.

.

Aug 14, 2023

වෛද්‍යවරුන් රට හැර යාම, ඔවුන්ගේ අයිතිවාසිකමකි. ඊට එරෙහි විය යුතු නැත.

 


වෛද්‍යවරුන් රට හැර යාම,

ඔවුන්ගේ අයිතිවාසිකමකි.

ඊට එරෙහි විය යුතු නැත.

➖➖➖➖➖➖➖➖🔴


ජොස්තර දෙවිවරු වගේම ඉස්පැසොලිස්ට් ඉර්සින්නාන්සේලා මයිග්‍රේට් කරන එක සවුක්ක අමාත්තියන්සේ  නවත්තන්න යන්නේ නීතී දාලා. ඩොක්ටර් රේට් එකක් තියෙන එකෙක්ට වතුර හුවමාරුවකටවත් බැංකොක් ගිහින් එන්න බැරි සීන් එකක් වෙන්න යන්නේ.


එව්වා සුම්මා කියලා ඊයේ ගොම සංගමේ ආන්ඩුවට රතු නීවේදනේ නිකුත් කළා. 


එතනදි නම් මාත් ඉන්නේ... ජොස්තර මහත්තුරු නෝනලා එක්ක. එයාලට කැමති විදියට ජීවත් වෙන්න බැරි නම්, ලැබෙන ආදායම මදි නම්  රට රැකියාවකට යන එකේ ඇති වැරද්ද මොකක්ද? අනික එහෙම ගිය ගමන් එයාලට රැකියාව දෙන්න ඒ රටවල් සැදී පැහැදී ඉන්නවා නම්, අහවල් එකටෙයි ශ්‍රී ලංකා මහතාට බේත් කොරන්නේ.


ඔය අනෙක් රස්සාවලටත් ලක්ෂ කෝටී ගනන් වියදම් කරලා... ඉන්ස්ටිටියුට්, ටැක්නිකල් කොලේජ්, ට්‍රේනින් සැන්ටර්, ප්‍රයිවෙට් කැම්පස් දාලා ඩිප්ලොමා දෙන්නේ, ස්කිල් ජොබ්ස් වලට ලැබෙන පඩිය වැඩියෙයි කියලා.


අනික ඉංජිනේරුවෝ උපාධිය ගත්ත ගමන් ටටා බායි කියලා මාරු වෙන්නේ.. 


ඒ නිසා ආන්ඩුව තීරණයකට එන්න ඕන තාදුරටත් ආර්ථික ශක්තියක් නැති හිඟන්නන්ට මහපොලත් දීලා, අතින් කයිට් කරගෙන MBBS දීලා, ඊට පස්සෙත් ඉස්පැසොලිස්ට්ලා වෙන්න බදු සල්ලි වියදම් කරනවද? නැත්නම් ඒකේ වටිනාකම ගෙවලා ගන්න පුලුවන් උන්ට ගන්න දෙනවද කියලා.


මොකෝ ඕකුන්ට ඒජන්සි වලට, බෝට්ටුවලට ගෙවන්න ලක්ෂ කෝටී ගනන් තියෙනවා නම්, පිරමිඩ් වල ඉන්වෙස්ට් කරන්න කෝටි ගනන් තියේ නම්, නිර්ධන පංතියේ වැඩකරන ජනතාවගේ පක්ෂ වලට මෝල්ටාවේ ඉන්වෙස්ට් කරන්න කෝටී ප්‍රකෝටි ගනන් තියේ නම්, රෙද්දටද මක්කවත් නොමිළේ දෙන්නේ. දීලා ඉල්ලගෙන කන්නේ.


සුද්දගෙ කාලේ තිබ්බේ එහෙම ක්‍රමයක්. ඒක නේ එදා මහා මාන්නේ ඩී ඇස් කිව්වේ නිදහස් අජ්ජාපනේ දීලා බලහල්ලකෝ අනාගතේ වෙන දේ බලා ගනිල්ලා කියලා.  


ඒ නිසා අනුරුද්ධ ප්‍රදීප් කියන්නැහේ ඕක 🐕 ටයි කොල්ලටයි කෙල්ලටයි හැම එකාටම දෙන්න ඕනැන්නේ නෑ. රස්සාවෙන් ජීවත් වෙන්න බලන්නේ නැති... යමක් කමක් තියෙන.. ඉන්ගිරිස් පුලුවන්... වැදගත් පෝසත්  උන්ට ඉතරක්ම දුන්නාම ඉවරයි.


නැත්නම් ඉතින් වී වගාවෙයි ජොස්තර හා ඉස්පැසලිස්ට් වගාවෙයි වෙනසක් නැති වෙනවා. සදා හිඟන්නෝ. අන්තිමට ණයත් ආන්ඩුවෙන් ගෙවලා තව සහනාධාර දීලා ඉවරෙකුත් නෑ...


ඒ වගත් මෙසේය....


- මාතලන් යකා -

.

23 comments:

  1. වෛද්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් නිසා
    වෛද්‍යවරයෙක් රට යනවා නම් ඊට පෙර වසර 15ක් රටේ සේවය කිරීම හෝ ඊට පෙර යනවා නම් වෛද්‍ය උපාධිය වෙනුවෙන් වියදම් වුන මුදලින් කොටසක් ගෙවීම අනිවාර්යය කල යුතුයි.
    සිංහල මාධ්‍යය MBBS උපාධි පාඨමාලාවන්ද ඇරඹිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ජගත් ඒ වගේම මම හිතනව එම් බී බී එස් එක වෙනුවට ඇලෝපති නොවන විකල්ප වෙනත් වෛද්‍ය ක්‍රම සහ සිංහල වෙදකම (ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නමැති ඉන්දීය ක්‍රමය නොවන ලංකාවට ආවේණික වෙච්ච එක) සිංහල සහ දමිල භාෂා වලින් උගන්වන්න සහ දැනට ආයුර්වේද වෛද්‍ය උපාධිය දෙන්නටත් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව නොවන වෙනත් දේශීය වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයක් මුදල් ගෙවා ලබාගැනීමට සහ විකල්ප සිංහල වෙද රෝහල් සහ බෙහෙත් වර්ග ලංකාවේම නිෂ්පාදනය කිරීම සහ සිංහල වෛද්‍ය විද්‍යා පර්යේෂණ ආයතන පිහිටුවා වෛද්‍ය විද්‍යා පර්යේෂණ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අනුග්‍රහය ඇතිව බෙහෙත් වර්ග සොයාගැනීම වගේ දේවල්වලට අවධානය යොමුවිය යුතුව ඇති බව, එහෙම නේද?

      Delete
  2. මට ආසයි රූමත් වෛද්‍යවරියක්ට කියලා කටට චූ කර ගන්න.

    ReplyDelete
  3. කථාව ඇත්ත ගගාරීන්, රම්බෝ වීරයෙකු කල ලොවක ,මානව ශිස්ඨාචරය විශ්වයට ඔසොවාතැබූ දෙවියෙකු ලෙස ඇදහිය හැකි මිනිසා.ගගාරීන් මහපොලොවට පයතැබූවිගස මුළුලොවම ඔහුගේ දෙපාමුළය.එහෙත් ඔහු ඉල්ලාසිටියේ ලංකාවේ තේකෝප්පයක් පමණි.ඛේදවාචකය නම් එයනොවේ ,මෑතකදී රුසියාවේ සිටපැමිණි මගේමිතුරෙකුගේ වයිද්‍ය විද්‍යාවහදාරන දුවක් මට රසවත් තේකෝප්පයක් සාදාදුන්නාය.මාඑය මිලදීගත් කඩය කුමක්දැයි ඇසූවිට මොස්කව් නගරයේ නම කියාසිටියාය. ලංකාවේ ජනයා තවම අපේ රටේ කසල තේ බොද්දී රුසියාවෙන්ගෙනා ලංකාවේතේ එපමන රසවත්‍ බව දැනී
    යූරිගගාරීන් වීරයාට නිවන්සැපලැබේවා කියා පතමී.❤️

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 1.42

      ඔයා රුසියාව ගැන කියන කොට මට මතක් වෙනව ටීවී සීරීස් එකක් ඇත්තටම මීට කාලෙකට කලින් විකාශනය වෙච්ච ගොඩක්ම දෙනා හොඳයි කියන TV show බලන්න මම මාරම කැමතියි. ඒකට හේතුව ගොඩක් ටීවී ෂෝස් මුලදී හොඳ වුනාට, අන්තිම වෙනකොට චොර වෙන නිසා. නමුත් එහෙම නොවුන ඒවා සීමිත ගණනක් ටීවී ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා. The Americans අන්න ඒ වගේ පට්ට TV Show එකක්. විකාශනය වුනේ 2013 ඉඳල 2018 වෙනකම් seasons 6 කට. මම ඇත්තටම දන්නේ නැහැ මම මේක ගොඩක් තැන්වල දැකලත්, මෙච්චර කල් බැලුවේ නැත්තේ ඇයි කියලත්. කොටින්ම කියනවනම්, මගේ top TV show ලිස්ට් එකට අලුතෙන්ම එකතු වෙන එක මේක. ඒ තරම්ම සුපිරියි කියන්න වචන නැහැ.

