.

.

Jun 23, 2016

මහින්ද ඉටු කරමින් සිටින්නේ, ජාතික යුතුකමෙකි - It is Mahinda's Duty to protect Democracy


මාතලන් තෙරුම ගත නොහැකි වූ සම හරක්ට, මේ හෙඩිම දැක්කාම මොලේ මඤ්ඤං වීම පුදුමයට කරුනක් නොවන්නේය. මා කියමින් සිටින්නේද, යහපාලනය ගෙන ඒමට තම ජීවීත පරදුවට තබා.... ජීවිත පරදුවට තබා...? මක් කිව්වා ජීවීතේ පරදුවට තබා...? ඔව් යකෝ, තොපි හිතනවද මහින්ද මහතතයා දින්නනන් හෙම ආයේ ෆොන්සේකගෙන් ඉතරක් නවතීවිය කියලා. ෆොන්සේකා, සිරාලා, රාජිතලා ඉතරක් නෙමෙයි, නිර්මාල්ලා, වියන්ගොඩලා, සරත් විජේසූරියලටත් වෙන්නේ, ප්‍රදීප් එක්නැලිගොඩලට, ලසන්තලට උන දේම තමයි. 

අපිට කියලා වෙනසකුත් නෑ. සුදු වෑන් එකක එහෙම යන්න තිබුනා. මොකෝ මහින්ද මහත්තයට අපිත් එක්ක ගේමක් නැති උනාට. සම හරක්ට අපිත් එක්ක ගේමක් තියෙනවනේ. ආයෙ ඉතින් දෙකක් නෑ. ඊට පස්සේ ඡන්දත් නෑ. තනිකර රජ පාලනේ, බටහිරයි, ජිනීවයි, මානව හිමිකමුයි, අරකයි මේකයි, මොන මළදානේ කලත්, චීනා පුල් සපෝට් එක දෙන්න පොරොන්දු වෙලත් ඉන්න ඇති. ඒකනේ බය නැතිව උන් එක්ක ගේම ඉල්ලුවේ.

මාළු තහනමයි, ජී ඇස් පීයි, අරවයි, මේවයි, ඔක්කොම නැති වෙලත් රට කරගෙන ගියානේ. (තව දේකුත් තිබුනා. ඒක අර්ථික උස්තාදලටත් හිතා ගන්න බැරි දෙයක්. ආර්ථිකයෙන් 50% විතර තිබුනේ ඒකේ කන්ට්‍රිබියුෂන් එක.) ඒ කියන්නේ, සෝභනේට හදාපු ඒවා හරි ප්‍රොජෙක්ට් හැටියට ගිය නිසා. නෑ මං කියන්නේ බලන්න..., අද ඒ හදාපු ඒවා, වාර්ථා පවා තියනවනේ. මත්තල වී ගබඩාව ළොකයේ පාළුම එයාපෝට් එක කියලා වාර්ථාවක් තිබ්බේ මෑතක නේ. ඕන් එහෙම නොමිලේම ප්‍රචාරණේ ගියාම, ඔය ටුවරිස්ට්ලා හරි ආසයි අරුම පුදුම දේවල් බලන්න. අපි අර හසන්ත මහත්තයගේ "අටපට්ටම" බලනවා වාගේ. ඒකෙත් ඊයේ පෙන්නුවා බල්ලෙක්ට කවනවා හැන්දෙන්. එහෙම දුන්නේ නැත්නම් ඌ කන්නේ නෑලූ. ඕකත් පුදුම වෙන්න දෙයක්ය. නිදහස ලැබුන දා පටන් අපි හරක් ගාලකට කවන්නේ කිසි අවුලක් නැතිව.

දැන් බලන්න ඔය පැරීසිය මැද්දේ තියෙන අයිපල් කුළුන. මම අහන්නේ ආයිබෝවන්ඩ සත පහක වැදගම්මක් ඇති බඩ කඩුත්තුවක්ද? ඒත් ප්‍රන්සෙටත් වඩා මිනිස්සු දන්නේ කුළුන ගැන. අතින් කයිට් කරගෙන යනවා ඔය යකඩ ගොඩ බලන්න. ඉතින් අනාගතේ සුද්දෝ එන්නේ නැති වෙයිද? ළෝකයේ නැව් නැති එකම හාබර් එක බලන්න. ගුවන් යාන නැති එයාර්පෝට් එකක් බලන්න. සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලා බලන්න, වෙඩින් ගන්න ක්‍රිකට් ග්‍රවුන්ඩ් බලන්න. ඕවට අර පැරිස් කුළුන වගේම රෑටත් ලයිට් දාල. ඒක වටේ කාර් රේස් යන කොට සුද්දෝ මොන්ටිකාලෝ යනවා වගේ මෙහේ එන්නේ.

ඕන්න ඔය වගේ ටාගට් තියාගෙන කොරපු ප්‍රොජෙක්ට් ටික මේ ආන්ඩුව ආපු ගමන් නවත්තලා දැම්මා, කාර් තියෙන උන්ට සං සං ගාල ආතල් එකේ යන්න හදපු හයි වේ ටික නවත්තල දැම්මා. (වෙන රටවල ඒවා හදන්නේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න යටි තල පහසුකම් සංවර්ධනයක් විදියට. මෙහේ හදන්නේ ඉක්මනට ආතල් ගන්න යන්න.) මහින්ද මහත්තයා කොන්ක්‍රිටුයි කාපටුයි දාලා හදාපු ඒවා වෙනුවට, පියෝ ගෝල්ඩ් වලින් පාරවල් හදලා දෙනවැයි කිව්වට, අන්තීමට උනේ, අර බැසිල් මහත්තයා 20% සාක්කුවේ දාගෙන. ප්‍රාදේශියෙ උන් තව ගානක් ගහගෙන, ඒකේ ඉන්න ලේකන්ලයි, ඉන්ජයිලයි තවත් ගානක් ගහගෙන, සමිතියෙ එකත් පොඩි ගානක් ගහගෙන, මීටර් දෙසීය දෙසීය දාපු කොන්කිරිට් පාරවල් ටිකත් නැති වෙච්චි එක.

