.

.

Jun 15, 2021

තෙල් මිළ වැඩිවිමේ ඇත්ත කතාව

 


තෙල් මිළ වැඩි වෙච්චි කතාව සහතික ඇත්තය. රටේ ආර්ථික තත්වය අනුව තෙල් මිළ වැඩි කරන්නේ නැතිවත් බැරිය. මිළ වැඩි කරන්න තෙල් ඇමතිවරයාට බැරිය. මේ බව ජනාතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත්, කැබිනට් මණ්ඩලයත්, ඊටාමතරව ජීවන වියදම පිළිබඳ කමිටුවක්ද මොකක්ද එකකුත් දන්නවාය.  කරුමය වෙලා තියෙන්නෙ මේ ඇත්ත කතාව සරළව පැහැදිලිව කියාගන්නට එකෙක් නැතිවීමය. අපිට වඩා ඇමරිකාවෙත් වැඩියි කියා මල පැන ඉන්නා එකාට තවත් ආතල් දෙන්නේ නැතිව, ඇත්තම කතාව කිව්වා නම්, මේකට විරුද්ධව කතා කරනා උන්ටත් කියන්න දෙයක් නැතිවෙනවාය.

ඇත්තටම උන් ආන්ඩුවට ඉවත් වෙන්න්නනෙයි කිව්වාට, ජනාධිපතිවරයාට ඉවත් වෙන්නෙයි කියන්නෙත් නැතිය. එයින් ගම්‍ය වන්නේ ඝෝඨා හැර වෙන විකල්පයක් නැති බව උනුත් පිලිගන්නා බවය. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙනත් ආන්ඩුව එලවන්නටත් බැරිය. ඒ තුනෙන් දෙකක්ම තියෙනා නිසාය.

ආන්ඩුවට වැරදුනේ ජනතාවට බොරු කියන්නට ගිය එකය. ඇත්ත හෙළුවෙන් ගියත් කවුරුත් මක්කත් කියන්නෙ නැති උනාට, බොරුවට සළු පිලි දාහක් ඇන්දුවත් බොරුව යන්නේ නිර්වස්තරයෙන්‍ය. ආන්ඩුවට ඕනෑ තරම් සල්ලි තියෙනවා කියා කීවේ පට්ට පල් බොරුවක් වන බව මේ වන විට ඔප්පු වී අවසානය. කබ්‍රාල්ලා කියන ඒවා ඇත්ත කියා හිතා ඒවා ඩිෆෙන්ඩ් කරන්න යන අයත් අන්තිමේ පච වෙනවාය. 

අම්මට සිරි ලංකාවේ කිසිවක මිළ අඩුවෙනවා කියා අපි නම් අහලා නැතිය. යහපාලනය එහෙම අඩු කරලා, ඒ වෙච්චි පාඩුව කවර් කරන්න, එයාලා ඇපත් නැතිව ගෙදර යන විට, රටේ විදේශ ණයගැතිභාවය 100% කින්ම වැඩි කරලා ගියේය. ඒ මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලයට අමතරවය. ලෝකයේ හොඳම.මුදල් ඇමති, පසුව එයාට උම්මා දී පැමිණි, පට්ට ලිබරල් ඇමරිකන් පොරක් හා ඩිපියුටි බෝනගේන් පාස්ටර් කෙනෙකුත් ඉඳලාය. රටේ කිසිඳු  සංවර්ධනක් සිඳු වන්නේ නැතිවත්, එයාලාගේ බැංකු ගිණුම් සංවර්ධනය වුයේ කෙසේද යන්න සොයනා එකත් ආන්ඩුවේ වැඩ මිස, අපේ වැඩ නෙමේය. ආන්ඩුව මතක තබා ගත යුත්තේ නැවත චන්දයකටයන විට ඒවාත් බලපානවාය කියලාය.



2015 සිට බොරතෙල් මිළ අඩු වැඩි වීම හෙවත් උච්චාවචනය සිඳු වූ අපූරූ දත්ත සටහනක් දෙස බැලුවාම, රතන සූත්තරයද එල්ලාගෙන උන් මංගලලාගේ මිළ සූත්තරයෙනුත් කරලා තිය්න්නේ හිනාවෙවි අපිටම අරිනා එක මිස වෙනෙකක් නෙමේය.

ඒ සටහන අනුව 2018 වසරේ මිළ උච්චාවචනය වීමේ ප්‍රතිශතය - 25.32% කි. ඒ කියන්නේ 25% කින් තෙල් මිළ අඩු වී ඇත. එහෙත් එයාලාගේ සුත්තරෙන් මිළ අඩු කර දුන් බවක් නම් අපට මතක නැතිය. හැම මාසයකම 10 වෙනිදා පැස්ටෝල් ෂෙඩ් වල පෝලිම් තිබුනේ අනිවාර්‍යයෙන් මහ රෑ 12 ට මහසෝනා ගහනා බව දන්නා නිසාය. හැබයි ඒ කාළේ තෙල් මිළ වැඩි උනේ නැතිය. උනේ මිළ සංශෝධනයක් ය. මේ ගැන අපූරූ සටහනක් හිතවත් Hirantha Herath ලියලා තිබුනාය.

මුදල් අමාත්‍යංශයේ ටයි පොලු කාරයෝ ටිකකුත් එක්ක ආ... ඇමරිකන් පයිනෑන්ස් මිනිස්ටර් හා පාස්ටර්, මිළ සංසෝධනය වූ බව පවසා හිනා වෙලා යන්න ගියේය. එයාලා පාස්කු ප්‍රහාරය දවසේත් කලේ ඒකය. ඒ තෙල් මිළ සංසෝදනේ වන බව මෙන්ම, පාස්කු ප්‍රහාරය එන බවත් එයාලා දැනගෙන උන් නිසාය.

මේ ආන්ඩුව කරපු ගොන් වැඩ අතරින් එකක් නම් මේ මිළ සූස්තරය ඉවත් කිරීමය. එය යහපාලනේ උන් පෝට් සිටිය නැවැත්තුවා වගේම, මත්තල වී ගබඩා කලා වාගේම, අමු මෝඩ වැඩක්‍ බව ආර්ථිකය ගැන අබ මලේ රෙණුවක මොළයක්  තියෙනා එකෙකුට තෙරෙනවාය. ජනතාව උන්නේ එම සුත්තරයට අනුගත වෙලාය. හරි නම් කළ යුතුව තිබුනේ, ලෝක වෙළඳ පොලේ මිළ අනුව දිනපතා එය සංශෝධනය කිරීමය. ලෝකයේ දියුණු රටවල සිඳුවන්නේ එයයි.

