.

.

Oct 21, 2022

රනිල්ගෙ රිලා නැටුම්

 


රනිල්ගෙ රිලා නැටුම්

➖➖➖➖➖🔴➖➖


ඇත්තටම එහෙන කියනෙකත් හරි නැතිය. ඒත් එයැයිට කඩේ යනවා කියා මේවා නොකියාත් බැරිය. ඒ ගැන පහළින් ලියනවාය.

ඝෝඨාට කඩේ ගියා කියා, මාතලන් යකා ඝෝඨා විවේචනය නොකර සිටියේ නැතිය. උන්නැහේ කෙලිය පිස්සු හැම එකක්ම නිර්ධය ලෙස විවේචනය කළේය. රට ලොක් ඩවුන් කලොත් ආර්ථිකයට කෙලවෙලාම යන බව මුලින්ම ලිව්වේ මාතලන්ය. එය ඒ ලෙසින්ම සිඳු වුනේය .

රටේම පැවති කාර් සේල් බිස්නස් එකට කෙලිය දවසේම මාතලන් ලිව්වේ මේ යක්කු කරන්න හදන්නේ 1079-77 පෝලිම් යුගයට රට ගෙනියන එක මිසක් වෙන මක්කත් නොවේ කියලාය. හිතූ කාළයටත් කලින් එයත් ඒ ආකාරයෙන්ම සිඳු වුනේය.

ගෝල්ෆේස් අසල උද්ඝෝෂණ පෙලපාලි යන කොටම මාතලන් ලීවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මෙය නොවේය. දැන් ගෙදර යන්න ලෑස්ති වුනොත් හොඳයි කියලාය. මාතලන්ද අරගලය බලන්න කීප සැරයක්ම ගියේ, රට බංකොලොත් කොට විනාශ කළ මේ කුන්ඩලවාතේ තව දුරටත් උන්නොත්, වෙන එකෙකුට ගොඩගන්නවත් රටක් ඉතුරු කරන්නේ නැති නිසාමය.

ඉන් පසු ආ රනිල්ට වෙලා තියෙන්නේ ඊටත් එහා කෙලියක්‍ය. මේ ඉන්නේ අප දන්නා රනිල් නෙමේය. 

එයා දැන්, අහිගුංඨකයෝ නටවන්න ගෙනයන රිලවෙක් වගේය. ටිකක් ලෙවෙල් එකට කියනවා නම්, එයාට වෙලා තියෙන්නේ, ඔය සත්තු වතුවල සෙල්ලම් පෙන්නන ඩොල්ෆින්ලාට, සීල්ලාට, චිම්පන්සියන්ට, කුරුල්ලන්ට වෙච්චි දේය.

එයාලා එක එකා දෙන කොමාන්ඩ් එකට ඒ සෙල්ලම් පෙන්නන්නේ, සෙල්ලම පෙන්නූ පසු මක්කා හෝ කන්නට ලැබෙනා නිසාය. හැබයි බලාගෙන ඉන්න උන් හිතන්නේ මේවා උන් මාර කැමැත්තෙන් කරනවා කියලාය. ඒ නිසා උන් පට්ට චියර් එකක් දෙනවාය. 

22 ක සම්මත වූවාට දෙන චියර් එකත් ඒ වගේය. 

රනිලුත් දැන් ඒ රිලව් වාගේමය. එයා නටන්නේ IMF හා ධනුෂ්ක රාමනායක කියනා විදියටය. ධනුෂ්ක රාමනායක කියනා විදියට නටනා එක වාසි සහගතය. ඒ අනුව දැන් රනිල් රඟන්නේ, මහින්ද රාජපක්ෂ චරිතයය. මට විශාල බයක් තියෙන්නේ රනිල් කොයි වෙලේ හෝ පොඩි එකෙක් වඩා ගනීදෝ කියලාය.

කෙනෙකුට IMF එක කියන විදියට නටන්නේ නැතිව වෙන මක්කා කරන්නදෝයි කියා තර්කයක් ගෙන එන්නට පුලුවන්‍ය. ඒ මොකෝ ඒකෙන් දෙනවයි කියන සත පහ දෙනකන්, අනෙක් උන්ගේ පුණ්‍යාධාර කිසිවක් නොලැබෙන්නේය කියන පචය සමාජගතකර අවසාන නිසාය. ඒ සත පහෙන් පුප කහ ගන්නත් බැරිය.

