.

.

Apr 30, 2022

පසුගිය සතියේ දේශපාලනය

 


මහින්ද මහත්තයා අගමැති කමින් එලවිය යුතුය කියා හිටපු කැබිනට් ඇමතියකුගෙන් ජරාව කෑ පසුපෙල අපතයන් පස් දෙනා දැන් කියන්නේ පෝට්ටුව විපක්ෂයට යන්න ඕන නෑ කියලාය.

ඕකුන්ට හිටපු කැබිනට් ඇමතියා දුන්න ගානට වඩා ගානක් දුන්නාම ආයෙත් මේ පැත්තේය.

මහින්ද මහත්තයා මොකා කිව්වත් අගමැති කමෙන් යන්නේ නෑ කියා අවසානය.

ඝෝඨා  ජනපති කමෙන් යන්නේ නෑ කීවේ ඊට පෙරය.

ඒ කියන්නේ මේ ආන්ඩුව හා අගමැති එලවන්න නම් අනිවාර්‍යයෙන් විවිශ්වාසභංගයකුත්,
ජනාධිපති ගෝ හෝම් කරන්න දෝෂාභියෝගයකුත් ගෙන ආ යුතුය.

මහානායක හිමිවරුන්ගේ අත්සන හොරට ගැසූ ඕමල්පේ සෝභිත පාදිලියා දැන් මහින්දට කෙලීමට සංඝ ආඥාවක් ගේනවා යැයි කියයි.

සංඝ ආඥා ව්‍යවස්ථාවට අදාලදැයි නීතීඥ සංගමය හෝ නීතීඥ සංගමයේ සභාපති රටට කිව යුතුය.

ඕමල්පේ දැන් සජිත්ට කොක්ක අදිමින් සිටී. ඒ සර්වපාක්ෂික ආන්ඩුවකට හෝ අන්තර්කාලීන පාලනයකට එන්නේ නැතෙයි කියලාය. ඕමල්පේ පිටුපසින් ඉන්නේ පාඨලී හා 43 සේනාංකයය. පාඨලි පා ගමනේ නැත. කොයි වෙලේ හෝ පිටුපසින් සිට බෲටස් ගේ වැඩේ කරනවාය.

සජිත් ගේන කිසිම දේකට විමල් අස්සන් කරන්නේ නැතයි ඌ කියනවාය.

විමල්ලා සිරිසේනලා ගේනා කිසිම දේකට සජිට් අත්සන් කරන්නේ නැතයි කියා සජිත් කියනවාය.

මහින්ද කියන්නේ එයාට 117 ක් ඉන්නවාය කියලාය.

ඊයේ ඝෝඨා හා සාකච්ඡාවට ගිහින් සිරිසේනයා කෙලියේ අමු පචයක් බව වාසිදේව මොහොතකින් හෙලි කළේය.

එම රැස්වීමේදී පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතු බවට ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ ගෙවිඳු කුමාරතුංග සරමත් සමඟ එලියට පැමිණ තිබෙන්නේ බොහෝ අමාරුවෙනි. 

ඇත්තටම මුන්ට බැනලා වැඩක් නැත්තේ, මුන් ජාතික ලයිස්තුවෙන් අරගෙන දැන් බටරුත් නැතිව අරින්න දීලාත් බලාගෙන ඉන්නා උන් ඔහේ ඉන්නා නිසාය.

ඒ අස්සේ ටික්ටොක්ගමේ රවුමක් ගසා වනසන්නාගේ ගංජා සුරුට්ටුවක් ගසා පුප චූන් වූ නිර්මාල් රංජිත් දේවසිරි කියන්නේ එයා ජනතා මන්ත්‍රන සභාවක් හදනවා කියලාය.

ටික්ටොක්ගමේ උන් කියන්නේ පැන්ෂන් ගිය මයිනන්ගේ හා මයිනියන්ගේ බයිලා උන්ට වැඩක් නැතෙයිය අපි කියන දේ තමා හරි කියලාය.

දැන් ගමේ උන්, උන්නුන් මරා ගන්නවාය.

එතන ඉන්න බුද්ධිමත් තරුණ ප්‍රජාවගේ හඬට ඇහුන්කන් දිය යුතුයි කී සැටලයිට් නෝනාගේ අප්පුච්චා හෙවත් සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයේ නිර්මාතෘ බන්ඩාරනායක ශ්‍රීමතානන්ගේ ඇස් දෙක කළු රෙදි කඩකින් වසා දැම්මේය.

දැන් සැටලයිට් නෝනාගේ ඉතරක් නොව රනිල් සුනේත්‍රා පාක්‍යසෝතී ප්‍රභූ සැට්ටේකම ඉහ මොළ රත් වී ඇතුවාට සැක නැතිය.

මුන් බන්ඩාට කල දේ හෙට වන විට රට වටේ ඇති පිළිම සියල්ලටම කරනවාය. ඒ එයාලා බුද්ධිමත් වෙනස් ජෙනරේෂන් එකක් නිසාය.

උන්ට අබ මල් රේණුවක හානියක් නොකරන බවට ජනාධිපතිතුමා සියල්ලන්ටම උපදෙස් දී අවසානය.

පුලුවන්නම් ඕකත් ටුවරිසම් ඇට්ට්‍රෑක්සොන් එකක් කර අම්මට සිරි ලංකාවේ හා රාජපක්ෂලාගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ලොවට ප්‍රදර්ශනය කළ යුතුය.

ආර්ථික අර්බුදයට විසදුම් සොයා අවසානය.
ඉන්දියාව හා මිත්‍ර රටවලින් ආධාර ගලා ඒ.

දැන් ඇත්තේ දේශපාලන අර්බුධයට පිළිතුරු සෙවීමය.

ඒ වෙනුවෙන් ලබන 4 වනදා පාර්ලිමේන්තුවේ වෙන්නේ කුමක්දැයි කියා දේශපාලනය දන්නා උන් ඇස් ඇරගෙන බලා සිටිනවාය...

27 comments:

  1. සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධානු සාසනං

    සියලු දෙනාටම යහපතක්ම වේවා.

    ReplyDelete
  2. ඔතන තව දෙයක් තියෙනවා මාතේ, ඇත්තටම මහජන චීනය සමග ඉතා සමීප රාජ්‍යතන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කල බණ්ඩාරනායක ලොක්කා බටහිර රාජ්‍යයන් සැලකුවේ සතුරෙකු ලෙස.

    ඔහුගේ ඝාතනයට සෘජුවම බටහිර තානාපති කාර්යාල දෙකක් සම්බන්ධ වුණ අතර මේ බණ්ඩාරනායක පිලිරුවට හානි කීරීමට දරණ උත්සාහයක පිටුපස සිටින්නේද එම බටහිර තානාපති කාර්යාල බව පේනවා නේද?

