.

.

Oct 31, 2011

ගිනස් වාර්ථා - Guinness Records


ගිනස් කියපු ගමන් මතකයට එන්නේ කුමාර් ආනන්දන්ය. නියම ලෙසට ලංකාවේ නම ගිනස් පොතේ තැබූ පොරක්ය. වෘත්තියෙන් නීතිඥ්ඥයෙක්ය. ලන්ඩන් යුනිවර්සිටියේ ග්‍රැජුවෙට් කෙනෙක්ය. වැල්වැටිතුරේ පොරක්ය. පොඩි කාළේ මගේ වීරයෙක්ය. පප්පා ආන්ඩූ කරන්න ආපූ කාලේ, ගෝල් පේස් එකේ දඟර නැටුමක් නටා වාර්ථාවක් තිබ්බේය. අපිත් ඒක බලන්නට ගියේය. තවත් වාර්ථාද තිබ්බේය. ඉන්ගිරිස් ඕඩය හරහා පීනන්ට ගොස් එළොව ගියේය. පොර නිසා ගිනස් කියන්නේ මොකක්ද කියා ලන්කාවේ කස්ටිය දැන ගත්තේය.

ඒ කාළේ ඉඳ හිට තවත් උන් මොන මොනවාද කළේය. එකෙක් තනි කකුලෙන් වික්ටෝරියා පාක් එකේ හිටගෙන හිටියේය. නමක් වත් මතක නැත්තේය. ගියවර පෝස්ට් එක ලිව්වේ හිටපු නිළධාරියෙක් ගැනය. අදත් ලියන්නේ එයින් දෙන්නෙක් ගැනය. දෙන්නාම දොස්තරලාය. ඒ නිසා එයාලා මා එක්ක තරහ වීම හරි නැතිය. දෙවියන් මෙන් කස්ටියද සිටින්නේය. එක්කෙනෙක් බොරැල්ලේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ලොකු නෝනාය. අනෙක් කෙනා ක්‍රිඩා අමාත්‍යශයේ හිටපු වෛද්‍ය ලොක්කාය. දෙන්නාම සිවිල් පොරවල්ය.

ඩෙංගු පිළිබඳ පරිඝනක වාර්ථා සියල්ලම වෙනෙස් කොරලාය. එතකොට ඒකේ වෙබ් එක විතරක් බලන එකෙකුට පෙනෙන්නේ මැරි තිබෙන්නේ සුළු පිරිසක් කියාය. මේව්වා මහා කැත වැඩය. එවැනි ධූර දරණ අය අතින් කිසි සේත් සිඳු නොවිය යුතු දේය. දෙදෙනාටම මා තුල ගෞරවයක් තිබුනේය. නමුත් මේවා දකින කොට ඒවා නැති වන්නේය. නිළධාරින් මෙසේ බොරු වාර්ථා ඉදිරිපත් කිරිම ජාතික අපරාධයකි. දේශපාලකයන් එපාවී සිටිනා අපට නිළධාරින්ද එපාවීම කනගාටුවට කරුණක්මය. ඉස්සර බජට් කෙසේ වෙතත් මහ බැංකු වාර්ථාව ගැන මිනිස්සුගේ විශ්වාසයක් තිබුනේය. දැන් ඒකත් නැත්තේය. ඒවා පච කියන්නේ ඒකේම කස්ටියය.

අනික් වැඩේටනම් හෙන ඉල්ලුවත් දුකක් නැතිය කොහොමත් මේයා වර්චස් වී සිටියේය. ඒ නිසා පෝස්ට් එකටත් කෙල උනේය. අලුත්ම කේස් එක ආවේ සිරසේ එළිදරව්වෙන්ය. අපේ උන් එකසිය ගානට ළෝක වාර්ථා තියන්න එක එක සෙප්පඩ විජ්ජා කොලේය. උඩ පැන්නේය. බිම වැටුනේය, සයිකල් පැද්දේය, ඔලුවෙන් හිටන් උන්නේය, ඇස් බැඳන් කාර් එලෙව්වේය. සයිකල් පැද්දේය. මේ ලඟදී එකෙක් පනපිටින් වැලලුනේය. පැය ගානක් පොලොව යට සිටියේය. ලංකාවේ නියෝජිත ලෙස අපේ පොරත් ආවේය. පොටෝ ඇල්ලුවේය, පත්තරේ ලිව්වේය. රූපවතී පෙන්නුවේය. අන්තිමේට බැලුවාම මේ එකක්වත් පොතේ නැත්තේය. දොස්තර මහත්තයා පොත පෙරලලාය. ලැජ්ජා නැතුව වැරැද්ද හඟුරන්කෙත චොප්පේ වෙත දමා ඇඟ බේරා ගත්තේය. ඒ කියන්නේ දැන දැන මිනිස්සු රවට්ටලාය. මෙව්වා සහ ගහන වැඩය. අපේ හරක්ටත් හොඳ පාඩම්ය.

