.

.

Oct 20, 2011

තල කැරළි - Sesame Revolution


සටහන - මෙය ලියන්නට හේතු උනේ W3Lanka ගේ පෝස්ට් එකට මම දාපු කොමෙන්ට් එක..

ප්‍රස්තුතය -
ඔතන්නට
තල කැරලි
රැගෙන ගොස්
කාල් මාක්ස්

.oOo.

සිතා සිටියේමී මම්
කටුස්සෙක් යැයි කියා
වෙනස් වන සේ ගතෙහි වර්ණය
අනූකූල වන ලෙසට පරිසරය

කළෙක මහා විප්ලවවාදියෙකි
දේශයම පාළන කරන්නයි
කළෙක ත්‍රස්තවාදියෙකි
රජය නොව රට ගිනි තියන්නයි
කළෙක දේශප්‍රේමියෙකි
දේශ්ද්‍රෝහින් නැති කරන්නයි
කළෙක ජාතිවාදියෙකි
දෙමළ ජනයා මරන් කන්නයි
කළෙක ප්‍රජාතන්ත්‍රවාදියෙකි
එපා කිව් කවුන්සිලෙත් ඉල්ලයි
කළෙක සැදැහැවන්තයෙකි
පංච සීලය සාමාදම් වෙයි
කළෙක මානවවාදියෙකි
ඉතුරු දෙමළා ගැන හඬයි

නමුත් දැන් පවුල් කයි
ගෙදරටත් නඩු කියයි
පත්තරේ ඉරන් කයි
ඔහු රුවත් අරන් යයි

කටුස්සකු නොම වේය
දාර්ශනි..කයෙක්මැයි
ළොවම පිළිගත්
ළොවම පිළිගත්

.oOo.

මා අදහස් පළ කලේ තොපි වැනි හාල්පාරුවන්ට මා තැන තැන ඔසවා යන්නට නොවේ. පීඩීත ජනතාව එයින් මුදවා ගැනීම සඳහා ඔවුන් දැණුවත් කොට, බුද්ධිමතුන් ලෙස පෙල ගැස්වීමට මිස ධනවාදීන් හා එක්ව බාල් නැටීමටද නොවේ. මා බිමින් තබා, තොපි මරා ගනිව්.
-  කාල් මාක්ස්  (දෙව් ළොව සිට.)

කාල මාක්ස් රුව නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් පවත්වන, මහා දේව කන්නලව්ව.... හෙට සවස හතරට... හයිඩ් පාක් පිටියේදී පැවැත්වේ.... මල් හතක්, බුලත් හතක්, කැවිලි හතක්, සීනූ හතක්, පොල් ගෙඩියක් හා බිලි පූජාව සඳහා, හාවෙකුද රැගෙන සහභාගී වන ලෙස..... සියළුම පූර්ණ කාළීන සාමජිකයින් වෙත කෙරෙන නිවේදනයයි
- ලේකම් (කාල් මාක්ස් පේටන්ට් බලපත්‍රධාරී.)


"ආ මග" වැරදී
"යා යුතු මග" සොයයි
අධාරයක්.. කෙසෙ දෙන්නද..
හිඟා කෑමත්.. නවත්වා ඇත...

සාදුකින් පෙළෙන උන්..
දැන්වත් නැයිටපන් යකෝ...

26 comments:

  1. ජෙප්පන් ආමග අමු චාටර්ය , කරපු මඟුලක් නැත , රට වලපල්ලට ගෙන ගියා පමණි . ඕනි අහක මකබැවුනාට කමකුත් නැත

    ReplyDelete
  2. @ බුවා
    උනුත් ජීවත් වෙන්න එපැයි මේ බූරූලන්තේ...

    ReplyDelete
  3. @ buwa
    ඔබේ අදහසේ යම් පමණක සත්‍යතාවක් ඇතත් ජවිපෙ සමග වෛරයකින් බව පෙනේ.

    @ මාතලන්,
    ඔබගේ දේශපාලනික අදහස් ගැන එතරම් එකඟතාවයක් නැතත් මෙම සටහන නම් අගනා බව කිව යුතුමය. අති විශිෂ්ටයි සර්!

    ReplyDelete
  4. කාල් මාක්ස් දෙව් ලොව සිට කරපු ප්‍රකාෂය එක්ක මම උඩින්ම එකගයි...

    ReplyDelete
  5. //සාදුකින් පෙළෙන උන්..
    දැන්වත් නැයිටපන් යකෝ...//

    සද්දෙ මදි . . . .

    ReplyDelete
  6. UNUTH EKAI MUNUTH EKAI!!!!!

    ReplyDelete
  7. මම දේශපාලනික පෝස්ට් වලට කොමෙන්ට් දාන්නෙම නැති ගානයි... ඒත් මේකට නොදා බෑ...

    ..ජෙප්පන්ගෙ දෙශපාලනේ මෙච්චර කෙටියෙන් සර්ව සම්පූර්ණව පැහැදිලි වෙන ප්‍රකාශනයක් මම දැකලම නෑ...

    ඒ තරම් වල්මත් වෙච්ච අන්ධබූත පස්සයක් ලොවෙත් නෑ...

