.

.

Nov 23, 2021

කින්නියා පාළම හා වඳුරු කුනුහබ්බ


 

2009 ඔක්තෝබර් 20 වනදා එවකට ලංකාවේ දිගම පාළම ලෙස මීටර් 400 දිග කින්නියා පාළම විවෘත කරන්නේ මහින්ද රාජපක්ෂ. ඒ 30 අවුරුදු යුද්ධයෙන් දරුණුම ලෙස බැට කෑ උතුරු නැගෙනහිර මුල්ම සංවර්ධන ව්‍යාපෘතිය  ලෙස. ඊට ආධාර කළේ සව්දි අරාබි රජය.


දැන් ඔය පාළම් පාරුව පෙරලුන තැන තවත් පාළමක් හදන්න පටන් ගන්නේ 2015 යහපාලන කැඳ හැලියෙන්. උන් හදපු පාළම් ගැන දන්නවා නේ ඉතින්. 


ඒත් වත්මන් රජය යටතේ නිමල් ලංසා ඔය පාළම හදන්න ගිය වෙලේ, ඒකට විරුද්ධ උනේ අද ඔය තමන්ගෙම උන්ට කියලා ගේ කුඩු කර  ගත්ත එකා. ඌට සප් එක දුන්නේ අද ඌටම ගහන උන්.  ඔය ප්‍රමිතියක් නැති පාළම් පාරුව දාලා අර සුප්‍රසිද්ද කින්නියා පාළමෙන් යන උන් පාළම් පාරුවකින් සුර ලෝකේ ඇරියෙත් ඌ.


දැන් මේ ජෙප්පොයි හීන ටොයියොයි ට්‍රිගර් වෙලා තියෙන්නේ... දැන් ඌ ආන්ඩුවට චන්දේ දෙන නිසා. මොකා උනත් ජනතාව ඌට දෙන්න ඕන ටොපිය දීලා තියෙනවා.


කතාව මේකයි...


ජීවිතේ ගමන් මග සුවපහසුව සැහැල්ලුවෙන් යන්න පුලුවන් කම තියෙද්දී, ෂෝට් කට් හොයන්න ගියාම... ලයිෆ් එකත් ෂෝට් වෙනවා. 


ඒකයි කැළණි ගඟේ ෆේරි වල ගිහින් ඉල්ලගෙන කන්නේ නැතිව.., 

පිලපිටියෙ, පට්ටිය හන්දියෙ, මල්වානේ, බොල්ලෑගල ඉන්න උන්, කිලෝ මීටර් ගානක් ගෙවාගෙන හදලා තියෙන පාළම් උඩින් එන්නේ.


දැන්වත් ඔය මෝඩයන්ට කියන්න තියෙන්නේ...., 

අහිංසක දරුවෝ නොමරා...,

අර හදලා තියෙන පාළමෙන් වරෙන්. 

නැත්නම් අළුත් පාළමක් හදන්න දියව්


තොපි පාළම් පාරුවේ ගිහින් ඉල්ලගෙන කෑවට...

තොපේ මෝඩකම් වලට රට කරවන උන් පලි නෑ.


පාරුවේ පුවක්....


.


22 comments:

  1. මාතමචෝ,

    කින්නියා පාලම වගේම ඊටත් වඩා වැදගත් එකක් තමයි අලුත් කැළණි පාලම, මොකද රටක දියුණුව කියන්නේ එදාවේල කන්න සහන මළු දෙන එක නොවෙයි. මෙවැනි දියුණු මං මාවත් ඉදිවීමෙන් කාලය ඉතිරි වෙනවා. ආයෝජකයන් අවදානය යොමු කරනවා. ලෝකය සමඟ අපේ රට ඉදිරියට යනවා... කවුරු මොනවා කිව්වත් කොළඹ ඉන්න අපිට විශේෂයෙන් ඔරුගොඩවත්ත මංසන්ධිය හරහා දිනපතා ගමන් කරන අපට ඒකෙ වටිනාකම තේරෙනවා. අැත්තටම වටිනා වැඩක්... කවුරු කළත් හොඳ දේ අගයන්න ඕන, ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් අද හවස සිදුකරන නිසා උඹටත් ගිහින් බලලා ලොක්කට කතා කරලා එන්න පුළුවන් වෙයි නේද බන් මාතේ?

    ඒ වගේම මෙම පාලම 'කල්‍යාණී රන් පිවිසුම' ලෙස නම් කර ඇති බවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය පවත්වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා, කෝකටත් පරිස්සමින් ගිහින් වරෙන්.

    පහුගිය කාලේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍ය ලෙස සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කළ අතර කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.

    කෙසේ වෙතත් කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබ ඇති අතර පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කරමින් එම ඉදිකිරීම් සිදුවූයේ ජෛකා ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JAICA) මූල්‍ය අනුග්‍රහයෙන්.

