.

.

Dec 7, 2014

අපායේ ක්‍රිස්මස් - Christmas in Hell


කවදා හරි යන්න වෙන තැන හින්දා, අපාය පැත්තේ විසිට් එකක් දාලා එන එක මාතලන්ගේ පුරුද්දක්, ටික කලකින් ඒ පැත්තේ ගොහින් ආවේ නැති නිසාත්, නිතරම ඇවිල්ලා පලයන් මාතේ කියලා, අතිගරු යම රජුගෙන් නිතර නිතර කෝල් එන නිසාත්, පෝය දවසේ ඒ පැත්තේ ගිහින් එන්න කියලා, උදේම පිටත් උනා. කොහොමත් නිවාඩු දවසක, එතුමා අල්ල ගන්න එක ලේසියි.

ගේට් එකේ ඉන්න යම පල්ලො, මාතලන් හොඳට අඳුනනවා. උන් ඔය 88-89 කාළේ, ජෙප්පොන්ට ටයර් මාල දාලා, ගිනි කෙලි පෙන්නපු උන්. ඉතින් කිසි කතාවක් නෑ, ෂටර් එක පහත් කරපු ගමන්, මාතලන් ඇතුලේ. ඒ කියන්නේ යම ළෝකේ.

වාසලට ගොඩ වෙන කොට, දෙන්නෙක් ඉන්නවා දැකලා පුරුදු, හැබයි උන් ටයි එකකුත් දාලා, ඒ කියන්නේ මොකක් හරි තත්වයක් තියෙන උන්. එතනත් පොඩි ඉන්ටවීව් එකක් වගේ සීන් කෝන් එකක් දාලා අළුතෙන්. එකෙක් උඩු රැවුල එක්ක, හොඳ කඳ බඩ මහත පොරක්, අනිකා ඇඟ පත දිරපු, හිනාවෙන මුණකුත් එක්ක, කන්නාඩි දාපු පොරක්, නෑ නෑ උඹලා හිතන දෙන්නා නෙමෙයි. ප්‍රභාකරනුයි, තමිල් චෙල්වමුයි. මාතලන් දැකපු ගමන්, තමිල් චෙල්වම් හඬ අවදිකලා.

නී යාර්..?

යාර්.... යාර් ඉල්ලෙයි ඩා, අඩි..... නාන් තාල් මාතලන්...

මාත් ඇරියේ නෑ..., ඔහේලාට කියන්න, මොකෝ නම මාතලන් උනාට, අපිත් හොඳ බවුමික අන්ඩවාත පවුල් වල, ඒකිය ගම්මානවල, දේශහිතයිසී, දේසප්‍රේමි, දේසමාමක පොරවල්, අපි බය වෙනවද මෙ හාල්පාරුවන්ට. ඔහේලට කියන්න මූ ටිකක් ගැස්සුනා. ඒ පාර, ඌ අහපි,

එන්න පෝරේ...? කියලා..

මුන්ට මොකටද බය වෙන්නේ.., පෝරේ නෙමෙයි ඩෝ... මම කැළණියේ, අපි ඇවිල්ලා, මර්විල එක්ක එකට මුන්නේස්වරම් යන කොල්ලෝ.., ඕනවට වඩා ආවොත්, බඳිනවා තෝ අල්ලලා කටු ඉඹුලේ..

එහෙම කිව්වම ඌට හිනා ගියා..

කටු ඉඹුල්... හඃ හඃ හඃ..... කටු ඉඹුල් ඔක්කෝම නෑ අයියා. යේක යෝක්කෝම ඕල්ඩ් පනිෂ්මන්ට් නේ යෙප්පා.. දැන් ඔක්කෝම අළුත් සිස්ටම් තියෙන්නේ.. ෂරි ෂරි මොකක්ද මෙහේ එන්න කේස් එක..?

කේෂ් එක, කේෂ් එක මගෙන් අහන්නේ...., ඇයි ෆයිල් නැද්ද..?

