.

.

Aug 1, 2023

පරගල ටොක්සික් රෝගීන් විසින් ජාතික ගීය හා කොඩිය බුලි කිරීම...


 පරගල ටොක්සික් රෝගීන් විසින් 
ජාතික ගීය හා කොඩිය බුලි කිරීම...
➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕

මැයි 9 ආදරයේ අරගලයේ ටොක්සික් රෝගීන් විසින් දැන් අනෙක් පාර්ෂවයට මරණ තර්ජන එල්ල කරමින් සිටිනාතර, පොහොට්ටුවේ උන් කියන්නේද, නැවත බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඉස්ම බේරෙන්න දෙනවා කියලාය. 

ඒවන් මිලේච්ඡත්වයක් නැවත ඇති නොවන්නට නම්, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනා හූණූ පුපක මොළයක් ඇති උන් කළ යුත්තේ මේ දෙපිරසම ප්‍රතික්ෂේප කිරීමය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ දා සිට පරගලයේ උන් විරුවන්ට දෙන්නේ  පොරි හැලෙන්නටය. එතෙක් උන්ට හීරෝලා වූ හමුදාවේ හා පොලීසියේ රට බේරාගත් වීරෝධාර රණවිරුවන් දැන් රනිල්ගේ කටු කන බව්වෝය. 

එතෙක් ගෝල්ෆේස් සැණකෙලියේ බුරියානී හා කූඩාරම් කෑලී වලින් හිටගෙන ක්ලයිමැක්ස් ලබා සිටි පොලිසියේ හා හමුදාවේ හාල්පරුවන්ටද මෙතෙක් කල් තමන් උන්නේ පොඩ්ඩ එහා මෙහා උනොත් තමුන්ටද අරින පිරිසක් බව තේරුනේ උන්ගේ කුණුහබ්බ සංග්‍රහා හා පෝරියල් නිසාමය.

කෙසේ හෝ මේ පිරිස උන්මත්තකයින් බවට පත් වී දිවිනසාගන්නා මානසික අවපාතයට ලක් වූ මානසික රෝගීන් පිරිසක් බව අද මුලු ලෝකයටම පෙන්වමින් සිටී. සම-හරක් දිවි නසාගෙන සිස්ටම් චේන්ජ් කර ගත්තේය. සම-හරක් සමාජ මාධ්‍යවලින් සමුගෙන හොයා ගන්නටත් නැතිය. මේ ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ පිරිසය. අවංකව වෙනසක් බලාපොරොත්තු වූ පිරිසය.

එහෙත් වැටුප් හා වරප්‍රසාද ලබන පිරිසට එසේ පැත්තකට වී සිටීමට අනුග්‍රාහකයින් අවසර දෙන්නේ නැතිය. උන්ගේ අණ ක්‍රියාත්මක නොකලහොත්, අරුන්ගේ බඩේ බත් නැතිය. උන්ට දැන් සිඳුවී තිබෙන්නේ 🐅 යාගේ වලිගේ අල්ලාගත් එකාට වූ දේය. 

ඒ නිසා හොම්බෙන්ම යමින් සිටිනා මේ මානසික රෝගීන්ගේ තත්වය 1971/72 හා 88/89 කෲර ඝාතයන්ගේ තත්වටට පත් වී අවසානය. අනුග්‍රාහකයින්ටද අවශ්‍ය එයය. මන්ද ගොබ්බසේන රාජපක්ෂ එලවා ගෙන එන්නට උන්නේ රනිල් නොව රූකඩයක් නිසාය. දැන් උන්ට අවශ්‍යව ඇත්තේ රනිල් එලවා දැමීමය. 

🔴 මෙහි අවසානයද දරුණු ඛේදවාචකයක් වීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළ අගයක පවතී.

දැන් නිර්මාල් දේවසිරි වැනි නරුමයින් 88/89 දේශ විමුක්ති ජනතා ව්‍යාපාරයේ ගේම් නැවත ක්‍රියාවට නැගීමට, නම් ලැයිස්තු සකස් කරමින් සිටී. බුකි විප්ලවාදීන් කිසිඳු පැකිලීමකින් හෝ බියකින් තොරව කෙලින්ම මරණ තර්ජන එල්ල කරයි. තරිඳු උඩුවරගෙදර කෙලින්ම පොලීසියෙන් හා රනිල්ගෙන් ගේම ඉල්ලමින් සිටී. පොර උන්මත්තකයෙක් බව ප්‍රවීන මාධ්‍යවේදීන් සියල්ලම වාගේ ලියා තිබිනි. 

බෲනෝ නටාෂා ඇතුලු පිරිස සිංහළ බෞද්ධයින්ට කෙලින්ම ඇටෑක් කරති. නදී කම්මැල්ලවීර ජාතික කොඩිය බුලි කරමින් සිටී. අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක් වූ උමාරා ජාතික ගීය අනුභව කිරීමත් මෙහි එක් ක්‍රියාදාමයක් බව, ඇය ඒ ගැන කිසිවක්ම සඳහන් නොකරමින්, අනෙක් රෝගීන් පිරිස හරහා එය සාධාරණීකරණය කිරීමට ඉඩ දීමෙන් මනාව පැහැදිලි වේ.

මේ සියල්ල සාධාරණීකරණය කර ඔවුන් බේරා ගැනීමටද වෙනම පිරිසක් සිටී. ඒ කළු කෝට් මාෆියාවය. එදා නඩුකාරයින් බය කර, පාර මැද්දෙ නඩු අසා තීන්දුවද ප්‍රකාෂයට පත්කල උන්, අදද නීතියේ හිඩැස් වලින් රිංගා යමින් නීතීපති දෙපාර්තමේන්තුව, පොලීසිය හා ආරක්ෂක අංශ පීචං හාල්පාරුවෝ කර අවසානය.

මෙය ප්‍රජාතන්ත්‍රවාදයට කිසි සේත්ම සුදුසු වාතාවරණයක් නොවේ. දේශපාලුවෝ තම පාක්ෂිකයින්ට ආතල් දෙමින් රට වටා යද්දි,  දැන් මහ පාරේ හැමදම උද්ඝෝෂණය. ටොක්සික් රෝගීන් උන්ගේ ආතල්ද නොඅඩුවම ගනිමින් සිටී. 

රට නැවතත් අරාජික රාජ්‍යයක් වෙමින් තිබේ.

ගේම් ඕන් ගායිස්...
ලෙට්ස් ප්ලේ....
.

41 comments:

  1. “අසිපතක් අල්ලා සිටින සිංහයෙකු තමන්ට පරිකල්පනය කළ නොහැකිය” යැයි තම දරුවා පවසන බවත් “එබැවින් ලංකාවේ ජාතික කොඩියේ සිංහයා අසිපත දරා සිටිනවා ඇඳීමට තමාට නොහැකිය” යැයි ඔහු පවසන බවත් කිසියම් කාන්තාවක් ලියා තිබුණා. එය ඉතාම කණගාටුදායක වන්නේ එම දරුවාට කිසියම් හේතුවක් නිසා වියුක්තව සිතීමේ (Abstract Thinking) නොහැකියාවක් ඇති බවට එයින් සැක කළ හැකි නිසාය.

    අතට අහුවෙන ඇහැට පෙනෙන කොන්ක්‍රීට් දෙයින් එහෙමත් නැත්නම් සංයුක්ත දෙයින් ඔබ්බට හිතන්න මිනිසාට පුළුවන්. ඒකට අපි කියනවා “වියුක්තව හිතනවා” කියා. උදාහරණයක් හැටියට අප කුඩා කල කියා දුන් ගමරාළ දිවයලෝකයට ගිය කතාව මතකද? ඒ කතාවේ අපට කියනවා පියාඹන අලියෙක් ගැන. අපේ මනසින් අපි මවා ගන්නවා පියාඹන අලියෙක්. නමුත් අපි කවදාවත් පියාඹන අලියෙකු දැක නැහැ. එහෙත් අපට මානසික හැකියාවක් තිබෙනවා පියෑඹීම සහ අලියා කියන සංයුක්ත දේ එකතු කරලා පියාඹන අලියා කියන සංකල්පය (concept) හදාගන්න. ඒ ගැන සිහින දකින්න. ඒ පරිකල්පිත දර්ශනය සිතුවමට නගන්නත්, ලියන්නත්, කියන්නත් අපට පුළුවන්. මේක මානව පරිණාමයේ උසස් හැකියාවක්. ඇත්තටම මේක තමයි භෞතිකත්වයට එහා ගිය මෙටාමය විඥාණයක් වෙනුවෙන් තියෙන මූලික යෝජනාවත් (ඒක වෙනම කතාවක්).

    මකරු, දසිස් රාවණ, භේරුණ්ඩ පක්ෂියා, හඳේ හාවා, දිව්‍ය ලෝක, අපාය, දෙවියන් වගේම පරමාණුව ගැනත් අප කරන්නේ වියුක්තව සිතීම. සමහරුන්ට හරි අපූරුවට වියුක්තව සිතන්න පුළුවන්. සමහරුන්ට ඒ තරම් හොඳට වියුක්තව හිතන්න බැහැ. ඕටිසම් වැනි තත්ත්වයක් තියෙන අයෙකුට වියුක්තව හිතන්න අපහසු වෙන්න පුළුවන්. එහෙමය කියලා අපි ඒ කිසිවෙකු වෙනස් කර සැලකිය යුතු නැහැ. හැමෝටම එකම හැකියාව පිහිටන්නේ නැහැ.

    ඒ විතරක් නොවෙයි ආදරය කියන්නෙත් වියුක්ත සංකල්පයක්. ඒක මෙන්න මෙහෙමයි කියලා අපට පෙන්වන්න බැහැ. නමුත් ආදරය ගැන අපට අදහසක් තියෙනවා. ඒ වගේමයි ස්වාධීනත්වය. ඒක මෙන්න මේකයි කියලා භෞතිකව පෙන්වන්න බැහැ. නමුත් ඒ සංකල්පය අපට තියෙනවා. ඒ සංකල්ප අපි භෞතික සංකේතවලින් නිරූපණය කරනවා. උදාහරණයක් හැටියට “අසිපත දරා සිටින සිංහයා” කිව්වම අපි කියන්නේ ස්වාධීනත්වය ගැන. තව අයෙකුට එහි වෙනස් අදහසක් දකින්නත් පුළුවන්. සිංහයා සහ අසිපත කියන සංයුක්ත දේවල් එකතු කරලා අපි වියුක්ත සංකල්පයක් හදනවා. සමහරුන්ට එහෙම කරන්න අපහසුයි. ඔවුන්ට සංයුක්ත දෙයින් ඔබ්බට හිතන්න බැහැ. ඒක දුක්ඛිත තත්ත්වයක්. විශේෂයෙන්ම දරුවන් කියන්නේ හරි අපූරු පරිකල්පනා කරන පිරිසක්. එහෙම කරන්න බැරි දරුවන්ට අනුකම්පා කළ යුතුයි.

    ලංකාවේ රැඩිකල් ලේෆ්ටිස්ට් කියලා කියාගන්න බොහෝ දෙනාට මේ වියුක්ත කල්පනය හීන බව ඔවුන්ගේ හැසිරීම් සහ ප්‍රකාශනයෙන් අපට පේනවා. ඔවුන්ට මේ අතිශය සංකීර්ණ සංයුක්ත ලෝකය තුළ අවබෝධයක් (meaning) හදාගන්න බැහැ. ඔවුන් ඇත්තටම නිරාගමික වෙන්නේ ඒ නිසයි. මොකද ඔවුන්ට ආගම් තුළ පවතින වියුක්ත අදහස් ඇත්තටම තේරුම් ගන්න බැහැ. ඔවුන්ගේ කලා නිර්මාණ කියලා කියන ඒවා පවා අමුම අමු සංයුක්ත ප්‍රතිනිර්මාණ පමණක් වෙන්නේ ඒ නිසයි. නිර්මාල් දේවසිරිට කොච්චර කිව්වත් නලින් ද සිල්වා කියන දෙය තේරුම් ගන්න බැහැ.

    ඉහත කියන දරුවාට මේ මානසික තත්ත්වය හරියටම තියෙනවාද නැද්ද කියා තීරණය කිරීම ඒ සඳහා සුදුසුකම්ලත් සහ අත්දැකීම් සහිත වෛද්‍යවරයෙකු විසින් පමණක් කළ යුතුයි. එහෙම තත්ත්වයක් තිබෙනවා නම් මනෝචිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු කළ හැකියි. ඇතැම් විට එහෙම තියෙනවා නම් වෙන්නේ ඒ දරුවාට කුඩා කල සිටම සිදු වුණු කිසියම් මානසික බලපෑමක් නිසා විය හැකියි. ඒ ලිපිය ලියා තිබෙන කාන්තාව දරුණු සෙල්ෆ්-සෙන්ටර්ඩ් ලක්ෂණ පෙන්වනවා. තමන්ගේ දරුවා මෙරට සුවහසක් දරුවන්ගෙන් සුවිශේෂී කර උසස් කර පෙන්වන ඩිස්ක්‍රිමිනේටරි අහංකාරයක් ඒ ලිපිය තුළ තිබෙනවා. බොහෝ විට ඇයම කියන ආකාරයට තම දරුවාට අත්ව තිබෙන පරිකල්පන හීන තත්ත්වයට ඒ මවගේ එම දෘඩ මනෝභාවය හේතු වන්නට ඇතැයි අපට සිතන්න පුළුවන්.

    සමාජයේ ජීවත් වෙනකොට සංයුක්තව සහ වියුක්තව යන දෙයාකාරයෙන්ම සිතීමට හැකිවීම ඉතා වැදගත්. ජීවිතයේ ගැටලුවක් මතු වුණාම එයට නිර්මාණශීලී out-of-the-box විසඳුම් හිතන්න නම් වියුක්තව හිතන්න පුළුවන් වෙන්න ඕනා. අර්බුද අස්සේ විශාල චිත්‍රය (big picture) දකින්න නම් වියුක්තව සිතිය යුතුමයි. නව්‍යකරණය කරන්න නම් වියුක්තව සිතිය යුතුයි. එහෙම නැති මිනිස්සු සමාජ ප්‍රගමනයට බාධාවක් වෙන්න පුළුවන්. මෝඩ විදිහට දඟලලා අරගල කරලා සියල්ල විනාශ කරගන්නවා. නූතන “ජන රජය” පමණක් නොවෙයි “කොමියුනය” පවා හදන්න නම් ඒ වියුක්ත සංකල්ප හිතන්න පුළුවන් වෙන්න ඕනා. කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න. ධර්මය අපට මග වේවා!

