.

.

Jun 24, 2022

කහ පාටට බය වූ උන්ගේ (Xanthophobia) පළමු පරාජය මෙය නොවේ.



.

කහ පාට ඇඳපු උන් ජයග්‍රහණය කරලා අහවරය. අවසන් තරඟය ඔස්ට්‍රේලියාව ජය ගත්තත්, එය ලෙහෙසි පහසු ජයග්‍රහණයක් නොවීය. ඔස්ට්‍රේලියානූ නායකයා තම ස්තූතිය සිංහලෙන්ම ප්‍රකාෂ කොට සියළුම ප්‍රේක්ෂකයින්ට උපහාර කළේ පිටිය වටා ගමන් කරමින්‍ය. මෙවන් දසුනක් ක්‍රිකට් ඉතිහාසයේම නොතිබූ දෙයක් වූ අතර, ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ලෝකයේම අවධානය දිනාගෙන අහවරය.


අරගලයේ හා විපක්ෂයේ කළු අඳිනා අපතයන් මෙම තරඟාවලියට මුල සිටම විරෝධය පෑවේය. උන්ට අවශ්‍ය වූයේ ඔස්ට්‍රේලීයානූ පිල යලිත් හරවා යැවීමටය. මෙතෙක් ලංකාවේ පහළ වූ දුර්වලම පාලකයාගේ නෝන්ජල් ක්‍රියා හමුවේ, විපක්ෂය එරෝෆ්ලොට් කුමණ්ත්‍රණය ජයගෙන රුසියානූ සංචාරකයින් ඒම නවතා දැමුවද, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන උන් පෙලගැසී සිටියේ ආදරෙයේ අරගලකරුවන් කියනා මිලේච්ඡයින්ට හොඳ සංග්‍රහයක් ලබා දීමටය.


පොන්නි සම්බා හාල්ද කොහෙද කන පාලකයින් පිරිසක් හමුවේ, රටේ සාමාන්‍ය ජනතාව ලද මේ ජයග්‍රහණය අතිශයින් වැදගත් වන්නේ, අරගලයේ අපතයන් ජයග්‍රහණය කලහොත් මේ රටේ සිඳුවිය හැකි දේ මුළු ලෝකයම මැයි 9 වනදා තම නේත්‍රා වලින්ම දැක ගත් නිසාවෙන්‍ය.


දැන් රටේ ජනතාව නොව මේ අපතයන්ට උඩගෙඩි දුන් නීතීඥ ප්‍රජාවද මුන් ප්‍රතික්ෂේප කරමින් සිටීම රටේ වාසනාවක්‍ය. මුන්ට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව, "ප්‍රචන්ඩත්වවාදී" පාලනයක්‍ය. උන්ගේ මතයට එහා මතයකට කිසිඳු ඉඩක් ඇත්තේ නැතිය. සියල්ලෝ උන්ගේ මතයට අවනත විය යුතුය. සංවාදයට විසංවාදයට තබා විරුද්ධ මතයක් දරන්නෙකුට අරගල භූමියට පැමිණීමත් තහනම් භූමියක්‍ය.


දැන් උන් උන්ම මරා ගන්නා තත්වයකට පත් වී තිබීමද රටේ වාසනාවක්මය.


කෙදිනක හෝ මේ අපතයන් බලයට පත් වුවහොත් මේ පාලකයන්ට හා ජනතාවට අත්වන්නේ, මියන්මාරයේ අවුන් සාන් සූකීට හා එරට ජනතාවට අත් වූ ඉරණමට මුහුණ දෙන්නටය. අද එරට ප්‍රාජාතන්ත්‍රවාදය ඉල්ලා පැමිනි පිරිස කොහේදෝ කියා නැතිය. ජිනීවා වල නෝනාටත් උන්ට අත් වූ ඉරණම ගැන වගේ වගක් නැතිය.


එහෙත් අපේ රටේ ප්‍රාජාතන්ත්‍රවාදය ගරු කරන නිදහස් සාමකාමී ජනතාවගේ වාසනාවට මේ අපතයන් දැන් එකෙක්වත් ගනන් ගන්නේ නැතිය. ඒ බව පෙනුනේ ඊයේ පමණක් නොවේය.


⭕ අරගලයට දින 50 පිරුණු දිනයේ රටේම ජනතාව ගෝල්ෆේස් ගේනවා කිව්වාට එකෙක්වත් ආවේ නැතිය.


⭕ ඉන්පසු සිසු විරු දිනයේ බුකියේ ගෝල්ෆේස් එන්නැයි කියා මේ අපතයන් කළ ඉල්ලීම එකෙක්වත් ගනන් ගත්තේ නැතිය.


⭕ ඒ හැර, ඉන් පෙරද, අතනට එන්නැයි, මෙතනට එන්නැයි කී ඉල්ලීම්ද ජනතාව පයිසයකට මායිම් නොකලේය.


⭕ වරෙන්තු නිකුත් කල උන් බාර වෙන්න ආ පෙලපාලියට 50 ක් වත් ආවේ නැතිය.


⭕ මුන් පෙනී උන් යූක්‍රේනය හා සෙලන්ස්කි අද පුටින්ගෙන් පොරි හැලෙන්නම කනවාය.


⭕ මුන්ගේ ව්‍යවස්ථාවක් වූ 21 වන ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි නිසා විසිකර දමන ලෙස අධිකරණය කතානායකට අණ කළේය.


⭕ මුන් පෙනී සිටී හොලිවුඩ් නළු විල් ස්මිත්ට අවුරුදු 10 කට ඔස්කා තහනම් වූයේය.


⭕ ඊයේ සිරගත වූ අපතයන්ට ඇප දෙන්නට කළු කෝට් කාරයෝ 20 ක් වත් නැතිය.


ඇත්තටම දැන් ඔතන ඉන්නේ, ආහාර ලැබෙන නිසා කොළඹ වතුවල උන් කුඩ්ඩන්, පුරඟනන්, හිඟන්නන් හා දේශපාලන හිඟන්නන් වන ජෙප්පන් හා පෙරට්ටන් හෙවත් වමේ ලුම්පන් පිරිස පමණය.


එවන් අපතයන් පිරිසක් දිගින් දිගටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම රටේ වාසනාවය...


ඝෝඨා ජනපති කමෙන් "ඉවත්විය" යුතුයැයි අපට කියන්නට බැරිය. ඒ ඔහුට ලක්ෂ 69 ක ජනවරමක් තිබෙනා නිසාය.


එහෙත් රාජ්‍ය පාලනය ගැන අබ මල් රේණුවක දැණුමක් නැති ඝෝඨාභය "ඉවත්කළ" යුතුයැයි කියනා මතයේ මෙන්ම පාර්ලිමේන්තුව විසිරවිය යුතුයැයි කියනා මතයේ මාතලන්ද සිටිනවාය.


එහෙත් එය කළ යුත්තේ ඊට ව්‍යවස්ථාව තුල ඇති ඉඩ කඩ තුල ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මිස, පාර්ලිමේන්තුවෙන් පිට ආඥාදායකයක් ක්‍රියාත්මක කිරීමට නොවේය.


ඒ වගත් මෙසේය.....


©® Priyantha Hewage Maathalan 

.

39 comments:

  1. අපේ ගමේ තෙල් පෝලිම සාදු සාදු සාදු!

    -රසික හෙන්ද්‍රික් සූරියආරච්චි‍-

    සෞඛ්‍ය සේවා තෙල් පෝලිමේ ගියා. උදේ 6.30ට තමයි වයිෆ් එක්ක ගියේ. පොලිසියෙනුයි මැනේජරුයි කිව්වා තෙල් එන්නෙත් නැහැ, තෙල් එන දවසක් කියන්නත් බැහැ, රෝහල්වලට දන්නන්නම්, ආවහම දෙන්නම් කියලා. මටත් හිතුණා ඒක විශ්වාස කරලා ගෙදර එන්න. ඒ වුණාට ස්කූටියෙන් යන, දුරබැහැර ඉඳන් ආපු මිඩ්වයිෆ් නෝනලා පවා ආපහු නොගිය නිසා, සුරංගනාවියෙකු හරි තෙල් බව්සරයක් එවන්නැතෑ කියලා මාත් මෝටර් බයිසිකලේ පෝලිමට දාලා බයිසිකලෙන් වරින් වර ගියා. කළුතර දිස්ත්‍රික්කෙටම සෞඛ්‍ය සේවකයන්ට තෙල් ගහන්න ෂෙඩ් හතරනෙ. මට ඉතින් ෂෙඩ් එක ඔහොම මෙහෙමනෙ. එක වතාවක් පාපැදිය පෝලිමෙන් තියලා මෝටර් බයිසිකලෙන් ස්විමිං ගිය දූව එක්කගෙනත් ආවා.

