.

.

Sep 16, 2021

සිරිල් ගාමිනිලා නටන්නේ කාගේ පදේකටද?

 



ජිනීවා සමුළුවේදී පාස්කු ප්‍රහාරය ගැන මිචෙල් බැචලේ නාහෙන් ඇඬුවේ, ආන්ඩුව ඒ වෙනුවෙන් මෙහේ මක්කත්ම කරන්නේ නැති  බව අපි එයාට ලියලාම  යවපු නිසායෙයි කියලා, ෆාදර් සිරිල්  ගාමිනි අද මාජ්ජ හමුවක් තබා පාරම් බෑවේය.

දැන් අපිට ඇතිවෙන සැකය නම්, ඒ වෙනුවෙන් අත් අඩංගුවට ගෙන සිටින ටෙරරිස්ට් ලෝයර් මාස 16 තිස්සේ ඇතුලේ තියාගෙන ඉන්නවා කියා ඇඬුවේ, සිරිල් ගාමිනිලා එයා තියාගෙන ඉන්න එකත් වැරදියි කියලත් ලියලා යැව්වාදැයි කියනා එකය.

මන්ද පාස්කු ප්‍රහාරය ගැන ගරු රඟපෑම් කරනා නළුවන් අතරට අළුතෙන්ම පැමිණි නවක නළු සිරිල් ගාමිනී ඉන්නේත් ලෝයරයා නිදහස් කරන්නට කියූ අම්මට සිරි ලංකා නීතීග්න සංගමේ පැත්තේ නිසාමය.

කොටින්ම කියනවා නම් දැන් එයාලා ඉන්නේ ටෙරාලත් එක්කමය. එකම ටීම් එකක් හෙවත් මැන්චෙස්ටර් යුනයිටඩ්ලාය.

අදත් කීවේ, රජය මේ වනතෙක් කිසිවක්ම කරලා නැතෙයි කියලාය. මේ කෙප්පය කලින් කියූ දිනෙක, ඊට ප්‍රතිඋත්තර බඳිමින් ආරක්ෂ ලේකම් කමල් ගුණරත්න කීවේ පරීක්ෂණ කටයුතු පිළිබඳව ෆාදර් සෙට්ටෙකටම වෙනම රැස්වීමක් තබා කරුණු පැහැදිලි කර බවත්, ඔවුන් ඒ ගැන පැහැදි ප්‍රසංසා කළ බවත් ය.

එක්කෝ සිරිල් ගාමිනි කියන්නේ කෙප්පෙය. නැතිනම් ආරක්ෂක ලේඛම් පොලිස්පතිත් එක්කම ඇවිත් කිව්වේ කෙප්පය.

මෙතරම් කල් ගතවූයේ ශානී විසින් පොලිස් පරීක්ෂණ සියල්ලම අංජ බජල් කොට නියම ත්‍රස්තවාදීන් හංගා වැඩේ යට ගසා තිබූ නිසාය.

කෑගල්ල බුදු පිළිම කේස්සෙකේ සිට පාස්කු ප්‍රහාරය දක්වා සියල්ල යට ගසා විනාශ කර ඇති බව කොමිසමේදි හෙලිවිය.

දැන් පරීක්ෂණ පැවැත්වෙන්නේ අළුත් කණ්ඩායමක් යටතේ මුල සිටය.

කොමිසන් වාර්ථාව යනු නඩු භාන්ඩයක් නොවේ. එහි ඇත්තේ නිර්දේශ පමණි. මේ කොමිසමට රොහාන් ගුණරත්න විසින් විශාල වසයෙන් බලපෑම් කළ බව දැන් හෙලිවෙමින් තිබේ.

රොහාන් ගුණරත්න කව්ද කියා ලෝකයම දනී.

මේ කණ්ඩායම විසින් ලද සාක්කි අනුව සුපිරි බඩු තුනකගේම බෙල්ලට තොන්ඩුව දමා අවසානය. 

ඒ ලෝයරයා, සාලියා හා බඩ උඩින් ය.

දැන් මේ සෙට්ටෙකේ ඉහ මොළ රත් වී බේරෙන්නට පුලුවන් ඕනෑම ගානක් මොකාට හෝ දී බේරෙන්නට දත කන්නේය. උන්  මිචෙල් බැචෙලෙලාත් අල්ලලා අහවරය.

ලන්ඩන් වල ඉන්නා මඩ වෙබ් කාරයෝ මිළදීගෙන අවසානය. උන් ශානිගේ කෙටි කතා රස කරමින් ලියති.

සිරිල් ගාමිනිලාගේත් මොළ සුද්ද කර අවසානය. ඊට කපුකම් කරන ෆාදරයෙක් හා පක්ෂ නායකයෙක්ද සිටී. මේවා ප්‍රසිද්ධ රහස්‍ ය.

මුන්ට එරෙහිව නඩු පැවරීමට නීතීපතිවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර අවසානය.

දැන් සෙට් එකේම රෙද්දේ රෙවිලාය. මේ එන්නේ ඒ ගන්දස්සාරය.

පෝඩ්ඩක් ඉවසාගෙන ඉන්න ෆාදර්..
හෙට එච්චර කළුවර නැත.

මෙන්න මේ ලියන ටිකත් සිරිල් ගාමිනිටයි කාදිනල් උන්නාන්සේටයි, මහ මොළකාරයෙක් ඉල්ලන උන්ටයි දන්න එකෙක් යැව්වොත් හොඳය.

2015 නොවැම්බර් 13 වනදා ප්‍රංශයේදී පාස්කු ප්‍රහාර ආකාරයේම ප්‍රහාර මාලාවක් සිඳු කළේය. ඒ බෝම්බ ප්‍රහාර මෙන්ම වෙඩි තබා ඝාතනය කිරිමෙන් ය.

130 ක් මියගිය අතර, තව සිය ගනනක් බරපතල තුවාල ලැබුවේය.