    ReplyDelete
  3. රාජපක්ෂලා මෙන්ම බන්ඩාරනායකලාද මෙරට ජනතාව බෙදා වෙන්කර පාලනයකල අමන පාලකයන්ම වේ (සීරිමා බන්ඩාරනායක මැතිනිය හැර) ඇත්ත බන්ඩාරනාය්කලා රාජපක්සහලා මෙන් හොරා කෑවේ නැති නමුත් ඒ හා සමානව හෝ ඊට වැඩි විනාශයක් ලාංකීය ජාතියට සිදුකලේය. මුලින්ම 1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාදා සිංහල ජාතිය දෙකට බෙදුවේය. ඉන් පසු සිංහල පමණයි වැනි පනත් ගෙන සිංහල ජාතියත් දෙමල ජාතියත් බේදා තිස් අවුරුදු යුද්ධයට මූල බීජ දැමුවේය. බණ්ඩාරනායක යනු රාජපක්ෂලා මෙන්ම අප ලාංකීය ජාතියේ අවාසනාවට බිහිවූ කාලකන්නි අමන පාලකවන්ම වේ. ඔවුන් අප ජාතිය බෙදා කොටවා එමගින් තම පාලනය කරගෙන යයි. මේ කාලකන්නි අපත දේශපාලනයට විරුද්ධව දේශප්‍රේමීන් නැගී සිටින දිනය වැඩි ඈතක නොවේ. මගේ මවුබිම දිනේවා!

    ReplyDelete
  4. අයිසේ ගූතලන්, මේ දවස් වල ගොටාගෝ ගමේත් මෛනා ගෝ ගමෙත් ආතල් එකේ කූඩාරම් ගහගෙන එම ටෙන්ට්ස් ඇතුළට වෙලා රෑට රෑට අරගලයට ආපු කෙල්ලන්ට ටෝක් කරලා කූඩාරමට ඇදලා ඒක ඇතුලේ කෙල්ලන් සමග තුන් යහළු වික්‍රම (ත්‍රී සම්), සිවු යහළු ආතල් (ෆෝර්සම්), ඕර්ගි ආදී වශයෙන් විවිධ වර්ගයේ අනාචාරයේ හැසිරෙන්න බැරි උනේ මේ බණ්ඩාරනායක කියන ගොන් යකා බලාගෙන හිටපු නිසා කියලා මුන් විශ්වාස කරනවා. ඇස් බැඳලා දැම්මාම ඒ ප්‍රශ්නයත් හරි නේ. මට හිතෙන හැටියට ඒකමයි මෙතන වෙලා තියෙන්නෙ නේද?

    ReplyDelete
  5. මෙහෙමයි වැඩේ මාතේ මං හිතන්නෙ අය්එම්එෆ් ගිය අය දැන් නං ලොකු ප්‍රෙස් එකක් තියන්න වෙයි අපි ඉන්න තැන ගැන කියලා.. එතකොට පක්ෂ විපක්ෂ ගොඩක් අයගෙ කතා වෙනස් වෙයි කියල හිතනවා.

    මං හිතන්නෙ අර අපි පොඩි කාලෙ ගොව්යො විසි තිස් ගානක් විඩෙන් විඩේ වහ බිලා මැරුන කාලෙ ඒ පවුල් තිබ්බ තැන තමය් අද අපි රටක් විදියට ඉන්නෙ..

    ජපානෙට න්‍යෂ්ටික බෝම්බ ගැහුවෙ මිනිස්සුන්ගෙ වැරැද්දකින් නෙවෙය් පාලකයා ගත්ත තිරනේට ලැබුන ප්‍රතිපලයත් විදියට. එත් එතන ඉදනුත් එයාල නැගිට්ට නං පාලකයා නිලදාරිය කරපු වැරද්දක් නිසා මෙහෙම වෙච්ච අපිටත් නැගිටින්න පුලුවන්.

    අර එක තැනක කියනව වගෙ අන්තිමට මහ බැංකු අදිපතිත් දේශද්‍රෝහියෙක් කරලා, සබ්රිත් මරාගෙන මැ රෙන බෝ ම්බ කාරයට කරන්න බැරි වෙච්ච ඉතුරු ටික කරන්න ආව කෙනෙක් කරවලා, මුලු රටම මුහුදෙ ගිල්ලවලා තමයි මේක කෙලවර වෙන්නෙ..

    මෙ තියෙන්නෙ උදව්කරන වෙලාව එකතු වෙන වෙලාව.. නැත්තං මෙ විනාසෙ කරපු අයම එයි ඕක තමා අපි කිව්වෙ අපිව නැතුව බැ කියලා ගාගෙන. මේ වෙලාවේ රටක් වශයෙන් හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. @ Anonymous 6.31,

      ඔබ කියන දේ වල් වල ඇත්තක් තියෙනවා තමයි ඒ වගේම මම හිතන්නේ ස්මාට් ආයෝජකයෙකුට ලංකාවෙන් ඉගෙනගන්න තියෙන පාඩම තමයි ආයෝජන සම්බන්ධයෙන් සියලු දිගු කාලින ආයෝජන නිෂ්පාදන ආර්ථිකයකට ඇති දායකත්වය මත පදනම් විය යුතු බව... සේවා අංශය ඒ තරමටම ස්ටේබල් නෑ නේද?

      Delete
  6. ලංකාවේ මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නෙ මහ බැංකුවට නීත්‍යානුකුල විදියට පිටරටින් ඩොලර් නොඑවා හවාලා නැත්නම් උණ්ඩියල් කියන වචනවත් අහල තිබුනේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස පහුගිය කාලේ ඩොලර් පාලනය කරන්න ගිය නිසා.. දැන් මිනිසුන්ට රස වැටිලා... දැන් ඈත් කරන්න අමාරුයි....නමුත් හවාලා/ උණ්ඩියල් ක්‍රම පිළිබඳ අභ්‍යන්තර කතාව සමහරු හිතනවටත් වඩා අසුන්දරයි භයානකයි විනාශකාරියි.

    උණ්ඩියල් උණ්ඩියල් කිව්වට සමහරු මේ ගැන විස්තර දන්නේ නැහැ .නොදන්නා අයට දැනගන්න පලකෙරෙන පහත සටහන ඒ ගැනයි.

    මොකද්ද උණ්ඩියල් සහ හවාලා කියන්නෙ? කෙටියෙන්ම කිව්වොත් මුදල් විශුද්ධිකරන‍ය වෙන ක්‍රම දෙකක්. මේක ඔබ අතරින් බහුතරයක් කරනවා ඇති. මේක කියෙව්වොත් ඔබට තේරෙයි ඔබ කල ඇති පව් දුරදිග නොබලා.