මොන ෆයිල්ද අයියා.. ඒ බය කරන්න ඔක්කොම කියන කතා ඔක්කොම නේ... යේක් යේම ෆයිල් නෑ.. කොම්පියුටර් ෆයිල් වගයක් නම් තිබ්බා.. යේකත් උසාවියේ යෙකා ආවා තමයි, ඩිලීට් ඔක්කොම කොරලා..

අම්මට හුඩු අළුත් කඩේ එකෙක් වෙන්න ඇති..? ඒවා වැඩක් නෑ...., ලොක්කට කියනවා මාතලන් ඇවිල්ලා කියලා...., ලොක්කා මගේ බොක්ක.

ආ යේමද.? යේනං පෝඩ්ඩක් තමා ඉන්න වෙනවා. සෑර් බණ තමා තලනවා.. ෂොරි ශොරි.. බණ තමා හානවා..

මොකා ලොක්කා බණ අහනවා..? අප්පට් හුඩු මෙහෙත් එහෙමද? එහෙත් එහෙමනේ. අවුලක් නෑ එහෙනම් මම ඉන්නම්. ආයේ එන්න බෑ...

විනාඩි 30-40 ක් ගියා, බණ ඉවර වෙන වෙලාවත් හරි, ලොක්කා තාම නෑ.

පොඩ්ඩක් කෝල් එකක් අරගෙන බලනවකෝ, මොකෝ බොස් තාම නැත්තේ කියලා..

ෂරි ෂරි යේක පඬියා නොවී ඉන්නවා..., මැසේජ් ඔක්කෝම සෙන්ඩ් කරලා තියෙන්නේ..., එයා එන වෙලාවට එයි..

තව විනාඩි 30 ක් විතර ගියාම, ඕන් අරූ කිව්වා යන්න ඇතුලට කියලා.

කොම්ප්ලිමන්ට් ඔෆ් ද සීසන් සෑර්..!!!

සෑම් ටූ යූ...., සෑම් ටූ යූ....!!! හලෝ මාතා..., කොහොමෙයි ඉතින්...?

අවුලක් නෑ සෑර්...., ඔයා වගේම එක්කෙනෙක්ගෙ පිහිටෙන්, අපේ වියදමින්, ඕන් ඔහේ දෙන දෙයක් කාලා, වෙන දේ බලාගෙන ඉන්නවා..

බොරු කියන්න එපා මාතේ. දැන් එහෙ කානිවල් නේද..? අපායේ නම් ක්‍රිස්මස්....

අප්ප්ට හුඩු..., මෙහෙත් එහෙමද...? එහෙත් එහෙමනේ.., වෙස්සන්තර යුගේ වගේ, දෙනවා බඩ යන්න. ඒක නෙමෙයි සෑර්, බය නැද්ද අර යක්කු ළඟ තියාගෙන ඉන්න, ඔබ තුමාට උනත් ගේමක් දෙන්න පුළුවන්, දන්නවද උන් කව්ද කියලා.?

හඃ හඃ හඃ..... දන්නවා දන්නවා.., උන් ෂුවර් ඕයි අපේ උන්ට වඩා, මහ එකා මෙහේමයි ඉන්නේ, අනිකා ඔය ප්‍රොවින්ස් එකක් බාරව ඉන්නේ..

අප්පට හුඩු..., මෙහෙත් එහෙමද? එහෙත් එහෙමනේ..

ප්‍රභා නම් ආපු දවස්වල අඬ අඬා හිටියා, ආඩ වනේ.... ආඩ වනේ..... කිය කියා..,

ඒ මොකෝ..., ඊළම ගන්න බැරි උන නිසා වෙන්න ඇති..?

මගුලක් කතා කරනවා..., ඊළමක් නෙමෙයි බං. කරුණා වගේ සෙට් උනා නම්..., අද අගමැති මමයි සා....මී, කියලා..

