.

.

Jul 29, 2024

බේකින් නිව්ස්... මහින්ද හරි පව්...

 

බේකින් නිව්ස්...

මහින්ද හරි පව්...

➖➖➖➖➖😭➖


🔹මාතලන් තවමත් සිතන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැතෙයි කියලාය. ඒ සඳහා අවශ්‍යවන අඩුම කුඩුම රාශියක් මේ මොහොතේ ක්‍රියාත්මකය.


🔹මහින්දගේ රැස් වලල්ල දැන් පත්තු වෙන්නේ නැති බව ඊයේ පැහැදිලි විය... මහින්ද මහත්තයා දැන් යන්නේ නෙවිල්ගේ ජැනරේටර් බලයෙන් බව මා කලින් ලීවේය. බැහැපු බැස්ටි කෑලි දෙක ශිරන්ති මැඩම් ළඟය.


🔹පොහොට්ටුව දිව්වේ මහින්ද මහත්තයාගේ ආනුභාවයෙන් මිස...ශිරන්ති, නාමල්, බැසිල් හෝ පවුලේ අනෙක් අයගේ පවර් වලින් නෙමේය. හැබයි එයාලා කරන තරමක් පිස්සු කෙලියේද ඒ ආනුභාවයෙන්මය.


🔹ඔවුන් මහින්ද මහත්තයාට කෙලියේ ඊයේ නොව, මැයි 9 වනදාය. බහුතරයක් බයියෝ මහින්ද හැර ගියේ එදාය. ඒ වැඩේ කළේ මහින්ද නොව ශිරන්ති යෝශිත හා බැසිල් ප්‍රමුඛ කණ්ඩායමය.


🔹ඒ බව දැනගෙන සිටී ගෝටා කළේ තොපි ඉල්ලගෙන පරිප්පු කන්න ආවා නම් හොදිත් එක්කම කාපියව් කියා... ශවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න කියා... ඇඳිරි නීතියවත් පනවන්නේ නැතිව බයියන්ගේ ගෙවල් ගිනි තියන ඒවා බල බලා හිකෙන් පුනා වෙන එකය. ඇත්තටම ගෝටාටත් අවශ්‍ය වුනේ රාජපක්ෂ පවුල දේශපාලනයෙන් අතු ගා දමන්ටය. ගෝටා කෑවේ සුපිරිම ළණුවක් කියනා එක වෙනම කතාන්දරයක්‍ය. 


🔹ඊයේ දිනයේදී පොහොට්ටුවේ "දේශපාලන බල මණ්ඩලේ" කියා "රාජපක්ෂ පවුල" සහ ඔවුන්ගේ සට්ටම්බිරාළලා විජේරාම පාරට රැස්වුනේ, ශ්‍රී ලංකා දේශපාලන කතාවේ, රාජපක්ෂ පරිච්ඡේදයේ, අවසන් පිටු කිහිපය ලියන්නටය.


🔹හැබයි පොහොට්ටුවේ 90% උන්නේ රනිල් වික්‍රමසිංහගේ මල් පාරේ පිහිටි පක්ෂ කාර්‍යාලයේය. එයාලා කාගේ වත්තෙ මල් කඩන්නේ... කියා කලින්ම තීරණය කර තිබිනි. මල් තියෙන්නේ මල් පාරේ බවත්... නැට්ට තියෙන්නෙ නාමල් ළඟ බවත් දිළුම් අමුණුගම කීවේ ඒ නිසාය.


🔹සාගර කාරියවසම්, ටුවෙන්ටි පර්සන්ට් බන්ඩාර හා මොළ හතානෝට දැන් වෙන්නේ විනය තකා ගන්නටය. මොකෝ මනුස්ස කමට "දේශපාලන බල මණ්ඩල" රැස්සිමටත් ගිය ඇස් බීන් මහතා, සවස් වරුවේ මල් පාරේ මල් නෙලන්නට පැමිණ උන්නේය. ඒ රනිල්ගේ වැඩය.


🔹කොහොමත් අනෙක් පක්ෂ වල සහාය අවශ්‍ය නම්... ඒ පක්ෂ වල මහ උන් මුල සිටම රනිල්ට කිව්වේ... රාජපක්ෂ හොරු ටික හලලා එන්නටෙයි කියලාය. රනිල් උන්නේ මුන් ටික හලාගන්නේ කෙසේද කියලාය. ඒ නිසා බැසිල්ගේ හා නාමල්ගේ ඩිමාන්ඩ්ස් උන්නැයේ පඩේකට මායිම් කළේ නැතිය.