දැන් එහෙම කාපු උන්ටයි, අලුතෙන් ආපු උන්ටයි, කන්න ක්‍රමෙකුත් නෑ. පුක කහගන්න සත පහකුත් නෑ. ඉතින් කෙලිනවා කෙලින්න පුළුවන් ලේසිම එකාට. කාටද...? බුද්ධිමත් ජනතාවට. අපරාදේ කියන්නේ ආර්ථික ඝාතකයොයි, සීයට විස්සේ පුරහඳ වගේ මල්ලියි නිසා, නැට්ට බිම ඇනගත්ත මහින්ද මහ රජානොත් අන්තිම කාලේ කලේ ඔය වැඩේ තමයි. දැන් අපේ අයට අමතක උනාට. අද මේ කියන කතන්දර ටික අඩුවක් නෑර ඒ කාළෙත් කිව්වා. ඉස්පිල්ලක් පාපිල්ලක අඩුවක් නැතිව. 

ඒකනේ ඒ මහත්තයලට මැදමුලනට පසු බහින්න සිද්ද උනෙත්. ඒ වෙලාවේ සිරිසේන ලොක්කා නෙමෙයි. අර ජනක් ප්‍රේමලාල්ගේ "රාජ කපුරු" නාට්ටියේ වගේ, සෝභිත හාන්දුරුවෝ පඹයෙක් ගෙනත්, මේන් මේ තමයි අපේ පොදු අපේක්ෂකයා කිව්වා නම්, නාට්ටියේ, මංගල හස්ති රාජයා දන ගහලා පඹයට වැන්දා වගේම, අපේ උනුත් පුක උඩ දාගෙන පඹයව රජා කරනවා. මොකෝ ඒ තරමට එපා වෙලා උන්නේ. 

ඒත් ඉති ලේ කොල පාට උන්ට උන්ගේ හීනේ තාමත් තියෙනවා. හීනය කියනවනේ මිනිස්සු ජීවත් කරවන්නේ. ඒ කියන්නේ බලාපොරොත්තු. ඉතින් උන්ට ඒ බලාපොරොත්තුව තාමත් තියෙනවා.. ඒ තමයි යූ ඇන් පී ආන්ඩුව ආවම හරි ෂෝක් කියලා අපේ සීයගේ කාලේ හිටං කියපු කතන්දරේ. ඇත්තටම ඉතින් රනිල් කියන නායකයට බැරි උනාට, ඩී බී විජේතුංග කියන හාල්පාරුවා ඇර, අනිත් නායකයෝ රට තිබුන තත්වෙන් හැම වෙලාවෙම ගොඩ ගත්තා. ඉතින් ඒ මිනිස්සු ඒ හීනේ තා අවුරුද්දකින් වත් එයි කියලා බලාගෙන ඉන්නවා.  බොරු මක්කටෙයි. අපේ හිතවලත් තාමත් එහෙම දෙයක් තියෙනවා.

හැබයි ඉතින් මේ කිව්වයි කියලා, මහින්ද ආයේ ගේන්න හදනවය කියලා කලබල වෙන්න ඕන නෑ. මොකෝ මහින්ද මහත්තයා කවදාවත් මේ රට හදන්නේ නෑ කියලා බුදු ෂුවර්. එයාලගේ තියෙන්නේ පරම්පරාව ගොඩ දා ගැනීමේ සිහිණයක් ඉතරයි. හැබයි ඉතින් උන්නැහේම කියනවා වගේ, ජීවිතෙට පරද්දන්න බෑ කියලා හිතපු තමන්ටත්, ජනතාව කෙලියා වගේ. ආයේ එන්නේ නෑමයි කියලා කියන්නත්, අපිට අමාරුවක් නෑ. මේ පිස්සු කෙලින පිස්සු කෙලිල්ලෙ හැටියට, ආයේ එහෙම දෙයක් නොවෙයි කියන්න එකෙකුටවත් බෑ. එහෙම එයි කියලා බයක් තියෙන නිසා තමයි ඔය සිවිල් සංවිධාන වල උන් ගිරිය යටින් කෑ ගහන්නේ, ආයේ මහින්දට එන්න අපි ඉඩ දෙන්නේ නැතෙයි කියලා.

මහින්ද රාජපක්ෂ හොරාය කියලා අපිව අන්දපු රාජිතලා දැන් කියනවා එයා හොරකම් කළේ නැතියිය කියලා. දැන් ඉතින් රන්ජන්ලට එහෙම, වත්තේ එලෝළු හිටවන ගමන්, වලක් කපාගෙන වලට බැහැලා පස් දාගෙන වහගන්න එක තමයි වෙන්නේ. ඒක අමාරු නම්, ඩිලාන් පෙරේරගෙන් වහ කුප්පියක් ඉල්ල ගත්තත් අවුලක් නෑ. මේ ආන්ඩුව තව අවුරුදු හතරක් ඉන්නවය කිව්වට, එහෙමම හිතාගෙන ඉන්නවා නම්, ඒකත් මෝඩ කමක්. මොකෝ ඇමති මන්ඩලේ 30කට සීමා කරනවයි කියලා. ඒක දැන් හිතේ හැටියට වැඩි කර ගත්ත ආන්ඩුවක්. හඳහන් කාරයෝ අග්‍රාන්ඩුකාරවරුන් ලෙස පත්කරන, හක්ගෙඩි කාරයෝ උපදේශක වරුන් ලෙස පත් කරන ආන්ඩුවකට, මළයාලී ගුරෙකුට ගානක් දීලා ගුලියක් බස්සන එක මහා ළොකු දෙයක් නෙමෙයි.  