අපේ රටේ උන් මෙච්චරම මෝඩද කියා හිතා ගන්නවත් බැරිය.

මේවා ආර්ථිකය හා ලෝකය ගැන නොදන්නා මී ගවයන් කර තබාගෙන ගියාට, අද ලෝකයේ පවතින ආර්ථික මොඩල් හා IMF ආධාර දීම ප්‍රතික්ෂේප කළ මාලදිවයින අද ඉන්නා තත්වය දන්නා උන්ට පට්ට ජෝක් විතරමය.

කට්ටිය දැන්, අර සත පහ දෙසැම්බර් වල ලැබෙයි කියා කට පුප ඇරගෙන බලාගෙන ඉන්නවාය. මේ රිලා නැටුම් සියල්ලම නටන්නේ ඒකටය.

රනිල්ට ඕනා නන්දලාල් එලවා අර්ජුන මහේන්ද්‍රන් ගේන්නය. ඒත් IMF එක ඊට ඉඩ දෙන්නේ නැතිය. රනිල්ට ඕනා 22 ක්ද නැතිය. එහෙත් IMF  එකටයි, ජිනීවා වලටයි, ඇමරිකාවටයි ඒක ඕනෑය. දැන් ඒකෙන් ස්වාධීන කොමිෂන් සභා නැවත සක්‍රීය කරලාය. 

අනිවාර්‍යයෙන් ඕවාට පත් කරන ලිස්ට් එක එවන්නේත් ලංකාව බංකොලොත් ලෙස නම් කල නන්දලාල් වීරසිංහගේ බොස්ලා නොවේ නම් මාතලන් ආයේ ෆේස්බුක් එන්නේ නැතිය. ජාත්‍යන්තරය රනිල්ට අරින්නේ කොමිෂන් වලින්ය. අරගලේ උන් නැවත කොළඹ වටලන්නේ උන් සමඟය.

කපුටාට කෙලියා කියා ආතල් ගන්නා සියල්ලන්ගේ දත කට පූට්ටූ වී. හොක්ක බිම ඇනී, පුප නැති වෙන්නේ එදාටය. රනිල්ටත් එලෝ පොල් පේන්නේ එදාටය.

ඇමරිකන් කපුටා ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකත් අරගෙන, අදානී හා අරාබි සුල්තාන්ලා ගෙනත් කරන්න ගියේ මේ රට කළු සල්ලි පාරාදීසයක් කරනා එකය.

එහෙම නැතිව, රුසියාවේ යුරෝපේ බැග් පැකර්ස්ලා හා හෝටල් කාමරේ ඉස්තිරික්කෙන් රොටි පුච්චන් කන ඉන්දියන් කාරයින්ට ඇල්ලේ "නයින් ආර්ච්" පෙන්නලා මේ රට ගොඩගන්න හිතනවා නම්,

ඒ හැම එකාම ඒ සුද්දෝ එක්ක IMF සිහිණයේ ආතල් ගත්තාට කිසි අවුලක් ඇත්තේම නැතිය.


ඒ වගත් මෙසේය...

.


11 comments:

  1. උබට වැඩිය රනිල්ට මොලේ තියෙනවා ගූතලන් පොන්නයෝ. උබ නිකන් උපදෙස් නොදී ඉදපන්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අපේ ලොක්කා වන සජිත් ප්‍රේමදාස උතුමාණන් මතු බුදු වෙන්න පෙරුම් පුරන බෝධිසත්වයන් වහන්සේ නමක් රනිල්ට බැරි නම් සජිත් ප්‍රේමදාස උතුමාණන් ආචාර්ය හර්ෂ ද සිල්වා වගේ විශේෂඥ ජෝකර් කෙනෙක් යොදාගෙන රට ගොඩ ගනී අනිවා ඒ නිසා බය නැතුව හිටපන් ගොන් ගූතලන් පොන්න කැරියෝ

      Delete
  2. අනේකාලේ වනේ වාසේ!