අප මතක තබා ගත යුතු දෙය නම්, ආන්ඩුව කරගෙන යන්නේ යහපාලන කාළයේ නොතිබු ලෝක වසංගතයක් හමුවේ චීනය හැර ලෝක බලවතුන් පවා අති දරුණු ආර්ථික අවපාතයකට මුහුණ දී ඇති යුගයක බවය. 

එය එසේ යැයි කියා මෙතෙක් ජනතාවට ලබා දුන් සහන කිසිවක් කප්පාදු කොට නැති අතර, ආන්ඩුව පැමිණීමෙන් පසු ක්‍රියාත්මක වූ වැඩ සටහන්ද ක්‍රියාතමක වෙමින් පවති.

  • රැකියා විරහිත උපාධිධාරීන් 60,000 ක වැටුප්, ඒ ලක්ෂ 14 ක් වු රාජ්‍ය සේවකයින්ට අමතරවය. (මේ ගැන මාතලන්ට වෙනම විවේචනයක් ඇතත්, සත්‍ය තත්වය එයය.
  • සාමාන්‍ය පෙල සමත් 100,000 කට රජයේ රැකියා ලබා දෙන ලදි. (මෙය ජනාධිපතිගේ පිරිසිඳු චේතනාව අනුව සිඳුවූයේ නම් අඩුම ගනනේ මේ වනවිට සමෘධිලාභීන් 75,000 ක් එම ලැයිස්තුවෙන් ඉවත් වී තිබිය යුතුය. එය එසේ වූවාදැයි කියන්න මාතලන් දන්නේ නැතිය.)
  • අඩු ආදායම්ලාභී පවුල් මිලියන තුනකට පමණ රුපියල් 5000/= බැගින් 4 වරක්ද? රුපියල් 5000/= ආහාර මලු 2 වරක්ද, මීටාමතරව නිරෝධායනා වන සෑම පව්ලකටම රුපියල් 10,000 ක ආහාර මල්ලක්ද ලබා දේ.
  • වැක්සීන්කරණයේ අඩු පාඩු ඇතත් සියළුම ජනතාවට නියමිත මාත්‍රා ප්‍රමාණය ලබා දීමෙ අවංක චේතනාව අනුව, නොමිළේ ලැබෙනා වැක්සීන් වලට අමතරව වැක්සීන් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කරයි.
  • අධ්වේගී මාර්ග පද්ධතියට අමතරව, කි මි ලක්ෂයේ වැඩ සටහන සාර්ථකව ක්‍රියාත්මක වේ.
  • මහා පරිමාණ ව්‍යපෘති 284 කට මුලපුරා ඇති අතර, එයින් 100 ක් පමණ ආරම්භ කරඅවසානය.
  • දිවයින පුරා නගර 100 ක් අලංකරණය කොට සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත.
  • 610,000 විශ්‍රාම වැටුප් නියමිත දිනට ලබා දේ
  • පින් පඩිය නියමිත දිනට ලබා දේ.

නමුත් මේ තෙල් මිළ සංශෝධනයත් සමඟ බැසිල් පාර්ශවයෙන් මතු වු විවාදාත්මක කරුණු කීපයක්ද වේ. ළිපිය දිග වැඩි හෙයින් එ පිළිබඳ මීළඟ ළිපියෙන් බලාපොරොත්තු වන්න.






18 comments:

  1. හොඳම වැදගත් කාරණා කිහිපයක්, මේ ගැන ගැඹුරින් සමාජය තුළ පුරවැසියන් දැනුවත් කිරීම අවශ්‍යයි. ජී ආර් හොඳ දේශපාලන සන්නිවේදකයකු නොවීමත්, එම් ආර් නිහඬව බලා සිටීමත් ජී ආර් ගේ මාධ්‍ය ප්‍රකාශක වරුන් නොසිතූ විරූ ලෙස අසාර්ථක වීමත් සමගම මේ ප්‍රශ්නය සමාජ ජාල වල මතුවී තිබෙනවා. සමාජ ජාල වලට අරක් ගත් උබුජ බකපඬි රැල කොහොමත් රාජපක්ෂ විරෝධී එජාප ජවිපෙ සජබ වහල් අනුගාමිකයන් පිරිසක්. නමුත් තාම මේ තත්වය බිම් මට්ටමට ඇවිත් නෑ. එහෙම උනොත් ඒක ආණ්ඩුවේ 2024 න් පසු පැවැත්මට අහිතකර ලෙස බලපාවි.

    මාතා මේ වගේම ආණ්ඩුව විසින් ලීන් සංකල්ප රාජ්‍ය පාලනය කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්වා දෙන්න ඕන. අපි ඒ කාලේ වියත් මග කණ්ඩායම් පවා මේ ගැන දැනුවත් කළා, මාතා ලීන් මැනේජ්මන්ට් ගැන දන්නවා ඇතිනේ, ඒ අනුව ලීන් වලින් සිදු වන්නේ ඔබගේ වැඩ පහසු කිරීමයි. අප නොදැනුවත්ව හෝ දැනුවත්ව බොහෝ නාස්තිදායක ක්‍රියා එදිනෙදා වැඩ පරිසරයක සිදුවන අතර ඒවා ක්‍රමානුකූලව අඩු කිරීම හේ නැති කිරීම තුලින් අප කලින් සිදු කල වැඩ ප්‍රමාණයම අමතර මහන්සියකින් තොරව අඩු කාලයකදී නිම කල හැක. ඉතිරි වන කාලය තුල වෙනත් වටිනාකමක් එකතු කරන ක්‍රියාවක් සිදු කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් ලීන් පෙරළිය ව්‍යාපාරික නවකතාවේ “අමතර ආයෝජනයකින් තොරව ටොයෝටා සමාගම වැනි අධි ලාභ ලබන ව්‍යාපාරයක් බිහි කරන ලීන් ක්‍රමවේද 9 ක ප්‍රායෝගික විවරණය.” ලපිත ගුණසිංහ සහ අසංක හේනේගෙදර විසින් රචිත ලීන් පෙරළිය සිංහල නවකතාව බලන්න.

    �� පොත පිළිබඳ වැඩි දුර තොරතුරු සඳහා
    https://iceesglobal.com/lean-peraliya/ වෙත පිවිසෙන්න

    පොත ගෙන්වා ගැනීමට පහත පෝරමය පුරවන්න.
    �� https://forms.gle/txfVvAWaf8bS3iq99
    පොත රැගෙන එන දිනය (වැඩකරන දින 3-5 අතර) ඔවුන්ගේ නියෝජිතයෙකු ගෙන් ලැබෙයි.

