.

.

Jun 29, 2022

නිර්මාල් දේවසිරිලා වැනි අයට උරුම වූයේ ඉතිහාසයේ කුණු බක්කියයි.


සෑහෙන කාළයක් යනකන් මේ අර්බුධයෙන් ලේසියෙන් ගොඩ ඒමට නොහැකි නිසා, ජෙප්පන් දැන් කළ යුත්තේ, ඉම්පීරියල් මොනෑක් දේශපාලනය නොව අර්බුධය තුල බිහිවිය හැකි හිඟන පන්තියේ හිත සුව පිණිස වන දේශපාලනයකැයි කියා නිර්මාල් දේවසිරි ලියමින් කියමින් සිටිනවාය.

එයා ඉතරක් නොව එයාගේ දායක සභාවද, තියරිය පමණක් දන්නා ලංකාවේ ආර්ථික උස්තාද්ලත් කියන්නේ, රටට කෙලවූයේ, ජනතාව අධිපරිභෝජනවාදී රටාවකට හුරු වූ නිසාවෙන් බවත්, දැන් දේශීය සරළ ජීවිතයකට හුරුවිය යුතු බවත්‍ය. ඇත්තටම මොවුන් අධිපරිභෝජනවාදී ජීවන රටාව කියන්නේ මිනිසුන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගෙන ජීවත් වෙන එකටය.

එහෙත් ඇත්ත කතාව නම්, මේ රටට කෙළවූයේ නිර්මාල් මෙන් රටේ ආර්ථිකයට, ජාතික ආදායමට කිසිඳු දායකත්වයක් නොදක්වන, එහෙත් රජයේ ආදායමෙන් ජීවත් වූ රාජ්‍ය සේවකයින් හා විශේෂයෙන් වැටුප් වලට අමතරව, විශේෂ දීමනා, රට සවාරි, ශිෂ්‍යත්ව, බදු රහිත සුඛෝපභෝගී රථ මෙන්ම, රජයේ වාහන පවුලේ කටයුතු සඳහාත් භාවිතා කරනා රාජ්‍ය නිළධාරී මාෆියාව නිසා බව මොවුන් දැන උන්නත්, කිසිදා එය කියන්නේ නැතිය. 

රාජ්‍ය ආදායමෙන් 80% ක පමණ මුදලක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම ගෙවීමට වැය වන්නේ නම් ඒ රටට සම්මා සම්බුදු සරණමය.

අපේ රටේ 15% පමණ වන රාජ්‍ය සේවය ලෝකයේ විශාලම රාජ්‍ය සේවයකි. අද අපටත් ණය දෙන බංගලාදේශයේ එය 6% ක් පමණය.

හමුදාවේ රථ වාහන අවභාවිතා ගැන ලියූ නදීෂා චන්ද්‍රසේනට එලව එලවා ගහන්නේ මේ ඇත්ත ලියන නිසාමය. මෑතක මේ, මාතලන් යකා  එක බ්ලොක් වූයේ සිරසේ වැදි බණ දෙසනා විජේවර්ධන නැමැති බක පන්ඩිතයා ණය ප්‍රතිව්‍යූහගතකළ කිරීම පිලිබඳව දැන් කියනා බයිලා විවේචනය කළ නිසාවෙන්‍ය. ඒ නිසා මේ ලිපියෙන් පසු දායක සභාවල් විසින් රිපෝට් කර, මේ එකවුන්ට එක නැවත බ්ලොක් වීමේ වැඩි සම්භාවිතාවයක්ද තියෙන්නේය.

ඒ ගැන අප පුදුම විය යුතු නැත්තේ, වමේ උන්ගේ මෙන්ම, ජෙප්පන් පෙරට්ටන්ගේ තියරියද, මර්ධනය, තර්ජනය, ඔවුනට එරෙහි සියල්ලන් මෙලොවින්ම චුත කිරීම හා ඇවිලවීම නිසාය. නැවත වරක් රට අවුලුවන්න දත කන්නේ ඒ නිසාය.

නිර්මාල්ලා මොන බයිලා ගැහුවත්, දැන් ජීවත් වන හැම එකාටම ඕන නාමල්ලා යෝෂිතලා චිචිලා වෙන්නටය...

සිරිසේනගේ පුත් දහම්ලා අනුර කුමාරගේ පුත් කසුන්ලා, නාමල්ලා වෙන්න ගිහින් හත්පොලේ ගාගෙන නෝන්ඩි වෙන්නේ ඒ නිසාය. ඇත්තටම ලංකාවම ඉන්නේ රාජපක්ෂ ෆැන්ටසියේය. ඔවුන් කෙරේ ඇති වෛරයට හේතුවත් වෙන කිසිවක්ම නොව එයමය.

නිර්මාල්ට අවශ්‍ය නිර්මාල්ගේ දරුවොත් එහෙම කරන්නටය.. අනුරගෙ දරුවා, ලාල්ගේ දරුවා, විමල්ගේ දරුවා, සියල්ලෝම කැමති එවැනි ජීවිත ගතකිරීමටය.

