.

.

Jul 31, 2024

ජේම්ස් පැකර්, ධම්මික පෙරේරා, මහින්ද චින්තනය සහ සිහල බෞද්ධ බලවේගය


 ජේම්ස් පැකර්, ධම්මික පෙරේරා,

මහින්ද චින්තනය සහ

සිහල බෞද්ධ බලවේගය 

➖➖➖➖➖➖➖⭕➖


යුධ ජයග්‍රහණයෙන් පස්සේ රටේ දළ දේශීය නිශ්පාදනය 100% වැඩි කරපු මහින්ද මහත්තයා තමයි අද ඔය කොළඹ ඇස් දෙකට පේන මහා සංවර්ධනය ඇති කළේ. ඒවා අමතක වෙන්න නම් දේශපාලන කුහකයෝ වෙන්න ඕන.


හැබයි ඔය නෙළුම් කුළුණ තියෙන ඩී ආර් විජේවර්ධන පාර කැසිනෝ පුරවරයක් කරන්න, කැසිනෝ රජෙක් වෙච්චි ඔට්ටේලියාවේ ජේම්ස් පැකර් මෙහේ ආයෝජනය කරන්න ලෑස්ති වෙන කොටම.... මහා සංඝයාගෙන් ආපූ විරෝධතාවය හමුවේ ලොක්කා වැඩේ අකුලා ගත්තා. 


ඒ සූදූ කාරයොන්ට මෙහේ එන්න දෙන්න බැරියෙයි කියලා සි බෞ බලවේගයට බයේ.


එහෙම කලා නම් මේ ආර්ථික අර්බුධ ඇති වෙන්නේ නෑ කීයටවත්. දැන් ඔය ජෙප්පොත් කළු සල්ලි සුදු කරන්න ලෑස්ති වෙන්නේ.


හැබයි ඉතින් ධම්මිකටම වැඩේ ගෙඩිය පිටින් කර ගන්න දීලා... ලොක්කම ඒ වැඩේ කලාද කියන්නත් බැරි.. ලොක්කා එහෙමට බුවා නිසා... ලොක්කටත් වඩා බැසිල් අයියා එහෙම බුවා නිසා...


මේ රටේ ආර්ථිකය මේ බව සසරෙදි ගොඩ දාන්න නොදෙන කණ්ඩායම් දෙකක් ඉන්නවා.


1. සිහල බෞද්ධ බලවේගය -

මේකට අති ගෞරවනීය මහා සංඝ රත්නය, විමල් වීරවංශ, මංගොනාපිල වගේ බුවාලා මෙන්ම දිලිත් ජයවීර හා මෑතක ඉඳන් නාමල් රාජපක්ෂත් අයිතියි. එයාලා "ජාතික සම්පත්" කියලා පාඩු ලබන බංකොලොත් ආයතන විකුණගෙන කන්න එපා කියන්නේ ඒවට තියෙන ආදරයකට නෙමෙයි... එයාලගෙ අයව ඒවට දාගෙන පරම්පරා ගානකට හම්බ කරගෙන කන්න පුලුවන් නිසා.


2. ජවිපේ

එයාලා හැම එකටම විරුද්ධයි... හැබයි ඒකම එයාලා කලාට කිසි අවුලක් නෑ....


කෙසේ හෝ අර මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි උන්නැහේ වගේම... කාදිනල් ඕමල්පේ සෝභිත උන්නාන්සේ කියනවා වගේ... සිහල බෞද්ධ බලවේගය දැන් නැතිය, සිහල බෞද්ධ බලවේගය කියන්නේ සෙලවෙන මනසය වගේ හැඟීමක් පොහොට්ටුවේ දේශපාලන බල මණ්ඩලය වෙන.... රාජපක්ෂ පවුලටත් අවබෝධ වෙලා වගේ.


නැත්නම් සූදූ කෙලින කැසිනෝ රජා වෙච්චි ධම්මික පෙරේරා.... එයාලගෙ ජනාධිපති අපේක්ෂකයා කරයිද අප්පා....


අන්‌තෝ ජටා බහි ජටා 

ජටාය ජටිතා පජා

තං තං ගෝතම පුච්‌ඡාමි 

කෝ ඉමං විජටයේ ජටන්‌ති 


“පෝට්ටුව ඇතුළෙ තියෙන්නෙ අවුලක්. 

පිට තියෙන්නෙත් අවුලක්. 

මේ සත්ව ප්‍රජාව, අවුලෙන් අවුල් වෙලයි ඉන්නෙ. 

පින්වත් ගෞතමයන් වහන්ස, 

මං ඔබ වහන්සේගෙන් විමසන්න කැමතියි, ඇත්තෙන්ම මේ අවුල ලිහාගන්නෙ කවුද?”


.

14 comments:

  1. ධම්මික පෙරේරා කියන්නෙ ඊයෙ රෑට කාපු බත් පිගානෙ තිබුන ඇට ගානත් ඇහුවොත් කියන්න පුළුවන් පොරක්.. පොර, අත ලෙවකන්න මී කඩයි කියලා රනිල් සහ ගෙබි රැල හිතන් ඉන්නවනම් ඒක ලොකු මුලාවක්...

    ReplyDelete
  2. මාතේ ලංකාවටත් ඒ වගේම ලංකාවේ විශාලතම විදේශ විනිමය සපයන මැදපෙරදිග කලාපයේ ආර්ථිකයට බලපාන අතිශය තීරණාත්මක පැය කිහිපයක් තමයි ගෙවෙන්නේ.

