.

.

Jun 9, 2014

හිතවතුන්ට ගරු කිරීම - Respect to my Friends


මාගේ හිතවතුන්ට ගරු කිරීමක් ලෙස. කලින් පළ කොට තිබු පෝස්ටුව සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදි. මා පළකලේ මගේ අවංක අදහස පමණි. ඒ මාගේ ක්‍රමයයි. ඇත්ත...., කලින් ඇනෝ කොමෙන්ටුවක්ද ඉවත් කලෙමි. මා මේ බ්ලොග් එක ආසාවෙන් ලිවීමට එක හේතුවක් වන්නේ, ඒ සඳහා ලැබෙන කොමෙන්ට්ස් ප්‍රමාණය හා ඊ මේල් ප්‍රමාණයයි. එමගින් ඇතිවූ මිතුරන්ද විවිධාකාරය. එහෙත් කීප දෙනෙකුගේ අදහස් වලට ගරු කිරීමක් ලෙස, එය ඩිලීට් කර දමන ලදි.

කිසියම් හෝ කෙනෙකුන්ට ඒ මගින් සිත් රිදවීමක් වූවා නම්. සමාව අයදිමි. වඳින්න යන දේවාල, හිසේ කඩා වැටෙනවා කියන්නේ මේවාටය. මිය යන තෙක්, අප ඉගෙන ගනිමින් සිටින්නෙමු.

Sorry.....!!!

Thousand Apologies...!!!

62 comments:

  1. :O

    ඒ මක්කැයි උනේ?

    ReplyDelete
    Replies
    1. කකාගේ පෝස්ට් එක කියවලා පුළුවන්නම් උදව්වක් කරන්න...

      Delete
  2. අයියෝ... කියවන්න බැරි උනානෙ ඒක

    ReplyDelete
    Replies
    1. කකාගේ පෝස්ට් එක කියවන්නකෝ....

      Delete
  3. මාතා.....මම කිව්වේ මට දැණුනු දේ...උඹ ලිව්වේ උඹට දැණුනේ දේ...හිත් රිදවීමක් වුනා නම්, එහි පංගුකාරයෙක් වීම පිලිබඳ මගේ හිතද රිදවයි. මමත් මිය යන තෙක්ම ඉගෙනගන්න එකෙක් නිසා..මා ලියු දේ පිලිබඳව මට සොම්නසක් මිස වරදකාරි සිතුවිල්ලක් ඇති නොවේ. උඹ මා කියනා දේ පිලිබඳ විචිකිච්චාවක් ඇති කරගැනීමට තරම් කුහකයෙක් වත්, පටු චින්තකයෙක්වත් නොවන බව මම සිතමි. උඹේ අවංකත්වයට මම ගරු කරමි!!!!!

    ReplyDelete
    Replies
    1. ඒක තියලා තියනවට වඩා අයින් කරන එක හොඳයි කියලා මටම හිතුනා..

      Delete
    2. මං මාතලන් ගේ ලිපිය ඊ-මේල් එකෙන් කියෙව්වා. එය අයින් කලේ අරූ එකතු කළ මා නොදුටු කඟෙන්ටුවක් නිසා නම්, මට එය ගැනත් යම් අදහසක් හිතාගන්න පුළුවනි.

      නාට්‍යය කිරීම ගැන සහ පවුලේ ප්‍රමුඛතා ගැන මාතලන් තම අදහස් පල කිරීමේ වරදක් නෑ.

      මගේ ලිපියෙන් මා කළේ, නිස්මං ගේ ඉල්ලීම තිබූ තැනට පාර කීම පමණයි.

      එමගින් ඔහු ගේ අවශ්‍යතාවය ගැන අවධානය යොමු කළා. ලිපිය පලකරන්නට ඵෙර මා ඔහු සමග විනාඩි කිහිපයක් කතා කළා.

      ඔහුගේ ඉල්ලීම මගේ වචනවලින් කියන්නට නොයෑම නිසා ඔහු නොකියන දෙයක් මා අතින් ලියවීමට තිබුණු ඉඩකඩ ඇහිරුණු නිසා එමගින් මා අතින් වරදක් ඇතිවීමට ඇති ඉඩකඩ අහෝසි වුණා කියලයි මට හිතෙන්නේ.

