.

.

Jul 22, 2024

ඇයි, පිරිමි ක්‍රිකට් මැච් බලන්න යාලුවෝ එක්ක හරි.... බාර් වල හරි සෙට් වෙන්නේ?

 


ඇයි, පිරිමි ක්‍රිකට් මැච් බලන්න යාලුවෝ එක්ක හරි.... බාර් වල හරි සෙට් වෙන්නේ?

➖➖➖➖➖➖➖🔴➖


හාමිනේ:

කොහේද ඔහේ යන්න ලෑස්ති වෙන්නේ?


මිනිහා:

අද ෆයිනල් මැච්චෙක බලන්න


හාමිනේ: 

ඇයි තමුසෙට මාත් එක්ක ගෙදර ඉඳන් බලන්න බැරි? හැමදාම බොරු කිය කිය මාරු වෙන්නේ?


මිනිහා:

යාලුවෝ සෙට් එකත් එක්ක බලද්දි ආතල්


හාමිනේ: 

ඒ කියන්නේ තමුසෙට මං එක්ක බැලුවම ආතල් නෑ?


මිනිහා:

හරි... හරි... එහෙනම් දෙන්නා එක්ක බලමුකො... මළ වදේ....


හාමිනේ: 

ඇයි අර දෙන්නෙක් නිකන් ඉන්නේ


මිනිහා:

 ඒ දෙන්නා ප්‍රොටෙස්ට් එකක් වගේ


හාමිනේ: 

තමුසෙ බොරු නේ කියන්නේ... කොහොමද මේ එනවුන්ස් කරන අය ඔක්කොගෙම නම් දන්නේ?


මිනිහා:

නැත්නම් උන්ට රස්සාව නැති වෙනවා..

ඇයි ඕයි පේන්නේ නැද්ද...

අර ටී ෂේට් එකේ හංවඩු ගහලා තියෙන්නේ...


අම්මට හුඩු .... හයයි ..

පට්ට හුක් එක.


හාමිනේ: 

මොකක්ද හුක් එක කියන්නේ... ඊයා... තමුසෙ කුණුහබ්බයක් නේ කිව්වේ?


මිනිහා:

නෑ...  නෑ....  හුක් එකක් නෙමේ... හයක්... හයක්...


හාමිනේ: 

හරි... මොකක්ද එතකොට හුක් එකක් කිව්වේ...?


මිනිහා:

නෑ... ඒ වැරදිලා... ඒක ෂොට් එකක්...


හාමිනේ: 

මොකක්... ෂොට් එකක්... උන් ග්‍රවුන්ඩ් එකේ බොනවද?


මිනිහා:

නෑ.... නෑ..... පිස්සුද අනේ...?


හාමිනේ: 

බොරු කියන්න එපා...

එහෙනම් දැන් ටිකකට කලින් උන් බිව්වේ... ඕකුන් සිගරට් බීලත් මාට්ටු වුනා නේ... තමුසෙත් උන් වගේම පච කෙලිනවා නේ...?


මිනිහා:

නෑ නෑ.... එහෙම බොන්න බෑ ප්ලේ කරද්දි... ඒ ඉවර වෙලා රෑට බොන්නේ...


හාමිනේ: 

කෝ එතකොට ෂේන් වෝන්....

අර ලස්සන කොල්ලා..


මිනිහා:

උගේ මොන ලස්සනක්ද? පෙට්ටියක් වගේ... ඌ මලා..... මට පේන්න බෑ ඕකව....


හාමිනේ: 

මොකක්... ඌ මලා... අනේ ඒ මොනවා වෙලාද?


මිනිහා:

ඌ උගේ වයිෆ් එක්ක මේ වගේම මැච් එකක් බල බල ඉඳල...


ඉතින් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි හිතවතියනි.... එහෙමයි වලිය පටන් ගත්තේ... දැන් ෆයිනල් ඉවරවෙලා සතියක් ඉතර වෙනවා... වලිය තාම  යනවා.... දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් වගේ...