🔹76% වන ජනතාවද කියා ඇත්තේ, රනිල් හොරු රැක්කොත් එයාලාගේ චන්දය රනිල්ට දෙන්න බැරියෙයි කියලාය. සමීක්ෂණ ප්‍රතිපලය, අද ඩේලිමිරර් පත්‍තරේ තිබුනාට... කලින් සිටම මධ්‍යස්‍ත චන්ද දායකයින් පිරිස උන්නේ එම මතයේය.

🔹 පොහොට්ටුවේ උන්නේ ජනතාව සමඟ ඉතා සමීපව දේශපාලනය කරනා ජනතා නියෝජිතයින්‍ය. දැන් උන් සියල්ලෝම ඉන්නේ රනිල් සමඟය. සජිත් එක්ක ගියේ එහෙව් ජනපදනමක් නැති වියත් මඟ දිගේ ආ හාල්පාරුවෝය. උන් මුලින්ම ට්‍රයි කලේ ජේවීපී රැල්ලේ පීනන්නටය. හැබයි ජෙප්පෝ උන්ට පුප පෙන්නුවේය.


🔹ඇත්තටම මේ එකෙක්වත් අගමැති රනිල් දැකලා තිබ්බාට, විධායක ජනාධිපති රනිල් දැකලා තිබ්බේ නැතිය....


හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමයටය....


කපුටු කක්... කාක් කාක්...

ගොරක දේන්... දේන් දේන්...


.

7 comments:

  1. ඔච්චර හිතන්න ඕන නෑ බං හරිම සරලයි පොහොට්ටුව කියන්නෙ දේශපාලන පක්ෂයක් නෙමෙයි ඒක රාජපක්ෂ පාදඩ පවුලෙ පොල්ම:කාර සින්නක්කර අයිතිය සහිත බූදලයක්. ඒ නිසා ඒකෙ ගන්න තීන්දු තීරණ රටේ ආර්ථිකය සමාජ දේශපාලන පසුබිම සහ පොදුවේ ජනතාව සිටින තත්ත්වය හෝ පාක්ෂිකයාගේ පැත්තෙන් හිතලා බලල ගන්න එව්ව නෙමෙයි බං ඒවා සේරම උන්ගේ පවුලේ අනාගතය විතරක්ම බලල ගන්න එව්ව.

    මේ මොහොතෙ පොහොට්ටුවට තියෙන ලොකුම අරමුණ නාමල්ගෙ අනාගතේට පාර ක්ලියර් කරල පවුලේ අනාගතය සුරක්ෂිත කිරීම.පොහොට්ටුවෙ අච්චර තරුණ දක්ෂ දේශපාලන නායකයො ඉද්දි ඉද්දි ධම්මිකව ෆෝම් කරල මේ කෝඩ කාලෙ උගෙන් සියලු වියහියදම් වලට දත් ගලෝගෙන වහින කොට දාන හෙණේ වගේ මේ පරදින වෙලාවෙ ඌව දාල රාජපක්ෂ පවුල මගෑරාලා ඊට පස්සේ මැතිවරණයෙන් රට පාලනය ගැනවත් ආර්ථිකය ගැන වත් කිසිම ආකාරයක තේරුමක් නොමැති මෙලොවින් මෙලෝ වැඩකට නැති මෙලෝ වැඩක් බැරි බොරු කයිවාරුකාරයෝ වෙන සජ්ජා කයිදාස හෝ අනුර කුමාර කයියනායක වගේ ගොන් රිලවෙක්ව ලංකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා ඒ පොල් බූරුවාව රටේ ජනාධිපති උනාම ඌ හොඳම එකෙන් නාගන්නා බවත් ඊළඟට දෙවෙනි තැනට එන එකාත්
    විපක්ෂ නායක වෙලා මොකා ආවත් ඌත් අරවගේම නාන වෙලේ ලේසියෙන්ම උන් දෙගොල්ලොම චාටර්ම කරලා දාල මිනිස්සුන්ට එපාම වෙලා ගියාම චීන ආධාරත් ලබාගෙන ඊලග චන්දෙන් හයෙන් පහකටත් වඩා අතිවිශාල බලයක් සහිතව රටේ නිල නොවන රජකම ගන්න මේ රෙඩි වෙන එක ඕනි බබෙක්ට තේරෙන්න ඕන, නොදකින් රටේ අහිංසක මිනිස්සුන්ට ආයේ සැරයක් මාර පරිප්පුවක් කන්න වෙනවා තව අවුරුදු ගානක් යනකං. අපරාදේ අපේ මවු බිම සහ ලංකාවේ සිටින නෑදෑ හිතවතුන් බලාගෙන ඉන්න කොට මෙහෙම විනාශ වෙනවා දකින්න ලැබෙන එකත් ලොකුම දුකක් ඒත් ඉතින් පිටරට ඉඳගෙන අපි කියලා මොනවා කරන්නද? නරක වෙලාව තමයි ඉතින්.

