.

.

May 4, 2014

දඹුලුගලේ...දඹුලුගලේ.. - Dambulla Cave Temple


දඹුලුගල කිව්වහම මතක් වෙන්නේ, දඹුල්ලේ තියෙන රන් ගිරි දඹුලු විහාරේ. ඒක අපි පොඩි කාළේ ගියපු විහාරෙ නෙමෙයි දැන්. නිකන් වෙනින් රටක පන්සලකට ගියා වගේ. පර්වතෙටත් වඩා විශාල සමාධි බුදු පිළිමයක් ඉස්සරහම තියෙන, පිට රට පන්සලක් වගේ විහාරයක්. දඹුල්ල ළෝකෙම පරසිද්ධ ගල මුදුනේ තියෙන ලෙන් විහාර පහ නිසා.

මේ ගැන නම්, පුංචි පොතක් උනත් ලියන්න පුළුවන්. හේතුව, මේක පොඩි කාළේ ඉඳන්ම මගේ ෆේවරිට් සබ්ජෙක්ට් එකක් නිසා. අනිත් එක, වත්මනේ මගේ ජීවෝනපාය නිසා. ඒත් අද ලියන්න යන්නේ ලෙන් විහාර ගැන නෙමෙයි. ගොඩක් දෙනා අහලා නැති දඹුලුගලේ කියන සුන්දර ගීතය ගැන ලියන්න.

අපි පොඩි කාළේ ට්‍රිප් යනකොට, අපේ අම්මලා තාත්තලා කියපු ගීත, අපි අද කියන ඒවා නෙමෙයි. එයාලගේ වෙනම සින්දු සෙට් එකක් තිබුනා. ඒ අතරින් මේ චිත්‍රා සෝමපාල හා පී ඇල් ඒ සෝමපාල යුවලගේ ගීත බොහෝම ජනප්‍රියයි. "ඉසුරුමුණියෙහී පැතලි ගලක ඒ..", "දුන්හිඳ හැලෙනා...", "ලලිත කළා ඔප කරනා... සීගිරි ළඳුනේ..", "යමුනා යමුනා සෝභන ගංගා...", "උඩරට කඳුකර සිරියා පරදන.." "දකුණු ළකේ අග නඟරේ ගාළු පුරේ සිරි..." කියන ගීත ඒ අතරින් කීපයක්.

ඒ වගේම ජනප්‍රිය ගීතයක් තමයි මේ, "දඹුලුගලේ.....//" කියන ගීතයත්.. මේ ඔරිජිනල් ගීතය ගායනා කරන චිත්‍රා හා පී ඇල් ඒ සෝමපාලයන්මයි. ඒත් ඔරිජිනල් මියුසික් නම් නෙමෙයි. පටිගතකිරීමකට කරණ ලද නැවුම් සංගීතයක්.



ඒ දෙන්නගේ ගීත වල තිබුනේ වෙනස්ම වූ රසයක්. එකේ අමුතු දේශීය ගතියකුත් තිබුනා. ඒ වගේම පී ඇල් ඒ ගේ ගීතවල අනන්‍යතාවයක් තිබුනා. ඔවුන් ජීවත් උනේ කොළඹ හතේ බගතලේ පාරේ. ඒ නිසා ඔවුන් දෙපොල වෙනම පන්තියක් නියෝජනය කරන ගායන යුවලක්ද උනා. ඒ හේතුව උඩ වෙන්න ඇති. එයාලගේ පුතෙක් වන චිත්‍රාල් බිහිවෙන්නේ. 

චිත්‍රාල් අපි දන්න කාලේ ඉඳලම ප්ලේ කලේ, වෙස්ටන් බෑන්ඩ්ස් වල. පස්සෙ එයා රොක් ඉස්ටයිල් එක තෝර ගන්නවා. කාලයක් නිහඬව ඉන්න චිත්‍රාල්, ආයෙත් අපි අතරට එන්නේ "නදී ගංඟා තරණයේ..." කියන සුපිරි ගීතයත් එක්ක. ඊළඟට මේ මෑතකදි ජනප්‍රිය වෙන්නේ "මිරිඟුව පරදා....." කියන ගීතයත් එක්ක...

මේ ඔක්කොම රොක් ස්ටයිල්.. රොක් ස්ටයිල් කියන කෙනෙකුට, රෙගේ ඉස්ටයිල් එකට කියන එකත් මහ දෙයක් නෙමෙයි.. මේ ළඟදි දෙරණ ඩෙල් ස්ටූඩියෝ කියන වැඩ සටහනෙදි, චිත්‍රාල් දඹුලුගලේ ගීය ගායනා කරනවා. තනුව වෙනස්, සංගීතයත් වෙනස්, නැවුම් සංගීත සුසංයෝජනය මහේෂ් දෙනිපිටියගේ. ඒ කීර්තිමත් පැට්‍රික් දෙනිපිටයගේ පුතෙක්. ඒකේ අපූරු රසයක් තියෙනවා. සම හරක්ට නම් මේ වෙනස දිරවන්නේ නෑ. ඒත් මේ වගේ දේවල් වලට මම නම් බොහෝම මනාපයි...


මේ චිත්‍රාල් වගෙම රෝක් ස්ටයිල් එක අපේ රටේ ගෙනියන්න තව පොරක් එනවා. ඒ තමයි ඉන්ද්‍රචාපා ලියනගේ.. ඒත් මේ ඔක්කෝම පරද්දන එකෙක් දැන් ඇවිත් ඉන්නවා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයට.. නම හර්ෂ දනෝෂ් ගම මහනුවර.. ඉස්සෙල්ලා අහලා ඉන්නකෝ..


ටැලන්ටඩ් එකෙක්ට හරි ගීතයක් අහු උනොත්, ඌ ඒක ඔරිජිනල් ගීතයටත් එහා ගිය සුපිරි නිර්මාණයක් කරනවා. මේක විදේශ රටවල් වල, විශේෂයෙන් බටහිර සංගීතයේ නම් සුළු දෙයක්. මයිකල් ජැක්සන් ගායනා කරලා, මුළු ළෝකයම වැළඳ ගත් සමහර ගීත, කලින් ගායනා කරපු ගීත බව දැන ගත්තේ පස්සෙ කාලේක. ඒවගේම තමයි බොහොමයක් රෙගේ ගීත. බොනිඇම් කණ්ඩායම ගායනා කළ ගීත.

ලංකාවේ තියෙන හොඳම උදාහරණයක් තමයි, සංගීත් විජේසූරිය ගායනා කරපු "රඟහල දැන් ඇත අඬ අඳුරේ..." ගීතය. ඒක විජේරත්න වරකාගොඩගේ ගීතයක් කියලා කවුරුත් දැනගන්නේ, සංගීත්ගේ ටැලන්ට් එක නිසා..

ඒ වගේම තමයි, අතුල අධිකාරිගෙ සංගීතයට, හර්ෂ දනෝෂ් ගායනා කරන "දඹුලුගලේ...//" ගීතය. ගොඩාක් වෙලාවට හර්ෂ අවසන් තරඟයට යන එකක් නෑ. මොකද සිරසෙ වගේ, දෙරණේ එහෙම කොම්පැණි ඇජෙන්ඩා එකක් නැති නිසා.  ගායනා තරඟයකදි මම දැකපු, පට්ටම් ක්ලියර් වොයිස් එකක් මේ යකාට තියෙන්නේ.

හර්ෂ වගේම තවත් ටැලන්ට් බුවෙක් තමයි, ඇඹිලිපිටියෙන් ඇවිත් ඇම් ඇස් ගේ සින්දු කියන එකත්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන, දෙන්නෙක් තුන්දෙනෙක් ඇර, අනික් ඔක්කෝම සිරසේ ඉන්න උන්ට වඩා, කෝටියක් ඉදිරියෙන් ඉන්නේ. කවුරු කොහොම දින්නත්, ලංකාවේ නොම්මර එකේ රොක් ගායකයා හර්ෂ දනෝෂ් වෙන එක නම් කාටවත් වලක්වන්න බෑ කියන එක. රොක් ස්ටයිල් එක දන්න ඕන කෙනෙක් පිලිගනිවී.

වෙලාවක් ඇතොත් බලන්න බොරුද කියලා...

147 comments:

  1. චිත්‍රාල් සෝමපාල වගේම ඉන්ද්‍ර චාපා ගේ සිංදු මං අහනවා රොක් වල තියෙන ජවය නියමයි ...

    ReplyDelete
    Replies
    1. සිංදු ටික නම් දැන් අහුවේ මන් නම් වැඩිය ඔය T.V බලන්නෙ නෑ ,සංගිතය ගැන ලොකු දැනුමකුත් නෑ,එත් අර දෙරණේ කොල්ලා මට නම් මාතලන් කියන තරම් යමක් මට නම් දැනුනෙ නෑ,අර මිසිස් පෙරෙරා සිංදුව කරපු දෙන්නාගෙන් එක පොරක් කලින් සිදුවක් කරලා තිබුණා එක අහලා බලන්න ,තව රොක් සිංදු ලංකාවේ කරපු එවා තිබුණා නම් මතක නෑ මතක් උනොත් ලින්කු දාන්නම් ,මීට වඩා හඬ පැහැදිලි රොක් සිංදු කියපු අය හිටියා,මේ අඩන සිංදු කාලාව නිසා උන්ට එක්කො අඩන සිංදු කරන තැනට අවා අනික් උන් අකුලන් ගෙදර ගියා ..ඉන්ද්‍ර චාපා ගේ සිංදු උනත් ප්‍රසිද්ධ මාධ්‍ය තුල පෙන්න තියෙනවා අඩුයි ...