    ReplyDelete
  3. මාතලන් බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමති ලෙස කටයුතු කළ පහුගිය කාලේ පැවසුවේ ලංකාවට ලෝකයේ අනෙක් රටවල් එක්ක හරි හරියට ඔලුව උස්සා සිටිය හැකි තැනකට යාමට ඉවහල් වන දිගුකාලීන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක ඉලක්කය විය යුත්තේ වසර තිහ හතළිහකින් හෝ ලංකා රුපියල් ණයට දෙන්න වෙන රටවල් වලට (අපේ භාණ්ඩ මිලට ගන්නා රටවල් වලට වගේ, එතකොට ඒ සල්ලි ආයේ ලංකාවට එනවනේ) කියන තැනට යන එක බවයි. එවැනි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ලංකාවට සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට පුළුවන්ද?

    මේකට බැසිල් බනින්න එපා ඔහු අසාර්ථක වීම ඔහුගේ කාර්යයසාධනය (performance) වල වරදක් පමණයි නමුත් සංකල්පමය වශයෙන් මේ ගැන වැඩිදුර විස්තර පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
  4. ඔය ලංකාවේ තියෙන කසිකබල් තුට්ටු දෙකේ අවස්ථාවාදී දේශපාලනය නිසා තමයි ලංකාවට මේ තරම් කෙළ වෙලා තියෙන්නේ. දේශපාලකයෝ වෙනස් වෙන්නේ නැත්නම් ඔවුන්ව වෙනස් කර ගන්න එකත් කරන්න වෙන්නේ මිනිස්සුන්ටමයි. අවසාන වශයෙන් මෙහෙම වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙම වැරැද්දකින්. කුමක් හෝ පවතින ආණ්ඩුව විවේචනය කරන අය මිනිස්සු මල් තියලා පිළිගන්නවා (ආණ්ඩු පත් වූ අලුත පමණක් තත්ත්වය වෙනස්). නමුත් විකල්පය ගැන අහන්නේ නැහැ. මිනිස්සු වෙනස් වුනොත් දේශපාලකයෝ වෙනස් වෙයි. විවේචනය කරන්න හරිම ලේසියි. නමුත් විකල්ප හොයන එක ඒ තරම්ම ලේසි නැහැ.

    ReplyDelete
  5. දේශපාලකයො මතු වෙන්නෙත් ඒ රටේම පුරවැසියන් අතරෙන්
    අපිත් ඉන්නවා ඒ ගොඩේම යස රඟට ගහන් විරුවා පට්ටං
    අස්සයො තෝරන තරගවලට කොටළුවෝ එව්වමත් නොගෙන ගණන්
    රොත්ත පිටින් ගොස් උන්ටම දීලා, කෙළෝගන්නවා රිඹ යනකං

    ReplyDelete
  6. සන්නද්ධ අරගලයකින් බලය ලබා ගත යුතුය. ඒ සදහා අවැසි වන දීර්ඝ කාලින සන්නද්ධ ක්‍රියාමාර්ගයක් සදහා පක්ෂ සාමාජිකයන් සුදානම් කල යුතුය. සන්නද්ධ කාඩර්වරුන් සෑම ග්‍රාම සේවා කොට්ඨාසයකටම පත්කළ යුතුය.

    විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ කාඩර්වරුන්ගේ සහය මුල සිටම අරගලයට ලැබුණි. ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්ගේ සහය, චෙච්නියානු ගරිල්ලන්ගේ සහය, හමාස් සංවිධානයේ සහය, අයර්ලන්ත ගරිල්ලන්ගේ සහය අපට ලැබීමට නියමිතය. ඔවුන් අවශ්‍ය විටදී අරගලයට අවශ්‍ය සන්නද්ධ සහය ලබා දෙනු ඇත.

    හිරු නැගෙනා විට සන්නද්ධ අරගලයකින් බලය අල්වා ගමු. අරගලය වෙනුවෙන් ජීවිතය කැප කරන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

    ReplyDelete
  7. ඔක්තෝබර් විප්ලවයේ අවුරෝරාව සහ රුහුණු කුමාරිය....