2015 සිඳුවූ මේ ප්‍රහාරයේ නඩු කටයුතු ඇරඹුනේ ගිය සතියේය.
ඒ ප්‍රහාරය සිඳු වී වසර හයකට පසුවය.
(වැඩි විස්තර අවශ්‍ය කෙනෙකුට ලින්කුව පහළිින්)

ඒ රටේ බුද්ධිමත් මිනිසුන්

ජිනීවාවට ලිව්වේවත්,
කළු කොඩි දැම්මේවත්,
කළු ඉරිදා කියා ජෝගි නැටුවේවත්,
තුවාල කරුවන් ප්‍රදර්ශනය කලේවත්,
මිය ගිය උන්ගෙන් ඩොලර් හම්බ කරන්නවත්,
පාප් වහන්සේට කේලම් කියන්නවත්,
ගියේ නැතිය.

එය රහස් පරීක්ෂකයින්‍ට, පොලීසියට, නීතීයට පවරා නිහඬව බලාගෙන උන්නා මිස.

මිනි උඩ නැටූ මයික් ටයිසන්ලා වෙන්නට ගියේ නැතිය...

දෙවියන් වහන්සේ මොවුන්ට
අනුකම්පා කරත්වා.....!!!!

ආමේන්....!!!


https://www.euronews.com/2021/09/15/paris-terror-trial-main-suspect-says-2015-attack-was-nothing-personal


16 comments:

  1. ඹබ තුමාට ලැබෙන මේ ඉන්ටෙල් හැම තැනම කිය කියා යන්න එපා. ළගදීම 4 තටිටුවට යන්න වෙයි. මේ තොරතුරු වලින් සල්ලි හම්බ කරන්න වෙන විදියක් හොයා ගන්න.

    ReplyDelete
  2. දැන් දැන් මාතලන් නටන්නේ කාගේ පදේකටද?
    මේ නොදන්නා නිසා ඇහුවෙ

    ReplyDelete
  3. මූගේ මෝඩකමට පදේ එන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. තව වැඩි කාලයක් නැහැ.

    ReplyDelete
  4. මාතලන්, මේ වගේම වැදගත් කාරණයක් තමයි ලංකාවේ මේ දවස් වල කරගෙන යන මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය ඉලක්ක කරගෙන ප්‍රථම වරට ගුවන් මගින් සිදුකෙරෙන ගුරුත්වාකර්ෂණ හා චුම්බක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය.

    මේ වන විට බ්‍රිතාන්‍ය බෙල් ජියෝස්පේස් පුද්ගලික සමාගමක් මෙම ගවේෂණ කටයුතු කරද්දී බලශක්ති අමාත්‍යාංශයට අයත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය මෙම ව්‍යාපෘතිය මෙහෙයවයි.

    මේ ගැන මාධ්‍ය හමුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පවත්වා බලශක්ති ඇමති උදය ගම්මන්පිල කියුවේ "ලංකාවේ තෙල් ගවේෂණය පිලිබඳ වැදගත් සන්ධිස්ථානයකට මේ වන විට පැමිණ තිබෙන බවත් ලබන මාසයේ ඛනිජතෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට හිතන බවත් බලාපොරොත්තු වුණ පරිදි පසුගිය මාසයේ කොවිඩ් තත්වය එක්ක පාර්ලිමේන්තුවේ දින ගණන අතිශය සීමාකාරී වීම නිසා එය ලබන මසට කල් දමා ගැනීමට සිදු වුණත් මෙම පනත සම්මත කල පසු ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවා වහාම ලංකාවේ තෙල් ගවේෂණයට සහ උකහා ගැනීමට විදේශීය ආයෝජකයන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

    ලංකාවේ කෙසේ හෝ දීර්ඝ කාලයක් තිස්සේ ඛනිජතෙල් තිබිය හැකි භූමි ප්‍රදේශය බිම් කැබැලි 20කට කඩලා තිබුණේ. බිම් කැබැලි විශාල වුනාම එක් සමාගමකට තනියම එක බිම් කැබැල්ලක් ගවේෂණය කරන්න දිගු කාලයක් යනවා වගේම විශාල වියදමක් දරන්නත් වෙනවා. ලංකාවට පැමිණීමට ආයෝජකයින් මැළි වීමට මේ කාරණයත් බලපෑවා. මෙයට විසදුමක් විදිහට දැවැන්ත කැබැලි 20 ට කඩලා තිබුණු බිම් ප්‍රමාණය අපි කුඩා කැබැලි 873කට කඩලා ගවේශණ සිතියම් නැවත සකස් කලා. ලංකාවට එන ඛනිජතෙල් ආයෝජකයින් තමන් මේ කොටස් 873 න් ගවේශනය කිරීම සඳහා තෝරා ගත යුත්තේ කුමන කැබැල්ල දැයි තීරණය කිරීමට නම් මෙම කැබැලිවල භූ විද්‍යාත්මක තොරතුරු අවශ්‍යයි.

    මේ නිසා ඊට ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එක්සත් රාජධානියේ බෙල් ජියෝස්පේස් ආයතනය ගුවන් යානයක් යොදා ගෙන කරන්නේ ආයෝජකයින්ට ලබා දීමට අවශ්‍ය කරන දත්ත රැස් කිරීමයි. මෙම සමීක්ෂණය සඳහා ලංකාවේ රජයට කිසිම මුදලක් වැය වන්නේ නෑ. සමස්ත වියදම දරන්නේ බෙල් ජියෝස්පේස් සමාගම. ඔවුන් සොයාගන්නා තොරතුරු හා දත්ත වල අයිතිය තියේනනේ ශ්‍රී ලංකා ආණ්ඩුවට. ඒ නිසා අනාගතයේ එන ආයෝජකයන්ට අවශ්‍ය තොරතුරු මේ සමාගම වසින් විකුණලා ලැබෙන ලාභය ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග හවුලේ බෙදාගන්නවා. ඉතාම සරලව කිව්වොත් මේක අපෙන් රුපියලක් වත් වැය නොවී රටට විදේශ විනිමය උපයන ව්‍යාපෘතියක් බවට මේ ව්‍යාපෘතිය පත්වෙනවා.