ආන්න එහෙම දෙයක් ආවොත් ආන්ඩුව එක්ක මලෙන් ඉන්න ජනතාවට තියෙන විකල්පය මොකක්ද. ජෙප්පොද...? නෑ ජෙප්පන්ට තනියෙන් ගියෝත් ඔතනින් එහාට යන්න බෑ මේ රටේ ජනගහනයට තව මිලියන් දයහක්වත් එක්කසු වෙනකන්. (මාතලන් වෙලාවක ඒ ගැන ලියන්න ඉන්නේ.) ඉන්න එකම විකල්පේ මහින්ද ඉතරයි. මහින්ද හොරෙකුත් නෙමෙයි නම්, සම්බාධක අර බාධක මේ බාධක මැද්දේ මේ විදියටම රටත් අරගෙන ගියා නම්, අපි වගේ පාවෙන ඡන්ද වලට තියෙන එකම විකල්පය මහින්ද ඉතරයි.

ඇයි මහින්ද ඉටු කරන්නේ ජාතික යුතුකම්ක්ය කියලා කිව්වේ. ප්‍රජාතන්ත්වාදි රටක තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි බලවත් විපක්ෂයක් තියෙන එක. දැන් බලන්න ඇමරිකාව එංගලන්තේ උනත් එකම ප්‍රතිපත්ති මත උනත් පක්ෂ දෙකක් තියෙනවා. උන් උන් අතර මත ගැටුම් තියෙනවා. අදත් ඔය තියෙන්නේ බ්‍රිතාන්‍ය තව දුරටත් යුරෝපා සංගමේ ඉන්නවද? එහෙම නත්නම් වෙන් වෙනවද? කියලා. ආන් ඒවගේ විරුද්ධ මතයටත් ඕනම රටක තැනක් තියෙන්න ඕන.

ඒත් මේ අගමැතිත් ජනපතිත් මොකක්ද කරන්න යන්නේ. රට සංවර්ධනය කරන්න නම් පක්ෂ බේද නැති වෙන්න ඕනය කියලා හිටන්, කම්බ හොරු කියන උන් ඔක්කෝම රෙද්ද අස්සේ දාගන්නවා. ලැජ්ජා නැතිව, හැමදාම පාර්ලිමේන්තුවේ උන්ට ආරාධනා කරනවා. නිල විපක්ෂේ ආන්ඩුවට සප් එක දීලා, පනත් සම්මත කරන වෙලාවට නැගිටලා හෙමීට මාරු වෙනවා. ජෙප්පෝ පහ හයකට කරන්න පුළුවන් මඟුලක් නෑ නේ. ඉතින් කුණුහබ්බ කියන්න හරි, කෑ ගහන්න හරි, රෑට බීලා නිදා ගන්න හරි ඉන්නේ ඒකා බද්දේ උන් ටික විතරයි. 

ඇත්තටම මට නම්, උන් ටික සිවිල් සංවිධාන වලටත් වඩා වටිනවා. උන් ඊට වඩා බලවත්. උන්ට හොඳ මීඩියා කවරේජ් එකකුත් තියෙනව. ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්න එහෙම සෙට් එකක් ඉන්න ඕන. අනික උන් එකෙක්වත් හොරු නෙමෙයි. අද වෙනකන් එකෙක් අල්ලලා නෑ. අනික ආන්ඩුවට ආවම මහත්වරු වෙන්නත්, ෆයිල් වහලා දාන්නත්, බා ගන්න බැරි තාක් කල්, උන් හොරුය හොරුය ගෑවට ඔප්පු කර ගන්නත් බැරි නම්, ඒක ජනතාවගේ ප්‍රශ්ණයක් නෙමෙයි නේ. ඒක තනිකර ආන්ඩුවේ ගොන් කම. උවමනාවක් නැති කම. එහෙම උවමනාවක් තියෙනවා නම්, නොම්මර එකේ ඩීල් කාරයෙක් වෙච්ච එකෙක්, අධිකරණ ඇමති හැටියට දාලා තියේය. එහෙම දාල බොරුවට කෑ ගහනවා නීතීපති ගාව නඩු ගොඩ ගැහිලය කියලා.

ඉතින් දැන් ඔහේලට තේරෙනවා ඇති, මහින්ද දැන් කරමින් ඉන්නෙත් ජාතික යුතුකමක්ය කියන එක. මොන තරම් විවේචන තිබුනත්, ඒ සෙට් එක කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක්. උනුත් එකතු උනොත් එහෙම මේ රටේ නාමල්ලට, දහම්ලට, කන්න දෙයක් වත් ඉතිරි කරන එකක් නෑ. මහින්ද මහත්තයා කියනවා වාගේ, එයා සහ පිරිස කරන්නේ (කම්බා හොරු කියන්න බෑ නේ) මේ රටේ ප්‍රජාචන්ච්‍රවාදය බේරා ගනීමට අපමන වෙහෙසක් ගන්න එක. ඉතින් මාතලන් උනත් වෙනත් විකල්පයක් නැත්නම්, මේ පච යහපාලනයට එරෙහිව, ආයේ මහින්දට දෙන්න දෙසරයක් හිතන්නේ නෑ. එහෙම දීලා කෙලවුනත් අවුලක් නෑ කියලා හිතෙන්නේ, මේ රටට සදා උරුම කෙලවීමම මිස, ගොඩ ඒමක් නම් නොවනා නිසාය කියන එකත් අවසාන වසයෙන් කියා, මේ පල් හැල්ල මෙතනින් නවතා දමනවාය.

72 comments:

  1. මෙහෙව් රටේ ජනතාව එහෙම ය. ඕනෙම හොරෙක්ට, මංකොල්ලකාරයෙක්ට, දූෂකයෙක්ට, භීෂකයෙක්ට කිසිම හිරිකිතක් නැතුව කතිරෙ ගහලා අසමත් කොරලා එනවා. ඒක මේ රටේ හැටි. ඒ ඇවිල්ල කරන ඕනෙම මගෝඩි වැඩක් කරබාගෙන බලා ඉන්නත් ඔය ජහමනයාට පුළුවන්. අවුරුදු හැට ගානක් පුරුදු දේ ඉදිරියටත් එහම කරගෙන යාමයි තියන්නෙ. මේ මාතලන්ලා ඕනෙ නැති ඒව කියලා අඛන්ඩ ඉතිහාසෙ තාර ගානව එහෙම නෙමෙයි ඔන්න....