    �� පොතේ ඇතුළු පිටු කියවීම සඳහා
    https://www.slideshare.net/1asanka1/ss-249077594 වෙත පිවිසෙන්න

    මිල රු 1600, පොත ලැබුණ පසු මුදල් ගෙවන්න පුළුවන් ප්‍රවාහන ගාස්තු නොමිලේ.

    ReplyDelete
  2. මාතා, ලොව පුරා රටවල් කීපයක රැකියා කර රටවල් ගණනාවක සංචාරය කර ලද අද්දැකීම් අනුව ලෝකයේ ඇති සියලුම රටවල් වල පාහේ සියලුම දේශපාලඥයන් අතරේ අතිශය බහුතරයක් අවස්ථාවාදීන් හා කපටියන් වන අතර ඡන්දදායකයන් හැමෝම වගේ අඩු වැඩි වශයෙන් මෝඩයන් බව මගේ නිරීක්ෂණය සහ හැඟීමයි. මේක ගැන හැරල්ඩ් ජේ. ලැස්කි මෙන්ම නූතනයේ ජෝන් ලොක්, තෝමස් හොබ්ස් සහ ශොංන් ශක්වින් රූසෝ වැනි බහුවිධවාදීන් ද මෙම මතය දරන්නන් අතර වේ. උදාහරණයක් විදියට ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය ප්‍රංශය ප්‍රධාන රටවල් හොඳින් ඇනලයිස් කලෝතීන් මේක නම් අනිවාර්යෙන්ම ඉතා පැහැදිලි ලෙස නිරීක්ෂණය කරන්නට පුළුවන්.

    ලංකාවේ ගෝඨාභයගේ ජනප්‍රියත්වයට හේතුවන කාරණා දෙකකින් පළමු එක යුධ ජයග්‍රහණය සඳහා ඔහුගේ සුවිශේෂී දායකත්වය.

    දෙවැන්න ලංකාවට විනයගරුක නිර්භය තීරණ ගැනීමේ ශක්තියක් ඇති දැඩි පාළකයෙකු අවශ්‍ය බව පුරවැසියන් විශ්වාස කිරීම.

    ලංකාවේ යුද්ධය ජය ගැනීම සඳහා දුන් ඉහළ දායකත්වය නිසාම ගෝඨාභය රටේ පාළකයා බවට පත් විය යුතු යැයි සිතීම අනුවණ සිතිවිල්ලක්. යුද්ධය යනු තනි ඉලක්කයකට වෙඩි තැබීමක් යැයි සිතුවහොත් රටක් සංවර්ධිත ඉලක්ක කරා රැගෙන යාම ඉගිලෙන කුරුල්ලන් රැසකට වෙඩි තැබිම වැනි ක්ෂේත්‍ර ගණනාවක ජයග්‍රහණයන් වෙත ලඟා වීමයි.

    ලංකාවට යුද්ධය දිනීම අසීරු කරුණක් වුණා වගේම ලංකාව වගේ රටක් සංවර්ධනය කරා රැගෙන යාම ඊටත් වඩා සිය දහස් ගුණයක් අමාරු කාර්යයක්. වැදගත්ම කාරණය වන්නේ ලංකාවේ ඇති බරපතලම ගැටළු මෙම අපේක්ෂකයන් හඳුනාගෙන ඇත්ද සහ එම ගැටළු සඳහා සාර්ථක විසඳුම් ඉදිරිපත් කර ඇත් ද යන්නයි. පාළකයෙකුට දැඩි බව අවශ්‍යයයි. නමුත් දැඩි බව යනු පළමු අවශ්‍යතාව නොව දෙවෙනි අවශ්‍යතාවයයි.

    සැබෑ යථාර්තය නම් පාලකයාගේ පළමු අවශ්‍යතාව වන්නේ ගැටළු හඳුනා ගැනීම වන අතර දැඩි බව අවශ්‍ය වන්නේ ඊට පිළියම යෙදීමේදීයි. එසේ නොවේ නම් උතුරු කොරියාව ලොව සංවර්ධිතම රාජ්‍යයක් විය යුතුයි. ලංකාවේ කෝපරේට අංශයේ ධම්මික පෙරේරා හෝ ඉෂාර නානායක්කාර සාර්ථක ව්‍යවසායයන් බවට පත් වන්නේ ඔවුන්ගේ පුළුල් වූ සුවිශේෂ ව්‍යපාරික දැනුම නිසා මිස දැඩි බව නිසා නොවේ. දැඩි බව ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ව්‍යපාරික සැළසුම් ක්‍රියාත්මක කිරීමේදීයි.

    ගෝඨා සහ ඔහු වටා සිටි පිරිස් විසින් සමාජ ගත කරපු පණිවිඩය තමයි ලංකාවේ සැබෑ ප්‍රශ්නය වන්නේ ජාතිවාදී සංවිධාන වල තර්ජනයට වඩා ආර්ථිකයේ අපනයන මෙන් දෙගුණයක් ආනයනය නිසා ඇතිවූ වෙළඳ හිඟය සහ රටේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි. මේ මතය ලංකාවේ බහුතරයක් වූ මධ්‍යම පාන්තික ජනයා පිළිගත් අතර ඒ සමගම දේශපාලන ස්ථාවරත්වය සහ ශක්තිමත් මිලිටරිමය සංවිධාන කටයුතු මගින් ජාතික ආරක්ෂාව ගැන සහතික වුණා.

    ගෝඨා සහ ඔහුගේ අනුගාමිකයන් පැවසුවේ ලංකාවේ අපනයන විශාල වශයෙන් වර්ධනය කර ගැනීම මගින් ආනයන වියදම් අපනයන ආදායම් බැලන්ස් කරගෙන පස්සෙ ඒක ධන බවට පත්කරන බවයි. මේ ගැන උදාහරණ දෙමින් සිංගප්පූරුව ඩොලර් බිලියන 600 කට අධික අපනයන සහ බිලියන 530 ක් විතර ආනයන මගින් මිලියන හයකට අඩු ඩොලර් බිලියන 350 ක ආර්ථිකයකට හිමිකම් කීම, මැලේසියාව + 250 - 200, GDP 350 B, මිලියන 3ක් ජනගහනය, තායිලන්තය + 230 - 220, GDP 560B, මිලියන 7 ජනගහනය, තව ඊශ්‍රායලය, ස්ලෝවේනියාව, එක්සත් අරාබි එමීර්, සංවර්ධනය වෙමින් පවතින වියට්නාම් ආදී වශයෙන් විවිධ රටවල් වල ආර්ථික සංවර්ධන සැලසුම් ගැන සාකච්ඡා කළා.