අරගලය පෝට් සිටියටයි ෂැන්ග්‍රිලා එක මැද්දටයි එන්නෙත් එම නිසාය.. මේ දෙකම රාජපක්ෂලාගේ නිර්මාණයන්‍ය...එයාලා අර කූඩාරම් ඇතුලේ ඉඳන් අරගල කරන්නේ ෂැන්ග්‍රිලා එකේ ඉන්නටය... චූ කරන්නට හෝ වන් ගෝල්ෆේස් එකට යන්නටය... ගෝල්ෆේස් හා හෝ ගානා පොකුණත් ලාංකිය ජන සමාජයේ ෆැන්ටසියන්‍ය. 

නිර්මාල්ට ජෙප්පන්ට පෙරට්ටන්ට පමණක් නොව, ලංකාවේ සියලුම  දේශපාලුවන්ට හා රාජ්‍ය නිළධාරී පැලැන්තියේ සියල්ලන්ටම කෙලවුනේ ජනතාවගෙ මේ සිතුම් පැතුම් ආකල්ප හා ලැදියාවන් තේරුම් ගන්න බැරි වෙච්චි නිසාය... අවසානයේ අරගලයේ උන්ටත් ඔස්ට්‍රේලියානූ ක්‍රිකට් කණ්ඩායමට සුභ පතා කහ පාට විප්ලවය වැළඳගන්න වෙන්නේ ඒ නිසාය.

අද වතුකරයේ දරුවෝ, විශේෂයෙන් තරුණ කෙල්ලො, ජීන්ස් ගගලා කොළඹ ජොබ් කරන්නේ ඇයි කියා මුන්ට තේරෙන්නේ නැතිය.. අඩුම ගානේ උන්ගේ ඇති ධෛර්‍යය හා චින්තනය නිර්මාල්ලාට, නන්දලාල්ලාට තිබුනා නම්, රටට මෙහෙම වෙන්නේ නැතිය.

මෙයින් ප්‍රයෝජන ගැනීමට ව්‍යාපාරික ප්‍රජාව පෙල ගැසී උන්නද, නිර්මාල්ලට අවශ්‍ය වන්නේ සහනාධාර මත යැපෙන හිඟන මානසිකත්වයක් සහිත සුභසාධන රාජ්‍යයක් බිහි කොට එම රාජ්‍යයේ න්‍යායාචාර්‍යවරුන් වෙන්නටය.. ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ එතනය.

ඔවුන්ට අවශ්‍ය ජනතාවගේ දුක වේදනාව ගැටළු හා අර්බුධය විකුණාගෙන ජීවත් වීමටය. ඊට එක්වන ජෙප්පෝ පෙරට්ටෝ පමණක් නොව, සජිත් ප්‍රේමදාසලා, විමල් වීරවංශලා, දයාසිරිලා, සියත, සිරස, දෙරණ, හිරු හා ජඩමාධ්‍යවේදී හැත්තද කරන්නේ ඒ දේමය.

එහෙත් අවුරුදු හතක් සත් අවුරුදු සාපයෙන් ගතකල ජනතාව, වසරක් යාමටත් මත්තෙන් ලෝකය හා එක් කල ජේ ආර් මෙන්...

වැටිච්ච රට ගොඩ ගන්න බාර ගත්ත රනිල් වගේ මිනිස්සුත්...

අතින් කයිට් කරගෙන මේක හදන්න පුලුවන් කියන ධම්මික පෙරේරා වගේ ව්‍යාපාරිකයොත්  අභියෝගය බාරගෙන ඊට මුහුණු දීමට පැමිණිම ජනතාවගේ වාසනාවය.

රට ගොඩගැනීමට ඉදිරිපත් වන්නැයි කී වෙලේ පණ බයේ පැන ගිය ආසයි බයයි ඩොන්කිලා මෙන්ම, ප්‍රාදේශියක් තියා කුකුල් ගොවිපලක් හදලා ජනතාවට බිත්තරයක්කත් දී නැති, මාස 6 න් රට හදන්නට ඉල්ලන අන්දරේලා මෙන්ම,

නිර්මාල් වගේ න්‍යායාචාර්‍යවරුන්ට හැමදාම ඉන්නට වුනේ ඉතිහාසයේ කුණු කූඩේයේම පමණක් වීම අනාගත පරපුරේ වාසනාවය...


ඒ වගත් මෙසේය.....


.


25 comments:

