.

.

Oct 29, 2023

තඹුත්තේගම අනුර කුමාර යැංකි ඩිකී වීම හමුවේ.... කිතලංගමුවේ නිර්මාල් දේවසිරිට මල පැනීම...

 



තඹුත්තේගම අනුර කුමාර යැංකි ඩිකී වීම හමුවේ....

කිතලංගමුවේ නිර්මාල් දේවසිරිට මල පැනීම...

➖➖➖➖➖➖➖➖➖➖➖➖🇺🇸🇺🇸🇺🇸🇺🇸


සමාජවාදී රුසියාව මොඩරේට් කළේ මිහායෙල් ගොර්බචොව්... සමාජවාදී චීනය මොඩරේට් කළේ ඩෙං ක්ෂියාඕපෙං... ඒ වගේම ජේවීපී එක මොඩරේට් කළේ අනුර කුමාර දිසානායක..


ඒකට හේතුවක් තියෙනවා... රෝහණ විජෙවීර ජවිපේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ආරම්බ කලාට... දේශපාලණය සුපිරි ව්‍යාපාරයක් බව ජෙප්පන්ට අවබෝධ කරලා දුන්නේ විමල් වීරවංශ... 


නමුත් කුළ ප්‍රශ්ණ හමුවේ... ටිල්වින් ප්‍රමුඛ දේශපාලන බල මණ්ඩලය... විමල් සහ සෝමවංශ එලවලා දාලා... අනුරගේ යටතේ... විමල් පෙන්නපු පාරේ යන්න පටන් ගන්නවා...


දැන් ඒක සුපිරි ව්‍යාපාරයක්... වමේ පක්ෂයක් ලංකාවේ ධනවත්ම පක්ෂය වෙනවා... ඇත්තටම මෙයාලට බලයට එන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ... ජේවීපී හෝ ජාජබේ බලයට එනවා කියලා හිතාන කවුරුන් හෝ අතින් කයිට් කරගෙන එයාලට කඩේ ගියා නම්.. එයාලා හරි පව්...


නමුත්...  සජිත් ප්‍රමුඛ විපක්ෂයේ ඉන්නේ ලෝකෙම හිනස්සන විහිළු කාරයෝ පිරිසක් නිසා... ජවිපේ එකම විකල්පය ලෙස මතුවෙලා තියෙනවා... 


දැන්... කවුරුත් කරපු අරගලයේ ක්‍රෙඩිට් එකත් එයාලා බලෙන්ම එයාලගෙ ගිණුමට බැර කරගෙන තියෙනවා... ඇත්තටම අරගලේ කරපු උන් නිශ්ශබ්දව ඉන්නවා... මොකෝ ඒක නීතිමය ගැටළු මතුවෙන්න පුලුවන් දෙයක් නිසා... 


ඒ විතරක් නෙමේ... රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පෙරලියත් එක්ක.. ඇමරිකාව වගේම ඉන්දියාවත් දැන් රනිල්ට එදිරිව ක්‍රියා කරන්න අරගෙන තියෙනවා...


 පොහොට්ටුවෙන් රනිල්ට එන තර්ජන  වගේම ජූලී චන්ග් සුදු නෝනා පැලවත්තටම ගොස් අනුර කුමාර මුණගැසීම හා ඊට විශල ප්‍රචාරණයක් ලබා දීම සිඳු වෙන්නේ ඒ අතරතුර... 


එපමණක් නෙමේ... චීන හිතවාදී රනිල්ට එදිරිව... බටහිර බලවේගවල දේශීය නියෝජනයන් සියල්ලම වගේ පැලවත්තට යවන්න ජූලී නෝනා සමත් වෙනවා...


රනිලුත් අරින්නේ නෑ... ඒ ඔක්කොම මැද්දේ චීන නැව කොළඹ වරායට එන්නේ ඒ නිසා... මේක එච්චර නැගලා යන්නේ නැත්තේ... ඇමරිකාව ඊශ්‍රායලයේ යුද්ධයට කෙලින්ම සම්බන්ධ නිසා... 


ඒ යුද්ධය පවතින කාළය හා පරිමාව අනුව මෙහේට සිඳුවන ගෝලිය දේශපාලන ඇඟිලි ගැසීම් පමාවේවී...


කෙසේ වෙතත් ලංකාවේ ඇමරිකානූ නියෝජිතයින් ලෙස ජාජබය තෝරාගෙන අවසන්.. අපට ලැබෙන තොරතුරු අනුව තඹුත්තේගම අනුරට ඇමරිකාණු රජයේ පූර්ණ අනුග්‍රහය මේ චාරිකාවෙදි ලැබෙනවා...


මේක විප්ලවවාදී ඩයිහාඩ් වම්මුන්ට දිරවා ගන්න බැරි බව අවන්ත ආටිගලගේ කාටුන් වලින් හා... කිතලංගමුවේ නිර්මාල් දේවසිරිගේ ෆේස්බුක් වෝල් එකෙන් පේනවා... මොකෝ ඔවුන් දෙදෙනාම ඇමරිකාණු හා අධිරාජ්‍ය විරෝධී කඳවුරේ අය වීම...


මීට පස්සේ මැයි රැලිවලදි... දෑකත්තයි මිටියයි වගේම... කාල් මාක්ස්ලා ලෙනින්ලා ට්‍රොට්ස්කිලා  ස්ටාලින්ලා වෙනුවට ජූලී නෝනා ඇමරිකන් කොඩියක් අරගෙන යන්නත් ඉඩ තියෙනවා....


හැබයි ඉතින් 2015 රනිල් වික්‍රමසිංහ යටතේ පාරම්පරික අති සාර්ථක ව්‍යාපාරිකයින් වූ පිරිසකට...  මේ කිතලංගමුවේ හාල්පාරුවන්ගේ අඬෝවැඩියාවන් කිසි සේත්ම අදාල නෑ වගේම... අන්‍රයියට ජූලී චන්ග් නෝනා දීපූ ඉනාවෙන් ගැලවීමකුත් ලැබෙන්නේ නෑ.


ඇමරිකාණු විරෝධී... ඉන්දියානූ ව්‍යාප්තවාදයේ ආදිනව ගැන මීටීන් තියලා මයික් පැලෙන්න බෙරිහන් දීපූ මේ පක්ෂයේ නිර්මාතෘ තුමා.... ඉල් මගේ විරුවොත් එක්ක .... බොරැල්ලේ කනත්තේ ඉඳන් ... ඉනට අත් තියාගෙන .... මේවට හිනා වෙනවද අඬනවද කියන්න නම්.... මාතලන් දන්නේ නෑ ආයිබන්ඩ....


ඒ වගත් මෙසේය....

.

33 comments:

  1. තට්ට මංජු කඩවතOctober 29, 2023 at 2:23 AM

    අනුර කුමාර ගේ පුංචි අම්මාගේ පෑන්ටි එක තම්බලා උනත් මම බොනවා

    ReplyDelete
    Replies
    1. හරි දැන් මෙච්චරයි...

      ඊළඟ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා 80% ක ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කරන බව ජවිපේ බුද්ධි අංශ කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා..

      එතකොට ජවිපේ ජනාධිපතිවරයෙක් පත්වීම ගැන අපිට සැකයක් නෑ..

      ඊළඟට අපිට ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ ජවිපෙන් රට බාරගෙන රට ගොඩ නගන ආකාරය සහ ණය පියවන ආකාරය පිළිබඳවයි.

      මෙවර අනුර සහෝදරයාගෙ ඇමෙරිකානු සංචාරයේදී ඒ ප්‍රශ්ණ දෙකටත් උත්තර ලැබුණා.

      ඒ අනුව ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවා ආර්ථිකය ගොඩනගන්න පුළුවන් බව එතුමා කියා සිටියා .

      ( ලෝකෙ කිසි තැනක ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හදන්නේ නැහැ කියනෙකවත් දැනට ලොව පුරා ග්‍රැපීන් නිපදවන්නේ කෘතිමව බවත්, ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ හදපු නැනෝ ආයතනයෙ පරීක්ෂණ කරන බවත්, ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවීමට යන වියදම අධික වීම හේතුවෙන් ඉන් ලාබ ලැබීමට ඇති හැකියාව අවම බවත් පැත්තකින් තියන්න, ඒවා මඩ වෙන්ඩැති 🙂 )

      ට්‍රිලියන 30 ක ණයක් ගෙවන්න තියෙනවා අපිට. ඒකට පිළියමක් විදියට ISB ඩොලර් බිලියන 12 නොගෙවා සිටීමට අනුර දිසානායක සහෝදරයා තීරණය කරලා තියෙනවා.

      ඒ පිළිබඳව චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න එතුමා පියවර ගන්නා බව එතුමන් ඇමරිකානු සංචාරය අතරතුර පැවති ජනහමුවේදී පක්ෂ සාමාජිකයෙක් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් කියා සිටියා..
      සාකච්ඡා කරාම ණය කපා හරියි. 🙂👍

      එතකොට ණය ප්‍රශ්නෙත් අහවරයි.

      ඊට අමතරව ලොස් ඇන්ජලීස් නුවර පවා දේපල පවරා ගන්න ක්‍රියා කරන බව පාක්ෂිකයන් හමුවේදී එතුමන් ප්‍රකාශ කර සිටියා.

      ඒ අනුව අනුර ජනපති යටතේ විදේශීය දේපල හිමි දූපතක් බවට ලංකාව පත් වීමට නියමිතයි . ❤️

      දැන් ඡන්දය තියෙන ප්‍රමාදය විතරයි තියෙන්නේ...

      තියව්!! තියව්!! ඡන්දෙ තියව්!!! කියලා කෝච්චි වලින් කොලඹට ආවනම් ඒ ප්‍රශ්ණෙටත් විසඳුමක් ගන්න තිබ්බා..