    මීට පැය කිහිපයකට කලින් ඉරානයේදී හමාස් සංවිධානයේ දේශපාලන ප්‍රධානියා මිසයිල ප්‍රහාරයකින් ඝාතනය වුනා කියලා ඉරානය වාර්තා කරනවා.ඊට ටික වෙලාවකට කලින් ඊශ්‍රායලය ලෙබනනයේ අගනුවර ඉලක්ක කර ගනිමින් ප්‍රභල ගුවන් ප්‍රහාරයක් එල්ල කරනවා.ඒකේ ඉලක්කය වෙන්නේ හිස්බුල්ලා සංවිධානයේ අණ දෙන ප්‍රධානියා.ඔහු හිස්බුල්ලා නායකයාගේ දකුනු අත විදියට හදුන්නපු කෙනෙක්.ඔහු මිය ගියාද නැද්ද කියන එක තවම තහවුරු වෙලා නෑ.

    හමාස් සංවිධානයේ දේශපාලන නායකයා ඝාතනය කලේ ඊශ්‍රායලය කියලා ඉරානය මේ වෙද්දි චෝදනා එල්ල කරනවා.ඊට දරුණු ප්‍රතිවිපාක වලට අනිවාර්යයෙන් ඊශ්‍රායලයට මුහුණ දෙන්න වේඉ කියලා ඉරාන නායකයා නිවේදනයක් දැනටම නිකුත් කරලා.

    පහුගිය කාලේ පුරාම ගාසා තීරයේ යුද්ධයේ සාමය වෙනුවෙන් ධනාත්මක සාකච්ඡා වල නිරත වෙලා හිටියේ.ඒ අවසන් සාකච්ඡා මේ පැවැත්වෙමින් තිබුනේ.ඔහු ඝාතනයෙන් පෙනී යන්නේ ගාසා යුද්ධය නතර කිරීමේ උනන්දුවක් ඊශ්‍රායල අගමැති නෙතන්‍යායුට නැති බවයි.

    හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ වැඩි බලයක් අත්කරගෙන තිබුනත් ලෙබනනය යනු ස්වාධීන රාජ්‍යයක් නිසා එවන් රටක අගනුවරට ප්‍රහාරයක් එල්ල කිරීම සියලු ජාත්‍යන්තර නීති උල්ලංඝනයක් බව මේ වෙද්දි රටවල් රැසක් නිවේදනය කරනවා.

    හිස්බුල්ලා සංවිධානය පහුගිය දවස් වල පැවසුවේ ලෙබනනයට එල්ල වෙන ඕනම ප්‍රහාරයකට තමන් ඊශ්‍රායලයේ වරායන් ඇතුලු ආර්ථික ඉලක්ක වෙත ප්‍රභල ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.මේ වෙද්දීත් ඔවුන් ඉරාන මිසයිල හා රුසියානු මිසයිල ආරක්ෂක පද්ධති ස්ථාපනය කරමින් ඉන්නවා කියලා ජාත්‍යන්තර නාලිකා සදහන් කරනවා.

    මේ වෙද්දි ඉරානය හිස්බුල්ලා සංවිධානය යේමන හූති කැරලිකරුවන් ඉරාක සටන් කරුවන්,සිරියානු කැරලි බලකායන් වගේ පෙරමුණු රැසක් ඊශ්‍රායලය එක්ක යුද්ධයකට සූදානම් වෙනවා.මෙවන් තත්වයකට ඊශ්‍රායලයට කිසිදු අයුරකින් මුහුණ දෙන්න හැකියාවක් නෑ කියල යුද විශ්ලේෂකයන් සදහන් කරනවා.

    මීට මාස කිහිපයකට පෙර ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරපු අවස්ථාවේ ඇමරිකාව සහ බ්‍රිතානයේ සහය මත ඒවා ව්‍යාප්ත කරන්න ඊශ්‍රායලය සමත් උනා.නමුත් ඉහත පෙරමුණු රැසක් ප්‍රහාර එල්ල කලහොත් බටහිර රටවල් ඊශ්‍රායලයට සහයෝගයක් ලබා දේවිද කියලා සැකයක් තියෙනවා.මොකද එවන් සහයක් ලබා දුන්නොත් ඉරාකයේ සිරියාවේ ඇති ඇමරිකානු ඉලක්ක වලට තමන් ප්‍රහාර එල්ල කරනවා කියලා ඉරානය හා හිස්බුල්ලා සංවිධානය දැනටම අනතුරු අගවලා හමාරයි.

    අලුත් වෙන තොරතුරු එක්ක ආපහු අප්ඩේට් එකක් දෙන්නම්.

    ReplyDelete
  3. රුසියාව සහ ඉන්දියාව එකතුව මත්තල ගුවන්තොටපල ලබා ගැනීම කලාපය විශාල අවදානමකින් බේරාගත් හොඳ Strategic පියවරක්. මොකද NATO එක මේ කලාපයේ පයගහන්න වියරුවෙන් මෙන් තැන් සොයමින් ඉන්නවා.

