.

.

Dec 14, 2023

පෝට්ටු බයියන්ගේ අනාගතය

 



පෝට්ටු බයියන්ගේ අනාගතය

➖➖➖➖➖➖➖➖➖➖⭕




පෝට්ටුවේ දන්නා කියන බයිසන්ලාට මේ වැඩේ කරන්නෙයි කියා මා කිව්වේ බොහෝ කළකට පෙරය... ඒ කියන්නේ දිවයිනම කවර් වෙන කැම්පේන් එකකිය. දැන් වැඩේ පත්තු වෙලාය. ෂෝ එක තියෙන්නේ කොළඹ උනාට ලොව වටේම ඉන්නා පක්ෂ විපක්ෂ සියල්ලෝම ඉන්නේ කොරවෙලාය.


රැල්ලේ පීනපූ ජෙප්පන්ට රෙද්දේ පහවෙලාය... දැන් උන්ගේ රැල්ලේ වලිය... ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනැම නැත කියන්නේ ඒකය... මැතිවරණයක් පැත්ත පලාතේ නැතිව රටපුරා රැළි තිබ්බේ පිස්සුවක් වගේය...


ඒත් රනිල්ගේ ආන්ඩුව උන්ගේ රැළි  පයිසෙකට මායිම් කළේ නැතිය. උන් විරුද්ධ වන සියළුම දේ ආන්ඩුව කරමින් සිටිනාතර.. ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදි කිව්වේ... මොකා විරුද්ධ වුනත්... ආන්ඩුව කල යුතුයි කියා සිතෙන සියල්ල කරනා බවය.. ඒ හැර විකල්පයක් සජියාට මෙන්ම ජෙප්පන්ටද නැතිය. අනුර කුමාර පාර්ලිමේන්තුවේ කුජීතම වෙලා ගියේය.  සජිත්ගේ  රෙදි ඉල්ලේය.


බය  බිරාන්ත වූ ජෙප්පන්ට වැඩ ගොඩ ගැහිලාය... සම්මේලනයට එන උන්ට... උන්ගේ ප්‍රධාන ආහාරය වන තණකොල මිටි බැඳලා පාර අද්දර තබා මාරු වෙලාය... දවසක් කුසගින්නේ සිට... අනුන් වෙනුවෙන් කරනා ඒ පරිත්‍යාගය ඉස්තරන්‍ය...


ඇත්තටම ඒවා කන්න වෙන්නේ අම්බරුවන් වෙන උන්ටමය. මන්ද... රාජපක්ෂලා කියන්නේ ජේවීපී බයියො වගේ හිඟන්නෝ නෙමේය... හොඳට කන බොන මිනිස්සුය... අද එන උන්ට බුරියානී හා අරක්කු අනිවාර්‍යයෙන් ලැබෙනවාය... ඕවර්ඩෝස් ගියපු උන් පාරේ වැටී ඉන්නටත් ඉඩ තියෙනවාය.... ලයිට් කණු දිගේ බඩගාන්නත් ඉඩ තියෙනවාය.... ඒ රාජපක්ෂ බයියන්ගේ ට්‍රේඩ් මාක් එකය...


කන්න දෙනවා නම්... බොන්න දෙනවා නම්... මොනවද තව ඕනෑ කියන්නේ කියා.... දේශපාලනය කරන හැම එකාම හොඳින් සිහි තබා ගත යුතුය..


මන්ද.... දේශපාලුවෝ වගේම ජහමනයාත් ආදරේ රටට නොව බඩටම පමණක් නිසාය... බංකොලොත් වෙලා බික පුම ඇනුන රටකින් 20,000/= කින් පඩි වැඩිකරන්නෙයි කියන්නේ ඒ නිසාය....


වෘත්තිකයින් යැයි කියා ගන්නා උපන්ගෙයි හිඟන්නෝ... ටැක්ස් ගහන්න එපා යැයි කියා වැඩ වර්ජන උද්ඝෝෂණ කරන්නේ ඒ නිසාය.....


මේකට බැකප් එක දෙන එක... රනිල් රාජපක්ෂගේ හා අලි පාටියේ උන්ගේ අනාගතයටත් හොඳය... මන්ද උන්නැහේලාගේ ඉරණම රැඳී තිබෙන්නෙත් පෝට්ටු චන්ද බේස් එක මත නිසාමය.... මොකා මක්කා කීවත් වැඩිම චන්ද ප්‍රතිශතය තාමත් තියෙන්නේ එතනය...


ස්වස්ථි සිද්ධම් !!!


.

26 comments:

  1. මාතලන්ගේ කළු ඇක්වා කාර් එක බේරේ වැවේ දායිද?

    ReplyDelete
  2. මා ඇට තලන්December 15, 2023 at 3:43 AM

    රට කාපු එවුන්ට කඩේ යන එවුනුත් දැක්කා. රෙදි නැතිව මේ තරම් පුක දෙන එකෙක් නම් මේ තරමට නොදැක්කා.

    ReplyDelete
    Replies
    1. රට කෑවෙ යුද්ධෙ වවාගෙන කමින්, මිනිස්සුන්ට මර බය දෙමින් ආයුධ වලින් හම්බකරපු UNP නඩයද, යුද්ධේ- නැති බංගස්තාන කරලා, මිනිස්සුන්ට සැනසීම දීලා, මහා පරිමාණ ව්‍යපෘති පටන් අරන්, රටටත් යමක් ලබාදෙමින් ඒවයෙන් ගසා කාපු රාජපක්ෂලද? ඔය දෙගොල්ලන්ගෙන් රටට වඩා විනාශයක් කළේ කවුද? (JVP යනු තරස්තවාදී සංවිධානයක් බව සලකන්න)

      Delete
  3. සබුද්ධික ජනතාවගේ දන ගැනීම පිණිස… ඇයි RW ගේ 62 ලක්ශේ ආණ්ඩුව රටේ ආර්තික අර්බුදයේ නිර්මාපකයින් වෙන්නේ,

    1) විනිමය පනත වෙනස් කිරීම තුලින් විදෙස් මුදල් පිටතට ගලායාම..

    2) ඉතිහාසයේ වැඩිම ISB ණය ගැනීම තුලින්(බිලියන් 12.5$) මගින් අනාගතයේ වාර්ෂික dollar ණයබර බිලියන 2/3$ අතර සිට 5/6$ අතර ප්‍රමයක් දක්වා වැඩි කිරීම
    තුලින් අනාගතයේ ගෙවිය නොහැකි නයබරක් බිහිකිරීම…

    3) current, water bill කිසි ලෙසකින් වැඩි කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගින සේ සැලසුම් කර තිබු MW 600 අධික අඩු වියදම් විදුලී ව්‍යාපෘති කිසිදු සොයාබැලීමකින් තොරව Cancel කරමින් අධික මිලට diesel/නැප්තා මගින් විදුලිය නිපදවීම හා අනාගතයේත් ඒ ආකාරයෙන්ම නිපද වීමට අවශ්‍ය වන සේ කිසිදු අඩුවියදම් විදුලි ව්‍යාපෘති සිදු නොකිරීම…

    Cont'd...

    ReplyDelete
    Replies
    1. 4) රටේ ආරක්ෂාව බාල්දු කිරීම තුලින් 2019 වසරේ සංචාරක කර්මාන්තයෙන් බිලියන 1.5$ අහිමි කිරීම.

      5) වසර තුනක් තුල ඩොල්ලරය 40% වලින් බාල්දු කිරීමෙන් ආර්ථිකයට අධික පීඩනයක් එල්ල කිරීම හරහා ආර්ථිකයේ buffer zone එක නැති කිරීම.

