.

.

Dec 17, 2014

එකා අධිපති භීතීකාව... - Fear of a Dictator


..
බියව ඇත,
දැහැමින් සෙමෙන්,
පාළණය,
ගෙන යන,
රජකු,
මැති ඇමතිවරු,
වන්දිභට, 
සට්ටැඹි,
නැකත්කරු...
යාවි යැයි,
තැතිගෙන.
හේග් සහ ජිනීවා,
නිරය වෙත.
කිසිවකුට
බිය නැති,
වීරයෝ..!!! 
කෑ ගසති,
වියරුවෙන්...
දෙසති,
"කුමන්ත්‍රණ"
"සම්මන්ත්‍රණ"
"සකච්ඡා"
"ඩයස්පෝරා",
සමඟ...
අඬති වැලපෙති,
හොටු පෙරාගන...
සිහිනෙන් පෙනී...
කටු ඉඹුල,
ළෝ දියර,
විදුලි පුටු....
අත්වේ යයි,
විපත්...!!!
ගාඩාපිට,
හිට්ලර්ට,
සදාම්ට,
මුබාරක්ට,
අත්වූ......
කිම්ද,
බිය වන්න,
කාරණ...?
ඔවුන්,
"එකාධිපතියෝය"
මොවුන්,
පින්වත්,
සුසිල්වත්,
ජහ මන හිතකාමී,
අප මහ රජාණෝය...!!!
දැයේ දරුවන්ගේ,
ආදරණිය පියානෝය...!!!
සහ පිරිවර,
හා
කටු කන
බල්ලෝය.

-v-

68 comments:

  1. ඔක්කොටම පිස්සු මාතලං අයියේ.මටත් දැං නිකං පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. ඒක තව හොඳා.. මට මඤ්ඤං..

      Delete
  2. "අපි බය නෑ අපි බය නෑ. මෛත්‍රී කවුද යකෝ අපිට"
    ඔහොමයි කතාව. ඇයි ඉතිං මේ සටේජ් පුච්චන්නෙ? කනත්ත ලඟින් යද්දි කුනුහබ්බ කියන්නෙ යක්කුන්ට වැඩිපුරම බය එවුන්.

    ReplyDelete
    Replies
    1. ම් ඒකේ තව පැත්තක් සිතන්න තියනවා.
      කනත්ත ලඟින් යනකොට ඉතිපිසෝ ගාථාව කියන අයත් සිටිනවා නේද?

      Delete
    2. මරු කොමෙන්ට් එක බං... දැන් දපනේ වැටිලා හිටපු යක්කු "හූ" තියනවා...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ආයුබෝවේවා මහ රජාණෙනි.. කවුරු හරි අල්ලන්න ආවොත් දනගහල 'මවුබිමට' වැන්දනම් ආයේ ලොවෙත් නෑ.. බඩු ශේප්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. සිරාටත් තියෙන්නේ මත්තල හරි ගිහින් දනගහලා පොළොව බදා ගන්න...

      Delete
  5. හ්ම්ම් හ්ම්ම්ම්...... කටු කන බල්ලෝ තමයි වැඩිපුරම බයවෙලා ඉන්නේ...

    හැබැයි උඩ දාල තියෙන පින්තුරේ විස්තරේ තමයි මට වැඩිපුරම හිතට ඇල්ලුවේ....

    ReplyDelete
    Replies
    1. කට්ටෙ සොමිය නැති වෙනවනේ... අරක මරු කියමන නේ...

      Delete
    2. පින්තුරේ නම් හරියටම හැරී තමයි.

      Delete
  6. මෙච්චර බයනම් ඇයි අප්පා ඡන්දයක් ගෙනාවෙ. කවුද ඉල්ලුවේ, ජනයාද, යූ එන් පීයද, ජවිපෙද, වෙන කවුරුහරිද. මෙහෙම විදෙස් කුමන්ත්‍රණ කන්දක් තියේනම් ඇයි මේ රට අවධානමක දාන ජනපතිවරණයක් ගෙනාවෙ. අගේට තව අවුරුදු දෙකක් තියෙද්දි.

    ReplyDelete
    Replies
    1. කේන්දරේ අනුව සුදුසු කාලෙට නේ ලොක්කා චන්දෙ තියන්නේ.අනෙක් ඒවා සලකලා බලන්නේ නැහැ. my3 තියා රනිල් ආවත් තීරණ ගන්නේ ඕක අනුව තමා.

      Delete
    2. මං අහන්නෙනං නෑ රත්තරනේ
      හිත හදාගත්තෙ කොහොමද කියලා
      මට දුරින් උන්නු කාලෙදි දැනුනා
      මං මට විතරක් අයිති නෑ කියා

      Delete
    3. උඹට පිස්සු බං.. එහෙම තමයි ප්‍රජාචන්ච්‍රවාදි රටවල්... එවරි ඩේ ඉලෙක්සොන්..

      Delete
  7. මොන පක්ෂේ ආවත් කටු කන බල්ලෝ ටික හොඳ මස් බලාපොරොත්තු වෙන නිසා තමයි රටට කෙල වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උන්ට කොහෙද බං මස්.. කට්ටට ඔච්චර කෑ ගහනවනම්.. මස් දුන්නා නම් කොහොම තියෙයිද...?