      Delete
  2. Saumya diwa daanna denna manika

    ReplyDelete
  3. මාතා මම හිතන්නේ එක්සත් ජනපදය මේ පාරත් අනාගන්නයි හදන්නේ, 2015 සිරිසේන 2019 නන්දසේන ඊළඟට සාලයා පීරුසා පින්ගොනා හරහා අරගල නාඩගම නටවලා 2022 රනිල් බලයට ගෙනාවත් මේ සේරම ව්‍යාපෘති අසාර්ථක වීම වගේම ඔය අනුර කුමාර දිසානායක ව්‍යාපෘතිය ඊටත් වඩා අසාර්ථක වීම දකින්න පුළුවන් වෙයි, චීනය ඔය හැම එකාම බාගෙන ඉවරයි, මාලිමාව බාගැනීම කාලය පිළිබඳව ප්‍රශ්නයක් පමණයි. ඊළඟට ආපහු නාමලාව තමයි බාගන්න වෙන්නේ උනුත් ගේම ගහයි බැසිලා රටකපටියා නිසා

    එහෙම නෙවෙයි මාතේ ඔයිට වඩා වැදගත්ම කාරණය ස්ක්‍රිඩ්ස්ට්‍රප් තරුණි​යගේ සිට ලා ඩොන්සෙලා.. මාශා අමීනී දක්වා සාකච්ඡාවට භාජනය විය යුතුයි

    මාතා ඊයෙ හවස ජර්මන් බෙල්ජියන් රූපවාහිනී ප්‍රවෘත්ති සේවාවක පෙන්නනව තමන්ගෙ රත්තරං පාට දිග කොන්ඩෙ නිසා පහර කෑමට ලක්වුනු පාසැල් ශිෂ්‍යාවක්. මේ දැරිවිය ඩෙන්මාර්කයේ උපන් ඩෙන්මාර්කයේ පාසැල් යන අවුරුදු දාසයක බොහොම ලස්සන දැරියක්.
    සිරියාවෙන් සරණාගතයන් ලෙස සංක්‍රමණය වුනු පවුලක තරුණ ගැටයෙක් මේ තරුණියට පහර දෙනව දිග කොන්ඩය එලියෙ ප්‍රදර්ශණය කිරීම පවක්.. දෙවියන්ගේ අණට පිටුපෑම​ක්.. නැහැදිච්චකමක්.. වනචරකමක් කියමින්.

    කොන්ඩය ප්‍රදර්ශණය කිරීම පවක් වෙන්නෙ කොහොමද ඩෙන්මාර්කයේ ඉපදිලා හැදුනු වැඩුනු දැරිවියකට.
    කොන්ඩය කියන්නෙ ලිංගික හැඟීම් අවුලවන ආයුධයක්ද..?

    ලාඩොන්සෙලා දැරිවිය ගැන අපි මීට කලින් කතාකලා. දැනට අවුරුදු හත්සීයකට විතර කලින් අන්දීස් කදුකරයේ හිමෙන් වැසුනු මීටර් හයදාහකට වඩා උස් බිමක ගුහාවකදි හමුවුනු ලා ඩොන්සෙලාට වය​ස අවුරුදු දාසයක් වගේ ඇති.
    ලාඩොන්සෙලාව බිලි දීලා තිබුනෙ ගමට සෞභාග්‍ය උදාවෙන්න ප්‍රාර්ථනා ​ කරමින්. මිළ අධික සළු වලින් ඔතලා තිබුනු ඩොන්සෙලාගෙ ශරීරය වගේම.. බොහොම අපූරු විදිහට ගොතල තිබුනු දිග කොන්ඩය අපිට මතකයි. පිලිවලට එකින්එක ගොතපු දිග කොන්ඩය දේවත්වයෙන් සලකන වටිනා අංගයක් .. ඉන්කා ශිෂ්ඨාචාර​යේ වැසියන් කියනව.

    ස්ක්‍රිඩ්ස්ට්‍රප් කාන්තාවගේ කොන්ඩයත් මීට දෙවැනි නෑ. ස්ක්‍රිඩ්ස්ට්‍රප්..... ඒක ටිකක් වෙනස් නමක්.
    ස්ක්‍රිඩ්ස්ට්‍රප් කියන්නෙ උතුරු මුහුදට නෙරායන අර්ධද්වීපයක්. අයිති වෙන්නෙ ඩෙන්මාර්කයට.
    මෙන්න මේ ඩෙන්මාර්ක භූමියේ මීටර් දහතුනක් විතර පොලව යටට වෙන්න ... කාලයක් තිස්සෙ අයිස් තට්ටු වලට යටවෙලා ආරක්ශා වෙලා තිබුනු මමියක් අපි මේ දකින්නෙ පිංතූරවල.
    මේ කාන්තාවගෙ මමිය අපිට හමුවෙන්නෙ 1935 වර්ශයේදී. ඒ කාලයේ අපේ තාක්ශණය ඒ තරම් දියුණු නෑ එයා ජීවත් වුනු කාලය නිවැරදිවම ගණනය කරන්න.
    මේ තරුණ කාන්තාව බොහොම වයසයි. අඩුම තරමෙ අවුරුදු තුන්දාස් හාරසීය​ක් වයසයි.
    එයා අයිති වෙන්නෙ ක්‍රිස්තු පූර්ව 1300ට හෝ ඊට වඩා වැඩි කාලයකට.
    වයස අවුරුදු දාහතත් දහ අටත් අතර මේ තරුණ දැරිවිය මියයද්දි.
    1995 වර්ශයේදී අනුමාන කලේ මේ දැරිවිය ආදි කාලීන ස්කැන්ඩිනේවියානු දැරියක් කියල. ඒත් මෑත කාලීන ඩී.එන්.ඒ හා කාබන් පරීක්ශණ වලින් නිගමනය කරන්නෙ මේ දැරිවි දකුණු හෝ නැගෙනහිර යුරෝපයේ ඉඳල සංක්‍රමණය වුනු කෙනෙක් කියල.

    මේ ප්‍රදේශයට සංක්‍රමණය වෙලා අවුරුද්දකට විතර පස්සෙ මියගිය හෝ ඝාතනය කරනලද මේ තරුණිය බොහොම නිරෝගීයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එයාගෙ රන්වන් පාට කෙස්කලඹ මීටර්යකට වඩා දිගයි. මියගිය දැරියගේ කොන්ඩ විලාසිතාව සකස් කරන්න අඩුම තරමෙ පැයක දෙකක කාලයක්වත් අවශ්‍යයි. ලෝකඩ යුගයේ පවා මේ කොන්ඩ විලාසිතාව තිබූ බව සොයාගැනීම කිසිවෙක් බලාපොරොත්තු වූ දෙයක් නෙවෙයි.
      බ්‍රෝන්ස් ඒජ් යුගය හෙවත් ලෝකඩ යුගයට අයිති වෙන්නෙ ක්‍රිස්තු පූර්ව 2000 සිට ක්‍රිස්තුපූර්ව 700 දක්වා කාලය.

      මීට පෙර තිබුනෙ ගල් යුගය.
      ගල් යුගය - ( Stone Age) ක්‍රිස්තු පූර්ව 30,000 පමණ සිට ක්‍රිස්තුපූර්ව 3000 පමණ දක්වා කාලය.
      ලෝකඩ යුගය - ( Bronze Age) රිස්තු පූර්ව 2000 සිට ක්‍රිස්තුපූර්ව 700 දක්වා කාලය
      යකඩ යුගය - ( Iron Age) ක්‍රිස්තු පූර්ව 1200 - ක්‍රිස්තු පූර්ව 100 දක්වා කාලය ..අනුමාන වශයෙන්.

      ලෝකඩ යුගයේ තරුණියකගේ කොන්ඩයට දක්වපු සැලකිල්ල වගේම කොන්ඩය කණ හා රඳවන රන් කරාඹු, රන් මාලය ඉතාම විශේෂයි. මේකොණ්ඩා මෝස්තරයට යොදාගෙන තියෙන සියුම් කපු රෙදි දැල ඉතා සියුම් නිර්මාණයක්. දැරියගේ ගවුම නිර්මාණය කරල තියන කපු ලිනන් රෙද්ද මීටර් තුනකට වඩා දිගයි.
      ඒ එක්කම එයාගෙ දත් ඉතාම නිරෝගීයි.
      අපි දන්න්වා මේ කාලයේ මිනිස් ජීවිතය ඉතාම අසීරුයි... කටුකයි. ඒ අයට ජීවත් වෙන්න විශාල සටනක් කරන්න වෙලා තිබුනා.
      ඊජිප්තු හෝ සුමේරියානු ශිෂ්ඨාචාර මේ අවදියේ බොහොම දියුණු බව අපි දන්නවා වුනත් සීතල ස්කැන්ඩිනේවියානු කලාපයේ මෙවැනි සංස්කෘතියක් පැවතීම බ්‍රෝන්ස් යුගය පිලිබඳ අපේ දැනුම ප්‍රශ්ණ කරනව.
      දකුණු යුරෝපයෙන් මේ තරුණිය සංක්‍රමණය වුනේ මොන හේතුවක් නිසා​ද... හදිසියේම එයා මියගියාද නැතිනම් බිලි දුන්නාද..
      මේ වගේ වටිනා කොන්ඩ මෝස්තරය හා ආභරණවලින් අදහස් වෙන්නෙ මොනවගේ කාරණාද ... මීටර් දහතුනක් ගැඹුරු වලක ඇය තැන්පත් කරේ කුමක් නිසාද වගේ ප්‍රශ්ණ රාශියක් අපිට තාමත් ඉතුරු වෙනව.

      නමුත් එක දෙයක් පැහැදිලියි. ලෝකඩ යුගයේ පවා තරුණියන්ගෙ ආභරන .. ඇඳුම් හා රූපයට වගේම කොන්ඩයටත් ලොකු සැලකිල්ලක් දක්වනව. ඇයි මේ කොන්ඩය මේ තරම් සැලකිල්ලටත් වෛරයටත් පාත්‍ර වෙන්නෙ.?

      හිජාබ් හිස් ආවරනය හරහා කොන්ඩය පේන්න තිබුනු නිසා ඉරාන සංස්කෘතික පොලීසියේ අත් අඩංගුවට පත්වෙන්නත්.. මරණයෙන් වන්දි ගෙවන්නත් මාශා අමීනිට සිදුවුනු බව අපිට මතකයි.

      හිස් ආවරණ නොපැලඳීමේ වරදට තරුණ කාන්තාවන් දාස් ගාණක් තවමත් ඉරාන හිරගෙවල් ඇතුලෙ දුක්විඳින බව ලෝකයට අමතක වෙන්න විදිහක් නෑ.

