.

.

Jan 1, 2022

ශිවන්‍යා හා කෙල්ලො තුන් දෙනා


 

ඉන්දියන් ටෙලි නාට්ටියක නිලියක් හොයාගෙන ගිය දැරිවියන් තුන් දෙනෙක් පොලීසියට අහුවෙලා තිබුනා..


ඊට කලින් ඒ වයසෙම මුස්ලිම් දැරිවියෝ තුන් දෙනෙක් ඔය වගේම ගෙදරින් පැනලා ගියපු කතාවකුත් ජනප්‍රිය උනා..


මම එවෙලෙ කිව්වා මේක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙයි කියලා... ඒ කියලා බොහෝ ආන්දෝලනාත්මක ෆිල්ම් එකක් වෙච්චි Quties ගැනත් ලිව්වා...


මේ ටිකේ අපේ ගමේ ඉන්න ජර්මන් සුද්දත් එක්ක කතා කරන කොට පොර කිව්වේ...


බුවා ඉස්සෙල්ලම 1994 ලංකාවට එනකොට හික්කඩුවෙ ඩිස්කෝවල උන්න ලෝකල් කෙල්ලෝ ටිකක් මැචුවර්ඩ් ලුකින් අය...

පාරේ ජීන්ස් අඳින කෙල්ලෙක් දැක්කේ කලාතුරකින් කියලා...


ඒත් දැන්...

හික්කා ඩිස්කෝවලට ලෝකල් ටීනේජ් ගර්ල්ස්ලා සෙට් පිටින් බහින්නේ... උන් කනවා බොනවා... සිකැරට් බොනවා... මොඩර්න්ම විදියට අඳිනවා පලදිනවාය...


කොළඹ රෙස්ටුරන්ට්ස් වල තත්වෙත්, උණවටුන, හික්කා රෙස්ටුරන්ට්ස් වල තත්වෙත් එහෙමයිය....


වැල්ලවායෙත් ගවුම් අඳින කෙල්ලෝ අඩුය කියලා....


ඒ කියන්නේ කෙල්ලො දැන් නිදහස හොයාගෙන යනවා... උන් හොඳට උගෙන ගන්නවා, හොඳ රැකියා කරනවා, වාහන එලවනවා, ස්කූටී පදිනවා... මොඩර්න් විදියට අඳිනවා පලදිනවා... මේකප් කරනවා, ටින්ට් කරනවා, ටැටූ ගහනවා...


මේවා ග්‍රේට්...


දැන් ගෙදරිනුත් පැනලා යනවා... ඉස්සරහට දියුණු රටවල වගේ ඒවත් වෙයි...


ජෙනරේෂන් ගැප් මේන්ටේන් කරන උන්ට මේවා අරහන්  උනාට ඒ කෙල්ලොන්ට මම ආදරෙයි ❤️


උන් මේ රටේ පුහු සදාචාරේ සබ්බයත්තේ සඟිස්කුරුතිය කුඩු කරනවා...


වයසින් තරුණ මනසින් නාකි මයිනන්ගේ මොළේ අච්චාරු දානවා. ..


පට්ටම ජෝක් එක කියන්නේ මේ පඩංගු නොකා නොබි නොවරදවා බලන උනුත්...


මේ කෙල්ලන්ට කින්ඩිය දාන එක 😁😁😁😁


.



14 comments:

  1. මේ සියලු ප්‍රශ්න වලට හේතුව ලංකාවේ ආණ්ඩුව පාලනය කරන අන්ත දූෂිත ඒකාධිපති රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍රවිරෝදී පවුල් පාලනය නිසා.

