.

.

Mar 29, 2024

ඇත්තේ චොයිස් දෙකකි....... මිලේච්ඡත්වයද , ප්‍රජාතන්ත්‍රවාදයද?



 ඇත්තේ චොයිස් දෙකකි.......

මිලේච්ඡත්වයද , ප්‍රජාතන්ත්‍රවාදයද?

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ජනාධිපති අපේක්ෂකයා තමන් බව රනිල් විසින්... පසුපාදයේ ක්‍රීඩා කිරීමට එකඟ වූ බැසිලස් විත් සෙවන් බ්‍රේන් හට පැවසූ බවට කනින් කොනින් ආරංචි ලැබෙන්නේය... රනිල්ගේ බවුන්සර්, නෝ බෝල් හා වයිඩ් බෝල් හමුවේ... බැසිල් ලොක්කා පසු පාදයේ ක්‍රීඩා කිරීමට තීරණය කළ බව... විජේරාමේ මීටිමටත් කලින් කිව්වේ මාතලන් පමණමය.


රට්ටුන්ට පේන්නට රාජපක්ෂ පවුල මාර එක්සත් එකමුතු ක්‍රීඩා සමාජයක්‍ යැයි යැයි කිව්වාට... මණ්ඩලේ ෆුල් කචල්‍ය... දැන් මහින්ද රාජපක්ෂ පවුලේ ගෘහ මූලිකයා...  මහින්ද රාජපක්ෂ නොව... ශිරන්ති මැඩම් බව ඝෝඨාගෙ ප්‍රයිවට් සැකට්‍රි සුගීෂ්වරට කලින් අපි නම් දැනගෙන උන්නේය... එයාලා ඒවා දැනගෙන තියෙන්නේ දැන්‍ය.... ඒ... මහින්දව යෝගී කරන්නට ගොස් ලෙඩෙක් කළ දිනයේ සිටය. වයසට ගොස් යෝගී කරන්නට ගිය හැම එකාටම අත්වූයේ ඔය ඉරණමමය...


මැයි 9 වනදා බයියෝ ඉල්ලගෙන කෑවේ... ශිරන්ති හා යෝෂිතගේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලාය... ඇත්තටම දෙන්නාගේ ප්ලෑන් එක වුනේ ගෝටා එලවා දැමීම වුනත්, පුප චූන් වෙච්චි බයියෝ... ගෝල්ෆේස් අරගලයට නෙලන්න ගොස්... ජෙප්පන්ගේ හෙල්මට් බලකායෙන් දීපව්‍යාප්තව පුප නැති වෙන්නම කෑවේය.


සිරස, සාලිය පීරිස්, ක්‍රිස්තියානී හා මුස්ලිම් පල්ලිය, අරගලයේ උන් විදෙස් බලවේග යන සියල්ලන්ගේ ආශීර්වාදයෙන් එකතු වී.... ජෙප්පන්ගේ හෙල්මට් බලකාය හා කැම්පස් වැද්දාගේ මැර හමුදාව ලවා... (මුන්ගේ පිරිස්, හමුදාව හා පොලීසිය තුලද සිටින්නේය) ජූලී 9 වනදා සෙට් වී උන්නේ... රාජපක්ෂ පවුලේ සියල්ලෝත්..., පෝට්ටුවේ බිග් ෂොට් මෙන්ම... හමුදාවේ හා පොලීසියේ ටාගට් සියල්ලම.... ස්වර්ගස්ත කොට.... දේපල සියල්ල කොල්ලකෑමටය.


මේ සැලසුම පිළිබඳව ඊට පෙර මනූෂ නානායක්කාර විසින්... සවිස්තරාත්මකව පාර්ලිමේන්තුවේදී හෙලි කොට අනතුරු ඇඟවීමක් කලද... ඒ පිළිබඳව කිසිවකු තැකීමක් නොකලත්.... රනිල් වික්‍රමසිංහ දැණුවත්ව තිබීම කලින් සඳහන් කළ උන්ගේ වාසනාවක් විය. එහෙත් උන්දැගේ නිවස බේරා ගැන්මට නොහැකි වූයේ මුල්ම ටාගට් එක එය වී තිබීම නිසාය. 