      ඉතින් මොකක්ද මේකේ plot එක. සරලව කියන්නම්. ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර සීතල යුද්ධය තියන කාලයේ 1980 ගණන් වල රුසියාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ආපු කේජීබී බුද්ධි අංශ වල ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන දෙපලක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. ඔවුන් දෙදෙනා පිරිමියෙක් සහ ගැහැනියක්. ඇමෙරිකාවට ඇවිල්ල ව්‍යාජ ලියකියවිලි හදාගෙන පදිංචිවෙලා, කසාද බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්න සාමාන්‍යය ඇමෙරිකන් පවුලක් හැටියට තමයි ඔවුන් ජිවත් වෙන්නේ. නමුත් ඔවුනට රුසියාවෙ කේජීබී බුද්ධි සේවාවෙන් ලබා දෙන ඉතාමත්ම රහසිගත සහ භයානක මෙහෙයුම් කරන්න සිද්ධ වෙනවා. මේ වගේ බුද්ධිඅංශ ක්‍රියාකරුවන් අල්ලන්න සී.අයි.ඒ නියෝජිත ආයතනයත් විශාල වෙහෙසක් දරනවා. ඉතින් මොවුන් දෙගොල්ල (සීඅයිඒ සහ කේජීබී) හැම වෙලේම එකිනෙක පරයමින් හොරා පොලිස් තරඟයක තමයි ඉන්නේ. මේ බුද්ධිඅංශ යොදාගන්න උපක්‍රම සහ ඔවුන්ට මුහුණ දෙන්න වෙන අත්දැකීම් සහ ඔවුන්ගේ පිටතට පෙන්වන ජීවිතය සහ රහස් ජීවිතය අතර ඇතිවෙන මත ගැටුම් වගේ දේවල් උඩ තමයි කතාව යන්නේ. කතාවේ ගැඹුර සහ විලාසය ඉතාමත්ම ලස්සනයි වගේම ඇබ්බැහි වෙන සුළුයි.

      The Americans ටීවී show වල ස්වර්ණමය යුගය කියලා පොදුවේ ලෝකයේම කියන 80-90 දශක වලට කෙලින්ම ගහන්න පුළුවන් ජාතියේ එකක්. මේක crime drama ඝනයට වැටෙන්නේ. නමුත් මේකේ action වලට වැඩිය පට්ටම කතාවක්, තිර රචනයක් සහ දෙබස් තියෙනවා. බලන් ඉන්නකොට වෙනම ලෝකයකට අපිව අරගෙන යනවා. ඒක ඇතුලේ ජිවත් වෙන්න පුළුවන් වෙන තරමට චරිත, රංගනය සහ කතාව ප්‍රබලයි. මම මේ seasons 6 ම බැලුවේ මාස දෙකක් වගේ කාලයක් ඇතුලත. ඒ තරම්ම ඇබ්බැහියක්. අන්තිම season එකට එනකොට කතාව පටන් ගත්තු තැන ඉඳල ගොඩක් ඉස්සරහට යන ගමන්, චරිත වල වගේම කතාවේ හරයේ ලොකු වෙනස්කම් වෙනවා. අවන්කවම කියනවනම්, අන්තිම season එක බලනවා කියල හිතන එකම එක විදිහට tension එකක් වුනා මට. මොකද මම ආදරය කරපු මේ චරිත ටිකට අන්තිමට මොනවයෙන් මොනවා වෙයිද කියන චකිතය නිසාම අන්තිම episode 3 වගේ වෙනකොට මම දවස් ගණන් බලන්නේ නැතුව කල් දැම්ම. පිස්සු කියලත් හිතෙනවා ඇති ඒත් එහෙම වුනා. මෑත කාලයකදී මට tv show එකක් කවදාවත් මෙහෙම දැනිල නැහැ.

      The Americans Emmy සම්මාන 4ක දිනුව. ඒ වගේම තවත් සම්මාන 48ක් සහ නිර්දේශය 165 තියෙනවා. Ratings වලින් Rotten Tomatoes 96% IMDB 8.4. බලන්නද එපාද කියල දෙපාරක් හිතන්න ඕනෙම නැහැ.

      Delete
  4. මාතේ, මටනම් දොස්තර මාෆියාවයි රාජපක්ෂ පොහොට්ටු කම්බා හොර රැලේ පවුල් මාෆියාවයි සජබයි මන්දබුද්ධික ගොන් බූරු හරක් හැත්තගේ මාෆියාවයි පොල් බූරු මාලිමා සක්කිලි ගූකන වහල් හැත්තගේ ගූ මාෆියාවයි සේරම එකයි ඒවගේම හොරගණ බහුද්ද මාෆියාව කාදිනල් කම්බ හොරාගේ කතෝලික සභා පල්ලි මාෆියාවයි අනිත් බෝන් අගේන් වගේ හොර කල්ලිවල ජාවාරම් වගේම පන්සල්ම හදන ගණගෙඩි හැත්තත් සේරම එකයි. උනුත් ජවිපෙ මාලිමා හොර රැල්ලේ ලොකුහාමුලා උන්ගේ වහල්ලුන්ව හූරාකනවා වගේම ගමේ දායකයගෙ ඉදන් හූරං කනව.වාහන දෙක තුන තියන් ඉන්නව,කිසි වැඩකට නැති කොන්ක්‍රීට් බිල්ඩින් ගහනව,.මටනම් ඔය හැමපැත්තම එකයි බොසා.පන්සල් හැදුව කියල ඇති උන සෙතේ මොකක්ද හාමුදුරු බුද්ධාගං බිස්නස් කාරයෝ ගොඩ ගියා මිසක්.ආගමින් වෙන්න ඕන මිනිසා හැදෙන එක මිසක් පන්සල් හැදෙන එක නෙවෙයි.දවසකට පොඩි ගැහැණු ළමයි පිරිමි ළමයි කීයක් විනාස වෙනවද.කෝ බං මිනිස්සුන්ගෙ හැදියාව,ආචාර ධර්ම.මහාලොකුවට පන්සල් ගැහුවම ඔක්කොම හරි ලක්බ තමයි

    ReplyDelete
  5. දොස්තරල ගැන කියද්දී අර හොර දොස්තර තාඹුගල කේස් එකත් මට මතක් වෙනව ඇත්තටම මාතේ විරංජිත් තාඹුගල ගැන මට තියෙන්නෙ අනුකම්පාවක්. මම මේ කියන්න හදන්නේ ඒ ඇයි කියලා.

    විරංජිත් තාඹුගල කියන ගෝතයගේ ඉන්කම් සෝර්ස් එක / සෝර්ස් ඔෆ් ෆන්ඩ්ස් දැන් හොදටම පැහැදිලියි.

    ඒකට ප්‍රමාණවත් සාක්ෂිත් තියෙනවා.

    තාඹුගලට යම්කිසි ආකාරයක සඟවා තබා තිබූ පැරණි වස්තුසම්භාරයක් (සරලව කියුවොත්
    නිධානයක් වගේ එකක්) ලැබිලා. එහෙම නැත්නම් කොටින්ම ඔහු නිධානයක් අරන්.

    ඒක හංගන්න දෙයක් නෙවෙයි.

    ලංකාවේ පැරණි රජ කාලවල වටිනා කියන දේවල් සඟවා තැබු ස්ථාන නැත්නම් නිධන් කියල දේවල් තියෙනවා. නිධන් කියන්නෙ බොරු දෙයක් නෙවෙයි. ලංකාව ඉතා විශාල ධනස්කන්දයක් නිධන් කරපු රටක්.

    විවිධ ආකාරයේ නිධන් තියෙනවා.

    ගැල් නිධන් කියන්නේ කරත්තයක පුරවාගෙන ඇවිල්ලා හංගපු වස්තුවකට.