    කැළණි මිටියාවතේ අතිශය පාලම යට වැනි සිනමා නිර්මාණ හරහා පවා සාකච්ඡවට බඳුන් වූ විෂමකාරී ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව ද මෙම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇති බවත් කියනවා, මේක ඇත්තද මාතේ?

    කෙසේ වෙතත් මෙම නව කැළණි පාලම වත්මන් ජනප්ති සහ හිටපු නාගකික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨා සහ ඔහුගේ උපදේෂක වාස්තු සහ ඉන්ජිනේරු විෂේෂඥයන්ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන පරිද්දෙන් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කරමින් සැලසුම් කර අවශ්‍ය පරිදි රාත්‍රියේ නයිට් ලයිෆ් එකකටත් ගැලපෙන පරිදි විදුලි ආලෝකකරණය කර තිබෙන බව මාධ්‍ය වල කියල තිබ්බා, මේක ඇත්තද?

    ReplyDelete
  2. මාතා මොකද මේ ගැන හිතන්නේ?

    https://www.newsfirst.lk/2020/02/25/taisei-pulled-from-central-expressway-phase-3-and-rewarded-with-bia-project/

    ReplyDelete
  3. මාතයියේ,

    ඇත්තටම පාරකදි Accident උන කෙනෙක්ව අල්ලන්න එපා, අවරුදු ගනන් නඩු වලට නගින්න වෙයි කියල කියන්නෙ ඇයි? එහෙම Accident වෙලා ඉන්න කෙනෙක්ව රෝහල් ගත කරන්න 1990 රථයක් එනකන්ම ඉන්න ඕනද, ඒ වෙනකොට ඒ මනුස්සයාට ප්‍රථමාධාරයක් දුන්නොත් නීතියෙන් ඒක වරදක් වෙනවද , අද කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ උල්ලපොල accident එක දැකලයි මෙහෙම අහන්න හිතුනෙ . ඒ තුවාල කරුව කවුරුත් අල්ලන් නැත්තේ , උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයි කියන බයට කියලා comment දාලා තිබුණ , මටනම් එහෙම කවදාවත් බලන් ඉන්න බෑ , හැබැයි මටනම් එහෙම බලන් ඉන්න බෑ , ඒත් මේ ගැන හරියටම දන්නෙ නැති නිසයි අහන්න හිතුනෙ?

    ReplyDelete
  4. ඔතන තියෙන්නේ ෂෝට් කට් හොයන්න ගිහින් හරි සූදානමක් නැතුව, අන්තිමට පෙරලී ගිය විට ජැකට් වත් වෙන මෙලෝ සේෆ්ටි සීන් එකක් නෑ, ඔය කින්නියා පාලම් පාරුවේ ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉම්රාන් මහරූෆ් මන්ත්‍රීගේ මස්සිනා වූ කින්නියා නගර සභාපතිවරයා බව පැහැදිලි වුණා, ඔහු එම තනතුරෙන් ඉවත් කර ඔහුට විරුද්ධව විනයානුකූලව ක්‍රියාත්මක වන එක ප්‍රායෝගික නෑ, විපක්ෂ කණ්ඩායම් එතකොට ආණ්ඩුවට එරෙහිව සටන් කරලා දැඩි ලෙස විවේචනය කරයි ආණ්ඩුව ජාතිවාදී වර්ගවාදී ආගමික අන්තවාදී කටයුතු කරන බව කියමින්, ඊට වඩා දැනට පවතින ලොකුම ප්‍රශ්නෙ තමයි ආණ්ඩුව පොහොර සහනාධාරයක් දීල රජය රු. 50 ට වී ගන්න හදන කොට කොහේවත් හිටපු ඩඩ්ලි ලා ගම්ලත් ලා වගේ මෝල්ලු කුඹුරු වලට ඇවිත් රුපියල් 60 ට ගන්නකොට ගොයියො වී ටික දෙන්නෙ මෝල්ලුන්ට. ඉතින් දැන් සියලු සහනාධාර වලට මිනිස්සු ගෙවලත් වැඩි ගාණටනෙ බත් කන්න වෙලා තියෙන්නෙ.
    පොහොර සහනාධාරය කපා හැරලා ඒ සහනය ආනයනික හාල් සහ දිළිඳුම අයට සමෘද්ධිය ලෙස දුන්න නම්, බදුගෙවන පාරිභෝගිකයන්ට මීට වඩා සාධාරණයක් වෙනවා.

    ඒ නිසා ඉතාමත් පැහැදිලිව රජය කෘෂිකර්මයෙනුත් ඉවත්විය යුතුයි.

    අමාත්‍යාංශයෙන් කළ යුත්තේ මහා පරිමාණයෙන් ඉතාමත් ලාභදායී කර්මාන්තයක් ලෙස අඩු මිලකට හාල් නිෂ්පාදනය කළ හැකි කොමර්ෂල් ෆාමිං කරන වාණිජමය කර්මාන්තයක් ලෙස කටයුතු කරන ෆාමර්ලට සහය වීම.