    උණ්ඩියල්, හවාලා වෙන්නෙ මෙහෙමයි.
    අපි හිතමු ඩුබායි ඉන්න අමරට ලංකාවෙ එයාගෙ නෝන සාමා ට සල්ලි එවන්න ඔන කියල. අමර හම්බ කරන්නෙ පිරිසිදු සල්ලි දාඩිය මහන්සියෙන්. අපි හිතමු එයාට ලංකාවෙ බැංකුවකින් දෙන්නෙ ඩොලර් එකට රු.200යි කියල. ඒ ගාණට වඩා උණ්ඩියල් මුදලාලි දෙනවා. අපි හිතමු 250/- ක් කියල. උණ්ඩියල් මුදලාලිලා හැම රටේම වගේ දැන් ඉන්නවා. අමර යනවා උණ්.මුදාලාලි ළගට.එයා දෙනවා ඩොලර් 100ක්. දැන් උණ්. මුදලාලි කතා කරනවා ලංකාවෙ ඉන්න එයාගෙ නියෝජිතයාට.අපි හිතමු එයාගෙ නම "වෙලේ සුදා" කියලා. දැන් ඩොලර් 100×250 =25000ක් සාමාට දෙන්න කියල ඩුබායි වල ඉන්න උණ්ඩියල් මුදාලාලි සුදාට කියන්වා. සුදා සාමාගෙ ගිණුමට ඒ ගාන දානවා. සාමා සතුටුයි. අමරට සතුටුයි බැංකුවට වඩා වැඩි ගාණක් ලැබුනා.එයාල දැන් සීන් එකෙන් අයින් වෙනවා.

    දැන් උණ්ඩියල් මුදලාලි සුදාට 25000ක් ණයයි. දැන් උණ්ඩියල් මුදලාලි මේ සල්ලි දෙනවා ඩුබායි වල ඉන්න තව කෙනෙකුට තමුන්ගෙ කමිශන් එක තියාගෙන.අපි හිතමු එයාගෙ නම මාකදුරේ මධූෂ් කියල. දැන් මධූෂ් ළග සුදාගෙ සල්ලි 25000/ ට කිට්ටු ගාණක් තියෙනවා උණ්ඩියල් කමිශන් අයින් කරාම. දැන් ඉතින් මාකදුරේ මධූෂ් විසින් ඒ සල්ලි වලට වෙලේ සුදාට එවන්නෙ මොනාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..

    මෙන්න මේක තමයි ජාත්‍යන්තර නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කරුවන් තම මුදල් ගණුදෙනු කිරීම සදහා underground banking එහෙමත් නැතිනම් කිසිදු රෙකෝඩ් එකකට අහු නොවී බෑන්කින්ග් කිරීමට හදා ගත් ක්‍රමවේදය. මේ විදියට ගණුදෙනු වෙන්නෙ මත් කුඩු සල්ලි විතරක් නෙවෙයි. ත්‍රස්තවාදී මුදල්, Human trafficking හෙවත් මිනිස් ජාවරම් වලින් එන මුදල්, ගණිකා වෘත්තීයට කාන්තාවන් , දැරිවියන් විකිණීමෙන් එන මුදල් , මිනිස් අවයව ජාවාරමෙන් එන මුදල්. නොයෙක් ආකාරයෙන් නීති විරෝධී ජාවාරම් වලට මුදල් ගණුදෙනු සදහා හොද තෝතැන්නක් තමයි මේ උණ්ඩියල් සහ හවාලා ක්‍රම කියන්නෙ.

    ඉතිං බැංකු පද්ධතියෙන් සාධාරණ අගයක් අපගේ ඩොලරයට ගෙවනවානම් අපි ඇයි මේ වගේ ජාවාරම් කිරීමට අපේ සල්ලි දෙන්නේ.හිතන්න එපා ඔබට ඒ පාපයෙන් ගැලවෙන්න පුලුවන් කියා..
    කොටින්ම උණ්ඩියල් ,හවාලා ගණුදෙනු තියෙන තාක්කල් ඔබේත් මගේත් රටට කුඩු එන එක නවත්වන්න බෑ. සහරාන්ලට බෝම්බ හදන්න සල්ලි එන එක නවත්තන්න බෑ.ISIS ව්‍යාප්ත වීම නවත්ත්වන්න බෑ. පුංචි ගෑණු ළමයි ගණිකා සේවයට විකිණීම නවත්වන්න බෑ.
    ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරන පිරිසිදු සල්ලි වල තැවරෙන්නෙ මොනාද? ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා...-

    -පින්සර

    මගේ සත දෙක;

    මෙතන කියවෙන්නම ඕන නමුත් නොකියවුන දේ තමයි මේ ක්‍රමයට ඔබ "යවන" එක ඩොලර් එකක් වත් ලංකාවට යන්නෙ නැති බව. ඒ වෙනුවට වෙන්නේ ලංකාවේ දැනටමත් රුපියල් වලින් තියෙන වෙලේ සුදාගේ කළු සල්ලි සුදු වෙලා ඔබේ පවුලට ලැබිලා රට ඇතුලෙම කැරකෙන එක.

    ඔබ දාඩිය මහන්සියෙන් හම්බු කරන ඩොලර් ඔය රටේම තියෙන මාකඳුරේ මධුෂ්ගේ විදෙස් ගිණුමේ තැන්පත් වෙනවා. වෙනත් වචන වලින් කියනව නම් ලංකාවේ හොරු කියල ඔබ එලවන්න හදන දේශපාලකයන් ඇතුළු අපරාධ කාරයන්ට එයාලගෙ කළු සල්ලිත් සුදු කරගෙන ඒවත් අරන් රට පනින්න ඔබ උදව් කරනවා. ඒවා කරගන්න ඔබ කරන උදව්ව වෙනුවෙන් ඔබට ලැබෙන කොමිස් මුදල තමයි මහබැංකු අනුපාතයට වැඩියෙන් මේ ජාවාරම් කාරයෝ ඔබට ගෙවන අමතර මුදල.

    මෙහෙම කරොත් ගෑස් තෙල් තියා පිට රට වල තියෙන pharmaceutical companies වලට ගෙවල අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්නන්න වත් ලංකාව ඇතුලේ ඩොලර් නැති වෙනවා. ඒ කියන්නේ ඔබ මේ ක්‍රම වලින් ලංකාවේ ඉන්න ඔබේ පවුල රුපියල් වලින් පොහොසත් කලාට ඔවුන්ට ලංකාවේ හදන්නෙ නැති සියලු දේ අහිමි කරනවා!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. උන්ඩියල් මෙලෝ දෙයක් දන්නේ නැති අසරන්යෙක්ගේ අදෝනාව

      Delete
    3. උන්ඩියල් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අසරන්යෙක්ගේ අදෝනාව

      Delete
    4. Ano 6.45,

      සාමාන්‍යයෙන් පිටරටක ඉන්න ලංකාවේ මිනිස්සු සතු විදේශ මුදල් හවාලා/ උන්ඩියල් යවන්නේ ආරක්ෂාවට නෙවි. Under invoicing වලට, tax evasion වලට, money laundering වලට, financial terrorism වලට. කවුරුත් මොන රටකවත් රට ජාතිය නගා හිටුවන්න, නායකයෝ හොරා කනවට උන්ඩියල් කරන්නැ. ඒක මොන 100% පිවිතුරු කිරිම කිරි සුදු ආණ්ඩුවක් තිබ්බත් නොවිය යුතු දේවල්. ටිකක් ගූගල් කරලා හරි බලනනකෝ!