    මේ නිසා ලංකාවේ සංස්කෘතිය වෙනස් වී සංකර ඇමරිකන් කාරයෝ වගේ චාරයක් නැති තුප්පහි සංස්කෘතියක් බිහි වී තිබේ. කොටින්ම මම මෑතකදී ඉතා පිටිසර බද ප්‍රදේශ වල පවා ඉතාමත් කොට කලිසම් ඇඳ ප්‍රසිද්ධියේ ප්‍රධාන මාවතේ ඇවිදින තරුණියන් පවා දකින්නට පුළුවන්. මේ සංස්කෘතියේ පාදඩකරණය වහාම වැලැක්විය යුතුය. ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු විසින් හසුරුවන ලංකාවේ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කර යුතුයි. මේ සඳහා එකම විසඳුම ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂයේ පිරිස සහ පොහොට්ටු කණ්ඩායමේ යම් තරමකින් හෝ ජාතිකවාදී පිරිස් ද එකතු කරගෙන හරවත් රජයක් පිහිටුවීමෙන් පමණක් බව පේනවා. ලංකාවේ විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශවයේ විනය අනිවාර්යයෙන්ම හදන්න ඕන මොකද ඒ කට්ටිය තමයි මව්වරුන් වී රටේ සංස්කෘතිය ඉදිරි පරම්පරාවත් ගෙන යන්නේ මෙහෙම ගියොත් ඉදිරි පරම්පරාවත් නැති කර විනාශයක් සිදු වන බව නිසැකයි ඒ නිසා ආණ්ඩුව වහාම වෙනස් කරන්න ඕන

    ReplyDelete
  2. Replies
    1. අඩෝ කඩ්ඩ හදාගනින් යකෝ...
      එංගලන්තෙ හිගන්නන්ටත් කඩ්ඩ පුලුවන් රෙද්ද

      Delete
  3. Actually I would like to refer to the following quote which seems to be generous;

    “The beauty of a woman is not in the clothes she wears, the figure that she carries, or the way she combs her hair."

    "The beauty of a woman is seen in her eyes because that is the doorway to her heart, the place where love resides. True beauty in a woman is reflected in her soul. It’s the caring that she lovingly gives, the passion that she shows & the beauty of a woman only grows with passing years.”

    - Dr Denzel Stewart

    You couldn't judge the book by it's cover isn't it? In simplest terms FYI

    - Jayabahu

    ReplyDelete
  4. 92 වසරේ සිදුවුන සිදුවීමක්. මගේ පුතාගේ පලමු වසර පලමු දිනය. පන්තියේ ගුරැතුම්ය, නොයෙකුත් වගකිම් සහ පන්තියට උවමනා කරන දේ දෙමව්පියන්ට පවරන අතර ,මගේ මහත්තයා රැකියාව කරන ස්ථානය (රජයට අයිති අධිකාරියක්) අහලා, මට කිව්වා ආ මේ අම්මට පුලුවන්නේ half sheet bundle එකක් ගේන්න කියලා. මහත්තයට කිව්වාම හරිනේ කියලා කිව්වා. ඒකනම් නොකෙරන බව දන්නවා වුනත් මම ඒවෙලාවේ නිශ්ෂබ්දව ඉදලා ගෙදර ඇවිල්ලා මහත්තයට කිව්වා
    ඊලග දවසේ උදේ ඔහු සල්ලි තියලා ගියාbook shop එහෙකින් ඒටික අරන් දෙන්න කියලා. (රැපියල් 150 හෝ 200). ඒත් අවංක නිලධාරින්ට නම් කවදාවත් හොදටනම් සැලකුවේ නෑ කිසිම දේෂපාලකයෙක් හෝ රජයක්. කලකිරිම විතරයි අන්තිමට.

    ReplyDelete
  5. නොකෙරෙන විටදී ගුරු-දෙගුරුන්ගෙන් යුතුකම්
    කෙරෙන විටදී පාලකයන්ගෙන් වල්කම්
    දියුණුව - වෙනස දෙක හඳුනා ගනු බැරි නම්
    පුදුමද මෙහෙම තැනකට අප පත්වේ නම්

    ReplyDelete
  6. නොසුදුස්සන් හැමදාමත් පත් කරලා
    රට දැන් බල්ලටම ගිහිල්ල ඇත වැටිලා
    ඒ ටික කළේ අපි පුරවැසි වාහේලා
    ඒකයි අපට කෙළවන්නේ හිටු කියලා

