.

.

Dec 30, 2014

පෙට්ටි කැඩීම - Breaking The Box

 
සම්මාන ගැන මාතලන්ට තියෙන්නේ වෙනම මතයක්. බ්ලොග් වලටත් නොයෙක් නොයෙක් සම්මාන ලැබිලා තියෙනවා. සමහර සම්මාන නම්, බ්ලොග් ලියන උන්ගේ හාස්‍යයටත් ලක් වෙනවා. ඒත් "ටැබූ සම්මාන" ගැන නම් කවුරුත් වරදක් කියනවා අහලා නෑ. ඒ වගේම මාතලන් බ්ලොග් ලියන්න ආපු දවස්වල සින්ඩි වලිනුත් බ්ලොග් සම්මාන දුන්නා. මාතලන්ටත් සින්ඩියක් තියෙන නිසා, මාතලන්ටත් කීප විටක්ම හිතුනා එහෙම අගය කිරීමක් කරනවා නම් හොඳයි නේද කියලා. ඒත් ඒ අදහස පස්සෙ අමතක වෙලා ගියා.

බොග දාන උන් කීප දෙනෙක්ම මුණ ගැසුන සුන්දර අවස්ථාවන්වලත් මේ ගැන අපි කතා උනා. ඒ වෙලාවේ හොඳම බොග මොකක්ද කියන දේත් කතා වෙලා තියෙනවා. ඒ වගේම ඉල්ලගෙන සම්මාන ලබා ගැනීමත් විහිළුවක් කියන මතය තමයි බොහොම දෙනෙක් දැරුවේ. මගේ මතය උනේ මෙහෙම සම්මානයක් දෙනවා නම්, ඒක දෙන්න ඕන නව පරපුරේ කෙනෙක්ට කියන එක. මොකෝ එතන තමයි අනාගතය තියෙන්නේ.

අනික මාතලන්ගේ මතය සහ කැමැත්ත තමයි, සම්ප්‍රදාය කඩාගෙන යන්න ඕනය කියන එක. බ්ලොග් කියන්නේ ලියන දෙයක්. බ්ලොග් සාහිත්‍යය කියන්නේ වෙනම සාහිත්‍යයක් කියන එකයි මාතලන්ගේ හැඟීම. මොකෝ.. මෙතන බැරියර් නෑ.. අදහස් වාරණයක් නෑ ඕන කුණුහබ්බයක් ඇදලා අරින්න පුළුවන්.. ඒ වගේම තමයි එවෙලෙම ලැබෙන ෆීඩ් බැක් එක.. ඒ කියන්නේ කොමෙන්ට්ස්.. මේ කොමෙන්ට්ස් බොග දාන එකෙකුට මාර ශක්තියක්.. මේවා ගැන බොග දාන ගොඩක් උන් ලියලා තියෙන නිසා, මෙතන අමුතුවෙන් ලියන්න ඕන නෑ..

මේ 2014. එතකොට අපි තාමත් අගය කරන්නේ දැන් ඉන්න පරපුර ගැන නෙමෙයි. දශක ගනනකට කලින් හිටපු ලේඛකයෝ, කවියෝ, කළාකාරයෝ ගැන. ඕක ලංකාවේ උන්ට තියෙන ලෙඩක්. ඔය ලෙඩේට බුද්ධාගමත් එක හේතුවක්. මොකො වයසට ගියාම සිල්වත් ගුණවත් වෙන්න ඕන කියන එක. නමුත් විදේශිකයෝ බලන්න. උන් වයසට යන්නේ නෑ. ඇඳුම පැලඳුම වගේම. සිතිවිලිත් තරුණයි.

අපි මෙහේ තවම මාර්ටින් වික්‍රමසිංහලා, ගුණදාස අමරසේකරලා, කේ ජයතිලකලා, සරත්චන්ද්‍රලා, මහගමසේකරලා උඩ දාගෙන වනනවා. අළුත් පරපුරේ සුජීව ප්‍රසන්න ආරච්චිලා, උපුල් ශාන්ත සන්නස්ගලලා, මොහාන් රජ් මඩවලලා, මංජුල වෙඩිවර්ධනලා ගැන නෝ කතා නෝ සිනා. උන් පෙට්ටිය කඩලා පොඩිකරලා දාන උන්.

උන්ට ගහන්න අර පරණ මී මුත්තලා රකින ලේඛකයෝ, කළාකාරයෝ කියන සෙට් එකකුත් ඉන්නවා. උන් තමයි අහන්නේ බුකියේ තියෙන්නේ කවිද කියලා. උන් තමයි කියන්නේ නව පරපුරේ නිර්මාණ හැකියාවක් නෑ කියලා. උන් තමයි නහයෙන් අඬන්නේ, උන්ගේ සින්දු ප්‍රචාරය වෙන්නේ නෑ කියලා. උන් කියන්නේ තොපි දන්න දෙයක් නෑ, අපි ලියන කියවන, ගහන වයන දේ අහපන්. උඹලගෙ ඒවා මෙළෝ රහක් නෑ කියලා. 

මම දැක්කා එකෙක් සඳ කිඳුරු ජාතකේ පාදක කරපු ගීත ගැන ලියපු ළිපියක, බාචි සුසාන්ගේ චන්න කින්නරි සින්දුව තමයි ඌ අහපු ගූම ගූ සින්දුව කියලා. මට නම් ඒ පන්ඩිතයා කියපු ගීත අතරින්, අහපු රසම සින්දුව තමයි බාචිගේ සින්දුව. ඒකේ රහ නැති කමක් නෙමෙයි තියෙන්නේ, පට්ට කුහක කම. ඒකට ඒ මනුස්සයට දොස් කියලා වැඩක් නෑ. ඒ අපේ ලේවල තියෙන දෙයක්. ඒ එක උදාහරණයක් විතරයි.

කරුමෙට පුවත් පත්වලට එවන නිර්මාණ තෝරන්න, අගය කරන්න, දාලා ඉන්නේ මෙන්න මේ වගේ නොස්ටැල්ජියා මානසිකත්වය දන්ඩ නමස්කාරය කරන නාකි හම්පඩ පොරවල්. වයසෙන් නෙමෙයි අදහස් වලිනුත් උන් හම්පඩ නාකි.