      6) තනි ඉලක්කමේ තිබු පොලි අනුපාත මහබැංකු මංකොල්ලය තුල වැඩිකිරීම

      7) අධික පොලි අනුපාත හා tax තුල කරමාන්ත බිදවටෙමින් රටේ සංවර්ධන වේගය 2.5 තෙක් පහල හෙලීම

      8) වැඩිම potential එකක් ඇති සංචාරක කර්මාන්තය දියුණු නොකිරීම

      9) හම්බන්තොට වරාය විකිණීම හා එම කලාපයට පැමිණ තිබු බිලියන ගණනක ආයෝජන යෝජනා අතහැර දැමීම, etc,

      රටක ආර්ථිකයට තියෙන්න ඕන buffer එකක්.. ඒ buffer එක 2018 වේද්දීදීම නැති උනා(එහි ප්‍රතිපලය තමයි දිනපතා කඩාවැටුණු රුපියල එම කාලය තුල), වත්මන් නායකයා 2019 දී බාර දුන්නේ ආර්ථිකය, සමාජීය, ආරක්ෂාව ඉතා කෙටි කාලයක් තුල පහතටම දාපු රටක් වගේම කිසිදු ණයක් ගත නොහැකි මට්ටමටපත්කරයි. තවදුරටත් ණය ලබා ගැනීමට නම් IMF සමග යාම අනිවාර්ය අවශ්‍යතාවක් උනත්එය කල නොහැකි වන්නේ එහි කොන්දේසි අනුව පොහොට්ටු පාලනයත් යහපාලන ප්‍රතිපත්තියම ක්‍රියාත්මක කිරීමට IMF අනුව සිදුකිරීමට සිදූවීමයි…

      එ නිසා අපිට buffer එකක් නැතුව corona වලට මුහුණ දෙන්න උනේ, උදාහරනෙකට අපි මුහුණ දුන්නේ 2.5 ආර්ථික සංවර්දන වෙගයකදී(tax අඩු කිරීමත්, පොලිඅනුපාත අඩුකිරීමත් ඊට ගත් ක්‍රියාමාර්ග වූ අතර එම වාසිය ලබාගත් ව්‍යාපාරිකයන් තවදුරටත් dollar පිටරට හැඟීමෙන්ම – පොලි අනුපාත අඩු නිසා) කරන ලදී), dollar එක 40% වැටිලා තියෙද්දී,
      එක එහෙම නොවුනා නම් අපිට buffer එක තියනව dollar එක ලිහිල් කරන්න, සංවර්දන වේගය 5/6% තිබ්බ නම් රිණ යන්නේ නෑ එහෙනම් වැටෙන්නේ 2/3 % කට වගේ
      හැම රටකටම උනේ එහෙම… buffer එකක් නැති ආර්ථිකයක් හැපුනේ corona වලදී… තිබුණ සංචිත බිලියන 7$ න් නය ගෙව්වා බිලියන 10$ වැඩිය, ඉතින් මොන සන්චිතද ? dollar හිගය ආනයන පාලනයෙන් බේරගන්න බැරිව අන්තිමේ ඒ ලිස්ට් එකට පොහොර අතුලත් කරන්න උනෙත් එහි අවසාන දිගුව විදියට(නොකළ යුතු වැඩක්)…
      corona කාලේදී tourism වලින් විතරක් බිලියන 8 වැඩි අහිමි වීමක්, remittance වලින් බිලියන 2ක් පමණ(ජවිපෙ dollar එවන්න එපා ගොන් part එකට කලින්), dollar එවන් එපා කීමෙන් නැති උන dollar ප්‍රමාණය බිලියන 7ක්(2021 දී බිලියන 3ක් 2022 දී බිලියන 4ක්) මේක නිර්මාණය කර අර්බුදයක්, ඒ අර්බුදේ නිර්මාපකයා රටේ පාලකයා දැන් අරගලේ නායකයත් ඔහු…
      සමන් රත්නප්රියල, පැතුම් කෙර්නර් ල වගේ බොහෝ චරිතත් අරගලෙයේ පළමු කුඩායමත් එතනට අවශ්‍ය මුලික පහසුකමුත් ඊළගට තව කුඩාරම් 20 අසනන්වත් ඔවුන්ගේ(unp ජනාදිපති උපදේශක හිටපු ඇමති ආශු මරසිංහගේ ප්‍රකාශයට අනුව)…
      රටේ තෙල්, ගල් අගුරු හිගයක් තිබියදී, අධික පායන කාලයක් ගත කරමින් තිබියදී A/L ඉවරවෙනකම් current දීමට බලකිරීමෙන් පැය 4/5 කපමින් තිබු current එක, පැය 12/13 දක්වා විභාගය අවසන් වීමෙන් පසුව කැපීමට මග පාදමින් ආන්ඩුවේ මළගමේ අන්තිම අනේ ගැහුවෙත් ඔවුන්… 2022 UNP නායකයාගේ එම ප්‍රකාශ හැන්සාර්ඩ් ගත වී අවසන්… රටට ආදරේ නායකයෙක් එහෙම කරයිද ? සරලවම කිව්වොත් 2001 සිට කරන්නට මාන බලමින් සිටි දේ නිර්මාණය කරගත් ආර්ථික අර්බුදයක් හරහා කරමින් සිටියි, වර්තමානයේ සිදු කරන සියල්ල 2001 Regaining ශ්‍රී ලංකා වැඩසටහනයි… අවසානයේ ගොටභ්යට තනතුර අතහැර යාමට සිදුවන්නේ සෑම මාසයකම විදෙස් ප්‍රේෂණ dollar මිලියන 400/500 අතර ප්‍රමානයක් අහිමි කරමින් නිමා නොකරන කුමන්ත්‍රණ අර්බුදයක්(ලංකා ඉතිහාසයේ වැඩිම $ පැමිණියේද ගොටා පාලන සමයේ, “2020 December 812 $mil” ඩොලරය පාලනය කරමින් තිබියදීය, එය ඊට මාස කිහිපයක් ඇතුලත සම්පුර්ණ අනිත්පස හැරවිය) දියත් කරමින් ඊට සමගාමිව tourism ගොඩ නැගීම පවා කලා නොහැකිව, ඒවන් තත්වයක් තුල පාලනය කිරීම කිසිදු පලක් නොවන අර්බුදය තවත්දිගට ඇදිමම පමණක්ම වන හෙයිනි…

      - සත්‍ය සටහන බුද්ධියේ විමසුමට…

      Delete
  4. කඳ බඩ ඇති වයස හරි අයටයි ඡන්දේ
    දෙන්නට ඇහැකි, දැනුමක් මොනවටද වදේ
    හොඳටම රවට්ටන අයහට සිදු වෙන දේ
    බලා හිඳිමු, එනකල් ඊළඟ ඡන්දේ

    ReplyDelete
    Replies
    1. නිදී ඡන්දය ප්‍රකාශ කිරීම ගැන හිතන්න කලින්ම සැබෑ මිනිස් ගුණධර්ම වර්ධනය කිරීම ගැන රට පුරාම පුළුල් සංවාදයක් ගොඩ නැගිය යුතුයි. විශේෂයෙන්ම මේ ගැන මම කතාවක් ඇසුරින් යමක් පවසන්න කැමතියි, මිට වසර එකසිය එකකට පෙර 1922 දී කැනඩාවේ ටොරොන්ටෝ නුවර රෝහලකට අමුත්තන් පිරිසක් පැමිණියා.

      එවකට මාරාන්තික භයානක රෝගයක් වූ පළමු ගණයේ දියවැඩියා රෝගයෙන් පීඩා විඳින කුඩා දරුවන් වෙනුවෙන් වෙන් වූ වාට්ටුවක් ද මේ රෝහලේ තිබුණා.

      එකලදී මරණය හැර වෙනත් විකල්පයක් නොතිබූ උග්‍ර පළමු ගණයේ දියවැඩියා රෝගයෙන් (Type 1 diabetes) පීඩා විඳි දරුවන් පනහක් පමණ එම වාට්ටුවේ සිටියා.ඔවුන් බොහෝ දෙනෙක් ඉතා කෙටි කලකින් හිමි වන නියත මරණයක් කරා ගමන් කරමින් සිටි දරුවන්.

      ඉන් පිරිසක් ඉතාම දැඩි ආහාර පාලනයකට යටත් කර තිබුණා.ආහාර පාලනය හේතුවෙන් එම කණ්ඩායමත් කුසගින්න සහ මන්දපෝෂණයෙන් මිය යමින් සිටියා.

      බොහෝ පිරිසක් හිටියේ දියවැඩියා කෝමා (diabetic comas) තත්ත්වයක. මොකද.1922 වන විට ටයිප් වන් දියවැඩියා රෝගය වැළඳී මාස කිහිපයකින් රෝගියා මරණයට පත් වීම නියතයක්.