    ReplyDelete
  7. මචන්ල කෙල්ලො ටෝක් කරන්නෙ කොහොමද? ගොඩක් කෙල්ලො කියනවා You are a good looking but a nice guy කියල, එපා වෙලා ටියෙන්නෙ බ්න්, තාම Virgin 24. Gym යන්නෙ නෑ, ස්පොර්ට්ස් මුකුට් කරන්නෙට් නෑ , Famousඋත් නෑ ..උදව් කරපන්කො බ්න්...මම ‍YouTube Videos බලල , පිටරට වගෙ කෙලින්ම ගිහින් hi I think you are cute, can I have your instagram ඉන්ස්ටග්‍රම්. කියල තම අහන්නෙ, අහපු කෙල්ලො බයවෙල I'm නොට් ඔන් ඉන්ස්ට කියල කියනව...එපා වෙල ඕයි තියෙන්නෙ....කොහොමද ලන්කා වේ කෙල්ලො දාගන්නෙ?

    - Dynamite 1234

    ReplyDelete
  8. ඉතාමත් සුළු හේතු කාරණා මත වයස අවුරුදු 6 ක පුතා සහ අවුරුදු 7 ක දියණිය සම්පූර්ණයෙන්ම නිරුවත් කර ගසක බැද සිරුර පුරාම කොච්චි මිරිස් තවරා අමානුෂික ලෙස වද හිංසා පැමිණ වු සැකකාර පියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය කියයි.

    වද හිංසාවට ලක් වු ළමුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණයක් සදහා දික්ඔය මුලික රෝහලට ඇතුළු කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

    හැටන් කුඩාගම පදිංචි සැකකරු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකි. ඔහු ඉතා දැඩි ලෙස කසිප්පු බීමට ඇබ්බැහි වු අයෙකු බවත්, බිමත්ව නිවසට ගොස් බිරිදට පහර දි දරුවන් සිව්දෙනාට මෙවැනි ආකාරයට කෘර ලෙස වද හිංස පමුණවන බවට හැටන් කුඩාගම ප්‍රදේශවාසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

    හිංසාවට ලක් වු දරුවන් දෙදෙනා ඊයේ ( 02 ) පියා නිවස අසල පිහිටි වෙලදසැලකට යවා ඇති අතර එහිදී ගෙන එමට පැවසු දේට අමතරව නිවසට දර මිටියක් රැගෙන ඒම සම්බන්ධයෙන් උරණ වු පියා දරුවන් දෙදෙනාට මෙසේ අමානුෂික ලෙස වද හිංසා පමුණවා ඇතැයි මූලීක පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලීසිය කියයි.

    වද හිංසාවට ලක්වන දරුවන් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් මුදාගෙන ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් ඊයේ (02) රාත්‍රියේ දරුවන් දෙදෙනා පදිංචි නිවසට ගොස් සැකකාර පියා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    අත්අඩංගුවට ගත් සැකකරු අද (03) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ReplyDelete
  9. සමාජයේ කාන්තාවන් යෙදෙන නොයෙකුත් වෘත්තීන් අතරේ රඟපෑම් මුල්කොට ගත් නිළි වෘත්තියත් එකක් විතරයි. නමුත් අනිත් බොහෝ වෘත්තීන්ට නැති විශේෂත්වයක් මේ නිළිකම; නිළි වෘත්තිය තුළ තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘එයා නිළියක් වගේ’ කියලා හැඳින්වීමෙන් තහවුරු වෙන්නේ ඒ කියන තැනැත්තිය අතිශය රූමතියක් බවයි.

    නමුත් නිළිය යනු හුදෙක් රූමතියක්ම නොවුණත් නිළිය යන්න රූමත් කමේ සංකේතය ලෙස සමාජ සම්මත වෙලා තිබෙනවා. ජනතාව තුළ නිළිය ගැන අවධානය යොමු වන්නේ මේ රූමත් කම කියන සංකල්පය පෙරදැරි කරගෙනයි. මේ තුළ එක්තරා ලිංගික කුතුහලයක් ද ගැබ් වෙලා තියෙනවා.