      Delete
    3. ඔබ හරි කතා. ඔබ කළ දේ මම කළේ නෑ. මොකෝ අපේ හයළුවත් අතර එහෙම සිරිතක් නෑ. ඕන එකක් කෙලින් කතා කරනවා. ඒත් මෙතන මම කළේ වරදක් කියන හැඟිම මට ආවා.. ඒකයි සම්පූර්ණයෙන්ම ඉවත් කලේ..

      Delete
  4. Replies
    1. එතිකල් නෑ කියලා හිතුනා මචෝ.. එච්චරයි...

      Delete
  5. මං උදේම ෆෝන් එකෙන් බලලා දැන් ආවා මදැයි කොමෙන්ට් කරන්න, ඒකට සම්බන්ද වෙන්න විස්තර අහන්න. හ්ම්ම්,,

    ReplyDelete
    Replies
    1. කකාගේ පෝස්ට් එක කියවන්න. එතන ඔක්කෝම විස්තර තියෙනවා..

      Delete
    2. කකාගේ බ්ලොග් එකේ මොනා බලන්නද අපි ඒක බැලුවා ඊයේ :(

      Delete
  6. ??????????????????????????????
    මේ මොකද්ද

    ReplyDelete
    Replies
    1. මොකක් වගේද උඹට පේන්නේ..... :) :) :)

      Delete
    2. තේරෙන්නෙ නැහැ මචං රිහසල් ඉවර වෙලා ගෙදර ඇවිත් බැලුවම මේක දැක්කෙ

      Delete
    3. එහෙනම් කිසි අවුලක් නෑ මචෝ..

      Delete
    4. නිශ්මන්ගෙ ඊය දාපන් මේකෙ මල්ලි පුරස්නයක් අහන්න

      Delete
  7. මචං මාතලන්.......

    අපිත් කලින් ලිපියට කමෙන්ටුවක් දැම්මා... ඒක කතන්දරගේ බ්ලොගයෙත් කලින් දැක්කා... නමුත් එහිදී අපි නිහඩව හිටියා. තේරෙන්නෑ අදහස් දැක්වීම සුදුසු වෙයිද කියලා... මොක ද ඒක හැම පැත්තකට ම බලපාන නිසා. මේ ගැනත් දැනට නිහඩව ඉන්නම්... වරදක් හිතන්න එපා.. පසුව ඊයක් විදින්නම් මේ ගැන... දැනට ඇති...

    අනික මචං මේක සංවාදයක් වෙනවා කියන්නේ යම් ගැටළුවක් ඇති වෙයි. පුළුවන් නම් මේකේ කමෙන්ටු අයින් කරලා.. කමෙන්ට් කරන්න බැරිව තියපන්...

    ReplyDelete
    Replies
    1. මම ගැටළුවලට බය මිනිහෙක් නෙමෙයි. ඒත් ඒක අප්සට් කියලා මටත් හිතුනා..

      Delete
  8. මං දැම්මෙ මගෙ අදහස මචෝ.... කොහොමත් මම වාචාල විදියට කලාකාරයො & නලාකාරයො ගැන පෝස්ට් එකක් දානව ... මගෙ කමෙන්ට් එකෙන් ඔබට අපහසුතාවයක් වුවා නම් සමාවන්න....

    ReplyDelete
    Replies
    1. උඹ කියපු දේම නේ මාත් කිව්වේ.. ඒකේ කේස් එකක් නෙමෙයි මචෝ...

      Delete
  9. මේ වගේ වෙලාවට අහන්න හිතෙන්නේ අපි පිස්සු නැටුවාම උඹ අපෙන් අහන දේම තමයි . "තොට පිස්සුද .......තෝ " කියලා

    ReplyDelete
    Replies
    1. නෑ මචං සමහර උන් කියපු ඒවල් ඇත්තක් තිබුනා..