    ReplyDelete
  8. දේශපාලනය යනු මට කිසිසේත් තේරුම්ගත නොහැකි මාතෘකාවකි...:D

    ReplyDelete
  9. මම ඇත්තම කියනවනම් කාලයක් මමත් ඉතා ඉහලින් සැලකූ පක්ෂයකට ගිය කල. මුන්ට උනේ අහිංසක් කොල්ලො කඩේ යවපු එකේ සාපේ වැදිලා. සපතේරු උන්නැහැ සමඟ මමත් එකඟයි. තව දෙයක් කියන්න ඕනෙ ජෙප්පො කියන්නේ හොදට මිනිස්සුන්ගෙන් වැඩ ගන්න දන්න. හැබැයි ඕනෙ නැති වුනාම දැහැටි දන්ඩක් තරම්වත් සලකන්න දන්න නැති මහ ගුණමකුම ජාතියක්.

    ReplyDelete
  10. ලස්සන කවි ටික

    ReplyDelete
  11. පෝස්ට් එක (කවිත් සමගම) සහ කොමෙන්ට් කියවා රස වින්දා

    ReplyDelete
  12. ජේවීපීයට මේ ඉරණම අත්වෙන්න හේතුවෙච්ච කාරණා ගැන වෙනම පෝස්ට් එකක් දාන්න ඕන. කොහොම උනත් මම පාර්ලිමේනිතුවෙ ආසන දහයක් දොලහක් හරි ඔවුන්ට තිබියයුතු යැයි සිතන කෙනෙක්.

    ReplyDelete
  13. @ හිරු එළිය
    ඇයි අනේ ඒ....

    ReplyDelete
  14. @ දිනෙශ්
    තව ඒවා කිව්වා

    ReplyDelete
  15. @ ඕනයා
    කුනුහබ්බ ලියන්න බෑනේ. සද්දේ මදි නම් තමයි...

    ReplyDelete
  16. @ ඇනෝ
    මුන් සේරම එකයි...

    ReplyDelete
  17. @ සපතේරූ උන්නැහේ
    සාහිත්‍ය රසයක් එක්ක දෙන්නේ ඒකයි.
    ඕක පක්ෂයක් නෙමෙයි.. හමුදාවක්..

    ReplyDelete
  18. @ පොඩි කුමාරීහාමී
    ආදරය ගැන.. පොත් 100 උනත් ලියයි.. හෙහ් හෙහ්

    ReplyDelete
  19. @ වෙද මහත්තයා
    හඬ මිස වැඩ නැති හාල්පාරුවන්ම බව මම තේරුම් ගත්තේ ඇමති කම් අරගෙන නාපූ වෙලාවේ. මම හිතුවා විප්ලවයක් කරයි කියලා. කළමණාකරනයට දක්ෂ දේශපාලුවෝ අතලොස්සයි ඉන්නේ. මගේ බොස් කෙනෙක් හිටියා සහතික ඔක්කොම තියෙනවා. වැඩ බෑ..

    ReplyDelete
  20. @ බින්දී
    ඔයා ආස කවි වලටනේ...

    ReplyDelete
  21. @ ඔබා
    එච්චරයි ඕන..

    ReplyDelete
  22. @ රාජ්
    අනිවා... නැත්නම් පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි සංවාද මණ්ඩප විතරක් නෙමෙයි නිව්ස් බලන එකක්වත් නෑ කවුරුත්.

    ReplyDelete
  23. ජේ වී පියේ න්‍යායන් ඔක්කොම දැන් බොරු වෙලා තියෙන්නේ.

    ඉන්දියානු ව්‍යාප්තවාදය
    දෙමල විමුක්තිය
    ආයුධ සන්නද්ධ අරගලය
    ජනාදිපති තනතුර අහෝසිකිරීමට පාර්ලිමේන්තු යාම
    ජාතිවාදී අදහස්වලින් වැඩකරන ජනයා දූශ්ය කිරීමෙන් වැඩපොල සටන් අවුල් කිරීම

    ජේ වීපියේ පරන ලොකු නායකයන්ට දැන් පක්ශය බර වැඩියි, වැඩේ කරගත්තට පස්සෙ. ඒ කියන්නේ දැන් රටේ යම් බලයක් තියෙනව. දැන ඇඳුනුම් කම් ඇතිකරගෙන තියෙනව, රටේ තත්වයක්, ආදායමක් තියෙනව. යම් හෝ චන්ද පදනමක් තියෙනව. මොන බම්බුවකටද දැන් මාක්ස්ගෙ පින්තූර එල්ලගෙන කෑගහන්නෙ.
    ඉස්සෙල්ල විමල් වීරව්ංශව යවල බැලුව,ඒ කියන්නෙ මුට්ටිය දාල බැලුව, කොහොමද සැලකිල්ල කියල; බැලුවම වරදක් නෑ.

    ReplyDelete
  24. @ දයල් බතී
    අනෙක් කාරනය පාර්ලිමන්ට් ගියත් නැතත්, සෙට් එකකට කෑම බීම ඇඳුම් පැළදුම් යාන වාහන කියන මූලික අවශ්‍යතාවයන් ටික ලැබෙනවා. විප්ලවේ නාමෙන් රට පැන්න උන් තාමත් කළ ගුන සලකනවා. ඉතින් නෝ ප්‍රශ්. පොඩ්ඩක් කෑ ගහල අපිත් ඉන්නවා කියලා පෙන්නනවා. වැඩියෙ කෑ ගහන්නෙත් නෑ. මොකෝ දැන් ඉන්න පොර අම්මට පප්පට සහ ප්‍රේමෙට වඩා යකා කියලා එයාලා දන්නවා.

    ReplyDelete
  25. Fabulous, what a webpage it is! This webpage gives valuable information to us, keep it up.


    Also visit my web page: great article
    My webpage: utah cash advance

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න