    එරන්ද ගිනිගේ
    2023 අගෝස්තු 2

    ReplyDelete
    Replies
    1. @ Ano

      Brilliant explanation. Thanks for sharing the post. 👏

      Delete
  2. ටොක්සික් එකෙත් හොඳම එක... ලංකාවේ ආණ්ඩුව මාරු කරන වැඩේට යොදාගත්ත ggh අරගල විගඩමට නායකත්වය දුන්න ඇමරිකා ටීම් එක මේ වගේ මන්ද මානසික සෙට් එකක්ම දාන්න විශේෂ හේතුව විදියට මුන්ට කියලා ඕනම පහත් වැඩක් කරගන්න පුළුවන් කියන විශ්වාසය මත මොවුන් තෝරාගත්තා වෙන්න පුළුවන් නේද? නොපැකිල ඕනෑම බලුවැඩක් කරලා ඒක සාධාරණීකරණය කරන පහත් මානසික තත්ත්වයක සිටින රෝගීන් පිරිසක්

    මේව දැක්කම පරණ කතාවක් මතකයට නැගුණා, ඇත්තටම මේ කතාව මගේ Ex බබා ගෙ New පණගෙන් Call එකක් සම්බන්ධව....🤭

    -ඇයි අක්කී ඔයා එයා එක්ක තිබ්බ affair එක නැවැත්තුවේ?
    මම- ඔයාට මොකටද ඒක?😁

    -එයා කියනවා affair එක නැවැත්තුවේ එයා කියලා! ඇත්තටම affair එක නැවැත්තුවේ ඔයා නෙමෙයි එයා නේද?
    මම- ඔයාට මොකටද ඒක?😁

    -නෑ මට කියන්නකෝ ඇයි කියලා! මොකක්ද එයාගෙ තිබ්බ වැරැද්ද?
    මම- ඔයාට මොකටද ඒක?😁

    - නෑ මේ... මම '....' එක්ක affair එකක් පටන් ගත්තා! ඔයා ආයෙ එයා එක්ක යාළු වෙන්නෙම නෑ නේද අක්කී? මම මේ අහන්නේ ආයෙත් ඔයාලා affair එක පටන් ගන්නේ නෑ නේද?

    මම- අපෝ නෑ! හොඳටම match වෙන්නෙ ඔයාලා දෙන්නා. ඉක්මණින් marry කරන්න! ඒක ඔයාලටත් හොඳයී, අනිත් හැමෝටමත් හොඳයී! 😁 මම මේ වැඩක ඉන්නේ නංඟී. Bye!

    -හරි අක්කේ 🙄

    කතාව ඉවරයි... ඕකයි තත්වය ඒකට වඩා ලොකුම ප්‍රශ්නය තමයි, මුන්ගේ ඔය වගේ 2.50 ලාමක ගොන් වැඩ නිසා අරහේ ආපහු මරාගේ බයියෝ ටිකෙන් ටික නැවත නැවතත් ශක්තිමත්ව ගොඩනැගෙන බව පේනවා මේක නවත්තන්න රනිල්ට වත් වෙනම හොඳ ටීම් එකක් දාල මොනවහරි කරන්න බැරිද?

    - අචලා

    ReplyDelete
  3. ආවෙමි
    කියෙව්වෙමි
    කුරුටු ගෑවට
    මදිය සිතනෙමි
    වෙලා නැත්තෙන්
    මෙයින් නවතිමි!

    ReplyDelete
    Replies
    1. නිදි ඔබට මතකද පැරණි සෝවියට් සංගමය බිඳ වැටීම සමගම අනූ ගණන්වල රුසියාව බරපතල විදිහට ආර්ථිකය කඩා වැටී අසරණ වු නමුත් ඉතාම ඉක්මනට ඔවුන් දශකයක් ඇතුලත රැල්ල අනිත් පැත්තට හරවාගෙන විසි එක්වන සියවසේ නැවතත් පැරණි සෝවියට් සංගමය විසි වැනි සියවසේ මුල් කාලයේ දැඩි ලෙස ආර්ථික සංවර්ධනය ලබා ගත් ආකාරය නැවත චක්‍රයක ක්‍රියාත්මක කරන බව පේනවා නේද?

      නමුත් අවාසනාවකට ලංකාව තුල මේ ගැන සාකච්ඡාවට ලක් වෙන්නේ නෑ, මේ දිනවල ලංකාවේ තියෙන තත්ත්වය මට පේන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි තත්ත්වයක් බවයි. එනම් අංක විජ්ජා වලින් ආර්ථිකය හොඳයි කියල ආණ්ඩුව පච ප්‍රචාරය කරන නමුත් මහපොළොවේ යථාර්ථය ඊට වඩා සෑහෙන්න වෙනස් නිසා.

      මොකද ගිය 22 වසරට සාපේක්ෂව මේ 23 වසරේ රජයේ දේශිය ණය විශාල ලෙස වැඩිවෙලා, දෙගුණයකින් විතර. මුදල් සැපයුම වැඩිවෙන්නෙ වාණිජ බැංකුවලින් දෙන ණයවලින් පමණක්ද? පොළිය වැඩිවන විට පුද්ගලයන් සහ සමාගම් ණය ගැනීම අඩු කරතත් රජය එහෙම අඩු කරන්නෙ නැහැ. මොකද ගෙවන්නෙ රජය (‌හෝ ණය මැනේජ් කරන මහ බැංකුව) නොවන නිසා. ඇත්තටම ගෙවන්නෙ බදු ගෙවන්නා නිසා පොළිය වැඩිවන විට මිනිස්සු ණය ගැනීම අඩුඋනාට රජයට එය බලපාන්නෙ නැහැ. එය තව තවත් දිගින් දිගටම අසීමිත ලෙස ණය අරගනිමින් භයානක ගමනක් යනවා.

      https://www.treasury.gov.lk/api/file/c53ea3ac-0e34-49ae-bf66-b549a2da30c0

      මුදල් සැපයුම දිගටම වැඩිවෙන විට උද්ධමනය අඩුවුනේ බොහෝදුරට 2023 වසර මුල සිට අධික ලෙස වැඩිවෙච්ච බදු සහ ගාස්තු නිසා විය හැකියි. බදු වැඩිවෙනකොට වියදම් කිරීමෙ හැකියාව සෑහෙන අඩුවෙනවා. ඒක නිසා උද්ධමනය අඩුවෙන බවයි පේන්නේ. අවම වශයෙන් මේකත් උද්ධමනය අඩුවෙන්න දැඩිලෙස බලපාපු තීරණාත්මක කරුණක් විය හැකියි.

      ප්‍රශ්නය එහෙම අඩුවෙන උද්ධමනය අඩුවෙන්නෙ දැඩි ආර්ථික හැකිළිමක් සමග වීම. එනම් විරැකියාව සහ දුප්පත්කම උග්‍ර ලෙස තවතවත් වැඩිකරමින්. ඒ නිසා උද්ධමනය එක ඉලක්කමක් ලෙස අඩුඋනාට මිනිස්සුන්ට ඇත්තටම ජීවත් වීමේ අමාරුව අඩුවෙලා නැත්තෙ. ඔවුන්ගෙ ඇත්ත ආදායම්ද සැලකිය යුතු තරමකට අඩුවෙමිනුයි එය වෙලා තියෙන්නෙ.

      අනෙක් අතට මේ උද්ධමනය අඩුවීම සස්ටේනබල්ද නැත්තං හුදු තාවකාලික චූන් එකක්ද යන ප්‍රශ්නය තියෙනවා. එක අතකින් ඉදිරියේදී විනිමය අනුපාත අසීමිත ලෙස ඉහළ යන්න නියමිතයි. එවිට තෙල් එක්ක සියලු දේ මිල නැවත වැඩිවෙනවා. රජය පුනර්ජනන සිහිනයෙ ඉන්න නිසා සහ ඒ හරහා හිග විදුලිය සපයන ඩීසල් බලාගාර හිමියන් පෝසත් කරන නිසා විදුලිය මිලත් වැඩිවෙයි. ලයිට් කරනකොට ආර්ථිකය තවත් හැකිලෙයි

      අනෙක් අතට බරපතල ආර්ථික හැකිළීම නිසා අපේක්ෂිත බදු ආදායම් විශාල ලෙස පහත වැටීම හේතුවෙන් තවදුරටත් රජයට දේශීයව ණය ගන්න සිදුවෙන නිසා ඒකෙන් නැවත මුදල් සැපයුම බරපතල ලෙස වැඩිවෙලා උද්ධමනය නැවත වටයකින් ඉහළ යන බව පේනවා. නමුත් මෙවර එය වන්නෙ ඉතා ඉහළ බදුත් තියෙන විට. එනම් ඒකෙ පීඩනය කලින්ටත් වැඩි බව පැහැදිලිව පේනවා. රටේ ජනතාව දැඩි ලෙස අස්ථාවර වී බරපතල කැරලිකාර තත්ත්වයක් ඇතිවිය හැකි බව පේනව නේද?

      Delete
  4. හරියට අර මපට් ශෝ එකේ සින්දු කියන මිස් පිගී වගේ.එක පෙන්නලා දුන්නේ අපේ පොඩි එකා අපි සංගීත සැඳෑවකට මියුසියස් පාසල් ශ්‍රවණාගාරය ත ගිය දවසක මතකඩ උඹට පොඩි එකෙක් තාත්තේ අන්න මිස් පිගී කියලා කෑ ගැහුවා .කොට කකුල් හිරවෙන්න ජින්ස් අඳල හයි හීල්ස් දාලා මූණ එම්බාම් කරලා කොන්ඩේ කඩලා මිස් පිගීම තමයි.

    ඒක නෙවෙයි මාතේ ඇත්තටම Oppenheimer එක්ක Barbie ගැන ඇතිවුණ කතාබහ තමයි මෑතකදී ෆිල්ම් එකක් වෙනුවෙන් වැඩිම හයිප් එකක් මතුකරපු කිසිම තේරුමක් නැති මාතෘකාව බවට පත්වුණේ. එතනදී ප්‍රධාන වශයෙන් ඉස්මතු කරපු කාරණාව තමයි Oppenheimer උසස්, බුද්ධිමත්, සම්භාව්‍ය... Etc සහ Barbie සරලයි කියන පදනම. Barbie ට්‍රේලර් එක බැලුවම ඇත්තටම මූලික අදහස වුණෙත් ෆැන්ටසි ලෝකෙකින් සැබෑ ලෝකෙට ආපු කපල් එකකට මුහුණ දෙන්නට සිද්ධ වෙන අපූරු සිදුවීම් සහ දෙන්නා අන්තිමේදී සැබෑ ලෝකෙ හිරිහැරවලින් මිදිලා ආපහු ෆැන්ටසි ලෝකෙටම යනවා වගෙ එකක්. නමුත් බලන අතරෙදි දැනෙන්න ගත්තා මේක කොහෙත්ම සරල එකක් නොවන බවත්. සෑහෙන ගැඹුරෙන් කතාකරන දාර්ශනික කාරණා පවා ඇතුළත්. පූරුෂාධිපත්‍යය සහ ස්ත්‍රීවාදය ගැන කෙරෙන මහා විවාදයක් විදිහටත් බොහෝ දේවල් අඩංගුයි. මේ සේරම සරල මතුපිටක් උඩ සම්පිණ්ඩනය කරල පෙන්නන එකයි මතුපිටින් බැලුවම බාබි හරිම සරලයි කියල හැඟෙන්නේ.

    බාබි නිර්මාණය කරන අධ්‍යක්ෂිකාව Greta Gerwig කියන්නේ ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ් සහ BAFTA සම්මාන ත්‍රිත්වයම දිනපු චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළ අයෙක්. හැබැයි Lady Bird සහ Little Women කියන දෙකටම හාත්පසින්ම වෙනස් ආකෘතියකින් තමයි මෙවර ඇය කතන්දරය ඉදිරිපත් කරන්නේ. විචිත්‍රවත්, වර්ණවත් සහ දැවැන්ත සැකසුමකින් කරපු වෙනස්ම වැඩක්. එන්ටටේනින් වගේම ගැඹුරු සංවාද චිත්‍රපටය පුරාම ඇතුළත්. චරිත යුගලය වෙනුවෙන් කරපු තෝරාගැනීම පර්ෆෙක්ට්. බාබි විදිහට Margot Robbie යෝධ සෙවනැල්ලක් වගේ මුලු චිත්‍රපටයම වහගෙන ඉන්නවා. Ryan Gosling ගෙ Ken ඊට සරිලන දායකත්වය කිසිම අඩුවක් නැතුව සපයනවා. වසරේ වෙනස්ම චිත්‍රපට අත්දැකීමක් විදිහට බාබි බලන්න යන්න කෙල්ලෙක් හිටියට විතරක්ම මදි. සමහරවිට ඒ කෙල්ලට බාබි තේරුම් කරවල දෙන්නත් හොඳ ඔලුවක් ඕන වෙනවා 🙂 නැත්නම් එක්කන් යන කෙල්ලගෙන්ම අහල තේරුම ගන්නත් වෙයි 😌

    ReplyDelete
  5. Do you think that this is a valid point based on your experience in 1970's onward?

    "ලංකාවේ නූතන ත්‍රස්ත ක්‍රියාවන් (අනගාරික) ඩේවිඩ් ධර්මපාල වැනි තකතීරු අමන ගෝත්‍රික වර්ගවාදීන්ගේ සිට ගංගොඩවිල සෝම වැන්නවුන්ගේ නූතන පරපුර වන ඤාණසාරලා දක්වා හා එහි සිට අමන මනපහත් මිනීමරු බෞද්ධ අන්තවාදී බලවේග හා වහාබ්වාදය වැපිරීමේ සම්පූර්ණ වගකීම අන්ත ජාතිවාදී අන්තදූෂිත වනචර රාජපක්ෂ රෙජීමයේ අශික්ෂිත ක්‍රෑර පාලනයට හිමිවන්නේ කිසිදු තරගයක් නැතිවමය."