ඔබ සැමට සුභ රාත්‍රියක්....


🔹ෆුට්බෝල් ගැන සුද්දන් ලියූ එකක් මගේ එකක් වගේ.... අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්‍ය මාතලන් වන මා විසිනි...

.

2 comments:

  1. ලංකාවේ ක්‍රිකට්වල සහ පවුල් ජීවිතයේ සැබෑ ස්වරූපය ඔහොම තමයි බන් ඒ විතරක් නෙවෙයි ඉතිහාසය පුරාම ලංකාවේ කොනප්පු බන්ඩාරට (සෙංකඩගල විමළධර්මසුරියට) පරංගීන් වෛර බැන්දේ පෘතුගීසින්ගේ යටතේ ආරක්ෂා වී පෘතුගීසින්ව සහ ක්‍රිස්තියාණි ආගමද අතහැර මම සිංහලයෙන්මි බෞද්ධයෙක්මි කියා වෙන්වීම නිසායි

    ඒ සමග පරංගින් එදා ලංකාව යටත් කරගැනීමට කරන ලද වලිකෑම සහ ක්‍රිස්තියාණිකරණයට එරෙහි වීම නිසාය.

    ඉන්පසු එවැනි ආපසු හැරීමක් අපි දකින්නේ ගෝඨාභයගෙනි..

    රුවන්,වැළි සෑය ලග දිව්රුම් දෙමින් මම බෞද්ධයෙක්මි කීව මිනිසාට

    ඉන් හරියටම සතියකට පසු

    ගානියා බැරිස්ටර් පැහැර ගත්තා කියන නාටකයෙන්,ඇරඹී

    අරගලය නම් නාටකයෙන් අවසන් වනතුරු පහර වැදුනේ

    ඇමරිකන්,පුරවැසිභාවය අතහැර ඇමරිකන් කදවුරට එරෙහිව ගමනක්,යාමට පටන්,ගැනීම නිසාය.‼️

    ගෝඨාභය ජනාධිපති වීම සමග ඇමරිකාව බැසිල් රාජපක්ෂ හරහා රිපබ්ලිකන් ඇමරිකානු සමාගමක් ලංකාවේ LNG සැපයුමට බද්ධ නරන්න පැමිණීම ඩිමොක්‍රටික පාලක පක්ෂයට දිරවූයේම නැත.

    ඉන්දියාව අදානි හරහා කොළඔ වරායේ වටිනාම නැගෙනහිර ජැටිය අත්පත් කර ගන්න සැළසුම බැසිල් ලවා ගැහුවේය.

    ගෝඨාභය යටතේ ඒ දෙකම අසාර්ථක වීම සමග බීජේපී ඉන්දියාව සහ ඩිමොක්‍රටික ඇමරිකාව එකට ජෝඩු දමා එකතු වන්නේ එතැන සිටය.

    ඇමරිකාව සහ ඉන්දියාව බැසිල් ලවා ගෝඨාභයට රසායනික පොහොර සැපයීම ගැන කොන්දේසි දැම්මේය.

    ගෝඨාභය චීනය සමග කාබනික වගාවට යන්න තරම් දරුණු පියවරක් එයට එරෙහිව ගත්තේය ‼️

    එහෙත් ගෝඨාභයට වඩා ඇමරිකාව සහ ඉන්දියාව රාජ්‍යයන් සහ උන්ගේ ඉත්තන් වූ ලාංකික රජයේ නිළධාරී,ත්‍රන්ත්‍රය පාළනය කරමින්,තීන්දු වලට බලපෑම් කරන්නට තරමි ශක්තිමත් දැලක් හදාගෙන එදත්,අදත් සිටින්නේය.

    චීනයෙන්,ගෙන ආ කාබනික පොහොර නැව අසුචි පොහොර ලෙස ගොඩ බෑමට නොදෙන්න රාජ්‍ය නිළධාරීන්,හරහා කටයුතු,සිද්ධ විය.