    මන්නාරම් ද්‍රෝණියේ පමණක් අප හඳුනාගෙන තිබෙනවා බොරතෙල් බැරල් බිලියන 2ක් පමණ පවතින බව. තෙල් බැරලයක මිල ඩොලර් 75 ක් ලෙසින් අප ගණන් හැදුවොත් ඩොලර් බිලියන 150ක් වටිනා තෙල් නිධි පවතිනවා. ගෑස් සම්බන්ධයෙන් ගත්තොත් ඝණ අඩි ට්‍රිලියන නවයක් පවතිනවා. ස්වාභාවික වායු එක් ඝණ අඩියක වටිනාකම සත 13ක් ලෙස ගණන් හැදුවොත් ඩොලර් බිලියන 117 වටිනාකමක් එහි තිබෙනවා. ඒ වගේම මේ දෙකේ වටිනාකම එකතු කර බැලුවොත් ඩොලර් බිලියන 267 යි. ආයෝජකයාට 50% සහ අපට 50% ක් විදියට ගණන් හැදුවත් ඩොලර් බිලියන 133.5 ක් තෙල් සහ ගෑස් විකිණීමෙන් ආණ්ඩුවට උපයා ගැනීමට පුළුවන්. ආණ්ඩුව සහ ආණ්ඩුවේ සියලුම ආයතන එක්ව ගත්තොත් විදේශ ණය තියෙන්නේ ඩොලර් බිලියන 47යි. නමුත් ඒ වගේ තුන් ගුණයක වගේ ආදායමක් මන්නාරම් ද්‍රෝණියේ පමණක් තෙල් සහ ගෑස් විකිණීමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා."

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල කොවිඩ් වසංගතය අභියෝගයක් වුණත් ඊටද මුහුණ දී ඉතා වේගයෙන් වැඩ කර අපි අලුත් පනත හදාගත්තා. විෂය ප්‍රවීණයන් නිලධාරීන් විදිහට බඳවා ගත්තා. මේ සිතියම අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරලා හැදුවා. දත්ත ටිකත් මෙම සමීක්ෂණය මගින් ලබාගත්තාට පස්සේ අපට තියෙන්නේ ආයෝජකයන්ට ආරාධනා කරන්නයි.

      මේ වනවිට මන්නාරමේ එම් 2 කියන කොටසේ ලිං හාරලා ගෑස් සහ තෙල් තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. එම් 2 කියන කොටස අපි ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතිරි කොටස් ඕනෑම ගවේෂණය කිරීමට කැමති සමාගමක් සමඟ ගවේෂණය සඳහා අපි ගිවිසුමකට එළඹෙනවා. ගිවිසුමෙන් පසුව ඒ අය වියදම් කරලා ගවේෂණය කරලා හොයාගන්න දත්ත අප සතු වෙනවා. එසේම එම ගවේෂණයෙන් තෙල් හො ගෑස් ඔවුන් සොයා ගත හොත් ඔවුන්ට එම තෙල් හා ගෑස් ගොඩගැනීමට අපි ගිවිසුමකට එළැඹීමට බලාපොරොත්තු වෙනවා.

      මීට අමතරව මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ මේ නිලධාරීන් උදය ගම්මන්පිල ඇමති සමඟ ලෝකයේ විවිධ රටවල තියෙන තෙල් සහ ගෑස් සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන වලට සහභාගී වෙමින් ලංකාවට ඇවිත් ආයෝජනය කරන්න කියන ඉල්ලීම කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ දැවැන්ත තෙල් සමාගම් මේ කෙරෙහි ඉහළ උනන්දුවක් දක්වනවා. ලබන සතියේ ඇමති ගම්මන්පිල නිලධාරිනුත් සමග ඩුබායිවල තිබෙන ගෑස්ටෙක් සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශණය හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. ඊලග මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහාත් අපි සහභාගී වෙනවා. නොවැම්බර් මස අබුඩාබි සහ දෙසැම්බර් මස ඇමරිකාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් හා සම්බන්ධ වෙමින් ලංකාව සොයා ගත්ත දත්ත සහ ලංකාවේ සිදු කරලා තිබෙන කාර්යභාරය ලෝකයේ සිටින ආයෝජකයන්ට පෙන්වා මේ රටේ ආයෝජනය කරන්න කියන ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වෙනවා.

      ඇත්තටම විශාල අභියෝගයක් වෙන්නේ තෙල් ගවේෂණ කාර්යයේදී ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් කරන්නට සිද්ධ වෙන එක, ලංකාවේ කිසිම ධනවතෙක් නැහැ ඩොලර් බිලියන ගණනින් එවැනි අතිවිශාල මට්ටමේ ආයෝජනයක් කරන්න පුළුවන්. එනිසා අපට අනිවාර්යෙන්ම විදේශීය ආයෝජකයා මත රැඳිලා තමයි මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්නට සිද්ධ වෙන්නේ.

      අපට මෙම ව්‍යාපෘති සාර්ථක වීම සඳහා කොපමණ කාලයක් ගත වෙයිද කියලා කියනවා නම් ඒ එන ආයෝජකයාගේ ශක්තිය මතයි එය තීරණය වෙන්නේ. පහසු තැනක නොවේ මේ නිධි තියෙන්නේ. මුහුදු මතුපිට සිට කිලෝමීටර් එක හමාරක් පමණ ගියාම මුහුදේ පතුල හමු වෙනවා. එතැන් සිට තවත් කිලෝමීටර් දෙකක් පමණ ඇතුලට ගියාමයි දැනට හඳුනාගෙන තිබෙන ගෑස් නිධි පවතින්නේ. මුහුදේ කිලෝමීටර් තුන හමාරක් පමණ ගැඹුරේ කැණීම් කරනවා කියන එක අතිශය දුෂ්කර කටයුත්තක්. මේ තාක්ෂණය තියෙන දැවැන්ත සමාගම් රටට දිනා ගැනීමයි අභියෝගය. එම් 2 කියන බිම් කැබැල්ලේ ගෑස් තිබෙන තැන තෙල් තියෙන තැන නිශ්චිතවම හදුනාගෙන තියෙන නිසා අපට ආයෝජකයා ලංකාවට පැමිණිලා වසර තුනක් ඇතුළත තෙල් සහ ගෑස් ගොඩට ගැනීමේ හැකියාව තියනවා.

      කෙසේ නමුත් සාකච්ඡාවට ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා, බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම, බෙල් ජියෝස්පේස් ආයතනයේ අධීක්ෂණ නිලධාරී ඇන්ඩෘ ජෝෂප් සියර්ල් ද පැමිණියා. මේ කියන තරම් ලේසියෙන් මේ දේවල් කරන්න පුළුවන් වෙයි ද? මංගොංපිල ගෝතයා ගහන බයිලා ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ද?