    ReplyDelete
    Replies
    1. මට බය තියෙන්නේ මහින්දත් මුන්ට එකතු නොත් හෙම අපේ දරුවන්ට යන කල දසාව ගැන..

      Delete
    2. @ Rohana RanasingheJune 23, 2016 at 2:12 AM 100% agree

      Delete
  2. apita hithena dema liyalane,good work..

    ReplyDelete
    Replies
    1. මාතලන් කියන්නේ ජනතාවත් එක්ක ඉන්න මනුස්සයෙක්...

      Delete
  3. මාතලනුත් රන්ජට කිව්වා වගේ වලක් කාපාගෙනම හිටියනම් හොඳයිනේ ද?

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය නෑ නේ... මොකෝ අපේ යුතුකම අපි වෙලාවට ඉටු කරන පාවෙන ඡන්ද කියන කොට්ඨාශය. අපි අර බුද්ධිමත් ජනතාව කියන කොටසට අයත් වෙන්නේ නෑ.. මම ජනපතිවරණයේදි පොද්දට දුන්නට, මහ මැතිවරණයේදි දුන්නේ ජෙප්පන්ට. ජෙප්පන්ට දීමේ වැරැද්දක් නෑ නේ... අද ආන්ඩුවේ හොරකම් ගැන කතා කරන්න ඉන්නේ උන් විතරයි සාක්කි සහිතව..

      Delete
  4. රාජිතයගැන යම්හෝ මෙවුව එකක් මගේ තිබ්බනම් ඒකත් දැන් ඉවරයි කියහංකෝ !

    ReplyDelete
    Replies
    1. රාජිතගේ පුතාය කියනවා නේ මේ විප්ලවය පසුපස හිටපු යෝධයා. එහෙම බැලුවාම එයා යුතුකම ඉටු කලා.. ඒත් මහින්දලට බය නෑ කිව්වට එයත් බයයි වගේ පේන්නේ..

      Delete
    2. ඔය එහෙට මෙහෙට පනින උන් ඉන්නවා නේද, උන්ට හොඳට ඉව තියෙනවා...

      Delete
  5. //...ඇත්තටම ඉතින් රනිල් කියන නායකයට බැරි උනාට, ඩී බී විජේතුංග කියන හාල්පාරුවා ඇර, අනිත් නායකයෝ රට තිබුන තත්වෙන් හැම වෙලාවෙම ගොඩ ගත්තා.// හුකෑස්..ස්...ස්..

    ReplyDelete
    Replies
    1. මා දන්නා කාලයේ එජාප ජනපතිවරුන් දෙදෙනෙක් සිට ඇත. ඔවුන්ගේ වැරදි පැත්තක තිබියදි හොඳ පමණක් ලියමි.

      ජේ ආර් ජයවර්ධන - පට්ට ගහ ගහා අදත් විකල්පයක් නැතිව කර ගේන යන විවෘත ආර්ථිකය හා විධායක ජනපති ක්‍රමය හඳුන්වා දුන්නේ ඔහුය. විවෘත ආර්ථිකය කුමක්ද කියා වැටහීමක් ලබා ගැනීමට 1977 ට පෙර ජීවත් වූවකු විය යුතුය. තරුණ පරපුරට ඒ පිළිබඳව වැටහීමක් නොමැතිවීම ඔබගේ වරදක් නොවේ.

      ප්‍රේමදාස - ඇඟළුම කර්මාන්තය ගම නියම් ගම් වලටද හඳුන්වා දී ඉතා කෙටි කලෙකින් ඒය ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය කරන ලදි. ජනතාවට නිවාස ලබා දීමට මහල් නිවාස හා ගම් උදා වැඩ පිලිවෙල හඳුන්වා දුනි. ග්‍රාමිය ජනතාව නගා සිටුවීම සඳා ජනසවිය. දුප්පත් එහෙත් උගත් දරුවන් වෙනුවෙන් කැපකරු මාපිය කෙමය හඳුන්වා දීම.

      Delete
    2. ඔය යුගයන් දෙකෙන් එකකදී නේද මහපොළ ආරම්භ උනෙත්...

      Delete
    3. ඔව්.. ලොකු පුතා... ජේ ආර් උන්නෑහේට හොඳ ඇමති මන්ඩලයක් උන්නා..

      ඇතුලත්මුදලි - මහපොල පටන් ගත්තා, රනිල් - තරුණ සේවා සෙභාව පටන් ගත්තා කැම්පස් පටන් ගත්තා. ගාමිනී දිසානායක - මහවැලිය පටන් ගත්තා. ප්‍රෙමචන්ද්‍ර - විදෙස් රැකියා ඒජන්සි පටන් ගත්තා (අදටත් ප්‍රධාන ආදායම් මාර්ගය එක.)

      Delete
    4. මාතලන් එක්ක එකඟයි. 1977 පෙර ලංකාව දැන් පරපුර දැක්ක නම් ........

      Delete
    5. මාතලන් හරි. හැබැයි එයාගෙ ඔලුවෙ තාමත් යූ.එන්.පී ජාන මැකිල නැති එකයි වැරැද්ද. හැත්තෑ හතට කලින් මේ රටට මොකද වෙලා තිබ්බෙ? ටී වී , ඉන්ටර්නෙට්, ෆෝන් තිබ්බෙ නෑ තමයි. ඒත් මිනිස්සු සතුටින් සැනසිල්ලෙන් හිටිය. අද මේවා තිබ්බ කියල මිනිස්සුන්ට සැපද?

      Delete
    6. සැනසිල්ලේ හිටියා දවස් දෙකක් බත් කන්නත් නැතිව...

      Delete
    7. කන්න නැතිව හිටියේ 1970-1977 කාලේ. ඊට කලින් එහෙම හිටියෙ නෑ නේ ලොක්ක

      Delete
  6. ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය
    මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...

    ජාතියේ උදා ලෝකය - මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්

    විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට
    දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ..

    ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්...

    ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය
    මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...

