.

.

Sep 18, 2021

එය ලොහාන්ගේ අන්තිම තීන්දුව නොව, ඝෝඨා, නාමල් හා පොහොට්ටුවේ, අන්තිම තීන්දුවද වන්නේය.


 එය ලොහාන්ගේ අන්තිම තීන්දුව නොව,

ඝෝඨා, නාමල් හා පොහොට්ටුවේ,

අන්තිම තීන්දුවද වන්නේය.

➖➖➖➖➖➖➖➖➖➖


ලොහාන් ගැන පොහොට්ටුවේ අවසාන තීන්දුව ගැනීම මහින්ද මහත්තයා පැමිණීමෙන් පසු ගන්නට යනවා කියා නෙළුම් මාවතෙන් වාර්තා වෙමින් තිබෙන්නේය.

එහි කිසිම වැරද්දක් ඇත්තේ නැතිය. මන්ද පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලා නොව මහින්දය. තවම ඒ පවුලේ කිසිවකුට ඒ සෙලබෙරටි තත්වය ගන්නට බැරි උනේය.

ලොහාන්ගේ පිස්සු කෙලීම යට ගැසීමේ වෑයමක් එක් අතකින් දියත්වන්නේ වුවද, ඔහු පිළිබඳව  වාර්ථා වූ කරුණු සියල්ලම වාගේ සත්‍ය බවට වාර්තා ලැබෙමින් පවති.

පරීක්ෂණ වලින් සුදනෙකු වූවද, මෙය ඝෝඨාගේ 2025 ඉරණමටද, නාමල්ගේ අනාගතයටද, පොහොට්ටුවේ අනාගතයටද විශාල හානියක් කරනා බව අනිවාර්‍යය.

මොන පක්ෂේ මොකා කලත් මේවා සාමාන්‍ය ජනතාව අනුමත කරන්නේ නැතිය. දැන් ඔහුගේ පෙර වැරදිද එලියට ඇවිත් අවසානය.

ආන්ඩුව හොදින් මතක තබා ගත යුත්තේ, 2009 යුද්ධය දිනූ විරයා 2015 ජනෙල් පොල්ලේ එල්ලුවේ මේ වගේ මදාවියන්ගේ පිස්සු කෙලීම් බවය.

සිරිසේන විසින් රජාට අන්දවා, සහේලි විසින් ප්‍රශස්ති ගායනා කිරීමෙන් අනුතුරුව සිහසුනේ අසුන්ගත් මහරජානෝ ඉන් අනතුරුව ප්‍රාදේශීය යුව රජවරුන්ටද පිස්සු කෙලීමේ අවසරය ලබා දුන්නේය..

ඉන් උද්දාමයට පත් මහින්දගේ මදාවියෝ පිස්සු කෙලියේ හිතේ හැටියටය, වැලි, ගල්, පස්, ගස්, කසියා, කුඩු, බඩු, පාතාල බිස්නස් වලින් නොනැවතී,

කුඩා දැරියන් රේප් කර රෙකෝඩ් තබා පාටි දමා,  අවසානයේ සංචාරක හෝටලයකට කඩා පැන, විදේශීය කාන්තාවක් තම පෙම්වතා ඉදිරියේ දූෂණය කොට පෙම්වතා අමානුෂික ලෙස ඝාතනය කර දැම්මේ මලයාලම් ෆිල්ම් ෂෝ සිරි ලංකාවේ රියැලටි ෂෝ කරමින්‍ ය.

ඇත්තටම මහින්දට මිනිස්සුන්ගේ අප්‍රසාදයක් තිබුනේ නැතිය, අදටත් ඇත්තේ නැතිය. කෙලවුනේ දරුවන්ගේ පිස්සු කෙලීම් හා මේ මදාවියන්ගේ මැරකම් හා ජඩකම් ය.

වහලුන් මේවා ඉවසුවාට මැදිහත් මිනිසුන් මේවා ඉවසන්නේ නැතිය. චන්දයකදි පාලකයා තීරණය කරන්නේ පාක්ෂික වහලුන් නොව මේ මැදිහත් පිරිසය.

