.

.

Apr 27, 2023

රාජපක්ෂලා තුරන් කිරීමේ කුමන්ත්‍රණයේ දේශීය නියෝජිතයින් වූ.... විමල්, දිලිත්, උදය, වාසූ, ජී ඇල් හා ඩලස්ලාගේ කතා වස්තුව




 රාජපක්ෂලා තුරන් කිරීමේ කුමන්ත්‍රණයේ

දේශීය නියෝජිතයින් වූ....

විමල්, දිලිත්, උදය, වාසූ, ජී ඇල් හා ඩලස්ලාගේ කතා වස්තුව

➖➖➖➖➖➖➖➖➖🔴


අසත්පුරුෂයින්ට හෙවත් අපතයින්ට උදව් කරන්න ගියාම අමාරුවේ වැටෙන්නේ උදව් කරන්න ගිය එකාමය. ඒ බව අපේ පැරණි කවියෝ කියා ඇත්තේ මෙසේය.


කොතරම් ගුණ කළත්, දුදනෝ නොවෙති යහපත්....

කිරි දියෙන් දෙවියත්, අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්.....


රාජපක්ෂලාට 2015 කෙලවෙන්නේ, 2012 දී ආර්ථික ඝාතකයෙක් ගැන කියා විමල්ලා කේස් ඇද්ද දවසේ ඉඳලාය. රාජපක්ෂලා හොරු කියා කිව්වේ මහින්ද විසින් තමන්ගේ උන් එලවා රෙද්ද අස්සේ දාගත් මෙහෙව් එවුන්මය. එය දැන් කිසි ලෙසකින් හෝ බිඳිය නොහැකි ප්‍රොපගැන්ඩාවකි.


එහෙත් 2015 දී රාජපක්ෂ පවුලට හා රටේ සියළුම පවුල්වලට අම්මටම හැමිනීමෙන් අනතුරුව, මහින්දගේ සමීපතමයින් විසින් ඕගනයිස් කළ මහින්ද සුළඟ තමන් වෙත පවරා ගත් විමල්, උදය හා වාසු යන අපතයින් නැවතත් රෙද්ද අස්සේ දාගත්තේ මහින්දමය.


ඉන් අනතුරුව මහින්ද හිතවාදීන් විසින් බැසිල් ඇමරිකාවේ සිට නැවත මෙරටට ගෙන්වා ගෙන, පොහොට්ටුව පිහිටුවීම හේතුවෙන් රාජපක්ෂලා විකුණාගෙන කෑම තාවකාලිකව එතනින් අවසන් වුවත්, මේ අපතයින් ගේම අත් හැරියේ නැත. 


කිසි දිනෙක තමන්ට තනිව බලය ලබාගත නොහැකි බව හොඳින්ම දන්නා මේ අපතයින් කළේ, සභාගයක් ගසා නැවත මහින්ද රාජපක්ෂ රැස් වලල්ල යටට පැමිණීමය. රාජපක්ෂලාගේ දේශපාලන දැණීමේ තරම නැවතත් පෙන්වමින්, ඝෝඨාගේ වියත්මගද පැත්තකට විසිකර දමමින්, ජොනී, රත්තරන්, මහින්දානන්ද වැනී දක්ෂ කතිකයින් රාශියක් සිටියදි, නැවතත් ඝෝඨාගේ චන්ද කැම්පේන් එක තුල මේන් කතිකයා වූයේ විමල්මය.


එහෙත් එයාට ඕන ඕන සෙල්ලම් බැසිල්ලා හා පී බී ලා එක්ක දාන්න බැරි බව තේරුම් ගත් විමල් කුමන්ත්‍රණය පටන් ගන්නේ, ආන්ඩුව පත් වූ විගසමය. මෙහි න්‍යායාචාර්‍යවරයා වන්නේ දිලිත්‍ ජයවීරය. දිලිත් හා විමල්ලාගේ මුල්ම ප්ලෑන් එක වනුයේ ඝෝඨා හා එක්ව අනෙක් රාජපක්ෂවරුන් සියල්ල හලා දමා, 2025 ඝෝඨා ජනපති හා විමලේ අගමැති කිරීමය. මේ සඳහා පොහොට්ටුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙක්ද බා ගැනීමට කුමන්ත්‍රණ කරුවන් සමත් වන්නේය. 


