.

.

Dec 8, 2014

තිස්ස, මුවාට විද්දේය - Honorable Secretary


ජනාධිපති තුමාට ඊයේ රෑ නින්ද නොයන්න, හේතු දෙකක් තිබුනේය. ඒකත් හරියට අර, ගුඩ් නිව්ස් බෑඩ් නිව්ස් ගේම් එක වගේය. ගුඩ් නිව්ස් එක, තුන් වෙනි පාරටත් රාජ්ජේ පාලනේ කොරන්න නොමිනේසින් දෙන්න යන එකය. එලියට ගිහින් සෙනග අස්සේ රිංගනවා තරම් ආතල් එකක් හොහේද බන් තියෙන්නේ කියලා හිතපු ජනාධිපති තුමා කල්පනා කළේ අදත් මුන් පොඩි උන් උස්සන්න ලෑස්ති කරලා තිබ්බොත් නම් පොඩ්ඩක් අවුල් වේවී නේද කියලාය. මොකෝ වඩා ගන්න උන්ට ඡන්දේ දාන්න මැකෝ ඉඩ නොදෙන නිසාය. අම්මපා එහෙම දුන්නා නම් මම ගොඩේ ගොඩනේ යකෝ කියලා හිතපු ජනාධිපති තුමාට ආයෙත් තනි ආතල් එකක් ගියේය.

බෑඩ් නිව්ස් එක, සෝලංගාආරච්චියා ගිය එකය. මෙච්චර හොඳ දවසක් වෙලාත්, පාන්දරම ඇහැ ඇරිච්ච, හස්බන්ඩාගේ මූණේ කිසි හැඟිමක් දැනීමක් නැති නිසා, මැඩම් ඇහුවේ, මොකෝ ඔහේ කිසි ගෝ එකක් නැතිව ඉන්නේ කියලාය. අද රාජගිරියේ යන්නත් තියෙනවා නේද? මරුමූස් මූණ දාගෙන නම් එතනට යන්න එපා. රට්ටු හිතයි ඔහේ අප්සෙට් එකේය ඉන්නේ කියලා. ඒ නිසා පොඩ්ඩක් හිනා වෙලා ඉන්න අනේ.. කිව්වාම, ලොක්කා කිව්වේ කොහොමද අනේ හිනාවෙලා ඉන්නේ. එක එක දවසට එක එකා පනිනවා නේ කියලාය.

හා එකේන් කමක් නෑ මොනවයි ඔහේ උදේට කන්නේ, බ්‍රිටිෂ් බ්‍රෙක්ෆස්ට් රෙඩි කරන්නද කියලා මැඩම් ඇහුවාම, ලොක්කා කිව්වේ පිස්සුද ඔහේට? අද, කොල්ලයි, බල්ලයි, බැල්ලියි, ඔක්කෝම මේක අස්සේ රිංගන වෙලාවේ, පත්තර කාරයෙක් එහෙම ඕව්වා දැක්කොත් නියමෙට තියෙයි. මට ආප්ප ඇර ඕන කෙහෙල්මල්ක් ලෑස්ති කරන්නේයි කියාය. අරලිය ගහ මන්දිරේ ආසාවටවත් ආප්පයක් කන්න බැරි නිසා. දැන් මඩම් යන්නේත් ජැකලින්ගේ ආප්ප කඩේට කියා, ජනාධිපති තුමාට එහෙන් මෙහෙන් ආරන්චි වෙලා තිබුනත්, නෝනාට මක්කත් නොකීවේ, ඊට වඩා කෑමක්, නෝනාගෙන කන්න වෙන බව දන්නා නිසාමය.

කලබලේම ලොකු පුතාගේ කාමරේට ගිය මැඩම් කිව්වේ, බලන්න පුතේ මෙච්චර හොඳ දවසෙත්, තාත්තා අප්සට් එකේනේ ඉන්නේ, බලන්නකෝ මොනවා හරි කරන්න පුළුවන්ද? කියාය. මොකෝ අම්මා ඒ? කියලා අහපු ලොකු පුතාට, මැඩම් කිව්වේ, තාත්තා අර කොළොන්නාවේ ආරච්චි කෙනෙක් ගියපු එකට ෆුල් අප්සට එකේ ඉන්නේ කියාය. අයියෝ ඌ මොකෙක්ද? ඌ මේ නගර සභාවෙ එකෙක්නේ. මම ඇඩ්වාන්ස් දීපු සොලිඩ් බඩු දෙකක් ඉන්නවා, එහෙනම් උන් දෙන්නටම උදේම එන්නම් කියාය.