    මැණික්, ඇත් දළ, රත්තරං එහෙම නිධානයක තියෙනවා.

    එහෙම නිධානයක් හමුවෙච්ච මනුස්සයෙකුට ඊළගට තියෙන්නෙ තමන්ට තියෙන ධනස්කන්දය වියදම් කරවාගන්න බැරි ප්‍රශ්නය.

    ඒක ඒ තරම් විශාල ධනයක්. නිධන් වල මැණික් පවා සාමාන්‍ය මැණික් වගේ නෙවෙයි. ප්‍රමාණයෙන් වැඩියි.

    ලංකාවේ නිධානයකින් ගත්තු නිල් මැණිකක් මමත් දැකලා තියෙනවා. (අයිතිය හෝ වෙන කිසිම සම්බන්ධයක් මට නැහැ)

    ඒ නිල් මැණික ඒ කාලේ මිල කළේ කෝටි සියයකට.

    එවැනි ගල් ගණනාවක් තියෙන මිනිහෙකුට "සල්ලි" ආයෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.

    තාඹුගල ධනවතෙක් වුනේ එහෙමයි.

    ලංකාවේ බොරු කියන, රවට්ටන ව්‍යාජ මිනිස්සු ඕන තරම් ඉන්නවා.

    ඒ ව්‍යාජ මිනිස්සු ඒ බොරුව පාවිච්චි කරන්නේ මිනිස්සු අන්දලා සල්ලි හම්බ කරන්න.

    තාඹුගල තමන්ගේ බොරුවෙන් මිනිස්සුන්ගෙන් ගසා කෑවේ නැහැ. (එහෙම ගසා කන්න ඔහුට අවශ්‍ය නැහැ)

    තාඹුගලට දැන් තියෙන්නෙ වියදම් කරගැනීමේ ප්‍රශ්නයක්.

    ඒක කරන්න අවශ්‍ය මූලික කපටිකම මිනිහට නැහැ.

    මිනිහට හොද බැක්ග්‍රවුන්ඩ් ස්ටෝරියක් ගොඩනගා ගන්න බැහැ.

    එකම කතාව කියන්න බැහැ.

    ඉතින් මිනිහා සමාජය ඉස්සරහා විහිලුවක් වෙනවා.

    එක්කො මිනිහගේ මීඩියා බලන ටීම් එක ප්‍රාථමිකයි, PR තේරෙන්නෙ නැහැ.

    එහෙම නැත්නම් PR ටීම් එකක් හයර් කරන්න තාඹුට තේරෙන්නෙ නැහැ.

    හොඳ ලූප් හෝල්ස් නැති ප්‍රබල කතාවක් හදාගෙන ලංකාවට ඇවිල්ලා, ඒ කතාවම දිගට රිපීට් කළා නම් තාඹුගල හොල්ලන්න කාටවත් බැහැ.

    සාමාන්‍ය හොඳ කතාවක් ප්‍රශ්න කරන්න මෙරට සාමාන්‍ය මිනිසුන්ට I.Q එකක් නැහැ. මේ රට මිනිස්සු පහසුවෙන්ම රැවටිය හැකි රටක්.

    ඔවුන් සාමාන්‍ය හොඳ කතාවකින් රැවටිය හැකියි. එයට 'නෝලන්' පන්නයේ ස්ක්‍රිප්ට් එකක් අවශ්‍ය නැහැ.

    සුජීව ප්‍රසන්න ආරච්චි පන්නයේ කතාවක් හොඳටම ප්‍රමාණවත්. අපේ මිනිස්සු මහ ලොකුවට ප්‍රශ්න කරන මිනිස්සු නෙවෙයි. පහසුවෙන් විශ්වාස කරන මිනිස්සු.

    නමුත් එහෙම කතාවක් නැතිව, එක එක වෙලාවට කියන එක එක කතා නිසා මෙවැනි රටක මිනිසුන් ඉදිරියේ පවා තාඹුගල විහිලුවක් වෙලා.

    ඔහුට මීඩියා කරන්න, PR කරන්න දක්ෂයෙක් හිටියා නම් මේ ලේසියෙන්ම රටේ දෙවියෙක් වගේ වන්දනාවට ලක් වෙන්න පොටෙන්ෂල් එකක් තිබුනු මිනිහෙක්.

    තාඹුගේ ඩොක්ටර් කතාව ගැන ඔහු ටිකක් දන්න පිරිසක් මට කතාවක් කිව්වා.

    මන් ඒ කතාව විශ්වාස කරන්නෙත් නෑ. අවිශ්වාස කරන්නෙත් නෑ.

    මේ නිධානයේ තිබිලා තාඹුට තෙලක් හමුවෙලා තියෙනවා.

    ඉතාම සුවඳවත් මේ තෙල ආලේප කළාම බොහෝ රෝග සුව වෙනවා.

    මිනිහා තමන්ගේ ගල් ෆොරීන් බයර්ස්ලට දෙන්න ඇමෙරිකා ගියාම මේ තෙල් එක අරන් ගිහිල්ලත් විශ්ම දක්වලා තියෙනවා.

    මිනිහා 'ඩොක්ටර්' කෙනෙක් වෙලා තියෙන්නෙ එහෙම.

    ඒක සාක්ෂි නැති, ඔහු ඇසුරු කරපු, ඔහු එක්ක වැඩ කරපු මිනිස්සු කියන කතාවක්.

    මම ඒ කතාව විශ්වාස කරන්නෙ නැහැ වගේම අවිශ්වාස කරන්නෙ නැහැ.

    කොහොම වුනත් තාඹුගලට වඩා බොහෝ තක්කඩි, ව්‍යාජ මිනිස්සු සුදු චරිත වෙලා ඉන්න ශ්‍රී ලංකාවේ තාඹුගල විහිලුවක් වීම ඛේදවාඡකයක්.

    කපටිකම හෝ හොඳ ටීම් එකක් නැතිවීම නිසා වෙච්ච දෙයක්.

    අඩුම තරමේ එකම බොරුව පවත්වාගෙන යන්නවත් තාඹුට තේරෙන්නෙ නැහැ.

    හැබැයි ක්ලබ් වසන්ත ඉතා හොඳ ධානපතියෙක් වෙච්ච,

    කුරුණෑගල රතු මහත්තයාගේ පුතා වෙච්ච පළමු විවාහයෙන් ළමයි සමග දික්කසාද වුනු රාසපුත්‍ර අයිඩියල් ෆැමිලි මෑන් කෙනෙක් වෙච්ච,

    ගෑනියෙක් පේන්න බැරි, සල්ලියකුත් හරියට නැති බොරු කෝටිපතියා ප්‍රියාන්, මැණික් මුදලාලි කෙනෙක් වෙච්ච,

    සුපර් මොඩ්ල් කෙනෙක් නොවී වාහනයක් පෙන්නලා රටක් අන්දලා පොඩි කෙල්ලොන්ට මොඩ්ලිං උගන්නලා ත්‍රිකලා ධරණි කෝටිපතිනියක් වෙච්ච,

    මිනිස්සුන්ට උදව් කරනවා කියලා වීඩියො හදලා සල්ලි එකතු කරලා ඒ සල්ලි වලින් ජීවත් වෙන උෂාන් ව්ලොග්ස් වගේ නරුමයො හොඳ මිනිස්සු වෙච්ච,

    මේ රටේ මෙච්චර වියදම් කරලත් PR එක හදාගන්න බැරි වුනු තාඹුගල ගැන මට තියෙන්නෙ අනුකම්පාවක්.

    සමාජ ජාල වල ඇති තාඹුගලගෙ ඡායාරූපය තාඹුගල ඔහුගේ මැණික් කිහිපයක් ෆොරීන් බයර් කෙනෙකුට විදේශයකදි අලෙවි කරන අවස්තාවක්.