    ජනාධිපති පුටින් වියට්නාම් සංචාරයේදී කල කතාවල ප්‍රධාන මාතෘකාවක් වුනේ නේටෝව මේ කලාපයට වේගයෙන් අවතීරණ වෙමින් සිටීමේ අවදානම පිලිබඳවයි.
    මේ අනුව කලාපයේ රුසියාවේ ප්‍රධානම මිලිටරි සහ ආරක්ෂක උපායමාර්ගික සහයෝගිතා කරුවා වන ඉන්දියාව එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය ඇතුලු බටහිර කෑම්ප් එක එක්කත් හිතවත් නිසා ලංකාවට එරෙහිව පවතින බලපෑම් අඩු කරගන්න පුළුවන් වෙයි නැත්නං වෙන්නේ ඇපල් සමාගම ෆ්ලිප් ෆෝන් හදන්න සැලසුම් කරලා වෙච්ච දේ තමයි තවමත් සමහරු iPhone16 සීරීස් එකේ ෆ්ලිප් ෆෝන් එකක් රිලීස් කරනවා කිව්වට මම නම් හිතන්නේ නෑ ඇපල් Flip එකක් ගහයි කියලා, ඒහෙම උනොත් උන්ගේ Market එක කැඩෙනවා Main series එකේ, Apple කියන්නේ Innovative Company එකක් නෙමී ස්ටීව් හිටියනම් ලෝකෙම හොල්ලන්න තිබ්බා දැන් එන්න එන්න Samsung Devices වලට මාරු වෙනවා මිනිස්සු. ගොඩක් උන්ට තෙරිලා තියෙන්නේ Apple කරන්නේ දැන් Cheap level Sell එකක් කියලා. Apple වලට තාම මිනිස්සු ඉන්නේ උන්ගේ Rules වලට මිනිස්සු Stuck කරගන්න උන්ට පුලුවන් උන නිසා.

    Type c එක දුන්නෙත් Europe Tech law එකෙන් නඩු කන්න වෙන නිසා Tech එක අතින් Samsung එක කොහොමත් ඉස්සරහින් ඉන්නේ. තාමත් ඇපල් වලට Displays Sell කරන්නේ බොහෝවිට Samsung සමාගම සහ ඇතැම්විට LG සමාගම

    Vertical Camera Design එකක් එනවා Apple වලට Samsung වල වගේ 16 series එකට එතකෝට දැනට වඩා Phone Size එක වැඩිවෙනවා

    Nvidia එක ඇපල් එක Pass කරෙත් ඔය Innovation නැති ගතිය නිසා ඉස්සර ඇපල් එක නෙමී දැන් ඉන්නේ කොටින්ම Macintosh ආවේ නැත්නම් අද It Industry එකත් නෑ සීට්ව් ජොබ්ස් නැත්නම් Mouse එකත් නෑ ඒත් දැන් 🤡

    ReplyDelete
  4. I'd prefer DP would be the best option compared to the other candidates contesting this Presidential election in Sri Lanka. All the other main stream candidates just bashing about only the traditional stale party politics on their respective stages. DP on the other hand is the only candidate who expressing and focusing about the exact root causes for the current economic downturn and social crisis which SL is facing at the moment. All the other candidates just promising good governance, ending curruption, bringing prospirity and so called catching thieves bulshit. . . etc. But non of those could be done for next hundred years if we don’t do the main thing that this person suggests.
    He has two major bottlenecks. Main thing is that if he won't get the party leadership, same disaster (what former president faced) will happen to him as well. In such situation, he won’t be able to diliver anything as the power of the parliment will be in another person’s hand.
    Second fact is, it could be extremely difficult to make the traditional voters understand his imagination and his vision. Also there is nobody else to support him in such specific task. That should be addressed.

    ReplyDelete
    Replies
    1. He is the only candidate who has understoid the root cause of todays all the problem of Sri Lanka ia facing which is lack of education. He is addressing it and empowering people with the education is the only solution Sri Lanka to come out of all these problems.. But the problem is presenr day majority is with less education and do not understand the value of esucation. So will the vote for a candidate who belive in eucation? They would still prefer to go with traditional cunning politicians who are addressing to the gallery.

      Delete
  5. එන එන තාලෙට ගහ උළුවස්සා කිව්වලු!

    ReplyDelete
  6. මාතලන් මොකද හිතන්නේ ලංකාවේ බහුතර රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවී රැකියා විරහිතව සිටින ලක්ෂ භාගයකටත් වැඩි උපාධිධාරීන් ගැන? පහුගිය වසර දහය තුල විශේෂයෙන්ම කලා උපාධිධාරීන් ඇතුලු වාණිජ සහ ඇතැම්විට විද්‍යා අංශවල පවා උපාධිය අරගෙන රැකියා නොමැතිව ගෙදරට නාකිවන අය වගේම දැනට රජයේ රැකියා නොමැතිකමින් පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් සහ වරප්‍රසාද අහිමි ඉතාම අසාර්ථක රැකියාවල් ඇතත් ඒ වෙනුවට ඉතාම ඉක්මනින්ම ගුරු පත්වීම් ඇතුලු රජයේ උපාධි පත්වීම් ආදිය බලාපොරොත්තුවෙන් දැනට අතෘප්තිකර ලෙස පෞද්ගලික අංශයේ කඹුරන උපාධිධාරීන් ජාතික ජන බලවේගය මාලිමාවට වගේම සජබ සජිත් ප්‍රේමදාස මහතාගෙනුත් මේ පිළිබඳව විසඳුම් බලාපොරොත්තු වෙනවා

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ කියනවා තමන් ජනාධිපති වුනහම රැකියා විරහිත උපාධිධාරීන් 50,000 කරට රජයේ ආයතනවල පත්වීම් ක්ෂණිකව ලබාදී මේ ගැටළුව සම්පූර්ණයෙන්ම විසදනවා කියලා.

