.

.

Apr 1, 2022

සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් රට ගිනි තැබීම

 


සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් 

රට ගිනි තැබීම

මංගල තවම මිය ගොස් නැත.

රාජිතද ජීවතුන් අතරය.

➖➖➖➖➖➖➖➖➖


ලොකු ලොකු කොම්පැණි හා බැංකු මගින් මහ පාරේ ලීෆ්ලට් බෙදන "ටවුන් ස්ට්‍රෝම්", "ස්ට්‍රීට් මාකටින්" ඔබ කොතෙකුත් දැකලා ඇතිය. ඒවා මාකටින් වලදි වැටෙන්නේ "ගරිල්ලා මාකටින්" කැටගරියටය.

එහිදි පාරේ ලීෆ්ලට් බෙදන්නේ මැනේජර්ලා, ඇක්සැකටිව්ලා හා මාකටින් කොල්ලෝ කෙල්ලෝ උනාට, ටොප් ඩිෂිෂන් එක එන්නෙ ඉහළ කළමණාකරණයෙන්‍ය. උන් ඉන්නේ තිරෙන් පසු පසය. මේ ස්ට්‍රීට් මාකටින් වලින් පස්සේත් කොම්පැනිවල රෙවෙනියු එක වැඩි උනේ නැත්නම්, පාරට බැහැපු උන්ට කන්න වෙන්නේ රෙවෙන්නය.

ලාංකිය දේශපාලනයේද මෙහෙම ගරිල්ලා මාකටින් කාරයෝ ඉන්නවාය. ඒ උනාට ඊට ප්‍රසිද්ධියක් උසුලන්නේ මංගල හා රාජිතය.

මංගල පරලෝ සැපත් වූවත්, මංගලගේ මඩ බලකාය තවමත් සක්‍රීයව බුකියේ ඉන්නවාය. ඒකට හේතුවත්, පොලිටික්ස්, පොලිට්‍රික්ස් හා මිඩීයා දන්න උන් විතරක් දන්නවාය.

ඊයේ මිරිහානේ සිද්දියට හේතු වූ ""සාමකාමී උද්ඝෝෂණය" පිටුපස උන්නේත්, මංගල මඩ බලකායේ පුරෝගාමී සාමාජිකයෝය. ඔවුන් ගේම ගහන්නේ, අර ටොප් මැනේජ්මන්ට් එකේ ක්‍රමයටය. එහෙත් පාරේ ගේම් වලට බහින්නේ කුරුඳු පොලු හමුදාවය. රාජිතගේත් එසේමය. 

3 වනදා සවස 3 ගේම පිටුපස ඉන්නේ රාජිත හා චතුර සේනාරත්න බව දැන් ඔප්පු වී අවසානය. එහිද සමාජ මාධ්‍ය මෙහෙයුමට ඇත්තේ වෙනම පිරිසකි. ඔවුන්ගේ සබඳතා ඇත්තේ චතුර සමගය. එය ප්‍රජාතන්ත්‍රවාදී විදි ක්‍රමයය. ප්‍රා සෙට් එක ඉන්නේ රාජිත ලඟය, කිඹුලෝ කෑවා කියා හත් පොලේ ගාගත්තේ උන්‍ය.

මේ සමාජ මධ්‍ය සියල්ලම එජාපයේ මව් කුසින් බිහිවූවෝ වනාතර, බොහෝ විට උන්ට පාතාල මාෆියා ගේම් ගැන දැණීමක් නැති, දේශපාලන නොදරුවෝ බව සමාජ මාධ්‍ය තුල සැරිසරනා ඕනෑම කෙනෙකුට බලා ගත හැකිය.

අඤේ එඤඤ තිබ්බේ සාමාකාමී උග්ගෝඤයක් නේ අඤේ. ඇයි ඒ මිනිඤ්ඤුන්ට දොඤ් ඤියඤ්ඤේ ගගා බුකියේ අඬා වැලපෙන්නේ මේ නොදරුවෝය. පිටරටවල් වල ඉනා තොත්ත බබාලාය.

83 රට ගිනි තැබූ ගේම් වලට උන්නේ සිරිල් මැතිව් හා ගාමිනී දිසානායකය. 83 කළු ජූලීයේ කමර්ඩාන, කලුවාදේවගේ සිරිල් මැතිව් උන්නැහේය. ගිනිකූර ගැහුවේ ඇල්ලේ වට තුන ස්ථවිර උනාට, ඉන් පන්දම් දල්වා රටම ගිනි තැබුවේ උන්නැහේගේ මාෆියාවය. මේ මාෆියාවට ඉතිහාසයක්ද ඇත්තේය. ඒ පුරන් අප්පු සමඟ රට ගිනි තැබූ ගොංගාලේ ගොඩබංඩාගේ පරපුරේ උන් වීමය.

ඉන් පසු යාපනයේ පුස්තකාලයට ගිනි තබා මේ රට "මිලේච්ඡ රාජ්‍යයක්" කලේ ඒ සෙට් එක හා එක් වූ ගාමිනී දිසානායකගේ කණ්ඩායමය. එපමණක් නොව අදටත් ඇමතිවරුන්ගේ අධි සුඛෝපභෝගී කාමසුඛන්නිකානූ ලයිෆ් ඉස්ටැයිල් කල්ට් එකේ නිර්මාතෘද ඒ තුමාය.