      Delete
    2. පේන්න තියෙන දේම නෙමෙයි නේද මිනිස්සු විඳින්නේ. ඔය පේන්න තියෙන එක දෙයක්වත් මිනිස්සුන්ගේ හදවතේ තැන්පත් වෙලා නෑ. හදවත වැළඳගන්නේ වෙන දෙයක්.

      Delete
  2. දඹුලුගලෙන් පටන් අරන් හර්ශ ගෙන් ඉවර වෙන්නෙ ....! මටනම් නිකන් පිස්සු වගෙ අයියො....! සිරාවටම හර්ශ ටැලන්ට් බුවෙක් තමයි....!

    ReplyDelete
    Replies
    1. මියුසික් ගැන අවබෝධයක් තියෙන කීප දෙන්ක්ම කිව්වා.. අනික මූට ඕන ස්ටයිල් එකක් නිකන් කජු කනවා වගේ..

      Delete
  3. චිත්‍රාල්ගේ සිංදුව විතරක් ඇහුව කවදාවත් මනුස්සයගෙ සිංදුවක් අහල නැති නිසා,එක්කොත් මං මොකුත් නොකියම ඉඤ්ඤං මචෝ,අපි ඉතිං පරණ ඉස්කෝලෙ එවුන්නෙ,අම්මගෙ තාත්තගෙ උනත් අමරණීය ගීතවලට ජාති ජාතිවත් මෙවැනි ඉරණමක් අත් නොවේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. චිත්‍රාල් නාන නෑම පෙන්නන්න තමයි. අළුත් එකාගේ එක දැම්මේ..

      Delete
    2. "නදී ගංඟා තරණයේ///සිංදුව අහලා බලන්න .....

      Delete
    3. සහෝ දර

      ++++++++++++++++++++++++++++++++=

      Delete
    4. I can't say it better than Halape.

      Delete
  4. චිටි සෝමපාලව මං දැනගත්තේ සමින්ගෙන්. එයාගේ රොක් ඉංග්ලිෂ් සිංදුවක් නිසා. නිකන් MP3 එක ඇහුවට දැනුනේ නැහැ ලංකාවේ කෙනෙක් කියලා , පස්සේ තමයි එයා කියල දැනගත්තේ. ඒත් අර අලුත් කෙනා ඊට වඩා හොදට කියනවා කියලත් හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. අපේ බොක්කා !!! සමිය නියමෙට ප්ලේ කරනව බං.. සුභ පැතුම් !!!

      Delete
    2. කනට වඩා අග ලොකු වුණා කීවේ ඔන්න ඕකට තමයි එදත්. හි හි . මං ලින්ක් එක දෙන්නම්කො එයාට .

      Delete
    3. ඌට හොඳ ඉටිකිරිස් කෑල්ලක් මංවත් හොයල දෙන්ඩෝන.. හිතුනොත් ඕකට මං ගෙනැත් දෙනව ඉතාලි කෑල්ලක් .. ඕ යේස්




      Delete
    4. PM බලාගෙන...... මෙතැන නොකිව්වට ඉන් බොක්ස් බලහං හොද දෙයක් කියල ඇති.... හරි වසයි.....

      Delete
    5. අඩෝ සමිනා එළ බුවා..... ඒකාත් හොද ටැලන්ට් බුවෙක් යකෝ... මචෝ ඉතාලි කැල්ලක් සෙට් කොරපන් මචෝ ඌට..

      Delete
    6. නලින් අයියලට ,පත්තරේලට දැන් මට වඩා ලොකු එයාව. හොයාදියව් මට මොකෑ. :(

      Delete
    7. අළුත් එකා හැම අතින්ම ඊට ඉදිරියෙන් ඉන්නවා. අනිවා මූව බෑන්ඩ් එකකට ගනීවී. දවසක් බ්‍රයන් ඇඩම්ස් ගේ සමර් ඔෆ් 69 කිව්වා. මම දැකලා නෑ අපේ එකෙක්වත් ඒ තරම් ඔරිජිනල් එකට කිට්ටුවට එන්න කියනවා කවදාවත්.

      Delete
  5. මමත් මාතලන් එක්ක එකඟයි මේ කියපු සේරම කාරණාවලට.චිත්‍රාල්ගේ සියළුම ගීත මම කිහිප සැරයක්ම අහමින් රස වින්ඳා. හරිම ලස්සන වෙනසක්. දැන් ඒ සිංදු සියල්ලම කරළියට එයි.
    ඒ වගේම තමයි දෙරන ඩ්‍රීම් ස්ටාර් එකේ කොල්ලෝ ටික. උන් හැමෝම දක්ෂයෝ. අර ගොවි ගීය ඒ වගේම සුනිල් එදිරිසිංහයන්ගේ අද ඉපැදුනු නැවුම් ලොවට ගීය කෙතරම්නම් ලස්සනට ඔවුන් ගායනා කළාද? සිරසේ මම කැමති දෙන්නෙක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. දෙරණේ චමිල,විශ්මිත,ලහිරු,හර්ෂ,ධනුෂ්ක හරිම දක්ෂයෝ ගුණේ. සිරසේ ප්‍රභක්ති,හර්ෂ,චාමරට මම කැමතියි.

      Delete
    2. කරුමේ කියන්නේ සිරසේ මාකටින් හොඳයි. මේකේ අන්තිමයි. ඒත් ටැලන්ටඩ්ම උන් බිහි උනේ දෙරණින්.

      Delete
  6. මාතේ..
    මේක මගේ පුද්ගලික අදහස.. නදී ගංගා සිංදුවෙන් චිත්‍රාල් කරපු දේ වගේ දඹුලුගලේ සිංදුවෙදි ඇඟට විශේෂයක් දැනෙන්නෙ නෑ.. හැබැයි වාදනය නං හිතට ඇල්ලුවා.හරිම අපූරුයි.. චිත්‍රාල් ගෙ "මේ ලංකාව අපෙ මව්බිමයි " කියන සමූහ ගායනයටත් මං ආසයි..

    හර්ෂ ගැන නං මට හිතෙන්නෙ ඌ ඌට හරියන කියන්න පුලුවං ස්ටයිල් එක තෝරගෙන තියනවා කියල.මං ඌ කියන වෙන සින්දු අහල නැහැ .ඒත් මේ ස්ටයිල් එක උගෙ වොයිස් එකට යනවා ..දක්ෂයෙක්.
    අර සාලිය සත්‍යජිත් කියන නලුවද කව්දත් රොක් උනාද මොකද්ද කියලා විකාරයක් කරගෙන රොක් කිට් එකක් ගහං දැංගලුවානේ..මට නං පෙන්නන්නම බෑ ඒකව.

    ඔය වගේ නියමෙටම සිංදු කියන්න පුලුවන් උං පොඩි බෑන්ඩ් වල ඉන්නවා බං..නියම වැඩ්ඩො..අපරාදෙ උං එහෙමම දියවෙලා යනවා.. කොහොම උනත් රියැලිටි ශෝ වලින් ගොඩක් උංට පාර කැපුනා..ඒක කියන්න ඕන විවේචනයක් තිබුනත්.

    ReplyDelete
    Replies
    1. //සාලිය සත්‍යජිත් කියන නලුවද කව්දත් රොක් උනාද මොකද්ද කියලා// මම මුලින් හිතුවෙ ඌ ලිංග විපර්‍යාසයකට ලක් වෙමින් පවතිනවා කියලා බං. :)

      Delete
    2. පත්‍ර බ්‍රදර්......මේ වැඩ සටහන් ඇතුලේ කොලිටි එවුන් ඉන්නවා. උන් හරිම දක්ෂයි. අප්සට් එක තියෙන්නේ තරඟෙන් පස්සේ එලියට ඇවිත් හරි හමන් දෙයක් නොකරන එකයි.

      ප්‍රියා....ඌ විකාරයක් බන්.

      Delete
    3. ප්‍රියා @ හි හි ඕක හිතුන තව අය ඉන්නවා එහෙනම් :)

      Delete
    4. කවුද ඔය සාලිය සත්‍යජිත් කියන්නෙ ????ඈ පොරක් ද

      Delete
    5. ප්‍රියා ..ලිංගික විපර්‍යාසයකට :D පව් යකෝ

      යස්සනී .. ඇයිඌ ලස්සන කොල්ලනේ බං..උඹට නං ගැලපෙනවා :D

      ආන්න හරි අරූ අයියේ.. උන් පීල්ලට දැම්මට යාගන්නෙ බොහොම ටික දෙනයි.. ටික දෙනෙක්ව බෑන්ඩ් වලට නං ගත්තා..අපරාදෙ දක්ෂයො .

      සහෝදර මචං.. ඉන්නවා අයල් එකක් ගහටත් නැති බඩටත් නැති.. අර රොක් කිට් එකක් ගහං ඉන්න සුදු උස එකා බං

      Delete
    6. උඹත් එක්ක එකඟයි කියනවා ඇර වෙන කියන්න දෙයක් නෑ පත්තරේ...

      Delete
  7. රොක් වල නම් මම කැමතිම ඉන්ද්‍රචාපා තමයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ඉන්ද්‍ර චාපා කියන සමහර එවා තවම අපේ රට භාර ගන්න සුදානම් නෑ,මං නම් දැකලා නෑ චපා ගේ සිංදු විකාශය වෙනවා ,දෙරණේ පොඩ්ඩක් යනවා විටින් විට

      Delete
    2. ඉන්ද්‍රචාපා නෙවී යකූ ඉන්ද්‍රචාප...
      ඌ කෙල්ලෙක් නෙවී කේල්ලෙක් මොකෝ මේ චාපා චාපා ගාන්නෙ

      Delete
    3. කුමුදු /සුමුදු /දිමුතු ඔය වගේ නම් මං දැකලා තියෙනවා ගැහැනු/පිරිමි දෙකොට්සටම තියෙනවා මේ චාපය වැඩක් නෑ එහෙම එකේ ....වැඩ හොදයි නේ

      Delete
    4. ඉස්සර නම් චිටීට.. දැන් නම් මේ කොල්ලට..

