.

.

Oct 29, 2022

අන්‍රයියගෙ තර්කය බිඳින ලාල් හා වසන්ත...

 


අන්‍රයියගෙ තර්කය බිඳින

ලාල් හා වසන්ත...

➖➖➖➖➖🔴➖


අන්‍රයියා යන රැස්වීම්වලට අනෙක් පක්ෂවල උන්ගේ රැස්වීම්වලට එනවට වඩා එන පිරිස සාපේක්ෂව බොහෝ වැඩියි... ඒක ඇස්පනාපිට පේන ඇත්ත.


හැබයි ඒ ජනප්‍රියත්වය තියෙන්නේ අන්‍රයියා වටා කියනෙකත් පැහැදිලියි.. මොකෝ රනිල් එලවන දෙවනි අරගලේට හයිඩ් පාක් කෝනර් එකට පොලීසිය තරම් වත් සෙනඟක් ගෙන්නන්න ලාල් අයියටයි වසන්තටයි දෙන්නටම බැරි වුනා. 


ඒ කියන්නේ, එක්කෝ වෘත්තීය සමිති සංවිධානය දුර්වලයි කියනෙක. එහෙම නැත්නම් අන්‍රයියට රනිල් එලවන්න වුවමනාවක් නැතෙයි කියනෙකද කියන්න හරියට බෑ.


කොහොම හරි තුන්දෙනා ඉන්නේ මත තුනක


අන්‍රයියා ඉන්නේ යටත් විජිත සහෝදරයා කියපු විදියට 80% නෙමේ 90% වගේ තියෙන වෙලාවක. ඒ නිසා අන්‍රයියා චන්දයක් ඉල්ලනවා විතරක් නෙමෙයි, වෙන පක්ෂ එක්ක ගෲප් සෙස් කරන්නත් බෑ කියනවා.


අනික එයා කියන විදියට හැම පක්ෂයම ජෙප්පන්ට බය වෙලා දැන් ඉන්නේ. ඔක්කොම ගහන්නේ ජෙප්පන්ට. ඒ නිසා ජනතාවට තියෙන එකම බලවේගය එයාය කියනවා. ඒ කතාවත් සහගහන ඇත්ත. මැයි 9 වෙනිදා ගේම දුන්නේ ජෙප්පෝ නම්, උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා මිසක්ක, චෝදනා කර කර ඉඳලා වැඩක් නෑ.


හැබයි ඉතින් එයා එහෙම කිව්වට, බල මණ්ඩලේ අනිත් පයිටර්ස්ලා දෙන්නට එහෙම විස්සාසයක් නෑ වගේ...


ලාල් අයියා ඉල්ලන්නේ පාර්ලිමේන්තුවෙන් පිට බලයක්. ඒ කියන්නේ දියවන්නාවෙන් රට පාලනය කිරීම නවත්තලා, පැලවත්තෙන් රට පාලනය කරන්න. එතෝට අන්‍රයියා චීනේ සී ජී පින් වගේ වෙනවා. චන්දයකින් දිනන්න බෑ කියනෙකයි ඒ කියන්නේ.


හැබයි අන්‍රයියට, යටත් විජිත සඕදරයට, අච්චර විස්සාසයක් තියෙද්දී, වසන්ත සඕදරයා අරගලයක් කරන්න ලෑස්ති වෙනවා. සමාර විට මේකේ කෙලවර, අන්‍රයියලා ටිල්වින්ලා නායකත්වයෙන් එලවීමේ තැතක් තියෙනවද දන්නෙත් නෑ.


ඒ නිසා සඕදර බල මණ්ඩලේ නැවත එකමුතුව එක් රැස්වෙලා එක මතයක් පාක්ෂිකයින්ට කියනවා නම් හොදයි නේ.. (90% වන ජනතාවට)


නැහ්නන් පාක්ෂිකයින් පුල් කොන්පියුස් නේ අප්පා....


.

22 comments:

  1. ඔහොම සරලව තීරණය කරන්න පුළුවන් කමක් නැහැ පරිස්සමින් හිතල බලල තීරණය කරන්න ඕනේ මොකද ලංකාවේ පාලනය පිළිබඳ ඇත්ත කතාව තමයි ලංකාවේ පහුගිය අවුරුදු හතළිහක් පණහක් විතර කාලේ පුරාම විලියම් ගොපල්ලවලා මිස විධායක ජනාධිපතියෙක් එදත් නෑ අදත් නෑ.. ඉන්නේ එංගලන්තයට ඇමෙරිකා එක්සත් ජනපදයට සහ පහුගිය දශකයේ විතර ඉඳලා ඉන්දියාවටත් අවශ්‍ය විදියට නැමෙන දිගහැරෙන නැටවෙන අග්‍රාණ්ඩුකාරයෙක් (Governor General) විතරයි.

    එම ධූරය වග කියන්නේ කිසිසේත්ම ලංකාවේ ජනතාවට නෙවේ තම බටහිර ස්වාමිවරුන්ට.

    ඒ නිසා අපි වෙනස් කල යුත්තේ රාජපක්ෂවවත් මෛත්‍රීපාලවවත් රනිල්වවත් චන්ද්‍රිකාවවත් (දැන් කීපාරක් ජනාධිපතිලා සහ ආණ්ඩු වෙනස් කරලා බැලුවද) නොවේ බටහිර විසින් රැවටිල්ලෙන් සහ බලහත්කාරයෙන් අටවා තිබෙන ව්‍යාජ රාජ්‍යය හා එහී ජනාධිපති-අගමැති ධූර, පාර්ලිමේන්තුව, රාජ්‍ය ව්‍යූහය, මහ බැංකුව, වහල් අධ්‍යපනය සපයන පාසැල් සහ විශ්ව විද්‍යාලය, විකෘති රාජ්‍යයේ පැවැත්මට සහ එය රැකගැනීමට ඇති අංගෝපාංග වන හමුදාව පොලිසිය, අධිකරණය.

    නමුත් මාතලන් ලංකාවේ බහුතරයක් දෙනා තබා ඔබවත් ඊට සූදානම් ද? කිසිසේත්ම නැත? ඔබලාගේ (මේ පවතින පක්‍ෂ සියල්ලේමත්) උත්සාහය ඔබලාගේ පැවැත්ම තහවුරු වී ඇති මේ විකෘති රාජ්‍ය රැකගෙන ඒ තුල ආණ්ඩු මාරුවක් පමණි.යුගයේ ඓතිහාසික අවශ්‍යතාව මේ විකෘති රාජ්‍යය මුලුමනින්ම ඉවත් වී ප්‍රකෘති රාජ්‍යයකින් ප්‍රථිස්ථාපනය වීමය. එය නොවනතාක් සියල්ල නිශ්ඵල ක්‍රියාවන් පමණක් බව මතක තබාගන්න.

    ReplyDelete
  2. අනේ බන් ගූතලන් ගොන් ආතල් නොදී හීටහන්, ජනතා විමුක්ති පෙරමුණ විජේවීර සීයා ආරම්භ කරලා දැනට අවුරුදු 60ක් පමණ වෙනවා, නිල වශයෙන් 1967 කියල ගත්තොත් ඒත් අවුරුදු 55 ක් වයසයි, ජෙවිපි ආණ්ඩුවක් එන්න අවම තව අවුරුදු 100 ක් වත් යයි, අනුර කුමාර දිසානායක අංකලයා දැන් අවුරුදු 58 ක අංකල් කෙනෙක් බන්, අපේ පරම්පරාවේ උන් හොයන්නේ ඔයිට වඩා ගොඩාක් තරුණ නූතන ලෝකය ගැන දැනුවත් හොඳ දැනුමක් තියෙන කෙනෙක් හැමදාම කාට හරි බැන බැන කාලේ කන ඔය මනුස්සය අවුරුදු 158 ක් ජි්වත් වෙයිද?