    මේ තමයි මං හරිහමන් තෙල් පෝලිමක ගිය පළමු වතාව. උදේට ළඟපාත සමහරු තමන්ගෙ වාහන පෝලිමෙන් තියනවා. සමහරුන්ට තෙල් ගහන්න වාහන ඇත්තෙවත් නැහැ. ඒගොල්ලන් කොට කෑලි පෝලිමෙන් තියනවා. පෝලිම දික්වෙනකොට අර කොට කෑලි හෙවත් ප්ලේස් රු. 1000ට විකුණනවා. මට වුණත් සයිඩ් බිස්නස් එකක් විදියට නරක නැහැ.

    තව සෙට් එකක් ඉන්නවා, ඒගොල්ලො චන්ඩි. ඒගොල්ලන් ගානක් අරන් පෝලිම්වල සක්ක ඔබනවා සද්දෙ දාලා. තව චන්ඩි කට්ටියක් පෙට්‍රල් එන හැම සැරේකම පෝලිමට ඉස්සරහින් දාලා ගහගන්නවා. ඊට පස්සෙ බාගන්නවා. ආයෙ හෙටත් එනවා. ඒගොල්ලන් එන්නෙ තෙල් බව්සරේ බානකොට. අනෙක් අය වගේ දවස් ගණන් වේලි වේලි ඉන්නෙ නැහැ. කට්ටිය පොඩ්ඩක් සද්දෙ දැම්මට උන් ගණන් ගන්නෙ නැහැ. උන් කියන්නෙ මේ අපේ ගම කියලා. උන් ඒ හරියෙත් නෙමෙයි ඒ වුණාට. හෙණ ඩොටේ. තෙල් පෝලිං චන්ඩියෙකු වෙන්න අවශ්‍ය චන්ඩිකම්වලට වඩා චන්ඩියෙකු වගේ ඉන්න එක.

    තෙල් බාලාල නම් ඉතින් දැන් රට පුරාම ඉන්නවනෙ. තෙල් කියන්නෙත් භාණ්ඩාගාර බැඳුම්කර වගේ තමයි. ද්වීතීයක වෙළඳපොළේ විකුණන්න පුළුවන්.
    මේ කිට්ටුව තමයි අධිවේගී මාර්ගයේ ෂෙඩ් තියෙන්නෙ. එතනින් බූලි පිටින් තෙල් පන්නගත්ත කීපදෙනෙකුම මට හමුවෙලා තියෙනවා. බූලි හෝම් ඩිලිවරිත් කරනවාලු, වටිනාකම් එකතු කළ මිලට.

    සුරංගනාවියක් තෙල් බව්සරයක් ගෙනත් බෑවා හවස හතහමාරට. අසල්වැසියන්ගේ, දන්නා හඳුනන අයගේ, අද දැන හඳුනගත් අයගේ උදව්වෙන් බව්සරේ බ්‍රේක් ගහන්නත් ඉස්සෙල්ලා මට පණිවිඩේ ආවා.

    පෝලිමේ හිටපු හන්දා හරියට දන්නෙ නැහැ. මොකක්ද වලියක් ගිහින් නමයත් පහුවෙලා තමයි බෙදන්න පටන්ගත්තෙ. සෞඛ්‍ය පෝලිම වෙනම. ඒකත් හෙණ දිගයි. ඔන්න එතකොටම ආවා සෞඛ්‍ය ලොක්කො වගයක්. ඒගොල්ලොත් චන්ඩි. ගැහුවා කාර් වගයක් පෝලිමේ මුලටම තියලා. කට්ටිය ඉඩ නොදී හිටියට පස්සෙ පොලිසිය ෂේප් කරගෙන ඒ මහතුඟ රන්වැට පැන වැන්දාය. උදේ හයහමාරෙ ඉඳන් පෝලිමේ හිටිය සමහර මිඩ්වයිෆ් මිස්ලටත් කලින් තෙල් ගහගන්නයි ඒගොල්ලන් බැලුවෙ.

    පාස් එකට ලීටර් 10ක්ම ගහගෙන මං රෑ එකොළහට ගෙදර ආවා. මේ ලීටර් 10 මං දැන් පාවිච්චි කරන විදියට නම් මාස දෙකකට ඇතිවෙයි. මොකද, මං අන්තිමට මෝටර් සයිකලේට ෆුල් ටෑන්ක් ගැහුවෙ මාසෙකට කලින්. රහසක් කියන්නම්, පෝලිමට යන්න කලින් මං ශ්‍රීලාල්ගෙන් බටයක් ඉල්ලගෙන ඇවිත් ටැංකිය බෑවා. පහක්ම ඉතුරුවෙලා තිබුණා ආයිබෝං.

    කාරෙකත් දුවන්නෙ නැති නිසා බඩු හෑව්. ලබන සතියෙ ටෝකන් එපා. ඊළඟ සතියෙ තමයි කාරෙකට ගහන්නෙ. ලබන සිකුරාදා දුර ගමනක් යන්න තියෙනවා. එතකල් ළඟ ගමන් දෙකක් විතරයි තියෙන්නෙ. අර රනිල් ආපු මුල් දවස්වල තෙල් පෝලිං නැතිවුණානෙ. කෑන් එකකට ගත්ත තව පහකුත් තිබිලා දාගත්තා. දැන් ආයෙ ෆුල් ටෑන්ක්. වැඩිය කඩන නරක ළමයි හෙම නොවෙයි අපි.

    ඇත්තම කියනවා නම්, මං ගිහින් පෝලිමේ ලැගලා තෙල් ගත්තෙ වෙන මොකවත් නිසා නෙමෙයි, තෙල් නැතිවෙයි කියන බයට. පිස්සු නේද අපට. මං වගේ නෙමෙයි අනෙක් අය. බූලී අයි ලාව් යූ තමයි. මේ වන විට මේ රටේ ෆීල්ඩ් එකේ තෙල් නැව් දෙකක්වත් බූලිවල ඇති කියලයි මගේ කැල්කියුලේෂන් එක.
    ජනතාව ඒ ජීවිතේට පුරවැසියන් වන අපටත් වඩා හොඳට හැඩගැහිලා. මහලොකු වෛරයක් නැතුව ඒක භාර අරගෙන ජීවත් වෙනවා. ආණ්ඩුවටයි, රනිල් වික්‍රමසිංහටයි, පොලිසියටයි, තෙල් සංස්ථාවටයි, ෂෙඩ්කාරයන්ටයි බනිනවා තමයි. බණිනවා නම් තමයි. ඒ වුණාට ඊළඟ ඡන්දෙන් තමයි ඒගොල්ලන් ගේම දෙන්නෙ. එතකල් පොඩි වලි දාගත්තට සාමකාමීව ඉවසීමෙන් සන්සුන්ව කටයුතු කරනවා. නැවත මැයි නවයක් උදාවෙයි කියලා ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. ඒක ආවෝ ගියෝ.