රනිල්ගේ නිවසේ... ටොයිලට් සියල්ල කුඩු කර තිබීමෙන්... එය ජවිපේ ගේමක්ම බව ඉතා පැහැදිලි වූ අතර..., ටොයිලට් වලවල්, වැසිකිලි, අශූචී සහ ගූ සමඟ ජෙප්පන්ට ඇත්තේ ආත්මීය බැඳීමකීය. ටොයිලට් වලක් කඩාගෙන කෑම ගැන පක්ෂයේ සුප්‍රීම් නායක... ටිල්වින් සිල්වා සඕදරයා පවා නිතරම පවසන්නේ... ඒ බව තහවුරු කිරීම සඳහා මෙන්ම වහලුන් වෙත සිහිකැඳවීමක් ලෙසය.


මේ මිලේච්ඡ සමූහ ඝාතනය හා මංකොල්ලය සඳහා මොරි මාඩ අම්බරු ජනතාවගේද උපරීම සහාය ලැබෙනුයේ... ඒ වැඩේ කලහොත් එම ධනයෙන්.... මේ රට ගොඩ ගත හැකි යැයි යන අන්ධභූත මුග්ධ විශ්වාසයක් හා මිත්‍යාවක්... ජෙප්පන් විසින්... මෙරට නොව, රට රටවල පවා වපුරමින් යන පචය... රීගන්න බැරි තරමටම ගිලලා අහවර නිසාය.


ඒ නිසා.... එදා කරන්නට බැරි වූ ඒ මහා ලේ වැගිරීම, පලිගැනීම හා මංකොල්ලය ඉටු කර ගන්නට යන්නේ.... ජනාධිපතිවරණයෙන් නීත්‍යානූකූලවම බලය ලබාගෙනය. උන් බලයට පැමිණ කිරීමට යන ඒවා.... දැන් දැන් එකින් එක එලියට එන්නේ....  දැන් මොවුන් බලයෙන් මත්ව ගිනිකන වැටී සිටිනා නිසාය.


ලාල් අයියා - ප්‍රතිවිප්ලවය මර්ධනයෙන් අවසන් කරන බවත්..., පින් හඳුනා - IMF එලවා දමන බවත්....,  උමා ඔයේ හිලා - දිනපු දා රෑම...කැබිනට් තීරණ වලින් රට පාලනේ කිරීම ආරම්බ කරන නිසා බත් කන්නේ බලාගෙන බවත් කියන්නේ.... බොරුවට නොවේය. මේ බවද... මාතලන් කලින් ලීවේය. ඒ මුන් බලයට පැමිණියහොත්... රටේ නීතිය, අධිකරණය, ව්‍යවස්ථාව, විධායකය යන සියල්ලම ජවිපේ දේශපාලන බල මණ්ඩලය බවය.


ඒ බව ටිල්වින් සිල්වාද ඊයේ පෙරේදා සනාත කළේ.... ජාතික ජන බලවේගය කියා ලබ්බක් ඇත්තේ නැති බවත්... ජාතික ජන බලවේගය කියන්නේ.... ජනතා විමුක්ති පෙරමුණනම බවත්... එහි ප්‍රතිපත්ති හා න්‍යායපත්‍රය ජවිපේ එකම බවත්...  ඔවුන්ගේ වාදය - මාක්ස්වාදයම පමණක්ම බවත් කියලාය.


අනුර කුමාරයා වැන්කූවර් ගං කබරුන්ගේ අත්පොලසන් හා විසිල් හඬ මැද්දේ කියා සිටින්නේ... එම සංහාරයෙන් පසු.... රටේ ජනතාව ..... සුද්දා මේ රටින් එලෙව්වාටත් වඩා ප්‍රීතී ප්‍රමෝදයට පත්වනු නොඅනුමාන බවය. (මෙවා ගැඹුරින් තේරුම් ගැනීමට තරම් සවිඥානික බුද්ධියක් රට පාලනය කරන උන්ට නොමැති වීම.... අම්බරු ජහමනයාගේ අවාසනාවකි.)


ජුනී 9 වනදා සිඳුවීමට ගිය ඒ මහා මිලේච්ඡ සමූහ ඝාතනයෙන් හා දැවැන්ත මංකොල්ලයෙන් රට බේරාගත්තේ රනිල් වික්‍රමසිංහ බව.... දැන් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතකය. බැරි වෙලා හෝ එදා පාර්ලිමේන්තුව ගිනි තැබුවේ වී නම්..., ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක කිරීම ඉතා පහසු කාරියක්ම වන්නේය. 