    1917 වසරේ ඔක්තෝබරය උදා වන දින වන විට එතෙක් රුසියාවෙහි ආර්ථික සහ රදල සමාජය බිද වැටී ගොවීන් සාමාන්‍යය ජනතාව රාජ්‍යය සේවකයන් පමණක් නොව සන්නද්ධ හමුදාවන් පවා බෝල්ශෙවික් වරුනට සහය දෙමින් රුසියාවෙහි ප්‍රධාන ආරක්ෂක සහ ආර්ථික මර්මස්ථාන බහුතරයක බලය ලබා ගෙන තිබූ අතර එහි අවසන් මර්මස්ථානය වූ winter palace (හේමන්ත මාලිගයේ ) බලය අල්ලා ගැනීමට ලෙනින් තීරණය කරන්නේ ඔක්තෝබර් මස 25 වනදාය... ඔහු ඒ වනවිට සිය පෞද්ගලික ආරක්ෂාවද පසෙකලා පෙට්‍රොගෑඩ් හි විප්ලවයේ මෙහෙයුම් මධ්‍යස්ථානය කරා පැමිණ අණ දීම් කටයුතු ආරම්භ කල අතර ඔක්තෝබර් 25 වනදා සවස වන විට හේමන්ත මාලිගය හැරෙන්නට අනෙක් සියලුම පාහේ ස්ථානයන්හි බලය විප්ලව වාදීන් සන්නද්ධ බලයෙන් අල්ලාගෙන තිබින...

    එවකට සාර් ආන්ඩුවෙහි අග්‍රාමාත්‍ය වරයා සහ ඇමති මඩුල්ල රැදී සිටි හේමන්ත මාලිගය අත්පත් කරගෙන සෝවියට් රුසියාව ලොව පලමු සමාජවාදී රාජ්‍යය බවට පත් කිරීමට යහසුලුව බලාසිටි ජනතාවන්ට සහ හමුදවන්ට කාමර දහස් ගනනකින් හෙබි මේ මහා මාලිගයට කඩා වැදීමට ඔක්තෝබර් 25 රාත්‍රියෙහි අණ දෙන්නේ අන් කිසිවෙකු නොව ඒ වන විට ත්‍රේව් නදියේ නැංගුරම් ලා සිටි විප්ලවයේ නෞකාව ලෙසින් හැදින්වෙන "අවුරෝරා නෞකාව" විසිනි.. සැලසුම් කරගත් පරිදිම එදින රාත්‍රියෙහි මහා කාලතුවක්කු හඬින් සංඥාව ලබා දුන් අවුරෝරා නෞකාව සමාජවාදී ශ්‍රේෂ්ඨ සෝවියට් රුසියාව බිහිකිරීමෙහි සටනේ විප්ලවීය ජීව වෙඩිමුරය තබා විශිෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කරා ගෙන ගොස් අදට වසර සියගනනක් ඉක්මවූ පසු ආසියාවෙහි එක් කුඩා රටක කෝච්චියක් හෙට දිනයේ අවුරෝරා නෞකාවට යාවජීව වන තරමේ විප්ලවීය වෙනසක් මෙරට ඇති කරනු ඇතැයි ඝන සීත රාත්‍රියක වුව ලියුම්කරුට පුදුමාලංකාර හැගීමක් දැනෙමින් පවතී..

    එනම් වසන්ත මුදළිගේ නැමැති සිසු නායකයා අත්තඩංගුවට ගෙන අනීතික ලෙස රදවා ඇති තංගල්ල කරා හෙට උදෑසන 6.30 ඇදෙනා මෙම විප්ලවීය දුම්රිය ශ්‍රීලංකා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම විප්ලවීය බරකට වාරුවෙමින් අවුරෝරාට නොදැවෙනි යාවජීව ගුණයක් සමගින් තංගල්ලට ඇදෙයි..එසේම වසන්ත මුදලිගේ සහෝදරයා හැරුනකොට සමස්ථ විප්ලවීය පක්ෂයේම ආරක්ෂාවෙහි බරපැන සමගින් එහි ගමන් ගන්නා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශ්‍රේෂ්ඨ විප්ලවීය නායකයන් ලියුම් කරුට විරාජ මාන වන්නේ එදා එනම් 1917 වසරේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ මෙහෙයුම් මධ්‍යස්ථානය වූ පෙට්‍රොගෑඩ් කරා තම ජීවිතාපේක්ෂාවද පසෙක තබා ගිය v i ලෙනින් ඇතුලු බෝල්ශෙවික් පරමාදර්ශයන් ලෙසය...