    ඊට පෙර ජවිපෙ සම්බන්ධ වෙලා හදපු එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2005 වෙද්දී ලංකාවේ හිටපු රැකියා විරහිත උපාධිධාරීන් 60,000කට වඩා වැඩි විශාල පිරිසකට ජවිපෙ දේශපාලන බලපෑම මත 2014 වෙනකොට ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂට බැසිල් හරහා ලංකාවේ රැකියා විරහිත උපාධිධාරී කියන අගය 0 ටම ගෙනැවිත් තියන්න සිදුවුණා. එහි සියලුම ගෞරවය සම්පූර්ණයෙන්ම හිමිවිය යුත්තේ ජවිපෙටයි.

    එදා මොනවා වුනත් ආර්ථික සංවර්ධන නිළධාරී තනතුර ඇතිකර ගම්වල ඇට බෙදන්න කියපු තනතුරට හරි පින්බත් කකා ගෙදරට නාකිවුණ උපාධිධාරියා රාජ්‍ය සේවයට අනුයුක්ත කරලා රජයේ රස්සාව දුන්නා.

    නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිකම දරපු යහපාලන රජය කාලේ සහ ඒ වගේම මෝඩ අදහස් තිබුණ කලා කරලා වැඩක් නෑ කියලා උපාධිධාරීන්ට මූණටම කියපු තකතීරු නන්දසේන ජනාධිපතිලාගේ පාලනය යටතේ 2015 - 24 වෙනකොට නැවත 50,000කට වඩා වැඩි රැකියා විරහිත රජයේ සරසවිවල උපාධිධාරීන් පිරිසක් ඇතිවෙලා තියනවා.

    හැබැයි රජයට ගන්න ආර්ථික හැකියාවක් නෑ. ඒකාලේ ඇට බෙදන්න හරි ජවිපෙ බලපෑම මත ආර්ථික සංවර්ධන නිළධාරී කියලා තනතුරක් හදලා මහින්දගේ රජයට උපාධිධාරීන් ගන්න පුළුවන් වුණේ 2005 සිට 2014 දක්වා රජයට එවැනි බරක් දරන්න තරමට ආර්ථික හැකියාවක් පැවතුන හංදා.

    මහින්ද ජරාපස්ස රජය යටතේ පවා ජවිපෙට හැකියාවක් තිබුණා ක්‍රමානුකූලව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ රජයේ උපාධියක් තිබ්බත් අන්තිමටවත් පෞද්ගලික අංශයට කෙසේවත් රැකියාවට නොගන්න පිරිස රාජ්‍ය සේවයට ක්‍රමානුකූලව ඇතුලත් කරගෙන උපාධිධාරියා පාරේ කෑකෝ ගහගෙන රටටම වදයක් වෙන බෝඩ්ලෑලි උස්සගෙන සිටින තත්වය ජවිපෙ විසින් අවසාන කරලත් තිබ්බා.

    හැබැයි ඒ රිදම් එක රජයට නැති වුනේ තුන්වෙනි පාර මහින්ද ජනාධිපති වෙන්න බලලෝභීව දඟලපු වෙලේ ඒක පරාජය කිරීමට ජනතාව එකතු වුණාම මෝඩ මෛත්‍රීපාල ගමරාලයා ඉස්සරහට දාලා ඇමරිකාව ඉන්දියාව එක්ක ඩීල් දාපු රනිල් වික්‍රමසිංහ ගහපු ගේම හංදාම තමයි.

    එදා ඉදලා අපට කවදාවත් ලංකාව විදාහට 7% කට ආසන්න ආර්ථික වර්ධනයක් ගන්න ලැබුනේ නෑ

    ඒ හංදා අද ඇට බෙදන්න වත් රස්සා දියව් කීවට උපාධිධාරීන් බදවා ගෙන රැකියා විරහිත උපාධීධාරීන්,කියන මාතෘකාව රටෙන් ඉවත් කරන්න රජයට පුළුවන් වුනෙත් නෑ. ඉස්සරහට පුළුවන් වේවි ද? මගේ මතය ඒක කවදාවත්ම බෑ කියන එකයි (මුරලි), ඒක තමයි රනිල්ලා ලංකාවට කරලා තියෙන මහා පරිමාණ විනාශයේ තරම...!

    ReplyDelete
  7. බුකියට ජනාධිපති, අනුර කුමාර කයියනායක පින්ගොනාගේ තැරිදාර පුන්නක්කු මීහරක් වහල් ජෙපි මාලිමා රටගොන් පාක්ෂිකයාගේ වර්තමාන ලෝකය මෙසේය .😀😀

    මාළිමා කාඩරයේ සමහර ආතල් අතේ පත්තුවෙනවා.

    ඊයේ මාළිමා අපේක්ෂකයන් ඉන්ධන මිළ අඩුකරයි කියලා ඒකට ගැලපෙන පෝස්ට් එකක් හදලා කලිංම ෂෙයා කර කර හිටියා.