උන් පෙට්ටිය ඇතුලට වෙලා ආතල් ගන්න ළිං මැඩි, කරපොත්තෝ, කුරුමිනියෝ, ගුල්ලෝ වගේ පොරවල්. උන් දන්නේ පෙට්ටිය ඇතුලේ ඒවා විතරයි. එහෙම උන්ට හැමෝම හරි බයයි. උන් විතරක් නෙමෙයි බුකියේ බල්ටි ගහන, බ්ලොග් ලියන, තරුණ පරපුර කියන උන්ගෙනුත් අති බහුතරය එහෙමම තමයි. කිසි වෙනසක් නෑ. ඒ නිසා අර හම්පඩයෝ වැජඹෙනවා. 

මොකෝ අපේ උන් පෙට්ටියට මාර ගෞරව කරන වන්දනා කරන ජාතියක් නිසා. පෙට්ටිය කැඩුවත්, රෙද්ද අරගෙන ගිහින්, රෙදි නැන්දා තෲ අම්මට පෙන්නන පොඩි බබාලා නිසා. පෙනුමෙන් ලන්ඩන්, පැරිස්, නිව්යෝක්, ටෝකීයෝ උනාට, චින්තනේ, මහින්ද චින්තනේ. ඒ කියන්නේ  ජාතිවාදියෝ, අමුම අමු ගෝත්‍රිකයෝ. පට්ට ආගම්වාදියෝ. උන් දන්නේ මේ රට ගැන විතරයි. ඒකෙත් ඉතිහාසේ තියා භූගෝලෙවත් දන්නේ නෑ. ඔය සාමාන්‍ය දැණීමේ වැඩ සටහන් වලට, විවාද වලට එන උන් දැක්කම විලි ලැජ්ජාවේ තන්තෝසේ බෑ.

බ්ලොග් කියන්නේ, ඔය එක පඩත්තලයෙක්ගෙවත් ඇපෲවල් ඕන නැති, පෙට්ටිය කඩාගෙන කුඩුකරලා දාලා ලියන්න කියන්න පුළුවන් තැනක්. එහෙම ඒවා අපිට පෙන්නලා දුන්න එකෙක් වන "හෙන්රි ද බ්ලොග් වෝකර්ට" අපේ ප්‍රණාමය පුද කරන්නම ඕන. ඌ තමයි ඉන්ගිලිසියේ තියෙන අළුත් සාහිත්‍ය අපට හඳුන්වලා දීපු එකා. අද ඌ ලියන්නේ නෑ. ඒක ඉතින් අපේ කරුමේ.

ඕන් ඔය බැරියර් කඩාගෙන යන කෙල්ලෝ දෙන්නෙක් බොග දාන්න එන්නේ ඔය අතරතුරේ. එකෙක් අපෙන් අහනවා, "ඇයි කාක්කන්ට ෆයිබර් වලින් කූඩූ හදන්න බැරි" කියලා. ඒ "අපූර්වී ඔමායා". ඒකි අද ලියන්නේ නෑ.. ඊට පස්සේ එනවා ඊට හපන් කෑල්ලක්. පෙනුමෙන් නම් අඟුටු මිට්ටෙක්. සමහර උන් කියන්නේ බට කොස්සි කියලා. ඒ උනාට පට්ට ටැලන්ට්.. මුන් දෙන්නම දිගටම ලියනවා නම් ළෝක මට්ටමට උනත් යන එක මහ කජ්ජක් නෙමෙයි. අනික මම දන්න විදියට මුන් දෙන්නටම ඉන්ගිරිසිත් ඇල් වතුර වගේ. මුන් දෙන්නම අහුවෙන දේ කියවන පිස්සියෝ..

ලියන්නේ නැති එකා ගැන කතා කරලා වැඩක් නෑ නේ. අපි කතා කරමු ලියන එකා ගැන. ඒ තමයි "බස්සි". බස්සිගෙ බ්ලොග් අඩවිය තමයි, "බස්සිගේ නවාතැන". ඒකී හැම දේ ගැනම ලියනවා. ඒ වගේම හැම දේම ලියනවා. ඕන ආරකින් ලියනවා. ඒකයි වටිනාකම. කෙනෙක් එක දේකට කොටු වෙන්න ඕන නෑ. අනික ඕනම සබ්ජෙක්ට් එකක් ගැන ඒකී දැණුමෙන් සන්නද්ධයි. භාෂාව හැසිරවීම ඉස්තරන්. අදහස් කෙටියි, සරළයි සෞම්‍යයි. සෑම ළිපියක්ම ලගන්නා සුළුයි.

කවිය, කෙටිකතාව, නවකතාව, නිසඳැස සියල්ලම කජු කනවා වගේ. ඇත්තටම මේ ළිපිය ලියන්න හේතුව. බස්සිත් බුකිය පැත්තේ කරක් ගහන එක වැඩිවිම. ඔය මොහොතක සුව දෙන බුකිය නිසා අපිට බොග දාන උන් ගොඩක් නැති උනා. මාරයා, බුවා, චාමී සෑම්, සාතන්, සොසී ඒතරින් කීප දෙනෙක්. ඉතින් මේ තරම් ටැලන්ට් කන්දරාවක් තියාගෙන බස්සි ලියන එක නවත්තනවා නම් එයා එයාටම කර ගන්න මහා අපරාදයක්. බස්සි දිගටම ලියපන්.. මේ ඒ සඳහා දෙන පොඩි කික් එකක් විතරයි..

2014 මාතලන් කැමතිම බ්ලොග් අඩවිය 

බස්සි.
(යශෝධා සම්මානී)

 *** සම්මාන දෙන්න, බ්ලොග් කියන්නේ මාතලන් හොයාගත්ත දෙයක්වත්, මාතලන්ට අයිති දෙයක් වත් නෙමෙයි. එහෙම අගය කිරීමක් කරන්නේ බොහෝ දෙනාගේ ඉල්ලම් පිට. බ්ලොග් කලාවට ආදරය කරන එකෙක් විදියට. 