    This part is not clear to me;

    ..."මිනීමරු බෞද්ධ අන්තවාදී බලවේග හා වහාබ්වාදය වැපිරීමේ සම්පූර්ණ වගකීම අන්ත ජාතිවාදී අන්තදූෂිත වනචර රාජපක්ෂ රෙජීමයේ අශික්ෂිත ක්‍රෑර පාලනයට හිමිවන්නේ කිසිදු තරගයක් නැතිවමය. තම ආගම වෙනුවෙන් සටන් කොට මියැදී, දෙව්ලොව ගොස් දේව කන්‍යාවන් 72ක් ලබාගැනීම පිළිබඳ නූතන ඉස්ලාම් සංකල්පය එස්. මහින්ද නම් ලේ පිපාසිත රුදුරු ම්ලේච්ඡ සිංහල බෞද්ධ ගණයාගේ පහත සඳහන් වර්ගවාදී අමන කවිය තුළින් බිහිව තවත් වැඩි දියුණු වූ එකක් බව පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ පර්යේෂණ හා සංවාද සිද්ධ කලාවූ රැඩිකල් තරුණ පිරිසක් විසින් සොයාගෙන තිබිණි.

    //ජාතික රණ දෙරණ මතේ 
    ගැටී වැටී මළ මොහොතේ
    සුන්දර සුරඹුන්ගේ අතේ 
    නැළවෙන බව සිතනු පුතේ//

    එම විශිෂ්ට සොයා ගැනීමට ලැබුණු සමාජ අවධානය නිසාම, ඒ ඔස්සේ වැඩිදුර පර්යේෂණ සිදුකිරීමට පසුගිය දා අලුත් පරපුර ඇතුළු විකල්ප කණ්ඩායම් කීපයක් තීරණය කොට තිබිණි. ඔවුන්ගේ අරමුණ වූයේ S. මහින්ද නමැති වර්ගවාදී අධමයාගේ කවිවලින් ඔබ්බට ගොස් පුරාතන ම්ලේච්ඡ සිංහල බෞද්ධ හෙජමොනික සාහිත්‍ය තුළින් හෙළිවන ජනඝාතක පට්ට ගෝත්‍රික මිනීමරු අමු ම්ලේච්ඡ සිංහල බෞද්ධ ජාතිවාදය පිළිබඳ කරුණු සොයා බැලීමය. ලංකාවේ රටේම ප්‍රකට ආචාර්ය මහාචාර්යවරුන්, සාහිත්‍යකරුවන්, විචාරකයන්, කවියන් විශාල පිරිසකගේ මැදිහත් වීමෙන් සිදුකළ මේ පර්යේෂණයෙන් පසු ඒ පිළිබඳ වැදගත් තොරතුරු සම්භාරයක් හෙළි වී තිබේ.

    කතුවර අධ්‍යාශයට එරෙහිව, ප්‍රති-හෙජමොනික බහුමානීය ප්‍රවේශයක් ඔස්සේ අන්වේක්ෂණීය ලෙස ලාංකේය පැරණි සාහිත්‍ය ප්‍රත්‍යාවලෝකනීයව කියැවීමෙන් ලැබූ අනුභූතීන් සංසන්දනාත්මකව විශ්ලේෂණය කර බැලීමේ දී අනුභූතික සාක්ෂ්‍ය මත පදනම්ව අනාවරණය කරගත් මේ කරුණු සම්භාරය හමුවේ කාලකණ්ණි ම්ලේච්ඡයන් වූ සිංහල ජාතිවාදී ජනඝාතක උග්‍ර බහුතරවාදී (Majoritarianists) පිරිස් නන්නත්තාර වී ඇති බව වාර්තා වේ."...

    If you can please explain about this when you're free.

    ReplyDelete
  6. අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක් වූ උමාරා ජාතික ගීය අනුභව කිරීමත් මෙහි එක් ක්‍රියාදාමයක් බව, ඇය ඒ ගැන කිසිවක්ම සඳහන් නොකරමින්,//
    Dude are you crazy... is this mathalan or 10 years old boy??? do you think this is a game played by omara? What a funny suggestion

    ReplyDelete
    Replies
    1. Nice joke mate, here's another one;

      My wife is fighting with my mother so I went to call my dad to come and see who's wife is going to win 😂😂😂

      Delete
  7. අනේ මන්දා මාතේ, ලංකාවට ආවම වෙලා තියෙන සමහර දේවල් හරිම ශෝචනීය ලෙස පේනවා මේ අවුරුද්දේ ජූනි මාසය අග මම ලංකාවට සති දෙකකට අපු වෙලාවේ දැන් ගම් වල කොල්ලො ඉස්සර වගේ ජීවිතේ විඳින්නෙ නෑ... අපි ඉස්කෝලෙ ගිය 2000 මුල්කාලයේ කම්පියුටර් ගේම් ආවාම අපිත් ගේම් ගැහුවා තමයි ඒත් අපි ඒ විතරක්ම නෙවෙයි සෙට් වෙලා ක්‍රිකට් ගැහූවා වෙනත් කොච්චර දේවල් ක්‍රියාකාරකම් කළාද? අත්දැකීමෙන්ම ඉගෙන ගත්ත දේවල් කොයි තරම්ද?

    දැන් ලංකාවේ තරුණ පරපුර සෑහෙන්න දුරට වෙනස් වෙලා
    සීයෙ රීලෝඩ් දාගෙන ඔන්ලයින් ගේම් ගහනවා ගෙවල් ඇතුලට වෙලා... නමුත් මුදල් හම්බ කරගන්න පුළුවන් ගේම් ගැන වෙනත් ඔන්ලයින් බිස්නස් ගැන, අන්තර්ජාලය භාවිත කර ප්‍රයෝඡනවත් දැනුමක් තාක්ෂණය ලබාගෙන ඒවා භාවිත කරලා තමනුත් රටත් ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වගෙම තමන්ගේම පුද්ගලික වැඩ කටයුතුවලට සහාය කරගන්න ජීවන තත්ත්වය උසස් කරගන්න තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම ගැන කිසිම තේරුමක් නෑ

    සරලවම දැනුම ලබාගැනීමට නිසි අවබෝධයක් මොවුන්ට විධිමත් හෝ අවිධිමත් ලෙස ලැබී නෑ

    දුක්බර දේ තමයි නිවාඩුවට ඇවිත් පොලොන්නරුව පැත්තෙ ගිහින් හොඳටම දැකපු දෙයක්... ඒ පැත්තේ වෙල් යායවල් ඇලවල් වැව් තියාගෙන ඒ වගේ වැඩකට නැති free ගේම් වලට ඇබ්බැහි වෙලා ඒ ලමයි... ඔය වගේ අය තමයි බුකියේ යන ගොබ්බ රැලි වලට අහුවෙලා අරගලයේ ඉස්සරහට ගිහින් ගුටිකෑවේ නිකම්ම රැලි වලට අහුවෙලා රනිල්ට ජනාධිපති තනතුර අරන් දෙන්න යම් සුලු පිරිසක් ගහපු ගේමට අහුවෙලා නොමිලේම කඩේ ගිය අහිංසක ළමයි පවු හැබැයි උන්ව මෙහෙයවපු රටකපටි සෙට් එක නම් කෝටි ගණනින් හම්බ කරගෙන රට වටේටම රෙස්ටූරන්ට් දාල සැපේ ඉන්නවා නේද? කලුකබාකෝට් හොර රැලත් ගොඩගියා ඒ වගේම...

    ReplyDelete
  8. මම හිතන විදියට මාතලන් ලංකාවේ තියෙන දැඩිලෙස ධ්‍රැවීකරණය වූ දේශපාලන ගැටුම්කාරී (මේක ජාතීන් අතර ගැටුමටත් බලපා ඇත) සංස්කෘතිය නිසා දැඩි ලෙස කුලල්කාගෙන මිනීමරාගන්නා තරමට බරපතල වෛරී දේශපාලනයක නිරත වෙන එකයි ප්‍රශ්නය

    ප්‍රධාන වශයෙන්ම ප්‍රජාතාන්ත්‍රික පාලන තන්ත්‍රයක පවතින අන් මත ඉවසීම විරුද්ධ අදහස් ගැන පුළුල්ව සංවාදයකට ලක්කිරීම මැදහත්ව විවේචනය වගේ දේවල් ලංකාවේ හරිම අඩුයි. බ්ලොග් ලියන අය අතරත් ප්‍රශ්න ඇතිවුණානේ මීට වසර කිහිපයකට කලින්? වගේ සමාජ ජාල වල නිතරම බරපතල විදිහට ප්‍රශ්න ඇතිකර ගැනීම සමග රණ්ඩු වෙන එක හතුරන්ට කෙලවන්න කල්ලි ගැසීම සහ අපිත් ඉස්කෝලේ ගිය කාලේ කරපු ගැන්සි බැහැලා සමාජ ජාල වල ගේම් දීම වගේ දේවල් දකින්න ලැබෙන්නේ ඒකයි

    මේකට ලංකාවේ සමස්ත සංස්කෘතිය වගේම සාම්ප්‍රදායික මානසිකත්වය වෙනස් කරන්න ඕන වෙනස් විදියට හිතන්න දකින්න ගෝත්‍රික ස්වභාවය ඉවත් කර ගැනීමට අවශ්‍ය බව අවබෝධ කරගත යුතුයි.

    උදාහරණ ලෙස මම ඉන්න ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙන්නේ දැව අපනයනය. සරල සිංහලෙන් කිව්වොත් ඕස්ට්‍රේලියාව ගස් කපලා, විකුණලා සල්ලි හම්බ කරනවා.

    එතකොට ලංකාවට අසල්වැසි ඉන්දියාව හින්දු රටක්. හැබැයි ලෝකයේ විශාලතම මස් කර්මාන්තයක් ඉන්දියාවට තියෙනවා.

    බ්‍රසීලය දැව වගේම මාංශ ව්‍යාපාරයට ඇමේසන් වනයේ ලෝකයේ විශාලතම ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත් පාරිසරික ඉඩම් වලින් කොටසක් පාවිච්චි කරනවා. සරලව මහා පරිමාණයෙන් ඇමේසන් වන රක්ෂිතය හා ආශ්‍රිත ඉඩම් වල ගවයො හදනවා.

    ස්වීඩනය, ස්විට්සර්ලන්තය පරිසරයට හානිදායක බවට සැලකෙන ඇනිමල් ලවර්ස්ලා දැඩිලෙස අකමැති සම් කර්මාන්තයෙන් සුඛෝපභෝගී දේවල් හදලා විශාල මුදලක් උපයනවා.

    තෙල්, ගෑස් සහ කෙමිකල් කම්හල් ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම කර්මාන්ත.

    අසල්වැසි මාලදිවයිනේ සංචාරක කර්මාන්තය තනිකරම තියෙන්නේ කලු සල්ලි මත.
    ලෝකය පුරා කලු සල්ලි උපයන පුද්ගලයො ඒ සල්ලි මාලදිවයිනට අරන් එනවා.මාලදිවයිනේ තියෙන ඉතාම ලස්සන, ඉතාම විශාල හෝටල්, අවන්හල් මාලදිවයිනේ මිනිස්සු හදපුවා නෙවෙයි. විදෙස් බ්ලැක්මනි වලින් හදපුවා.මාලදිවයින ඒ සල්ලි තමන්ගේ රටේ සුදු කරන්න ඉඩ දීලා ටැක්ස් එකක් ගහනවා. මාලදිවයින් ආර්ථිකය ගොඩ.

    ස්විස් බැංකු තනිකරම දුවන්නේ කලු සල්ලි වලින්.

    ඩුබායි ලෝකයේ තවත් කලු සල්ලි හබ් එකක්. කලු සල්ලි ඩුබායි වලට එනවා. ඩුබායි ටැක්ස් එකක් ගහල ඒ සල්ලි සුදු කරන්න ඉඩ දෙනවා.

    ඩුබායි දියුණු වෙනවා. ඒ වගේම සීශෙල්ස් මොරිෂස් වගේ රටවලුත් බර්මියුඩා වගේ දූපත් රටවලුත් කලුසල්ලි පාරාදීස

    ලෝකයේ වේගයෙන් දියුණු වන සංවර්ධනය වන හැම රටකම රාජ්‍යය සහ මිනිස්සු ආයෝජකයාට හැකි උපරිමයෙන් ඉඩකඩ පහසුකම් ආදිය ලබා දෙනවා.

    පරිසරය සහ ස්වභාවික සම්පත් විකුණලා සල්ලි උපයනවා.

    ඒත් සිරි ලංකාවේ ?

    ආයෝජකයො වරෙව් කිය කිය කෑගැහුවට එන ආයෝජකයාගේ පැටිකිරියේ ඉදන් හොයනවා.

    ආයෝජනය කරද්දි ගහක් කැපෙන්න බෑ. පරිසරය විනාශ වෙන්න බෑ.

    කලු සල්ලි ගේන්න බෑ. සල්ලි වල උපතේ ඉදලා ගිණුම් මිනිස්සුන්ට පෙන්නන්න ඕන.

    සල්ලි සහ ආයෝජකයා එක්ක මහජනතාව පුදුම වෛරයකින් ඉන්නවා. රටහූරගෙන කන ජාවාරමුන් කියලා කෑගහනවා, විරුද්ධ දේශපාලන පක්ෂ වල අය ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති වලට හද හද මඩ ප්‍රහාර එල්ල කරනවා

    ඒ වගේම ලංකාවේ නම් සල්ලි උපයන්න ඕන එම පිරිස විසින් අනුමත කරන අති පිරිසිදු ව්‍යාපාර වලින් විතරයි.

    එහෙම බැලුවම ලංකාවේ ව්‍යාපාරිකයො ටික තමන්ගේ සල්ලි පිටරට ගෙනිහින් හංගන එක, ආයෝජනය කරන එක සාධාරණයි නේද?

    ReplyDelete
  9. වෘෂණ කෝෂය බිම ගැවෙනවද? බිරිඳට පෑගෙනවද? නිතරම කිලිටි වෙනවද? යහලුවන් අතපත ගානවද? කිරිදරුවන් සපාකන්න හදනවද? ගස්වල පැටලෙනෙවද? දැනටමත් නැති වෙලාද? ! .! මෙවන් විපත් වලින් වැලකීමට comment කොරන් අප වෙත එන්න!.. ..

    ඔබගේ පරන කෝෂයට නැවුම් සුවද හමන. අලුත් කෝෂයක් අපෙන් !!!

    දොස්තර- අඩුකුලේ 0772542317
    සහයක -වල්ල කරේ 0783330379

    ReplyDelete
  10. Saumyata puke arinna oni. Keri kate yawanna oni.