    ReplyDelete
    Replies
    1. තෙල්, ගෑස් ගේන්න ඇතිතරම් සල්ලි පිටරටින් ඉල්ලගන්න ක්‍රම හා විධි තියෙනවා නම්, සජිත්, අනුර වගේ අයට තියෙන්නෙ ජනාධිපති හමුවෙලා කතාකරලා බහුතර බලය පෙන්නලා ආණ්ඩු බලය අරගෙන ක්‍රියාත්මක වෙන්න. ජනාධිපති පන්නන ⁣සටනත් ඇතුළෙන් හා එළියෙන් කරතැහැකි. බල තුලනය තමයි වැදගත්. ජවිපෙ බලය ගන්නවා නම් තමයි මං කැමති. ඡන්ද ඇතත්, නැතත්, වර්තමාන ක්‍රමයේ හිමිකරුවන්, එය රකින්නන් සහ ජනමතය හසුරුවන්නන් ඔවුන්.
      එහෙම බැරිනම්, අනාගත මැතිවරණ දිනාගන්න සිරසත් එක්ක සෙට්වෙලා පොඩ් සෙල්ලමක් දාගෙන පාඩුවෙ බල දේශපාලනය කරගෙන යන්න.
      නොකළ යුතු දේ තමයි, ගිනිතියන්න, මිනීමරන්න මිනිසුන් පොළඹවන එක. ඊළඟ සැරේ මිනිස්සු අරෙහෙම ගහයි මෙහෙම ගහයි කියලා තමන්ගෙ ප්‍රශ්නයක් ප්‍රදර්ශනය කරන්න එපා. ප්‍රචණ්ඩත්වයෙන් විසඳුම් හොයන්න බැරි නැහැ. අපට කියන්න ඕනැත් නැහැ. සන්නද්ධ වෙලා අරගලය ඉදිරියට ගෙනියන්න. මුලින් කළා නම් දැන් ආණ්ඩුව අරන්. හැබැයි අවදානම්. මිස්ෆයර් වුණොත් මුල්ලිවයික්කාල් හරි අවුරුදු විස්සක් විතර හිරේ යන්න හරි අවදානම ගන්න ඕනැ.
      කොහොම බලය ගත්තත්, ප්‍රශ්න විසඳාගන්න තියෙන සීමිත විකල්ප ආයෙ මුල ඉඳල පටන්ගන්න තමයි වෙන්නෙ.
      අපි ඒ අවදානම ගන්න සූදානම් නැහැ. අපට විදේශ රටවලින් අසීමිත ආධාර ගන්න පුළුවන් ක්‍රමයකුත් නැහැ.
      අපට කොහොමහරි තෙල් දියව් කියලා සටන් කරලා මැරෙන හෝ රිමාන්ඩ් වෙන හෝ එකටත් අපි කැමති නැහැ. ඒ් නිසා පුළුවන් තරම් හැඩගැහෙනවා. මේ රට දාලා යන්න උවමනාවකුත් නැහැ. අපට රට යන්න ස්පොන්සර් කරන්න ලොකු නෑදෑයොත් නැහැ.යන්න පුළුවන් අය තමයි මෙතන වැඩි. හුඟදෙනෙක් ඉන්නෙ ලංකාවට තියෙන ආදරේ නිසා මිසක් යන්න බැරි නිසා නෙමෙයි. අපි එහෙම නෙමෙයි . යන්න විදියක් නැහැ.
      ඒ අතරෙ කුමන හෝ ආණ්ඩුවක් විසඳුම් ක්‍රියාමාර්ග ගතයුතුයි. පුරවැසියන් විදියට අපි එයට සහාය දිය යුතුයි. සහාය දෙන්න අකැමැති නම් කඩාකප්පල් නොකර සිටිය යුතුයි. කඩාකප්පල් කරන අය වගකීම භාරගත යුතුයි. කොහොම වුණත්, කවදාහරි නැවත මුල සිට පටන්ගත යුතුයි.
      ආණ්ඩු කරන්නත්, විරුද්ධ වෙන්නත් දෙකටම අපි වැටුප් හා දීමනා සහිතව නියෝජිතයන් පත්කරලායි තියෙන්නෙ. ඒ ගොල්ලො බල දේශපාලනය කරන්න. අපි ජීවන අරගලයෙ. කැමති අය පාරට බහින්න. පාරෙ නැත්තෙ විසඳුම් ව්තරයි.

      Delete
    2. Gon spot ekak soyanakota tatta spot ekka set wuna :(

      Tattayo set ekak hitiya wata rawume, tatte atha gaga.
      math tatta atha gaala awa. :(

      Delete
    3. මම හිතුවේ අර "සමනළ විප්ලවය" වගේ එකකින්වත් කකා ආයේ එයි කියලා. කකා නැති නිසා ආතල් කොමෙන්ට්ස් දාන උනුත් අඩු උනා. දැන් ඉතින් එහෙම ආතල් එකක් ගන්න නම්, පැරාගේ අඩවියට යන්න ඕන. එතන ඉන්නවා කොටියා කාපු ඇනෝ කෙනෙක්. ඒවත් පට්ට ආතල්. සීරීයස් පෝස්ට් අස්සෙ උනත්, කික් එකක් දෙන්නේ, ඒ වගේ උන්. මගේ එකෙත් කව්දෝ එකෙක් දානවා "මේකත් පුදුම අනුවේදනීය කතාවක්" කියලා.

      Delete
    4. මම මේ පෝස්ට් එක ලිව්වේ, "කතන්දර" ඉස්ටයිල් එකට. කාට හරි හිතුනොත්, මේක මේ කකාට කඩේ යාමක් කියලා.. පුදුම වෙන්න දේකුත් නෑ.

      මොකෝ මහින්ද මහත්තයට, රනිල් ලොක්කට කඩේ යන මට, බ්ලොග් ගුරා වෙනුවෙන් කඩේ යන්න කාටවත් තංහචි දාන්න බෑ නේ.

      Delete
    5. ඔහේට ලජ්ජාවක් කියල දෙයක් හෙම ගෑවිලා වත් නැද්ද මේක ඇතුලෙත් ලින්ක් දා ගන්න?

      Delete
    6. ඇත්ත තමයි මාතලන් බොස්..කකා නැති අඩුව තාමත් සයිබරේ කරක් ගහන අපි හැමෝටම දැනෙනවා.

      මොනවා කරන්නද..උන්නැහ ගේ කැමැත්තනේ..අර "පලි" යේ ලියල තියෙනවා වගේ තාමත් මේක නමට හරි ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක් නේ.

      තාමත් අපි හැමෝගෙම ප්‍රාර්ථනාව කකා ආපහු අපි අතරට සම්ප්‍රාප්ත වේවා කියලයි.

      ඔබතුමා ගේ ගුරු ජි වෙච්චි..පොඩ්ඩක් වචනයක් දාල බලන්න කෝ...

      ආපහු ගෙන්න ගන්න බැරි වෙන එකක් නැහැ..

      Delete
    7. ඒ අහින්තක මන් ගැන වෙන්ටෑ මෙන්සන් කරේ ඉදගෙන ,,, :D බුකියෙන් අයින් වෙන්න ට්‍රයි කරන්නේ අවුරුදු ගානක ඉදන් තාම බැරි වුණා, ඒත් ගිය සතියේ පටන් ගත්තා දැන් යන්නේ නැහැ, සින්දු ඇනෝ නියමයි ඈ

      Delete
  2. කාගෙ කැම්පේන් එකක් වුනත් බංකොලොත් රටක් වුන අපිත් එක්ක සෙල්ලං කරන්න ආපු අනිත් ටීම් එකට ආචාර කිරීම ලස්සන අදහසක්. ඒ නිහතමානීකම සංකල්පයක් විදිහට හරි පුරුදු වෙන එක වටිනවා.

    ඒක මැච් එක දිහා බලන් ඉන්න වෙන රටවල මිනිස්සුත් දකිනවා. ලංකාවට තියෙන එකම ඇත්ත සම්පත අපේ රටේ ඉන්න හදවත් ඇති මිනිස්සු. ඒක ඔය කියන 2500 සංස්කෘතික බම්බුවක් නෙමෙයි. ඒක අපේ ජීවිත ඇතුලෙන් එන එකක්. අපේ විවෘත හිනාවෙන් එන එකක්. කොයිතරම් පහත් වැඩ තිබුනත් මිනිස්සු විදිහට අපි එහෙම මනුස්සකම් තියෙන ජාතියක් කියල පිටරටවල උන් යම් තරමකට විශ්වාස කරනවා.

    මේ කහපාට කැම්පේන් එක කතා කරන්නෙ ඒ හැගීමට. ඒක ආදරනීය එකක්. මේ වෙලාවෙ බංකොලොත් රටක ඉන්න හදවතක් ඇති ජාතියක් කියන එක හොඳ මතක් කිරීමක්.