  1. අවුරුදු 74ක් තිස්සෙ 50ක හොයලා සීයක කන ගමන් ණයට ගන්න 50නුත් 75% පාලකයොයි, නිලධාරීනුයි හොරා කාපු එකේ ප්‍රතිපලය තමා මේ දැන් ගෙවන්නෙ. ගෝඨගෙ මරි මෝඩ තීරණ ගින්න ඉක්මන් කළා. දැන් ඉතින් මොකා ගත්තත් මේක සුටුස් ගාල ගොඩ දැමිලිනම් බොරු. මාස 6න් කරන්නම්, අවුරුද්දෙන් කරන්නම් කියන ඔස්තාර්ලට වැටිලා ඉන්න වලේ දිග පළලවත් පේනවා කියලා මම හිතන්නෑ. උන්ට ඕනා මේකෙන් රට්ටම කෙළවලා බලය ගන්න විතරයි. දැන් මිනිස්සුන්ට දුක් විඳින්න වෙනවා, අලුත් ජීවතයක පුරුදු වෙන්න කිව්වම අරගලේ මෙහෙයවන අන්තරේ හැතිකරේ ට්‍රිගර් වෙලා කෑ ගහනවා. මොකා මොන බයිලා ගැහුවත් තව අවුරුදු ගානක් යනකම් මේකෙන් ගොඩ යාමක් නෑ, මිනිස්සු, පාලකයො, නිලධාරීන් කැපවීමෙන්, අවංකව වැඩ කළොත් අඩුම ගානෙ ඉදිරි පරම්පරාවටවත් හොඳ රටක් භාර දෙන්න පුළුවන් වෙයි. අලුත් විධිහට හිතන එක, නව නිර්මාණ බිහි කිරීම සහා ඒවා ප්‍රයෝජනයට ගැනීම, ජාත්‍යන්තර වෙළද පළට ගැලපෙන පරිදි රටේ අධ්‍යාපනය වෙනස් කිරීම, ෆොසිල ඉන්ධන මත යැපීම නතර කිරීම, නිෂ්පාදනය වැඩි කිරීම, විදේශ ආයෝජන වලට තියෙන භීතිකාව නැති කර ගැනීම, රාජ්‍ය වියදම් සීමා කිරීම, රාජ්‍ය‍ය ආදායම වැඩි කරගැනීම සහ ඒවා හොරා කෑම වැලැක්වීම, අල්ලස දූෂණය නැති කිරීම වගේ දේවල නොපමාව ක්‍රියාත්මක කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ හිත උණුවෙන්නෙ වෙඩරු වගේ කියලා දැන් ආයෙත් ඔප්පු වුනා. ලේ මිසෙරාබ්ල සංගීතමය චිත්‍රපටිය බලද්දී මට ඇඩිච්ච විදිහටම මේ බ්ලොග් එක දැකලා ඇඩුනා....

      අර කවුද කියන විදියට මම යකඩ හිතක් තියෙන ගැහැණියෙක් යැයි හිතන්න මාත් කැමති වුනත්, මගේ හිත උණුවෙන්නෙ වෙඩරු වගේ කියලා දැන් ආයෙත් ඔප්පු වුනා....

      විමසා බලන්න. ඇනෝ නැවතත් විවර කිරීමේ තීරණය ඔබේය. ඊට කැමති හෝ අකමැති වූ පමණින් විසඳුම වෙනස් වෙන්නේ නැත. වෙනස් වෙන්නේ ප්‍රතිඵලයයි. විසඳුමට කැමති වුවහොත් යහපත් ප්‍රතිඵලයන් ද අකමැති වුවහොත් අයහපත් ප්‍රතිඵලයන් ද ලැබේ. තෝරාගැනීම ඇත්තේ ඔබේ අතයි.

      තෝරාගැනීම නහයෙන් හඩනා ප්‍රොෆයිල් කරුවන්ට හා... කෝපයෙන් බෑගිරි ගානා ගෑනුන්ට බාර කරන්නේ නම් ඉතිහාසයෙන් දැකිය හැකි බ්ලොග් ලොව කුජීත වීම් වැනි තෝරාගැනීම් අනුන් විසින් ඔබට තෝරා දෙනු ඇත!!!!

      Delete
    2. බ්ලොග් ගුත්තිල කවි
      මේ කතන්දරකාරයා ඒ කතන්දරකාරයාමද
      =කතන්දරකාරයා=
      නොමිහිරිද මේ බ්ලොග
      බැලූවද මෙයින් වැඩි බොග
      නැතහොත් නැත නුවණ ?
      කියව නොසුතුටු වන්ට කාරණ

      =කියවන්නෝ=
      අයියේ මෙ බොග තට
      ලියන්නට බැරිද හරියට
      ඉන් තෝ මෙහි නොසිට
      යවන්නද දැන්ම කොළඹට

      =කතන්දරකාරයා=
      මෙ බොග අසමානය
      ඉන් කළෙමි පෙර මානය
      තවත් මා අසමානය
      ඉතින් විඳ කිම්ද අවමානය

      =කියවන්නෝ=
      උගන සිප් සොදසේ
      සිටිය බලවත් වයසේ
      තොට මහලු වයසේ
      බැරිය බොග් කෙරුවාව පෙර සේ

      Delete
    3. වෙරමුණ්ඩම් වලින් හැදෙන තෙලිතට්ටුවට ඇති මිනිස් අකමැත්ත සේම ඔබේ කවිත් මා හට පිලිකුල්ය...

      ලංකාවේ වැසියන්ගේ ආයු කාලය 1960 සිට 2010 වෙද්දී වසර 13 කින් ඉහළ ගොස් ඇත්තේ මෙවැනි නීරස ගීත නිතර අසන්නට නොලැබීමෙනි...

      අලිපාර පොතේ එන නිරාඩ නම් ගිරවාට මම නුඹව උපමා කොට දක්වමි....

