.

.

Jul 19, 2022

විමල්ගේ අරමුණ ඩලස් තුලින් ඉටුකරගැන්ම හෙවත් සජබය ඩැහැගැනීමේ කුමණ්ත්‍රණය.


විමල් ඩලස් එකතුවේ දේශීය අනුග්‍රාහකයා දිලිත් ජයවීර වනාතර, විදේශීය සාදර අනුග්‍රහය චීන සමුහාන්ඩුව බව අප කී දෑ අද මහපොලොවේ සත්‍යයන් වී හමාරය.


මෙහිදි අප වඩාත් විමසිලිමත් විය යුත්තේ ඩලස්ගේ ඉදිරිපත් වීම නොව, මේ තුල ක්‍රියාත්මක වන විමල්ගේ භූමිකාවයි. විමල්ට රටේ නායකත්වයට පත්විමේ තද බල ආශාවක් තිබෙනා බව කාටත් පැහැදිලිය.


ජවිපේ තුලින් විමල් එලවා දැමීමට තීරණය කරන්නේත් මේ හේතුවෙනි. එහිදි ඔහුගේ කුමන්ත්‍රණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සංධාන ගතව එහි බලය ඩැහැගැනීමයි. ඊට ජවිපේ සෝමවංශ මෙන්ම අනෙක් අයද එකහෙලා විරුද්ධ වන්නේ, ඔවුන්ගේ දේශපාලන අරමුණ වෙනත් එකක් වන හේතුවෙනි.


2005 දී මහින්ද බලයට ගෙන ඒමට ක්‍රියාකල ජවිපේ, මහින්දගේ යුධ බජට් එක පරාජයට පත් කිරීමට යන්නේත්, විමල් ඊට එරෙහිව පක්ෂයේ 50% පමණ කුට්ටියකුත් කඩාගෙන ගොස් ජනිපේ නායකයා වී, මහින්දගේ අගසව් හෙවත් ලොකු පුතා වන්නේත් මේ හේතුවෙනි.


ඉන්පසු 2012 මහින්ද විනාශ කිරීම ආරම්බ කර, මහින්ද මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලීමේ නිර්මාතෘ වන්නේද විමල්මය. ඒ බැසිල් හා පී බී සමඟ ගේමක් ඇදගෙන ආර්ථික ඝාතකයා නාටකය රඟදක්වමිනි.


එහිදි අතන මෙතන පනින රතන හා පාඨලි පමණක් ඊට එක්ව, පසුව යහපාලන ජෝගියේ සාමාජිකයින් වූවද, විමල් ඊට සහභාගී නොවන්නේ, මහින්දට කෙල වූ පසු මහින්දගේ බයියන් සියල්ලෝම තමන්ගේ ග්‍රහණයට පහසුවෙන් ගත හැකි බව ඔහු දැනගෙන සිටී බැවිනි.


එය කෙතරම් සාර්ථකව සිඳු කලේද යත්, මැදමුලනේ පැත්තකට වී සිටී මහින්ද මහත්තයා චක්කාට අන්දාගෙන, නුගේගොඩට උස්සාගෙන විත්, බයියන් නැවත බලයට ගෙනාවේ විමල් වීරවංශ බව අදටත් පනිට්ටු බයියන්ගේ විශ්වාසය වනාතර, උන් කියන්නේ පුලුවන්නම් විමල් නැතුව මහින්දලාට දිනලා පෙන්නනෙයි කියලාය.


එහෙත් විමල්ගේ මේ සැලසුම දුටු ජොනී හා ප්‍රසන්න, ඇමරිකාවේ උන් බැසිල් මෙරටට ගෙන්වා, අළුත් පක්ෂයක් බිහි කර, විමල්ගේ ජාතික නිදහස් පෙරමුණෙන් චන්දයට ඉදිරිපත් වීම වලක්වමින්, බයියන්ටම වෙන්වූ පොහොට්ටු පක්ෂය නිර්මාණය වන්නේ ඒ අනුවය.