    ReplyDelete
  2. මාතලන්,

    ඔබ පවසන පරිදිම තවමත් ජනාධිපතිවරණයක් පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව මමත් පිළිගනිමි. නමුත් 70% ක් පමණ සම්භාවිතාව ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමටයි, එය නිල වශයෙන්ම ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙන නිසායි.

    මහින්ද රාජපක්ෂගේ පවුලේ පවුල් පාලන දේශපාලනය නිසාම වැඩියෙන්ම විනාශයට ලක්වූයේ රනිල් වික්‍රමසිංහ නොව ඔහුගේ බාල සොයුරු ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ බවත් පැවසිය යුතුයි. විශේෂයෙන්ම වරදක් නොකළ යමෙක් ඇත්නම් පළමු ගල ගසන්නැයි ජේසුස් වහන්සේ කී පරිදිම ලංකාවේ 2019 අගභාගයේ සිට 2022 ජූලි මැද භාගය දක්වාම ජනපතිධූරය හෙබවූ හිටපු ආරක්ෂක ල‍ේකම් ගෝටාබය හෝ විධායක ජනාදිපති ගෝටාබය සමග දැඩිලෙස එදිරි වුවද සියලු තනතුරු හැරගිය සරණාගත ගෝටාබය සමග මම නම් එකම බිම් පඩියේ හිඳගනිමි. කරට අතදාගෙන 'අල්ලලා දාපං මචං' කියා කියන්නෙමි. ජයග්‍රහණයේ බලු ගෝෂා මැද පරාජිතයා සමග හුදකලා වන්නට මං කැමතිය.

    ගෝටා දැන් ජාතියක නින්දා පරිභව විඳින්නෙකි. ගෞරවය අන්තිම බිංදුවටම සිඳුනෙකි. තමන් කළ හා නොකළ සියලු පාපයන් වෙනුවෙන් කරගසන්නෙකි. එදා ඔහු මහා විරුවෙකුට ඇන්දවූ සුවිසල් ජනතාවක් අද ඔහු සමග නැත. ඔහු මහා ප්‍රාඥයෙකුට ඇන්දවූ වියත් සභාවක් නැත. ඔහුට විනාශකාරී ප්‍රතිපත්ති තනා දුන්, ඒවාට කතා ගොතා දුන්, උගතුන් බුද්ධිමතුන් අද නැත. සියලු වරද ඔහු තනිව සිදු කර ඇත. මහින්දට නාමල්ට ඉන්නට හෝ රටක් තිබුනත් ගෝටාට ඉන්නටවත් රටකුත් නැත.

    ගෝටා වීරයෙක් කලේ රටේ මහා ජනතාවගේ මුග්ධභාවයයි. දැන් ගෝටාගෙන් ඒ මුග්ධභාවයේ සළුපිළි උනාගෙන ඔවුන් තව විරුවෙක් නිර්මාණය කරනු ඇති. ඒ විරුවා කර තබාගෙන, ඔහුගේ අධෝවාතයද අහෝ සුවඳැයි ප්‍රශස්ති ලියනු ඇත. අරගලයේ එවන් ජාතික විරුවන් දුසිම් ගණනින් බිහිවනු අපි දුටිමු. තව ටික දිනකින් පසුව දැන් විරුවන්ට අඳින තකතීරුවන්ටද ගෝටාට වූ දේම සිදුවනු ඇත. අපි ද අපේ තකතීරු මුග්ධත්වයේ සළුපිලි අන්දවන්නට තව අලුත් විරුවන් සොයනු ඇත.