    ගායනය හා සංගීතය : වික්ටර් රත්නායක
    පද රචනය : පද්මකුමාර මෙත්තසේන

    ReplyDelete
    Replies
    1. මගේ රටට දළදා හිමි සරණයි..
      මගේ දැයට දළදා හිමි සරණයි..
      මෙළෝ දෙයක් නැති හොරු පිරි දෙරණයි
      දැන් නම් ඇත්තේ ඒ අබ සරනයි...

      Delete
    2. //මෙළෝ දෙයක් නැති හොරු පිරි දෙරණයි
      දැන් නම් ඇත්තේ ඒ අබ සරනයි...// hikis

      Delete
  7. වෙනද වගේමයි....අපූරුයි....

    ReplyDelete
  8. උඹවත් ඉල්ලපන් අය්යෙ අපි දෙන්නම් ඡ්න්දෙ..!

    ReplyDelete
    Replies
    1. මාත් පටන් ගන්න ඉන්නේ. පෙරට්ටන්ට වඩා නම් හම්බ වෙයි..

      Delete
  9. 2020ට කලින්ම මක්ක හරි වෙයිද මංදා.. අන්තිමට පොලිටික්කොයි මහජනයයි ඔක්කොම එකතුවෙලා සුපර් මෑන් හරි,ඇරෝ හරි,රාවනා හරි ඇවිත් රට ගොඩගන්නකන් බලන් ඉන්න සීනෙකක් තියෙන්නෙ.
    ටීවියෙකේ කුකුල්පොර වලට එන උදවියත් කියන්නෙ මුකුත් දල්ලෑ කියල නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දියසේන එනකන් බලා උන්නා..ඒ යකා ඇවිත් සහෝදරයයි, කුමාරවරුයි එක්ක රටම කාලා දියවෙලා ගියා..

      Delete
  10. මහින්දත් ඇමති කමක් දීල ආණ්ඩුවට ගත්තනම් ඉවරයි..

    ReplyDelete
  11. මාතලන් කීවාක් මෙන් අප සියලුදෙනාටම දැන් ඉතිරිව ඇත්තේ කලකිරීම පමණි. ​එක්සත් ජාතික පක්ෂයට පැහැදිළි ජයග්‍රණයක් නොදීමෙන් හොරුන් සමග මගුල් නොකා වෙන දෙයක් කරන්නට ඉඩක් නොදුන්නේ අපගේ බුද්ධිමත් චන්ද දායකයන්මය. මහින්දත් හොරු රංචුවත් දැන් ආණ්ඩු බලය අතට ගත්තාක් මෙන් හැසිරෙන්නේ ඒ වරද නිසාය. ඉතින් හැමෝගෙම කරපිටින් ගොස් බලයට ආ සුදු හංසයෙකු යැයි අපි සිතූ සතා ඇත්තටම සුදු හුණු ගාගෙන හිටි කළු පාත්තයෙක් බව දැනගන්නා විට විය යුත්ත සිදුවී හමාරය. මටනම් හිතෙන්නේ මේ මල කෝලම් දකින්නට නොසිට අපවත්වීමෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් සසරින් එතර වූ ආකාරයක්ය.

    ReplyDelete
    Replies
    1. මෙයාගෙන යහපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා මම ලිව්වේ මෙයා පත්වෙලා කරපු පළමු පත්වීම දවසෙමයි... ඒත් මගේ හිතවතුන් කිව්වේ එහෙම දෙයක් වෙන්නේ නෑ කියාලා.. නමුත් මම කියපු අනාවැකිය අද ඒ ආකාරයෙන්ම සිද්ද වෙලා තියෙනවා.. ඕන නම් ඔය උඩ ඉන්න රෝහණ රනසිංහ වෛද්‍ය තුමත් සාක්කි..

      Delete
    2. අපි නන් පත්වෙන්න කලින්ම කිව්වා... මාතලන් නන් රනිල් ලොක්කාව අගමැති කොරන්න ඕනි නිසා දැක්කත් නොදැක්ක වගේ හිටියා...

      Delete
  12. මගේ යාලුවෙක් FCID එකට බයේ මලා.

    ReplyDelete
    Replies
    1. මෙහේ එකට බයේ වෙන්න බෑ... වෙන රටක යාළුවෙක් වෙන්ටෑ...

      Delete
  13. චන්ද ආවාට හැමෝටම වෙනස් කිරීමේ හැකියාව එන්නේ නෑ..ගොඩක් ක්ෂේත්‍ර තාමත් අවුරුදු එකහමරක් තිස්සේ පරණ තැනමයි..ගොඩක් තැන්වල තියෙන්නනේ පරිපාලනමය අවුල්..ඒවා ටිකවත් විසදන්නේ නැති පාටයි.. ඉතිං මෙ විදියට තා දුර යන්න අමාරු වෙගේ තමයි පේන්නේ..
    ඡන්ද තියන්නේත් නෑ පරදිනවා බයට..

    ඒත් මහින්ද ලොක්කා පාර්ලිමේන්තුව කියන දේ විශ්වාස කරලා කොල බලං හරි පාර්ලිමේන්තුවේ කතාකරනවා නම් ඒක වටිනවා.. එහෙම නැත්තං මේක අර රූකඩ නැටුම වගේ.. තරහකාරයෝ පෙනුනට ඇත්තට තරහ කාරයෝ නෑ ඔක්කෝම ඩීල් ටිකක් විතරයි..

    ReplyDelete
    Replies
    1. මහින්දලට කිස් දෙයක් වෙන්නේ නෑ කියන ඩීල් එක එන්නේ සජින් වාස් හරහා. මහින්ද නෙමෙයි එකෙක්වත් තමන්ගේ නමින් ඕවා කරන්නේ නෑ. කොටින්ම ප්‍රාදේශීය සභාවක එකෙක්වත් එහෙම කරන්නේ නෑ.

      ජේ ආර්ලා නම් කලේ බලයට ආපු ගමන් ඉන්න උන් ඔක්කෝම එලවලා එයාලගේ අය දාපු එක. මෙයාලා කරන්නේ ඉන්න හොරා කාපු නිළධාරින්ට බයේ නැට්ට පුකේ ගහගන්න එක. එකම හේතුව උන් එක්ක හොරා කන්න ලේසී වීම. ජේ ආර්ට විෂන් එකකුයි මිෂන් එකකුයි දෙකම තිබුනා. මෙයාලට දෙක නෙමෙයි තුනම නෑ.