ආන්ඩුව ජනතාව කෙසේ වෙතත් පාක්ෂිකයන් අතරේද සිටින්නේ ජනප්‍රිය තත්වයක නොවේ. එවන් තත්වයකදි මෙවන් පිස්සු කෙලින උන් කනෙන් අල්ලා පැත්තකින් තැබීම පොහොට්ටුවේද වගකීමය.

ජනාධිපති තුමා මෙන්ම අනාගත නායක නාමල් ඉන්නේද ජනතාවගේ මතය තුලය. එය යහපත් ලක්ෂණයකි. 

මහින්ද මහත්‍තයාටත් තියෙන්නේ ලොහාන් සමඟද කතබහ කොට ඔහු එලවන්නේ නැතිව ගෞරවාන්විතව පාර්ලිමේන්තුවෙන්ද ඉවත් වන ලෙසට ඉල්ලා සිටීමය.

එය, ඝෝඨාගේ, නාමල්ගේ මෙන්ම ලොහාන්ගේ අනාගතය වෙනුවෙන්ද ගන්නා නිවැරදිම තීරණය බවද ලියා ..

මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය...

14 comments:

  1. බලන්න දෙමළ මිනිස්සු කොච්චර වෙනස්ද,
    උන් දෙමළ නායකයන්ගෙන් ආර්ථික දියුණුව ඉල්න්නේ නෑ.
    උන් දෙමළ නායකයන්ගෙන් ඉල්ලන්නේ ලොහාන්ගේ ඔළුව.
    උන් ආර්ථීක දියුනුව ඉල්ලන්නේ උන් චන්දේ නොදෙන සිංහල නායකයන්ගෙන්
    ඒක පට්ට අසාධාරණයි.

    ඒ පුරුද්ද අපිත් ඇතිකරගන්න ඕනේ.
    හැමදේම ආර්ථික විද්‍යාවට ගැට ගැසීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක් ෴෴ නලීන් ද සිල්වා

    ReplyDelete
  2. /ඉන් උද්දාමයට පත් මහින්දගේ මදාවියෝ පිස්සු කෙලියේ හිතේ හැටියටය, වැලි, ගල්, පස්, ගස්, කසියා, කුඩු, බඩු, පාතාල බිස්නස් වලින් නොනැවතී,

    කුඩා දැරියන් රේප් කර රෙකෝඩ් තබා පාටි දමා, අවසානයේ සංචාරක හෝටලයකට කඩා පැන, විදේශීය කාන්තාවක් තම පෙම්වතා ඉදිරියේ දූෂණය කොට පෙම්වතා අමානුෂික ලෙස ඝාතනය කර දැම්මේ මලයාලම් ෆිල්ම් ෂෝ සිරි ලංකාවේ රියැලටි ෂෝ කරමින්‍ ය.//ඔන්න ඕවලින් තමා කෙළවුණේ

    ReplyDelete
  3. කතාව ඇත්ත තමයි ඉතින් ඒත් ලංකාවේ විපක්ෂයේ කණ්ඩායම් වලටත් වෙලා තියෙන්නේ ඕකම තමයි. මේ වගේ වෙලාවට ආණ්ඩුවට රම්පෙට පොරි හැලෙන්න ලොජිකලි ගහල රට කරන්නේ මෙහෙමයි කියලා හොඳ ප්‍රායෝගික වැඩපිළිවෙලක් යෝජනා කරලා පොඩි පොඩි වැඩ කරල පෙන්නන්න පුළුවන් නම් ලේසියෙන්ම ඡන්ද වැඩි කර ගන්න හොඳ අවස්ථාවක්, ඒත් උන්ට එහෙම මොළයක් නැති රට හරක් ටිකක්, ඔහේ මිනිහ මැරිච්ච ගෑනු වගේ දෙස් දෙවොල් තිය තිය විලාප නගා ආණ්ඩුවට සාප කර කර ඔහේ ඉන්නව කිසිම වැඩ පිළිවෙලක් නෑ. බලය ගත්තත් මේ තරම් වත් කරගන්න බෑ කියලා මිනිස්සු හිතන්නේ. ඒ නිසා ඉතින් ඡන්දයක් ආවොත් ආයේ මුන්ට ඇරෙන්න කතිරේ ගහන්න වෙන විපක්ෂයක් නෑනේ. ඒක තමයි අවුල තියෙන්නේ. ආණ්ඩුව අන්තයටම පිරිහී ගියත් ඡන්දයක් ආවොත් ගොඩක් අය ඡන්දේ දාන්නේ නැතුව මග අරින එක තමයි දකින්න වෙන්නේ. එතකොට පොහොට්ටු වහල්ලු අනෙක් වහල්ලුන්ට වැඩි නිසා රාජ පක්ස කල්ලිය ආයේ ගොඩ.