වෙනස්ම වූ සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

81 comments:

  1. කාටද ආඩම්බර ගහල බැනල හදාගත්ත දරුවා නෙව..

    එක පාරක් මම කියපු දේකට බස්සි බෝම කලබල උනා. ඒත් මම නං කූල් එකේ හිටියා. ඔතනදී ඉවාන් පවා කිපුනා මම කියපු දේට. නමුත් මම බෝම තදින් හිටියා. අන්තිමට ඒ කමෙන්ට් කීපය නිසා බස්සි මාව අන්පේ්‍රන්ඩ් කරා මං හිතන්නේ. ඒ අවලාද වලදි බස්සි සැලුනා.. දවසම අබිලික් වෙලා වගේ හිටියේ.. ඒත් මම නං කිසිම අහිතක් හිතල කිව්වේ නැහැ. හුගක් අය ලියන්න ගත්තම ප්‍රතිචාර වැඩි උනාම ඒවා දරාගන්න බැරිව හොද විතරක් අහන්න පුලුවන් තත්වෙට පත් වෙනවා. මට ඕන උනා බස්සිව එ් තත්වෙන් මුදවන්න. ඒ දවස් දෙක තුනේ මම නං මාර ආතල් එකක් ගත්තේ උන්ට අනං මනං කියලා.

    හැබැයි දැන්නං බස්සි ගානට සෙට්ල්ඩ් කියල හිතෙනවා.. ඕනම කෙනෙක් හොද අහනවට වඩා නරක අහන්නයි පුරුදු වෙන්න, හිස නමන්න දැන ගන්න ඕන. ඒක තමා නිර්මාණ කරනයේදි වටින්නේ සිත කඩා නොවැටීමට.. බස්සි කියන්නේ වෙනම ඉන්ටෙලිජන්ට් මයින්ඩ් එකක් තියෙන කොට කෙල්ලෙක්.. මම කැමතියි.. මේ සම්මානෙට.. හැක්..

    ReplyDelete
    Replies
    1. තව එකක්. මාතා. උඹ කියපු එක හරියට හරි.. මේ බ්ලොග් ලෝකේ මම දැකපු පර්යේෂනාත්මකම සහ වඩාත් ඉනෝවේටිව් මෑන් අපේ හැන්රියා තමා..

      Delete
    2. ඇයි මම ඕකිට උපදෙස් දෙන්න ගිහින් ඇදගෙන නෑවා.. එහෙම උපදෙස් දෙන්න ගියේ.. මේක මාර ටැලන්ට් එකක් කියලා දැක්ක නිසා. ඕකි මා එක්ක වැඩියේ කතා කලෙත් නෑ අවුරුදු උතසවේදි.. නිකං යකෙක් දිහා බලනවා වගේ තමයි බකුසු ඇස් තවත් ළොකු කරගෙන බලාගෙන උන්නේ.. එහෙම ගහල බැනලා හඩපු කෝං පිට්ටු දාපු කෙල්ල අද විශ්වයත් හොල්මන් කරන කොට ඒ ආඩම්බරෙන් බින්දුවක් අපිටත් අයිතියි නේද කියලා හිතෙනවා...

      Delete
    3. දේශා උඹ කියපු දේ පැහැදිලි වෙලා තිබ්බේ නෑ එතන, මම කිපුනේ නෑ. මම කිව්වේ උඹ කියපු දේ පැහැදිලි කරපන් කියලා , කිපුනනම් මම තෝව ගිලිනවා ,හොයාගෙන ඇවිත්, අර ඉන්සුවරන්ස් දමිතයගෙන පාර අහගෙන ඇවිත් ඕ යේස්

      Delete
    4. මං කවද්ද අනේ දෙයක් පැහැදිලිව කිව්වේ. කොටින්ම මම ඒක කරේ තොපි අවුස්සන්න.. උඩට නැග්ගම බිම පේන්න...

      Delete
    5. // මාතා. උඹ කියපු එක හරියට හරි..මේ බ්ලොග් ලෝකේ මම දැකපු පර්යේෂනාත්මකම සහ වඩාත් ඉනෝවේටිව් මෑන් අපේ හැන්රියා තමා..//

      මේකට මමත් එකඟයි. හෙන්රි සහ මැරිච්චි කතන්දර දෙන්න නියම පර්යේෂනාත්මක සහ වෘත්තීය මට්ටමේ බ්ලොග් කාරයො.

      Delete
  2. මෙන්න අත ඉස්සුවා මමත් බස්සිට. ජය වේවා!

    එහෙනම් ලබන්නා වූ නව වසර මාතලං, මාතලිං සහ පොඩි මාතලං ඇතුලු පවුලේ සැමට සතුට සැහැල්ලුව සපිරි නව වසරක් වේවා!
    තව තව අදහස් සුනාමි සේ ගලා ඒවා!!
    සිංහල බ්ලොග් ලෝකය දිනේවා!!!

    ReplyDelete
  3. ඇත්තටම බස්සී තමයි බ්ලොග් සුපර් ස්ටාර්.ඔමායා ලියන්නේ නැති එක අපරාදයක්.
    සැමට සුබ නව වසරක්

    ReplyDelete
  4. බ්ලොග් ලෝකයට ඉන්ෂුවරන්ස් පොලිසියක් තමයි මේ සම්මානය. සමහර සංගීතඥයින් ගේ හෙම ඇඟිලි, අත් හෙමත් රක්‍ෂණය කරනවාලු.

    මේ යුවතිය මට අවුරුදු දිනයේ දී මුණ ගැසුණා.

    මගේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කෙ එදා තමයි... ඇත්තටම ඉන්ෂුවර්ඩ් කලත් අවුලක් නෑ...

      Delete
  5. මට නං දැනට බ්ලොග් දෙකක අය්තිකාරියො ඒ පැත්ත පලාතෙ එන්න එපා කියල තියෙන්නෙ;
    එකම හේතුව
    හිතේ කහටක් නැතිවම කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුව වගේ කියපු එක...