    ReplyDelete
  11. මාතා මොකද හිතෙන්න දහතුන් වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ගැන? මේ දවස්වල ඉන්දියාවේ බලපෑම මත රනිල් වික්‍රමසිංහට ඒක ක්‍රියාත්මක කරන්නම වෙන තත්ත්වයක් තියෙන නිසා, ඔය උඩුවා ස්ටාලින් වගේ ගොන්ම ගොන් මීහරක් වගේ 83 ට අඩාවැටෙන දකුනෙ අමූ හරකුන්ගෙ හිතට හරියන්නත් එක්ක උතුරට දහතුන මදි නං දහතුන ප්ලස් ප්ලස් ප්ලස්............. දිලා උංවත් උතුරෙ පදිංචි කරවංන තියෙන්නෙ.. ඒත් අන්තිමට වෙන්නෙ උතුරු අයර්ලන්තෙ වගෙ වැඩක් කියලයි මට නම් හිතෙන්නෙ

    හැබැයි තව අවුරුදු 10-15ක් යනකොට ඉන්දියාව තියෙන තැන අපිට හිතාගන්නත් බැරිවෙයි. අන්තිමේ ලංකාවේ අයට එහෙ ගෘහ සේවෙට යන්න වෙයිද දන්නෙත් නෑ. ඒ තරමට ඉන්දියාව දියුණු වෙමින් යනවා. කොහොමත් ලංකාවේ උන්ට ජොබ් කරන්න තත්වයක් හැදෙයි මොකද Geopolitical strategic thinking අතින් උන් ඉන්නෙ අපිට වඩා ගව් ගාණක් දුරින්. හැබැයි ඉන්දියාව හරියට කළමණාකරණය කර ගත්තොත් අපිට ගොඩ නොයා ඉන්නත් බැරි කමක් නෑ. එහෙම වෙන්න නම් එදා වේල පොලිටික්ස් නැති දුර දකින, ඒ සඳහා මාස්ටර්ප්ලෑන් හදන නායකත්වයක් ඕනෙ.

    ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්න ඉන්දියාව උන්ගෙ වාසියට තියාගෙන නටවන රූකඩ නැටුමක්. ඒකෙ රූකඩ තමයි ඔය නටන්නෙ. කොහොම කළත් ලංකාව ගොඩ යන්න නම් අපේම කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගන්න ඕනෙ. අන්න ඒක ගෝලීයව මාකට් කරන්න පුළුවන් එකක් වෙන්න ඕනෙ.

    ReplyDelete
  12. මේකට දෙයක් කියන්න ඕන

    ////මැයි 9 ආදරයේ අරගලයේ ටොක්සික් රෝගීන් විසින් දැන් අනෙක් පාර්ෂවයට මරණ තර්ජන එල්ල කරමින් සිටිනාතර, පොහොට්ටුවේ උන් කියන්නේද, නැවත බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඉස්ම බේරෙන්න දෙනවා කියලාය.

    ඒවන් මිලේච්ඡත්වයක් නැවත ඇති නොවන්නට නම්, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනා හූණූ පුපක මොළයක් ඇති උන් කළ යුත්තේ මේ දෙපිරසම ප්‍රතික්ෂේප කිරීමය////

    ඇත්ත මාතේ ඔය කියන කතාව ඇත්ත, ඒවගේම නීතිය හා සදාචාර වගේම මිනිසුන්ගේ සෘනාත්මක සිතුවිලි පවා වෙනස් කරන්න අවශ්‍යයි රට මෙතනින් ඉදිරියට යන්න. ඒක ආණ්ඩුව මාරු කරපු පමණින් වෙන්නේ නෑ තවත් වරෙක ඊලගට එන ආණ්ඩුවට එරෙහිව එල්ල වන දරුණුම විවේචනයකට පාර කපනව විතරයි...

    ReplyDelete
  13. ලංකාව කන පින් ජනාධිපති පච රනිල් කම්බ හොරා 2018 අගමැති කාලෙ කිව්වෙ ලංකාව සංවර්ධිත රටක් කරන්නේ 2048 නෙමෙයි 2050 කියල...? 😃 😃
    ඕකා තවත් අවුරුද්දක් දෙකක් හිටියොත් කියාවි 48 ම නෙවයි 2075 සංවර්ධනය කරනවාම තමයි කියලා 😃 😃 😃

    ReplyDelete
  14. අම්මට සිරි ලංකාවෙ අද

    මන්දපෝෂණය *නෑ*
    බධගින්නත් *නෑ*
    දුප්පත්කමත් *නෑ*
    දූෂණයත් *නෑ*
    වංචාවත් *නෑ*
    අපරාධත් *නෑ*
    උද්ධමනයත් *නෑ*
    විරැකියාවත් *නෑ*
    පොහොර ප්‍රශ්නත් *නෑ*
    බිත්තර ප්‍රශ්න *නෑ*
    ප්‍රවාහන ප්‍රශ්න *නෑ*
    ගස් කපන්නේ *නෑ*
    පරිසර දූෂණය *නෑ*
    පරිසර විනාශයක් *නෑ*
    සිංහරාජය කපන්නේ *නෑ*
    විල්පත්තුව සුද්ද කරන්නේ *නෑ*
    පඬු කරඳ ගස් වඳවෙන්නේ *නෑ*
    නැව් වලට ගිනි ඇවිලෙන්නේ *නෑ*
    සීනි හොරකම් වෙන්නේ *නෑ*
    පවුල් පාලනයක් *නෑ*
    ආර්ථික ප්‍රශ්නයකුත් *නෑ*
    ගෝ හෝම් ආදර අරගල *නෑ*
    රටට ආදරේ කබාකාරයෝ *නෑ*
    තව ටික දවසකින් මාලිමාවට හරි සජබයට හරි නාමල්ට හරි බලය ආවම විදේශ ණය ප්‍රශ්න මොනවත්ම *නෑ*

    ......

    කියලා හිතන අයට මොළයකුත් *නෑ*

    ReplyDelete
  15. මේ දවස්වල ලංකාවෙ වඩාත්ම කතාබහට ලක්වෙන මාතෘකාව යුනියන් නැත්නම් වෘත්තිය සමිති.

    දැන් තමයි ලංකාවේ ජනතාවටත් තේරුම් ගිහින් තියෙන්නෙ රට පාලනය කරලා තියෙන්නෙ ආණ්ඩු නෙවෙයි වෘත්තිය සමිති කියලා.

    රාජකාරි ස්ථානය දේශපාලනයෙන් තොරවෙන්න අවශ්‍යයි කියන එක මගෙ පෞද්ගලික හැඟීම. ඒ වගෙම බොහෝ දියුණු රටවල් අනුගමනය කරන්නෙ ඒ ක්‍රමය.

    කැනඩාවෙ හැම ආයතනයකම වෘත්තිය සමිති ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ක්‍රියාත්මක වෙන තැන්වල ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. කියවලා අදහස් දක්වන්න.

    කැනඩාවෙ ශ්‍රම බලකායෙන් 30% ක පමණ ප්‍රමාණයක් තමා වෘත්තිය සමිතිගතවෙලා ඉන්නෙ.

    රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකේම වෘත්තිය සමිති ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක නොවෙන ආයතන ප්‍රමාණය වැඩියි.

    සේවාස්ථානයට පරිබාහිර ස්වාධීන ඒජන්සි හැටියට තමා වෘත්තිය සමිති වැඩ කරන්නෙ.

    ආයතනය තුළ යුනියන් තිහ හතළිහකට සේවකයන් බෙදිලා කඹ ඇදිලි හා ගහ.මරාගැනීම් නෑ.

    ආයතනය, සේවකයන් හා යුනියන් එක ඇතිකරගන්නා ගිවිසුම (collective bargaining agreement ) වසර හතරකට වරක් අලුත් කරනවා. ආරක්ෂිත සේවා ස්ථානයක්( safe work place) වැටුප් , සෞඛ්‍ය හා අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන පහසුකම්, සේවා මුර නිර්ණය කිරීම් හා ඉතාමත් වැදගත් කරුණක් වන කාර්‍ය්ක්ෂමතාව විෂය දැනුම හය මසකට වරක් තක්සේරු කරමින් කෙරෙන සමාලෝචනයක් අනුව උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදීමට ආයතන බලධාරීන් ලවා කටයුතු කිරීම් මේ ගිවිසුමට අයිතියි.

    වෘත්තිය සමිති ඕනෑම ගානකට බැඳීමට පුද්ගලයෙකුට අයිතිය ඇතත් එක ආයතනයක් හා ගිවිසුම්ගත වෙන්නෙ එක් වෘත්තිය සමිතියක් පමණයි.

    එකී ආයතනයට බැඳෙන ඕනෑම කෙනෙක් ඒ වෘත්තිය සමිතියෙ ගිවිසුමට අයත් ප්‍රතිලාභ ලබන නිසා එතැන් පටන් හැම පඩිපතකින්ම වෘත්තීය සමිති ගාස්තුවක් කපාහරිනවා (union dues).
    ඒ.මුදලෙන් වෘත්තිය සමිති නඩත්තුවෙනවා.
    වසර අවසානයෙ බදු ලේඛනගත කරද්දි මේවා අයවිය යුතු ගණයට වැටෙනවා.

    ආයතනයෙන් වැටුප් අරන් වෘත්තිය සමිතිවල වැඩ කොරනවා කියා නිකම් ඉන්න සිස්ටම් එකක් මෙහෙ නෑ මිත්‍රවරුනි.

    වෘත්තිය සමිති නායකයන් ආයතනය තුළ නෑ. ඉන්නෙ හැම අංශයකින්ම යුනියන් නියෝජිතයෙක් පමණයි..Union rep.

    ආයතනය තුළ කාට හෝ අසාධාරණයක් වුවොත් හෝ ගිවිසුම බිඳෙන පරිදි යමක් වුණොත් හෝ නියෝජිතයට දැනුම්දීමෙන් ඔහු හෝ ඇය යුනියන් එක දැනුවත් කරනවා. කෙළින්ම යුනියන් එකට කතාකරන්නත් හැකියි.
    යූනියන් එක ඇවිත් කළමනාකාරිත්වය සමග ඒ ගැටලුව නිරාකරණය කරනවා.
    මේ මමත් යුනියන් නියෝජිතයෙක්ව හිටියා.

    ඒවා ඇමතිලා එක්ක විසඳුම් ගන්න වැඩ නෙවෙයි

    ඇතැම් යුනියන් දේශපාලන පක්ෂ වලට සම්බන්ධයි.නමුත් ආයතනය තුළ කිසිදු දේශපාලන බලපෑමකට හෝ ප්‍රචාරයකට ඔවුන්ට අවසරයක් නෑ.

    ගිවිසුම බරපතල ලෙස කඩවුවොත් සේවකයන් වර්ජනයකට පොළඹවන්න යුනියන් එකට පුළුවන්. ඒක හඳුන්වන්නෙ
    "අවසානම හා භයානකම පියවර" හැටියට.
    එහෙම අවස්ථාවක සේවකයන්ගෙ වැටුපෙන් 60% හෝ 50% ගෙවන්න ඕනෑ යුනියන් එක. ආයතනය වැටුප් ගෙවන්නෑ.

    මේවා වෘත්තිය සමිති වුණාට තමන්ගෙ රටේ ව්‍යාපාර හෝ ආයතන කඩාවැටෙනවට මේ යුනියන් කැමති නෑ හිතවතුනි.

    තමන් හම්බකරන් කන ආයතනය බංකොලොත් වෙනවට සේවකයොත් කැමති නෑ.

    ඒක තමා වෙනස.

    ලංකාවෙ ආයතන හා සංස්ථා තුළත් වෘත්තිය සමිති, සේවා ස්ථානයෙන් පිටස්තර ස්වාධීන ඒජන්සි වියයුතු නැද්ද හිතවතුනි.

    සහෝදර සහෝදරියනි!

    හැම එකටම ජාත්‍යන්තරව උදාහරණ ගේන අපේ කට්ටිය මේ වගෙ වැදගත්ම දේවල් නොසළකා ඉඳීම හරිම වැරදියි කියා හිතෙන්නැද්ද?

    ආයතන තුළ වැඩ අවුල් නොවී පවත්වාගැනීමට හා ඒ මගින් බදු ගෙවන හා භාණ්ඩ මිළදී ගන්නා ජනතාවට වගකීමට බැඳී ඉන්නෙ ආණ්ඩුව පමණක්ම නෙවෙයි. හැම ආයතනයකටම ඒ වගකීම තියෙනවා කියා මම හිතනවා.

    මාතලන් සහ පාඨක සහෝදරවරු මේ ගැන හිතන්නෙ මොකක්ද?

    ReplyDelete
  16. මුලින්ම මේ ප්‍රශ්නයට උත්තර හොයන්න ඕනෑ,

    "ගෝටාව ඡන්දෙ නැතුව අරගල කරලා බලහත්කාරය යොදාගෙන එලවන්නත් ඊට පසුව ආපු කිසිම මහජන කැමැත්තක් නැති, මහජන සහායත් නැති බදු වැඩිකරන ගාස්තු හිතුන වෙලාවට ඔහේ වැඩිකරන සහනාධාර කප්පාදු කරන උද්ඝෝෂණ වලට දැඩිව පහර දෙන දරුණුම මර්දකයෙක් වෙච්ච රනිල්ව කවදා හරි ඡන්දයක් එනකම් ඔහේ බලාගෙන ඉඳලා ඡන්දයක් ආවොත් විතරක් ඡන්දෙකින්ම විතරක් (ඒකත් කරන්න පුලුවන්ද කියල කාටවත්ම ෂුවර් නෑ) මැතිවරණයෙන් පරදවලා එලවන්න විතරක් බලාගෙන හිටීමට හේතුව කුමක්ද ?"

    මේකට උත්තර දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  17. මේ ළඟක් වෙනකල් කට්ටියක් උඩ පැන්නනෙ රට තුළ වගා කරන්න ඕන නෑ, කෘෂිකර්මාන්තෙ කරන්න ඕන නෑ, මේ චූටි රටේ කෘසිකර්මෙ කොරන්න ඉඩ නෑ, ඒ වෙනුවට සේරම රටින් ගෙන්නන එක තමයි ලාබ, රටින් ගෙන්නන්න පුළුවන්කම තියෙද්දි වැඩි ගණන්වලට රට ඇතුළෙ වවන්නෙ ඇයි එහෙම තමයි ආර්ථිකේ යැයි යැයි යැයි ගාලා.