    ReplyDelete
  3. අනිවා.. කයියයි පඩ ගඳයි විතරයි නේද? ඔක්කොම පොර ටෝක්ස් දෙන්නේ අලි වංසෙන්, රටේ නැති ලොකු කතා කියනව ඔය වාහෙල හැමතැනම. හැබැයි චන්දෙකට ගියාට පස්සෙ සීයට තුනයි. ඕනම නම් සියට එකක් විතර වැඩි වෙයි එච්චරයි

    ReplyDelete
  4. පහුගිය අවුරුදු තිහේදි වසරකර 20,000 ක් පිටරට අධ්‍යාපනයට යනවා. ඒ කියන්නේ එක වෙලාවක ළමයි 80,000 ක් පිටරට ඉගෙන ගන්නවා. වියදම ඩොලර් බිලියන දෙකයි. අවුරුදු තිහට අද මුදලින් ඩොලර් බිලියන හැටයි. රටේ ණය ඩොලර් බිලියන 55 යි. 1989 සිට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට කරන්න නොදුන්නෙ ඔය අය තමයි. සල්ලි තියෙන අය පිටරට ඉහෙන ගන්න කොට සල්ලි නැති අය මැද පෙරදිග , ත්‍රිරෝද රථ වලය යොමු වුනේ ඒ ගොල්ලො නිසයි. සටන් කරන්න තිබුණේ දුප්පතුන්ටත් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න සිසුණය ක්‍රමයක් ඉල්ලලා. ඒත් කලේ ආයතන රජයට ගන්න උද්ගෝශණය කරන එක. අවුරුදු 30 පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිවුණා නම් අද පිටරට අයත් මෙහෙ එනවා. ඒ වෙනුවට අපේ අය බංග්ලාදේශයට යනවා. මහින්ද ගෙන පස්සේ රටේ ආර්ථිකයට ලොකුම හානිය කලේ ඒ ගොල්ලා. තියෙන පුද්ගලික ඒව ටිකත් වස්සල, වැඩ වර්ජනය කරවල පුද්ගලික ආයතන ටිකත් වස්සවන්න ඒ ගොල්ලන්ට චන්දෙ දෙන්න මිනිස්සු මෝඩ නොවෙයි කියල මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඉයන් ඔය පුද්ගලික අංශයේ විශ්ව විද්‍යාල යෝජනාව මෑත කාලයේ ධම්මික පෙරේරලා ගෙනාපු යෝජනාවක්, ජේ ආර් ලට ඔහොම දෙයක් කරන්න තරම් මොළයක් තිබුණේනැහැ නිකරුණේ ඉන්දියාව තරහ කරගෙන උතුරේ නැති යුද්ධයක් සහ දකුණේ නැති කැරැල්ලක් අලුතින් ඇති කරලා පළාත් සභා ගීනිගෙඩි දීලා හොර ඡන්ද දැමීම් සහ මිනිස්සු දහස් ගණනක් මරාදාලා රටේ තිබ්බ ශිෂ්ට පාලනය අශිෂ්ට ලෙස අවුල් කරලා JSS හෙංචයි කාලකන්නින්ට ආණ්ඩුවේ රස්සා ලක්ෂ ගණනින් දීලා රජය විසාල කරලා රට වනසලා මාරු වුණා විතරයි

      1980 ගණන් වල ජේ ආර් ගෙනාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විතරයි ඒකත් ලංකාවේ එවකට පැවති රජයේ හිතවතුන් වූ ධනවත් දෙමාපියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් ලේසියෙන්ම වෛද්‍ය උපාධි ලබාදී ඔවුන් සමාජයේ ලොකු පොරවල් කිරීමේ අරමුණින් යුතුව කරන ලද විගඩමක් විතරයි නැතුව විදේශ සිසුන් ගෙන ඒමට කිසිම අරමුණක් තිබ්බේ නැහැ හරියට මැදමුලනේ නාකි මයින කියන ගස් බල්ලා උගේ දෙවෙනි ධූර කාලයේ සයිටම් විගඩම ගෙනාවේ අන්න ඒ වගේ තමයි අර මර්වින් සිල්වා ආචාර්ය කරා වගේ රටේ ඉන්න ගොන් හැත්තකට නමට උපාධි දෙන එකයි ඕකේ එකම අරමුණ, හැබැයි ඒකත් අසාර්ථක වෙලා අකුලගත්තේ මිනී කීයක් මරලාද?

      පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ යුත්තේ ආයෝජන අරමුණු ස්ථාපිත කරගෙන ලාභ ලබන හෝ නොලබන non profit නමුත් රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ඇති වන පරිදි research & development වලින් රටේ කර්මාන්ත තාක්ෂණය වගේ දේවල් දියුණු කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හරහා ආර්ථිකය ඉහළ නැංවීමට

      ජේ ආර් ගොන් තඩියට ජුන්ඩක් වත් මොළේ තිබුණා නම් ඔය අනවශ්‍ය වෛද්‍ය විද්‍යාල විගඩමක් අල්ලගෙන රට ගිනි තියන්නේ නැතුව ඒ වෙනකොට ලංකාවේ විශ්ව විද්‍යාල වල නොතිබු තොරතුරු තාක්ෂණ අංශයේ සහ වෙනත් අලුත්ම පාඨමාලා රාශියක් කිසිම විරුද්ධත්වයක් නෑතුව ලේසියෙන්ම කරන්න පුළුවන් කම තිබුණා එහෙම නම් ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශය මීට වඩා ගොඩාක් ඉස්සරහට එන්න පුළුවන් තත්වයක්ඇති වෙන්න තිබුණා

      ඒ වෙනකොට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කලාපයේ ඉහළ මට්ටමක තිබුණා නීතිය සහ වෙදකම විතරක් නෙවෙයි තව ඕන තරම් ක්ෂේත්‍ර තිබුණා අඩුම තරමින් ලංකාවේ Textile Engineering වලටත් මොරටුව විශ්ව විද්‍යාලයේ පාඨමාලා පටන් ගන්න කොට කාලෙ ටිකක් පහුවෙලා තියෙන්නේ අනෙක් ගණන් වලදී, අඩුගානේ ඇමරිකන් කෝටා ලැබිලා හැත්තෑ ගණන්වලට සාපේක්ෂව ලංකාවේ exports apparel Industry එක වඩාත් වේගයෙන් වර්ධනය වූ අසූගණන් වල පටන් ගන්න තිබුණා