ඒක ඇත්ත.. ඒත් දැන් ඉතින් ටූ ලේට්නේ..?

ආ ඒක නෙමෙයි..., මම මේ පරක්කු උනේ ඇයි දන්නවද මාතේ...?

ඇයි සෑර්..?

මේ ළඟදි ආපු ජර්නලිස්ට්ලා දෙන්නෙක් ඉන්නවා, එකෙක්ව දැම්මා අසූචී වලේ. දාපු ගමන් මූ කිසි අවුලක් නැතුව හිනාවෙලා, බාල්දියක් ඉල්ලුවා. ඉතින් ජර්නලිස්ට් කෙනෙක් නිසා ඒක දුන්නම, මේ යකා ගූ නානවා කිසි අවුලක් නැතුව.

ඔය අර මඩපාත, මඩ බාල්දියා වෙන්න ඇති..?

හරියට හරි.., පිලියන්දල, මඩ පාත තමයි..

අයියෝ සෑර් ඕවා මොනවද..? අපරාදේ වලට දැම්මේ. ඒ යකා ඔබ තුමාට පුළුවන් කොමඩ් එකට ගන්න. ඒ තරම් පක්ෂපාති හිතවත් පොර..

අම්මට හුඩු ඒකත් එහෙමද..? එතකොට තව එකෙක් ඉන්නවා. ඌ ළෝදිය බොනවා, නිකන් පිලවුඩ්ස් වල අයිස් මයිලෝ ගහනවා වගේ.., ගොඩක් වෙලා ගියේ, ඌට අළුත් එකක් හදන්න කියලා, ළෝදිය ඩිපාර්ට්මන්ට් එකට ඕඩර් එකක් දෙන්න ගිය නිසා. මොකාද මේ.... ඉසුරිද කව්ද කියලා..

ආ හරි හරි.., අප්පට හුඩු..., මොනවා හැදුවත් වැඩක් නෑ සෑර්.. අන්තිම කාළේ ඌ මෙළෝ දෙයක් ලිව්වේ නෑ.... බීපූ එක විතරයි කලේ.. මොනවා හැදුවත් වැඩක් වෙන්නේ නෑ.. අනික ඉතින් උගෙන් ඇති වැඩකුත් නෑ..

මේ දවස්වල අපිත් ෆුල් බිසි මාතා, අර එහේ යුද්දේ කාළේ, ජෙනරල් හොස්පිටල් එක ඇලර්ට් එකේ හිටියා වගේ, අපිත් ඕන ගානක් කැෂුවලටිස් වලට රෙඩි වෙලා ඉන්නේ. කී දෙනෙක් එයිද කියන්න බෑ නේ...?

ඒක ඇත්ත සෑර්.. තාම එකෙක්වත් ආවේ නැති උනාට, ළොකු ගානක් එයි වගේ.

එන උන් ඔක්කෝම අරූට..., ප්‍රභාට...., තමයි බාර දෙන්නේ. ඌ අළුත් පනිෂ්මන්ට් ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ. අළුත්ම එක තමයි පොරවෙන් ඔලුවට ගහලා, අපාය වටේ ඩාන්ස් කර කර යන එක. මාතලන්ට ඉඳලා හිටලා හරි මෙහේ මතක් උනාට, ඔය ගොඩක් උන්ට මෙහෙම එකක් තියෙනවය කියලා වගේ වගක් නෑ නේ මාතා.

එක හරි.

දැන් කවුරු දිනයිද මාතා..?

ඒක නම් දැන්ම කියන්න බෑ සෑර්. තව සර්කස් වගයක් ළබන සුමානේ තියෙනවා කියලා හැම එකාම කියනවා.

බිප් බිප්....

එක්ස්කියුස් මී සෑර්.. කෝල් එකක් කමක් නැද්ද කතා කලාට..?

අවුලක් නෑ සල්ලි දීලා ඕවා ගන්නේ ඒකට නේ.. කතා කරන්න.. කතා කරන්න..