එතැන් පටන් පොහොට්ටුවේ ගුණමකුවන් එක එකා බා ගැනීම ආරම්බ වූ අතර, කෙලෙහි ගුණ නොදත් අපතයෝ ඒ පිලට සෙට් වුනේය. අවසානයේ ඩලස්ද එලියට ගන්නා මේ අපතයින්ගේ ප්ලෑන් එක වනුයේ, මහින්ද එලවා දමා ඩලස් අගමැති කිරීමය. 


මේ සියල්ල සිඳුවනුයේ විමල් කියනා රාජපක්ෂවරුන් සමූලඝාතනය කිරීමේ, සරත් - ශවේන්ද්‍ර ප්‍රමුඛ ඇමරිකානූ කුමන්ත්‍රණය හා ගෝල්පේස් කානිවල් එක යන අතරේමය. 


ඒ අනුව, විමල් දැන් බබා වෙන්නට ගියත්, එයාලාත් කරේ ඒ කුමන්ත්‍රණයේම ප්‍රභල කොටස් කරුවන් වීමය. එවන් සමූලඝාතන කුමන්ත්‍රණයක් පැහැදිලිවම තිබූ බවත්, එහෙත් කුමක් හෝ පෙර පිනකට රාජපක්ෂ පවුලේ කිසිවකු හෝ තම ගොඳුරු කර ගැන්මට ඔවුන්ට නොහැකි වූ බවත්, මැයි 9 වනදා සිද්දියෙන් පසු මයිනා යනකන් බලා සිටින්නට වීමෙන් ඉතා පැහැදිලිය. 


කුමන්ත්‍රණය ජයගත්තේ නම්, රාජපක්ෂලාට අත්වන්නේ අමරකීර්ති අතුකෝරාලට අත් වූ ඉරණමම බවත්, ශිරන්තිලාට, ලිමිණිලාට ටට්‍යායානාලට අත්වන ඉරණම සිතාගත නොහැකි තරම් බවත්, මානවවාදීන් විසින් එදා මෙන්ම පසු දින කීපයේම බුකිය පුරාම පෙන්වූවේය.


ඊට දින කිහිපයකට පෙර, විපක්ෂයේ සිටිනා, නම සඳහන් කලකොත් බුකියේ බ්ලොක් වන ජාතියට අයත්, මන්ත්‍රීවරුන් පිරිසක් ආන්ඩුවට ගෙනවිත් ආන්ඩු පක්ෂය ශක්තිමත් කිරීමට ක්‍රියාකල ක්‍රියාකල මහින්ද හිතවාදී ප්‍රභල ඇමතිවරුන්ගේ තනතුරු අහිමි වී යන්නේ දිලිත් හා ඝෝඨා වයින් බීමේ දිනයෙන් අනතුරුවය. දිනය ටක්කෙටම අවශ්‍ය නම් ශාන්ත බන්ඩාර ආන්ඩුවට එක් වූ දිනට පසු දිනයේය.


ඉන් පසු ඒ මහින්දවාදීන්ගේ සැලසුම් සියල්ල ව්‍යර්තවනාතර, මහින්ද හැර රාජපක්ෂ හිතවාදීන් සියල්ලෝම ඝෝඨා ආන්ඩුවෙන් එලියට විසි වන්නේය. අරලියගහ මන්දිරේ පිස්සුවට පෙර සිටම මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් වන්නට කියන්නේ වෙනින් කවුරුවත් නොව ඩලස් අලහප්පෙරුමය.