එය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත් අතර, බැසිල්ලා සමඟ තම සිහිණිය සැබෑකර ගත නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු, නැවත වරක් රාජපක්ෂ පවුල බේද බින්න කොට, අවලස්සන ඇමරිකානූ නාට්ටිය රඟ දක්වමින් ඝෝඨාත් ඩැහැගෙන දාන්නට ගිය සෙල්ලම බැසිල් විසින් කුඩුකර දමන්නේ, ඇමතිකම්ද නැතිකර පුචට පයින් ගසා දොට්ට දැමීමෙන්‍ය.


ඇත්තටම ඝෝඨා විනාශ කළේ වෙන කවුරුවත් නොව මුලින්ම "2025 ඝෝඨා ජනපති විමල් අගමැති" සිහිණය ඝෝඨාගේ ඔලුවට දැමූ විමල් වීරවංශය. මහින්ද හා ඝෝඨා විරසක කළේද ඔහු වනාතර, මෙවන් ගේම් වලට ප්‍රසිද්ධ ඩලස් ඒවාට උපරිම සහයෝගය දුන්නේය.


ඉන්පසු පුලන්නන් කිහිප දෙනෙක් හා ස්වාධීන කණ්ඩායම් විගඩමක් සාදාගෙන, ඩලස් හා එක්ව දැන් කරන්නට යන්නේ, 


පොලිට්‍රික්ස් ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා, ජනප්‍රිය තීන්දූ තීරණ ගෙන අවසානයේ නාගන්නා, සජිත්ගේ ලක්ෂ 55 ක් පමණ වන පන් ටොයියන්ගේ ඡන්ද ප්‍රමාණය ඩැහැගැනීමක් බව සජිත්ට තේරුම් කර දීමට,


ඒ පක්ෂයේ ඉන්නා ෆොනී, රාජිත, කිරිඇල්ල තබා තිස්ස අත්තනායකටවත්, මහින්දගේ ගෝලයන් වූ ජොනීට, ප්‍රසන්නට තිබූ දේශපාල ඉව නැතිවීම කනගාටුවට කරුණකි.


සජිත් අද දින ගත් මේ අමන තීන්දුව ගැන අනාගතයේ කනගාටු වනු ඇත්තේ, ඒ යන පිරිසද, හරීන් හා මනූෂ මෙන්ම, "ආසයි බයයි" ලේබලය ගසා පක්ෂය හැර යන දිනයේය.


ඒ වගත් මෙසේය.....

.


16 comments:

  1. මිරියානේ සිදුවීම වෙන්න කලින් ඉදන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඩලස්ට කතා කරලා කිව්වා ඉදිරියේ ලොකු ගැටළු එන්න පුළුවන් ඒ නිසා ඔබතුම මැදිහත් වෙලා රාජපක්ෂලා එක්ක කතා කරලා පියවරක් ගන්න කියලා. ඒ අය කිව්වේ රාජපක්ෂලාට විරෝධයක් ඇතිවෙමින් පවතින නිසා ඩලස්ට මැදිහත් වෙලා රාජපක්ෂලා, මහින්ද එක්ක කතා කරලා සුදුසු පියවර ගන්න කියලා. ඒ කාලේ ඇත්තටම මහින්දටත් ලොකු විරෝධයක් තිබ්බේ නැහැ. බැසිල්ට තමයි විරෝධයක් තිබ්බේ. ඒ වෙලේ . ඒ වෙලේ බැසිල්ව අයින් කරලා යම්කිසි පියවර කීපයක් ගත්තා නං මිරිහානේ සිදුවීමත් වලක්වා ගන්න තිබ්බ.

    ඉතින් එත් ඩලස් වැනි වැනි හිටියා. ඊට පස්සේ මිරිහානේ කලබලය උනාම පස්සෙත් එදාම පහුවද ඉදන් පොහොට්ටුවේ මැති ඇමතිවරු ඩලස්ට කතා කර කර කිව්වා දැන්වත් පියවරක් ගන්න, නැතිනං ඉස්සරහට අපිට මැරුම් කන්න වෙන්නේ, අපේ ගෙවල් ගිනි තියලා දායි කියලා. මහින්ද වෙනුවට ඔබතුමා අගමැති වෙන්න කියලත් ඒ වෙලේ ඉල්ලුවා. ඒත් ඩලස් කිසිම දෙයක් කරේ නැහැ.