    ඔය අක්කරේ දෙකේ පා ගොයියොත් එක්ක කෘෂිකර්මය ඵලදායිව කරන්න බෑ. ඒ වෙනුවට ඒක නවීන තාක්ෂණය භාවිතා කරන සහ බහුකාර්ය යන්ත්‍ර මගින් වැඩ නරන නවීන කාර්යක්ෂමතාව ඉහළ ෆාමර්ලගෙ අතට කෘෂිකර්මය කර්මාන්තයක් ලෙස යන්න ඕන.

    මේව මෙහෙම කියනකොට අපි ආණ්ඩුවට කඩේ යනවලු, ඇත්තටම අපට නම් ආණ්ඩුවේ රකින්න ඇති උත්තක් නෑ. රටේ ඉතිරිවෙලා තියෙන ට්කවත් බේරගන්න ඕන, ඒකට තමයි අපි උත්සාහ කරන්නේ.

    මේ රට මේ තරම් හිඟමනේ තියෙන්නෙ කෙහෙල් මල් වමේ අදහසුයි ආගමයි කියන මළ හුනාවල් දෙකයි හැම එකාටම දෙකට නැවෙන්න වෙන තුට්ටු දෙකේ ප්‍රජාතන්ත්‍රවාදයයි හින්දා.

    ඔය වගේ ඕක ගැන අපේ විසඳුම් පැහැදිලිව පෙන්වලා තියෙනවා. මාතලන් බ්‍රෝට මොකක් හරි අදහසක් තියෙනවනම් ඒක ලියමුකො බලන්න මේ ගැන...

    ReplyDelete
  5. පාලම් හැදීමට මුදල් නොමැති වීමට රජයේ ආදායම් පහළ යාම බලපා තියෙන්නේ රජයේ ආදායම මෙසේ අඩුවීමට පැමිණි පාලකයන් බදු සම්බන්ධයෙන් අනුගමනය කළ වැරැදි ප්‍රතිපත්ති හේතු වුණා. 1931 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ගෙන එන ලද බූදල් බද්ද අහෝසි කරනු ලැබුවේ 1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. තවද ධන බද්ද, තෑගි බද්ද, මුද්දර බද්ද, ප්‍රාග්ධන බද්ද ද අහෝසි කෙරිණි. ආදායම් බද්ද සියයට 70 සිට සියයට 55ට බැස්සුවේය. ප්‍රේමදාස ජනාධිපතිවරයා කළේ ඒ ආදායම් බද්ද සියයට 55 සිට සියයට 45ට බැස්සීමය. චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය සියයට 45ක් වූ ආදායම් බද්ද සියයට 35ට බැස්සූ පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ එය සියයට 24ටම බැස්සීමය. රාජපක්ෂ දෙවැනි පාලන කාලය පැමිණියේ එය සියයට 14ක් තරම් කුඩා පංගුවකටම ගෙන ඒමෙනි.

    හරියට බැලුවොත් දැන් රාජ්‍ය භාණ්ඩාගාරයට ආදායම් බදු ගෙවන්නන් නැති තරම්ය. ඒ අඩුව පුරවන්නේ වක්‍ර බද්දෙනි. වක්‍ර බදු ගෙවන්නෝ පාරිභෝගිකයෝ හෙවත් සාමාන්‍ය ජනයා ය. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක පාලන කාලවල පිරිවැටුම් බද්දක් යැයි කියා දෙයක් තිබුණේ නැත.

    පසුකාලීනව වැට් බද්දක් හැටියට නාමකරණය වූයේ එහෙම පැමිණි පිරිවැටුම් බද්දය. දැන් මේ පිරිවැටුම් බදු සහිත වක්‍ර බදු සියයට 85කි. ඍජු බදු සියයට 15කි. ලෝකයෙන්ම අඩුම ආදායම් බදු ගෙවන්නෝ ලංකාවේ ධනපතියෝය. ලෝකයේ වැඩිම වක්‍ර බදු ගෙවන්නෝ අපේ රටේ මහජනයාය. අවසාන විග්‍රහයේදී 1978 සිට අනුගමනය කළ මේ බදු පිළිවෙතින් පාලකයන් කර ඇත්තේ ඇති හැකි පන්තිය සැහැල්ලු කර පොදු ජනයා මත බර පැටවීමයි.

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත් රජයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වන බව ජනාධිපතිවරයාට කීවේ කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල පැමිණි අවස්ථාවේය.