ලොක්කා බ්‍රෙක්ෆස්ට් එක එහෙම අරගෙන, සාලෙට යන කොට, හිතුවා වාගේම හාල්පාරු සෙට් එකේ ඔක්කෝම වගේ එතන පොරකකා ඉන්නවා දැක්කාම, පස්ස පැත්තෙනුත් හිනාවක් ගියේ, මුන් ෆයිල් වලට මාර බය සෙට් එකක්නේ යකෝ කියලාය. ආපු ඔක්කෝම දිහා බලන කොට හැම එකාම ඇඹරුනත් ලොක්කා බැලුවේ ඇවිල්ලා නැති උන් ටික කව්ද කියලාය. සම හරක් උන් නෑ නේ බං කියලා ලොක්කා බොඩි ගාඩ්ගේ කනට කරලා කිව්වම, පොර කිව්වේ එයාල සෑර් රාජගිරියේ ඇති කියලාය.

ලොක්කා සෝෆා එකේ වාඩිවෙලා, ආතල් එකේ ඉන්න කොට, එක පාරටම පොඩි කලබලයක් එක්ක කුසු කුසුවකින් අහුනේ, ඔන්න ලේඛම් තුමා ආවා ලු කියලාය. ඒක ඇහුන ගමන් ජනාධිපතු තුමා හිතුවේ, අම්මට හුඩු එහෙනම් නොමිනේසොන් දෙන්න ඕනත් නෑ. මම හිතුවා ඕකා එයි කියලා, කලින් හිටපු එකත් ගිහිල්ලා, දැන් ඔය ආයෙත් ඇවිල්ලා, බල්ලා වගේ ඉන්නේ කියා හිතන කොටම, නාමල්, පෙරහැරෙන් වගේ අරගෙන ආවේ තිස්ස අත්තනායකය. නොදොකින්.. ලේඛම් කිව්වේ මේ යකාද? කමක් නෑ මූත් ලේඛම් කෙනෙක් නේ කියා නැගිට්ට ගමන්, වඳින එකට කින්ඩි දාපු එකා, බුලත් දීලා වඳින කොට, ලොක්කාට ආයෙත් පුකෙන්ම හිනාවක් ගියේය.

එහෙනම් අවුරුදු දේදාස් ගානකට පස්සේ, ආයෙත් තිස්ස හම්බ උනා කියලා ලොක්කා කිව්වේ, මම එල්ලාවල හාන්දුරුවෝ වගේ ඉතිහාසේ දන්නවා ඩෝ කියලා පෙන්නන්න ඕන හින්දාය. ඒකනේ සෑර්, මමත් මුවෙක් එලාගන්න අසු තුනේ ඉදන් වලි කනවා. මෙච්චර ලේසියට මුවා මැරුවේය කරන්න පුළුවන් කියලා හිතාගෙන උන්නේ නෑ නේ කියලා කිව්වම, ලොක්කා කිව්වේ, ආස්චාර්යෙට තිස්ස, ඕන නම්, ගැණියෙක් පිරිමියෙක් කරන එකයි, පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි, උනත් කරන්න පුළුවන් කියලාය. මෙයාලා ටික ඔබ තුමා ගාව ඇබරෙන ඇඹරිල්ලෙන්ම එහෙම පේනවා කිව්වම. කෙහෙලිය තිස්සගේ කනට කරලා කිව්වේ. ඕවා අද විතරයි. උඹෙ පිරිමි කමත්, හෙට ඉඳලා අල්මාරියේ දාලා වහලා වරෙන් කියලාය.

ඊට පස්සේ ජයන්ත කැටගොඩ ආවමා ලොක්කා ළඟ හිටපු එකෙක්ගේ කනට කරලා කිව්වේ, අපරාදේ නේ මේ යකා අද ගෙනාවේ, මූ ගේන්න තිබුනේ හෙට නේ, අනික මේ යකා අරූ තරම් වත් වැඩක් නැති එකෙක්නේ කියලාය. ඕන් ඔහේ ඕන පුකක් කියලා ඌත් පිළිගත්ත ජනාධිපති තුමාට, එකෙක් කිව්වේ, සෑර් දැන් වෙලාව හරි කියලාය. මගේ වෙලාව හවදත් හරි කියලා, ජෝක්ස් එකක් දාපු ජනාධිපතු තුමා. සුභ නැකතින් දකුණු කකුල ඉස්සරහට තියලා එළිය බැලුවාම, මැඩම් වතුර කෝප්පෙත් අරගෙන ඉස්සරහට එනවා දැක්කාම, පුදුම ස්තුටක් දැණුනේ, මොන නස්කූනී වැඩ කලත්, මොකා දාලා ගියත්, මගේ නෝනා මට ඉන්නවා නේද යකෝ කියලාය.