    එහි පවතින මැණික් ගල් කිහිපයම ශ්‍රී ලංකා රුපියල් කෝටි 500ට වඩා මිල මිසෙක, මිලෙන් අඩු නැති බව ස්ථිරවම අනුමාන කරන්න පුළුවන්.ඒ මැණික් තබා ඇති බ්‍රීෆ් කේසයත් මිල අධික ලුවි විටොන් එකක්

    ReplyDelete
  6. ගූතලන් තොට පිස්සු, එහෙම කෙනෙකුට හිතුන හිතුන විදියට ලෝකය යහපත් තැනක් කරන්න උත්සාහ කරන්න බෑ. ඒකට අදාළ ක්‍රියාවලියක්, ධූරාවලියක් සහ තව ගොඩක් දේවල් තියෙනවා. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය ජවිපෙ ජාතික ජන බලවේගය සමග වැඩකරන්න ජාතික ජන බලවේගය දිනවල ඒ අයට අවශ්‍ය විදියට රට හදන්න පවරන්නට ඕනේ, ඊට පස්සේ කට වහගෙන ඒ අයට රට පාලනය කරන්න දීල අවුරුදු දහයකට විතර දීල බලමු, හැබැයි ඒ වගේම අනිත් පැත්තට ඒ ක්‍රියාවලිය හරහා නොයනවා නං අනිවා ඔයා ලෝකය ලස්සන තැනක් කරන ඒ ආදරණීය වෑයමට හරස් කපන ද්‍රෝහියෙක්. ඒකට නිරමිත දඬුවම් විඳින්නට සිදුවන බව අවබෝධ කරගෙන සූදානම්ව ඉන්න හරිද?

    ReplyDelete
  7. ඔබේ වාහන 🛵🚙🚚🚛 සිහිනය සැබෑවක් කරන්නට මනුදම් පෙරටු මූල්‍ය සමාගමේ අපි සූදානම් ❤
    ඔබේ පැරණි යතුරුපැදියට ත්‍රීරෝද රථයට ඔබගේ මුදල් අවශ්‍යතාව මත එක් දිනකින් ණයමුදලක්...

    😍 අවම ලියකියවිලි
    😍සුහදශීලී සේවාව
    😍 වැඩිම තක්සේරුවටිනාකම
    😍අවම පොලී අනුපාතය

    අදම අමතන්න

    ☎️📞 0775 645064 /
    📞☎️0777 265064

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 0777 265 064

      අඩෝ ඔය මනුදම්ලා ලීසින් දෙනකොට එන්නේ මනුදම් පෙරටුකොට ගෙන ඒත් ගෙවන්න වෙන කොට එන්නේ සීසර්ලා පෙරටුකොට ගෙනනේ ඒකනේ ලෙඩේ 😒🙄😬

      Delete
  8. තවම කසකාරයො විතරයි. පෙරහැර ලඟදිම එනවා. (වෛද්‍යවරු රට හැර යාමේ ඛේදවාචකය) මේ පෝස්ට් එක හැමෝම කියවල බලන්න, මේ සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුල මම කිහිප වතාවක්ම ලිව්ව. ඒ වගේම මේ ගැන මම ලියන අවසන් ලිපිය තමයි මේ ලියන්නෙ.

    මේ ප්‍රශ්නෙ බරපතළ කම ලංකාවේ ජනතාවට නම් කිසිම අදහසක් නැති ගානයි. මොකද ඒකෙ බරපතල ප්‍රතිවිපාක ඔවුන්ට දැනෙන්න තව අවුරුදු දෙක තුනක් ගතවෙන නිසා. මෙහි අවසන් ප්‍රතිඵලය රජය හොඳින්ම දන්නා නමුත් ඊට පිළිතුරු සොයන්න ඔවුන්ට අවශ්‍ය නැහැ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ සාමාජිකයෙක් මේ ලඟදි ප්‍රකාශයක් කලා දැනට රට යන විදිහ ගැන ඔවුන් සතුටු වෙනව කියල. ඒ වගේම ඉදිරියේදී ගන්න තියෙන තවත් වැදගත් පියවර කිහිපයක් ගනිද්දි බුද්ධි ගලනය තව තවත් වැඩි වෙන්න පුළුවන් බව ඔහු කිව්ව. කොහොමත් IMF එක මේ ප්‍රශ්නෙට සංවේදී නැහැ. මොකද රටේ සෞඛ්‍ය දර්ශක පහළට වැටීම නෙමෙයි ඔවුන්ට අදාළ වෙන්නෙ ආර්ථීක දර්ශක ඉහළ නැංවීම හරහා රනිල් වික්‍රමසිංහ යහපාලන රජය කාලේ ISB වලින් ඩොලර් බිලියන 12 ක පමණ ණය ලංකාවට ලබාදී තිබෙන සභ IMF එකේත් අතිවිශාල ලෙස මූල්‍ය ආයෝජන කර තිබෙන එක්සත් ජනපද සහ යුරෝපීය ණය හිමි සමාගම් වලට නැවත ණය ප්‍රතිව්‍යුහගත කර අයකර ගැනීමට පුළුවන්කම ලැබෙන එක තහවුරු කර ගැනීම පමණයි. (ඔවුන් ඇත්තටම හිත යටින් සතුටු වෙනව ඇති. මොකද ලංකාවේ බුද්ධි ගලනය සිදුවෙන්නෙ ඔවුන්ගෙ රටවල් වලටම නිසා).

    වෛද්‍යවරුන් රට හැර යන සීඝ්‍රතාවය ගැන ඇත්තම සංඛ්‍යාලේඛන කිසිවෙක් දන්නෙ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන තොරතුරු තමයි මූලාශ්‍ර විදියට ගන්නෙ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබෙන්නෙ සියල්ල අවසන් වූ පසුවයි. උදාහරණයක් විදිහට ඉදිරි වසර ඇතුළත විදේශගත වීමට නියමිතව වෛද්‍යවරු සංඛ්‍යාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නිවැරදි තොරතුරු නැහැ. මම දන්න තරමින් ඔවුන් ඒ ගැන සංගණනයක් කරලත් නැහැ.

    ඒත් රෝහල් වල බිම් මට්ටමේ සේවය කරන වෛද්‍යවරු විදිහට අපි දකින දේ නම් ඇඟ කිළිපොලා යන සුළුයි. මම එක උදාහරණයක් කියන්නම්. එක්තරා ප්‍රධාන රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයක වැඩ කරන වෛද්‍යවරු 20 දෙනාගෙන් 15 දෙනෙක් දැනට AMC හෝ PLAB විභාග සමත් වෙලා ඉන්නෙ. (විදේශීය වෛද්‍යවරයෙක් ඕස්ට්‍රේලියාවෙ නැතිනම් එංගලන්තයේ වෛද්‍යවරයෙක් විදිහට සේවය කරන්න කලින් සමත් වෙන්න ඕන විභාග තමයි මේ. අනිවාර්යෙන්ම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි මේ විභාග කරන්නෙ. මොකද ඒවට විශාල මුදලක් ගෙවන්න ඕන වගේම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නත් ඕන). ඉතින් මේ පහළොස් දෙනාම තමන්ට විදේශ රැකියාව ලැබුණු ගමන්ම ඉදිරි මාස හය හත ඇතුලෙදි විදේශගත වෙනව). මම දන්න එක උදාහරණයක් විතරයි ඔය කිව්වෙ. රටේම තත්වය මීට වඩා වෙනස් වෙන්න විදිහක් නැහැ.

    සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් වෙලා වෛද්‍ය විද්‍යාලයෙන් පිට වෙන කෙනෙකුගෙ වයස අවුරුදු 28 ක් විතර වෙනව. දැන් අලුත් ප්‍රවණතාවය තමයි මේ වෛද්‍යවරු තමන්ගෙ සීමාවාසික පුහුණුව අවසන් කළ ගමන් විදේශ ගතවීම. අවුරුදු 35ට අඩු වෛද්‍යවරුන් තොගපිටින් රට හැර යනව. වයස අවුරුදු 35 ත් 45 ත් අතර ඉන්න සාමාන්‍ය ආර්ථික ස්ථාවරත්වයක් තියෙන වෛද්‍යවරු පවා පවුල් පිටින් විදේශගත වෙන්න පෙළඹිලා තියෙනව. ඒ වගේම වයස අවුරුදු 55 සම්පූර්ණවූ ගමන්ම විශ්‍රාම අරගෙන වෙනත් ආදායම් මාර්ග වලට යොමු වෙන්න තවත් පිරිසක් බලාගෙන ඉන්නව. මේ සම්බන්ධයෙන් නිවැරදි සංඛ්‍යාලේඛන දෙන්න කියල කව්රුහරි ඇහුවොත් මම ඒක හරියටම දන්නෙ නැහැ. නමුත් මහ පොළොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු හැටියට අපිට දැනෙන දේ තමයි මේ කියන්නෙ.