මංගල මඩ බලකාය පෙරේදා රෑ වික්ටෝරියා පාක් එක වටේ කළේ ටෙස්ටින් වැඩක් උනත් වැඩේ සාර්ථක උනේය.

ඉන් උද්දාමයට පත් එම පිරිස ඊයේ මිරිහානට යන්නේ වීරයන් ලෙසය. එහෙත් සිඳුවූයේ කුමක්ද? වැඩේ සක්සෙස් බව සිරසෙන් සජීවීව ප්‍රචාරය වීමත් සමඟ මාෆියාව ගේමට බැස්සෙය. අරුන් හොල්මන් වී පැත්තකට උන් ඇත්තටම අහිංසකයින් නිසාය. උන් IRC චන්ඩීන් නොව යුනිකෝඩ් අයියලා විතරය.

එතනින් පැත්තකට විසිවූ උන් කළේ ආයෙත් බුකියෙන් ලයිව් දෙන එකය. නමුත් වැඩේ දුරදිග යන බව තේරුම් ගත් මඩ බලකාය හා සිරස, ලයිව් බ්‍රෝඩ්කාස්ටින් සියල්ල නවතා දමා පැන ගියේය.

ඇත්තටම මේ පරම්පරාව, මේ රට මෙවන් මිලේච්ඡ ක්‍රියාවලින් දශක ගනනාවක් ලේ මත පරිප්පු කෑ බව දන්නේ නැතිය. අප ඔවුන්ට අනුකම්පා කළ යුතුය. අඩු ගානේ මේ රටේ අති දරුණු ත්‍රස්තවාදී යුද්ධයක් තිබූ බවවත් මුන් දන්නේ නැතිය.

අමු ඩොන්කියකු වන සජිත්, රාජිත හා පාඨලී හැර, අනෙක් දේශපාලකයින් සියල්ලෝම, මෙවන් නායකත්වයක් සැලැස්මක් නැති, පුහු විරෝධතා තබා රට නැවත ගිනි තැබීම් වලට ගොස් ආන්ඩු විරෝධි උද්ඝෝෂණ හෑල්ලූ කරන්න එපා යැයි කීවේ ඒ නිසාය.

ඒ පිරිස අතර, මින් පෙර රට ගිනි තැබූ ජනතා විමුක්ති පෙරමුණද සිටීම අප අගය කළ යුතුය.

මාතලන්ට සිතෙනාකාරයට මේ ගේම් අස්සේ සජිත්ට කෙලීමේ ගේමක්ද යනවාය. එජාපයේ මැර කණ්ඩායම් දැන් ඉන්නේ සජබයේය. යම් කිසි ආකාරයකින් රට ගිනි තබා, කඩ සාප්පු කොල්ල කා රට නැවත අරාජික කළ හොත්, ලෝකයෙන් බ්ලැක් ලිස්ට් වෙන්නේ රාජිත හෝ පාඨලි නොව සජිත් ප්‍රේමදාසය.

සජබ ඇතුලේ සජිත්ට එදිරිව යන ගේමද සක්සෙස් වූ පසු, රාජිත එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම බාගන්නේය. ඒ එයාගේ පුතාගේ අනාගතය වෙනුවෙන් මිස, පාඨලී රජ කිරීමටයි කියා පාඨලි සිතන්නේ නම්, පාඨලීත් හරි පව් කියා අපට කියන්නට වෙනවාය.

පපරේ විප්ලවයේදී චේ ගුවේරා කැප් එකක් දමා, වෙඩින් සූට් අන්දා, පෙරහරෙන් වැඩැම්මෙව්වේ නිකමට නෙමේය.

මිරිහානේ ගිනි තියාපු උන් සොයා ගන්නා එක ආන්ඩුවේ හා බුද්ධි අංශවල වැඩක් හා වගකීමය. නැත්නම් මුන් ඊළඟට පෙරලන්නේ ලොක්කාගේ තාප්පයය.

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැතිය.

ප්‍රජාචන්ච්‍රවාදයද ඒ කැටගරියට අයත් බව මහින්ද අයියාගෙන් හෝ අසා දැනගැනීම සව්භාගේ දැක්මට හොඳය..

මෙහෙම උන්නොත් සව් භාගේ නොව හත්මුතු පරම්පරාවටම කැඳත් නැතිවෙන බව උන්නැහේ කියනවා නොඅනුමානය.


ඒ වගත් මෙසේය.....


24 comments:

  1. Agree with you 100% Maathalan,

    But government officials also need to find out solutions ASAP to solve this issues & current crisis. Then they could teach these buggars a good lesson. SLPP either not innocent as well, they could be even worse if cornered to be honest. Gota is patient so far but once he lost his temper, it would lead to another menace isn't it? I hope no disasters to mother lanka from thousands of kilometres apart.

    By the way I have a massage to the president.