    දැන්, ඉන්දියාව ගිය මාසෙ දි පිටරටට සුදු සහල් අපනයනය කිරීම තහනම් කළා. හේතුව? ඉදිරියට බලපාන එල් නිනෝ තත්ත්වය නිසා එන නියඟෙ හේතුවෙන් කුඹුරු කරගන්න බැරි තත්ත්වෙකට එනවා ය, එහෙම වුණොත් රටේ දුප්පත් මිනිස්සු හාමතේ මැරිලා යනවා ය කියලා දන්න ඉන්දියාව, තමන්ගෙ ධාන්‍ය තවදුරටත් අපනයනය නොකර ‍රට ඇතුළෙ ධාන්‍යාගාරවල ස්ටොක් එක තියාගන්න තීරණය කරලා තියෙන නිසා.

    නියඟෙ එනවා එනවාම යි. වතුර නැතිවෙනවා, නැතිවෙනවාම යි. කුඹුරු කරන්න බැරිවෙනවා, බැරිවෙනවාම යි. එහෙම වෙලා තියෙද්දී, "වී වවලා හරියන්නේ කාටදැ"යි කියලා අහන බුද්ධිමතුන්ට ප්ලෑන් එකක් නැතුවට ඉන්දියාව ප්ලෑන් එකක් හදලා තියෙනවා.

    දැන්, අපි අපේ හාල්වලින් වැඩිහරිය ආනයනය කරන්නෙ ඉන්දියාවෙන්. ලංකාවෙ ගොවීන්ටත් දැන් කුඹුරු කරන්න වතුර නැති එකේ, තව මාස කීපයක් යද්දි ලිබරල් ආර්ථිකේ තියලා රෝල්කරලා ඒක උඩ ඉඳගන්න ඕගොල්ලන්ට පුළුවන් 👍

    ReplyDelete
  18. මම තරයේ විශ්වාස කරනවා 2019 නන්දසේන වෙනුවට බුරු පුතානෝ ආවත් අනුර කුමාර දිසානායක ආවත් රට මේ විදිහටම බංකොලොත් කරනවමයි කියලා. කොච්චර මොනා උනත් නන්දයා අවු 2/3 ක් අල්ලන් හිටියා. සජිත් ප්‍රේමදාස ගොන්යකා නං පන්සල් වලට කඹුරලම මාස දෙක තුනකින් කොවිඩ් වසංගත සිද්ධිය
    එන්නත් කලින්ම රට බංකොලොත් කරනවා.

    මම චන්දේ දීපු අය ගැන සතුටු නැතත් ඔය දෙකටම නොදීපු එක ගැන නම් සතුටුයි. 😬

    මාලිමාව 2019 කල එලි බහින්නේ ජවිපෙන් වියුක්තව නව සෙන්ටර් ලෙෆ්ට් බලවේගයක් ලෙස. ඒක මගේ මතවාදය එක්ක පෑහෙනවා. ඒත් අන්තිමට පත් වෙන්නේ අලුත් අදහස් ඇති ජවසම්පන්න නිර්මාණශීලී අය නෙවෙයි. ආයේ පරණ හෝන්තු මයි.
    ජවිපේ නොවන මා ඇතුලු දන්න ගොඩක් අය මාලිමාවට දුන්නත් අන්තිමට ආවෙත් 3% යි. 😬

    ඒ එක්කම අද වනවිට 2019 ජාතික ජන බලවේගය නැත්නම් මාලිමාව හදනකොට තිබ්බ අදහස් වලින් නැවතත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම ජවිපේ ජාතික ජන බලවේගය යල්පැනගිය මුග්ධ අදහස් තියෙන පසුගාමී මතවාදය විසින් ආක්‍රමණය කරලා .

    ඒනිසා මාලිමාව කියන්නේත් සෙලවෙන මනස .😬

    ලංකාවට නුවණැති දක්ෂ දැනුමක් තියෙන දැක්මක් සහිත නායකත්වයක් අවශ්‍ය බව පැහැදිලියි, නමුත් එහෙම කවුද ඉන්නේ? ලංකාවේ විපක්ෂ නායක සජිත් කියන්නේ කකුල් දෙකේ හරකෙක්. ගිය වසරේ ලංකාවේ සජිත්ගේ හැසිරීමේ හැටියට කාලකන්නි සජිත්ට මොලය කලඳක් වත් නොමැති බව දස දහස් වතාවකටත් වඩා ඔප්පු කර පෙන්නුවා. ඒවා කවරදා හෝ තමන්ට විරුද්ධව පාවිච්චි කරන බව ඒ ගොන් වහන්සේට තේරුණේ නැහැ. කරපු ගොන්කම් ඇතුන් ලව්වා වත් අද්දන්න බැහැ කියන්නේ ඒකයි. සජිත් පේමදාස ලන්කාවෙ නායකත්වයට සුදුසු නැහැ කියා ලංකාවේ බහුතර ජනතාව දන්නවා. පියානෝ ගේ සටකපටි මොලේ වත් යන්තමින් හෝ ගිහින් නැහැනේ.

    ඊලගට ජාතික ජන බලවේගය නැවත පරණ ජවිපෙ වගේම එකම සටන්පාඨ ටිකක් හොයාගෙන නැවත නැවත ඒකම කියමින් ඇද කුද දකිමින් කයිවාරු ගහන එක දිගටම කරනවා විතරයි හරි හමන් දැක්මක් නෑ, දැන් නම් විමල් වීරවංශ වගේ යටිගිරියෙන් හූ හඩ නගන හිවල්ලු රැලක් වෙලා ඉන්න බව පේනවා රැස්වීම්වල.

    ඒවගේම වෙල්විදානේත් අමු ගොන් කතා කියවමින් ඌ නන්දසේනටත් අන්ත පොල් බූරුවෙක් බව ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.

    ඊලගට මාතලන් සහාය දක්වන පොදුජන පෙරමුණට නායකයෙකු නෑ. නාකි මයිනා ඇවිදින මළකඳක්, කපුටටත් කොරන්න පුළුවන් දෙයක්ද නැත, නාමලා ගත්තම සජිත් වගේ මන්දමානසික රට බූරුවෙක්ට සාපේක්ෂව බුද්ධිමත් බවක් තියෙන බව ඔබ කියාවි ඒක ඇත්ත තමයි ඒත් ඌටත් ඇමති ධුරයක් දරනවට වඩා දෙයක් බෑනේ රටකට ජාතික නායකත්වයක් දෙන්න පුළුවන්ද?

    ඊළඟට 43 කල්ලියේ පච රණවක යම් දැක්මක් සහිත කෙනෙක් වුණත් මිනිස්සු පෙරටත් කැමති නෑ අනික පොරට හොඳ ටීම් එකක් වත් නෑනේ, වෙන ඩලස්ල කාංචනල අමරවීරල වගේ අය ජාතික නායකත්වයකට එන බව පේන්නේ නෑනේ, මොකක්ද ඒ අනුව ඔබේ යෝජනාව මේකට?

    ReplyDelete
  19. රෂිනි සුරියාරච්චිට පුකේ අරින්න ආසයි

    ReplyDelete
  20. හවස ගෙදර ආවේ ත්‍රී විලර් එකක. පුරැද්දට වගේ රියදුරැ මහතා එක්ක කතා කලා.ගෙදර වියදම පියවාගෙන තියෙන්නේ කුඩා වාහනයක් තියාගෙන සංචාරක ව්‍යාපාරයේ යෙදිලා.පස්සේ ඒක විකුනලා ත්‍රී විලර් එකක් පදිනවා. බිරිද ඇගලුම් කම්හලක වැඩ කරල අමාරැවෙන් සල්ලි හොයනවා. පසුගිය කාලේ සංචාර ව්‍යාපාරය කඩා වැටුන කාලේ ජීවත් වෙලා තියෙන්නේ, බිරිද ඇගලුම් කම්හලේ වැඩ කරල ගෙනාපු සල්ලි වලින්. හැබැයි ගෙදර පුතාට දුවට මේ පිලිබද කිසිම හැගීමක් නැහැලු. ගංජා බොන්න පුරැදු වුන පුතා හැම වේලෙම ගෙදරට කරදර කරමින් සල්ලි ඉල්ලනවලු. දේශපාලන පක්ෂයකට බැදිලා උදේම එලියට යන ඔහු එන්නේ රාත්‍රියටලු, දුවට රට පිස්සුව හැදිලා. ගෙදරට වද දෙනවලු මේ රටේ ඉදල වැඩක් නැහැ. එයාට රට යන්න සල්ලි දෙන්නලු. අල්ලපු ගෙදර ලමයෙක් විසිටින් වීසා වලින් ගෙදර ඉඩම උගස් කරල ඩුබායි ගිහින් තියෙන සල්ලි ටික වියදම් කරල ආයෙත් ගෙදර ඇවිත් නිසා තියෙන ගේ ඉඩම උගස් කරල සල්ලි දෙන්න බැහැ කියල රියදුරැ මහතා කියනවා. එතුමා විදින්නේ පුදුම අරගලයක්. ජීවන අරගලයට එහා ගිය මිනිසුන් හදාගත්ත අරගලයක.මට දැනුනේ ඔහුගේ ගෙදර ප්‍රශ්නයි අපේ රටේ ප්‍රශ්නයි දෙකම එක වගේ කියලා. මට මතක වුනේම පසු ගිය කාලේ අලගලය.

    පිටරට ඉදල ඒ රටවල් ගැන කියමින් ලංකාවේ තරැණයන් කුපිත කරල අලගලයට පොලබවපු යාලුවෝ දැන් ලංකාවට ඇවිත් ලංකාවේ ඇවිද ඇවිද
    ලස්සන පොටෝ දානවා.

    ReplyDelete
  21. ලංකාවේ රැඩිකල් නිරාගමික දේශපාලන ටෝක් දෙන වෙන්න පොශ් ගොඩේ බයියන්ට ඇල්ජික් වන නමුත් allergy නොවන අය වෙනුවෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ආශ්‍රිත ඇතැම් ජනප්‍රවාද හා ඇදහිලි විශ්වාස ක්‍රම ගැන කෙටියෙන් විස්තර කරන්න මම කැමතියි මාතලන් මොකද බොහෝවිට ක්‍රිකට් ක්‍රීඩාවේ තරග ජය ගැනීමට දක්ෂතාවය පමණක් ප්‍රමාණවත් නැති බවත් වාසනාවත් අවශ්‍යයයි කියා එංගලන්තය ඕස්ට්‍රේලියාව වගේම ඉන්දියාවේත් ෆෑන්ස්ලා විශ්වාස කරන නිසා.

    මෑතකදී නිමා වූ 2023 අළු බඳුන තරගාවලිය ඊට හොඳ උදාහරණයක්. ඈෂස් 23 තරගාවලිය 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා. තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් වන අවස්තාවක, අළු බඳුන වර්තමාන ශූරයන්ට හිමි වන නිසා, අළු බඳුන කුසලානය ඕස්ට්‍රේලියාවටම හිමි වුණා.

    අළු බඳුන නැවතත් එංගලන්තයට රැගෙන ඒමේ එංගලන්ත සිහිනය බොඳ වුණා. ඒත් එම තරගාවලියේ ජය පැරදුම් තීරණය වීමට බලපෑ සිදුවීම් කිහිපයක් තිබුණා.

    ➊ පළමු තරගය :

    එංගලන්තය සිය 'බෑස්බෝල්' ක්‍රීඩා රටාව පිළිබඳව ඉහළම විශ්වාසයකින් පිටියට ආවේ මේ තරගයේදි.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔවුන් පන්දුවාර 78ක් තුල ලකුණු 393ක් ලබා ගෙන ඉනිම අත්හිටෙව්වා.

    ඒ කඩුලු අටක් දැවී ගොස් තිබියදී.

    ඒ මොහොතේ ඔවුන්ගේ ප්‍රධාන පිතිකරු ජෝ රූට් ශතකයක් ලබා කඩුල්ලේ සිටියා.

    තරගය එංගලන්තය පැරදුනේ කඩුලු දෙකකින්.

    එංගලන්තය තවත් ලකුණු 20ක් 30ක් ලබා සිටියා නම් තරගයේ ප්‍රතිඵලය වෙනස් වීමට තිබුණා.

    පළමු ඉනිමේ ඔවුන් හිතාමතා අහිමි කර ගත් ලකුණු, ඔවුන්ට ජයග්‍රහණයක් අහිමි කළා.

    මේ තරගය අධික විශ්වාසය නිසා එංගලන්තයට අහිමි වුණා.

    ➋ දෙවන තරගය :

    ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා විසින් ආන්දෝලනාත්මක විදියට ජොනි බෙයාස්ටෝ දවා ගත්තේ මේ තරගයේදි.

    එංගලන්තයේ 'බෑස් බෝල්' ක්‍රීඩා රටාවේ ප්‍රමුඛ ක්‍රීඩකයා බෙයාස්ටෝ.

    හයවෙනි කඩුල්ල විදියට බෙයාස්ටෝ දවාගන්න ඕස්ට්‍රේලියාව, ක්‍රිකට් නීති පොතට අනුකූල නමුත් ජීවගුණයට විරුද්ධ ක්‍රියාවක් සිදු කළා.

    පන්දුවාරයක අවසන් පන්දුවෙන් පසු ජොනි බෙයාස්ටෝ සීමාවෙන් ඉවතට ගියා.

    ඒ මොහොතේ ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා ඇලෙක්ස් කේරී කඩුල්ල බිඳ දැමුවා. බෙයාස්ටෝ දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස විනිසුරුවරයාත් සංඥා කළා.

    මේ කඩුල්ල සීතල යුද්ධයක් ඇති කිරීමටත් හේතු වුණා.

    දෙවැනි ඉනිමේදි එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් ලකුණු 155ක් ලබා ගත්තා. නමුත් ඔවුන් ලකුණු 40කින් පැරදුනා.

    ඇතැම් විටෙක බෙයාස්ටෝ ගේ කඩුල්ල එලෙස බිඳ නොවැටෙන්නට තරගයේ තීරණය වෙනස් වීමට තිබුණා.

    ➌ තෙවන තරගය -:

    එංගලන්තය ජය ගත්තා.

    ➍ සිව්වෙනි තරගය -:

    තරගාවලියේ එංගලන්තය හොඳින්ම ක්‍රීඩා කළ තරගය.

    ඔවුන් මුල සිටම ඕස්ට්‍රේලියාව සෑම අතකින්ම පරාජය කළා.

    තරගය ඉනිමකින් ජය ගැනීමට එංගලන්තයට ලකුණු 60ක් තුල කඩුලු පහක් ලබා ගැනීමට තිබුණා.

    එංගලන්තය ඉදිරියේ අනිවාර්ය ජයක් ලියවී තිබුණත් තරගයේ දින දෙකක් සම්පූර්ණයෙන්ම වර්ෂාවෙන් සේදි ගියා.