    ඒ අතිං බස්සි නං සෑහෙන්න ඉස්සරහින් ඉන්නෙ (මට හිතිලි තියෙන විදියට) අනික තමා ලියන ඒව කියවන්න කිසි කම්මැලි කමන් නෑ පුල් කික් එකේ කියෙව්වැකි....

    බ්ලොග් ලියන කියවන ඇදගෙන නාන(මං වගේ තව ඉන්නව නෙව) අද්දල නාන ඔක්කටම
    සොමිබර කික් බර ජොලි බර ෆන්ම ෆන් බ්ලොග් පොස්ට් වැහි වස්සන
    පට්ට පට පට නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. පෞදගලික මඩ නැතිව.. කියන්න තියෙන දේ කියන එක ළොකු දෙයක්.. ඕක අපේ උන් ළඟ නෑ.. අපේ චන්ඩි හුණ දොස් කියන්නේ අදාල පුදගලයා නැති තැන.. ඒකෙන් එකෙකුටවත් වැඩක් නෑ..

      උඹටත් ඒ විස් කොල ජාතියෙම වසරක් වේවා මහේෂ්....!!!!

      Delete
  6. අපේ මාරයා අයියාට සම්මාන ලැබෙනවා ජනවාරි නව වැනිදා...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද මාරයගෙන් උඹලට ලැබෙයිද දන්නෙ නෑ...

      Delete
  7. බට කොස්සිට සම්මානය ලැබිය යුතුම එකක්, බට කොස්සි කියන්නේ මොන විදිහේ writer කෙනෙක්ද කියලා කියන එක මාතලන් කියලා තියෙන නිසා ඒ ගැන ආපහු පැහැදිලි කරන්න අවශ්‍ය නෑ , නමුත් මේ වගේ හැම දිසාවකටම විහිදුනු ශක්‍යතාවක් තියෙන කෙනෙක් දැක්කමයි, අනික වටින්නේ මොනවා හරි නිතරම ලියමින් ක්‍රියාකාරීව හිඳීම,

    බස්සිට පොඩි අවුලකට තියෙන්නේ මුලග්ගින්න , මේ දවස්වල ඉම්පෝටඩ් කොහිල කන නිසා ටිකක් අඩුයි.

    උසේ හැටියටද වැඩ. කොස් ඇට මීයා වගේ හිටියට ටැලන්ට් එක උපරිමයිනේ ,

    බස්සි මෙන්න උඹට මගෙන සුබ පැතුම්, ඒ වගේම බස්සිට ලියන්න දිගටම ඇත දුන්න, බස්සි විතරක් නෙවෙයි නවක අපි හැමෝම වෙනුවෙන් අවශ්‍ය තැන වලදී පෙනී හිටපු මාතලන් බෝසාටත් මගේ උත්තමාචාරය

    ජයෙන් ජය බස්සි...

    මාතලන් ඇතුළු බ්ලොග් වාසී හැමෝටම සුබ නව වසරක් වේවා, වෙරි වේවා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙරි වෙන්න විස් කොරන්නේ වෙරි හැපි නිව් ඉයැර් කියලා...

      උඹටත් බයිට් වලින් පිරී ඉතිරී යන වසරක්ම වේවා ඉවාන්...!!!

      Delete
    2. වරේවා අපි බස්සිට බස්සි අපිට .. !!

      එකෙන්ම …

      Delete
  8. එකෙන්ම අයියන්ඩි හොටු හෙන්රි පිස්සු බස්සි සෑමා ටැලන්ට්..සදරෑවාට පස්සේ ඉවානයා.ඌ ලියන කතාවලදි ඒක කතාවක් කියලා අමතක වෙනවා.
    සිරාගේ 7 වෙනි ලිපිය වෙනස් මගක්..
    දේශකයා ගේ කාකා ගේ සමහර ලිපි අපිව උස්සලා පොලෙවෙ ගහනවා.. ඇයි විභිෂන
    කොමන්ට් වලදි සින්දු ඇනෝ.. පත්තර මල්ලි ප්‍රසා කම්මල අලුත්ම බුලට් එක බුට් ඇනෝ..කම්මල ප්‍රියා..
    සුදික අයියන්ඩි..මාරයා යකා ඩ්‍රැකි ඉන්දික උපශාන්ත කමියා විචා හැලපයියා වගේ තව ගොඩක් අය පොඩි කමෙන්ටුවට උනත් උත්තර දෙනවා..
    කුගෑප..මධු V මියැසියේ රස කතා වෙනස්ම විදිහකට ලියනවා.. ඇයි අටමා...
    තව ගොඩක් තියනවා..නම් නොකිව්වට මට නම් ඔයාලා හැම දෙනෙක්ම ගොඩක් වටිනවා ඔයලා නිසා දැන ඉගෙන ගත්ත දේවල් ගොඩයි..
    එල ද බ්‍රා..මාව පොඩි ළමයෙක් නොකරන විදිහෙ ලිපියක් ලිවිවට ටැංකියු. මාතයියන්ඩි

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම ගැන ලියන්න ගියෝත් මේකත් මෛ ත්‍රීගේ පක්ෂේ වගේ වෙනවා.. එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා ......

      Delete
    2. එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා ......?????

      Delete
    3. එනවානං අරං එන්න

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    4. එනවානං වඩේ ටිකක් අරං එන්න

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    5. එනවානං ගෝල් ලිෆ් 5කුත් අරන් එන්න..

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
  9. ලස්සන තොප්පිය :-D

    @ B, සුභ පැතුම්
    @ B, M & others, සුභ නව වසරක්

    ReplyDelete
    Replies
    1. එසේම වෙව්වා ප්‍රා.....!!!!