    මොකද ඉතාම මන්ද මානසික අදහස් දරන මාලිමාවේ වහලුන් වූ ඔවුන්, ලෝකයේ තීන්දු ගන්නේ පහුගිය මාසේ ඉන්ධන මිළ අඩුවැඩි වුනාද ලෝකයේ අනාගත සතියේ හැසිරීම කෙසේද කියා බලාවත් නොවේ.

    ඉතාමත්ම සරල අමු මරිමෝඩ විදියට හිතන මාලිමා වහලුන් ජනාධිපතිවරණය ලග හංදා තෙල් මිළ මේ මාසෙත් අඩුකරනවා කියලා හිතුවා 😀😀.

    අනුර හෙන ජනප්‍රිය වෙන බවත් තෙල් වල මිළ අඩු කරන්නේ අනුරගේ ජනප්‍රිය බවට බයේ බවත් කියන්න.

    හැබැයි උන් හිතපු විදියට ආන්ඩුව තෙල් මිළ සහ ගෑස් මිළඅඩු කරේ නෑ.

    ඒ හංදා මාලිමා වහල් මීහරක් හැත්ත ඒ වගේ පෝස්ට් දැම්මා වගේම වැඩේ කුජීත වෙනකොට සමහරු එලිවෙනකොට ගැලෙව්වා 😀😀

    මොලේ තියෙන අයට කියන්නම් මේ මාසයේ ලෝකයේ තෙල් මිළ ගලපන අයට ඒක කරනවනම් ඒක කරන්න වෙන්නේ ඉරාණය කුමක්ද කරන්නේ කියන තීන්දුව මත.

    ඛණිජ තෙල් සංස්ථාව සහ වෙනත් පෙට්‍රෝලියම් සමාගම් සහ පොදුවේ
    රටක් විදිහට ලංකාවේත් ඒක එහෙමයි නැතුව අනුරයා ගහන බයිලා වලට පොර මහපොළවේ නැතත් බුකියේ බොරුවට ජනප්‍රිය වෙලා කියන සිගිති ආතල් එකට නෙවේ.😀😀

    ඉරාණයේ ආධ්‍යාත්මික නායකයා අයතුල්ලා අල් කුමේනි විසින් ඊශ්‍රායලයට පහරදිය යුතු බවට ඉරාණ රජයට ප්‍රකාාශ කළා.🔥🔥🔥🔥

    ( එහෙම කරේ,ඇයි,කියනඑක ජාත්‍යන්තර පුවත්, පහුගිය දවස්,ටිකේ පරිශීලනය කරපු අය දන්නවා )

    ඉරාණය ඒ අනුව ඊශ්‍රායලයට පහර දුුන්නොත් මැදපෙරදිග කළාපයේ,
    අර්බුදයක් නිර්මාණය වෙනවා.

    එහෙම වුනොත් මැදපෙරදිග කලාපයේ ඇතිවන ගැටළුව එක්ක ඉන්ධන සැපයුම් අපේ ලංකාව වගේ රටවලට අඩාල වෙන්න පුළුවන්.

    මම ඉන්න එක්සත් අරාබි එමීරයත් (U.A.E) ඊයේ, මාසය අවසානයේ ඉන්ධන මිළ ගැලපුම කරේ නැත්තේ ඒකයි.

    හැබැයි ලංකාවේ මේ ජනාධිපතිවරණ කාලයේ

    🔴 ඉන්ධන මිළඅඩුකරොත් ඒ අනුරට බයේ (මාළිමා ගොන් ආතල් කාරයන්ට අනුව) 😀😀

    🔴 ඉන්ධන මිළවැඩි කලොත්, රජය ජනතාව හුරා කනවා (මාළිමාවේ අපේක්ෂාව තෙල් මිළවැඩිවී මිනිස්සු කුපිත වීම)

    ලෝකයේ වෙනස්වන තත්වයන් කිසිදාක පුරෝකථනය නොකර වේදිකාවල ගොන් ආතල් ගන්න මාළිමාවට බළය දෙන්න හිතනවනම්

    මේවගේ, මෝඩ පාක්ෂිකයන් එක්ක රටක් හදන්න බෑ.

    මේ ලංකාව ඔය දැනට තියෙන තැනිනුත් ආපහු තව අවුරුදු ගණනාවකට රට ආපස්සට තියෙන තැනිනුත් පහලටම යනවා

    එයාලට අනුව මේ ලංකාවේ දැං සිද්ධ වෙන සිද්ධ වෙන්න නියමිත සියළු දේ සිදුවෙන්නේ අනුර දිසානායකට බයේ.😀😀

    මං දන්නේ නැහැ ඉස්සර UNP එකේ හිටිය බුකියේ රටගොන් ආතල් දීපු මීගව සම්පත ඉස්සර රනිල් ගැන කිව්වේත් ඔය වගේ ගොන් කතා උං දැං මාළිමාවට බැදිලද මන්දා මෙච්චර ගොන් ආතල් දෙන්නේ, ඇත්තටම හිතාගන්න බෑ 😀😀

    ReplyDelete
  8. මහින්දයා කෑව ඉටපස්සෙ මයිත්‍රියා කෑව ඉටපස්සෙ ගෝටාබයෙක් කෑවා දැන් රනිල් කනව ඉලගට ලපයා කන්න හීන මවනවා😂😂😂😂😂😂අහ් තව ප්‍රේමදාස කාරයගෙ පුතා තලුමරනවා😂

    ReplyDelete
  9. දිනන්න හිතාගෙන ඉන්න සජිත් ප්‍රේමදාස රුවන් වැකි.. 👇👇👇

    " මට මගේ හැකියාව දක්ශතාවය දැනුම මිනුම බුද්ධිය ගැන සුපිරි විශ්වාසයක් තියෙනවා. මාත් එක්ක කාටවත් තරග කරන්න බෑ" 😂😂😂
    ( හැබැයි විවාදෙකට දින දුන්නම කලිසමේ චූ කක්කි දාගන්නවා) ඒවා පාක්ශිකයෝ ටික මාර සුවදයි කිය කිය පිහදානවා..