      දෙවියන්ගේ කෝපය හරහා කාලයෙන් කාලයට එලියට එන්නේ මිනිසාගේ ලිංගික වෛරයද...? සමාජ සංසථාවේ කොතැනක හෝ සිදුවූ අත්වැරදීමක්ද..? ආගමික පිරිමියාගේ කෝපයටත් වෛරයටත් තරුණ කාන්තාව හා දිග කොන්ඩය ලක්වෙන්නෙ මොන හේතුවක් නිසාද..? අපිට තවම තේරුම් ගන්න අමාරුයි.

      (ඉහත සටහන Malcolm Sang මහතාගෙ ආටිකල් එකකින් කරුණු උපුටා ගෙන ලියපු එකක් බවත් කිව යුතුයි)

      Delete
  4. ඇමරිකන් බුද්ධි අංශ සහ ඔය ඇමරිකන් ගෝතයෝ ගහන දහන් ගැට සහ දෙන ගේම් හැමදාම සාර්ථක වෙන්නේ නෑ මාතලන් බලපන් එදා වියට්නාමය සෝමාලියාව ඇෆ්ගනිස්ථානය ඉරාකය මෙදා ලිබියාව යුක්රේනය ඊශ්‍රායල ඉරාන අර්බුදය මේ සේරම අනිත් පැත්තට කැරකිලා ගිහින් තියෙනවා නේද? ලංකාවේත් අරගල වීරයෙක් වෙච්ච ධනීෂ් අලිට පහර දුන් දුම්රිය සේවකයින්ගෙ කතා වස්තුව අරගෙන බලහන් මචන් දැන් ඔය දුම්රිය සේවකයො ධනීෂ් අලිට ගැහුවේ ඇයි...?

    සිද්ධිය ෆැක්චුවලි ගත්තම ධනීෂ් අලි වැරදි නැහැනේ පොර ඔතනදී පෙනී සිටින්නෙ කොටුව දුම්රියපොළෙ රස්තියාදු වෙන සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන්. ඔහු ගුටි කන්නෙ එය Live එකක් දෙන්නට ගිහින්...

    ඒත්... ප්‍රශ්නය ඒක නෙවේ. ජනතාවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් ගුටි කෑ ධනිෂ් අලි බේරා ගැනීමට දුම්රියපොළෙ සිටි පොදු ජනතාව පෙරට නාවේ ඇයි...?

    ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න යන කොට පේනවා මේ ධනීෂ් අලීට මේ පහර දීම දෛවයෙ සරදමක් බව

    එදා ධනීෂ් අලීලා විසිල් එකක් ගහනකොට නවත්තලා තිබ්බ කොච්චි කොළඹ අරගෙන එන්න දුම්රිය සංස්ථාවෙ සේවකයෝ පෙරට ආවා

    එදා ධනීෂ් අලීලා විසිල් එකක් ගහනකොට මුලු කෝච්චියෙම ටිකට් අරගෙන දෙන්න අක්කි බබාලා පෙරට ආවා

    ඒ සිදුවීම් වලට වසරක් ගතවනකොටම ඒ දුම්රිය සේවකයින්ම ධනිෂ් අලීලාට අල්ලගෙන හොම්බ කට සමතලා වෙනකම් පහර දෙන විට කොච්චි වල කොඩි ලෙලවමින් ලක් අම්මා බේරා ගැනීමට ආ ඒ හුදී ජනතාවම අහක බලා ගත්තේ ඇයි කියලා හිතහන්

    මේ සිද්ධිය සුළුවට ගත නොහැක්කෙ ඒ නිසායි, මේකයි අරාබි වසන්තය වැඩසටහන ක්‍රියාත්මක වී අවසන් වූ පසු ටියුනීසියාව ලිබියාව ඊජිප්තුව සුඩානය ඇල්ජීරියාව සිට ලෙබනනය ඉරාකය ජෝර්දානය ඉරානය දක්වා සිදුවු සිදුවීම

    ලංකාවේ ලෝක දේශපාලනය ගෝලීය භූ දේශපාලන ගේම් ගැන හරියටම නොදත් ටියුබ් ලයිට් ටයිප් එකේ ජනතාව එදා රැවටීමකට හසු වූ බව අද වන විට තේරුම් ගනිමින් ඇත.

    මේ බුර බුරා නැගෙන්නෙ ඒ රැවටීමෙ ටියුබ් ලයිට් පත්තුවී එල්ලවන බරපතල ප්‍රතිප්‍රහාරයයි..

    තුට්ටු දෙකේ කාලකන්නි පාදඩයන් රැල්ලක් වූ රැට්ටලා, ධනීෂ් අලීලා, දමිතාලා , දුලීකලා පිටුපස ගිය මේ ර‌ටේ දැන උගත් යම් අවබෝධයක් තිබූ වෘත්තිකයන්ට මේවා දකින විට කුමක් සිතෙනවා ඇද්ද..?

    එදා සමාජයෙ ගෝඨාභයට සහ දේශපාලඥයින්ට තිබූ වෛරය අද ගෝඨාභයලා එලවන්නට පෙරමුණ ගත් උන් වෙත පෙල ගැසෙමින් ඇත..

    ජනතාව සත්‍ය පසක් කර ගනිමින් ඇත..

    මෙය ඉදිරියේදි තවත් තීව්‍ර වෙනු ඇත.

    ඇන්ටි-රැට්ටලා, ඇන්ටි- දමිතාලා/දුලීකලා හෝ එබඳු වෙනත් උන් ඉදිරියේදි මේ ප්‍රති-විප්ලවකාරි ඇන්ටි-අරගල පෙරහැරට එකතු වී පෙලහර පානු ඇත...

    මේ මොහෝතේ ලංකාවෙන් පිට සිටින
    අපට ඇත්තේ මැච්එක බලා සිටීමට පමණයි, ජනතාව තුලින්ම ප්‍රති-අරගලය බිහි වෙමින් ඇති බව පේනවා, ඇමරිකන් කාරයෝ අකුලගෙන යන්න වෙනවා තව වැඩි කලක් යන්නට කලින්ම

    ReplyDelete
  5. පිටුව පෙරලුවට 'කලණ' ව, අපි දන්නවා මාමා
    කුහක කලණගේ මිනී වලටත් හෙන හත මාමා
    කලණගේ නෝනා කියනා දේ පුදුමයි බොහොමා
    සතුටුයි ඇය ගැලවුන හැටි දුටුවිට පෙර කරුමා

    ReplyDelete
  6. මාතලන් කියන කතාව සම්පුර්ණ ඇත්ත. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නිකම් කියවනවා විතරයි සත පහකට වැඩක් නැහැ, තාමත් රැග්එක නිසා විශ්ව විද්‍යාල මුදවා නොගත් ප්‍රදේශ වගේ
    පළමුවසර ළමයි ඉන්නෙ මාර පීඩනයකින් ඔය මාලිමා පෙරටුගාමී වහලුන්ගේ පිනට කන නිකම්මුන්ගේ දේශපාලන නඩයේ
    කටවුට් තොරන් ගහන්න රෑ එළිවෙනකම් මේ ළමයි යොදවනවා
    මොනකමිටු දැම්මත් ඇත්ත ඔක තමයි

    සල්ලිතියන පවුල්වල ළමයි මාර නිදහසේ ප්‍රයිවට් එවයෙ ඉගෙන ගන්නනවා. එහෙම පුද්ගලික විශ්ව විද්‍යාල වල ළමයි ඉක්මනට අවුට් වෙලා හොඳ වෘත්තීය ජීවිත ව්‍යාපාර ආරම්භ කරන එක කරලා සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න අතරේ
    මුන් අර දේශපාලන සෙට් එකට කැම්පස් කන්න දීල බලා යින්නව

    තව ඒ මදිවට උන් රටේ පාලනයත් ඉල්ලනව.මෙව්වර කාලයකට රැග් නිසා මැරුන සදහටම අබ්බගාත වුන කැම්පස් අතහැර ගිය ගාන හෙව්වොත්
    දහස් ගනනක් ඇති.

    මාලිමා වහල්ලුන් විතරක් නෙවෙයි ලංකාවේ හැම එකෙක්ම වගේ ඔහොමයි බලපන් බෞද්ධ සිංහල කියන එවුන් බුදුන්ට මල් පුජා කරන්න ගන්නේ අනුන්ගේ ගෙවල් වල තිබෙන මල් හොරකම් කරලා.😪

    (ගෙදර අයිති කාරයන්ගෙන් මල් අහල කඩාගන්න එක වෙනස් හොරකම් කරගෙන එක වෙනස්)

    කුඩා දරුවා ගෙදර ඉඳලම තමයි හොඳ දේ ඉගෙන ගත යුත්තේ. දෙමව්පියෝ මේවා වලට වගකිව යුතුයි.

    එතන ඉම පන්සිල් පද පහෙන් එකක් කඩලා නේද???

    මම ලංකාවේ දුප්පත් ගම්වල වත් කුඩා ළමයින්ට පෙරුමාල් හදාගෙන ව්‍යාපෘතියක් පටන් ගත්තා ගිය අවුරුද්දේ මගේ ජර්මන් යාලුවෝ එක්ක දැනට එක මොන්ටිසෝරියක් හදලා, ඉන්පසු රජයෙන් පාසැල් වල ගුරුවරුන් සමග සාකච්ඡා කර නව ලෝකයට ගැලපෙන හරි දේ උගන්වා සමාජයට මුදා හරින්න තමයි මගේ උත්සාහය.... සෝෂල් මීඩියා බලනකොට මටනම් හරිම කණගාටුයි ලංකාවේ දැන් තරුණ සමාජය ගැන.🇩🇪🇩🇪🇩🇪

    ReplyDelete
  7. ප්‍රේමය වියදම් කරල ලිංගිකත්වය හොයන පිරිමියෙක්...... ලිංගිකත්වය වියදම් කරලා ප්‍රේමය හොයන ගෑණියෙක් අතර ඇති වෙන බැඳීම සම්මත වුනත් අසම්මත වුනත් ඒක හරිම මානුශීයයි කියල මමත් හිතනව......

    ReplyDelete
  8. ඒ කියන්නේ මේ පාරත් බයියො දිනුම් කියලද මාතලන්? මොකද පටබැඳීගේ නන්දසිරි (රෝහණ) විජේවීර හදපු පක්ෂයේ වත්මන් නායකයා මහින්ද රාජපක්ෂ බවට රූපාන්තරණය වීම එහි අවසන් අදියරට පැමිණෙමින් තිබේන බවයි.