      ටිකක් තව හෙවුවා නම් උන්ඩියල් නිසා වැටුන (සල්ලි ටික උන්ඩියල් කරලා. පොරොන්දු වෙච්ච පාර්ශව එක්කෝ ජාත්‍යන්තර පොලිසියෙන් අල්ලලා, නැත්න්ම් මාෆියා වගේ තමා වෙඩි කාලා මැරිලා, නැත්නම් ඒ කල්ලියෙන් අනිත් කල්ලියට මාරු වෙලා....etc. etc. ඔය වගේ හේතු කියලා උන්ඩියල් කරපු සල්ලි නොදී මාරු වෙලා අමාරුවේ වැටුන මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයෝ ගැන විස්තර ඕනතරම් දැකලා තියෙනවා, හොයලා බලන්නකෝ.

      Delete
    5. @ AnonymousApril 30, 2022 at 6:45 AM

      මේ කාරණාව ගැන ලංකාවේ ඉන්න සහ එලියෙ ඉන්න බොහෝ දැන උගත් අය පවා කියවන බහුබූත දැක්කම මට මේක ගැන කෙටියෙන් ලියන්න හිතුන කී පොයින්ටෙක ෆෝකස් කරල.

      මෙහෙමයි වැඩේ, ලංකාවේ ඉන්න දූෂිතයින් විවිධ අනර්ථකාරී ක්‍රම වලින් උපයන සල්ලි, එතකොට තව ජාවාරම් කාරයො කුඩු බිස්නස් කාරයො මුන් ඔක්කොම රුපියල් උපයනව. දැන් මේ රුපියල් වලින් රටේ ලොකු ගණුදෙණුවක් කලොත් ඒක අහු වෙනව. අනික ඉතින් ලන්කාවෙ ඔය සල්ලි වලට කරන්න ලොකු සීන් නෑනෙ. ඔය හේතුව නිසා මුන් මේ සල්ලි රටින් එලියට යවන්න තමයි වෙහෙසෙන්නෙ. එසේම කුඩු වලට ගෙවන්න වෙනව ලොකු ගණන්. ඒවටත් සල්ලි ලන්කාවෙන් එලියට යවන්න ඕනෙ.

      මෙව්වට රුපියල් යවන්න බෑනෙ. බලු බල්ලෙක් ලන්කාවෙන් පිටදි ඒක ගණන් ගන්නෙ නෑ. ඒ නිසා එයාලට මේ රුපියල් දීල වෙනත් කරන්සියක් ගන්න අවශ්‍යයි ඩොලර් යුආන් යුරෝ යෙන් පවුම් ඩිරාම් වගෙ හොද කරන්සියක්.

      ප්‍රශ්නෙ මේකයි, මෙයාල බැන්කුවට ගිහින් සල්ලි දීල ඔය ෆොරෙක්ස් කරන්සි වලින් සල්ලි ඉල්ලුවොත් එතකොට එයාලගෙ හොරකම අහුවෙනව. මෙයාලට ඕනෙ සිස්ටම් එකට අහු නොවී ගණුදෙණුව කරන්න.

      ඔය අතරෙම ලන්කාවෙන් එලියෙ ඉන්නවනෙ ලොකු පිරිසක් ලන්කාවට සල්ලි එවන. ඒ මිනිස්සු වසරකට ඩො බි 7-10 අතර මුදලක් ලන්කාවට එවනව. ඒ අය අතේ තියෙන්නෙ දිරාම් දිනාර් රියාල් ඩොලර් වොන් යුරෝ යෙන් පවුම් ටකා යුආන් වගෙ සල්ලි.

      ඔය හේතුව නිසාම අන්න එතන බිස්නස් එකක් හැදෙනව, අර පෙර කිව්ව වන්චනිකයන්ගෙ රුපියල් අරගෙන ඒවයින් රට ඉන්න අයගෙ ගෙවල් වලට සල්ලි දීල රට ඉන්න අයගෙ රට සල්ලි ඒ රටවලින්ම කලෙක්ට් කරන් ඒව යවන්න අර කටියට ඕනෙ කරන පැනමා පැන්ඩෝරා ආදී කතාවල හෙලි වූ ඕෆ් ශෝ සමාගම් ස්විස් බැන්කු ගිනුම් හෝ එහෙමත් නැතිනම් කුඩු වගෙ එව්ව වල මිලදී ගැනීම් සදහා. එතකොට ෆොරෙක්ස් කරන්සි ලන්කාවට එන්නෙවත් නෑ. ලංකාවේ අයථා ලෙස ඉපැයු රුපියල් ගැන සිස්ටම් එක දැන ගන්නෙත් නෑ.

      වැඩේ කෙරෙන්නනම් කැච් එකක් තියෙන්න ඕනෙනේ. ඒක තියෙන්න ඕනෙ පිටරටවලින් සල්ලි ලන්කාවට එවන්න ඉන්න අයට. මොකද නෝමල් බැංකු වලින් එලියට අරන් පොළඹවා ගන්න ඕනෙනෙ මේකට හවුල් වෙන්න. ඒ නිසා මොකද කරන්නෙ එයාලට ඒ රටවල මුදල් වලට වැඩියෙන් රුපියල් දෙනව.

      ඔය උණ්ඩියල් හවාලා ආදියෙ ක්‍රියාකාරිත්වයේදී ඕකයි මූලික කතාව.

      අනේ ඉතින් ලන්කාවෙ වංන්චනිකයන් දූෂිතයන් මට්ටු කරන්න කියල හරිපාරෙ නැතුව උණ්ඩියල් වලින් සල්ලි එවන මිනිස්සුම තමයි එයාලගෙ වන්චනිකව ඉපැයු මුදල් ට්‍රාන්ස්ෆර් කර දෙන්නෙ එයාලට ඕනෙ තැන් වලට/ හෝ කුඩු තොග වලට සල්ලි ගෙවන්නෙ.