      ඔය කාලයේදී රජයේ අවම සහායක් ලබාගෙන වුවත්
      ලංකාවේ මොළේ පාවිච්චි කරලා ගේමක් ගහපු ඇමරිකන් එක්සත් ජනපදයේ විශාල වැටුපක් සහ හොඳ රැකියාවක් දමා ලංකාවේ තම මුල් සරසවියට නැවත ඇවිත් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයෙන් පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව ආරම්භ කර පසුව මාලඹේ SLIIT එක ආරම්භ කළ මහාචාර්ය සෑම් කරුණාරත්න, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක UCSC අංශය ඇරඹූ මහාචාර්ය වී කේ සමරනායක වගේ මිනිස්සු තමයි වැඩකට ඇති දෙයක් කළේ ඒ අතින් ලංකාවේ මහා ගොබ්බයෝ පොරවල් වෙලා තියෙන්නේ තව ටික දවසකින් මැදමුලනේ නාකි මයින වල කජු ගහල ටික දවසකින් ඌත් හෙටම හෙන ලෝක වීරයෙක් කියලා වර්ණනා කරන්න පුළුවන් වෙයි ඌ හැබැයි ජේ ආර්ලා වගේ රට අම්බානක කාපු කාලකන්නි හැත්තට සාපේක්ෂව ටිකක් විතර හොඳයි ටිකයි නේ කෑවේ

      Delete
  5. සමස්ත ලෝකයම ඉදිරිපිට ශ්‍රී ලංකාව දීප්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය භාරගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ජාතික ජන බලවේගයේ සාමාජිකයන් ඉදිරියේ මාධ්‍ය අමතා ප්‍රතිඥාවක් දෙමින් ප්‍රකාශයක් නිකුත් කළා.

    මේ වනවිට ලංකාවේ සියලුම සතුරු කල්ලි කණ්ඩායම් වල දේශපාලන වේදිකාවන්හි කතා කරන්නේ ලංකාවේ තියෙන ප්‍රබලතම දේශපාලනික ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය ගැන බවත් ජවිපෙ ජාතික ජන බලවේගයේ නැගී එන මහත් බලය ගැන බයෙන් සලිත වී ඔවුන් විසින් ඉතා පුළුල් ලෙස බොරු හද හද මඩ පවසයි.

    විශේෂයෙන් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ දරුණුතම අපරාධකරුවන් විසින් මෙහෙයවන රනිල් රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී හොර කල්ලිය එක පැත්තකිනුත් අනිත් පැත්තෙන් සිඟිති මානසිකත්වයක් ඇති නීල කාස නිදන් හොරෙක් වන සජිත් ප්‍රේමදාස ඇතුළු ටෙලිෆෝන් හොර මුලද අද වේගයෙන් වර්ධනය වන ජවිපෙ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම දැන බියෙන් සලිත වී අන්ත අසරණ වී ජනතාව ඉදිරියට යාගත නොහැකිව අනාථ වී කිසිවක් කරකියාගත නොහැකිව ජවිපෙට එරෙහිව ඉරිසියාවෙන් පුපුරමින් අවලාද නගමින් සාප කර කර සිටින බවත් අනුර කුමාර දිසානායක විස්තර කළා.

    මේ සියලුම හොර මුල් වලට උණ ගැනෙන්නේ ජවිපෙ ජාතික ජන බලවේගය විසින් රට ගොඩනගන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විධිමත් සැලැස්මක් සකස් කර ඇති නිසා බවද ජාතික ජන බලවේගයේ නව වැඩපිළිවෙළ මුලු රටම පිළිගෙන ඇති බවත් ජවිපෙට ඡන්දය දැමීමට අද තරුණ තරුණියන් පුල පුලා බලා සිටින බවත් ඔහු පෙන්වා දුන්නා.

    ඒ වගේම ජවිපෙ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කෘෂිකර්මාන්තය ලංකාවේ කෘෂි කර්මාන්තය ගැන ඉතා පුළුල් පරාසයක දැනුමක් සහ අත්දැකීම් රාශියක් සහිත නාමල් කරුණාරත්නගේ නායකත්වය යටතේ ඉතාමත් බලසම්පන්න ලෙසින් ක‍්‍රියාත්මක වනු ඇති බවත් ජවිපෙ ජාතික ජන බලවේගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම දරනු ඇත්තේ හිටපු මේජර් ජෙනරාල් වරයෙකු වන නැගෙනහිර පළාතේ හිටපු ආඥාපති සහ දැනට ජාතික ජන බලවේගයේ ආරක්ෂක උපදේශක ලෙස දේශපාලන ක්‍රියාකාරී කමිටුවේ සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර බවත් ජාතික ජන බලවේගයේ එම ආසන සමුළුව අමතමින් මාධ්‍ය මගින් පෙන්වා දුන්නා

    එමෙන්ම ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට ජවිපෙ ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති හරහා වසන්ත සමරසිංහගේ නායකත්වය යටතේ විකිණීම සඳහා ගාල් කර ඇති රාජ්‍ය ආයතන නැවතත් සක්‍රිය කර ලාභ ලබන ආයතන බවට ඉතා ඉක්මනින් පත්කරන්නට කටයුතු කරන බවත් රටේ සිටින උගතුන් බුද්ධිමත්තු සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ වී අලුත්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සියල්ල සූදානම් බවත් ඔහු පෙන්වා දෙන්නේ

    මේ වීඩියෝ ක්ලිප් එකේ කෙටියෙන් පැහැදිලි කිරීමක් තියෙනවා මේ ගැන

    https://youtu.be/Xzq9PSnrUIk

    ReplyDelete
    Replies
    1. නොදකින් තවත් ආමි කාරයො දාගෙන මේක හාන්නද බන් ජේ වී පී කාරයොත් හදන්නේ? පැන්ෂන්කාර නාකි හම්පඩ හමුදා නිලධාරීන් රටට කල සහ කරන විනාශය මදිද ? ගෝඨා කල හරිය මදිද? එතකොට ලංකාවේ යුද්දේ කාලේ කොහෙද බන් මේ අරුණ ජයසේකර කියන පැපොල් ඇට ලොන්තයා හිටියේ. හමුදාවේ කුස්සියේද?

      Delete
  6. මාතලන් වර්තමානයේ ලංකාවේ රනිල් රාජපක්ෂ ජූන්ටාවේ මර්දනයට එරෙහි විපක්ෂයේ පොදු උද්ඝෝෂණ සහ සංධාන ගොඩ නැගීම උදෙසා කටයුතු කරද්දී අප සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තරය හා විශ්වවිද්‍යාල සිසුන්, සහ වෙනත් පක්ෂ සහ වෘත්තීය සමිති ගණනාවක් නොවැමිබර් 02 දින විපක්ෂය හා ඒකාබද්ධව උද්ඝෝෂණයකට සැරසෙමින් සිටිති.

    නමුත් අවාසනාවකට ජවිපෙ කලින්ම හයිඩ් පිටියට සිය වෘත්තීය සමිති කැදවීය. එයට අරගලයට සම්බන්ධ අනෙත් කාණ්ඩ සහ වෘත්තීය සමිති කිහිපයක්ද.එක්ව සිටිය බව ඇත්තකි.

    ජවිපෙ ස්ථාවරය පැහැදිළිය. ඒ අනුව උග්‍ සජබ විරෝධී දේශපාලනයක නිරතවන ඔවුන්ට සජිත් සිටින උද්ඝෝෂණ හෝ වෙනත් ක්රියාකාරකම්වලට ඔවුන් නොපැමිණෙයි.