    අන්තිමේදී මැති ඇමතිවරු උපකල්පනය කරා වගේ ඒ අයගේ නිවාස ගිනි තියලා, එක මන්ත්‍රීකෙනෙක් මරලත් දැම්මා. ඊට පස්සෙත් කිසිම දෙයක් නොකරපු ඩලස් බොරුවට ලියුමක් දැම්මා ජනාධිපති ඉල්ලා අස්වෙනවා කියලා කිව්වට පස්සේ.

    ඉතින් ඔය වගේ මෙලෝ සෘජු තීරණයක් අවශ්‍ය වෙලේට ගන්න බැරි, තමුන්ගේ පිරිස වෙනුවෙන් පෙනී ඉන්න බැරි මිනිහෙක්ට ජන්දේ දෙන්න පොහොට්ටුවේ ගොඩක් අය දැන් කැමති නැහැ.

    ReplyDelete
  2. බය අතහැරලා ආසාවට අගමැති උනානම් මෙලහකට ගෙටත් ගිනිතියාගෙන මාලේ, සින්ගප්පූරුව හරහා නන්දෙත් එක්ක අබුඩාබි. ඩලස්ට සපෝට් නොකර චන්දෙ ඉල්ලුවනං විපක්ෂ නායකම තමයි. ඩලස් පැරදුනොත් ඒත් විපක්ෂ නායකම තමයි. කොල්ලොත් ෂේප්.මට ප්‍රශ්නයක් නෑ. බොලට තමයි ප්‍රශ්න.
    මීට, සජිත්

    ReplyDelete
    Replies
    1. නන්දෙ නම් ජනාදිපති විදිහට කොච්චර ගොනෙක් වුණත් අඩුමගානේ රටෙන් පැනගෙන පණ බේරගන්න තරම් හරි මොළේ තිබ්බා, ඒ වුණාට උපතින්ම මන්ද බුද්ධික අමු කාලකණ්ණි සක්කිලි බල්ලෙක් වෙන සජිත් ප්‍රෙමදාස කියන කැරි වේසිගේ පුතාට නම් එහෙම මොළයක් වත් නෑනේ ඕක අමු ගොනා වගේ අලි මන්තර කියලා මොනාහරි කුණුහබ්බ ටිකක් කියෝ කියෝ අරගලකාර මිනීමරු සෙට් එක ඉස්සරහට ගිහින් අර පොළොන්නරුවේ අමරකීර්ති ලොක්කා වගේ උන් අතින් මැරුම් කාලා මෙලහට අපායේ ආතල් එකක් ගන්න තිබුනා, මොන අබුඩාබිද බන් ඔය දෙකයි පණහේ කැරි වේසිගේ පුතාට ඉයන්?

      Delete
  3. මේගොල්ලන්ගේ දේශපාලන ඩිල් වලින් පිඩාවට පත්වන්නේ මේ රටේ කිසිම පක්ෂයකට සම්බන්ද නැති අපි වගේ සාමාන්‍ය මිනිස්සු. Social Media කමෙන්ට් කියෙවුවම පේනවා එක එක පක්ෂවලට කුජීත විදිහට රෙදිනැතුව කඩේ යන අය ඒ ඒ පක්ෂ වෙනුවෙන් අදහස් ඉදිරිපත්කරනවා මිසක් කිසිසේත්ම පොදුවේ රටේ මිනිස්සුන්ගේ අනාගතය වෙනුවෙන් පිරිසිදු රටක් වෙනුවෙන් කතා නොකරන බව. තක්කඩි දේශපාලකයන් මොන ගේම් ගැහුවත් මිනිස්සු හරියට නිවැරදිව ඉන්නවා නම් ඊලග චන්දයෙන් රට ගොඩ දා ගන්ඩ පුළුවන් ඒත් මේ රටේ බහුතරයක් හොරු හින්දා උන්ට ඕන හොර පාලකයන්ව පොදුවේ පොහොට්ටු එජාප සජබ ජේවීපී පෙරෙට්ටෝ ඔක්කොම එකයි සේරම එකෙකුට එකෙක් නොදෙවෙනි ලොකු පොඩි හොරු රැලක් විතරයි