    ඒ ලස්සන වැඩේ අලකරන්න උත්සාහ ක‍ළ හැම කෙනෙක්ම තමන් ඉන්න පහත් තැන සළකුණු කළා.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම පැත්තකින් තියල බලපුවාම,
      කිසිම වැදගත් දෙයක් නැතුව හාල් වෙවී හිටපු ලාංකිකයින් මේ ඡන්දෙන් සෑහෙන සැනසීමක් ලබාගත්තා.බුකිය පොපියන චමත්කාරයක්.
      ඒ කියන්නේ..... වෙනකන්ම බලන් ඉන්න වෙනවා මොනව වෙයිද කියලා.
      ජයවේවා..!!

      Delete
    2. පාට පාට සරුංගල්
      වෙල පුරාම සරුංගල්
      කූරි කොටන සරුංගල්
      ඈතට යන සරුංගල්

      ලොකු අයියා හදපු නයා
      කැරකි කැරකි ඉහල ගියා
      ඔක්කෝටම ඉහල ගියා
      පුංචි වෙවී නොපෙනි ගියා

      අපි දිනුවා
      අපි දිනුවා..

      Delete
    3. මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
      කතා කරපු අය සෙනේ වඩපු අය
      ළඟ පාතකවත් නෑ
      මේ ඉර හඳ යට හමුවී

      අද නුඹ කොතැනද අද මා කොතැනද
      දන්නේ නෑ නුඹ මටත් හොරා
      ජීවන මහ මග සටන් වැදී ඇත
      නාඳුනනා පෙම්වතුන් වෙලා

      දැන හඳුනා ගත් කාලේ ඉඳලා
      ළබැඳි දයාවෙන් සිටිය නිසා
      අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
      හෙටටත් කඳුලක් ඉතිරි වෙලා

      එඩ්වඩ් ජයකොඩි
      රඹුකන සිද්ධාර්ථ හිමි
      එම්. ආර්. චූලසිංහ

      http://helageepada.blogspot.com/2011/06/me-ira-hada-yata-hamuvee-aadarayen.html

      Delete
  3. කහපාට ඇඳගෙන වැඩි පිරිසක් මැච් එක බලන්න ඇවිත් නම් ඉන් පැහැදිලිව පේන්නෙ අරගලකාමීන් කියන දේට ජනතාව අතර ඇති පිලිගැනීමේ තරමයි. කණගාටුවෙන් වුනත් ඇත්ත පිළිගන්න වෙනවා. දැන් ඔය කියපු විදිහට බැසිල් ඇවිත් අලුත් පක්සෙක කැම්පේන් එකක් අද පටන් ගත්තෙත් නැත්තං අපිට මෙහෙම කියන්නත් වෙනවා..
    අරගලයත් දැන් පචයකි..

    ReplyDelete
  4. රාජ්‍ය පාලනය ගැන අබ මල් රේණුවක දැණුමක් නැති ඝෝඨාභය "ඉවත්කළ" යුතුයැයි කියනා මතයේ මෙන්ම පාර්ලිමේන්තුව විසිරවිය යුතුයැයි කියනා මතයේ මාතලන්ද සිටිනවාය.

    ReplyDelete
  5. හේෂාන් දමින්ද පොන්නයාට ඉංග්‍රීසි‍, සිංහල බැරිද? හුත්තො ඌ කොහෙද කිණ්ඩි දාන්නෙ? හොඳක්නෙ කියන්නෙ. Technology තියෙන්නෙ තොපි වගේ මී හරක්ට. ඉංග්‍රීසි බැරි නම් subtitles on කරගෙන sinhala translation දාගෙන බලපන්.

    ගිහින් බලපන් ICC, ESPNCricinfo, Cricket Australia page ටික. බලපන් BBC, Guardian වගේ අන්තර්ජාතික මාධ්‍ය දාලා තියෙන news. හැම තැනම හොඳ කියද්දි මේ පුක්ජාතක ලපටි පොන්නයා commentary කරන එකාගෙ වචනයක් වරද්දගෙන හැමිණෙනවා.

    නොදකින් ඩස්පි පොන්නයා.

    ReplyDelete
    Replies
    1. ඕකා හිගන අනාත මානසික ලෙඩෙක්.

      Delete
    2. ඔසාම බින් ලාඩන් ගොඩ අරගෙන වහාම පරීක්ෂණයක් කරන්න ඕන. මූව මරල ඔබාමා කරල තියෙන්නෙ යුධ අපරාදයක්.

      මීට නව පරපුරේ සහජීවන ඇමෙරිකන් සොන්නයෙක්.

      Delete
  6. රටක් ගොඩ ගන්න තියෙන එකම විසඳුම පාරේ බෝඩ් උස්සන් අර ගෝ ගමයි මේ ගෝ ගමයි අටවගෙන අරගල කරන එක විතරක්ම නෙවේ. අද කහ ඇඳන් ගිහිල්ලා අපේ මිනිස්සු කරපු ලස්සන වැඩේ සුපිරියටම ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙනවා. ඒක 100% සාර්ථක movement එකක්. මොකා කොහොම කිව්වත් රටේ ඉන්න 1% වගේ කුහක හැත්තකට තමා තවමත් ඕක joke එකක් වගේ පේන්නේ. මතක තියාගන්න බන්. උඹලගේ මතේ නෙවෙයි රටේ මතය. උඹලගේ අරගලය එකා වගේ රටම අනුමත කරනවා වගේ රටේ වෙන හොඳ දේවලුත් උඹලා අනිත් පැත්තට අගයන්න පුරුදු වෙයන්. එතකොට ඔය හිඳිලා තියෙන අරගල භුමිය ගැන මිනිස්සු විශ්වාසය තියලා ආපහු එයි. දේශපාලන අතකොලු වෙන්න එපා. අරගලයට මිනිස්සු එන්නේ නැති වෙන්න හේතුවත් පොඩ්ඩක් හොයලා බලපන්. එතකොට තේරෙයි දැන් ඔතන තියෙන්නේ මුලින් තිබ්බ අරගලය නෙවෙයි වෙන එකක් කියලා. අපිට ගෝල්ෆේස් නෙවෙයි යාපනයේ කොටුවේ හරි ගෝ ගමක් ගහපන්. අපි එනවා. රටේ මිනිස්සු එයි. හැබැයි කාගෙවත් අතකොළුවක් නොවී ඒක කරන්න. ඒක ලස්සන අරගලයක් වෙයි. මුලින් කිව්වා වගේ අරගලය කියන්නේ පාරේ කරන දෙයක් විතරක්ම නෙවේ. අපේ මිනිස්සු match එක බලපු එකත් එක විදිහක අරගලයක්. සුද්දෝ මෙහෙට අවොත් තමයි අපිට ඊළඟට එන තෙල් නැව එන්නේ. ගෝටාබය හෙට ගෙදර ගියත් ඒක තමයි ඇත්ත. ඒ වගේම අපේ රටේ පිටරට ඉන්න මිනිස්සු එවන පනම් දෙකෙන් තමයි අපිට හෙට ලැබෙන බෙහෙත් ටික ලැබෙන්නේ. ඒ වගේම ගෑස් ටික ලැබෙන්නේ. හෙට පාර්ලිමේන්තුව පෙරලුවට ආණ්ඩු මාරු කලාට ඕවා තමයි කෙටි කාලින විසඳුම්. ඒක නිසා මතක තියාගනිල්ලා බන්. උඹලා 1% ඔලුවෙන් හිටන් කෑගැහුවත් දේශපාලන agenda වලට මිනිස්සු රැවටුන කාලය ඉවරයි. උඹලා ඔලුවෙන් හිටන් කෑගැහුවත් මිනිස්සු තෙල් පෝලිම් වල ඉඳි හිත හදාගෙන. ඒක මිනිස්සු තවත් එක විදිහක ආතල් එකක් කරගනී. අරගල කියන්නේ මොකක්ද කියලා අමතක වෙන දවසක් එයි ඉස්සරහට. මොකද උඹලා වත් අපිවත් තවම අරගලයක් කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් අරන් නැහැ. ඒක නිසා උඹලගේ දේශපාලන agenda පැත්තකින් තියපල්ලා අරගලය තවත් දියාරු කරන්නේ නැතුව.