    මේක ලංකාව තුළ නොවැළැක්විය හැකි ධර්මතාවයක්. ඕනෑම තැනකින් පටන් ගන්නා ගංගා අවසානයේ සාගරයට වැටෙන්නා සේ ඕනෑම ලක්වැසියෙකුට ඕනෑම ආකාරයකින් පටන් ගත්තත් ඔවුන් අනිවාර්යෙන්ම අවසාන වන්නේ "මහින්ද රාජපක්ෂ" බවට රූපාන්තරණය වීමෙනි. මහින්ද රාජපක්ෂ යනු ලක්දිව දෛවයේ ලියා ඇති සමාප්තියයි. (කෝ බලන්න මේක තේරෙන අය?)

    උදාහරණයක් ලෙස රනිල් වික්‍රමසිංහ ගන්න. ඔහු පටන් ගන්නේ බටහිර සංස්කෘතිය රන්කිරි කටගාගෙන බ්‍රිතාන්‍ය රාජකීය විද්‍යාලයේ උගෙන සිය කුලීන ප්‍රභූ පවුලේ ආනුභාවයෙන් රතු පලස් මතින් දේශපාලනයට ආවේ ධනවාදයේ පිස්තෝලය එක් අතකින්ද ලිබටේරියානු බිකිනිය අනෙක් අතින්ද ගෙන අන්ත දක්ෂිණාංශික දේශපාලනයක් කළ රනිල්ගේ දේශපාලනය අවසාන වන්නේ "රනිල් රාජපක්ෂ" වීමෙනි. ජර්මන් මාධ්‍යවේදියාට රනිල් කතා කළේ මහින්ද රාජපක්ෂ ප්‍රෝ මැක්ස් ස්වරූපයෙනි. එය අහම්බයක් නොවේ. රනිල් දැන් නූතන මහින්ද රාජපක්ෂ බවට පත් වී අවසානය. ලංකේශ්වර ගොඩේ බයියන් හිටපු යැංකිඩිකී රනිල්ට දැන්නම් ඉතාම කැමතිය.

    මහින්ද රාජපක්ෂ යනු ලක්දිව සංසාරයේ ප්‍රතිනිර්මාණය වන ආද්‍යාකෘතියයි. උපන්බිම අහිමිව පිටමං කෙරෙන විජය අවසානයේ සිංහල රාජ්‍යයක් හදයි. පියාට අපහාස කරන දුෂ්ට ගාමිණී අවසානයේ මහා යුද්ධයක් කර සිංහලය එක්සේසත් කරයි. සුද්දන්ට රට පාවා දුන් කැප්පෙටිපොළ අවසානයේ සිංහල හමුදාවට නායකත්වය දෙයි. එංගලන්තයේ ඔක්ස්වර්ඩ් හී උගත් බණ්ඩාරනායක අවසානයේ සිංහලය රාජ්‍ය භාෂාව කරයි. මරදානේ දුප්පත් ප්‍රේමදාස අවසානයේ සිංහල රජුගේ පත්තිරිප්පුවේ දිවුරුම් දෙයි. මිෂනාරි රිච්මන්ඩ් කොලිජියේ උගත් මහින්ද රාජපක්ෂ අවසානයේ දෙමළ කොටි පරදා සිංහල රාජ්‍යය එක්සේසත් කරයි. කවුරු කොහොම පටන් ගත්තත්, අතරමැද මොනවා කළත්, සමාප්තිය වන්නේ ලක්දිව සාංසාරික ආද්‍යාකෘතිය බවට පත් වීමෙනි.

    වෙනත් වචනවලින් කිවහොත් මේ ලංකාවේ මොන විජ්ජුම්බරයක් කළත් අවසානයේ දිනන්නේ සිංහලයන්ය. දිනුවේ රනිල් නොව සිංහලයන්ය. මේ ලංකාවට මොන පාලන ව්‍යුහයක් හැදුවත් එය ඒකාන්තයෙන්ම හැදෙන්නේ සිංහලයන් දිනවීමටය. මොන මිනිහා පාලනය කළත් දිනන්නේ සිංහලයන්ය. වත්මනේ “බයියන්” ලෙස උපහාසයට ලක්කරන්නේ ඒ සිංහලයන්ය.

    ඇත්තටම නලින් ද සිල්වාගේ සාංසාරික ආශ්‍රවයෙන් නිර්මාණය වෙන නාථ දෙවියන් පුන පුනා කියන්නේ මෙයයි. වප් පුර පසළොස්වක සඳ පෑයූ පෙර දින නිර්මාල්ගේ නියුරෝන ආකෘතියට හදිසියේ නගින්නේ එම සත්‍යයි. “ලංකාව බයියන්ගේ රටකීකීකීකී……..” කියා ඔහු වියරුවෙන් මොර දුන්නේ ඒ අවබෝධය ලද මොහොතේය.

    අනුර කුමාරට ලක්දිව ජනාධිපති විය නොහැකි බව දැනට පෙනෙන නමුත් ඔහුට මහින්ද රාජපක්ෂ විය හැකිය. වඩාත්ම හොඳම මහින්ද රාජපක්ෂ විය හැකි නම් කොටින්ම අනුර SHALL become Mahinda Rajapaksa. අනුර මහින්දව හොඳටම අනුකරණය කර මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන් වුනත් එවිට දිනන්නේත් බයියන්ය. බයියන් හැමදාම දිනනවා. ඒ නිසා හොඳම දේ ලංකාව අතහැර හරිහමන් රටකට සංක්‍රමණය වීම පමණයි.

    ReplyDelete
  9. Rashinita double anal karamu

    ReplyDelete
  10. මාතේ මේක ඇත්ත ද?

    ///Script එක හරියට ලියලා දෙන්න...ඇමරිකාවෙ ගිහින් වචන පටලගත්තම වෙන්ඩ ජනාධිපතිට පොඩ්ඩක් අවුල්..

    මේක LOLC සමාගම හා Ceylon graghine technology අතර 2020 ගිවිසුම්ගත වැඩසටහනකි.. අනුර ඒක හොරකම් කරලා එයාගෙ වගේ වැරදියට කියන හැට් තමා ලස්සනම)
    👇👇
    සාමාන්‍යයෙන් සියල්ලදත් මිනිසුන් මේ ලෝකෙයේ නොමැත , ඒ වගේම වැරදීම් යනු සාමාන්‍ය කාරණයකි.
    නමුත් ජනාධිපති සිහින දකින මේ නායකයා තම පිටපත පිලිබදව මීටවඩා සැලකිලිමත් විය යුතුය.
    👇👇
    සමහරුන් ඔහුගේ Bsc උපාධිය පිලිබදව උජාරුවෙන් කතා කරනු අප දැක ඇත්තෙමු. ඇත්තටම එය පිලිබදව අවිවාදයෙන් අපිද සතුටු වන්නෙමු නමුත් විද්‍යාවේදි උපාධියක් ඇති අයකුට කාර්බන් පිලිබදව මීට වඩා අවබෝධයක් තිබිය යුතුය යන්න මාගේ කියවීම වේ. (ඔහුගේ උපාධිය පිලිබදව මා තුල නිසි අවභෝධයක් නොමැත )
    👇👇
    Graphite සහ graphine යනු එකක් නොවන බව මෙන්ම graphite යනු graphine වල වටිනාකමට ලංවිය හෝ නොහැකි ද්‍රව්‍යක් බවට අවභෝධයක් තිබිය යුතුය. වාසනාවට මෙය රාජතාන්ත්‍රික කතාවක් නොවීය, එසේම ලබන වසරේ ජනාධිපති හීනය සපුරාගනීමට පෙර ඔහුට තවත් මෙවන් අවස්තා උදාකර දී පෙරහුරුවක් නිසිලෙස සිදුකල යුතුය යන්න මාගේ අදහස වේ..
    👇👇
    ( ලංකාවෙන් graphite අපනයනය කරන average අගය $1.5 - 1.8 ක අගයක් කෙසත් නමුත් praphine වලට convert කරලා අපනයන කිරීමේදි එය $3500 - $ 5000ක් දක්වා අගයකුත් වේ..

    Global graphine market US$35 million in 2018, and expected market US$ 405 Million according to the SLINTEC )

    Graphite cant be utilize as a structural material on its own. Graphine is the strongest material ever.. pound ..

    ආචාර්ය චමින්ද මලලසේකර ..///

    Link

    https://www.facebook.com/DrChaminda/videos/1055469079150336/?mibextid=eimWu5Utm3dJgHwj

    ReplyDelete
  11. Saumyage rosa paata huththata diwa dala juice urala bonna thibba nam.

    ReplyDelete
  12. දෘශ්‍යමානය දැක වසඟ නො වී යථාර්ථය දකින්න. ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නිව්සීලන්තය ඇතුළු තාක්ෂණයෙන්, කාර්මික කරණයෙන් දියුණු බොහෝ රටවලට ඇත්තේ අති අමානුෂික, ම්ලේච්ඡ ඉතිහාසයක්. ඔය සියලුම රටවල ආදිවාසීන් සමූල ඝාතනය කර ඔවුන්ගේ ලේ, ඇට කටු මත ඉදි කරන ලද කූඨ උපායයන්, නීති, දැඩි බදු මෙන් ම දඩ පැනවීම් මත ගෙන යන එහෙත් දුටු පමණින් මනහර සෙලිබ්‍රිටි සමාජයක් තමා පේන්නෙ. ඒත් ඇතුළාන්තය ඛෙදවාචකයක්. සංක්‍රමණිකයන් බොහෝ දෙනෙක් හිතන්නෙත් එහෙම තමා. උදාහරණයකට වේග සීමා ඉක්මවා රිය ධාවනය කළොත් ඩොලර් 500ක විතර දඩයක් දැන් ගෙවන්න ඕනෑ. ඒ කියන්නෙ සතියක වැටුපෙන් බාගයක් විතර. ඒක දරා ගන්ට අමාරු දඩයක්. මේ වගේ මෙකී නොකී දඩ නිසා සමාජ විනය රැකෙනවා. අපේ වටිනා දෙයක් සොරා ගත්තා යැයි සිතන්න. අපි පොලිසියට පැමිණිල්ලක් දානවා. කිසි වැඩක් නෑ සංක්‍රමණික ආසියානුවෙක් නිසා . සොරා ගත්තේ සුද්දෙක් නම් ඌව බේරනවා. අපි මෙහේ අන්ත අසරණයි. නමුත් කොපමණ පහතට වැටී සිටියත් ලංකාවේ අපි බහුතර මුල් ජාතිය, සිංහලයෝ. දුකක දී, වේදනාවක දී අපි කවදාවත් තනි වෙන්නේ වත්, අසරණ වෙන්නේ වත් නෑ ලංකාවේදී. රට විනාශ කරන්නේ උසස් නිලධාරීන්ගේ අල්ලස් දූෂණ මගඩි නිසායි. උදාහරණයක් දක්වනවා නම් මගේ මිතුරකු වන දේශීය ආදායම් නිලධාරියෙක් අවුරුද්දකට රුපියල් කෝටි 2කට වඩා අල්ලස් වශයන් ලබා ගන්නවා. පාර්ලිමේන්තුවේ කිඹුල් කදුළු හෙළන එක් මන්ත්‍රීවරියකගෙන් ඇගේ බදු නිදහස් කිරීමට ඔහු වසරක් පාසා ලක්ෂ 20ක් ගන්නවා. පාර්ලිමේන්තුවේ උන්ව විනාශ කළේ ජේ.ආර් මනාප ඡන්ද හා විශ්‍රාම වැටුප ලබා දීමෙනුයි. ආධ්‍යාත්මිකව විනාශ වූ වත් අපි තවම ජාතියක් වශයෙන් විනාශ වී නොතිබීම ගැන මට සතුටක් තියෙනවා.