දැන් නම් එකෙක් වත් විශ්වාස කොරන්න අමාරුය. වාර්ථා තියන්න පස්චාත් බාගය ඉරා ගන්ට ඕනෑ නැතිය. පත්තරේ ගත්තාම තියෙන්නේම ළෝක වාර්ථාය. දොස්තර මහත්තයාගේ වැඩත් ළෝක වාර්ථාවක්ය. මෙච්චර කල් දුන්නේ හොර වෛද්‍ය සහතික පමණය. දැන් ගීනස් වාර්ථාත් දෙන්නේය. පොඩි ගානක් දී එකක් අරන් ගෙයි එල්ල ගත්තාම කාටත් ආඩම්බරය. උපාධ් සහතික කුඩ්ඩන්ටත් විකුණන රටේ, මේවා නිකං දෙකයි පනහේ වාර්ථාය.

22 comments:

  1. කුමාර් ආනන්ද මගේත් කුඩා කල වීරයෙක්ව සිටියේය. ඇත්තෙන්ම ඒ මනුස්සයා ලංකාවට අලුත් දෙයක් ගෙනා වීරයෙක්ය. තව මම දන්න කෙනෙක් වැඩිම කාලයක් කථාවක් පවත්වා ලෝක වාර්ථාවක් තැබුවේය. ඔහු එකල පාසැල් සිසුවෙකි. ඒ කමට අපේ එකෙක් කියා සිතා අපි සෑහෙන සපෝට් එක්ක් දුන්නෙමු. පොර වනාත පාසැලේ එකෙකි. නමුත් ඔහු අවසානයේ කුඩු වලට ඇබ්බැහි වී ලංකාවේ නමක් තැබීම කෙසේ වෙතත් අනාථ විය. ඔහුගේ පියා පසු කලෙක මගේ ගුරුවරයෙක්ද විය. මහා දැණුම සාගරයකි. දැන්නම් ඒ පියා පරලොවය.
    අනෙක් උන් දෙන්නා ගැන නම් මටත් පෙන්නන්න බැරි උන්ය. කවදත් මට මුන් ගැන විශ්වාසයක් තිබ්බේ නැත. ඩෙංගු මහ ලොකු කෙලියක් නෙමෙය. අපේ පංචතික්ත කියනා ගුලියෙන් ඕකට සෑහෙන සාධාරණයක් කල හැකිය. නමුත් ඔය නෝනා ඒකට ඉඩ දෙන්නේ නැතිය. මෙහෙමවත් එලිදරව් වීම ගැන මගේ සතුට. අනෙකාද මගේ ඇලජික් පොරකි. මිනිස්සුන්ට කථා කරන්න දන්නේ නැති ගුණමකුවෙකි. අපි එයා ගැන කථා කරන එක අපේ කාලය කා දැමීමකි.

    ගන් කොස්ස අතට. මුන්ට සලකන්න ඒකත් හොද වැඩි බව මට නම් සිතේ.

    ReplyDelete
  2. හැබෑටම වාර්තාවක් අරන් තියා ගත්තානම් හරි වගේ...:))

    ReplyDelete
  3. මාතලන්ගෙ කතාව නම් නියමයි...අනේ ඉතින් මේ වාර්ථා....ඔය නෝනට වැඩිය දොස්තර නරියාටත් වඩා කපටියි... මහම මහ ගුණ මකුවෙක්....