    වැස්ස ඕස්ට්‍රේලියාව දරුණු පරාජයකින් බේරාගත්තා.

    වැස්ස නොවන්නට 2-2ක් ලෙස සම තත්වයෙන් අවසන් තරගයට ප්‍රවිශ්ඨ වීමේ ඉඩක් එංගලන්තයට තිබුණා.

    ➎ පස්වන තරගය -:

    එංගලන්තය ජය ගත්තා.

    තරගාවලිය පුරා සමස්තයක් ලෙස වැඩි දස්කම් දැක්වූ එංගලන්තයට තරගාවලිය ජය ගැනීමට නොහැකි වුණා. ඒ ඔවුන්ගේ දක්ෂතාවයේ අඩුවකට වඩා වාසනාවේ අඩුවක් නිසා.

    තරගාවලියේ තවත් විශේෂයක් තිබුණා. එංගලන්ත මාධ්‍ය සහ බාමි ආමි ෆෑන්ස්ලාට අනුව ලංකාවේ කුමාර් ධර්මසේන සැලකෙන්නේ මෑත යුගයේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ වාසනාවේ සලකුණක් විදියට.

    ReplyDelete
    Replies
    1. මෙතනදී ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන ICC යේ ඉහළ පිළිගැනීමක් සහිත විනිසුරුවරයෙක් වගේම ඔහු ICC විශේෂ විනිසුරු මඩුල්ලේත් (Elite Panel) සිටින බව කිව යුතුයි. ඇත්තටම ඔහු වසරේ හොඳම විනිසුරුවරයා ලෙස සම්මාන ලැබූවෙක්.

      එමෙන්ම විනිසුරුවරයෙකු ලෙස සහභාගී විය හැකි ඉහළම තරග වලට සහභාගී වූවෙක්. අවසන් මහා තරගවලදී ඔහූට විශාල ඉල්ලුමක් තියෙනවා.

      එමෙන්ම ඔහුට මාලිබෝන් ක්‍රීඩා සමාජයෙත් ඉහළ ආශිර්වාදයක් තියෙනවා.

      එංගලන්තය ජය ගත් 2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ධර්මසේන විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළා. එහිදී වාසනාව එංගලන්තය සමග තිබුණා.

      ඒ තරගයේ බෙන් ස්ටෝක්ස් ගේ පිත්තේ වැදි ගිය අතිරේක ලකුණු හතර එංගලන්තයට ජයග්‍රහණය ගෙන ආවා.

      සුපිරි පන්දුවාරය සම වූ පසුවත් ක්‍රිකට් නීතියට අනුව එංගලන්තයට ලෝක කුසලානය හිමි වුණා.

      ඒ එංගලන්තයට වාසනාව උපරිමයෙන් තිබූ දවසක්.

      මෙවර අළු බඳුන තරගාවලියේ පළමු තරග දෙකම එංගලන්තය පරාජය වුණා.

      තෙවන තරගයේ සිට විනිසුරු මඩුල්ලට කුමාර් ධර්මසේන කැඳෙව්වා.

      ලීඩ්ස් හි පැවැති තෙවන තරගයට කුමාර් ධර්මසේන පිටියේ විනිසුරුවරයෙකු ලෙස සම්බන්ධ වුණා.

      තරගය එංගලන්තය ජය ගත්තා.

      සිව්වෙනි තරගයට පිටියේ විනිසුරුවරයෙකු ලෙස ධර්මසේන සම්බන්ධ වුනේ නැහැ.

      ඔහු තෙවන විනිසුරු ලෙස කටයුතු කළා.

      තරගය වැස්සට සේදි ගියා.

      ඕවල් හි පැවති පස්වන තරගයට යළිත් ධර්මසේන පිටියේ විනිසුරුවරයෙකු ලෙස සම්බන්ධ වුණා.

      පස්වෙනි තරගයත් එංගලන්තය ජය ගත්තා.

      මේ අනුව මෙවර අළු බඳුන තරගාවලිය තුල ධර්මසේන පිටියේ විනිසුරුවරයෙකු ලෙස සම්බන්ධ වූ තරග දෙකෙහිම ජය එංගලන්තයට හිමි වුණා.

      ඔහු නොමැතිව ක්‍රීඩා කළ තරග තුන 2-0ක් ලෙස එංගලන්තය පරාජය වුණා.

      කුමාර් ධර්මසේන එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ වාසනාවේ සලකුණක් (Lucky charm) ලෙස එංගලන්තයේ පුවත්පත් වාර්තා කර තිබුණා. මේවා දැක්කාම ලංකාවේ පුක්පඬි රැඩීකල් නිරාගමික ගොන් රැලට නම් හරිම අමාරු ඇති, ඒත් උන්ට ඉංග්‍රීසී බැරි නිසා උන් දන්නේ නැති බවයි පැහැදිලි වුණේ, ඒ කෙසේ වූවද ලක් නැතිනම් වාසනාව යන සාධකය ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාව තුල දැඩිව විශ්වාස කෙරෙන සාධකයක්.

      උදාහරණ ලෙස 23 ඈෂස් පස්වන ටෙස්ට් තරගයේ අවසන් දිනයේ ඕස්ට්‍රේලියාවේ නවවෙනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ටොඩ් මර්ෆි ඉතා හොඳින් ක්‍රීඩා කරමින් හිටියා.

      විටෙක ඔහු තරගය එංගලන්තයෙන් උදුරා ගැනීමට පවා ඉඩක් ඇතැයි විචාරකයන් කිව්වා.

      මේ මොහොතේ ක්‍රියාත්මක වූ ස්ටූවර්ට් බ්‍රෝඩ් පැරණි 'බේල් ට්‍රික්' විශ්වාසය (Bail Trick) ක්‍රියාත්මක කළා.

      බේල් ට්‍රික් යනු ඉංග්‍රීසි ක්‍රිකට් සම්ප්‍රදායේ එන විශ්වාසයක්.

      පිතිකරුවෙකු හොඳින් පන්දුවට පහර දෙමින් සිටින මොහොතක, පන්දු යවන්නා සිය අන්තයේ කඩුල්ලේ බේල්ස් මාරු කිරීමෙන් කඩුල්ල දවා ගත හැකි බවට විශ්වාසයක් පවතිනවා.

      'බේල් ට්‍රික්' සිදු කිරීමෙන් පසු යැවූ ඊළග පන්දුවේදීම ටොඩ් මර්ෆි දවා ගැනීමට ස්ටූවර්ට් බ්‍රෝඩ් සමත් වුණා.

      'බේල් ට්‍රික්' සම්ප්‍රදාය පසුපස විශාල වාසනාවක් ඇතැයි ඉංග්‍රීසි විස්තර විචාරකයන් කිව්වා.

      ක්‍රිකට් ක්‍රීඩාව මේ තරම් සුන්දර ක්‍රීඩාවක් වීමට ඒ වටා පවතින මේ සංස්කෘතිය, ඇදහිලි සහ විශ්වාසත් විශාල හේතුවක්. නමුත් අවාසනාවකට මේවා ගැන ලංකාවේ නිරාගමික බයියෝ දන්නේ නැති නිසා උන්ට මේවා නොකියා ඉන්න තරමට හොඳයි කියලත් හිතෙනවා.

      Delete
  22. තව රටක සංස්කෘතිය වෙනස්, මිනිසුන්ගෙ සිතුම් පැතුම් වෙනස්, මිනිසුන්ගේ ඇදහිලි වෙනස්, විශ්වාසයන් වෙනස් මිනිසුන්ගේ උවමනා වෙනස්, වෙන වෙන රටවල් වලින් හොද පුරුදු ඈදාගත්තට කමක් නෑ, වෙන රටවල් වගේ අපේ රට කරන්න ගියොත් අපිටත් වෙන්නෙ වෙන කෙනෙක්ගෙ ටෙම්ප්ලේට් එකකට ජීවත් වෙවී පම්පෝරි පුරාජේරු ගහගහ හිතින් දුක්විදින්න. ලංකාවෙ ටෙම්ප්ලේට් එකට අනුව ලංකාව, ලංකාව විදියට දියුනු කරන්න, ලංකාව තවත් ජපානයක් හරි සිංගප්පූරුවක් හරි, ඇමරිකාවක් හරි කරන එක නෙමේ කරන්න ඔන, ලංකාව, ලංකාව විදියට අඩුපාඩු අඩු කරගෙන දියුනු කරන එක. අර රට මෙහෙමයි මේ රට මෙහෙමයි කිය කිය පුරාජේරු ගැහුවට ඒ රටවල් වල සමහර මිනිස්සුත් කැමති ලංකාව වගේ ජීවත් වෙන්නයි. අපි උන්ගෙ දේට ආස වෙනකොට උන් අපේ දේට ආස වෙනව. හැමෝම හොයන්නෙ තමන් ලග නැති දේයි. තියන දේ appreciate කරල ඒක තවදුරටත් ගොඩනගාගන්න උත්සහ කරන්නෙ නෑ. අනෙත් එකාට තියන දේ මට නෑනෙ කිය කිය දුක්වෙනව. මේකට හොදම උදාහරන දැන් දැන් ඇමරිකාවෙන් පේනව, The great Resignation කියන එක ගැන හොයල බලන්න, USA වල ලොකු තනතුරු වල ඉන්න ලොකු ලොක්කො ඒ තනතුරු වලින් අයින් වෙලා පොඩි පොඩි ලේබර් ජොබ්ස් කරගෙන ඉන්නව stress free ඉන්න ඕන නිසා. ඒක නිසා කියන්නෙ මහත්තයෝ වෙන වෙන අයගෙ ටෙම්ප්ලේට්ස් අපේ ඔලුවල ගහන්න උත්සහ කරන්නෙ නැතුව අපේ ටෙම්ප්ලේට් එක තවදුරටත් දියුනු කරන්න, අඩුපාඩු හදාගන්න ක්‍රමයක් ගැන කතාකරමු.

    ReplyDelete
  23. “I'm just wondering why people stay together," I say. "Why they connect in the first place, and what keeps that connection is strong. I want it to be all things inside---who you are,
    what you believe. But what if the things on the outside are just as important? When I was little, I was always worried I'd fall in love with someone ugly. Like Shrek. Then I figured that love would make anyone beautiful to me, if I love them enough. I want to believe that. I want to believe that you can love someone so strongly that none of it will matter. But what if it does?”

    ― David Levithan

    ReplyDelete
  24. විශේෂ දැනුවත් කිරීමයි !

    පහත ඇති කැම්පස් UGC / TVEC / UK / IVQ යන කිසිදු Approval එකක් නොමැති බවත් මොවුන් විවිධ නම් වලින් ව්‍යාජ Campus Pages සදාගෙන මුදල් යොදා Ad Boost කරමින් තරුණයන් පිරිසක් රැස් කොට විවිධ Facebook Fake Account මඟින් මොවුන්ම කැම්පස් එකේ Course එක වර්ණනා කරමින් Comment යොදාගෙන ශිෂ්‍යයන්ව, සංඝයා වහන්සේලාව හා දරුවන්ව රවටමින් මහා පරිමාණ ලෙස මුදල් වංචා සිදු කරයි.

    මෙහි Director දිනේෂ් අමරතුංග ය. ඔහුගේද පොත් අලෙවිය සදහා මෙම fake ගිණුම් වලින් comment යොදා ඇත.

    අප Comment වලින් මෙම ආයතනය පිලිබඳ සත්‍ය ප්‍රකාශ කිරීමට උත්සහ කලද මොවුන් එම Comment Delete කරනු ලබයි.

    තවද , මෙහි මුල් ආයතනය British Law Campus වන අතර එහි 2019/2020/2021/2022 යන අවුරුදු වල ශිෂ්‍යයන්ට ව්‍යාජ Convocation එකක් පවත්වනු ලැබීය. ලබා දුන් සහතික UGC ආයතනයෙන් පරීක්ෂා කිරීමෙන් මෙම ආයතනය ලියාපදිංචි නොමැති බවත් මොවුන් ලබාදී ඇති සහතික වල කිසිදු අත්සනක් වලංගු නැති බවත් හා ඒ අත්සන් google හරහා යොදා ඇති බවද හදුනා ගත හැකි විය.

    මෙම Convacation එකේ Photographer කෙනෙකුන් ලෙස වැඩ කටයුතු සිදුකලේ Milan Sampath යන අයයි, මොවුන්ද Photo වලට මුදල් අය කරමින් කිසිදු Photo එකක් ශිෂ්‍යයන්ට ලබා නොදුන් බව හා මොවුන් ලබා දී ඇති Chaya Studio නම මෙන්ම ලිපිනයද වලංගු ලිපිනයක් නොවන බව හා මොවුන් හා දුරකථන ඇමතුමෙන් හා WhatsApp හරහා සම්බන්ධ වීමෙන් අසභ්‍ය වචන භාවිතා කරන බවද දන්වා සිටිමු.

    මෙහි මා විසින් Link ලබා දෙමි ඔබට එහි Comment බැලීමෙන් හා මොවුන්ගෙන් Register Certificate / Location / Website / UGC Number / ඉල්ලිමෙන් මෙම හොර කැම්පස් තහවුරු කරගත හැක.

    ReplyDelete
  25. මාතේ, තමන්ගේ රට නියෝජනය කරන තමන්ගේ රටේ කණ්ඩායම තරගයක් පැරදුනාම රටක් සතුටු වේවිද?

    නමුත් ජාත්‍යන්තර ෆීෆා කාන්තා ලෝක කුසලානයේ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම ස්වීඩනය හමුවේ පරාජය වුනා. ඒ හේතුවෙන් ඔවුන් ලෝක කුසලානයෙන්ද ඉවත් වුනා.

    පුදුමාකාර විදියට තමරටේ කණ්ඩායමට අත්වූ මේ පරාජය ඇමෙරිකානු ජනතාව ඉතා ප්‍රීතියෙන් සමරන අයුරක් දැකගන්න පුලුවන්.

    මීට හේතුව කුමක්ද?

    ටොක්සික අධි කාන්තාවාදය, විෂම සමානාත්මතාවය ආදි වෝක් දේශපාලන සංකල්ප වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම ටොක්සික ලෙස පෙනීසිටීම.

    එහි ක්‍රීඩිකාවන් දේශප්‍රේමයටත් වඩා ලිබරල් සංකල්ප වෙනුවෙන් පෙනීහිටියා.

    ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකේ ධනවත්ම, බලවත්ම රට වීමට පුදුමයක් නෑ.