    Dear Gotabaya pls Listen, Except Mahinda, get rid of all other Rajapakshes & their relations from all Government positions.

    Replace the Finance Minister immediately & bring in a competent person with sufficient knowledge.

    Get rid of Gamini Lokuge & appoint a competent person immediately.

    Get rid of Cabraall immediately & appoint a competent person immediately.

    That would help a lot in this kinda chaos situation, afterwards need to build up proper planning and controlling the economy first. The rest is minor impotence at the outset.

    ReplyDelete
    Replies
    1. Mate you have good ideas. But none of those are practical.
      The best and the only thing H.E. should do now is bring ඥාණාක්කා to the Presidential secretariat so he can get the proper advice 24-7.

      Delete
    2. ඔබේ අදහස් සමග එකඟයි ඒත් මට හිතෙනවා හදවත් රෝගියෙක් වන ජනාධිපතිතුමා මෙහෙම හිතනවා ඇති කියලා. "මම අවංකව මේ රට හදන්න හිතුවා. ඒත් මට වැරදුණා. අද මුළුරටම මට එරෙහි වෙලා." එක අතකට පවු කියලා හිතෙනවා නේද?

      Delete
  2. ගුතලන් පොන්නයාගේ ෆේස්බුක් එකවුන්ට් ඔක්කොම රිපෝර්ට් කරා.

    කාලකන්නියා උබ එල්ලිලා මැරියන් නන්දසේනත් එක්කම.

    ReplyDelete
  3. මෙහෙමයි වැඩේ මාතේ අපේ රටේ මිනිස්සු හැගීම්බර වැඩියි.. ඕනම දේකදි හිත් උනු වෙනවා.. කරදරයකදී හැමෝම එකතු වෙනවා.. අපි කොච්චර පොර ටෝක් දුන්නත් දේශපාලනය කරන මිනිස්සු දන්නවා අපේ රටේ ජාතිය ඉක්මනින් රවට්ටන්න පුලුවන් බව.. ඒකට උබලා අපි නොහිතන කැම්පේන් යනවා හැම පැත්තකින්ම... උදාහරණයක් විදිහට මේ සමගි ජන බලවේගයේ නායකත්වය සමග සිරස කරන්නෙත් එක්තරා කැම්පේන් එකක් .. පහුගිය කාලේ දෙරණ හිරු එකතු වෙලා රාජපක්ෂ කල්ලිය බලයට ගේන්න කටයුතු කළා වගේ දැන් දිලිත් ලා රේනෝ ලා උන්ගෙ ටාගට් ඇචීව් කරගෙන ඊළඟට තව මොකෙක් හරි පොල් බූරුවෙක් බලයට ගෙනත් උන්ගේ ඊළඟ ටාගට් ඇචීව් කරන්න ප්ලෑන් කරලා තියෙන බව පේනවා. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ව හැම පක්ශෙකින්ම කලේ රවට්ටලා දාලා උන් උන්ගෙ පරම්පරාවල් ගොඩ දාපු එක.. අපි කොච්චර කොහොම කිව්වත් අපි ඉස්සරහටත් මේ කාලකන්නි දේශපාලකයොන්ට රැවටෙනවා බන් ..ඒකයි ඇත්ත ��

    ReplyDelete
  4. මම හිතන්නේ රාජ්‍යයක් විසින් ප්‍රතිපත්ති හා සැලසුම් පමණක් කළ යුතු අතර මහජන අරමුදල් මඟින් නඩත්තු කරන ආයතනයන් සුදුසු පරිදි ප්‍රතිව්‍යුහගත කර ඉන් ඉවත් වනතෙක් රටක් වශයෙන් සංවර්ධන විය නොහැකි බව පසුගිය අත්දැකීම් අනුව ඕනෑම අයෙකුට පැහැදිලි විය යුතු බවයි. තමන්ගේ සුඛවිහරණය පමණක් සිතන තාක් සංවර්ධන රටක් සිහිනයක් පමණයි. ආකල්ප වල වෙනසක් ඇති කිරීමට කාලයයි. මේක ඊට හොඳම අවස්ථාවක් නැතුව මේ වගේ බාල බොළඳ සිඟිති වැඩ නිසා කීපදෙනෙක්ම මරුමුවට පත් වීමට ඉඩ තියෙනවා සෑහෙන්න දුරට, විශේෂයෙන් අප්රේල් තුන මොකක්ද මන්දා විගඩමක් ගැන හා හූවක් යනවා නේද? දන්න අය ඉන්නවා නම් මගැරලා ඉන්න කියන්න මාතලන්, ආණ්ඩුවට ෆේස්බුක් එකේ බනින්න පුළුවන් නේ තාමත් ඒක බ්ලොක් කරොත් එතකොට ඒ වෙලාවේ වෙන විකල්පයක් දිහා බලන්න පුළුවන් වෙයි. ඔය බුකියේ ඉන්න සමහර උනුත් ගේම් කාරයෝ විතරයි.