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මචන් උඹට පින් මේ පෝස්ට් එක දාලා මේ වගේ කොල්ලෝ තවත් ඉන්නවා කියලා කීවට.
      අපි ඉතින් පරණ වුනාට මොඩන් ඒජ් අයනේ. මම නම් චිටීගේ මියුසික් වලට කැමතියි. ඉන්ටර්නැශනල් ලෙවල් එකේ අපිට ඉන්න සංගීතඥයෙක් කියලයි මා නම් ඔහුව හඳුනන්නේ.
      අර පොඩි කොල්ලා මරුනේ මචන්. ඇත්තෙන්ම ලංකාවේ රූපවාහිනී බැලීමක් මගේ ඇත්තේම නෑ. ඒත් උඹ දීපු ලින්ක් එකෙන් ගිහින් හොය හොයා බලලයි මේ කොමන්ට් එක දාන්නෙත්.

      Delete
    2. එළ බුවෙක්නේ මචෝ උඹත්....

      Delete
    3. නලින්
      බුවියක් හරිය!

      Delete
    4. දන්නවා දන්නවා මේ අපේ බූරු බබානේ රාජ් ආතල් එකට මාත් දැම්මේ

      Delete
    5. ඇත්තටම මචෝ දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ ටැලන්ට් ගොඩාක් ඉන්නවා. එකෙක් ඉන්නවා තනිකර අමරදේව.

      Delete
  9. යමක් කොටන්න පෙර සිංදු ටික අහලම එන්න ඕන මලක් උරල ඉදගෙන ......

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=PkRhB9izJwQ

      මෙකත් අහලා බලන්න .....

      Delete
    2. මේවා ඉතින් මල් සින්දු තමයි..

      Delete
  10. චිත්‍රාල් හොඳයි. රොක් වලත් අවුලක් නැහැ. පුද්ගලිකව මන් රොක් වලට එච්චර කැමති නැති වුනත් විවිධත්වය අවශ්‍යයි.දඹුලුගලේ නම් කියනවා කැතයි. ඒ ඉතින් මට හිතෙන විදිහ. ඕක ලස්සන මිනිස්සුත් ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. දඹුලුගලේ චිටීට වඩා හොඳට අළුත් එකා කියනවා.. ඒ අළුත් මියුසික් ඇරේන්ජ්මන්ට් එකට මම ගොඩාක් කැමතියි.

      Delete
  11. එකපාරක් මම සුද්දෙක්ට "නදී ගංගා තරනයේ" කියන්නෙ ලන්කවෙ ඔරිගිනල් සිංදුවක් කියලා සැහෙන්න නෝන්ඩි උනා

    ReplyDelete
    Replies
    1. බොරි කියන්න නරකයි. අපායේ යනවා.. උඹලයි ආච්චී කියලා දුන්නේ නැතෙයි..

      Delete
  12. මචං මාතා....මම හිතුවා උඹ කොයි මොහොතක හෝ හර්ෂ දනෝශ් ගැන යමක් ලියයි කියලා. ඒ ඉවාන් පව්ලූෂාගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක් නිසා. මේ තියෙන්නේ උඹේ ඒ කමෙන්ට් එකට යටින් මම දාපු කමෙන්ට් එක. තරුණ කාලේ ඉඳන්ම රොක් සංගීතයට ඇල්මක් ඇති එකෙක් හැටියට මට හිතුනේ මෙහෙමයි.
    /////////arugeadaviyaApril 29, 2014 at 6:44 PM
    @ මාතා......අර දෙරණ රොක් සිංදු කියන එකානම් නියම බුවෙක් බං. මම ඌව දිගටම බැලුවා. මම කියන්නේ උගේ චැලෙන්ජ් එක දීලා තියෙන්නේ දෙරණේ තරඟකාරයින්ට නෙමේ, අපේ අනිකුත් ලාංකික රොක් ආටිස්ට්ස්ලාට කියලා. අතුල අධිකාරි, නදීක, චාපා ඌට හොඳ බැකප් එකක් දෙනවා. ඌ නියම වෙනසක්!!///////////

    මමත් කියන්නේ සිරසට වඩා දෙරණ සෙට් එක වැඩී හැකියාවන් තිබෙන බවයි. චිත්‍රාල්ගේ දඹුලුගල වර්ෂන් එකට වඩා හර්ෂගේ වර්ෂන් එක නියමයි.

    චිත්‍රාල්ගේ අයියා රොහාන් සෝමපාල බැන්දේ මගේ යාළුවෙක් සැන්ඩ්‍රා. මුන් දෙන්නාම මාත් එක්ක ඔබරෝයි එකේ වැඩ කරා. මම ඉස්සර පී.එල්.ඒ.-චිත්‍රා සෝමපාල ඉන්න කාලේ එහේ යනවා රොහාන් එක්ක ඩ්‍රින්ක් එක දාන්න ඉසිපතනේ ගාව ගෙදරට. අපිට මදිවුනාම චිත්‍රා ඇන්ටිගෙ බෝතලේට හොරෙන් විදිනවා. සැන්ඩ්‍රා බනිනවා. චිත්‍රාල් එතකොට හෙණ පොඩි එකා. මම ඉතින් ඔය දේශ්පාලනේ කතා කරන්න ගිහින් චිත්‍රා ඇන්ටිගෙන් බැනුම් අහනවා. එක පුතෙක් හිටියේ ගාමිණි දිසානායක ගාව. රොහාන් සෝමපාලත් රෝයල් බුවෙක් බව මතකයි. ෆිට් පොරක්.

    ReplyDelete
    Replies
    1. //""මචං මාතා....මම හිතුවා උඹ කොයි මොහොතක හෝ හර්ෂ දනෝශ් ගැන යමක් ලියයි කියලා." // එක දැකපු වෙලාවේ මටත් එක හිතුනා

      Delete
    2. හොඳ දෙයක් දැක්කාම නොලියා ඉන්නේ කොහොමද බං. මූට ඕන සින්දුවක් කියන්න පුළුවන්. ඒකයි ඌගේ ටැලන්ට් එක.

      Delete
  13. හර්ෂ ඩ්‍රීම් ස්ටාර් එකෙන් හැළුනත් මෑන්ට උපරිම තැනකට එන්න පුළුවන් ටැලන්ට් එක තියෙනවා.

    ඔය රියලටි වැඩ සටහන් වල වැළලුන අතීතයත් එක්ක බලත්දි මම පෞද්ගලිකව කැමතී හරිෂ පරදිනවනම් මොකද පළවෙනි ස්ථානෙවත් කිරුළවත් තෑගිවත් නෙමේ වටින්නෙ ක්ෂේත්‍රයේ රඳා පැවත්මයි වටින්නෙ. ඔය තරඟවලින් දිනපු උන් බහුතරය උන් හිටි තැන් නැතිව ඉත්දි පැරදිච්ච ගොඩ උන් ඉන්නවා යස අපූරුවට.

    ඉන්ද්‍රචාප නම් මගෙත් ප්‍රියතම ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා ඌට ෆොරින් බෑන්ඩ් එකකින් හොඳ තැනක් එයි කිය්ලා. ඉන්ගිරිසි සින්දුවකුත් දුන්නා පොරි හැලෙන්න.

      Delete
  14. සිකේ බං ඩෙල් සිටුඩියෝ එක බලන්න රිමයින්ඩර් එකක් දාං ඉදලත් බලන්න බැරි උනා මට... අපි මතකද කලින් වතාවකත් චිත්‍රාල් ගැන කතා කරාම අපේ රතුරජරටයා චිත්‍රාල්ව ඉන්විව් කරල පෝස්ට් එකක් දැම්මා.. හර්ෂගේ සිංදුවං අහන්න ඕන මං අහල නෑ...

    ReplyDelete
    Replies
    1. චැක්.. චිත්‍රාල් අවුල් කරගෙන නේ..

      Delete
    2. මොකෑ බං මතක නැත්තේ. කඩ්ඩෙන් නේ කරලා තිබුනේ. මම හිතුවා ඌ මෙතන කොමෙන්ට් එකක් දායි කියලා. ඒත් දැන් ඌ පේන්නම නෑ.

      Delete
  15. අනේ මංද බං මටනං අර ඔරිජිනල් සින්දු වගේ ඒව අලුතෙන් කියන එකක්වත් අල්ලන්නෙ නෑ. ගොඩක් සින්දු මියුසික් එකෙන් අල්ලගෙන ඉන්න ඒව තමයි.
    කොහොම හරි මුල් සින්දුව කන්නෙ නැතුව කරන දෙයක් කරනවනං හොඳයි.

    සිරස සුපර් ස්ටාර් එකේ මුලින් හොඳ දක්ෂයො හිටිය නමුත් කාලයක් එකම වැඩසටහන කරන නිසා දැන්නං එන අය කිසිම වැඩකට ඇති අය නෙමෙයි. ඉස්සර ආසාවෙන් බැලුවත් දැං ඒක නොබලා ඉන්නෙ ඒ නිසයි. දෙරණට උනත් ඒ තත්වෙ ඉදිරියට උදාවෙයි.

    ReplyDelete
    Replies
    1. හර්ෂ සලා‍ දෙනෙත් යුග සින්දුවනං ‍හොඳට කියනව.

      Delete
    2. https://www.youtube.com/watch?v=PkRhB9izJwQ

      මුල් සිංදුව අහලා බලන්න මේ අලුත් පොර නිකන් ඇබෙරෙනවා විතරයි වගේ උගේ වොයිස් නෑ මට නම් මුල් ගයකයා කියපු සිංදුවට සාධාරණක් කරන්න තරම්

      Delete
    3. මම කිවුවෙ මුල් ගායනය තරං හොඳ නැති උනත් මිනිහ හොඳට කට ඇරල ඒක කියන නිසා. මොකද දැං ස්ටාර් එන ගොඩදෙනෙකුට කට ඇරල සින්දුවක් කියාගන්න බෑ.