      දියවැඩියා රෝගයට තිබූ එකම ප්‍රතිකර්මය වූයේ රෝගියා දැඩි ආහාර පාලනයකට යටත් කිරීම පමණයි.

      එහිදී තේ හැඳි කිහිපයක ආහාර පමණක් රෝගියාට ලබා දුන් අතර, එහි අවසානයත් දුක්ඛිත මරණයම පමණක් වුණා.

      ටොරොන්ටෝ රෝහලට පැමිණි අප කී එම අමුත්තන් පිරිස විද්‍යාඥයන් වගේම ඔවුන් සතුව වසර කිහිපයක් තිස්සේ විද්‍යාඥයන් කිහිප දෙනෙක් එක් වී සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ද තිබුණා.

      ඒ ඔවුන්ගේ පරීක්ෂණ වලදී වෙන් කරගත් ඉතාම පිරිසිදු ඉන්සියුලින්.

      මේ විද්‍යාඥයන් පිරිස මරණය නියත දරුවන් අසලට ගොස් ඔවුන්ට සිය සොයා ගැනීම වූ එම 'ඉන්සියුලින්' එන්නත් කළා.

      විද්‍යාඥයන් වාට්ටුවේ අවසන් දරුවාට එන්නත ලබා දීමට යද්දී, එන්නත ලබා ගත් පළමු දරුවා නැගී සිටියා.

      එලෙස එකින් එක සියලූම දරුවන් දියවැඩියා කෝමා තත්ත්වයෙන් නැගී සිටියා.

      මරණය සහ ශෝකය පිරුණු කාමරයක් ක්ෂණයෙන් බලාපොරොත්තුවෙන් සහ සතුටින් පිරී ගියා.

      1921 වසරේ මුල් භාගයේ ෆෙඩ්‍රික් බැංටින් (Frederick Banting), චාර්ල්ස් බෙස්ට් (Charles Best) සහ ජේ.ජේ ආර් මැක්ලියොඩ් (JJR Macleod) ටොරොන්ටො විශ්වවිද්‍යාලයේ දී ඉන්සියුලින් සොයා ගත්තා.

      ඉන් ටික කලකට පසුව රසායන ඉංජිනේරු ජේම්ස් කොලිප් (James B Collip) විසින් පිරිසිදු ඉන්සියුලින් නිස්සාරණය සොයා ගැනීමත් සමඟ, දියවැඩියා රෝගයට ප්‍රතිකාරයක් ලෙස ඉන්සියුලින් භාවිතා කිරීම ඇරඹුනා.

      එතැන් සිට උග්‍ර දියවැඩියා රෝගය තවදුරටත් මරණය නියත රෝගයක් වූයේ නැහැ.

      ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත බේරූ ඉන්සියුලින්, වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම සොයාගැනීමක් වුණා.

      වසර 1923 වසරේ වෛද්‍ය විද්‍යාව උදෙසා පිරිනමන නොබෙල් ත්‍යාගය ෆෙඩ්‍රික් බැංටින් ට සහ මැක්ලියොඩ් ට හිමි වූයේ ඒ සොයාගැනීමේ වටිනාකම නිසාමයි.

      එම වසරේදීම බැංටින්, ඉංජිනේරු කොලිප් සහ බෙස්ට් ඩොලර් මිලියන ගණනකට මිල කළ හැකිව තිබූ ඉන්සියුලින් ඖෂධ ප්‍රතිපත්තිය සහ නිෂ්පාදන තාක්ෂණය පේටන්ට් බලපත්‍රය, ටොරොන්ටො විශ්වවිද්‍යාලයට ඩොලර් 1ක මිලකට විකුණා දැමූවා.

      ඩොලර් මිලියන ගණනකට විකුණා දැමිය හැකිව තිබූ ඉන්සියුලින් පේටන්ට් බලපත්‍රය ඩොලරයකට විකුණා දැමීමෙන් පසුව ෆෙඩ්‍රික් බැංටින් කියූ කතාව අදටත් ප්‍රසිද්ධයි.

      " මේ ඉන්සියුලින් අපට අයිති නැත, එය අයිති මේ සමස්ත ලෝකයටමයි' යනුවෙන් එදා ඔහු කීවා.

      ඔවුන්ගේ පරිත්‍යාගයෙන් මිලියන ගණනක් දරුවන් ජීවිතදානය ලැබූවා.මරණය නියත වී රෝහල්වල ශෝකී යන්ත්‍ර මගින් අයිසීයූ වල දිවිගෙවූ මිලියන ගණනක් ජනයා ලේසියෙන්ම යළිත් සාමාන්‍ය මිනිස්සුන් ලෙස හුස්ම ගත්තා.

      අද අප ජීවත් වන මේ සෑහෙන සුවපහසු ලෝකය ගොඩනැගුණේ අහඹුවකින් නොවෙයි.එවන් විශිෂ්ඨ, සුන්දර මිනිසුන්ගේ පරාර්තකාමී කැපකිරීම් වලින්. ඒ බව අමතක නොකල යුතුයි.

      Delete
  5. Saumnya Nangige gamuwa ussala panti eka path karala huththata diwa dala juice urala bonna thibba nam.mm.

    ReplyDelete
  6. ජෙප්පන් විසින් අටවාගෙන තියෙන මාලිමාව නම් හුචක්කු පක්ෂයේ දුප්පතුන් තමා තක්කඩි නායකයන් වූ ටිල්වින් ලාල් කාන්ත අනුර කුමාර වැන්නන් හට වවුචර් දීලා උන්ට ලක්ෂ ගනන් වලට ඉනපටි සපත්තු ඔරලෝසු ආදිය අරගෙන දෙන්නේ. පොහොට්ටුවේ නම් ඉතින් දුප්පතුන්ට වව්චර් හෝ කෑමට දෙයක් දීලා දුප්පතුන්ගේ දුක නිවනවා. දුප්පතුන් නියෝජනය කරනවා යයි කියාගන්නා මාලිමාවේ ජේවීපී කාරයෝ දුප්පතුන්ගේ තුට්ටුවකට පවා කෙලිනවා. ඕකයි වෙනස.

    ReplyDelete
  7. මාතා හිතුවට වඩා පොහොට්ටුව දේශපාලන වශයෙන් සෑහෙන බලවත් බව පේනවා මම හිතුවේ නෑ ඕක සාර්ථක වේවි කියල ඒත් හිතුව වගේ නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙනස්ම තත්වයක් ලංකාවේ බිම්මට්ටම සෝෂල් මීඩියාවල පේනවට වඩා ලොකුව වෙනසක් සුගතදාස පිරිලා ඉතිරිලා යන්න මාර විදිහට ජනතාව හිටියා. එකම අඩුවකට තිබුණේ අපේ නිර්මාල් දේවසිරි ලොක්කා නොහිටිය එකයි... 😄

    මහින්ද පතිරණයා ඕකෙන් අමු පොර ටෝක්ස් ඉෂූ කරලා තිබුණා නේද? මමත් අද තමයි මුලින්ම ඕකේ ඕකේ වීඩියෝ එකක් දැක්කේ 😃

    ReplyDelete
  8. මනුස්සකම පිළිබඳ අජිත් ධර්මකීර්ති මහතා වැඩි වැඩියෙන් සිතන්නට ගත්තේ හැමදාමත් දුටු ජීවිතය සහ මරණය නිසාය.

    “ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, කෑලි කැඩිලා ගෙනැත් බංකුවක් උඩ අතුරලා තියෙන විදිය මිනිස්සු දකින්න ඕනේ. මිනිස්සුන්ට වෛර කරන එක නවත්වන්න, ජීවිතය ගැන යහපත්ව හිතන්න ඒක ඔවුන්ට හොඳ අවස්ථාවක්. එහෙම දැකපු කෙනෙක් කවදාවත් තවත් මනුෂ්‍යයකුට හිංසාවක් පීඩාවක් කරන්න හිතන්නේ නැහැ…”

    වසර කිහිපයකට පෙර අජිත් මා සමඟ කීවේ ය. ඒ ලසන්ත ඝාතනයට අණ දීමෙන් පසුය.