    ReplyDelete
  5. ඒත් මාතලන් අරගලයකින් විසදන්න පුලුවන් ප්‍රශ්නයක් ද මේක? දැන් කට්ටිය බලන්නේ මෙයාලව එපා කරලා එයාලා බලයට එන්න ක්‍රමයක් විතරයි, නැතුව මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දී මට නෙවෙයි, නමුත් අනිත් කට්ටිය ඇවිත් මොනවද තියෙන විසදුම....?

    ඒ නිසා විසදුමක් නැතුව අරගල කිරීමෙන් තේරුමක්නෑ, නැවතත් 80 ගනන්වල වගේ ජනතාව කුපිත කරලා කොල්ලන් මරා දාන්නේ නැතුව මේකට සියලුම දෙනා එකතුවී විසදුමක් සොයමු... මොකද මමත් 80 ගනන්වල පාසල් කාලය පුරා ජවිපෙ පැත්තේ සිටගත් නිසා ඒ හැම දෙයක් ගැනම අවබෝධයක් තියෙනවා...

    ReplyDelete
  6. මේ ගැන පහුගිය පාස්කු අභිරහස සිදුවූ දවස් වල කියපු කතාවක් මතක් උනා;


    "තුවක්කු බැන්දේ කවුද කියලා දැන ගන්න නන් දඩයම කරේ තියං යන්නේ කවුද කියලා බලන්න"

    - අනුර කුමාර (ජවිපෙ) - සහ දැනට ටෙලිපෝන් කල්ලියට කඩේ යන වහල් මීහරක් රැල"

    ReplyDelete
  7. බැසිල් ගේම බළල් අත් වන මහසෝන්නු බොදු බලයන් හා ජෙප්පන් ඇතුලු Neo Nazi කල්ලි ජනතාව විසින් උද්ගතවී ඇති ප්‍රශ්න වලට විසදුම් ඉල්ලා ස්වාධීනව දක්වන විරෝධතා කඩාකප්පල් කරන්න යොදවාගෙන ඇත.
    ආණ්ඩුවේ මේ උගුල් වලට අහුවෙන්න එපා.

    ReplyDelete
  8. ඇත්තටම මාතෝ උඹ කියන කතාව ඇත්ත අනිවාර්යයෙන්ම... ඒත් පොදුවේ ගත්තාම ලංකාවේ ගොඩක් මිනිස්සු මේ වෙලාවේ දැඩි ආවේගශීලීව ඉන්නේ. ඒකයි මොළේ තියෙන මිනිස්සු පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නේ... මේ වෙලාවේ මිනිස්සුන්ට ඕන ආවේගය පිට කරන්න ක්‍රමයක්. ඔය උද්ඝෝෂණයෙන් වුනේ අඬන්න ඉන්න හිටපු කෙනාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක්. මොළේ පාවිච්චි නොකර හැඟීම්වලට වහල් වුණොත් අපිට තව අවුරුදු 30-40ක යුද්ධයක් කරගන්න නැත්නම් කවදාවත් ගොඩ එන්න බැරි අගාධයකට වැටෙන්න පුළුවන්, උත්තර නැති විෂම චක්‍රයක හිර වෙලා ඉන්න අවුල් සහගත තත්වයන් හදාගන්න පුළුවන්. විරෝධතා අත්‍යාවශ්‍යයි, ඒකේ ගැටලුවක් නෑ ඒත් කෝලාහල අනවශ්‍යයි. ඒක හැම කෙනෙක්ම තදින් හිතට ගන්න ඕන මේ වෙලාවේ, පාස්කු කේස් එක වෙලාවේ කාදිනල් කළා වගේ මිනිස්සු සන්සුන් කරන්න පුළුවන් කෙනෙක් ලංකාවේ මේ වනවිට පේන්න නෑ නේද?

    ReplyDelete
  9. දැනට ඉන්දියාවේ ණය ක්‍රමය හරහා ඩොලර් මිලියන 400 ක තෙල් සහ තවත් ඩොලර් බිලියන එකක ආහාර බෙහෙත් වර්ග ආදිය ලැබෙන නිසාම අප්රේල් පහ හය වන විට තත්ත්වය තාවකාලික වශයෙන් පාලනය කරගන්න පුළුවන් වෙයි ඒත් එක මාසයක් විතරයි. ඒ නිසා මේ අප්රේල් මාසය ඇතුලත ලොකු ගේම් එකක් ගහන්න වෙනවා, මොකද 2022 වසර තුල ඩොලර් බිලියන හතක පමණ විදේශ ණය ගෙවන්න ඕන. තව බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ණය ඊළඟ වසර මුලදී වගේ විශාල වශයෙන් ගෙවන්න වෙනවා 2022 මුලදී ගත් ණය. ඒ නිසා මේ මාසය තුල අනිවාර්යයෙන්ම අයි එම් එෆ් එකට යාමත් ඒකේ වැඩ පිළිවෙළක් මොන ජාතියෙන් හරි ක්‍රියාත්මක කරන්න ඕන. කොහොම හරි කමක් නෑ රට විසාලා නුවර වෙන්න ඉස්සර වෙලා මොනවා හරි තීරණයක් ගත්තොත් හොදයි. දැනටමත් ලේට්.