    විපක්ෂයේ රනිල් සහ පාටලී ඇරෙන්න කිසිම නායකත්වයක් තියෙන ඔප්ෂන් එකක් නෑ. මේ ආණ්ඩුව ඇතුලෙම ඉන්න එකෙක්වත් කඩල පොද්දා කරල ගන්න පුළුවන් වේවිද? එහෙම හොඳ කෙනෙක් කවුද ඉන්නෙ ආණ්ඩුවේ?

    ඊට අමතරව වෙනම පිටින් ගන්න පුළුවන් නායකත්වයක් තියෙනවද? කුමාර් සංගක්කාර ටිකක් හොඳයි ඒත් පොරට හරියට සිංහල භාෂාව කතාකරන්න බෑ අනෙක් අතට ගම්බද මිනිසුන් වැඩිය කැමති නෑ, සහ පොරගේ කපටි බිස්නස් ජල්තර නිසා ගොඩක් හතුරෝ ඉන්නවා. දෙමළ මුස්ලිම් ඡන්දේ ලැබෙයි ඒත් සිංහල අය වැඩිය කැමති නෑ, ඒ නිසා ඒක හරියන්නෙ නැහැ. මහේල ජයවර්ධන ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. "මහේල ජයවර්ධන ගැන මොකද හිතන්නේ?"

      කිරිපිටි බොන්න හොඳ නෑ කියලා බුද්ධික අමතිතුමා පාර්ලිමේන්තුවෙම හඬක් නගපු වෙලාවෙ, නවසීලන්තෙටම ගිහින් උන්ට පස්ස දීපු එකා රටට කොරයි මේන් කියලා. ඔවුන් ඔක්කොම අවස්තාවාදියො මල්ලි..

      Delete
  4. නන්දසේනයි සිරිසේනයි ගමනක් ගියා. සිරිසේන ලිඳේ වැටුනා. ඉතිරිවෙලා ඉන්නෙ කවුද? ඒත් සිරිසේනම තමයි!

    ReplyDelete
  5. නිර්නාමිකව පල කරන්න

    මම දැන් බැඳලා දැන් මාස 5ක් වෙනවා. අපි අවු 14දි යාලු වෙලා අවුරුදු හතක් විතර ආදරය කරලා බැන්දේ .ඇත්තටම මොන දේ වුනත් අපි සතුටින් හිටියා. ඒත් අපි එක තැනකට ආව දවසේ ඉදන් අපි අතර ප්‍රශ්න කිසිම සතුටක් නැහැ. ඒකට හේතුව මහත්තයාගේ ගෙදර අය. එයාගේ අම්මා නැහැ ඉන්නේ තාත්තා දෙවනි කසාද පුංචි අම්මා කෙනෙක්. එයා ගොඩක් නපුරුයි. ඒ වගේම ගොඩක් කපටි. මේ ලගදි මම එක්ක ගොඩක් රන්ඩු වුනා. මගේ වැරද්දක් නෙමෙයි එයාගේ දුව මගේ තිබුන ක්‍රීම් එකක් විසි කරලා තිබිලා. මම ප්‍රශ්නයක් වෙන නිසා එයා එක්ක කිවුවේ නැහැ. හැබැයි මේක මගේ මහත්තයා තාත්තාට කිවුවා. ඒක නිසා අන්තිමට කතාව ගිහින් එදා එයා මට බැන්නා හොදටම, මට නෙමෙයි ඇත්තටම මගේ අම්මාට තාත්තාට. එත් මගේ මහත්තයා මන් වෙනුවෙන් එක වචනයක් කතා කරේ නැහැ. මට එදා ඉදන් මේ දේ නිසා මහත්තයා එක්ක ගොඩක් කේන්ති එනවා. ඉතින් අපි අතර ප්‍රශ්න. වෙනදාට එයා යාලුවො එක්ක බොන්න යනකොට රන්ඩු වුනා තමයි එත් එවා ඒ වෙලාවට විතරයි. එත් මේකෙන් පස්සේ ගොඩක් ප්‍රශ්න වැඩියි. මට සමහර වෙලාට එයාට ගහන්න අතත් ඉස්සෙනවා. මම දන්නවා පිරිමියෙක්ට එහෙම කරන එක වැරදි. ඒත් මම තරහින් ඒ දේ නොදැනීම වෙනවා, මට තරහා එයා ඒ වෙලාවෙ මාව ගොඩක් තනි කරා කියලා. ඒ කොහොම වුනත් මම බැලුවා එයාගෙන් සමාව අරගෙන ආයේ හොදින් ඉන්න. ඒත් එයාට මාව එපා වෙලා, දැන් මට කියනවා ඉන්නවනම් නමට ඉන්නලු කිසිම දෙයක් ගැන එයා මාව බලන්නේ නැහැ කියලා. මට ඕන නම් වෙන කෙනෙක් එක්ක යාලු වුනත් කමක් නැහැලු. නැත්තම් මට අයින් වෙන්නලු. මට තේරෙන්නෙ නැහැ මම මොකද්ද කරන්න ඕන කියලා. එයා කියනවා මම මානසික ලෙඩෙක්ලු. එහෙම කියනකොට ගොඩක් දුකයි. මම මොකද්ද මේකට කරන්නෙ. මට උදවු කරන්න. ජේසු පිහිටයි හැමෝටම.