      Delete
  10. බොහොම ස්තූතියි මාතලන්! බ්ලොග් ලෝකේ මුණගැහුන හිතේ කහට නැති, කියන්න තියෙන දේ බෙල්ල ගැලවිලා යන්න හරි කෙලින් කියන මම දැකපු පට්ට ඕපන් චරිතයක් මේ දුන්න අගයකිරීම බොහොම වටිනව මට.

    මාතලන්ගෙන් බැනුම් අහපු, කොකු දාගත්තු හැටියට ලිපිය අවසානයට එනකම් මෙහෙම දෙයක් හිතුනෙවත් නෑ. :D

    මාතලන් අවුරුද්ද පුරාම අපිව අගය කල යුතු තැන අගය කරලා, බනින්න ඕනෙ තැනදි බැනලා, අහේතුක ප්‍රහාර වලදි අලුත්/පරණ භේදයක් නැතුව නිවැරදි පැත්තට කතා කරලා දුන්න සපෝර්ට් එකට බොහොම ස්තූතියි. එහෙම අය හොයාගන්න හරිම අඩුයි මේ කාලෙ. ඒ වගේ මිනිස්සු අතරින් පළවෙනියා තෝරන තරඟයක් තිබ්බොත් අනිවාර්යයෙන් මාතලන් තමයි පළමුවැනියා!

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා අද 31st නේද! බොරුබිසී හින්ද ඒකත් අමතක උනා. වෙරි වෙරි හැපි නිව් ඉයර් වේවා!!

      Delete
    2. ඩෝන්ට් මෙන්සස් කිව්වා.. යූ ඩිසර්ව් දිස්....

      බස්සිටත් සුභම සුභ නව වසරක් වේවා....!!!

      ලියන එක නවත්තන්න එපා කවදාවත්.. මම ඉස්සරහට බලා පොරොත්තු වෙනවා.. දේශපාළණ ප්‍රහසණයක්.. එහෙම නව කතාවක් ලිව්වොත්.. ආයේ දෙකක් නෑ.. අරුන්දතී රෝයි... තස්ලිමා නස්‍රින් අතරට අපේ බස්සිත් එක් වෙන එක බුදු ෂුවර්..

      ජයම වේවා....!!!

      Delete
  11. මේ ගෑනු ළමයට ලියන්න තියෙන හැකියාව මමත් මුලදීම දැක්කා.අර මූලග්ගින්න කියාපු කතාවට නං මමත් අත් දෙකම උස්සල එකඟ වෙනවා.තාම ලාබාල ළමයෙක් නිසා එහෙම වෙනවා ඇති.
    මාතලන්ටත් බස්සිටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉක්මනට මල පනින්නේ.. අවංක හිත හොඳ මිනිස්සුන්ටය කියලා මම අහලා තියෙනවා.. අනිකාම්මට සිරි ලංකාවේ ගෑල්ලමයෙක් උනාම මල පනින්නේ නැත්නම් ඒ ගෑල්ලමයගෙන් ඇති වැඩේ මොකක්ද..

      හැලපෙටත් සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!

      කොහොම හරි සෙට් වෙමු...

      Delete
  12. ඔය සම්මානේ එකෙන්ම බස්සිට ලැබෙන්න ඕන දෙයක්.බස්සිගේ ලිපි කියවල සමහර වෙලාවට කමෙන්ට් දාන්නෙත් නෑ.ඉස්සල්ලම කරන්නේ ගූගල් දෙයියගෙන් ඒ ලිපියේ තියන නොතේරෙන දේවල් ගැන හොයන එක.ඒ ලිපි ලියල බස්සි අපිව අප්ඩේට් කරවනවා.තව ගොඩක් දුර යන්න පුලුවන් වාසනාවන්ත අළුත් අවුරුද්දක්වේවා බස්සිට වගේම ගුරු ජී මාතලන්ටත්......

    ReplyDelete
    Replies
    1. මමත් සමහර වචන ඉගෙන ගන්න දෙන්නෙක් ඉන්නවා. කෙනෙක් බස්සි.. අනික් එකා තනි ආතල් ගන්න එකෙක්...

      උඹටත් එසේම වේවා කටුසු....!!!!

      Delete
  13. බස්සිගෙ විද්‍යා ලිපි වලට මං හෙන ආසයි. ඒකි ටියුෂන් කලානං බන්දුල ගුණවර්ධනගෙ සබ්ජෙක්ට් එකක්, පොරත් බෙල්ලෙ වැල දාගෙන මෙළහට. මචං අපිනං අබව්ට් ටු ඩෝප්. අද ඉයර් එන්ඩ් පාටි. මාත් පෝස්ට් එකක් දැම්මා හෙන දේශපාලන හුහ්. ආ... උඹේ කටහඬ අහන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි. එහෙනං මාත් ඩෝප් වෙලා එඤ්ඤංකො ඈ...
    උඹට පුල් බිසී සහ බිසිනොස් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹගේ පෝස්ට් එක කියෙව්වා.. ඒක වල්ල පට්ට.. ආයේ නෝ කතා නෝ සිනා... මල් මසුරන්..

      උඹටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!

      Delete
  14. මං බ්ලොග් කියවන්න පටං ගත්ත මුල් කාලෙම බස්සිගේ නවාතැන සම්පූර්ණයෙන්ම වගේ කියෙව්වා.. එදා සිට මේ දක්වා පලකල සෑම ලිපියක්මත් කියවා අදහස් පලකරා.. මට පුදුම හිතුන කාරණා තමයි මැයගේ වපසරිය, භාශාව හැසරවීමේ කලාව, නිර්මාණශීලිත්වය හා විශේෂයෙන්ම කෙල්ලක් විදියට ඇය බ්ලොග් අවකාශය භාවිතා කරන බුහුටි බව.. වරක් චන්දනගේ සටහන් වල චන්දන ගෙනා බෝතල් වාසි කවි පෙළට සමගාමීව අපි පුංචි කවි සංවාදයක් ගෙන ගියා එහිදී මැය දැක්වූ සමත්කම විශ්මය දනවන සුළුයි.. මා නොයෙක් ආකාරයෙන් ඇයව කවිකාරියක් ලෙස පරික්ශාවට ලක් කරත් ඒ හැමෙකක්ම ඇය ඉතා හොඳින් ජය ගත්තා.. මේ පුංචි උදාහරණයක් විතරයි..