      Delete
  5. "එය රහස් පරීක්ෂකයින්‍ට, පොලීසියට, නීතීයට පවරා නිහඬව බලාගෙන උන්නා මිස."

    ඔය රහස් පරීක්ෂන කරන්ට පුළුවන් ඒත් මෙහෙ පොලිසියටයි පොලිස් ඇමතිටයි තියෙන ජංගි ට්‍රාන්ස්පෝට් වැඩ කරලා දෙන්නේ මාතලන්ද . පිස්සු දොඩවන්ට එපා මාතලන්.

    ReplyDelete
  6. පදයක් නැතිව නටනව නම් අන්තිමය
    නටන්නට පදේ එතරම් වටිනවය
    තාලය පදය දෙන අය නං හැංගිලය
    ඉන්නේ, උන්ට මොකවත් වෙනවා බොරුය!

    ReplyDelete
  7. උඹ ගැන අනුකම්පා හිතෙනවා වෙලාවකට. දවසේ වියදම හොයාගන්න ඉතිං මොනවා හරි කරන්න එපාය.

    ReplyDelete
  8. ලංකාවේ රජයේ බදු ආදායම් ගැන සාකච්ඡා කරන විට උපයන විට අදායම් බදු අය කිරීම (PAYE Tax) ලංකාව පමණක් නොව ලොව පුරා බොහෝ රටවල් අනුගමනය කරන්නාවූ ක්‍රියා මාර්ගයක් වන අතර ශ්‍රී ලංකාව තුල අලුතෙන් මේ PAYE Tax බදු හඳුන්වා දීම පිලිබදව ආරංචියක් සහ ඊට එරෙහිව දැඩිලෙස සමාජ ජාල වල විරෝධයක් නිර්මාණය වීම නිසා එම ආරංචියේ සත්‍ය අසත්‍යතාවය සෙවීම සදහා Fact Research කණ්ඩායම තීරණය කරන ලදී.

    සමාජ මාධ්‍ය ජාල සටහන්

    මූලාශ්‍රය ලෙස ශාලුක කඳනආරච්චි නමැති නමකින් අබුඩාබි වල පදිංචිව සිටින අතර Senior Account Services Officer ලෙස සටහන් කර ඇති තනතුරක සේවය කරන අයෙකු බව පැවසෙන Facebook ගිණුමක පහත පරිදි සදහන් කර තිබිණි. මෙය ලංකාවේ සහ පිටරටවල සිටින ලාංකීයයන් සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය කරමින් එම තීරණය දැඩි ලෙස විවේචනය කර තිබිණි.

    Salary 5%
    Black Money 1%
    #Rajapaksha_Theory
    #Thanks

    උපයන විට බදු ගෙවීම්

    අදායම හා බදු ප්‍රමාණය
    100,000 දක්වා - 0%
    150,000 දක්වා- 4%
    200,000 දක්වා- 8%
    250,000 දක්වා- 12%
    300,000 දක්වා- 16%
    350,000 දක්වා- 20%
    350,000 ට වැඩි - 24%

    මුලාශ්‍ර - https://www.facebook.com/photo/?fbid=10223309611082935&set=a.2580987898383

    තොරතුරු විමර්ශනය (Fact Check) Fact Research කණ්ඩායම විසින් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් - බදු ප්‍රතිපත්ති රන්ජිත් හපුආරච්චි මහතාගෙන් විමසීමක් කරන ලදී.

    Cont'd

    ReplyDelete
    Replies
    1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ පිළිතුර "මෙම පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිසා මහජතාව නොමග යෑමේ වැඩි ඉඩ කඩක් තියනවා. දේශීය අදායම් දෙපාර්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ලැබෙන ආණ්ඩුවේ නියෝග හා තීරණ මෙන්ම ප්‍රතිපත්ති තීරණ මත බදු අය කිරීම, බදු අනුපාත ආදී කරුණු රාශියක් මත අප ක්‍රියාවලිය සිදු කරනු ලබනවා."

      "ඉහත සදහන් කර ඇති දත්ත, ලංකාවේ 2019 නොවැම්බර් මාසයට පෙර බලයේ සිටි ආණ්ඩුව විසින් අය කරන ලද බදු ප්‍රමාණයන් බවත් ඊට 2018/2019 වර්ෂ වල රුපියල් ලක්ෂයකට වැඩ ඉපැයීමක් සිදු කරන විට වැඩි වන මුදල සදහා 4% ක බද්දක් ගෙවිය යුතු වූ අතර වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු 2020 ජනවාරි 01 දින දෙපාර්තමේන්තුවට කරන ලද නියෝගයට අනුව බදු වර්ෂය ආරම්භ වන අප්‍රේල් මස පළමු වන දින සිට රැකියාවක් කරන පුද්ගලයන් ගෙවිය යුතු උපයන විට ගෙවිය යුතු බදු සීමාව ලක්ෂ 12 සිට 30 දක්වා වැඩි කරනු ලැබුවා. එමගින් රැකියාවේ නියුතු පුද්ගලයන් ගෙවිය යුතු Payee Tax ප්‍රමාණය අඩු වීම සිදු විය. මෙහිදී මසකට ලක්ෂ 250,000 ට වඩා වැටුපක් ලබන පුද්ගලයන් පමණක් බදු ගෙවිය යුතු වනවා. මෙය 2021 අංක 10 දරන දේශීය ආදයම් සංශෝදිත පනතේ පැහැදිලිව දක්නට ලැබෙනවා. මෙහි දක්වන්නේ 2020 ජනවාරි මස 1 වන දිනට පෙර පැවති පැරණි බදු ක්‍රමය පිළිබද සටහනක් එය නැවතත් ක්‍රියාත්මක කරන බවට මහජනයා නොමග යවන අයුරින් නැවත පළ කිරීමක්."