    ReplyDelete
  10. https://transyl2014.blogspot.com/2022/04/blog-post.html

    ReplyDelete
  11. හැම දේකටම එක එක පැති ගොඩක් ඇත
    පුරවැසි ඉවසීම කොනකට පැමිණ ඇත
    නිකං බලා හිටියොත් කෙළවිලම යත
    එනිසා දනෝ මහ පාරට බසිති මිත!

    ReplyDelete
    Replies
    1. නිදී

      පාරට බැහැලා උන් දැන් කරයි පම්කක්
      මේක විසඳන්නේ උන් කරලා ද මොකක්

      Delete
    2. විසඳන නියාවක් තවමත් පෙනෙන්නැත
      බොරු නින්දෙන් මුන් ඇහැරෙන්නෙත් නොමැත
      විසඳන බලය ජනතාවගෙ අතේ නැත
      විසඳනු කියා බලපෑමක් කෙරෙනු ඇත

      Delete
  12. මෙහෙමයි මාතා,

    //මිරිහානේ ගිනි තියාපු උන් සොයා ගන්නා එක ආන්ඩුවේ හා බුද්ධි අංශවල වැඩක් හා වගකීමය.//
    මෙය සිදුකලේ අන්ඩුවනම් වගකිවයුතු කිසිවෙක් අත්අඩංගුවට නොගනු ඇති.

    ReplyDelete
    Replies
    1. @ !!ලංකා සිතුවිලි!!

      මම හිතන්නේ ඕකත් පාස්කු නාට්‍ය වගේ තමයි වැරදි කාරයෙක් නැතුව යට යාවී. මේකේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ විදුලි සැපයුම පැත්තෙන්, පැය දහයක් දහ තුනක් පවර් නැතුව මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? හවස පහ හමාරට ගෙදර ආවම රෑ දොළහ වෙනකම් පවර් නෑ, පොඩි එකෙක් ට තේ එකක් වත් හදල දෙන්න විදිහක් නැහැ. එතකොට මළ පනින එක සාධාරණයි ඒත් ඒකට පිළිතුරු මොනවාද? මම නම් ගෙදරට සෝලාර් ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් සිස්ටම් එකක් ඒ කාලේම ගහ ගත්තේ ගෑස් කේස් එක නිසා දැං මට අවශ්‍ය විදුලි බල ශක්තිය සහ ඉවුම් පිහුම් කටයුතු සියල්ල ඉර මාමගේ කරුණාව මත සොලාර් ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් සිස්ටම් එකෙන් තමයි.

      නැවත ලංකාවේ විදුලි අර්බුදය ගැන කතා කරනවා නම් ඇත්තටම කොහොම උනත් සාම්පූර් බලාගාරයේ නැතුව පසුගිය වසර වල දිගටම අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දුන්නා. ඒත් මේ වසරේ නොහැකිව ඇත්තේ,

      1. විදුලිබල ඉල්ලුම අධික ලෙස වැඩි වීම නිසාද?

      2. නියඟයක් පැමිණ ජල විදුලි නිපදවන ජලාශ වලින් පානීය ජලය සහ කෘෂිකර්ම කටයුතු සඳහා ජලය විශාල වශයෙන් ගැනීම නිසාද?

      3. ජනපති නියමයෙන් පහුගිය කාලෙ ඩීසල් වෙනුවට සීමාවක් නැතුව තිබුණ ජල ව්දුලිය භාවිත කල නිසාද?

      4. ඩිසල් ගෙන්වාගැනීමට dollar නැති නිසාද?

      5. ඉහත 3 සහ 4 නිසාද?

      මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      කොහොම උනත් ලංකාවෙ බූරුවන්ට තාම තේරෙන්නෙ නෑ මේක විදුලියෙ බෙදා හැරීමේ රජයේ පරිපාලන ප්‍රශ්නයක් නෙමේ විදේශ සංචිත ප්‍රශ්නයක් කියල.

      දේශපාලුවන්ට වඩා මෝඩ හැත්තක් social media වල රට හදන්න උපදෙස් දෙන්නෙ, ඉතිං කොහෙ රට ගොඩගන්නද?

      අනෙක් පැත්තෙන් ලංකාවේ මේ කෙහෙල් මල් උද්ඝෝෂණ ව්‍යාපාර ගැන ජාත්‍යන්තර මාධ්‍ය වලින් ලොකු ප්‍රචාරයක් දෙමින් තියෙනවා මේ දවස් වල, ලංකාවේ විදේශ විනිමය හිඟය පහුගිය කාලේ සන්චාරක ව්යාපාරයෙන් ශේප් වෙන්න හිටියනම් මේ ගොන් පාට් නිසා ඒකත් ටික ටික ඉවරයි. මූණත් එක්ක තරහට නහය කපා ගන්නවා කියන්නේ මේකට තමයි.