ඒ අස්සේ බුලත් හුණු පුවක් පාර්සලයක් අරගෙන ආපු සුමනදාසයාට ලොක්කා කිව්වේ, මට කෙලවුනොත් හෙම තොටත් කෙලවුනා කියලා හිතා ගං, අවුරුදු දෙකකට කලින් මේ ගූ කේස් ඇදලා ඔක්කෝම කරේ තමුසේ තමයි කියාය. හරි සෑර් බය වෙන්න එපා. එහෙම උනොත් හෙම, සෑර් එන්න කලින් මමම සුවිසයිඩ් කර ගන්න, කේ පී ගෙන් සයනයිඩ් කරලක් කලින්ම ඉල්ලගෙන තියාගෙන ඉන්නේ කියලාය.

අවුලක් නැතිව නොමිනේසොන් දීපූ ජනාධිපතු තුමා, හැරිලා එන්න හදන කොට, සිරා ඉන්නවා දැක්කම ලොක්කා ඇහුවේ ආ සිරා කොහොමද කියලාය. සිරා කිව්වේ, අවුලක් නෑ සෑර් තාම නම් කරදරයක් නැතිව ඉන්නවා කියලාය. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ දැකපු ලොක්කා, විජේදාසට කිව්වේ, ආන් තමුසෙලගෙ ලේඛම් අද උදේ අපේ පැත්තට ආවා කියලාය. නෝන්ඩි වෙන්න හොඳ නෑ කියා හිතපු විජේදාස ලොක්කා විහිළුවට කිව්වද කියා දන්නේත් නැති නිසා, ලොක්කාට කිව්වේ, ආ එයා ගියාට අවුලක් නෑ. එයා මෙළෝ වැඩක් තියෙන එකෙක් නෙමේ කියාය. එතකොට ලොක්කා කිව්වේ, අපෙත් එහෙම යවා ගන්න බැරිව හිටිය ලේඛම් කෙනෙක්, ආප්පත් කාලා පැනලා ගියා කියාය.

එලියට ආපු ලොක්කා වවුල් ඩාන්ස් එක එහෙම දාලා, එතනත් මීටීමක් තියලා, මර හඬ තලන හරක් රැල කෑ ගහනවා දැකලා ලොක්කා කිව්වේ, දැන් හදන්න වෙලා තියෙන්නේ තොපේ විනය කියලාය. පුක උඩ දාගෙන කෑ ගහපු උන්ට විනය තකාගෙන මැරෙන්න හිතුනේ, ලොක්කාගේ විනය ගැන දුක හිතිලාය.

හැන්දෑවේ, සිරිසේන උන්නැහේ හොස්පිටලයිස් කරා කියලා ආපු ආරංචිය නිසා, සිරාගේ පෝන් එකට කෝල් එකක් ගත්ත ජනාධිපති තුමා ඇහුවේ, මොකෝ සිරා මගේ ගේම දැකලා, හාට් ඇටෑක් එකක් වත් ආවාද කියලාය. නෑ සෑර් මේ සන්තෝසෙ වැඩි කමට, ප්‍රෙෂර් එක පොඩ්ඩක් වැඩි වෙලා. මෙහේ එන්න ඕන නෑ, තව ටිකකින් මම ගෙදර යනවා කියලාය. ඒක නෙමෙයි සිරා, ඕන් තිස්සයි කැටගොඩයි දෙන්නම ආවා කියා කියපු ජනාධිපතිතුමාට, සිරිසේන උන්නැහේ කිව්වේ, අයියෝ ඔය කබ්බෝ වගේද ඕන් ඔබ තුමාගේ හිරුනිකා දුව අපේ ගෙදර ආවා කියාය.

අප්පේ ළොකු දෙයක්. මට ඕක හෙන වනයක් වෙලා තිබුනේ. එයා නෙමෙයි සිරා, පුළුවන්නම් ඉතුරු වෙලා ඉන්න සිරි ලංකා එකේ හාල් කෑලී බයියෝ ටිකත් පුළුවන්නම් එහේට ගන්නවකෝ. සල්ලි නැත්නම්, මම හරි සල්ලි දෙන්නම්, මොකෝ ඔය සඟ වෙද ගුරු ගොවි කම්කරු හිඟන බයියන්ට වඩා  යූ ඇන් පී එකේ උන් දාහක් වටිනවා ඕයි කියලාය.