      කොවිඩ් වසංගතයට මුහුණ දෙන ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා එදා මුළු ඇමැති මණ්ඩලයම කැඳවා තිබිණ. රජයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ජනාධිපතිවරයාට කීවේ කොවිඩ් වයිරසය පරයන අර්බුදයකට අනාගතයේදී මුහුණ දෙන්නට අපට සිදුවනු ඇති බවය. ඒ නිසා තමන්ට ඡන්දය දුන් හැටනව ලක්ෂයක් වූ ජනතාව කල්තියා දැනුවත් කරන වැඩපිළිවෙළකට යාම හොඳ බව අවධාරණය කළෙ එසේ කළහොත් අඩුම තරමින් හැටනව ලක්ෂයක් කෙසේ වෙතත් ඉන් අර්ධයක්වත් ජනතාව ආණ්ඩුව පැත්තේ හිටගනු ඇතැයි පෙන්වමින්. එහෙත් ඔහු ඊට සිනාසුණා විනා කිසිවක් කීවේ නැත. දෙවනුව ඇමතිවරුන් කීවේ මේ ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයි. කවර හෝ හෝටලයක තෙදින නේවාසික වැඩමුළුවක් පවත්වා කන්න බොන්න දී හෝ ආර්ථික අර්බුදයේ තරම මේ යැයි ඔවුන්ට කියා දිය යුතු බව කීවෙ 2008 ගෝලීය මූල්‍ය අර්බුදය පැමිණි අවස්ථාවේ ආර්ථික විද්‍යාඥයන්ගේ සහභාගීත්වයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ එවැනි වැඩමුළුවක් පැවැත් වූ ආකාරය ද මතක් කරමින්.

      එහෙත් මේ කිසිවක් කිරීමට ජනාධිපතිවරයා සාවධාන නොවීය. අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයකට මේ ආර්ථික අර්බුදය ගැන මෙලෝ අවබෝධයක් නැත. මහජනතාව සිටින්නේ කෝප ගැන්වීය. ඔවුහු හාල් මිල ඉහළ ගියත් පාරට බසිති. ගෑස් නැති වුණත් පාරට බසිති. පොහොර නැති වුණත් පාරට බසිති. මේ පසුපස මහා අර්බුදයක් ඇතැයි පැහැදිලිව ජනතාවට සන්නිවේදනය කළේ නම් අඩු තරමින් ආණ්ඩුවට ඡන්දය දුන් මිනිසුන්ගෙන් කොටසක්වත් තත්ත්වය තේරුම් ගන්නවා ඇත. එහෙත් අද ආණ්ඩුවට පක්ෂ මිනිහෙක් සොයාගන්නටවත් නැත. රටක ජාතික ආපදාවක් පැමිණි විට යුද්ධයකදී අණ දෙන්නා මෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පාලනය කළ නොහැකිය. රාජ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රවාදී වීමට නම් මහජනතාව රාජ්‍ය නිලධාරීන් මැති ඇමැතිවරුන් දැනුවත් කිරීම අවශ්‍යය. එමෙන්ම විපක්ෂය සමග සංවාදයක් තිබිය යුතුය. සාකච්ඡා සම්මන්ත්‍රණ පොදු එකඟතාවක් නොමැති වූ විට රටක් පාලනය කළ හැකි නොවේ. දැන් ආණ්ඩුවත් අයාලේය. ජනතාවත් අයාලේය. ආර්ථිකයත් අයාලේය. රට අරාජිකය. 1948 නිදහස ලැබීමෙන් පසු මෙවැනි තත්ත්වයකට රට වැටී නැත.

      Delete
    2. රට මෙවැනි අර්බුදයකට තල්ලුවීමට බලපෑ ප්‍රධානම හේතුව නම් ණය අර්බුදයයි. ශ්‍රී ලංකාව ඇත්තේ ගත් ණය ගෙවාගත නොහැකි තැනකය. මුදල් ඇමැතිවරයාම ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව 2010 වනවිට සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 4595කි. 2020 වනවිට එය රුපියල් බිලියන 15,117කි. එහි විදේශ ණය පංගුව 2010 වනවිට රුපියල් බිලියන 2025කි. 2020 වනවිට රුපියල් බිලියන 6052කි. දේශීය ණය පංගුව රුපියල් බිලියන 2575 සිට රුපියල් බිලියන 9065ට වැඩි වී ඇත.

      1978 දී රොනී ද මැල් මුදල් ඇමැතිවරයා තම පළමු අයවැය ඉදිරිපත් කරද්දී 1977 වනවිට මෙරට විදේශ ණය ප්‍රමාණය තිබුණේ ඇමෙරිකන් ඩොලර් මිලියන් 750කය. 1975 දී ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමැතිකමින් ඉවත් වනවිට එහි අගය ඇමෙරිකන් ඩොලර් මිලියන් 743කි. අද වනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන 30 රජයටත් පුද්ගලික අංශයේ ණයත් සමග ඩොලර් බිලියන් 50ක් විතර මහා විදේශ ණය කන්දක් වී තිබෙන්නේ එදා ඩොලර් මිලියන් 743 සිට පැමිණි ගමනය. සෑම ආණ්ඩුවක් යටතේම මෙසේ ක්‍රමානුකූලව ණය බර වැඩි වී ඇත. අප ඇසිය යුත්තේ ඊට හේතුවය. 1978 වනවිට අපේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 24කි. එහෙත් අද මහා භාණ්ඩාගාරයට එන්නේ සියයට 6ක් වැනි සුළු පංගුවකි. දැන් ඒ සියයට 6 ඊටත් අඩු විය යුතුය. ඒ ගැන හරිහමන් සංඛ්‍යාලේඛනවත් නැත.

