.

.

Feb 20, 2023

බල්තසාර් සඕදරීගේ පරණ කෝට්, අල්පේච්චතාවය හා රෝයල් පාක් ෆැන්ටසිය

 


බල්තසාර් සඕදරීගේ පරණ කෝට්,

අල්පේච්චතාවය හා

රෝයල් පාක් ෆැන්ටසිය

➖➖➖➖➖➖➖➖🔴


ජනපතිවරණය හැර අනෙක් සෑම ඡන්දයකදීම මගේ චන්දය මා ලබා දෙන්නේ ජවිපෙට බව, මාතලන් සයිබරයට පැමිණි මුල් කාලයේ සිට දන්නා වුන් හා මා පෞද්ගලිකව දන්නා වුන් දන්නවාය. ඒ ..., උන්ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුල අනිවාර්‍යයෙන් සිටිය යුතුයැයි මා විශ්වාස කරනා හේතුවෙන් හා විවිධ හේතූන් මත මා ආදරය කරනා උන්ද එහි සිටිනා නිසාමය.


එය එසේයැයි කියා, කිසිවකු හෝ මගේ මතයට අනුව කරනා අමණ මොරිමාඩ වැඩ විවේචනය නොකර සිටිමේ පුරුද්දක් මෙන්ම, ඒවා දේශපාලයේ ඇති උපහාසය සෝපාහසය තුල විවේචනය කිරීමද මගේ සිරිතය. ඊට කඩේ යන නොයන කියා අදාල නොවන්නේමය.


මාතලන්ට මතක කාළයේ සිට, චන්ද සමයක් කියන්නේ මාතලන්ට ආතල්ම කාළයක් වන්නේය. පොලිටික්කෝ ඔය තරම් කෙප්ප කෙලිනා කාළයක් තවත් ඇත්තේ නැතිය. ඉස්ටේජ් වල අමු කෙප්ප පලන්නේ තරඟයටය. හරියට වාද බයිලා තරඟ වගේය.


මේ නිර්මාණාත්මක කෙප්ප කෙලීමේ කතා අඩංගු කර පොතක් ගැහුවා නම්, ජේ කී රෝව්ලින්ග්ස් නෝනාට දුවන්න වෙන්නේ හැරි පොටර් කරේ තියාගෙනය.


මට මතක කාලයේ සිට පේසාලෙන් තෙල් එනවාය. දැන් අලුත් සියවසේ ඊට අලුත් මුහුණුවරක් එක් කොට තිබෙනවාය. දැන් තෙල් එන්නේ පුත්තලම් යෝනියෙනි. 


කොච්චර එනවාද කියනවා නම්, රටේ විදෙස් ණයත් ගෙවා චීනෙට ජපානෙට දෙන්න පුලුවන් සයිස්සෙකක් තියෙනවාය කියපු එකාගේම කාලයේ තෙල් පෝලිම් වල මිනිස්සු වැලිගම්පිටිද ගියේය.


හදෙන් හාල්, ඇට අට, ධනවාදෙට මානුෂික මුහුණුවර, දින 100 ගොඩයෑම, යාපාලනේ මෙන්ම සිතිජයෙන් එහා සවු භාගේ තවත් ආතල් දුන් ඒවාය.


මෙවන් ආතල් දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාෂණවලින්ම විතරක් නෙවේ, ව්‍යවස්ථාවෙන් දෙන ඒවාත් තියෙනවාය. සැමට සමාන නීතිය වගේම, තර්ටීන්, තර්ටීන් ප්ලස් හා බලය විමධ්‍යගත කිරීම එවැනි ඒවාය.


දැන් ජෙප්පො ඇදගෙන නාන්නේ එවන්  ප්‍රතිපත්ති ප්‍රකාෂණයක් නිසාය. ඉස්සර කෙප්ප කෙලියේ ඉස්ටේජ් වල හා මුද්‍රණයෙන් එන කොල කෑලී වල උනත්, දැන් ඒවා අන්තර්ජාලයෙනුත් එනවාය. පරණ ඒවා අප්ඩේට් කරේ නැත්නම් හත් පොලේම ගාගන්න වෙනවාය.


මෙවන් කෙප්ප ඇද අරින්න උපන් හපන්නු ජෙප්පෝය. එයාලා අඳින පලදින දේ ගැන ඇති කෙප්ප දැන් මුලු රටේම ජෝක් වී අවසානය. හැබයි මක්කා කිව්වත් නායකයෝ බ්‍රෑන්ඩඩ් ඒවා ඇඳීම පට්ට ධනවාදිය. මන්ද උන් ඒවා පිනාට ඇන්දත්, ඒවා ඩේසී ආච්ච්ගේ මැණික් මල්ලෙන් ලැබුන ඒවා නොව, තෑගි දෙන ආර්ථිකයට ෆුල් බැකප් එකක් දෙන බදු ගෙවන සාර්ථක ව්‍යවසායකයෝ වෙන දයාසාන්තලාට අයත් දේ වීමය.


එහෙත් බල්තසාර් සහෝදරියගේ කෙප්පය එවන් ධනවාදී කෙප්පයක් නොව, අසරණ සරණ, සරණාගත එකක් වීම මෙහි ඇති අභාග්‍යයය. මෙවන් අනුකම්පා කෙප්පයක් චන්ද්‍රිකාද ඇද බෑවේය. ඒ එයා ලන්ඩන් ඉන්නා කාළයේ දරුවෝ ඇන්දේ හිතවතුන් දුන් ඇඳුම් කියලාය.


පරණ කෝට් හා බේල් අඳුම් ලංකාව වැනි බංකොලොත් රටකට අලුත් දෙයක් නොවේ. අපි පොඩි කාළයේ පරණ කෝට් කාරයෝ නඟරයේ මෙන්ම ගමේද ඕනෑ තරම් උන්නේය. එය සමාජය සමඟ කෙතරම් බැඳී තිබුනේද යත්, ප්‍රේමකීර්තී ද අල්විස් ලියා ප්‍රෙඩී සිල්වා ගායනා කළ පරණ කෝට් කියා අතිශයින් ජනප්‍රිය ගීතයක්ද තිබුනේය. අදද නුවරඑළියේ මෙන්ම කඳුකරයේ සෑම නඟරයකම පාහේ බේල් ඇඳුම් කඩ ඕනෑ තරම් තියෙනවාය. කරුමය කියන්නේ මේවා ඇන්ජීඕ කාරයන්ට නොමිළේ ලැබෙනා ඒවා වීමය.


ආර්ථිකයේ මර්මස්ථානය වෙන කොළඹ නඟරයට අවශ්‍ය වන්නේ, මෙවන් මානසිකත්වයක සිටිනා බල්තසාර් සහෝදරී වගේ කෙනෙක් නොව, කෝට්ටේ නඟරාධීපති අපේක්ෂක චතුරංග අබේසිංහ වැනි රෝයල් පාක් මානසිකත්වයක ඉන්නා බඩුවක්‍ය.


රාජගිරියේ උන්නත් බණ්ඩාරනායකපුර වතු ජනතාව දැකලා නොතිබූ උන්නැහේ දැන් ඉන්නේ ඉන් කම්පිත වෙලාය. මේ ජනතාව වෙනුවෙන් මක්කා හෝ කළ යුතුයැයි කියා උන්නැහේට පිළිබඳ සිතක් පහලවීම ඇත්තටම සතුටට කරුණක්‍මය.


එය....., මීට පෙර වැඩසටහනක් තුල නරඹන්නෙක් බල්තසාර් සහෝදරියගෙන් ඔබ නඟරාධීපතිනිය ලෙස පත් වුවහොත් වතු ජනතාව වෙනුවෙන් කරනා දේ තුනක් කියන්නැයි කී වීට පාරේ කාණු කපන වඳුරු කුණුහබ්බ කෙලියාට වඩා ජජබෙටත්, ජවිපෙටත් වාසි දායකය.