      Delete
  13. වේගයෙන් බටහිරකරණය වෙන රටක තලේබාන් නීති ගෙනාවට වැඩක් නෑ බන් තලං, මිනිස්සුන්ගෙ මානසික සුවතාව ගොඩනගන වැඩපිලිවෙලක් හදන්න ඕන ලන්කාවෙ හැම තුන්දෙනෙක්ගෙන්ම එකෙකුට මානසික රෝගී තත්වයක් තියෙන ගානට බරපතලයි දේශපාලකයො වගෙම ආගමික පූජකයොත් මේ මනසික සන්ස්කෘතික බිද වැටීමට වග කියන්න ඕන දේශපාලන ඇජෙන්ඩා වලට වොයිස් කට් දිදී ඉන්නව ඇර ආධ්‍යාත්මික දියුනුවට මොනවද කරන්නෙ?

    ReplyDelete
  14. ලංකාවට ඇවිත් ගෑස් තොගයක් ගොඩ බෑම සඳහා රැගෙන විත් තිබූ ගෑස් සහිත නෞකාවක් මුදල් ගෙවා නිදහස් කර ගැනීම නොහැකි වීම මත ආපසු හරවා යවා තිබේ.
    ගෑස් මෙට්‍රික් ටොන් 5500 ක් වන මෙය ගෙන්වා ඇත්තේ ලාෆ් ගෑස් සමාගම විසින් බවත් ලාෆ්ස් සමාගමේ සභාපති වෑගපිටිය සඳහන් කරන්නේ රාජ්‍ය බැංකුවකින් මෙම නෞකාව සඳහා අවශ්‍ය ණයවර ලිපියට ඩොලර් නිකුත් නොකිරීම නිසා එම නෞකාව භාර ගැනීමට නොහැකි වූ බව.

    ඔවුන් කියන්නේ මෙම නෞකාව භාරගැනීමට ඩොලර් මිලියන 5 කට අඩු මුදලක් අවශ්‍ය වී තිබු බවත් ඒ සඳහා රාජ්‍ය බැංකුව අවසර ලබාදුන්නේ නැති බවත් මෙම තත්ත්වය මත අලුත් අවුරුදු සමයේ දී ලාෆ් ගෑස් සැපයීම සිදු කිරීමට නොහැකි බවත්.

    මේ වගේ ප්‍රශ්න විසඳීමට ලංකාවේ අපනයන කරුවන්ගේ සංගම් මැදිහත් වී සහය දිය නොහැකි ද? ලංකාවේ අපනයන කරුවන් දිගටම එක මාසේකට ඩොලර් බිලියන එකක් ඉක්මවා අපනයන කරනවා. තෙල් වලට මාසිකව ඩොලර් මිලියන 400 ක් විතර, බලාගාර තාප විදුලි ඉන්ධන වලට තව ඩොලර් මිලියන 100 ක් විතර සහ ගෑස් වලට තවත් ඩොලර් මිලියන 100ක් විතර මාසේකට ඕන. පෝර වලටත් තවත් 100ක් විතර දාමු තේ පොල් රබර් සහ කුළු බඩු සුළු අපනයන භෝග වලට. එතකොට අඩුම තරමින් මේ 700 හොයා ගන්න බැරිද?

    මීට අමතරව සංචාරක ව්‍යාපාරය 2022 මුල් මාස දෙකේ ඩොලර් මිලියන 600 ක් විතර හොයල දීල තියෙනවා කියලා මහ බැංකුවේ වාර්තාවේ සඳහන් වෙනවා. එතකොට තොරතුරු තාක්ෂණ අංශයේ අපනයන ආදායම් වැඩි කරන්න බැරිද?

    @ ලංකා සිතුවිලි,

    මචන් ලංකා ඔයා අයි ටී කාරයා නිසා මේක ගැන හිතන්නේ මොකද? මේකට සොලූෂන් ඕනේ මොළේ තියෙන මිනිස්සුන්ගෙන්.

    ලංකාවේ ඉන්නේ පිස්සෝ රැලක්නේ, හැම මගුලටම පාරට බැහැලා බනින්න විතරයි දන්නේ, මේකට විරුද්ධව පාරට බැහැලා කෑ ගහන්න කලින් මේ ප්‍රශ්න විසඳන්න නම් හොඳ පැහැදිලි හරි හමන් සැලසුම් ක්‍රියාත්මක කරන්න දෙයක් යෝජනා කරන්න ඕන. ඊට පස්සෙ ඒක කරපියව් කියලා රජයට බල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර කරාට කමක් නෑ නමුත් එහෙම මුකුත් නැතුව මේ වගේ උඩ පනින එකෙන් ඇති වැඩේ මොකක්ද?

    ReplyDelete
  15. මාතා උඹ කාලයක් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන බව පුන පුනා ප්‍රකාශ කළා ඒ නිසා ආයෙත් පාරක් ඒ ගැන හිතන්න පුළුවන්, කවුරුහරි හිතනවනම් ජනතාව අතරින් නායකයෙක් බිහිවෙලා මේ රටේ ජනාධිපති වෙලා මේ රට පාලනය කරයි කියලා නිකං ගොන් මෝඩ හීන මවන්න එපා.