      මුලාශ්‍ර - http://www.ird.gov.lk/si/sitepages/default.aspx
      http://www.ird.gov.lk/.../Acts.../IR_Act_No._10_2021_S.pdf

      තවද ඉහත සමාජ ජාල වල සටහන් වල සේවය අවසාන කරන සේවකයින් සදහා සේවාන්ත ප්‍රතිලාභ මත රඳවා ගන්නා බදු ප්‍රමාණයද 2020 ජනවාරි 01 වනදා සිට ලක්ෂ 50 සිට 100 දක්වා ඉහල දැමීම වත්මන් ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූ බව පවසන අතර අප කණ්ඩායම ඒ ගැනත් සොයා බැලුවා. මෙහිදී අපට දකින්නට ලැබුණේ මේ වන විටත් සේවක අර්ථ සාධක අරමුදල එම බදු වලින් සම්පුර්ණයෙන්ම නිදහස් වන අතර සේවා නියුක්තියන්ගේ භාර අරමුදල, විශ්‍රාම යෑමේ ප්‍රතිලාභ, සේවක වන්දි,පාරිතෝෂිකය ආදී ප්‍රතිලාභ වල එකතුව ලක්ෂ 100 දක්වා වැඩි කර තිබෙන බවයි.

      මුලාශ්‍ර - http://www.etfb.lk/si/index.html
      http://www.labourdept.gov.lk/index.php?option=com_content...

      මෙහි සත්‍යතාවය පිලිබදව අප අන්තර්ජාලය ඔස්සේ විමර්ශනයක් සිදු කරන ලදී.

      අප මේ පිලිබදව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය පරිශීලනය කිරීමේදී තහවුරු වුයේ 2019 වර්ෂයේ අග භාගය අවසන් වන තෙක් මෙම බදු ක්‍රමය තිබු බවයි.

      අදායම හා බදු ප්‍රමාණය
      100,000 දක්වා - 0%
      150,000 දක්වා- 4%
      200,000 දක්වා- 8%
      250,000 දක්වා- 12%
      300,000 දක්වා- 16%
      350,000 දක්වා- 20%
      350,000 ට වැඩි - 24%

      මුලාශ්‍ර - http://www.ird.gov.lk/

      Delete
    2. තවද 2018 අප්‍රේල් 07 වන දින සිළුමිණ පුවත්පතට ප්‍රවීන ආර්ථික විද්‍යා ආචාර්ය සුගත් ලියනගේ විසින් ලිපියක් ලියමින් මෙලෙස සදහන් කර තිබිණි.

      කෙසේ නමුත් පැරණි බදු ක්‍රමය සහ නව බදු ක්‍රමය ගැන කතා කිරීමේදී එය සංසන්දනාත්මකව විග්‍රහ කිරීම වඩාත් යෝග්‍ය වේ. පැවති බදු ක්‍රමය අනුව බද්දෙන් නිදහස් වන ආදායම රුපියල් ලක්ෂ 5 කි. නිදහස් වන බදු ආදායම හැර ක්‍රමිකව ඉහළ යන පරිදි බදු අනුපාතිකය පැවතියේ 4%, 8%, 12%, 16% වශයෙනි. මෙහිදී ඉහළ ආදායම් ලබන ව්‍යාපාරිකයින් හා වෘත්තීයවේදීන්ගේ වාර්ෂික ආදායම මිලියන 25.5% ක් වුවද අය කළ වැඩිම බදු අනුපාතය වූයේ 16% ක් පමණයි.

      නමුත් නව බදු අනුපාත ක්‍රමය යටතේ ව්‍යාපාරිකයින් හා වෘත්තීය වේදීන්ගේ ආදායම මිලියන 3 කට වඩා වැඩි වූ විට 24% ක බදු ප්‍රතිශතයක් ගෙවීමට සිදුවේ. පැවති ක්‍රමයේදී වැටුප් ලබන සේවකයකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ හත හමාරකට (750,000/= ක් වඩා අඩු වුවහොත් බදු අය කිරීමක් සිදු වූයේ නැත. නමුත් 2020 මුල පැමිණි නව බදු ක්‍රමයේ එය ලක්ෂ 12 ක් දක්වා (1,200,000/=) බද්දෙන් නිදහස් වන ආදායම ඉහළ දමා ඇත. එමඟින් අදහස් වන්නේ මාසික ආදායම ලක්ෂයක් (100,000/=) දක්වා බදු අය නොකරන බවයි. කෙසේ වෙතත් අඩු ආදායම් ලබන්නන්ට අඩු බදු ප්‍රමාණයක් ද වැඩි ආදායම් ලබන අයට වැඩි බදු ප්‍රමාණයක් ද ගෙවීමට සිදුවීම තුළ සාධාරණත්වයක් ඇති බවට මේ ගැන අදහස් දැක්වූ රජයේ පාර්ශවයේ අයගේ මතයයි.

      නමුත් 2019 වර්ෂයේ නව රජය බලයට පැමිණි පසු මෙම උපයන විට බදු ක්‍රමය හා විවිධ බදු වර්ග කිහිපයක් අහෝසි කිරීම හා සංශෝදනය කර ඇති ආකාරයක් නිරීක්ෂණය විය.

      1) වැට් බද්ධ 15% සිට 8% දක්වා අඩු කරන ලදී
      2) ගෘහස්ථ භාණ්ඩ මත අයකරන ලද NBT බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලදී
      3) ආර්ථික සේවා බද්ද අහෝසි කරන ලදී
      4) බැංකු හා මුල්‍ය ආයතනය මත පනවා තිබූ හර බද්ද ඉවත් කරන ලදී
      5) කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කරන ලදී
      6) උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කරන ලදී
      7) පොලී මත අයකරන රැදවුම් බද්ද අහෝසි කරන ලදී
      8)ණය සේවා බද්ද අහෝසි කරන ලදී
      9) දුරකථන සේවා බද්ධ 25%කින් අඩු කරන ලදී
      10) ඉදිකිරීම් අංශයේ බදු 28% සිට 14% දක්වා අඩු කරන ලදී
      11) සියලුම ආගමික ස්තාන සියලුම බදු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කරන ලදී
      12) බැංකු ණය පොළි අනුපාතිකය 14% සිට 9% දක්වා තනි ඉලක්කමකට පහත හෙළන ලදී

      මුලාශ්‍ර - http://www.ird.gov.lk/

      තවද වර්තමානය වන විට උපයන විට බදු ගෙවිය යුතු ආකාරය පහත පරිදි වේ.