    ඒ වගේම 2018 - ඩොලර් 88 බිලියන ආර්ථිකය බලය අත්පත් කරගෙන 2020 - 21 වනවිට ඩොලර් බිලියන 100 දක්වා සහ වසර දහයකින් ඩොලර් බිලියන 200 පන්නවා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ අගය ඩොලර් 10,000 - 12,000 කරන බව කියමින් බලාපොරොත්තු ඇති කළා. තව රට පුරා ජාතික පාසැල් 1,000 ක් වගේ දේවල් , වාර්ෂිකව ඩොලර් බිලියන තුනක් හතරක් විතර වටින අලුත් අපනයන ආදායම් වැඩි කර ගැනීමට පුළුවන් බව කියුවා නේද? මේවා ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි. ගෝලීය වසංගතය නිසා ආර්ථිකය ඉතා දැඩි ලෙස අසීරු නමුත් කෙසේ හෝ මුදල් සොයාගෙන රට සංවර්ධනය කිරීම ඔවුන්ගේ වගකීමක්.

    ඒ වගේම රටේ ආරක්ෂාව තහවුරු කර ඉදිරියට සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් වර්ධනය කිරීම, ඉරාජ්, දිලිත් වැනි අයගේ සහයෙන් ලංකාව ලෝකයේ සුප්‍රසිද්ධ රටක් ලෙස මාකට් කරන එක, සංචාරක කර්මාන්තයට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා හරහා ආදායම් ඉහළ නැංවීම, තව රටට පේපෑල්, ස්පොටිෆයි, ෂොපිෆයි වගේ දේවල් හරහා ධනය ගෙන්වා ගැනීමේ සැලසුම්, ඊ බේ, ෂොපිෆයි, ඇමසෝන් හා අලිබබා හරහා දේශීය ගෘහ කර්මාන්තයට විශාල වශයෙන් විදේශ වෙළඳ පොල ලබාදීම, තව fiver, direct shipping, digital marketing වගේ විවිධ සේවා සපයා විදේශ විනිමය උපයන සැලසුම්??? මේවට මොකද්ද උනේ? මේ ගැන පසු විපරමක් කරන්නත් අවශ්‍යයි.

    ReplyDelete
  3. wy mi gud englis rytin fren Wije no ryt?
    are yu kovid? ples ryt sar. ples ryt
    thankiv

    ReplyDelete
  4. මාතා ඒ දවස්වල අපේ හිටං ජනාධිපතිතුමා, වික්කම සිංහ අගමැතිතුමා ගාවත් හිටියා පට්ට වන්දිභට්ටයෝ කීපදෙනෙක් එතුමන්ලා මෙහෙම කියන්නේ මෙහෙම හිතලා, මෙහෙම කරන්නේ මෙහෙම හිතලා කියලා උන්නැහේලා හිනෙකින්වත් නොහිතපු දේවල් තමන් විසින් විවිධ සංකල්ප,ප්‍රවාද, දාර්ශනික කාරණා ඔස්සේ විදග්ධ විදිහට විග්‍රහ කරපු. දැන් පොදුජන පෙරමුණට කොච්චර දොස් කීවත් ඒ පක්ෂයට සපෝට් කරන උන්ට බයියෝ කියලා බැන්නාට උන් ආණ්ඩුවේ වැඩ විවේචනය කරන බව පේනවා නේද? ඉතාමත් ටික දෙනෙක් ඇර බොහෝ දෙනා විවේචනය කරන බව පේනවා. නමුත් තාම මේ ගැන ආණ්ඩුවේ මතය පැහැදිලිව ජන ගත කරන්න රජයේ පාර්ශවයේ ප්‍රචාරක යාන්ත්‍රණය ඉතාමත් දුර්වල බව පේනවා. මේක තවමත් හදාගෙන නෑ ආණ්ඩුවේ පැත්තට කතා කරනවා නම්.

    ReplyDelete
  5. මාතා මට මතක් වුනේ බොරදිය පොකුනේ ගෝතමී චරිතය,,,, පුන්චි කාලේ ඉදලා ම හමේ පාට ලස්සන පෙනුම නැති නිසා විදවපු චරිතයක් පොඩි කාලේ ආසා කරෙ යසෝදරාගෙ චරිතයට වුනත් ලැබෙන්නේ කිසාගෝතමි දෙවියගෙ චරිතය, ගෝතමීට ඕනේ වුනේ හැමොටම වඩා උසින් ඉන්න පුලුවන් දෙයක් දකින දකින හැම හීනයක් ම බොද වෙනව ,,, (ලොකුම තේරුම ගහෙන් වැටෙන අරලිය මල අතට අල්ලාගන්න බැරුව බිම වැටුනත් වැටුන මල අරගෙන සුවද බලනවා "ඒක හරි අමුතුම තේරුමක්" කියලා හිතෙන්නෙ තමන් ට හිමි නැති දේ කෙටි මාර්ගෙන් හෝ හීන මානේ රසවිදීම සහ අයිති කරගැනීම,, අන්තිමට සේරම ඇත්ත ඇත්තක් බව තේරුම් අරගෙන ජීවිතේට අර්තවත් විදියට ජීවත් වෙන්න උත්සහ කරනවා.

    ඒ වගේ මේ ආණ්ඩුවටත් වෙලා තියෙන්නේ ඒක නේද බන්,,, ලෝකය පුරා වසංගතය පැතිරිලා කෙලවිලා රටේ ආර්ථිකය හිර වෙලා බදු ආදායම් අඩු වෙලා මිනිස්සුන්ට සල්ලි සහ කන බොන දේවල් බෙදන්න වෙලා ඒ අස්සේ බුකියේ මංගල සමරවීර ජේ වී පී වගේ කට්ටිය සමන්තා පවර් එක්ක සෙට් වෙලා මඩ පිට මඩ ප්‍රහාර එල්ල කරනවා ඇමරිකන් ඉන්දියන් ආධාර උපකාර සහිතව, චීනයේ සහායත් හිතපු තරම් ගන්න අමාරුයි එතකොට අරුන් මෙහේ අනික් පැත්තෙන් හිර කරනවා,,, දැනටත් ජී එස් පී ප්ලස් එකට කෙළවිලා යන ලයින් එකක් තියෙන්නේ නේද බන්... බලමු බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට ඉතින්.

    ReplyDelete
  6. එක බොරුවක් වහන්නට දාහක් ඕනි
    ඒකට ලජ්ජ නැති අය වෙන්නත් ඕනි
    එහෙයියනුත් මදි නොකියන්නම ඕනි
    බලය වැඩි වුණම මේවා වෙන්නෝනි

    ReplyDelete
  7. https://www.globalpetrolprices.com/gasoline_prices/

    Have a look, fuel is locally made. Do you want govt to take loans and pay for those who has cars?