64 comments:

  1. ඇ බං මාතේ ඔය තිස්සයගේ හතර අතට හින්ට් පාස් කරකර බුද්දාගම විකුනන්කන හේරත් අයියා මොකද දන්නැ නේද කියුවේ

    ReplyDelete
    Replies
    1. මුන් ඔක්කෝම එක වල්ලෙ පොල්.. ගහං කත්වා එකේ ටැලන්ට් එක අනුව තමයි වෙනස් කම් තියෙන්නේ...

      Delete
  2. තිස්ස මාම කළුම කළුයිනේ. ඒ වගේද හිරුණිකා අක්ක, සුදූම සුදුයි. ෂෝයි.

    ReplyDelete
    Replies
    1. අන්තීමට තිස්සට උනේ තිස්සගේ කෑල්ලත් නැති වෙච්ච එක. ගමේ උන් කියලා, ගියොත් හෙම ආයේ ගමේ එහෙම එන්න එපා කියලා...

      Delete
  3. දැන් මේක චෙස් ගේම් එකක් වේගෙන එන්නේ. වෙනස තියෙන්නේ එක පැත්තකින් කැපෙන ඉත්තා අනෙක් පැත්තට ක්‍රීඩා කරන එක.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න චෙස් කිව්වලු...

      Delete
  4. අර කවුද කිව්වා වගේ අට වෙනිදා වෙනකොට මහින්ද හංසයාගෙනුයි සිරිසේන බුලත් කොලේනුයි ඉල්ලයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අද එන නිව්ස් අනුව නම් එහෙම උනත් පුදුම වෙන්න දෙයක් නෑ...

      Delete
  5. @ මාතලන් සහබ්,

    හිරු දීදීගේ ජම්ප් එකත් එක්කම අන්න කරූ ජීත් රිවස් බල්ටියක් ගහන්න යනවාලු...! සෝලංගා සහබ්ගෙන් නම් කියන තරම් වැඩක් ගන්න බැරිවෙයි වගේ. මොකද, කොලොන්නාවේ ජනතාවගේ හාට් බීට් එක හඳුනන ජනමූල නායක උත්තමයා අහව්ලා නෙව!!! හික්z!!!

    එක නෙමෙයි, අන්න අපේ ඥෑනසාර හිමියෝ වදාරනවාලු බොබසේ සප් එක දෙන්නේ ආණ්ඩුවට නෙමෙයි කියලා......! හැබැයි, රට ආයෙමත් අරාජික වෙයිද කියලත් බයයි ලු!! ඒ අස්සේ, ඩයස්පෝරාව විසින් මෙහෙයවන පොදු අපෙක්ෂකයෙකුත් ඉන්නවා ලු!!! තව බොබසේ එකෙනුත් ජාතික නායකයෙක් එනවා ලු!!! අනේ මන්දා සහබ්.......@@@

    ප:ලි:- වෙනදට මුල් කමෙන්ට්ස් 10 ඇතුලට එන අපේ මාමාජී අද ආගිය අතක් නෑ නේ.....!
    මාමා ජීත් නොමිනේසන් දෙන්න ගියාද දන්නෑ!!!!!!!

    හික්z!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මොනව වුනත් නානසාරට අනිත් දේසපාලුවන්ට වඩා ටිකක් වැඩි ප්‍රමාණයක් ඇත්ත කියවෙනවා. එයා කිව්වා අපේ අපේක්ශාව පාර්ලිමේන්තුවේ බලපෑම් කරන්න පුලුවන් ආසන ගණනක් ක්‍රම ක්‍රමයෙන් ලබා ගන්න එකයි, ඊට ඉස්සර ඔක්කොම කරන්නේ ඒ අරමුණෙන් කියල. ( ඒ ලෝක ඉතිහාසයේ ගැලරියට ප්ලේකරපු අන්තවාදී සාර්ථක පක්ශ යොදාගත් ක්‍රමය , උදා- ජර්මනිය) දැන් එයාලට වෙන බලපෑම් සහ අනාගතය ගැන බය නිසා මේ චන්දෙදි සමහර ප්‍රකාශ කරන්න වෙලා තියනව ඒත් චන්ද පදනමක් ස්වාදීනව ඕන නිසා ස්වාදීනබවත් පෙන්නන්න වෙලා.