      රජයේ ආදායම අඩු වූ විට අයවැය හිඟයක් නිර්මාණය වේ. අපට දැන් රුපියල් ද නැත. ඩොලර් ද නැත. රුපියල් සඳහා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මාර්ගයෙන් රට තුළින් ණය ගත්තේය. අවසානයේ ඒවාත් උපරිම ණය ගෙවාගත නොහැකි තත්ත්වයට පැමිණියේය. ඉන් මත්තට කළේ රුපියල් බිලියන ගණනින් සල්ලි අච්චු ගැසීමය. එහෙත් අපට ඩොලර් අච්චු ගසන්නට බැරිය. යුද්ධය පැවැති සමයේ පවා බිලියන 4-8 අතර පවත්වා ගත් අපේ ඩොලර් සංචිතය දැන් තිබෙන්නේ 2-3 අතරේය. එසේ වුවත් වාර්ෂිකව ආපසු ඩොලර් බිලියන 5ක් පමණ අප ණය ද ගෙවිය යුතුය. 1978 දී නව පාලනය සමග ජේ.ආර්. ජයවර්ධනගේ සිහිනය තිබුණේ අපේ රට අපනයන ආර්ථිකයකට ගෙනයන්නටය. එහෙත් දැන් ආනයනය අපනයනය මෙන් දෙගුණයකටත් වැඩිය.

      මේ නිසා එදිනෙදා කටයුතුවලටත් ආයෝජනයටත් පරිභෝජනයටත් සුබසාධනයටත් ආදී වශයෙන් සියලු දේ කරන්නට සිදුව තිබෙන්නේ ණයට මුදල් ගෙනය. විදේශීය ණය ගන්නේ කාගෙන්ද? සියයට 25ක් පමණ ගන්නේ විදේශ ආණ්ඩුවලිනි. ජපානයෙන් සියයට 10ක් චීනයෙන් සියයට 10ක් ආදී වශයෙනි. සියයට 45ක් පමණ ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළිනි. සෙසු ප්‍රමාණය ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා වැනි සංවිධානවලිනි. දැන් ණය උපරිමයටම හිර වී එහෙම ණය ගන්නවත් විදියක් නැත. 2022 අයවැයේ මේ කතා කිසිවක් නැත.

      අඩුම තරමින් මේ යථාර්ථය තමන්ගේ කැබිනට් මණ්ඩලයට කියන්නටවත් අවංක විය යුතුය. මේ ඇත්ත ගැන දන්නා ආර්ථික විද්‍යාඥයන් සිටින්නේ ද කට වහගෙනය. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් තවත් ආර්ථික විද්‍යාඥයන් පිරිසකුත් සියලු දෙනා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නැයි කියාය.

      IMF සැබැවින්ම මේ වනවිට අප IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට 18 වතාවක් ගොස් තිබේ. පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ 1965දීය. මුදල් අමාත්‍යාංශය පවා මේ වර්ෂය සිය අයවැය වාර්තාවල වැරැදියට සඳහන් කර තිබෙන්නේ 1961 හැටියටය. මේ ණය ගැනීමට ප්‍රතිපක්ෂව කටයුතු කළේ සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමැති ආචාර්ය එන්.එම්. පෙරේරා ය. ඒ, බණ්ඩාරනායක මැතිනියගේ පාලනය යටතේ කර්මාන්ත සංවර්ධනයෙන් දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීමෙනි. අද වනවිට කාර්මික නිෂ්පාදන ඇත්තේම නැත. කෘෂිකර්ම නිෂ්පාදන සියයට 6ට බැහැලාය. එළවළු පලතුරු පවා ආනයනය කෙරේ. මෙබඳු තත්වයක් යටතේ රට ගොඩ දාගත යුත්තේ කෙසේද?