    ReplyDelete
  8. Ceylon petroleum corporation is in utter loss amounting around Rs 331 billion and as of my knowledge, the Major reasons which attributed to this loss are;

    1. Giving fuel Rs. 70/= for Electricity board. So electricity should be get from different sources like wind, solar. Even we can go many homes for solar if they give it low price.

    2. Other issue is kerosene sell for 70/= and it also cost around 110/= But this should continue because it is for people.

    3. IOC selling only 10% of OIL & do not know much about it.
    I think can do it better if they can act collectively

    ReplyDelete
  9. මාතා,

    කොරෝනා ආගන්තුක කාලේ රටවල් වැහුවට දැන් කිසිම රටක් වහන්නේ නෑ . පුලුවන් තරම් පරිස්සම් වෙලා සාමාන්‍ය ජීවිත ගත කරනවා.

    මොකද රට වහන එක වෛරසයට වඩා භයානක නිසා. ඒකට තමයි "නිවු නෝමල්" කියලා ලෝකේ කියන්නේ.

    ලංකාවේ ඉන්න බය ගුල්ලොන්ට ඕවා කියලා වැඩක් තියේද බන් .. මුන් බය වෙන්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්න ජාතියක්..

    ඒ වගේම තමයි ලංකාවේ දොස්තරලත් වෛරස් එක ගැන දන්නේ සංවර්ධිත (බටහිර සහ නැගෙනහිර) රටවල විද්‍යාඥයො වෙහෙස වෙලා සංකීර්ණ පර්යේෂණ කරලා හොයලා දෙන දැනුම නිසා මිසක් ලංකාවේ ලොන්ත පෝල් දොස්තර පැපොල් ඇට ලොන්ත මීහරක් දන්න මගුලක් නෑ නිකන් පුහුණු ශ්‍රමිකයින් පිරිසක් විතරයි.. නැතුව මෙහේ දොස්තරලා දැණුම හොයාගන්නේ නෑ ඒ කියන දේ ඒ විදියටම ඇප්ලයි කරන්න විතරයි දන්නේ. (එමර්ජන්සි ඒකක වල සහ සමහර සර්ජන්ලා ඉන්නවා දක්ෂ අය අනික් උන් අතිබහුතරයක් කටපාඩමෙන් බේත් හේත් නියම කරන්න විතරයි දන්නේ) ඒ රටවල දැන් රටවල් ඇරලා ආර්ථික කටයුතු වලට විවෘත කරලා තියෙනවා. එක අතකට ලංකාවේ මිනිස්සුන්ට බැනලා වැඩක් නැ. මිනිස්සු හොදටම බය කරලා තියෙන්නේ කපටි දොස්තරලා, උන්ට ඕන මේ අවස්තාව පාවිච්චි කරලා ආණ්ඩුව බය කරලා තමන්ගේ පඩි පුළුවන් තරම් වැඩි කර ගැනීම, වෙනත් විවිධ වර්ගයේ වරප්‍රසාද ලබා ගන්න ළමයින්ට ජනප්‍රිය පාසල් වගේ විවිධාකාර වාසි ඉල්ලීම සඳහා අවස්ථාවක් කරගන්න. ඉතින් උන් මිනිස්සු බය කරනවා. අනිත් සෞඛ්‍ය සේවාවේ උන් ඊටත් වඩා කාලකන්නි හැත්තක්, එම් එල් ටී අමනයන්ට හෙම නම් හෙන ගහන්න ඉඩ තියෙනවා සෑහෙන්න දුරට.

    ReplyDelete
  10. මාතලන් මම දැකපු දෙයක් තමයි පහුගිය මාසයක එක හමාරක් විතර කාලේක ඉඳන් ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යමින් තියෙනවා.

    මෙච්චර දවස් ඒ පාඩුව දරාගෙන ආණ්ඩුව පරණ මිලටම තෙල් දුන්නා.. රජයට වෙච්ච පාඩුව බිලියන තුන්සිය තිස් ගානක්, ඒ කියන්නේ කෝටි 33,000කට වැඩියි.

    මේ නිසා මේ වෙනකොට සමස්ත දකුණු ආසියාවෙම තෙල් මිල වැඩි කරලා. ඉන්දියාවේ 20%කින් තෙල් මිල වැඩි කළා.

    අපේ රටේත් තෙල් මිල වැඩි කළා. ඒකෙත් වැඩු කරපු උපරිම ප්‍රතිශතය 14%යි.

    තෙල් අපි ආනයනය කරන දෙයක්. අපිට තෙල් නිධි නැහැ.

    ඉතින් ලෝක වෙළදපොලෙ තෙල් මිල ඉහළ යද්දි ලංකාවෙත් තෙල් මිල වැඩි කරන්න වෙනවා. අපි අකමැති වුනත් සරල යථාර්තය ඒක.

    මේ තෙල් මිල වෙනස් කළේ අවුරුදු දෙකකින්. ඉස්සර මාසෙන් මාසෙට තෙල් මිල වෙනස් කළා. තාමත් දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තියෙන්නේ ලංකාවේ..

    LKR වලින් ගත්තොත් ඉන්දියාවේ ඩීසල් ලීටරය දැන් 253යි, නේපාලයේ 182යි, භූතානයේ 180යි, පාකිස්තානයේ 144යි, බංග්ලාදේශයේ 150යි, මාලදිවයිනේ 116යි.. ලංකාවේ 111යි..

    මුම්බායි වල පෙට්රල් ඔක්ටේන් 92 මිල ලීටරයක් ඉන්දියන් රුපියල් 102 (ලංකාවේ මුදලින් රුපියල් 280 ක් විතර)

    මේ තියෙන්නේ ලෝක වෙළදපොලේ තෙල් මිල ගණන්

    මේ ඩීසල් මිල ගණන්;

    https://www.globalpetrolprices.com/diesel_prices/

    පෙට්රල් 95

    https://www.globalpetrolprices.com/gasoline_prices/#:~:text=Gasoline%20prices%2C%20Octane-95%2C,1.18%20U.S.%20Dollar%20per%20liter.

    රටක ආර්ථික කළමනාකරණය ගැන නොතේරෙන ගොන් මී හරක් මන් දැක්ක ඒ කාලේ මිල සූත්‍රය ගෙනාපු මංගල වෙනුවෙනුත් කඩේ යනවා. මාසෙන් මාසේ තෙල් මිල උඩ යට යන එක ව්‍යාපාර වලට තියෙන දැඩි අවාසි සහගත බව නොතේරෙන මිනිස්සුන්ට ඕවා පැහැදිලි කරලා වැඩක් නෑ. යථාර්ථයට වඩා ආත්මාර්ථය ලොකු කරගත් මිනිස්සු ඉන්න රටක් මේක.