      අද කොළරා රෝගයෙන් මිය යන කී දෙනෙක් ගැන අහන්නට ලැබෙනවා දැයි ගීත රස අගයන ලේඛකයා සොයා බලා ඇත් ද?

      මේ ගීත ඇසීමෙන් කොලරාව වැලදී බඩ ගොස් මියයන්නේ මිනිසුන්ය.....

      Reply

      Delete
    4. මේකත් මේ වැසිකිළි ගිහින් අත් පිරිසිදු කරන ඔටෝමැටික් ක්‍රමයක්. මීට කලින් අහලත් ඇති. චූ හරි ජී හරි කරල ඉවර වෙලා අත් දෙක බිත්තියේ ඇති සිදුරු දෙකට ඔබනවා. එහා පැත්තෙ ඉන්න එකා ගඩොල් දෙකක් අරන් අර අත් දෙකට හොඳ පාරක් දෙනව.
      දන්නෙම නැතුව අත් දෙක තමන්ගෙ කටටටම යනව. ඉබේම සුද්ද වෙනව.

      Delete
    5. සංගීතය - හොඳයි
      ගායනය - දුර්වලයි
      පද රචනය - සතුටුදායකයි

      Delete
  2. ඇමෙරිකන් තානාපතිනිය බත්තරමුල්ල ජවිපෙ මූලස්ථාන මන්දිරයට පැමිණ, සමාජවාදය පිහිටුවන්න ජවිපෙ කරන සටනට සිය විප්ලවීය ආචාරය පුදා අනුර සහෝදරයාට සුබ පැතුම් පිදුවා. ලංකාව තුල සමාජවාදය පිහිටුවන්න ජවිපෙ සහ පෙරටුගාමීන් අත්වැල් බැඳගැනීම දැකීම තම ඒකායන ප්‍රාර්ථනය බවත් ඈ පවසා සිටියා.

    ReplyDelete
  3. ඇත්තටම ඒ කාලේ 1971 සහ 89 මෝඩ , අදුරදර්ශී විජේවීර මෙහෙයවූ ජවිපෙ නෙමෙයි දැන් තියෙන්නෙ. විජේවීර හිටියනම් මේ වෙලාවෙ අනිවාර්යයෙන් ගිලෙන නැව බාර අරන් නා ගන්නව. විශ්වකර්මයා ආවත් මේ අර්බුදය මේ මොහොතෙ දැන් නවත්තන්න බැහැ. ජවිපෙ ජාතික බලවේගයේ කට්ටියට මේ මොහොතේ තබා ඉතාමත්ම හොඳ ආර්ථිකයක් තියෙන වෙලාවක් වුණත් ලංකාවේ ආර්ථිකය කළමනාකරණය සඳහා අවශ්‍ය පුහුණුව, දැනුම, පිරිස් බලය නෑ ඒ නිසා ජවිපෙ ජාතික ජන බලවේගය විසින් ලංකාවේ කළ යුතු තමන්ට හැකි දේ වන දූෂණ විරෝධී හඬ නඟා ජනයා අතර එය ප්‍රබල ලෙස විවේචනය කරමින් විපක්ෂයේ කාර්යභාරය කිරීම මිස රට බාර ගන්න ගිහින් වරිගේ නසාගැනීම ගන්න එක නෙවෙයි අනුර කුමාර සහෝදරයා ඇතුළු ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය මෙය ඉතාමත් මැනවින් සහ තදින් අවබෝධ කරගෙන කටයුතු කළත් සමහරක් මීහරක් ජවිපෙට අවලාද නගා සුපර් මෑන් වගේ මැජික් ඉදිරිපත් කරන්න කියලා ජවිපෙ විවේචනය කරමින් බයිල ගහනවා ඒ රට මීහරක් හැත්තට කියන්නේ මෙච්චරයි

    බුද්ධිය අඩු මිනිසුන් දැනටත් බලන් ඉන්නෙ තෙල් , ගෑස් එනකන්. ඒව freely available නොකලොත් gohomeJVP වශයෙන් රැල්ල වෙනස් වෙනව ඉක්මනටම. මේ අති අවිනිශ්චිත මොහොතේ ඔවුන් සෝමවංශගෙන් පසු බුද්ධිමත්ව මහනිසියෙන් ගොඩනගාගත් , (එහෙත් මෝඩ මිනිසුන්ට නොතේරුන) දේශපාලන ව්‍යාපාරය ක්ෂනිකව බිදවට්ට ගැනීම සිදු නොකරනු ඇත. කිසිදා බලයට නාවත් මේ මොහෙතෙ බලය ගත්තොත් ටික දවසකින් මිනිස්සු කියනව “ රාජපක්ෂල ඉන්න කාලෙ මීට වඩා හොදට හිටියනෙ කියල, “ ඒ නිසා කිසිම දවසක බලයට එන්න බැරි වුණත් කමක් නෑ මේ අවස්ථාවේ බුද්ධිමත් ලෙස කටයුතු කරමින් අපේ කුඩා පක්ෂය සහ එහි සියලුම සාමාජිකයන් හිතවාදීන් ඇතුළු විශාල පිරිසක් ආරක්ෂා කිරීම අපේ වගකීම බව තේරුම් ගන්න කියලා බුද්ධිමත් ජවිපෙ ජාතික ජන බලවේගයේ හිතවාදීන් ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා බොහෝම ස්තූතියි.