    තව සමහරු කියනව ඔය යන එවුන් ගියාවෙ ඉන්න එවුන් ටික කොහොම හරි මේ වැඩේ කරයි කියල. ඉන්න එවුන් කරයි තමයි. ඒත් මෙතනදි සෞඛ්‍ය ක්ශේත්‍රය කඩා වැටෙන්නෙ මොන විදියටද කියන එක මම ඔබට කියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලබන 2024 වසර ඇතුළත රටට දරාගන්න බැරි තරම් බුද්ධි ගලනයක් සිදු වෙයි. විශේෂඥ වෛද්‍යවරුන් වගේම ශ්‍රේණි වෛද්‍යවරු සැලකිය යුතු පිරිසක් රට හැර යයි. ඉතිරි වන වෛද්‍යවරුන්ට නිශ්චිත කාලයක් තුළ ප්‍රතිකාර කරන්න සිදුවුන රෝගීන් ප්‍රමාණය අධිකව ඉහළ යයි. රෝහල්වල ප්‍රතිකාර සම්බන්ධයෙන් සමාජයෙන් එල්ලවන චෝදනා දිනෙන් දින ඉහළ යන බැවින් අසීමිත රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කර යම් අතපසු වීමක් සිදුවුවහොත් එහි අවදානමක් ගන්න ඉතිරිවන වෛද්‍යවරුන් කැමති වෙන්නෙ නැහැ. ඒ නිසා සායන වලට බාහිර ප්‍රතිකාර අංශවලට වාට්ටුවලට බාරගන්නා රෝගීන් ප්‍රමාණයේ සීමා පැනවීම් සිදුවීම වළක්වන්න බැහැ.

      මීට අමතරව වෛද්‍ය හිඟය නිසා පර්යන්ත කුඩා රෝහල්වල සිටින වෛද්‍යවරුන්ව ප්‍රධාන රෝහල් කරා යොමු කරන්නට සිදුවෙයි. සෞඛ්‍ය සේවය සංකෝචනය කිරීමේ දී කුඩා බාහිර රෝහල් වැසී යන තත්ත්වයක් උද්ගත වෙයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය මීට දශක දෙකකට පමණ පෙර තිබූ තත්ත්වයට නැවතත් ඇද වැටීම වළක්වන්න බැරි වෙයි.

      බරපතලම කාරණය එය නොවේ. අත්දැකීම් බහුල ජේෂ්ඨ වෛද්‍යවරුන් සහ මහාචාර්යවරුන් රට හැර යාම නිසා වෛද්‍ය විද්‍යාල තුළ අධ්‍යයන කටයුතු මෙන්ම රෝහල් තුළ සිදුවුන පශ්චාත් උපාධි පුහුණු පාඨමාලා බරපතළ කඩා වැටීමකට ලක් වේවි. විෂම චක්‍රයක් වෙන මෙම කඩා වැටීම දශක ගණනාවකට ආපසු හරවන්න නොහැකි වේවි. මේ වන විටත් විශේෂඥ වෛද්‍ය පුහුණුවේ සිටින වෛද්‍යවරු පවා විදේශගත වීමේ ප්‍රවණතාවක් පවතී.

      රට හැර යන වෛද්‍යවරුන්ට හෙන ඉල්ලීමෙන් මෙම ඛේදවාචකය දශමයකින් හෝ වළක්වා ගත නොහැක. මෙතෙක් කල් රටට සේවය කරමින් සතුටින් මේ රටේ ගතකළ රටට ආදරය කළ බොහෝ මිනිසුන් මෙසේ රට හැර යන්නට ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ හේතු තිබිය යුතුය. මා පෞද්ගලිකව දන්නා වෛද්‍යවරුන් බොහොමයක් රට හැර යන තීරණය ගත්තේ මහත් වේදනාවෙන් යුතුවය. මේ හේතු සොයා බලා ඒවාට නිසි පිළියම් යොදා මෙම බුද්ධි ගලනය නැවැත්වීම ශ්‍රී ලංකා රජයේ මූලික වගකීමක් වන්නේය. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රට හැරයනවා යැයි කියා ඔවුන්ට නින්දා කිරීමෙන් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ නැත.

      ගෑස් ටික පෙට්රල් ටික වගේම නිවසේ විදුලි බලය නැතිවන විට පාරට බහින ජනතාව මේ අහිමි වීමට විරුද්ධව පාරට නොබසින්නේ බුද්ධිගලනයේ භයානක ප්‍රතිඵල ඔවුන්ට කෙටිකාලීනව නොදැනෙන නිසා විය යුතුය. නමුත් දිනෙක විඳවන්නට වන්නේ ඔබේත් මගේත් දරුවන්ටය. නැතිනම් ඔබේ මහලු දෙමාපියන්ටය. ඔබට මේ වෙනුවෙන් කතා කරන්නට නොහැකි නම් අඩුම තරමේ රටේ වෛද්‍යවරුන්ට නින්දා අපහාස ගර්හා කිරීමෙන් වැළකී සිටින්නේ නම් මැනවි. මක්නිසාදයත් ඒ අපහාස වලින් ඇතිවන කලකිරිමද ඔවුන් රට හැර යාමට හේතුවක් වන බැවිනි.

      හැකිතරම් වෘත්තිකයන් විදේශ ගත වන්නේ නම් රජයට ඔවුන්ගේ වියදම් අඩුවීමෙන් තාවකාලික සහනයක් සැලසේ. මාධ්‍ය භාවිතා කරමින් දිගින් දිගටම වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට මඩ ගසමින් ඔවුන්ට රට එපා කරවීම එක්තරා කුමන්ත්‍රණයක් ද විය හැක. දැන හෝ නොදැන රටේ අසරණ හුදී ජනයාද එම කුමන්ත්‍රණයේ හවුල්කරුවන් බවට පත් වීම කණගාටුදායකය.

      වෛද්‍ය දර්ශණ ප්‍රේමරත්න.

      *** Prageeth Eranda Athauda සොයුරාගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී. ***

      Delete
  9. සේපාල් අමරසිංහගේ ට්‍රාන්ස්ෆෝබියා Transphobia මානසික රෝගය පොඩිකාලේ ඉඳන් තිබුනද?

    ReplyDelete
    Replies
    1. සේපාල් ගොන් රැවුලා ගැන කතා කරල වැඩක් නෑ ජගා ඕකාට කියන්න තරම් වැදගත් දැනුමක්වත් නිර්මාණශීලිත්වයක්වත් වගේ හරිහමන් වටින දෙයක් නෑ සමාජයට දෙන්න, ඒ නිසා ඔහේ පිස්සූවෙන් වාචාල කියෝනවා විතරයි අර අරගලය කාලේ රැල්ලට එවකට හිටපු රජයට විරුද්ධව තදින් කතා කරපු නිසා එවෙලේ ටිකකට ජනප්‍රිය වුණා ඊට පස්සෙ දළදා ගොන් ආතල් එකක් දීල හිරේ ගිහිල්ල වීව්ස් වැඩි කර ගන්න සමත් වුණා, ඒත් ඉස්සරහට ඕකට ආතක් පාතක් නැතුව කැපිල්ල යන්න වෙනවා සමහරවිට මාලිමාවෙන් ප්‍රාදේශීය සභාවකට වගේ ඉල්ලලා පත් වෙන්න ඉඩ තියෙනවා ඒත් ඡන්දය ලැබෙන එකක් නෑ පත්කලෝත් තමයි ඒකත් 😄

      Delete
    2. මේ ජගත් අයියේ Enter the Dragon චිත්‍රපටයේ රඟපා ලෝක සිනමාවේ ජනප්‍රිය තාරකාවක් බවට පත්වූ , බටහිර සිනමාවේ මුල්ම කලු ජාතික ආත්මාරක්ෂක සටන් නලුවා වූයේ ජිම් කෙලී (ජේම්ස් කෙලි ඩැනියෙල්ස්) ගැන විස්තරාත්මක ලෙස පෝස්ට් එකක් දාන්න බලන්න අන්තෝනියෝ බ්ලොග් එකේ? මතකද ඒ කාලේ ආපු පරණ Black Samurai (1977), Black Belt Jones (1974) ජිම් කෙලී රඟපෑ තවත් ජනප්‍රිය චිත්‍රපට දෙකක්. මම ඉස්කෝලේ යන කාලේ 2001 දී විතර බැලුවේ මේ ගැන ලියන්න පුළුවන්ද?