    කල්‍යාණ මිත්‍රNovember 5, 2014 at 10:28 AM

    නවාතැනේ විතරයි නැවතුනෙ මා අදර්ස් නොට් ඉන්ට්‍රෙස්ටෙඩ් මතුරා
    බොරුවක් කියන්න හිත දෙන්නේ නෑ..... කවිය උඩින් අයිසින් අතුරා
    කඩ්ඩෙන් කොටනව කිව්වම උඩ ගියා.. කඩ්ඩ අපට නම් පොදු සතුරා
    අයි සේ යූ සෙඩ් ඔන්ලි ත්‍රී කියා අයි සෝ ෆෝ බ්ලොග්ස් නේ දෙයරා

    බස්සි (Yash)November 5, 2014 at 11:49 AM

    සීරියස්ලි කළනේ ෆෝ ඩිෆරන්ට් බ්ලොග්ස් ආ ලිස්ටඩ් ඩවුන් දෙයා
    ත්‍රී ඔෆ් දෙම් කරවන්නේ මම මයි අනික ලියන්නේ මගේ පියා
    උඹහැට විතරක් නෙමෙයි මටත් ඒ බ්ලොග් දෙක බෝරින් තමයි මෙයා
    ඒකනෙ බස්සිගෙ නවාතැනට වී ඉන්නේ පිස්සුම පෝස්ට් ලියා

    එම නිසාම එම කවි හටනේ ජය අවසන් වශයෙන් බස්සීට ලබා දීමට පසුබට උනේ නෑ..

    කල්‍යාණ මිත්‍රNovember 6, 2014 at 12:55 PM

    පෑවේ සිනා රන් බැඳි අත.......... සිරි යාවී
    ආවේ තනි ඇතෙකු මෙනි ගියෙ නෑ බියවී
    රාවේ ඇගේ හැඩකල........ තරඟය පේවී
    බෝවේ සතුටු ...ජය 'බස්සිට' ...හිමි වේවී !!!
    ******************************************

    මේ අවස්ථාවේදී මාතලන් සමග මම 100% ක් එකඟයි.. ++++++

    හැමෝටම ලබන්නාවූ නව වසර පෙට්ටි කඩාගෙන එළියට ඇවිත් තමන්ගේ ආකරයෙන් ජය ගන්න ශක්තිය ධෛර්‍යය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කයි පද බැඳිල්ල හැම එකාටම කරන්න බෑ.. ඒත් බස්සි ඒකටත් දස්සයි..

      උඹටත් රබ සහ ඇට්ටි හැලෙන අළුත් අවුරුද්දක්ම වේවා...!!!

      Delete
  15. බස්සිට මාතලන්ගෙන් ලැබුණ සම්මානයට සුබ පැතුම් !
    බස්සිට, මාතලන්ට ඇතුලු බ්ලොග් ලෝකයේ සැමටම ලබන්නාවූ නව වසර සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා ප්‍රසන්න...!!!

      Delete
  16. බස්සිගෙයි, ඔමායාගෙයි මම දැකපු හොදම ගුණය තමයි, නිහතමානිකම.

    බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එකකටවත්, මූනුපොතේ දාපු ස්ටේටස් එකක්වත් කවදාවත් රිප්ලයි නොකර ඉන්නේ නැහැ මේ දෙන්නා.

    ඒ වගේම තමයි අපේ හෙන්රි තුමාත්. මම හෙන්රි ට යවපු පේලි පහක විතර ඊ මේලයකට රිප්ලයි එක ආවේ පේලී සීයකින් විතර.

    ReplyDelete
    Replies
    1. මොහොම සුළු පිරිසක් ඇර.. මේකේ වැඩියෙන් ඉන්නේ නිහතමානී ගුණ යහපත් මිනිස්සු...

      Delete
  17. බස්සිට ජයවේවා...!
    මාතලන් බොස්ට විජයග්‍රාහී නව වසරක් වේවා....!!

    ReplyDelete
    Replies
    1. චෙෆාකිටත් එසේම වේවා...!!!

      Delete
  18. උඹෙ මේ අගය කිරීමේ ගුණය ඉහලින්ම අගය කරනව!

    බස්සි කියන්නෙ අති දක්ෂ රචිකාවක්, ඒක ගැන තර්කයක් නෑ. ඇගේ අඩවියට මම කමෙන්ට් කරන්න නාවාට කමක් නෑ කියා පවසා තිබ්බත් හොඳ යමක් දුටු විට කමෙන්ට් එකක් දමා එන්නෙ ඒ හැකියාව අගය කරන්නයි.

    නමුත් තමන්ගෙ ලිපි සහ කරුණු ගැන වෙන විවේචන දිහා වඩා පළල්ව බලල, සාදනීයව සංවාදයට එළඹෙන්න ඇති නොහැකියාව සහ එලෙස විවේචන හෝ ප්‍රශ්ණ කිරීම් කරන්නන් තම තරහකාරයන් ලෙස දැකීම නිසා මට නම් ඇය තවම සිටින්නෙ පොඩි කුමාරිහාමිට සහ අපූර්වි ඔමායාට බොහෝ පසුපසින්.


    උඹටත්, බස්සිටත්, බ්ලොග් ලියන කියවන සැමටත් සුභ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. මල පැනීමෙන් එහෙම උනාට ලිවීල්ලෙන් බස්සි අර දෙන්නට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නවා...

      මෙයා මාත් එක්කත් එකසිය ගානට එල්ලුනා.. ඒත් ලිවිල්ල ඉස්තරන් නිසා.. බනිද්දිත්.. කොමෙන්ට් දැම්මා...

      උඹටත් මෛත්‍රී යුගයක් මචෝ....!!!

      Delete
  19. තාම නම් කියවල නෑ එකක්වත්. බලමු බ්ලොග් රෝල්ට දාගෙන.