      දැන් මේ වෙලාවෙ කතාවක් යනව "දූශිතයන් වන්චනිකයන් ඉන්නකම් හරි පාරෙන් සල්ලි එවන්න එපා. දිගටම උණ්ඩියල් කරපල්ල" කියල. මේ කතාව හදන්න ඇත්තෙම ඔය රාජපක්ෂ කල්ලියේ බැසිල් කබරරාල ඇතුළු දූශිතයන් වන්චනිකයන් ම වෙන්න පුලුවන්. මොකද මේ වෙලාවෙ මහ බැන්කුව ඔය මගුල දැඩි ලෙස පාලනය කරගන්න ඩෙස්පරෙට් උත්සාහයක් ගන්න නිසා උන්ට මොකක් හෝ විදියක් ඕනෙ තමන්ගෙ වැඩේ කරගන්න. මේ වගෙ කතාවක් පැතිරවීමත් එක විදියක්.

      පේනව නේද හොඳටම ඇන්දිලා ඉන්නෙ කට්ටිය ගානට. ඇන්දිලි මොන වගේද කියන්නෙ - මේක අහන්න ලැබුණු කතාවක්. ඉතාලියෙ කිසියම් තැනක තියේලු උණ්ඩියල් වගෙ ක්‍රමේකට ලන්කාවට මුදල් යවන තැනක්. එතන කෙනෙකුට ඔනෙනම් "හරි පාරෙන්" ලන්කාව එවන්නත් පහසුකම් සපයනවලු යුරෝ එකට රු 5 ක් අඩුවෙන්. අනේ ඉතින් අපේ මිනිස්සු එතනට ගිහින් රට වෙනුවෙන් කියල "හරි පාරෙන්" එවනවලු රු 5 ත් පාඩු කරන්. ඔබ හිතනවද ඒව එන්නෙ හරි පාරෙ කියල. හොරු කෝමද හරි පාරක එවන්නෙ. ඒවත් එන්නෙ හොර පාරෙම තමයි උන්ගෙ අනිත් සල්ලි වගේම. උන් අහිංසක මිනිස්සුන්ගේ ඇස් වහල තවත් රුපියල් පහක් කඩා ගන්නව. නොදකින්.

      ඒ වගේම අමතක කරන්න එපා හිටපු මුදල් අමාත්‍ය අතිගරු බැසිල් රාජපක්ශ කපුටාස් උතුමාණන් ඔය කියන බ්ලැක් මාකට් සල්ලි එවන එක ගැන පහුගිය කාලෙ බෝම ප්‍රශංශාවෙන් කතා කළ බව. ටිකක් "කල්පනා කරල බලන්නකො"

      Delete
    6. Ano 1.04

      What you told is correct in most of the normal days, or in other words when the situation is normal. However during the last couple of months, since the government had limited the dollar supply for LC's for almost all imports, the Hawala system became mainstream source of foreign currency for general imports as well. But now the situation seems changeing rapidly, or back to normal as CBSL of Sri Lanka used to mandate LC's for all imports. By the way, before that those Hawala/ Undiyal used mostly for illicit drug businesses and illegal trade, trafficking etc. In that sense I had to agree that almost 90 - 95% those money has been used to illegal ventures.

      In current situation the difference between legal and illegal dollar rates becomes narrower and since we get very small benefit from Hawala in short term but in the long run it seems more detrimental than those minor benefits. Thus I used to prefer legal bank system from this mid April onwards instead of this illicit system.

      Delete
  7. ලංකාවේ ආණ්ඩුවට එරෙහිව අරගලය ඇතිවුණේ ඉතාමත්ම සාධාරණ හේතු නිසා බව මතකතියා ගනින් බන් මාතලං, ඒත් දැන් නම් ඒ අරගලය අරාජික තත්වයට පත්වීමට හේතු සාධක වෙලා තියෙන්නේ ඒකට එකතු වෙලා ලොකු පොරවල් වෙන්න හදපු සමහරක් ගෝතයින් නිසා, පෙළක් වෙලාවට හිතෙනවා දැනට අරගලයේ මුදුනේ ඉන්න බහුතරය ද කියලත්, පෝසත් දෙමවුපියන්ගෙ නූගත් මෝල් පුත්තු වෙලා ඉපදුනාම මෙලෝ වැඩක් රටට නොකර පිං බත් ගිල ගිල ඉන්න පිංගුත්තර කම යන්නත් එක්ක මේ වගේ ගොං ආතල් එකක් අරං ලපටි වීරයෙක් වෙන එකත් නරකම නෑ.

    ReplyDelete
  8. අඩෝ ළමාතං බොට මතක ඇති මීට කාලෙකට කලින් මම දේසපාලන පෝස්ට් එකකට ලංකාවේ පොලිටිකල් චෙස් මූව් ගැන කමෙන්ට් එකක් දාපු එක ගැන උඹ පැහැදී පොසිටිව් විදියට උත්තරයක් ලියලා තිබුණේ.

    මම ඒකෙදි කිව්වේ සජිත් පරදින්න බලාගෙන 2019 ජනාදිපතිවරනෙට ඉල්ලිය යුතු බවත් එවිට සජිත් විපක්ශ නායක වුන පාර්ලෙමේන්තුවෙ පොඩ්ඩක් එහායින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වාඩිවෙලා ඉදීවි කියල. ඒක ඉතින් හරි ගියපු නිසා පොඩි කික් එකටත් එක්ක අද දේසපාලන චෙස් බෝඩ් එක දිහා බලන්න හිතුන.

    අපි මුලින්ම බලමු මේකෙ ප්ලේයර්ස්ල. සජිත් , අනුර, මහින්ද, විමල්/සිරා, පොහොට්ටුවො තමයි මේකෙ ප්ලේයර්ස්ල.

    (ගෝට මේකෙ ප්ලේයර් කෙනෙක් නෙමෙයි. පොරට චෙස් ගේම් එක දිනන්න එදත් ඕන කමක් තිබ්බෙ නෑ අදත් නෑ)

    දැන් බෝඩ් එක දිහා බලාගෙන ඉඳපන්, ඕකෙදී ගෝට මහින්ද ආන්ඩුව ඉන්නෙ ජනප්‍රියත්වයේ ඉන්න පුළුවන් පහලම තැන. (මෙතනින් පල්ලෙහ තියෙන්නෙ බෝඩ් එකත් කුඩු වෙලා යන තැන විතරයි), කොටින්ම චෙක් මේට් වෙන්න ඔන්න මෙන්න.

    මේක චෙක් මේට් කරන්නනම් සජ්ජ, විමල්, සහ තව පොඩ්ඩක් පොහොට්ටු ටිකක් එකතු වෙලා 113 හදල මහින්ද ගෙදර යවන්න ඕන.

    ඒ උනාට දැන් බලමු චෙක් මේට් කරොත් සජිත්ට මොකද වෙන්නෙ කියල.

    එහෙම ගෙදර යවල එන ඕනම ආන්ඩුවක් ඊලඟ අවුරුදු දෙක පජාත වෙන්න කනව IMF කන්ඩිශන්ස් ඉම්ප්ලිමෙන්ට් කරන්න ගිහින්.