    ReplyDelete
  4. හැම මගුලකටම රජපස්සල ඇද ගන්නෙ නැතුව විකල්ප නායකයො හදා ගනිල්ලා
    උබලට ඉන්නෙ අර ඖරුදු තිහකට කලින් වලකජ්ජ ගහපු මිනීමරු පියානෝගේ හොරණෑව විතරක්ම ගගහ පිස්සු කියවන මොළේ කළඳක් නැති දෙකයි පණහේ බූරු බබා ඩයල් එකයි, ඔල්මොරොන්දන් මන්ද බුද්ධික පිස්සු ලප ඩයල් එකයි විතරනේ, වෙන එකෙක් කියපන් බලන්න එකම එකෙක් මේ රට බාර දෙන්න...

    ReplyDelete
  5. මාතර කිඹුලි තමා මම උබ තාම පැටියා
    හිල පොඩි ඔරු ආසයි මම කැරියා
    මම කිඹුලෙක් හැබයි කට හොද පැණියක්
    බොන බොන කිඹුලියෝ
    ලඟ මගේ හිටියා

    ReplyDelete
  6. මේ පනිවිඩය ලද විගසම මගේ හද කම්පාවූවා. රාජ් මා අමතන විටත් මා සිටියේ නියම තත්වයේ නොවේ, අනෙක් කරුන මා සිටියේ සමාගමේ රැස්වීමකයි. රාජ්ද කම්පාවි සිටී බව මට හොඳටම තේරුනා. මුදල පමණක් පසු පස හඹා යන කෘර මිනිස් ජාවාරම්කරුවනට ගොදුරු වූ අහිංසක දුවේ. ඔබේ ආගමේ ඔබට ලබා ගත හැකි ඉහලම තැන ඔබට හිමි වේවා....!!!

    ReplyDelete
  7. මෙතන මාතලන් මිනිස්සුන්ගේ කුහකත්වය හොදටම
    පැහැදිලි වෙනවා..මන් ඔබේ කලින් පොස්ටුවේම සදහන්
    කළා රිසානාගේ ජීවිතය වෙනුවෙන් අපිට කල හැකි
    දෙයක් නැහැ කියල.අපිට කල හැක්කේ රසනගේ පවුලේ අයට
    කුසට පාන් කෑල්ලක් හෝ වැටෙන තැනට කටයුතු කර , හිසට
    කාමර දෙකක් හෝ අටවා දී මේ දුක් බර අවස්ථාවේ ඔවුන් අසල
    සහෘදයන් සේ ළඟ සිටීමයි.
    ඔවුන් මේ අවස්ථාවේ ඇත්තේ අවුරුදු කීපයක් තිස්සේ ආ මිරිගුවේ
    මධ්‍යස්තයේ ..එයින් ඉවතට අපි ඔවුන් රැගෙන එමු...

    එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
    වචනයක් ප්‍රමාණවත් ..
    ඒ දේ කරමු එකා වන්ව 2013 නව අරමුණ කරගෙන .
    නැවතත් කියන්නේ වැඩි යමක් එපා ...


    එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
    වචනයක් ප්‍රමාණවත් ..

    ReplyDelete
  8. රිසානා රට ගියේ මෙහෙකාර සේවයට මිස ළමුන් බලාගන්න නෙමෙයි. ඒ පිළිබද අත්දැකීම් නැති ඇයට ඇයගේ රැකියාවට අදාළ වගකීමට පරිභාහිර දෙයක් පවරලා ඒ තුල සිදු වූ වරදක් මරණ දඩුවමකින් කෙළවර කරනවා නම් ඒ නීති පද්දතිය තුල කිසිම සාධාරණයක් නෑ...

    ඇනෝ සහෝදරයාට මා කියන්නෙ මා වැන්නවුන් පිළිකුල් කිරීම එයට විසදුම නම් එසේ කරන්න. එහෙත් සැබෑවට ම කල යුත්තේ ශිෂ්ඨ සමාජයකට තරම් නොවන මෙවැනි නීතිරීති ක්‍රියාත්මක කරන රට වලට අපේ ශ්‍ර‍මිකයන් යැවීම නවත්වන ලෙස අපේ රජයට බල කිරීම මිස නීතියට එරෙහිව කථා කරන උන් පිළිකුල් කිරීම නොවේ.