රටේ කරුමෙට ධනවාදී යැයි කියනා පක්ෂ වලින් ආපු උන් මෙන්ම ඉන්න එකාද වෙන්ට ජනපතිලාද ඉන්නේ ජනතාවට බිලී පිත්තක් දෙනවා වෙනුවට, මාළුවෙක් දෙන ආර්ථික ප්‍රතිපත්තියේය. 


උන්ගේ විශේෂත්වය වන්නේ, උන් මාළුවා විතරක් නොදී, මාළූ ඉල්ලන එකගේ ටේස්ට් එක අනුව පිලියෙල කොට, පිඟානටත් බෙදලා දෙන එකය.


ඒ වගත් මෙසේයෑ.......

රටට සම්මා ජනරජ සරණය...

.

20 comments:

  1. බල්තසාර් ඇඳපු පෑන්ටියක්නේ දැන් අනුර කුමාර අදිනවා කියන්නේ

    ReplyDelete
  2. ඔව් ඉතින් මාලිමා මාතලන් උඹලාට ඉනේ බදින පටිය දෙන්නේ යාලුවෝ, අතේ බදින ඔර්ලෝසුව දෙන්නේ යාලුවෝ, ප්ලේන්ටී එකේ බිල ගෙවන්නේ යාලුවෝ, කාපු බනිස් ගෙඩියේ සල්ලි ගෙවන්නේ යාලුවෝ, අදින කලිසම, කමීසේ දෙන්නේ යාලුවෝ. ජොකා දෙන්නේත් තොගේ ගෑනිගේ බ්රා පෑන්ටි පෑඩ් පැකට් දෙන්නේත් යාලුවෝනේ, ඒ කියන්නේ ඇත්තම කියනවා නම් මාලිමාවේ උඹලා රස්සා කරන්නේ නැතිව අනුන්ගෙන් යැපෙන අමු හිගන්නෝ බොලා කියන කතාව ඇත්තක් නම්. එහෙම නේද? ඔය වගේ හිගන්නෝ රෑනක් බලයට ගේන දත කන එවුන්ට වෙන්නෙත් උඹලාගේ ඕන එපාකම් හොයලා බලලා උඹලාගේ පවුල් පිටින් නඩත්තු කරන්න. උඹලා වගේ හිගන්නන්ට ඡන්දේ දෙන්නේ මොලේ අප්සෙට් කාරයෝ වෙන්න ඕන. පිස්සු බල්ලෝ. 😁😁😁

    ReplyDelete
  3. මචං මටත් ආසයි ඩොලර් ටිකක් හොයාගන්න ඔය වගේ ලොරි ටෝක් එකක් දෙන්න මාලිමාව වෙනුවෙන්. කාවද හම්බවෙන්න ඕන කියලා කියහන්කෝ. අපිට ආරංචියි මාලිමාවේ එවුන් උන්ට හුලං ගහන ඕන එකෙක්ට හොදට සලකනවා කියලා.

    ReplyDelete
  4. ඉන්දීය දේශපාලනයට දැවැන්ත බලපෑමක් කිරීමට උත්සාහ කල බිලියනපති George Soros ඉන්දීය විදේශ අමාත්‍ය ජේශන්කාර්ගේ විවේචනයටත් විරෝධයටත් ලක්ව කඳ හරහා ඇනගෙන දැවැන්ත පසුබෑමකට ලක් විය. මේ වෙලාවේ ලංකාවේ මවන මාලිමා රැල්ලද ඊට එකතු වෙමින් ඇති පොල් කෝම්බද George Soros මහලු යක්ෂයාගේ න්‍යායපත්‍රයකට අනුව සිදුවන බව පෙන්වීම එතරම් අපහසු නැත. George Soros පදනම ලංකාවේ අටවන කෙමනද වැඩි දිනක් ගත වන්නට පෙර ඉන්දියාව විසින් කුඩු පට්ටම් කරදමන බවට විශ්වාසය පලකල හැක. මන්ද යුක්රේනයේදී Neo-Nazi තුලින් එලියට පැන දැන් ව්ලදිමීර් පූටින් අතින් කුඩුපට්ටම් වෙමින් ඇති George Soros න්‍යායපත්‍රයක් ලංකාවේදී ලංකාවේ ජනතාවට මෙන්ම ඉන්දියාවටද වින කරමින් මතු වන්නට සුපිරි බලවත් ඉන්දියාව කිසිසේත්ම ඉඩ තබන්නේ නැත.

    ReplyDelete
  5. ව්‍රායා කෑලි ව්‍යාග්‍රා වගේ විහිලු නමක් තියෙද්දි සාතන් නැත්නම් යක්ෂයා හෙවත් බල්තසාර් කියන අන්තිම නාමය දාගෙන මේ සැරසෙන්නෙ දෙවියන් වහන්සේට එදිරිව ගොස් යක්ෂයා හෙවත් සාතන්ව හෙළුවෙන් වන්දනාමාන කිරීමටයි.

    දෙවියන් වහන්සේ වෙනුවෙන් මූසල ජෙපි යස්දෙස්සන් පන්නා දමමු.

    ReplyDelete
  6. මමත් කවදාවත් ඇඳුම් සල්ලි වලට අරගෙන නෑ හැමදාටම පක්ෂයේ සහෝදරවරු හොඳ ඉටැලියන් බ්‍රෑන්ඩඩ් පට්ට එක්ස්පෙන්සිව් සූට්ස්, රුපියල් ලක්ෂ හතරක් පහක් වත් වන ඩී ඇන් ජී, Gucci ලෙදර් බෙල්ට්, රුපියල් මිලියනයකට අධික පාවහන් පැළද ගැනීමෙන් දෙපතුල ආරක්ෂා කරගැනීමෙන් විප්ලවීය සටන් කරන්න අත්‍යවශ්‍ය නිසා කිරිල්ලවල තෝමස් සහෝදරයා වගේ කට්ටිය Gucci වගේ ඉතාලි ටොප් කොලිටි ෂූස්, රුපියල් මිලියන පහළොවක් විතර වටිනා රොලෙක්ස් ඔරලෝසු සහ ටිල්වින් සිල්වා සහෝදරයා වගේ සීකෝ පහ සෙවන්ටීන් ජුවල් ගෝල්ඩ් 24 කැරට් වොචස්, තව branded ජොක්කු ඇතුලු හැමදේම තෑගි දෙනවා වගේ අප හමුවෙන්න ඇවිත් ඒවා අපට ගලවලා දීලා හෙලුවෙන් ආපහු යනවා

    හැබැයි මගේත් ඇදුම් ඔක්කොම පක්ෂයේ යාලුවෝ ඇවිත් ඇරන් ගියා. ඒ නිසා මමත් මේ දවස් වල ඉන්නේ හෙලුවෙන්.

    ReplyDelete
  7. Me kumana payannak da? Kiya Athi kisiwak nothere.

    ReplyDelete
  8. අයිසේ මාතලන් පෙරටුගාමීන් ගාව නම හැරුනු කොට වෙනත් මොන යම් හෝ පෙරටුගාමී දෙයක් තියේද? ඔන්න ඒකට විමුක්ති පෙරමුණ නම් සෑහෙන ගානකට විමුක්තිය ලබා දුන්නා ඒ කාලේ. මම හිතන්නේ ආයේ පාරක් 2000න් පස්සෙ උපන් පරම්පරාවට විමුක්තිය ලබා දීම උදෙසා මේ දවස් වල ඔය ව්‍යායාමය කරනවා ඇති.