    ඒ සමග බලල් අත් ගොවි සමිති හරහා සහ මාධ්‍ය ආයතන හරහා දැවැන්ත කෘෂිකර්ම බිද වැටීමක් පෙන්නුවේය.

    ඒ හරහා දියත් වුන වර්ජනද ආර්ථිකය සැළසුම් සහගතව වැටිටවීම තුළ පාලනය අවසාන කලේය.

    ඇමරිකන්,රාජ්‍ය දෙපාර්තමේන්තුව ගෝඨාභයට වෛර බැන්දේ පුරවැසිභව අත හැරීම සමගය. 🎈

    ඉන්දියාව ගෝඨාභයට වෛර බැන්දේ ගෝඨාභය සමග ඉන්දියන් ආර්ථික සැලැස්ම ලංකාවේ,ක්‍රියාත්මක කරන්න බැරි නිසාය.🎈

    ඇත්තටම ගෝඨාභය ඇමරිකන් පුරවැසිබව අත් හරින විට ඇමරිකාව සිතුවේ ගෝඨාභයගේ දරුවන්,ඇමරිකාව තුළ සිටින නිසාත් ඇමරිකන්,පුරවැසිභාවය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති බාධාව නිසාත් අයින් කරාට ගෝඨාභය ඇමරික් කදවුරට සහ ඉන්දියාවට ඉන්දු සාගර කලාපයේ,චීනයට එරෙහි බල ව්‍යාප්තවාදයට යොදා ගත හැකි යැයි ලෙසය.

    එය ගෝඨාභයගෙන් ඉටු,නොවුණි.‼️

    ඇත්ත වශයෙන්ම ගෝඨාභය නිර්මාණය කළ වියත් මග හරහා බිහිකළ පාර්ලිමේන්තු ආව සමහර උගතුන් සෘජුව සහ වක්‍රව ැද ඇමරිකන්,කදවඅරට වැඩ කරනවා දකින විට ඇමරිකව හැම තැනම ඔවුන්ගේ ඒජන්තයන් ගෝඨාභය පත් වීම සමග ස්ථාපිත කර තිබුනේය.

    ගෝඨාභය වසර දෙක හමාරක් ජල්ලි අල්ලලා තනි මිනිහෙක් ලෙස පරාද වුනේ

    ඇමරිකන් සහ ඉන්දියන් ව්‍යාපෘතියට එරෙහි සටනය. ‼️

    ගෝඨාභය දවසක තමන්ගේ හෘද සාක්ෂියට ඇත්තටම යටත්ව ( රාජපක්ෂ පවුලට නොවේ) පොතන් ලීවොත් මේවා අන්තර්ගත වෙනු ඇත.

    ඇමරිකාවට ඉන්දියාවට අවශ්‍ය ගමන ගෝඨාභය ගියා නම් අවම අද මහින්දලා බැසිල්ලා පෙන්වන ඇමරිකාවට ඉන්දියාවට කීකරු කම ගෝඨාභය පෙන්නුවානම්

    අදත් හත්වන ජනාධිපති ගෝඨාභයයි.

    ReplyDelete
  2. මාතා ඊයේ ලංකාවේ 2022 ගෝටාගෝ අරගලයේ ඉදිරිපෙළ නායකයකුව සිට එම අරගලය ජයගැනීමෙන් පසු හදිසියේම තම ජීවිතයෙන් සමුගෙන දැනට ඛණිජ ලවණ බවට පත්ව සිටින අප සමීප මිතුරු බුද්ධිගෙ උපන්දිනේ. බුද්ධි අන්තිමට උපන්දිනෙ සැමරුවේ 2022 අරගලයෙන් නන්දසේනව පන්නලා රනිල් ජනාධිපති වෙලා ත්‍රිවිධ හමුදාව යොදවලා ගෝල්ෆේස් එකට ආණ්ඩුව විසින් දැඩිලෙස ගෝල්ෆේස් එකට අභානුෂික විදියට ගහපු දවසේ. ඒ නිසා ඒ උපන්දිනය අති විශේෂයි.