හෙලෝ.... මාතලන්..

හෙලෝ.... ඉයේස්......... ඉස්පීකින්..

ඈම් සැන්ටා හියර්..

හුටා සැන්ටා....., ඉයෙස් ඉයෙස් සැන්ටා.... හව් ආර් යූ.?

ලොහ් ලොහ් ලොහ්.... ඈම් ෆයින්.. හව්බවුට් යූ..?

අවුලක් නෑ සැන්ටා, මාත් මේ සැන්ටට කෝල් එකක් දෙන්න හිටියේ...

මොනවද ක්‍රිස්මස් වලට මාතලන්ට ඕන....? මොන වගේ ඒවට මිනිස්සු කැමති වෙයිද?

අපෝ සැන්ටා..., අම්මට සිරි ලංකාවේ පැත්ත පලාතේ එන්න එපා. නත්තල් පප්පා ආවේ, නොවැම්බර් මාසෙ මැද හරියේ වගේ ඉඳලා.. දැන් අපායෙ නත්තල්..., ෂොරි ෂොරි මේ....., දැන් අපිට හැමදාම නත්තල්..

මොනවා...!!!....? ඩිසෙම්බර් ෆස්ට් නේ මාතාලන් සීසන් එක පටන් ගන්නෙත්...?

පිස්සුද සැන්ටා....., සැන්ටා එන්න එපා පැත්ත පලාතේ, ඔය දෙකයි පනහේ තෑගී අරගෙන.. මෙහෙ උන්ට දැන් නත්තල්, පප්පා කෙනෙක් බෙදනවා බෙදිල්ලාක්, ආයේ, ළොකු පොඩි කියලා බලන්නේ නැතුව.. දැන් දෙන්නේ මෝටර් සයිකල්, සැලරි වගේ ඩබල්, බෝනස්, රස්සා, බටා හුටා ඔක්කෝම, ඒ ආන්ඩුවේ උන්ට, ඩීසල් පැස්ටෝල් පට්ට ලාබයි. වෙනදට, ඔපෙක් එකේ අඩුවෙලා, මාස දෙකක් ගියාම දෙන්නම් කිව්වට, ඒ දෙන්නෙත් නෑ....,  දැන් ඉල්ලන්නත් කලින් දෙනවා..., ගෑසුත් අඩුයි.... හාලුත්, මාෆියා එකෙන් අරගෙන, 50 ට දෙනවා කිව්වා. හෙට අනිද්දට තව දෙයි..

කව්ද අප්පේ එහෙම දෙන නත්තල් පප්පා....? හරි හරි මම දන්නවා..., අර පෝප් එනකන් බලාගෙන ඉන්න, අපි වහේම රෙඩ් කලර් ටවල් එකක් කරේ දාගෙන ඉන්නේ...., එයා නේද.?

එයා මොන සැන්ටද...? එයා දැන් අවුරුදු දහයක් ඉඳලා, මෙළෝ දෙයක් දුන්නේ නෑ..

එහෙනම් කව්ද මාතලන් කව්ද....? එහෙම ලෝස් බෝස් නැතුව දෙන පප්පා..?

මෛත්‍රිපාල සිරිසේන පප්පා.. දැන් අපිට හැමදාම නත්තල්..මෙරි ක්‍රිස්මස් සැන්ටා..!!!

මෙරි ක්‍රිස්මස් මාතා... මෙරි ක්‍රිස්මස්...!!!

අප්පට හුඩු මාතා.., සැන්ටත් දන්නවද..?

අපෝ මගේ බොක්කක් තමයි, කන බොන මිනිස්සුනේ සෑර්...

ඒක නෙමෙයි, එහේ නත්තල් නම්, මාතා මොකටද මේ මළ පෙරේත ළෝකේ අස්සේ රිංගුවේ..?