    මේ ජන ආකල්පය සමාජය පුරා කොතරම් පැතිරිලා තිබේද කිව්වොත් මාධ්‍ය කලාවේ කිසියම් ප්‍රවෘත්තියක් තුළ නිළිය කියන වචනය එක්වෙලා තිබුණොත් ඒ ප්‍රවෘත්තියට අමුතුම ජවයක් ලැබෙනවා. ඒ නිසා "කාන්තාවක් අත්අඩංගුවට" කියන ප්‍රවෘත්තියේ කාන්තාවක් කියන වචනය වෙනුවට නිළියක් කියන වචනය යොදා පළ කළොත් ඒ ප්‍රවෘත්තියේ ජනතා ආකර්ශණය සිය දහස් ගුණයකින් වැඩි වෙනවා. මේ හේතුව නිසා තමයි නිළියන් කන බොන, යන එන, කරන කියන හැම දෙයක් ගැනම සමාජයේ වැඩි පිරිසක් සුපරික්‍ෂාකාරී වෙන්නේ. ඒක ඒ නිළියගේ ජනප්‍රියත්වය, තරුණ බව වගේම රූමත්කම අනුව අඩු වැඩි වෙනවා.

    අන්තර් ජාලය ඔස්සේ 'කසිප්පු විකිණීමක්'..​ මේ අතරේ නිළිය කියන්නේ සරාගී බවේ සංකේතයක් හැටියටත් සමහරුන් හඳුන්වනවා. අද වෙනකොට මේ සමාජ ආකල්පය මොන තරම් ප්‍රබල විදිහට ඉස්මතු වෙලා තියනවද කීවොත් නිළියක් ලෙස පෙනී සිටින්නියකගේ විළි බියෙන් තොර ඡායාරූප අන්තර් ජාලයේ පළ වූ සැනින් පැය කීපයක් තුළ ලක්ෂ ගණන් ඒ කෙරෙහි උනන්දුවක් පළ කරනවා. මේක අන්තර් ජාලය ඔස්සේ ව්‍යාපාර කරන්නවුන්ගේ "කසිප්පු විකිණීමක්" බවට පත් වී තිබෙනවා. ඒ හේතුව නිසාම නිළියන් කියන්නේ අනුරාගී කින්නරියක් බවටත් විවිධ ලිංගික සබඳතාවලට යොමු වෙන බවටත් අනියම් සබඳතා වලට නැඹුරු වන බවටත් පවුල් ජීවිත කඩා ඉහිරවා ගන්නා බවටත් ප්‍රසිද්ධ සමාජ මත පළවෙනවා. ඒකට හේතුව නිළියන් කෙරෙහි පවතින මේ සුවිශේෂ ජන ආකර්ශණය බවට සැක නැහැ. සබන්, පියරු වල සිට වාහන ටයර් දක්වා විවිධ භාණ්ඩ අලෙවි කරගැනීමට නිළියන් ගේ රූපකායන් යොදා ගැනීමත් සමහර භාණ්ඩ සහ නිෂ්පාදන වල සන්නාම තනාපතිවරියන් හැටියට නිළියන් යොදා ගැනීමත් මගින් මේ බව වඩාත් තහවුරු වෙනවා.

    වර්තමාන සමාජයේ පවුල් සංස්ථා බිඳ වැටීම්, අනාචාර සම්බන්ධතා, ලිංගික විෂමාචාර වගේ දේවල් බහුලයි. ඒවා කිසියම් සමාජ තලයකට වෘත්තියකට සීමා වී නැහැ.


    සංස්කෘතික වශයෙන් මේවායේ යම් යම් විෂමතා තිබෙන්නට පුළුවන්. නමුත් වර්තමාන මධ්‍යම පාන්තික සමාජය තුළ මෙවැනි සිද්ධීන් බහුල බව ඉතා පැහැදිලිව පෙනී යනවා. ඒ අනුව වෛද්‍යවරියන්, ගුරුවරියන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීවරියන් වැනි පිළිගත් වෘත්තීන්වල යෙදෙන කාන්තාවන් මෙම තත්වයෙන් මුළුමනින් ඉවත් කරලිය හැකි ද? යන්න ගැන ඔබම සිතා බැලිය යුතුයි. නමුත් මා කියූ පවුල් සහ සමාජ අර්බුද වල දී බොහෝ කාන්තාවන් හට කිසියම් ප්‍රජාමය හා සමාජමය ආරක්‍ෂාවක් ලැබෙනවා.