    කෙසේ වුවත් ගෝටාබය රාජපක්ෂ නැමැති ඒ වයස්ගත මිනිසාට සතුටින් පිරුනු අනාගතයක් පතමි. විරුවකුගේ ඇඳුම් උනාලූ පසු දැනෙන සැහැල්ලුව ඔබ සනසාලනු ඇත. විරුවන් තනන චාරිකාවේ යෙදෙන ජනතාව නම් සදා පසුතැවෙනු ඇත. එය ලෝක ස්වභාවය විය යුතුය.

    ReplyDelete
  3. ලංකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට බලා සිටින ඉතාම සූක්ෂම ලාංකිකයෙක් සිටින බව මාතලන්ට අමතක වෙලා, ඇත්තටම ඒක තමයි එයාගේ අල්ටිමේට් ගෝල් එක. මන් හිතන්නේ බෝර්න් අගේන් සීන් එක නොහිතුව විදියට පත්තු වුණ එකෙන් ඒ වැඩේ එයා අවුරුදු දහයකට විතර කල් දාගත්තා. ඒත් මේ දවස්වල එංගලන්තයේ කරන වැඩ ඒ ප්‍රොජෙක්ට් එකේ ස්ටෙප්ස්, අන්තිමට ක්‍රිකට් ක්‍රීඩාව බිහිවුණ රටේම ක්‍රිකට්වල කෝච් වූණේ මෑන් නිකම්ම නෙවෙයි.

    ඉතාම සූක්ෂ්ම ලෙස සැලසුම්සහගතව වැඩ කරලා ටික කලකට පෙර එංගලන්තේ ගිහින් තනකොල කපලා, ඩිවිෂන් 4 ක්‍රිකට් ගහලා, ස්කයි ස්පෝර්ට්ස් එකේ කමෙන් ට්‍රී කරන්න අවශ්‍ය ඉඩකඩ හදාගෙන ඒකේ හොඳට සංවිධානය වෙලා පුහුණු වෙලා ලස්සනට ටෝක් කරලා ජෝරූට් ඊළග තෙන්දුල්කාර් කියලා ගැහුවේ ඔය මැච් එක.

    ඇත්තටම කුමාර් සංගක්කාර ලංකාව වගේ මෙලෝ වැඩකට නැති පොල් බූරුවන්ව කරතියාගෙන යන මීහරකුන්ගෙන් පිරුණ රටකට වන් ඔෆ් අ කයින්ඩ් මිනිහෙක්.

    මම මීට පෙරත් මේකේ කමෙන්ට් වල ලිව්වා වගේම මිනිහා තමයි ශර්ලොක් හෝම්ස් වල එන ස්ට්ට්‍රැටජිස්ට් මැතමැටීෂ්න් මහාචාර්ය මොරියාටි. බහුතරයකට හිතාගන්න බැරි තරමේ සෑහෙන ලොකු ලෝන්ග් ටර්ම් ගෝල්ස් හදාගෙන, ඒ වෙනුවෙන්ම නිදිනැතිව කැපවෙලා, ඒවා හරිම විස්මයජනක සහ ආශ්වාදනීය විදියට ඇචීව් කරන මිනිහෙක්. ඒකත් අද ඊයේ තිබුණු ප්ලෑන් එකක් නෙවෙයි. මිනිහා ක්‍රිකට් ගහන කාලෙම බ්‍රිටිෂ් ඇක්සන්ට් එක හදා ගනිද්දිම තිබුණු ප්ලෑන් එකක් බව පැහැදිලිවම පේනවා.

    එක අතකට ලංකාවේ ජනාධිපති වෙන්න ඕන සංගලා වගේ මිනිස්සු. මේ වතාවේ ලංකාවේ ජනපතිවරණය කවුරු දිනුවත් වැඩේ අවුල් යන බව පැහැදිලිව පෙනෙන නිසාම 2030 වෙද්දී හෝ බොහෝ දුරට ඊට කලින් පොර කරලියට ඒවි.