ඔක්කෝම අඩු කරාට...., ඒ පප්පටයි අනිත් පප්පටයි දෙන්නටම, සිකැරටුයි, අරක්කුයි, පේන්නේ බෑ.. කොල්ලුපිටියේ පප්පා, හැම දාම ටැක්ස් එක වැඩි කරනවා. පොළොන්නරුවේ පප්පා ආවොත්, බඩු හොයා ගන්නවත් වෙන්නේ නෑ.. බඩු නැතිව මොන ක්‍රිස්මස්ද සෑර්..?

ඒක ඇත්ත...., ඒක ඇත්ත...

අනේ සෑර් තියෙනවනම්, ඔය කැහි කූරූ ටිකකුයි, බෝතලයක් දෙකකුයි තියෙ නම් දෙන්නකෝ..., ඔබ තුමා මෙතේ බුදුන් දැක නිවන් දකින්න...

52 comments:

  1. මෛත්‍රී සැන්ටා තව ගොඩක් දේවල් ලෑස්ති කරගෙන ඇති දෙන්ට...

    රයිස් කුකර් වගේකුත් දෙන්නලු ලෑස්තිය...

    කොහෙන නවතියිද මන්ද...
    ------------------------
    ආයේ ඉතින් කියන්න දෙයක් ඉතුරුකරලම නැහැ බොස්...

    සුපිරි එකෙත් සුපිරිම එක...

    ReplyDelete
    Replies
    1. //රයිස් කුකර් වගේකුත් දෙන්නලු ලෑස්තිය...//

      පුන්නක්කු කවද්දෑ බං රයිස් කුකර් වල තැම්බුවේ. චැහ් .. ඕං අපිටනං එපා.. !!!

      Delete
    2. ආප්ප තාච්චි වගේකුත් දෙන්න ඉඳලා තියෙන්නේ.. ඒත් ඒවා ඔක්කෝම උණු කරන්න කියලා..

      @ පත්තරේ

      පට්ට කොමෙන්ට් එක බං

      Delete
  2. ගෝඩා හැළියක් රෙඩි කරලා තියපන්.ඡන්දෙට ආපුවම මෛත්‍රී ගෑස්වලින් පෙරා ගන්න.

    ReplyDelete
    Replies
    1. එයා ආවොත් නම් දේශීය කර්මාණ්තෙට හොඳ අනාගතයක් තියෙයි වගේ..

      Delete
  3. අශ්චර්යලන්තේ දැන් සැන්ටල දෙන්නෙක්ම ඉන්නවනේ මේ පාර රියල් සැන්ටට එන්න එපා කියමු. ;)

    ReplyDelete
    Replies
    1. සැන්ටලා මක්කටද අප්පා එවරිඩේ ක්‍රිස්මස් නේ...

      Delete
  4. //එකෙක් උඩු රැවුල එක්ක, හොඳ කඳ බඩ මහත පොරක්, අනිකා ඇඟ පත දිරපු, හිනාවෙන මුණකුත් එක්ක, කන්නාඩි දාපු පොරක්, නෑ නෑ උඹලා හිතන දෙන්නා නෙමෙයි. ප්‍රභාකරනුයි, තමිල් චෙල්වමුයි. //
    අනේ...! අනේ...!

    ReplyDelete
  5. //තව විනාඩි 30 ක් විතර ගියාම, ඕන් අරූ කිව්වා යන්න ඇතුලට කියලා.// මොකද මනුස්පයෝ අපේ අරුව අපායේ ජොබ් එකකට යැව්වේ?

    ReplyDelete
    Replies
    1. කොහොමත් එහේදි සෙට් වෙන පිරිස නේ මචෝ..