    නිළියක් ගැන කට කතා පැතිරෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක වේගයෙන්..​ ඒ අතින් නිළියන් අතිශයින් අනාරක්‍ෂිත බව පැහැදිලිව කිව යුතුයි. ඒ කියන්නේ එකම නීති හෝ සදාචාර විරෝධී ක්‍රියාවකට යොමු වන වෙනත් වෘත්තියකට, තරාතිරමකට අයත් කාන්තාවකට වඩා නිළියකගේ එවැනි ක්‍රියාවක් මුල්කොට ඇතිවන ජන අවධානය ඉතා ප්‍රබලයි. උදාහරණයක් හැටියට කිසියම් වෛද්‍යවරියක් එවැනි ක්‍රියාවක යෙදීමක් ගැන ප්‍රවෘත්තියක් පළ වුණොතින් ඒ වෛද්‍යවරිය කවුරුන්ද? කියන එක සොයා බැලීමට සමාජයේ බොහෝ දෙනෙක් විශේෂ උත්සාහයක් දරනවා.

    ඒ එම තැනැත්තිය පෞද්ගලිකව නොහඳුනන නිසා. නමුත් නිළියන් කියන්නේ පොදු සමාජයේ දැනහැඳුනුමට ලක් වූ කෙනෙක් නිසා ඒ ප්‍රවෘත්තිය සමාජය පුරා අධික වේගයෙන් පැතිර යනවා. මේක වඩාත් පැහැදිලි කළහොත් අනික් කාන්තාවන් සම්බන්ධ එම ප්‍රවෘත්ති පැතිර යාමේ ස්වරූපය දෙක, හතර, හය, අට ආදී වශයෙන් දැක්වුවොත් නිළියන් වැනි ජනප්‍රිය කාන්තාවන් සම්බන්ධව මේ ප්‍රවෘත්ති පැතිරීමේ වේගය දෙක, හතර, දාසය, හැටහතර, හාරදාස් අනූහය වගේ ගුණෝත්තර ස්වරූපයකින් දක්වන්න පුළුවන්.


    සමාජයේ අනෙකුත් ජනප්‍රිය කාන්තාවන්ට සාපේක්‍ෂව නිළියන් සම්බන්ධයෙන් මේ තත්වය වඩාත් ප්‍රබල ලෙස බලපාන්නට හේතුවක් තිබෙනවා. ඒ රඟපෑම් තුළින් ඒ අයගේ කතා බහ හැසිරීම් හැඟීම් ආවේග වගේ දේවල් රසිකයන් දැක හඳුනාගෙන තියෙන නිසා. ඒ අනුව රසිකයන්ට නිළියන් පෙනෙන්නේ තමන්ගේ අල්ලපු ගෙදර ජීවත් වන චරිතයන් ලෙසයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රහේළිකා පුරවා යවන කෙනෙක් මාධ්‍යවේදියෙක් නොවෙනවා වගේ..​ නිළියන් සම්බන්ධ මේ විදිහට පැතිර යන බොහෝ දේවල් කටකතා සහ දුෂ්‍යමාන ආරංචි විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් අද වෙන කොට මේවා ප්‍රචාරය කිරීමට සමාජ මාධ්‍ය මගින් විශාල පිටුවහලක් ලැබෙනවා. නිළියක් සම්බන්ධ මොකක් හෝ ඕපාදූපයක් කණ වැකුණු සැණින් ඒ නිළියගේ ඡායාරූපයක් ද සමඟ සමාජ මාධ්‍ය වලින් වේගවත්ව ව්‍යාප්ත කරන බවත් අපට පේනවා. ඒකට හේතුව මේ මාධ්‍ය කලාව තුළ ප්‍රබල ආදායම් යාන්ත්‍රණයක් තිබෙන නිසයි. ඒ සමහර තොරතුරු කොතරම් ‘නැවුම්’ ද කියනවා නම් අපි විතරක් නෙවේ සමහරවිට ඒ ප්‍රවෘත්තියට අදාල නිළිය පවා තමන් සම්බන්ධයෙන් එවැන්නක් පවතින බව දැන ගන්නේ ඒ සමාජ මාධ්‍ය තුළින්.