    ReplyDelete
  9. මාතලන් අයියේ අපේ පරම්පරාවේ ගොඩදෙනෙක්ගේ දැනුම, තේරුම දැක්කමයි, ෆේස්බුක් එකේ දාන පෝස්ට් දැක්කමයි මට හිතෙන්නේ අපි පොඩිකාලේ තිබුණ 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ කියන නාකිමෛනව පැරදෙන්න තිබුණේ කියලා.😁

    ගොඩදෙනෙක් හිතන් ඉන්නේ මේ මහා වටිනා සම්පත් තියෙන, ධනයෙන් අඩ්‍ය වූ, ලෝකෙටම ණය දෙන්න පුලුවන් මහා බලගතු රටක් ය,

    ඒක විනාශ කළේ මහින්ද රාජපක්ෂ කියන පාහර නාකි මයිනා කියලා.. 🤣

    අපේ වැඩිහිටි පරම්පරාව හරියට ඡන්දේ දීලා 2005 / 2010 මහින්ද පැරද්දුවා නම් අද මේක කේතුමති පුරයක් කියලා අපේ වයසේ අය වගේම අපට බාල සුනාමියෙන් පස්සේ උන් සහ යුද්දෙනුත් පස්සේ උපන් පොඩිඋන් සෑහෙන පිරිසක් හිතන් ඉන්නවා.

    මට කාලය හරහා යන්න අවස්තාවක් ලැබුනොත් පෞද්ගලිකව මගේ ජීවිතේ වෙනස් කරගන්න ලොකු දේවල් නම් නෑ.

    හැබැයි මට මේ විදියට මම ඡන්ද බලයත් හිමි බලගතු තරුණයෙක් විදියට කාලතරණය කරලා 2005 ට ගිහින් මොන ජිල්මාර්ට් එකක් දාලා හරි මහින්ද මයිනාව පරද්දලා, 2023 ට ඇවිත් ආයේ ෆේස්බුක් කමෙන්ට්ස් බලනවා 🤣🤣 (එතකොටත් ෆේස්බුක්, ඉන්ටර්නෙට් අද තරම්ම සුලභ වුනොත් විතරක්) 😅🤣😂

    ReplyDelete
  10. නූතන ලාංකීය සමාජයේ පවුල් ආරවුල් ප්‍රතිශතය ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් ආතුවා සේම දික්කසාද ප්‍රතිශතයද 50% ඉක්මවා ගොස් ඇත. මේ සම්බන්ධයෙන් අප මීට පෙර කිහිපවිටක්ම කතා කර ඇතත් මෙම කරුණු සමාජගත වීම සිදුවන්නේ ඉතා මන්දගාමීවය. අද ඒ හා සමාන මාතෘකාවක් තුලින් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ගැහැණු පිරිමි, එක් එක් වයස් කාණ්ඩ වලදී ලිංගිකත්වයට දක්වන උනන්දුව හා එයින් ඇතිවන ප්‍රතිඵල ගැනයි. මෙයට අප පාදක කර ගන්නේ ආසියානු කලාපය තුල සිදුකළ සමීක්ෂනයකින් උපුටා ගත් දත්තයි. එහි දැන්වෙන පරිදි, නව යොවුන් වියේදී කාන්තාවන් ලිංගිකත්වය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන අතර ක්‍රමයෙන් එම තත්වය හීන වී යන බවයි. ඊට සාපේක්ෂව පිරිමින් නව යොවුන් වියේදී විනෝදය හා වෙනත් ක්‍රියාවන් වලට වැඩි නැඹුරුවක් දක්වන අතර ක්‍රමයෙන් ඒ සියල්ල අභිබවා ලිංගිකත්වය හඹායෑමක් පෙන්නුම් කරයි.
    .
    අප හා සම්බන්ධ වන බොහෝ කාන්තාවන්ට මෙම තත්වය පහදා දීමට උත්සහ කළද එය පිලිගැනීමට ඔවුන් සූදානම් නැත්තේ හේතු දෙකක් නිසා බව පැහැදිලිය. ඉන් එකක් නම් සංස්කෘතික හේතු නිසා කාන්තාවන් ලිංගිකත්වයට බිය වීම, ලිංගිකත්වය යකෙකු සේ සැලකා ඒ ගැන කතා කිරීම නොහොඹිනා දෙයක් සේ සැලකීම හා අනෙක් කරුණ වන්නේ බොහෝ කාන්තාවන් ලිංගිකත්වය යනු ලිංගික එකතුවීම පමණක් යැයි සිතා සිටීමයි. මෙහිදී කාන්තාවන් තේරුම් ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ලිංගිකත්වය යනු ස්පර් ශය, කාලය වෙන් කිරීම, තමා වෙනුවෙන් සිටීම, තමන් ගැන සොයා බැලීම ආදී විවාහ ජීවිතයේ මූලික කරුණු සියල්ලම බවයි. බොහෝ අය මේ දේවල් ආදරය ලෙස මුලාවට පත් වී සිටියද පෙම්වතුන් අතර ආදරය කියා දෙයක් ‍නැති බවත්, ඒ සියල්ල නිවැරදිව අර් ථ කථනය කල හැකි තනි වචනය ලිංගිකත්වය බවත් අපගේ මතයයි.
    .
    ඒ වචනයට එතරම් බිය වන්නේ නම් ඔවුන්ගේ පවුල් ජීවිත අසාර්ථක වීම ගැන ඊට අමතර සාක්ෂියක් අවශ්‍ය නැත. මෙහි දැක්වෙන සටහන අනුව පිරිමින්ගේ හා ගැහැනුන්ගේ ලිංගිකත්වයට දක්වන කැමැත්තේ, ලැදියාවේ ආකාරය පැහැදිලිව කියාපාන කරුණ නම් වයස 30න් පසු පිරිමින් ලිංගිකත්වයට ඉල්ලීමක් කරන නමුත් කාන්තාවන් එය ප්‍රතික්ෂේප කරන බවයි. මෙහිදී පිරිමින් මුලින්ම එම ලිංගිකත්වය සොයන්නේ තම බිරිඳගෙන් ය. නමුත් එතනදී තම බිරිඳගෙන්ම ප්‍රතික්ෂේප වීමට ලක් වේ. එහිදී තම අවශ්‍යතාවය සොයා යයි. රූපයේ පෙන්වන ආකාරයට ප්‍රතික්ෂේප වීම වැඩි වැඩියෙන් ලබන පිරිමියා වැඩි වැඩියෙන් ලිංගිකත්වය සොයා යයි. වයස 30 න් පසු පවුල් ආරවුල් වැඩි වීමට ප්‍රධානතම හේතුව මෙය බව මින් පැහැදිලි වේ. (මෙහිදී පවුල් ආරවුල් වලට ප්‍රධාන හේතුව මෙම ලිංගිකත්වය වුවද එකම හේතුව මෙය යැයි වරදවා වටහා ගත යුතු නොවේ. නැත්නම් ලිංගිකත්වට යන වචනයට බය, ඉහත කී සංස්කෘතික කාන්තාවන් මෙහි හරය තේරුම් නොගෙන වැරදි අර් ථකථන දෙනු ඇත.)
    .
    ඉතින් මේ තත්වයෙන් මිදෙන්නේ කොහොමද? දැනටමත් මේ ක්‍රියාවලියේ වින්දිතයෙක් වෙලා නම් දැන් මොකද කරන්නෙ? ඊ ලඟට අපට ඇතිවෙන ගැටළුව එයයි.
    .
    මේ ක්‍රියාවලියේ වින්දිතයෙක් වීම යනු දැනටමත් ස්වාමිපුරුෂයාගේ වෙනත් සම්බන්ධතා නිසා පීඩා විඳින හෝ එසේ වෙනත් සම්බන්ධතා නිසා වෙන්වී සිටින කාන්තාවන්ය. ඔවුන් අකමැත්තෙන් හෝ පිලිගත යුතු කරුණ වන්නේ එම තත්වයට වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ ඔවුන්ම බවයි. විවාහයට පෙර කාලයේ තමා විසින් සෙවූ ලිංගික ආශ්වාදය විවාහයෙන් පසු ක්‍රමයෙන් කාන්තාවන් වෙතින් ගිලිහී යාම නිසා සැමියන්ට අවශ්‍ය තරම් ලිංගිකත්වයක් නිවස තුල නොතිබීම මෙයට ප්‍රධාන හේතුව බව තිත්ත වුවද නොවෙනස් වන ඇත්තයි. අතීතයේ අගු පිලේ සිටින සැමියාට පැල ඇතුලට කෙරෙන ආරාධනය හෝ බිරිඳ පිලේ පැදුරට පැමිණීම, එදා සමාජය තුල සැමියා බිරිඳ වෙතත්, බිරිඳ සැමියා වෙතත් බැඳ තබාගත් මූලිකම බැඳීම වූයේය. අගහිඟකම් අපහසුකම් සියල්ල හමුවේ එදා ළමයි 10, 12 සිටින පවුල් සතුටින් මරණය දක්වාම එකට සිටි ආදරයේ බැම්ම ලිංගිකත්වය බවට මීට වඩා සාක්ෂි අවශ්‍යද. මේ යථාර් ථය තේරුම් නොගැනීම නිසා කාන්තාවන් පවුල් ජීවිතය අවුල කරගන්නවා සේම තමන්ට විඳීමට තිබෙන ආශ්වාදයද තමන් විසින්ම නැති කර ගනී. එනම් කාන්තාවන් විසින් ලිංගිකත්වය බැහැර කරන්නේ එයට ආශාව නැති නිසා නොවේ. පුහු මත වල එල්බගෙන නිසාය. එහි ප්‍රතිඵලය වන්නේ තිබෙන විට තිබෙන සැප නැති කර ගැනීමත්, එම සැප නැතිවූ විට නැවත ලබාගැනීමට හැකියාවක් නැති වීමත්ය. මෙය නැවත නැවතත් අවධානයෙන්, අවබෝධයෙන් කියවා බලන්න.