ඉදින් මේ නිර්ප්‍රභූ ග්‍රාමීය ළි මැඩි හැතිකරයට බළය ලැබුනොත් වෙන්නට යන දේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඇති... ඉන්ගිරිස් දන්නා උගත් මධ්‍යම පාන්තික රැඩිකල් වම්මුන් පවා රනිල් වෙත සහාය දැක්විම.... නිර්මාල් රංජිත් දේවසිරිලාගේ උදහසට ලක්ව ඇත්තේ ඒ නිසාමය.


ඉඳින් 56 අම්බරු බන්ඩාරනායකගේ රෙද්දේ විප්ලවයෙන් ගොඩ විත්.... රාජ්‍ය සේවය මෙන්ම රටේ සෑම අංශයක්ම විනාශයෙන් විනාශයට පත් කළ ප්‍රජාවේ එකෙක් වන.... මේ අනුන්ගෙන් ඉල්ලාගෙන කන... පට්ට ගෝත්‍රික.. ග්‍රාමිය ළිං මැඩි... හීනමාන රැකියා විරහිත නිර්ප්‍රභූ බයිලා චැම්පියන් කුමරෙකුට රට බාර දී... කියුබාවේ, වැනිසියුලාවේ, උතුරු කොරියාවේ වගේ ඉල්ලාගෙනම කනවාද.....


එසේ නොමැති නම්...  විල්බැරෝ පුරවා සල්ලි ගෙනගොස් පාන් ගෙඩියක් ගේන්න වෙනවා යැයි යැයි කියූ... ඩොලර් එක 600 ට යන්නේ යැයි යැයි කියූ... කුර හා අං සහිත හාල්පාරූ ලාංකීය ආර්ථික බක පන්ඩිතයින් නොව.... මුලු ලෝකයේම ආර්ථික උස්තාද්ලා හා ආයතන සියල්ල පවා හොල්මන් කරමින්...බංකොලොත් රාජ්‍යයක්.... මාස 18 තුල දී ..... උද්ධමනය ජනතාවට නොදැනෙන තරමටම අඩු කොට... විදෙස් සංචිත ඩොලර් බිලියන 4.4 ක් දක්වා වර්ධනය කළ දියසෙන් කුමරා වටා එක්වනවාද යන්න....


ආර්ථිකය පිළිබඳ මෙලෝ අලබෝලයක් නොදන්නා..... අම්බරු ජනතාවගේ තීරණයක් නොව... උන්ව දක්කාගෙන යන.... දක්ෂිනාංශික දේශපාලු හැතිකරයේ තීරණයක්ම බව ලියා... මේ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.

.

.

ඒ වගත් මෙසේය.....

.

5 comments:

  1. මෙම ලිපිය වසර 10 කට පමණ පෙර ලියන ලද්දකි, මා එවකට පලේරිය කන්ජි ජාමියතුල් ෆලාහ් (උත්තර ප්‍රදේශයේ දිස්ත්‍රික්කය) ආයතනයෙහි ධර්මය ඉගෙන ගැනීමේ හි යෙදී සිටියෙමි. එවිට මා ගෙදර ගියේ ඉද හිටය, මම ඉස්ලාමය වැළද ගැනීමට පෙර හින්දු ධාර්මිකයින් වූ අගර්වාල් නමි පවුගේ සාමාජිකවයක් වූයෙමි.කලින් මා පියා අපෙන් වියෝවීම නිසා වැඩිමල් සොහොයුරා භාරයේ මගේ කඩා අවධීය ගතවිය.

    ඉසලාමය පිළිබද ව මා හා වැඩිමල් සොහොයුරා ද එක ම ආකල්පයක් දැරැවෙමු, එහෙයින් ඔහු මට විරැදිධ නොවුයේය.හැකි පමණින් උදවි කළේය, එනමුත් මගේ මවට නමි මා ඉස්ලාමය වැළද ගැීම නුරැස්සන්නක් විය,ඒ සියල්ලට ම වඩා මා ඇය හැරදා බොහෝඈත පළාතක පිහිටි අධ්‍යාපනය ආයතනයෙකට යෑම ඇයට මහත් සේ වෙිදනා ගෙන දුන්නේය.