    ReplyDelete
  9. පයාගල ග්‍රාම නිලධාරි වසම් දහයකට අධික ප්‍රමාණයක මාස කීපයක් මුළුල්ලේ පිරිමින් නොමැති නිවාස වලට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවන් බිය ගන්වා මරණීය තර්ජනය කර ලිංගික අඩන්තේට්ටම් කර පොලිසිය මඟ හැර කට්ටිපනිමින් සිටි ‘පොඩ්ඩෙ’ නමින් හදුන්වන 37 හැවිරිදි සැකකරු‍ෙවක් කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.


    පොලිසියටලද පැමිණිලි ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පයාගල පොලිසිය අවස්ථා කිහිපයකදී කළ උත්සාහයන් ව්‍යාර්ථ වී ඇති අතර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට සිදුකළ වැටලීම හේතුවෙන් මෙසේ පලා ගොස් තිබේන බවත් ඒ ඔස්සේ ලද බුද්ධි තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
    මෙම සැකකරු ඇතැම් නිවාසවල දොරඟුලු ගලවා ඇතුළුවී ඇතැම් කාන්තාවන් ටඅමානුෂික ලෙස ලිංගික හිංසන වලට ලක් කර පහත් ආශාවන් ඉටු කරගෙන පලා ගොස් තැන් තැන්වල සැඟව සිට කාලයක් තිස්සේ ගම් වැසියන් භීතියට පත් කර තිබෙන බව මහජන ආරක්ෂක කමිටුවේ නිලධාරියෙකු ද පැවසීය.

    සැකකරු තදින් මත්කුඩු පානයට ඇබ්බැහිව් තිබෙන අයකු බවත් වසර ගණනාවක සිට අධිකරනයෙන් දඬුවම් ලැබ විටින් විට බන්ධනාගාර ගතව නිදහස්ව පැමිණ සිටියදී මෙලෙස කාන්තාවන්ට හිංසන සිදු කර ඇති බව විමර්ශන සිදුකරන පොලිසියේ නිලධාරීන් සඳහන් කළහ.

    ඇතැම් කාන්තාවන් ලැජ්ජාවට පත්ව සැකකරුගෙන් සිදුව තිබෙන හිංසන අනාවරණය කිරීමට මැළි වී ඇති බව වාර්තා වෙනඅතර අතවරයට පත් ඇතැම් කාන්තාවන්ට රෝහල් ගත වන්නට ද සිදුව ඇතැයි දැනගන්නට ලැබෙයි.

    – තුසිත කුමාර ද සිල්වා

    ReplyDelete
  10. මේ දේවල් මේ විදියටම වෙන බව අපි කිව්වා .පේ න බලලා නොවෙයි ලංකාවේ මිනිස්සු ගැනත් ජවිපෙ ඉතිහාසයත් එකට දමලා පෙර අත්දැකීම් විමසලා .නමුත් Npp කිය කියා මැරෙන්න හදපු එදත් වියත් මගට අසු වූ මිනිස්සු හොල් සෙල් ජෙප්පන්ගේ තක්කඩි කුමන්ත්‍රණකාරී සැලසුමට අහු වුණා .කියන්නත් ලැජ්ජයි සමහර ආචාර්ය මහාචාර්ය ලාත් ජවිපෙ පච මැෂිමට අහුවෙලා දැන් තක්කු මුක්කු වෙලා.මේ ආරම්භය පමණයි. නිර්ධන පන්තියේ වෙළි වෙලි ඉඳපු ජෙප්පොන්ට බලය ලැබුණාම අපේ ධනවත් උගත් මහත්වරුන්ට වියාපාරික මහත්වරුන්ට බලාගන්න පුළුවන්

    ReplyDelete
  11. යකෝ මාතලන් මම පහුගිය දවස් වල බැහැලා අරගලේ කරලා ගෝඨා එලවෙව්වේ අපි කියලා පොරටෝක දීපු කුරුණෑගල අපේ යාලුවෙක් එක්ක කතාවක් ඇතිවුණා ඒ සංවාදය මෙතන දාන්නම් හරිද? හැබැයි රජෝ මේක කියවලා මොලේට සමනල් ගැටේ වැටුනොත් මට වග කියන්න බෑ හොඳේ... මේකට මාතලන්ගෙන් උත්තරයක් ඕනේ අනිවාර්යයෙන්ම හරිද?

    මේකයි තොරණේ විස්තරේ...

    මිතුරා : උඹලැයි ජනාධිපතිනේ http ඡන්දෙ කල් දාන්නේ..

    මම : මචන්.. අපි 2019 අගදී ජනාධිපති කෙනෙක් පත් කලා ජනපතිවරණයකින්.. උඹලා බස් කෝච්චි අරන් කුරුස කරේ තියන් ඇවිත් අමු තිත්ත කුණුහරුප වලින් බැන බැන ඇවිත් ගේම ඉල්ලලා මෑන්ගේ පවුල් පිටින් මරණවා කියලා තර්ජන කරලා ඒ මිනිහාව පැන්නුවා

    හරි ඉතින්.. එහෙම නෙවෙයි ඉ

    ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙන් තමයි දැන් ඉන්න ජනාධිපති පත් කලේ.. අපේ සම්භන්ධයක් නෑ..

    ඒ වුනාට උඹලානෙ පත්කලේ...

    යකෝ බූරු හරකෝ මහින්ද එදා කිව්වා නේද එයාලා ඡන්දෙ දුන්නෙ ඩලස්ට කියලා. පොහොට්ටුවේ සභාපතිත් සජිත්ගෙ ප්‍රෙස් එකේ ඉදගෙන කිව්වේ අපි ඩල්ස්ට සහාය දෙනවා කියලා..

    ඒක ගේමක්නෙ බන්... මහින්ද දුන්නෙ රනිල්ට..

    උඹ කොහොමද හරියටම කියන්නේ? හරි එහෙමමයි කියමුකො ඒත්
    උඹලා මහින්දගෙ ජනාධිපති එලවන්න ගේමක් ගැහුවානම්, ඇයි මහින්දට බැරි උඹලාගෙ වැඩේ හිරවෙන්න ගේමක් ගහන්න..

    ඒක රටට අවාසියිනේ.. රට පැත්තෙන් මාර චාටර් වැඩක් පොහොට්ටුවේ කාලකන්නි හැත්ත කලේ..

    එතකොට යකෝ උඹ හිතන්නෙ එවෙලේ ජනාධිපති වෙන්නෝන ඩලස් කියලාද, අනුර කියලාද

    උන් දෙන්නමත් නෙවෙයි...

    ඡන්දෙ ඉල්ලුවේ ඔය තුනනම්, උඹලාගෙ විකල්පය කෝ එතකොට..

    අපේ විකල්පය පාර්ලිමේන්තුව ඇතුලේ නෑ. අපට ඕන සබුද්ධික නායකයෙක් මේ රට කරන්න පුලුවන්..

    හරි පාර්ලිමේන්තුවෙන් එලියේ ඉන්න උඹලා පිළිගන්න නායකයා කවුද?

    ඊලඟ ඡන්දෙකදි ඉදිරිපත් වෙන හොඳම එකාව අපි ගේනවා. ඒක ඡන්දෙකදි බලමු.

    ----ඉතිරිය...

    ReplyDelete
    Replies
    1. ---ඉතිරිය...

      ඉතින් බන් බූරු පුතේ උඹලාට එහෙම එකෙකුත් නැත්නම්, ඡන්දෙට ඉදිරිපත් වුන තුන්දෙනාම හරිත් නැත්නම්, එහෙම එකෙක් පාර්ලිමේන්තවෙත් නැත්නම් කවුද ජනාධිපති වෙන්න ඕන එදා.. ? ඒක කියපන් බලන්න...