    ReplyDelete
    Replies
    1. Pushpa Zoysa
      2h ·
      ගෙවුණු පැය 24 තුළ, කල කෝලාහල වලින් පැමිණි රෝගින් ඉතා ඉහළ වාර්තාවීමක් ඇත. මත්වතුර එයට ප්‍රධාන හේතුව වූ අතර පුරුෂ පක්ෂය මෙන්ම, වෙනදා මෙන් නොව බීමත් කාන්තාවන්ද එහි දක්නට ලැබිණ.
      හැමදාම කාන්තා වන්ට කියලා ඉවසන්න බෑනේ මිස් ගෙදර එකා ගැහුවොත් හොඳ සිහියෙන් ප්‍රතිපහර දෙන්න

      Delete
  6. දෙන්නම ගිහින් මනෝ වෙද්‍යවරයෙක් හරි කවුන්සලර් කෙනෙක් හරි හමුවෙන්න. වෙනම ඉන්න . ප්‍රශ්න නැත.

    ReplyDelete
  7. මාතා, පොදුවේ නුඹේ අදහස් සමග 100% ක් එකඟයි, ඒ වගේම ලොහාන් කියන්නේ හොඳ කෙනෙක් නෙමෙයි තමයි, ඒත් ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. ලොහාන්ට බාර දුන්නේ ගිනි ගනිමින් තිබූ හිරගෙයක්. ඒ ගින්න ඔහු ක‍්‍රම ක‍්‍රමයෙන් නිවා දැම්මා. මහර ගිනි ගනිද්දී තමයි මෑන්ට මේ ඇමැති ධුරය බාර දුන්නේ. දවස් දෙකෙන් මෑන් එම ප‍්‍රශ්න විසඳුවා. ඊට පසු වහලවල් උඩ උද්ඝෝෂණ හෝ වෙන ප‍්‍රශ්න මුකුත් නැහැ. ලොහාන්ට මෙම රාජ්‍ය ඇමැති ධුරය භාර දුන් පසු ලංකාවේ හිර ගෙවල් වල පාතාල මරණ එකක්වත් සිදුව තිබෙනවා ද?

    ඕනෑම බන්ධනාගාරයට යන්න ඇමති රත්වත්තේට අවසරය තියෙනවා. ඒකට කාගෙන්වත් අවසරයක් ගන්න අවශ්‍ය නෑ. ඔහු වැලිකඩ හිරගෙදර වෙත ගියේ ඇතුලේ වෙන කේස් ගැන හොයලා බලන්න. සාමාන්‍යයෙන් එහි කිසිවකුට නොදන්වා තමයි එවැනි ගමන් ඔහු පහුගිය කාලේ පුරාම යන්නේ. එහෙම නැතිව දන්වා යනවා නම් ඔවුන් ඇමතිගේ පැමිණීම වෙනුවෙන් සූදානම් වෙනවා. එසේ වුවහොත් සිර ගෙවල් තුළ සත්‍ය තත්ත්වය වටහාගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා නොදන්වා ඔහු වැලිකඩ සිරගෙදරට ගියා.