    මා ඉගෙනඉනවනවකනවනඉගෙනීගෙනීම ලබමින් සිටියදී ඉතා ෑත පුරදේශයකය, නමුත් ඉද හිටවත් ගෙදර යෑම පුරැද්දක් කොට ගත්තෙමි, මගේ දයාබර අමිමා ද මා ලද මෙි ඉස්ලාමිය දැනුම ලබා ගත යුතු යැයි මා ආශෘ කලෙමි. එහෙත් මෙම වැරදි මගින් මාව ගලවා ගත යුතු යැයි පැතුවාය, ඇය මා කෙරෙහි දැක් වු අසීමිත දරැ සෙනෙහස නිසා ම මගේ මෙි ක්රියාව හෙළා දුටුවාය, ඇය වෙිදනාවෙන් සිටින බව ඇත්තකි, එය ස්වාභාවික යි, එසේ වූව ද ඇයට ඉස්ලාමය කෙරෙහි පැහැදිළි දැනුමක් නොවීය.

    මුස්ලිමිවර‍ැන්ගේ ජීවිතයේ යමි යමි කොටස් ඉස්ලාමයට පටහැනිව තිබිමත්, ඉස්ලාමය පිළිබදව වැරදි අදහස් ඇති ව අන්‍යයන් කළකිරෙන අයුරින් ඔවුන‍ේග හැසිරීමි තිබිමත් නිසා ඇගේ සිතෙහි මුස්ලිමිවරැන් ගැන වැරදි හැගීමි තැන්පත් වන්නට ඇත, සමහරවිට අන් අය විසින් මෙවන් වැරදි හැගීමි ඇගේසිතට ඇතල් කෙරැවා විය හැකිය,ඒ පිළිබද ව ඔබ මෙම ලිපියෙන් මනාව අවබෝධ කරගනු ඇතැයි මම සිතමි,

    මම හැකි පමණින් ඇගේ මෙම හැගීමි වැරදි බව වටහා දීමට උත්සය කළෙමි, ඉස්ලාමිය ඉගැනිවිම් සමිබන්ධ ව කෙළිනුත්, සමහර අවස්ථාවන් හි ලිපි මගිනුත් වටහා දෙන්නට යෑයමි කළෙමි,

    අප පවුගේ සමිපුරධාය අනුව මා ඉපදුනු විට පවුගේ පඩිවරයා මාගේ අල්ල දෙස බලා මාගේ අනාගතය පිළීබද නොයේක අනාවැකි මව හට පවසා ඇත.

    එයින් එකක් නමි ඔබෙි මෙි පුතා පසුකලෙක ඔබගන් ඈත් වනනේය යන්නය, මෙයින් කැළඹීමට පත් වූ මව මා ඉස්ලාමය වැළද ගැනීමෙන් එම අනාවැකිය ඇත්ත වූ බව විශ්වාස කළාය,

    පඩිතුමා කී දේ වල ඇත්තක් ඇති බව උඹට පෙවනනවා නේද?යි ඇය විටින් විට මා ඉදිරියේම පැවසුවාය, ලිපි මගිනුත් ලියා එවිවාය,

    ඉස්ලාමයෙහි කිසිම විශේශත්වයක් හෝ සාර්ථකත්වයක් සිමහර විට නැහැ, යමි විශේශත්වයක් හෝ‍හෝ ා‍ෙසාර්ථකත්වයක් කෙරේ මගේ පුතා පැහැදුනු නිසා ඉස්ලාමය වැළද ගත්තේ නැහැ, අර මවිලානා සෙයියිද් හාමිද් (ජමාඅත් ඉස්ලාමි සංවධානයේ ලේඛමි තුමා) මොහුව නොමග යැවිවා, යන හැගීමි මගේ මවගේ සිතේ මුල් බැසගේන තිබිණී, මම මෙම ලිපියෙන් ඇගේ මෙවන් වැරදි අදහස් තුරන් කිරීමට උත්සහ කළ අතර ඇයට ඉස්ලාමය වැළද ගන්නා ලෙස ආරාධනා කර ඇත්තෙමි,



    ඇගේ වැරදි අදහස් තුරන්කොට ඇයත් ඉස්ලාමයේ හොද නමත් ආරක්ෂා කර ගැනීම මගේ එකම චෙිතනාවයි,