    ReplyDelete
  4. ලංකාවේ ඉන්න මෝඩයන්ට මමනම් මේ ගැන කියන්නේ මාස ගාණක වගේ ඉදලා. මුන් මේ සෙල්ලම පටන් ගත්තේ අද ඊයේ වගේ නෙවෙයි. ගෝඨට මමත් කැමති නෑ නමුත් එහෙම කියලා මිනිහව කැරලි ගහලා පන්නපු එක වැරදියි. ඒකට තමයි මැතිවරණ තියෙන්නේ. මේ ආර්ථික අර්බුදය හමුවේ මුන් ගෝඨව ගෙදර යැව්වේ මේ රටේ තියෙන ප්‍රශ්ණය තව වැඩි කරන්නයි. දැන් මුන් රනිල්වත් හෙට පන්නන්න දගලනවා. මේ ප්‍රශ්ණ නිසා වෙන්නේ රටේ ආර්ථිකය තවත් කඩාගෙන වැටෙන එකයි. මේ රටේ මිනිස්සු හරි මෝඩයි ඕනම ගූ බෙට්ටකට අහුවෙනවා, ඊට පස්සේ පස්සේ තමයි කරපු ගොන් කම් තේරෙන්නේ. අරගලකාරයෝ කියන හොර රැල ගැනත් හිතන්න බැංකු කීයකට මුන් සල්ලි ගෙන්වගන්න ඇත්ද? බිලියන ගාණක සල්ලි මුන් අරගන්න ඇති ගෝඨව පන්නන්න. මේ සල්ලි ගත්ත උන්ව හොයාගෙන ගිහින් අත් අඩංගුවට ගනිමින් ඊට පස්සේ හොයලා බලන්න කවුද එව්වේ කියලා, මම මේ වෙනකම් ලංකාවේ එකෙක්ටවත් ජන්දය දාලා නෑ, රනිල් රට ගොඩ ගත්තොත්, සහ රට වනසන කැරලිකරුවන්ට පරගලයන්ට ෂොට් එක දුන්නොත් ආයි දිගටම රනිල්ට තමයි ලංකාවේ ඉන්න අපේ පවුල්වල අයට තේරුම්කරලා දීලා ජන්දය දෙන්නේ.

    ReplyDelete
  5. ලංකාවේ අරගලයට ආසන්නතම (සහ ප්‍රධාන ම) හේතුව: ඉන්ධන, විදුලිය, ගෑස්, ඖෂධ වගේ අත්‍යවශ්‍ය දේවල් නැතිවීමත් එක්ක ජනතාවගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට බැරිවීම (කෙටියෙන් කීවොත් රට බං⁣කොලොත් වීමේ ආර්ථික අර්බුදය), රට බංකොලොත් වීමට ආසන්නතම හේතුව: මීට කලින් 2010-14 සහ 2015-19 තිබුණ ආණ්ඩු විසින් මෝඩකමට හෝ හිතාමතා ම (සමහර විට ඔය දෙකට ම) කරපු "ආර්ථික ඝාතනය" (අවුරුදු හැත්තෑ ගාණක දුර්වල ආර්ථික දේශපාලන ක්‍රමය නිසා ඕක ලේසි වුණා වුණත් මොළයක් සහ අවශ්‍යතා තිබුණ නම් බංකොලොත් නොවී ෂේප් එකේ යන්න ඉඩ තිබුණා)