    පිළිකුල් සහගත ලෙස සජබ සජිත් ප්‍රේමදාස කණ්ඩායම දෙස බලමින් බැන වදින ජවිපෙ පවසන ආකාරයට සජිත්ගේ සජබය ද ⁣විකල්පය ක් නොව පවතින තත්වයේම ඊටත් වඩා අන්ත දූෂිත පාදඩ නියෝජනයකි. එම නිසා අරගලය සිදුවිය යුත්තේ ජවිපෙ නායකත්වයෙන් පමණි යන ස්ථාවරය ඔවුන් දරයි.

    නමුත් ජවිපෙ විකල්පය වශයෙන් සිතන්නෙ කුමක්ද? සමාජවාදයද? නැතිනම් හුදු දූෂණ විරෝධතාවය පමණක්ද? නැතහොත් ජවිපෙ දේශපාලනය ප්රජාතන්ත්රවාදය ට විකල්පයක් නම් එය පැහැදිළි පැවසිය යුතුය. එසේ නැතහොත් ප්රජාතන්ත්රවාදී ප්රවාහයේ පවතින දුර්වලතාවලට ජවිපෙට ඇති පිළිතුරු පැහැදිළිව සංකල්පගත කොට ඉදිරිපත් කල යුතුය.

    ඒ කිසිවක් නොවන තත්වයක් තුළ 'හපෝ මළපෙරේත සජිත් හොරා ඉන්නව නම් අපි නෑ' වැනි සරල දේශපාලන විග්රහයන් සමග ජවිපෙට තනිව සිටීමට ඇති අයිතිය ගැටලු සහගතය.

    පෙසප ඇතුලු කණ්ඩායම් සහ පක්ෂ ගණනාවක් අත්සන් කල ඒකාබද්ධ මර්දන විරෝධී ප්රකාශයට සජබයද එක්ව ඇත. ලංකාවේ දැනට ප්රධාන විපක්ෂ බලවේගය වන සජබ මර්දනයට විරුද්ධ පොදු ස්ථාවරයට පැමිණ සිටීම ආණ්ඩුව හොබවන පාර්ශව වලට එතරම් යහපත් තත්වයක් නොවෙයි. මන්ද ආණ්ඩුවට සජබය දියකර හැරීම එහිදී අපහසුවන නිසාය.

    මර්දනයට සැබැවින්ම ගොදුරු වන්නේ වමේ කණ්ඩායම් ය. පෙසප කාර්යාලයට කිහිපවතාවක්ම පොලීසිය කඩා පැන්න බව අපට මතකය. දුමින්ද ඇතුළු ඉදිරි පෙළ නායකයන් වරින් වර අත්අඩංගුවට පත්වීම එම පක්ෂයට සාමාන්‍ය දෙයකි. එසේම ලංකා ගුරු සංගමයේ ස්ටාලින්, අන්තරේ කැදවුම් කරු වසන්ත මුදලිගේ, විප්ලවකාරී ශිෂ්‍ය සංගමයේ ලහිරු වීරසේකර, හා භික්ෂු අන්තරේ නායකයන් විශාල මර්දනයකට මුහුණ පා ඇත.

    අනෙක් අතට සජබයේ හිරුණිකා ද කිහිපවතාවක් අත්අඩංගුවට පත්විය.
    සමාජවාදි තරුණ සංගමයේ එරංග, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකයාද අත්අඩංගුවේ සිට ඇත. ඔවුන්ට කඩිනමින් ඇප ලැබුණි.

    සාපේක්ෂව ජවිපෙට වඩා මර්දනය බලපා ඇත්තේ අරගලයේ නිරතවූ අන්තරය, සහ පෙසප කොටස් වෙතය. පෙසප විශේෂයෙන්ම රාජ්‍ය මර්දනය විසින් ඉලක්ක කරන බවක් පෙනීයයි.

    මර්දනයට මුහුණ දීමේ දී වම සංධානවලට යාම පොදු තත්වයකි. එය අතීත එජාප ආණ්ඩු විරෝධී ශ්රීලනිප සහ වමේ සංධාන සේම 1994ට පසු ජව්පෙ සහ ශ්රීලනිප සංධානවලින්ද පැහැදිළි වෙයි.

    1994 දී ජවිපෙ මර්දනයට ලක්ව සිටි අවස්ථාවේ මහජන දේශපාලනයට ආපසු පැමිණීමට චන්ද්රිකාගේ සංධානය ඉවහල් විය. එසේම ජවිපෙ ආසන 40ක් දිනා ගන්න තෙක්ම පොදු පෙරමුණක ගිය බව අමතක කල ⁣යුතු නැත. පුටුව, බුලත් කොළය ආදී සළකුණු වලට මුවාවි සීනුව එකල පැවතුණි.

    2001 සැප්තැම්බර් පරිවාස ආණ්ඩුවද මතකය. එසේම මහින්ද රාජපක්ස සමග ද යුද්ධය සදහාවූ සංධානයකට ද ජවිපෙ එක්විය. සංධාන හැදීම කඩා වැටීම ඉතා ප්රායෝගික තත්වයක්ව පැවත ඇත. පරණ වම සේම ජවිපෙ ද ආණ්ඩු බලය සදහා සංධානවලට එක්විය.

    නමුත් ජවිපෙ මේ වෙලාවෙ විපක්ෂයේ සජබය සහිත සංධානවලට කිසිම ආකාරයක කැමැත්තක් නැති බවත් සජබය ඉතා පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවත් නොවැම්බර් 02ට පෙර ඔක්තෝබර් 27 උද්ඝෝෂණය කිරීමෙන් පැහැදිළි වෙයි. පෙසප සමග ද ජවිපෙ සාකච්ඡාව අසාර්ථක විය. පෙසප සමග ජවිපෙ එක්විය යුතුබව ක්යන්නේ භාහිර පාර්ශවයන්ය. ජව්පෙ එසේ නොසිතයි. අරගලය ඇතිවූ විට වඩාත් තිගැස්මකට ලක්වුනේ ද ජවිපෙය. "නන්නාදුනන අරගලවලට අපි නෑ" කියල ජවිපෙ එකල පැහැදිළිවම කීවා මතකය.

    ReplyDelete
    Replies
    1. නමුත් අරගලයේ දෙවන පියවරක් ජවිපෙට ඕනෑ වී ඇත. වසන්ත සමරසිංහ හයිඩ් පිටියේ දී කෑගසා කිව්වෙ එයයි. අරගලයේ දෙවන පියවර කුමක්ද? කුමක් සදහාද? ඒ වග එතරම් පැහැදිළි නැත. නමුත් අන්තරය, පෙසප, සහ අනෙක් පිරිස් අරගලය ඉවරවී පවතින හා අලුතින් ඇතිකල යුතු දෙයක් බව නොදකී. අරගලය රනිල්ගෙන් නිමාව් නැත. අරගලය අතට ගන්නට ජවිපෙට බැරිවී ඇත. ඒ අරගලයට කේන්ද්රීය නායකත්වයක් නොපවතින නිසාය.
      අරගලය යනු පොදු අධ්‍යාත්මයක් මිස පක්ෂයක් නොවෙයි.