      Delete
  10. දොස්තරලා රට හැර යාමේදී රජයෙන් කෝටි ගණනක මුදල් වැයකර නොමිලේ අධ්‍යාපනය ලබාගෙන ඊට පසුව වෙන රටකට යන එක නවත්තන්න ඕන කියලයි ඔය දොස්තරල රට යන එකට විරුද්ධව තර්ක විතර්ක කරන අය කියන්නේ ඒත් මම හිතන්නේ කෙලින්ම මිලක් ගෙවා හෝ නොගෙවා ඕනෑම කෙනෙකුගෙන් ඉගෙන ගන්න සැමට අයිතිය තිබිය යුතුයි කියලයි. මම හිතනවා ලංකාවේ බහුතරය අතර ඒකෙ විවාදයක් නෑ.

    නමුත් වඩා බරපතල ප්‍රශ්නය යමෙක් හොඳින් ඉගෙන ගත්තා කියන සහතිකය පිරිනමන්න ඕනෑම උගන්වන පාර්ශ්වයකට දෙන්න පුළුවන්ද කියන දේ?

    සෑම විටම වාගේ වසර කිහිපයක් වැයකර ඉගෙන ගන්න යම් ආයතනයකට යමෙක් එන්නේම ඉගෙනගත් බවට සහතිකය ලබා ගන්නනේ. විෂය කරුණු, දැනුම හරිහැටි නොලැබුනත් බහුතරයට සහතික කොලකෑල්ල ලැබුනොත් ඇති. උගන්වන ආයතනයටත් ඉගැන්වීම අඩුවෙන් කර සහතික නිකුත් කිරීමෙන් ලාභය වැඩි කරගන්නත් පුළුවන්.

    අපි වෛද්‍ය සේවය ගනිමු. රෝගියෙක් රජයේ හෝ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට එන්නේ ලෙඩේ සුවකර ගැනීමට මිසක තමුන්ගේ ලෙඩේ සුවවූ බවට සහතික කොලයක් ගැනීමට නොවෙයිනේ. එනිසා හරිහැටි ලෙඩේ සුව නොකර රෝගියා පිටත් කල නොහැකියි. රෝගියාගේ පැමිණිලි එනවා. එතනදී රෝගීන් විසින්ම ආයතනයේ සේවාව ඉබේම සෑහෙන දුරකට නියාමනය වෙනවා.

    ඔන්න ඔය නියාමනය අධ්‍යාපනයේදී වෙන්නේම නෑ. ලාභය අරමුණු කරගත් ආයතනය බලන්නේම ඉක්මනින් සහතික කොලය නිකුත් කරන්න. සිසුවාත් කැමතියි ඉගෙන නොගෙනම හෝ ශෝට් ඇන්ඩ් ස්වීට් ලෙසින් සහතිකය ලබන්න.

    මම යෝජනා කරන්නේ සිසුන්‍ට කැමති තැනකින් අධ්‍යාපනය ලබන නිදහස තිබිය යුතු නමුත් අදාල විභාග පවත්වා සහතික නිකුත් කිරීම කිසියම් රජයේ හෝ පිලිගත් වගකිය යුතු අනුමත නීතිමය බලයක් ඇති ස්වාධීන වෘත්තීය සංයමයකින් පමණක්ම මෙහෙයවන එක් පොදු ආයතනයකින් සිදුවිය යුතු බවයි. ලාභය අරමුණු කරගත් ආයතනයටම සහතික නිකුත් කිරීමේ බලය නොතිබිය යුතුයි.

    ReplyDelete
  11. දොස්තර ඉංජො අයිටී වැඩ්ඩන් වාගේ
    උදවිය යති රට; ඇති මුත් සංවේගේ
    ඉල්ලුම ඇති නිසයි සැපයුම ඒ වාගේ
    නොහැදෙන රහස කිම, 'හැමටම' ඒ රෝගේ?

    දියුණු වෙන්න නම් සිරිලක් මාතාව
    වෙනස් විය යුතුය, සිදු වෙන ලීලාව
    පොලිටික්කන් රැලම පැටවූ නෞකාව
    බර්මියුඩා යවමු, තව තව නොපමාව!

    ReplyDelete
  12. නිමල් අංකල් අපි ණය නැත්තෙ නෑ... මීට කලින් ලියපු කමෙන්ට් එකක රට හැර යන විශේෂඥ වෛද්‍යවරුන් ගැන සහ ඒ අයට යන තැනට වැඩ සකස් වෙන හැටි ගැන, ඒ ගැන සංවේදී වෙන ලෙස කියලා නැත්නම් රට අමාරුවක වැටෙන බව කියල තියෙනවා ඒත් ලංකාවේ මේ අතරතුරම මං දකිනව " ඉන්ටර්න් කරපු වෛද්‍යවරයෙක් මේ රටට ණය නෑ " වගෙ පෝස්ටු...
    "පිටරට දොස්තර කෙනෙකුට දවසකට ගෙවන පවුම් ගාන" දාල හදන පෝස්ටු...

    ⁣⁣මුලින්ම කියන්න ඕන මේ අය රටෙන් යන එකවත්,
    රටේ ඉන්න එකවත් මත කාටවත් Morally අමුතු ⁣සුජාත භාවයක් එන්නෙ නෑ...හොඳ හෝ නරක මිනිහෙක් වෙන්නෙ නෑ...
    රටට ඉතාම ආදරෙන් වැඩ කරල රටෙන් ගිය මිනිස්සු කොටසක් ඉන්නව. අදටත් ඒ මිනිස්සු රටට ආදරෙන් සලකනව.
    යන් නැතුව හෝ යන්න බැරුව ලංකාවේමම ඉන්න කාලකණ්ණි පිරිසකුත් ඉන්නව. උන් ඔය රටේ ඉඳගෙනම රටට වෛර කරකර ඉන්නව...

    හැබැයි මේ ණය නැති කතාව ලිහා ගන්න ඕනෙ...

    පොඩ්ඩක් මාන්නයයි උද්දච්චකමයි පැත්තක තියල මෙන්න මේ ටික හිතල බලන්න...

    මේක මේ දොස්තරලට විතරක් නෙවෙයි...
    ඉංජිනේරුවො, කලමණාකාරයො, ව්‍යාපාරිකයො ඔක්කෝටම...

    ඔබ කවුරුත් පාසල් අධ්‍යාපනය නොමිලේ ලැබුවෙ නැද්ද ? ටියුෂනුත් ගියා තමයි. හැබැයි පාසලට ගෙව්වෙ නෑනෙ. පාසලට ගෙවන්න තිබ්බ නම් ඔයාගෙ දෙමව්පියන්ට ඒක කරන්න පුලුවන් ද? සාමාන්‍ය ටර්ම් එකකට රුපියල් හැත්තැපන්දහක් ...

    ඔබ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ගෙව්වද? නෑනෙ...ගෙවන්න තිබ්බ නම් ඒක ඔබෙ දෙමව්පියන්ට පුලුවන් ද ?
    මගෙ දන්ත වෛද්‍ය උපාධියට ලක්ෂ අසූ හතක් ගෙවන්න වෙනවා කම්ප්ලීට් වෙනකෝට ...

    ඔබේ පශ්චාත් උපාධියට ඔබ ගෙව්වද ? නෑනෙ...
    ඒ පශ්චාත් උපාධිය කරද්දිත් පඩි ගෙව්වනෙ. ඒ පඩියත් ඇරන් ඉගෙන ගත්ත පශ්චාත් උපාධියෙ වටිනකම කීයද ? ඒක ඔබට දරන්න පුලුවන් ද? මං ඉගෙන ගත්⁣ත රෝයල් ලන්ඩන්වල අවුරුද්දකට සාමාන්‍යයෙන් පවුම් තිස් දහක් ...

    දැං මේවට අපිට ගෙවාගන්නත් බැරි නම් දෙමව්පියන්ටත් බැරි නම් කවුද මේවට ගෙව්වෙ ? කවුද අපෙ අධ්‍යාපනයට ගෙව්වෙ ?
    ඒ ගෙව්වෙත් අපේ රටේ අහිංසක සිරිපාල ලා, සුමනාවතීලා පරිප්පු පන්සීය ගනිද්දිත් ගහපු බද්දෙන්...
    වත්තෙ ලැයිමෙ මිනිහා පිටි කිලෝ එක ගද්දි ගහපු බද්දෙන් ...
    උන්ගෙ ළමයි විශ්ව විද්‍යාලෙ ගියෙ හරි අඩුවෙන් !
    ඒ මිනිස්සුන්ට අපි ණය නැද්ද ?
    අපි ණයයි ...
    ඕක පිළිගන්න ඕන හැමෝම..
    ඕක ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි !

    අවුට් වෙච්ච ගමන් පිටරට යන්න පිළිගැනීමක් තියෙන ඔබේ විශ්ව විද්‍යාල උපාධියට උගන්නන්න ගුරුවරු හිටියනෙ. ඔබට බෙහෙත් දෙන්න වෛද්‍යවරුන් හිටියනෙ.
    ඒ නෝන මහත්තුරුත් ඔය දාන පිටරට පේ ෂීට්වලට ගියා නං ඔයාලට උගන්නන්නෙ කවුද ? ඔයාලට බෙහෙත් දෙන්නෙ කවුද ?
    එහෙම ගියා නං ඔයාලගෙ ඩිග්රිවලට ඔය පිළිගැනීම ලැබෙනවද ?
    එහෙම පිළිගැනීම ලැබෙන්නෙ කවුරු හරි ආචාර්ය මහාචාර්ය වරු ලංකාවේ මොන හේතුවකට හරි හිටි නිසා ...

    ඒ මිනිස්සුන්ට, මේ අධ්‍යාපන ක්‍රමයට අපි ණය නැද්ද ?

    අපේ වෛද්‍යවරුන්ට මෙච්චර පිටරට පිළිගැනීමක් තියෙන්නෙ ඇයි ? අපේ Clinical Exposure එක නිසා නේද ? ඒ Exposure එක ලැබුණෙ කොහොමද ? අපේ පේෂන්ට්ලගෙන් නේද ? පිටරට ගියාම ඔය වැඩේ කොච්චර අමාරුද කියල ගිය මිනිස්සු දන්නව...අපිට ඉගෙන ගන්න අපි ඉස්සරහ තියටර් බෙඩ්වල, වාට්ටු ඇඳන්වල, ඩෙන්ටල් චෙයාර්ස්වල කිසි ප්‍රශ්නයක් අහන් නැති අහිංසක මිනිස්සු හිටිය නේද ?

    ඒ මිනිස්සුන්ට අපි ණය නැද්ද ?
    ඔය ප්‍රශ්නයට උත්තරේ තමන්ටම දීගන්න...

    මම ණයයි...
    මගෙ පේෂන්ට්ලට මම ණයයි...එච්චරයි...

    හැබැයි කෙනෙක් ලංකාවෙ හිටියෙ එයාගෙ අමුතු හොඳකට නෙවෙයි... එහෙම හිටියෙ ලංකාව හොඳ නිසා...ඔයා පිටරට ගියා කියල ඔයා නරක මිනිහෙක් වෙන්නෙත් නෑ...ඔයා ගියෙ හෝ යන්නෙ ඔයාට එහෙ හොඳ නිසා...

    හැබැයි ඔය දුප්පත් රටට,
    ඔය දුප්පත් රටේ මිනිස්සුන්ට,
    ඔය දුප්පත් රටේ නිදහස් අධ්‍යාපනයට...

    අපි ණය නෑ කියන්නෙපා...
    ඒක චාටර්...

    ප.ලි - මේක ගැන කියෝ කියෝ ඉඳල වැඩක් නෑ. මිනිස්සුන්ට මේක ගෙවන්න ක්‍රමයක් හදන්න. හැම උපාධියටම වටිනකමක් හදන්න. ඒක පසුව රස්සාවක් කරනකොට අයකරගන්න ක්‍රමයක් හදන්න. විදෙස්ගත වෙනව නම් අයකරගන්න ක්‍රමයක් හදන්න. හදල යන අයට සතුටෙන් යන්න දෙන්න. ඉන්න අයට සතුටෙන් ඉන්න දෙන්න. එච්චරයි !

    ReplyDelete
  13. අඩෝ මාතා මෝල්ටාවේ ආයෝජනය කරන්න බැරිද බන් අපට? ජාතික ජන බලවේගය මෝල්ටාවේ කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් ආයෝජනය කරල තියෙනව කියල ගොඩක් කට්ටිය මේ දවස්වල කියන කතාව ඇත්ත ද?

    ReplyDelete
  14. මෙහෙමයි කතාව මාතලන් ඇත්තටම දොස්තර වෙනව කියල පොඩි කාලේ ඉඳන් රැල්ලට ෆෝම් නොවී වයස 20 වෙනකොට අපේ ආශාවන් අපේ දක්ෂතා අපි හරියටම හඳුනා ගෙන තිබිය යුතුයි. දොස්තර නෙමේ ලෝකෙ තියෙන හොඳම රස්සාව ගැන හිතුවත් වැඩක් නෑ අපේ උපතින් ගෙනාපු ටැලන්ට් ඒකට සෙට් වෙන් නැත්නම්.

    හැමෝම එක විදියට උපදින්නෙත් නෑ, එක විදියට දියුණු වෙන්නෙත් නෑ. ඒක ලෝකේ හැටි. එතකොට අපි දැනගත යුතුයි අපිට හොඳම ගේම ගහන්න පුළුවන් මොන සෙට් එකේ ද කියලා, හොඳටම උඩට යන්න පුළුවන් මොන ක්ෂේත්‍රයේ ද කියලා!

    ඔය තරුණ කාලෙදි ඕවා ඔක්කොම තනියෙන් තීරණය කරන්න බැරි හන්දා තමයි අපිට mentors අත්‍යාවශ්‍ය.
    ලංකාව ඒ අතින් හරිම දුර්වලයි.

    විශේෂයෙන්ම උසස් අධ්‍යාපන හෝ රැකියා ක්ෂේත්‍රය තෝරා ගනිද්දී මුලින්ම බලන්න ඕනෑ ඒකට ඔබේ තියන දක්ෂතා අනුව කොච්චර competitive වෙන්න පුළුවන්ද කියලා. උඩට යද්දි තරඟකාරී වෙන්න ඔබේ උපතින් එන දක්ෂතා ඇඟෙන් එන ගැම්ම සපෝට් කළ යුතුයි. අභියෝග වැඩි වෙන්නේ career progression එකත් එක්ක.

    මේක තමයි වැදගත්ම කාරණාව. මේකට හරියන guide එකක් ලංකාවේ 5%කට වත් ලැබෙන්නේ නැතුව ඇති. ලංකාවේ ගොඩක් දෙමවුපියන්ට මේ දේ ගැන කිසිම දැනුමක් අදහසක් නෑ.. උගන්වන ගුරුවරුන් ගේ තත්ත්වයත් මෙච්චරමයි. කිසිම දැනුමක් නැතුව ඔහේ පාවෙල ගිහිල්ලා තමයි එක එක fields වලට ළමයි ටික වැටෙන්නේ.. එක්කෝ දෙමවුපියෝ කියන එක කරනවා.
    වැඩිය ඕන නෑ මම AL class ගියපු sir කෙනෙක් කිව්වා job ගැන කතා කරද්දී pilot ගැන " bus එකේ driver, plane එකේ pilot " කියලා .. එයා pilot ව bus driver ට සමාන කරනවා. ඉතින් කොහොමද ළමයෙක්ට දක්ෂතා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මානසික මට්ටම බින්දුවට ඇදලා දානවා නේ යම් job එකක..
    ලංකාව තාමත් සාම්ප්‍රදායික doctor, engineer, account, lawyer කියන 4 හිර වෙලා තියන්නේ..

    ළමයෙක්ට අඩුම තරමේ අවුරුදු 10 විතර ඉඳලා වත් job field එක ගැන යන්තම් දැනුම දිදී යන්න ඕන.. යම් subject කරහම එකට අදාල ජොබ් කරන්න පුළුවන් කියලා. එතකොට පුළුවන් 20දී ඔය කියන වගේ දක්ෂ්තා අඳුනා ගත් ළමයෙක් බිහි කර ගන්න. නැත්නම් වෙන්නේ අවුරුදු 20 පටන් අරන් තව අවුරුදු 10ක් විතර යනකන් තමන්ගේ දක්ෂතාව හොයා හොයා ඉන්න..

    හැම තැනම කියන්නේ දැඩි මානසික පීඩන තියනවා නම් "අත අරින්න එපා අල්ලන් ඉන්න" කියලා.. හැබැයි අල්ලන් ඉන්නේ මොකක්ද කියලා කවුරුත් කියන්නේ නෑ..

    ලංකාවේ අධ්‍යාපනයත් ඒ වගේ හැමෝම කියන්නේ "හොඳට ඉගෙන ගන්න". හැබැයි ඉගෙන ගන්න ඕන එක මොකක්ද කියලා කවුරුත් කියන්නේ නෑ.