    ReplyDelete
  4. ගුඩු ගුඩු තෙයියන් - කොණ්ඩ පරෙයියන්
    අල්ලං අල්ලං
    ලොකු ලොකු ගොල්ලන්
    වෙනවා සල්ලං
    හොඳ හොඳ සෙල්ලං
    වෙනවා ළං ළං

    ReplyDelete
  5. ගෙම්බො ටිකක් එහෙට මෙහෙට ගියාට ඒකෙන් ජනාධිපතිවරණ ප්‍රතිපලයට වෙනසක් වෙන්න මේක පාර්ලිමේන්තු චන්දෙන් ආණ්ඩු හදන එකක් නෙමේනෙ..ජනාධිපතිවරනෙදි චන්දෙ දෙන්නෙ රටේ මිනිස්සු.. ඔය ගෙම්බන්ට කොච්චර චන්ද පදනමක් දැන් ඉතුරු වෙලා තියනවද කියලා හොයලා බලන්න වටින කාරණයක්. මමත් රනිල්ට චන්දෙ දෙන්න ඕනා කියලා හිතන් හිටියෙ.. ඒත් දැන් මේ යකාගෙ මේ බල ලෝබය සහ වියරුව දකිනකොට අප්පිරියයි සහ චන්දෙ නොදෙන්නත් තීරණය කළා..

    ReplyDelete
  6. මට හොදට මතකයි මම පොඩි කාලෙ එක සර් කෙනෙක් හිටියා නලීන් කියලා ... නිතරම මට වෙන වෙන ගුරුවරු ඉන්න තැන හින්ට් ගහනවා බලනවා ඇගේ හැටි ඉගෙන ගන්න පුළුවන්ද කිය කිය ඇත්තම කීවොත් ඒකත් හරි ඉතිං මං පන්තියේ අන්තිමයනි ඉස්සර පට්ට කෙට්ටුයි😁😁😁😁 ඒ නිසාම කිසිම sports එකකට මාව ගත්තෙ නෑ මිනිහා .....හැබැයි අද මම engineer කෙනෙක් වගේම මුළු නගරයක් දන්න ගණිත ගුරුවරයෙක් ඒ මනුස්සයා මට කරපු දේවල් නිසාම මමනම් කිසිම දරුවෙක්ට එහම බනින්නෙ නෑ........♥️♥️සමාජෙට හැදෙන්න පුළුවන් එකක් මේ♥️♥️

    ReplyDelete
  7. මාතා මෙහේ ශ්‍රී ලංකන් රෙස්ටූරන්ට් එකේදී ඊයෙ මට මුනගැහුනු ලාංකික යාලුවෙක් සුහද කතාබහක යෙදං අතරේම හදිසියේම හරි ලස්සන කතාවක් කිව්වා.

    ''මචං මිනිස්සුන්ට තියෙන්නෙ හරිම පුංචි ආසාවල්. ඒත් ඒවට කියන්නෙ ලොකු දේශපාලන තියරි. ඇත්තටම ලොකු දේශපාලන අභිලාෂ තියෙන මිනිස්සු ඉන්නෙ එකයි දෙන්නයි. අපි උපන් බිම වන ලංකාව වගේ පුංචි රටක මිනිස්සුන්ගෙ හීනත් පුංචියි.

    කරුණා අම්මාන් අරගෙන බලපං. මොකද කැපවීමෙන් දේශපාලනය කරපු නැති මනුස්සයෙක්ද? ලෝකෙ ලොකුම ත්‍රස්තවාදී සංවිධානයේ නායකයෙක්. අන්තිමට බැලුවම එයාගෙ ආසාව වෙලා තියෙන්නෙ චොක්ලට් ටිකකුයි, සිංහල ස්ත්‍රී yoනියකුයි. ඒකෙන් ඒ මනුස්සයා සංතෘප්තිමත්. ඒ වගේම තමයි සමහරුන්ගෙ ආසාව මයික් එකක්. මීඩියා වලට වොයිස් කට් දෙන්න පෝලිමේ ඉන්න හැටි බලපං. උන් බලන්නෙ උන්ට මයික් එකක් ලැබෙන දේශපාලන කන්ඩායමක්. තව එකෙකුට දවස ගානෙ බොන්න ටිකක් සෙට්වෙන විදිහක්. සමහරෙකුට ජීවිතේටම වැදගත්කමක් සමාජෙන් හම්බුවෙලා නෑ.

    මේ විදිහෙ පුංචි පුංචි ආසාවල් එකතු වෙලා තමයි ඔය මහා විප්ලව සිද්ද වෙන්නෙ. හරියටම මිනිහෙකුගේ පුංචි ආසාව තේරුම් ගත්තොත් ලේසියෙන්ම මිනිහාගෙ දේශපාලනය තෘප්තිමත් විදිහට අවසන් කරන්න පුළුවන්''

    හිතල බලන්න මේකේ සෑහෙන ගැඹුරු දේශපාලන දර්ශනයක් ගැබ්ව තියෙනව නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න