      Delete
  8. අපි කාටද බය
    අපිට කවුදෑ බය........

    එකතු කළත් උත්තරේට
    එන්නෙ අපිට බිංදු
    කොයිකවුරුත් පණ යන තුරු
    කියන්නෙ ඔය සින්දු
    කොයි කාගෙත් ඉතිහාසේ
    හැටි නැතුව ද අපි දන්නේ
    ඇලපිල්ලක් වැඩි හින්දත්
    කෙස් ගහ කොස් ගහ වෙන්නේ

    ගමෙන් ඇවිත් සිදාදියේ
    නැංගූරම් දැම්මේ
    බොරු චන්ඩියො අපි දැක්කම
    දුවන්නෙ එක පිම්මේ..
    උඩ කරණම් බිම කරණම්
    කජු කන ගානයි මල්ලී
    පය ලිස්සා බිම වැටුණත්
    අපෙ කොන්ඳ කෙලින් මල්ලී

    මහපාරේ යන අටපට්ටම්
    කැරකෙන කූඩු
    හිනාවුණත් රැව්වත් උන්
    අපිට නොවෙයි පාඩු
    ඔය ආලේ ගල් මාලේ
    කවුදෝ දැම්මේ බෙල්ලේ
    හොඳ කාලේ ආ වේලේ
    බඹරෙත් කැරකේ වැල්ලේ....

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. අම්ම ගායි... මෙහෙම එකක් මම අහල නෑනේ

      Delete
    2. වන් ඇන්ඩ් ඕන්ලි සින්දූර් වෙතින්ම පමණයි...

      Delete
  9. මාතෙ, කෝ බං ලොක්කගෙ ප්‍රතිපත්ති ප්‍රකාෂනේ මේ පාර? මොන උලව්වක්වත් නෑ, හේග් හේග්...!

    ReplyDelete
    Replies
    1. ලොක්කා මොන කියල කියන්නද මේ පාර.ලොක්කට කියන්න තියෙන එකම දේ මම යුද්දේ දින්නා,ඔහෙලාට යන්න පාරවල් හැදුවා. තමුසෙලා මට කළගුණ සලකනවා කියලා තමයි.

      Delete
    2. මක්කටෙයි බං ප්‍රොතිපත්ති ප්‍රොකාසොන.. රාජාන්ඩුවක් ගැන පරණ පොතකින් බලා ගනින්. ඕන් බුදු සිරා නම් එයාගේ එක දාලා...

      Delete
  10. රනිල් ගේ අන්ඩකෝශය කඩා වැටෙන තෙක් ඔහු පස්සෙන් ගිය උදවිය දැන් My3 පස්සෙන් යන්නේ රනිල් හට එවැන්නක් නැති බව අවබෝද වෙලාය....

    මහින්දයා අන්ඩපාලයෙකි... අහල පහල හැමෝටම කටු විසිකරමින් ඉදිරියටම යයි.....

    යහපාලනයට කප් ගැසූ මහත්වරු අවසානයේ නතර වන්නේ සූර චෞරයා වන ම රා ගේ ඔඩොක්කු කුක්කන් වෙලාය...

    ReplyDelete
    Replies
    1. වැඩේ ලේසි වෙන එකක් නෑ වගේ පේන්නේ...

      Delete
  11. හැබැයි ඇත්තටම විදේශීය කුමන්ත්‍රණයක් උන දවසට තමා මුන්ට තේරෙන්නේ.
    .
    අනික් අතර ඉතිං සුද්දෝ අපේ රට අල්ලගන්න හදනවනම් නය ටිකත් ගෙවල ගන්න කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේකට විදෙස් කුමන්ත්‍රණ කරන්න එයි පිස්සෝ.. අහවල් මළදානයක් ගන්නද බං මේකේ...

      Delete
  12. එල ද බ්‍රා නිර්මාන හැකියාව

    ReplyDelete
    Replies
    1. ඒ පාර හැමදාම ඒ කොමෙන්ටුව.. කලින් එළද බ්‍රා...

      Delete
  13. තව මසක් ඇවෑමෙන්
    සියල්ලම අමතකය
    යලිත් තුන් මසක් කල්
    අධිශීතකරණයේ

    එතැන් සිට යලිත් ගෙන
    මිදුන් ලේ හිම කැටිති
    ලෙව කකා හඬනගයි
    රිලවුන් සමග බල්ලන්

    ReplyDelete
  14. මට මේ ඔලුවට ආපු අදහසක් ගැන අහන්නයි ලියන්නේ
    යම් රටක ඒකාධිපතියෙක් බලය අල්ලන් ඉන්නවා කියා හිතන්න
    ඒ රටේ මිනිස්සු ඒකාධිපතිවාදයට විරුද්ධයි එම නිසා ඒකාධි පතියා ඒකාධිපතියෙක් නිසාම අපරාධ කාරයෙක් හැටියට සලකා ඹහු හොඳක් කරත් නරකක් කලත් ඔහුව විවේචනය කරනවා මෙහි ප්‍රතිඵලයක් හැටියට ඒකාධිපතියා වඩ වඩා නපුරු වෙනවා එවිට ජනතාව ඔහුව වඩ වඩාත් දරුණු අපරාධ කාරයෙක් ලෙස හංවඩු ගහනවා. මෙම විශම චක්‍රය අවසානයේ බිහිසුනු ලේවැගිරීමක් වී ඒකාධිපතියා පරරාජය ලබනා

    ReplyDelete
    Replies
    1. තව සැරයක් බලයට ආවොත් ඒක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා...