    කෙසේ නමුත් ආණ්ඩුව රත්වත්තේ ඇමති වෙලා ඉන්න කොට, විශේෂයෙන්ම ආරක්ෂක ලේකම් ඇතුළු විශාල පිරිසකගේ සහය ඇතුව ඇතුළේ ඉඳන් එළියෙ කළ පාතාල ඝාතන මුළුමනින්ම නතර කළා. ඒ වගේම බන්ධනාගාරය ඇතුළේ තිබූ පාතාල සංස්කෘතිය නැති කළා. ඇතුළේ කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නැති කළා. එළියට නොපෙනුනාට බන්ධනාගාර තුළ දැවැන්ත වෙනසක් පසුගිය සුළු කාල සීමාව තුළ සිදුකර තිබෙනවා. එය ඉවසා ගන්න බැරි බොහෝ පිරිසක් ඉන්නවා. මේ චෝදනා පිටුපස සිටින්නේ ඔවුන්. බන්ධනාගාරය තුළ ඇති කළ යහපත් පරිසරය ආපිට හරවන්න සමහරුන්ට අවශ්‍ය වෙලා තිබෙන බවත් අමතක කරන්න එපා.

    ReplyDelete
  8. බලය ලැබුණම හැදෙන ලෙඩකිය මතක නැති වෙන එක අතීතේ
    ඒත් මදිවට ඔළුව ඉදිමෙයි, එතැන හිටලා පිස්සු කෙළිතේ
    කුඩු කතත් එහි තිරිත්තමකුත් තිබිය යුතුමය කියා ඇත්තේ
    මෙහෙම උදවිය 'ගෙදර යවනා' ක්‍රමයකුයි අපි හැදිය යුත්තේ

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ලොහාන්, දැන්වත් හැදෙන්න බලපන්. බලපන් දිලුම් අමුණුගම බහු විවාහ 7ක් කරගෙනත් ලස්සනට ජීවත් වෙනවා. උඹ ගොන්නු ගහ ගහ කයිවාරු ගහ ගහ බේබද්දෙක් වගේ තැන තැන වල බි බි කචල් දාගන්නවා. උඹේ ගැනිත් අත්හැරලා ගිහින් තියෙන්නේ උඹ ඔය කරන නොසන්ඩාල වැඩ නිසානේ. අර රන්ජන්ගේ බඩු කැලි බලෙන් රෑට රෑට ගෙදරට ගෙන්නාගෙන උන්ට වසති කරන ගමන් රන්ජට කතාකරලා කුණුහරුපෙන් තග දාලා උඹ කරපු දේවල් වලට තමයි ඔය පල දුන්නේ. උඹ මහින්ද මුත්තාගේ නමෙත් ස ගේ නමෙත් දැලි ගෑවා. කවද හරි රන්ජන් භාන්ධනාගාර අමෙති වෙලා උඹට අන්ගුනුකොලපැලස්සේ කක්කුස්සි හෝදන්න වෙයි. උඹට වුනේ මුල අමතක වුන එකයි. උඹේ චන්ද දායකයන්ට වැඩිය ගොන්නු ලොකු වුනා. උඹට ඔය තත්වෙට එන්න උදව් කරපු එවුන් උඹව හිරේ හිටපු වෙලාවේ බලන්න ආපු එවුන්ට වැඩිය උඹේ ගොන්නු ටික ලොකු වුනා. ඒකයි උඹට කෙළවුණේ. අඩුම තරමේ උඹේ සේවකයන්ට යාලුවන්ට කතාකරන්න ඉගෙනගනින්. ඔය නලින්ලා තුශාරලා වගේ රස්තියාදු IRC සිකුරිටි කාරයන් සහ කෝසල වගේ ලේකම්ලා අයින් කරගනින්. උන් කප්පම් කාරයෝ. ඔය සිකුරිටි කාරයෝ උඹව හම්බවෙන්න එන එවුන්ගෙන් සල්ලි ගන්නවා.