      Delete
    4. අනික මට මිනිහගෙ දඹුලුගලේ සිංදුවෙනං කිසිම සාර්ථකයත්වයක් දැක්කෙ නෑ.

      Delete
    5. එක ඇත්ත ප්‍රසන්න කතාව හරි ..

      Delete
    6. දඹුලුගලේ ගීතයට සාධරණයක් කලේ පුතාට වඩා අලුත් එකා ඒකයි මගේ මතය.

      Delete
  16. හර්ෂණගෙ ගායනයනං සුපිරි..
    ඉදිරියේදී ස්ව නිර්මාන කරයි නම් අගෙයි...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව ඉතින් කිසි එකෙකුට පැවත්මක් නෑ නේ. ජීවිත කාලෙටම ඇති පට්ට සින්දු හතරක් පහක් කිව්වනම්.

      Delete
  17. /* ලංකාවේ තියෙන හොඳම උදාහරණයක් තමයි, සංගීත් විජේසූරිය ගායනා කරපු "රඟහල දැන් ඇත අඬ අඳුරේ..." ගීතය. ඒක විජේරත්න වරකාගොඩගේ ගීතයක් කියලා කවුරුත් දැනගන්නේ, සංගීත්ගේ ටැලන්ට් එක නිසා. */

    මට නං මෙකට එකඟ වෙන්න බෑ!

    ReplyDelete
    Replies
    1. වයසේ වරදද දන්නේ නැහැ කකා,මම හිතාගෙන හිටියේ මුලින්ම ඒ සින්දුව සංගීත්ගේම එකක් කියලායි.පස්සේ තමයි දැනගත්තේ එක විජේරත්න වරකාගොඩගේ ගීතයක් කියලා.

      සංගීත්ම ගායනා කරපු මල්සරා සින්දුව ගැනත් මම මුලින්ම හිතාගෙන හිටියේ ඒ විදියටම තමයි.පස්සේ දැනගත්තේ එක බැද්දගේ මහත්තයාගේ කියලා.

      Delete
    2. නූතන පරපුර එය දැනගත්තේ සංගීත්ගෙන් තමා. ඒත් පේරාදෙණිය හැ බැදුනු ඒ ගිතය කකාට අලුත් දෙයක් නොවේ. ලිව්වේ කව්ද දන්නවද හඩ්සන් සමරසිංහ.....

      Delete
    3. මම කිව්වේ අපි ගැන නෙමෙයි කකා. අළුත් පරපුර ගැන. ඇත්තටම ඔය ගීතය පරණ එකක් කියලා දැනගෙන උන්නට, විජේරත්න වරකාගොඩගේ එකක් කියලා දැනගත්තේ සංගීත් ඕක කියන්න පටන් ගත්තමයි.

      Delete
    4. සංගීත්ගෙ ටැලන්ට් එක නිසා පැත්තක තිබුන ගීතය හිට් උනා තමයි...අන්තිමට නඩුවෙන් තීන්දුව ලැබුනෙ වරකාගොඩට වන්දි ගෙවන්න...අන්තිමට වරකාගොඩ ගොඩ ගියා..

      Delete
    5. කකාගේ වයස නම් දන්නේ නෑ. මට 35ක්, මමත් සංගීත් කියන්න කලින් ඕක අහලා තිබ්බේ නෑ

      Delete
    6. වරකාගොඩ නෙමෙයි නේද ගේම ඉල්ලුවේ. මට මතක විදියට නම් හඩ්ඩා තමයි කේස් එක දිණුවේ..

      Delete
    7. නෑ, නෑ, වරක්ටත් සල්ලි ලැබුනා! ඒ බව ඔහු මා සමග කීවා.
      http://kathandara.blogspot.com/2011/07/blog-post_17.html

      Delete
  18. / ටැලන්ටඩ් එකෙක්ට හරි ගීතයක් අහු උනොත්, ඌ ඒක ඔරිජිනල් ගීතයටත් එහා ගිය සුපිරි නිර්මාණයක් කරනවා. /

    ටැලෙන්ටඩ් එවුන් අනුන්ගෙ නිර්මාණ කොල්ල කන්නෙ නෑ බං...උං කරන්නෙ තමන්ගෙම නිර්මාණයක් කරන එක.

    / මයිකල් ජැක්සන් ගායනා කරලා, මුළු ළෝකයම වැළඳ ගත් සමහර ගීත, කලින් ගායනා කරපු ගීත බව දැන ගත්තේ පස්සෙ කාලේක. ඒවගේම තමයි බොහොමයක් රෙගේ ගීත. බොනිඇම් කණ්ඩායම ගායනා කළ ගීත. /

    උඹ ඔය කියන එක ඇත්තනම් ඒ කියන්නෙ මයිකල් ජැක්සන් , බොනී එම් පරණ ගීත අලුතින් ගායනා කලානම් අනිවාර්යයෙන් ඒ මුල් නිර්මාණයෙ හිමිකරුවන්ගෙන අවසර ගන්ට ඇති. මොකද බටහිර අපේ වගෙ සෙල්ලම් කරන්ට බෑ. කොපි රයිට් රෙගියුලේෂන්ස් බොහොම තදයි. අනික මයිකල් ජැක්සන්, බොනී එම් එහෙම කලාම කියමු. ඒකම අපිත් කරන්ට ඕන නෑනෙ. ඉස්සෙල්ලම බලන්ට ඕන ඒක හරිද වැරදිද කියල. වැරදිනම් මයිකල් ජැක්සන් නෙවෙයි උගෙ කිරි අත්ත කලත් වැරදියි.

    / ලංකාවේ තියෙන හොඳම උදාහරණයක් තමයි, සංගීත් විජේසූරිය ගායනා කරපු "රඟහල දැන් ඇත අඬ අඳුරේ..." ගීතය. ඒක විජේරත්න වරකාගොඩගේ ගීතයක් කියලා කවුරුත් දැනගන්නේ, සංගීත්ගේ ටැලන්ට් එක නිසා../

    විජේරත්න වරකාගොඩ ඔය සිංදුව කලින් කියනව මම අහල තියනව. ඒ නිසා මම නම් ඒක කියන්නෙ විජේරත්න වරකාගොඩ කියල දැනගෙන හිටිය. ඒ වගේම සංගීත් ඒ සිංදුව කියනකොට ඒක විජේරත්න වරකාගොඩ කලින් කියපු සිංදුවක්ය කියල කිව්වෙ නෑ. සංගීත් කලේ පට්ට වංචාවක්ය කියල මිනිස්සු දැනගත්තෙ විජේරත්න වරකාගොඩ නඩු දැම්මට පස්සෙ..

    සංගීත් විජේසූරිය දක්ෂයෙක් වෙන්න ඇති. ඒත් මිනිහ කරපු වැඩේ වැරදියි. එතකොට ඒ සිංදුව ගැන මිනිස්සු දැනගත්තෙ සංගීත් ඒක කිව්වයින් පස්සෙය, අරකය මේකය කියන එක අර කිතුල් ගහට ගිය මිනිහගෙ කතාවට දෙවෙනි නෑ. මිනිහ කලේ පරණ ලස්සන සිංදුවක් කිසිම අවසරයකින් තොරව මිනිහගෙ වගේ කියල පොර වෙච්චි එක. පියෝ ඇන්ඩ් සිම්පල් එතන එච්චරයි තියෙන්නෙ.

    / සම හරක්ට නම් මේ වෙනස දිරවන්නේ නෑ. /

    Heh, heh, thank you so much!!!!

    ReplyDelete
    Replies
    1. වරක්ස් අහිංසකය ඕවයෙ එල්ලිලා රණ්ඩු වෙන්න ගියෙ නෑ සද්ද නැතුව හිටියා,නමුත් ගීතය ලියපු හඩ්සන් සමරසිංහ සංගීත්ට නඩු දාල වන්දි ගත්තා.ඒ වෙනකොටත් සංගීත් සිංදුව උගේ කරගෙන හිටියෙ කවදාවත් ඒ සිංදුව වරක්ස් ගෙ කියල කිව්වෙ නෑ.

      Delete
    2. එක පාරක් මට මතකයි ඔය වගේම සිදුවීමක් වුනා බැද්දගේ මහත්තයාගේ "මල්සරා"සින්දුවට වරණ නියෝගයක් දීලා තිබුනා සංගීත්ට ඕක කියන්න එපා කියලා.ඔය සම්බන්ධ නඩුවක් උසාවියේ ගිය නිසා.එත් සනිධප සංගීතයකදී ඔය සින්දුව ප්‍රසිද්ධ වේදිකාවේ ගයනා කෙරුවා රසිකයෝ ඉල්ලනවා කියලා.

      Delete
    3. / සම හරක්ට නම් මේ වෙනස දිරවන්නේ නෑ. /
      මාත් හරකෙක්ද මන්දා?

      Delete
    4. රවී අපේ පොඩි සීයගේ පුතා බිස්නස් කාරයා ඌ මචෝ ගමේ මහ ගෙදරට පොඩි පොඩි අළුත්වැඩියාවන් කරලා අළුත් ලුක් එකක් දුන්නා. සීයා කිව්වේ ඌට පිස්සු කියලා. අපරාදේ ඒ යකාට ලිව්වේ කියලත් කිව්වා. ඒ උනාට සියා නෑවේ කරේ අර පුතා හදාපු බාත් රූම් එකේ. ගමේ උන් එක්කත් බාප්පා ගැන ආඩම්බරෙන් කතා කලේ. ඊට පස්සෙ මචෝ පොඩි සීයා මලා. අර බාප්පගේ පුතා ජපානේ ගිහින් ඇවිත් අර මහ ගේ ඒ ලුක් එක තියෙද්දිම ටයිල් කරලා පේන්ට් කරලා පිටිපස්සෙන් කාමර කීපයකුත් හදලා බුටීක් හොටෙල් එකක් කලා. බාප්පා කිව්වා ඌට පිස්සු කියලා. ඒ උනාට ගමේ ගියාම ඉන්නේ ඒ සී කාමරේ සුද්දෝ වගේ. ගමේ උන් නම් තාමත් කියන්නේ තෝමස්ගේ ගේ කියලා.