    ඇමෙරිකා එජ මිනිස්සු අන්ත ඉමෝෂනල් නෑ. ඇමෙරිකානූ මිනිස්සු මාර ලොජිකල්.

    තමන්ගේ මූලික කොන්සර්වේටිව් ප්‍රින්සිපල්ස් කිසිසේත්ම පාවාදෙන්න බහුතර ඇමරිකානුවන් මේ වන විටත්
    සුදානම් නෑ. ඒ නිසාම මේ පාර බකපණ්ඩිත ඩිමොක්රටික පක්‍ෂයට කෙළවෙන බවත් රිපබ්ලිකන් පක්ෂය උඩින්ම දිනන බවත් පැහැදිලිව පේනවා නේද?

    ReplyDelete
  26. ළමාතන් දන්නවද රොඩ්නි ෆ්රේසර් අපේ හිතවතා (කෝපිකඩේ ගජන් සහ ප්‍රවීණ ඉංග්‍රීසි දේශක) සමගි ජන බලවේගය අතහැර දැමීමට තීරණය කරලා මහරගම නගරයේදී ප්‍රසිද්ධ කතාවක් කරපු බව? මේක මීඩියා වල ප්‍රධානම ප්‍රවෘත්තියක් වෙලා තියෙනවා ලංකාවේ. මටත් කීප දෙනෙක්ම ඒ ගැන කියුවාම මමත් දැනගත්තේ, ඒත් ඇත්තටම ඕන මොලේ කලඳක් තියන එකෙකුට තේරෙනවා සජියා කියන්නේ මන්ද මානසික මෙලෝ රහක් නැති අමුම අමු මැටි කාලකන්නි රිලාමොටෙක් කියලා. ඌගේ මිනීමරු තාත්තා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත වලින් මහජන මුදල් හොරකම් කරල ගොඩගහපු සල්ලි වලින් ලැජ්ජනැතුව අධිසුඛෝපභෝගී විදියට ජීවත් වෙන ඌට කිසිම දැක්මක් සරල ලෙස වත් සමාජය රට ගැන ලෝකය ගැන අවබෝධයක් නෑ. ඇති යාන්තං රොඩ්නිට එක තේරුණ එක ගැන සතුටුයි. රොඩ්නිට මම මාලිමාවට එකතු වෙලා අපි එක්ක ජාතික ජන බලවේගය සමග වැඩකරන්න ආරාධනා කරන්න මම උත්සාහ කරනවා. හිත හොද මනුස්සයෙකුට සජබයි කාලකන්නි රට හරක් හැත්ත අතර හිටියේ රොඩ්නි විතරයි මම දන්න තරමින්.

    ReplyDelete
  27. රනිල්ගේ ආණ්ඩුව හිටපු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී කෙනෙක්ට අපේ පැත්තේ ඉස්කෝලෙට උඩහ කන්දේ තිබ්බ විශාල කැලේ කපන්න කොන්ත්‍රාත් එකක් දීලා ඌ කාළකණ්නි ටිකකට සබ් දීලා, ඕන්න උං ඒක දැන් විනාස කරනවා - සියවස් ගානක් ඒ කැලේ ලස්සන කරපු නාය යාම අරක්ෂා කරපු කැලේ කපලා දාන්න දවස් 5කට වැඩිය ගත්තේ නෑ. මට ඒ දවස්වල ඒ පාරෙන් යන එක අප්පිරියා වෙලා තිබ්බා! ඉතිං ඒ කැලේ කැපුවට පස්සේ දඩුවම් වින්දේ ඒ පැත්තේ පදිංචි කාරයෝ ටික! පාරවල් බැහැලා නාය යන්න පටන් ගත්තම! කොහොම හරි දැන් ආයෙත් ටිකක් කැලේ වැවිලා. ස්භාව ධර්මය අපිට ආදරෙයි! ඒ වගේම අපිට නපුරු වෙන්නත් ස්භාව ධර්මයට මහ වෙලාවක් යන්නේ නෑ! අපි වවාගෙන කන ගස් අපිට නිකන් දෙන නිසා අපිට කිසි වටිනාකමක් නෑ වෙලාවකට! ඒත් ඇත්තටම අපි ඒ පරිසරයට ආදරේ වෙන්න ඕනි!

    ReplyDelete
  28. ගොඩක් දේසපාලුවන්ට නැත්නම් මාධ්‍ය නිවේදකයින්ට වඩා විචාරාත්මකව හේතු යුක්ති සහගතව ලංකාවේ නූගත් ගොඩේ බයියන් යැයි විරුදාවලිය ලද ග්‍රාමීය ජනතාව මයික් එකක් අල්ලපුවම පැහැදිලිව කතාකරනව....ඒ හැබැයි අලි මිනිස් ගැටුම ගොවිතැන පිළිබඳව වෙනත් ඔවුන්ට ඇති ප්‍රධාන ප්‍රශ්න වගේ තමන්ට දැනෙන ප්‍රශ්න සම්බන්ධව... මේ වගේ ප්‍රශ්න අහන කොට නම් ඉතින් මේ වගේ උත්තර තමයි ලැබෙන්නෙ😁😀

    ReplyDelete
  29. පුද්ගලික ආරක්ෂාවේ අයිතිය
    දණ්ඩ නීති සංග්‍රහය

    89 වගන්තිය.
    පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමෙහි දී කරන කිසිවක් වරදක් නොවේ.

    90 වගන්තිය.
    92 වෙනි වගන්ති ඇතුළත් සීමා කිරිම් වලට යටත්ව පහත දැක්වෙන දේවල් ආරක්ෂා කර ගැනීමට සෑම තැනැත්තකටම අයිතිය ඇත්තේය.

    පළමුවනුව
    මනුෂ්‍ය ශරීරයට විරුද්ධ ව කෙරෙන යම් වරදකදී තමාගේ ශරීරය ද, වෙනත් තැනැත්තකුගේ ශරීරය

    දෙවනුව.
    සොරකම, කොල්ලකෑම, අනර්ථ කිරීම හෝ සාපරාධි අයතු ඇතුළු වීම හෝ සොරකමට. කොල්ල කෑමට අනර්ථ කිරීමට හෝ සාපරාධී අයතු ඇතුළු වීමට තැත් කිරීම පිළිබඳව විස්තරය යටතේ වැටෙන වරදක් වූ ක්‍රියාවකදී තමාගේ හෝ වෙනත් තැනැත්තකුගේ චංචල හෝ නිශ්චල දේපළ ද වේ.

    91 වගන්තිය
    යම් ක්‍රියාවක් කරන තැනැත්තාගේ තරුණ භාවය, බුද්ධිය මේරීමේ අඩුකම, සිහි විකල බව හෝ මත්කම නිසා; නැතහොත් එකී තැත්තා කරුණු වරදවා තේරුම් ගැනීම නිසා නොවේ නම් ඒ ක්‍රියාව නියතයෙන් ම වරදක් වන අවස්ථාවක දී. ඒ ක්‍රියාව වරදක් ව විටක ඇති පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ම, එම ක්‍රියාවට විරුද්ධ ව සෑම තැනැත්තෙකුට ම ඇත්තේය.

    සීමා කිරීම්

    92.වගන්තිය

    (1) තමාගේ නිලයෙහි නාමයෙන්, රජයේ සේවකයකු විසින් සද්භාවයෙන් කරනු ලැබූ හෝ කිරීමට තැත් කරනු ලැබූ මරණය හෝ බරපතළ තුවළ කිරීමක් විය හැකි ය යි සාධාරණ ලෙස සිතිය හැකි ක්‍රියාවක් නියම ලෙසම නීත්‍යානු කුල නො වන නමුදු ඊට විරුද්ධ ව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නැත්තේය.

    ( 2 ) තමාගේ නිලයෙහි නාමයෙන් සද්භාවයෙන් ක්‍රියා කරන රජයේ සේවකයකුගේ නියමය ලෙස කරනු ලැබූ හෝ කිරීමට තැත් කරනු ලැබූ මරණය හෝ බරපතළ තුවාළ කිරීමක් විය හැකි යයි සාධාරණ ලෙස සිතිය හැකි ක්‍රියාවක් නියම ලෙස නීත්‍යානුකූල නො වන නමුදු, ඊට විරුද්ධව පුද්ගලික
    ආරක්ෂාවේ අයිතිය නැත්තේය.

    (3) අණ්ඩුවේ බලධරයන්ගේ රැකවරණය ලබා ගැනීමට කාලය තිබේ නම්, එබඳු අවස්ථා වල දී පුද්ගලික ආරක්ෂාවේ බලය නැත්තේය.

    (4) ආරක්ෂාවේ කාර්යය සඳහා අවශ්‍ය වන ප්‍රමාණයකට හැර, ඊට වඩා පීඩාවක් සිදු කිරීමට කවර අවස් ථාවක දී වුව ද, පුද්ගලික අරාක්ෂාවේ අයිතිය නොපැතිරේ.

    93 වගන්තිය

    අයිතිය ක්‍රියාවේ යෙදවීමට හේතු වූ වරද පහත සඳහන් විස්තර වලින් යමකට වැටේ නම්, ඉහතින් වූ වගන්තියෙ සඳහන් සීමා කිරීම් වලට යටත්ව, පහර දෙන්නා හට ඕනෑ කමින් ම මරණය හෝ වෙනත් පීඩාවක් සිදු කිරීම දක්වා ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂවේ අයිතිය පැතිරේ.
    එනම් :-

    පළමුවනුව - එ සේ නො කළහොත් ප්‍රතිඵලය මරණය සිදුවීම් යයි සාධරණ ලෙස අනුමාන කළ හැකි යම් පහර දීමක්;

    දෙ වනුව—එසේ නො කළහොත්, ප්‍රතිඵලය බරපතළ තුවාළවීම ය යි සාධාරණ ලෙස අනුමාන කළ හැකි යම් පහර දීමක් ;

    තුන් වනුව- ස්ත්‍රී දූෂණය කිරීමේ අදහසින් පහර දීමක්

    හතරවනුව- අස් වාභාවික ලෙස කාමය සංසිඳවා ගැනීමේ අදහසින් පහර දීමක්;

    පස් වනුව - අපහරණය කිරීමේ හෝ පැහැරගෙන යාමේ අදහසින් පහර දීමක්;

    හය වනුව:- තම නිදහස් කර ගැනීම සඳහා ආණ්ඩුවේ බල ධරයකු වෙත ඉදිරිපත් වීමට ඉඩ නැති වන බව සාධාරණ ලෙස අනුමන කිරීමට හැකි වන අවසථා යටතේ යම් තැනැත්තකු අයුතු ලෙස සිර කර ගැනීමේ අදහසින් පහර දීමක්. .

    95 වගන්තිය.

    වරද කිරීමට තැත් කිරීමකින් හෝ තර්ජනයකින් අන්තරයක ඇති වන බවට සධාරණ ලෙස වූ වහාම ඒ වරද නො කළ ද, ශරීරය ආරක්ෂ වේ අයිතිය ඇති වේ. ශරීරයට අන්තරාය වීමේ අනුමානය පවත්නා තෙක් එම අයිතිය පවන්නේය.

    ReplyDelete
    Replies
    1. Cont'd

      96 වගන්තිය.
      පුද්ගලික ආරක්ෂාවේ බලය පාවිච්චි කිරීමට හේතු වි සිදු කරනු ලැබූ හෝ සිදු කිරීමට තැත් කරන ලැබූ වරද මෙහි පහත සදහන් වන විස්තරවලින් යමක නම්,
      දේපල පිළිබඳ පුද්ගලික අරක්ෂාවේ අයිතිය
      92 වෙනි වගනයේ සීමා කිරීම් වලට යටත් ව, වරද කරන්නා කැමැත්තෙන් ම මරණය සිදු කිරිම් හෝ වෙනත් පීඩාවක සිදු කිරීම දක්වා පැතිරේ.

      එකී වැරදි නම් :-

      පළමු වනුව- කොල්ල කෑම;

      දෙවනුව :- රත්‍රියෙහි දී ගෙවල් බිඳීම;

      තුන්වනුව.-මනුෂ්‍ය වාසයක් වශයෙන් හෝ දේපළ තැබීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චි කරනු ලැබූ යම් ගොඩ නැගිල්ලක කුඩාරමක හෝ යාත්‍රාවක ගින්නෙන් හෝ පුපුරන ද්‍රව්‍යයකින් අනර්ථය කිරීම;

      හතරවනුව . - පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි නොකළහෙත්, ප්‍රතිඵලය මරණය හෝ බරපතළ තුවාළ කිරීම වන බව සාධරණ ලෙස අනුමාන කළ හැකි අවස්ථා වලදී, සොරකම, අනර්ථ කිරීම හෝ ගෙයකට යුතු ලෙස ඇතුළුවීම.

      97 වගන්තිය
      පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පවිච්චි කිරීමට හේතු වූ සිදු කරනු ලැබූ හෝ සිදු කිරීමට තැත් කරනු ලැබූ වරද ඉහතින් වූ වගන්තියේ සඳහන් විස්තරයකට නොවැටෙන, සොරකම, අනර්ථ කිරීම හෝ සාපරධි අයතු ඇතුළු වීමට නම් එකී බලය ඕනෑ කමින්ම මරණය සිදු කිරීම දක්වා නොපැතිරෙතත්,
      92 වෙනි වගන්තියේ සඳහන් සීමා කිරීම් වලට යටත් ව වරද කරන්නාට මරණය නොවන වෙනත‍් පීඩාවක් කැමැත්තෙන් ම සිදු කිරීම දක්වා පැතිරේ.

      දේපල පිළිබඳව පුද්ගලික ආරක්ෂාව

      98 වගන්තිය

      පළමු වනුව - දේ පළවලට අන්තරයක සැකයක් සාධාරණ ලෙස ඇති වූ විට ම දේපළ පිළිබඳව පුද්ගලික ආරක්ෂවේ අයිතිය ඇති වේ.

      දෙවනුව - කොල්ල කෑමට විරුද්ධ ව දේපළ පිළිබඳ අරාක්ෂාවේ අයිතිය දේපළත් සමග වරදකරු පැන යන තෙක් හෝ ආණ්ඩුවේ බලධරයකුගේ ආධාරය ලබා ගන්නා තෙක් හෝ දේපළ ආපසු සොයා ගන්නා තෙක් පවත්නේය.