    සහුද්‍ර සහෝදරවරුණි

    ඔක්තෝබර් විප්ලවයට වසර එකසිය හයක් සම්පුර්ණ වීමට තවත් දින කිහිපයක් පමණක් ඇති මේ මොහොතේ හෙට දින එදා සුප්‍රකට විප්ලවීය සෝවියට් අවුරෝරා නෞකාව මෙන්ම මෙදා තංගල්ල කරා ඇදෙනා රුහුණු කුමාරී සීග්‍ර ග්‍රාමී දුම්රිය ආසියාවෙහි වගාලිදක වැටී ජීවය අයදින ශ්‍රීලංකාවේ ඔක්තෝබර් විප්ලවයේ කතාව රැගෙන නොයන්නේ යැයි අනුමාන කලනොහැක්කේ කාටද.....

    ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට ජය වේවා

    සන්නද්ධ අරගලයකින් බලය ලබා ගත යුතුය. ඒ සදහා අවැසි වන දීර්ඝ කාලින සන්නද්ධ ක්‍රියාමාර්ගයක් සදහා පක්ෂ සාමාජිකයන් සුදානම් කල යුතුය. සන්නද්ධ කාඩර්වරුන් සෑම ග්‍රාම සේවා කොට්ඨාසයකටම පත්කළ යුතුය.

    විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ කාඩර්වරුන්ගේ සහය මුල සිටම අරගලයට ලැබුණි. ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්ගේ සහය, චෙච්නියානු ගරිල්ලන්ගේ සහය, හමාස් සංවිධානයේ සහය, අයර්ලන්ත ගරිල්ලන්ගේ සහය අපට ලැබීමට නියමිතය. ඔවුන් අවශ්‍ය විටදී අරගලයට අවශ්‍ය සන්නද්ධ සහය ලබා දෙනු ඇත.

    හිරු නැගෙනා විට සන්නද්ධ අරගලයකින් බලය අල්වා ගමු. අරගලය වෙනුවෙන් ජීවිතය කැප කරන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

    -අජිත් ධර්මකීර්ති-

    ReplyDelete
  8. ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර ඇති වෙනස් කම්..

    * නම් දෙක වෙනස් ය..
    ජනතා විමුක්ති පෙරමුණ
    පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    * නායකයන්ගේ නම්ද වෙනස් ය
    ජනතා විමුක්ති පරමුනේ නායකයා කුමාර වේ.
    පෙරටුගාමී සමාජවාදී පක්ශයේ නායකයා කුමාර් වේ .

    * ජනතා විමුක්ති පෙරමුණේ අනෙකාට අයියා කිව හැක.
    පෙරටුගාමී පක්ශයේ එසේ කිව හොත් ඌයියා වනු ඇත.

    *ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලස්සනය.. රැවුල් මනාවට මට්ටම් කරයි. පිළිවෙලට ඇඳ පලදියි..දකින විට ප්‍රියමනාපය.
    ඉංග්‍රීසි කතාබස් කරයි..රැකියාද කරයි..පක්ශයෙන් නඩත්තු වන්නේ ස්වල්පයකි.. ඇන්ඩ්‍රොයිඩ් ඇපල් ජංගම දුරකථන භාවිතා කරයි.. බාටා පලදින්නේ නැත.
    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් අපිළිවෙලය..රැවුල් මට්ටම් නොකරයි.මුහුණ දුර්වර්ණය.. අපිළිවෙල ඇඳුම් අදී. අප්‍රියය..සිංහල පමණක් දනී.රැකියා නොකරයි.කුටු කුටු ගා බටන් පෝන් වලින් තොරතුරු sms කරයි.. BATA නිළ පාවහන් සමාගමයි..