      ජව්පෙ සැබවින්ම ගතානුගතික පක්ෂයකි. ගතානුගතික පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සදහා එය ගැළපෙයි. බලය ලබා ගැනීමට පවතින ක්රමය හරහා පාර්ලිමේන්තුවට යෑමට වඩා වෙනත් ක්රමයක් නැති බව එහි අදහසයි.
      එහිදී ජවිපෙට අද විශාලතම තර්ජනය සජබයයි. සජබය ප්රමෝට් වන කිසිම තැනක ජවිපෙ නැත. ආණ්ඩුව එලවීමට හෝ මර්දනය ට එරෙහිව ජවිපෙ එක්වන්නේ තම පක්ෂය ට බලය ලැබෙනවා නම් පමණි. එය ඉතා පටු අදහසක් ලෙස බොහෝ අය විසින් දැක්කත් ජවිපෙ දේශපාලන න්‍යායට අනුව එය සාධාරණය. ඒ රාජ්‍ය නැවත ගොඩ ගැනීමේ නිවැරදිම ස්ථාවරය සහ දැක්ම තමන්වෙත පමණක් ම ඇත යන පදනම මත සිටගෙන කරන සාධාරණීකරණයකි.

      දේශපාලන බලය ක්රියාත්මක වන්නේ ජවිපෙ හෝ වෙනත් පක්ෂයක "සදාචාරයට" යටත්ව නොවෙයි. බලයේ ගතිකය වන්නේ "බලවේග වල එකතුව" සහ එහි "ප්රහාරාත්මක" දිශානතිය හා තීව්රතාවය තුළිනි. ගෝල්ෆේස් අරගලය තුල සිදුවුනේ ද එයයි. බලවේග එකතුකිරීමට ජවිපෙ හදන එම පක්ෂයේ සදාචාරයට පමණක් වලංගු සංධානවලට එකතුවන්නේ සීමිත පිරිසකි. ඒ අය ජවිපෙට අනන්‍ය කොටසකි. ජාජබය යනු එවැනි තත්වයකි.

      ඉදිරි මැතිවරණවලදී ජවිපෙ සතු බලවේග එකතු කිරීමේ ශක්තිය මැනගැනීමට අපට හැකිවනු ඇත. නමුත් මේ මොහොතේ රනිල් රාජපක්ස ට විරුද්ධව කුමන හෝ බලවේග එක්කොට අරගලය පෙරට යායුතුය යන පෙසප තර්කය වඩාත් අතාර්කික බවට ජවිපෙ දැක්කත්, එය වඩා සාර්ථක විය හැක්කේ ප්රහාරයේ තීව්රතාවයට සාපේක්ෂව ය. ප්රහාරය තීව්රවීම වැලැක්වීමට අවශ්‍යය ක්රියාමාර්ග වලට ජවිපෙ අවතීර්ණ වීම යනු නැවත අරගලය කිරීමට ජවිපෙට අවශ්‍යය නැතිබව පෙන්වීමකි. එබැවින් ජවිපෙට සිය සැබෑ ස්වරූපය මතුවන්නට සිය නිරුවත ලෝකයටම පෙන්වීමට අවශ්‍යය මැතිවරණය වර්තමාන රනිල් රාජපක්ෂ ජුන්ටාව මගින් ඉක්මනින් ලබාදෙනු මැනවි යන්න අපගේ ඉල්ලීම සහ ප්‍රාර්ථනාවයි !

      Delete
  7. එකිනෙක මත කියයි සිරිලක ඇති තත්තේ
    නායකයන්ට නැතිවද දැක්මක් ඇත්තේ
    පක්ෂෙක ඉදිරි ගමනේ තීරණ ගත්තේ-
    ගන්නෙත් දෙතුන් දෙනෙකුයිනේ හැම පැත්තේ

    ReplyDelete
  8. Saumyage huththata diwa danna thibba nam.

    ReplyDelete
  9. ළෝකය වෙනස් වෙනවා මාතලන්, ඇමෙරිකා එක්සත් ජනපදය සමග අවුරුදු හැත්ත පහකට වඩා එකට හිටි ඇමරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් ඇමරිකානු එක්සත් ජනපදයට හොයලා දීපු සෞදියත් අමු ගොන් බයියෙක් වන ඩිමොක්‍රටික් හොර රැළේ මහ හොරා ගොං බයිඩන්ට රිදෙන්නම කනේ පාරක් දීලා යන්න ගියා.

    රුසියාව සෞදි අරාබිය ඔපෙක් plus එක වර්ධනය කරමින් නැගී එන ඉන්දීය චීන මාකට් එකට සෙට් වෙලා කඩන් වැටෙන ඇමරිකානු යුරෝපීය මාකට් එක ටිකෙන් ටික අතෑරලා දාන්න යන්නේ ඒ අස්සේ චීන්නු ඉරානයේ ඩොලර් බිලියන 400 කට වඩා වැඩි ආයෝජන ව්‍යාපෘති කරන්න යනවා ඊට අමතරව චීනයේ ඩොලර් බිලියන 500 කට වඩා වැඩි nuclear fusion න්‍යෂ්ඨික විදුලි බල ශක්ති බලාගාර ව්‍යාපෘති කරගෙන යනවා ලෝකයේ විදුලි වාහන මාකට් එක තනිකරම චීන්නු සහ වියට්නාම දකුණු කොරියන් කාරයෝ අල්ලන බව ඉතාමත් පැහැදිලියි ඒ අනුව ජපන් වාහන ආධිපත්‍යය ඉවරයි ජර්මනියත් චීනය සමග විදුලි වාහන කොටස් නිෂ්පාදනය කරන ව්‍යාපාරික සබඳතා තියෙන නිසා එකතු වෙලා තමන්ගේ මාකට් ෂෙයාර් එක බේර ගනීවි

    මේ අලුත් ලෝක ආර්ථිකයේ තත්ත්වය තේරුම් අරගෙන අපි බුද්ධිමත් වෙන්න ඕන කල්පනා කරලා ගේමක් ගහන්න ඕනේ

    පහුගිය කාලෙ ඇමෙරිකා එක්සත්ව ජනපදේ සහ සෞදිය මන්දිරයේදී සව්දීය පුරද්දී පිලේ ඉඳගෙන විසි වෙන කටු කමින් සිටි ලංකාවේ රනිල් වික්‍රමසිංහ වගේ මොළේ නැති නාටු ඉජූ ඉජූ බල්ලන් විතරයි අද ඇමරිකන් ස්වාමියාට නගුට වනන්න ඉතිරි වෙලා ඉන්නේ.

    ReplyDelete
  10. 🔴පිළිකුලෙන් යුතුව හෙලාදකිමි

    කුරුණෑගල "Gotagogama" Facebook පිටුව තමන්ගේ තනි කැමැත්තට එහි තිබූ සියලුම චායාරූප,වීඩීයෝ Delete කර තමන්ගේ පෞද්ගලික youtube නාළිකාවට අදාළ FB පිටුවක් බවට හැරවීමට තරම් Mohomed Himas කටයුතු කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.

    සියවසේ විශිෂ්ටතම ජන නැගිටීමට සාක්ශී මතු අනාගතයට නැරඹීමට තිබූ සාක්ශි රැසක් යළි කිසිදා නැවත් ගොගැනිය හැකි ලෙස විනාශ කර දමා අවසන්ය...

    ඒ පිළිබඳව ඔහුගෙන් Himas Vlogs විමසූ විට ඔහුගේ සරල පිළිතුර " ඒකේ කිසිම වැඩක් ගත්තෙ නෑනේ, ඒ නිසා ඒක මගේ නමට හරව ගත්තා" යනුවෙනුයි...