    ReplyDelete
  7. මං නං ඕස්ට්‍රේලියාවේ කලර්ස් ඇන්දේ අද ඊයේ නොව 2016 දී
    ‍උඩු රැවුලට හේතුව බූන් හෝ මර්ව් හියුස් නොව මොවැම්බරයයි.

    Supporting the Australian Cricket Team during the tour by Proteas in Australia in November 2016.

    Moustache is not for David Boon nor Merv Hughes but for Movember.

    ReplyDelete
  8. ඉකොනොමැට්ටාගේ පුක් ගැට්ට.

    ReplyDelete
  9. ඉකොනොමොට්ටා බලං ඉන්නේ රෂිනිගේ පෑන්ටි එකක් උස්සන්න. තට්ට රාසික් බලං ඉන්නේ රෂිගේ පෑන්ටි එක පෙන්නලා ඉකොනෝමොට්ටාගේ පුක් ගැට්ට පලන්න.

    ReplyDelete
  10. කහ රැල්ලට මම සපොර්ට් කළේ නැහැ. ඒ මම සාමාන්‍යයෙන් රැලිවලට සපොර්ට් නොකරන නිසා. හැබැයි ලංකාව අඩුවට දැවිල යනකොට දාල තිබුණ පෝස්ට්වලින් තේරුණේ ඇතැමුන් මේ කහ රැල්ල නිසාම ලංකාව මැච් එක පරදිනකල් හිටියා කියල. ඒ මානසිකත්වය අපි පරාජය කරන්න ඕන. තව පැත්තකින් ඇතැම් නාලිකා මැදට පැනල මෙතන පොඩි දේශපාලනයකුත් කරන්න හැදුවා. මැච් එක දිනුව නම් "ලංකාවම කහපාටයි" කියල කැම්පේන් එකක් පටන් ගන්නත් හිටියෙ. මිනිස්සුන්ගෙ අව්‍යාජ හැඟීම් දේශපාලනයට උගස් තියෙන ඒ වගෙ අයත් අපි පරාජය කරන්න ඕන. මේ දෙපිරිසම පරාජය වෙලා, ලංකාව දිනුව බව අන්තිමේ අපි දැක්ක.

    ReplyDelete
  11. නනත්තාරවෙලා සිටින රනිල්ට සහ එජාපයට දැන් කුමන ක්‍රමයකින් හරි මුදල් හොයන්ඩ ඕනෑ ගෝට මේබව දන්න නිසාම මහ බැංකුවේ ආරශාවට එය ඩොක්ට නන්දලාල්ට දුන්න . ඒනිසා රනිල්ට මහ බැකුව කොල්ලකන්ඩ බෑ . රනිල් මුදල් සෙවීමේ අංශය බාරදීල තිබෙන්නේ නමගිය හොරු දෙන්නෙකුට .වජිර සහ හරින් ප්‍රනාන්දු .මුන් දැන් ගහන්ඩ පුලුවන් හැම එකෙන්ම ගහනව . ලිට්‍රෝ එකත් එක ඉලක්කයක් .මේ දිනවල හරින් බාර් ලයිසන් දීල සල්ලි ගරනව වගේම රජයේ මහාපරිමාන සැපයුම් කරුවන්ට සහ කොන්ත්‍රාත් කරුවන්ට ලැබීමට ඇති මුදල් ඉක්මනින් ලබාදෙනව කියල විශාල මුදල් ඉල්ලනව . මේව නතරකිරීමටනම් මුදල් ඇමති වහාම රනිල්ගෙන් ඉවත්කලයුතුයි .

    ReplyDelete
  12. හුත්තේ මුළු තුනයි මැද කවඩියක් වගේ
    ඇත්තේ එක හිලයි කක්කුටු ගුලක් වගේ
    දෙක තුන අනින කොට පල් මඩ වලක් වගේ
    එහෙව් එකට පර හුත්තියො කරන අගේ

    ReplyDelete
    Replies
    1. වගකීමෙන් කියමි. ඉහත කවිය ඇතුළත් comment එක මා එවූවක් නොවේ. එය කෙසේ කළ එකක්දැයි නොදනිමි. අනෙක් කරුණ මා කිසි විටෙක මගේ අනන්‍යතාව සඟවා comment කරලාත්; කරන්නෙත් නැත.

      Delete
  13. ඛෙත්තරාමේ හුත්තලා

    ReplyDelete
    Replies
    1. වාර දෙකක් ඩෙමොක්‍රැට්ස්ලා දිනලා තිබුන නිසා වෙනසකට රිපබ්ලිකන් පාලනයක් ඕනෑවෙන එක ස්වාභාවිකයි.
      ඒත් සැන්ඩර්ස් ආවනම් ට්‍රම්ප් පරදින්න තිබුනා

      Delete
  14. ඇයි අප අරගල කරන්නේ? අරගල කරලා ජයග්‍රහණ ලබා ගත්තු රටක් තියෙනවද වර්තමානයේ? පාරවල් ගානේ අරගල කර කර හිටියයි කියලා ලැබෙන දෙයක් නැහැ. අපි බලන්න ඕනි මේ වෙලේ බලයේ ඉන්න කෙනාට සහය දීලා මේකෙන් ගොඩ එන්න බලන එක. කුහක ජේවීපී එක උනත් කමක් නැහැ, කඩාකප්පල්කාරී, මිනීමරු, ගිනිතැබීම් සිදුකරන්නේ නැතුව ප්‍රජාත්‍රන්තවාදී විදියට බලයට එනවා නං ඒකට සහය දෙන්න ඕනි.

    ජනපති මුලින්ම පොදුවේ කතා කරා ආණ්ඩුවක් පිහිටුවන්න එන්න කියලා. ජේවීපී ආවේ නෑ, සජිත් ආවේත් නෑ. ඒ මොකද ඒ අයට විවේචන ඇරෙන්න කිසිම වැඩ පිළිවෙලක් නැති නිසා. කුහක කමේ, ඉර්ශියාවේ, ක්‍රෝධයෙන් ඉන්න එක තමයි ඒ අයගේ වැඩේ. ඒ තියා මිනිස්සු ක්‍රිකට් මැච් එකක් බලලා සතුටු වෙනවාටත් මේ කුහක අරගලකාරයෝ විරුද්ධයි. උන් හිතන් ඉන්නේ මිනිස්සු හැම වෙලේම උන්ට සහය දීගෙන, අරගලය ගැන විතරක් කතා කර කර ඉන්න ඕනි කියලා.

    දැන් ඉතින් අරගලේ ඉවරයි. කුහක ජේවීපී සහ බංකොලොත් සමගියේ සෙට් එක මේක උස්සන් යනවා. ජේවීපී එකටත් තියෙන්නේ පෙරටුගාමී එක්ක ප්‍රශ්නයක්, ඒ අය එකිනෙකාට ඇන කොටා ගන්නවා අරගලයේ අයිතිය ගන්න.

    ඊයෙත් මැච් එක දිහා බලද්දී පෙනුන දේ තමයි ලංකාව අඩුවට දැවිල යනකොට අරගලයට පක්ෂ ය දාල තිබුණ පෝස්ට්වලින් තේරුණේ ඇතැමුන් මේ කහ රැල්ල නිසාම ලංකාව මැච් එක පරදිනකල් හිටියා කියල.

    කහපාට ඇඳගෙන වැඩි පිරිසක් මැච් එක බලන්න ආපු එකෙන් පැහැදිලිව පේන්නෙ අරගලකාමීන් කියන දේට ජනතාව අතර ඇති පිලිගැනීමේ තරමයි. කණගාටුවෙන් වුනත් ඇත්ත පිළිගන්න වෙනවා.

    අනික කාගෙ කැම්පේන් එකක් වුනත් බංකොලොත් රටක් වුන අපිත් එක්ක සෙල්ලං කරන්න ආපු අනිත් ටීම් එකට ආචාර කිරීම ලස්සන අදහසක්. ඒ නිහතමානීකම සංකල්පයක් විදිහට හරි පුරුදු වෙන එක වටිනවා.