    ReplyDelete
  11. ලංකාවේ තෙල් සංස්ථාවේ බරපතළ පාඩුව සමග ඇතිවූ මේ අර්බුදයට මූලික හේතුව තමයි මාතෝ මේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඩීසල් බලාගාර. ජාතික විදුලි පද්ධතියට ඇතුළත් වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට ඕෆ් ග්‍රිඩ් පද්ධති වලින් එනජි ස්ටෝරේජ් බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමට මේ දවස් වල පියවර ගනිමින් ඉන්නවා. ලංකාවේ සූර්ය බලාගාර වලට තියෙන දැඩි ඉඩම් හිඟය මගහරවා ගනිමින්, රට පුරා විවිධ ජලාශ ගංගා වල ජලය මත පාවෙන සූර්ය පද්ධති ස්ථාපිත කිරීමෙන් විදුලි උත්පාදනය ද වැඩසටහන් පෙළේ පළමු අදියර, පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් ලෙස දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහනට ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරු විදියට ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් (Line Of Credit) පිරිනැමීමට එකඟතාව පළ කරමින්, දෙපාර්ශ්වය අතර ණය සම්මුති ගිවිසුමක් අත්සන් කලා මේක ඉතාමත් සුබවාදී ඇසකින් දකින්න පුළුවන්.

    මාතෝ බොට මතක ඇති නේද ලංකාවේ රනිල්ගේ යහපාල රෙජීම ආණ්ඩුව ගෙනල්ල අනුර කුමාර රනිල්ට විධායක බලතල දෙන්න ඒ කාලේ විසි වෙනි ව්‍යවස්ථා කෙටුම්පත ගෙනෙද්දී, යටත් විජිත හේරත් රනිල් බේර ගන්න රේස් දුවද්දී, ජවිපෙ රනිල් ආණ්ඩුව බේර ගන්න හොර පනත් වලින් චන්ද කල් දාල දෙද්දී, රනිල් ආණ්ඩුව පිස්සු කෙලින කොට, ඔය වම්මුන්ට ඇටි කෙහෙල් ගිලලා බොක ගල් වෙච්ච මීහරක් වගේ විරවගෙන බලන් ඉන්නව මිසක් වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ තමයි. නමුත් උග්‍ර සිංහල ජාතිවාදියෝ එහෙම නැතුව පටන් ගැන්මේ ඉඳලම මේ ආණ්ඩුව විවේචනය කරා ආණ්ඩුව හරි මග නොයන වෙලාවට. ඒ සමහර වෙලාවට ජාතිවාදියො රටේ තත්වය පැත්තෙන්, තියන ප්‍රශ්න පැත්තෙන් හිතුව මිසක් අඩු ගානේ ජාතිවාදී මූලධර්ම පැත්තෙන් හිතුවෙත් නැහැ. පෝර්ට් සිටියට බහුතරයක් දක්වපු සහයෝගය වගේම සැලසුමක් නැති රසායනික පොහොර තහනමට ඇතැම් සිංහල ජාතිවාදියෝ දක්වපු විරෝධයත් ඒවට උදාහරණ. ඒ වගේම බහුතරයක් මම දන්නා සිංහල ජාතිවාදියෝ ලංකාවේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය දෙන යෝජනාවට විරුද්ධ අඩු ගනනේ ජාතිවාදී අදහස් උඩ පදනම් වෙලා වත් නෙවෙයි, බටහිර අධ්‍යාපන මනෝ විද්‍යා මූලධර්ම ගත්තත්, රටේ ප්‍රායෝගික ප්‍රශ්න ගත්තත්, රැකියා වෙළඳ පොලේ හෝ සංවර්ධනයේ අවශ්‍යතා ගත්තත්, ඒ මිනිස්සු පුද්ගලිකව බටහිරින් ඉගෙන ගත්තු දේවලින් සහ රස්සා වලින් ලැබුණු පාඩම් පැත්තෙන් ගත්තත්, ඉංග්‍රීසියෙන් මූලික අධ්‍යාපනය දෙන එක මල විකාරයක් මිසක් කිසිම ප්‍රායෝගික ප්‍රශ්නෙකට ප්‍රායෝගික උත්තරයක් නොලැබෙන වැඩක් නිසා.

    හැබැයි ඉතින් ඔය මෙලෝ දෙයක් ගැන මෙලෝ හසරක් නැතුව, නලින් ද සිල්වා ට කෙලවීම මිසක් දේශපාලනය සම්බන්ධයෙන් වෙන කිසිම මෝටිව් එකක් නැති, ඒ සඳහාම ආණ්ඩු මාරු කරලා ඊට පස්සේ ඔහේ විරවගෙන ඒ ආණ්ඩු පිස්සු කෙලින දිහා හරක කෝච්චිය දිහා බලන් ඉන්නවා වගේ බලාගෙන හිටි අයට නම් මේ ප්‍රශ්නෙත් "නලින් ද සිල්වා ට කෙලවෙන්නේ කොහොමද" දෘෂ්ඨි කොනයෙන්ම බලන්න පුළුවන්. කොහොමත් ඉතින් ඒ අයගේ ගැලරියේත් ගොඩක් ඉන්නේ ඔය කඩුව ටිකක් කට ගා ගත්තම හතර මහා නිධානෙ පහල වෙනවා වෙන කිසිම දක්ෂ කමක් අවශ්‍ය නැහැ කියල හිතන් ඉන්න ගොබ්බයො නිසා ඒක මාකට් එකටත් ලේසි වෙයි.

    කොහොම උනත් අපි දේශපාලන පක්ෂ වල කාටවත් කඩේ නොගිහින් රටට වැඩක් ඇතැයි අපට අවංකව හිතෙන හොඳයි කියලා වැටහෙන දේවල් වලට සහය දක්වන එක තමයි කරන්න ඕන එහෙම නේද?