    කුරුණෑගල තරුණ තරුණියන්ගේ දිවා රාත්‍රී වෙහෙස වී කළ ජයග්‍රහණය මෙලෙස පයට පෑගෙන් දූවිල්ලක්වත් තරම්වත් නොවටින තත්වයක පිළිතුරකට හෑල්ලු කළ ඔබට ස්තූතියි හිමාස්

    එහි ඇඩ්මින්වරුන් සියල්ලම පාහේ ඉවත්කර තනි මතයට සිදුකළ මෙම ක්‍රියාව නැවත වරක් පිළිකුලෙන් යුතුව හෙළ දකිමි

    ඔබ නැවත ලංකාවට නොපැමිනෙන්නෙ නන් එය ඔබට ඉතාමත් යහපත් බව මතක් කරමි.

    ReplyDelete
    Replies
    1. @ Ano 12.42

      🤣🤣🤣🤣

      අනේ ගොනෝ තොපි බයියන්ටත් අන්ත ගොන් හැත්තක් ඕයි, දන්නේ නැද්ද බන් හැමතැනම ගෝඨා ගෝ ගම් ලීඩ් කළේ හිමාස්ලා තමයි. තොපි නිකන් බලල් අත් විතරයි. තොපිට ඇති පඩේක බලයක් නෑ. දැන් වත් වැඩක් බලාගනින්, හිමාස්ලා අකමැති පාලකයෙක් ආවම ආයේත් තොපි වගේ ගොන් රැලකට කතා කරාවි ගෝ ගම් ගහන්න, රෙදි නැතුව කඩේ යවාගන්න, පොලිසියට හමුදාවට නෙළන්නට ගිහින් අත පය කඩා ගන්න වගේ චා වැඩ වලට... ඒ වෙනුවට බිරියානි දේවි. හැබැයි තීරණ ගැනීමේ අයිතිය හිමාස්ලගේ. තොපි පීනට ලැබෙන දන්සැල් වලින් බඩපිරෙන්න බිරියානි කාලා වැඩක් බලාගෙන හිටපිය ලොකු එක නොදී ගොන් හිවල්ලු හැත්ත

      Delete
    2. ගූටාබේ මහත්තයා ලංකට්ටෙකත් මන්දිරේ දාලානේ රටින් පැන්නේ. දැන් ආයේ ඇවිල්ලා ඉන්නවා ලජ්ජා නැතුව. මිනිහට ලැජ්ජාවක් නැද්ද මන්දා.

      Delete
    3. අඩෝ ඔව්ව මොනාද බන් කුරුණෑගල විතරක් නෙමෙයි රට හිටපු පුරාම ඔහොම තමයි ඉතින් දෙකයි පණහේ ඩෑල්නේ ඔව්ව කල්පනා කරන්න තිබුණේ කලින් බලපන් වතිකානුවේ අධිපති පාප් වහන්සේ ලෝ පුරා පූජකවරුන් සහ කන්‍යා සහෝදරියන් වැඩි පිරිසක් අන්තර්ජාලය මගින් අසභ්‍ය වීඩියෝ බැලීමට පුරුදු වී සිටින බව ප්‍රසිද්ධියේ කියන්නේ, එහෙම එකේ ඕව මොනවද?

      ශුද්ධෝත්තම පියතුමා වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වඩා හොඳින් භාවිතා කිරීම පිළිබඳව වතිකානුවේ පැවති සැසිවාරයේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අසැබි චිත්‍රපටි සඳහා ඇබ්බැහි වීමෙන් සිදු වන්නේ පූජක හදවත දුර්වල වීම බව ද යක්ෂයා එතනින් ඇතුළු වන බවත් පාප් වහන්සේ දේශනා කළා

      සමාජ මාධ්‍ය භාවිතයේ දී ඒ සඳහා වැඩි කාලයක් නාස්ති නොකරන ලෙසත් දේව භාෂිත ධර්මය පමණක් ලොව පුරා පැතිරී මට සමාජ ජාල වල සහ අන්තර්ජාලය භාවිත කරන ලෙසත් පාප් වහන්සේ මෙහිදී සියලුම පූජකයන් සහ කන්‍යා සහෝදරියන්ගෙන් ඉල්ලා තියෙනවා ඒ වගේම ලංකාවේ ප.කේ කා දිනල ගොන් අගරදගුරා එහෙමත් සෝක්. බලන්න ඒබ්‍රහම් නානා තියාගත්තු පක්ශෙට අගරදගුරාගෙ තියෙන ආදරේ.. තේරෙනව නේද පාස්කු ප්‍රහාරේ ඇත්තම දැනගෙන හිටියද නැද්ද කියලා.. ඒ කරලා රනිල්ට බල කරනව පාස්කු ගැන කියලා..? අපේ දේශීය හරක් ටික නම් ලෝකෙ ඉන්න හොඳම හරක්. ලොලේ ලොල් ඕයි : D

      Delete
  11. ඉයන් ඔබ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන එංගලන්තයේ ලේබර් පාටි එක ගැනවත් ලංකාවේ පූර්ණකාලීන සාමාජිකයන් විසින් පාලනය කරන විප්ලවකාරී නටබුන් වලින් සමන්විත ජවිපෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂ ගැනවත් නොදැනුවත්වම මේ අදහස් පළ කර ඇති බව පේනවා.

    බ්‍රිතාන්‍ය ලේබර් පාටි එක කලක් තිස්සේම පැවතුණේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙසින් ඒ වගේම ටෝනි බ්ලෙයාර් තනිවම එම පක්ෂයේ වෙනස්කම් කළේ නෑ පක්ෂය විසින් 1991ට පසු පෝස්ට් සෝවියට් යුරෝපීය සමාජ දේශපාලනික තත්වයන්ට හැඩගැසීමට තීරණය කළා පමණි

    අනිත් පැත්තෙන් මාගරට් හිල්ඩා තැචර්ගේ සමුගැනීම සමග 1990 ට පසුව කොන්සර්වේටිව් පාටි එක දුබලව යාමෙන් පැවති ඉඩ විවර කර ගැනීමට ඔවුන්ට හැකි වුණා

    ඔබ තවමත් බ්ලෙයාර් පොරක් කියලා හිතනවා නම් බ්ලෙයාර් කම්කරු පක්ෂයට කළේ බිල් ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂයට කළ දේ (තව විදියකින් ජෙරමි කෝබින් අහෝසි කිරීමට උත්සාහ කරන දේ සහ හිලරි ක්ලින්ටන් ස්ථිරවම සොහොන් කිරීමට උත්සාහ කරපු දේ.) ක්ලින්ටන්, බුෂ් සහ ඔබාමා යුද්ධයෙන්කළ දේ බ්ලෙයාර් කොසෝවෝ සහ ඇෆ්ගනිස්ථානය සහ ඉරාකයට කළා. නමුත් බුෂ් නාන තටාකයේ තමාගේ පින්තූර පින්තාරු කිරීමට නිවසට ගිය අතර, බ්ලෙයාර් ධනවත් වීමට සහ යුද්ධය සහ දූෂණය සඳහා ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ක්ලින්ටෝනියානු මෙහෙයුමකට ගියා.