    ඒක මැච් එක දිහා බලන් ඉන්න වෙන රටවල මිනිස්සුත් දකිනවා. ලංකාවට තියෙන එකම ඇත්ත සම්පත අපේ රටේ ඉන්න හදවත් ඇති මිනිස්සු. ඒක ඔය කියන 2500 සංස්කෘතික බම්බුවක් නෙමෙයි. ඒක අපේ ජීවිත ඇතුලෙන් එන එකක්. අපේ විවෘත හිනාවෙන් එන එකක්. කොයිතරම් පහත් වැඩ තිබුනත් මිනිස්සු විදිහට අපි එහෙම මනුස්සකම් තියෙන ජාතියක් කියල පිටරටවල උන් යම් තරමකට විශ්වාස කරනවා.

    මේ කහපාට කැම්පේන් එක කතා කරන්නෙ ඒ හැගීමට. ඒක ආදරනීය එකක්. මේ වෙලාවෙ බංකොලොත් රටක ඉන්න හදවතක් ඇති ජාතියක් කියන එක හොඳ මතක් කිරීමක්.

    ඒ ලස්සන වැඩේ අලකරන්න උත්සාහ ක‍ළ හැම කෙනෙක්ම තමන් ඉන්න පහත් තැන සළකුණු කළා.

    ReplyDelete
  15. අරගලයට ආසන්නතම (සහ ප්‍රධාන ම) හේතුව: ඉන්ධන, විදුලිය, ගෑස්, ඖෂධ වගේ අත්‍යවශ්‍ය දේවල් නැතිවීමත් එක්ක ජනතාවගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට බැරිවීම (කෙටියෙන් කීවොත් රට බං⁣කොලොත් වීමේ ආර්ථික අර්බුදය)

    රට බංකොලොත් වීමට ආසන්නතම හේතුව: මීට කලින් තිබුණ ආණ්ඩුව විසින් මෝඩකමට හෝ හිතාමතා ම (සමහර විට ඔය දෙකට ම) කරපු "ආර්ථික ඝාතනය" (අවුරුදු හැත්තෑ ගාණක දුර්වල ආර්ථික දේශපාලන ක්‍රමය නිසා ඕක ලේසි වුණා වුණත් මොළයක් සහ අවශ්‍යතා තිබුණ නම් බංකොලොත් නොවී ෂේප් එකේ යන්න ඉඩ තිබුණා)

    අරගලයේ මූලික අරමුණ: අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ගෙදර යැවීම. ඒ ඒ ආණ්ඩුවත් එක්ක පුද්ගලික තරහක් නිසා නෙවෙයි; මෝඩකම නිසා හෝ හිතාමතා උන් කරමින් හිටපු විනාශය නැවැත්වීම සහ ඒක ආපහු හැරවීම. ඒ හරහා තමන්ගේ එදිනෙදා ජීවිත කරදරයක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් ව⁣ටපිටාවක් හදාගැනීම (එහෙම නැතුව ධනේශ්වරය පෙරලන්න හරි සමාජවාදය ඇතිකරන්න හරි මිනිස්සු මිරිහානට ආවෙ නෑනෙ)

    දැන් එතකොට මේ වෙනකොට අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ඩි ෆැක්ටෝ ගෙදර ගිහිං තියෙනව. කඳ ඒක ම වුණත් අලුත් ආණ්ඩුවට තියෙන්නෙ වෙන ඔළුවක්. සමස්තයක් විදියට ගත්තොත් කලින් තිබුණ ආණ්ඩුව විසින් කරපු ආර්ථික ඝාතනය නැවැත්වීමට සහ ඒ විනාශය ආපහු හැරවීමට මේ අලුත් ආණ්ඩුව සතුටුදායක මට්ටමේ වැඩක් දැනට කරමින් ඉන්නව කියල යම් සමබරතාවක් තියෙන ඕන කෙනෙක් හිතනව, මම හිතන්නෙ. ඒ වැඩපිළිවෙළ පර්ෆෙක්ට් නැතිවීම, තාමත් පරණ කඳ තියෙන නිසා කොයි වෙලාවක හෝ අලුත් හිස ගසාදමා පරණ හිස හයිකිරීමේ අවධානම, අලුත් හිසත් ඉදිරියේ දී පිස්සු කෙළීමේ හෝ ෆේල් වීමේ අවදානම වගේ ගොඩක් අවදානම් තිබුණත් දැනට සතුටුදායක මට්ටමකින් දේවල් සිද්ධවෙමින් යනවා.

    දේශපාලන වශයෙන් කවුරු මොන ආකෘතියෙ ආණ්ඩුවක් හැදුවත් අඩුවැඩි වශයෙන් යන්න වෙන්නෙ මේ පාත් එකේ ම තමයි, මම හිතන්නෙ. එතකොට මේ අර්බුදයෙන් ගොඩ එනකල් මොන ආණ්ඩුවක් යටතේ වුණත් පෝලිම්, භාණ්ඩ හිඟය, ආදායම් නැතිවීම වගේ මේ ප්‍රශ්න ටිකට මූණදෙන්න වෙනවා. දැන් අපි ඉන්න තත්ත්වයෙ හැටියට ඔය ටිකට මූණ නොදී එක දවසින් ගොඩ එන්න බෑ (ජාජබ හරිනිත් කලින් ම ඕක කීව).

    ආපහු සරළ ව කීවොත් ආර්ථික වශයෙන් අපි මේ අත්විදින පීඩාවල⁣ට හේතුව මීට කලින් දේශපාලන බලය තිබුණ ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුව නෑ. දැන් තියෙන ආණ්ඩුව ට්‍රයි කරන්නෙ (අඩුපාඩු සහිත ව) අර ඩැමේජ් එක රිකවර් කරන්න. මේ වෙලාවෙ මොන ආණ්ඩුවක් ආවත් අඩුවැඩි වශයෙන් කරන්න තියෙන්නෙ ඒක ම තමයි. ඒ කියන්නෙ රෝග නිධානය අපි මේ වෙද්දි නැතිකරල තියෙනව. හැබැයි ⁣ඒක නිසා ආපු රෝග ලක්ෂණවලින් අපි තාම පීඩාවට පත්වෙමින් ඉන්නවා. රෝග නිධානය තිබුණු තැන ආයෙ කැපුව කෙටුව කියල මේ රෝග ලක්ෂණ අඩුවෙන්නෙ නෑ. ඒව කොහොමත් ඒවට අදාළ කාලය ගියාම තමයි අඩුවෙන්නෙ. ඕන නම් රෝග ලක්ෂණ පාලනයට වේදනා නාශක ⁣ට්‍රයි කරන්න පුළුවන්.

    සරළ ව කීවොත් ප්‍රශ්නෙ තෙල් පෝලිම් ගෑස්, පෝලිම්, භාණ්ඩ හිඟය නම්, මේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලන ක්‍රියාමාර්ගවලින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නෙ නෑ. හෙට මේ ආණ්ඩුව පෙරළලා වෙන මොන ම හෝ ආණ්ඩුවක් ආවත් ඒ ප්‍රශ්නවලට ඒකෙන් කිසිම විසඳුමක් ලැබෙන්නෙ නෑ. එකම දේ ආපහු රෝග නිධානය ඇක්ටිව් වෙන්නැතුව තියාගන්න ඒ එන හෝ ඉන්න ආණ්ඩුව සමත් ද කියන එක විතරයි. මම හිතන විදියට දැනට ආණ්ඩුව ඒ වැඩේ සැලකිය යුතු මට්ටමකින් කරගෙන යනව. ඒකට අදාළ ප්‍රතිසංස්කරණවාදී "සිස්ටම් චේන්ජ්" ටිකත් හෙමින් වෙන බවක් පේනවා.