    අරගලයේ මූලික අරමුණ: අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු 2019-22 ආණ්ඩුව ගෙදර යැවීම. ඒ ඒ ආණ්ඩුවත් එක්ක පුද්ගලික තරහක් නිසා නෙවෙයි; මෝඩකම නිසා හෝ හිතාමතා උන් කරමින් හිටපු විනාශය නැවැත්වීම සහ ඒක ආපහු හැරවීම. ඒ හරහා තමන්ගේ එදිනෙදා ජීවිත කරදරයක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් ව⁣ටපිටාවක් හදාගැනීම (එහෙම නැතුව ධනේශ්වරය පෙරලන්න හරි සමාජවාදය ඇතිකරන්න හරි මිනිස්සු මිරිහානට ආවෙ නෑනෙ)

    දැන් එතකොට මේ වෙනකොට අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ඩි ෆැක්ටෝ ගෙදර ගිහිං තියෙනව. කඳ ඒක ම වුණත් අලුත් ආණ්ඩුවට තියෙන්නෙ වෙන ඔළුවක්. සමස්තයක් විදියට ගත්තොත් කලින් තිබුණ ආණ්ඩුව විසින් කරපු ආර්ථික ඝාතනය නැවැත්වීමට සහ ඒ විනාශය ආපහු හැරවීමට මේ අලුත් ආණ්ඩුව සතුටුදායක මට්ටමේ වැඩක් දැනට කරමින් ඉන්නව කියල යම් සමබරතාවක් තියෙන ඕන කෙනෙක් හිතනව, මම හිතන්නෙ. ඒ වැඩපිළිවෙළ පර්ෆෙක්ට් නැතිවීම, තාමත් පරණ කඳ තියෙන නිසා කොයි වෙලාවක හෝ අලුත් හිස ගසාදමා පරණ හිස හයිකිරීමේ අවධානම, අලුත් හිසත් ඉදිරියේ දී පිස්සු කෙළීමේ හෝ ෆේල් වීමේ අවදානම වගේ ගොඩක් අවදානම් තිබුණත් දැනට සතුටුදායක මට්ටමකින් දේවල් සිද්ධවෙමින් යනවා.

    දේශපාලන වශයෙන් කවුරු මොන ආකෘතියෙ ආණ්ඩුවක් හැදුවත් අඩුවැඩි වශයෙන් යන්න වෙන්නෙ මේ පාත් එකේ ම තමයි, මම හිතන්නෙ. එතකොට මේ අර්බුදයෙන් ගොඩ එනකල් මොන ආණ්ඩුවක් යටතේ වුණත් පෝලිම්, භාණ්ඩ හිඟය, ආදායම් නැතිවීම වගේ මේ ප්‍රශ්න ටිකට මූණදෙන්න වෙනවා. දැන් අපි ඉන්න තත්ත්වයෙ හැටියට ඔය ටිකට මූණ නොදී එක දවසින් ගොඩ එන්න බෑ (ජාජබ හරිනිත් කලින් ම ඕක කීව).

    ආපහු සරළ ව කීවොත් ආර්ථික වශයෙන් අපි මේ අත්විදින පීඩාවල⁣ට හේතුව මීට කලින් දේශපාලන බලය තිබුණ ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුව නෑ. දැන් තියෙන ආණ්ඩුව ට්‍රයි කරන්නෙ (අඩුපාඩු සහිත ව) අර ඩැමේජ් එක රිකවර් කරන්න. මේ වෙලාවෙ මොන ආණ්ඩුවක් ආවත් අඩුවැඩි වශයෙන් කරන්න තියෙන්නෙ ඒක ම තමයි. ඒ කියන්නෙ රෝග නිධානය අපි මේ වෙද්දි නැතිකරල තියෙනව. හැබැයි ⁣ඒක නිසා ආපු රෝග ලක්ෂණවලින් අපි තාම පීඩාවට පත්වෙමින් ඉන්නවා. රෝග නිධානය තිබුණු තැන ආයෙ කැපුව කෙටුව කියල මේ රෝග ලක්ෂණ අඩුවෙන්නෙ නෑ. ඒව කොහොමත් ඒවට අදාළ කාලය ගියාම තමයි අඩුවෙන්නෙ. ඕන නම් රෝග ලක්ෂණ පාලනයට වේදනා නාශක ⁣ට්‍රයි කරන්න පුළුවන්.