      මේ අතර නිළියන් සම්බන්ධ පෞද්ගලික තොරතුරු ප්‍රචාරය කිරීමේදී ‘කෙන්ද කන්ද කරන’ අවස්ථාත් අපි කොතෙකුත් දැක තිබෙනවා. ඒ අතර ‘සම්බාහන ආයතනයක් වටලා ටෙලි නිළියක් අත්අඩංගුවට’ වගේ පුවත් ඇතැම් මාධ්‍ය වලින් ප්‍රචාරය වනු අපට වරින් වර අසන්න ලැබෙනවා. ඒ නිසාම අපේ දර්ශන පසුතල වල නිළියන් ඔය කියන නිළිය කවුද යන්න විශේෂයෙන් සොයා බලනවා. "අන්තිමට ඔවුන්ට දැන ගන්නට ලැබෙන්නේ ඒ මාධ්‍ය වලින් "නිළියක්" ලෙස හඳුන්වලා ඇත්තේ ටෙලි නාට්‍යයක රූප රාමුවකට දෙකකට පෙනී සිටි තැනැත්තියක්. ඒක හරියට පුවත් පතක ප්‍රහේළිකා පුරවා යවන කෙනෙක් මාධ්‍යවේදියෙක් හැටියට හඳුන්වනවා වගේ වැඩක්. මේ සියළු මාධ්‍ය භාවිතාවන් ගෙන්ද නිළිය යන සමාජ ප්‍රතිරූපයට බරපතල හානි සිදුවෙනවා. ප්‍රධාන නිළියන් සමාජමය වශයෙන් දූෂණයට ලක් වීමට මේකත් එක හේතුවක්.

      මේ විදියට සමාජයේ ගොදුරු බවට පත් වන නිළියන්ගේ පවුල් ජීවිත අර්බුද වලට ලක්වීමේ පහසු ඉඩකඩක් තිබෙනවා. විශේෂයෙන් තම බිරියන් පිළිබඳ පැතිර යන දූෂ්‍යමාන ආරංචි කටකතා මුල් කරගෙන එම නිළියන්ගේ සැමියන් ඉච්ඡාභංගත්වයට පත් වෙනවා. ඒ හේතුව නිසාම සමාජයේ ඇතැම් පිරිසක් නිළියන් හා විවාහ වීමට කැමති වන්නේ නැහැ.

      Delete
  10. අපේ ටෙලි නාට්‍ය වල රඟපා ඇති විවිධ නිළියන් ගැන පැතිරුණු ඒ වගේ දූෂ්‍යමාන ආරංචි කටකතා ගැන සමහරු අපෙනුත් අසා තිබෙනවා. නමුත් ඒවා අමූලික බොරු බව හෝ ඉතා සුළු සිද්ධීන් බරපතල කොට දැක්වීම් බව අප කියා සිටින විට බොහෝ රසිකයන් ඒ බව පිළිගැනීමටවත් කැමති නැහැ. ඒ අය කියන්නේ අපත් බොරු කියා ඒ නිළියන් ආරක්‍ක්‍ෂා කරන බවයි. මීට දශක කිහිපයකට කලින් මහා ධන කුවේරයන් රූමත්, ජනප්‍රිය නිළියන් විවාහ කර ගැනීමේ යම් නැඹුරුවක් තිබුණා. ඒ තමන්ගේ ධනවත් කමට ඒ නිළියගේ ජනප්‍රියත්වය, කීර්තිය එක් කර ගැනීම තමන්ගේ ජීවිතයට සාධනීය බලපෑමක් එක් කරන නිසයි. නමුත් අද මේ සමාජමය ප්‍රතිරූපය දකින්න නැහැ. ඒකට හේතුව වර්තමානයේ නිළිය අන් කවරදාටත් වඩා සමාජමය දූෂණයකට ලක් ව හිඳීමයි.