      තුන්වනුව- කොල්ල කෑමට විරුද්ධව දේපළ පිළිබඳව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යම් තැනැත්තකුට වරද කරුවකු මරණය සිදු කිරීම හෝ තුවාළ කිරීම හෝ අයුතු අවහිරය කිරීම තෙක හෝ කිරීමට තැත් කරන තෙක් හෝ ක්ෂණික මරණය හෝ ක්ෂණික තුවාල කිරීම හෝ ක්ෂණික පුද්ගලික අයුතු අවහිරය පිළිබඳ බිය පවත්නා තෙක් පවත්නේය.

      හතර වනුව - සාපරාධි අයුතු ඇතුළුවීමට හෝ අනර්ථ කිරීමට විරුද්ධව, දේපළ පිළිබඳව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වරද කරු සාපරාධි අයුතු ඇතුළුවීම හෝ අනර්ථය කරන තෙක පවතින්නේය.

      පස්වනුව - රාත්‍රියෙහි දී ගෙවල් බිඳීමට විරුද්ධ ව දේපළ පිළිබඳව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඒ ගෙවල් බිඳීමෙන් හට ගැනුණු අයුතු ලෙස ගෙයට ඇතුළු වීම පවත්නා තෙක් පවත්නේය.

      නීතිය නොදැනීම නිදහසට
      කාරණාවක් නොවේ

      ඔබ කොතරම් උස අයෙකු වුවද
      නීතිය සිටින්නේ ඔබට වඩා ඉහලිනි

      Delete
  30. මාතලන්ගේ කතාව ගැන ඉතාම ගැබුරු අර්ථවත් සින්දුවක් තියෙනවා ඉන්දිකා උපමාලිගෙ

    "රෑ මැදියම මත් වු තොටියෝ
    ඔරු පදින්න මා කැදවන
    නුබ විතරක් එතෙරට යන මත් වූ තොටියෝ "

    රුවල් නගා යන නැව් දැක සසල වෙලා බැලුවත් නුබ නැව් නගින්න හිත නැ තොටියෝ
    නුබෙ ඔරුවෙ යලි දවසක කුමුදු පිපුණු හද එලියක
    එතෙර යන්න ආසයි තොටියෝ "

    මේ ගිතයෙන් කියනවා උබ විතරයි එගොඩ වෙන්නෙ මගේ ගැන කිසිම හැගිමක් නැ උබට .එහෙම වෙලාවට වෙන නැව් ගියත් මට හිතෙන්නේ නැ ඒ නැවකට ගොඩ වෙන්න මොකද මම හිතනවා යලි කවදා හරි දවසක නුබ මාවත් එතෙර කරයි කියලා "කුමුදු පිපුණු හද එලියක එතෙර යන්න ආසයි තොටියෝ "සුරාන්තයක් නොලැබු ගැහැනියකගේ විලාපය ".

    බිරිදක් නොකී පද ...

    නිදන්නට පෙර ඇගට ගොඩවී
    ඇසිල්ලෙන් උබ බහිනවා
    අනික් පස උබ ගොර අදිද්දී
    තවම මම හති අදිනවා
    කියාගන්නට බැරුව සිතුවිලි
    මගේ සියොලග පෙලෙනවා
    හිතේ හිරවුනු ගිනදරින් දැවි
    මහන්සියකුත් දැනෙනවා
    ඇට මසින් හැදි මගේ සිරුරෙත්
    නහර තවමත් ගැහෙනවා
    ටිකක් වනචර වෙයන් මිනිහෝ
    මටත් හැගුමන් තියෙනවා

    ReplyDelete
  31. හයිවේ එක හදනකොට කපන එක ගහක් වෙනුවෙන් ලන්කාවෙ කී දෙනෙක් නම් විරුද්ධ උනාද? ඒත් මේ දවස්වල බදුල්ල අවට කදු කීයක් නම් ගිනිගන්නවාද කිසිම කෙනෙක් ඒකට විරුද්ධ නෑ කිසිම බලදාරියෙක් ඒ ගැන හොයලා බැලුවෙ නෑ. තියන වතුර ටිකත් හිදිලා යන එක වෙන්නෙ?

    ReplyDelete
  32. දැනට කාලෙකට කලින් ඉදලා දැවැන්ත බලවේගයක් අපේ මේ ලෝකෙ පැවැත්ම තීරණය කරමින් ඉන්නවා. දැන් දැන් දරුණු කුණාටු, ගංවතුර, අධික උණුහුම් තාප තරංග, නියග, මුහුදු මට්ටම ඉහල යාම හරහා එහි දරුණුකම අපට අගවනවා. මේ බලවේගය වෙන කිසිවක් නෙවේ, දේශගුණික විපර්යාස යි.

    ලංකාව, ලෝකයේ දේශගුණික විපර්යාස වැඩිම රටවල් අතරින් දෙවන ස්ථානය. අවුරුද්දෙන් අවුරුද්ද අපේ ඇගට දැනෙන රස්නෙ වැඩිවෙද්දි, නියගෙන් වගාබිම් විනාස වෙලා යද්දි, ගංවතුරට ගම්, නගර යටවෙද්දි, මුහුද හෙමින් හෙමින් ගොඩබිම යට කරගනිද්දි, මේක ඇත්ත වෙන්න ඇති කියල හිතෙනවා.

    දේශගුණික විපර්යාසවලට මූලික හේතුව මිනිස් ක්‍රියාකාරකම් නිසා හරිතාගාර වායු විමෝචනය ඉහල යාම. හරිතාගාර වායු කියල කියන්නෙ අපි හොදින්ම අහල තියෙන කාබන් ඩයොක්සයිඩ්, මීතේන් වගේ වායු. මේ වායු ගොඩක් නිපදවෙන්නෙ පොසිල ඉන්ධන දහනය නිසා, ඒ කියන්නෙ පෙට්ට්‍රල් ඩීසල් වගේ තෙල්, ගල් අගුරු, ගෑස් දහනය නිසා.

    හරිතාගාර වායූන්වලට සූර්යයාගෙන් ලැබෙන තාපය රදවා තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම මේ වායූන් යම් ප්‍රමාණයක් වායුගෝලයේ තියෙන්න ඕන, ඒක මේ අපි ජීවත් වෙන ලෝකෙ ජීවය පවත්වාගෙන යාමට ගොඩක් වැදගත්. නමුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ මේ වායූ ප්‍රමාණය ගොඩක් දැනටමත් වැඩිවෙලා. ඒ කියන්නේ රදවා ගන්නා තාප ප්‍රමාණය වැඩි වෙලා, මේ නිසා අයිස් කදු දියවෙන්න අරගෙන මුහුදු මට්ටම ක්‍රමයෙන් ඉහල යනවා. දරුණු කාලගුණික ව්‍යසන සිද්ද වෙනවා, කෘෂිකාර්මික රටා වෙනස් වෙනවා, සමහර පරිසර පද්ධති විනාස වෙලා යනවා.

    මේ ප්‍රශ්නයට විසදුම් හොයන්න මුලු ලෝකෙම රටවල් එකට එකතු වෙන එක ගොඩක් වැදගත්. නමුත් තනි තනි පුද්ගලයන් විදියට හරි කණ්ඩායම් විදියට හරි කුඩා නමුත් විශාල දායකත්වයක් අපිටත් ලබා දෙන්න පුලුවන්. මේ ගැන මාතලන්ටත් ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  33. පාර කියන මාලිමාවක් අතැති
    එනමුදු උතුර ⁣දකුණත් නොදන්නා
    කුඹ ගසක් පෙනෙන තෙක්
    මහා සයුරට එබෙන්නා...

    සාක්කියකට ඉතිරි කර ගිය
    කිරි සිනා තබන්නා
    චෝදනා නොනඟින
    සෙනෙහෙ ගඟුලක සරන්නා ❤️

    📷 මම

    ReplyDelete
  34. "will you marry me ? "කියලා ප්‍රපෝස් කිරීමේ චාරිත්‍රය එන්නෙ කොහොමද? ඒක ඇත්තටම සපාසිස් එකක්ද?😁

    ඒක එන්නෙ මෙහෙමයි.. දෙන්නෙක් ලව් එෆෙයා එකක් ස්ටාට් කරාම ඒක අනිවාර්‍යෙන් විවාහයෙන්ම කෙලවර වෙන්න ඕනෙ කියලා සම්මතයක් තියෙන්නෙ ලංකාව ඉන්දියාව වගෙ ආසියාතික රටවල විතරයි. ආසියාවෙ කිව්වට අග්නිදිග ආසියාතික රටවලත් දැන් වෙද්දි එහෙම හිතන්නෙම නැති තරම්..

    යුරෝපය ඇතුලු බොහෝ බටහිර රටවල දෙන්නෙක් ඩේට් කරන්නෙ අවසාන මුඛ්‍ය අරමුණ හැටියට කෙසේ හෝ මූව/ මේකිවම බැඳගමි කියලා තිර අදිටනින් නෙමෙ. මුලින්ම ඩේට් කරනවා , ඉන් පස්සෙ ඒක හරි නොගියොත් තව එකෙක් එක්ක ඩේට් කරනවා, ඔහොම කීපයක් ඩේට් කරලා ඉන් පස්සෙ ලිවින්ග් ටුගෙදර් ඉන්නවා. ඔන්න ඒ ලිවින්ග් ටුගෙදර් එකත් සෙට් නෑ.. තව එකියක් / එකෙක් එක්ක ලිවින්ග් ටුගෙදර් ඉන්නවා. ඔන්න ඔහොම සමහර විට කිහිප දෙනෙක් එක්කම ලිවින්ග් ටුගෙදර් ඉදලත් බලනවා. ම්ම්ම්ම් හ්හ්හ්හ්. ඒත් නෑ කසාඳෙකට හිතක්..

    ඔන්න සමහරවිට ලිවින්ග් ටුගෙදර් ඉන්නකොට ලමයිනුත් හම්බෙනවා. .. ඒත් අවුලක් නෑ මෙහෙ වගේ ඒක ලෝකෙ පෙරලන නාඩගමක් කරන් දෙපැත්තෙ දෙමාපියො පොලිසි ගිහින් ග්‍රැනයිට් බෝම්බ වලින් ගහන් දෙන්නව ගල් ගහලා මරන සීන් එකක් වෙන්නෙ නෑ .. කැමති නම් එකට වාසය කරන අනෙක් පාට්නර් දාලා ගියත් ඌ හෝ ඒකී ලමයින්ව හදාගන්නවා. සින්ගල් මාම් / සින්ගල් ඩෑඩ් කියලා. ඒක එහෙ එහෙම ලොකු සීන් එහෙකුත් නෙමෙ.

    ඔන්න ඔහොම ලිවින්ග් ටුගෙදර් අවුරුදු ගනන් ඉදලා ලමයිනුත් හදලා ඒ පාට්නර්වත් එතනින් ඇති වෙලා තව කා එක්ක හරි එෆෙයා එකක් ස්ටාට් කරලා සමහරවිට සතියෙන් දෙකෙන් ඒ අළුත් පාට්නර්ව නම් බඳින්න ඕනෙ කියලා හිතෙන්න පුලුවන්..

    ඉතින් කලින් එෆෙයා කිසිම එකකදි

    " ඔයා මාව බඳිනවද " කියලා අහන්න හිතුන් නැති එකෙක් මෙන්න ඒක චිරාත් කාලයක් ගිහින් නොසිතු නොපැතු ලෙස කෙනෙක්ගෙන් අහද්දි ඒක ඇත්තටම සප්‍රයිස් එකක් තමයි 😁😁

    ඒ මොකද ? වෙස්ටර්න් කල්චර් එක සබඳතාවයක් ඉමෝශනලි මැනිපියුලේට් කරන්න " කසාඳෙ" කියන වචනෙ use කරන්නෙම නැති තරම්.. සම්බන්ධයක් මුලදි එයාලා සත්තයි සහතිකයි මම ඔයාවම බඳිනවා කියලා පොරොන්දු වෙන්නෙත් නෑ.

    එහෙව් එකේ " will you marry me ?" කියන වාක්‍ය එෆෙයා එහෙක මුල පටන් අවභාවිතා වෙන්නෙ නෑ.

    ඒ වචන පෙලට එයාලා වටිනාකමක් දීලා තියෙන්නෙ එහෙමයි. කොයි තරම් වටේ ගිහින් ලමයි හැට හුටාමාරක් හිටියත් ඔයා මාව බඳිනවද කියලා ඒ හැමෝගෙන්ම අහන්නෑ.

    ඉතින් ඒ අහන අවස්ථාව විශේශිත සැමරුමක් , අහන කෙනාටත් , පිලිතුර දෙන කෙනාටත්.. 😁

    හැබයි මෙහෙ ඕක කරන්නෙ මොන අර්ථයෙන්ද කියලා මට වැටහෙන්නෑ. ( නෑ නෑ කලාට කම් නෑ අපේ මොකෑ 😂)

    මෙහෙ මචං කසාඳෙට හොටෙල් අවුරුද්දකට කලින් බුක් කරලා, මාස හයකට කලින් පිටෝං එකත් කරලා, හනිමුන් යන හෝටල් ටිකටත් ගෙවලා , ලමයව දාන ඉස්කෝලෙත් සිලෙක්ට් කරලා කසාඳෙ හෙටයි කියලා අද අහනවා

    " will you marry me ?" කියලා😂

    අර්ථාන්විතව බැලුවොත් ප්‍රපෝස් කිරිල්ල ලංකාව වගෙ රටවල නම් තඩි ජෝක්ස් එකක්!!🤣🤣

    ඔක්කොටම හපන් මේ cringe propose කිරිලි වලදි කෙල්ල සපාසිස් වෙන කැත .. බලා ඉන්න අපිට ලැජ්ජයි යකො😂😂

    එදා උදේ උඩහ ගෙදෙට්ටයි පහල ගෙදෙට්ටයි මිනිහත් එක්කම ගිහින් වෙඩිං කාඩ් එක දීලා ඇවිත් හවසට සුභ නැකතින් මිනිහා

    " will you marry me" ඇහුවම කක්කා බර තදවෙලා ජබර කලන්තෙ හැදිලා ඇස් උඩ යනවා🙄🙄

    මොනවා මෙන්න එයා මගෙන් බඳිමුත අහනවා...දෙයියනේ... දෙයියනෙ.... හරි පුදුමෙකි .,, මලෙක මලෙකි.. නැහැ එහි සකි... දිනි මැණිකෙකි!!😁😁😁

    ReplyDelete
  35. London හී මහමොළකරුවන් විසින් ශ්‍රී ලංකාව නම් වූ Commonwealth යටත් විජිතයේ යටත්වැසියන්ව ඇන්දවීමට මවන News Of The Week🤣😂

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න