    ReplyDelete
    Replies
    1. කියවලා ඇවිත් කියහන්කෝ...

      Delete
  20. මට කියවන්න ගොඩ ගැහිලා තියෙන බ්ලොග් ගොඩ නිසා බස්සිගේ පරණ පෝස්ට් බලන්න ලැබුනේ නැහැ
    අඩු ගානේ ආසාවෙන් බලපු අරූ ගේ අහවල් එකත් දැන් මාස දෙකක වගේ ඉඳල 20 ගණන් වල හිර වෙලා.
    කොහොම නමුත් බස්සිට සුභ පැතුම්...
    ඒ වගේම මාතලන් ඇතුළු සියලුම බ්ලොග් කරුවන්ට කාරියන්ට සුබ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ළොකු පුතාටත් එසේම වේවා....!!!

      Delete
  21. මේ වගේ කෙනෙකුව දිරිමත් නොකිරීම ඉතා අගනා ක්‍රියාවක්. ඇයගේ ඉදිරි ගමනට සුබ පතන අතරම ඔබගේ මේ ඇගයීම ඉහළින්ම අගයනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ලොක්කා දැන්ම ගහලා වගේ... කොමෙන්ට් එක ෆුල් අවුට්...

      සුබ අළුත් අවුරුද්දක් වේවා විචා....!!!

      Delete
    2. //මේ වගේ කෙනෙකුව දිරිමත් නොකිරීම ඉතා අගනා ක්‍රියාවක්//
      විචාරක බොසා කලින්ම පිළිවෙලක් වෙලා හිටන් ..හැක් හැක්

      Delete
    3. විචා අමුවෙන් නම් වෙන්න බෑ, දාලා තියෙන කමෙන්ට් එකේ හැටියට

      Delete
    4. සෑර් .. ගහපු ගල් එක කලවං බඩු. හොඳ දෙකක් කියල එන්ඩ හෙට ගෙහුං වයින් ඉෂ්ටෝෂ් එකේ එකාට. දෙකක් ඇන්නත් කාරි නෑ .ඕ යේස්

      Delete
    5. අනේ අම්මපා මුන්ට අකුරක් එහෙ මෙහෙ වෙන්න බැහැනෙ..චුට්ටක් අනුමත වෙච්ච වෙලාවකවත්..!

      Delete
  22. වෙරි වෙරි හැපී නිව් ඉයර් මාතලන් බොස්ස් ,,,
    අලුත් සෙට් එකට වගේම හැමෝටම දෙන සහයෝගයට ඔබට මාගේ ප්‍රණාමය ...
    බට කොස්සිට බොක්කෙන්ම සුභ පතනවා ..
    (හැමෝටම එකම සින්දුව දැම්මේ .අද පොඩ්ඩක් මම පිළිවෙලක් උනා .බ්‍රෑන්ඩ් එක ගල් .ජය වේවා )
    වැරද්දක් උනානම් සමා වෙයල්ලා...

    කිරි ඉතිරේවා නව වසරේ
    කිරි ඉතිරේවා නව වසරේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    කිරි ඉතිරේවා නව වසරේ
    කිරි ඉතිරේවා නව වසරේ

    දුක් දොම්නස නැති වුණා
    නව වසරක් එළඹුණා
    අවුරුදු දා ප්‍රීති වන්න
    මතුකරමින් මල්හිනා
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

    කිරි ඉතිරේවා නව වසරේ....

    බත බුලතින් අඩුනොවී
    සුරසැප මිහිපිට මැවී
    උපන් බිමේ කිරි ඉතිරී
    ගොඩ මඩ සරු සාර වී
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

    කිරි ඉතිරේවා නව වසරේ....


    ගායනය - එච්. ආර්. ජෝතිපාල

    ReplyDelete
    Replies
    1. මාත් මේ අනුමත වෙන්න කියලා... නැත්නම් වෙරි හැපි වෙන්නේ නෑ නේ..

      වෙරි වෙරි හැපි නිව් ඉයර් එකක් වේවා සින්දූර්...!!!

      Delete
  23. Mathalan,Bassi,athulu siyalu Blob Karuwan/kariyan sematath "SUBA NAWA WASARAK WEWA" "eine glückliches neues jahr" (Ranjan)

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා රන්ජන් ෆ්‍රොම් ජර්මන්...

      Delete
  24. * බස්සිගේ ටැලන්ට් එක ගැන විවාදයක් නැහැ ... " ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත " කියන එක සිංහල බ්ලොග් අවකාශය තුළ දී පට්ට බයිලයක් බවට පත් කරපු අය අතර, බස්සි , ඉවාන් , මාතලන් ඉන්නේ ගොඩාක් ඉදිරියෙන් ( තව ඉන්නවා )

    * බස්සිගේ හැකියාව වගේම , ඒ හැකියාවට නිර්ලොභීව වටිනාකමක් දෙන ඔබවත් අගය කරනවා.

    සුභම සුභ නව වසරක් වේවා මාතලන් ...!

    ReplyDelete
  25. මාතා............................

    පෙට්ටි කඩනවානම් ඉතින් අපිත් ඒතන අනිවා ඉන්නවා උඹත් ඒක්කම

    සුභම සුභ නව වසරක් වේවා................................

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. එසේම වේවා කයි පද බඳින රෙජීමයට....!!!

      Delete
  26. පට්ට ලිපිය මාත ලොක්ක. ඔයා ඔච්චරටම රෙකමන්ඩ් කොරන නිසා බස්සිගෙ නවතැනටත් ගොඩ වෙන්න ඕන. සුභම සුභ නව වසරක් පතනව මාතලන් සහ ඔහුගේ රසික කැලට. සිංහල බ්ලොග් කලාවට මාතලන්ගේ තිබෙන අසීමිත කැපවීම සහ ආදරයට නැවත වරක් හිස නමා ආචාර කරමි. (password eka amathaka nisa ano awa... kangaruwaa malli)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා කැන්ගරූ මල්ලි....

      Delete
  27. මාතලන් ගේ අදහස් අකුරක් නෑර තිතක් ඉරක් කොමාවක් නෑර අනුමත කරන්න පුළුවන්.