රනිල්ගේ ගේ ගිනි තැබීමෙන් අනතුරුව, රනිල්ටද අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් වෙන්නට යැයි කියන්නේ, පාර්ලිමේන්තුවේ කමිටු අංක 2 කේ රැස්වන විමල් වීරවංශගේ හා දිලිත්ගේ ගෝලයන් වන,  ජී ඇල්ලා, ඩලස්ලා වනාතර, ශවේන්ද්‍ර සිල්වාත් ඒ රැස්වීමට ආවේ කෙසේදැයි කියා විමල්ගේ පොතේ ලියා තිබුනා නම්, කොතරම් වටිනවාදැයි කියා දිලිත් ජයවීරට උනත් හිතෙන්නට ඇතිය.


කෙසේ හෝ මේ දෙගොල්ලන්ගේම ප්ලෑන් හෙවත් සැලසුම් සියල්ල රාජපක්ෂලාට හා රනිල්ලාට ලැබුනේ කෙසේදැයි කියා එයාලා නොදන්නවා වුනාට, අප නම් දන්නා බවත් මේ මොහොතේ ලියා තැබිය යුතුමය.


මෙවන් ඩබල් ඒජන්ට්ලා ගැන ඊයේ හොඳම කතාව ඊයේ කිව්වේ අපේ ටිල්වින් සිල්වා සහෝදරයාය. ටිල්වින් කිව්වේ වෙන කවුරුන් හෝ ලියපු පොතකට විමල් නම දාගත්ත බවත්, මින් පෙර ටිල්වින්ගේ ලිපි ඇතුලත් පොතක් ගසා උසාවීයෙන් ඒ පොත තහනම් කළ බවත්‍ය.


ඇත්තටම මේ පොත විමල්වත් කියවා නැති බවත්, එහෙම කියෙව්වා නම්, විමල් මේ පොත කිසිදා එලිදකවන්නේ නැති බවත් හෙලිකොප්පරේ උඩ යනවා වාගේ බුදු ෂුවර්මය.


.

7 comments:

  1. අජිත් ධර්මකීර්තිApril 28, 2023 at 1:32 AM

    රනිල් වික්‍රමසිංහ මැතිතුමනි. අප ඔබතුමා සමගයි.

    ReplyDelete
  2. මාතේ දන්නවද මහරගම නගරයට ආසන්න ජනාකීර්න පරිසරයේ වුවත් මගේ වත්තෙ පොල් ගස් 20 ක් විතර තියෙනවා. කෝවිඩ් උග්‍රම කාළයේ පොල් කඩලා ගෙඩි 400ක් විතර ගෙඩි 5-10 ගානේ බෙදුවා. අසල කඩේකින් ඒ පොල් 90 ගානේ ඉල්ලුවත් නොදී මම ඒ දේ කලේ.
    පොල් විකුනලා ඒ සල්ලි වලින් ගේ ගාව තිබෙන KEELS එකෙන් ONLINE ORDER කරලා බඩු ගෙන්ව ගන්නවා වගේ නොවෙයි......පසුවදා සිටම අසල්වැසියන් ඔවුන්ගෙ ගෙවතු වල කොස්, දෙල්, බතල,පලා වර්ග, ගම් බිත්තර ,අමු මිරිස්,පහත රට එළවලු අපේ ගෙදරට එවන්න ගත්තා....ඒ අත්දැකීම හරීම සුන්දරයි.

    හොද වැඩක් කරමු අපි දැන්වත් අපි ගෙදරකට යනකොට හාල් පොල් කරවල පරිප්පු ටිකක් ගෙනියන්න පුරුදු වෙන්න ඕන. කේක් පඩංගු, බිස්කට් ගෙනියනවට වඩා ලාබයි. ඒ මිනිස්සුන්ටත් වැඩදායකයි

    ReplyDelete
  3. අයිසේ තලං මගේ අදහස මෙහෙම කියන්න පුළුවන්...