      ජනාධිපති නෙවෙයි.. මේ සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕන..

      හරි කොහොමද වෙනස් වෙන්න ඕන..? මොනවද වෙනස් කරන්න ඕනේ? මොකක්ද උඹලා බලාපොරොත්තු වෙන සිස්ටම් එක..

      මේ රට දියුණු වෙන්න ඕන.. මාෆියා නැතිවෙන්න ඕන.. කුඩු අයිස් නැතිවෙන්න ඕන.. රාජ්‍ය සේවකයෝ වැඩ කරන්න ඕන.. රටේ ණය බර අඩු වෙන්නෝන.. අපරාධ නැතිවෙන්න ඕන.. දේශපාලකයින්ට දෙන දේවල් නැතිවෙන්න ඕන.. මහජන මුදල් නාස්තිය අවම වෙන්න ඕන.. මිනිස්සුන්ට තමන්ගේ අයිතිය තියෙන්න ඕන නිදහසේ කතා කරන්න..

      ඉතින් ගෝඨා කලේ ඕකනේ බන්...

      ගෝඨා කොහෙද බලු පරයෝ ඒවා කලේ.. ?

      ගෝඨා බලයට ඇවිත් රටට හානිකර විදේශ ණය ISB bond එක ණයක් ගත්තෙ නෑ.. බංග්ලාදේශයේ අතමාරුවක් සහ චීනයෙන් සහන සේවා අතමාරුවක් වන currency swap වලින් විතරයි අමාරුම කාලේ පවා රට ඇදගෙන ගියේ ඒ වගේම තමයි ඖෂධ, පොහොර මාෆියා පරද්දන්න කටයුතු කලා.. අපරාධ අඩු වුනා.. කුඩු අයිස් වටලන්න ගත්තා.. රජයේ සේවකයන්ට වැඩ දුන්නා.. ටාගට් දුන්නා.. දේශපාලකයන්ගෙ වරප්‍රසාද සීමා කලා.. මුදල් නාස්තිය අවම කලා.. වෙලාවට අයි එස් බී වගේ යහපාලන ආණ්ඩුව කාලේ ගත්ත දැවැන්ත ණය ගෙවලා විදේශ ණය බර අඩු කලා.. මිනිස්සුන්ට තමන් කැමති දේවල් කරන්න උද්ඝෝෂණ කරන්න ඉඩ දුන්නා.. ඉතින් ඔය කියන ඔක්කොම ගෝඨා කලානේ..

      ඒ වුනාට බැසිලා කරන්න දුන්නෙ නෑනේ... හොරා කාල ඉවර කරල තියෙන්නෙ..

      යකූ.. රට වැටෙද්දි බැසිල් ඉන්දියාවට ගිහින් ඩොලර් මිලියන 4000ක් වන Indian credit line එක අරන් ආවා.. උඹලා තාම තෙල් ගහන්නෙ ඒ සල්ලි වලින්.. එදායින් පස්සෙ එක විදේශ ආයෝජනයක් ණයක් ආවා කියලා දන්නවාද... නෑනේ.. උඹලා ඒ සල්ලි වලින් තෙල් ගහගෙන කපුටු කාක් කාක් කියලා හෝන් ගගහා එහෙ මෙහෙ ගියා..

      ඒ වුනාට උඹලා මැයි නවය අරගලේට ගහලා මේ රට විනාශ කලානේ.

      මැයි නවයට පස්සෙද මිරිහානට ගැහුවේ.. ගාමිණී ලොකුගේ ගෙ ගෙදරට ගැහුවේ.. රඹුක්කන තෙල් බවුසරේට ගැහුවේ.. කන්චන විජේසේකරගෙ ගෙදරට ගැහුවේ.. ශෙහාන් සේමසිංහගෙ ගෙදරට ගැහුවේ.. උඹලා ඒ රැල්ල හැදුවා.. අරගලේට ගැහුවාත් නොගැහුවාත් ඔය විනාශෙ උඹලාගෙ අරගලය කරපු උන් කරනවා ඒ සතිය ඇතුලත.. ඒක උඹට පැහැදිලි නොවුනාට ඕන බබෙක්ට තේරෙනවා..

      ඒ වුනාට රනිලාව පන්නන්න ඕන...

      ඉතින් උඹලා අර පහුගිය දවස්වල කලා වගේ ආපහු වතාවක් ගෝල්ෆේස් ගිහින් අරගලයක් කරපන්කෝ.. අපිත් එන්නම්... හා දැන් කියපන් බලන්න දැන් බඩු මිල අඩුවෙලාද.. ඩොලර් එක අඩු වෙලාද.. ගෝඨා වෙනස් කරපු සිස්ටම් එකත් වෙනස් වෙලා පරණ සිස්ටම් එකටම ඇවිත්.. ගෑස් වලින් පවා විදේශ රටවල් දෙන ආධාරයෙන් පවා රනිල්ගේ ගෝලයෝ හොරාකනවා බොලා මුකුත්ම කියන්නේ නෑ මීක් සද්දයක් නැත්තේ ඇයි? ඉතින් ඇයි උඹලා ගෝඨාව එලවන්න දාපු වේට් එක රනිල් එලවන්න දාන්නෙ නැත්තේ..

      ----ඉතිරිය....

      Delete
    2. ---ඉතිරිය...


      ජෙප්පොයි පෙරට්ටොයි අරගලේ විනාශ කලා.. දැන් ආයේ මිනිස්සු එන්නෙ නෑ අ රග ල කරන්න..

      එන්නෙ නෑ නෙවෙයි.. මිනිස්සු ඔහොම අන්දලා ගෙන්නන්න පුලුවන් ජෙප්පොන්ට විතරයි.. උන් රනිල්ට විරුද්ධව මොකුත් කරන්නෙ නෑ. මහින්ද 13 දෙනවා කිව්වානම් ජෙප්පො නටන තරම කොහොමද, කෝ රනිල් ආපු දවසෙ ඉදන් ජෙප්පො මොනාහරි කලාද.. නෑනේ...

      ඒ වුනාට අන්තරේ අපිත් එක්ක ඉන්නවානේ..

      අන්තරේ මොනවා කරන්නද බන්.. එනවා නානවා යනවා.. දැන් පාර්ලිමේන්තුව ලඟ කේස් එක බලපන්.. ලාල් කාන්තයි, සුනිල් හඳුන්නෙත්තියි ලයිව් ඇවිත් කීවා පාර්ලිමේන්තුව වට කරන්න ඕන.. බලය අල්ලන්න ඕන කියලා.. කවුද ඒ සීන් එකට රිමාන්ඩ් වුනේ.. කොහෙවත් නැති පැතුම් කර්නර්.. සුනිල්ලා ලාල්ලා නිකන් පොලීසියකට කට උත්තරයක් දෙන්න ගියාද.. නෑනේ.. උන් ඔය අපූරුවට එලියේ ඉන්නේ..

      ඒ වුනාට මේ පාර මාලිමාව දිනන නිසා තමා රනිල් ඡන්දෙ කල් දාන්නෙ..

      ඉතින් බන් මාලිමාව දිනනවානම් රනිල්ට හොඳයිනේ.. පොහොට්ටුවට වඩා ජෙප්පො කීකරුයිනේ රනිල්ට.. ජෙප්පොත් දන්නවා ජෙප්පො දිනන්නෙ නෑ කියලා ඉන්තේරුවට..

      පිස්සුද බන්.. ජෙප්පො ඒකනේ ලොක්කො ඔක්කොම දාලා තියෙන්නෙ මේ පාර.. උන් දිනන්න තිබ්බේ..