    ReplyDelete
  9. ආරංචිය ආපු ගමන් මතක් වුනේ මාතලන් ගේ පහුගිය පෝස්ට් එක. ඒ නිසා දුවගෙන ආවේ. මේකට සවුදියටම බැනලා හරියන්නේ නෑ.ඒ, ඒ රටේ නීතිය. අපි මානුෂික කියල හිතෙන හැගීමට වඩා ඒ මිනිස්සුන්ට තමන්ගේ නීතිය වටිනවා වෙන්න පුළුවන්. මේකට රටක් විදිහට විදේශ ශ්‍රමිකයින් සම්බන්ධව මානුෂික ප්‍රතිපත්ති නැති අපි තමා වගකියන්න ඕන. නලින් දිල්රුක්ෂ කිව්ව වගේ අපිට පුළුවන් විදිහට අපේ විරෝධතාව ප්‍රදර්ශණය කරමු. නිකම්ම 'බලවත් සංවේගය' ප්‍රකාශ කලා කියල කිසි ඉටිගෙඩියක් වෙන්නෙ නෑ. ආයෙත් මේ වගේ දෙයක් උනොත් ආයෙත් සංවේග වෙන්න තමා වෙන්නේ.

    කොහොම වුනත් ගිය සතියේ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ සභාපතිතුමා කිව්වා 2020 වනවිට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගත කරවීම 90%න් පහළ දානවා කියල. ඒක හොද ප්‍රවණතාවක්. නමුත් ගතවන කාලය වැඩියි කියල හිතෙනවා.

    ඒ වගේම මේකෙන් පැහැදිලි වන තව දෙයක් තියනවා. මෙතනට සෘජුව අදාල නොවුනට අදාලා නෑ කියල කියන්නත් බෑ. ඒ තමා සවුදියේ රජා වුනත් ඒ රටේ නීතියට හිස නැමීම. අපේ රජාට තියනව කියන විදිහේ රාජතාන්ත්‍රික පිළිගැනීමක් නෑ කියන එක. පැහදිලියිනේ.

    ReplyDelete
  10. රනිල් ලොක්කා ඔය විදියට විදුලි පුටුවේ කරකුට්ටන් උනොත් මහින්ද ලොක්කාට කෙලවෙනවාය..
    29 වෙනිදා අපේ බස්නාහිරයි දකුනෙයි ඈයෝ ටික උදෙන්ම පොලිමේ ගොස් අලියා කතිරේ ගහනවා ශුවර්ය..
    මහින්ද ලොක්කා ඒ තරම් මෝඩ නැත.. කෙසේවත් රනිල් ලොක්කා ඔය ගමන එක්ක යන්නේ නැත. ඕනෑමනම් ජොන් ගොයියා එක්ක ගිහිං විදුලි පුටුව පෙන්නනවාය. රනිල් ලොක්කා ලංකාවේ ඉදං අරටික කියවනවාය... නයි.ටී.ඇන්. එකෙනුයි අනෙකුත් ඒවායිනුයි රනිල් ලොක්කා පතුරු ගහනවාය...
    පහුවදා උදේ බස්නාහිරත් දකුණත් හයෙන් පහකින් මහින්ද ලොක්කා ගොඩය..
    (ජිනීවා නාටකයේ තවත් කොටසක් ඒ ලෙස අවසන් වනවාය-- ඊ ලග කොටස තවත් රසවත්)

    ජය වේවා!!!

    ReplyDelete
  11. සැබෑ ප්‍රශ්න අමතක කරන්න එපා,

    එනම් ලංකාවේ යුධ අපරාධ සිදුවුණිද, එසේනම් ඒවාට ගන්නා ක්‍රියා මර්ගය කුමක්ද?

    ReplyDelete
  12. මොනව උනත් මාතලන් සෑර්ට හම්බවෙන කාටුන් ටිකනම් මරු.
    අර රත්තරං බෝලෙ කියන්නෙ මොන කෙහෙම්මලක්ද කියා මේ නොදන්නා පොඩි උන්ට කියලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිමි.

    තවද ලොක්කාට මේ තරම් උදවු දෙන ජිනිවා එකේ සිතියමට ඔහු උදේ හවා දුම් අල්ලා මල් පුදා යාතිකා කළ යුතුය.යුතුකම් දන්නා අය එහෙමය

    ReplyDelete
  13. ජනාධිපති මාමාගේ අත පොඩ්ඩක් සූම් කරලා බැලුවනම් ඔයාටම පෙනෙයි. ෆෙන්ෂුයි අටමගලක් හරි වෂියක් හරි එහෙම මොකක් හරි වෙන්න ඕන.

    ReplyDelete
  14. මේක දැක්‍කොත් වැඩි‍යෙන්ම හිනා‍වෙන්‍නෙ අර සජිත් බබා. ‍කො‍හොම උනත් මාතලන් රනිල් උන්නැ‍හේට කැමති ‍නෙව. උන්නැ‍හේ මැරුනත් ටිකක් ගාම්භීර විදියටයි. ‍මේක මම ලිව්වනං අන්තිමට ‍වෙන්‍‍නෙ ‍මේකයි.
    අන්තිම කැමැත්ත විදියට රනිල් ‍ලොක්ක තමන්‍‍ගෙ විපක්ෂ නායක පුටුවට විදුලිය සම්බන්ධ කරන්න කියල ඉල්ලනව. තමනුත් එක්ක පක්‍ෂෙත් අවසන් ගමන් යන විදියට.