    ReplyDelete
  11. දැන් මේ කොමෙන්ට් ඩිලීට් කරලා ගමන යන්නද කල්පනාව? මෙලෝ රහක් නැති මේ බ්ලොග් එක වේලෙන විදිය බලමු එහෙනං කොමෙන්ට්ස්, හිට්ස් නැතුව.

    ඔය 'මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මට ඕනි දේ, ඒකෙ තියෙන්නේ මට ඕනි අදහස්' කියන මතයේ හිටපු ගොඩක් අය ටික දවසක් යද්දී තේරුම් ගත්තා ඒ මතය හොදටම වැරදියි කියලා. හැබැයි එතකොට බ්ලොග් එක වාරණය වෙන්න පුළුවන් හැම තැනින්ම වාරණය වෙලා, සින්ඩිකේටර වලිනුත් හැලිලා, ලිපියක් දැම්මත් මොකෙක් වත් බලන්න වත් එන්නේ නැහැ.

    ඕනි නං ඔය මතේ හිටපු ඉකොනෝමැට්ටාගෙන් අහන්න පුළුවන් මොකද උනේ කියලා .
    එහෙනං ඔහොම යන්කෝ. ටාටා බායි.

    ReplyDelete
  12. මාතලන් වර්තමාන රනිල් වික්‍රමසිංහ රෙජීමය යටතේ ලංකාවේ දරිද්‍රතාවය දිනෙන් දින ඉහළ යමින් ඇත. 2019 වන විට රටේ ජනගහනයෙන් මිලියන 03 ක් වූ ජනයා දුප්පතුන් බව ලර්න් ඒෂියා (LIRNEasia) ආයතනය විසින් කල නවතම සමීක්ෂණයකින් හෙළි විය. 2023 වන විට එම සංඛ්‍යාව මිලියන 07 දක්වා තවත් මිලියන 04 කින් ඉහළ ගොස් තිබෙන බව ඔවුන් කියති. ලංකාවේ මිලියන 22.2 ක් වූ ජනගහනයෙන් 31% ක් (1/3) දුප්පතුන්ය. මෙය 2024 වන විට තවත් ඉහළ යෑම නොවැළැක්විය හැක. https://lirneasia.net/wp-content/uploads/2023/06/LIRNEasia-Social-Safety-Nets-and-the-State-of-Poverty-in-Sri-Lanka.pdf

    ලෝක බැංකුව විසින් ලංකාව පිළිබඳව පසුගිය දා ඉදිරිපත් කල "Sri Lanka Development Update : Mobilizing Tax Revenue for a Brighter Future" වාර්තාවට අනුව 2023 වසරේ ලංකාවේ දුප්පත් කම 27.9% වනු ඇති බව කියයි. මාගේ තක්සේරුව අනුව වර්තමාන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙන යන අයිඑම්එෆ් "තකතීරු" ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් 2024 පළමු කාර්තුව අවසන් වන විට රටේ දුප්පත් කම 35%-37% අතර මට්ටමට යෑම නොවැළැක්විය හැකි බවය. https://documents1.worldbank.org/curated/en/099807010022320004/pdf/IDU0e8d0983c05238044150a6a60b6949b0e03d5.pdf

    එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පසුගිය දා එලිදැක්වූ බහුවිධ අවදානම් තත්ව දර්ශකය (Multidimensional Vulnerability Index) අනුවද ලංකාවේ ජනගහනයෙන් 55.7% ක් විවිධ වූ අවදානම් තත්වයන් වලට මුහුණ පා සිටින බව සඳහන් කොට තිබුණි. මිලියන 22.2 ක් වූ ජනගහනයෙන් මිලියන 12.3 ක් දෙනාට ප්‍රධාන දර්ශක 12 න් අධ්‍යාපනය , සෞඛ්‍ය , ස්වාභාවික හෝ වෙනත් ආපදා , යහපත් ජීවන තත්ත්වය යන ප්‍රධාන දර්ශක වලින් අවම තුනක් වත් අහිමි වී ඇත. https://www.undp.org/srilanka/blog/navigating-vulnerability-insights-sri-lankas-multidimensional-vulnerability-index

    2024 ජනවාරි 01වන දා සිට ක්‍රියාත්මක වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමේ බලපෑම හේතුවෙන් සාමාන්‍ය ජනයාට තවත් විශාල ප්‍රශ්න රාශියකට මුහුණ පෑමට සිදුවේ. පැවති වැට් බද්ද අදාළ වූ කාණ්ඩ වල භාණ්ඩ සඳහා 15% සිට 18% දක්වා බදු වැඩි වීමට අමතරව මෙතෙක් වැට් (VAT ) අය නොකළ භාණ්ඩ 97ක් සඳහ 18% ක් කෙලින්ම බදු අය කිරීම තුල ජීවත් වීමට කිසියම් ස්වයං රැකියාවක් හෝ දේශීය නිෂ්පාදනයක් කිරීමට උත්සාහ කරන සියළු දෙනා කබලෙන් ලිපට ඇද දමා ඇත. එදා වේල සරිකර ගැනීමට යුද්ධයක් කරන ජනයා වස බොන තත්ත්වයට පත්වනු ඇත. පෝසතුන් තවත් පෝසත් කරන දුප්පතුන් තවත් දුප්පත් කරන මෙම නව ලිබරල් ආර්ථික ක්‍රමය ඉක්මනින්ම පරාජය කල යුතුය.

    ReplyDelete
  13. මාතලන් පහුගිය ගෝටාභය රජය වැට් ඇතුලු ටැක්ස් කපා එම මුදල් රටතුල ආයෝජනය වී මුදල් සංසරණය වර්ධනය වීමෙන් රටේ ආර්ථික වර්ධනයක් වේයැයි බලාපොරොත්තු වුනා. නමුත් ඒ කාලයේ ඇතිවූ බාහිර ශොක්ස් නිසා ඒවා ඉටු වුනේ නෑ. එංගලන්තයේ ඍෂී සුනක් ට පෙර සිටි අගමැතිනිය තෙරේසා මේ ටැක්ස් කපා ආර්ථික වර්ධනය ඇති කරන්න හදනකොට රට තුලින්ම එයට මාරාන්තික විරෝධයක් එල්ල වුනා. ලංකාවේ මිනිස්සුත් ගෝඨා ට බැන බැන හිටිය චික් මේ යකා ටැක්ස් අඩුකරල රට බංකොලොත් කලා කියල. දැන් ටැක්ස් රේට් එක කෙමෙන් කෙමෙන් වැඩිවී IMF ඩ්‍රීම් රේට් එක වන 15% of GDP එක වෙත කෙමෙන් ලගා වෙනව. ඒ එක්කම ආර්තික වර්ධනයක් නැවත ඇතිකිරීමට මුදල් සංසරණයට ඉඩ දීමට දැනටත් මහ බැංකුව පොලී අනුපාතික පහළට ගන්න උත්සාහ කරමිනුයි ඉන්නේ.