      Delete
    3. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  6. සිරි ලංකන් වැක්සින් කුල �� (ලියපු කෙනාට සම්මානයක් දෙන්න ඕන මං කියන්නේ)

    - පයිසර්
    ඉතාම උසස් කුලය වන මෙය, ලංකාවේ සිටින ප්‍රභූ පන්තිය මෙම කුලයට අයත් වේ, 225 හෝ ඊට සම්බන්ද සැවොම මෙම කුලයෙන් නම්බු නාම ලබන අතර, ප්‍රසිද්දියේ මම ගැහුවේ පයිසර් කීමෙන් තමන්ගේ ගාම්භීර බව ප්‍රකාශ කරයි

    -මොඩෙනා
    පයිසර් කුලයට දෙවන නොවන මෙමෙ කුලයද ඉතා උසස් කුලයක් ලෙස සැලකේ, මෙම කුලයට අයත් අය බොහොමයක් උඩරටටින් පැවත එන අතර, පහත රටින් උඩරට ට ගොස් මෙම කුලයට අයත් වන අයත් නැතුවා ම නොවෙයි, නිහතමානි කුලයක් වන අතර පයිසර් තරම් ලොකු කමක් නොපෙන්නයි නමුත් ඉතා උසස් කුලයකි

    -ඇස්ට්‍රා සිනිකා
    කුල අතරින් පැරණිම කුලය මෙය නම් වෙයි, ඉහත සඳහන් කල කුල දෙකටම වට තරමක් අඩු පිළිගැනීමක් ඇත්ත, මෙහි ඇති පරණ සහ පරිනත කම නිසා අනිත් කුල වලට වඩා ඉතාම නිහතමානී ය, ඉවසීම අතින් වෙන කිසිම කුලයකට සමාන කල නොහැක, සති හතරෙන් ලැබීමට තිබුන දෙය වෙනුවෙන් මාස ගණනක් බලා සිටීමට මෙම කුලයට හැකි අතර, ලංකාවේ ඇති වෑකසින් කුල අතරින් සංවේදී සහ නිහතමානිම කුලය මෙය වේ

    -ස්පුට්නික්
    දුර්ලභ කුලයක් වන මෙය, බොහොම අඩු ප්‍රමාණයෙන් කන්ද උඩරට සහ බස්නාහිර පළාතේ ජිවත් වෙයි, ටිකක් දරුණු ගති පැවතුම් ඇති මෙමෙ කුලය, ඉතාම ඝම්භිර ලෙස සිටි, අනිත් කිසිම කුලයක් මොවුනට අදාළ නැත

    -සිනෝ පාන්
    අඩු කුලයේ පර හැත්ත වන මොවුන්, පඳුරකට පයින් ගැහුවත් පඳුර විසික් වී මොවුන් ඉතුරු වේ, ලංකාවේ ඇති අඩුම කුලය වන මොවුන් විවිද තාඩන පීඩන මැද, මොනවා කරන්නද ලැබෙන කුලයෙන් ජිවත් වෙනවා යන පරමාර්ථය හිතේ දරාගෙන සිටි, පයිසර් සහා මොඩෙනා ගත් බොහෝ 225 ට සම්බන්ද කුල වල සිටින උදවිය මෙමෙ කුලයට සම්බන්ද බයිසන් අනු කුලයේ උදවිය ලවා සිනා පාන් ද කුලයක් බව පැවසීමට උත්සහ කරයි

    -සිංහල කුලය
    සරල සිංහල කුලයේ වන මොවුන් ඔය කිසිම කුලයක් කනකට නොගනී, තමන්ගේ පාරම්පරික කුලය ඉතාම උසස් කුලයක් ලෙස දකින මොවුන්, තමාට කෙලවී යනකම් ම නොදනී

    ඉතින් සරල සිංහල කුලය නොවී ඔබට කැමති ඕනිම කුලයට යාමෙන් තම ජීවිතය තමන්ගේ සමිපතයන්ගේ ජිවත වලට වටිනාකමක් දෙන අතර මොන කුලය ට ගියත් තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම ඔය මොන කුලයටත් වඩා උසස්ය.