    ReplyDelete
  15. සමාවෙන්න පෝසුටුවට අදාල දෙයක් නෙමෙයි මේ...ඉවාන් පවුලුශා..ඔයාගෙ බ්ලොග් එක මාව බ්ලොක් කරල..."පර්මිෂන් ඩිනයිඩ්" ඇයි දන්නෙ නෑ..?

    ReplyDelete
  16. අයියේ මමනම් ඔය කතාවට විරුද්ධයි."ශිෂ්‍ය නායක" කියන එක ඉගෙනීමට බාදාවක් නෙවෙයි.හැබැයි එහෙම කටගත්ත සහ කරගන්න කට්ටියනම් ඉන්නවා.
    අනිත් කේස් එක "නායකයො කියල ශිෂ්‍ය නායකයො ඉස්කෝලෙදී කරන වැඩ ගැන හිතල බැළුවොත් පොලිස් කාරයින් ගෙ වැඩ, සෙකුරිටි ගාඩ් ල ගෙ වැඩ, චර පුරුෂ වැඩ මිස වෙනත් කරන දෙයක් තියෙනවයැ."ගැනනම් පොඩ්ඩක් හිතන්න වෙනවා.මොකද ඉස්කෝලේ මොකක් හරි කරන්න දෙයක් තියෙනම් කවුරු වුනත් කරන්න ඕන.ඒක ශිෂ්‍ය නායකයන්ම කරන්න කියල එකක් නෑ.අනික ශිෂ්‍ය නායකයන් කරන වැඩ කොටසත් සලකා බලන්න ඕන.මොකද පාසලේ විනය,නිළ ඇඳුම් වගේ කාරණා වලදී ක්‍රියාශීලීව කටයුතු කරන්නේ ශිෂ්‍ය නායකයන්.
    අනික ශිෂ්‍ය නායකකම තුළින් නායකත්වය ගැන හොඳ දේවල් ඉගෙන ගන්නවා.ඒ විතරක් නෙවෙයි.තැනකට ගිහාම හැසිරෙන හැටි පවා ඉගෙනගන්න ලැබෙනවා.
    හැබැයි එකක් කියන්න ඕන.ශිෂ්‍ය නායක කම අරගෙන හරියට ඩියුටිය කරන එක ඒ ළමයාගේ යුතුකම.ඒක ඒ ළමයා තෙරුම් ගන්න ඕන.මොකද ඉගෙනගන්න පාසලට යමක් කරන්න අවස්ථාවක් තමයි ඔය ශිෂ්‍ය නායක පදවිය.අයියේ,මම දැනෙන්නේ සියළුම ශිෂ්‍ය නායකයන්ට පහර වැදීමක් වගේ.ඒ නිසා මම කැමතියි වරද කරන අයට පහර දෙනවනම්.
    මම මේ කතාව කිව්වට තරහ වෙන්න එපා.නමුත් ඇත්ත ගැනත් පොඩ්ඩක් හිතන්න.
    මමනම් ශිෂ්‍ය නායකයෙක් වුනේ 2008 දී ඉවර වෙන්නේ 2010 දී.එතකම් මම මට පාසල වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කරනවා.මම හිතන්නේ ඒ කරන දේ අපට කවදා හරි ආපස්සට ලැබෙනවා කියල.
    තවත් එක කාරණයක්.ශිෂ්‍ය නායක පදවිය නිසා ආඩම්බරකම ඇති කරගැනීම නම් මෝඩ වැඩක්.මොකද කවදා හරි අපට සමාජයේදී හම්බෙන්නේ අපි ආඩම්බරකම පෙන්නන අයමයි.

    ReplyDelete
  17. ඔන්න ටික දුරක් යනකොට මගේ වාසනාව පෑදුණා. අර සීයා බස් එකෙන් බහින්න නැගිට්ටා.

    මං ඉතිං පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ වෙලා සීට් එකට පැන ගත්තා. තව ටික වෙලාවකින් ඒ සීට් එකේ එහා පැත්තේ හිටිය අම්මයි පොඩි දුවයි දෙන්නත් බස් එකෙන් බැස්සා. අර කුමරි පත්තරේ කවර් පේජ් යුවතිය ඔන්න මා ලඟින් වාඩි වුනා.

    ඒත් ඉතිං මට ප්‍රීතියෙන් ප්‍රීතියට ගිහින් අර චූටි ටීචර්ට වගේ කලර්ස් පෙන්නන්න නං වුනේ නෑ මෙදා. මොකද මට බහින්න තිබුනේ ඊ-ලඟ බස් හෝල්ට් එකෙන්. නැවතත් මර්ෆිගේ නියමය.

    ඉතිං, එදා රෑ කයිය ගහං ඉඳලා, කාලා බීල, සේරම ඉවර වෙලා මායි යාළුවයි ගියා ඒ ලඟ තිබුණු පොර ගේ අයිය ගේ ගෙදරට.

    මෙන්න බොලේ එතන ඉන්නවා දැකල පුරුදු ඩයල් එකක්.

    බැලින්නං, ගමේ තුන්කාලේ බස් එකේ පොඩි දුවෙක් එක්ක ආපු අම්ම තමයි මගේ යාළුවගෙ අයියගේ බිරිඳ!