    අනෙක් අතට බ්ලෙයාර් වැනි මුග්ධ පුද්ගලයන් ද තමන්ට නැති බල පරාක්‍රමයක් ගැන අනවශ්‍ය අධිවිශ්වාසයකින් ලොකු කතා කීම නිසාත් ඒ හේතුව නිසාම මහජනතාව ඉදිරියේ බලසම්පන්න අයකු ලෙස පෙනෙන්නට උත්සාහ කර අසාර්ථක වූ අයෙක්. උදාහරණයක් වශයෙන් තමන් නායකත්වය දුන් දේශපාලන පක්ෂයේ සාමූහික ජයග්‍රහණයක් ලෙස හුවා දක්වනවා වෙනුවට බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂය දිනූ මැතිවරණ තුනම ජයග්‍රහණය කළේ තමන් විසින් ම බව ‍බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ඔහුගේ ස්වයං චරිතාපදානයේ පළ කළ එකෙන් ඔහු විහිළුවක් බවට පත් වුණා පමණි.

    ජවිපෙ මීට වඩා ගොඩාක් වෙනස් ජවිපෙට සමාන මට්ටමේ පක්ෂයක් හොයනවා නම් බ්‍රිතාන්‍ය එම් අයි පහ හෝ එම් අයි හය ජවිපෙ සැකසුම සමග යම් තරමකින් හෝ සමාන කමක් තියේවි නමුත් ලේබර් පාටි එක ජවිපෙ සමග කම්පෙයාර් කරගන්න බෑ

    තැචර්ගේ අසූ ගණන් වල පුද්ගලීකරණ සහ නිදහස් වෙළද ප්‍රතිපත්ති සාර්ථක වීමත් ඊට පස්සෙ 1991 න් පසුව සමාජවාදී අදහස් පසුබා යාමත් නිසා අවස්ථානුකූලව කළ දේශපාලන වෙනස් කම් මේ මොහොතේ ලංකාවට ගැලපෙන්නේ නැහැ

    ReplyDelete
  12. කෙටියෙන් කියනවනම් ලංකාවේ වගේම යම් රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින්නේ නායකයකුගේ ශක්තිය සහ දැඩි බව මතය යන වැරදි කල්පනාව පොදු මහජනතාවගේද අදහස, විශේෂයෙන්ම මැතිවරණ සමයේ දී දේශපාලනය සම්බන්ධයෙන් මේ අදහස ජනතාව තුළ පැළපදියම් වන ලෙස දේශපාලනඥයෝ ද සිය ප්‍රතිවාදියා අවඥාවට ලක් කිරීමට “ශක්තිමතාට එරෙහිව දුර්වලයා” යන යෙදුම භාවිතා කරන දේශපාලනඥයෝ සාමාන්‍යයෙන් ඒ අනුව ඡන්ද දායකයෝ ද දේශපාලනය දෙස බලන්නේ ප්‍රබලයා ජය ගනී යන අදහස මත කෙරෙන ක්‍රීඩාවක් බවට පත් කර තියෙන්නේ

    ඔබට මතක ඇති නේ ද
    වරක බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායකයා ලෙස එඩ් මිලිබෑන්ඩ් නම් කළ විට ටෝරි පක්ෂයේ නායක ඩේවිඩ් කැමරුන් මිලිබෑන්ඩ් දුර්වලයකු ලෙස හංවඩු ගැසීමට උත්සාහ කළත් ප්‍රතිපත්තිමය කරුණක් මත ටෝරි පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු පක්ෂ නායකයාගේ අභිමතයට පටහැණිව කටයුතු කළ විට කැමරුන් විසින් තමන්ට එල්ල කළ චෝදනාව පෙරළා ඔහු වෙත එල්ල කළ මිලිබැන්ඩ් තම පක්ෂය පාලනය කර ගත නොහැකිය දුර්වලයෙකු ලෙස කැමරූන් හැඳීන්වුවා

    මොන මතයක හෝ තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් නොබියව පෙනී සිටීමට නොහැකි පුද්ගලයකුට හොඳ දේශපාලනඥයෙකු වීම අපහසු බව සැබෑ වුණත් ඵලදායක නායකයකු යනු ​ශක්තිය හෝ දැඩිබව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.

    ඇත්ත වශයෙන්ම ​අවශ්‍ය අවස්ථාවල දී පසුබැසීමට withdraw සහ ඒ මගින් අනතුරු වළක්වා ගැනීමට නුවණැති හොඳ නායකයෙකුට හැකි විය යුතු අතර සෑබෑ නායකත්වය යනු බලය පිළිබඳ ප්‍රශ්නයක් වශයෙන් වැරදි අන්දමින් කල්පනා කිරීම ඒකාධිපතිත්වයක් කරා මහජනතාව යොමු කිරීමට හේතුවන කරුණකි.

    මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ හොඳ නායකයෙකු වීමට තද පෞරුෂයක් තිබීමට වඩා විනීත කම සහ ඇහුම්කන් දීමේ හැකියාව තිබීම ගොඩක්ම වැදගත් සාර්ථක නායකයකු වීමට නම් පුළුල් පරාසයක හැකියාවන් තිබිය යුතුය. ඉන් එකක් වන්නේ විනීත කම විනය discipline වගේ දේවල්.

    In fact, ප්‍රයෝජනවත් විවේචන සැලකිල්ලට ගැනීම මෙන්ම අනෙකුත් දේශපාලකයන් සමග සාර්ථකව ගනුදෙනු කිරීමේ දී ද විනීතකම වැදගත් හේතුවක් වනවා ඒ හැරෙන විට නායකයෙකුට තිබිය යුතු අනෙකුත් ගතිගුණ මොනවාද? ඔබේ අදහස් කියන්න බලන්න.

    ReplyDelete
  13. ඒ වගේම තමයි ඉයන් ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වන උගත්කම හෝ බුද්ධිමත් කම, නැත්නම් වඩා නිවැරැදි අර්ථකථනය වන්නේ විශේෂඥභාවය කියන දේ නායකත්වයේ දී වැදගත් විය හැකි නම් කිසිදු නායකයකුට සියල්ල පිළිබඳව විශේෂඥයෙකු විය නොහැකි බව ඔබ තේරුම් ගත යුතුයි.

    මම හිතන්නේ ඒ නිසා හොඳ නායකයෝ තමන්ට එතරම් අවබෝධයක් නොමැති ක්ෂේත්‍රවලදී විෂය විශේෂඥයින්ට කන් දීමට වග බලා ගනිති. නායකයකුගේ උපදේශක මණ්ඩලය ජන ජීවිතයට බලපාන විවිධ විෂයයන් පිළිබඳව විශේෂඥතාව ඇති පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතුය. උදාහරණයක් වශයෙන් විෂය භාර අමාත්‍යවරයාට වඩා විශේෂඥතාවයක් නායකයා ට එම විෂය සම්බන්ධයෙන් තිබිය යුතුයැ’යි බලාපොරොත්තු නොවිය යුතුයි. තම කාර්ය සම්බන්ධයෙන් නියම විශේෂඥයන්ට කන් දීමට අකමැති නායකයන් අතින් සිදුවිය හැකි වරද නම් අවම අවබෝධයකින් තීරණ ගැනීමයි. එවැනි අනවබෝධිත තීරණ පුළුල් සමාජයට අහිතකර විය හැකියි. ලංකාවේ තත්ත්වය ගැන අධ්‍යයනය කර බලන්න.