    ReplyDelete
  4. අම්මගෙ රෙද්දෙ ගිනස් වාර්ථා... සිරාවට නම පොතට යවාගන්න පුක ඉරාගෙන දගලනවා... උන්ට හොද වැඩේ.... :D :D

    අපේ අච්චි කියන්නෙ මුන්ට දෙයියගෙ හාල් කැවිල බොලවු..:D:D

    ReplyDelete
  5. මෙ ඊයෙ පෙරේද කොංකිරීට් කඩපු ආනන්ද ගොයිය ගිනස් එකේ බුවාලට කතා නොකල නං. . . තාම දොස්තර මහත්තය ගිනස් සහතික දෙනව . . . .එවුව රූපවතී උඩ දාල පෙන්නනව . . .
    ඔය දොස්තර උන්නැහේම තමයි නේද අර ඉදික‍ටු දොස්තර උන්නැහේත් එක්ක හවුල් වෙලා අරුන්දැව ආචාරිය කොලේ . . . ???
    ඉදික‍ටු දොස්තර උන්නැහේට නං රත්නාලෝක මුදලාලිත් එක්ක එකතු වෙලා කොරපුවාට මෙලොවදීම රිටන් එක ලැබුන . . . . එහෙම බලද්දි ගිනස් දොස්තරටත් මොකක් හරි රිටන් එකක් ලැබෙයි . . . .
    ඩෙංගු දොස්තර නෝන අරහෙ සොපිංලු නේද ගිනි සැරේට . . . . .????

    ReplyDelete
  6. වාසනාවන්ත රටක්...,! අපිත් මේ රටේ මේ මිනිස්සු එක ඉපදුන එකම මදෑ....

    ReplyDelete
  7. කියා නොම කල හැකි අන්දමේ සුන්දර භාෂාවක්...:D

    ReplyDelete
  8. අනේ මන්දා ....
    සෝක් එකට ලියලා තියනවා .....

    ReplyDelete
  9. දන්න කාලේම ඉදන් උන්දැ අපිව ඇන්දුවනේ.... අනේ ඉතින් ඔය ඉන්නේ යහතින් තාමත්

    ReplyDelete
  10. @ වෙද මහත්තයා
    කොස්ස නෙමෙයි වෙන ඒවත් අරන් රිටන් එක දෙන්න වටින්නේ...
    මුන් තනතුරෙන් බැබලෙන උන් මිසක් තනතුර බබලන උන් නෙමේ..

    ReplyDelete
  11. @ නිසුපා
    ආ එන්න නෝනා ලාබායි.... වාර්ථා ගන්න.. පලා ගන්න..

    ReplyDelete
  12. @ දිල්
    හැමෝම ඔය කතාව අනුමත කොරනවා...

    ReplyDelete
  13. @ පොඩි මෑන්
    අපේ ආච්චි නම් කියන්නේ "ගොන් හරක්" කියලා..
    ආච්චී අප්ඩේට් අපට වඩා...

    ReplyDelete
  14. @ ඕනයා
    මනුස්සයෙක් නැති කොරන එකට මම නම් මනාප නෑ ඕන්. ඒත් ආනන්දට බැරිද දන්නේ නෑ මුංගේ අඬු කඩන්න..

    ReplyDelete
  15. @ ප්‍රසන්න86කේ
    පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතූ වාසනා වේවා හේතු වාසනා.....

    ReplyDelete
  16. @ පොඩි කුමාරීහාමී
    ස්තුතියි නෝනේ..කවුරුත් මනාපයි..

    ReplyDelete
  17. @ පංසල් හංදිය
    එහෙම කියල හරියන්නෙ නෑ.... ස්තූතියි අගය කිරීමට...

    ReplyDelete
  18. @ පිස්සා පලාමල්ල
    පිස්සුද බන්. දැනටමත් නිකං මඤ්ඤං.....

    ReplyDelete
  19. අතට අහුවෙන මාහෙන හිටිය නං . . . ආනන්දය කොහොමත් අඬු කඩනව ගිනස් දොස්තර මහත්තැංගෙ . . . .

    ReplyDelete
  20. වාර්ථා තියන අයටත් හොඳ පාඩමක් හොයලා බලලා වඩේට බහිනැති එකට. අර කතාවට කියන්නේ සෙcඔන්ඩ් ඔපිනිඔන් කියලා අන්න ඒක. අපේ රටේ යමක් කරනවා නම් හොඳට හොයලා බලන්න ඕන, මොකද වැඩිහරියක් ඉන්නේ අංකුරාලා.

    ReplyDelete
  21. සෙcඔන්ඩ් ඔපිනිඔන් ...second opinion....

    ReplyDelete
  22. @ කැන්ඩියන්
    බලයෙන් ඉදිමුනහම මුන්ට සියල්ල අමතක වෙනවා..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න