      අනේ මචන්.. උන් ඔක්කොම ලිස්ට් එකෙන් එන්නේ.. උන් කොට්ඨාශයක් දිනන්න පුලුවන්නම් ලිස්ට් එකෙන් එනවාද.. එකතුවෙන ඡන්ද වලින් 40%ක් සමානුපාත ක්‍රමේට එන ආසන ටිකට උන් රිංගනවා.. නම් දාගන්නෙ ඒ මන්ත්‍රී වරප්‍රසාද වලින් පක්ෂේ අරමුදල තර කරන්න..

      මේ රටේ ඉදලා හරියන්නෙ නෑ බන්.. ඉක්මණට වෙන රටක් හොයාගෙන යන්න ඕන..

      එතකොට උඹලා ගෝඨා පන්නලා ජනතාව දුක් විඳින අවසන් පැය කීපය නිමා කරනවා කියලානෙ කිව්වේ.. එහෙම වුනේ නැද්ද?

      උඹලා රනිලාව ජනාධිපති කලානේ.. ඌව ජනාධිපති කරලා මහින්දයි බැසිලුයිනෙ රට පාලනය කරන්නේ..

      එතකොට උඹලා මයිනායි කපුටායි එලෙව්වා කියලා පාරම් බෑවේ.. එතකොට කොහොමද බැසිලුයි මහින්දයි රට පාලනය කරන්නේ..

      උඹ රාජපක්ෂගෙ වහලෙක්.. උඹ රාජපක්ෂලාගෙ guuth කයි.. උඹලාගෙ ලමයින්ටත් ලේ බඩ යයි යකො උන්ට ඔහොම කඩේ ගියාම.. බ්ලා බ්ලා බ්ලා..

      මට තේරෙන්නෙ නෑ ඕයි ඔච්චර සාප කරන්න තරම් මම උඹට වැරදි දෙයක් කිව්වාද කියලා..

      උඹලාට තර්ක කරන්න පුලුවන්.. හැබැයි ඕවා නෙවේ ඇත්ත..

      ඉතින් උඹ කියපන් මොකක්ද ඇත්ත කියලා මටත් දැනගන්න..

      කෝමත් මේ රටේ ඉදලා හරියන්නෙ නෑ.. ඉක්මණට කොහෙට හරි යන්නෝන..

      හරි රට පලයන්.. උඹ අර ඇත්ත කියලා කියපු එක කියපන්..

      උඹලා වගේ වහල්ලු එක්ක කතා කරන අපට ගහන්න ඕන.. උඹලා මේ රටට සාප..

      ප.ලි. මම තාම කල්පනා කරන්නේ උගෙ ප්‍රශ්ණ ඔක්කොටම උත්තර දුන්න මම සාප වෙලා, මගෙ ප්‍රශ්ණ එකකටවත් උත්තර නොදුන්න ඌ සාප නොවුනේ කොහොමද කියලා.. 🤔🤔🤔

      මේකට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි ද මාතලන්?

      Delete
    3. @ Ano,

      Anyway good questions though I'm not a fan of bloody Rajapakse rascals, you got some valid points for discussions. GR has been thrived against democracy though he has been elected for 5 years with 52 % mandate & those who 100% justified that process demanding local government elections is a mere joke to be honest.

      Delete
  12. අනේ මන්දා මාතලන් ලංකාවේ උගත් සමාජය පවා රෙදි ගැන කතා කරනවා විතරයි නේ රටේ ආර්ථිකය ගොඩ දාගන්න සැලසුම් සහගත අරමුණකින් යුතුව කතා කරන වැඩ කරන කවුරුත් පේන තෙක් මානයක නෑනේ ආණ්ඩුව එක පැත්තකින් පෙරහැර තියලා උත්සව කරලා අනිත් පැත්තෙන් පඩි ගෙවන්න මැතිවරණ තියන්න සල්ලි නෑ කියලා අඬනවා බැරි කමක් නෑ ගහන්න ඕනේ කමක් නෑ මිසක්.... එක දේශපාලකයෙකුට වත් ඒ ගේම ගහන්න ඕන නෑ හැමෝම තමුන්ගෙ පක්ෂය සහ බඩ වඩා ගැනීම විතරයි බලන්නේ.

    ඔය කියන ගම් මට්ටම NPP යට හෝ කාට හෝ ගමේ සිටින හොදම මිනිහාට යායුතු බව මගේ මතයයි. (පක්ෂ වලට ජැක් නොගැසීමට තරම් කොන්දක් ද තිබිය යුතුයි / මුදල් වලට ඇඹරෙන්නේ නැති කෙනෙක් විය යුතුයි...)

    මධ්‍යම ආණ්ඩුව හා ජනාධිපති කෙනෙක් NPP / සජබෙ / පූට්ටුව / අලියා තුලින් පත් වෙනවා නම් පහත ගැටලු වලට නිසි පිළිතුරු හා වැඩ පිළිවෙලක් මා බලාපොරොත්තු වෙමි...

    1/. අයවැය පරතරය (ප්‍රාථමික අංශයේ හිඟය) අඩුකිරීමේ වැඩ පිළිවෙල.

    2/. පවතින රාජ්‍ය සේවය හා රාජ්‍ය ව්‍යවසාය කාර්‍යයක්ෂම කිරීමේ වැඩ පිළිවෙල

    3/. දිගන් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකර ඉතා අතිරික්ත සේවක කප්පාදු හෝ ප්‍රතිසංස්කරණය නොකර ලාභ ලබන්නේ කෙසේද යන්න. (නව ආයතන 100ක් ඇරඹීමේ ප්‍රායෝගික භාවය හා කුමන අංශ වලටද එම ආයතන ඇතිකරන්නේ යන්න පැහැදිලි පැහැදිලි කිරීමක් NPP එකට විශේෂයෙන්ම)

    4/. ත්‍රිවිධ හමුදා මහා බලගනයන් (work force) හරහා ආදායම් ලැබීමේ වැඩපිළිවෙළ කුමක්ද?

    5/. බදු කප්පාදු ප්‍රමාණයන් තුලින් නැවත පසුගිය ජනාධිපති සමයේ ඇතිවූ අර්බුදය නැවත repeat නොවන්නේ කෙසේද?

    6/. රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කෙසේ හැසිරීද, How they entertain by the Govt. (Again Specially for NPP)

    7./ විදේශ ප්‍රතිපත්තිය හා ණය බර අඩුකිරීමේ හෝ ප්‍රතිව්‍යුහගත කරගැනීමේ වැඩ පිලිවෙල..

    පැහැදිලි කිරීමට Die Hard Fan Base එකට ආරාධනා...

    ප.ලි..

    ඔන්න ඔහොම බුලත් දීලා ආරාධනා කලත් බුකියේ කොච්චර කමෙන්ට් කළත් මට තියෙන මේ දැවෙන ප්‍රශ්ණ එකකටවත් හරි හමන් පිළිතුරක් ඔය පක්ෂ වලට සෑහෙන්න කඩේ යන කවුරුත් කිව්වෙ නෑ..

    ReplyDelete
  13. මැදෑ වහල් ජෙප්පො සහ ටෙලිෆෝන් මීහරක් වහන්සේලා ලෝකෙ තියෙන ඔක්කොම බොරු ගොතලා නන්දසේන එලෙව්වා. මොන ප්‍රශ්න තිබුනත් නන්දසේන හිටියනම් අච්චු ගහල හරි චන්දෙ තියනවා විතරක් නෙවේ චන්දෙ සාමකාමීවත් තියෙනවා. එහෙනම් ජෙප්පොන්ට සජබයියන්ට චන්දෙ දිනලා ඊලග චන්දෙට ලෑස්ති වෙන්නත් තිබ්බා.