      අවුරුද්දක් අදායම රුපියල් මිලියන 3 දක්වා අදායම් බදු නිදහස්

      රු මිලියන 3 හා 6 අතර - අදායම් බදු 6%
      රු මිලියන 6 හා 9 අතර - අදායම් බදු 12%
      රු මිලියන 9 ට වඩා වැඩි - අදායම් බදු 18%

      ඒ අනුව අදායම් අනුව බදු අනුපාතය සලකා බලමු
      අදායම -
      රු 100,000 +
      2019 පෙර - 4%
      2020 පසු - 0%

      රු 200,000 +
      2019 පෙර - 8%
      2020 පසු - 0%

      රු 300,000 +
      2019 පෙර - 16%
      2020 පසු - 6%

      රු 400,000 +
      2019 පෙර - 24%
      2020 පසු - 6%

      මුලාශ්‍ර - http://www.ird.gov.lk/
      2 . http://www.ird.gov.lk/en/Type%20of%20Taxes/SitePages/Pay%20As%20You%20Earn%20(PAYE).aspx?menuid=1202
      3. http://www.ird.gov.lk/en/publications/sitepages/PAYE%20Tax%20Tables.aspx?menuid=1502

      Conclusion (අවසන් නිගමනය)

      අලුත් නීතියක් අනුව වැටුප රුපියල් 100,000 ට වඩා වැඩි නම් උපයන විට අදායම් බදු PAYE Tax ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ජාල වල පවතින පුවත අසත්‍ය වේ. මෙය 2020 වර්ෂයට පෙර බලයේ සිටි රජයේ මුල්‍ය ප්‍රතිපත්තියක් නැවත ඇති කර ඇති බවට සමාජය නොමග යැවීමේ අරමුණින් සාවද්‍ය ලෙස පළ කර ඇත.

      ලංකාවේ රජය 2020 මුල සිට වැටුප රුපියල් 250,000 දක්වා ආදයම, උපයන විට අදායම් බදු PAYE Tax වලින් නිදහස් කර ඇත.

      එබැවින් ඉහත දත්ත මහජනයා නොමග යවන අයුරින් ව්‍යාජ දත්ත සමග පළ කරන ලද අසත්‍ය තොරතුරක් වේ.

      Delete
    3. ඇනෝ,

      ඔය බදු අය කරන විදිය මට පැහැදිලි නෑ, මට මාසිකව ලක්ෂ පහක් වැටුප් ගන්න කෙනෙක් 2019 බදු අය කරපු හැටියට ලබා ගන්න වැටුප් සහ දැන් ගන්න වැටුප් ගැන විස්තර කියලා දෙන්න පුළුවන් ද?

      Delete
  9. හොඳ පෝස්ට් එකක් මාතා, ඒ වගේම අද උදේ පාන්දරම ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා අර පහුගිය දවස් වල සමස්ත ලංකා ජමයතුල් උලමා සභාවේ රැස්වීමක රෙකොර්ඩින්
    සෙට් එකක් අර නම සඳහන් කිරීම බ්ලොක් වීමට හේතු වන 'ගල' ගොඩ'අත්ත්තේ ඥාන ක්සාර උන්නාන්සේ විසින් රූපවාහිනී නාලිකාවකදී හෙලිකිරීමත් සමගම මේ වනවිට මුස්ලිම් සමාජය තුල ඉතාමත්ම දැඩි කැළඹීමක් ඇතිවී තිබෙන බව. ඒ වගේම ලංකාවේ දේශපාලනය තුල එජාපයේ සහ සමගි ජන බලවේගයේ සහ එම පක්ෂ වල උප ආයතනයක් වන ජවිපෙ මෙන්ම පොදුජන පෙරමුණේ ද ක්‍රියාකාරී මූල්‍ය ප්‍රතිපාදන අනුග්‍රාහක භවතුන් වන ලාංකීය මහමදික ආගමික ධනවත් බලවත් ව්‍යාපාරික කණ්ඩායම් ද මේ වන විට දැඩි ලෙස කැළඹී ඇති බව වාර්තා වෙලා තියෙන්නෙ.

    මීට අමතරව නාන ක්ෂාර උන්නාන්සේට එම හඬපට ලබාදුන් ආගමික සභාවේ පොදුජන පෙරමුණට සම්බන්ධව කටයුතු කරන ධනවත් බලවත් පුද්ගලයා සර්වබලධාරී අල්ලා තාලාහ් දෙවියන් විසින්ම බලගනිත්වා යනුවෙන් සඳහන් කරමින් සමස්ත ලංකා උලමා සභාව විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත්කර සාප කර තිබුණා නේද? ඒ ගැන ඔබේ අදහස් මොනවා ද?

    මේ ගැන වෙනත් මාධ්‍ය සහ සමාජ ජාල වලට අනුව පැහැදිලි කළ බොදු බල සේනා සංවිධානයට හිතවත් පුද්ගලයන් කළ විස්තර වලට අනුව ඒ ඔස්සේ දැනගන්නට ලැබෙන පරිදි මීට මාස දෙකකට කලින් ජූලි 7 වනදා Zoom තාක්ෂනය ඔස්සේ උලමා සංවිධානය පැවැත්වූ සාකච්ඡාවක රෙකොර්ඩ් කල දර්ශන ඥාන ක්ශාර උන් නාන්සේ වෙත ලබා දී ඇත්තේ උලමා සභාවේ ද ජේෂ්ඨ තනතුරක් දරන නමුත් හිංසා කළහ කාරී දේවල් වලට අකමැති ව්‍යාපාර කටයුතු වලින් මුදල් සෙවීමට කෑදර වර්තමාන ආණ්ඩුවේ ලොකු අතු වලටද හිතවත් කමක් දක්වන මහමදික සමාජයේ බලවත්ම කෙනෙක් බවයි.