    පාලකයෙකු ලෙස බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර් සාර්ථක වීමට මූලික වශයෙන් හේතු වුණේ නියම විශේෂඥයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට ඇය දැක්වූ උනන්දුවයි. ශක්තිමත් යයි හඳුන්වන වර්ගයේ නායිකාවක් වුවත් කිසියම් තීරණයක් ගැනීමට පෙර ඒ පිළිබඳ කරුණු කාරණා එක් කොට හොඳින් සමීක්ෂා කර බැලීමට ඇය හපනෙක් වූවා, සිය බලය සපුරා යොදා ගැනීමට නොපසුබට වුවත් ඇය එසේ කලේ දැනුමැති විශේෂඥයින්ගෙන් නිසි උපදෙස් ලබා ගැනීමෙන් පසුවයි. විශේෂඥ උපදෙස් නො තකා හැරීම නිසා අසාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. එමෙන්ම විශේෂඥයෝ දැනුමැති අය වීම පමණක් නොව මහජන මතය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති අය වීම ද අත්‍යවශ්‍ය ය.

    ලෝකය පුරාම ශක්තිමත් යැයි කියා ගන්නා නායකයෝ ද බොහෝ විට තම මතය ප්‍රශ්න විරහිතව අනුදක්නා ප්‍රශස්ති කාරක හෙංචයියන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක ග්‍රහණයට අසු විය හැකියි. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට නායකයෙක් තමන්ට වඩාත් ශක්තිමත් නායකයෙකු විසින් පෙරළා දැමීමේ අනතුරට ලක් විය හැකි ය. ‍බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර් අගමැතිට සිදු වූයේ එයයි. ලංකාවේ ද මම හිතන්නේ අඩු වැඩි වශයෙන් සිදු වුණේ ඒක නෙවෙයි ද? ඔබ ලංකාවේ තත්ත්වය ගැන අපට වඩා හොඳට දන්නවා ඇතිනේ ලංකාවේ සිටින තීරණ ගත හැකි අය සමග දේශපාලනික සබඳතා තියෙන නිසා එහෙම නේද?

    ReplyDelete
  14. ලංකාවේ ප්‍රධාන විදේශ ණය හිමි රටවලින් ජපානය හැර ඊළඟට ඉන්න රටවල් වෙන චීනය සහ ඉන්දියාව සමඟ පැවති මූලික අදහස් හුවමාරුවේදී චීනය ලංකාවට දැනුම් දී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළ යුතු බව, 1998 දී ඉන්දියාව සමඟ එබඳු ගිවිසුමක් අත්සන් කර ඇති නිසා චීනයට ද සමාන අවස්ථාවක් අවශ්‍ය බව චීන මතය වී තිබෙන අතරේ ඉන්දියාව ලංකාවට දන්වා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවට පෙර ‘එක්ටා’ (ECTA) ගිවිසුම සම්පූර්ණ කළ යුතු බවය. ‘එක්ටා’ ගිවිසුම මගින් සිදුවන්නේ ලංකාවේ කෙරෙන ඉන්දීය ආයෝජන සහ සේවා සැපයුම් ව්‍යාපාර බදුවලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම සහ ලංකාවේ විවිධ නීති රීති රෙගුලාසි ද ඉන්දීය සමාගම් වලට උපරිම වශයෙන් ලිහිල් කිරීම යි.

    මෙම ගිවිසුම් දෙක සම්පූර්ණ වනතුරු චීනය සහ ඉන්දියාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා සහභාගි නොවන බව ලංකාවටදැනුම් දී ඇති මොහොතක අප ඉතිහාසය පිළිබඳ හැදෑරීමේදී පේන්නේ රාජපක්ෂලායි රනිල්ලයි හැමදාම කලේ ඒ අය හොඳ මිනිසුන් වගේ පස්සට වෙලා ඉඳගෙන ජෙප්පන් පෙරැට්ටන් කහකඩ ගණයන් සහ බූරුවංස වගේ ගොන්නු ෆෝම් කරලා ඉන්දියාවට සහ චීනයට පුපේ ඇරීම සහ අරින්නට යාම.

    මේ උපක්‍රමය ඉන්දියාව සහ චීනය දැන් හොඳින් තේරුම් අරගෙන දැන් ලංකාවේ “රාජපක්ෂ-රනිල්-ජෙපි අන්තර්-වෘතිය සමිති” ඒකාබද්ධ මාෆියාවට පෝලිමේ තියලා අරිනවා.
    මේ ගැන පොදු ජනතාව සතුටු විය යුතුයි. මන්ද තමන්ව ප්‍රාණ ඇපයට ගෙන පිස්සු කෙලින “රාජපක්ෂ-රනිල්-ජෙපි- අන්තර්-වෘතිය සමිති” ඒකාබද්ධ ජනතා විරෝධී මාෆියාවට කෙලවිලා ජනතාවට විමුක්තිය ලැබෙන්නයි යන්නේ. බඩුම තමයිඉතින්

    අවුරුද්දකට ඩොලර් මිලියන 725 ක් හිඟා කන්න කන කට්ටක් නේද? මීට හොඳ අයි එම් එෆ් එක ට බම්බු ගහගන්න කියලා ඔය යන විදියටම ගියා නම්

    ReplyDelete
  15. ඔවු ඉතින් මම හිතන්නේ මෝඩ නන්දසේන එළවා දමා මෝඩ වාමාංශික පක්ෂවල වහල් ගෝතයන් සහ ආවේගශීලී ළඟ පිකප් තරුණ තරුණියන් ෂේප් එකේ පෝම් කරලා නොමිලේම කඩේ යවාගෙන නැවත වතාවක් බලය අත් පත් කර ගත් ලංකාවේ මාස්ටර් පොලිතීසියන් ලෙස හැඳින්විය හැකි අති දක්ෂ අති බිහිසුණු ශ්‍රේෂ්ඨ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දුරදර්ශි ක්‍රියාකලාපය නිසා අද වෙන විට රටේ භාණ්ඩ මිල යම් යම් ආකාරයකට පහල යමින් පවතිනවා. භාණ්ඩ මිල වැඩි උනාට සාපේක්ෂව කුඩා ගණනකින් තමයි අඩු වීම සිදු වන්නේ. ඒත් ඒකත් සහනයක් මිනිස්සුන්ට මේ වෙලාවේ. ලබන වසරේ මුල් කාර්තුවේ භාණ්ඩ හා සේවා මිල තව විශාල වශයෙන් අඩුවී සුබ නව වසරක් 2023 සමරන්නට හැමෝටම පුළුවන් වේවි

    හැබැයි ඉතින් මේ වගේ නිවුස් දකිද්දී අතිශය ආත්මාර්ථකාමී දුෂ්ට ඊර්ෂ්‍යාකාර ජේවීපී, පෙරටුගාමී, සජබේ නඩේට නං ඉවස්සන්න බැහැ. මාතලන්ගේ ෆේස්බුක් පේජ් එකෙත් එහෙම සෙට් එකක් ඇවිත් මාතලන්ගෙනුත් ගේම ඉල්ලනවා මම දැක්කා. ඕක තමයි ඉතින් ඔය කාලකන්නින්ට පුළුවන් එකම දේ වනසන්නට විතරයි කිසිම දෙයක් ගොඩනගන්න බෑ ඔවු බලල හොඳට හිනාවෙන්න පුළුවන් හොඳටම හිනා ඕයි

    ReplyDelete
  16. සෞම්යාට දිව දාන්න තිබ්බ නං

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න