    අපරාදේ කියන්න බෑ රනිල්ගේ අහවල් එක අතින් අරගෙන අනුර තමන්ගේ අහවල් තැනින් තියාගත්තා වගේ වැඩක් උනේ. පවු වැඩේ 😪

    ReplyDelete
  14. මාතෙ,

    " සබඳ අපි කජු නොවෙමු, දනන් රස කර හපන, නිබඳ නයි මිරිස් වෙමු, කෑ දනන් මුව දවන"

    මචං.. මේක තමයි රනිල් වික්‍රමසිංහයන් කරන්න හදන්නේ ලංකාවට... ජාත්‍යන්තරට හා ලංකාවට වෛර කරන අය, ලංකාව කජු, බබල්ගම් වගේ හපකරමින් ඉන්නේ... එයාලට දන්න ගනියි ලගදිම...

    💥💥💥 ලංකාවේ පදිරි මීඩියාකාරයන්ගේ ජරා වැඩ නිසා තමයි ලංකාවට කෙලවෙන්නේ.. සිරස TV කියනවා පාන් 300 යි කියලා කියන්න එපා කියලා කෝල් කරාලු කීපදෙනෙක් එයාලට ....

    💥💥💥 මචං. ලංකාවේ ඇමරිකන් පිටි කිලෝ එක තිබුනේ 300 ගානට, නමුත් ඒක 450 යි කියලා නිවුස් ගැහුවේ උබලව හැමදාම නයි ඇරලා අන්දපු මීඩියාකාරයෝ. අන්තිමට සිල්ලර කඩකාරයෝ 300 ගානට තිබුන පිටි කිලෝ එක 450 කරා. සමහර කඩ තියෙනවා එහෙම නොකර, අර මුල් මිලටම පිටි විකුණන...

    💥💥💥 පාන් 300 කියලා බොරැ නිවුස් ගහන අයට පාන් 150 අපේ පැත්තේ තියෙනවා. ඕන නම් එන්න දෙන්නම්.. මොළ ඉහිරෙන්නම දෙන්නම්... අමතක කරන්න එපා. දැන් ලංකාව පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි, රනිල් වික්‍රමසිංහයන් කියන එක.... හප වෙලා යන කජු නෙමෙයි... හප කරන්න ආවොත් දන්න ගන්න Scotch bonnet නයි මිරිස්ය කියලා.. ඕනම දේකට හිනා වෙලා, කින්ඩියට බලලා අතාරින්නේ නෑ.. නිවලා දීලා දානවා.

    💥💥💥 අද නාමල් කොල්ලා කියනවා. ජනපති තනි වාහනේ ගියාට වැඩක් නෑ. ගමේ අම්මා අප්පගේ දරැවා පුට් සයිකලේ යනවා නම් කියලා. ඇයි පුත්තලම් බූ.... වසර 10 ක් උබලැයි අප්පොච්චනේ පාලනය කරේ... අපිට අමතක නෑ. තාරැන්‍යයට හෙටක් කියලා. අපේ ආමි කොල්ලෝ ලවා වැලි කොට්ට ගහගෙන උබ රේස් පැදපුවා.... ඒවා හොදට මතකයි... එනිසා රනිල්ගේ කතා කොෆි නොකර ඉන්නවා නම් හොදයි....

    💥💥💥 අමතකව නෙමෙයි මේ ගමන යන්නේ... හොදට දැනගෙන, බලා ගෙන යන්නේ... මචං උබලා 225 ගැන කෑ ගැහුවා නේද. වරදකට හිරේ ගිය ගමන් බන්ධනාගාර රෝහලට යනවා කියලා. අන්න උබලගේ මහ අම්මණ්ඩි දමිතා අබේරත්ත බන්ධනාගාර රෝහලට ගිහින්, මචං උබලා හැමදාම අරගලවලට, මීඩියාකාරයන්ට රැවටුනා. ඒකනේ මම හැමදාම කියන්නේ, උබලගේ political literacy බිංදුවයි කියලා....

    💥💥💥 හරිම පිංවන්ත මව්වත් ගුණයෙන් යුතු සීලවන්ත ගුණවන්ත, කාන්තාවක් කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් යුතු එංගලන්තයේ මහ රැජීණ මිය ගියා. ඇය ගැන මම පහදනවාට වඩා සංයුක්ත නිකායේ ඨාන සූත්‍රයේ තියෙනවා ලස්සනට ඒ ගැන පහදලා... මචං තනිකරම ඇය පිං කඳක්.... ඒත් එකම දුක.. එයා සම්‍යක් දෘෂ්ඨික වුනා නම් අද තව්තිසාවේ කියා සතුටු වෙන්න බැරි වීම නිසයි .... හෙට III වන චාල්ස් රජතුමා දිව්රැම් දෙනවා.. ජෙපියෝ මේ ගැන මොනවත් කීවේ නෑ නේද...

    💥💥💥 මිනිසුන්ට වැරදි ප්‍රචාරයන් දීලා නොමග යවනවා කියන්නේ පට්ට පවක්. ඒවා අනිවා පලදෙනවා. මතකනේ කෙලීට අවසන් මොහොතේ වුන දේ, මහින්ද අබේසුන්දරට අන්තිමට පැත්තක් පණ නැතිවෙලා, රනිල් කියාගෙන කට ඇදවෙලා හුස්ම ටික ගියේ....

    💥💥💥 රටක මීඩියා, රජයේ සේවකයෝ පුද්ගලික අංශය සෑම දෙයක්ම යටයි, ඒ රටේ පුරවැසියා කියන එකට. එයාල මොන කැටගරියට වැටුනත්, අමතක කරන්න නරකයි ඒ රටේ පුරවැසියෙක් කියන එක. ඒක අමතක කරොත් බොහොම ඉක්මනට ඒ මහපොළොව එයාලට දැඩි දඩුවම් දෙනවා.....

    💥💥💥 ඔයාල වෛරය පුළුවන් තරම් වපුරන්න.. ඒත් බල් ලෝ බිරැවට සඳ බබලනවා කියලා අමතක කරන්න එපා.දැන් කෝමත් පුර ලබලා තියෙන්නේ... වෛර කරන්නාට වෙන්නේ, අර යකඩයේ බැදෙන මළ, යකඩය විනාස කරන්න වගේ, තමන්ම විනාස වීම පමණයි... නමුත් රනිල් වික්‍රමසිංහ කියන්නේ ගහන මඩ වලින් ⁣ගඩොල් කපලා, ගහන ගල්වලින් පාදම බදින ජාතියේ පොරක් කියලා අමතක කරලා තියෙනවා මේ මඩකරියන්...

    💥💥💥 මොකා බිරැවත්, මොකා මඩ ගැහුවත්, අටවන විදායක ජනපති රටේම ජනතාවගේ සුභ සිද්ධිය තකා, ජනතාව සමග අත්වැල් බැදගෙන 2048 දි ආසියා - ෆැසිපික් කලාපයේ බලවතා ⁣වෙන ගමන නොබියව රනිල් වික්‍රමසිංහ යනවා.. අපි එයට ආශිර්වාද කරනවා.... දහස් ගණන් මහ ජනයා ආශිර්වාද කරමින් ඉන්නවා... ඉදිරියේදි එය තවත් වැඩි වෙනවා.... ඉතින් මෙවැනි මඩකරි ලොං සින් අපතයෝ මොනවා කරන්නද රනිල් වික්‍රමසිංහයන්ට.... එයාලට වෙන්නේ අවසන හාට් ඇටෑක් එකක් හරි, කැන්සර් එකකින් හරි විදවලා මැරිලා සතර අපායට යෑම පමණයි කියලා අමතක කරන්න එපා....