    ReplyDelete
  13. ඒකට ලන්කාවේ අඩු වියදම් සාම්පූර් බලාගාරය දේශපාලන කටගැස්මට අරන් පෙලපාලි ගිහින් නැති කලාට තමිල්නාඩුවේ,බන්ගලිදේශයේ තොග ගානට අලුතෙන් ගල් අඟුරු බලාගාර හදන්නේ .අපේ එක නැවැත්වීම නිසා කලාපයේ පරිසරය රැකිලත් නෑ.අපිට විදුලියත් නෑ. විරෝධතා දක්වපු උසාවි ගිය මාලිමාවේ ජවිපේ වහල්ලු සහ සජබ වහල්ලු දැන් බබාලා

    ReplyDelete
  14. ඔය ජූලී චං මළ හොල්මන අනුර කුමාර කයියනායක රිළවාව හම්බෙලා ඇමරිකා යවලා හර්ෂගෙන් කොපි කරපු ග්‍රැෆයිට් ආතල් දුන්නේ ලංකාවේ තවත් අරගලයක් කරමු කියන්න හිතාගෙන වෙන්න බැරිද? හැබැයි ඉතින් රනිලවනම් එලවන්න නම් උන්ට ඕන කමක් තාම පේන්න නැහැ. මොකද රනිලා උන් (IMF) කියනවිදිහට වැඩේ කරගෙන යනවනෙ, එකම අවුල චීනයෙන් දත ගලවන්න යනකොට චීන්නු මේකට රිංගලා මෙහේ ස්ථාවර වෙන එක තමයි, ඒකට බාරය සහ ඇමරිකා එක්සත් ජනපදයේ මෙලෝ වැඩක් බැරි ගූ බයිඩං මලහත්තලාමට කරන්න දෙයක් නෑනේ, ඔයවගේ ගොන් ආතල් එකක් දෙයි එච්චරම තමයි ඉතින්

    ReplyDelete
  15. ජුලි චන්ග් වගේ පෝර්න්ස්ටාර් කෙනෙක් ඉන්නවා. පට්ට. මට ජුලිව දැක්කම මතක් වෙන්නෙම ඒකිව.

    ReplyDelete
  16. ලංකාවේ භාරතීය සැලසුම ක්‍රියාත්මක කිරීමට ඇමරිකන් භාරත් සුසංයෝගය විසින් ඒකාබද්ධ "දකුණු ආසියා භාරත් ෆෙඩරල් රාජ්‍යය" ගොඩනැගුවහොත් එය පහළොස් වසරක් තුළ ලොව බලවත්ම ආර්ථික සහ දේශපාලනික රාජ්‍යයන් පහෙන් එකක් බවට පත්වීමේ විශාල විභවයක් පවතී.
    ඒ සඳහා අනෙකුත් අසල්වැසි රාජ්‍යයන් මෙන්ම ඉන්දියාවද සිය අනන්‍යතාව පිළිබඳ දෘෂ්ටිවාදයෙහි යම් කැපකිරීමක් සිදුකළ යුතුය.

    සඳ මිදුලට එනවා........................

    මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ....

    සඳකට තහනම් අහසින් බැස යන්න....

    මේ සිංදු ටික ඇහුවා නම් නාසා එකෙන් නඩු දානව..... ලියපු එකාට.....

    ඇයි යකෝ වෙන පුලුවන් දේවල්ද මේ.....😞😞😞😞

    ReplyDelete
  17. ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානය සමග තරගය ශ්‍රී ලංකාව පරාජය වුණා.

    ඒ සමගම ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයේ සිහිනයත් අවසන් වුණා.

    සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැනි රටක් පරදා, ඇෆ්ගනිස්තානය ලබනා ජයක් ඉතිහාසයේදි හැඳින්වුනේ පෙරලිකාර එහෙම නැත්නම් 'අප්සෙට්' (Upset) එකක් විදියට.

    නමුත් මේ තරගයේ ප්‍රතිඵලය කිසිදු රසිකයෙක්, විචාරකයෙක් 'අප්සෙට්' එකක් කියලා හැඳින්වූවේ නැහැ.

    ඉන් පෙනෙන්නේ ඇෆ්ගනිස්තානයට අද ක්‍රිකට් ලෝකයේ හිමිව තිබෙනා පිළිගැනීමයි.

    ඔවුන් තවදුරටත් 'කුඩා' , 'දුර්වල' කණ්ඩායමක් නොවෙයි.

    ඔවුන් ප්‍රබලතම කණ්ඩායම් අතර සිටිනා රටක්.

    ඉතා කෙටි කලකින් ඇෆ්ගනිස්තානය පැමිණි මේ ගමනේ පුදුම සහගත තැන් බොහෝමයි.

    ඇෆ්ගනිස්තානයේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සහ හිටපු නායක මොහොමඩ් නාබි ඊයේ ක්‍රීඩා කළේ සිය 153 වන එක්දින තරගය.

    මේ තරග 153 තුල ඔහු රටවල් 43ක් පරාජය කර තිබෙනවා.

    එය ලෝකයේ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලඟා වීමට අපහසු නොම්මරයක්.

    නාබි රටවල් 43 ක් පරාජය කිරීමේ කතාව තුලම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම ලියවෙලා තියෙනවා.

    ඇෆ්ගනිස්තානය ඉතිහාසය පුරාවටම යුද්ධ වලින් බැට කෑ රටක්.

    ඇෆ්ගනිස්තානය සෝවියට් දේශය සහ ඇමෙරිකාව යන ගෝලිය බල කඳවුරු දෙකෙන්ම ආක්‍රමණයට ලක් වූ රටක්.

    මොහොමඩ් නාබි ඇතුලු බොහෝ ඇෆ්ගන් ක්‍රීඩකයො සිය ළමා කාලයේ දිනක් හෝ සරණාගත කඳවුරු වල ගෙවලා තියෙනවා.

    ඔවුන් මුලින්ම පිත්ත, පන්දුව අතට ගන්නේ සරණාගත කඳවුරු වලදීමයි.

    ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයක් හැදෙන්නේ 1995 වසරේ පාකිස්තානයේ දි.

    ඔවුන්ට ICC අර්ධ සාමාජිකත්වයක් හෝ (Affiliate membership) හිමි වුණේ 2001 වසරේ දි.

    එයත් පාකිස්තාන මැදිහත් වීමකින් හිමි වූ වරප්‍රසාද නොමැති හඳුනාගැනීමක් පමණයි.

    ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භයේ සිටම මොහොමඩ් නාබි එහි පුරුකක් වුණා.

    මුල්ම කාලයේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අතර මොහොමඩ් නාබි සහ ඔහුට සරණාගත කඳවුරකදී හමු වූ මිතුරන් සිටියා.

    මොහොමඩ් ශෂාඩ්, ඇස්ගර් ඇෆ්ගන්, ශපූර් සද්රන් ආදී ක්‍රීඩකයන් ඉන් කිහිපදෙනෙක්.

    නාබි ලා එකතු වෙලා හදාගත්තු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සැබැවින්ම දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කළා.

    ඔවුන්ට ක්‍රීඩා උපකරණ තිබුණේ නැහැ.

    ඔවුන් පිති, පන්දු ඇතුලු ක්‍රීඩා උපකරණ පකිස්තානයේ සිටි ඔවුන්ගේ මිතුරන්ගෙන් ණයට ඉල්ලා ගත්තා.

    ඔවුන් පිති, හිස් සහ පා ආවරණ මාරු කරමින් ක්‍රීඩා කළා.

    ඔවුන්ට පුහුණුවීමට ක්‍රීඩා පිටි තිබුණේ නැහැ.

    යුද්ධය සහ ත්‍රස්තවාදය නිසා ඔවුන්ට ක්‍රීඩා කිරීමට හෝ රටෙහි සිටි දක්ෂයන් සොයා යෑමට නිදහසක් හෝ ඉඩක් තිබුණේ නැහැ.

    වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමි වන පුහුණුව, වැටුප්, ක්‍රීඩා උපකරණ, පෝෂ්‍යදායි ආහාර මේ කිසිවක් ඔවුන්ට තිබුණේ නැහැ.

    අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය හෝ නොතිබූ, බෝර්ඩ් ලෑල්ලකට පමණක් සීමා වූ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඉතාම දුගී එකක් වුණා.

    මුල් කාලයේ ඇෆ්ගන් පිතිකරුවෙකු දැවී යද්දී, ඊළගට පැමිණෙන පිතිකරුවාට ඔහු සතු ක්‍රීඩා උපකරණ ගලවා ලබා දෙමින් ක්‍රීඩා කළ යුගයක් ද ඔවුන් පසු කළා.

    නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය ඇතැම් දෑ ඔවුන් සතුව අඩු නොමැතිව තිබුණා.