    * ජනතා විමුක්ති පෙරමුණෙේ සාමාජිකාවන් ලස්සනය..කොන්ඩය කැරළි කැරළි ඇත..රූපලාවණ්‍ය කරයි.. පියයුරු සහ පසුපස අලංකාරයි.. හඬ සියුම් ..ඉංග්‍රීසි කතාකරයි..මිත්‍ර ශීලීයි..ප්‍රියමනාපයි..විලාසිතා කරයි.සමාජ මාධ්‍යය භාවිතා කරයි..
    අඩි උස සෙලෙප්පු දමයි..ඩෙනිම් අඳියි..සුවදයි
    පෙරටුගාමී පක්ශයෙේ සාමාජිකාවන් අවපැහැය.කොනඩය පීරන්නේ නැත.රූපලාවණ්‍ය තහනම් ය..ශරීරය පැතලු වේ.. හඬ ස්ලෝගන් ය.. සුද්ධ සිංහල සහ සිංහල දනී. බිම බලාගෙන ගමන් කරයි.විලාසිතා තහනම් වේ..බාටා පමණි.ලුංගි හෝ බොටම් පමණි..ගදයි

    ජනතා විමුක්ති පෙරමුණේ ආදරය විවාහය සමාජගතය..
    පෙරටුගාමී පක්ශයේ පක්ශය තුල පමණි.
    ආදරය තහනම් ය...

    ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විනෝදසවාරි යයි.. කදු නගියි.
    පෙරටුගාමී පක්ශයේ ඒවා තහනම් ය...

    Jvp - සාමාජිකයන් අනෙකා දෙස සාමයෙන් බලයි..මිත්‍ර ශීලියී.. කෑවාද බීවාද අසයි..සිංදු කියයි..නටයි..
    පෙරටුගාමී -සාමාජිකයන් අනෙකා දෙස සැකයෙන් බලයි. කෝප වෙන සුලුයි.. කන්න තියෙනවාද අසයි..ශ්ලෝක ගයානා කරයි.නර්තනය තහනම් ය..

    Jvp - සිකරට් මත් පැන් බීම තමගේ කැමැත්තයි
    පෙරටුගාමී - සැගවී පානය කල යුතුයි. තහනම් දෑය..

    Jvp - තෙල බෙදයි
    පෙරටුගාමී -ගිල්ලවයි..

    Jvp- කාල් මාක්ස්ව හදාරයි,නිගමනය කරයි,පරීක්ෂණ කරයි
    පෙරටුගාමී -කාල්මාක්ස්ට අදරෙයි..ආදරෙයි..ආදරෙයි..

    Jvp - සිනහවෙයි මුහුණු දීප්තිමත් ය..
    පෙරටුගාමී -සිනහව තහනම් මුහුණු අඳුරුය

    Jvp - ප්‍රසිද්ධියේ කතාබස් කරයි
    පෙරටුගාමී -සැගව කුටු කුටු ගායි

    Jvp -එක් මොහොතකදි ගෙන්විය හැකි සාමාජික බලඇණිය 3%
    පෙරටුගාමී පක්ශය .00006%

    Jvp -දේශපාලනය කරයි
    පෙරටුගාමී - දේශපාලනය බලයි

    Jvp - සාමාජිකයන් උසය
    පෙරටුගාමී සාමාජිකයන් කොටය..

    Jvp -සමාජවාදී ප්‍රිය වචනයෙන් කතාකරයි
    පෙරටුගාමී -සමාජවාදී කුණුහර්ප කියයි..

    Jvp ගීතයක්...- අරගලයේ රාවේ ආකාශේ පාවේ ඇසුනද ඇසුනද ඇසුනාද
    පෙරටුගාමී ගීතයක්... - උල්ලයි උල්ලයි ඌ ඌ උල්ලයි උල්ලයි ඌ ඌ

    Jvp - විහිලු තහලු වැටහෙයි
    පෙරටුගාමී -නොවැටහෙයි...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න