගේ සදා නොවෙනස්


ආදර මාතා


.

3 comments:

  1. අඩෝ මීට පස්සෙ ලක් අම්මාව බේරගන්න ගෝල්ෆේස් ගිහිල්ලත් වැඩක් නෑ...
    මීට පස්සෙ යනවා නම් යන්න වෙන්නෙ ලංකා මහතාව බේරගන්න තමයි ඉතිං..
    😜😜

    ReplyDelete
    Replies
    1. අඩෝ... 😄 විස්ව ලංකා මහතා ද බන්? 😄

      Delete
  2. මේවට හිනා වෙන්න ද අඬන්න ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ මාතේ ඇත්තටම සියලුම සංස්කෘතික වටිනාකම් හර පද්ධති විනාශ කලහම අන්තිමට ඉතුරු වෙන්නේ මොනවද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න