    රඅජ්‍ය සේවය අඩුකරල, බඩු මිල වැඩි කරල, සහනාධාර කපල , තියෙන දේවල් විකුණල ඒ දෙක කරාම ඊට පස්සෙ ඒ කරපු එකා පොලොන්නරුවෙනුත් එහා ගිහින් තමයි නතර වෙන්නෙ.

    ඉතින් එහෙම ලොස් වෙන අවුරුදු දෙකක් නම් ඉස්සරහට තියෙන්නෙ මොන බම්බුවකටද ඒකට කර ගහල සජ්ජ 2024 අත උඩ තියෙන ජනාදිපති කමයි අගමැති කමයි දෙකටම කෙලව ගන්නෙ?

    ආන්න ඒක නිසා සජ්ජට මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ සද්දෙ දාල චෙස් අදිනව වගේ පෙන්නල කැරම් අතක් ගහගෙන ඉන්න එක. ඒක තමයි පොර දැනට මේ කරන්නෙ.

    එතකොට විමල්ල මොකද කරන්නෙ?

    දැන් මේ වෙලාවෙ පොහොට්ටුව වැට්ටුවෙ නැත්නම් විමල්/සිරා සන්‍යෝගෙට සිරිලන්කා එක එක්ක ගහන සන්දානෙකට බලේ අඩු වෙනව. ඒක නිසා මේ වෙලාවෙ කෝම හරි ඒ ගේම ගහන්න විමල් ට්‍රයි කරනව.

    හැබැයි විමල්ට ඒක කරන්න සජ්ජත් ඕන පොහොට්ටුවෙන් තව ටිකකුත් ඕන. සජ්ජ කරන දේ කියපු නිසා ඉතුරු පොහොට්ටු කෑල්ල දිහා බලමු.

    ඊලඟට ඉන්න පොහොට්ටු කෑලි වලින් බහුතරේට ඊලඟ පාර දිනන්න බෑ.

    උන් දිගටම මේ පහ පාර්ලිමෙන්තුවෙ නොහිටියොත් උන්ට පැන්ශන් එකත් නෑ.

    ඒක නිසා උන් ආංඩුව පෙරලන් කෙලව ගන්න දත කන්නෙ නෑ.

    හැබැයි ඒවගේ කතා දාල ඔය විදුර වික්‍රමනායකය ගත්ත වගේ ඇමති කමක් අරගෙන කීයක් හරි හොයා ගන්න එක වාසී.

    ඊලඟට ඉන්නෙ පොහොට්ටුවෙ ඉන්න පැන්ශන් ප්‍රශ්න නැති ඩලස් වගේ අය.

    අගමැති කමට ගොඩාක් ආසාව තිබුනත් ඒක ආශීර්වාදෙන් තොරව රාජපක්ශට ඇරල ගත්තොත් අද තියෙන මොමෙන්ටම් එකේ රිවර්ස් එක වදිනව.

    අද සද්ද නැතිව ඉන්න රාජපක්ස කොටස එදා සිරිසේනට දුන්න පරිප්පුවම ඩලස්ටත් කන්න වෙනව. ඒක නිසා ඒ පාර්ත් එක ටිකක් රිස්කි.

    කොටින්ම ලන්කාවෙ දේසපාලන දාම් බෝඩ් එක වෙනස් වෙන්න යන්නෙ සතියයි දෙකයි.

    ලන්කාවෙ ඡන්ද දායකයා හැම තිස්සෙම වින්දිතයාගෙ පැත්ත ගන්නව. ඒක නිසා තමයි පරදින්න හිටපු චන්ද්‍රිකා 99දි බෝම්බෙ කාල දවස් තුනෙන් දින්නෙ.

    මහින්ද ආයෙ දිනන්නෙ නෑ. හැබැයි පිහිපාර ගහන එකාටත් යන එන මන් නැති වෙනව.

    ඒක නිසා විමල්/සිරා ගැන්ග් එකට තියෙන්නෙ පරද්දනවා කියන බය කිරිල්ල උපරිමෙන් කරල මහින්දට ඉබේ අතාරින්න සලස්සන එක.

    එතකොට මහින්ද මොකද කරන්නෙ.?

    පොරට මිනිහ වෙනුවෙන් මෙලෝ දෙයක් කරන්න 2015 පැරදුන වෙලාවෙ ඕනකමක් තිබ්බෙත් නෑ අදත් නෑ. දෙදාස් පහලවේදි උනෙත් මහින්ද පෙන්නල වෙන අය ගොඩ ගියපු එක.

    අද කරන්නෙත් මහින්ද ලව්ව බැරියර් එකක් හදා ගන්න එක.

    කොටින්ම අද මහින්ද කියන්නෙ හෙලවෙන මනසට. අද මහින්දට 113 ක් නෑ. ඒවගේම මහින්දට විරුද්ද වෙන්න 113 කුත් නෑ.
    ඉතිං පොර ඉන්නව.

    මෙතන චෙස් ඩීල් එකක් තියෙනවනම් හරි සරලව බැසිල් සජ්ජට කියනව උඹ සද්දෙ දදා හිටපන් ගන්න එපා.

    අපි මේ ඉතුරු දෙකේ කුණ අදින්නම්. 2024 අපිට ලැබෙන 40 න් මදිපාඩු උනොත් ඔයාට දහයක් දෙන්නම්.

    ඔයා ජනාදිපති වෙලා අගමැතිත් වෙන්න. 2029 දි අපි ආයෙ ගහ ගම්මු කියල.

    ජෙප්පො මේ වෙලාවෙ පෙරෙට්ටො එක්ක පොඩ්ඩක් කුට්ටිය බේරගන්න ට්‍රයි එක. උන් බැන බැනම ඉතුරු දෙක හිටියොත් උනුත් 10-15 ක් බස්සනව 2024 දි.

    මෝටිවේසන් අප්පොච්චි රැට්ට එක්ක ගම්පහින් ඉල්ලුවොත් උන්ටත් දෙකක් විතර පුළුවන් වෙයි සන්නා සජිත්ගේ පැත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගේමක් ගහයි.

    ගණන් හද හද ඉන්න ගම්මට සමහර විට යන එන මන් නැති වෙයි.

    මම හිතන්නේ මේවා තමයි විය හැකි මූව්ස්. මේව අදාල වෙන්නෙ ඉතිං බෝඩ් එක තියෙන කම් තමයි.
    බෝර්ඩ් එක පලල ලිපට දැම්මොත් ඉතිං මේ මූව්ස් අදාල නෑ. එතකොට ඒ වෙලාවේ තත්ත්වය ගැන වෙනමම සාකච්ඡා කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. Well done, nice political analysis though. I also thought similarly about dealing between Rajapakse rascals and so called Premadasa idiot. Those idiots will ruin the country interchangeably & no other real political leaders emerge from common people's spectrum so far. What to expect?