    "රෑට රෑට මම ඔබගේ කකුල් දෙක ලගට දාසයක් වගේ එනවා"" 😂😂😂

    "මට ඔක්ශිජන් ලැබෙන්නේ ඔබ තමුන්නාන්සේලා මැද්දේ ඉන්න්කොටයි මිත්‍රෝරුණි""😂😂😂
    (එහෙම කිව්ව එකා "කෝ මට ෆෑන් එක එන්නේ නෑ ඔතනින් අයින් වෙන්න" කියලා වටේ හිටපු මිනිස්සු පන්නනවා)

    "මම කවදාහරි මැරෙන්නෙත් ඔබ තමුන්නාසේලා සමග අත්වැල් බැදගෙනයි මිත්‍රෝරුණී" 😂😂😂

    කැශිනෝ කාරයෙන්ගෙන් සල්ලි අරන් ස්කෝල වලට කොම්පුටර් පහක් හයක් දීලා පහ වසරේ ළමුන්ට "මිත්‍රෝරුනී මම විවාද වලට බය නෑ" 😂😂😂
    කියලා නිර්ලජ්ජිත දේශපාලනයක් පාසලේ පොඩි දරුවෝ ඉදිරිපිට කරනවා..

    "උදේ පාන්දර ඔෆිස් එකට ඇවිල්ලා බොත්තමක් ඔබලා මිඩ් වයිෆ් වැඩට ආවද කියලා හොයන්න මම සිස්ටම් එකක් හදනවා මිත්‍රෝරුණි " 😂😂😂

    ඉතින් මේකා ගොනා නෙවේද පුතා..

    පුතානෝගේ ඔබ දන්නා තවත් රුවන් වැකි තිබේනම් කොමෙන්ට් කරන්න.

    ReplyDelete
  10. මේකත් සම්මත කරලා දෙන්න. රාජ්‍ය සේවය නිසා පිඩාවට පත්වන මහජනතාවට සහනයක් ලෙස රාජ්‍ය සේවකයා කරන වැරදි ගැන පැමිණිලි කිරීමට ලංකාවේ මානව හිමිකම් කොමිසම පිහිටවුවත් ඒම ආයතනයට රජයේ ආයතන නිති සංග්‍රහයේ ඇති දඩුවම් දිමේ බලය නිතියක් ලෙස එම කොමිසමට පාර්ලිමේන්තුවේ සම්මත කර ලබා දි නැත. දඩුවම් දිමේ බලය එම කොමිසමට ලබා දෙන්න. එවිට ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇතිවේ. කොමිසමත් බලවත් කල යුතුය. එතකොට රාජ්‍ය සේවකයන්ට, දේශපාලකයන්ට සහ මහජනතාවට බලය අයථා විදියට පාවිච්චි කරන්න බැහැ. වැරදි කරන නිලධාරීන් සරල ක්‍රමයකින් සේවයෙන් ඉවත් කල හැක. අපට අලුත් නිති අවශ්‍ය නැහැ. දේශපාලකයන්ට මේම මහජන පීඩාව ගැන හැගීමක් නැහැ.

    ReplyDelete
  11. මගෙ කතාවයි මේ මම 2018 සැප්තැම්බරයේ මගේ නව ව්‍යාපාරය වෘත්තීයට අමතරව පටන් ගත්තෙ මගෙ කලා + ඉංජිනේරු ආශාවල් එකට කැටි කරන් මිනිස්සුන්ට රස්සා දෙන්න සහ ලංකාවෙ skill එකත් Craft quality එකට eye calibration එක වැඩි කරවන්නත්, පොඩියට facility එක setup කරල මාස කීපයක් ඇතුළෙ tourism targeted items/ Suvieniors කරල හොඳටම set වුණා. පාස්කු බෝම්බෙට පස්සෙ මාස ගාණක් නැත්තටම නැති වුණා. ආයෙම lampshades traget කලා 2019 අඟ දවසින් දවස capacity එක මදි වෙන නිසා ආයෙම invest කලා තව machine කීපයකට 2020 මුලදි. නැවතත් කොරෝනා ව්‍යාප්තිය එක්ක ආර්ථිකය හිර වුණා. මිනිස්සු වියදම් සීමා කලා, current කැපුව. ව්‍යාපාරය අන්තයටම වැටුණ.

    ඒත් අපේ team එකයි customer base එකයි අපි රැකගත්ත.
    එදා මෙදාතුර වසර 6ක් අපි අඛණ්ඩව අපේ samples/ capabilities වැඩි කරගන්නව ඒත් 2018දි පටන් ගනිද්දි සීමිත දැනුම/ අත්දැකීම්/ portfolio එකට ලැබුණ අවස්ථාවත් ඒ වගේ 5 - 6 ගුණයක පුළුල් portfolio එකක් තිබිලත් අදටත් නෑ.