    "මම දොන් බ්‍රැඩ්මන් බැට් කරනවා දැකලා නෑ. හැබැයි මම සනත් ජයසූරිය බැට් කරනවා දකින්න තරම් වාසනාවන්ත වුනා"

    - සචින් තෙන්දුල්කාර් -

    "මම දහ අට වන සියවස අග භාගය සහ දහනම වන සියවස මුලදී ලංකාවේ හිටපු ලොකුම ගේම් කාරයා වුණ ජෝන් ඩොයිලි දීපු ගේම් දැකලා නෑ. හැබැයි මම ජූලි චංග් ඇතුලු කල්ලිය අපත් ඇතුළුව අපේ වයස් කාණ්ඩ වල තරුණ පරපුර අන්දවා අමුතුම ආකාරයකට ගේම දුන්න විදිය නම් දෑහින්ම දැක්කා"

    - ලෙ මම -

    ReplyDelete
  4. නොදන්නා නිසයි මහතුනි අහන්නේ
    රාජපස්සලා හොඳමද හිතෙන්නේ
    හොඳ නං 'සිඳිත මඩිත'ත් හරි යන්නෝනේ
    එහෙම නොවී ඇයි කුණු ගඳ ගහන්නේ?

    ReplyDelete
  5. කුමන්ත්‍රණ කතා නෙවෙයි මාතලන් ඔතන ක්‍රියාත්මක වෙන්නේ එක්තරා පොලිටිකල් ඇජෙන්ඩා එකක්ම තමයි IMF කතන්දරයෙ සත්‍ය කතාව මෙහෙම කියන්න පුළුවන්.

    ඔය කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැත්නං IMF කියන්නෙ සුද්ද සිංහලෙන් කියනවනම් Debt trap එකක්, ඒක තමයි ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට එරෙහිව ක්‍රියාත්මක වන සැබැවින්ම භයානක ණය උගුල, නුඹලා හෙමදාම චීන්නු චීන්නු කියලා චීන්නුන්ට පතුරු ගැහුවට සත්‍යය සිදුවීම ඕක නෙමෙයි ලෝකයෙ සීයට අනූවක්ම මාද්‍ය පාලනය කරන්නෙ එක්තරා බලවත් සමාජ දේශපාලන ආර්ථික බලවතුන් කණ්‌ඩායමක්

    ඒ කට්ටිය තමයි බොරුවට චීන්නු ලෝකය අල්ලනවා අල්ලනවා කියලා මවා පෙන්වලා නුඹලාව ඇන්දුවෙ සහ තවමත් අන්දන්නෙ

    දැනුත් ඔවුන් කැමැති නෑ ආසියාව හා අප්‍රිකානු රටවල් දියුණු වෙනවාට ඔහොම දියුණු වුණානම් ඔහුන්ට මෙ ලෝකය පාලනය කරන්න බැරි වෙනවා එතකොට ඒ රටවලුත් තමන්ට වඩාත්ම වාසි සහගත වන වෙලා ගණුදෙනු ස්වාධීනව තෝරාගෙන කටයුතු කරන නිසාම එක්සත් ජනපදය සහ බටහිර යුරෝපීය රටවල දැඩි ආර්ථික දේශපාලන බලය විමධ්‍යගත වී ඔවුන්ගේ අධිකාරී බලය අහිමිවීම පිළිබඳව අවධානය යොමුකර ඇත.

    ලංකාවට වැදගත් කරුණු කාරණා ටිකක් තිබෙනවා මේවා ඉගනගන්න👇

    📌පාස්කු ප්‍ර්හාරය 💥
    📌සුලයිමානි ඝාතනය 💥
    📌කොරෝනා වයිරසය💉
    📌රුසියානු උක්‍රේන ගැටුම්💥

    📌උඩ මම කියපු කාරණා හතරම සමහර උදවිය විසින් චීන්නුන්ගෙ දියුණුවයි රුසියාවනුවන්ගෙ දියුණුවයි මැඩපවත්වා ගන්න කරන ලොකු කුමන්ත්‍රණයක්👁🎭