    මෙතනදී අප සමාජයේ ජීවත් වන කාන්තාවන් අතුරින් නිළියන්ගේ චරිත පාරිශුද්ධිය ඉහළ හෝ පහළ මට්ටමකට දැමීමට මට අවශ්‍ය නැහැ. ඔවුනුත් අප සමාජයේ ජීවත් වන සාමාන්‍ය කාන්තාවන් පිරිසක් විතරයි. ගුරුවරියක් මෙවැනි කටකතාවකට ලක් වන අවස්ථාවක ඇගේ ගුරු ගෞරවය වගේම එවැනි කටකතාවක් මඟින් ඇගෙන් ඉගෙන ගන්නා තමන්ගේ දරුවන්ට සිදුවන අලාභය ගැන සිතා බොහෝ දෙමාපියන් ඒ ගුරුවරිය ආරක්‍ෂා කිරීම සඳහා සංවිධානාත්මකව පෙළ ගැහෙනවා.

    නිළිය එළිමහනක සිටින සතෙකු වගේ..​ එවිට තමන් තුළින් එවැනි දෙයක් සිදුවුවත් ඒක තමන්ගේ මතු අයහපතට හේතු වන බව දැන ගන්නා ඒ ගුරුවරිය තමන් තුළ ස්වයං විනයක් ගොඩනඟා ගන්නවා. නමුත් නිළියන්ට සිදුවන්නේ මෙහි අනිත් පැත්ත. එවැනි අවස්ථාවක ඔවුන්ට අඩුම තරමින් තමන්ගේ රසිකයන්ගෙන් තබා ඥාති මිත්‍රාදීන්ගෙන්වත් නිසි ආරක්‍ෂාවක් ඒ අයට ලැබෙන්නේ නැහැ. මේ තත්වය තුළ නිළිය එළිමහනක සිටින සතෙකු පහසුවෙන් දඩයම්කරුවෙගේ වෙඩි පහරට ගොදුරු වන්නා සේ ඉතා පැහැදිලි ලෙසම සමාජ ගොදුරක් බවට පත් වෙනවා. මේ තත්වය නිසා තමන්ගේ පවුල් පසුබිම බිඳ වැටීමෙන් මානසික අවපීඩනයට පත් වූ නිළියන් කිහිප දෙනෙකු තමන්ගේ දුක් ගැනවිලි අප හා කියා තිබෙනවා. ඔවුන් සමහර විට කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ කාන්තාවකට නුසුදුසුම වෘත්තිය නිළි වෘත්තිය බවයි. ඒ අතර මේ ඛේදනීය වටපිටාව තුළ අලුතින් නිළි වෘත්තියට පිවිසීමට බොහෝ තරුණියන් අකමැති බවක් පෙනෙනවා. විශේෂයෙන් තමන්ගේ දියණිය සමාජමය ගොදුරක් වනවාට බියෙන් බොහෝ දෙමාපියන් තම දියණි වරුන්ට රඟපෑමට එන්නට අවසර දෙන්නේ නැහැ. ඒක අතිශය නොදියුණු සමාජ ලක්ෂණයක්. බටහිර සමාජය සිහිනයකින්වත් අසා නොමැති නිළියන් සමාජමය දූෂණයට ලක් වීමේ මේ ඛේදවාචකය විද්වත් කතිකාවක් මුල්කොට ගත් පොදු සමාජ සංවාදයක් බවට පත් විය යුතු යැයි මා යෝජනා කරනවා. ඒ කලාවේ වගේම සමස්ත මානව සංහතියේ මතු යහපැවැත්ම උදෙසායි.

    ReplyDelete
  11. Cuties ෆිල්ම් එකයි මේ සීන් එකයි අහසට පොළව වගේ. හැබැයි වයස් වල සමාන කමක් තියනව. අරකෙ ඉන්ටනෙට්ටුව නිසා කෙල්ලො නොමග යනව. උංට ඕන ලොකු අය වගේ වෙන්න. මේක නිකංම ඉන්දියන් ඉසකුඩිච්චි කතාවක් නේ.
    කියුටීස් වගේ ඒව හැදෙන්නෙ උං එදනදා දකින ඒව නිසා වෙන්නැ. හැබැයි උංට තරං පාලනයක් ලංකාවෙ උංට තියෙයි කියල හිතන්න බෑ.

    ReplyDelete
  12. සෞම්යාගේ රෝස පාට හුත්තට දිව දාලා ජුස් බොන්නවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න