      Delete
  10. හෙමින් යන්න. එතකොට හුඟක් දුර යන්න පුළුවන්. අපි ඔක්කොම ලියන මේ දේවල් දිහා තව අවුරුදු 10 කට පස්සේ බලන්න පුලුවන්නම්. අපි ඔක්කොටම මීට වඩා කලකිරීමක් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. කිසිම කලකිරීමක් නෑ. සමහර උන් කියපු දේ ඇත්ත කියලා හිතුනා. මම කවදාවත් මම 100% හරි කියලා හිතන්නේ නෑ මචෝ...

      Delete
  11. ඒ ලිපිය කියවන්න බැරි උනා. ඒක නිසා මොකවත් කියන්න බෑ. වරදක් නිවැරදි කරගන්න එක ඉතින් නරකයි කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සමාව ගන්න එකත් වැදගත් දෙයක්නේ...

      Delete
  12. වුණ දේ හරියටම තෙරුණෙ නැති වුනත් මං අරූ ගේ කමෙන්ටුව දැක්කා ,මාතලන් මෙවැනි දෙයක් කිරිම මට නම් හිතා ගන්න ටිකක් අමාරුයි ,එත් මොනවා කරන්න ද කොම වුනත් ඉන්නවා නම් දාන හැම පොස්ටුවකටම කමෙන්ටු දානවා ,..

    ReplyDelete
    Replies
    1. කා අතින්ද බං වැරදි සිඳු නොවෙන්නේ..

      Delete
  13. අයියෝ.. ඩිලීට් කරපු ලිපිය මට මිස් වෙලානේ... :(

    ReplyDelete
  14. දැන් ඉතින් අපි මෙලෝ හසරක් දන්නේ නෑනේ ඉතින්...

    ReplyDelete
    Replies
    1. දැණුවත් නැති එකත් බොහොම වටිනා දෙයක්...

      Delete
  15. delete කරපු එක මොකක්ද කියල තමා දැන් අහන්න වෙන්නෙ ??

    ReplyDelete
    Replies
    1. පොඩි බුලක් කෙලියා මචෝ..

      Delete
  16. මාතලන් ඩිලීට් කරපු එක මාගේළඟ තියෙනවා ඕන කෙනෙක් ඉන්නවනම් මට මේල් එකක් දාපියව් :)

    ReplyDelete
    Replies
    1. කීයද ගාන , අර ප්ලේන් එක උස්සලා විකුනපු එකාට පොස්ට් එකත් කජ්ජක්ද?

      Delete
    2. ඉවාන් උබ බිලද ඉන්නේ එකට සැට් වෙලා හොරෙන් කරපු වැඩ මෙතන එළිපිට කියන්නේ

      Delete
    3. උඹට කරන්න පුළුවන් ළොකුම උදව්ව තමයි මම ඩිලීට් කලා වගේ උඹ ළඟ තියෙන එකත් ඩිලීට් කරලා දාන එක.

      Delete
  17. අම්මට සිරි... මේ සම්බන්දව පොලිස් මාජ්ජ ප්‍රකාසක තුමා මොනව කියයි ද දන්නෙ නැහැ...

    ReplyDelete
    Replies
    1. "අපි දැනටම මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තියෙනවා… ඒ වගේම මේ මාතලං පිළිබදව අපි පුළුල් පරික්ෂණයක් කරගෙන යනවා. ඔහුම කියනා පරිදි ඔහු මංකොල්ලකරුවෙක් නිසා අත්අඩංගුවට ගත යුතු උනත් දේශප්‍රේමියෙක් නිසා අත්අඩංගුවට ගැනීමේ පොඩි ව්‍යාකූල තත්වයක් ඇති වෙලා තියෙනවා.… අපි මේ පිළිබදව සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තියෙනවා.……

      කෙසේ උවත් මේ වන අපේ අවම බලය භාවිතා කරලා විට නීතිය සහ සාමය ස්ථාපනය කරලා තියෙනවා……… "

      ඕන්න ඔහොම කියයි බං. :) :)

      Delete
    2. සා රසට මම දෙන්න ඕනා උත්තරේ ප්‍රියා දීලා නේ.. පට්ට කොමෙන්ට් එක ඒක...