      Delete
    5. / සීයා කිව්වේ ඌට පිස්සු කියලා. අපරාදේ ඒ යකාට ලිව්වේ කියලත් කිව්වා /

      අපූරු උදාහරණෙ මල්ලි, ඒත් බොහොම සුට්ටි අවුලක් තියෙන්නෙ විජේරත්න වරකාගොඩ හරි හඩ්සන් සමරසිංහ හරි රඟහල ගීතය අර බොහොම ටැලෙන්ටඩ් නීල හොරාට ලියල දීල තිබ්බෙ නැති එකයි. ඒ නොගිනිය හැකි දෝසය ඇරුනම මචං උඹේ උදාරහණෙ ටක්කෙටම හරි.

      Delete
    6. අපේ රටේ කරුමේ මචෝ කවදාවත් එහෙම ලියා නොදෙන එක. අපේ කළාකාරයෝ ඒ තරම් කුහකයි..

      Delete
    7. රඟහල ගීතය ආරම්භයේදී කියවෙනවා ඒක විජේරත්න වරකාගොඩ මහතාගේ ගීතයක් රී මික්ස් කල එකක් කියලා.

      Delete
  19. /* ඒ වගේම පී ඇල් ඒ ගේ ගීතවල අනන්‍යතාවයක් තිබුනා. ඔවුන් ජීවත් උනේ කොළඹ හතේ බගතලේ පාරේ. ඒ නිසා ඔවුන් දෙපොල වෙනම පන්තියක් නියෝජනය කරන ගායන යුවලක්ද උනා. ඒ හේතුව උඩ වෙන්න ඇති. එයාලගේ පුතෙක් වන චිත්‍රාල් බිහිවෙන්නේ. */

    මං දන්න කාලේ නම් බගතලේ පාර තිබුණේ කොල්ලුපිටියේයි, කුරුඳුවත්තේ නොවෙයි!

    කොළඹ තුන කියන්නේ හත තරම් පොෂ් තැනක් කියා සැලකෙන්නේ නැතිනම්, දැන් මේ තර්කය වෙනස් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. කකා බගතලේ පාර මූද අයිනේ ඉදන් තුන්මුල්ල හනිදියේ කෙළවරටම එනවා. අර පොලිස් උද්‍යානය හරියටම

      Delete
    2. මම කියන කාලේ මේ අය හිටියේ හැව්ලොක් ටවුන් ඉසිපතනේ කිට්ටුව.

      Delete
    3. නලියා කියපු දේම තමයි කතෝ මටත් කියන්න තියෙන්නේ. ඔය ගැන අරූගේ පෝස්ට් එකකත් හීනී ගේමක් ගියා..

      Delete
    4. මං දන්න බගතලේ පාර නං ගාළු පාරෙන් පටන් අරගෙන අවසන් වෙන්නේ තර්ස්ටන් එක ඉදිරිපිටින්.

      තාමත් එහෙමයි. ඔන්නං ගූගල් මැප් එකේ බලන්න.

      https://maps.google.com.au/maps?t=m&sll=6.901247,79.8560331&sspn=0.0081801,0.0109864&q=Bagatalle+Rd&output=classic&dg=opt

      පොලිස් ග්‍රවුන්ඩ් පැත්තේ ඇති බගතලයක් නෑ! වජිර පාර නම් තියෙන්නේ ඒ පැත්තේ. නලීන් විශාකා පැත්තේ ගියාද ඒ කාලේ?

      Delete
    5. මීට අමතරව මා දන්නා පරිදි තර්ස්ටන් පාරෙන් (කුමරතුංග මුනිදාස මාවත) මූද පැත්ත කොළඹ 3. ගොඩබිම පැත්ත කොළඹ 7.

      කොළඹ විශ්ව විද්‍යාලයේ ලිපිනය කොළඹ 3. මොකද කෛාලේජ් හවුස් එක තියෙන්නේ කොල්ලුපිටිය පැත්තේ නිසා!

      Delete
    6. කකා,

      ඔයා මොනා කියනවද මන්ද මේ ඇවිල්ල.

      ලේක් හවුස් එක ගාව ඉඳන් කොටුවෙන් ගනේමුල්ල පැත්තට යනකොටයි, කැළනි බස් අල්ලන්න තුම්මුල්ලෙ ඉඳන් බොරැල්ලට යනකොට බගතලේ පාර අහුවෙනෙ නෑනෙ.

      ( මේ මහාචාරියත් රටේ ඉන්න ගොඩක් උන්ගෙන් වෙනස් නෑ. බගතලේ පාර පලටවගත්තට මොකෑ ට්‍රැෆික් කන්ට්‍රෝල් වලට ප්ලෑන් ගහන්නෙ )

      Delete
    7. ඉන්දික
      මං ඔය බගතලේ පාර පැත්තේ පාරවල් ගැන දන්නේ පාසල් කාලයේ ලන්ඩන් ඒ ලෙවල් පේපර්ස් අතින් පිටපත් කරගන්නට බ්‍රිටිෂ් කවුන්සිලයට කීපපාරක්ම ගිය නිසයි.

      ඒ වගේම මං මැලේ වීදිය ගැනත් දන්නවා. ඒ කාලේ පාස්ට් පේපර්ස් පොත් ගන්නට තිබුණේත් නෑ, ඔය කියන තැන්වල ෆොටෝ කොපි ගන්නට තිබුණේත් නෑ, තිබුනත් මට සල්ලි තිබුණේත් නෑ!

      Delete
  20. "Dell Studio "කියන්නෙ අමුතු රහකට සින්දු අහන්න පුළුවන් වැඩහටහන්ක්. නිරෝෂගෙ "පුන්සඳ රෑට" එහෙම රීමේක් කරල තිබුන හොඳට. ඒත් එක්කම චිත්‍රාල් කියන්නෙ නොම්මර එක! ඉන්ද්‍රචාප නම් මට එච්චරම ලොකු තැනක නෑ(මගේ මතය.) ඩ්‍රීම් ස්ටාර්ල් ගැන කියනව නම්, විශ්මිත සචින්ත කියල කොල්ලෙක් ඉන්නව. හොඳ වොයිස් එකක්. ඒත් එක්කම හොඳ වෙනසකුත් එක්ක වැඩේ කරනව. (දෙරණෙ සීසන් වලින් හොඳම වොයිස් එකද මන්ද? මට නම් )

    ReplyDelete
    Replies
    1. විශ්මිතත් පට්ට. ඒත් මූගේ වෙනසක් තියෙනවා.. අනිත් උන් රොක් කියන කොට අපිට කක්කා බර හැදෙනවා. උන්ට කොහොමද කියන්න දන්නේ නෑ..

      Delete
  21. මට නම් ඔක්කොමලාගේ සිංදු ලස්සණට ඇහුනා...චිත්‍රාල්ගේ 'දඹුලු ගලේ' ලස්සණයි. හර්ෂත් හොඳයි. ඔහොම තමා නුවර කොල්ලෝ හරිද?

    මම දෙපාරක්ම බැලුවා මේ මාතලන්ගේ blog එකද කියලා.... :D

    ReplyDelete
    Replies
    1. හුඟ කලෙකින් මෙහෙම එකක් ලිව්වේ නැති නිසා ලියන්නම ඕන කියලා හිතුවා..

      Delete
  22. හැමෝගෙම සිංදු මාත් අහලා තියනවා... ඒ හැම කෙනාගේම තමන්න්ටම ආවේණික ලක්ෂන තියෙනවා .. ඒ නිසා වෙනස් රසවින්දනයක් ලැබෙනවා කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමයි ළොකේ ලස්සන..

      Delete
  23. චිත්‍රාල් බුවාට සිංහල බැරිද මාතේ? මුන්ට මොන හෙනයක් ගහලද මේ?
    ලංකාවෙ ටීවී බලන්න තරම් වෙලාවක් නැති උනාට චැනල් සර්ෆ් කරන වෙලාවක ඩෙල් ස්ටුඩියෝ එකේ පුන්සඳ රෑට රෙන්ඩිෂන් එක ඇහුවා...මාරයි....දෙනිපිටියගේ පොඩි එකාත් මාර ටැලන්ටඩ් කොලු පැටියෙක්..උගෙ නෝනා ආකියෙක් නිසා මමනම් දන්නවා..
    හර්ෂ බොබ් මාලිගෙ කට් එක තියෙන සොමි බුවෙක් වගෙ ක්ලිප් එකෙන් පේන්නේ..ඌ රෙගී වර්ශන්ස් කරලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. චිත්‍රාල්ට හින්ගල බැරිද බෑ වගේ පෙන්නන්න යනවද මන්දා. මොකෝ ඌගේ සින්දුවල හරියට ප්‍රනවුන්ස් කරනවා. අළුත් එකාට නම් ඕන සින්දුවක් කියන්න පුළුවන්. ටැලන්ට් සාගරයක්.

      Delete
    3. ශෙෆෝ.....උගේ අයියා ප්‍රීමස් දෙණිපිටිය හිටියේ ඔමාන් ඇවියේෂන්.

      Delete
  24. නෝන ආකියෙක් නිසා අපට පාන් ද?

    ReplyDelete
    Replies
    1. පාන් නම් නෑ.. පොඩ්ඩක් ආඩම්බරයි නේ එහෙම උනාම..