      Delete
  14. මොන වැරදි තිබ්බත් මම මේ ආණ්ඩුවට ගරු කරනව. ඒ වෙන මුකුත් නෙමේ බටහිර රටවලට ඇහුම්කම් දෙන ආණ්ඩුවක් හින්ද. බටහිර රටවල ආශිර්වාදය නැතුව අපිට මේ ලෝකෙ හෙල්ලෙන්නවත් බෑ. මහින්ද මෝඩ උනා බටහිර රටවල් කියපු දේ අහන්නෙ නැතුව ලංකාවෙ ගෝත්‍රිකයො කියපු දේ අහල යුද්ධ කරා. ලංකාවෙ ගෝත්‍රිකයොත් හරි ජොලියෙ හිටියෙ උතුරෙ අහිංසක මිනිස්සු මැරෙනකොට. බටහිර රටවලට ඇහුම්කම් දීල සාමයෙන් ප්‍රශ්නෙ විසදගත්තනන් අපි අදටත් දියුණු රටක්. ලංකාවෙ බහුතරේකට ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව, මානව හිමිකම් වගේ දේවල් වහ කදුරු. ඒත් බරහිර රටවල් අගයන්නෙ මේව. නැතුව පෙරදිග රටවල් අදහන ආගමික මතවාද නෙමේ.

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදිත් එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද, මොන සමානාත්මතාවයක්ද උන් එක්ක කතා කරන්න ඕන උන් දන්න බාෂාවෙන්. බටහිර රටවල් කරන්නෙත් ඒක. උන් ඒක කර කර අපිට බයිලා ගහන්න ආවට, මහින්ද මහත්තයා කළේ හරි වැඩේ.

      ඒත් එතනින් පස්සේ මහින්ද කලේ අමු ගොන් වැඩක්. යුද්ධයේදි උදව් කරපු රටවල් පවා තරහා කර ගත්ත එක. විමල් වගේ, ගම්මන්පිල වගේ ගොන්නුන්ගේ ලණු කාපු එක. නානසාරලා වගේ මිලෙඡ්චයෝ බලවත් කරපු එක. එහම නොකර ඔබ කියනවා වගේ බටහිර රටවල් හා එකතු උනා නම් රටේ ජනතාවගේ බලාපොරොත්තු වගේම මහින්දල්ගේ බලාපොරොත්තුත් ඉටුවෙනවා. ඒ කියන්නේ මහතීර්ලා වගේ සෑහන කාලයක් ඉන්න ලැබෙනවා.

      මේ ආන්ඩුව අන්තර්ජාතික තලයේ වැඩ කරන විදියේ වැරද්දක් නෑ. ඒත් දෙශීයව. බටහුර රටවලටත් මෙයාලා කරන්නේ බොරුවක්ය කියලා තේරෙන දවස වැඩි ඈතක නෑ.

      Delete
  15. ඇමතිලාගෙ කාර් ලිස්ට් එක ලීක් කොරලා විස්වාසබන්ගෙට එ ජා ප කස්ටියකුත් සැට්කොරාන අජමැති වෙන්න හිටි කෙනෙකු ගේ කුමන්ත්‍රනේ කලු කෝපි නොබී ම රනිල් තුමාට දන්නලා ශේප් එකේ පිට රට ගිය එක ම මදැයි ප්‍රොජාතන්ත්‍රවාදෙ සුරකින්න!

    ReplyDelete
    Replies
    1. උඹලට බැංකොක් යන්න හොඳයි... එයා ගියොත් තමයි උඹලටත් රුදාව...

      Delete
  16. යමුද බං මැදමූලන පැත්තේ ගිහිං එන්ඩ?

    ReplyDelete
    Replies
    1. ඔහේ නම් ළඟදි ගමේ කස්ටියකුත් එක්ක ඒ පැත්තේ ගියා නේද?

      Delete
  17. Replies
    1. කල්ලල් ලෑ.. බොල්ලල් ලෑ.. අලේ මල්ලල් ලෑ.. (සෙට් වෙන්න එහෙම අදහසක් නැතෙයි අද හෙට.. මේවා ගැන දිගට දිගට සාකච්චා කරන්නවත්?)

      Delete
  18. අර මාතලන්ගේ රජගෙදර රිලවා තනතුර, දැන් විමල් මහත්තයාගෙන් අපේ ෆීල්ඩ් මාෂල්තුමාට මාරු කරන්න කාලෙ හරි කියලා හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ජාතික වීරයෝ වගේ ඉන්න පුළුවන් මිනිස්සු. ගූ ගොඩකට පැනලා කඳ පනුවෝ වෙනවා. බලන්න පීචං වෙන හැටි..

      Delete
  19. මන් යහපාලනේට චන්දෙ දීපු එකෙක්. ඒත් දැන් හිතෙනව රාජපක්ෂ ආණ්ඩුව මීට වඩා හොදයි කියල. උන් හොරකන් කර කර හරි රටටත් වැඩක් කරා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අර මම කියපු මෙළෝ රහක් නැති ඒවා හරි හැදුවනේ.. ඒවලත් යම් ආරථික වටිනාකමක් තියෙනවා මම කිව්වා වගේ..

      Delete
    2. හම්බන්තොට වරාය නම් තව අවුරුද්දක් විතර යනකොට පත්තු වෙනවා.ශ්‍රැංගිලා එකත් හදුනා.පාරවල් ටිකත් තියෙනවා.යටිතල පහසුකම් ටික හැදිල ඉවර වෙලා ඕක හරි හමන් වරායක් වෙන්න 2017 වත් වෙනවා.
      බඩේ ඉන්න ළමයට නම් දාල ඉඳුල් කට ගාන උත්සවෙත් තිබ්බ වගේ එකක් කරලා තමයි මාම වරායෙ වැඩේ නාගත්තෙ.
      ණයට හිලව් වෙන්න කියල චීනා හම්බන්තොට වරාය ඉල්ලන්නෙ නිකන් නෙමෙයි නෙ.
      අද වෙනකොට හම්බන්තොටින් අක්කර පහක විතර ඉඩම් වල ගනන් නඟින හැටියට ඉස්සරහ අඳුරු නෑ.
      අපරාදෙ..