    ලබන පාර අමු මැටි බූරුවෙක් වන මෝඩ පුතානෝ සජිත් දිනන එක නවත්තන්න ඕන නම් ජාතික ජන බලවේගයට අනිවාර්යෙන් ඡන්දෙ දෙන්න. එහෙම නැත්තං ලබන පාර අනිවාරයෙන් පොල් බූරුවෙක් වෙන ගොන් සජිත් ජනාධිපති ඕක වෙනස් වෙන්නේ නැහැ. ඌ ඇවිත් රට නැත්තටම නැති කරලා දායි.

    ඒ නිසා මම කියුවේ ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙන්න කියන හේතුව දන්නෙ නැත්තං ඒක පොඩ්ඩක් හොයල බලන්න ඒ පක්ෂය ගැන ඒ පක්ෂ ඉන්නෙ කවුද ,මොනවද කරන්නේ, පුළුවන්නම් හොඳට හොයලා බලන්න.

    දේශපාලනය ගැන a to z දන්න ඒ වගේ මිනිස්සු ටිකක් අත ඇරලා දාලා වෙන දේවල් පස්සේ ගියොත් තවත් අමාරුවෙ තමයි වැටෙන්නේ.

    ReplyDelete
  16. ඔයා මොනවා කියූවත් මාතලන් අපට ඔය හැමෝගෙම කැරැටටූව මතකයි ඒ නිසා ඔය කොයි පක්ෂයක් බලයට ගෙනාවත් එකයි උන් කරපු ඒවා නිසා මුන්ට රට කරන්න බෑ මුන් කරපු ඒවා නිසා උන්ට රට කරන්න බෑ ����

    මේ පක්ෂය රට කරන්න ආවොත් අනිත් පක්ෂවල උන් මේ පක්ෂයකට වැඩකරන්න දෙන්නෑ ඒ පක්ෂයක් රට කරන් ආවොත් මේ පක්ෂවල උන් මුන්ට වැඩ කරන්න දෙන්නෑ ����

    දැනට ඔය ප්‍රශ්න ඔක්කොම plan කරන්නේ රාජිතලා එක පැතකින් and JVP and SJB ��������

    අනික් පැතකින් කවදාවත් මේ රට ගොඩ ගන්න මුන් එකෙක්ටවත් බෑ������

    ඒ නිසා අවසන් නිගමනය කිසිම මිනිහෙක්ටවත් මේ රට ගොඩගනන් මුන් දෙන්නෙත් නෑ උන්ට කරන්නත් බෑ ����������

    කට්ටිය දත කට මැදගෙන බලන් ඉන්නකෝ අනිත් පක්ෂයක් හරි මේ පක්ෂය හරි රට හදල දෙයි කියලා ��������

    ලංකාව හදන්න නම් තියෙන ජන්ද ක්‍රමය අහෝසි කරන්නම වෙනවා��‍����‍����‍�� ඒ කරලා වෙනස් ක්‍රමයක් හදුන්වා දෙන්න වෙයි

    නැත්තම් සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිලා ස්වෙච්ඡා සේවකයින් කරන්න ඕනේ��������

    ReplyDelete
  17. වැඩ කරන VPN එකක් කියපියව්කො

    ReplyDelete
  18. උබල වැඩිය දන්නෙ නැති දෙයක් කියන්නද? මේ අද තියන අර්බුදය පටන් ගත්තෙ 2002 වගේ. ඒ වෙනකම්ම මොන අවුල් තිබ්බත් ලංකාවෙ සිවිල් පරිපාලනය ස්වාධීනව, යම් ප්‍රසාධිත මට්ටමක තිබ්බ. රනිල්ගෙ මොන තරම් අවුල් තිබ්බත් මිනිහා සිවිල් පාලනයට ඇගිලි ගැහුවෙ නෑ. ඒවගේම මිනිහාගෙ කාලෙ ඔය රජයට බදවාගැනීම් බිංදුවයි. මිනිහගෙ කාලෙ රාජ්ය සේවය හොදට තිබ්බ වෙන මොක නැතත්. ඊට පස්සෙ ආපු ආණ්ඩුව ආපු ගමන්ම උපාදි ධාරීන් 40,000 ක් බදව ගත්ත රජේට. ඔය 40,000 ආවෙ පුද්ගලික අංශෙන්. ඒක පාර පුහුනු සේවකයො 40,000ක් නැතිඋනාම ඒ සෙක්ටර් එකට වෙන දේ කියන්න ඕනෙ නෑනෙ. අනික මේ ආපු සෙට් එක ආවෙ අයිස් ගහන්න. ඒක ඒ අයගෙ කටිනම කිව්ව. පුද්ගලික අංශෙ වැඩ වැඩියි රජේට ආවම තමගෙ දෙයකුත් කරගෙන පඩියත් අරන් ඉන්න පුලුවන් කියන මාන්සිකත්වය ගොඩක් අයට තිබ්බෙ. සමහරක් අය වැඩ කරන අය ඉන්න ඇති. ඒත් බහුතරය ඔහොමයි. හොදම දේ මේ 40,000ම දේශපාලන පත්වීම්. ඇමති මන්ත්‍රී ලියුම් වලට තමා මේ පත්වීම් හම්බුනේ. ඉතින් අහන්න දෙයක් නෑනෙ. අද තියන ගොඩක් ප්‍රශ්නවලට මුල මේ රාජ්ය සේවය කඩා වැටීම. ඒ වෙනකම් දේශපාලනයෙන් ඇගිලි ගහන එක අවම උන රාජ්ය සේවය දේශපාලකයන්ගේ කෙලිමඩලක් උනා. රටට හිතවාදී ස්වාදීන තීරණ ගත්ත රජයේ සේවකයා වෙනුවට යර්ස් සර් කියල දේශපාලකයගේ කකුල ලෙවකන රාජ්ය සේවයක් බිහි උනා. කොටින්ම උසස්වීම අරගෙන උඩටම යන්න දක්ෂතාවය වෙනුවට මුට්ටි ඇල්ලීම අනිවාර්ය උනා. මම කියන්නෙ නෑ ඒක කලින් තිබ්බෙ නෑ කියල. හැබැයි 2002න් පස්සෙ ඒක අනිවාර්ය උනා, තහවුරු උනා.