    ReplyDelete
    Replies
    1. @ Ano 6.49

      ඔය ඉහලින් ඉන්න ලබ්බේ කුලවල හැමඑකාටමත් කෙලවී ඇත, ඒවා ගත්තතු එවුංද මැරී ඇත, පයිසර දෙකම ගත්තු කිලී මහරාජා මලේ⁣ය, පයිසර දෙකම ගත් මංගල සමරවීර ද මලේ ය, පයිසර දෙකම ගැසූ විශ්වශක්ති වෙදාද මලේය, රටටම පයිසර විද්දත් තාම සිංගප්පූරුවේද මැරෙති, එසේ ගත්කල ඔය කොයි කුලයත් එකය, එකකින්වත් රෝගය පාලනයක් වන්නේ නැත, එසේ පාලනය වනවා යැයි කියන්නේ නම් මම අභියෝග කරමි ඔය එන්නත ලබාගත් පසු තව දුරටත් දුරස්ථ භාවය තබාගතයුත්තේ මොන ලබ්බකටදැයි මම අසමි, සයිනෝපාම්, පයිසර්, මොඩෝනා ඔය හැම එකම කොරෝනාවට අදාලම නැත, ඕවා විදින දොස්තරලාද කොරෝනාවෙන්ම මියගිහින් ඇත, ඉතිං මේ පතරංග හෑලි ලියා ⁣පුම්බා පෙන්නන්න හදන එක එන්නතකවත් කියන තරම් බලයක් නැත, එහෙත් ඒවායේ අතුරු ආබාධ නම් දැන් වටින්ගොඩින් මතුවෙමින් පවතී, තාම හරියට පත්තු උනේ නැත, පත්තු වෙනවිට කෙලවෙලා හමාරය, ඔය එන්නත් ගත්තු උන්දැලාද නොගත්තු සිංහල කුලයේ උන්දැලාද අතරේ වෙනසක් නැත, දෙපිරිසටම බෝවිය හැක, වැලඳුනහොත් දෙපිරිසටම මියයාමටද ඉඩ ඇත, එමෙන්ම වැලඳුනු සේරම මියගියේද නැත, ලංකාවට එන්නත් ගෙන ඒමට පෙර රෝගය වැලඳුනු පිරිසෙන් මියගිය ප්‍රමාණයට වඩා එන්නත් කරනයෙන් පසු මියගිය ප්‍රමාණය වඩා වැඩිය, ලියූ ගොයියා රොඩී කුලයේදැයි දන්නේ නැත, එන්නත ගත්තු එවුන්ට නම් අම්මට සිරි වේගන එමින් පවතී, දැන් ඉතිරි උංවත් බේරාගතයුතුව ඇත, එන්නත ගැනීමට පෙර අත්සන් කරන ලිපියේ ඇත්තේ එන්නත ගැන වගකීම විදගන්නා පුද්ගලයා විසින් බාරගන්නා බවත් ස්ව කැමැත්තෙන් එන්නත විදගන්නා බවත්ය, එන්නත ඔය තරම්ම හොඳ නම් වෛද්‍යවරු එන්නතේ වගකීම භාර නොගන්නේ මන් ද ??

      Delete
    2. මචන්ලා, ඔය කියන උසස්ම උසස් කුලේ කියන එක හදපු එකාවත් ගහගෙන නැල්ලු නේත.... mk? Aa?

      Delete
    3. මට ලැබුණු තොරතුරු වලට අනුව කෙටියෙන්;

      ෆයිසර් මොඩර්නා වැනි mRNA ආකාරයේ වැක්සීන් ගැන ස්වීඩනයේ බිහිසුණු අධ්‍යයනය:

      mRNA එන්නත් DNA අලුත්වැඩියාව වළක්වයි, පිළිකා ශක්තිමත් කරයි, ප්‍රතිශක්තිය අඩු කරයි සහ වයසට යෑම වේගවත් කරයි

      ප්‍රකාශනය කළේ 11/4/2021 5:24 ප.ව: 18,650 කියවා ඇත

      Stockholm සහ Umeå විශ්ව විද්‍යාලවල අධ්‍යයනයකින් බිහිසුණු නිගමනයක් නම්, mRNA එන්නත් (Pfizer / Moderna) ලබා ගත් පුද්ගලයින් මර්දනය කරන ලද DNA අලුත්වැඩියාවෙන් 90% ක් අත්විඳින බවයි. අතීතයේ දී මෘදු හානියක් සිදු වූ සෞඛ්‍ය ගැටළු වලට භයානක නිරාවරණය වැඩි කරයි.

      සිනෝෆාර්ම් ස්පුට්නික් වගේ සම්ප්‍රදායික viral vector වැක්සීන් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
    4. 😨😨😨😨😨😨😨😨😨

      Delete
    5. "එන්නත ලබාගත් පසු තව දුරටත් දුරස්ථ භාවය තබාගතයුත්තේ මොන ලබ්බකටදැයි මම අසමි"

      'වාහන වල සීට්බෙල්ට් වැඩ කරනවනම් එයා බෑග්ස් තියෙන්නෙ මොකටද? එයා බෑග්ස් වැඩ කරනවනම් සීට් බෙල්ට් තියෙන්නෙ මොකටද? ඒ දෙකම වැඩ කරනවනම් බ්‍රේක් තියෙන්නෙ ලබ්බකටද?' වගේ ප්‍රශ්නයක් අහල තියෙන්නෙ. දුරස්ථ භාවය තියාගන්න ඕනෙ නෑ, තිබ්බොත් කෝකටත් හොඳයි කියලා කියන්නෙ. එන්නත ගත්ත කියල 100% ප්‍රතිශක්තිකරණයක් ලැබෙන්නෙ නෑ, ඒකයි ඕක ගහලත් මිනිස්සු මැරෙන්නෙ. --> https://pbs.twimg.com/media/E8xB2gwWYAkHMw0.jpg

      --------------

      "මචන්ලා, ඔය කියන උසස්ම උසස් කුලේ කියන එක හදපු එකාවත් ගහගෙන නැල්ලු නේත.... mk? Aa?"