    හැබැයි විප්ලවීය "සිස්ටම් චේන්ජ්," ධනවාදය හෝ වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන මොකක් හරි වෙන එකක්, නිර්ධන පංති ආඥාදායකත්වයක් වගේ දේවල් බලාපොරොත්තු වුණු අය ඉන්නව නම් ඒ අය බලාපොරොත්තු වෙන දේ පැහැදිළි ව ම සිද්ධවෙන්නෙ නෑ. එදිනෙදා ප්‍රශ්න නිසා පාරට බැස්ස ජනතාව ඒ වගේ විප්ලවීය දේශපාලන න්‍යායපත්‍රයකට පාවිච්චි කරන්න බලාගෙන හිටපු අය ඉන්නව නම් ඒ අය⁣ට දිගින් දිගට මේ දේශපාලන අරගලය කරන්න හේතු තියෙනවා. ඒ ඇරෙන්න එදිනෙදා ප්‍රශ්න ටික විසඳගන්න අරගලයට ආපු මිනිස්සුන්ට මේ මොහොතේ ආණ්ඩු පෙරලන්න උවමනාවක් නෑ.

    ඉතිං අර විප්ලවීය අරමුණ තිබුණ පිරිස කවදත් හිටියෙ සුළුතරයක් නෙ. ඉතුරු කට්ටිය ගෙවල්වට ගියාම ඉතුරුවෙන්නෙ ඒ සුළුතරය තමයි. ඒ ගැන පුදුම වෙන්නවත් දුක්වෙන්නවත් දෙයක් නෑ. අර හිටපු "3%" තමයි ඔය තාම ඉන්නෙ. ඒක වැඩිකරගන්නෙ කොහොමද, ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් එයාලගෙ විප්ලවීය දේශපාලන ඇජෙන්ඩාවලට කැමතිකරගන්නෙ කොහොමද කියල එක ඒගොල්ලො බලාගන්න ඕන; ඒක නිකං කටට වැටෙයි කියල හිතං ඉඳල පස්සෙ ඩිසපොයින්ට් වෙන එක තේරුමක් නෑ.

    ReplyDelete
  16. අරගලය ගැන මගේ ඇත්ත අදහස මේ පවතින අරගලකාමයට වඩා රාජපක්ෂලා වුනත් හොඳයි කියන එකයි. අරගලකාමීන්ට අනුව තමන්ගේ මතයට විරුද්ධ මතයක් දරන්නා ද්‍රෝහියෙකි. හොරෙකි. ඌට අපහාස කළ යුතුය. නින්දා පරිභව කළ යුතුය. හැකි නම් පහර දිය යුතුය.

    අරගලයට එක්නොවෙන සියල්ලන්ටද බැන වැදීමේ අපහාස කිරිමේ අයිතිය උන් සතුය. මැච් එකක් බලා විනෝද වීමත් උන්ට අනුව අපරාධයකි. සියල්ලන්ගේ විනෝදය කඩාකප්පල් කිරීම අරගලයේ මූලික කාර්‍යයක් වී ඇත.

    මේ අරගලකාමීන් අනෙක් ජනතාව වෙනුවෙන් මහා වීරෝදාර යමක් කරනවා යැයි ඔවුන්ම ප්‍රකාශ කරමින් සිටී. ඒ මහා එකේ බලයෙන් උන්ට සාමාන්‍ය ජනතාවට ඕනෑම අපවාදයක් අපහාසයක් කළ හැකිය. ඒ කාලෙ තිබුනු රණවිරු ගාය සහ අරගලකාමය යන දෙකම මේ වනවිට සමය. අපි වෙනුවෙන් අරගල කරන්නැයි කවුරුවත් මේ අයට කීවාදැයි දන්නේ නැත.

    මේ අරගලය තඩි පිරිමි අරගලයකි. එහි ගැහැනු ඉන්නෙ බැරියර් පෙරලන පිරිමි රිමාන්ඩ් එකෙන් එනකං දුක් කවි ලියන්නයි. අරගල පෙරමුනේ ගෑනුන්ට ඉඩක් නැත. කොටින්ම අරගලයට පණ දුන් හිරුනිකාවත් අරගලකාමීන්ගේ පිලිගැනීමට ලක්වෙන්නෙ නැත. මේ අරගලය තුලින් බිහිකිරීමට බලාපොරොත්තු වෙන ලෝකයට වඩා මේ පවතින ලෝකය මනුස්සය. මනුස්සකම අගයන කෙනෙක් නම් මේ මොහොතේ අරගලයට ප්‍රතිපක්ෂය.

    රාජපක්ෂවාදයේ අපි ප්‍රතික්ෂේප කළ සියලු දේ අඩුවැඩි වශයෙන් අරගලයේ ලක්ෂණ වී ඇත.

    'භයානකම දේ ඔබ මකරාට විරුද්ධව සටන් කරද්දී ඔබම මකරා බවට පත්වීමය'

    ReplyDelete
  17. මැල්කම් රංජිත් කැරියගේ කටේ රෙන්න ඕනි, ඌ තමයි වෙසිගේ පුතා මෙතුවක් කාලකෙට හම්බුන ප්‍රතිගාමීම කාදිනල්. රාජපක්ෂලාගේ ගූ කාපු වෙසිගේ පුතා, ඕකාත් අද මේ රටට වෙලා තියෙන දේට වගකියන්න ඕනි මුල් පෙලේ එකෙක්. දැන් ඌ කතා කරන්නේ මොනවත් දන්නේ නෑ වගේ, සිරන්තිගේ පෑඩ් තම්බන් බීපු කැරියෙක් ඕකා. අමු මුසල වෙසිගේ පුතෙක්/

    ReplyDelete
  18. මාතලන්, මේ කමෙන්ටස් වල භාෂාව හා අන්තර්ගත කරුණු දෙස බලන්න. මේ ඔබ විසින් නිර්මාණය කර ඇති රසික පිරිසයි. ඔබ ආ ගමන්මග දෙස ආපසු හැරී බැලීමක් කිරීම සුදුසු නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ රසිකය..

      Delete
  19. මං ක්‍රිකට්ලෝලියෙක් නෙමෙයි. හැබැයි මං සතුටෙහි ලොල් වූවෙක්. සෑහෙන පිරිසකගෙ කතාබහට ලක්වුනු මැච් එකට කහපාට ඇඳීමේ කැම්පේන් එකට මං කැමති ඒක සතුටේ නිෂ්පාදනයක් නිසයි.

    ලංකාවෙ පොදු මානසිකත්වය අසතුටට බරයි. දුකම උත්කර්ෂයට නංවනසුලුයි. ජනප්‍රිය බුද්දාගම හරහා ආපු මේ නොසතුටෙහි ලැගීම වාමාංශික පක්ෂ විසින් කරට ගත්ත දේශපාලනයයි. ඒක නිසා සතුටේ නිෂ්පාදනයක් සිද්ද වෙන ඕනම තැනකට වම විරුද්ද වෙනවා. ලංකාවෙ වම ආගම වගේම සෙක්ස් සහ මත්ද්‍රව්‍යවලටත් විරුද්දයි. මොකද ඒවා සතුටේ නිෂ්පාදන නිසා.

    මේ කැම්පේන් එක දිලිත්ගෙ එකක් කියල කියනවා. ඒක වෙන්න පුළුවන්. දිලිත් කියන්නෙ දක්ෂ ප්‍රොපගැන්ඩාකරුවෙක්. ඒ කැම්පේන් එක කොයිතරම් සාර්තක වුනාද කිව්වොත් ඒක සාර්තක කරන්න වැඩියෙන්ම මැදිහත් වුනේ ඒකට විරුද්ද පාර්ශ්වමයි. කොටින්ම තාම ඒකට බනිනවා. ඒ කියන්නෙ කාලා ඉන්න බැරි තරමට සාර්තකයි. දිලිත් කීපවතාවක්ම මාත් පිලිගන්න කතාවක් මේ අර්බුදය ගැන කියමින් හිටියා. ඒ තමයි පොසිටිව් මානසිකත්වයක් හදන්න ඕන කියන එක. සතුට නිර්මාණය කරන්න ඕන කියන එක. ආර්තික විද්‍යාව ගැන දන්න ඕන කෙනෙක් මේ කාරණය පිලිගන්නවා. අර්බුදයකින් ගොඩඑන්න නම් වැදගත්ම දේ වෙන්නෙ සමාජ අපේක්ෂාව ධනාත්මක දිශාවකට හරවන එක. අන්තිමට ආර්තිකය තීරණය කරන්නෙ සමාජයේ මානසිකත්වය විසින්. වැටෙනවා කියල විශ්වාස කරනවා නම් වැටෙනවා. නැගිටිනවා කියල විශ්වාස කරනවා නම් නැගිටිනවා. කහපාට කැම්පේන් එක ඒ ධනාත්මක මානසිකත්වය ඇති කිරීමේ සාර්ථක උත්සාහයක්. මේ වගේ කැම්පේන් තව තැන්තැන්වල වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන එකයි මගේ අදහස.