    📌ඊලග චීන්නුන්ගෙ (Belt and Road) එකට සම්බන්ධව තිබෙන සියලුම රටවල්වල උද්ධමනය වැඩි කරලා මිනිස්සුන්ව නන්නත්තාර කරලා ඔය රටවල්වල් ටික බංකොලොත් කරලා මම ඔය කියන කට්ටිය IMF කියන Board එක උස්සගෙන ඔය රටවල්වලට එතුල්වෙනවා ඔය IMF කියන ජුන්ඩාව එයාලා හැදුවෙම ඕකට තමා රටක් ඔහුන්ගෙ ආශිර්වාදයකින් තොරව ඔහුන්ව ප්‍ර්තික්ශේප කරලා ගොඩ යන්න උත්සාහ කරද්දි ඔය රට එතුලෙ ප්‍ර්ශ්න නිර්මාණය කරලා Sanction දාලා ඔය රට බංකොලොත් කිරීම මට ලියාගෙන යා හැකි ඔය වගෙ ගොඩක්ම රටවල්...👁🎭

    📌මීලඟ බංකොලොත් වෙන්න යන රට පකිස්තානය තව තිබෙනවා පෝලිම්වලට අප්‍රිකානු රටවල් ටිකක්...

    📌IMF කියන්නෙ Debt trap එකක් පරිස්සමෙන් April 2022 අපෙ රට බංකොලොත් නෑ අපෙ සංචිතයෙ සල්ලි තිබ්බා ඉදිරියට යන්න අනික අපිට චීනය ජපානය වගෙ රටවල් උදව් කරන්නත් ඉදිරියට ඇවිත් තිබුණා නමුත් රනිල් නන්දෙවත් අන්දලා බැංකු නන්දලාල් හරහා අයි එම් එෆ් උවමනාවට හිතාමතාම ලංකාව බංකොලොත් කියලා ලෝකෙට ප්‍ර්කාශ කරා සමහර උදවියගෙ උවමනාවකට හේතුව රට බංකොලොත් කියපු ගමන් බංකොලොත් රටකට ආයෝජන කරන්න ආයෝජකයන් නොවීම එතකොට චීන්නුන්ගෙ ලංකාවෙ තිබෙන Port City වගෙ ලොකු ව්‍යාපෘති ටික කඩාකප්පල් වෙනවා චීන්නුන්ගෙ (Belt and Road) සිහිනය කුඩුපට්ටම් වෙනවා මේකම තමා ඔය මිනිස්සු මීට දශක තුනකට පෙර වගේ කාලෙදි ජපන්නුන්ටත් කරෙ හොයල බලපන්සි අනූ ගණන්වල ජපාන ඇමරිකා ට්‍රේඩ් වෝ එක ගැන

    සිහිබුද්දියෙන් වැඩ කරමු අපි අපෙ රට මුන්ගෙන් බේරගමු👁🎭

    📌තවත් කාරණාවක් නුඹලාට 2022 දි Light,තෙල්,අත්‍ය්වශ්‍ය භාන්ඩ එහෙම රටතුළ නොතිබුණා නෙමෙයි තිබුණා නමුත් චීන්නුන් IMF එකට යන්න ඉඩ දුන්නෙ නෑ ඔය හින්දා IMF යන්න ඉඩ නොදන හින්දා කෝපයට පත්වු මම කියපු ඔය උදවිය ඉන්දියාව ඉස්සරහට දාලා ඔය දේවල් වලක්වලා නුඹලාව මහ පාරට ගෙනාවා රටතුළ අර්බුදයක් නිර්මාණය කලා👁🎭

    📌ලෝකෙ මෙ වෙන්නෙ ‍රටවල් දෙකක ආර්ථික යුද්ධයක් (Trade war)

    🚨Well planned agenda going on around my country use your brain 🧠🎭🙏

    ReplyDelete
  6. මේක ඇත්ත ද මාතේ?


    https://www.facebook.com/100083005164532/videos/183825541018374/?sfnsn=wa&mibextid=8Bs6kp

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න