      Delete
    3. මිහින් එයාර්?

      Delete
    4. මන් රාජපක්ෂට චන්දෙ දීපු එකෙක්. රාජපක්ෂ ආණ්ඩුව මීට වඩා හොදයි. උන් හොරකන් කර කර හරි රටටත් වැඩක් කරා.

      Delete
    5. යනකොට පස් ගුනයක් කරපු නය ටිකත් ඔක්කොම ගෙවලයි ගියේ. එහෙම තියෙද්දි තමයි මුන් කිසි එකක් නොකර බදු ගහන්නෙ

      Delete
    6. වසර දහ පහළොකින් හෝ ඊටත් වඩා වැඩි කලක් තුළදී ගෙවා අවසන් කිරීමේ පොරොන්දු මත මහින්ද අවුරුදු 10 ක් තුලදී වරින් වර ගත්තු ණය වල පොළී වාරිකය ගෙවීමටයයි පවසමින් රනිල් හාමු එම මුළු ණය මුදලෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් අවුරුදු එක හමාරකදී ගැනීම නිවැරදිද ඉයන්?

      Delete
  20. පෝස්ට් එක නං එල මාතලන්

    ReplyDelete
  21. බ්‍රිතාන්‍ය ජනමතවිචාරණයට පැනලා දෙන්න යෑමෙන් රනිල්ගේ රාජතාන්ත්‍රික බව ඔප්පු වුතා.

    ReplyDelete
    Replies
    1. රනිල් කියපු නිසාද කොහෙද... ඒකත් පරාදයි...

      Delete
  22. කොහොමත් මාතලංලාට රනිල් ඇතිවුන දවසට ආපහු හැරෙන්නට තියෙන්නේ මහින්ද දිහාවටමය, 2020 දී මහින්දට ජනාධිපතිවරණයට එන්න බැරිවන නිසා මහින්ද වෙනුවට ගොඨාභයව හෝ දැන්ම සිට අල්ල ගත්තාට අවුලක් නැත.

    කොහොමටත් රනිල් මෛත්‍රි යහපාලන නඩය සිටියත්, මහින්ද ඇතුලු කල්ලිය හිටියත් මාතලංට හෝ අපිට වෙන මොනවත් දෙයක්වත් අමුතුවෙන් ලැබෙන්නේ නැත. දෙගොල්ලන්ටම වැඩිපුර අවශ්‍ය තමන්ගේ කට්ටියගේ සංවර්ධනයය.මේ දෙගොල්ලන්ම එදාවෙල ටුවර් වගේ දවසින් දවසට කොහෙන්හරි හිගාකාලා කීයක්හරි හොයාගන්නවා ඇත. කොහොමටත් එහෙම හිගාකාලා රට සංවර්ධනය කරන්න කියලා වියදම් කරන්නේ ඔය දෙතුන් ගොල්ලන්ගේම පු.. කහනවාට නෙමෙයිය...

    මාතලංට අලුත් පක්ෂයක් හදලා ප්‍රධාන මැතිවරණයකදී පෙරට්ටන්ට වඩා චන්දයක් ගන්න පුලුවන්කියා හිතාගෙන ඉන්න එක පොඩ්ඩකට චුට්ටක් වැඩි මෝඩ කමක්ය........

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් මංගල බබා... ඔයා කක්කා චූ දාන්නෙත් ෆුල් සිරාද...?
      පක්ෂ හදලා බලයට එන්න මාතලන්.. ඔයා විහිළු කියන එවා, උපහාසය කියන ඒවා, උත්ප්‍රාසය කියන දේවල් දන්නෙම නැද්ද..
      අර සිරිසේන ලොක්කා කිව්වා වගේ මට කියන්න තියෙන්නේ..
      "අනේ පව්" මේ බබා

      Delete
  23. මෙහෙම අනාවැකි කියන්න එපා බං හෙට අනිද්දට ඇත්තටම මේවා නොවී තියෙයි කියන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ.. පේනවනේ අද එංගලන්තේ උන දේ.. හෙට ඇමරිකාව.. අනිද්දා....?

      Delete
    2. දැක්කනෙ අද එංගලන්තෙට උන දේ මාතේ. මම හැමොනටම කිව්වේ අවුට් වෙයන් කියල. අපි දිනන. මොකද අපි ටැක්ස් ගෙවන්නේ රුමේනියන් පෝලිෂ් ජිප්සි ඇවුන්ට මෙහේ ඇවිත් නිකන් වේසකන් කර කර නිකන් කන්ට බොන්ට නෙවෙයි නේ. මුන් නිසා අද වයසක අබ්බගාත සුද්දෝන්ටත් ගෙවල් සල්ලි නැතිව පාරේ හිගන තත්වෙට මේ යුරෝප් නීතිය උන්ට ඕන විදිහට හදා ගත්ත.

      Delete
    3. කොහොමද ට්‍රම්පට් උන්නැහේ වගේ උඹලවත් එලෙව්වොත් එහෙම.. වැඩි කල් නොයා ඒකත් එනවා... මේ ආයේ එන්නේ හිට්ලර් රැල්ලක්.. අයිසිස්ලගෙයි මූලධර්මවාදයයි, අංකල් ජොන්සන්ලගේ නාට්සිසිසම් කියන්නේ එකම කාසියේ දෙපැත්ත. අගය එකයි...

      Delete
    4. යන්න ලේසියි ඒත් අද වෙනකොට එන්ගලන්තයේ තත්ත්වය ඔය හිතන තරම් සුන්දර නෑ මල්ලි.