      Delete
  18. මොකක් නමුත් වෙලා තියෙන පාටයි. කලින් පෝස්ට් එක කියෙව්වා. ඒකට කමෙන්ටුවකුත් දැම්මා. අනිත් හැම කලාවෙම වගේ මේ බ්ලොග් කලාවෙත් හිත රිදෙන තැන්, කළකිරෙන තැන් ඕනිතරම් තියෙනවා. ඇවිත් ගෙවුන ටික කාලෙට ඒක හොඳට තේරුණා. අපි මේ කොටන හැම අකුරක්ම එක පාරක් දෙපාරක් නෙවෙයි, දහ පාරක් විතර හිතලයි කොටන්නෝනි. මගේ එක වචනයක් හරි තව කෙනෙක්ගෙ හිත රිදවනවනම්, ඊට හොඳයි මොකුත් නොකිය ඉන්නෙක.

    ReplyDelete
    Replies
    1. අප්සට් එකක් නෑ.. කීප දෙනෙක් කියන්නත් කලින් මටත් හිතුනා මම කළේ හොඳ දෙයක් නෙමෙයි කියලා.. කිසි අවුලක් නෑ මෙයා..

      Delete
  19. අයියන්ඞි මම දාපු කොමන්ටුවට නම් අවුලක් වෙන් හිත රිදෙන්න විදිහක් නෑ. මම ඉතින් වලියට බර පොරක් නෙමෙියිනේ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් ඉඹලගේ එකක් නෙමෙයි. මගේ පොඩි මිස්ටේක් එකක්..

      Delete
  20. //මිය යන තෙක්, අප ඉගෙන ගනිමින් සිටින්නෙමු// +++++++++

    ඊයේ පෝස්ටුවත් ඉන් පසු ඇතිවූ සංවාදයෙ යම් ප්‍රමාණයකුත් දුටුවා. එයිනුත් පෙර නොසිතූ පැත්තක් පිළිබඳ ඉගෙන ගත්තා . මෙයිනුත් යමක් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගැනීම් අත්දැකීම් වලින් ඉස්සරහට යමු.… :) :)

    ReplyDelete
    Replies
    1. ජීවීතේ ගෙනියන්න එපයි ගමනේ..

      ආ මෙන්න සර්..

      ඒක ඔයාට...

      Delete
  21. be patient a bit at least.. if you can.....

    ReplyDelete
    Replies
    1. අයි ඇම් ඕල්වේස් අ පෙසන් මෑන් මචෝ... ඒ කියන්නේ ලෙඩෙක් නෙමෙයි.. අර බී පෙසොන් එක්කෙනෙක්..

      Delete
  22. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ඇනෝ ඇයි බං මේ එකම කොමෙන්ටුව තුන්සැරයක් දාලා තියෙන්නේ අකුරක්වත් වෙනස් කරන්නේ නැතුව :P

      Delete
  23. මතාගේ ඒ පොස්ට් එක මම දැක්කා.එකට දාලා තිබ්බ අරූගේ කමෙන්ට් එකත් මම කියෙව්වා.
    අරූයියා කියපු දේ යම් ඇත්තක් තිබෙන බව මටත් හිතුණා.එක ඉවත් කරපු එක හොඳයි කියලා මටත් හිතෙනවා.
    නමුත් ඔහුට ගැටළුවක් නැතිනම් එක එතරම් දෙයක් නොවේ කියලාත් සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොමම හිතුනා... මාරයිනේ...

      Delete
  24. ළමාතන් සමාව ගැනීම කෙලින් මිනිසෙකුගේ වැඩක් නමුත් අයින් කරපු එක p වැඩක් මේක බොගේ බ්ලොග් එක . බොට හිතෙන දේ දාන්න බැරිනම් ඔය කියන එවුන්ගේ එකද දාන්නේ ඒවා .කවුරු හරි මෙතන යටින් ගුත්තිල /මුසිල ගේමක් ගෙනියනවාද .? මෙහෙම ගියොත් බොට වෙන්නේ අර බුරුවා විකුනන්න ගිය එකාට වෙච්ච දේ .මැරී කෑන්ස්

    ReplyDelete
  25. මොනවද බන් මේ? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. අපිටත් කියපල්ල මේ හුටපටේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න