      Delete
  25. පරණ සිංදු පරණ විදිහටම අහන්ඩ ආස කෙනෙක් මම නම්. චිත්‍රාල් සෝමපාලට වඩා හර්ෂගෙ සිංදුව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. //"'පරණ සිංදු පරණ විදිහටම අහන්ඩ ආස කෙනෙක් මම නම්""// +++++++++++

      Delete
    2. මට නම් ඕන සින්දුවක් අහන්න පුළුවන්. සමහර ගීත නම් අළුතෙන් හැදුවාම කනවා. මේක නම් ලස්සනයි.

      Delete
  26. චිත්‍රාල් කියන්නෙ රොක් කියන ශෛලියෙ උප බෙදීමක් සහිත ශෛලියක ගීත...
    මාතෙ අහල ඇති මෙට්ල් රොක් කියන ශෙලිය ගැන... චිත්‍රාල්ගෙ ශෛලිය වෙන්නෙ මෙටල්රොක්...
    ඉන්ද්‍රචාප රොක් කසුන්ගෙත් තියේ...
    හර්ෂය නං පට්ට..
    මං හිතන්නෙ චිත්‍රාල් විශේෂ වෙන්නෙ ලංකාවෙ ඉන්න මෙට්ල් රොක් ශෛලියෙ ගීත කියන එකම එකා බුවා හින්ද වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. හෙවි මෙටල්, හාඩ් රොක් කියලා ප්‍රභේද තියෙනවා තමයි. ඒ ගැන නම් වැඩි දැණුමක් නෑ..

      Delete
    2. උඹලාට මතකද නුවර හිටියා රාජු කියලා පොරක්. "තපස් රොක්" කියලා තමයි වැඩේ ගියේ. ඕවා ගැන ලියන්න අමාරුයි දුමක් නැතිව. මේ ඔක්කොම දේවල් තුලින් තමයි නදීකලා, චාපලා බිහිවෙන්නේ. රාජු වෙනස්. හැබැයි එදා රාජු කියපුදේ ප්‍රැක්ටිකල් නැහැ. මම ඔය දේවල් අත් විඳපු එකෙක් නිසා 1980 ලංකාව රොක් ගත්ත හැටි වෙනමම ලියන්න ඕන. මට රැට්ල් ස්නේක් වගේ ප්‍රොපර් රොක් බෑන්ඩ්ස් මතක් වෙනවා. හෙමින් ලියන්න බලන්නම්. මේකත් ටිකක් වෙනස් සබ්ජෙක්ට් එකක්, ලොකු සමාජීය බලපෑම් ඇති කරපු. මේක වෙනස් වගේම..මමත් ඔය කාලේ හරිම වෙනස්. අපි බලමු මේ සංවාදය යන ඉසව්ව.

      Delete
    3. රැට්ල් ස්නේක්ස් වගේ ලංකාවේ තිබුනු ප්‍රොපර් රොක් බ්‍රෑන්ඩ්ස් මතක් වෙනවා. හෙවි මෙට්ල් නිසා රොක් ආතල් එක වෙන ඉසව්වකට ගෙන ගියා කියන එකයි මගේ මතය. ඒ තමයි ගංජා වලින් එහාට ගිය කෙමිකල් ආතල් ( LSD වගේ) ලෝකයට ඇතුලුවෙන කාලය. මට හෙවි මෙට්ල්ස් අමාරුයි එදාත් රස විඳින්න. මේක ලොකු සබ්ජෙක්ට් එකක්. හැබැයි ආසයි කතා කරන්න.

      Delete
    4. //මං හිතන්නෙ චිත්‍රාල් විශේෂ වෙන්නෙ ලංකාවෙ ඉන්න මෙට්ල් රොක් ශෛලියෙ ගීත කියන එකම එකා බුවා හින්ද වෙන්න ඕන//

      මචං මෙට්ල් රොක් කියන එකම එකා ඌ නෙමේ. වයිල්ඩ් ෆයර් එකේ ඩෙරික් වික්‍රමණායක කියන්නෙ ලන්කාවෙ ඉන්න පට්ටම හෙවිමෙටල් රොක් සින්ගර් එකෙනෙක්. උන්ගෙ බෑන්ඩ් එකේ හිටපු අනික් එළ බුවා සාෆි. පස්සෙ කඩාගෙන ගියා කියල ආරංචි උනා. ප්‍රසිද්ධ උනේ නැති උනාට ටී වී වලට නාවට තව ක්ලබ්වල සින්ග් කරපු එළ සෙට් එකක් හිටිය, උන් කවදාවත් එච්චර එළියට ආවෙ නෑ.

      Delete
    5. ඉන්දික......අපි නොදකින තව රාශියක් වැඩර්ලා ඉන්නවා ලාංකීය සංගීත කමතේ. ඕක හුළං කරලා බොල් අයින් කරන එක තමයි මේ කතිකාවත් තුල වෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි බ්ලොග්ස් අවම වශයෙන් හෝ හිත යොමු කරන්න ඕන. සංගීත ශානරය නැත්නම් ජොන්‍රේ එක නෙමෙයි වැදගත්. ඒ ඒ ශිල්පියා තුල ඇති හැකියාව. එදා තිලක් ඩයස්ලා ඒ කාලයේ කරපු වැඩ කවුරුත් අගය කලේ නැහැ. නමුත් අද ඒ මිනිසුන් ගැන නදීක ගුරුගේලා ආපහු කියනවා. අපි ඒ වගේම මුත්තුසාමි , රොක්සාමි, චන්ද්‍රසේන මාස්ටර්ස්ලා ගැනත් කතා කරනවා. සංගීතය කියන විශ්ව භාශාව ඇතුලේ ශානර තිබුනත් අපි ඒ හැම දෙයකම ප්ලස් තැන අල්ලන්න ඕන කියන එකයි මගේ මතය. මාතා ඇරපු මේ ෆෝරම් එක හරිම වැදගත්!!

      Delete
    6. ඔය තපස් රොක් කට්ටියයි, රැට්ල් ස්නේක් සෙට් එක නම් යාන්තමට මතකයි. ඉන්ගිරිසි උන්ගෙත් ඔක්කෝටම ආස නෑ.. මගේ කැමතිම ගීතයක් තමයි ගන්ස් ඇන්ඩ් රෝසස්ලගේ , නොවෙම්බර් රේන්

      Delete
    7. අරූ,

      ඔව් මිරාජ් කියන්නෙත් ඒ වගේ නැගල ගිය රොක් බෑන්ඩ් එකක්. ලංකාවෙ එහෙම බෑන්ඩ් වල සින්දු කියපු, ඒ අස්සෙ සිංහල සින්දු එකක් දෙහෙකුත් කියපු වැඩ්ඩො තව කොච්චර ඉන්නවද. මගේ ගාව තීනව ලොස් කැබරෝස්ල රොක් කරපු සී ටීගෙ " රන්වන් රන් කෙඳි පීරාලා" කියන සිංදුව. මාර වෙනස්, මාරම රසයි. ඒත් ඒ කාලෙ දරුණුවට බැනුම් අහපු, සී ටී නඩුත් දාන්න ගිය තරම් අවුලක් උන සින්දුවක්ලු. බලන් ගියාම ඔය අවුල කවදත් තිබිල තීනව.

      Delete
    8. මචං...මිරාජ් කාලයක් ඔමාන් ඇවිත් රෙසිඩන්ට් බෑන්ඩ් එකක් හැටියට එහෙ හොටෙල් එකක ගැහුවා. බෙන්ජි රනබාහු, කුමාර් පීරිස්, මට හොඳට මතකයි. තව අමතක කරන්න බැරි සෙට් එකක් කොලොන්නාවෙන් ආවා ඇපල් ග්‍රීන් කියලා. මගේ වයිෆ්ගේ ගම සහ යාලුවෝ. ඔක්කොම කොලොන්නාවේ අය උදය වැලිකල, ජයා, ලීඩර් හිටියේ පෝලියො තිබුනු ටොප් බේස් ගිටාරිස්ට් කෙනෙක්. බලපන් මට නම මතක නැහැ.( රොහාන් මෙන්ඩිස්)....තව මැලේ කොල්ලෙක් හිටියා. ලියන්න තව බොහෝ දේවල් තියෙනවා. හැබැයි මම යන්න ඕන.

      Delete
    9. ඇපල් ග්‍රීන්, මිරාජ්, පර්පල් රේන්. පිස්සු හැදෙන ටැලන්ට් බුවාලා ටිකක් උන්නේ ඒ කාලේ. එතකොට නොයෙලීන්, මනිලාල්, ඩෙරික්, ත්ව හැට හුටාමාරක් උන්නා අද නම් වෙස්ටන් උන් වැඩියේ ෆේමස් නෑ. මොකෝ වෙස්ටන් පුළුවන් උනුත් දැන් මොකක් හරි වීඩීයෝ කෑල්ලක් එක්ක කුණුහබ්බයක් කියලා කීයක් හරි හොයා ගෙන නිකන් ඉන්නවා. උන්ට පැවත්මකුත් නෑ. සංගීතයට පැවත්මකුත් නෑ..

      Delete
    10. දැන් බලන්න ලංකාවෙ හොදම ගිටාර් වාදකයා විදියට බොහෝ අය පෙන්වන්නෙ මහින්ද බණ්ඩාර නමුත් නාවික හමුදාවෙ ඉන්න ජූඩ් පීරිස් වගේම හවායන් ගිටාර් සූරයා අමරනාත් ගැනත් දන්නෙ කීයෙන් කී දෙනාද ? ඒ දෙන්නා බණ්ඩාරට වඩා ඉදිරියෙන් ඉන්න අය...