      Delete
    2. කොළොන්නාවේ රැම්බෝ පේන්නම නෑ නේද? කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ කැම්පේන් එකෙන් හංගලා තියෙන්නේ. නානසාර නම් හයිඩ් පාක් එකෙන් නෝන්ඩුම වෙලා ගියා. හොල්මන්ද බේරේ පොල්කොල වෙලා ඉන්නේ. චම්පික පැන්න එකේ වාසිය තමයි. ඔය හැම එකාම චම්පිකට බයයි.

      Delete
  6. මේකෙ සමහර වාක්‍ය ඇතුලෙ කොටුකරපු කතන්දර ගොඩක් තියෙනවා. ඒවා එක වාක්‍යයකින් කියන විලාශයනම් ඔබටම ආවේනික බව අවංකවමයි කියන්නෙ.
    හැබෑට මාතලන්, මේ විදිහට ගිහාම ඒ පැත්තෙ කට්ටිය සේරම මෙහේ. මේ පැත්තෙ කට්ටිය සේරම එහේ. වෙනසක් නෑනෙ. කලින් කන්ඩ බැරවෙච්චි කට්ටියටත් කන්න අවස්තාවක් දෙන්නත් එක්ක මහින්දටම දුන්නනම් ඉවරයිනෙ.

    ReplyDelete
    Replies
    1. දැන් මම වගේ උන් අනාත් වෙලා ඉන්නේ. අපි ලිබරල් පොරවල්නේ. දැන් දෙපැත්තම ලිබරල්. ඉතින් අපි අනාතයි...

      Delete
  7. මට දුක තිස්සයා මෙහෙට පැන්නාට නෙවේය
    අච්චර අර සීදේවී කෙලි පොඩ්ඩ ඉරිද පත්තර වලට බුරාස්පතින්ද දිහා ඉන්ටෝව් දීල ඉරිද පත්තර ටිකේ රස්නෙ යන්නත් කලිංම හූ ඇං පී එකට පැනපු එකටය...
    අනේ පව් පත්තර මාමිල හිරු අැංටිගේ අර මොකද්ද එකේ රහ බල බල එයාගේ කෙප්ප ටොං ලියලා ඇත්තේ දැං තක්බීර් වෙලාය.
    එහෙම නොවෙන අයත් නොඑන ගමන් ගොස් ඇති හන්දා උන්නහේලට මොකකින් මොකක් වේද කියන්ට බැරිය
    පව්ය
    නාගසලංය

    ReplyDelete
    Replies
    1. එයා රාජිත අංකල්ට එනවය කියලා තියෙන්නේ, මාද්දිය සාකච්ඡාව පවත්වපු දවසෙමයි.

      Delete
  8. එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට, තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය. තෝ බඩගා යමින් තාගේ ජීවිතයේ සියලු දවස් වලම ධූලි කන්නෙහිය.' -ශුද්ධ බයිබලය

    ReplyDelete
  9. මහින්දයි බැසිලුයි යු ඇන් පි එකට ගිහින් රනිලුයි සඡිත් ශ්‍රි ලංකා එකට එයිද?
    ඡනවාරි 7 වෙනිදාට මෛත්‍රි කිව්වොත් මම ඡනාධිපති තුමා ලගට ආපහු යනවා කියලා..

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ මලේ... යන විදිය නම් හිතා ගන්නම බෑ.. කොහොමත් ජනවාරි 7 රෑ වෙනකන්ම ආතල් තියේවි වගේ...

      Delete
  10. කොළඹ කොටුව ස්ටෙසමේ ප්ලැට්ෆොර්ම් එකක තියෙන බංකුවක වාඩිවෙලා ඉන්නවා වගේ...කෝච්චි අර පැත්තට යනවා..මේපැත්තට යනවා...කෝ තාම අවේ නෑනේ අපිට නගින්න කියල හරි හමන් කෝච්චියක්...8 වෙනිදා වෙනකන් බලන් ඉඳලා හරි හමන් කෝච්චියක් ආවේ නැත්නම් යනවා ආපහු ගෙදර...

    ReplyDelete
    Replies
    1. මගේ නම් බොක්කටම වැදුන කොමෙන්ට් එක මේක තමයි. ඒ මදිවට පොඩි කාලේ පාන්දර ගාළු යන්න කොටුව ඉස්ටේසමට යන එකත් මතක් උනා..