    ඒ සමග අන් අයත් මෙම සත්‍ය වූ මාර්ගය පිළිගෙන, දෙවියන්ගේ තෘප්තියත් ස්වර්ගයත් ලබා ගැනීමට තරමි භාග්‍යයවන්ත විය යුතුය යන්න ද, අපායේ වද වේදනාවලින් ඔවුන් මිදිය යුතුයි යන්න ද මගේ එකම අභිලාශයත්, උත්සාහයෙන් වෙයි,

    මෙම ලිපිය කියවිමෙන් පසු ඇගේ විරොධය ලිහිල් වූ බව ඇත්ත, එහෙත් තම මුල් ආගම අත්හැරීමට තරමි ධෛර්යක් ඈ තුළ පහළ නොවීය,

    මම ද මගේ උත්සහය අත් නොහෙළමි, ඇගේ හදවත සත්‍යය සදහා විවෘතකොට, සත්‍ය පිළිගැනීමේ සිතැහි බවක් ලබාදෙන මෙන් දෙවියන්ට යාක්ඥා කළෙමි.මෙි ලිපිය ලියා වසර තුනකට පමණ පසු අල්ලාහුගේ අනුග්රහයෙන් එවන් සිතක් ඇයට ඇති විය, ඇය ද සත්‍යයේ හඩට සිතට එකගව පිලිතුරැ දී ඉස්ලාමය ඇගේ ආගම කරගත්තාය, ඇය මුස්ලිමි කාන්තාවක් වූවාය,

    කලින් ඇය ගෙනගිය මුරණ්ඩු ක්රියා කලාපය ගැන අල්ලාහුගේන් සමාව ඇයදී සිටියාය, කොරේ නකකතනකතඅද ඇය සමිපූර්ණයෙන් ම ඉස්ලාමයට බැදී සිටියි, ඇය අල්කුර්ආනයේ හින්දි පරිවර්ථනය තෙවරක් ම සමිපූර්ණයෙන්ම කිය වූවාය, ඒ වෙනුනවන් අල්ලාහ්ට දහද් ව‍ාරයක් ස්තූති වන්ත වෙමි.

    පොදු ජන අව‍බෝධය මුල්කොට ‍ගෙන සත්‍ය වූ මාර්ගය පිළීබද මෙම ලිපිය පොත් පිංචයක් ලෙස පළකිරීමට‍ෙිාටයටට‍ොය අදහස් කළෙමි, සත්‍යයට ලැදී ජනතාව සමය කියවා ඵල නෙලානීයි මගේ යනු මගදකවසවකකනකවනමගේ හැගීමයි.

    අල්ලාහු ම‍ගේ මෙම හැගීම පිළිගනිත් වාවා!!!

    නසීමි කාජි පෙර – හේමිකුමාර් අගර්වාල්

    ReplyDelete
  2. ලංකාලේ ක්‍රිඩකයන් විතරක් නෙවෙයි ප්‍රේකශකයින් පවා දැන ගන්න ඕනි තමන්ගේ තත්වය තියන් ඉන්න , බංගලි උන් බෝධිසත්වවරු නෙවෙයිනේ අපේ උන් ගොන් පාට් දැම්මාම එකට එක නොකර ඉන්න , එක දිගට ලෝක ශුරතා දිනපු west indies ටීම් එක අද දක්ශතා අතර නැතත් වෙන රටවල් තාම රෙස්පෙක්ට් කරනවා , අපිට එහෙම ගරු කරන්නේ නෑ වෙන මොන රටක්වත් අපේ ප්‍රේක්ශකයින් පවා ඒ ගෞරවය නැතිවෙන මෝඩ විදිහට හැසිරෙන්නේ ඉන්දියාව පරදිනකම් බලන් ඉදලා , උන්ව නෝන්ඩි කරන්න coment කරලත් රටේ නම කනවා , ලෝන් ලන්කා ශිට් ලන්කා කියලා නම් බන්ගලියන්ගෙන් අහගන්න වෙලා තියෙන්නෙත් රෙස්පෙක්ට් පිට පැත්තකට වෙලා ඉන්නේ නැතුව රිටන් ගන්න යන ටොක්සික් දේශප්‍රේමී බයි ප්‍රේක්ශකයින්ට පින් සිද්ධ වෙන්නම තමා අපේ players ලත් t20 series එක දිනලා තනි ගොන් වැඩක් කලේ ,

    ReplyDelete
  3. මාතේ,

    මාලිමාව කියන්නේ විසඳුමක් නෙවෙයි ඇත්තටම ක්‍රමයේ වෙනසක් කියන්නේ ජනතාවට අවශ්‍ය පරදි රට කරවන්න ජනතාවට බලය ලැබීමකට මිසක්...
    ආයෙත් උන්ට ඕන විදිහට රට කරන්න උන්ට බලය දීමකට නොවෙයි...