      Delete
  6. මොනව උනත් ජනවාරි 8න් පස්සේ කින් යමට රජ පට්ටම බේරගන්න ලොකු ගේමක් දෙන්න වෙන පාටකුයි තියෙන්නේ....මෙහේ ඉන්න ප්‍රබල රජෙක් 8න් පස්සේ ඒ පැත්තේ යන්න රෙඩි වෙලාලු ඉන්නේ...පවුල් පිටින්ම,ලේසිවෙන එකක් නෑ කින් යමට.මේ පවුලේ තුන් වෙනියා අපායෙන් බාගයක් විතර ලියාගන්නලු ලෑස්තිය..කටු ඉබුලත් කපලා විකුනන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ,ලෝදිය වලින් එතනෝල් හදන සැලසුමකුත් දැනටම හදලා ඉවරයිලු.ඒ අතරේ යම පල්ලන්ට කෑම පාර්සලේකුයි ගල් බෝතලේකුයි දීලා ගල් බලකාය කියලා සන්විදානයක් හදන්න දැනටම සාකච්චා පටාන්ගෙන කියලයි බුද්දි තොරතුරු කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඔය ගොයියා ගියොත් නම්, අපායෙත් ආස්චර්ය කැට අල්ලලා පේව්මන්ට් දිගේ ,දුවවයි යමපල්ලන්ව ඩෙක් ශූස් දම්මලා

      Delete
    2. හැබයි එහේ ගියොත් නම් අපායටත් ආශ්චර්යේ උදාකරනවා ආයේ දෙකක් නැතිව...

      Delete
  7. ඇත්තට my3ලොක්කට ස්ලොගන් එකක් හැටියට ඕක පාවිච්චි කරන්න පුලුවන්. කොහොමත් අපි බඩෙන් ඡන්දේ දෙන කට්ටියනේ . එතකොට ඒ තුරුම්පුවත් නලිෆයිඩ්

    ReplyDelete
    Replies
    1. භාරත ආසියත් ඇදලා තියෙන්නේ...

      Delete
  8. මෙන්න අපේ එකෙක්..අපායට ගියත් තෙලක් නොදා දුමක් නොදා පුලුවනැ?
    ලියවිල්ල එල ද බ්‍රා
    බෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. කලිං දැනගත්ත එක හොඳා..නැත්‍තං අපායෙදි ප්ලේන්ටියක් ගැහුවට ගැහුවෙ නෑ වාගෙ

      Delete
    2. 13 විතර ඉඳලා බ්‍රෑන්ඩ් එක මචෝ...

      Delete
  9. අන්තිමට අපායටම න්ට වුණා දුමක් කාරිය ණයට ඉල්ල ගන්ට...
    ආර මාජ්ජවේදී උන්නහේල දෙන්න ගැන කියපු එක ගැන නං සමාර අය කැමති වෙන්නැති වෙයි. ඇය් අප්ප ඒ අයට එයාල තරං පොරවල් නෑඋ නෙව
    හිහි

    ReplyDelete
    Replies
    1. එයාලටත් ඉතින් එහේදි සෙට් වෙන්න බැරිය...

      Delete
  10. \\ඔබ තුමා මෙතේ බුදුන් දැක නිවන් දකින්න...//

    ඒ කියන්නේ උදැටත් මෛත්‍රී සරණමද?

    ReplyDelete
    Replies
    1. එහෙම පොඩි හින්ට් ගොඩක් මේක ඇතුලේ තියෙනවා..

      Delete
  11. මෙතේ රජුන් කල
    ලොවේ උතුම් රට
    ඉල්ලන්කාව වේවා .....

    කලින් කියල එන්න එපයි මාතේ අපායේ එනවනම් , පහුගිය දවස් ටිකේම මාත් එහෙ හිටියේ .. ඔ යේස්

    ReplyDelete
    Replies
    1. යකෝ..නත්තල් සියා දැක්කා වගේ සතුටුයි..

      Delete
    2. කොහෙද අයිය ගොස් සිටියේ........
      උම්මා.....

      Delete
    3. අපි මානව හිමිකම් එකටත් ලිව්වා අතුරුදහන් කියලා.

      Delete
    4. අවසන් වරට දුටුවිට කිසිවක් ඇද සිටියේ නැත..