    බොහෝ නිර්මාණශීලී/ smart අය වැටුණ, අතෑරිය, working capital එක හිරවෙලා ලෝකෙට ණයකාරයො වුණා (අදටත්). සමහර අය අල්ලන් හිටිය අමාරුම කාලෙ. සමහර අය රටෙනුත් ගියා.

    ඇත්තටම අවස්ථා අහිමි වීමත් එක්ක ජීවිත ඉතාම අසීරු තැන්වලට තල්ලුවෙනව මිනිස්සුන්ගෙ, මිනිස්සු නන්නත්තාර වෙනව. Risk එකක් අරං අළුත් දේවල් අත් හදා බලන මිනිස්සු නන්නත්තාර වෙනව. ඒක රටක වෙන්න පුළුවන් දැවැන්ත ව්‍යසනයක්.

    ඒකාලෙ නිෂ්පාදනයක් ගැන නොසිතා import and distribution කල අයනම් ගොඩගියා හැබැයි., එහෙම රටක් මේක.

    ReplyDelete
  12. 2024 ජනාධිපතිවරණය මොකක් වෙයිද ?

    පේන විදිහට ප්‍රකා⁣ශිත වලංගු ඡන්ද ගාණ ආසන්නව ලක්ෂ 150 ක් වගේ වෙයි. 50% ගන්න නම් ලක්ෂ 75ක් ඕනේ. හැබැයි මේ පාර කවුරුත් 50% ගන්නේ නැති වෙයි.

    # දැනට ප්‍රදාන අපේක්ෂකයෝ 6 ක් පේන්න තියෙනවා.

    1) සජිත්
    2) රනිල්
    3) අනුර
    4) ධම්මික
    5) විජයදාස
    6) දිලිත්

    # මුලින්ම එක් එක් පක්ෂ වල අවම ප්‍රමාණ බලමු.

    * JVP අවම ඡන්ද ගාණක් ගත්තේ 2019 ජනාධිපතිවරණෙදි. ඒ ඡන්ද ලක්ෂ 5 ක්.
    * SJB අවම ඡන්ද ගත්තේ 2020 පාර්ලිමේන්තු මැතිවර⁣ණෙදි. ඒ ලක්ෂ 27 ක්.
    * UPFA අවම ඡන්ද ගත්තේ 2018 ප්‍රාදේශිය සභා එකේදි. ඒ ලක්ෂ 15 ක්.
    * UNP අවම ඡන්ද ගත්තේ 2020 පාර්ලිමේන්තු මැතිවරණෙදි. ඒ ලක්ෂ 2.5 ක්.

    මීට අමතරව,
    * 2018 ප්‍රාදේශීය සභා ඡන්දෙදි UNP එක ජනතා අප්‍රසාදයට පත්වෙලා ඉද්දි ලක්ෂ 36 ක් ගත්තා.
    * ශ්‍රීලනිප (පොහොට්ටුව ඇතුළත්) 2015 පාර්ලිමේන්තු ඡන්දෙදි ලක්ෂ 47 ක් ගත්තා.

    මේ දත්ත අනුව පක්ෂ වල මූලික ඡන්ද ප්‍රමාණ පෙළගැස්සුවම,

    UPFA = ලක්ෂ 15
    SLPP = ලක්ෂ 30
    SJB = ලක්ෂ 27
    UNP = ලක්ෂ 8
    JVP = ලක්ෂ 5
    TNA = ලක්ෂ 5

    එකතුව ලක්ෂ 90 යි. මීට අමතරව තව ලක්ෂ 60 තියනවා. ඒ ටිකෙන් ලක්ෂ 15 ක් අලුත් ඡන්ද. ඉතුරු ලක්ෂ 45 පාවෙන වෙනස්වෙන ඡන්ද කියලා හදුන්වන්න පුළුවන්.

    දැනට තියෙන තත්ත්වය අනුව,

    # රනිල්,

    * SLPP 75% ක් වගේ. (ලක්ෂ 22)
    * UPFA 20% ක් වගේ (ලක්ෂ 3)
    * UNP ලක්ෂ 8
    * SJB එකෙන් ලක්ෂ 2 වගේ එයි.
    * අලුත් ඡන්ද වලින් 20% (ලක්ෂ 3)
    * පාවෙන වෙනස්වෙන ඡන්ද වලින් 33% (ලක්ෂ 15)
    එකතුව = ලක්ෂ 53

    # සජිත්,

    * SJB ලක්ෂ 25 (2 ක් රනිල්ට දැම්මා.)
    * UPFA 20% වගේ (ලක්ෂ 3)
    * TNA 100% (ලක්ෂ 5) (සජිත්ට වාසි වෙන්න මේක දැම්මේ.
    * අලුත් ඡන්ද 20% (ලක්ෂ 3)
    * පාවෙන ඡන්ද 30% (ලක්ෂ 14)
    එකතුව = ලක්ෂ 50

    අනුර,

    * JVP ලක්ෂ 5
    * අලුත් ඡන්ද 60% (ලක්ෂ 9)
    * පාවෙන ඡන්ද 12% (ලක්ෂ 6)
    * UPFA ඡන්ද 20% (ලක්ෂ 3)
    * SLPP ඡන්ද 6% (ලක්ෂ 2)
    එකතුව = ලක්ෂ 25

    ධම්මික , දිලිත් , විජයදාස ලක්ෂ 22.