    මේ කැම්පේන් එකේ වඩාත් සාර්තක කාරණයක් වුනේ ඒක අන්තර්ජාතික සබඳතාවයක්, විවෘතභාවයක් සහිතව ක්‍රියාත්මක වුන එක. ඒක නිකං අපේ ජාතිය උඩදානවා වගේ කොටුවුනු දුප්පත් කැම්පේන් එකක් නෙමෙයි. අපිට සපෝර්ට් එකක් දීම වෙනුවෙන් වෙනත් ජාතියකට සුබපතන පොහොසත් කැම්පේන් එකක්.

    ඕනම සමාජයක පවතිනවා එනර්ජි එක්සස් නැත්තං ශක්ති අතිරික්තය කියල කාරණයක්. මේ ගැන ජෝර්ජ් බටායි විස්තර කරනවා. මේ අතිරික්තය ආර්තිකය කියල අපි හඳුන්වන සීමාවට වඩා විශාල වපසරියක ක්‍රියාත්මක වෙන එකක්. ආර්තිකය නැවතුනා කියල අතිරික්තය නවතින්නෙ නෑ. බටායි කියන්නෙ මේ ශක්තිය යම් ආකාරයකින් නාස්ති වීම අනිවාර්යයක් කියල. මේක වැය කරන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන එක තමයි නැවත නිෂ්පාදනයට යොමු කරන එක. ඒ කියන්නෙ තව තව නිෂ්පාදන සමාජයට ගේන එක. මේක තමයි පාරිභෝජනවාදය කියන්නෙ. අනවශ්‍ය තරම් නිෂ්පාදන සමාජයට ගේන්නෙ මේ අතිරික්තය වැය කරන්න. අනිත් විදිහ තාර්කිකව ඵලදායී නොවන ආකාරයකින් මේක වැය කිරීම. පිරමිඩ හදන්නෙ, දාගැබ් බඳින්නෙ මෙන්න මේ වැයකිරීමට. ඒ මහා ශක්ති තැන්පත් කිරීම් ඇතුලෙන් මිනිස්සු සතුට උපදවනවා. සමාජයට විශ්වාසය ඇති කරවනවා. පරම්පරා ගානක් ඒ ශක්ති ඝනීභුත කිරීම පවතිනවා.

    ReplyDelete
    Replies
    1. මේ අතිරික්තය යම් කිසි සාධනීය ආකාරයකට වැය නොකලොත් ඒක විනාශකාරී ස්වරූපයක් ගන්නවා. යුද්ධ සහ විප්ලව කියන්නෙ ඒවට. අරගලය කියන්නෙත් මේ අතිරික්තයේ විනාශකාරී වැයවීමක්. ඒක ඇතුලෙ නිර්මාණය වෙන්නෙ නෙගටිවිටි එකක්. වෛරයක්. ඉරිසියාවක්. කුහකත්වයක්. ඒ අඳුරු සමාජ මානසික නිෂ්පාදනය වෙනුවෙන් සමාජ අතිරික්තය වැයවීමක් තමයි අපිට අරගලය ඇතුලෙ දකින්න පුළුවන් වෙන්නෙ. පෙට්‍රල් පෝලිම් කියන්නෙත් මේ වගේ අතිරික්තය වැයවෙන ආකාරයක්. මේ පෝලිම්වල ඉන්නෙ කන්න බොන්න නැති මිනිස්සු නෙමෙයි. පෙට්‍රල් නැති වුනත් පෝලිමේ ඉඳගෙන රන්ඩු කරමින්, ගිනි තියමින් නැත්තං බොමින්, සාද පවත්වමින් අපි වැය කරන්නෙ මේ ශක්ති අතිරික්තය. ෆේස්බුක් එකේ මේ විදිහට පෝස්ට් දමමින්, එකිනෙකාට බැනගනිමින් අපි වැය කරන්නෙ ඒ අතිරික්තය.

      මේ අතරෙ ක්‍රිකට් මැච් එකක් කියන්නෙ මේ අතිරික්තය සතුට ඉපිදවීම වෙනුවෙන් පාවිච්චි කරන තැනක්. කහ කැම්පේන් එකක් කියන්නෙ ඒ සතුට සාමූහිකව බුක්ති විඳීම වෙනුවෙන් නිර්මාණය වුනු සංකල්පයක්. මේ අදහස දෙරනෙන් මතුවුනා වෙන්න පුළුවන්. ඒත් අරගලකාමීන් කිව්වෙ මොකක්ද පක්ෂයක් එදාට එලියට ඇවිත් මේ කහපාටෙහි සතුට බිලිබාගන්නවා කියලා මාන්දමික කතාවක්. නැවත ඒ සතුටට කුහකත්වය ආරෝපණය කිරීමක්. එහෙම දෙයක් වුනේ නෑ. මිනිස්සු කහපාටින් සතුට බෙදාගත්තා. ඒ සතුට කොයිතරම් ප්‍රබලද කිව්වොත් තාමත් නොසතුටේ පිරිස නලියනවා.

      මේ ගැන නිර්මාල් හරි කවුරු හරි අදහසක් මතු කරලා තිබුන ඩයස්පෝරා‍ව ගොඩක් සල්ලි එවනවා ඒ අයටත් ස්තුති කරමුද කියල. මේක මේ ක්‍රියාවලිය ගැන නොදැනුවත්කම විසින් නගන ප්‍රශ්නයක්. ඩයස්පෝරාව තමන්ගේ නෑයන්ට සල්ලි එව්වට මේ දේ සිද්ද වෙන්නෙ නෑ. හැබැයි ඩයස්පෝරාව හෝ වෙනයම් කෙනෙක් ක්‍රීඩා උත්සවයක්, සැනකෙලියක් පවත්වනවා නම් එතකොට මේ දේ සිද්ද වෙනවා. මේ සාමූහික සතුට නිෂ්පාදනය නැත්නම් අතිරික්තය වැයවීම සිද්ද වෙන්නෙ එතකොටයි.

      මේකෙන් ඩොලර් එන්නෙ නැතිය, මේකෙන් අරක වෙන්නෙ නැතිය කියන ප්‍රලාප සියල්ලත් ආපහු තාර්කික ආර්තික කාරණාවලම හිරවුනු පටු දුක්ඛිත කතන්දර. මේකෙ අරමුණ සතුට. ඩොලර්වලින් ගන්න බැරි තරම් සතුට. මේ වෙලාවෙ අඳුරු හැගීමක වෙලිලා ඉන්න මිනිස් සමූහයකට ඒක රිදී රේඛාවක් වගේ වෙනවා. මහා පරිමාණයෙන් හැම තැනම සිද්ද වෙනවා නම් ඒක ආර්තිකයට ෂොක් තෙරපි එකක් විදිහට වැඩකරනවා. මිනිස්සු එලියට බහින්න, වියදම් කරන්න, සතුටු වෙන්න පෙළඹෙනවා. අපේක්ෂාව ඇති වෙනවා. ඒකයි කඩා වැටෙන ආර්තිකයකට තියෙන හොඳම විසඳුම.

      දිලිත් මේ වැඩේ කළා නම්, දිලිත්ට ස්තුතියි.

      Delete
  20. මාතලන්,

    මේ blog එක ඔයාගේ සින්ඩියට එකතු කරන්න පුලුවන් ද?
    email එකකුත් දැම්මා හැබැයි
    https://naveensandeepakumara.blogspot.com/2022/06/galleface.html?m=1

    ReplyDelete
    Replies
    1. සින්ඩියේ මොකක්ද ලෙඩක් තියෙනවා කිසිම දෙයක් කරන්න බෑ...

      වෙරි සොරි..ම්

      Delete
    2. හරී. ඒකට කමක් නෑ එහෙනම්. ඒ පැත්තට ඇවිත් අදහස් දිලා යන්න එන්න🤗

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න