      Delete
    11. මම නම් අහලා නෑ කවුරුත් එහෙම කියනවා. එහෙම කියනවා නම් එයා ලංකාවේ මියුසික් නොදන්න කෙනෙක් වෙන්න ඕන. අළුත් කොල්ලෝ ඉන්නවා ගීටාර් එක නිකන් සිතාර් එක වගේ ගහන උන්.

      Delete
  27. චිත්‍රාල්ට වඩා ඩ්‍රීම් ස්ටර් කියන එක ලස්සනයි.හැබැයි අර චිත්‍රාල් කියන සින්දුවේ අලුත් සංගීත සංයෝජනයට මම ගොඩක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. අළුත් සංගීතය නිසා තමයි ඒක ලස්සන.

      Delete
  28. එළ පෝස්ට් එක. පප්පා උනත් මාත් ආසයි කොල්ලෝ වගේ රොක් වෙන්න.

    ඇවිත් යන්න පප්පගේ පැත්තෙත්

    http://pappagecartoon.blogspot.com/2014/05/hi.html

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගියා... ඇන්දට වඩා හොඳ ලිව්වා නම්...

      Delete
  29. අනාගත වාක්‍යය හරියයිද කියලා අපිත් බලාගෙන ඉන්නවා හොදේ.........................

    ReplyDelete
    Replies
    1. ඌට පිට රටක හරි ෆියුචර් එකක් තියෙයි..

      Delete
  30. ක්ෂේත්‍රයට එන්න අනුන්ගේ ගීත ගායනා කලාට ,ඉන් පස්සේ දිගටම ඒ ගීත තමන්ගේ වගේ ගායනා කිරීම මමත් අනුමත කරන්නේ නෑ. අනුන්ගේ ගීතයක් ගායනා කරනවානම් ඒ පිළිඹඳ සඳහන් කිරීමට තරම් නිහතමානී විය යුතුයි. නමුත් මේ පාරිභෝගිකවාදී සමාජයේ ඒ තරම් දෙයක් බලාපොරොත්තු වෙන්නට බෑ. මොකද අවසානයේ සියල්ලන් වෙළෙන්දන් නිසා .

    සැබෑ දක්සයෙක්නම් ඔහු ඉදිරියට අනුන්ගේ ගීත වල එල්ලී ඒවා වෙනස් කරනවාට වඩා තමාගේ හැකියාවෙන් ඉදිරියට යයි , ශිහාන් මිහිරංග හොඳ උදාහරණයක් , ඔහු අනන්‍යතාවයක් ගොඩනගා ගත්තාට පසුව අනුන්ගේ ගීත විකෘති කිරීමට යන්නේ නෑ.

    දනොෂ් විශිෂ්ටයෙකු බව ඔහු විසින් ඔප්පු කල යුතුයි , ඒ ඔහුගේම වූ නිර්මාණ වලින් මිසක් කාගෙන්වත් සොරකම් කල ඒවායින් නොවේ .

    ReplyDelete
    Replies
    1. @ ඉවාන්.......ඔන්න ඕක තමයි තියෙන එකම කරුමේ. එහෙම වෙනසක් කරගන්න ට්‍රයි කරන්නේ නැහැ අනුන්ගේ සිංදු කිය කිය එක තැන කැරකෙනවා. ඩුමාල් වර්ණකුලසූරිය මම දැකපු වෙනස් එකෙක්.

      Delete
    2. මෙහෙමයි ඉවාන් සින්දුව කියන්න අවසරයක් ගත්තාම ඇති. ඕක සින්දුව කියන කියන සැරේට කියන්න ඕන නෑ. දැන් ඔය් අගජමන් නෝනා කියපු සින්දු, අන්දරේ කියපුවා, කරත්ත කාරයෝ කවි කාරයෝ කියපුවා එවා කිව්වේ අහවලාය කිය කිය ඔය ප්‍රබුද්ධ අයවත් කියන්නේ නෑ නේ. ඒක යුතුකමක් මිසක් කරන්නම් ඕන දෙයක් නෙමෙයි.

      කොහොමත් තමන්ගේ ගීතයක් නැත්නම් එහෙම අයගේ පැවැත්ම බොහෝම අඩුයි.

      Delete
  31. නොස්ටැල්ජික් මැන්ටල් බුවාල කැමති පරණ සින්දු ඒ වර්ෂන් එකෙන්ම අහන්න තමා. මාත් ගොඩක් සින්දු අහන්න කැමති ඔරිජිනල් වර්ෂන් එකෙන්. ඒත් සමහර ඒව තීනව රී මේක් කලාම හොඳට වදින. අර සිත හඬයි අලුත් වර්ෂන් එක මට පරණ එකට වඩා හොඳයි. ඒ ඉතින් එක එකාගෙ ටෙස්ට් එක අනුව තමා.

    සංගීත් රඟහල සින්දුව රීමික්ස් කරාම ඒකෙ වෙන රසයක් තිබ්බ. මම ඒ වැඩේට කැමතියි. නමුත් මිනිහ ඒක කල විදිය වැරදියි. ඒ වගෙම ඉරාජ් නඩු දාපු "මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ" එකත් වෙන්ස රසක් තීන වැඩ.

    ඔය ඔක්කොටම කලින් ඇමරිකාවෙ ගිහින් ඇවිත් තම්න්ගෙ සින්දු රැප් කෙරෙවෙ දයාරත්න, අමරා ජෝඩුව. හැබැයි ඒවනම් අනිතිම බාලයි, මෙලෝ රහක් නෑ. ඒත් ඉතින් කවුරුත් ප්‍රසිද්ධියෙ බැන්නෙ නෑ මොකද ලොකු පොරවල්, ලංකාවෙ පළවෙනි සංගීත මහාචාර්ය වරිය වගේ සිවිල් බලය තිබ්බ නිසා.

    චිත්‍රාල්ගෙ හඬ ඔච්චර හොඳ එකේ මීටවඩා වටින දෙයක් සිංහලෙන් කරානම් හොඳයි කියල හිතෙනව, අම තාත්තගෙ ඒව නැතුව. මොකද අම්ම තාත්තගෙ උනත් ඒව දැන් ජනතාවට අයිති කලා නිර්මාන නිස.

    මොනා උනත් උඹ කරපු මේ අගේ ඇති වැඩේ ගැන සතුටුයි. මොකද මේ ගැන සමාජයෙ කතාවක් වෙන්න ඕන. ඒක වටිනව.

    ReplyDelete
    Replies
    1. ඉන්දික......ගීතයෙ මුල් හිමි කරුවන්ගේ අවසරය මත රිමික්ස් බැරිනම් ඕන දෙයක් කරගත්තාට කමක් නැහැ. වැඩේ වෙලා තියෙන්නේ මේ කිසිම දෙයක රෙස්පෙක්ට් එකක් නැතිව ඒවා තමන්ගේ කරගන්න යන එකනේ. හරියට කවුරුහරි ලියපු පොතක් ,අළුත් පිට කවරයක් දාලා තමන්ගේ නම ගහගන්නවා වගේනේ. ඕවා බ්ලොග්ස් ඇතුලෙත් වුනානේ.

      අනිත් එක තමයි...මුදල් අරන් අනුන්ගේ සින්දු වේදිකාවේ ගයන එක. ඒක නම් අන්තිමයි. හැබැයි ඔය වැඩේ කරන්න කට්ටිය බය වෙයි දැන්, ජොලිසීයා ගත්ත නීතිමය තීන්දුව නිසා. ඒක හොඳයි.

      අමරා-දයාරත්න ඇමෙරිකාවෙ ඉඳන් ඇවිත් ඒ සින්දු සෙට් එකම කෑවා. ඒක ඒගොල්ලෝ තමනටම කරගත්ත හානියක්. ඒක මම මුලින්ම ඇහුවේ හෝමාගම හන්දියේ බාබර් සාප්පුවක කොන්ඩේ කපන ගමන් .බොහෝම ඉස්සර. කොන්ඩේ කපන මාතුපාලත් බැන්නා ඒක අහලා. නමුත් අද ඒ වර්ශන්ස් අහන්නවත් නැහැ. වැඩේ හොඳනම් ඉතිරිවෙයි. නැත්නම් අහකට යයි.

      සමහරු කැමතියි තමන්ගේ ගීත දෙන්න (සුනිල් පෙරේරා) සමහරු අකැමතියි. ඒ දෙකටම රෙස්පෙක්ට් කරගෙන වැඩේ කරනවා නම් ගානක් නැහැ. හැබැයි අර්තයටයි, මුල් තනුවලටයි හානියක් නොකර.

      ඉන්දික දෙරණ හීන ස්ටාර් බලන්න. අතුල අධිකාරි එක්ක එකතුවෙලා ලස්සන වැඩ ටිකක් කරනවා මේ පුංචි කොල්ලෝ සමහරක් දෙනා. මට නම් හරි ආස හිතෙනවා මේ ළමයි ගැන. ඔක්කොම නෙමේ.

      Delete
    2. දයාරත්න අමරා විතරක් නෙමෙයි, ගුණදාස කපුගේ, සනත් නන්දසිරි ඔක්කෝම ඒ සන්ෆ්ලවර් රැල්ලේ ගියා. අනිතීමට ඒවා බල්ලොත් ඇහුවේ නෑ. අපේ උන් නොදන්න දෙයක් තමයි වේදිකාව කියන්නේ වෙනම තැනක් කියන එක. විටීගෙම සින්දු ඌට තියෙනවා. ඒත් ඉතින් ඌගේ අම්මගේ තාත්තගේ ඒවා ඌ කියනවා ඇර. ඌගේ බාප්පගේ ඒවා කියන්නය.

      නව පරපුරට නම් අළුත් නිර්මාණයක් එක්ක එන්නේ නැත්නම් පැවැත්මක් නෑ. නැත්නම් ඉතින් ඒවා වල්ග තරු තමයි...