    ReplyDelete
  12. අයිසේ මාතලන්, වර්තමානයේ කාබනික පොහොර පිළිබදව කතිකාවතක් ඇතිවී තිබෙන මොහොතක ලොකු අභියෝගයක් තියෙනවා කෘතීම පොහොර නතරකිරීමෙන් ලොකු කඩා වැටීමක් ඇතිවෙයි කියල. නමුත් ලංකා සීනි සමාගමේ සෙවණගල සීනි කම්හල ගිය අවුරුද්දේ පටන් ගත්ත පර්යේෂණයක ප්‍රතිපල මේ වන විට ලැබෙමින් පවතින බවත් ඒ ඔවුන් අත් හදා බලා ඇත්තේ උක් වගාවට කිසිදු පොහොරක් භාවිතා නොකරමින් නියමිත සීනි සාන්ද්‍රණය ඇතිව සරුවට වගා කල හැකි බවයි. (මේ පර්යේෂණය අමාත්‍යවරයාද සියසින් දැකගත්තා)

    ඒ අනුව ගිය වසරේ සෙවනගල සීනි කම්හල කෘතීම පොහොර යොදා වගා භූමියක්, ‍කෘතීම පොහොර සහ කාබනික පොහොර 50:50 යොදා, කාබනික පොහොර පමණක් යොදා සහ කිසිදු පොහොරක් භාවිතා නොකරමින් වගාවන් සිදු කර බැලූ පසූ එහි ප්‍රතිපලයක් වූ කිසිදු පොහොරක් භාවිතා නොකරන ලද උක් භූමිය කෘතීම පොහොර යොදා සකස් කරන ලද උක් වගාවන් අතර දැකිය හැකි විශාල වෙනසක් තිබුනේ නැතිලු. කාබනික පො‍හොර යොදා වගාකල උක් වගාවේද පැවතීයේ සාමාන්‍ය කෘතීම පොහොර යොදා සකස් කරන ලද වගාවේ පැවැති සීනි සාන්ද්‍රණයට සමාන සාන්ද්‍රණයක් බව කියන්නේ. මීට වසරකට කලින් සෙවනගල ඒකකය මේ ක්‍රියාදාමයට යොමු වීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා.

    මේක නිරීක්ෂණයට විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර, ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර, විධායක අධ්‍යක්ෂ ගාමිනී රාසපුත්‍ර සහ කෘෂිකර්ම නිළධාරීන් සහභාගී වී මේ ගැන කියන්නේ මේ වගාවන් ක්‍රම හතරකට වගා කරල තියෙනවා, පොහොර භාවිතා කරමින්, කෘතිම පොහොර සහ කාබනික පොහොර, කාබනික පමණක් සහ කිසිදු පොහොරක් නොමැතිව, පොහොර කිසිවක් යොදන්නේ නැතිව සිදු කල වගාවන් තුලත් සීනි සාන්ද්‍රණයේ කිසිදු වෙනසක් වෙලා නැති බව. ඒ නිසා අපිට මේ රටේ ජනතාවට වස විසෙන් තොර සීනි ලබාදෙන්න පුලුවන්ලු. පිටරටින් ගේන ඒවට මේ ඔක්කොම රසායනික පොහොර භාවිතා කරල තමයි සීනි හදන්නේ. ලංකා සීනි සමාගමෙන් හදන සීනි මේ රටේ ජනතාව පමණයි පරිභෝජනය කරන්නේ.

    ලංකා සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ ගාමිනී රාසපුත්‍ර පැවසූවේ තෝරාගත් භූමියක මීට වසරකට පෙර පරික්ෂණ වශයෙන් කරපු දැන් අස්වැන්න නෙලන්නයි හදන මේ කෘතිම පොහොර යොදපු වගාවත්, කෘතීම පොහොර සියයට පනහක් යොදපු සහ අපි ඉවත් කරන ලද කොම්පෝස් පොහොර යොදා සකස් කරන ලද වගාවත්, (දියර පොහොර වර්ගයක්ද හදුන්වා දුන්නා) දියර පොහොර දාල වගාකල භූමියත් කිසිම පොහොරක් යොදන්නේ නැතිව වගාකල වගා භූමියේත් අස්වැන්න නෙලීම දැන් සිදුවෙනවා බවත් මේ පර්යේෂණය අනුව පෙනී ගොස් තිබෙනවා මේ ඉහතින් සදහන් කල වර්ග හතරටම අයත් වගා බූමිවල වගාවේ පැහැදිලි වෙනස්කමක් නැහැ, ඒ අස්වැන්නේ එක සමාන බවක් තමයි පෙන්නුම් කරල තිබුණේ කියලා මේක ඇත්ත ද?

    සියයට සියයක් රසායනික පොහොර භාවිතා කරපු භූමියත් සියයට පනහ පනහ කාබනික හා රසායනික පොහොර භාවිතා කරපු භූමියත් දියර පොහොර හා පොහොර යොදන්නේ නැතිව වගා කල උක් වගා භූමිවල අස්වැන්නේ පැහැදිලි වෙනසක් දැක්කේ නැහැල්ලු.

    ඒ නිසා කෘතිම පොහොර භාවිතයෙන් තොර කෘෂිකර්මාන්තයක් කියන තේමා පාඨය යටතේ උක් වගාව දැනට සෙවන ගල හා පැල්වත්ත අක්කර 35,000 තිස්පන්දහසක උක් වගා කරනව. දැනට මිලියන 250ක් වියදම් කරනවා ‍වසරක් සදහා එම ආයතනයේ පොහොර භාවිතය සදහා. මේ වැඩසටහන යටතේ මේ කෝටි 25ම ඉතිරිවෙනවා එම ආයතනයට. ඒ මුදල් වියදම් කරල ඉතාමක් ඉක්මනින් ලංකා සීන් සමාගමට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සදහා පොහොර කර්මාන්ත ශාලාවක් ඉතාමකත් ඉක්මනින් ආරම්භ කරන බව කියන්නේ. ඒ වැඩ මේ වන විටත් ආරම්භ කරල කියලා කියන්නේ මේවා ඇත්ත ද?

    ReplyDelete
    Replies
    1. @ AnonymousJune 16, 2021 at 11:27 AM

      කොටසක රසානයනික පොහොර දානවා, කොටසකට කාබනික පොහොර දානවා, කොටසකට දෙකම දානවා, කොටසක් ස්වභාවික විදියට වවනවා. ඊට පස්සේ ප්‍රතිපලය බලනවා. විද්යානුකූල ක්‍රමය කියන්නේ මේකට. එහෙම නැතුව ඇමරිකාව හෝ වෙනත් රටවල් පොහොර දාන නිසා අපිත් පොහොර දාන එක නෙවේ.

      හැබැයි මෙහෙම දෙයක් තියෙනවා උක්ගස් වල ගෙඩි කන්නේ නැහැ, ගෙඩි කන (එළවලු, පලතුරු), මුල් කන (අල, කැරට්) භෝග වලටත් පරීක්ෂණය කරලා බලන්න ඕන ඉස්සරහට ඉතින්. ඕනෑම පොහොරකින් පැලයට පෝෂණය ලැබෙන්නේ අකාබනික ලවණ විදියට. කාබනික පොහොර දැම්මත්, කෘතීම (සින්තටික්) හෝ අකාබනික (රසායනික) පොහොර දැම්මත් එකම දේ තමය් පැලය ඇතුලට යන්නේ. එතකොට කොහොමද මිනිස්සුන්ට විස වෙන්නේ? ඒ නිසා මම හිතන්නේ පලතුරු එළවලු කන අයට වඩා රසායනික පෝර විස වෙන්නෙ වගා බිම් අවට ජීවත් වෙන අයට. සෝදගෙන යන පොහොර (තව වල් නාශක, කෘමිනාශකත් එහෙමයි) පානීය ජලයට එකතු වෙන නිසා.