    ඔවුන්ගේ කැපවීම, ක්‍රීඩාවට ඇති ආදරය සහ දේශප්‍රේමීත්වය උපරිම වුණා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මුල්ම කාලයේ පකිස්තානයට ගිහින් එරට පලමු පෙල තරග ක්‍රීඩා කළා.

      ඉන්පසුව ඔවුන්ට අයි.සී.සී අර්ධ සාමාජික රටවල් සමග තරග ලැබුණා.

      ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රසිද්ධ නොමැති යුරෝපයේ සහ දකුණු ඇමෙරිකාවේ රටවල් සමග ඔවුන් ක්‍රීඩා කළා.

      මොහොමඩ් නාබි පරාජය කළ රටවල් 43 අතර බහුතරය එම රටවල්.

      මේ සියලූම දුෂ්කරතා මැද වූවත්, ඔවුන්ගේ දක්ෂතාවය ක්‍රිකට් ලෝකයට සැඟවීමට නොහැකි වුණා.

      ඔවුන් දිගින් දිගටම ඔවුන්ට හිමි වූ ප්‍රතිවාදීන් පරාජය කළා.

      තෙවන ලීගයේ සිට දෙවන ලීගයට සුදුසුකම් ලැබූවා.

      දෙවන මට්ටමේ ප්‍රබල රටවල් පරාජය කළ ඔවුන් 2009 දී අයි.සී.සී එක්දින සාමාජිකත්වය දිනා ගත්තා.

      ඒ මොහොතේත් මොහොමඩ් නාබි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ හිටියා.

      එතැන් පටන් අයි.සී.සී පූර්ණ සාමාජික රටවල්, සීමිත ඕවර තරග වලදී පරාජය කළ ඔවුන්, 2017 වසරේ දී අයි.සී.සී පූර්ණ සමාජිකත්වය සහ ටෙස්ට් වරම් දිනාගත්තා.

      ඒ මොහොතේ මොහොමඩ් නාබි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා වුණා.

      වසර කිහිපයකට පසු අද ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලෝකයේ ප්‍රබල රටක්.

      ශ්‍රී ලංකාව වැනි ඉතිහාසයක් සහිත රටක් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට අසමත් වෙද්දී, ඔවුන් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබුවා.

      2024 ශූරයන්ගේ කුසලානය (Champions Trophy) සදහා තෝරා ගන්නේ ලෝක කුසලානයේ පළමු රටවල් අට පමණයි.

      ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බංග්ලාදේශයට ඉහළින් සිටිමින් ඔවුන් එයට සුදුසුකම් ලබා ගනීවි.

      ඊයේ ජයග්‍රහණයත් සමග ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටත්, ඔවුන්ට වැඩි ඉඩක් විවර වුණා.

      ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය වැනි ප්‍රබල රටක් පරදා ඔවුන් ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තත්, ක්‍රිකට් ලෝකය පුදුම වෙන එකක් නැහැ.

      2001 වසරේ අර්ධ සාමාජිකත්වය ලැබූ දුප්පත් ක්‍රිකට් පාලක මණ්ඩලයක සිට,

      සරණාගත කඳවුරු වලින් අහුලා ගත් ක්‍රීඩකයන්ගෙන් සැඳුම් ලත් කණ්ඩායමක සිට,

      ඉතා කෙටි කලකින් ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලෝකයේ පැමිණ තිබෙන ගමන අපූරුයි.

      ඒ ගමන පුරාවට නිත්‍ය සාමාජිකයෙක් වූ මොහොමඩ් නාබි ත් ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වී හමාරයි.

      ඒ සඳහා ඔහුට දත්ත, වාර්තා අවශ්‍ය නැහැ. බෝම්බ පිරුණු මාවතක රටක් ඔසවා ගෙන ඉහලටම පැමිණි ගමන පමනක් ප්‍රමාණවත්.

      - ඉරේෂාන් සිරිවර්ධන -
      2023. 10. 31

      Delete
  18. ඇමරිකා නෙවෙයි ඇන්ඩ්‍රෝමීඩා චක්‍රාවාටේට ගිහින් ආවත් ඔන්න හැබැයි අපේ මායිංනමි පනින්න එපා ඡන්දෙ ඉල්ලන අයනමි....එපාමවෙල ඉන්නෙ තොපි සේරම එකම ජාතියේ අමන හැත්තක්

    ReplyDelete
  19. අයිසේ ළමාතං 2015 රටකට ඕනෑ අපමණ අගයක් හෙටකට ඕනැ මෛත්‍රී යුගයක් සින්දුව ලියුවේ ජවිපෙ න්‍යායාචාර්ය වරයෙක් වන ජවිපෙ ජාතික ජන බලවේගයේ විමල් කැටිපේ ඒත් ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන ජනපති කිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලේ එක්සත් ජනපද ඔබාමා පරිපාලනය යුරෝපීය රටවල සහ ඉන්දීය සහයෝගයෙන්, 2015 ලංකාවේ ආර්ථික වර්ධන වේගය 7.3% ක් වෙනකොට ජවිපෙත් රෙදි නැතුව කඩේ ගිහින් ආණ්ඩුව මාරු කරලා ගෙනාපු අපමණ අගය ඉවරවෙනකොට ඍණ -2.9% කලා 2019 දී ඔන්න වැඩ.... මේ පාරත් ඒකම තමයි...

    ReplyDelete
  20. මහබාලේ යෝධයා

    යෝධයින් කියූ සැනින් සිහියට එන්නේ සිංහල රජකාලේ දසමහා යෝධයින්ය. ඉන් මෙපිට සුපතල යෝධයෙකු සිටියේ නම් ඒ තඹුත්තේගම යෝධයාය. මේ කියන්න යන්නේ රයිගම් උඩුගහ පත්තුවේ කුරණ ගමේ විසූ අප්රකට යෝධයෙකු පිළිබඳවය. හෙතෙම නමින් මහ බාලේය.

    70,80 දශක දක්වාම ජීවත්වූ මෙම විසල් ශරීරයක් පැවති ශක්තිමත් මිනිසා ගැන මතකය අවදිකළ හැකි කුරණ පෙදෙසේ පුද්ගලයෝ විරල නොවෙති.

    උසින් අඩි හයයි අඟල් හයක් පමණ උසකින් යුක්ත වූ මෙම පුද්ගලයා උසට ගැලපෙන මහත සිරුරකින් යුත් අපූරු මිනිසෙකි. බොහොවිට සරමක් ඇද ඒ මතින් තවත් සරමක් ඇද ගැට ගසාගනී. කොපි කඩේ කුරුන්ගුරුන් සරම් අදින ආකාරය අපට සිහිගැන්වේ. සිහින් උඩුරැව්ලක් පැවත ඇත.

    ශරීරයෙන් යෝධයෙකු වුවද හෙතෙම ඉතාම නිවුණු පුද්ගලයෙක් ලෙස සැලකේ. කිසිවිටක රණ්ඩු සරුවල්වලට පැටලෙනු මතකයේ නැති බව වැඩිහිටියෝ පවසති.

    මහබාලේට තවත් කියන නමකි අලියා. අතීතයේ කුරණ මඩකඩ වනාන්තරයේ මිල්ල, බුරුත ආදී මහ ගස් කපා අදින්නට විය. එකල මෙම කොට ඇදීට යොදා ගත්තේ හීලෑ අලින්ය. අලියෙකු එක් පසකින් අල්ලන විට මහබාලේ අනෙක් පසින් ඉස්සීමට තරම් ශක්තියක් ඇත්තෙක් විය. මේනිසා අලියාට ගෙවන මුදල මොහුටත් ගෙවු බව කියවේ.

    අතු කොටස හා මුල් කොටස පාහා මහා මිල්ල කොටන් කඹ වලින් බැද කරින් ඇදීමට තරම් හෙතෙම අයෝමය ශක්තියකින් යුක්ත විය. කැලෑ කණ්තෝරුවේ මහත්තුරු වරක් වටලන බව දැනුනු මහබාලේ කඹේ අතහැර නිසොල්මන් විය. ගස් කපා අදිනවා නොවේදැයි ඔවුන් ප්රශ්න කළ විට මහබාලේ පිළිතුරු දුන්නේ මෙච්චර විසාල කොටයක් තනි මිනිහෙක් කොහොම අදින්නද කියලාය. එය පිළිනොගෙන සිටීමට කැළෑ කන්තෝරු මහත්තුරුන්ට නොහැකි විය. බදන්න බැරි වටපරිමාවක් සහිත මහා දැව කදක් තනි මිනිසෙක් නම් කෙසේ ඇද එන්නද, නමුත් මහ බාලේට එය ඒහැටි කජ්ජක් නොවීය.

    තවත් වරක පැල්පිටිගොඩ මිනිරන් පතලක සේවය පිණිස මහබාලේ ගියේය. ඔහුට විවිධ කාරියන් එහිදී පැවරුණි. සමරකෝන් නම් වූ එම පතලේ හිමිකරු මහබාලේ ගැන දැන සිටියේ නැත.
    දිවා ආහාරයට වේලාව පැමිණි මහ බාලේට දැඩි කුස ගින්නක් දැනුනි.
    මහත්මයා දැන් නම් මට බඩ ගිනියි.

    බඩගිනි නම් ගිහින් කාපන්. අර මඩුවේ කෑම ඇති. පතල් හිමියා පැවසීය.
    නමුත් පැය බාගයක පමණ කාලයක් ගෙවුනු මුත් මහ බාලේ දක්නට නොවීය. මේ නිසා පතල් හිමියා විපරම් කර බැලීය. එවිට දක්නට ලැබුණේ පස්දෙනෙක්ට හය දෙකේට ඉවූ බත්මුට්ටියම මහ බාලේ විසින් බුක්ති විදින අයුරුය.

    මොකද්ද මිනිහෝ මේ කළේ? දැන් කෙහෙමෙද මම අර දඹර කරකවන මිනිසුසු හතර දෙනාට කන්න දෙන්නේ? කන්න දුන්නේ නැත්නම් ඒ මිනිස්සු වරුවෙන් යයි. එහෙම උනොත් පතලේ වැඩ ඔක්කොම නවතිනවා. පතල් හිමියා කෝපාවිශ්ඨව කෑගැසීය.

    ඒ හතර දෙනා කරන්නේ පතලේ මිනිරන් උඩට ගන්න දඹරේ කරකවන එකද?මහබාලේ සන්සුන්ව ඇසීය.