      Pfizer CEO නම් fully vaccinated, වෙන කවුරුහරි ගැන ද කියන්නෙ? - https://www.reuters.com/article/factcheck-pfizer-ceovaccine-idUSL1N2PD1UX

      --------------

      "Stockholm සහ Umeå විශ්ව විද්‍යාලවල අධ්‍යයනයකින් බිහිසුණු නිගමනයක් නම්, mRNA එන්නත් (Pfizer / Moderna) ලබා ගත් පුද්ගලයින් මර්දනය කරන ලද DNA අලුත්වැඩියාවෙන් 90% ක් අත්විඳින බවයි. අතීතයේ දී මෘදු හානියක් සිදු වූ සෞඛ්‍ය ගැටළු වලට භයානක නිරාවරණය වැඩි කරයි."

      ඔය කියන research එකට link එකක් දාපන් පුලුවන් නම්.. �� අර whatsapp එකේ එන spam message එකක් වගෙයි. ඕවා forward කරන්නෙත් උඹල වගේ ගොන්නු තමා... ��

      Delete
  7. සොබාදහම සොඳුරුයි නපුරැති සේම
    අපි අමතක කරමු ඒ බව තිස්සේම
    එකක් ගහද්දී දෙකකින් බැට දීම
    අපටත් කියා දී ඇත්තේ සොබා දම

    ReplyDelete
  8. රජයේ සේවකයන්ගේ විශ්‍රාමයෑමේ වයස අවුරුදු 65 කිරීමේ යෝජනාව පිළිබඳව මගේ පෞද්ගලික අදහස කුමක්දැයි මගෙන් බොහෝදෙනෙක් විමසති.

    මට මේ ගැන ඇත්තේ මිශ්‍ර අදහසකි.

    අවුරුදු 60 න් ඔබ්බට සේවය කළ හැකි දක්ෂ හා යහපත් මානසික / ශාරීරික සෞඛ්‍යයෙන් යුතු විශාල පිරිසක් රජයේ සේවයේ සිටිති.

    එමෙන්ම මැතිවරණ රාජකාරිවලට කැඳවූ විට හෝ ස්ථාන මාරුවීමක් ලද විට ඉතා බරපතල අසනීප වලින් පෙනෙන බවට වෛද්‍ය සහතික පවා ඉදිරිපත් කරන අවුරුදු 50 අවට රැසක්ද සිටිති.
    අනෙක් අතට පළපුරුද්ද, දැනුම ,ප්‍රවීණතාව සහිත ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, සරසවි මහාචාර්යවරුන් දැනටමත් වයස අවුරුදු 65 තෙක් සේවයේ නිරත වෙති විශේෂඥ වෛද්‍යවරුන් ( හා වෛද්‍යවරුන් ද ? ) වයස අවුරුදු 60 න් ඔබ්බට රජයේ සේවයේ නිරත වේ .
    ප්‍රමාණවත් තරම් නිලධාරීන් නැති හා පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරගත නොහැකි විට කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික රජයේ සේවකයන් වයස අවුරුදු 67 තෙක් සේවයේ යොදවා ගැනීමටද කලකට පෙට සිට ප්‍රතිපාදන තිබේ
    අනෙක් අතට විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් පුරප්පාඩු අඩුවීම නිසා තරුණ තරුණියන්ට රජයේ සේවයට ඇතුළු වීමේ අවස්ථාව අඩුවනු ඇත .
    එමෙන්ම සේවයේ සිටින මාණ්ඩලික නිලධාරීන්ට ඇතුළු බොහෝ සේවක කාණ්ඩවලට පුරප්පාඩු මත උසස්වීම් ලබාදෙන ඉහළ ශ්‍රේණිවලට ( විශේෂ / අධි යනාදී ශ්‍රේණි..) පත්වීමට නොහැකිවීම බරපතල ගැටලු ඇති කිරීමට හේතුවේ ..තවද ජේෂ්ඨතාව මත( හා අවශ්‍ය සුදුසුකම් සපුරාලීම මත ) නිර්බාධිත උසස්වීම් තුළින් 1 පන්තියට ඇතුළත් වන සැමට එකී පන්තියේ තනතුරු ලෙස වර්ග කර ඇති නිල වාහන යනාදී පහසුකම් සහිත තනතුරු ප්‍රමාණවත් නොවන විට එකී නිශ්චිත තනතුරු ලබා ගැනීම සඳහා අප්‍රසන්න ක්‍රියාකාරකම් , දැකිය හැකි වනු ඇත.

    මේ ගැන උනන්දුවක් දක්වන සැමගේ අදහස් කියවීමට කැමැත්තෙමි.

    සටහන - ආරක්ෂක හමුදා නිලධාරීන්ට නියම කර ඇති විශ්‍රාම ගන්නා වයස තවමත් අවුරුදු 55 යයි සිතමි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න