    අද මේ අර්බුදය ඇති වෙන්න මූලික හේතුවක් වෙන්නෙ, මේ මුට්ටි අල්ලපු දෙශපාලකයන්ගෙ කකුල් ලෙවකාපු 2002 දේශපාලන පත්වීම් ගත්ත කට්ටිය තම අද මුල් පුටු වල ඉන්නෙ. ඉතින් රට මෙහෙමවත් තියන එක පුදුමයි නේද? ඒ වෙනකම් දේශපාලකයා මොන පිස්සු කෙලියත් රට හරි මාර්ගයට ගන්න මේ ස්වාදීන රාජ්ය සේවකයා අප්‍රසිද්ධ මෙහෙයක් කලා. 2002න් පස්සෙ උන ඒ වෙනස ඒ ස්වාදීන රාජ්ය සේවකයව පන්නල දේශ්පාලකයට පුලුවන්තරම් ගසා කන්න පුලුවන් ඒකට උදව් කරන අපතයො ඉස්සරහට ආපු සාපෙ තමා අපි මේ ගෙවන්නෙ.

    වැදගත්ම දේ මේ 2002 රජයේ ප්‍රබලම තැනක හිටියේ අද මේ අර්බුදයට කෑ ගහන ජේවීපී එක. ඒ රජයේ ඇමතිකම් පවා තිබ්බ මගේ මතකය නිවැරදිනම්. ලාල් කාන්ත කර්මාන්ත ඇමති වගේ මතකයි. ඉතින් මේ අර්බුදයේ ප්‍රදාන කොටස් කාරයො වෙන රාජපක්ශලට වගේම ජේවීපී සහ ඔය අනිත් පැත්තෙ ඉදන් කෑ ගහන ගොඩ්ක් කට්ටිය ඒ රජයේ ප්‍රබල ඇමතිවරු. ඒ කියන්නෙ මේ අර්බුදයේ කොටස් කාරයො. ඉතින් පුදුම වෙන්න එපා එයාල නැතුව උද්ගෝශනේ කර්න්න එපා කියල අර්බුද වෙන පැතිවලට හරවන එක ගැන. අන්තිමට ඉතින් ඔය ඔක්කොම යාලුවො තමා මල්ලි.

    ReplyDelete
  19. පුලුවන්නම් පිටරට ඉන්න උන් උන්ඩියෙල් හවාල නැතුව හරි විදියට සල්ලි එවන රැල්ලක් හදපල්ලා. ඒක තමා උන්ට රට වෙනුවෙන් කරන්න පුලුවන් හොදම යුතුකම. රාජපක්ශල, කුඩු මුදලාලිලා පහුගිය කාලෙ හොදට තමන්ගෙ හොර සල්ලි සුදු කරගත්තා. උඹල හිතන්නෙ මේ වගේ තත්වයක් වෙනව කියල නොදැන එයාල හිටිය කියලද. නෑ පුතී, එයාල අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. එයාල දැන් ඇති වෙන්න හම්බ කරගෙන ඉන්නෙ. ඒ කලු සල්ලි ටික සුදු කරගන්න තමා මේ තත්වෙ ඇති කලේ. ඊට පස්සෙ පුලුවන් උන්ට රට පනින්න. පහු ගිය මාස දෙකට විතරක් බිලියන ගානක් සල්ලි සුද්ද කරගෙන තියනවා. උන්ඩියෙල්,හවාලා දානව කියන්නෙම රාජපක්ශලට, ලන්සලට, දුමින්දලට, වෙලේ සුදාට රත්තරං බන්දේසියක තියල දෙනවා හා සමානයි. ඒක හින්ද ඔය ගමන්ම රැල්ලක් හදපල්ල කීය කීය හරි පුලු පුලුවන් විදියට පිටරට ඉන්න අයට හරි පාරෙන් එවන්න කියල. සල්ලි දාල රිසිට් එක ෆේස්බුක් එකේ පෝස්ට් කරන්න, 'මම මගේ යුතුකම ඉටු කලා කියල'.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න