    බස්සිගේ නවාතැන කියන්නේ ඕන කෙනෙක්ට ඕන දෙයක් ගැන මොනවා හරි දෙයක් ලියවෙච්ච තැනක් , බ්ලොග් ඉඩක්.
    භාෂාව සුපිරි. හැකියාව අති සුපිරි.

    ඒ හින්ද කියවන අපිට පට්ට සුපිරි.
    ඔන්න ඕකයි විභීෂණ ට තේරුණු දේ.

    ඔහොම බ්ලොග් අඩවි තියෙන්නේ බොහොම අතලොස්සයි. ඒ වගේ දෙයක් කරන්නත් පුළුවන් බොහොම අතලොස්සකට විතරයි.

    බස්සිට ජයවේවා. බස්සි දිනේවා.

    ReplyDelete
    Replies
    1. අනිත් බ්ලොග් එක්ක බැලුවම ඒකි ඉන්නේ සෑහෙන ඉදිරියෙන්.. වෙනස තමයි අළුත් විදියට හිතන එක..

      Delete
  28. Wish you a happy new year !!!

    Sanoj-Sydney

    ReplyDelete
  29. බස්සිගෙ බ්ලොග් එක අහම්බෙන් දැකල මුල ඉඳලම කියෙව්ව. කමෙන්ට් කලා. නමුත් එක දවසක් දාපු කමෙන්ටුවකට අභූත චෝදනා කරල ඒවයෙ ස්ක්‍රීන් ෂොට් දාල බුකියේ දැමීමත් සමඟ මම ඒ බ්ලොග් කියවීම නැවැත්තුව. රෝලෙන් අයින් කලා. බුක්යෙ අන්ෆ්රෙන්ඩ් කලා!

    කෙනෙක් දක්ෂ වෙන්න පුළුවන්, නමුත් කෙනෙකු ලඟ තියෙන්න ඕන නිහතමානීකම නැතිවුනාම එයාගෙන් වැ‍ඩක් නෑ. ඔය කියන බ්ලොග් කාරිය ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි.

    හරි ඒවයෙන් වැඩක් නෑ. උඹටත් හාමිනේටත් කොලුපැටියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. හැමෝටම හැමෝම දිරවන්නේ නෑ. ඕකී මාත් එක්කත් එකසිය ගානට පැටලුනා.. ඒ කියලා ඒකිගේ ටැලන්ට් එක අවතක්සේරු කරන්න බෑ.. ඒක උඹේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය..

      උඹලා තුන්දෙනාටත් ප්‍රාර්ථනා කරනායුරින්ම මෙත් මල් පිබිදේවා.....!!!

      Delete
  30. බස්සිගේ මම බලපු පලවෙනි පොස්ට් එකේම කමෙන්ට් වලට උත්තර දීල තිබ්බ විදිහෙන්ම, කමෙන්ට් කරන එක වගේම ආපහු එතනට යන එකත් නැවතුනා.
    හෙන්රි කියන්නෙ පරිවර්තන හැකියාව උපරිමයෙන් තියන කෙනෙක් වගේම නියම මහත්මයෙක්.
    මාතලන්, ඔබ ඇතුළු සියලු බ්ලොග් ලියන්නන් එකම ගොඩකට දාල ස්තුති කරන්න ඕනෙ තමන්ගෙ කාලය කැප කරල කියවන්ඩ ඉන්න අපි වෙනුවෙන් දෙයක් ලියන එකට.
    මාතලන්ටත් , හාමිනේටත් , දරු පැටියටත් සුභ නව වසරක් වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. උඹට නෙමෙයි මටත් පලු යන්න බැන්නා... ඒත් මම ඒකිගේ ටැලන්ට් එක දැක්කා.. අගය කිරීමට ස්තූතියි...

      උඹටත් සුභම සුභ වසරක් වේවා මචෝ....!!!

      Delete
  31. බස්සිගෙ තියෙන්නෙ පුදුම ටැලන්ට් එකක්. ඇත්තටම ඒ බ්ලොග් එකේ ලියල නැති දෙයක් නැහැ. මාත් බුකියෙ ඉද්දි දකිනව බ්ලොග් එකට දාන ඒවාට අමතරව දාල තියෙන පොඩි පොඩි කවි අනං මනං. ඔය වගේ හරිම සරලව හිතට වදින විදිහට ලියන්න පුළුවන් අය ඉන්නව ඇත්තෙ අතලොස්සක් උනත් මම එහෙම කෙනෙක්ට තාම දැකල තියෙන්නෙ බස්සි විතරයි. මට හිතෙන විදිහට බස්සි එක රාමුවකට කොටු වෙන්නෙ නැතිව ලියන්නෙ ඇයගේ තියෙන උගත්කම සහ සහජ හැකියාව කියන දෙකම මික්ස් වෙලා හැදිල තියෙන අපූරු ටැලන්ට් එක නිසා වෙන්න ඇති. බස්සිට සුභ පතන ගමන්ම මාතලන් බොස්ටත් මේ වගේ දේවල් දැනුවත් කරන්න දාපු ලිපියට ස්තුති වන්ත වෙනව. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි...

      Delete
  32. අනේ මන්ද......
    උඹට තනි කමට ලියන්න ගනින් .....සම්මාන දීල......
    මට නම් එයා ....නලලෙ තියාගෙන ඉන්න කෙනෙක් ....බස්සට ලියන්න දීල....
    කැට ඕන නම් ...කියපං ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඔය විවේචනය එකසිය ගානට තියෙනවා... මම නම් ඒක දකින්නේ හොඳ ලක්ෂණයක් විදියට.. මොකෝ උඹත් ඒ වගේ.. මමත් ඒ වගේ.. ඒ නිසා.. නමුත් ටැලන්ට් එක ගැන අවුලක් නෑ නේ...

      Delete
  33. මයෙ බස්සි මචන්ට සුබ පැතුම් මුලු හදවතින්ම! <3 <3 <3 <3

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න