    බුද්ධි කියන්නෙ අපි හැමෝම එක්ක හොඳට 'ජිවත් වෙච්ච' මනුස්සයෙක්. අපි බොහොදෙනෙක් ආස කරපු ජිවිතේ ඇතුලෙ යම්කිසි කාලයක් ජිවත් වෙච්ච මනුස්සයෙක්. අරගලට පෙර අතේ සතේ නැතුව කැමරාවයි, ලෙන්ස් දෙකයි, රෙදි ටිකකුයි බෑග් එකෙ දාගෙන බයිසිකලෙන් රට වටේ ඇවිද්ද මනුස්සයෙක්. කඳු බඩගාපු මනුස්සයෙක්. මහන්සි හිතුනම හන්දියක් අයිනේ සිගරට් එකක් ජොයින්ට් එකක් ගහන ගමන් පොටො එකක් ගහලා ආයෙ ඇවිදපු මනුස්සයෙක්.

    බුද්ධි කියන්නෙ උපන් බිමට ණය ගෙවන්න උත්සාහ කරනු ලැබූ මනුස්සයෙක්. හුස්ම ගත්තු මහපොලොවට හැදිල වැඩුණ රටට ණය නැහැයි කියලා හිතාගෙන හිටිය මනුස්සයෙක්. තමන් ගැන වගේම තමන්ගේ දේශපාලන කඳවුරේ අනිත් අය ගැනත් ටිකක් හිතපු එකෙක්. අවසාන තිරණය නම් ආත්මාර්ථය පිණිස තමන් ගැන ගත්තු හිතුවක්කාරයෙක්. උද්දච්ච මනුස්සයෙක්.

    බුද්ධිට තිබුණා අරමුණක්. මන් දන්න ඇසුරු කරපු බුද්ධි ජිවත් වුනේ ඒ වෙනුවෙන්. බුද්ධි එම අරමුණ ඇතුලෙ බොහො දේවල් කරා. බුද්ධි සතුටු වුනේ ඒ දේවල් වලින්.

    බුද්ධි යන්න ගියා. අපි ජීවත් වෙනවා හැබැයි ජිවත් වෙලා ඉන්නකම් කතා කරන්න දේවල් බුද්ධි ඉතුරු කලා. අවුරුද්දකට වතාවක් හරි බුද්ධි ගැන ලියවෙන්නේ ඒවා.

    ඒ කියන්නෙ බුද්ධි මැරිලා නැ. බුද්ධි ජීවත් වෙනවා. මැරුණෙ බුද්ධි කියන භෞතික ශරීරය විතරයි. ඒත් බුද්ධිගෙ අරමුණ අදහස අපි ජීවත් වෙලා ඉන්නකම් වගෙම ඉන් පස්සෙනුත් ජීවත් වෙයි. ඇත්ත. සමහර මිනිස්සු මැරෙන්නෙ නැ. අඩුම තරමේ බුද්ධි සහ ඒ වගේම අවාසනාවන්ත තරුණ තරුණියන්ව යොදාගෙන තමන්ගේ අරමුණු ඉටුකර ගත්ත රනිල් වික්‍රමසිංහ වගේ අය ඔවුන් සහ ඔවුන්ගේ හිතවතුන් වෙනුවෙන් මීට වඩා විශාල සේවාවක් ලබා දිය යුතුමයි විශේෂයෙන්ම රජයේ බදු මුදල් වලින් වත් ඔවුන් වෙනුවෙන්ම විශාල මුදලක් වැය කී යුතුයි අරගලයට දිවි පරදුවට තබා ඉදිරියට ආපු ඒ තරුණ පරපුර ගැන මීට වඩා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මාලිමාව මීට වඩා කැපවීමෙන් සුබසාධනයක් දියත් කිරීම අත්‍යවශ්‍ය බව කියන්න ඕනේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න