    සරළ ව කීවොත් ප්‍රශ්නෙ තෙල් පෝලිම් ගෑස්, පෝලිම්, භාණ්ඩ හිඟය නම්, මේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලන ක්‍රියාමාර්ගවලින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නෙ නෑ. හෙට July 20 මේ ආණ්ඩුව පෙරළලා වෙන මොන ම හෝ ආණ්ඩුවක් ආවත් ඒ ප්‍රශ්නවලට ඒකෙන් කිසිම විසඳුමක් ලැබෙන්නෙ නෑ. එකම දේ ආපහු රෝග නිධානය ඇක්ටිව් වෙන්නැතුව තියාගන්න ඒ එන හෝ ඉන්න ආණ්ඩුව සමත් ද කියන එක විතරයි. මම හිතන විදියට දැනට ආණ්ඩුව ඒ වැඩේ සැලකිය යුතු මට්ටමකින් කරගෙන යනව. ඒකට අදාළ ප්‍රතිසංස්කරණවාදී "සිස්ටම් චේන්ජ්" ටිකත් හෙමින් වෙන බවක් පේනවා.

    හැබැයි විප්ලවීය "සිස්ටම් චේන්ජ්," ධනවාදය හෝ වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන මොකක් හරි වෙන එකක්, නිර්ධන පංති ආඥාදායකත්වයක් වගේ දේවල් බලාපොරොත්තු වුණු අය ඉන්නව නම් ඒ අය බලාපොරොත්තු වෙන දේ පැහැදිළි ව ම සිද්ධවෙන්නෙ නෑ. එදිනෙදා ප්‍රශ්න නිසා පාරට බැස්ස ජනතාව ඒ වගේ විප්ලවීය දේශපාලන න්‍යායපත්‍රයකට පාවිච්චි කරන්න බලාගෙන හිටපු අය ඉන්නව නම් ඒ අය⁣ට දිගින් දිගට මේ දේශපාලන අරගලය කරන්න හේතු තියෙනවා. ඒ ඇරෙන්න එදිනෙදා ප්‍රශ්න ටික විසඳගන්න අරගලයට ආපු මිනිස්සුන්ට මේ මොහොතේ ආණ්ඩු පෙරලන්න උවමනාවක් නෑ.

    ඉතිං අර විප්ලවීය අරමුණ තිබුණ පිරිස කවදත් හිටියෙ සුළුතරයක් නෙ. ඉතුරු කට්ටිය ගෙවල්වට ගියාම ඉතුරුවෙන්නෙ ඒ සුළුතරය තමයි. ඒ ගැන පුදුම වෙන්නවත් දුක්වෙන්නවත් දෙයක් නෑ. අර හිටපු "3%" තමයි ඔය තාම ඉන්නෙ. ඒක වැඩිකරගන්නෙ කොහොමද, ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් එයාලගෙ විප්ලවීය දේශපාලන ඇජෙන්ඩාවලට කැමතිකරගන්නෙ කොහොමද කියල එක ඒගොල්ලො බලාගන්න ඕන; ඒක නිකං කටට වැටෙයි කියල හිතං ඉඳල පස්සෙ ඩිසපොයින්ට් වෙන එක තේරුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මල්ලි මෙච්චර දිග වැල් බයිල කියවන්න බෑ මල්ලි.
      සංක්ෂ්ප්ත කරලා හිටං වචන 100කිං විතර සාරාංශේ දාපං මල්ලි.
      ටැංකිව්

      Delete
    2. ඔසී වල බහුතරය ලෙස ඉන්න සුද්දෝ අපිව සත පහකටවත් ගණන්ගන්නේ නැහැනේ, ආසියාවේ හිඟන රටවලින් ආපු කාලකණ්ණි සරණාගතයෝ විදිහට තමයි අපි දිහා උන් බලන්නේ, චීන පිලිපීන් උනුත් අපිව ගණන් ගන්නේ නෑ ටිකක් හරි පකිස්ථාන් ඉන්දියන් බංගලි විතරයි කෙයාර් කරන්නේ, මෙහේ අපට ඉතින් පොර ටෝක් දෙන්නවත් කවුරුත් නෑ ඒ නිසා ලංකාවේ ඉන්න බොලා වගේ අමු මැටි ගංකබරයින්ට ලොකු ටෝක්ස් ඉශූ කරනවා, ඇයි අවුල්ද?