      Delete
    3. මචං ඔය සන්ෆ්ලවර් කේස් එකයි දයාලගෙ එකයි දෙකක්. දයාල රැගේ පාරක් දාල ගත්ත තමන්ම, තමන්ගෙ සින්දුවට, නැතුව අරුන් වගේ වෙන බෑන්ඩ් එහෙකට කිව්ව නෙමෙයි. ඒක නියම විදියට කරපු මුල්ම සින්හල රීමික්ස් එක කිව්වත් හරි. වැඩේ තීන්නෙ ක්‍රමේ හරි උනාට වැඩේ අල වෙච්චි එකයි.

      Delete
    4. මට මතකයි උඹ කියන එක. අර මැද්දේ හරියේ ඉන්ගිරිසි හින්ගල රැප් කෑළී ගිය ඒවනේ. ඒ කාලේ හැම එකාම ඕක කරා. ඒත් බල්ලොවත් ඇහුවේ නෑ.

      Delete
  32. අයියෝ ඉතින් මේ හොඳ හොඳ එව්වා මෙව්වා අපිට ඉතින් මිසින් නේ මෙයා

    ReplyDelete
    Replies
    1. ඇයි බං අන්තර්ජාලෙන් බලන්න පුළුවන් නේ..

      Delete
  33. තරගයකදි අනුන්ගෙ ගිත කිය්නව කියන එකෙ කිසි වැරද්දක් නැ.එකට අලුතින් යමක් එකතුකරල නැත්නම් වෙනසක් කරන්න ට්‍රයිකලත් කමක් නැ.හැබැයි මුදල් උපයන්න නම් කරනකොට මුල් හිමිකරුවන්ගෙ අවසරය නොගෙන කරනවනම් තනි වන්චාව.අර කොල්ල නියෙමෙට කියනව කියල මටත් හිතුන

    ReplyDelete
  34. සිංදුවක අයිතිය තියෙන්නේ ගායකයට විතරද? කොහොම හරි නිර්මාණකරුවෝ ජීවත්ව ඉඳිද්දී ඒවා විකනගෙන කනවනම් ඒක හරි නෑ, නමුත් ඒකත් එතිකල් ඉෂූ එකක් විතරයි. ඔය විදියට අපිට පාටියකවත් සින්දුවක් කියන්න බැරි වෙනවා.

    ReplyDelete
  35. සින්දුවක අයිතිය පද රචකයාට යි. වත්මන් නෛතික තත්ත්වය අනුව.

    ReplyDelete
    Replies
    1. පදරචකයාට සහ තනු නිමාපකයාට යන දෙදෙනාටම නීතියෙන් .. ඇත්තෙන්ම ලංකාවේ නීතිය අනුව ගායකයාට ගීතය ගැන කිසිම අයිතියක් නෑ , එත් ගීතයෙන් වැඩිපුරම හම්බ කරන්නේ ගායකයා , කතෘ භාග ගෙවන්නේ නෑ. එක නිසා මේ සදාචාරාත්මක පැති නවකයින් පමණක් නොව ප්‍රවීනයන් පවා තැකීමක් කරන්නේ නෑ,..

      අවසානයේ දී දක්ෂයෙක් නම් තමන්ගේ දෙයක් කල යුතුමයි ,නැත්නම් පැවැත්මක් නෑ. බොහෝ තරු වලට අකාලයේ නිවී යන්නට වුනේ ඒ නිසාවෙන් තමයි . නමුත් අනන්‍යතාව ගොඩනගාගත් තරු නොවන අය පවා අදත් දිලෙනවා

      Delete
    2. ස්තූතියි නලීන් දැණුවත් කිරීමට.

      Delete
  36. වරක්ගෙ අර ගීතය සංගීත් විනාස කලා ඕං මගෙ මතේ... මට ඌත් එපා උගෙ සිංදුත් එපා..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ ගීය වත්මන් පරපුරට හඳුන්වලා දුන්නේ සංගීත්. ඕක ඒ කාළේවත් ජනප්‍රිය ගීතයක් නෙමෙයි.

      Delete
  37. ඇඟ හිරිවැටුනා.
    සිරාවට මේකා ගේම ඉල්ලන්නේ ලංකාවේ ප්‍රවීණ රොක් ගායකයින්ගෙන් මිසක් ඩ්‍රීම් ස්ටාර් සෙට් එකෙන් නෙවෙයි.
    සාමාන්‍යයෙන් රොක් සංගීතය ගැන කිසිම පැහැදීමක් නැති මාව ග්‍රහණය කරගන්න මේ කොල්ල සමත්වුනා.
    කිසිම දවසක රොක් ගීතයක් අවසන් වෙනකම් නොබලපු මම විනිශ්චය මණ්ඩලයේ කොමන්ට් ටිකත් ඉවරවෙනකම්ම බැලුව.

    හැබැයි දඹුලුගලේ කියද්දී චිත්‍රාල් නානවා.

    ReplyDelete
    Replies
    1. චිත්‍රාල් නාන එක පෙන්වන්නයි, අළුත් එකාගේ ටැලන්ට් එකයි පෙන්නන්න තමයි ඔක්කෝම වීඩීයෝස් දැම්මේ. ඌ ආධුනික ගායකයෙක් නෙමෙයි. පට්ට ටැලන්ට් බුවෙක්.

      Delete
  38. මේකෙ හර්ශ ගැන චිත්‍රාල් ගැන කතා කළානෙ.මම දැකපු දෙයක් කියන්නම්.මේ සිදුවීම වටා විදපු දෙයක් ඒක.ඉන්ද්‍රචාප කියන්නෙ සෞම්‍යගෙ මල්ලි.හේමසිරි ලියනගේ ගෙ පුතා.බලන්න මේ හැදෑරීම් එක්ක හේමසිරිල ඒ කාලයත් එක්ක හිටපු තැන මේ ලෝකයට සාපේක්ෂව සෞම්‍ය සහ ඉන්ද්‍රචාප හිට ගන්න හැටි.හැබැයි හුගක් අයට මෙයාව දිරවන්නෙ නැහැ.සමහර වෙලාවට ඒක වෙන්නෙ හේමසිරිටත් සෞමයයටත් වඩා සමහර විට ඉන්ද්‍රචාප තමන්ගෙ පෙනී සිටීමට අවංක නිසා වෙන්න ඇති.ඔය මාධය ඇතුළෙ ඉන්න ගොඩක් අය ඉන්නෙ තමන්ගෙ අවංක එක අකමැත්තෙන් වගේ කපා දාලා තමයි.හැබැයි චාප වගේ එකෙක් දැක්කම ඒක ටියුන් වුණාට උන්ගෙ හෙළුව පේන එක වහ ගන්න මාධ්‍ය ආයතන වෙනුවෙන් ගොඩක් වාරණ ගේන්නෙ ඒවයෙ අයිතිකාරයො නෙමෙයි.අයිතිකායො හිතන හැටි මෙහෙමයි කියල හිතන ඒවයෙ ඉන්න කට්ටිය.
    ලව් එකත් එක්ක විවාහයත් එක්ක සින්නක්කර අයිතීන් හදා ගන්න භෞතික වටපිටාවක දෙන්න දෙපැත්තට වෙලා ඉන්න අතුල සහ සමිතා කිසිම ලිංගික කුහකකමකින් තොරව කරන සුහදශිලී ගණුදෙනුව මේව මාකටින් වෙන්න පුළුවන්.ඒ වුණාට පස්සෙ වෙන් වුණාට පස්සෙ ඔය විදිහට සෙට් වෙලා ඉන්න දෙන්නෙක් දැක්කෙ අතුලයි සමිතායි වතරයි.ඒ නිසයි එ්ක ලිව්වෙ

    ReplyDelete
    Replies
    1. නිශ්මං.....හොඳ අදහසක්!! මෙහෙමත් දෙයක් කියන්නම්. හේමසිරි ලියනගේ ඒ කාලයේත් බොහොම විවෘත මනසකින් ලෝකය දිහා බලපු නිර්ව්‍යාජ මනුස්සයෙක්, අනිත් බොහොමයකට වඩා.

      Delete
    2. ගීතය ගැන නොව වෙනත් මානයක සමාජ දැකමක්.. එකඟයි සහෝදරයා..

      Delete
  39. නදී ගංගා තරණයේ නම් පට්ටම සින්දුවක්...ඒ උනාට සෑහෙන වාර ගනනාවක් අහලා කනේ තියෙන දඹුලු ගලේ ගීතයේ අලුත් ආර මට නම් සෙට් වෙන්නෙ නෑ...සිංහල වචන උච්චාරණය කරන්නෙ හරිම අමාරුවෙන් නෙ...හැබෑටම චිත්‍රාල්ට සිංහල කථා කරන්න බෑද ?

    ReplyDelete
    Replies
    1. මට අවශ්‍ය උනේ චිත්‍රාල් ගැන කතා කරනවට වඩා අළුත් එකා ගැන කතා කරන්න. චිත්‍රාල්ට සිංහල බැරි වෙන්න විදියක් නෑ. දෙකේ දෙකේ පොල්ලකින් ගහලා තමයි චෙක් කරන්න වෙන්නේ.

      Delete
  40. හර්ෂ ධනෝෂ් හට මෙම පෝස්ටුව පෙන්වූවෙමි.

    ReplyDelete
  41. "මොකද සිරසෙ වගේ, දෙරණේ එහෙම කොම්පැණි ඇජෙන්ඩා එකක් නැති නිසා."
    සිරසෙ තරම් නම් නිර්ලජ්ජිත විදිහට කොම්පැණි ඇජෙන්ඩාවක් නැති බව ඇත්ත උනත්, දෙරණෙත් ඕක නැත්තෙ නෑ! දෙකම ගැන අත්දැකීමෙන් කියන්නේ! :)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න