      මට හිනා පිට රටකින් ආපු මිනිස්සුම තවත් පිට රටකින් ආපු මිනිසුන්ව සමච්චලයට ලක් කරන එක ගැන. අනුන්ට කරකවන ඒවා තමන්ට කැරකෙන්න වැඩි කල් යන්නේ නෑ. රුමේනියාවේ පෝලන්ඩ් විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සුත් හොඳම රැකියාවල් කරනවා රටට ලොකු ශක්තියක් දෙනවා කියලා කියන එකටත් හිනහයි.
      අපිත් කාලයක් රට රට වල ජීවත් වෙන මිනිස්සු හින්දා දකින දැකපු දේ බොහොමයි.
      අන්න දැණටම Erasmus ස්ටුඩන්ට්ස්ලාට යන එන මං නැතිව අනාථ වෙලා.

      Delete
    5. තිලාන් මමත් බුරු බේබි ගේ මතයට එකඟයි. ඔය ලංකාවේ කට්ටිය අවුට් වෙයන් කිව්වේ හරිම ආත්මාර්ථකාමී කමකින්. නැගෙනහිර යුරෝපියන් උන් ගියහම රස්සා තියෙයි කියල. ආයෙත් ලංකාවේ ඉන්දියාව වගේ රටවල අයට විසා ලබයි කියල. ඔකේ අනිත් පැත්තේ වෙන්න පුළුවන් මොකද ආර්ථිකය කඩා වැටෙන එකට. ජොන්සන් නුයි ෆරාජ් නුයි කියයි මේ පිටරටින් ආපු අනිත් ටික නිසා තමා මුකුත් කර ගන්න බැරි කියල. යුරෝපියන් ප්‍රොජෙක්ට් එක නිසා මානව හිමිකම් , රැකියා හිමිකම් නීති ලැබුන. ඒවා ඔක්කොම නැති වෙනවා. මේ රට ලෝකේ 5 වෙනි ලොකුම ආර්ථිකය. පැය 12 ඇතුලත දැන් හය. මේ සෙනසුරාදා ජුලි 9 අපේ සාකච්චාවක් යනවා අර කියපු තැනම කැමති නම් එන්න. වැඩි පුර කතා කරමු.

      Delete
    6. බිලියන් ගානක් හොයන ආර්ථිකය වැටෙන්නත් ගෙවල් ගණන දු වෙන්නත් උද්ධමනය වැඩි වෙන්නත් ඉඩ තිබෙනව ලබන අවුරුදු 5 ඇතුලත. ඔයා කියන දේ ඇත්ත. සහරා ජිප්සී එවුන් සුඛ පහසුකම් ගත්ත. නමුත් සහනාධාර ගත්තේ උන් විතරක් නෙමේ. ඒවා අරගෙන වැඩ කරන ලනකාවේ උන් දෙමල වුන්, ඉන්දියන් කාරයෝ ඕන තරම් ඉන්නවා. ඉතාලියෙන් හා ප්‍රංශ යෙන් ආපු ලංකාවේ අය මම දන්නවා රටවල් දෙකේම හනාධාර අරගන්න. ඒ හේතු නිසා රටක ආර්ථිකයක් විනාශ කිරීමේ යෝජනාවට දායක වීම තේරුමක් නැති වැඩක්. මේ රටේ සහනාධාර ක්‍රමය වෙනස් කිරීමයි කරනන් ඕනේ.

      Delete
  24. ///ඒකෙත් ඊයේ පෙන්නුවා බල්ලෙක්ට කවනවා හැන්දෙන්. එහෙම දුන්නේ නැත්නම් ඌ කන්නේ නෑලූ.//// :D

    ReplyDelete
  25. කටුනායක වැසිකිළි යන්නේ බලාගෙනයි‘
    2016 ජූනි මස 24 15:10:57 _ Lankadeepa

    කටුනායක ගුවන්තොටුපළේ වැසිකිළිවල මෙතෙක් වතුර ද ටිෂූ ද තිබූ නමුත් බිඩේ ෂවර් ඉවත් කිරීම නිසා සාම්ප්‍රදායික ක්‍රමයට වැසිකිළි පාවිච්චි කළ ශ්‍රී ලාංකිකයන් අපහසුවට පත්වී සිටින බව කියති. ..

    ReplyDelete
    Replies
    1. වැට් වැඩි උනාම ලැට් යන්න ඕන නෑ නේ... ඒකයි ඒවා යින් කරලා තියෙන්නේ.. බුද්ධිමත් තීරණයක්..

      Delete
  26. ජවිපෙ වගේ පක්ෂයක් එක්ක යුඇන්පී එකේ හොඳ අය දෙතුන් දෙනෙක් ඒකාබද්ද විපස්සේ හොඳ අය (එහෙමෙ අය ඉන්නවනම්) ඔය පුරවැසි බලය වගේ අය එකතු වෙලා සභාග ආණ්ඩුවක් හැදුව නම් ?

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි මචෝ ජෙප්පන්ට වෙන ක්‍රමයක් තියෙනවා කලින් සාර්ථක උන... මම වෙලාවක ඒ ගැන ලියන්න ඉන්නේ....

      Delete
  27. අර්ජුන් ට නම් බඩු බනිස් වෙන්නෙ නෑ කියල වන් ෂොට් ෂුවර්. ඌ ගියත් හිටියත් කියල. ඒත් බන් මාතේ, නෑ එක්කෝ ඕනි නෑ බන්. 🙉🔨

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මෙහෙම කේස් එකක් උනා.. මාත් ඇහුවා රනිල් ලොක්කාගෙන් අපේ ගමේ පොලියට සල්ලි දෙන සීලවති නැන්දා ඔතනට දාන්න. මොකෝ එයා ඔය කොන්වන්ට් එකක ඉගෙනගෙන ඉන්ගිරිස් හිටන් පුලුවන් චන්ඩිඅක්කා කෙනෙක්. හැබයි රනිල් කිව්වේ ඒවා උනාට එයාට ඉන්හව්ස් ට්‍රේඩින් බෑ නේ කියලා.. ඇත්තටම සීලවතිලා ඒ ගේම් දන්නේ නෑ නේ බං..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න