    මීට අමතරව ඉතාමත්ම අවදානම් සහගත දෙයක් තියෙනවා, ඒ ඔය අපි දැකපු ජූලි 7 රැස්වීම සමගම තවත් ආන්දෝලනාත්මක කරුණු ඇතුලත් රැස්වීම් රැසක හඬපට සහ වීඩියෝ දර්ශන ඥාන ක්ෂාර උන්නා න්සේට මේ වන විටත් ලැබී ඇති බවත් එම නිසා ඉදිරි කාලයේදී ලංකාවේ ජාත්‍යන්තරය ඉදිරියේ පිළිගත් බලවත්ම මාධ්‍ය වේදීන්, දේශපාලන නායකයින්, පක්ෂ වල අය, සමාජ ජාල හරහා විවිධාකාරයෙන් දේශපාලන කටයුතු කරන කුලීකරුවන් ආදී වශයෙන් බොහෝ දෙනෙක්ට මෙය බලපාන බවයි. විශේෂයෙන් ඉදිරි කාලයේදී ලංකාවේ වසංගත තත්වය අඩු වීමක් සමග ආණ්ඩුවේ මැදිහත්වීමෙන් අදාල පුද්ගලයන්ගේ චරිත ඝාතනය සහ අත්අඩංගුවට ගෙන විපක්ෂ කණ්ඩායම් මර්දනය කිරීම සමගම විපක්ෂයේ ප්‍රධානතම ආදායම් මාර්ග සියල්ලම වැහිලා යන්න ඉඩ තියෙනවා. මේ සමග නැවතත් ආණ්ඩු විරෝධී බලවේග බරපතල ලෙස දුර්වල වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මේ නිසා වහාම ක්‍රියාත්මක වී යුරෝපීය රටවල් සහ ඇමරිකානු එක්සත් ජනපදයේ සහය ඇතිව ක්ෂණිකව දේශපාලන අරමුදලක් ගොඩනැගීමත් එය දිගින් දිගටම කරගෙන යමින් ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් සහ එම කණ්ඩායම ආරක්ෂා කිරීම සඳහා ඉක්මනින් කටයුතු කළ යුතුයි. මේ ගැන ඔබේ අදහස් ද ඉදිරිපත් කරන එක ඉතාමත්ම වටිනවා.

    ReplyDelete
  10. අයිසේ ළමාතැන්, අන්තිමට ඔය සේරටම වැරදිකාරය වෙන්නෙ ජී. ඥානේ සහ අහක හිටපු බෞද්ධයො. දැන් පාස්කු ප්‍රහාරෙත් අන්තිමට මුස්ලිම් අන්තවාදීන් හොඳ වෙලා බෞද්ධයො නරක වෙලා. මුස්ලිම් අන්තවාදය ලෝකෙ පුරා ප්‍රහාර එල්ලකරනව දැක දැක, පරම්පරා පිටින් සමූලඝාතනය කරන ඒවා, ජඩ වැඩ, හිංසා කරන ඒවා හොඳටම පේන්න තියෙද්දීත් දේශපාලන වහල්කම් නිසා උන්ගේ හොඳ දකිනවා. දැන් ටික ටික හිස්බුල්ලත් හොඳ මෑන් වෙනවා, තව ටික දවසකින් රිශාඩ් අහිංසකයව එලියට දාන්න කියල බෝම්බ පාරවල් කාපු මීගමුවේ මීහරකුන්ම කියාවි. මෙච්චර කාලයක් ඇටි කෙහෙල් කාපු රිළවු වගේ නිහඬව හිටපු යූඑන්පී (UNP +SJB + JVP) ක‍තෝලික සෙට් එක ආපහු ඥානයට බනින්න අරන් අර වීඩිඕ ක්ලිප කේස් එක නිසා. ඒ වගේම කිසිම ප්‍රතිපත්තියක් නැති එදා වේල පිරිමහ ගන්න ‍රැඩිකල් නපුන්සක සෙට් එකත් ඒකටම සෙට් වෙලා ගාන කපා ගන්න. ආපහු බෝම්බ පාරවල් කන්න වෙනව කියල තේරුනත් අපි කට වහන් ඉමු. එක රටක් එක නීතියක් කියලා බයිල ගගහ ආපු මේ ආණ්ඩුවත් එක නීතියක් ගේන පාටක් නෑ. බෞද්ධයො නැති වෙච්ච දවසට මේ රටේ කතොලිකයන්ට නිකන්ම නැට්ට නිතඹේ ගහගෙන එලියට බැහැල ආගම මාරු කරන්න වෙනව කියන එක තේරුම් අරන් ඉන්නේ මැල්කම් රංජිත් අගරදගුරු විතරයි. එයත් දැන් අගරදගුරුකම බේරගන්න තනියම වටේ ඉන්න මෙලෝ රහක් නැති කාලකන්නි ජුදාස්ල හැත්ත එක්ක සටන් කරනව. යුරොපා සංගමේටත් ඕන මේ රටෙ ආපහු යුද්ධයක් ඇති කරලා උන්ට අවි ටික විකුණගන්න, උන්ගේ ඇජෙන්ඩා එකට වෙලඳපොලක් හදා ගන්න එක. ඊටම සරිලන විපක්ශ අන්තවාදීන් ටිකත් බලන් ඉන්නෙ එහෙම එකක් හදාගන්න. මිනී මරල හරි කොමිස් හොයන්න. අපිට තියෙන්නේ බලන් ඉන්න. මොකද ආණ්ඩුව කරන මගුලකුත් නෑ මේකට, කරන්න දෙන එකකුත් නෑ ඉතින් මේ දවස්වල තියෙන ආර්ථික තත්ත්වය එක්ක.

    ReplyDelete
  11. කතාව ඇත්ත තමයි බන් මාතලන්, පහුගිය දවස් වල දින අටක් තිස්සේ දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න ප්‍රශ්න කරන ලද ලද ෂෙහාන් මාලක ගමගේ (පල්ලි සෙහාන්) කියන ළඟදී ස්වර්ගයට ගිය පින්සිරි මංගල සමරවීර හිටපු දේශපාලුවාගේ හිතෛෂී නීලකාස කම්බා හොර ගෝලයෙක් බවත් ඒත් එක්කම මංගල ඡන්දය පැරදී කුජීත වීමෙන් පසුව ඔහු මේ දවස්වල චම්පික රණවකගේ බොහොම ළඟ ගෝලයෙක් වී ඇති බවත් ඔහු චම්පික රණවක මන්ත්‍රීවරයා කතොලික සභාවේ පුජකයන්ට පූට්ටු කිරීමේ කටයුත්ත සිදු කල බවත් සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සියලු තොරතුරු සහිතව ඉතාමත්ම විස්තරාත්මක ලෙස පැහැදිලි කළා.