      Delete
    2. මේක මරු ඕයි මම හිතන්නේ ඕක තමයි යටින් යන ගේම් එක, බලාගෙන ඉන්න ඕන හරිම කල්පනාවෙන් ඔය යක්කු සේරම උඩින් බොරුවට වලි දාගත්තාට යටින් හරිම එකමුතු ගේම් කාරයෝ සෙට් එකක් විතරයි. සාමාන්‍ය ජනතාවට අබ සරණයි මුන්ගෙන් නම්...

      Delete
    3. අප්පට සිරි ..ඔයත් දැන් අනිත් පැත්තෙද.. ගෝටට ගොඩාරියක් දුක හිතෙයි...
      හැබැය් ඔයාට දුර දකින්න (අඩු ගානෙ මාස2ක් වත්) බෑ කියල එළිවුනා නේ..

      අපිත් මුන්ව ෆලෝ කරානෙ..

      Delete
  9. ඇයි බං රටේ විනාසෙට දේශපාළුවන් වගේම බොහෝමයක් රාජ්‍ය සේවකයින් වගකිව යුතුයි කියන එක අමතක නොකළ යුතුයි. ලංකාවේ රාජ්‍ය ආයතන වල ඉහළ සිට පහළටම ඇත්තේ හොරකම, විනාශය, කම්මැලිකම... එහෙව් අයත් ලැජ්ජා නැතිව දේශපාලකයන් විතරක් ඉලක්ක කරගෙන උද්ඝෝෂණය කරන හැටි... අපේ රටේ අයට උද්ඝෝෂණය කරන්න හේතුවක් අවශ්‍ය නැත. වැස්සත් උද්ඝෝෂණය, පෑව්වත් උද්ඝෝෂණය... රටේ කරුමෙකට කාලකණ්ණි දේශපාළුවන් රැළක් සමග එයටම ගැලපෙන සේවක සංගම් ලැබී ඇත. මේ රටේ අභාග්‍යය තමයි.

    ReplyDelete
  10. මාත, දැනට තියෙන අමාරු ආර්ථික දේශපාලනික අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවා ලංකාවේ පොදු ජනතාවට options දෙකක් තියනවා. පළවෙනි එක සමස්ත ලංකාවත් එක්කම ගිලිලා මැරෙනවද ද නැත්නම් ගොඩ එන්න දගලනවද කියලා.

    ලෝකයේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවානේ දරුණු කුණාටු තමයි දක්ෂතම නාවිකයන් බිහි කරන්නේ කියලා, ඒ වගේම තමයි ඔන්න දැන් දරුණුම (ආර්ථික දේශපාලනික සමාජීය සහ සෞඛ්‍ය සාධක මානුෂීය) කුණාටුව ලග ලගම එනවා. ඒ මදිවට කොච්චර යන්න කිවත් යන්නේ නැති බූවලු පවුලක්ම නැව අල්ලාගෙන ඉන්නවා. වෙන දේශපාලනික පක්ෂ වලත් ඊටත් අන්ත ජෝකර්ලා මිසක් පේන තෙක් මානයක හොඳ නායකත්වයක් දකින්න නෑනේ.

    හුරේ... හොඳම නාවිකයෙක් වෙන්න අපිට හොඳම අවස්ථාව ඇවිත්. 🤗

    අද ලංකාවේ ලොකුම කෝටිපතියෝ සෑහෙන ගානක් 80 ජුලි වැඩවර්ජනයෙන් රස්සා නැති උන අය.

    කොටින්ම අද ලෝකෙම පාලනය කරන අපි (Homo sapiens) මෙච්චර දුරක් එන්න ගමන පටන් ගත්තේ survive වෙන්න අමාරු අප්‍රිකාවට ආපු කටුක දේශගුණික තත්ත්වයක් නිසා.

    අවාසනාවකට මේ වගේ කුණාටු වලදී දෙවියන්ටම වැඩේ බර දීල නැත්නම් අඩ අඩ බැන බැන හිටිය අය ගිලිලා මැරුණා.

    ඉතින් මේ සැරෙත් මෙහෙමම තමයි. කව්රුහරි ඇවිත් අපිව බේරා ගනී කියල බලාගෙන ඉන්න එක මෝඩකමක්.

    අපි බැන්න, කේන්ති ගත්තා , දුක් උනා කියල කිසිම වෙනවසක් වෙන්නේ නැ. strong වෙලා අපහු අපිට කරන්න පුළුවන් දේවල් clear mind එකකින් හිතන්නම වෙනවා.

    අපිට මොනාද කරන්න පුළුවන්.

    1. $$$ වලින් අදායම් මාර්ග හදා ගන්න එක.

    මේකත් නිකන් බැ. fiverr, freelancing වගේ පටන් ගන්නවානම් skills හදා ගන්න ඕන තමන් දෙන්න බලාපොරොත්තු වෙන service එකේ. Adsense වගේ නම් English හදා ගන්න seo ඉගෙන ගන්න ඕන. මේවා කරන්න වෙන්නෙත් පට්ට challenges ගොඩක් මැද. Electricity කොච්චර වෙලාවක් තියෙයිද දන්නෙත් නැ ඉස්සරහට.

    2. migrate වෙන එක.

    ඉස්සරහට තව තවත් අමාරු වේවි. Skills හදාගන්න වේවි. IELTS වගේ දැන් හරි පටන් ගන්න වේවි. තව student visa වගේ දානවනම් ඒ ඒ universities වල scholarship හොයන්න. ඒවාට skills හද ගන්න.

    3. ඉතිරි කිරීම් සහ ආයෝජනයන්
    මුදලේ අගය අඩු වෙනවා කියල තියන තියන හැමදේම අරන් පුරවා ගන්නේ නැතිව හරි Investments ටිකකට යන්න පුළුවන් නම් වටිනවා. .
    Cyrpto USDT වගේ නැත්නම් අත්‍යවශය භාණ්ඩ හා සේවා දෙන්න පුළුවන් මොකක් හරි එකක.

    4. $ වලින් salaries නැත්නම් shares ගෙවන job/ part time job එකක් හොයා ගන්න එක.

    අපිත් අපේ කම්පැනි එක ගානෙ මෙහෙම program එකක් පටන් ගන්න ඉන්නවා අපේ next project එකත් එක්ක. හැබැයි අපි ඇතුළුව මේ වගේ part time jobs offer කරන අය එහෙම කරන්නේ අනේ මිනිස්සු පව් හරි අමාරුවෙන් ඉන්නේ කියල දුක හිතිලා නෙවේ. Business එකේම කොටසක් විදියට. ඉතින් ඒවටත් මහන්සි වෙන්නම වෙනවා.