      Delete
    2. එල ද බ්‍රා කොමෙන්ටුව

      Delete
  11. මොකා මොකක් කලත් කොහෙ පැන්නත්, කවුරු දිනුවත් කමක් නෑ ක්‍රමය ( මනාප චන්ද, විධායකය වෙනස් වී, ස්වාදීනයයි පෙනෙන කොමිෂන් ඇතිවී ) පොඩ්ඩක් වෙනස් වෙනව නම්.

    හුඟක් අය කතා කරන්නේ අපි හැමදාමත් හමගහන දේශපාලුවන්ගේ වැරදි.
    හරියට මේ ලංකාව යයි අමතක වෙලා වගේ. මේ යුරෝපීය සම්ප්‍රදායික දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබියයුතු ජනතාවක් සිටන රටක් නොව සිරි ලන්කාවයි. අපිට බලාපොරොත්තු විය හැක්කේ ඉතා සුලු ඉම්පෲව්මන්ට්ස් පමණි. මුන් ඔක්කොම එකයි, විශ්වාස නෑ ආදිය කීමෙන් පලක් නැත. මුන් ඔක්කොම ලන්කා ජනතාව විසින් සාදා ඇති දේශීය අපිටම හරියන දේශපාලුවන්ය. එයින් ඔබට හා රටට චුට්ටක් වැඩි හොඳක් වෙන ක්‍රමයක් හදා ගත යුතුය. මුන්ව හදන්න බැරිය මක් නිසාදයත් මුන් රටට හරියන ලෙස හැදී ඇති නිසා.

    ReplyDelete
    Replies
    1. \\\මුන්ව හදන්න බැරිය මක් නිසාදයත් මුන් රටට හරියන ලෙස හැදී ඇති නිසා.\\\\
      Shall read as..
      අපිව හදන්න බැරිය මක් නිසාදයත් අපි රටට හරියන ලෙස හැදී ඇති නිසා.

      Delete
    2. c-a,
      They are us; we are them?

      Delete
    3. යකාගේ හැටියට නොවැ විමානේ තියෙනවා කියන්නේ...

      Delete
    4. මාතලන් හාස්යජනක ලෙස ලියන නිසා කියවන්න පුලුවන්. වෙන පණ්ඩිත විදිහට ලියන දේශපාලන ලිපි දැන් උස්මුරුත්තාවට එනවා. ඒවායේ වරදක් නොව කොච්චර කිව්වත් නිකම් රවුමේ යාම නිසා. අපි අපේ බලාපොරොත්තු අවමව තියාගෙන මොලේ තියනවනම් ඒක පාවිච්චි කරල, ප්‍රොපගන්ඩා ප්‍රොපගන්ඩා ලෙස මිස දේව වචනය ලෙස නොසලකා චන්දෙ දෙන්න විතරයි නේ තියෙන්නෙ.

      (c-a,
      මං දැන් කියෙව්ව තේනුවර කියන මහත්තයගෙ "මගේ කතාව" බ්ලොග් එක හරිම රසවත් කාන්තාරයයේදියබිඳක් වගේ හරිම refreshing )

      Delete
    5. ප්‍රා, මාතලං කියනව වගේ දැන් ඉන්නව් තමා පට්ට සෙට් එකක් රහට ලියන. ඒත් දේශපාළනේ ගැන 2005 වගේ උණුසුම්, රවත් වාද, ලිපි මේ පාර බ්ලොග් වල නෑ! එක හේතුවක් ටැබූ, මාලන්, නිර්‍රාමු වගේ උන් නිහඬ වීම.

      මාතයි රාජ් නුයි නැත්තන් කියවන්න ආස දෙයක් ලියන්න එකෙක් නැතිවෙලාම යනව. අනෙක්ව ඒ තරමට එක තැන කරකැවෙනව. ඒ අතින් බුකියෙ මාරයගෙ චමීරගෙ මනෝරමගෙ ආතල් බුදු සිරා.

      මට මූණුපොතේ ගතකරන්න වෙලාවක් හොයාගන්න බැරිකම මිසක්, නැත්තන් මාත් ගිහින් එහෙ සෙට්වෙලා ඡන්දෙ ඉවරවෙනකල්.

      චෙෆාකි කිව්ව වගේ නිස්සද්දව බලං ඉඳල හරි කෝච්චිය නොආවොත් ආපහු හැරිල යන්න තමා ගොඩකට වෙන්නෙ. මොකද මින් මත්තට කෝච්චි නො එන්න ඉඩ තීන නිසා!