    💥💥💥 ඔයාලත් මතක තියාගන්න. ජීවිතේ උද්ධෘත පාඨය බවට " සබඳ අපි කජු නොවෙමු, දනන් රස කර හපන, නිබඳ නයි මිරිස් වෙමු, කෑ දනන් මුව දවන" මේ කියමන පත් කරගන්න...

    ReplyDelete
  15. තව දෙයක් මචං රනිල් වික්‍රමසිංහ කියන්නේ ඇරියොත් ඇරියා. නැත්නම් කැ.... කියන තියෙන තීම් එකෙන් ගේම් ගහලා, නන්න පෝල් කරලම දාන ඩෑල් එකට. හරියටම කීවොත් තමන් එක්ක කැත සෙල්ලම් දාන්න ආවොත්, ඒකව terminate කරල දාන ටර්මිනේටර් කෙනෙකුට ............

    💥💥💥 මතකද මචං. එකපාරක් IMF සෙට් එක. විපාක නායක සජිත්ව මීට් වෙලා කාලා බීලා ජොලියෙන් ආව සීන් එක. එනම් IMF නියෝජිතයෝ ගියේ සජිත් එක්ක ලංකාවේ ඉකොනොමිය ගැන කතා කරන්න. නමුත් එතනදි සජිත් පියානෝ ගහන්න ගත්තනේ. අන්තිමට IMF සෙට් එක තීරණය කලා වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕන. මෙයාට ආර්ථිකය ගැන දැනීමක් නෑ. එනිසා අපි මේ වෙලාව එන්ටටේට්මන්ට්වලට වෙන් කරනවා කියලා. 😂😂😂😂😂😂. සෙට් එකම ආර්ථිකය ගැන කතා නොකර ජොලියේ කාලා බීලා ආවා.

    💥💥💥 ඒක එතරම් එළියට ආපු කතාවක් නෙමෙයිනේ. ඒත් මචං රනිල් වික්‍රමසිංහ, එක්ක විනාස කුමාර හා විපාක නායක වැඩිය සෙල්ලම් දාන්න ගත්තොත්, අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ ලෝකෙටම කියලා, විනාස කුමාර හා විපාක නායක එක්ක IMF නියෝජිතයන් අතර ඇති කරන්න කටයුතු කරයි. 😂😂😂😂😂. එහෙම වුනොත් කෝමද ලල් එක.......

    💥💥💥 කෝමද ලල් එක. 😂😂😂😂😂 විනාස කුමාරට කතා කරන්න ඉංගිරිසි බෑ. විපාක නායක කියන ඉංගිරිසි එයාලට තේරෙන්නේ නෑ. මචං මෙන්න මෙහෙම ගේමක් ඉදිරියෙදි වද්දගෙන ලංකාවෙම බුද්ධිමත් ජනයාට තමන් කවුද කියලා පෙන්වා ගන්න තමයි මේ ගෝතයෝ දෙන්නා දැන් වැඩිය දගලන්නේ. එනිසා ඉදිරියේදි එයට බයෙන් මෙයාලගේ සද්දේ අඩු වෙයි ..... 😂😂😂😂😂

    💥💥💥 මචං රනිල් වික්‍රමසිංහ ජර්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රි පීටර් රැම්සෝර් 14 වැනිදා හමුවුනා. එහිදි ගත්ත තීරණ අනුව ලාංකික තරැණයන්ට ජර්මන් තාක්ෂණය තව තවත් ලබාදෙන්න වැඩ ක⁣ටයුතු ඉදිරියෙදි සිදු වෙයි.

    💥💥💥 අපි නම් අද ගොයම් කැපුවා. මාරම සීන් එක කියන්නේ මචං. ගොයම් කපලා වී ටික ගෙට ගත්තා ගමන් වැස්ස පටන් ගත්තා. ලස්සනම කතාව කියන්නේ වෙනදට ගොයම එක්ක වල් වී හැදෙනවා. නමුත් මේ පාර වල් වී හැදුනේ නෑ. ඇත්තටම රටේ ජනතාවගේ පිනද. නැත්නම් රනිල් වික්‍රමසිංහගේ පිනද කියලා මට නම් සිතාගන්නවත් බෑ.

    💥💥💥 ඒ ගැන සිතමින් ඉන්න විට, මෙන්න දකිනවා. යල කන්නෙට මහ කන්නයට දුන්න මිලටත් වඩා අඩුවෙන් පෝර දෙන්න රනිල් වික්‍රමසිංහ පියවර අරන් කියලා. 🥰🥰🥰🥰🥰

    💥💥💥 දැන් රනිල් වික්‍රමසිංහ උතුර නැගෙනහිර වගාවෙන් හා වෙළදාමෙන් උඩටම ගන්නවා. ඒ සදහා දැනටමත් පියවර අරන් තියෙන්නේ. ආ ඔයාල දකින්න ඇති නේද. 1940 ගනන්වලදි පටන් ගත්ත මිනිපේ අමුණ නවීකරනය කරන එක බලන්න ජනපති ගිහින් කියපු කතා ටික. කතා විතරක් නෙමෙයි මචං . ඒවා මේ ලාංකික මහ පොළොවේ පැළවෙන යතාර්ථයන් වෙනවා. දැන් වෙමින් පවතිනවා.... 💪💪💪💪💪💪

    💥💥💥 තව මාසෙකින් විතර ඉදිකීරීම් කර්මාන්තයට යහපත් කාලයක් ඇති වෙයි. එනම් සිමෙන්ති හා යකඩ මිල අඩු කරන්න ඕන පියවර ගන්න කියලා රනිල් වික්‍රමසිංහ ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුවට දන්වලා තියෙනවා.

    💥💥💥 කවුරැත් දන්නවනේ. මහජන උපයෝගිතා කොමිසම අනුමත කරපු විදිහට විදුලි බිල වැඩි කරා කියලා. ඔන්න එයින් අගතියට පත්වෙන දිළිදු ජනයා වෙනුවෙන් සෝල පවර්වල ඉදලා සහන දෙන්න ජනපති රනිල් වික්‍රමසිංහ පියවර ගනිමින් ඉන්නවා.

    💥💥💥 ලංකාවේ මෝල්කාරයෝ නිසානේ මෙතරම් විනාසයක් වුනේ. මතකනේ එයට පිළියම් යහපාලනෙන් දුන්නා කියලා. ඊටත් වඩා වැඩි වශයෙන් කුඩාවට මෝල් ගාය තියෙන අයට සහන දෙන්න රනිල් වික්‍රමසිංහ හදනවා. එහි ප්‍රතිපල අප්‍රේල් සිංහල හිංදු අවුරැද්දට කලින් ජනතාවටත් වී මෝල්කාරයන්ටත් ලැබෙනවා මචං........

    💥💥💥 අනෙත් විශේෂම කරැණ නම් හරිත මුල්‍ය කමිටුවට ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දීලා තියෙනවා. 2023 සදහා හරිත බලශක්ති මැප් එකක් හදන්න කියලා. ඒ වගේම විනාස කුමාර හා විපාක නායක ගැනත් සිතලා මානසික ආබාධ හා ගැටලු තියෙන අය සදහා විශේෂ සහන දෙන්නත් වැඩ පිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.

    💥💥💥 ඒ වගේම ජනපති රනිල් වික්‍රමසිංහ තරැණ ප්‍රජාව සමග සාකච්ඡා වට කිහිපයක්ම පැවැත් වුවා. මැතිවරණ සදහා වියදම් කරන මුදල්වල පාරදෘෂ්‍යභාවය ගැන එහිදි කතා කරලා තියෙනවා. මේවා සුභ පෙරනිමිති මචං... ඒ වගේම ජාතික ශිෂ්‍ය භට බලකා වර්ණ ප්‍රධානයේදි ජනපති රනිල් වික්‍රමසිංහගේ කතාවට එහි ආපු දෙමාපියෝ සතුටු කදුළු වැගුරැවා. කෝමද අපේ ලොක්කා දැන් වටේම අල්ලන ඇල්ලිල්ල.....