    ReplyDelete
  11. මෙතෙක් ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් සාධනීය දේ කුමක්ද යන්න විමසීමට කාලය එළැඹ තිබේ. ලංකාවේ දේශපාලන ක්‍රියාවලියට සහභගි වූ පුද්ගලයන් පක්ෂ තම තමන් විසින් කල විනාශයන් වලට අමතරව යම් යම් ප්‍රතිලාභ ජනතාවට ලබා දී ඇති බව ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යයි. ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්‍රාමය දියත් කළේය. බණ්ඩාරනායක දෙමහල්ලන් ජනසතු කිරීම් කොට යම් යම් ප්‍රතිලාභ ජනතාවට දීමට උත්සුක වුහ. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්‍රේමදාස උදාගම කළේය. මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ මෙතෙක් උද්ගෝෂණ , වර්ජන කොට ජනතාවට ලබා දුන් දෙය කුමක්දැයි හෙළි කිරීම පක්ෂයේ වගකීම වේ.

    ReplyDelete
  12. පසුගිය සඳුදා හිරු TV සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් ගලගොඩ අත්තේ ඥාන සාර භික්ෂූව විසින් “අල්ලාහ් කුමන්ත්‍රණකරුවා” යැයි පැවසූ බවට සඳහන් කරමින් මුස්ලිම් සමාජය තුල දැඩි විරෝධයක් සහ ඒ හරහා කතා බහක් ඇති වී තිබේ.

    එහිදී නානසාර ඔහුගේ මතයක් හෝ අදහසක් ප්‍රකාශ නොකළ අතර අල් කුරානයේ 8:30 වගන්තිය උපුටා දක්වමින් එහි සඳහන් කරුණ මතුකරන ලදි.

    ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය විසින් අබ්දුල් රාසික් ගේ ප්‍රධානත්වයෙන් සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ සඳහන් වගන්තිය එලෙසම ඥානසාර භික්ෂුව මෙම වැඩසටහනේදී කියවන ලදි.

    එම කුරානයේ අදාළ කරුණ සඳහන් වන්නේ මෙසේය..

    “(මුහම්මද්) ඔබ අල්ලා තබා ගැනීමට හෝ ඔබ ඝාතනය කිරීමට හෝ ඔබ පිටුවහල් කිරීමට හෝ (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අය කුමන්ත්‍රණ කල සැටි සිහි කරන්න. ඔවුහු කුමන්ත්‍රණ කරති. අල්ලාහ් ද කුමන්ත්‍රණ කරයි. අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් ඇති විශිෂ්ට ය.”

    ශ්‍රී ලංකා ජමයතුල් උලමා සභාව සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ 8:30 වගන්තිය සඳහන් වන්නේ මෙලෙසය.

    “(නබිවරයා) ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරව්). ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සලසුම්කරුවන්ගෙන් අති ශේෂ්ඨය.”

    ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් උන්වහන්සේගේ අදහසක් ප්‍රකාශ නොකළ අතර ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය සිංහලයට පරිවර්තනය කළ කුරාණයේ සඳහන් වගන්තියක් කියවීම පමණක් සිදුකරන ලදි.

    අදාළ කුරානය 2015 වසරේදී සිංහලයට පරිවර්තනය කර ඇති අතර, පසුගිය වසර 6ක කාලය තුල එම වැකිය වැරදි යැයි මුස්ලිම් සමාජයේ කිසිවෙකුත් ප්‍රකාශ කර ඇති බවක් අප දැනුවත්ව අසා නැත.

    ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මේ පිළිබඳව අවලාද නැගීමෙන් හෝ “අල්ලාහ්” දෙවියන්ට අපහාස කල බවට මාධ්‍ය සංදර්ශන පවත්වමින් චෝදනා කිරීමෙන් ඵලක් නොවන අතර උන්වහන්සේ “අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ඨය” ලෙස පැවසීම පිළිබඳව කිසියම් පුද්ගලයෙකුට යම් ප්‍රශ්නයක් ඇත්නම් එම අදහස අල් කුරානයට ඇතුලත් කල පුද්ගලයන් සමග එය විසඳ ගන්නා ලෙසත් සඳහන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තියෙනවා මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න