      වාණිජ මට්ටමේ කෘෂිකර්මාන්තයට අමතරව හැකි පමණින් ගෙවත්තේ වගා කිරීම සුදුසු බව පේනවා මේ කරුණු කාරණා අනුව ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා පහසුවෙන් කොම්පෝස්ට් පොහොර හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.

      ග්ලිරිසීඩියා කෝටු ළඟින් ළඟින් සිටුවා ගැනීමෙන් කොම්පෝස්ට් කුළුණක් සාදාගත හැකිවෙනවා.

      ග්ලිරිසීඩියා කෝටු වෙනුවට මේ සඳහා ඉපිල් ඉපිල්, එරබදු වැනි කෝටු වර්ගත්භාවිතා වෙනවා.

      ගෙදර කුස්සියෙන් ඉවත් කරන අපද්‍රව්‍ය වගේම ගෙමිදුල අතුගා එකතුවන කොළ රොඩුත්, ගෙවත්තෙන් ඉවත් කරන බෝග අවශේෂත් දිනපතාම මේ කොම්පෝස්ට් කුළුණට දමන්න.
      සිටුවන ලද ඉනි පැළවේ නම් ඒවාද වරින්වර කපා කොම්පෝස්ට් කුළුණට එකතු කිරීමට හෝ කොළ පොහොරක් ලෙස භාවිතා කිරීමටයොදාගත හැකියි.
      මේ කොම්පෝස්ට් කුළුණ දිනපතාම පිරවිය හැකි අතරම කලින් කලට එහි අඩියෙන් කොම්පෝස්ට් පොහොර ලබාගත හැකියි. මේ වගේ දේවල් වලින් ඉදිරියට ඒමට ඉඩ තියෙන ආහාර මිල ගණන් ඉහළ යාමට යම් තරමකින් හෝ මුහුණ දීමට පුළුවන් වෙයි.

      Delete
  13. මාතා මේක ගැන හිතන්නේ මොකද? පුළුවන් නම් මුළු සාකච්ඡාවම බලලා මේක ගැන පෝස්ට් එකක් දාන්න. මම හිතන්නේ මිනිහා කෙළින් කතා කරනවා වගේ;

    https://fb.watch/6aDbrwlgg6/

    ReplyDelete
    Replies
    1. දැන් කතා කරන්න උනා.....

      Delete
  14. දැන් ටික ටික ඇපිල්ලිල්ල අමාරු වේගෙන එනවා නේද රාළහාමි?

    ReplyDelete
  15. මාතලන් ලංකාවේ කෝවිඩ් තත්ත්වය ටිකක් විතර අඩු වෙලා ඒත් ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ හමු වෙලා තියෙනවා නේද දැන්?

    ඒ නිසා එන්නත්කරණය නම් දැනට තියෙන එකම විසදුම මුලින්ම කළ යුත්තේ ලංකාව තුළ විධිමත් එන්නත්කරණ වැඩපිළිවෙළක් අනුගමනය කිරීමයි නැත්තම් මේවගේ සංචරණ නීති දැමීමෙන් වෙන්නේ ඇති හැකි අය පමණක් හරිහම්බ කර ගන්න නැති බැරි අය නැත්තටම නැති වෙන කොවිඩ් නිසා නොව සාගින්නේ ආතති වලින් මිනිස්සු මැරෙන්න පටන් ගැනීමයි.

    දැන් හිතන්න ව්‍යාපාරයක් වුණත් අපි පටන් ගන්න නම් අපි මුල් මාස කිහිපය තුල එයට මූලික සූදානමක් වී අදාල යටිතල පහසුකම් සපුරාලමින් ව්‍යාපාරය ආරම්භ කිරීමයි නැත්තම් වෙන්නෙ අර ව්‍යාපාර වෙනුවෙන් ආයෝජනය කල මුදලට වටිනාකමක් ගැනීමට නොහැකි වීමයි.

    අන්න ඒ වගේ ලංකාවේත් මේ එන්නත්කරණ වැඩපිළිවෙළ නිසි අයුරින් සීග්‍ර වැඩපිළිවෙළක් නොමැතිව සිදුවීමෙන් වෙන්නෙ රටේ ආර්ථිකය වැටේ, මිනිස්සු දරිද්‍රතාවයට ලක් වේ සියලුම දේ විනාශ වේ. දිනක මේ යන අයුරින් එන්නත්කරනය සාර්ථක ලෙස නොකලොත් මේ සංචරන නීති පලක් නැහැ.

    ලංකාවේ විදේශ සංචිත, රාජ්‍ය ණය සහ විදේශ ණය වාරික දිහා බැලූවිට ඉදිරියේදී එන්නත්කරණය සදහා මුදල් වෙන්කර ගන්නෙ කෙසේද යන්නත් ප්‍රබල ගැටලුවක්. නමුත් අර චීන ණය මුදල් සහ කරන්සි ස්වැප් හරහා එකතු කර ගත් මුදල් යොදවා මේකට විසඳුමක් ලබා ගැනීමට පුළුවන් වේවි ද ඉක්මනින්?

    ReplyDelete
  16. අයිසේ මාතලන්,

    තමන්ගේ ළමයගේ පුද්ගලික අධ්‍යාපනයට ස්මාර්ට් ෆෝන් එකක් අරන් දෙන්නවත් බැරි කාලකන්නි උන් ළමයි හදන්නයි..

    උන්ගේ ළමයින්ට අපේ බදු සල්ලි වලින්ම ෆෝන් අරන් දීලා, අපේ බදු සල්ලි වලින්ම ඒවට ඩේටා දාලා දෙන තුරු..

    අපේ සල්ලි වලින් අපි නොබී ඉන්නයි?

    මොන හිඟන මානසිකත්වයක්ද ඕයි ඒක. යකෝ බාර් වහපු එකෙන් ආණ්ඩුවටත් මාසේකට කෝටි 1,500ක් විතර බදු ආදායම් අහිමි වෙනවා කියලා කියන්නේ අර සීනි වල බදු ආදායම් අඩු වෙලා කියලා විලාප ගහපු උන්ට මේවා පේන්නේ නැද්ද? නොදකින් විතරක්.

    යකෝ අපේ බීමේ අයිතිය ගැනත් පෝස්ට් එකක් දාපන් මචෝ... ඒක ඉතාමත් වැදගත් කාලෝචිත මාතෘකාවක් ��

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න