      Delete
  6. බූරු පුතාණෝ සියතින්ම ගෙල කපා ගත්තාද මාතේ !

    ReplyDelete
    Replies

    1. උසනං අගමැති මිටිනං ජනපති!

      Delete
  7. ඉකොනෝමැට්ටා කියන්නේ ඩලස් දිනයි කියලා නං එකෙන් අපිට ගන්න තියෙන දේ තමයි රනිල් දිනන්නේ කියන එක. මොකද ඉකොනෝමැට්ටා හැමදාම මේකේ දාන පුරෝකථන ඔක්කොම වැරදිනේ. එකේ අනික් පැත්ත වෙන්නේ.

    ReplyDelete
  8. බලා ඉමු අපි මුහුදු වෙරළක
    සුනාමිය ඒ දැයි කියලා....

    ReplyDelete
  9. රෙ. රෙවිල .

    ReplyDelete
  10. ඇමරිකන් අප්පච්චි.

    ReplyDelete
  11. බූරු පුතාණෝ හබක් -🤣 අගමැති සිහිනය !

    ReplyDelete
  12. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට සුබ පතමින් පවසන්නට තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් නියෝජනය වෙන්නෙ රටේ පොදු මතයට වඩා වෙනස් රැඩිකල් අදහසක්ය කියලා මං විශ්වාස කරන්නෙ නැහැ. රනිල් වික්‍රමසිංහ දැන් කරගෙන යන විදියට ඉදිරියට යයි. අරගලකාරයන් ඉස්සරහ ඇඹරෙන්නෙ නැති පාලනයක් තියෙයි. අයිඑම්එෆ් යයි. ණය ප්‍රතිව්‍යුහගත කරගනියි. බටහිර සහාය ලැබෙයි. සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි සතුටෙන් ඉඳියි.ඉන්දියාව සහ චීනය අතර දැනට ආණ්ඩුව නිර්මාණය කරගෙන තියෙන සමබරතාවත් එහෙමම යයි.

    රනිල්ගේ ලිබරල් යොමුවීම් නිසා සිංහල බෞද්ධ ජාතිවාදයේ ක්ලේම් එක ඩලස් – විමල් – ගම්මන්පිල වැනි බලවේග එක්ක දිගටම පවතින්න පුළුවන්. කොහොම වුණත්, මොන තත්වය යටතේ වුණත් රාජපක්ෂලා ඇතුව හෝ නැතුව පොහොට්ටුව (ඩලස්ලා නෙමෙයි) නැවත නැගීසිටින එකත්, 2024දී වැඩි බලයක් ඔවුන්ට ගොඩනැගෙන්නට ඉඩතියෙන එකත් වළක්වන්න අමාරුයි.

    මේක වෙනස්කරන්නට තිබුණු අවස්ථාව අනුරට මිස්වුණා. අනුරට එහෙම වෙන්නෙ ඔහුගේ පක්ෂයේ බර නිසා. අනුර වගේම කැච් එක මිස්වෙන අනෙක් එක්කෙනා තමයි චම්පික. මේගොල්ලන් මං දකින්නෙ උපාය නොදන්නා නිසා අපායෙ වැටෙන කට්ටිය විදියට.

    නමුත් කාටවත් නමුත් කාටවත් ලංකාවේ ආර්ථිකය 100% ස්ථීරව මොකක් වෙයිද කියන ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. මට හෙට මොකක් වෙයිද කියන එක ගැන අනුමාන ටිකක් තියෙනවා. ඒවාත් එහෙම නොවෙන්න පුළුවන්. මොකද මං සාත්තරකාරයෙක් නෙමෙයිනෙ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න