    ඔව් ඒකට හතර දෙනෙක් ඕනේ මිනිරන් පැටවූ පෙට්ටියක් ඉහළට ඇදීම පහසු නැහැනේ?

    මම ඕක තනියම කැරකුවොත් ඒ හතර දෙනාගේම පඩිය මට දෙනවාද?
    මොනවා ! උඹ තනියම කරකවන්න? හොදයි එහෙනම් තනියම කරකවලා පෙන්වාපන්. පතල් හිමියා කීය.

    හොදයි එහෙනම් කියමින් පතල් හිමියාත් සියල්ලන්මත් පුදුම කරමික් මහබාලේ හතර දෙනෙක් විසින්කැරකවූ පතලේ දඹරේ තනිවම කැරකවිය.

    පළගනක බත් කන, මහ කණු කරගසන මේ යෝධ මිනිසාගේ පරපුරේ මිනිසුන් තවමත් කුරණ පෙදෙසේ ජීවත්වේ. නමුත් ඔවුන් මහබාලේ තරම් ශක්තිය ඇත්තෝ නොවෙති.

    මෙවන් අපූරු ශක්තිමත් යෝධයෙක් රට නියෝජනය කරමින් කිසියම් ඔලිම්පික් වැනි තරගයකටයොමු කළේනම් රන් පදක්කමක් දිනා රටට ඉමහත් කීර්තියක් අත්පත් කර දෙනු නිසැකය. නමුත් එවන් වාසනාවක් අප රටට නොවීය. වසර හැත්තෑවක් පමණ ආයු වලදා මහබාලේ ස්වභාවිකව මියගොස් දැන් දශක තුනක් පමණවේ.

    ReplyDelete
  21. ධනික පෙරේරා ගේ හෙළකුරු නිවුස් සර්විස් එකෙන් රටේ හොරකම් නැති කරන්න ටෝක් දෙන්නෙ.

    මේ රටේ එක්තරා දේශපාලන කණ්ඩායමක මීඩියා කැම්පේන් කරන්නේ හෙළකුරු.

    අරගලයේ නිවුස් ප්‍රොවයිඩර් වුනේ උන්. හොරකමට එහෙම පට්ට විරුද්ධයි.

    හැබැයි ලංකාවේ මිලියන දහයකගේ ඊ මේල්, පාස්වර්ඩ්ස්, ක්‍රෙඩිට් කාර්ඩ්ස්, ඩෙබිට් කාර්ඩ්ස් ඩීටෙල්ස් ධනික ගේ කොම්පැනිය එක්කො හොරෙන් විකුනලා, නැත්නම් ලීක් වෙන්න පුලුවන් විදියට ස්ටෝ කරන් ඉදලා.

    කවදාවත් පේ හියර් පාවිච්චි නොකරපු, කාලයක් හෙලකුරු පාවිච්චි කරපු මගෙත් ඊ මේල් ලීක්ඩ්.

    හෙලකුරු කී ලොගර්ස් පාවිච්චි කරනවා කියලා දැනගත්තු දවසෙම මම අන්ඉන්ස්ටෝල් කරලා දැම්මා.

    හැබැයි ලංකාවේ මිලියන 10ක් හෙළකුරු යූස් කරනවා.

    ඒ මිනිස්සුන්ගේ ඩේටා වලට ගෞරවයෙන් බුදුසරණයි.

    මෙහෙම බ්‍රීච් එකක් වෙන රටක වුනා නම් මේ වෙද්දි කොම්පැනිය ගස්.

    හැබැයි ධනික ලා දේශපාලන පවර් එකෙන් බේරෙයි.

    ඔන්න රටේ සිස්ටම් චේන්ජ් කරන්න යන උන්. උන් තමා ලොකුම හොරු.

    ReplyDelete
  22. මාලිමාවේ ජනාධිපති අපේක්ෂක
    අනුර කුමාර ඇමරිකාවේ රැස්වීමක දී මිනිරන්වලින් ග්‍රැෆයිට් හදලා විකුණන්න පුළුවන් කියලා තිබුණා. දැන් කට්ටිය අනුරව අම්බානක බයිට් එකට ගන්නවා ඉංග්‍රීසියෙන් Graphite කියන්නේ මිනිරන්වලට ම තමයි කියලා.

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ ඉංග්‍රීසිවල නෙමෙයි. ඉංග්‍රීසි අපිටත් වරදිනවා. සිංහල මනුස්සයෙක්ට ඉංග්‍රීසි වැරදුනා කියලා ලොකු අවුලකුත් නෑ. කොළඹ හතේ ඉපදිලා රාජකීය විද්‍යාලයට ගිහිපු සුපිරි මොළයක් කියලා සමහර මිනිස්සු හිතන් ඉන්න රනිල්ටත් ඉංග්‍රීසි වරදින එකේ තඹුත්තේගම අනුරට ඉංග්‍රීසි වරදින එක හෝ ඉංග්‍රීසි බැරි එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන ප්‍රශ්නෙ තමයි අනුර පුරුද්දක් වශයෙන් දැඩි විශ්වාසෙන් බොරු කියන එක සහ ඒවා " පරම සත්‍ය " වශයෙන් පිළිගන්න " NPP ජයවේවා! අපි මාලිමාවට " වගේ උජාරුවෙන් කියන් ඉන්න නූගත් මධ්‍යම පාන්තික ජනතාවක් ඉන්න එක.

    ලංකාවේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් තියෙන්නේ සති දෙකක වගේ පොඩි මතකයක් නිසා අනුර දැඩි විශ්වාසයෙන් කියපු බොරු ටිකක් මතක් කරලා දෙන්න ඕන.

    🔺" තුල්හිරියේ තුනී ලෑලි සංස්ථාවක් තිබුණා. ඒක වහලා දැම්මා "

    🔺" ඔස්ට්‍රේලියාවෙ දි ඇම්බියුලන්ස් එකකට කතා කරොත් දෙකක් එනවා. "

    🔺" ලංකාවෙ පාසැල් තියෙන්නේ 1160 යි. "

    🔺පෝර්ට් සිටි එක පුරවන්න කළුගල් කියුබ් කෝටි 12ක්, කියුබ් මිලියන 10ක්, කියුබ් ලක්ෂ 50ක් ‍යනවා. " ( එක එක වෙලාවට එක එක ජාතියෙ බොරු 😀)

    🔺" අපි දළදා මාලිගාවට පහර දුන්නෙ නෑ...තරුණයින් කණ්ඩායමක් එතන හිටපු ආරක්ෂක නිලධාරීන්ට කේක් කවලා ආයුධ ටික අරන් ආවා. "

    🔺" කොරොනා වසංගතය මැඩලීමට යුරෝපයෙන් යොරෝ මිලියන 122ක ආධාරයක් රජයට ලැබුණා. "

    🔺 " මා දැනුවත්ව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මුදල් එවන්න එපා කියලා නෑ "

    🔺" කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් දැකලත් නෑ..දන්නෙත් නෑ"

    🔺" උතුරේ ඡන්ද වර්ජනය කරන්න මහින්ද රාජපක්ෂ LTTE එකට සල්ලි දුන්නා. "

    🔺"හම්බන්තොට හැදුවා නැව් එන්නේ නැති වරායක්...ඒකේ අදායමෙන් කඩල ගොටු දෙකක් ගන්න බෑ"

    🔺" මම ජාතික විධායක සභාවෙ හිටියේ නෑ. දූෂණ මර්දන කමිටුවක් පිහිටෙවුවේ නෑ. "

    🔺" MILCO එක ලාභ ලබන්න ගත්තේ මම කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න කාලේ. "

    🔺" 12.12.12 ලෝක විනාශ වෙනවා කියපු දවසේ ලැම්බොගිනි වර්ගයේ රේසිං කාර් 19ක් කොළඹ වරායට ගොඩ බෑවා "

    අනුර කියපු බොරු තව ඕන තරම් ඇති...මට මතක මෙච්චරයි.

    මේ තරම් දැඩි විශ්වාසයකින් බොරු කියන්නත් පසුව " මම එහෙම එකක් කවදාවත් කියලා නෑ " කියන්නත් පුළුවන් වීම අනුර කුමාරට තියෙන සුවිශේෂ හැකියාවක්.

    ධම්මපදයේ ලෝක වග්ගයේ එන ගාථාවක ( ඒක ධම්මං අතීතස්ස.. ) තියෙනවා සත්‍ය වසන්කොට බොරු කියන තැනැත්තාට කළ නොහැකි පාපයක් නෑ කියලා.

    ආ ඒකට කමක් නෑ...අපි මාලිමාවට !

    මේක ලියපු මටත් නිවන් සැප ලැබේවා කියල කමෙන්ට් කරපල්ලා දැන් !

    ReplyDelete
  23. මාතලන් මේක බලන්න

    අධිවේගී මාර්ග හදන කොට දේශපාලකයන් ඊට එරෙහිව අපහාසයෙන් කල කුප්ප කතා

    https://fb.watch/mExdQ2Uy4B/?mibextid=Nif5oz
    අධිවේගී මාර්ගය ගැන විවේචනය කරන අනුර

    https://fb.watch/mDX1XE1349/?mibextid=Nif5oz
    අධිවේගී මාර්ගය අපහාසයට ලක් කරන අනුර සහ ලාල්

    https://fb.watch/lMzQjNsAkU/?mibextid=Nif5oz
    හයිවේ වල.ගියාම දඩමස් එකතු කර ගන්න පුළුවනි ලාල් කාන්ත

    https://www.facebook.com/Eng.National.Professionals/videos/418172525753390/
    කුප්ප ජවිපෙ ලාල් කාන්තගේ දඩමස් කතාව

    https://www.facebook.com/gossipkadee/videos/749569169010259/
    අධිවේගී මාර්ග නිසා බල්ලන්ටවත් එහා මෙහා යන්න බෑ අනුර කුමාරගේ කුප්ප කතා

    https://fb.watch/iko6eEiAv8/
    අධිවේගී මාර්ගය නිසා බල්ලෙකුට එහා මෙහා යන්න බැහැ ඒ කුහක දේශපාලනයේ හැටිය

    https://www.facebook.com/SLRanga/videos/409513472565561/
    ගුවන් පාලම් කන්නද රනිල් අසයි

    https://www.facebook.com/sriavtvN/videos/401172437204063/
    රනිල් මාර්ග පද්ධතිය ගැන කියයි