    ඇත්තටම බදු වැඩි කිරීම පොලී අනුපාතික වලට බලපාන්නේ මෙහෙමයි යම් හෙයකින් මේ බදු වැඩි කිරීම නොකළානම්, රජයට එම අඩුව පුරවා ගන්න දේශීය වෙළඳපොළෙන් ණය ගන්න වෙනවා. එවිට පොලී අනුපාතික මත උඩ අතට තෙරපුමක් ඇති වෙනවා. බදු වැඩි කිරීම නිසා මෙහි අනෙක් පැත්ත වෙනවා. ඒ කියන්නේ පොලී අනුපාතික මත යටි අතට තෙරපුමක් එනවා.

    පොලී අනුපාතික අඩු වෙද්දී මුදල් සංසරණය ඉහළ ගොස් භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. මේ හරහා බදු වැඩි කිරීම නිසා මුදල් සංසරණය පහළ යාමේ බලපෑම තරමකට නිශේධනය වෙන්න ඉඩකඩ තියෙන්න පුලුවන්

    අවසානයේදී ශුද්ධ වශයෙන් මුදල් සංසරණයට යම් බලපෑමක් සිදු විය හැකි වුනත් එය එතරම් විශාල බලපෑමක් විය නොහැකියි කියා මහබැංකුව හිතන නිසා, 2023 අවසන් කාර්තුවේදී වගේම ඉන් පසුව 2024 වසරේදී හා ඉන් ඉදිරියටත් ආර්ථිකය වර්ධනය වෙයි කියල ආණ්ඩුව හිතාගෙන ඉන්න නමුත් ඇත්තටම ප්‍රායෝගිකව මේ බදු වැඩි වීම නිසා නැවතත් ආර්ථිකය හැකිලීමේ ඉඩක් තියෙනවාද?

    ReplyDelete
  14. Saumya diwa danna denna

    ReplyDelete
  15. මොන වාහනේ ගියත් යන හරක් දැන ගන්න ඕනේ ඕනෑම වාහනයක් 60 පෙන්නට පස්සේ safe නැහැ කියල.
    මොනවා තිබුනත් එක එහම තමයි. Direct හෙපන්න ඕනේ නැහැ සදාකාලික අබාදිත වෙන්න.
    ඇතුලෙම මොකක හරි වැදුනත් ඒ පාර ඕනේ තරම් පුළුවන් සදාකාලික අබ්බගාත වෙන්න හොදටම ඇති.
    හරක් වගේ එලවල , අනේ මන්ද ඉතින් පොලිසියත් හරක් ටික ගාල් කරලා දන්නේ නැහැ නේ.

    ReplyDelete
  16. මාතා ඔය දේශපාලන ව්‍යාපාර වලට කඩේ යන එක වෙනුවට උත්සාහයෙන් ව්‍යාපාර කටයුතුවල නිරත වීමට ජනතාව පෙළඹවිය යුතුයි විශේෂයෙන් මාලිමාව වගේ පක්ෂ වල අධිසුරංගනා කතා සහ පොහොට්ටු සජබ එජාප සුරංගනා බයිලාත් වැඩක්ම නෑ, මම හඳුනන කොළඹ ආසන්න නගරයක කඩල වෙලදාමක් කරන අයෙක් ඒ ආසන්න ප්‍රදේශයෙන් පර්චස් 8ක් මිලට ගෙන ගෙයක් හදල තියෙනවා.එයාගේ කරත්තේ කඩල වෙනත් බයිට්ස් සෝඩා සිගරැට් ආදියද අලෙවි කරනවා. රැට එකතුවන ඇසුරුම් ටිකත් ඒ අසල වෙලදසැලට දි මුදල් ගන්නව.ඈත ගමකින් ආ නිහතමානි පුද්ගලයෙක්. තව මේ ඊයෙ උන දෙයක් අනුරාධපුරයෙන් කොමඩු කිලෝ 7000ක් ලක්ශ 20ක් දීල ට්‍රක් එකක ගෙනැල්ල පැය 3කින් කොලබට ලක්ශ 30කට බෑවම (ඩීසල් සහ ඩ්‍රයිවර් කුලියයි ගොලයින්ටයි සේරටම රු. 150,000/=) ඌට ලක්ශ 8යි 50ක් ලාබ..මේකෙ ලාබෙ ප්‍රතිලාභ බෙදිලා යන්න ඕන මෙහෙම නෙවෙයි..මේකේ හැම කෙනාටම ගොවියට මුල්ම කොටස වැඩි ලාබෙ විය යුතුයි ..ඇයි ඒ මිනිහා තමයි හැමදේම කරන්නේ
    නමුත් අපේ රටේ අතරමැදියා තමයි මේකෙ ලොකුන් ප්‍රයෝජන ගන්නේ ලෝකෙ ඒ විදියට වෙන එක රටක් .. අයහපත් ආර්ථිකයක ලොකුම ලක්ෂණයක් තමයි ඕක ..

    බාර් ළඟ කඩල බේසමකින් දවසට රැ 15000/= 18,000/=හොයන එකෙක් මම,දැන්නවා උගේ කඩල රැ50 ඇට 12 මිරිස් නටුයි , ලූනුයි, කරපිංචයි .පොල් කෑලියි..රැ100 ට කඩල,ඇට 20යි ..අපි ගණන්කරල තියෙනවා..
    දැන් ඔය කඩල විකුනන පගයාගේ කරත්ත අයිතිකාරයට ඒ වගේ කරත්ත අසූ ගාණක් තියෙනවා දවසට පණ්දාහක තම්බපු කඩල කරත්තේ රුපියල් දේශපාලන විකුණන එකාට දවසකට දීලා ඒ ලැබෙන අධික ලාබයෙන් අලුත්ම ප්‍රාඩෝ එකක් ගේන්නෙ අරූ රැ100 කඩල ගන්න එවුන්ට කඩල ඇට 20ක්දීල .කොලබින් රැ100 කඩල අපි ඔක්කොම කාල තියෙනවා නේ රැ100 කඩල දාන්නෙ මේස හැන්දෙන් හැදි 5යි ..ඒකත් බෑග් එකට වීසිකරල .ටිකක් ආපහු හැලෙන්න
    ..ඕකුන්ට යාදෙයි මේ ආත්මෙ විතරක් ..
    වයාපාරයක සාදාරනත්වයක් තිබෙන්නෙ ඕනෙ ..
    වයවසායක යෙක් කියන්නෙ මාරම එකෙක් ..රටක කොදුනාරටිය ..යහපත් ව්‍යවසායකයෝ බිහිවුණු තරමට රටක පැවැත්ම සහ අනාගතය සහ ආර්ථික තත්ත්වය ඉහළ ගුණාත්මක තත්ත්වයක් ගන්නවා..ඒ වගේම යහපත් ගුරුවරුන් බිහිවුනු දවසට සහ යහපත් දේව වැපිරූ තරමට යහපත් මිනිසුන් රටේ හැදෙනවා
    ලංකාවේ කිසිම ්‍වයවසායකුටවත් හරියන්නෙ නැත්තේ ගසා කෑම නිසා.. ගසා කෑම..හා අධ්‍යාපනයේ යහපත් දේ ආදර්ශමත් දේ අඩංගු නොමැති වීම


    ලංකාවේ අධ්‍යාපනය යහපත් නැත්තේ බොහෝමයක් ගුරුවරුන් යහපත් නැති නිසා සහ උගන්වන දේ යහපත්කමක් නැති නිසා.ආදර්ශමත් ගුරැවරැන් ගැන මුලින්ම දැනෙන්නෙ දරවන්ට ..එහෙම ගුරැවරැන් ගෙ සෙවනෙ හැදෙන දැරැවන් කවදාවත් අයහපත් මිනිස්සු වෙන්නෙ නෑ..මේක තමයි ලංකා කියන බිමේ යතාර්ථය හා එක නින්දෙන් සිහින සැබෑ කර ගැනීමට යාම..