    💥💥💥 මචං. මේ සියළුම දෙයින්ම, දැන් ගම්‍ය වෙන්නේ රනිල් වික්‍රමසිංහ යන 2048 දී පූර්ණ සංවර්ධිත රටක් ලෙස, ආසියා - ෆැසිපික් කලාපයේ බලවතා වීමේ ගමන සාර්ථක වන බවයි.... ඉතින් අපිත් එහි සාඩම්බර කොටස්කාරයෝ නේද ..... ❣️❣️❣️❣️❣️

    ReplyDelete
  16. මාතේ මේ මාතෘකාවට ඍජුව අදාල නැති වුණත් ඉතා වැදගත් කරුණක් තියෙනවා ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්, මුලින්ම ඔබට පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ඊයේ පාර්ලිමේන්තු කතාව බලන්න.

    ලංකාව වගේ රටක් පාලනය කරන්න "පොලිටික්ස්" කෑල්ල කොච්චර වැදගත්ද කියලා ඒකෙන් ඔබට පමණක් නොව ලංකාවේ සියලුම දේශපාලනික ක්‍රියාකාරීන්ට තේරුම් ගන්න පුලුවන්.

    ඔහු ජනාධිපති වුනත් පාර්ලිමේන්තු එනවා. ලස්සනට පාර්ලිමේන්තුව බැලන්ස් කරනවා. විධායක ජනාධිපති සතුවිය යුතු වූ ඔතෝරිටි එක හැම වෙලේම තියෙනවා. පාර්ලිමන්ට් කතාවෙදි වෙන කාටවත් නැගිටින්න දෙන්නෑ. හෑන්ඩ් සිග්නල් දීලා වාඩි කරවනවා.

    ඔහු වටේ ඔහුගේ මන්ත්‍රීවරු ඉන්නවා.

    ඒ වගේම ඉග්නෝ කරන්න ඕන දේවල් ලස්සනට ඉග්නෝ කරනවා. උදාහරණයක් විදියට එතනදි දයාසිරි තඹ සතේකට ගණන් ගත්තේ නෑ.

    එතනින් පෙන්නන්නෙත් "ඔතෝරිටි" එක..

    ඒ වගේම මුල්ම දවසේ ඉදන් "බය" ලස්සනට මේන්ටෙන් කරනවා.

    කාටවත් තමන්ගේ "රෙපියුටේෂන්" එකට අත තියන්න දෙන්නේ නෑ.

    මුලින්ම මඩ ගහන්න එන, විරුද්ධ වෙන පිරිස නීතියෙන් හෝ වෙන ක්‍රමයෙන් මර්ධනය කළාම කවුරුත් එන්නේ නෑ ආයේ.

    රනිල් ජනාධිපති වුණාට පස්සෙ කොළඹ විරෝධතා වලට ගැහුවේ පොලිසීය විතරක් නෙවෙයි. තව විවිධාකාර නාඳුනන මිනීමරු මැර සෙට් ඇවිල්ලා සයිකල් චේන් යකඩ පොලු වලින් නෙලුවා ඉස්ම බේරෙන්න.

    එහෙම තමයි "ඔතෝරිටි" එක, "බය" නඩත්තු කරන්නේ.

    මන් දැක්කා අද සමන් රත්‍නප්‍රිය මාර්තු 1 ස්ට්‍රයික් එක අසාර්ථක වෙන බව කියලා තියෙනවා.

    ඒ වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක.

    සමන් රත්නප්‍රිය වගේ ෆීල්ඩ් එකේ පොරක් එහෙම කිව්වම ඒකේ පට්ට වෙයිට් එකක් තියෙනවා.

    පහුගිය කාලේ නන්දසේන ජනපති කාලේ SLPP එකේ වෘත්තීය සමිති නියෝජිතයන්ට 2020 ආණ්ඩුව ආවමත් කිසිම තනතුරක් ලැබුනේ නෑ. මරාට දෙන්න දුන්නෙත් නෑ විපත් මග හොල්මන් වල බයිලා අහලා.

    නමුත් රනිල් ආවම අකිල, සමන් අතාවුදහෙට්ටි, පාස්කරලිංගම් ඇතුලු රනිල් වික්‍රමසිංහගේ ඉනර් සර්කල් එකම ප්‍රසිඩන්ට් ඔෆිස් එකේ වැඩ.

    රනිල් ජනාධිපති වුන ගමන් තමන්ගේ මිනිස්සු ලඟට අරන් බය නැතුව තනතුරු දුන්නා.

    පොලිටික්ස් වලදි තමන්ගේ මිනිස්සු බොක්කෙන්ම බලාගන්න ඕන.. එතකොට තමයි ඒ මිනිස්සු තමන් වෙනුවෙන් බොක්කෙන්ම එන්නේ..

    මේ තමයි පොලිටික්ස් වලට අත්‍යවශ්‍යයම "බැලන්සිං" කෑල්ල..

    ඒ කෑල්ල නැතුව, පොලිටික්ස් නොකර සෝ කෝල්ඩ් "හරි දේ" විතරක් කරලා ලංකාව කියන රට පාලනය කරන්න බෑ.

    හිටපු නන්දසේන ජනාධිපතිට නැති වුනෙත් ඒක.

    තමන්ගේ මන්ත්‍රීවරයෙකුට ලන්ච් එකක්වත් නොදී, ප්‍රොජෙක්ට් එකක් පාස් නොකර, මිනිස්ට්‍රි වල බජට් කපලා, ළඟම හිතවතුන්ටත් රජයේ රස්සාවක් දෙන්න නොදී, ආගමික සංස්ථාවලට අවශ්‍ය වන "පිරිකර" වැනි වටිනා දේවල් තෑගි නොදී පොලිටික්ස් කරන්න බෑ.

    අවසානයේ නන්දේට ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරන්න එක මන්ත්‍රීවරයෙක් නැති වුනා. දැනුත් පොහොට්ටු පක්ෂයේ සෙට් ඔහුට පලු යන්න බනිනවා හිටපු කාලේ තමන්ට හරියට සැලකුවේ නැතුව ඔවුන්ව අතරමන් කරලා මාරු වුණා කියලා.

    ඒ වගේම අනවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක් මඩ ගැහීමේ, හාස්‍යයට ලක් කිරීමේ නිදහසක් දුන්නොත් ලංකාවෙදි වෙන්නේ තැන නොතැන නොබලා දෙකට නමලා අරින එක. කොටින්ම දරමිටි බඳින්න ගන්නවා ගොඩේ ගෑනු.

    නන්දසේන ජනාධිපති ඇමෙරිකා එක්සත් ජනපදයේ සිස්ටම් එකට එහෙම නිදහසක් දුන්නා.

    හැබැයි ඔහුට නොතේරුණ කරුණ තමයි ලංකාවේ ඉන්නේ ලංකාවේ මිනිස්සු මිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනිස්සු නොවෙන බව.

    ඒ නිසා ස්මාට් පොලිටික්ස් නොකර ශ්‍රී ලංකාව පාලනය කරන්න බෑ. ඒක ගැනත් විස්තර කරලා ලියන්න පුළුවන් නම් හොඳයි ඔබට.

    ReplyDelete
  17. Saumyage Panti eka path karala eke suwada balala huththata diwa dala juice bonna thibba nam.

    Mm. Mathak venakotath innama baha. Asawe ba.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න