    ReplyDelete
    Replies
    1. වරාය නගරය ගැන ඒ ඒ කාල වලදී
      දේශපාලකයන් කී පට්ට පල් බොරු
      අවලාද උපහාස නතර කිරීම් සහ ව්‍යාජ විවේචන ඒ සියල්ල යටපත් කරමින් මහින්ද රාජපක්ෂ රජය විසින් එය චීනයත් සමග ගොඩනගා අවසන් කරමින් තිබේ
      අපි ඒ දවස් වල කුහකයන් කී කතා ටිකක්
      අහලා බලමු

      ඒ කතා වාගේ තමයි දැන් කියන කතා ඒ නිසා දේශපාලකයන් කියන විවේචන අපහාස උපහාස ගැන ජනතාව වන ඔබ සබුද්ධිකව සවිඥානිකව හිතන්න

      https://fb.watch/njfJQXLy25/?mibextid=Nif5oz
      වරාය නගරය නතර කරනවා
      රනිල් වික්‍රමසිංහ කියයි

      https://www.facebook.com/groups/488438624646479/permalink/2447540375402951/?mibextid=Nif5oz
      වරාය නගරය ගොඩ කරන්න යාම ගැන අනුරගෙ කතා

      https://www.facebook.com/AmaBridalDressDesigners.lk/videos/2834464806606228/
      වරාය නගරය හදන්න කළුගල් කියුබ් කෝටි 12ක් උවමනායි කියූ අනුර කුමාරගේ අලි බොරුව

      https://m.facebook.com/story.php?story_fbid=998972150999951&id=100026615256880&mibextid=Nif5oz

      කළුගල් මදිවෙන අනුරගෙ බොරුව

      Delete
  24. AKD කියන්නේ හොදම බොරු ගහන පුද්ගලයෙක්..එයාගේ හොදකම හැබැයි ඇත්ත වගේ බොරු කියනවා.. ප්‍රශ්න කරන්න බැරි, මිනිස්සු අහුවෙනවා.. මෙන්නේ ඇත්ත. AKD ගන්න කොට මිල්කෝ එක පාඩු පිට දියුවේ නෑ.. 2008, එහම බැලුවොත් CB රත්නායක යටතේ තමයි හොද ලාභයක් ලබලා තිය්න්නේ. 🤣🤣🤦🏽‍♂️

    🔹2002 / 2003 වසර - ලාභය මිලියන 27.70

    🔹2003 /2004 වසර - ලාභය මිලියන 38.99

    🔹2004 / 2005 වසර - ලාභය මිලියන 91.46

    🔹2005 / 2006 වසර - ලාභය මිලියන 88.80

    🔹2006 / 2007 වසර - ලාභය මිලියන 18.47

    🔹2007 / 2008 වසර - ලාභය මිලියන 104.27

    🔹2008 / 2009 වසර - ලාභය මිලියන 332.16

    🔹2009 / 2010 වසර - ලාභය මිලියන 300.75...

    🔹2010 / 2011 වසර - ලාභය මිලියන 83.192

    🔻2011 / 2012 වසර - පාඩුව මිලියන 255.71

    🔻2012 / 2013 වසර - පාඩුව මිලියන 298.02

    🔹2013 / 2014 වසර - ලාභය මිලියන 140.41

    🔻2017, 2018, 2019 වර්ෂ - පාඩුව මිලියන 2,000

    🔹2020 වසර - ලාභය මිලියන 417

    🔹2021 වර්ෂයේ MILCO ලාභය මිලියන400 ඉක්මවයි

    ReplyDelete
  25. ඇත්තටම මාතේ මාලිමා විගඩමේ මහ හූරාවන අල් කයියා නායක මිණිරං අන්ර ගැන අනාවැකියක් කියන්නද...? අන්රයියලා ඡන්දයක් ගන්න වැඩිය දඟලන්නෙ නෑ.

    උනගේ හාම්පුතා වන රනිල් අප්පොත් දැන්මම ඡන්දයක් තියන්නෙත් නෑ. ඡන්දයක් එනකල් අන්රලා ලෝකෙ වටේ ධනවත් රටවල්වලට ගිහිං එහෙ ඉන්න පොල්බූරු රටගොන් සිරිලංකන් අප්පුහාමිලාව චූන් කරලා ගාණක් කඩාගෙන මඩිය තරකරගන්නවා. මොකද පාලන බලය අරගෙන ක්‍රියාත්මක කරන්නට රටේ තියෙන ආර්ථික ගැටළුවලට මාලිමාවේවත් අනුර ළඟවත් කිසිම තිරසාර විසඳුමකුත් නැතිනිසා, කාටහරි මුක්කුවක් ගහලා ඇඟ බේරගන්නවා. සමහරවිට, අන්රලාට තියෙන රැල්ල නවත්වන්න අන්රලාම යටින් වෙන ගේමක් ගහයි. ඒ අස්සේ 2015 දී සිරිසේන ගෙනාවා වගේ පොදු අපේක්ෂකයෙක් චූන් කරන්ටත් බැරි නෑ. එතකොට බුකි කයියන්ට වගේම මහ කයියන්ටත් පුළුවන් ඒ කෙනාට ඇඟිල්ල දික්කරලා අපි හිටියනං ඕම වෙන්නෑ වගේ සීන් දාලා ඒ උන්දැට ඡන්දෙ දීපු මිනිස්සුන්ට බයියා ටොයියා වගේ අළුත් නමක් දාලා බනින්ට🤗🤩
    මේ කයියන්ගෙ හැසිරීම දිහා බලාන උන්නු මට හිතෙන දේ..🤗

    ReplyDelete
  26. තඹුත්තේගම අනුර කුමාරගේ ඇට දෙක

    ReplyDelete
  27. අඨෝ ගූතලන් හොරමුලනයි, බයි කමයි,වහල්කමයි රිලා කමයි ,ගූ බුදින එකයි අස්සේ ඉදන් කැතම විදිහට වහල් කම ලෙසටම තියෙන උන් ගජබින්න වපුරන කොට ලපයගෙ බෙට්ට රත්තරං කියල හිතන් ඉන්නෙ.😂🤣. අවශ්‍ය වෙලාවට හොරමුලනෙ එකා ගේන්න , මාර ගේමක් ගහපු එකයි,චන්ද්‍රිකා එක්ක deal දාපු එකයි, දන්නේ නැතුව ඇති.කැනඩාවෙ ඉන්න ශංමුගන්ගෙන් මුදල් ඉල්ලන එක එහෙම දන්නෙ නැතුව අති.කැනඩා ඉන්න අපිනම් දන්නවා මූ මෙහෙ ඇවිත් ඇබරි ඇබරි හිගාකන විදිහ. සුලුතර කොටසගේ අසාහනයය සමස්ත රටම විනාස කරපු ත්‍රස්තවාදී කල්ලි ,සිපයි නායකයොන්ට වහල්කම් කරන නිවටයො තාම දන්නේ නැ.. අලු යට තාම ගින්දර තියෙනවා කියල.ඒක දැන ගන්න පුලුවන් 69 බයි සෙට් එක ජවිපෙ ලැට් කටින් ලගදිම එලි බහිද්දී.අවුරුදු 23කට වැඩි කාලයක් දේසපාලනේ කරලා අඩුම තරමින් කඩ්ඩ හදාගන්න බැරි එකාගෙ ආර්ථිකය ප්‍රතිපත්ති සහා ත්‍රස්ත කල්ලි දැක්ම ගැන දන්නෝ දනිති. කොහෙවත් යන එකෙක් පොරක් කරල රටත් කාලා go home කියපු බයියට එල්ලෙන්න අතක් නැතුව දුවපු කක්කුස්යෙ අයිති 3 සෙට් එක හිතන් ඉන්නේ පාරාවලල්ලක් නෑ කියල.ඇත්තටම උන්පව්..😂 මොකද උන් දන්නෙ නෑ දවසක උන්ට පක්ශයම නැතිවෙනවා කියල. ඔන්න ඕක අවුරුදු 5කට මේ කොටාගේ ත්‍රස්තවාදී කල්ලියට දීලා දෙකයි පණහේ ගොන් ලපයා පොරක් කියන රට ගෙන දන්නැති,රටෙත් නැති, උන්ට ඇපත් නැති වෙන්නම දීපූ දාට සුමන්දිරම්ට තමා දෙන්න වෙන්නේ..🤣.

    ReplyDelete
  28. රෂිනි සුරියාරච්චිට පුකේ අරින්න ආසයි

    ReplyDelete
  29. රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා විසින් තවත් සීනි බදු වංචාවක් සිදුකර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හෙළිදරව් කිරීමක්

    සීනි සඳහා ශත 25 ක තිබූ බදු මුදල රුපියල් 50ක් දක්වා ඉහළ දැමීම පසුපස රනිල් වික්‍රමසිංහ රජයෙන් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද අනාවරණය කළේය.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම හෙළිදරව්ව සිදුකළේ මේ බද්ද වැඩිකිරීමට මොහොතකට පෙර එක්තරා සමාගමක් පැරණි බදු මුදලට සීනි කිලෝග්‍රෑම් 520,000 ක ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවය.

    මෙලෙස නිදහස් කරගෙන ඇති සමස්ත සීනි ප්‍රමාණය ට රජයට ගෙවා ඇති බදු මුදල රුපියල් 130,000ක් පමණක් බවද පුබුදු ජාගොඩ සහෝදරයා අනාවරණය කළා.

    රුපියල් 50ක නව බදු මුදල අයකළේ නම් ඉන් රජයට රුපියල් 18,000,000ක මුදලක් ගෙවිය තිබූ බවද පුබුදු ජාගොඩ වැඩිදුරටත් සඳහන් කළේය.

    2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී සීනි බදු මුදල රුපියල් 50 සිට ශත 25 ක් දක්වා අඩුකරන මොහොතේද මෙම සමාගම විසින් රේගු ගුදම්වල රඳවාගෙන සිට මීට වඩා තරමක් අඩු ටොන් 150 ක පමණ ප්‍රමාණයක් නිදහස් කරගනිමින් රජයට ගෙවීමට නියමිතව තිබූ මෙබඳුම දැවැන්ත බදු මුදල් ප්‍රමාණයක් වංචා කළ බවද පුබුදු ජයගොඩ සහෝදරයා පැවසීය.

    https://sinhala.adaderana.lk/news/189031

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න