      Delete
    6. බොහෝම ඉස්තූතියි ඔක්කෝටම කලින් සියළු දෙනාටම අගය කිරීමට.

      @ ප්‍රා ජේ

      ඇත්තටම රටේ බහුතරය කැමති, පුරසියන්ට වඩා, යටත්වැසියන් හැටියට ජීවත් වෙන රාජ්‍ය පාළණයකට එහෙම නැත්නම් වැඩවසම් ක්‍රමයට. මොකෝ සිරිසේනලත් කටවුට් බැනර් එපා කිව්වට, මට වඳින්න නම් එපා කියලා කියන්නේ නෑ නේ. උන් විතරක් නෙමෙයි මම දැක්කා අනුර කුමාරත් පිට රටවල ගිහින් පොඩි උන්ට කියලා වන්දව ගන්නවා. මේ ජාලේ සැරිසරන උනුත් 99% ගල් වැද්දෝ, එහෙම රටකට හරියන්න තමයි පාළකයොත් බිහි වෙන්නේ.

      Delete
    7. @ ප්‍රා

      අර බ්ලොග් එකේ ලින්ක් එකක් දැම්මා නම් අපිටත් බලන්න...

      Delete
    8. http://magekathandara.blogspot.com/2014/12/blog-post.html

      Delete
    9. ඔහු නවකයෙක් නෙමෙයි නේ.. මම හිතන්නේ පොත් පත්තරව්ලට පවා ලියන කෙනෙක් කියලා.

      Delete
  12. අරලියගහ මැදුර මෙච්චර සමීපද?

    ReplyDelete
    Replies
    1. හෝල්ට් දෙකේ දුර. ඒ උනාට මේ දවස් වල නම් ඉන්නේ පට්ට දුරක..

      Delete
  13. අයි පී එල් ඔක්ශන් එක වගේ.. හිකිස්.

    සල්ලි එහෙ මෙහෙ උනෙ නැති උනාට පුංචි කාලේ මැච් ගහන්න කට්ටිය දෙපැත්තට බෙදා ගත්තෙත් ඔය විදියටමයි.. මටනම් බලන්න අප්පිරියම මුන්ගෙ උඩින් මිතුරු යටින් හතුරු හිනා මූණුවල්.. හරියටම කෙහෙළියයි තිස්සයි අතට අත දීල හිනා උනා වගේ.. නොදෝමකින්..

    ReplyDelete
    Replies
    1. මුන් ඔක්කෝම එකයි බං. මගේ යාළුවෙක්ගෙ මරණ ගෙදරක අනුර කුමාර ඇවිල්ලා. පොර එතන් ඉඳිද්දි ලොක්කත් ඇවිල්ලා. අනුරයා දුවලා ගිහින් කාමරේක හැංගිලා. ඇයි බං එහෙම කලේ කියලා ඇහුවාම, අනුර කිව්වලු. දැක්කා නම් හෙම කරේ අත දාලා ෆොටෝ එකක් ගහලා හෙට පත්තරේ දාන එක ෂුවර් කියලා.

      Delete
    2. හෙක්.....හෙක්......ඒක නම් ඇත්ත කතාව මචන්....

      Delete
  14. සික්.... නමට හරි දෙස්පාලුවෙක් උනා නම් කීයක් හරි හොයාගන්න තිබ්බ

    ReplyDelete
    Replies
    1. දකුණු පළාත් සභාවේ අපේ එකෙක් නම් කෝටි පහක් ගත්තා.. ගොඩේ ගොඩ.. දන්න කාළේ ඉඳන් කලටි පොල් කර කර වේලුන එකෙක්..

      Delete
  15. දැන්නං වමනේ යන්න ඔන්න මෙන්න..

    ReplyDelete
    Replies
    1. වාසු ආවොත් නම් බඩු ෂුවර්.. මොකෝ ඌ වම නේ පොර නේ...

      Delete
  16. රජා ‍මොනව කලත් හිරු අවසානෙට හරින් ලගට ආවා හිටං..ෆිල්ම් එක නම් තාම ඉව නෑ හිටං...

    ReplyDelete
    Replies
    1. අපේ හාමිනේ කියන්නෙත් ඔය කතාවමයි.. එයා පණ දීගෙන ළොක්කට.. මම කියලා ඉතින් මක් කොරන්නය.. ගෙදර ප්‍රජාතන්ත්‍රවාදේ තියෙන්න එපාය ඔක්කෝටම කලින්..