    ඔය එන උන් එකෙක්වත් ඒක කරන්නේ නැහැ උන් ඔක්කොම උන්ට වාසි ප්‍රතිපත්ති හදාගෙන උඹලගේ කැමැත්ත ගන්නයි ඔය දගලන්නේ...

    ජනතාවට රාජ්‍ය ප්‍රතිපත්ති හදන්න ක්‍රමයක් දුන්නොත් උන්ට අවාසියි...

    ජනතාවට උන් දූෂිතයි අකාර්යක්ෂමයි කියලා හැගෙන වෙලාවට උන්ව අයින් කරන්න ක්‍රමයක් හැදුවොත් උන්ට අවාසියි...

    උන්ට දෙන වැටුප් වරදාන වරප්‍රසාද ගැන තීරණය කරන්න ජනතාවට බලයක් දුන්නොත් උන්ට අවාසියි...

    ඒ නිසා මේ රටේ ජනතාව පෙලගැසී මේ ප්‍රජාතන්ත්‍රවාදී බලය තමන්ට ලබා ගන්න ක්‍රමයක් හදන කම් මේ රටේ ඔය මොන පක්ෂයක් බලයට ආවත් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ නැහැ

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාව විසින් ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා ජනතාවගේ පාලන ක්‍රමයක් මිසක් ඔය විදිහට ජනතාව පාලනය කිරීම නොවෙයි.

    ReplyDelete
  4. ආවෙමි කියෙව්වෙමි - අදහස දැනගතිමි
    ඒ බැව් ලියා තැබුමට - සටහන් කරමි

    ReplyDelete
  5. මාතලන් අයියාගේ මේ පෝස්ට් එක දැක්කම මට දැනුනේ කළකිරීමක් ... දේශපාලනයේදී වුනත් පෙනුම මත අපහාස නොකල යුතුයි මොකද body shaming කියන්නේ මං ජීවිතේ අප්‍රසන්නම කරන දෙයක් ... ඒත් වැදගත්ම දේ ගොඩක් හැන්ඩ්සම් හෝ රූමත් කියලා අපි කියන මිනිස්සු තමන්ව වර්ණනා කරගෙන ස්වයං වින්දනයක් ගන්නේ නෑ, තමන් හරිම ලස්සනයි කියලා අනුන්ව පහත් කරනවා නං ඒ කෙනා අධිමාන්නෙන් පෙළෙන නූගත් කෙනෙක්.

    මගේ ex husband ඉගෙන ගත්තේ නැති කෙනෙක් ,සුව නොවන ලෙඩකට ජීවිත කාලෙම බෙහෙත් බොන කෙනෙක් ... දරුවෝ හදන්න බැරි කෙනෙක් ... ඒ සේරම හංගලා බොරු කියලා මාව කසාද බැන්දා ... ඊට පස්සේ නැන්දම්මා මතුරන්න ගත්තා මගේ පුතා වගේ කෙනෙක් ඔයාට හම්බෙන්නේ නෑ කියලා ... ඉතිං කණකර ඉල්ලලා ඉඩම් ලියලා ඉල්ලලා බැරිම තැන මට ex husband ගැහුවා අදටත් වම් අතින් බර උස්සන්න බෑ ස්නායු ප්‍රශ්නයක් වෙලා ඒ පහරදීම හින්දා .. කිසිම අඩුවක් නැති මට පුළුවන් තරම් අපහාස කලා නින්දා කළා ඒත් මං ගැන දන්නේ මං උන් නෙවෙයි හින්දා මං එහෙම මන්ද මානසික පව්ල කිසිම ප්‍රතිචාරයක් නොදීම අත්හැරලා දැම්මා, මගේ ආත්මගෞරවය වෙනුවෙන් .. මොකද මං මට ආදරෙයි ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න