    ReplyDelete
  15. පොදුවේ ලංකාවේ මමත් ඇතුලුව අපි කවුරුත් හැමදාම අපේ උපන් රට වුණ ලංකාවට වී ඇති දැඩි පසුබෑමට දේශපාලකයන්ට බනිනවා. නමුත් දේශපාලකයන් ඇතුලු අපි කවුරුත් පාසැල්වලින් යම් මට්ටමින් නිදහස් අධ්‍යාපන ලබපු අය. අපේ නිදහස් අධ්‍යාපන විභාග ක්‍රේන්ද්‍ර කර හැමෝම ඉංජිනේරු දොස්තර ලෝයර් අකවුන්ටන්ට් වගේ සීමිත රුකියා විතරක් ඉල්ලක්කර උගන්වන්නෙ. ඉතින් රටේ බහුතරයක් පාසැල් අධ්‍යාපන අවසන් කරන්නෙ තමන් අසාර්ථක පුද්ගලයන් හැටියට. ඊට පස්සෙ ඔවුන්ගෙන් සමහරු තමන්ගෙ ජීවිතය ඉස්සරහට ගෙනියන්න හොදින් හෝ නරකින් වැඩ කරනවා. ඒවගේම අපි ඉගෙන ගන්නෙ ජීවිතය ගොඩයන්න සැප සම්පත් ලබා ගන්න. එහෙම නැතුව තමන්ගෙ දක්ශතා හැකියාව හදුනාගෙන ඒ තුලින් ඉස්සරහට ගිහින් තමාගේ පැෂන් එක හොයාගෙන ඒකෙන් උපරිම වශයෙන් ආත්ම තෘප්තිය ලබා ගන්න නෙමෙයි. ඔය ආත්මාර්ථකාමී වැරදි ආකල්ප පොඩි කාලේ ඉදන්ම දෙමවුපියන් ගුරුවරු වැඩිහිටියන් ළමයින්ට තදටම හිතට වදින විදියට දෙනවා. ඉතින් කවුරු හරි කියනවා නම් ලංකාවේ අවුරුදු 75 වසරක් අසාර්ථකත්වයට නිදහස් අධ්‍යාපනයෙන් රටේ දියුණුවට නියම ප්‍රයෝජන අරගෙන නැහැ. පාසලෙන්ම පොඩි කාලේ ඉදන්ම ගුරුවරු ළමයින්ගෙ හැකියාවන් දක්ශතා හදුනාගෙන ඒ ඔස්සෙ ගමන් කිරීමට මඟපෙන්වීම කලයුතු අතර ඒ ළමයින්ගෙ දුර්වලතා පොඩි කාලෙම හදුනාගෙන ඒවාට පිලියම් යොදන්න ගුරුවරු වැඩිහිටියන් දෙමවුපියන් වගකීම. එහෙම වුනොත් රටේ මිනිස්සුන්ගෙ ඔය තියෙන යැපුම් මානසිකත්වය මිදෙන්න පුලුවන් වෙයි කියල හිතෙනවා ඒ අනුව mentorship වැදගත් වෙන්නේ ඔන්න ඔතනදි තමයි, ලංකාවේ ළමයින්ට නෙමෙයි වැඩිහිටියන්ට උනොත් හරි අවබෝධයක් නැහැ. වෙන රට වලත් අඩු වැඩි වශයෙන් හෝ ප්‍රශ්නය තියෙනවා නමුත් ඒ රටවල ළමයින් proactively mentors ලා හොයනව

    ReplyDelete
  16. මාතලන්ගෙ මේ පෝස්ට් එක දැක්කම මට පොඩි කතාවක් මතක් උනා.අපි පාසැල් යන කාලෙ කොළබ වි වි. මහාචාර්ය වරයෙක් හිටියා හොරණ උඩුවෙ.ජිවිත කාලය පුරාවටම කොළඹ ආවෙ බස් එකෙ බැටරි පෙට්ටිය උඩ වාඩිවෙලා.පාරෙ යනකොට පේන්නෙ රෙදි මල්ලක් එල්ලගෙන සන්නාසියෙක් යනව වගෙ.පුද්ගලයෙක් විදිහටත් අන්තිම සවුත්තු මනුස්සයෙක්. මීට වඩා වෙනස් නමුත් තවත් ඒ වගේම තක්කඩි කම්බ හොරෙක් වන කොළඹ විශ්ව විද්‍යාලයේම සරත් විජේසූරිය කියන කාලකන්නි හොර මහාචාරියා ලියපු "මගෙ නඩුව ඉවරයි" කියන පොතේත් මෙයා ගැන විස්තර කියවන්න පුලුවන්.එ අය වාහනෙ පර්මිට් එක විකුනලා බැටරි පෙට්ටිය උඩයි ගියේ.ලොකෙට සරළ කම පෙන්වන්න.එ වගේම මට ලංකාවේ හිටපු කාලෙත් සයිට් වලදි මුණ ගැහිලා තියෙනවා තරුණ පෙදරෙරුවන් මුලින් බයිසිකලයකින්, ත්‍රීරෝද රථයකින් ඇවිල්ල තමන්ගෙ රැකියාව කම්මැලි නැතුව කරලා පසුව toyota hilux double cab pick-up ට්‍රක්රථ වගේ ඒවා වලට මාරු උන.සමහර අය ඉක්ටාඩ් ඉහල ග්‍රේඩ් වල කොන්ත්‍රාත්කාරයන් බවට පත් උනා.ලොකෙ කොහේ උනත් ජිවිතෙ අරමුණක් තියෙන මිනිසුන් පාර කපගෙන යනවා.නැති එකා රටට සමාජයට වාත වෙවී ජීවත් වෙනවා..

    ReplyDelete
  17. ලංකාවේ සංවර්ධනයට බාධාවක් වන ජාතික ධනය වෙනරටවලට යන ක්‍රම ගැන මම ඉස්සර පැන්ඩෝරා පේපර්ස් එක ගැන, පැනමා පේපර්ස් ගැන කමෙන්ට්ස් දැම්මා වගේ මෝල්ටා එක ගැනත් ලියන්න කියල හිතුවා

    මේ මෝල්ටාවේ 2016 අවුරුද්දේ අලුත් සමාගමක් ලියාපදිංචි වෙලා තියෙනවා.

    සමාගමේ නම "අනුර ඉන්වෙස්ට්මන්ට්ස්" (Anura Investments)

    සමාගම් අංකය - C 78853

    Find My Company වගේ ලොව පිළිගත් ඔන්ලයින් අන්තර්ජාතික ව්‍යාපාර රෙජිස්ට්‍රි වලින් ඔබටත් මේ සමාගම ගැන විස්තර අන්තර්ජාලයෙන්ම දැක ගන්න පුලුවන්.

    ඒ අදාල ලින්ක්ස් මේ කමෙන්ට් එකේ පහල තියෙනවා.

    https://findcompanynow.com/en/malta/C78853/ANURA-INVESTMENTS-LIMITED/

    මේකත් බලන්න

    https://find-and-update.company-information.service.gov.uk/officers/UYaYP5PSovyBP6e-vc4ZlyfuYYw/appointments?fbclid=IwAR1bJT5VkmbL7iXCLRZOnE8bppkqdc3g7t1awQOutvsfpayrKKi5nPh8suY

    https://www.kompany.com/p/mt/c%2078853?fbclid=IwAR0A7eplIDZVwteupS7U59jF90p26P_KNKrs1HNIoJ8RyJi1prPjGGSBwb8

    මේකෙන් ඔබට මේ දවස්වල නැගල යන මෝල්ටා හොරකම වංචාව දූෂණය ගැන දැනගන්න පුළුවන්. ටිරාන් අලස් රජයේ ඇමතිවරයාට රජයෙන් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් අයථා ක්‍රම වලින් ලැබෙන මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන මාලිමාවට එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජවිපෙට මේ හරහා ලබාදී ඇති බවට මේ පිළිබඳව චෝදනා එල්ල වන බව පේනවා. මේ ගැන ඔවුන් පිළිතුරු ලබා දිය යුතුව ඇත. ආරංචිමාර්ග වලට අනුව ඩොලර් මිලියන සිය ගණනක පමණ විශාල මුදලක් මොවුන් ආයෝජනය කර ඇති බවද පැවසේ. මේ පිළිබඳව වහාම දැනට පොලීසිය භාර ඇමති ටිරාන් අලස් ඉල්ලා අස්වී වෙනත් ස්වාධීන කමිටුවක් හරහා නිසි ලෙස පිළිවෙලකට විමර්ශන ආරම්භ කළ යුතුයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න