    ඒ අනුව කතෝලික සභාවේ සටකපට කම්බා හොර පූජකයෙක් වන සිරිල් ගාමිණි නමැති කාලකණ්ණි බල්ලාට කාදිනල් වීමට සිදු කෙරෙන කුමන්ත්‍රණයක් ඇති බවත් පැහැදිලි කළා සියලුම කරුණු කාරණා සහිතව.

    ඒ වගේම කතෝලිකයෙකු ලෙස මී ළඟ කාදිනල් වීම සඳහා සිහින දකින සිටින අවස්ථාවාදී කපටි පූජකයන් පිළිබඳව විස්තර ඉහත කී පල්ලි ෂෙහාන් නමැති කම්බ හොරා දන්නා බවත් සඳහන් කර සිටි ප්‍රදීප් සංජීව, කොල්ලුපිටියේ කුප්‍රකට පල්ලියක් වෙත චම්පික රණවකව කැඳවාගෙන ගොස් ජූලියන් නැමති පූජකයෙක් වෙත හඳුන්වා දීමට පල්ලි ෂෙහාන් කම්බ හොරා කටයුතු කර ඇති බවත් බවත් ජූලියන් නැමති පූජක හොරා විසින් සිදුකල විනය විරෝධී කටයුත්තක් පිළිබඳව කාදිනල් විසින් විනය නියෝගයක් පැනවීම හේතුවෙන් ඔහු කාදිනල් රංජිත් සමග වෛරයකින් සිටින බවත් සියලුම කාරණා සමග පැහැදිලි කළා.

    කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දේවස්ථානය බාර මෙම ජූලියන් හොර පූජක කම්බ හොරා කාදිනල් රංජිත්ට විරුද්ධව විශාල විරෝධතාවයක් ගොඩ නැගූ බවත් පසුව එයට සිරිල් ගාමිණි, රොහාන් සිල්වා යන කම්බා හොර පූජක කාලකණ්ණි හැත්තක් එකතු කර ගෙන කාදිනල් රංජිත් පාස්කු ප්‍රහාරය අතහැර තිබෙන බවට විශාල විරෝධතාවයක් නිර්මාණය කිරීමට කටයුතු කල බවත් නූතන කාදිනල් රංජිත් මේ ආණ්ඩුව සමග හිතවත් බවට පච ප්‍රචාරයන් ගෙන ගොස් ඒ නිසාම රංජිත් කාදිනල් පාස්කු ප්‍රහාරය යට ගහගෙන සිටින බැවින් කාදිනල් රංජිත් ඉවත් කල යුතු බවටත් මතයක් නිර්මාණය කල බවට පැවසු ප්‍රදීප් සංජීව ඒ සමගම කතෝලික සභාව ඇතුලේ තිබෙන බල අරගලය එලියට ආ බවත් අවධාරණය කරන ලදි.

    මේ වගේම 2025 ජනාධිපති සිහිනයෙන් සිටින චම්පික රණවකත් කතෝලික සභාවේ ඊළඟ කාදිනල් වීමට බලාගෙන ඉන්න සිරිල් ගාමිණි හොර පූජක කාලකන්නියාද එකතු වී කුමක්ද මේ කරන්න යන්නේ කියන ප්‍රශ්නය තිබෙන බවත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු පිළිබඳව හරීන් සහ මනුෂ පාර්ලිමේන්තුවේ ප්‍රකශ නිකුත් කරමින් සිටින බවත් එම ප්‍රකාශ පිළිබඳව විමර්ශන කරන ලෙසට කිසිම අවස්ථාවක සිරිල් ගාමිණි හොර පූජකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කලේ නැති බවත් ප්‍රදීප් සංජීව සඳහන් කරන ලදි.

    සිරිල් ගාමිණි හොර පූජක කාලකන්නියා චම්පික රණවකගේ ගුලිය ගිල ඇති බවත් ඔවුන් දෙදෙනා මේ වන විට අනාගත ජනාධිපති වීමේ සිහිනයත් අනාගත කාදිනල් වීමේ සිහිනයත් ඉෂ්ඨ කරගැනීම සඳහා දේශපාලන නාඩගමක් නටමින් සිටින බවත් ලිපිගොනුවක් රැගෙන කතෝලික සභාව හමුවට චම්පික රණවක ගොස් තමන්ගේ සිහිනය වෙනුවෙන් ක්‍රියා කරන බවත් පැවසු සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායකවරයා හොරෙන් හොරෙන් චම්පික රණවක කොල්ලුපිටිය පල්ලියට ගෙන්නාගෙන සාකච්ඡා කලේ දේව වාක්‍ය බෙදාගන්නදැයි ප්‍රශ්න කර සිටියා.

    පාට ලී චම්පිකගේ දේශපාලන කුමන්ත්‍රණය අනුව ජනාධිපති සහ කාදිනල් වීමේ චම්පික රණවකගේ සහ සිරිල් ගාමිණී හොර පූජකයා කුපාඩි ලෙස කටයුතු කරමින් අනාගතයේදී බෞද්ධ කතෝලික ගැටුමක් නිර්මාණය වීමට සැලසුම් සහගතව කටයුතු කර තිබෙන බවත් වහාම චම්පික රණවක පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔහු අවධාරණය කළා.

    දවල් මිගෙල් රෑ දනියෙල් සිරිල් ගාමිණී කම්බා හොර පූජක බල්ලා ජිනීවා මානව හිමිකම් කොමිසමට සිදුකල එකම පැමිණිල්ල ඇතුලේ කාරණා දෙකක් තිබෙන බවත් හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනකොට ඔහුව නිදහස් කරන්න කියන බවත් අනෙක් අතින් පරීක්ෂණ කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරමින් සිටින බවත් ඊළඟ අවුරුද්දේ ජිනීවා ගිහින් අනේ අහිංසක රිෂාඩ් බද්දුදීන් නිදහස් කරන්න යැයි කතෝලික සභාව පැවසුවහොත් තමන් පුදුම වන්නේ නැති බව ඔහු ඉතාමත් පැහැදිලිව විස්තර කරලා කියනවා මේකේ වැඩි විස්තර මේකෙන් බලන්නකො;

    https://youtu.be/yoksVYdAM98

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න