    5. ඊළඟට විදේශ රටක කෙල්ලෙක්/ කොල්ලෙක් හොයාගෙන කසාද බැද ගන්න එක.

    ඇති යන්තම් ලිස්ට් එකේ ලේසි එකකුත් තියනවා කියලා හිතෙනවා නේද?.
    මේක නම් සිරා නෙවේ දැම්මේ. හැබැයි ඉතින් FB , instagram වගේ use කරලා මේක කරන්න අමාරු වැඩකුත් නෙවේ.

    ReplyDelete
  11. ඔය ගාලු මුවදොර අරගලය කරන්නන් සහ රාජපක්ෂ විරෝදින් මාතෙට අනුව කොටි ඩයස්පෝරාව වහබි වාදීන් කුරුසකරයින් සහ ජෙප්පන් ය
    මම කැමතියි ඔය අරගලය අලවෙලා යනවානම් ඩොලරය 400 ට නෙමෙයි 750 කට ගියත් මොකෝ

    ReplyDelete
  12. උන්ඩියල් ගැන වුවමනාවටත් වඩා උපකල්පනයන් කර ඇත
    ඉන් කිසි කෙනෙකු මුදල් ඔය කියන බැංකු නොවන ක්‍රම මගින් මුදල් ලංකාවට යැවූ අය නම් නොවේ
    අනිවාර්යෙන්ම රජයේ පුවත් පත් පමණක් බලන අය
    ඔය කියන විදිහට ඩොලර් මිලියන බිලියන ගණන් යවන අය මෙහෙ නැහැ ඩොලර් 100 200 500 වැඩිම වුනොත් 1000 ක් තමයි යවන්නේ
    අපිට අවදානම් ගැන කියන්න රජයේ සේවකයින්ට කිසිම අයිතියක් නැහැ පොඩි පුතයි චුටි දුවයි ගෑනියි තියල අපි මෙහෙ ඇවිත් ඉන්නේ ඔය කාවවත් හුරතල් කරන්න නෙමෙයි
    400 යේ ඩොලරය 300 ට බැංකු ගාස්තුත් ගෙවාගෙන යවන්න බයියන්ගේ නායකයට වගේ මෙහෙ ඉන්න අයට පිස්සු නැහැ
    හනික ඕක නිකන් පිස්සා ජනාධිපති වුනා වගේ වෙච්චි දෙයක් නෙමෙයි අවරුදු 10 15 20 කට වඩා වැඩි කාලයක් වෙනදේවල්
    ඕනෑතරම් සල්ලි යවල තියෙනවා බැංකු වලට වඩා කාර්යක්ෂමයි ලංකාවේ ගිණුම් අංකෙයි ගානයි විතරයි sms කරන්න ඕන සල්ලි අතේ
    හදිස්සියකට ඕන නම් සල්ලි පස්සේ දෙන්නම් කියලත් ගෙදරට සල්ලි යවන්න පුළුවන්
    දන්නේ නැති පිස්සු විකාර කියවන්නේ නැතිව ඉන්න ප්ලීස්

    ReplyDelete
  13. https://lakshmanillangakoon.blogspot.com/2022/04/blog-post_30.html

    ReplyDelete
  14. අනේ බන් මාතේ ජේ ආර් ලලිත් ඇතුලත්මුදලි වගේ කට්ටිය එහෙම රටට සැබවින්ම කරපු මෙහෙවර ඇරඹුනේ 1977 ඇතුලත්මුදලි වෙළඳ ඇමති ලෙස ළූණු මිරිස් වගේ ඇතුළු සියලුම දේ නිදහසේ ආනයනයට දොර විවෘත කිරීමෙන්. එතෙක් තිබූ ලාංකික කර්මාන්ත වලට කණකොකා හැඬුවා. 1977 මගෙ වයස 33ක්. විනාශය දැක තැවුනා.

    ලංකාවේ 1970-77 කාලේ ක්‍රියාත්මක කරපු දේවල් රටට හානියක් නොවන අයුරින් ටිකෙන් ටික වෙළඳ පොළ නිදහස් කරමින් ගොඩ දාගන්න පුළුවන් කම තිබුණා ඒත් එහෙම නොකර තිබුණ තකතීරු මෝඩ අදහස් නිසා රටේ ආර්ථිකය බිඳ වැටීම ක්සිදුවුණා
    ලංකාවේ හිටපු වෙළඳ ඇමතිවරු ගත්තාම ලලිත් තමයි වෙළෙඳ ඇමති ලෙස ලාංකික කෘෂිකර්මය සහ කර්මාන්ත විනාශ කීරීමේ පුරෝගාමියා. Open General Licence OGL යටතේ ඕනෑම දෙයක් ආනයනයට තහංචියෙන් තොර අවසර ලැබුණි. ළූණු මිරිස් වගේ දේවල් ආනයනය කර කෘෂිකර්මය විනාශයට මුල් පිරුවා,

    විශේෂයෙන් යාපනේ ගොවියාට මාර පහරක් වැදුනා. උතුරේ සහ නැගෙනහිර අරගලය ආරම්භ වීමට මූලික හේතුව වූයේ ඒකයි නැතුව භාෂා ප්‍රතිපත්තිය බොරුවට පුම්බලා උඩ යවපු එකක් ඇත්ත සිදුවීම වුණේ ඒ කාලේ උතුරේ ජනතාවට ඇතිවූ ආර්ථික අර්බුදය.

    ReplyDelete
  15. ලමාතන් සජිත් බැසිල්ගෙන් සල්ලි අරන් කියන්නෙ ඇත්ත නේද?

    ආණ්ඩුව පන්නලා දාලා ඒ වෙනුවට පත් කිරීමට සිදු වන සජිත් ප්‍රේමදාස රාජපක්ෂ සහ අනුර කුමාර රාජපක්ෂ වගේ ගෝත තකතීරු අමන ආත්මාර්ථකාමී ජඩයන් වෙනුවට අරගලය හරහා ලංකාවේ අලුත් දේශපාලන නායකයින් සොයා ගැනීම අත්‍යවශ්‍යයි ඒ වගේම අලුත් පක්ෂයක් පිහිටුවලා තව අවුරුදු දහයක් පමණ දිගු කාලයක් ගියත් කමක් නැහැ මොකද අමන මිනිස්සු පන්නවා හොඳ නායකයන් තෝරා රට මේ ප්‍රශ්න වලින් බේරාගැනීම සඳහා කටයුතු කළ යුතුයි නැතුව මේ වගේ අරගලය කිසිම විදිහකින් දියාරු වෙන්න නොදී රැක ගැනීමට ඕනේ, නැත්නම් අපි මෙච්චර මහන්සි වුණ එකෙනුත් ඇති වැඩේ මොකක්ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න