    මේ ආදීනව මේ රටේ මිනිසුන් අද හොඳට මුහුණ දෙනවා..එය විය යුතුයි වැරැද්ද තේරෙන තෙක්..

    ReplyDelete
  17. මගේ ගස මගේ චොකලට්..

    අපි ලංකාවේ අතාරලා දාපු කොකෝවා වගාවලින් චොකලට් හදන්න පටන් අරන් අවුරුදු 4 ක් ඇති.

    ඒ අතරේ නැවත කොකෝවා වගාව ගෙවතු මට්ටමින් ආරම්භ කරන්න පොඩි ප්‍රවේශයක් ගත්තා අකුරැස්සේ සණස සංගමය එක්ක. එහිදී ඔවුන්ට ලබා දෙන්න මාතලෙන් ගෙන්නපු කොකෝවා පැල වලින් එකක් මං මගේ වත්තේ හිටෙව්වා. මේ තියෙන්නේ අවුරුදු 3ක් වයස ගසේ ඵලදාව.

    මේ කොකෝවා ඉදෙන සීසන් එක. අපරාදේ සත්තුන්ට කන්න අතෑරල දාන්න එපා. මාතර අවට නම්, ගෙඩි ටික මට දෙන්න. මං සල්ලි දීලා ගන්නම්.
    ගේන්න බැරි දුරක නම් ඉන්නේ, කොකෝවා ඇට පැසවන විදිය මම කියන්නම්, එසේ දින 10 ක් පැසවලා වේලපු ඇට මට එවන්න හෝ ඇවිත් ගෙනියන්නම්.

    කොකෝවා වැවෙන ප්‍රදේශවල අපි මිලදීගන්න ස්තාන කීපයක් හදන්න හිතාගෙන ඉන්නවා. මාතලේ, කෑගල්ල, අකුරැස්ස, දෙණියාය.. ලංකාවේ හොඳම කොකෝවා හැදෙන ප්‍රදේශ. රටේ ආර්ථිකය නංවන්න මොනවද කරන්න බැරි...

    චොකලට් කියන්නේ ආගමක්.. ඒකට ඔය එක එක සූත්තර දාන්න එපා. දිවුල් චොකලට්, කිතුල් චොකලට් කිය කිය තාච්චුවේ දාලා දොදොල් හදනවා වගේ චොකලට් හදන්න බෑ... ඒවා චොකලට් නෙමෙයි.

    නිවැරදි තාක්ශණයට හෝම්මේඩ්/හෑන්ඩ්මේඩ් චොකලට් හදන්න ඉගෙන ගන්න අවශ්‍යනම් කියන්න.
    කොකෝවා ගහක් කියන්නෙම මුදල් මැශිමක්. ඒක හරියට නඩත්තු කරමු.
    කවුරුහරි පොඩි චොකලට් outlet එකක් දාන්න කොකෝවා වගාවක් කරන්න හිතාගෙන ඉන්නවනම් ආයෝජනය කරන්න බයවෙන්න එපා. කතාකරන්න.

    මම,
    මහාචාර්‍ය නිලන්ත ලියනගේ, ආහාරවිද්‍යා තාක්ශණ අධ්‍යයන අංශය, රුහුණ.වි.වි.

    උපුටා ගැනීමකි.

    ReplyDelete
  18. රසික සුරියාරච්චිගේ පුක

    ReplyDelete
  19. මාතේ ඉන්දීය ප්‍රීමියර් ලීග් කාලෙට ලංකාවේ වැඩිම පිරිසක් තෝරාගන්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම.

    ඉන්දීය ප්‍රීමියර් ලීගයේ කණ්ඩායම් දහය අතරින් වැඩිම ශ්‍රී ලාංකික රසිකයන් ගණනක් ඉන්නේත් මුම්බායි කණ්ඩායමට.

    එයට ප්‍රධානතම හේතුව සනත් ජයසූරිය.

    පළමු ඉන්දීය ප්‍රීමියර් ලීගයේ පටන් ශ්‍රී ලාංකීකයො හදවතින් මුම්බායි කණ්ඩායමට සපෝර්ට් කළේ සනත් නිසා.

    තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වෙනත් කණ්ඩායම් වලට ක්‍රීඩා කළත්, සනත් ගහනවා නම් ලංකාවේ මිනිස්සු හැමදාම හිටියේ සනත් ඉන්න තැන.

    ඒ ලාංකිකයොන්ගේ හැටි.

    ඉන්පසුව මාලිංග නිසා මුම්බායි ඉන්ඩියන්ස් ශ්‍රී ලංකා රසිකත්වය පැවතුණා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් බිඳ වැටීම ආරම්භ වූ 2014 න් පසු කාලයේ, IPL ක්‍රීඩා කළ එකම ස්ථිර ශ්‍රී ලාංකිකයා වුණේ මුම්බායි කණ්ඩායම නියෝජනය කළ මාලිංග.

    මුම්බායි කණ්ඩායම කවදත් ශ්‍රී ලාංකිකයන්ට විවෘත වූ තැනක්.

    IPL පුහුණුකාරීත්වයකට මුල්ම වරට ශ්‍රී ලාංකිකයෙකුට අවස්තාවක් ලබා දෙමින් මහේල ජයවර්ධන බඳවා ගත්තේත් මුම්බායි කණ්ඩායම.

    මහේලගේ ආගමනයෙන් පසුව මුම්බායි කණ්ඩායමෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබුණු ඉඩ තරමක් අඩු වුණා.

    කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම අයි.පී.එල් කණ්ඩායම වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ මොහොතේ පවතින්නේ දරුණු අර්බුධයක.

    අයි.පී.එල් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස හැඳින්වෙන්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම.

    කෙසේ වෙතත් සනත් ජයසූරිය, සචින් තෙන්දුල්කාර් වැනි ප්‍රබලයන් ක්‍රීඩා කළ පළමු IPL තරගාවලි පහ තුලම ඔවුන්ට ශූරතාවයක් ජය ගැනීමට හැකි වුණේ නැහැ.

    2013 IPL තරගාවලියේ ඔවුන් නායකත්වයට රිකී පොංටින් ගෙන ආවා.

    ක්‍රිකට් ලෝකයේ විශිෂ්ඨතම නායකයා ඔහු.

    නමුත් එවකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටි පොංටින් පිතිකරුවෙකු ලෙස මුල් තරග කිහිපයේම අසාර්ථකයි.

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ඔහු ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.

    ඔවුන් පොංටින් කණ්ඩායමෙන් ඉවත් කළා.

    ඔහුගෙන් හිස් වූ නායකත්වය හිමි වුණේ, 25 හැවිරිදි තරුණ රෝහිත් ෂර්මා ට.

    ඔහු ඉන්දීය කණ්ඩායමේ හෝ නායකත්වය සඳහා සුදානම් කළ ක්‍රීඩකයෙක් නොවෙයි.

    නමුත් මුම්බායි කණ්ඩායම ඔහුට අවස්තාවක් ලබා දුන්නා.

    එතැන් පටන් මුම්බායි ඉතිහාසය අලුතෙන් ලියවුණා.

    තරුණ රෝහිත් යටතේ ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම 2013 වසරේ IPL ශූරතාවය ජයගත්තා.

    ඒ මුම්බායි හි පළමු අයි.පී.එල් කිරුළ.

    රෝහිත් ෂර්මාට මුම්බායි කණ්ඩායමේ ස්ථිර නායකත්වයත් හිමි වුණා.

    ඉන්පසුව 2015 IPL ශූරතාවයත් ජය ගත්තේ රෝහිත් ගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමමයි.

    2020 වසරේ දී ඔවුන් ජය ගත්තේ සිය පස්වන ශූරතාවය.

    නායකයෙකු ලෙස රෝහිත් වසර අටක් තුල IPL ශූරතා පහක් ජය ගත්තා.

    පළමු IPL තරගාවලි පහේදීම අසාර්ථක වූ මුම්බායි කණ්ඩායම, රෝහිත් ගේ ආගමනයෙන් පසු සාර්ථකම කණ්ඩායම බවට පත් වුණා.