    සමහරතැන් වලදි ගණන් කරන්න පහසුවට වැටයීම් කලා. ඒ නිසා එකතුව අඩු ⁣වැඩි වීම්⁣ වෙන්න පුළුවන්.

    අවසාන ප්‍රතිශත විදිහට,

    රනිල් = 35.33%
    සජිත් = 33.33%
    අනුර = 16.66%
    වෙනත් = 14.66%

    මේක රනිල් බොසාට bias වෙන්න ඉඩක් තියනවා. එහෙම බලද්දි සජිත් තව පොඩ්ඩක් වැඩිවෙන්න පුළුවන්. අනුරගේ නම් වෙනසක් නැත. හැබැයි අන්තිම කාලේ වෙනකොට ධම්මික බොසාට රැල්ල ගහන්නත් පුළුවන්.

    ReplyDelete
  13. අයිසේ ළමාතං බංගලිදේශයේ අගමැතිනිය මහජන කැරල්ලකින් (ඊනියා අරගලයකින්) පලවා හැරලා නේද බං? අඩෝ බංගලිදේශයේ සිදුවෙන්නේත් ලංකාවේත් එක්සත් ජනපදය භාරතය යුරෝපීය සංගමය සමග සිය තානාපති කාර්යාල විසින් සිදුකල අරගලයේම කොපියක් බව ලෝකයටම දැන් මනාව පැහැදිලිව පේන්න තියෙන මොහොතක..
    ලංකාවේ සිදුකල අරගලයේ ජවනිකා ඒ අයුරින්ම බංගලිදේශයේත් කිසිදු වෙනසකින් ⁣තොරව සිදු වෙනවා හරි සංතෝසයි නේද?

    ලංකාවේ සිදුකල අරගලයේ මහමොලකරුවන් අතර රනිල් වික්‍රමසිංහත් ඉන්න බව පහුගිය කාලයේ බොහෝ අය බොහොම ප්‍රසිද්ධියේ කියනවා අපිට ඇහුණා..දැන් ජනාධිපති රනිල්ගේ උපදේශකයකු වී සිටින ආශු මාරසිංහ කියන ගෝතයා ගොල්ෆේස් අරගල බි⁣මේ කූඩාරම් දාහතක් ගහගෙන සිටි බව ඔහුම ප්‍රසිද්ධියේ කියා තිබුනා..
    අරග⁣ලයේ නියමුවෙකු වශයෙන් කටයුතු කල පැතුම් කර්නර් කියන බුකීගත ගොන් රිලවා දැන් ජනාධිපති රනිල් යටතේ කටයුතු කරන බවත් අසන්නට දකින්නට තියනවා..ගෝල්ෆේස් එකට බුරියානි සප්ලයි කල උන් රනිල්ගේ ගෝලබාලයන් බවත් ⁣රහසක් නෙවේ..

    බංගලිදේශයේත් ලංකාවෙත් කතාව සමාන බව කියන නිසා බංගලි⁣දේශයේ රනිල් කවුද? 😀..
    අනිවාර්යයෙන්ම එවැන්නෙකුත් සිටිය යුතුයි..

    ඒ උනත් දැන් ඒවා ප්‍රශ්න කිරීමේන් හෝ ඒවා ගැන සොයාබැලීමෙන් වැඩක් නෑ..

    ඒ අස්සේ අරගලයට ගහන්න කියලා ඇවිත් අරගලකරුවංගෙන් ගුටි කා බේරේ වැවේ දිය නෑ උනුත්,උන්ට ගුටිදී බේරේ වැවට තල්ලු කල උනුත් දැන් එක පොදියේ රනිල් වික්‍රමසිංහගේ වහල් සේවයේ කාර්යබහුල වෙලා..දෛවය උඹ හරිම අපූරුයි මචන්..😀

    ගෙවල්වලට ගිනි තැබූ උනුත් ගින්නෙන් ගෙවල් අහිමි වූ උනුත් දැන් එක වල්ලේ පොල් ගානට රනිල්ට කඩේ යනවා..

    කතාව සමාන නිසාම බොහෝ දුරට බංගලිදේශයේත් එහෙමම වෙයි..බංගලි රනිල් තව ටික දවසකින් එහේ අගමැති වෙයි.. එහේ වහල්ලු හැත්ත බුරුත්තම ලංකාවේ වහල්ලු වගේම "අපේ සෑර්ට තව පාරක් දීලා බලමු" කිය කිය බංගලි රනිල්ව කරේ තියාගනියි.. විපක්ෂ බලවේග පාලනය කරන්න එහේ තියෙන දැනට වඩාත්ම සක්‍රීයව පවතින වාමාංශික දේශපාලන ව්‍යාපාර/ පක්ෂයට ලිබරල් අතකොලු ටිකක් දාලා ලංකාවේ මාලිමාව කියන අටමගල ඇටෙව්වා වගේ එහේත් මාලිමාවක් වාමාංශික ලිබරල් රැඩිකල් එක එක ජාතියේ උන් ඉන්න කලවම් හොද්දක් හදලා ආණ්ඩු විරෝධී ජනමතය පාලනය කරන්න ඒක අතකොලුවක් විදියට යොදාගනීවී... 🤣😂😝

    හු|කෑම්ස්..අඩේ..හු|කෑම්ස්..

    හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ.. 🤣😅😂

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න