      Delete
  15. සීරියස්ලි ,...ඔය විදුලි පුටු කතාව ආවෙ කොහොමද? හේග් තියන යුරෝපා සංගමයේ මරණ දඬුවම නෑ. ඇමරිකාවෙ ප්‍රාන්ත කිහිපයක තමයි විදුලි පුටුව තියෙන්නෙ. ඇයි අපිට පුරුදු එල්ලුම් ගහ වගේ එකක් නැතුව විදුලි පුටුව ගැනම කියන්නෙ? ඇමරිකාවිරෝධී සටන් පාඨයක්ද ?

    ReplyDelete
    Replies
    1. හිරේ දානවා කිව්වම කිසි ගතියක් නැනේ. ඒ වගේද විදුලි පුටුවේ ඉන්දනවා කිව්වම ඇඟේ මයිල් කෙලින් වෙනවනේ.

      Delete
    2. @මම දසයා.......හෙහ්....හෙහ්......සුපිරි කියමන....

      Delete
    3. ඔය දසයා දීලා තියෙන්නේ උත්තරේ...

      Delete
  16. 8 වෙනිද පැරදුනොත් විදුලි පුටුව කෙසේවෙතත් ලොක්ක සුමනදාස ගොයියව මරල හිරේට යයිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ජෝතිෂ්‍ය ෙබාරුකළ දෙෙවඥයා.

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. පට්ට කතාව ඕයි...!

      Delete
    4. ඒක නම් අනිවාර්යයි...

      Delete
  17. ලොක්කයි මල්ලියි දෙන්න කතා කරද්දී හඩින් & මුහුණෙන් පේනව වෙනස......
    සිරා කියන සමහර ගොන් කතා අහද්දී .....අර SF අවසාන කාලයෙ කියපු ගොන් කතාද කියල ......
    පුළුවන් තරම් කියවෙන්න ඕන ජනතාවට ලැබෙන වෙනස..........එයා ට බලය ලැබුන විට...

    ReplyDelete
    Replies
    1. සිරාට සප් එක මදි මචෝ..

      Delete
    2. සිරා ට සැහෙන චැලේන්ජ් එකක් දෙන්න පුළුවන්. නමුත් අන්තිමට .................

      Delete
  18. Replies
    1. සිරා කියන ඒවා තමයි රූපේ..

      Delete
  19. අපි සැට් එකම පෝලිං කරල 12 බැරල් එකක් ඇරං බස බස ගාල තියාගෙන යංද
    ඉවරයක්නෙව ඔක්කම

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ.. ඕවා උඩ ඉන්න අය බලනවා...

      Delete
  20. ඔන්න අද මෙෙත්‍රීපාල මහත්තයෙ ප්‍රතිපත්‍ය ඒළිදක්වනවිට විහාරමහාදේවි උද්‍යානයේ ලයිට් කපලා.

    ReplyDelete
    Replies
    1. නිදහස් සාමකාමි මැතිවරණය.. මෙහෙම ගියොත් මෛත්‍රීට මීටීන් තියන්න වෙන්නේ ඡන්ද කොමසාරිස්ගේ කාර්යාලේ ඇතුලේ..

      Delete
  21. කාරණේ කෙටියෙන් කියලා...

    ReplyDelete
  22. කටු කන බල්ලන්ට දඩාවතේ යන්න ඉඩ දීලා තියෙන්නේ කටු කන බල්ලන්ට කලගුණ සැලකීමක් විදියට වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නැතිව බල්ලෝ ඇති කරන්නේ පූට්ටූ දාන්නය බං...

      Delete
  23. කොහොමත් මං ජනාධිපති වෙනකං මේ රට මෙහෙමමයි , ඕ යේස්

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ජාතික පෙරමුණෙන් ඉල්ලලද?

      Delete
    2. මං ඊට කලිං පත් වෙලා විධායක මලහත්ඉලව්ව අහෝසි කරලා යහපාලනේ ගොඩ නගලා ,භෞමික මොකද්දෝ එකත් හදලා.. ද ජා නි,සු ජා නි, ද දේ නි,සේරටමත් මෙව්වා කරලා:D ,අදිකරනය ස්වාධින කරලා දෙන්නං ඉෂ්ම යන්ඩ.. තව ඩිංගක් ඉවසහං..

      Delete
    3. අනේ මටත් ජනාධිපති උපසේන කමක් හරි දියන් අමතක නොකර, පවුලෙ උන්ට සැලකුවයින් පස්සේ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න