      Delete
  17. ම රා 60%

    සිරා 30%

    ReplyDelete
    Replies
    1. මෝඩි ගේ අඳුම ඇඳගත් මෝඩ My3, 30% වත් ගන්නෙ නැහැ....

      Delete
  18. ජයතිස්ස මෛත්‍රී ගාවටත්, තිස්ස මහින්දගාවටත්. දෙන්නම තිස්සලා. එකෙනෙකුට "ජය" කෑල්ලක් තියනවා.

    ReplyDelete
    Replies
    1. නිර්මලා ලා නඩු බලවනවා කිව්වා නේද... :)

      Delete
  19. අපිට සැප දෙන්ඩනේ මාතා මේ අය මෙච්චර වලි කන්නේ.එහෙව් එකේ ඔන්නොහේ කාට හරි චන්දෙ දෙන්ඩ මෙයා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් මම චන්දය භාවිතා කරනවා.. ඒකේ වටිනාකම නොදන්න උන් නම් හරක්.. අඩු ගානේ කටුගාලාවත් දාන්න එපාය...

      Delete
  20. පැනිල්ල කෙළෙවර වෙන්නනේ නෑ ජනවාරි 8 දාත්. ඩයස්පෝරාවේ වැරදි තමයි.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික 8 න් පස්සේ, දිණපු එකා ගේ සරම අස්සේ

      Delete
  21. මාතලන් බොස්..

    ඔහේගේ කතාව නම් සුපිරි එල කිරි . මේ වගේ එව්වා ඉතින් ආයේ වෙන කොහෙවත් නැහැ මෙහෙ විතරයි...

    -----------


    බලන් ගියාම

    එහෙ උන් මෙහෙ..මෙහෙ උන් එහෙ...

    එකම සැට් එක ගෙවල් මාරුකරලා තියෙන්නේ..

    මුන්ගේ මවුවරුන්ට පින්සිද්ධ වෙන්න ....

    මුන් සේරම හිතන් ඉන්නේ අපි බයියෝ, ගොබ්බයො කියල...

    එකේ ඉතින් ඇති වැරැද්දකුත් නැහැ..කාලටයි, පැකට් එකටයි, සීයටයි රට වෙනුවෙන් පෙරට එන දේශප්‍රේමී වාහෙලා නේ....

    8 වෙනිදා වෙනකම්ම ඉම්මු මෙවුන්ගේ ඇම්ම යනකන්...

    ReplyDelete
    Replies
    1. උඹලා ලේ පුච්ච ගන්න ඕන නෑ.. මේවයෙනුත් මම වගේ ආතල් එකක් ගනින්.. එච්චරයි..

      Delete
  22. ඕන්න තිස්සයා අදම උම්බෑ කියලා!

    “මං යූ ඇන්පියේ හෙන ගේමක් දීපු පොරක්. මං ආණ්ඩුව විවේචනය කරා තමයි. එයාලගෙ වැරදි තිබුනා. ඒ වුනාට දැන් විනය තකන්නයි හදන්නෙ. අපි ඒක නිසා චාන්ස් එක දීල බලමු“

    මදැයි කොළා!!!

    මං කල්පනා කළේ තිස්සයට ගාන දුන්නෙ මහින්දද මෛත්‍රිපාලද කියලා!

    ReplyDelete
    Replies
    1. තිස්සත් එක්ක සෙට් එකක්ම කලින් පනින්න හිටියේ...

      Delete
  23. මට මේ දවස් වල වචනත් අමතක වෙලා මචෝ.....

    ReplyDelete
    Replies
    1. යූ ඇන් පී ඔක්කෝටම එහෙමයි මචෝ.. හොල්මන්ද බේරේ පොල්කොල වෙලා ඉන්නේ... යයිද නියයිද මන්දා... හරීනුත් යනවලු...

      Delete
  24. තව සෙල්ලම් සිකුරාදට බලන්න හැකිවෙයි

    ReplyDelete
    Replies
    1. මටත් එහෙන මෙහෙන් ඕපාදූප ටිකක් ආවා...

      Delete
  25. කීවාත් වගේ යකෝ තිස්ස ආපු දවසේ වටේම හිටියේ යුඑන්පි කාරයෝනේ,දැක්කනේ සිනී ඇමතියා ගේ හිනාව.

    ReplyDelete
    Replies
    1. ඉතුරු උන් ටිකත් එහේට ගියාම.. මහින්ද මහත්තයා යූ ඇන් පී... රනිල් ශ්‍රී ලංකා..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න