    මහේල ජයවර්ධන මුම්බායි කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත්වන්නේ 2017 වසරේදී.

    එවකටත් මුම්බායි ප්‍රබල කණ්ඩායමක්.

    සාමාන්‍යයෙන් මුම්බායි කණ්ඩායම කෘතගුණ සැලකීමෙහි ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක්.

    වසර ගණනාවක් පුරා ඔවුන්ට සේවය කළ ලසිත් මාලිංග ඔවුන් රැකබලා ගත් අයුරු ඊට හොඳ නිදසුනක්.

    මෙවර IPL තරගාවලියේ සිට යළිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස කණ්ඩායමට බඳවා ගැනීමටත් ඔවුන් තීරණය කරලා.

    එවැනි මුම්බායි ඉන්ඩියන්ස් කළමනාකාරීත්වය පසුගියදා ගත්තේ ඇදහිය නොහැකි තීරණයක්...

    ReplyDelete
    Replies
    1. ඒ එකපාරටම රෝහිත් ෂර්මා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයෙන් හදිසියේම ඉවත් කරන බව පසුගියදා මහේල ජයවර්ධන දැනුම් දුන්නා.

      ගුජ්රාත් කණ්ඩායමෙන් යළි මිලට ගත්, හිටපු මුම්බායි ක්‍රීඩක හාර්ඩික් පාන්ඩ්‍යා මුම්බායි නායකත්වයට පත් කළා.

      එය මුම්බායි රසිකයන් බලාපොරොත්තු නොවූ තීරණයක්.

      තවමත් ඔවුන් ආදරය කරන, ඔවුන්ගේ නායකයා රෝහිත්.

      යම්කිසි මොහොතක ඔහු නායකත්වයෙන් ඉවත් කිරීමට අවශ්‍ය වූවා නම්, එය කළ යුතු පිළිවෙලක් තිබුණා.

      රෝහිත් මුම්බායි කණ්ඩායමේ පුරාවෘත්තයක්.

      මුම්බායි කණ්ඩායම ගොඩනැගූ නායකයා.

      අයි.පී.එල් ඉතිහාසයේ සාර්ථකම නායකයාත් රෝහිත් ෂර්මා.

      ඔහුට මීට වඩා ගෞරවයක් ලබා දී නායකත්වයෙන් ඉවත් කිරීමට තිබුණා.

      මේ තීරණයෙන් පසුව මුම්බායි කණ්ඩායමේ සමාජ ජාලා ගිණුම් වලින් රසිකයන් ලක්ෂ ගණනක් ඉවත් වූයේ ඒ නිසා වන්නට ඇති.

      තමන් නායකත්වයෙන් ඉවත් කරන බව තමන්ට දැනුම් නොදුන් බව දැන් රෝහිත් කියනවා.

      තමන් මේ තීරණය පිළිබඳ දැනුවත් වූවේ ඉන්ස්ටාග්‍රෑම් පෝස්ට් එකකින් බවත්, එය ඉතා වේදනාකාරී වූ බවත් ඔහු ඉන්දීය මාධ්‍යයට කියා තිබෙනවා.

      මුම්බායි ඉහළ හිමිකාරීත්වයට අනුව කණ්ඩායමේ අනාගතය සහ උපක්‍රම ගොඩනැගීම ඉහළ පුහුණුකරු මහේල ජයවර්ධනගේ වගකීමක්.

      මුම්බායි හිමිකාරීත්වය යටතේ ඇති ලොව පුරා සෑම කණ්ඩායමකම වැදගත් තීරණ සියල්ල ලබා ගන්නේ මහේල ජයවර්ධන.

      මහේල මුම්බායි හි ඉහළතම විධායක නිළධාරියා.

      රෝහිත් නායකත්වයෙන් ඉවත් කිරීමත්, හාර්ඩික් නායකත්වයට පත් කිරීමත් ඔහුගේ තීරණයක්.

      කෙසේ වෙතත් මේ තීරණයෙන් මුම්බායි කණ්ඩායමේ බරපතල අර්බුධයක් නිර්මාණය වන බව පැහැදිලියි.

      කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ සහ නවකයන්ගේ ප්‍රියතම නායකයා රෝහිත්.

      රසිකයන්ගේ නායකයා රෝහිත්.

      වෙනත් කණ්ඩායමක සිට පැමිණි වහා නායකත්වය හිමි වූ පාන්ඩ්‍යාට ඔවුන් එතරම් ප්‍රිය කරන්නේ නැහැ.

      මහේලටත් ඔහුගේ තීරණය සාධාරනීකරණය කිරීමට හේතු ඇති.

      මුම්බායි අනාගතය පිළිබඳව ඔහුටත් ඔහුගේම සැලසුමක් ඇති.

      කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂඥ පුහුණුකාරීත්වයත් දරනා මහේල ජයවර්ධන විශිෂ්ඨ පුහුණුකරුවෙකු සහ සැලසුම්කරුවෙකු විය හැකියි.නමුත් ඇතැම් සුවිශේෂි සිදුවීම් කළමනාකරනයෙහි ඔහු දක්ෂ නොවන බව මේ සිදුවීමෙන් පැහැදිලියි.

      ඉතා සුමටව කළමනාකරනය කළ හැකිව තිබූ තත්ත්වයක් අර්බුධයක් කරා ගියේ ඒක නිසා නේද?

      Delete
  20. ක්‍රිස්තියානි දේවගැතිවරුන් විසින් පාලනය කරන ක්‍රිස්තියානි බාලිකා නේවාසිකාගාරයක නැවතී සිටි බාල වයස්කාර දැරියන් පස් දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන දේවගතිවරයෙකු කිරුළුපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කිරුලපන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට නම්දරා ඇති ක්‍රිස්තියානි ආගමික සභාවක් යටතේ පාලනය වන බාලිකා නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස්දෙනෙකුට මෙසේ මෙම දේවගතිවරයා සහ තවත් දේවගැතිවරුන් ගණනාවක් විසින් වරින් වර පැමිණ අතිශය බරපතල ලිංගික අතවර විශාල වශයෙන් සිදු කළ ඇති බවට සියලු සාක්ෂි සහිතව චෝදනා රාශියක් එල්ල වී ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හැට තුන්වන වියේ පසු වන අයෙකි.පරීක්ෂණවලින් දැනට හෙළි හෙළි වී ඇති පරිදි මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බවත් පොලීසිය සඳහන් කළේය. තවදුරටත් දූෂකයන් සොයා පොලිස් විමර්ශන සහ පරීක්ෂණ කටයුතු පැවැත්වේ.

    ReplyDelete
  21. විදුලි වාහනයෙන් අද දවසෙ මගේ ගමනක අවසානය ගැන කියන කොට මම පදිංචිය ගාල්ලේ මගේ රාජකාරී කටයුතු වෙනුවෙන් සතියකට එක ගමනක් වත් කොළඹ බලා පිටත්වීම් තියෙනවා...2014 EV එකක් අරගෙන 2023 අගෝස්තු වනවිට 185000km පැද්දා.... දැන් චීනයෙන් ගෙන්වන ලද බැටරියක් සවිකලා.....ඒ බැටරියෙන් මගේ අද වසෙ 290km ක් ඒ කියන්නෙ මගේ සියලුම වැඩ නිම කරගත්තා....


    මීට පෙර මම ළඟ තිබුණ ඩීසල් වෑන් එක තියෙද්දි නම් රු. 10000ක අවමයකවත් ඩීසල් ගහන්න වෙනවා...

    ගෙදර වහලය මත ඇති සුර්ය පැනල වලින් හෙට ගමනක් නැති නිසා චාර්ජ් කරගන්නවා....😀😀😀මේ මගේ අත් දැකීම්..... සමහර වෙලාවට මම වැරැදි ඇති.....වැරදි තිබේනම් සමාව..🙏🙏🙏

    ReplyDelete
  22. පාර අයිනේ කාන්තාවන්ගේ යට ඇඳුම් ගලවලා රට හදන්න පුළුවන් කියලා අරගල කරලා පිස්සු කියෝපු මොංගල් උන් , අද ඉන්දියාවෙන් බිත්තර ගෙනත් කනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න