    "ආ, මෙයාද මේ අද එනව කියපු මල්ලිගෙ යාළුවා?" ඒ අක්ක ඇහැව්ව මාව දැක්ක ගමන්ම. "අනේ, මං ආපු බස් එකේ නේ ආවෙ, ටවුමෙ ඉඳල".

    ඉතිං ටිකක් වෙලා කතා කර කර ඉඳල තරමක් හිතවත් වුණාට පස්සෙ අක්ක කියපි මෙන්න මෙහෙම.

    "ටවුමෙන් බස් එකට නගින කොට මං හිතුවෙ මේ මල්ලි නෝන එක්ක ගමනක් යන කෙනෙක් කියලයි".

    මාව උඩ විසිවුණා. අක්ක මේ මගේ නෝන ය කියල හිතල තියෙන්නේ අර බස් එකේ මට පිටිපස්සෙන් හිටිය සුන්දර යුවතිය ගැනයි.

    "ඒත් ඉතිං, මං පුදුම වුණා, මේ මල්ලි සීට් එකක් ඉඩ ආපු ගමන්ම ඒකෙ වාඩි වුණු එක ගැන, තමන්ගෙ නෝනට සීට් එක නොදී.
    මං ඇත්තටම හිතෙන් බැණ, බැණ ආවෙ, දැං කාලෙ මිනිස්සුන් ගෙ හැටි, තමන්ගෙ නෝනට වත් සලකන්න දන්නෙ නැති උන් ය, කිය කිය!"

    කාට කියන්නද බොස් මේ අවනඩු?

    ReplyDelete
  18. ලඟින් හිටගෙන හිටියටම නෝනා කියලා හිතෙන්නෙ නෑනෙ. කකා මොකක් හරි මෙවුවා එකක් කොරන්න ඇති මගෙ හිතේ.

    ළඟින් හිටපු ගෑනු ළමයෙක් පිට අයට නෝනා කියලා හිතුන කතාවක් ලියලා, "ප/ලි"යෙන් අන්තිමේදි කතන්දර හාමිනේවත් ෂේප් කර ගත්තනේ...

    ReplyDelete
  19. මම කියන්නම් උන වැඩේ ගෙස්ටිමේට් කරලා. ඔය ගෑනු ළමයා නගින කොට කොන්දොස්තර වෙනදා දාන තට්ටුව දාන්න බැරිවෙන්න ඇති මොන හේතුවක් හරි හිංඳා. මේක අර අක්කා දකින්න ඇති. කතන්දර ගමේකෙනෙක් නොවන නිසා අක්කා හිතන්න ඇති ඒ ගෑනු ළමය කතන්දරව බැඳල කියල.

    ReplyDelete
  20. නන්දේ ඔයා 09 වෙනිදා යන්නම ඕන....

    මට හිතුන වෙලාවට කාර් එකේ යන්න මට ඕන ෂෙඩ් එකකින් පෙට්‍රල් ගහන්න තෙල් තියෙන්න ඕන....

    මං හදන කෑම ඒ වෙලාවට දර ලිපේද ගෑස් එකේද induction එකේද air fryer ද කියලා තීරණය කරන්න ඕන මං මිසක් ඔයාගේ රෙද්දේ ආණ්ඩුව නෙමේ....

    දරුවට ඕන පැනඩොල් syrup ද suppository ද තිරණය කරන්න ඕන දරුවාගේ දොස්තර මිසක් ඔයාගේ රෙද්දේ ආණ්ඩුව නෙමේ...

    දරුවා ගෙනියන්නේ කාර් සීට් එකෙද බස් එකේද තිරණය කරන්න ඕන ළමයාගේ දෙමව්පියෝ මිසක් ඔයාගේ රෙද්දේ ආණ්ඩුව නෙමේ...

    දරුවට pampers අන්දනවද නැද්ද තීරණය කරන්න ඕන අපි මිසක් ඔයාගේ රෙද්දේ ආණ්ඩුව නෙමේ...

    අපේ ළමයින්ට චීස් බටර් කිරි මාළු ප්‍රෝටීන් අඩංගු කෑම දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපි මිසක් ඔයාගේ රෙද්දේ ආණ්ඩුව නෙමේ...

    අපි වවලා උයනවද කඩෙන් අරන් උයනවද තිරණය කරන්නේ අපි මිසක් ඔයාගේ රෙද්දේ ආණ්ඩුව නෙමේ...

    අපි weekend outings යනවද trips යනවද foreign tours යනවද මේ සේරම අපි තීරණය කරන්න ඕන දෙවල් මිසක් ඔයාගේ රෙද්දේ ආණ්ඩුව නෙමේ....

    මොනා කරන්නත් 09 වෙනිදා ඔයා ගෙදර යන්නම ඕන....

    ඔයා ගෙදර යන්නම ඕන....

    #GiveOurStolenMoneyBack
    #GoHomeGota2022
    #මාරවැඩේලංකාවටඋනේ
    #අපිතමයිහොඳටමකලේ
    #gohomerajapaksas

    මේ ගැන මොකද හිතන්නේ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න