      Delete
    5. කට්ටිය මාව පොදු අපේක්ෂක යකා කරන්න හැදුවා බන්ස්ලා මං යන්තන් හැංගිලා බේරුනා , පස්සේ එලියට ඇවිත් බලද්දී පක්ෂ දෙකේ බෝඩ් දෙක විතරයි තිබ්බ විදිහට තියෙන්නේ , කට්ටිය දෙපැත්ත මාරුවෙලා

      Delete
    6. ආරාචිංයි... අරාචිංයි... අපායේ උන්නේ කියලා...

      Delete
    7. //කට්ටිය දෙපැත්ත මාරුවෙලා //
      මහ ලේකම්ල දෙන්න

      Delete
  12. තව තියෙනවා අඩු කරන්න...
    මසාංජ් ක්ලිනික් වල අය කරන ගාන....
    නයිට් ක්ලබ් වල කවර් එක
    කෙල්ලොන්ගෙ ආඩම්බර
    ආදී වශයෙන්......

    ඇලා

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ගේ ආඩම්බර නම් මොකා ආවත් අඩු කරන්න නම් බැරිවෙයි.. දෙවියන් වහන්සේ දීපුවා නේ..

      Delete
  13. ඔක්කෝම අඩු කරාට...., ඒ පප්පටයි අනිත් පප්පටයි දෙන්නටම, සිකැරටුයි, අරක්කුයි, පේන්නේ බෑ.. කොල්ලුපිටියේ පප්පා, හැම දාම ටැක්ස් එක වැඩි කරනවා. පොළොන්නරුවේ පප්පා ආවොත්, බඩු හොයා ගන්නවත් වෙන්නේ නෑ.. බඩු නැතිව මොන ක්‍රිස්මස්ද සෑර්..?
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    හැක් හැක් ....

    ReplyDelete
    Replies
    1. ආන්න ටෝක්ෂ් එක .. ඕ යේස්

      Delete
    2. තව එකක් අඩුයි ඔතන... පෝක්... පෝක්...

      Delete
  14. ප්‍රභාට යන්න වෙයිද?

    ReplyDelete
  15. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට ටික යන්න කලින් යම රජ්ජුරුවන්ට ට්‍රැම්පොලින් එකක් වගේ ගන්න කිව්වොත් හොඳයි මාතෙ. මුන්ට එතකොට අපායෙත් මෙහෙ වගේම පැන පැන ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එහේදි ඉතින්, කක්කා වල මාරු කරන්න තමයි තියෙන්නේ. මෙහේ වගේමයි... කොයි වලත් එකයි...

      Delete
  16. හුටා සැන්ටා.. පට්ට පට පට.. :D

    ReplyDelete
  17. මරා අපායේ ගියොත් ඔන්න යමයගෙත් කණෙං රිංගලා දහ අටවෙනි සංෂෝධනයක් ගෙනල්ලා සදාකාලෙටම එහෙත් බලේ ඉන්ඩ ක්‍රමයක් හදා ගන්නවා ශුවර්.

    ReplyDelete
  18. අපායෙත් ලොක්කාගේ කටවුට් එහෙම දැක්කේ නැද්ද..? :D

    ReplyDelete
  19. හරි ජොලි .... මේ නිකමට අහන්නේ අපායේ මහ ලේකම් කවුද මාතලන් .. ? දැනුම මිනුම ප්‍රශ්නෙකටවත් ඇහුවොත් කියල ...දැන ගෙන ඉන්න

    ReplyDelete
    Replies
    1. දැනට ඉන්නේ තමිල් චෙල්වම්.. අනාගතේ කව්ද කියන්න බෑ..

      Delete
  20. අපිත් ඔය වගේම drama එකක් කොලානේ මාතේ .. :) නායකත්ව පුහුණු කෑම්ප් එකේ .. මෙන්න එකෙන් කොටහක්
    https://www.youtube.com/watch?v=1dXmvXji9_w

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න